යෙදුමෙන් කියවන්න

10. මච‍්ඡරාජචරියාවණ‍්ණනා අට‍්ඨකථා

10. මච‍්ඡරාජචරියාවණ‍්ණනා

10. මත්ස්‍යරාජ චරියා වර්ණනාව

323. “පුනාපරං යදා හොමි මච්ඡරාජා මහාසරෙ උණ්හෙ සුරිය සන්තාපෙ සරෙ උදකං ඛීයෙථ

324. “තතො කාකාච ගිජ්ඣා බකාකුළලසෙනකා භක්‍ඛයන්ති දිවාරත්තිං මච්ඡෙ උපනිසීදියාති (චරියා පිටක)

“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක (මම) මහවිලෙක්හි මත්ස්‍ය රාජයෙක් වීම්ද (එවිට) ග්‍රීෂ්ම කාලයෙහි සූර්‍ය්‍ය රශ්මියෙන් විලෙහි ජලය සිඳුනේය.

ඉක්බිති කවුඩෝ ද ගිජුලිහිණියෝ ද, කොක්කු ද, දියකාවෝ ද, උකුස්සෝ ද හිඳ දිවා රෑ දෙක්හිම මසුන් කාදමත්”

දසමෙ යදා හොමි, මච‍්ඡරාජා මහාසරෙති අතීතෙ මච‍්ඡයොනියං නිබ‍්බත‍්තිත්‍වා කොසලරට‍්ඨෙ සාවත්‍ථියං ජෙතවනෙ පොක‍්ඛරණිට‍්ඨානෙ වල‍්ලිගහනපරික‍්ඛිත‍්තෙ එකස‍්මිං මහාසරෙ මච‍්ඡානං චතූහි සඞ‍්ගහවත්‍ථූහි රඤ‍්ජනතො යදා අහං රාජා හොමි, මච‍්ඡගණපරිවුතො තත්‍ථ පටිවසාමි තදා. උණ‍්හෙති උණ‍්හකාලෙ ගිම‍්හසමයෙ. සූරියසන‍්තාපෙති ආදිච‍්චසන‍්තාපෙන. සරෙ උදක ඛීයථාති තස‍්මිං සරෙ උදකං ඛීයිත්‍ථ ඡිජ‍්ජිත්‍ථ. තස‍්මිඤ‍්හි රට‍්ඨෙ තදා දෙවො න වස‍්සි, සස‍්සානි මිලායිංසු, වාපිආදීසු උදකං පරික‍්ඛයං පරියාදානං අගමාසි, මච‍්ඡකච‍්ඡපා කලලගහනං පවිසිංසු. තස‍්මිම‍්පි සරෙ මච‍්ඡා කද‍්දමගහනං පවිසිත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ නිලීයිංසු.

දසවෙනි (මච්ඡරාජ චරිතයෙහි) “යදාහොමි මච්ඡ රාජා මහාසරෙ” යනු අතීතයෙහි මත්ස්‍ය යෝනියෙහි ඉපිද කොසොල් රට සැවැත් නුවර ජේතවන පොකුණු ස්ථානයෙහි වැල් සමූහයෙන් වට වූ එක් මහ විලක මත්ස්‍යයන් සතර සංග්‍රහ වස්තූන්ගෙන් සතුටු කිරීමෙන් යම්කලෙක මම රජ වීම්ද මත්ස්‍ය සමූහයා විසින් පිරිවරන ලද්දේ එහි වසමි. එකල්හි “උණ්හෙ” යනු උෂ්ණ කාලයෙහි, ග්‍රීෂ්ම සමයෙහි, “සුරිය සන්තාපෙ” යනු සූර්‍ය්‍ය රශ්මිය කරණ කොටගෙන “සරෙ උදකං ඛීයථ” යනු එම විලෙහි ජලය ක්‍ෂය විය. සිඳී ගියේය. එම රටෙහි වනාහි එකල වැස්ස නොවැස්සේය. ධාන්‍ය මැලවුණි. වැව් ආදියෙහි ජලය ක්‍ෂය වීමට, විනාශ වීමට ගියේය. මස් කැස්බෝ මඩ ඇතුළට වන්නාහුය. ඒ විලෙහි ද මත්ස්‍යයෝ මඩයට පිවිස ඒ ඒ තැන්වල සැඟවුනහ.

තතොති තතො උදකපරික‍්ඛයතො අපරභාගෙ. කුලලසෙනකාති කුලලාචෙව සෙනා ච. භක‍්ඛයන‍්ති දිවාරත‍්තිං, මච‍්ඡෙ උපනිසීදියාති තත්‍ථ තත්‍ථ කලලපිට‍්ඨෙ උපනිසීදිත්‍වා කලලගහනං පවිසිත්‍වා නිපන‍්නෙ මච‍්ඡෙ කාකා වා ඉතරෙ වා දිවා චෙව රත‍්තිඤ‍්ච කණයග‍්ගසදිසෙහි තුණ‍්ඩෙහි කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා නීහරිත්‍වා විප‍්ඵන්‍දමානෙ භක‍්ඛයන‍්ති.

