යෙදුමෙන් කියවන්න

5. සොණපණ‍්ඩිත චරියං

5. සොණපණ‍්ඩිත චරියං

5. සෝණපණ්ඩිත චරියාව

282. පුනාපරං යදා හොමි නගරෙ බ්‍රහ‍්මවඩ‍්ඪනෙ තත්‍ථ කුලවරෙ සෙට‍්ඨෙ මහාසාළෙ අජායහං

282. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් ‘බ‍්‍රහ්මවඩ්ඪන’ නම් නගරයෙහි උපනිම් ද එකල්හි මම් එහි ශ්‍රේෂ්ඨ වූ අග‍්‍ර වූ මහාසාර කුලයෙකැ උපනිමි.

283. තදාපි ලොකං දිස‍්වාන අන්‍ධභූතං තමොත්‍ථතං චිත‍්තං භවතො පතිකුටති තුත‍්තවෙගහතං විය

283. එකල්හි දු (පැනැස නැතියෙන්) අඳ වූ අවිදු අඳුරු වතළ ලොව දැක තෝමරයෙන් පෙළන ලද සෙයින් සිත භවයෙන් හැකිළෙයි.

284. දිස‍්වාන විවිධං පාපං එවං චින‍්තෙසහං තදා කදාහං ගෙහා නික‍්ඛම‍්ම පවිසිස‍්සාමි කානනං.

284. එකල්හි මම් නොයෙක් පව්කම් දැක මෙසේ සිතීමි. ‘කිකලෙකැ මම් ගිහිගෙන් නික්මැ වල්වදිම් දැ’ යි.

285. තදාපි මං නිමන‍්තිංසු කාමභොගෙහි ඤාතයො තෙසම‍්පි ඡන්‍දමාචික‍්ඛිං මානිමන‍්තෙථ තෙහි මං

285. එකල්හි දු (මාගේ) නෑයෝ කාමභෝගයෙන් මා නිමන්ත‍්‍රණය කළහ. ‘ඒ කාමයෙන් නහමක් මා නිමන්ත‍්‍රණය කරව’යි ඔවුනට දු (මාගේ) ඡන්‍දය කීමි.

286. යොමෙ කණිට‍්ඨකො භාතා නන්‍දොනාමාසි පණ‍්ඩිතො සොපි මං අනුසික‍්ඛන‍්තො පබ‍්බජ‍්ජං සමරොචයී.

286. මට පණ්ඩිත වූ ‘නන්‍ද’ නම් යම් කනිටු බෑයෙක් වී නම් හෙ ද මා අනුව හික්මෙමින් පැවිද්ද රිසි වී.

287. අහං සොණො ච නන්‍දො ච උභො මාතා පිතා මම තදාපි භොගෙ ඡඩ‍්ඩෙත්‍වා පාවිසිම‍්හා මහාවනන‍්ති.

287. මම ද සෝණ ද නන්‍ද ද මාගේ මාපිය දෙදෙන ද යන ඇපි එකල්හි දු භෝගයන් හැරපියා මහවනයට පිවිසියම්හ’ යි.

සොණපණ‍්ඩිත චරියං පඤ‍්චමං.

පස්වැනි සෝණපණ්ඩිත චරියා යි.

නෙක‍්ඛම‍්මපාරමිතා නිට‍්ඨිතා.

නෛෂ්ක‍්‍රම්‍ය පාරමිතා නිමි.