7. කපිරාජචරියාවණ්ණනා අට්ඨකථා
7. කපිරාජචරියාවණ්ණනා
7. කපිරාජ චරියා වර්ණනාව
307. “යදා අහං කපි ආසිං නදී කුලෙ දරීසයෙ” පිළිතො සුංසුමාරෙන ගමනං න ලභාමහං (චරියා පිටක)
“යම්කලෙක මම එක් ගං තෙරක් සමීපයෙහි පර්වත විවරයෙක්හි වඳුරෙක් වීම්ද”
සත්තමෙ යදා අහං කපි ආසින්ති යස්මිං කාලෙ අහං කපියොනියං නිබ්බත්තිත්වා වුද්ධිමන්වාය නාගබලො ථාමසම්පන්නො අස්සපොතකප්පමාණො මහාසරීරො කපි හොමි. නදීකූලෙ දරීසයෙති එකිස්සා නදියා තීරෙ එකස්මිං දරීභාගෙ යදා වාසං කප්පෙමීති අත්ථො.
සත්වෙනි (කපිරාජ චරිතයෙහි) “යදා අහං කපි ආසිං” යනු යම් කාලයෙක්හි මම වඳුරු ආත්මයෙහි ඉපිද වැඩිවියට පත්ව ඇතෙකුට සමාන බල ඇත්තේ, වීර්ය්යසම්පන්න වූයේ අශ්ව පෝතකයකු පමණ වූ ශරීර ඇති වඳුරෙක් වීම් ද, “නදීකූලෙ දරීසයෙ” යනු එක් ගං තෙරක පර්වත විවරයෙක්හි යම්කලෙක වාසය කරම්ද යන අර්ථයයි.
තදා කිර බොධිසත්තො යූථපරිහරණං අකත්වා එකචරො හුත්වා විහාසි. තස්සා පන නදියා වෙමජ්ඣෙ එකො දීපකො නානප්පකාරෙහි අම්බපනසාදීහි ඵලරුක්ඛෙහි සම්පන්නො. බොධිසත්තො ථාමජවසම්පන්නතාය නදියා ඔරිමතීරතො උප්පතිත්වා දීපකස්ස පන නදියා ච මජ්ඣෙ එකො පිට්ඨිපාසාණො අත්ථි, තස්මිං පතති. තතො උප්පතිත්වා තස්මිං දීපකෙ පතති. සො තත්ථ නානප්පකාරානි ඵලාඵලානි ඛාදිත්වා සායං තෙනෙව උපායෙන පච්චාගන්ත්වා අත්තනො වසනට්ඨානෙ වසිත්වා පුනදිවසෙපි තථෙව කරොති. ඉමිනා නියාමෙන වාසං කප්පෙසි.
එකල්හි වනාහි බෝධිසත්ත්වයෝ වඳුරු රැල පරිහරණය නොකොට හුදකලාව විසූහ. ඒ ගඟ මැද අඹකොස් ආදී නොයෙක් ආකාරයේ ගෙඩි සහිත ගලින් හෙබියා වූ දිවයිනක් විය. බෝධිසත්ත්වයෝ වනාහි කාය ශක්තියෙන් හා ජවයෙන් යුක්ත බැවින් ගඟෙහි මෙතරින් පැන දිවයිනට මෙහා ගඟ මැද එක් සමතලා ගලක් ඇත. එහි පතිත වෙති. එතනින් පැන නැගී දිවයිනෙහි පතිත වෙති. හෙතෙම එහි නොයෙක් ආකාරයේ ඵලාඵල අනුභව කොට සවස ඒ ක්‍රමයෙන්ම ආපසු පැමිණ තමා වසන තැන වාසය කොට ඊළඟ දවසෙහි ද එසේම කරයි. මේ ක්‍රමයෙන් වාසය කරයි.
තස්මිං පන කාලෙ එකො කුම්භීලො සපජාපතිකො තස්සං නදියං වසති. තස්ස භරියා බොධිසත්තං අපරාපරං ගච්ඡන්තං දිස්වා තස්ස හදයමංසෙ දොහළං උප්පාදෙත්වා කුම්භීලං ආහ – “මය්හං ඛො, අය්යපුත්ත, ඉමස්ස වානරස්ස හදයමංසෙ දොහළො උප්පන්නො”ති. සො “සාධු, භද්දෙ, ලච්ඡසී”ති වත්වා “අජ්ජ තං සායං දීපකතො ආගච්ඡන්තමෙව ගණ්හිස්සාමී”ති ගන්ත්වා පිට්ඨිපාසාණෙ නිපජ්ජි. බොධිසත්තො තං දිවසං ගොචරං චරිත්වා සායන්හසමයෙ දීපකෙ ඨිතොව පාසාණං ඔලොකෙත්වා “අයං පාසාණො ඉදානි උච්චතරො ඛායති, කිං නු ඛො කාරණ”න්ති චින්තෙසි. මහාසත්තස්ස හි උදකප්පමාණඤ්ච පාසාණප්පමාණඤ්ච සුවවත්ථාපිතමෙව හොති. තෙනස්ස එතදහොසි – “අජ්ජ ඉමිස්සා නදියා උදකං නෙව හායති, අථ ච පනායං පාසාණො මහා හුත්වා පඤ්ඤායති, කච්චි නු ඛො එත්ථ මය්හං ගහණත්ථාය කුම්භීලො නිපන්නො”ති?
එකල්හි එක් කිඹුලෙක් බිරිඳ සමග එම ගඟෙහි වසයි. ඔහුගේ බිරිඳ බෝධිසත්ත්වයන් ඔබිනොබ යනු දැක ඔහුගේ හෘදමාංසයෙහි දොළක් උපදවා “ආර්‍ය්‍ය පුත්‍රය, මට මේ වඳුරාගේ හෘදමාංසයෙහි දොළක් උපන්නේය’යි කිඹුලාට කීවාය. හෙතෙම ‘සොඳුර, යහපති ලබන්නෙහිය”යි කියා ඔහු අද සවස දිවයිනේ සිට එද්දීම අල්ලා ගන්නෙමි”යි ගොස් සමතලා ගල මත හොත්තේය. බෝධිසත්ත්වයෝ දහවල් දවස ගොදුරු පිණිස හැසිර සවස් වේලෙහි දිවයිනෙහි සිටියාහුම ගල දෙස බලා මේ ගල දැන් ඉතා උස්ව පෙනෙන්නේය. කුමන කරුණක් නිසාදැයි සිතූහ. මහාසත්ත්වයන්ට වනාහි ජලයෙහි ප්‍රමාණයත් ගලෙහි ප්‍රමාණයත් මනාකොට වැටහී තිබුණේම විය. එබැවින් උන්වහන්සේට අද මේ ගඟෙහි ජලය අඩු නොවන්නේය. එසේ වුවත් මේ ගල විශාල වී පෙනෙන්නේය. කිමෙක්ද මෙහි මා අල්ලාගනු පිණිස කිඹුලෙක් වැද හොත්තේදොහෝයි මෙසේ අදහස් විය.
සො “වීමංසිස්සාමි තාව න”න්ති තත්ථෙව ඨත්වා පාසාණෙන සද්ධිං කථෙන්තො විය “භො, පාසාණා”ති වත්වා පටිවචනං අලභන්තො යාවතතියං “භො, පාසාණා”ති ආහ. පාසාණො පටිවචනං න දෙති. පුනපි බොධිසත්තො “කිං, භො පාසාණ, අජ්ජ මය්හං පටිවචනං න දෙසී”ති ආහ. කුම්භීලො “අද්ධා අයං පාසාණො අඤ්ඤෙසු දිවසෙසු වානරින්දස්ස පටිවචනං දෙති මඤ්ඤෙ, අජ්ජ පන මයා ඔත්ථරිතත්තා න දෙති, හන්දාහං දස්සාමිස්ස පටිවචන”න්ති චින්තෙත්වා “කිං වානරින්දා”ති ආහ. “කොසි ත්ව”න්ති? “අහං කුම්භීලො”ති . “කිමත්ථං එත්ථ නිපන්නොසී”ති? “තව හදයං පත්ථයමානො”ති. බොධිසත්තො චින්තෙසි – “අඤ්ඤො මෙ ගමනමග්ගො නත්ථි, පටිරුද්ධං වත මෙ ගමන”න්ති. තෙන වුත්තං –
පළමුකොට එය පරීක්ෂා කරන්නෙමි’යි ඔහු එහිම සිට ගල සමග කථාකරන්නාක් මෙන් “පින්වත් පාසාණය”යි කියා පිළිතුරු නොලබන්නේ තුන්වෙනි වර දක්වා “පාසාණය, පාසාණය”යි. කීය. ගල පිළිවදන් නොදෙයි. නැවත බෝධිසත්ත්වයෝ “පින්වත් පාසාණය, අද කුමක් හෙයින් මට පිළිවදන් නොදෙන්නෙහිදැයි කීහ. කිඹුලා ඒකාන්තයෙන් මේ පාසාණය අන් දිනවලදී වඳුරු රජතුමාට පිළිවදන් දෙන්නේයයි සිතමි. අද වනාහි මා හොත්හෙයින් නොදෙයි. එහෙයින් මම ඔහුට පිළිවදන් දෙන්නෙමි’යි සිතා “වඳුරු රජතුමනි කිමෙක්දැයි කීය. “නුඹ කවරෙක් වෙහිද? “මම කිඹුලෙක් වෙමි”යි “කුමක් සඳහා මෙහි හොත්තෙහිද? නුඹගේ හදවත ප්‍රාර්ථනා කරමින් යයි කීය. එවිට බෝධිසත්ත්වයෝ “මට යායුතු අන් මගක් නැත. ඒකාන්තයෙන් මගේ ගමන වැළැක්කේය’යි සිතූහ. එහෙයින්,
“පීළිතො සුසුමාරෙන, ගමනං න ලභාමහං”. “යම්හොකාසෙ අහං ඨත්වා, ඔරා පාරං පතාමහං; තත්ථච්ඡි සත්තුවධකො, කුම්භීලො ලුද්දදස්සනො”ති.