“තතො” යනු ඒ ජලය සිඳීයාමෙන් මෑත කාලයෙහි “කුළලසෙනකා” යනු දියකාවෝ මෙන්ම උකුස්සෝ ද “භක්‍ඛයන්ති දිවාරත්තිං මච්ඡෙ උපනිසීදිය” යනු ඒ ඒ තැන මඩමත හිඳ මඩයට පිවිස සිටි මසුන් කවුඩෝ හෝ අනෙකුත් සත්තු දවල් මෙන්ම රාත්‍රියේද හී අග වැනි හොටින් කොට කොටා බැහැරට ගෙන දඟලද්දී කති.

අථ මහාසත‍්තො මච‍්ඡානං තං බ්‍යසනං දිස‍්වා මහාකරුණාය සමුස‍්සාහිතහදයො “ඨපෙත්‍වා මං ඉමෙ මම ඤාතකෙ ඉමස‍්මා දුක‍්ඛා මොචෙතුං සමත්‍ථො නාම අඤ‍්ඤො නත්‍ථි, කෙන නු ඛො අහං උපායෙන තෙ ඉතො දුක‍්ඛතො මොචෙය්‍ය”න‍්ති චින‍්තෙන‍්තො “යංනූනාහං පුබ‍්බකෙහි මහෙසීහි ආචිණ‍්ණසමාචිණ‍්ණං මයි ච සංවිජ‍්ජමානං සච‍්චධම‍්මං නිස‍්සාය සච‍්චකිරියං කත්‍වා දෙවං වස‍්සාපෙත්‍වා මම ඤාතිසඞ‍්ඝස‍්ස ජීවිතදානං දදෙය්‍යං, තෙන ච සකලස‍්සාපි ආහාරූපජීවිනො සත‍්තලොකස‍්ස මහාඋපකාරො සම‍්පාදිතො මයා”ති නිච‍්ඡයං කත්‍වා දෙවං වස‍්සාපෙතුං සච‍්චකිරියං අකාසි. තෙන වුත‍්තං “එවං චින‍්තෙසහ”න‍්තිආදි.

ඉක්බිති මහාසත්ත්‍වයෝ මත්ස්‍යයන්ගේ ඒ විපත දැක මහා කරුණාවෙන් මෙහෙයවන ලද සිත් ඇත්තාහු “මා හැර මේ මගේ ඥාතීන් මේ දුකින් මිදවීමට සමර්ථ වෙනකෙක් නම් නැත. කවර නම් උපායකින් මම ඔවුන් මේ දුකින් මුදවන්නෙම්දැයි සිතන්නාහු ඉදින් මම පෙර මහර්ෂීන් විසින් පුරුදු කරන ලද මැනවින් පුරුදු කරන ලද, මා කෙරෙහිද විද්‍යමාන වන, සත්‍ය ධර්‍මය ඇසුරු කොට සත්‍ය ක්‍රියා කොට වැස්ස වස්සවා මගේ ඥාති සමූහයාට ජීවිත දානය දෙන්නෙම් නම් මැනවි. එයින් ආහාරයෙන් ජීවත්වන සියලු සත්ත්‍ව ලෝකයාට මවිසින් මහත් උපකාරයක් සම්පාදනය කළේ වන්නේය’යි නිශ්චය කොට වැසි වැස්සවීමට සත්‍යක්‍රියා කළහ. එහෙයින් “එවං චින්තෙසහං” ආදිය වදාරණ ලදී.

325. “එවං චින්තෙසහං තත්‍ථ සහ ඤාතීහි පීළිතො කෙන නුඛො උපායෙන ඤාතී දුක්‍ඛා පමොචයෙ?

326. “චින්තයිත්‍වා ධම්මත්‍ථං සච්චං අද්දස පස්සයං සච්චෙ ඨත්‍වා පමොචෙසිං ඤාතීනං තං අතික්‍ඛයං

327. “අනුස්සරිත්‍වා සද්ධම්මං පරමත්‍ථං විචින්තයං අකාසිං සච්චකිරියං යං ලොකෙ ධුවසස්සතං (චරියා පිටක)

“එහි නෑයන් හා සමග පීඩිත වූ මම “කවරනම් උපායකින් නෑයන් මේ දුකින් මුදන්නෙම්දැ’යි මෙසේ සිතුවෙමි.

