4. අධිට‍්ඨාන පාරමිතා
4. අධිෂ්ඨාන පාරමිතාව
6. තෙමිය පණ‍්ඩිත චරියං
6. තේමිය පණ්ඩිත චරියාව
288. පුනා පරං යදා හොමි කාසිරාජස‍්ස අත්‍රජො මූගපක‍්ඛොති නාමෙන තෙමියොති වදන‍්ති මං.
288. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරජහට පුත්‍ර වීම් ද එකල්හි මට නමින් ‘තේමිය’ යයි ද (ව්‍රත හෙයින්) ‘මූගපක්‍ඛ’ යයි ද (මව්පිය ආදිහු) කියති.
289. සොළසිත්‍ථි සහස‍්සානං න විජ‍්ජති පුමො තදා අහොරත‍්තානං අච‍්චයෙන නිබ‍්බත‍්තො අහමෙකකො.
289. එකල්හි (ඇතොවුර) සොළොස් දහසක් ස්ත්‍රීනට පුත්‍රයෙක් නො ලැබෙයි. නොයෙක් දවරැය (බොහෝ කල්) ඇවෑමෙන් එක් මැ මම් උපනිමි.
290. කිච‍්ඡා ලද‍්ධං පියං පුත‍්තං අභිජාතං ජුතින්‍ධරං සෙතච‍්ඡත‍්තං ධාරයිත්‍වාන සයනෙ පොසෙති මං පිතා.
290. (බොහෝ කල් පතාසිට) දුකසේ ලත් ජාතිසම්පන්න වූ කායද්‍යුතියෙන් හා ඥානද්‍යුතියෙන් හා සමන්‍විත වූ ප්‍රිය පුත්‍ර වූ මා ම–පිය වූ කසීරජ සේසත් නඟා සිරියහන් හි හොවා පෝෂණය කෙරෙයි.
291. නිද‍්දායමානො සයනවරෙ පබුජ‍්ඣිත්‍වානහං තදා අද‍්දසං පණ‍්ඩරං ඡත‍්තං යෙනාහං නිරයං ගතො.
291. එකල්හි මේ උතුම් වූ සිරියහන්හි නිදා පිබිද එයින් පෙර තෙවැනි අත්බැවැ මම යම් සේසතක් කරණ කොට ගෙන නිරයට ගියෙම් ද, ඒ සේසත දිටිමි.
292. සහදිට‍්ඨස‍්ස මෙ ඡත‍්තං තාසො උප‍්පජ‍්ජි භෙරවො විනිච‍්ඡයං සමාපන‍්නො කදාහං ඉමං මුඤ‍්චිස‍්සං.
292. ඒ සේසත දුටු මට දක්නා හා මැ බිය එළවන ත්‍රාසයෙක් උපන. කිසෙයින් මම මෙ රජය හැරපියම් දැ’යි විචාරණයට පැමිණියෙමි.
293. පුබ‍්බසාලොහිතා මය‍්හං දෙවතා අත්‍ථකාමිනී සාමං දිස‍්වාන දුක‍්ඛිතං තීසු ඨානෙසු යොජයී.
293. මට පෙර අත්බැවෙක සහලේ (මෑණි) වූ වැඩ කැමැති සේසතැ වෙසෙන දෙව් දුවක් වූ ද, ඕ තොමෝ (චෛතසික දුකින්) දුප්පත් වූ මා දැක තුන් කරුණෙක්හි යෙද වූ යැ.
294. මාපණ‍්ඩිච‍්චං විහාය බාලමතො භව සබ‍්බපාණිනං සබ‍්බො ජනො ඔචිනායතු එවං තව අත්‍ථො භවිස‍්සති.
294. පණ්ඩිත බව නහමක් පාළ කරව. සියලු සත්ත්‍වයන් විසින් ‘බාලයෙකැ’යි දන්නා ලදුයෙහි වෙව, (ඇතුළත පිටත) සියලු ජන තෙමේ (මූ බැහැර ලවයි) අවඥා කෙරේවා, මෙසේ කල්හි තොපට වැඩෙක් වන්නේ ය.
295. එවං වුත‍්තාය හං තස‍්සා ඉදං වචනමබ්‍රවිං කරොමි තෙ නං වචනං යං ත්‍වං භණසි දෙවතෙ අත්‍ථකාමාසි මෙ අම‍්ම! හිතකාමාසි දෙවතෙ!.
295. මෙසේ කී ඒ දෙව්දුවට මම් මෙ වදන් කීම්, දෙවිය, තෝ යම් බසක් කියෙහි නම්, තී ගේ එ වචනය කෙරෙමි. මෑණියනි, දෙවිය (තෙපි) මට වැඩ කැමැතියව, සුව කැමැතියව.
296. තස‍්සාහං වචනං සුත්‍වා සාගරෙව ථලං ලභිං හට‍්ඨො සංවිග‍්ගමානසො තයො අඞ‍්ගෙ අධිට‍්ඨහිං.
296. මම් ඇගේ බස් අසා සාගරයෙහි ගැලෙන්නක්හු ගොඩබිමක් සෙයින් ප්‍රතිෂ්ඨා ලද්මි. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් තුන් අඟ ඉටා ගතිමි.
