5. සොණපණ්ඩිතචරියාවණ්ණනා අට්ඨකථා
5. සොණපණ්ඩිතචරියාවණ්ණනා
5. සෝණපණ්ඩිත චරියා වර්ණනාව
282. “පුනාපරං යදාහොමි නගරෙ බ්රහ්මවඩ්ඪ නෙ තත්ථ කුලවරෙ සෙට්ඨෙ මහාසාළෙ අජායහං” (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම බ‍්‍රහ්මවඩ්ඪන නම් නුවර අග්රකුලය වූ ශ්‍රේෂ්ඨ වූ මහාසාර කුලයෙහි උපන්නෙම්ද”
පඤ්චමෙ නගරෙ බ්රහ්මවඩ්ඪනෙති බ්රහ්මවඩ්ඪනනාමකෙ නගරෙ. කුලවරෙති අග්ගකුලෙ. සෙට්ඨෙති පාසංසතමෙ. මහාසාලෙති මහාසාරෙ. අජායහන්ති අජායිං අහං. ඉදං වුත්තං හොති – තස්මිං කාලෙ “බ‍්‍රහ්මවඩ්ඪන”න්ති ලද්ධනාමෙ බාරාණසිනගරෙ යදා හොමි භවාමි පටිවසාමි, තදා අභිජාතසම්පත්තියා උදිතොදිතභාවෙන අග්ගෙ විජ්ජාවතසම්පත්තියා සෙට්ඨෙ අසීතිකොටිවිභවතාය මහාසාලෙ බ්රාහ්මණකුලෙ අහං උප්පජ්ජින්ති.
පස්වෙනි (සෝන පණ්ඩිත චරිතයෙහි) “නගරෙ බ්රහ්මවඩ්ඪනෙ” යනු බ්‍රහ්මවර්ධන නම් වූ නගරයෙහි. “කුලවරෙ” යනු අග්රකුලයෙහි. “සෙට්ඨෙ” යනු අතිශයින් ප්‍රශංසා කටයුතු “මහාසාළෙ” යනු මහා ධනවත්, “අජායහං” යනු “අජායිං අහං” (මම උපන්නෙමි) මෙය කියන ලද්දේ වෙයි. ඒ කාලයෙහි බ‍්‍රහ්මවඩ්ඪන යයි ලැබූ නම් ඇති බරණැස් නගරයෙහි යම්කලෙක වෙමිද, උපන්නෙමි ද, වසම් ද, එකල්හි හටගත් සම්පත්තියෙන් අතිශයින් ප්‍රසිද්ධ වීම් වශයෙන් අග්‍ර වූ, විද්‍යාවෙන් හා ව්‍රත සම්පත්තියෙන් ශ්‍රේෂ්ඨ වූ, අසූ කෙළක් ධනය ඇති මහා ධනවත් ඒ බ්‍රාහ්මණ කුලයෙහි මම උපන්නෙමි’යි
තදා හි මහාසත්තො බ්රහ්මලොකතො චවිත්වා බ්රහ්මවඩ්ඪනනගරෙ අසීතිකොටිවිභවස්ස අඤ්ඤතරස්ස බ්රාහ්මණමහාසාලස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස නාමග්ගහණදිවසෙ “සොණකුමාරො”ති නාමං කරිංසු. තස්ස පදසා ගමනකාලෙ අඤ්ඤොපි සත්තො බ්රහ්මලොකා චවිත්වා බොධිසත්තස්ස මාතුයා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. තස්ස ජාතස්ස “නන්දකුමාරො”ති නාමං කරිංසු. තෙසං උග්ගහිතවෙදානං සබ්බසිප්පනිප්ඵත්තිප්පත්තානං වයප්පත්තානං රූපසම්පදං දිස්වා තුට්ඨහට්ඨා මාතාපිතරො “ඝරබන්ධනෙන බන්ධිස්සාමා”ති පඨමං සොණකුමාරං ආහංසු – “තාත, තෙ පතිරූපකුලතො දාරිකං ආනෙස්සාම, ත්වං කුටුම්බං පටිපජ්ජාහී”ති.
එකල්හි වනාහි මහාසත්ත්වයෝ බ්‍රහ්ම ලෝකයෙන් චුතව බ‍්‍රහ්මවඩ්ඪන නගරයෙහි අසූ කෙළක් සම්පත් ඇති එක්තරා මහාසාර බ්‍රාහ්මණයෙකුගේ පුතා වී උපන්හ. ඔහුට නම් තබන දවසෙහි “සෝණ කුමාර” යයි නම් තැබූහ. ඔහු පියවර නගා ඇවිදින කල්හි අනිකුත් සත්ත්වයෙක් බ්‍රහ්ම ලෝකයෙන් චුතව බෝධිසත්ත්වයන්ගේ මෑණියන් කුස පිළිසිඳ ගත්තේය. ඔහුට “නන්ද කුමාර” යයි නම් කළහ. උගත්වේද ඇති සියලු ශිල්පයෙහි පරතෙරට පැමිණි, වැඩිවියට පත් ඔවුන්ගේ රූපශ්‍රී දැක තුටු පහටු වූ මවුපියෝ “අපි ඔවුන් ගෘහ බන්ධනයෙන් බඳින්නෙමු”යි පළමුව සෝණ කුමාරයාට “දරුව, නුඹට සුදුසු කුලයකින් දැරියක ගෙනෙන්නෙමු නුඹ කුටුම්බය (පවුලක්) පිහිටුවවයි කීහ.