“මෙසේ සිතා ධර්‍මාර්ථයයි කියන ලද පිහිටක් වන සත්‍යය දිටිමි. සත්‍යයෙහි සිට නෑයන්ගේ ඒ මහා විනාශය මිදුයෙමි.

සද්ධර්‍මය සිහිකොට, පරමාර්ථ සත්‍යය සිතමින්, යමක් ලෝකයෙහි ස්ථිරද නිත්‍යද (ඒ පිළිබඳව) සත්‍යක්‍රියා කෙළෙමි.

තත්‍ථ සහ ඤාතීහි පීළිතොති මය‍්හං ඤාතීහි සද‍්ධිං තෙන උදකපරික‍්ඛයෙන පීළිතො. සහාති වා නිපාතමත‍්තං. මහාකාරුණිකතාය තෙන බ්‍යසනෙන දුක‍්ඛිතෙහි ඤාතීහි කාරණභූතෙහි පීළිතො, ඤාතිසඞ‍්ඝදුක‍්ඛදුක‍්ඛිතොති අත්‍ථො.

එහි “සහ ඤාතීහි පීළිතො” යනු මගේ නෑයන් සමග එම ජලය සිඳීයාමෙන් පීඩිත වූ. නැතහොත් ‘සහ’ යනු නිපාත මාත්‍රයකි. මහාකාරුණික හෙයින් එම විපතින් දුකට පත් ඥාතීන් කරණකොටගෙන පීඩිත වූ. ඥාතිසමූහයාගේ දුකින් දුකට පත්වූයෙම් යන අර්‍ථයයි.

ධම‍්මත්‍ථන‍්ති ධම‍්මභූතං අත්‍ථං, ධම‍්මතො වා අනපෙතං අත්‍ථං. කිං තං? සච‍්චං. අද‍්දසපස‍්සයන‍්ති මය‍්හං ඤාතීනඤ‍්ච අපස‍්සයං අද‍්දසං. අතික‍්ඛයන‍්ති මහාවිනාසං.

“ධම්මත්‍ථං” යනු ධර්‍මමය වූ අර්‍ථය. නැතහොත් ධර්‍මයෙන් පහනොවූ අර්‍ථයයි. එය කිමෙක්ද? සත්‍යයයි. “අද්දස පස්සයං” යනු මගේ ඥාතීන්ට පිහිටක් දුටුවෙමි. “අතික්‍ඛියං” යනු මහා විනාශය.

සද‍්ධම‍්මන‍්ති සතං සාධූනං බුද‍්ධාදීනං එකස‍්සාපි පාණිනො අහිංසනසඞ‍්ඛාතං ධම‍්මං. අනුස‍්සරිත්‍වා. පරමත්‍ථං විචින‍්තයන‍්ති තං ඛො පන පරමත්‍ථං සච‍්චං අවිපරීතසභාවං කත්‍වා චින‍්තයන‍්තො. යං ලොකෙ ධුවසස‍්සතන‍්ති යදෙතං බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං එකස‍්සාපි පාණිනො අහිංසනං, තං සබ‍්බකාලං තථභාවෙන ධුවං සස‍්සතං විචින‍්තයං සච‍්චකිරියං අකාසින‍්ති සම‍්බන්‍ධො.

“සද්ධම්මං” යනු බුද්ධාදී වූ සත්පුරුෂ මහෝත්තමයන්ගේ එකදු ප්‍රාණියෙකුට හෝ හිංසා නොකීරිම් සඞ්ඛ්‍යාත ධර්‍මය “අනුස්සරිත්‍වා පරමත්‍ථ විචින්තයං” යනු ඒ පරමාර්ථ සත්‍යය වනාහි වෙනස් නොවීම ස්වභාවකොට සිතන්නේ “යං ලොකෙ ධුවසස්සකං” යනු බුදු, පසේබුදු, සව්වන්ගේ එකදු ප්‍රාණියෙකුට හෝ හිංසා නොකීරීම වූ යමක් වේද එය සියලු කල්හි එසේවීම් වශයෙන් ස්ථීරයයි නිත්‍යයයි සිතමින් සත්‍ය ක්‍රියා කෙළෙමි”යි සම්බන්‍ධය වේ.

ඉදානි තං ධම‍්මං මහාසත‍්තො අත‍්තනි විජ‍්ජමානං ගහෙත්‍වා සච‍්චවචනං පයොජෙතුකාමො කාලවණ‍්ණං කද‍්දමං ද‍්විධා වියූහිත්‍වා අඤ‍්ජනරුක‍්ඛසාරඝටිකවණ‍්ණමහාසරීරො සුධොතලොහිතකමණිසදිසානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ආකාසං උල‍්ලොකෙන‍්තො “යතො සරාමි අත‍්තාන”න‍්ති ගාථමාහ.

