යෙදුමෙන් කියවන්න

7. කපිරාජ චරියං

සම්පූර්ණ පරිච්ඡේදය

7. කපිරාජ චරියං

7. කපිරාජ චරියාව

307. යදා අහං කපි ආසිං නදී කූලෙ දරීසයෙ පීළිතො සුංසුමාරෙන ගමනං නලභාමිහං

307. යම් කලෙකැ මම් කපිරජ වැ උපනිම් ද එකල්හි ගංතෙරෙකැ පිහිටි ගල්ගුහායෙකැ වාසය කෙළෙම් කිඹුලකු විසින් පීඩිත වූයෙම් මම ඔබිනොබ ගමන නො ලද්මි.

308. යම‍්හොකාසෙ අහං ඨත්‍වා ඔර පාරං පතාමහං තත්‍ථච‍්ඡි සත‍්තු වධකො කුම‍්හීලො ලුද‍්ද දස‍්සනො.

308. මම් යම් පෙදෙසෙක් (ගඟ මැද පිටිපහණෙක්) හි සිට මෙතෙරින් එතෙරට පනිම්ද ඒ පිටිගල්හි සතුරු වූ වධක වූ රෞද්‍ර දර්‍ශන ඇති කිඹුලෙක් හුන්නේ ය.

309. සොමං අසංසි එහීති අහමෙමීති තං වදිං තස‍්ස මත්‍ථකමක‍්කම‍්ම පරකුලෙ පතිට‍්ඨහිං.

309. හෙතෙම ‘එව’යි මට කී යැ. මම් ‘එමි’යි ඔහුට කීයෙම්. (මම්) ඔහුගේ හිස ඇක්ම එතෙර ඉවුරෙහි පිහිටියෙමි.

310. න තස‍්ස අලිකං භණිතං යථා වාචං අකාසහං සච‍්චෙන මෙ සමො නත්‍ථි එසා මෙ සච‍්ච පාරමීති.

310. ඔහට (මවිසින්) බොරු නොකියන ලද. මම් වචනය පරිදි කෙළෙමි. සබවසින් මා හා සමයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතා යි.

කපිරාජ චරියං සත‍්තමං.

සත්වැනි කපිරජචරියාව යි.

8. සච‍්ච තාපස චරියං

8. සත්‍යතාපස චරියාව

311. පුනා පරං යදා හොමි තාපසො සච‍්චසව‍්හයො සච‍්චෙන ලොකං පාලෙසිං සමග‍්ගං ජනමකාසහන‍්ති.

311. තවද අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් සත්‍ය නම් වූ තාපස වීම් ද එකල්හි මම් සත්‍යයෙන් ලොවැ පාලනය කෙළෙමි. ජනයා සමගි කෙළෙමි.

සච‍්ච පණ‍්ඩිත චරියං අට‍්ඨමං.

අටවැනි සත්‍යතාපස චරියාව යි.