308. “පීළිතො සුංසුමාරෙන ගමනං න ලභාමහං” “යම්හොකාසෙ අහං ඨත්වා ඔරා පාරං පතාමහං තත්ථච්ජි සත්තු වධකො කුම්භීලො ලුද්දදස්ස නො” (චරියා පිටක)
“මම කිඹුලෙකු විසින් පීඩා කරන ලද්දෙම් යාම් ඊම් නොලදිමි. මම යම් අවකාශයෙක්හි සිට මෙතෙරින් පරතෙරට පැන පියෙම්ද එහි සතුරු වූ වධකාරී වූ භයානක දර්ශන ඇති කිඹුලෙක් හුන්නේ යයි වදාරණ ලදී.”
තත්ථ “පීළිතො සුසුමාරෙනා”ති අද්ධගාථාය වුත්තමෙවත්ථං. “යම්හොකාසෙ”ති ගාථාය පාකටං කරොති. තත්ථ යම්හොකාසෙති යස්මිං නදීමජ්ඣෙ ඨිතපිට්ඨිපාසාණසඞ්ඛාතෙ පදෙසෙ ඨත්වා. ඔරාති දීපකසඞ්ඛාතා ඔරතීරා. පාරන්ති තදා මම වසනට්ඨානභූතං නදියා පරතීරං. පතාමහන්ති උප්පතිත්වා පතාමි අහං. තත්ථච්ඡීති තස්මිං පිට්ඨිපාසාණප්පදෙසෙ සත්තුභූතො වධකො එකන්තෙනෙව ඝාතකො පච්චත්ථිකො ලුද්දදස්සනො ඝොරරූපො භයානකදස්සනො නිසීදි.
එහි “පිළීතො සුංසුමාරෙන” යනු අට්ඨකථාවෙහි කියන ලද අර්ථයම ‘යම්හොකාසෙ’ යන ගාථාවෙන් ප්‍රකට කරයි. එහි “යම්හොකාසෙ” යනු යම් ගංගාවක මැද පිහිටි සමතලා ගල සඞ්ඛ්‍යාත ප්‍රදේශයෙහි සිට “ඔරා” යනු දිවයින සඞ්ඛ්‍යාත මෙතෙරින් “පාරං” යනු එකල්හි මා වසන තැන වූ ගඟෙහි පරතෙර “පතාමහං” යනු උඩින් පැන වැටෙමි මම “තත්ථච්ජි” යනු ඒ සමතලා ගල පෙදෙසෙහි සතුරු වූ වධකාරී වූ ඒකාන්තයෙන් ඝාතක වූ සතුරෙක් “ලුද්දදස්සනො” දරුණු ස්වරූප ඇති භයානක දර්ශන ඇතිව හුන්නේය.
අථ මහාසත්තො චින්තෙසි – “අඤ්ඤො මෙ ගමනමග්ගො නත්ථි, අජ්ජ මයා කුම්භීලො වඤ්චෙතබ්බො, එවඤ්හි අයඤ්ච මහතා පාපතො මයා පරිමොචිතො සියා, මය්හඤ්ච ජීවිතං ලද්ධ”න්ති. සො කුම්භීලං ආහ – “සම්ම, කුම්භීල, අහං තුය්හං උපරි පතිස්සාමී”ති. කුම්භීලො “වානරින්ද, පපඤ්චං අකත්වා ඉතො ආගච්ඡාහී”ති ආහ. මහාසත්තො “අහං ආගච්ඡාමි, ත්වං පන අත්තනො මුඛං විවරිත්වා මං තව සන්තිකං ආගතකාලෙ ගණ්හාහී”ති අවොච. කුම්භීලානඤ්ච මුඛෙ විවටෙ අක්ඛීනි නිම්මීලන්ති. සො තං කාරණං අසල්ලක්ඛෙන්තො මුඛං විවරි. අථස්ස අක්ඛීනි නිම්මීලිංසු. සො මුඛං විවරිත්වා සබ්බසො නිම්මීලිතක්ඛී හුත්වා නිපජ්ජි. මහාසත්තො තස්ස තථාභාවං ඤත්වා දීපකතො උප්පතිතො ගන්ත්වා කුම්භීලස්ස මත්ථකං අක්කමිත්වා තතො උප්පතන්තො විජ්ජුලතා විය විජ්ජොතමානො පරතීරෙ අට්ඨාසි. තෙන වුත්තං –
ඉක්බිති මහාසත්ත්වතෙම “මට වෙනත් යා හැකි මගක් නැත. අද මවිසින් කිඹුලා වඤ්චා කළ යුතුය. එසේ ඇති කල්හි මවිසින් මොහු මහත් පාප කර්මයකින් වළකන ලද්දේ වන්නේය. මගේ ද ජීවිතය ලබන ලද්දේ යයි සිතීය. හෙතෙම කිඹුලාට “යහළු කිඹුල මම නුඹ මත්තෙහි වැටෙන්නෙමි’යි කීවේය. කිඹුලා වඳුරු. රජුනි! පමානොකොට මෙහි එව’යි කීය. මහාසත්ත්වයෝ මම එමි. නුඹ වනාහි තමාගේ කටහැරපියා මා නුඹ සමීපයට පැමිණි කල්හි ගණුව’යි කීහ. කිඹුලන්ගේ වනාහි කට ඇරිකල්හි ඇස් පියවේ. හෙතෙම ඒ කාරණය නො සලකා කට ඇරියේය. ඉක්බිති ඔහුගේ ඇස් පියවිය. ඔහු කට ඇර සම්පූර්ණයෙන් වැසුනු ඇස් ඇත්තෙක්ව වැදහොත්තේය. මහාසත්ත්වයෝ ඔහුගේ ඒ ස්වභාවය දැන දිවයිනෙන් උඩට පැන ගොස් කිඹුලාගේ මස්තකය මැඩ එතනින් උඩ පැන්නාහු විදුලියක් මෙන් දිලිසෙමින් පරතෙර සිටියහ. එහෙයින්,
“සො මං අසංසි එහීති, අහම්පෙමීති තං වදිං; තස්ස මත්ථකමක්කම්ම, පරකූලෙ පතිට්ඨහි”න්ති.
309. “සො මං අසංසි එහීති අහමෙමීති තං වදිං තස්ස මත්ථකමක්කම්ම පරකූලෙ පතිට්ඨහින්ති” (චරියා පිටක)
“හෙතෙම මා එවයි කැඳවීය. මමද ‘එන්නෙමි’යි ඔහුට කීවෙමි. ඔහුගේ හිස මැඩගෙන පරතෙර පිහිටියෙමි’යි වදාරණ ලදී.
තත්ථ අසංසීති අභාසි. අහම්පෙමීති අහම්පි ආගච්ඡාමීති තං කථෙසිං.
එහි “අසංසි” යනු කීවේය. “අහමෙමි” යනු මමද “එන්නෙමි”යි ඔහුට කීවෙමි.