දැන් තමා කෙරෙහි විද්‍යාමාන ඒ ධර්‍මය ගෙන සත්‍යවචන ප්‍රයෝග කරනු කැමැත්තෝ කාලවර්‍ණ මඩ දෙබෑ කොට කළුවර ගසක අරටුවෙහි ගැටයක පාට හා සමාන මහා ශරීර ඇත්තෝ මනාලෙස පිරිසිදු කළ පියුම්රාමිණි සමාන ඇස් හැරපියා අහස බලන්නාහු “යතො සරාමි අන්තානං” යන ගාථාව කීහ.

328. “යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං නාභිජානාමි සඤ්චිච්ච එකපාණං විහිංසිතං එතෙන සච්චවජ්ජෙන පජ්ජුන්නො අභිවස්සතුති (චරියා පිටක)

“යම්කලෙක පටන් මාගේ ආත්මභාවය සිහිකෙරෙම්ද, යම්කලෙක පටන් (මම) නුවණැති බවට පැමිණියෙම්ද (එදා සිට මේ දක්වා) දැන දැන එකම සතෙකුදු පීඩාකරන ලද බවක් නො දනිමි. මේ සත්‍ය වචනය හේතුකොට ගෙන වැස්ස වසීවා”යි.

තත්‍ථ යතො සරාමි අත‍්තානන‍්ති යතො පට‍්ඨාය අහං අත‍්තභාවසඞ‍්ඛාතං අත‍්තානං සරාමි අනුස‍්සරාමි. යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතන‍්ති යතො පට‍්ඨාය තාසු තාසු ඉතිකත‍්තබ‍්බතාසු විඤ‍්ඤුතං විජානනභාවං පත‍්තොස‍්මි, උද‍්ධං ආරොහනවසෙන ඉතො යාව මය‍්හං කායවචීකම‍්මානං අනුස‍්සරණසමත්‍ථතා විඤ‍්ඤුතප‍්පත‍්ති එව, එත්‍ථන‍්තරෙ සමානජාතිකානං ඛාදනට‍්ඨානෙ නිබ‍්බත‍්තොපි තණ‍්ඩුලකණප‍්පමාණම‍්පි මච‍්ඡං මයා න ඛාදිතපුබ‍්බං, අඤ‍්ඤම‍්පි කඤ‍්චි පාණං සඤ‍්චිච‍්ච හිංසිතං බාධිතං නාභිජානාමි, පගෙව ජීවිතා වොරොපිතං.

එහි “යතො සරාමි අත්තානං” යනු යම්කලෙක පටන් මම ආත්මභාව සඞ්ඛ්‍යාත තමා සිහි කෙරෙම්ද “යතො පත්තොස්මි විඤ්ඤුතං” යනු යම් තැනක පටන් ඒ ඒ කළයුතු කාර්‍ය්‍යයන්හි පණ්ඩිත බවට, දැනුවත් බවට පැමිණියෙම්ද උඩට නැගීම් වශයෙන් මෙතැන් පටන් යම්තාක් මාගේ කායවචී කර්‍මයන් සිහිකිරීමට හැකි නුවණැති බවට පැමිණියෙම්ද මේ අතරතුරෙහි සමාන ජාති ඇත්තවුන් අනුභව කරන තැනෙක්හි උපන්නෙම් නමුදු හාල් ඇටයක් පමණකුදු මත්ස්‍යයෙකු විසින් අනුභව නොකළ විරූය. හිංසා කළ යුතු අන්කිසි ප්‍රාණියෙකුට දැන දැන බාධා කළ බවක්ද නො දනිමි. දිවිතොර කළ එකකු ගැන කියනුම කවරේද?

එතෙන සච‍්චවජ‍්ජෙනාති “යදෙතං මයා කස‍්සචි පාණස‍්ස අහිංසනං වුත‍්තං, සචෙ එතං සච‍්චං තථං අවිපරීතං, එතෙන සච‍්චවචනෙන පජ‍්ජුන‍්නො මෙඝො අභිවස‍්සතු, ඤාතිසඞ‍්ඝං මෙ දුක‍්ඛා පමොචෙතූ”ති වත්‍වා පුන අත‍්තනො පරිචාරිකචෙටකං ආණාපෙන‍්තො විය පජ‍්ජුන‍්නං දෙවරාජානං ආලපන‍්තො “අභිත්‍ථනයා”ති ගාථමාහ.