මහාසත්තො “අලං මය්හං ඝරාවාසෙන, අහං යාවජීවං තුම්හෙ පටිජග්ගිත්වා තුම්හාකං අච්චයෙන පබ්බජිස්සාමී”ති ආහ. මහාසත්තස්ස හි තදා තයොපි භවා ආදිත්තං අගාරං විය අඞ්ගාරකාසු විය ච උපට්ඨහිංසු. විසෙසතො පනෙස නෙක්ඛම්මජ්ඣාසයො නෙක්ඛම්මාධිමුත්තො අහොසි. තස්ස අධිප්පායං අජානන්තා තෙ පුනප්පුනං කථෙන්තාපි තස්ස චිත්තං අලභිත්වා නන්දකුමාරං ආමන්තෙත්වා “තාත, තෙන හි ත්වං කුටුම්බං පටිපජ්ජාහී”ති වත්වා තෙනාපි “නාහං මම භාතරා ඡඩ්ඩිතඛෙළං සීසෙන උක්ඛිපාමි, අහම්පි තුම්හාකං අච්චයෙන භාතරා සද්ධිං පබ්බජිස්සාමී”ති වුත්තෙ “ඉමෙ එවං තරුණා කාමෙ ජහන්ති, කිමඞ්ගං පන මයන්ති සබ්බෙව පබ්බජිස්සාමා”ති චින්තෙත්වා “තාත, කිං වො අම්හාකං අච්චයෙන පබ්බජ්ජාය, සබ්බෙ සහෙව පබ්බජාමා”ති වත්වා ඤාතීනං දාතබ්බයුත්තකං දත්වා දාසජනං භුජිස්සං කත්වා රඤ්ඤො ආරොචෙත්වා සබ්බං ධනං විස්සජ්ජෙත්වා මහාදානං පවත්තෙත්වා චත්තාරොපි ජනා බ්රහ්මවඩ්ඪනනගරා නික්ඛමිත්වා හිමවන්තප්පදෙසෙ පදුමපුණ්ඩරීකමණ්ඩිතං මහාසරං නිස්සාය රමණීයෙ වනසණ්ඩෙ අස්සමං මාපෙත්වා පබ්බජිත්වා තත්ථ වසිංසු. තෙන වුත්තං –
මහාසත්ත්වයෝ “මට ගෘහවාසයෙන් කම් නැත. මම දිවි ඇතිතෙක් නුඹ වහන්සේලා පෝෂණය කොට නුඹවහන්සේලාගේ ඇවෑමෙන් පැවිදි වන්නෙමි’යි කීහ. මහාසත්ත්වයන්ට වනාහි භවත්‍රය ගිනිගත් ගෙයක් මෙන් ද අඟුරුවළක් මෙන්ද වැටහුනේය. විශේෂයෙන් වනාහි බෝධිසත්ත්වයෝ ගිහිගෙයින් නික්මීමේ අදහස ඇත්තේ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාහු වූහ. එතුමන්ගේ අදහස නොදන්නා වූ ඔවුහු නැවත නැවත කියන්නාහුද ඔහුගේ සිත් නොලැබ නන්ද කුමාරයා අමතා “දරුව, එසේනම් නුඹ කුටුම්බය පිහිටුවව’යි කියා ඔහු විසින්ද “මම මගේ සොහොයුරා ඉවත දැමූ කෙළපිඬ හිසින් නොඔසවමි, මම ද ඔබලාගේ ඇවෑමෙන් සහෝදරයා සමග පැවිදි වන්නෙමි’යි කී කල්හි මේ තරුණයෝ මෙසේ කාමයන් අත් හරිති, මහළු වියට පත් අප ගැන කියනුම කවරේද? අපි සියල්ලෝම පැවිදි වන්නෙමු’යි සිතා “දරුව, නුඹලාට අපේ ඇවෑමෙන් පැවිදි වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? සියල්ලෝම එක්වරම පැවිදි වෙමු’යි කියා ඥාතීන්ට දියයුතු දේ දී දාසජනයා නිදහස් කොට රජුට දන්වා සියලු ධනය පරිත්‍යාග කොට මහදන් පවත්වා සිවුදෙනාම බ‍්‍රහ්මවඩ්ඪන නගරයෙන් නික්ම හිමාලය ප්‍රදේශයෙහි පියුමෙන් හා හෙළ පියුමෙන් සැදුම් ලද මහ විලක් ඇසුරු කොට සිත්කලු වන ලැහැබෙක අසපුවක් කොට පැවිදිව එහි විසූහ. එහෙයින් වදාරණ ලදී:-
“තදාපි ලොකං දිස්වාන, අන්ධීභූතං තමොත්ථටං; චිත්තං භවතො පතිකුටති, තුත්තවෙගහතං විය.
283. “තදාපි ලොකං දිස්වාන අන්ධභූතං තමොත්ථටං චිත්තං භවතො පතිකුටති තුත්තවෙගහතං විය
“දිස්වාන විවිධං පාපං, එවං චින්තෙසහං තදා; කදාහං ගෙහා නික්ඛම්ම, පවිසිස්සාමි කානනං.
284. “දිස්වාන විවිධං පාපං එවං චින්තෙසහං තදා කදාහංගෙහා නික්ඛම්ම පවිසිස්සාමි කානනං
“තදාපි මං නිමන්තිංසු, කාමභොගෙහි ඤාතයො; තෙසම්පි ඡන්දමාචික්ඛිං, මා නිමන්තෙථ තෙහි මං.
285. “තදාපි මං නිමන්තිංසු කාමභොගෙහි ඤාතයො තෙසම්පි ඡන්දමාචික්ඛිං මා නිමන්තෙ ථ තෙන මං
“යො මෙ කනිට්ඨකො භාතා, නන්දො නාමාසි පණ්ඩිතො; සොපි මං අනුසික්ඛන්තො, පබ්බජ්ජං සමරොචයි.
286. “යො මෙ කනිට්ඨ කො භාතා නන්දො නාමාසි පණ්ඩිතො සොපි මං අනුසික්ඛන්තො පබ්බජ්ජං සමරොචයි.
“අහං සොණො ච නන්දො ච, උභො මාතාපිතා මම; තදාපි භොගෙ ඡඩ්ඩෙත්වා, පාවිසිම්හා මහාවන”න්ති.
287. “අහං සොණොච නන්දොච උභො මාතා පිතා මම තදාපි භොගෙ ඡඩ්ඪෙත්වා පාවිසිම්හ මහාවනන්ති. (චරියා පිටක)
“එකල්හිද අන්ධ වූ, අන්ධකාරයෙන් මඩනා ලද ලෝකය දැක අංකුසයෙන් වේගයෙන් අනින ලද (ඇතෙකු) මෙන් (මගේ) සිත (කාමාදි) භවයෙන් හැකිළෙයි.