යස්මා පන තං දීපකං අම්බජම්බුපනසාදිඵලරුක්ඛසණ්ඩමණ්ඩිතං රමණීයං නිවාසයොග්ගඤ්ච, “ආගච්ඡාමී”ති පන පටිඤ්ඤාය දින්නත්තා සච්චං අනුරක්ඛන්තො මහාසත්තොපි “ආගමිස්සාමෙවා”ති තථා අකාසි. තෙන වුත්තං –
එයින් යම්හෙයකින් වනාහි එම දිවයින අඹ, ජම්බු, කොස් ආදී ගෙඩි සහිත ගස් සමූහයෙන් අලංකාර වූ, රමණීය, වාසයට සුදුසු වූවක් වූයේද ‘එමි’යි ප්‍රතිඥාවක් දුන්හෙයින් සත්‍යය රකින්නාහු මහාසත්ත්වයෝ ද “එන්නෙමි” යයි කියා එසේ කළහ. එහෙයින් වදාරණ ලදී:-
“න තස්ස අලිකං භණිතං, යථා වාචං අකාසහ”න්ති.
“න තස්ස අලිකං භණිතං යථාවාචං අකාසහන්ති” (චරියා පිටක)
“ඔහුට මුසාවක් නො කියන ලදී. මම කී පරිදිම කෙළෙමි”
යස්මා චෙතං සච්චානුරක්ඛණං අත්තනො ජීවිතං පරිච්චජිත්වා කතං, තස්මා ආහ –
යම්හෙයකින් සත්‍යය රැකීමට තම ජීවිතය පරිත්‍යාග කොට මෙය කරන ලද්දේ ද එහෙයින්,
“සච්චෙන මෙ සමො නත්ථි, එසා මෙ සච්චපාරමී”ති.
“සච්චෙන මෙ සමො නත්ථි එසාමෙ සච්චපාරමීති (චරියා පිටක)
“සත්‍ය වචනයෙන් මා හා සමවූවෙක් නැත්තේය. මේ මාගේ සත්‍ය පාරමිතාව’යි
කුම්භීලො පන තං අච්ඡරියං දිස්වා “ඉමිනා වානරින්දෙන අතිඅච්ඡෙරකං කත”න්ති චින්තෙත්වා “භො වානරින්ද, ඉමස්මිං ලොකෙ චතූහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො අමිත්තෙ අභිභවති, තෙ සබ්බෙපි තුය්හං අබ්භන්තරෙ අත්ථි මඤ්ඤෙ”ති ආහ –
කිඹුලා වනාහි ඒ ආශ්චර්‍ය්‍ය දැක මේ වඳුරු රජ විසින් ඉතා ආශ්චර්‍ය්‍යයක් කරන ලදැයි සිතා “පින්වත් වඳුරු රජුනි! මේ ලෝකයෙහි ධර්ම හතරකින් යුක්ත වූ පුද්ගලයා සතුරන් මැඩ පවත්වයි. ඒ සියල්ලම ඔබ තුළ ඇතැයි සිතමි’යි කීය.
“යස්සෙතෙ චතුරො ධම්මා, වානරින්ද, යථා තව; සච්චං ධම්මො ධිති චාගො, දිට්ඨං සො අතිවත්තතී”ති. (ජා· 1.2.147);
310. “යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද! යථා තව සච්චං ධම්මො ධීතී චාගො දිට්ඨං සො අතිවත්තතීති” (ජාතක පාලි)
“වානරෙන්ද්රාය. සත්‍යය, පරීක්ෂා ඥානය, ධෛර්යය, ත්‍යාගය යන මේ සතර ධර්මයෝ තට මෙන් යමෙකුට විද්‍යමාන වෙත්ද හෙතෙම සතුරා ඉක්මවායේ’යි
තත්ථ යස්සාති යස්ස කස්සචි පුග්ගලස්ස. එතෙති ඉදානි වත්තබ්බෙ පච්චක්ඛතො දස්සෙති. චතුරො ධම්මාති චත්තාරො ගුණා. සච්චන්ති වචීසච්චං, “මම සන්තිකං ආගමිස්සාමී”ති වත්වා මුසාවාදං අකත්වා ආගතො එවාති එතං තෙ වචීසච්චං. ධම්මොති විචාරණපඤ්ඤා, “එවං කතෙ ඉදං නාම භවිස්සතී”ති පවත්තා තෙ එසා විචාරණපඤ්ඤා. ධිතීති අබ්බොච්ඡින්නං වීරියං වුච්චති, එතම්පි තෙ අත්ථි. චාගොති අත්තපරිච්චාගො, ත්වං අත්තානං පරිච්චජිත්වා මම සන්තිකං ආගතො, යං පනාහං ගණ්හිතුං නාසක්ඛිං, මය්හමෙවෙස දොසො . දිට්ඨන්ති පච්චාමිත්තං. සො අතිවත්තතීති යස්ස පුග්ගලස්ස යථා තව එවං එතෙ චත්තාරො ධම්මා අත්ථි, සො යථා මං ත්වං අජ්ජ අතික්කන්තො, තථෙව අත්තනො පච්චාමිත්තං අතික්කමති අභිභවතීති.
එහි “යස්ස” යනු යම්කිසි පුද්ගලයකුහට “එතෙ” යන්නෙන් දැන් කිවයුතු දේ ප්රත්යක්ෂ වශයෙන් දක්වයි. “චතුරො ධම්මා” යනු සතර ගුණයෝ “සච්චං” යනු වාක් සත්‍යය මගේ සමීපයට එන්නෙමි’යි කියා බොරුවක් නොකොට ආවෙහිය. “තව” යනු මේ නුඹගේ වාක් සත්‍යය “ධම්මො” යනු පරීක්ෂා ඥානය. මෙය කළ කල්හි මෙවැන්නක් වන්නේයයි පැවැති නුඹගේ මේ පරීක්ෂා ඥානය “ධිති” යනු නොසිඳී පැවති වීර්‍ය්‍යය කියනු ලැබේ. එයද නුඹට ඇත. “චාගො” යනු ආත්ම පරිත්‍යාගයයි. නුඹ තම ජීවිතය පරිත්‍යාග කොට මගේ සමීපයට ආවෙහිය. මම වනාහි යමකු අල්ලා ගැනීමට නොහැකි වීම්ද එය මගේම දොෂයයි. “දිට්ඨං” යනු සතුරාය. “සො අතිවත්තතී” යනු නුඹට මෙන් යම් පුද්ගලයෙකුට මෙසේ ඒ සතර ධර්මයෝ වෙත්ද, හෙතෙම නුඹ අද මා ඉක්මවූයේ යම්සේද එසේ තමාගේ සතුරා ඉක්මවයි. යටත් කරයි. යනුයි.
එවං කුම්භීලො බොධිසත්තං පසංසිත්වා අත්තනො වසනට්ඨානං ගතො. තදා කුම්භීලො දෙවදත්තො අහොසි, තස්ස භරියා චිඤ්චමාණවිකා, කපිරාජා පන ලොකනාථො.
මෙසේ කිඹුලා බෝධිසත්ත්වයන් පසසා තමා වසන තැනට ගියේය. එදා කිඹුලා දේවදත්ත විය. ඔහුගේ බිරිය චිඤ්චි මානවිකාවය. වඳුරුරජ නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස ඉධාපි හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියො නිද්ධාරෙතබ්බා. තථා උදකස්ස පාසාණස්ස ච පමාණවවත්ථානෙන ඉදානි පාසාණො උච්චතරො ඛායතීති පරිග්ගණ්හනවසෙන පාසාණස්ස උපරි සුසුමාරස්ස නිපන්නභාවජානනං, පාසාණෙන කථනාපදෙසෙන තස්සත්ථස්ස නිච්ඡයගමනං, සුසුමාරස්ස උපරි අක්කමිත්වා සහසා පරතීරෙ පතිට්ඨානවසෙන සීඝකාරිතාය තස්ස මහතා පාපතො පරිමොචනං, අත්තනො ජීවිතරක්ඛණං, සච්චවාචානුරක්ඛණඤ්චාති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ්බාති.
මෙහිද යට සඳහන් පරිදිම උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝද නිර්ධාරණය කළ යුත්තාහ. එසේම ජලයෙහි සහ ගලෙහි ප්‍රමාණය නියම කරගැනීමෙන් දැන් ගල වඩා උස් බවක් හැඟේ යයි පරීක්ෂා කිරීම් වශයෙන් ගල මත කිඹුලා හොත් බව දැන ගැනීම, පාසාණය සමග කථා කිරීම් වශයෙන් ඒ කාරණය නිශ්චය කර ගැනීම, කිඹුලාගේ මස්තකය මැඩ වහා එතර පිහිටීම් වශයෙන් ශීඝ්‍ර ක්‍රියාකාරීත්වයෙන් ඔහු මහත් වූ පාපයෙන් මුදා ගැනීම, තම ජීවිතය රැකගැනීම, සත්‍ය වචනය ආරක්ෂා කිරීම යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
කපිරාජචරියාවණ්ණනා නිට්ඨිතා.