“එතෙන සච්ච වජ්ජෙන” යනු මවිසින් කිසිම ප්‍රාණියෙකුට හිංසා නොකළබව යන යමක් කියන ලද්දේ ද, ඉදින් එය සත්‍ය නම් ස්ථිර නම් වෙනස් නෙවේනම් මේ සත්‍ය වචනය කරණ කොටගෙන පජ්ජුන්ත හෙවත් වැස්ස වසීවා, මගේ ඥාති සමූහයා දුකින් මුදවාවා’යි කියා නැවත තමාගේ මෙහෙකරු කොල්ලෙකුට අණ කරන්නාක් මෙන් වස්සවලාහක දේව පුත්‍රයාට අමතන්නාහු “අභිත්‍ථනය පජ්ජුන්න” යන ගාථාව කීහ.

329. “අභිත්‍ථනය පජ්ජුන්න නිධිං කාකස්ස නාසය කාකං සොකාය රුන්‍ධෙහි මච්ඡෙ සොකා පමොචය (චරියා පිටක)

“එම්බා වස්සවලාහක දිව්‍ය පුත්‍රය, ගර්ජනා කරව, විදුලිය පතුරවමින් (වැසි වස්වව) කපුටු සමූහයාගේ නිධානය විනාශ කරව. කාක සමූහයා ශෝකයට පමුණුවාලව. මසුන් ශෝකයෙන් මුදවව.”

තත්‍ථ අභිත්‍ථනය පජ‍්ජුන‍්නාති පජ‍්ජුන‍්නො වුච‍්චති මෙඝො, අයං පන මෙඝවසෙන ලද‍්ධනාමං වස‍්සවලාහකදෙවරාජානං ආලපති. අයං හිස‍්ස අධිප‍්පායො – දෙවො නාම අනභිත්‍ථනයන‍්තො විජ‍්ජුලතා අනිච‍්ඡාරෙන‍්තො පවස‍්සන‍්තොපි න සොභති, තස‍්මා ත්‍වං අභිත්‍ථනයන‍්තො විජ‍්ජුලතා නිච‍්ඡාරෙන‍්තො වස‍්සාපෙහීති. නිධිං කාකස‍්ස නාසයාති කාකා කලලං පවිසිත්‍වා ඨිතෙ මච‍්ඡෙ තුණ‍්ඩෙන කොට‍්ටෙත්‍වා නීහරිත්‍වා ඛාදන‍්ති , තස‍්මා තෙසං අන‍්තොකලලෙ මච‍්ඡා “නිධී”ති වුච‍්චන‍්ති. තං කාකසඞ‍්ඝස‍්ස නිධිං දෙවං වස‍්සාපෙන‍්තො උදකෙන පටිච‍්ඡාදෙත්‍වා නාසෙහි. කාකං සොකාය රන්‍ධෙහීති කාකසඞ‍්ඝො ඉමස‍්මිං මහාසරෙ උදකෙන පුණ‍්ණෙ මච‍්ඡෙ අලභමානො සොචිස‍්සති, තං කාකගණං ත්‍වං ඉමං කද‍්දමං පූරෙන‍්තො සොකාය රන්‍ධෙහි, සොකස‍්සත්‍ථාය පන වස‍්සාපයථ, යථා අන‍්තොනිජ‍්ඣානලක‍්ඛණං සොකං පාපුණාති, එවං කරොහීති අත්‍ථො. මච‍්ඡෙ සොකා පමොචයාති මම ඤාතකෙ සබ‍්බෙව මච‍්ඡෙ ඉමම‍්හා මරණසොකා පමොචෙහි. “මඤ‍්ච සොකා පමොචයා”ති (ජා· 1.1.75) ජාතකෙ පඨන‍්ති. තත්‍ථ ච-කාරො සම‍්පිණ‍්ඩනත්‍ථො, මඤ‍්ච මම ඤාතකෙ චාති සබ‍්බෙව මරණසොකා පමොචෙහි (ජා· අට‍්ඨ· 1.1.75). මච‍්ඡානඤ‍්හි අනුදකභාවෙන පච‍්චත්‍ථිකානං ඝාසභාවං ගච‍්ඡාමාති මහාමරණසොකො, මහාසත‍්තස‍්ස පන තෙසං අනයබ්‍යසනං පටිච‍්ච කරුණායතො කරුණාපතිරූපමුඛෙන සොකසම‍්භවො වෙදිතබ‍්බො.