විවිධාකාර වූ පාපයන් දැක “කවර කලෙක්හි ගිහිගෙයින් නික්ම මහවනයට පිවිසෙන්නෙමිදැයි එකල්හි මම මෙසේ සිතුවෙමි. එකල්හිද නෑයෝ කාම පරිභෝගයෙන් මා කැඳවූහ. ඉන් මා නොපොළඹ වව්’ යයි ඔවුන්ටද මගේ අදහස දැන්වීමි.
මට බාල වූ, පණ්ඩිත වූ නන්ද නම් යම් සහෝදරයෙක් වූයේ ද හෙතෙමේ ද මා අනුව හික්මෙන්නේ පැවිද්දට කැමති විය.
එකල්හි සෝණ නම් වූ මම ද නන්ද තෙමේ ද මාගේ මවුපිය දෙදෙන ද යන අපි සම්පත් හැරදමා මහවනයට පිවිසියෙමු.
තත්ථ තදාපීති යදා අහං බ්රහ්මවඩ්ඪනනගරෙ සොණො නාම බ්රාහ්මණකුමාරො අහොසිං, තදාපි. ලොකං දිස්වානාති සකලම්පි සත්තලොකං පඤ්ඤාචක්ඛුනා පස්සිත්වා. අන්ධීභූතන්ති පඤ්ඤාචක්ඛුවිරහෙන අන්ධජාතං අන්ධභාවං පත්තං. තමොත්ථටන්ති අවිජ්ජන්ධකාරෙන අභිභූතං. චිත්තං භවතො පතිකුටතීති ජාතිආදිසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන කාමාදිභවතො මම චිත්තං සඞ්කුටති සන්නිලීයති න විසරති. තුත්තවෙගහතං වියාති තුත්තං වුච්චති අයොකණ්ටකසීසො දීඝදණ්ඩො, යො පතොදොති වුච්චති. තෙන වෙගසා අභිහතො යථා හත්ථාජානීයො සංවෙගප්පත්තො හොති, එවං මම චිත්තං තදා කාමාදීනවපච්චවෙක්ඛණෙන සංවෙගප්පත්තන්ති දස්සෙති.
එහි “තදාපි” යනු යම්කලෙක මම බ‍්‍රහ්මවඩ්ඪන නගරයෙහි සෝණ නම් බ්‍රාහ්මණ කුමාරයා වීම්ද, “තදාපි ලොකං දිස්වාන” යනු සියලු සත්ත්ව ලෝකය පැණැසින් දැක “අන්ධභූතං” යනු පැණැස නැති බැවින් අන්ධ වූ නැතහොත් අන්ධභාවයට පත්වූ, “තමොත්ථටං” යනු අවිද්‍යා අන්ධකාරයෙන් මඩනා ලද “චිත්තං භවතො පතිකුටති” යනු ජාති ආදී සංවේග වස්තුන් ප්රත්යවේක්ෂා කිරීමෙන් කාමාදි භවයෙන් මාගේ සිත හැකිළෙයි. සැඟවෙයි. නො හැසිරෙයි “තුත්තවෙගහතං විය” තුත්ත යනු මුදුනෙහි යකඩ උලක් සහිත දිග දණ්ඩකි. එය “පතොද” යයිද කියනු ලැබේ. එයින් වේගයෙන් අනින ලද්දේ යම්සේ උතුම් ඇතෙක් සංවේගයට පත්වූයේ වේද, එසේ මගේ සිත එකල්හි කාමාදීනව සිහි කිරීමෙන් සංවේගයට පත්වූයේ යයි දක්වයි.
දිස්වාන විවිධං පාපන්ති ගෙහං ආවසන්තෙහි ඝරාවාසනිමිත්තං ඡන්දදොසාදිවසෙන කරීයමානං නානාවිධං පාණාතිපාතාදිපාපකම්මඤ්චෙව තන්නිමිත්තඤ්ච නෙසං ලාමකභාවං පස්සිත්වා. එවං චින්තෙසහං තදාති “කදා නු ඛො අහං මහාහත්ථී විය අයබන්ධනං ඝරබන්ධනං ඡින්දිත්වා ගෙහතො නික්ඛමනවසෙන වනං පවිසිස්සාමී”ති එවං තදා සොණකුමාරකාලෙ චින්තෙසිං අහං. තදාපි මං නිමන්තිංසූති න කෙවලං අයොඝරපණ්ඩිතාදිකාලෙයෙව, අථ ඛො තදාපි තස්මිං සොණකුමාරකාලෙපි මං මාතාපිතුආදයො ඤාතයො කාමභොගිනො කාමජ්ඣාසයා “එහි, තාත, ඉමං අසීතිකොටිධනං විභවං පටිපජ්ජ, කුලවංසං පතිට්ඨාපෙහී”ති උළාරෙහි භොගෙහි නිමන්තයිංසු. තෙසම්පි ඡන්දමාචික්ඛින්ති තෙසම්පි මම ඤාතීනං තෙහි කාමභොගෙහි මා මං නිමන්තයිත්ථාති අත්තනො ඡන්දම්පි ආචික්ඛිං, පබ්බජ්ජාය නින්නජ්ඣාසයම්පි කථෙසිං, යථාජ්ඣාසයං පටිපජ්ජථාති අධිප්පායො.