සත්වෙනි කපිරාජ චරිතයයි.
8. සච්චතාපසචරියාවණ්ණනා
8. සත්‍යතාපස චරියා වර්ණනාව
311. “පුනාපරං යදාහොමි තාපසො සච්චස්වහයො සච්චෙන ලොකං පාලෙසිං සමග්ගං ජනමකාසහන්ති” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි මම “සච්ච” යන නාමයක් ඇති තාපසයෙක් වීම්ද එකල්හි සත්‍ය වචනය කරණ කොට ගෙන ලෝකයා රක්ෂා කෙළෙමි. මම මහජනයා සමගි කෙළෙමි.
අට්ඨමෙ තාපසො සච්චසව්හයොති සච්චසද්දෙන අව්හාතබ්බො සච්චනාමකො තාපසො යදා යස්මිං කාලෙ හොමි, තදා. සච්චෙන ලොකං පාලෙසින්ති අත්තනො අවිසංවාදිභාවෙන සත්තලොකං ජම්බුදීපෙ තත්ථ තත්ථ සත්තනිකායං පාපතො නානාවිධා අනත්ථතො ච රක්ඛිං. සමග්ගං ජනමකාසහන්ති තත්ථ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නං මහාජනං කලහෙ ආදීනවං දස්සෙත්වා සාමග්ගියං ආනිසංසකථනෙන සමග්ගං අවිවදමානං සම්මොදමානං අහමකාසිං.
අටවෙනි (සච්ච පණ්ඩිත චරිතයෙහි) “තාපසො සච්චස්වහයො” යනු “සච්ච” ශබ්දයෙන් කැඳවිය යුතු ‘සච්ච’ නම් තාපසයෙක් යම් දිනක, යම් කාලයෙක වීම්ද, එකල්හි “සච්චෙන ලොකං පාලෙසිං” යනු තමාගේ අවිසංවාදාදි ස්වභාවය කරණ කොට ගෙන සත්ත්ව ලෝකය හෙවත් දඹදිව ඒ ඒ සත්ත්ව නිකායයන් පාපයෙන් ද නානාවිධ අනර්ථයෙන් ද රක්ෂා කෙළෙමි. “සමග්ගං ජනමකාසහං” යනු ඒ ඒ තැන කලහ විග්රහ විවාදාදියට පැමිණ මහජනයා කලහයෙහි ආදීනව දක්වා සමගියෙහි ආනිසංස කීමෙන් මම සමගි වූවන් විවාද නොකරන්නන් එකට සතුටු වන්නන් කෙළෙමි.
තදා හි බොධිසත්තො බාරාණසියං අඤ්ඤතරස්මිං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති. තස්ස “සච්චො”ති නාමං කරිංසු. සො වයප්පත්තො තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හිත්වා නචිරස්සෙව සබ්බසිප්පානං නිප්ඵත්තිං පත්තො. ආචරියෙන අනුඤ්ඤාතො බාරාණසිං පච්චාගන්ත්වා මාතාපිතරො වන්දිත්වා තෙහි අභිනන්දියමානො තෙසං චිත්තානුරක්ඛණත්ථං කතිපාහං තෙසං සන්තිකෙ වසි. අථ නං මාතාපිතරො පතිරූපෙන දාරෙන සංයොජෙතුකාමා සබ්බං විභවජාතං ආචික්ඛිත්වා ඝරාවාසෙන නිමන්තෙසුං.
එකල්හි වනාහි බෝධිසත්ත්වයෝ බරණැස් නුවර එක්තරා බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන්හ. ඔහුට “සත්‍ය” යයි නම් කළහ. හෙතෙම වැඩිවියට පත්වූයේ තක්ෂලාවට ගොස් දිසාපාමොක් ඇඳුරුතුමා සමීපයෙහි ශිල්ප ඉගෙන නොබෝකලකින්ම සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූයේ ආචාර්‍ය්‍යයන් විසින් අනුදන්නා ලද්දේ බරණැසට ආපසු පැමිණ මවුපියන් වැඳ ඔවුන් විසින් සතුටු කරනු ලබන්නේ ඔවුන්ගේ සිත් රකිනු පිණිස දින කීපයක් ඔවුන් සමීපයෙහි විසීය. ඉක්බිති මවුපියෝ ඔහු සුදුසු කුමරියක් සමග යොදවනු කැමැත්තාහු සියලු සම්පත් කියාදී ගෘහවාසයෙන් ආරාධනා කළහ.
මහාසත්තො නෙක්ඛම්මජ්ඣාසයො අත්තනො නෙක්ඛම්මපාරමිං පරිබ්රූහෙතුකාමො ඝරාවාසෙ ආදීනවං පබ්බජ්ජාය ආනිසංසඤ්ච නානප්පකාරතො කථෙත්වා මාතාපිතූනං අස්සුමුඛානං රොදමානානං අපරිමාණං භොගක්ඛන්ධං අනන්තං යසං මහන්තඤ්ච ඤාතිපරිවට්ටං පහාය මහානාගොව අයසඞ්ඛලිකං ඝරබන්ධනං ඡින්දන්තො නික්ඛමිත්වා හිමවන්තප්පදෙසං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා වනමූලඵලාඵලෙහි යාපෙන්තො නචිරස්සෙව අට්ඨ සමාපත්තියො පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙත්වා ඣානකීළං කීළයමානො සමාපත්තිවිහාරෙන විහරති.
මහාසත්ත්වයෝ ගිහිගෙයින් නික්මීමේ අදහසින් යුක්ත වූවාහු තමාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වඩනු කැමැත්තෝ ගෘහවාසයෙහි ආදීනව හා පැවිද්දෙහි ආනිසංස නොයෙක් ආකාරයෙන් කියා මවුපියන් කඳුළු පිරුණු මුහුණින් අඬද්දී අප්‍රමාණ වූ භෝගස්කන්ධයද අනන්ත වූ යශසද, මහත් වූ ඥාති පිරිසද අත්හැර යදමක් සිඳගෙන යන්නා වූ මහ ඇතෙකු මෙන් ගෘහ බන්ධනය සිඳ නික්මී හිමවත් පෙදෙසට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව වනමුල් ඵලාඵලයෙන් යැපෙන්නාහු නොබෝ කලකින්ම අෂ්ට සමාපත්ති හා පඤ්ච අභිඥා උපදවා ධ්‍යාන ක්‍රීඩා කරන්නාහු සමාපත්ති විහරණයෙන් වෙසෙති.
සො එකදිවසං දිබ්බචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සකලජම්බුදීපෙ මනුස්සෙ යෙභුය්යෙන පාණාතිපාතාදිදසඅකුසලකම්මපථපසුතෙ කාමනිදානං කාමාධිකරණං අඤ්ඤමඤ්ඤං විවාදාපන්නෙ. දිස්වා එවං චින්තෙසි – “න ඛො පන මෙතං පතිරූපං, යදිදං ඉමෙ සත්තෙ එවං පාපපසුතෙ විවාදාපන්නෙ ච දිස්වා අජ්ඣුපෙක්ඛණං. අහඤ්හි ‘සත්තෙ සංසාරපඞ්කතො උද්ධරිත්වා නිබ්බානථලෙ පතිට්ඨපෙස්සාමී’ති මහාසම්බොධියානං පටිපන්නො, තස්මා තං පටිඤ්ඤං අවිසංවාදෙන්තො යංනූනාහං මනුස්සපථං ගන්ත්වා තෙ තෙ සත්තෙ පාපතො ඔරමාපෙය්යං, විවාදඤ්ච නෙසං වූපසමෙය්ය”න්ති.
උන්වහන්සේ එක් දිනක් දිවැසින් ලෝකය බලන්නාහු “සියලු දඹදිව මිනිසුන් බොහෝසෙයින් ප්‍රාණඝාත ආදී දශ අකුශල කර්ම පථයන්හි යෙදුනාහු කාමය හේතුකොට ගෙන, කාමය කරණකොට ඔවුනොවුන් විවාදයට බැස සිටිනු දුටහ. දැක “මෙසේ පවෙහි යෙදුන, විවාදාපන්න මේ සත්ත්වයන් දැක මධ්‍යස්ථ වීම යන මේ කාරණය මට සුදුසු නොවේ යයි මෙසේද සිතූහ. “මම වනාහි මේ සත්ත්වයන් සංසාර නැමති මඩෙන් ගොඩගෙන නිර්වාණ නැමති ගොඩබිම පිහිටුවන්නෙමි’යි සිතා මහාසම්බෝධි යානයට පිළිපන්නෙමි. එබැවින් එම ප්‍රතිඥාව කඩනොකරන්නාහු ඉදින් මම මනුෂ්‍ය පථයට ගොස් ඒ ඒ සත්ත්වයන් පාපයෙන් එතෙරට පමුණුවන්නෙම් ඔවුන්ගේ විවාදයන්ද සංසිඳුවන්නෙම් නම් යෙහෙකැයි යනුවෙනි.