එහි “අභිත්‍ථනය පජ්ජුන්න” යන්නෙහි වැස්සට පජ්ජුන්න යයි කියනු ලැබේ. මොහු වනාහි මේඝ වශයෙන් ලැබූ නම් ඇති වස්සවලාහක දෙව්රජ අමතයි. මේ වනාහි ඔහුගේ අදහසයි. වැස්ස වනාහි ගර්ජනා නො කරමින් විදුලිය නිකුත් නොකරමින් වසින්නේද නොහොබි. එබැවින් නුඹ ගර්ජනා කරමින් විදුලිය නිකුත් කරමින් වස්සවව” යනුයි. “නිධිං කාකස්ස නාසය” යනු කපුටෝ මඩ යට පිවිස සිටි මාළුන් තුඩින් කොටා බැහැර කොට කති. එබැවින් ඔවුන්ට මඩ යට මාළුවෝ නිධානයක් වෙතියි කියනු ලැබෙති. කපුටු සමූහයාගේ ඒ නිධානය වැස්ස වස්සවමින් ජලයෙන් වසා විනාශ කරව. “කාකං සොකාය රුන්‍ධෙහි” යනු කපුටු සමූහයා මේ මහවිල ජලයෙන් පිරුණු කල්හි මාළුන් නොලබන්නාහු ශෝක කරන්නාහ. නුඹ මේ මඩ (ජලයෙන්) පුරවමින් ඒ කපුටු සමූහයා ශෝකයට පමුණුවව. ශෝකය සඳහා වස්සවව. යම්සේ ඇතුළත දැවීම ලක්‍ෂණ කොට ඇති ශෝකයට පැමිණෙත්ද එසේ කරව” යන අර්‍ථයයි. “මච්ඡෙ සොකා පමොචය” යනු මගේ ඥාතී වූ සියලු මත්ස්‍යයන් මේ මරණ ශෝකයෙන් මුදවව. “මඤ්ච සොකා පමොචය” යනුවෙන් ජාතකපාලියෙහි ශබ්ද කරති. එහි ‘ච’ කාරය සම්පිණ්ඩනාර්ථයෙහිය. මා ද මගේ ඥාතීන් ද යන සියල්ලන්ම ශෝකයෙන් මුදවව මත්ස්‍යයන්ට වනාහි ජලය නොමැති බැවින් සතුරන්ගේ ආහාර බවට යන්නෙමු’යි මරණ ශෝකය වේ. මහාසත්ත්‍වයන්ට වනාහි ඔවුන්ගේ මහත් විපත හේතුකොට ගෙන කරුණා කිරීම් වශයෙන් කරුණාවට සමරූපී ස්වභාවයෙන් ශෝකය හටගැනීම දතයුතුය.

එවං බොධිසත‍්තො අත‍්තනො පරිචාරිකචෙටකං ආණාපෙන‍්තො විය පජ‍්ජුන‍්නං ආලපිත්‍වා සකලෙ කොසලරට‍්ඨෙ මහාවස‍්සං වස‍්සාපෙසි. මහාසත‍්තස‍්ස හි සීලතෙජෙන සච‍්චකිරියාය සමකාලමෙව සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො “කිං නු ඛො”ති ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා වස‍්සවලාහකදෙවරාජානං පක‍්කොසාපෙත්‍වා “තාත, මහාපුරිසො මච‍්ඡරාජා ඤාතීනං මරණසොකෙන වස‍්සාපනං ඉච‍්ඡති, සකලං කොසලරට‍්ඨං එකමෙඝං කත්‍වා වස‍්සාපෙහී”ති ආහ.

මෙසේ බෝධිසත්ත්‍වයෝ තමාගේ මෙහෙකරු කොල්ලෙකුට අණකරන්නාක් මෙන් වැස්සවලාහක දේවපුත්‍රයන් අමතා සියලු කොසොල් රට මහවැසි වැස්ස වූහ. මහාසත්ත්‍වයන්ගේ ශීල තේජසින් සත්‍යක්‍රියාව හා සමකාලීනවම සක්දෙව් රජුගේ පඬුපුල් සලස්න උණු ස්වභාවයක් දැක්වීය. හෙතෙම “කිමෙක්දෝහෝයි ආවර්ජනා කරන්නේ ඒ කාරණය දැන වැස්සවලාහක දෙව්රජ කැඳවා “දරුව, මත්ස්‍ය රාජ වූ මහාපුරුෂතෙම නෑයන්ගේ මරණ ශෝකයෙන් වැසි වස්සවනු කැමති වෙයි. සියලු කොසොල් රට එකම වැස්සක් කොට වස්සවව’යි කීය.

සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා එකං වලාහකං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා මෙඝගීතං ගායන‍්තො පාචීනලොකධාතුඅභිමුඛො පක‍්ඛන්‍දි. පාචීනදිසාභාගෙ ඛලමණ‍්ඩලමත‍්තං එකං මෙඝමණ‍්ඩලං උට‍්ඨාය සතපටලං සහස‍්සපටලං හුත්‍වා අභිත්‍ථනයන‍්තං විජ‍්ජුලතා නිච‍්ඡාරෙන‍්තං අධොමුඛඨපිතඋදකකුම‍්භාකාරෙන විස‍්සන්‍දමානං සකලං කොසලරට‍්ඨං මහොඝෙන අජ‍්ඣොත්‍ථරි. දෙවො අච‍්ඡින‍්නධාරං වස‍්සන‍්තො මුහුත‍්තෙනෙව තං මහාසරං පූරෙසි. මච‍්ඡා මරණභයතො මුච‍්චිංසු. කාකාදයො අපතිට‍්ඨා අහෙසුං. න කෙවලං මච‍්ඡා එව, මනුස‍්සාපි විවිධසස‍්සානි සම‍්පාදෙන‍්තා චතුප‍්පදාදයොපීති සබ‍්බෙපි වස‍්සූපජීවිනො කායිකචෙතසිකදුක‍්ඛතො මුච‍්චිංසු. තෙන වුත‍්තං –