“දිස්වාන විවිධං පාපං” යනු ගිහිගෙයි වසන්නහු විසින් ගෘහවාසය නිමිති කොට ඡන්ද ද්වේෂ ආදී වශයෙන් කරනු ලබන විවිධ ආකාර වූ ප්‍රාණඝාතාදී පාපකර්ම මෙන්ම ඒ නිමිතිකොට ගෘහස්ථයන්ගේ ළාමක බවද දැක “එවං චින්තෙසහං තදා” යනු “මම කවදා නම් යදම් සිඳ මහවනයට පිවිසෙන මහ ඇතෙකු මෙන් ගෘහබන්ධන සිඳ ගිහිගෙයින් නික්මීම් වශයෙන් වනයට පිවිසෙන්නෙම්ද. මෙසේ එකල්හි සෝණකුමාර කාලයෙහි මම සිතුවෙමි. “තදාපි මං නිමන්තිංසු” යනු හුදෙක් “අයෝඝරපණ්ඩිත” ආදී කාලයන්හි පමණක් නොවේ. ඉක්බිති එදා සෝණකුමාර කාලයේද මවුපිය ආදී කාමභෝගී කාමාධ්යාශ ඇති ඥාතීහු “දරුව, එව, මේ අසූකෙළක් ධන සම්පත් පිළිපදුව. කුලවංශය පිහිටුවව’යි උදාර සම්පත්තීන්ගෙන් ආරාධනා කළහ. “තෙසම්පි ඡන්දං ආචික්ඛිං” යනු ඒ ඥාතීන්ටද ඒ කාම සම්පත්තීන්ගෙන් මට ආරාධනා නොකරව් යයි තමාගේ කැමැත්ත ද කීවෙමි. පැවිද්දට නැඹුරු වූ අදහස ද කීවෙමි. අදහස් පරිදි පිළිපදිව් යන අදහසයි.
සොපි මං අනු සික්ඛන්තොති “ඉමෙ කාමා නාම අප්පස්සාදා බහුදුක්ඛා බහූපායාසා”තිආදිනා (ම· නි· 1.234; 2.43-45; පාචි·417) නයෙන නානප්පකාරං කාමෙසු ආදීනවං පච්චවෙක්ඛිත්වා යථාහං සීලාදීනි සික්ඛන්තො පබ්බජ්ජං රොචෙසිං. සොපි නන්දපණ්ඩිතො තථෙව තස්ස නෙක්ඛම්මෙන මං අනුසික්ඛන්තො පබ්බජ්ජං සමරොචයීති. අහං සොණො ච නන්දො චාති තස්මිං කාලෙ සොණනාමකො අහං මය්හං කනිට්ඨභාතා නන්දො චාති. උභො මාතාපිතා මමාති “ඉමෙ නාම පුත්තකා එවං තරුණකාලෙපි කාමෙ ජහන්ති, කිමඞ්ගං පන මය”න්ති උප්පන්නසංවෙගා මාතාපිතරො ච. භොගෙ ඡඩ්ඩෙත්වාති අසීතිකොටිවිභවසමිද්ධෙ මහා භොගෙ අනපෙක්ඛචිත්තා ඛෙළපිණ්ඩං විය පරිච්චජිත්වා මයං චත්තාරොපි ජනා හිමවන්තප්පදෙසෙ මහාවනං නෙක්ඛම්මජ්ඣාසයෙන පවිසිම්හාති අත්ථො.
“සොපි මං අනුසික්ඛන්තො” යනු “මේ කාමයෝ නම් අල්ප වූ ආස්වාද ඇත්තාහුය. බොහෝ දුක් ඇත්තෝය, බොහෝ සිත් තැවුල් ඇති කරන්නෝය” ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ ආදීනව නුවණින් සිහිකොට යම්සේ මම ශීලාදිය රකින්නෙම් පැවිද්ද කැමතිවීම්ද ඒ නන්ද පණ්ඩිත තෙමේද එසේම ඔහුගේ ගිහිගෙයින් නික්මීමෙන් මා අනුව හික්මෙන්නේ “පබ්බජ්ජං සමරොචයී” පැවිද්ද කැමති වීය යනුයි. “අහං සොණොච නන්දොච” යනු ඒ කාලයෙහි සෝණ නම් වූ මම ද, මගේ බාල සොහොයුරු නන්ද ද යනුයි. “උභො මාතා පිතා මම” යනු “මේ පුත්‍රයෝ නම් මෙසේ තරුණ කාලයේම කාමයන් අත්හරිති. අප ගැන කියනුම කවරේදැයි උපන් සංවේග ඇති මාගේ මවුපියෝ ද, “භොගෙ ජඩ්ඪෙත්වා” යනු අසූ කෝටියක් ධනයෙන් සමෘද්ධ වූ මහා සම්පත්හි බලාපොරොත්තු රහිත සිත් ඇත්තාහු කෙළ පිඬක් මෙන් පරිත්‍යාග කොට අපි සතර දෙනාම හිමාලය ප්‍රදේශයෙහි මහ වනයට ගිහිගෙයින් නික්මීමේ අදහසින් පිවිසියෙමු යන අර්ථයයි.
පවිසිත්වා ච තෙ තත්ථ රමණීයෙ භූමිභාගෙ අස්සමං මාපෙත්වා තාපසපබ්බජ්ජාය පබ්බජිත්වා තත්ථ වසිංසු. තෙ උභොපි භාතරො මාතාපිතරො පටිජග්ගිංසු. තෙසු නන්දපණ්ඩිතො “මයා ආභතඵලාඵලානෙව මාතාපිතරො ඛාදාපෙස්සාමී”ති හිය්යො ච පුරිමගොචරගහිතට්ඨානතො ච යානි තානි අවසෙසානි ඵලාඵලානි පාතොව ආනෙත්වා මාතාපිතරො ඛාදාපෙති. තෙ තානි ඛාදිත්වා මුඛං වික්ඛාලෙත්වා උපොසථිකා හොන්ති. සොණපණ්ඩිතො පන දූරං ගන්ත්වා මධුරමධුරානි සුපක්කානි ආහරිත්වා උපනාමෙති. අථ නං තෙ “තාත, කනිට්ඨෙන ආභතානි මයං ඛාදිත්වා උපොසථිකා ජාතා, ඉදානි නො අත්ථො නත්ථී”ති වදන්ති. ඉති තස්ස ඵලාඵලානි පරිභොගං න ලභන්ති විනස්සන්ති, පුනදිවසාදීසුපි තථෙවාති, එවං සො පඤ්චාභිඤ්ඤතාය දූරම්පි ගන්ත්වා ආහරති, තෙ පන න ඛාදන්ති.