එවං පන චින්තෙත්වා මහාසත්තො මහාකරුණාය සමුස්සාහිතො සන්තං සමාපත්තිසුඛං පහාය ඉද්ධියා තත්ථ තත්ථ ගන්ත්වා තෙසං චිත්තානුකූලං ධම්මං දෙසෙන්තො කලහවිග්ගහවිවාදාපන්නෙ සත්තෙ දිට්ඨධම්මිකඤ්ච සම්පරායිකඤ්ච විරොධෙ ආදීනවං දස්සෙත්වා අඤ්ඤමඤ්ඤං සමග්ගෙ සහිතෙ අකාසි. අනෙකාකාරවොකාරඤ්ච පාපෙ ආදීනවං විභාවෙන්තො තතො සත්තෙ විවෙචෙත්වා එකච්චෙ දසසු කුසලකම්මපථධම්මෙසු පතිට්ඨාපෙසි. එකච්චෙ පබ්බාජෙත්වා සීලසංවරෙ ඉන්ද්රියගුත්තියං සතිසම්පජඤ්ඤෙ පවිවෙකවාසෙ ඣානාභිඤ්ඤාසු ච යථාරහං පතිට්ඨාපෙසි. තෙන වුත්තං –
මෙසේ සිතා මහාසත්ත්වයෝ කරුණාවෙන් නගා සිටුවන ලද සිත් ඇත්තාහු ශාන්ත වූ සමාපත්ති සැපය අත්හැර සෘද්ධියෙන් ඒ ඒ තැනට ගොස් ඔවුන්ගේ සිතට අනුකුල වූ ධර්මය දේශනා කරන්නාහු කලහ, විග්රහ, විවාදයන්ට බැසගත් සත්ත්වයන්ට විරුද්ධ වීමෙහි මෙලොවින්ද පරලොවින්ද වන්නා වූ ආදීනව දක්වා ඔවුනොවුන් සමගි කළහ. නොයෙක් ආකාරයෙන් විස්තර වූ පාපයෙහි ආදීනව පැහැදිලි කර දෙන්නාහු එයින් සත්ත්වයන් මුදවා ඇතැම් කෙනෙක් දශකුශල කර්මපථ ධර්මයන්හි පිහිටවූහ. සමහරෙක් පැවිදි කොට ශීල සංවරයෙහි ද, ඉන්ද්රිය සංවරයෙහිද, සතිසම්පජඤ්ඤයෙහිද, විවේකවාසයෙහිද, ධ්‍යාන අභිඥාවන්හි ද සුදුසු පරිදි පිහිට වූහ. එහෙයින්,
“පුනාපරං යදා හොමි, තාපසො සච්චසව්හයො; සච්චෙන ලොකං පාලෙසිං, සමග්ගං ජනමකාසහ”න්ති.
“පුනාපරං යදාහොමි තාපසො සච්චස්වහයො සච්චෙන ලොකං පලෙසිං සමග්ගං ජනමකාසහං”යි වදාරණ ලදී.
ඉධාපි මහාපුරිසස්ස හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියො නිද්ධාරෙතබ්බා. තථා ගුණානුභාවා ච විභාවෙතබ්බාති.
මෙහිද මහා පුරුෂයන්ගේ යට කියන ලද අයුරින්ම සෙසු පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. එසේම ගුණානුභාවයෝද පැහැදිලි කළ යුත්තාහ.
සච්චතාපසචරියාවණ්ණනා නිට්ඨිතා.
අටවෙනි සච්ච තාපස චරිතයයි.
9. වට්ටපොතකචරියාවණ්ණනා
9. වට්ටපෝතක චරියා වර්ණනාව
312. “පුනාපරං යදාහොමි මගධෙ වට්ටපොතකො අජාත පක්ඛො තරුනො මංසපෙසි කුලාවකෙ
313. “මුඛතුණ්ඩෙනාහරත්වා මාතා පොසයති මමං තස්සා ඵස්සෙන ජීවාමි නත්ථි මෙ කායිකං බලං
314. “සංවච්ඡරෙ ගිම්හ සමයෙ දවඩාහො පදිප්පති උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
315. “ධම ධම ඉති එවං සදායන්තො මහාසිඛී අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි
316. “අග්ගිවෙගභයා භීතා තසිතා මාතා පිතා මම කුලාවකෙ මං ඡඩ්ඪෙත්වා අත්තානං පරිමොච්යුං
317. “පාදෙ පක්චෙ පජහාමි නත්ථි මෙ කායිකං බලං සොහං අගතිකො තත්ථ එවං චින්තෙසහංතදා
318. “යෙසාහං උපධාවෙය්යං භීතො තසිතවෙධිතො තෙ මං ඔහාය පක්කන්තා කථං මෙ අජ්ජ කාතවෙ? (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි (මම) මගධ රට වටුපැටවෙක් වීම් ද ළඳරු වූ, මස් වැදැල්ලක් වැනි වූ නොහටගත් පියාපත් ඇත්තා වූ (මම) කැදැල්ලෙහි (විසීමි)
(මගේ මව) මුව තුඩින් (ගොදුරු) ගෙනවිත් මා පෝෂණය කරයි. ඇගේ (ශරීර) ස්පර්ශයෙන් මම ජීවත් වෙමි. මට කාය ශක්තියක් නැත.
අවුරුදු පතා ග්‍රීෂ්ම කාලයෙහි ලැව්ගින්නක් ඇවිලෙයි. පාවක නම් වූ කණ්හ වත්තනී නම්වූ (ඒ ගින්න) අප සමීපයට පැමිණියේය.
මෙසේ ‘ධම’ ‘ධම’ යන අනුකරණ ශබ්ද කරමින් මහත් ගිනිසිළු ඇති ඒ ගින්න (වනය) දවමින් ක්‍රමයෙන් මා වෙත පැමිණියේය.
වේගයෙන් එන්නා වූ ගින්නට භයින් භයපත් වූ තැතිගත්තා වූ මාගේ මවුපියෝ කැදැල්ලෙහි මා හැර දමා ස්වකීය ආත්මභාවය මුදාගත්හ.
මාගේ පා දෙක ද පියාපත් ද දිගුකෙළෙමි. (නමුත්) මට ශාරීරික බලයක් නැත්තේය. යාගත නොහැකි ඒ මම එහිම (හිඳ) එකල්හි මෙසේ සිතුවෙමි.
භයපත් වූ තැතිගැන්මෙන් හා වෙවුලීමෙන් යුක්ත වූ මම යම්කෙනෙකුන් සමීපයට දුවන්නෙම් ද ඔවුහු මා හැරදමා පලාගියෝය. මා විසින් අද කෙසේ පිළිපැදිය යුතු ද?
නවමෙ මගධෙ වට්ටපොතකොතිආදීසු අයං සඞ්ඛෙපත්ථො – මගධරට්ඨෙ අඤ්ඤතරස්මිං අරඤ්ඤප්පදෙසෙ වට්ටකයොනියං නිබ්බත්තිත්වා අණ්ඩකොසං පදාලෙත්වා අචිරනික්ඛන්තතාය තරුණො මංසපෙසිභූතො, තතො එව අජාතපක්ඛො වට්ටකච්ඡාපකො යදා අහං කුලාවකෙයෙව හොමි.
නවවෙනි (වට්ටපෝතක චරිතයෙහි) “මගධෙ වට්ටපොතකො” යනාදියෙහි මේ කෙටි අර්ථයයි. මගධරට එක්තරා වන පෙදෙසක වටු යෝනියෙහි ඉපිද බිජුවට බිඳගෙන නික්ම නොබෝකල් වූ බැවින් ළදරු වූයෙම් මස් වැදැල්ලක් වූයෙම් එහෙයින්ම හටනොගත් පියාපත් ඇත්නෙම් වටු පැටවෙක්ව යම් කලෙක මම කැදැල්ලෙහිම වීම්ද
මුඛතුණ්ඩකෙනාහරිත්වාති මය්හං මාතා අත්තනො මුඛතුණ්ඩකෙන කාලෙන කාලං ගොචරං ආහරිත්වා මං පොසෙති. තස්සා ඵස්සෙන ජීවාමීති පරිසෙදනත්ථඤ්චෙව පරිභාවනත්ථඤ්ච සම්මදෙව කාලෙන කාලං මමං අධිසයනවසෙන ඵුසන්තියා තස්සා මම මාතුයා සරීරසම්ඵස්සෙන ජීවාමි විහරාමි අත්තභාවං පවත්තෙමි. නත්ථි මෙ කායිකං බලන්ති මය්හං පන අතිතරුණතාය කායසන්නිස්සිතං බලං නත්ථි.