හෙතෙම යහපතැයි පිළිගෙන එක් වැසි වළාවක් හැඳ එකක් පොරවා මේඝ ගී ගයමින් නැගෙනහිර ලෝක ධාතුව දෙසට නික්මුනේය. පැන නැංගේය. නැගෙනහිර දිසා භාගයෙහි කමතක් පමණ වූ එක් වැහිවලා පටලක් නැගී සියක් පටල දහස් පටලව ගර්ජනා කරමින් විදුලිය නිකුත් කරමින් යටිකුරු කර තබන ලද දිය කලයකින් ගලා බසින්නාක් මෙන් මුළු කොසොල් රටම මහ වැස්සෙන් වසාගෙන පැතිරී ගියේය. වැස්ස වැලනොකැඩී වසින්නේ මොහොතකින්ම ඒ මහවිල පිරවීය. මත්ස්‍යයෝ මරණ භයෙන් මිදුනහ. කපුටු ආදීහු පිහිටක් නැත්තෝ වූහ. මත්ස්‍යයෝ පමණක් නොවෙයි. විවිධ ධාන්‍ය නිෂ්පාදනය කරන මිනිස්සු ද සිව්පා ආදීහු ද යන වැස්සෙන් ජීවත්වන සියල්ලෝම කායික චෛතසික දුකින් මිදුනාහුය. එහෙයින් -

“සහ කතෙ සච‍්චවරෙ, පජ‍්ජුන‍්නො අභිගජ‍්ජිය; ථලං නින‍්නඤ‍්ච පූරෙන‍්තො, ඛණෙන අභිවස‍්සථා”ති.

330. “සහකතෙ සච්චවරෙ පජ්ජුන්නො වාභිගජ්ජිය ථලං නින්නඤ්ච පුරෙන්තො ඛණෙන අභිවස්සථ

331. “එවරූපං සච්චවරං කත්‍වා විරිය මුත්තමං වස්සාපෙසිං මහාමෙඝං සච්චතෙජ බලස්සිතො සච්චෙ න මෙ සමො නත්‍ථි එසා මෙ සච්චපාරමී’ති (චරියා පිටක)

“උතුම් වූ සත්‍යක්‍රියාව කළකල්හි ඒ සමගම මේඝය ගර්ජනා කොට ගොඩ තැන්ද වළ තැන්ද පුරවමින් ඇසිල්ලකින් මහත් සේ වැස්සේය.

මෙබඳු වූ උතුම් සත්‍ය ක්‍රියාවක් ද උතුම් වීර්‍ය්‍යයක් ද කොට (මගේ) සත්‍යනුභාව බලය ඇසුරුකොට මහත්වැසි වැස්සවීමි. සත්‍ය පාරමිතාවෙන් මා හා සමවූවෙක් නැත්තේය. මේ මාගේ සත්‍ය පාරමිතාව යනුවෙන් වදාරණ ලදී.

තත්‍ථ ඛණෙන අභිවස‍්සථාති අදන්‍ධායිත්‍වා සච‍්චකිරියඛණෙනෙව අභිවස‍්සි.

එහි “ඛණෙන අභිවස්සථ” යනු පමා නොවී, සත්‍යක්‍රියා කළ කෙණෙහිම වැස්සේය.

කත්‍වා වීරියමුත‍්තමන‍්ති දෙවෙ අවස‍්සන‍්තෙ කිං කාතබ‍්බන‍්ති කොසජ‍්ජං අනාපජ‍්ජිත්‍වා ඤාතත්‍ථචරියාසම‍්පාදනමුඛෙන මහතො සත‍්තනිකායස‍්ස හිතසුඛනිප‍්ඵාදනං උත‍්තමං වීරියං කත්‍වා. සච‍්චතෙජබලස‍්සිතො මම සච‍්චානුභාවබලසන‍්නිස‍්සිතො හුත්‍වා තදා මහාමෙඝං වස‍්සාපෙසිං. යස‍්මා චෙතදෙවං, තස‍්මා “සච‍්චෙන මෙ සමො නත්‍ථි, එසා මෙ සච‍්චපාරමී”ති මහාමච‍්ඡරාජකාලෙ අත‍්තනො සච‍්චපාරමියා අනඤ‍්ඤසාධාරණභාවං දස‍්සෙසි ධම‍්මරාජා.