පිවිස ඔවුහු එහි සිත්කලු බිම් පෙදෙසක අසපුවක් මවා තාපස පැවිද්දෙන් පැවිදිව එහි විසූහ. ඒ සහෝදරයෝ දෙදෙනාම මවුපියන් පෝෂණය කළහ. ඔවුන් අතුරෙන් නන්ද පණ්ඩිතයෝ මවිසින් ගෙනෙන ලද ඵලාඵලම මවුපියන්ට අනුභව කරවන්නෙමි’යි ඊයේද පළමු ගොදුරුගත් තැනින්ද යම් ඒ ඉතිරි වූ ඵලාඵල වේ නම් ඒවා උදෑසනම ගෙනවිත් මවුපියන්ට අනුභව කරවති. ඔවුහුද ඒවා අනුභව කොට මුවසෝදා පෙහෙවස් සමාදන් වූවෝ වෙති. සෝණ පණ්ඩිතයෝ වනාහි දුරට ගොස් මිහිරි මිහිරි වූ මැනවින් ඉදුණු පලවැල ගෙනවිත් එළවති. (දෙති) ඉක්බිති ඔවුහු ඔහුට “දරුව, මලණුවන් විසින් ගෙනෙන ලද පලවැල අනුභව කොට පෙහෙවස් සමාදන්වූවෝ වෙමු. දැන් අපට පලවැලින් ප්‍රයෝජනයක් නැතැයි කියති. මෙසේ ඔහුගේ ඵලාඵල පරිභෝගයක් නො ලබයි. ඒවා විනාශ වෙයි. ඊළග දිනයන්හිද එසේම වෙයි. මෙසේ හෙතෙම පඤ්චාභිඥාලාභී හෙයින් දුරටද ගොස් ඵලාඵල ගෙන එයි. ඔවුහු වනාහි අනුභව නොකරති.
අථ මහාසත්තො චින්තෙසි – “මාතාපිතරො සුඛුමාලා, නන්දො ච යානි තානි අපක්කානි දුප්පක්කානි ඵලාඵලානි ආහරිත්වා ඛාදාපෙති, එවං සන්තෙ ඉමෙ න චිරං පවත්තිස්සන්ති, වාරෙස්සාමි න”න්ති. අථ නං ආමන්තෙත්වා “නන්ද, ඉතො පට්ඨාය ඵලාඵලං ආහරිත්වා මමාගමනං පතිමානෙහි, උභො එකතොව ඛාදාපෙස්සාමා”ති ආහ. එවං වුත්තෙපි අත්තනො පුඤ්ඤං පච්චාසීසන්තො න තස්ස වචනමකාසි. මහාසත්තො තං උපට්ඨානං ආගතං “න ත්වං පණ්ඩිතානං වචනං කරොසි, අහං ජෙට්ඨො, මාතාපිතරො ච මමෙව භාරො, අහමෙව නෙ පටිජග්ගිස්සාමි, ත්වං ඉතො අඤ්ඤත්ථ යාහී”ති තස්ස අච්ඡරං පහරි.
ඉක්බිති මහාසත්ත්වයෝ මවුපියෝ සිවුමැලියහ. නන්දයෝ ද යම් ඒ නොපැසුණා වූද නොමනා ලෙස පැසුණා වූද ඵලාපල ගෙනවිත් අනුභව කරවයි. මෙසේ ඇති කල්හි මොවුහු බොහෝ කලක් ජීවත් නොවන්නාහුය. ඔහු වලක්වමි’යි මෙසේ සිතූහ. ඉක්බිති ඔහු අමතා “නන්දය! මෙතැන් පටන් ඵලවැල ගෙනවිත් මාගේ පැමිණීම බලාපොරොත්තු වෙව. දෙදෙනාම එකතුව අනුභව කරවමු’යි කීහ. මෙසේ කී කල්හිද තමාට පින් කැමති වන්නේ එතුමන්ගේ වචනය නොකළේය. මහාසත්ත්වයෝ උපස්ථානයට ආවා වූ ඔහුට නුඹ නුවණැත්තන්ගේ වචනය නො කරන්නෙහිය. මම වනාහි වැඩිමහල්ය. මවුපියෝත් මට භාරය. මමම ඔවුන් පෝෂණය කරන්නෙමි. නුඹ මෙතැනින් වෙනත් තැනකට යව’යි අසුරක් ගැසූහ.
සො තෙන පණාමිතො තත්ථ ඨාතුං අසක්කොන්තො තං වන්දිත්වා මාතාපිතූනං තමත්ථං ආරොචෙත්වා අත්තනො පණ්ණසාලං පවිසිත්වා කසිණං ඔලොකෙත්වා තංදිවසමෙව අට්ඨ ච සමාපත්තියො පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙත්වා චින්තෙසි – “කිං නු ඛො අහං සිනෙරුපාදතො රතනවාලුකං ආහරිත්වා මම භාතු පණ්ණසාලාපරිවෙණං ආකිරිත්වා ඛමාපෙස්සාමි, උදාහු අනොතත්තතො උදකං ආහරිත්වා ඛමාපෙස්සාමි? අථ වා මෙ භාතා දෙවතාවසෙන ඛමෙය්ය, චත්තාරො මහාරාජානො සක්කඤ්ච දෙවරාජානං ආනෙත්වා ඛමාපෙස්සාමි, එවං පන න සොභිස්සති, අයං ඛො මනොජො බ්රහ්මවඩ්ඪනරාජා සකලජම්බුදීපෙ අග්ගරාජා, තං ආදිං කත්වා සබ්බෙ රාජානො ආනෙත්වා ඛමාපෙස්සාමි, එවං සන්තෙ මම භාතු ගුණො සකලජම්බුදීපං අවත්ථරිත්වා ගමිස්සති, චන්දො විය සූරියො විය ච පඤ්ඤායිස්සතී”ති.