“මුඛ තුණ්ඩෙනාහරිත්වා” යනු මගේ මව තමාගේ මුවතුඩින් කලින් කල ගොදුරු ගෙනවිත් මා පෝෂණය කරයි. “තස්සා ඵස්සෙන ජීවාමි” යනු උණුසුම් කිරීම සඳහා මෙන්ම වර්ධනය සඳහාද මනාකොට කලින් කල මාගේ සමීපයෙහි විසීම් වශයෙන් ස්පර්ශ කරන්නා වූ මාගේ ඒ මවගේ ශරීර ස්පර්ශයෙන් ජීවත් වෙමි. වසමි, ආත්මභාවය පවත්වමි. “නත්ථි මෙ කායිකං බලං” යනු මට වනාහි ඉතාමත් ළදරු බැවින් කය ඇසුරු කල ශක්තියක් නොමැත.
සංවච්ඡරෙති සංවච්ඡරෙ සංවච්ඡරෙ. ගිම්හසමයෙති ගිම්හකාලෙ. සුක්ඛරුක්ඛසාඛානං අඤ්ඤමඤ්ඤං සඞ්ඝට්ටනසමුප්පන්නෙන අග්ගිනා තස්මිං පදෙසෙ දවඩාහො පදිප්පති පජ්ජලති, සො තථා පදීපිතො. උපගච්ඡති අම්හාකන්ති මය්හං මාතාපිතූනඤ්චාති අම්හාකං වසනට්ඨානප්පදෙසං අත්තනො පතිට්ඨානස්ස අසුද්ධස්සාපි සුද්ධභාවකරණෙන පාවනතො පාවකොති ච ගතමග්ගෙ ඉන්ධනස්ස භස්මභාවාවහනතො කණ්හවත්තනීති ච ලද්ධනාමො අග්ගි වනරුක්ඛගච්ඡෙ දහන්තො කාලෙන කාලං උපගච්ඡති.
“සංවච්ඡරෙ” යනු වසරක් වසරක් පාසා “ගිම්හසමයෙ” යනු ග්‍රීෂ්ම කාලයෙහි වියලි ගස් අතු එකිනෙක ගැටීමෙන් හටගත් ගින්නෙන් එම ප්‍රදේශයෙහි “දවඩාහො පදිප්පති” (ලැව්ගින්නක්) ඇවිලෙයි. එය එසේ ඇවිලුනේ. “උපගච්ඡති අම්හාකං” යනු මගේද මවුපියන්ගේ ද යන අපගේ වාසස්ථානය වූ ප්‍රදේශයට. තමන්ට ආධාර වූ, අශුද්ධ ස්ථාන ශුද්ධ කිරීම් වශයෙන් පවිත්‍ර කරන හෙයින් “පාවක” යයිද තමන් ගිය මාර්ගයෙහි ඉන්ධනයන් අළු බවට පත්කරන හෙයින් “කණ්හ වත්තනී” යයිද ලැබූ නම් ඇති ගින්න වනරුක් පඳුරු දවමින් කලින් කල එළඹේ.
එවං උපගමනතො තදාපි සද්දායන්තොති “ධමධම”ඉති එවං සද්දං කරොන්තො, අනුරවදස්සනඤ්හෙතං දාවග්ගිනො. මහාසිඛීති පබ්බතකූටසදිසානං ඉන්ධනානං වසෙන මහතියො සිඛා එතස්සාති මහාසිඛී. අනුපුබ්බෙන අනුක්කමෙන තං අරඤ්ඤප්පදෙසං ඣාපෙන්තො දහන්තො අග්ගි මම සමීපට්ඨානං උපාගමි.
එකල්හිද එසේ එළඹියේ වෙයි. “සද්දායන්තො” යනු ‘ධම’ ‘ධම’ යයි මෙසේ ශබ්ද කරන්නේ මෙය වනාහි ලැව්ගින්නෙහි අනුරාවය දැක්වීමකි. “මහාසිඛී” යනු පර්වතකුට හා සමාන ඉන්ධන දැවීම් වශයෙන් මහත් වූ ගිනිසිළු මෙයට ඇත්තේනුයි “මහාසිඛි’ වේ. “අනුපුබ්බෙන” පිළිවෙලින් ඒ වන ප්‍රදේශය “ඣාපෙන්තො” දවමින් ගින්න මගේ සමීපයට පැමිණියේය.
අග්ගිවෙගභයාති වෙගෙන ආගච්ඡතො අග්ගිනො භයෙන භීතා. තසිතාති චිත්තුත්රාසසමුට්ඨිතෙන කායස්ස ඡම්භිතත්තෙන ච උත්රාසා. මාතාපිතාති මාතාපිතරො. අත්තානං පරිමොචයුන්ති අග්ගිනා අනුපද්දුතට්ඨානගමනෙන අත්තනො සොත්ථිභාවමකංසු. මහාසත්තො හි තදා මහාගෙණ්ඩුකප්පමාණො මහාසරීරො අහොසි. තං මාතාපිතරො කෙනචි උපායෙන ගහෙත්වා ගන්තුං අසක්කුණන්තා අත්තසිනෙහෙන ච අභිභුය්යමානා පුත්තසිනෙහං ඡඩ්ඩෙත්වා පලායිංසු.
“අග්ගිවෙගභයා” යනු වේගයෙන් එන්නා වූ ගින්නට බියෙන් බියපත්වූ, හටගත් සිතේ තැතිගැන්ම ඇති, ලොමුඩැහැගත් ශරීර ඇති, ත්‍රස්ත වූ මවුපියෝ. “අත්තානං පරිමොචයුං” යනු ගින්නෙන් උපද්‍රව නැති තැනකට යාමෙන් තමාගේ සුවපත් බව ඇතිකර ගත්හ. මහාසත්ත්වයෝ වනාහි එකල මහා පන්දුවක් පමණ මහත් වූ ශරීර ඇත්තෝ වූහ. මවුපියෝ ඔහු මොනම ක්රමයකින්වත් ගෙන යාමට නොහැකිවන්නාහු ආත්ම ස්නේහයෙන් මඬනා ලද සිත් ඇත්තාහු පුත්‍ර ස්නේහය හැරපියා පලාගියහ.
පාදෙ පක්ඛෙ පජහාමීති අත්තනො උභො පාදෙ උභො පක්ඛෙ ච භූමියං ආකාසෙ ච ගමනසජ්ජෙ කරොන්තො පසාරෙමි ඉරියාමි වායමාමි. “පටීහාමී”තිපි පාඨො, වෙහාසගමනයොග්ගෙ කාතුං ඊහාමීති අත්ථො. “පතීහාමී”තිපි පඨන්ති. තස්සත්ථො – පාදෙ පක්ඛෙ ච පති විසුං ඊහාමි, ගමනත්ථං වායමාමි, තං පන වායාමකරණත්ථමෙව. කස්මා? යස්මා නත්ථි මෙ කායිකං බලං. සොහං අගතිකො තත්ථාති සො අහං එවංභූතො පාදපක්ඛවෙකල්ලෙන ගමනවිරහිතො මාතාපිතූනං අපගමනෙන වා අප්පටිසරණො, තත්ථ දාවග්ගිඋපද්දුතෙ වනෙ, තස්මිං වා කුලාවකෙ ඨිතොව එවං ඉදානි වත්තබ්බාකාරෙන තදා චින්තෙසිං. දුතියඤ්චෙත්ථ අහන්ති නිපාතමත්තං දට්ඨබ්බං.
“පාදෙ පක්ඛෙ පජහාමි” යනු තමාගේ පාදෙක සහ පියාපත් දෙකද පොළොවෙහි සහ අහසෙහිද ගමනට සැරසෙමින් දිග හරිමි. ඉරියව් පවත්වමි. උත්සාහ කරමි. “පටිහාමි” යයිද පාඨයකි. අහසෙහි ගමනට යෝග්‍ය කිරීමට උත්සාහ කරමි යන අර්ථයයි. “පතීහාමි” යයිද ශබ්ද කරති. එහි අර්ථය නම් පාදයන් සහ පියාපත් වෙන වෙනම උත්සාහ කරමි. ගමන සඳහා වෑයම් කරමි. ගමනට වෑයම් කිරීම් අර්ථයමය. කුමක් හෙයින්ද? යම්හෙයකින් “නත්ථි මෙ කායිකං බලං සොහං අගතිකො තත්ථ” යනුවෙන් ඒ මම මෙසේ වූයෙම් පා සහ පියාපත් විකල බැවින් ගමනින් තොරවූයෙම් ද මවුපියන් ඉවත්ව යාමෙන් පිළිසරණ නැත්තෙම් ද එහෙයිනි. එහි ලැව්ගින්නෙන් උවදුරට පත් වනයෙහි නැතහොත් එම කැදැල්ලෙහි සිටියේම මෙසේ දැන් කියනු ලබන ආකාරයෙන් එකල්හි සිතුවෙමි. මෙහි දෙවෙනි “අහං” යන පදය නිපාත මාත්‍රයක් බව දතයුතුය.