“කත්‍වා විරිය මුත්තමං” යනු වැස්ස නොවසින කල්හි කුමක් කළ යුතුදැයි කුසීත බවට නොපැමිණ ඤාතත්‍ථ චර්යාව සම්පාදනය කිරීම් වශයෙන් මහාසත්ත්‍ව සමූහයාගේ හිතසැප නිපදවන උතුම් වීර්‍ය්‍යය කොට “සච්චතෙජබලස්සිතො” මගේ සත්‍යානුභාව බලය නිශ්‍රිත කොට එදා මහවැස්සක් වැස්සවීමි. මෙය මෙසේ වූයේ යම්හෙයකින් ද එහෙයින් සත්‍ය පාරමිතාවෙන් මා හා සමවූවෙක් නැත්තේය. මේ මාගේ සත්‍ය පාරමිතාවයි” යනුවෙන් ධර්‍මරාජයන් වහන්සේ මහාමත්ස්‍ය රාජ කාලයෙහි තමාගේ සත්‍යපාරමිතාවෙහි අනන්‍යසාධාරණ බව දැක්වූහ.

එවං මහාසත‍්තො මහාකරුණාය සමුස‍්සාහිතහදයො සකලරට‍්ඨෙ මහාවස‍්සං වස‍්සාපනවසෙන මහාජනං මරණදුක‍්ඛතො මොචෙත්‍වා ජීවිතපරියොසානෙ යථාකම‍්මං ගතො.

මෙසේ මහාසත්ත්‍වයෝ මහා කරුණාවෙන් මෙහෙයවන ලද සිත් ඇත්තාහු සියලු රටෙහි මහවැසි වැස්සවීම් වශයෙන් මහජනයා මරණ දුකෙන් මුදවා ජීවිත කෙළවර කම්වූ පරිදි මියපරලොව ගියහ.

තදා පජ‍්ජුන‍්නො ආනන්‍දත්‍ථෙරො අහොසි, මච‍්ඡගණා බුද‍්ධපරිසා, මච‍්ඡරාජා ලොකනාථො.

එදා වැස්සවලාහකයෝ ආනන්‍ද ස්ථවිරයෝ වූහ. මත්ස්‍ය සමූහයා බුදුපිරිසමය. මත්ස්‍ය රාජයා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සෙසපාරමියොපි නිද‍්ධාරෙතබ‍්බා. තථා අත‍්තනො සමානජාතිකානං ඛාදනට‍්ඨානෙ මච‍්ඡයොනියං නිබ‍්බත‍්තිත්‍වා තණ‍්ඩුලකණමත‍්තම‍්පි මච‍්ඡං ආදිං කත්‍වා කස‍්සචිපි පාණිනො අඛාදනං, තිට‍්ඨතු ඛාදනං එකසත‍්තස‍්සපි අවිහෙඨනං, තථා සච‍්චකරණෙන දෙවස‍්ස වස‍්සාපනං, උදකෙ පරික‍්ඛීණෙ කලලගහනෙ නිමුජ‍්ජනවසෙන අත‍්තනා අනුභවමානං දුක‍්ඛං වීරභාවෙන අගණෙත්‍වා ඤාතිසඞ‍්ඝස‍්සෙව තං දුක‍්ඛං අත‍්තනො හදයෙ කත්‍වා අසහන‍්තස‍්ස සබ‍්බභාවෙන කරුණායනා, තථා ච පටිපත‍්තීති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝ ද යට සදහන් පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම තමන් හා සමාන ජාති ඇත්තවුන් අනුභව කරන ස්ථානයක් වූ මත්ස්‍ය යෝනියෙහි ඉපිද හාල් ඇටයක් පමණකුදු මසුන් ආදිකොට ඇති කිසිම ප්‍රාණියෙකු අනුභව නොකිරිම, අනුභව කිරීම තිබේවා එකම සතෙකුවත් වෙහෙසට පත් නො කිරීම, එසේම සත්‍ය ක්‍රියා කිරීමෙන් වැස්ස වැස්සවීම, දිය සිඳීගිය කල මඩ අතරෙහි ගිලීම් වශයෙන් තමන් අනුභව කරන දුක වීරභාවයෙන් ගණන් නොගෙන ඤාති සමූහයාගේම ඒ දුක තමන් ළෙහි කොට නොඉවසන්නාහුගේ සියලු ආකාරයෙන් කරුණා කිරීම එසේ වූ ප්‍රතිපත්තිය යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

මච‍්ඡරාජචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

දස වෙනි මත්ස්‍ය රාජ චරිතයයි.