ඔහු එතුමන් විසින් නෙරපන ලද්දේ එහි සිටීමට නොහැකි වන්නේ එතුමන්ට වැඳ මවුපියන්ට එපවත් දන්වා තම පන්සලට පිවිස කසිණ භාවනා කොට එදවසම අෂ්ට සමාපත්තීන් හා පඤ්ච අභිඥාවන් උපදවා “කිමෙක්ද මම මහමෙර පාමුලින් රුවන් වැලි ගෙනවිත් මාගේ සොහොයුරානන්ගේ පන්සල් මලුවෙහි විසුරුවා කමා කරවන්නෙම් නැතහොත් අනවතප්ත විලෙන් ජලය ගෙනවිත් කමා කරවන්නෙම්ද නැතහොත් මගේ සහෝදරයා දේවතා වශයෙන් කමා කරවන්නේ නම් සතර මහ රජවරුන්ද සක්දෙව් රජු ද කැඳවාගෙන විත් කමා කරවන්නෙම් ද එසේ කිරීම නොහොබිනේය. මේ මුළු දඹදිවට මනෝජ නම් බ්‍රහ්මවර්ධන රජ අගරජය. ඔහු ආදි කොට සියලු රජවරුන් කැඳවාගෙන විත් කමා කරවන්නෙමි. එසේ ඇති කල්හි මගේ සහෝදරයාගේ ගුණය මුළු දඹදිව පැතිරී යන්නේය. චන්ද්‍රයා මෙන්ද සූර්ය්යා මෙන්ද ප්‍රකට වන්නේය”යි සිතීය.
සො තාවදෙව ඉද්ධියා ගන්ත්වා බ්රහ්මවඩ්ඪනනගරෙ තස්ස රඤ්ඤො නිවෙසනද්වාරෙ ඔතරිත්වා “එකො තාපසො තුම්හෙ දට්ඨුකාමො”ති රඤ්ඤො ආරොචාපෙත්වා තෙන කතොකාසො තස්ස සන්තිකං ගන්ත්වා “අහං අත්තනො බලෙන සකලජම්බුදීපෙ රජ්ජං ගහෙත්වා තව දස්සාමී”ති. “කථං පන තුම්හෙ, භන්තෙ, සකලජම්බුදීපෙ රජ්ජං ගහෙත්වා දස්සථා”ති? “මහාරාජ, කස්සචි වධච්ඡෙදං අකත්වා අත්තනො ඉද්ධියාව ගහෙත්වා දස්සාමී”ති මහතියා සෙනාය සද්ධිං තං ආදාය කොසලරට්ඨං ගන්ත්වා නගරස්ස අවිදූරෙ ඛන්ධාවාරං නිවෙසෙත්වා “යුද්ධං වා නො දෙතු, වසෙ වා වත්තතූ”ති කොසලරඤ්ඤො දූතං පාහෙසි. තෙන කුජ්ඣිත්වා යුද්ධසජ්ජෙන හුත්වා නික්ඛන්තෙන සද්ධිං යුද්ධෙ ආරද්ධෙ අත්තනො ඉද්ධානුභාවෙන යථා ද්වින්නං සෙනානං පීළනං න හොති, එවං කත්වා යථා ච කොසලරාජා තස්ස වසෙ වත්තති, එවං වචනපටිවචනහරණෙහි සංවිදහි. එතෙනුපායෙන සකලජම්බුදීපෙ රාජානො තස්ස වසෙ වත්තාපෙසි.
හෙතෙම එකෙණෙහිම ඍද්ධියෙන් ගොස් බ්‍රහ්මවර්ධන නගරයෙහි ඒ රජුගේ වාසල් දොරටුවෙහි බැස එක් තාපසයෙක් ඔබතුමන් දකිනු කැමැත්තේය’යි රජුට දන්වා රජු විසින් කරන ලද අවකාශ ඇත්තේ රජු සමීපයට ගොස් “මම මගේ බලයෙන් මුළු දඹදිව රාජ්‍යය ගෙන ඔබතුමන්ට දෙන්නෙමි’යි කීය. “ස්වාමීනි, නුඹවහන්සේ වනාහි කෙසේ නම් මුළු දඹදිව රාජ්‍යය ගෙන දෙන්නහුද? “මහරජ, කිසිවෙකුට වධ නොකොට තමන්ගේ සෘද්ධි බලයෙන්ම ගෙන දෙන්නෙමි’යි කියා මහත් සේනාව සමග රජු ගෙන කොසොල් රටට ගොස් නගරයට නුදුරෙන් කඳවුරු බැඳ අප හා යුද්ධ හෝ කෙරේවා නැතහොත් වසඟයෙහි පවතීවා’යි කොසොල් රජුට දූතයෙකු යැවීය. එයින් කිපී යුද්ධයට සැරසී නික්මුණා වූ රජු සමග යුද්ධය ආරම්භ වූ කල්හි තමන්ගේ ඍද්ධ්‍යානුභාවයෙන් යම්සේ සේනා දෙකට පීඩාවක් නොවේද එසේ කොට යම්සේ කොසොල් රජු ඔහුගේ වසඟයෙහි පවතීද එසේ වචන ප්‍රතිවචන ගෙනයන්නවුන් ඇති කොට සංවිධානය කළේය. මේ ක්‍රමයෙන් මුළු දඹදිව රජවරුන් ඒ රජුගේ වසඟයෙහි පැවැත්වීය.