ඉදානි තදා අත්තනො චින්තිතාකාරං දස්සෙතුං “යෙසාහ”න්තිආදිමාහ;
දැන් එදින තමා සිතූ ආකාරය දැක්වීමට “යෙසාහං” යනාදිය වදාළහ.
තත්ථ යෙසාහං උපධාවෙය්යං, භීතො තසිතවෙධිතොති මරණභයෙන භීතො තතො එව චිත්තුත්රාසෙන තසිතො සරීරකම්පනෙන වෙධිතො යෙසමහං පක්ඛන්තරං එතරහි දාවග්ගිඋපද්දුතො ජලදුග්ගං විය මඤ්ඤමානො පවිසිතුං උපධාවෙය්යං තෙ මම මාතාපිතරො මං එකකං එව ඔහාය ජහිත්වා පක්කන්තා. කථං මෙ අජ්ජ කාතවෙති කථං නු ඛො මයා අජ්ජ කාතබ්බං, පටිපජ්ජිතබ්බන්ති අත්ථො.
එහි “යෙසාහං උපාධාවෙය්යං භීතො තසිත වෙධිතො” යනු මරණ භයින් භයපත් වූයෙම් එයින්ම සිතේ තැතිගැන්මෙන් ත්‍රස්ත වූයෙම් ශරීර කම්පනයෙන් වෙවුලන්නෙම් මම යම් මවුපිය දෙදෙනෙකුගේ පියාපත් අතරට දුවන්නෙම් ද දැන් ලැව්ගින්නෙන් උවදුරට පත්වූයෙම් ජලදුර්ගයක් මෙන් හඟින්නෙම් පිවිසීමට දුවන්නෙමි. “තෙ” (ඒ) මගේ මවුපියෝ “මං” හුදකලා වූ (මා) “ඔහාය” අත්හැර “පක්කන්තා” පලාගියෝය “කථං මෙ අජ්ජ කාතවෙ” යනු මා විසින් අද කෙසේ කළ යුතුද? පිළිපැදිය යුතුද? යන අර්ථයයි.
එවං මහාසත්තො ඉතිකත්තබ්බතාසම්මූළ්හො හුත්වා ඨිතො පුන චින්තෙසි – “ඉමස්මිං ලොකෙ සීලගුණො නාම අත්ථි, සච්චගුණො නාම අත්ථි, අතීතෙ පාරමියො පූරෙත්වා බොධිතලෙ නිසීදිත්වා අභිසම්බුද්ධා සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසම්පන්නා සච්චානුදයකාරුඤ්ඤඛන්තිසමන්නාගතා සබ්බසත්තෙසු සමප්පවත්තමෙත්තාභාවනා සබ්බඤ්ඤුබුද්ධා නාම අත්ථි, තෙහි ච පටිවිද්ධො එකන්තනිය්යානගුණො ධම්මො අත්ථි, මයි චාපි එකං සච්චං අත්ථි. සංවිජ්ජමානො එකො සභාවධම්මො පඤ්ඤායති, තස්මා අතීතබුද්ධෙ චෙව තෙහි පටිවිද්ධගුණෙ ච ආවජ්ජෙත්වා මයි විජ්ජමානං සච්චං සභාවධම්මං ගහෙත්වා සච්චකිරියං කත්වා අග්ගිං පටික්කමාපෙත්වා අජ්ජ මයා අත්තනො චෙව ඉධ වාසීනං සෙසපාණීනඤ්ච සොත්ථිභාවං කාතුං වට්ටතී”ති. එවං පන චින්තෙත්වා මහාසත්තො අත්තනො ආනුභාවෙ ඨත්වා යථාචින්තිතං පටිපජ්ජි. තෙන වුත්තං –
මෙසේ මහාසත්ත්වයෝ කළ යුතු දේ ගැන සිහිමුළා වී සිටියාහු නැවත මෙසේ සිතූහ. “මේ ලෝකයෙහි ශීලගුණ නම් දෙයක් ඇත. සත්‍ය ගුණ නම් දෙයක් ඇත. අතීතයෙහි පාරමී පුරා බෝමැඩ හිඳ අවබෝධ කළාවූ. ශීල, සමාධී, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වූ සත්‍ය දයාව කරුණාව හා ඉවසීමෙන් යුක්ත වූ, සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැවති මෛත්‍රීභාවනා ඇති සර්වඥ බුදුවරයෝ නම් කොටසක් ද වෙති. උන්වහන්සේලා විසින් අවබෝධ කරගත් ඒකාන්ත නෛර්‍ය්‍යාණික ගුණයෙන් යුත් ධර්ම නම් දෙයක්ද ඇත. මා කෙරෙහිද එක් සත්‍යයක් ඇත. පවතින්නා වූ එක් ස්වභාව ධර්මයක්ද පෙනේ. එබැවින් අතීත බුදුවරුන් මෙන්ම උන්වහන්සේලා විසින් අවබෝධ කළාවූ ගුණයන්ද ආවර්ජනා කොට මා කෙරෙහි පවතින සත්‍ය වූ ස්වභාව ධර්මය ගෙන සත්‍යක්‍රියා කොට ගින්න වලක්වා අද මවිසින් තමාට මෙන්ම මෙහි වසන සෙසු ප්‍රාණීන්ට ද සුවපත් බව කිරීමට වටීයයි මෙසේ සිතා මහාසත්ත්වයෝ තමන්ගේ ආනුභාවයෙහි සිට සිතූ පරිදි පිළිපන්හ. එහෙයින්,
“අත්ථි ලොකෙ සීලගුණො, සච්චං සොචෙය්යනුද්දයා; තෙන සච්චෙන කාහාමි, සච්චකිරියමුත්තමං.
319. “අත්ථි ලොකෙ සීලගුණො සච්චං සොචෙය්ය නුද්ද යා තෙන සච්චෙ න කාහාමි සච්ච කිරිය මුත්තමං
“ආවජ්ජෙත්වා ධම්මබලං, සරිත්වා පුබ්බකෙ ජිනෙ; සච්චබලමවස්සාය, සච්චකිරියමකාසහ”න්ති.
320. “ආවජ්ජෙත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකෙ ජිනෙ සච්චබල මවස්සාය සච්චකිරිය මකාසහන්ති (චරියා පිටක)
“ලෝකයෙහි ශීලගුණය ඇත. සත්‍යය, පිරිසිදු බව, හා කරුණාව (ඇත) ඒ සත්‍ය හේතුකොට ගෙන උතුම් වූ සත්‍යක්‍රියාව කරන්නෙමි”
“(මෙසේ සිතා) පූර්වකාලයෙහි වූ බුදුවරයන් සිහිකොට ධර්මබලය ආවර්ජනා කොට ස්වකීය සත්‍ය බලයෙහි පිහිටා මම සත්‍ය ක්‍රියා කෙළෙමි’යි වදාරණ ලදී.
තත්ථ මහාසත්තො අතීතෙ පරිනිබ්බුතානං බුද්ධානං ගුණෙ ආවජ්ජෙත්වා අත්තනි විජ්ජමානං සච්චසභාවං ආරබ්භ යං ගාථං වත්වා තදා සච්චකිරියමකාසි, තං දස්සෙතුං “සන්ති පක්ඛා”තිආදි වුත්තං.
එහි යම්කලෙක්හි මහාසත්ත්වයෝ අතීතයෙහි පිරිනිවියා වූ බුදුවරුන්ගේ ගුණයන් සිහිකොට තමන් කෙරෙහි විද්‍යාමාන වූ සත්‍ය ස්වභාවය අරබයා යම් ගාථාවක් කියා එකල්හි සත්‍යක්‍රියා කළාහු ද එය දැක්වීමට “සන්ති පක්ඛා” යනාදිය කියන ලදී.
321. “සන්ති පක්ඛා අපතනා සන්ති පාදා අවඤ්ච නා මාතා පිතාච නික්ඛන්තා ජාතවෙද පටික්කමාති (චරියා පිටක)
“පියාඹා යා නොහැකි පියාපත් මට ඇත. පියවර ගමනින් යා නොහැකි පාදයෝද ඇත. මවුපියෝත් (මාහැර) නික්ම ගියෝය. එම්බා ලැව්ගින්න පහවෙව.”