297. මූගො අහොසිං බධිරො පක‍්ඛො ගති විවජ‍්ජිතො එතෙ අඞ‍්ගෙ අධිට‍්ඨාය වස‍්සානං සොළසං වසිං.
297. (නොගොළු වැ) ගොළු වීමි. (නො බිහිරි වැ) බිහිරි වීමි. (නො පිළු වැ) හළ ගමන් ඇති පිළු වීමි. තෙල තුන් අඟ ඉටාගෙන සොළොස් හවුරුද්දක් විසීමි.
298. තතො මෙ හත්‍ථපාදෙ ච ජිව‍්හං සොතඤ‍්ච මද‍්දිය අනූනතං මෙ පස‍්සිත්‍වා කාලකංණීති නින්‍දිසුං
298. ඉක්බිති මාගේ අත්පා ද දිව ද කන ද මැඩ (විමසා) මාගේ අවිකල බව දැක මේ තෙම කාලකණ්ණියෙකැ යි නිගා කළහ.
299. තතො ජානපදා සබ‍්බෙ සෙනාපති පුරොහිතා සබ‍්බෙ එකමනා හුත්‍වා ඡඩ‍්ඩනං අනුමොදිසුං.
299. අනතුරු වැ සියලු දනව් වැසියෝ ද සෙනෙවි පෙරෙවි ජනයෝ ද යන සියල්ලෝ එක්සිත් වැ මා බැහැර කිරීම අනුමෝදන් වූහ.
300. සොහං තෙසං මතිං සුත්‍වා හට‍්ඨො සංවිග‍්ගමානසො යස‍්සත්‍ථාය තපො චිණ‍්ණො සොමෙ අත්‍ථො සමිජ‍්ඣථ.
300. එ මම් ඔවුන් ගේ අධිප්‍රාය අසා සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇති වීමි. යම් කරුණක් සඳහා (මූගහාවාදි ව්‍රත සඞ්ඛ්‍යාත) තපස පිරුයෙම් ද මාගේ එ අර්‍ත්‍ථය සමෘද්ධ වී.
301. නහාපෙත්‍වා අනුලිම‍්පිත්‍වා වෙඨෙත්‍වා රාජවෙඨනං ඡත‍්තෙන අභිසිඤ‍්චීත්‍වා කාරෙසුං පුර පදක‍්ඛිණං.
301. ගඳ දියෙන් මා නහවා විලෙවුන් ගල්වා රජවොටුනු හිස පළඳවා රාජාභිෂේකයෙන් අභිෂේක කොට සේසතින් යුක්ත කොට නුවර පැදකුණු කරවූහ.
302. සත‍්ත හං ධාරයිත්‍වාන උග‍්ගතෙ රවිමණ‍්ඩලෙ රථෙන මං නීහරිත්‍වා සාරථී වනමුපාගමී.
302. සතියක් මුළුල්ලෙහි සේසත් දරා රිවිමඬුලු උදාවූ ඇසිල්ලෙහි රියදුරු තෙමේ රියෙකින් මා බැහැර කොට මහවනයට එළැඹියේ ය.
303. එකොකාසෙ රථං කත්‍වා සජ‍්ජස‍්සං හත්‍ථමුඤ‍්චිතො සාරථී ඛණතී කාසුං නිඛාතුං පඨවියා මමං
303. යෙදූ අසුන් ඇති රිය එක්පසෙකැ නවතා අතින් (මා) මුදා ලූ රියදුරු තෙම පාථිවියෙහි (මා) වළලන්නට වළක් කනී.
304. අධිට‍්ඨිතමධිට‍්ඨානං තජ‍්ජෙන‍්තො විවිධකරණා නාභින්‍දිං වතමධිට‍්ඨානං බොධියා යෙව කාරණා.
304. විවිධ වූ කාරණයෙන් තර්‍ජනය කරනු ලබනුයෙම් සම්‍යක් සම්බෝධිය මැ කරුණු කොට ඉටාගත් අධිෂ්ඨාන සඞ්ඛ්‍යාත ව්‍රතාධිෂ්ඨානය නො බින්දෙමි.
305. මාතා පිතා න මෙ දෙස‍්සා අත‍්තා මෙ න ච දෙස‍්සියො සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා වතමධිට‍්ඨහිං.
305. මට මවුපිය දෙදෙන ද්වේෂ්‍ය නො වෙති. මට ආත්මය අප්‍රිය වූයේ නො ද වෙයි. යම් හෙයකින් මට සර්‍වඥතාඥානය ප්‍රිය වී ද එහෙයින් ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
306. එතෙ අඞ‍්ගෙ අධිට‍්ඨාය වස‍්සානි සොළසිං වසිං අධිට‍්ඨානෙන සමො නත්‍ථි එසා මෙ අධිට‍්ඨානපාරමීති.
306. තෙල මූගභාවාදි අඞ්ගයන් ඉටාගෙන සොළොස් වසක් විසීමි. අධිෂ්ඨානයෙන් මා හා සම වූයෙක් නැති. තෙල මාගේ අධිෂ්ඨාන පාරමිතාව යි.
තෙමිය චරියං ඡට‍්ඨමං.
සවැනි වූ තේමිය පණ්ඩිත චරියා යි.
අධිට‍්ඨානපාරමිතා නිට‍්ඨිතා.
අධිෂ්ඨාන පාරමිතා නිමි.