සො තෙන පරිතුට්ඨො නන්දපණ්ඩිතං ආහ – “භන්තෙ, තුම්හෙහි යථා මය්හං පටිඤ්ඤාතං, තථා කතං, බහූපකාරා මෙ තුම්හෙ, කිමහං තුම්හාකං කරිස්සාමි, අහඤ්හි තෙ සකලජම්බුදීපෙ උපඩ්ඪරජ්ජම්පි දාතුං ඉච්ඡාමි, කිමඞ්ගං පන හත්ථිඅස්සරථමණිමුත්තාපවාළරජතසුවණ්ණදාසිදාසපරිජනපරිච්ඡෙද”න්ති? තං සුත්වා නන්දපණ්ඩිතො “න මෙ තෙ, මහාරාජ, රජ්ජෙන අත්ථො, නාපි හත්ථියානාදීහි, අපි ච ඛො තෙ රට්ඨෙ අසුකස්මිං නාම අස්සමෙ මම මාතාපිතරො පබ්බජිත්වා වසන්ති. ත්යාහං උපට්ඨහන්තො එකස්මිං අපරාධෙ මම ජෙට්ඨභාතිකෙන සොණපණ්ඩිතෙන නාම මහෙසිනා පණාමිතො, ස්වාහං තං ආදාය තස්ස සන්තිකං ගන්ත්වා ඛමාපෙස්සාමි, තස්ස මෙ ත්වං ඛමාපනෙ සහායො හොහී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා චතුවීසතිඅක්ඛොභනී පරිමාණාය සෙනාය පරිවුතො එකසතරාජූහි සද්ධිං නන්දපණ්ඩිතං පුරක්ඛත්වා තං අස්සමපදං පත්වා චතුරඞ්ගුලප්පදෙසං මුඤ්චිත්වා ආකාසෙ ඨිතෙන කාජෙන අනොතත්තතො උදකං ආහරිත්වා පානීයං පටිසාමෙත්වා පරිවෙණං සම්මජ්ජිත්වා මාතාපිතූනං ආසන්නප්පදෙසෙ නිසින්නං ඣානරතිසමප්පිතං මහාසත්තං උපසඞ්කමිත්වා නන්දපණ්ඩිතො නං ඛමාපෙසි. මහාසත්තො නන්දපණ්ඩිතං මාතරං පටිච්ඡාපෙත්වා අත්තනා යාවජීවං පිතරං පටිජග්ගි. තෙසං පන රාජූනං –
රජතුමා එයින් සතුටට පත්ව නන්ද පණ්ඩිතයන්ට මෙසේ කීය. “ස්වාමීනි, නුඹවහන්සේ විසින් මට යම්සේ ප්‍රතිඥා කරන ලද්දේ ද එසේ කරන ලදී. නුඹවහන්සේ මට කරන ලද බොහෝ උපකාර ඇත්තෝය. මම නුඹවහන්සේට කුමක් කරන්නෙම්ද? මම වනාහි නුඹවහන්සේට මුළු දඹදිව රාජ්‍යයෙන් භාගයක් දෙනු කැමැත්තෙමි. ඇත්, අස්, රිය, මිණි, මුතු, පබළු, රිදී, රන්, දැසි, දස්, පිරිවර ජනයා ගැන කියනුම කවරේද? යනුවෙනි. එය අසා නන්ද පණ්ඩිතයෝ “මහරජ, මට නුඹගේ රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. ඇත් යානා ආදියෙන් ද කම් නැත. එසේවුවත් තොපගේ රාජ්‍යයෙහි අසවල් ආශ්‍රමයෙහි මගේ මවුපියෝ පැවිදිව වසති. මම ඔවුන්ට උපස්ථාන කරන්නෙම් එක් අපරාධයක් නිසා මගේ වැඩිමහල් සහෝදර වූ සෝණ පණ්ඩිත නම් වූ මහා තපස්වීන් විසින් බැහැර කරන ලද්දෙම් වෙමි. ඒ මම තොප රැගෙන එතුමන් සමීපයට ගොස් කමා කරවා ගන්නෙමි. කමා කිරීමෙහිදී නුඹ ඒ මට සහායයෙක් වෙව”යි කීය. රජතුමා “යහපතැ”යි පිළිගෙන සුවිසි අක්ෂෞහිණියක් පමණ සෙනගින් පිරිවරන ලද්දේ එක් සියයක් රජුන් සමග නන්ද පණ්ඩිතයන් පෙරටුකොට ඒ අසපුවට පැමිණ සතරඟුල් පමණ ප්‍රදේශයක් හැර අහසෙහි පිහිටි කදින් අනවතප්ත විලෙන් ජලය ගෙනවිත් පැන් පෙරහා තබා පිරිවෙණ හැමද මවුපියන්ට ආසන්න පෙදෙසක හුන් ධ්‍යාන භාවනාවෙහි ඇලුනා වූ මහාසත්ත්වයන් වෙත එළඹ නන්ද පණ්ඩිතතෙම උන්වහන්සේ කමා කරවීය. මහාසත්ත්ව තෙම නන්ද පණ්ඩිතයන්ට මවු භාරදී තමා දිවි ඇති තෙක් පියාණන් පිළිදැගුම් කළේය. ඒ රජුන්ට වනාහි:-
“ආනන්දො ච පමොදො ච, සදා හසිතකීළිතං; මාතරං පරිචරිත්වාන, ලබ්භමෙතං විජානතා.
“සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාවද මවට උපස්ථාන කොට නුවණැත්තා හට ලැබිය හැකිය.
“ආනන්දො ච පමොදො ච, සදා හසිතකීළිතං; පිතරං පරිචරිත්වාන, ලබ්භමෙතං විජානතො.
සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද පියාට උපස්ථාන කොට නුවණැත්තාට ලැබිය හැකිය.
“දානඤ්ච පෙය්යවජ්ජඤ්ච, අත්ථචරියා ච යා ඉධ; සමානත්තතා ච ධම්මෙසු, තත්ථ තත්ථ යථාරහං; එතෙ ඛො සඞ්ගහා ලොකෙ, රථස්සාණීව යායතො.
මේ ලෝකයෙහි දානය ද ප්‍රියවචනය ද වැඩ සිදුකිරීම ද ඒ ඒ කාලයන්හි සුදුසු පරිදි ධර්මයන්හි සමානාත්මතාව ද යන මේ සතර සංග්‍රහ වස්තූහු යන්නාවූ රියට කඩ ඇණය මෙන් ලෝකයාට උපකාර පිණිස පවතී.
“එතෙ ච සඞ්ගහා නාස්සු, න මාතා පුත්තකාරණා; ලභෙථ මානං පූජං වා, පිතා වා පුත්තකාරණා.
ඉදින් මේ සංග්‍රහයෝ ලොව නොවන්නාහු නම් පුත්‍රයකු කරණ කොට මව බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නීය. පුත්‍රයකු කරණ කොට පියා ද බුහුමනක් හෝ පූජාවක් නො ලබන්නීය.