තත්ථ සන්ති පක්ඛා අපතනාති මය්හං පක්ඛා නාම අත්ථි උපලබ්භන්ති, නො ච ඛො සක්කා එතෙහි උප්පතිතුං ආකාසෙන ගන්තුන්ති අපතනා. සන්ති පාදා අවඤ්චනාති පාදාපි මෙ අත්ථි, තෙහි පන වඤ්චිතුං පදවාරගමනෙන ගන්තුං න සක්කාති අවඤ්චනා. මාතාපිතා ච නික්ඛන්තාති යෙ මං අඤ්ඤත්ථ නෙය්යුං, තෙපි මරණභයෙන මම මාතාපිතරො නික්ඛන්තා. ජාතවෙදාති අග්ගිං ආලපති. සො හි ජාතොව වෙදියති, ධූමජාලුට්ඨානෙන පඤ්ඤායති, තස්මා “ජාතවෙදො”ති වුච්චති. පටික්කමාති පටිගච්ඡ නිවත්තාති ජාතවෙදං ආණාපෙති.
එහි “සන්තිපක්ඛා අපතනා” යනු මට පියාපත් නම් ඇත. විද්‍යමාන වෙයි. මේවා කරණ කොට ගෙන පනින්නට, අහසෙහි යාමට නොහැකිනුයි ඒවා වනාහි “අපතනා” වේ. “සන්ති පාදා අවඤ්චනා” යනු මට පාදයෝ ද ඇත්තාහ. ඒවායින් වනාහි මට පියවර ගමනින් යාමට නොහැක්කේනුයි “අවඤ්චනා”යි. “මාතා පිතාච නික්ඛන්තා” යනු යමෙක් මා අන් තැනකට ගෙනයෙත්ද ඒ මාගේ මවුපියෝද මරණ භයින් නික්ම ගියෝය. “ජාතවෙද” යනු ගින්න අමතයි. එය වනාහි හටගත්තේම දැනගනී. ධූමජාලාවට ස්ථානවන හෙයින් ප්‍රකට වේ. එබැවින් “ජාතවෙද” යයි කියනු ලැබේ. “පටික්කම” යනු පහවෙව, නවතුවයි ගින්නට අණ කරයි.
ඉති මහාසත්තො “සචෙ මය්හං පක්ඛානං අත්ථිභාවො, තෙ ච පසාරෙත්වා ආකාසෙ අපතනභාවො, පාදානං අත්ථිභාවො, තෙ ච උක්ඛිපිත්වා අවඤ්චනභාවො, මාතාපිතූනං මං කුලාවකෙයෙව ඡඩ්ඩෙත්වා පලාතභාවො ච සච්චසභාවභූතො එව, ජාතවෙද, එතෙන සච්චෙන ත්වං ඉතො පටික්කමා”ති කුලාවකෙ නිපන්නොව සච්චකිරියං අකාසි. තස්ස සහ සච්චකිරියාය සොළසකරීසමත්තෙ ඨානෙ ජාතවෙදො පටික්කමි. පටික්කමන්තො ච න ඣායමානොව අරඤ්ඤං ගතො, උදකෙ පන ඔපිලාපිතඋක්කා විය තත්ථෙව නිබ්බායි. තෙන වුත්තං –
මෙසේ මහාසත්ත්වයෝ ඉදින් මට පියාපත් ඇති බවත් ඒවා දිගහැර අහසෙහි යා නො හැකි බවත්, පාද ඇති බවත් ඒවා ඔසවා යා නොහැකි බවත් මවුපියන් මා කැදැල්ලෙහි හැරදමා පලාගිය බවත් යන මේ හැම සත්‍ය බවට පැමිණියේය. ජාතවේදය! මේ සත්‍යය කරණකොට ගෙන නුඹ මෙතනින් ඉවත්වෙව’යි කැදැල්ලෙහි හොත්තේම සත්‍ය ක්‍රියා කළහ. උන්වහන්සේගේ සත්‍යක්‍රියාවත් සමගම සොළොස් කිරියක් පමණ තැන ගින්න ඉවත්ව ගියේය. නික්මෙන්නේ ද දවාගෙනම වනයට නොගියේය. ජලයෙහි ගිල්වූ ගිනි හුලක් මෙන් එහිම නිවී ගියේය. එහෙයින්,
“සහ සච්චෙ කතෙ මය්හං, මහාපජ්ජලිතො සිඛී; වජ්ජෙසි සොළසකරීසානි, උදකං පත්වා යථා සිඛී”ති.
322. “සහසච්චෙ කතෙ මය්හං මහා පජ්ජලිතො සිඛී වජ්ජෙසි සොළස කරීසානි උදකං පත්වා යථා සිඛීති. (චරියා පිටක)
“මවිසින් සත්‍ය ක්‍රියා කළ වහාම මහත් සේ ඇවිලීගත් ගින්න දියට පැමිණි ගින්නක් මෙන් (නිවී ගොස්) සොළොස් කිරියක් පමණ තැන (නොදවා) හැරියේය.”
සා පනෙසා බොධිසත්තස්ස වට්ටකයොනියං තස්මිං සමයෙ බුද්ධගුණානං ආවජ්ජනපුබ්බිකා සච්චකිරියා අනඤ්ඤසාධාරණාති ආහ “සච්චෙන මෙ සමො නත්ථි, එසා මෙ සච්චපාරමී”ති. තෙනෙව හි තස්ස ඨානස්ස සකලෙපි ඉමස්මිං කප්පෙ අග්ගිනා අනභිභවනීයත්තා තං කප්පට්ඨියපාටිහාරියං නාම ජාතං.
එසමයෙහි වටු යෝනියෙහි උපන්නා වූ බෝධි සත්ත්වයන්ගේ බුදු ගුණ සිහිකිරීම පෙරදැරිකොට ඇති ඒ මේ සත්‍ය ක්‍රියාව අනන්‍ය සාධාරණය’යි “සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්ච පාරමී’ති (“සත්‍ය පාරමිතාවෙන් මා හා සමානයෙක් නැත්තේය. මේ මාගේ සත්‍ය පාරමිතාවයි”) වදාරණ ලදී. එහෙයින්ම එම ස්ථානය මේ කල්පය මුළුල්ලේම ගින්නෙන් දැවිය නොහැකි බැවින් එය “කල්පස්ථායී ප්‍රාතිහාර්‍ය්‍යයක්” නම් විය.
එවං මහාසත්තො සච්චකිරියවසෙන අත්තනො තත්ථ වාසීනං සත්තානඤ්ච සොත්ථිං කත්වා ජීවිතපරියොසානෙ යථාකම්මං ගතො.
මෙසේ මහාසත්ත්වයෝ සත්‍යක්‍රියා වශයෙන් තමාටත් එහි වැසි සියලු සත්ත්වයන්ටත් යහපතක් කොට දිවි කෙළවර කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.
තදා මාතාපිතරො එතරහි මාතාපිතරො අහෙසුං, වට්ටකරාජා පන ලොකනාථො.
එකල්හි මවුපියෝ දැන් මවුපියෝම වූහ. වටුරජ නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියොපි යථාරහං නිද්ධාරෙතබ්බා. තථා දාවග්ගිම්හි තථා භෙරවාකාරෙන අවත්ථරිත්වා ආගච්ඡන්තෙ තස්මිං වයෙ එකකො හුත්වාපි සාරදං අනාපජ්ජිත්වා සච්චාදිධම්මගුණෙ බුද්ධගුණෙ ච අනුස්සරිත්වා අත්තනො එව ආනුභාවං නිස්සාය සච්චකිරියාය තත්ථ වාසීනම්පි සත්තානං සොත්ථිභාවාපාදනාදයො ආනුභාවා විභාවෙතබ්බා.
යට කියන ලද ආකාරයටම උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝද සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේ ලැව්ගින්න එබඳු භයානක ආකාරයෙන් පැතිරගෙන එන කල්හි එබඳු වයසක හුදකලාවම සිටද කෑගැසීමට නොපැමිණ සත්‍යවාදී ධර්ම ගුණයන්ද බුදුගුණ ද සිහිකොට තමාගේ ආනුභාවය නිසාත් සත්‍ය ක්‍රියාවෙන් එහි වසන සෙසු සත්ත්වයන්ට යහපත පැමිණවීමද යන මේ ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
වට්ටපොතකචරියාවණ්ණනා නිට්ඨිතා.
නවවෙනි වට්ටක රාජ චරිතයයි.