“යස්මා ච සඞ්ගහා එතෙ, සම්මපෙක්ඛන්ති පණ්ඩිතා; තස්මා මහත්තං පප්පොන්ති, පාසංසා ච භවන්ති තෙ.
යම් හෙයකින් නුවණැත්තෝ මේ සංග්‍රහයන් මනාකොට විමසා කළයුතු යයි දනිත් ද එහෙයින් ශ්‍රේෂ්ඨ බවට පැමිණෙති. ඔවුහු ප්‍රශංසා කටයුත්තෝද වෙති.
“බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ; ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
මවුපියෝ වනාහි බ්රහ්මසමයහයිද පූර්වාචාර්ය්යයහයිද ආනුනෙය්යහ (පිදිය යුත්තෝ) යි ද පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නෝ යයි ද කියනු ලැබෙත්.
“තස්මා හි නෙ නමස්සෙය්ය, සක්කරෙය්ය ච පණ්ඩිතො; අන්නෙන අථ පානෙන, වත්ථෙන සයනෙන ච; උච්ඡාදනෙන න්හාපනෙන, පාදානං ධොවනෙන ච.
එහෙයින්ම නුවණැත්තේ ඔවුන්ට වඳින්නේය. නැවත ආහාර දීමෙන් ද පානවර්ග දීමෙන් ද වස්ත්‍ර දීමෙන් ද සයනාසන දීමෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේය.
“තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා; ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී”ති. (ජා· 2.20.176-183) –
මා පියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොවදීම ඔහුට පසසති. පරලෙව්හිදී හෙතෙමේ ස්වර්ග ලෝකයෙහි ඉපිද සතුටු වෙයි” (ජාතක පාලිය)
බුද්ධලීළාය ධම්මං දෙසෙසි, තං සුත්වා සබ්බෙපි තෙ රාජානො සබලකායා පසීදිංසු. අථ නෙ පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා “දානාදීසු අප්පමත්තා හොථා”ති ඔවදිත්වා විස්සජ්ජෙසි. තෙ සබ්බෙපි ධම්මෙන රජ්ජං කාරෙත්වා ආයුපරියොසානෙ දෙවනගරං පූරයිංසු. බොධිසත්තො “ඉතො පට්ඨාය මාතරං පටිජග්ගාහී”ති මාතරං නන්දපණ්ඩිතං පටිච්ඡාපෙත්වා අත්තනා යාවජීවං පිතරං පටිජග්ගි. තෙ උභොපි ආයුපරියොසානෙ බ්රහ්මලොකපරායනා අහෙසුං.
යනුවෙන් බුද්ධ ලීලාවෙන් ධර්ම දේශනා කළේය. එය අසා බලසේනා සහිත ඒ සියලු රජවරු පැහැදුනහ. ඉක්බිති ඔවුන් පන්සිල්හි පිහිටුවා දානාදීයෙහි අප්රමාදී වව්’ යයි අවවාද දී පිටත් කර යැවීය. ඒ සියල්ලෝම දැහැමින් රාජ්‍යය කරවා ආයු කෙළවර දෙව්නුවර පිරවූහ. බෝධිසත්ත්වයෝ “මෙතැන් පටන් මව පෝෂණය කරව”යි සහෝදර නන්ද පණ්ඩිතයන්ට පවරා දී තමා දිවි ඇති තෙක් පියාණන් පිළිදැඟුම් කළහ. ඒ දෙදෙනාම ආයු කෙළවර බ්‍රහ්මලෝක පරායණ වූහ.
තදා මාතාපිතරො මහාරාජකුලානි, නන්දපණ්ඩිතො ආනන්දත්ථෙරො, මනොජො රාජා සාරිපුත්තත්ථෙරො, එකසතරාජානො අසීතිමහාථෙරා චෙව අඤ්ඤතරථෙරා ච, චතුවීසතිඅක්ඛොභනීපරිසා බුද්ධපරිසා, සොණපණ්ඩිතො ලොකනාථො.
එකල්හි මවුපියෝ මහාරාජ කුලයෝය. නන්ද පණ්ඩිත තෙම ආනන්ද තෙරය. මනෝජ රජ සාරිපුත්ත තෙරය. එක්සියයක් රජවරු අසූමහ තෙරවරු සහ අනෙක් තෙරවරු වූහ. සිව්විසි අක්ෂෞහිණියක් පිරිස බුදුපිරිසය. සෝන පණ්ඩිතයෝ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස කිඤ්චාපි සාතිසයා නෙක්ඛම්මපාරමී, තථාපි හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියො ච නිද්ධාරෙතබ්බා. තථා අච්චන්තමෙව කාමෙසු අනපෙක්ඛතා, මාතාපිතූසු තිබ්බො සගාරවසප්පතිස්සභාවො , මාතාපිතුඋපට්ඨානෙන අතිත්ති, සතිපි නෙසං උපට්ඨානෙ සබ්බකාලං සමාපත්තිවිහාරෙහි වීතිනාමනන්ති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා විභාවෙතබ්බාති.
ඒ චරිතයෙහි නෙක්ඛම්ම පාරමිතාව බලවත් වුවත් යට කියන ලද ක්‍රමයට එහි සෙසු පාරමිතාවෝ ද නිර්ධාරණය කළ යුත්තාහ. එසේම අත්‍යන්තයෙන්ම කාමයන්හි අනපේක්ෂකභාවය, මවුපියන් කෙරෙහි තියුණු වූ ගෞරවය හා යටහත් පැවතුම් ඇතිබව, මවුපිය උපස්ථානයෙහි අතෘප්ති බට, ඔවුන්ට උපස්ථාන කිරීම ඇති නමුත් සියලු කල්හි සමවත් සුවයෙන් කල්යැවීම ආදී මහාසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
සොණපණ්ඩිතචරියාවණ්ණනා නිට්ඨිතා.
පස්වෙනි සෝණ පණ්ඩිත චරිතයයි.
නෙක්ඛම්මපාරමී නිට්ඨිතා.
නෙක්ඛම්ම පාරමිතාව නිමියේය.