යෙදුමෙන් කියවන්න

4. භිසචරියාවණ‍්ණනා අට‍්ඨකථා

4. භිසචරියාවණ‍්ණනා

4. භිස චරියා වර්ණනාව

274. “පුනාපරං යදාහොමි කාසීනං පුරවරුත්තමෙ භගිනී භාතරො සත්ත නිබ්බත්තා සොත්‍ථියෙ කුලෙ (චරියා පිටක)

“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම්කලෙක මම කසීජනපදයෙහි උතුම් පුරවරයෙහි වීම්ද, එකල්හි නැගණිය ද, සහෝදරයන් සත්දෙනද (යන අපි අටදෙන) උතුම් බමුණු කුලයෙහි උපන්නෙමු.”

චතුත්‍ථෙ යදා හොමි, කාසීනං පුරවරුත‍්තමෙති “කාසී”ති බහුවචනවසෙන ලද‍්ධවොහාරස‍්ස රට‍්ඨස‍්ස නගරවරෙ බාරාණසියං යස‍්මිං කාලෙ ජාතසංවඩ‍්ඪො හුත්‍වා වසාමීති අත්‍ථො. භගිනී ච භාතරො සත‍්ත, නිබ‍්බත‍්තා සොත‍්තියෙ කුලෙති උපකඤ‍්චනාදයො ඡ අහඤ‍්චාති භාතරො සත‍්ත සබ‍්බකනිට‍්ඨා කඤ‍්චනදෙවී නාම භගිනී චාති සබ‍්බෙ මයං අට‍්ඨ ජනා මන‍්තජ‍්ඣෙනනිරතතාය සොත‍්තියෙ උදිතොදිතෙ මහති බ්‍රාහ‍්මණකුලෙ තදා නිබ‍්බත‍්තා ජාතාති අත්‍ථො.

සතරවෙනි (මහාකඤ්චන චරිතයෙහි) “යදා හොමි කාසීනං පුරවරුත්තමෙ” යනු “කාසී” යයි බහු වචන වශයෙන් ලැබූ ව්‍යවහාර ඇති රටෙහි ඛාරාණසී නගරවරයෙහි යම්කාලයෙක්හි ඉපිද වැඩුණෙක්ව වසම් ද යන අර්‍ථයයි. “භගිනීච භාතරො සත්ත නිබ්බත්තා සොත්‍ථියෙ කුලෙ” යනු උපකඤ්චනාදී හයදෙනාත් මමත් වශයෙන් සොහොයුරෝ සත්දෙන ද සියල්ලන්ට බාල “කඤ්චන දේවී” නම් සොහොයුරිය ද යන අටදෙනෙක් වූ අපි සියල්ලෝම මන්ත්‍ර අධ්‍යයනයෙහි නිරත වූ අතිශයින් ප්‍රසිද්ධ, මහත්වූ සොත්‍ථිය බ්‍රාහ්මණ කුලයෙහි එකල්හි උපන්නෝ වෙමු’යි යන අර්‍ථයයි.

බොධිසත‍්තො හි තදා බාරාණසියං අසීතිකොටිවිභවස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස “කඤ‍්චනකුමාරො”ති නාමං කරිංසු. අථස‍්ස පදසා විචරණකාලෙ අපරො පුත‍්තො විජායි. “උපකඤ‍්චනකුමාරො”තිස‍්ස නාමං කරිංසු. තතො පට‍්ඨාය මහාසත‍්තං “මහාකඤ‍්චනකුමාරො”ති සමුදාචරන‍්ති. එවං පටිපාටියා සත‍්ත පුත‍්තා අහෙසුං. සබ‍්බකනිට‍්ඨා පන එකා ධීතා. තස‍්සා “කඤ‍්චනදෙවී”ති නාමං කරිංසු. මහාසත‍්තො වයප‍්පත‍්තො තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගහෙත්‍වා පච‍්චාගඤ‍්ඡි.

බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි එකල්හි අසූ කෙළක් සම්පත් ඇති මහ ධනවත් බ්‍රාහ්මණයෙකුගේ පුතෙක්ව උපන්හ. ඔහුට කඤ්චන කුමාර යයි නම් කළහ. ඉක්බිති ඔහු පියවර නගා යන කල්හි තවත් පුතෙක් උපන්නේය. ඔහුට “උප කඤ්චන කුමාර” යයි නම් කළහ. එතැන් පටන් මහාසත්ත්‍වයන් “මහා කඤ්චන කුමාරය”යි ව්‍යවහාර කෙරෙත්. මෙසේ “පිළිවෙළින් පුත්තු සත්දෙනෙක් වූහ. හැමට බාල වූ එක් දියණි කෙනෙක් වූවාය. ඇයට “කඤ්චන දේවී” යයි නම් කළහ. මහාසත්ත්‍වයෝ වැඩිවිය පැමිණියාහු තක්‍ෂලා නුවරට ගොස් සියලු ශිල්ප ඉගෙනගෙන ආපසු පැමිණියහ.

අථ නං මාතාපිතරො ඝරාවාසෙන බන්‍ධිතුකාමා “අත‍්තනො සමානජාතිකුලතො තෙ දාරිකං ආනෙස‍්සාමා”ති වදිංසු. සො “අම‍්ම, තාත, න මය‍්හං ඝරාවාසෙන අත්‍ථො. මය‍්හඤ‍්හි සබ‍්බො ලොකසන‍්නිවාසො ආදිත‍්තො විය සප‍්පටිභයො, බන්‍ධනාගාරං විය පලිබුද‍්ධනං, උක‍්කාරභූමි විය ජිගුච‍්ඡො හුත්‍වා උපට‍්ඨාති, න මෙ චිත‍්තං කාමෙසු රජ‍්ජති, අඤ‍්ඤෙ වො පුත‍්තා අත්‍ථි, තෙ ඝරාවාසෙන නිමන‍්තෙථා”ති වත්‍වා පුනප‍්පුනං යාචිතොපි සහායෙහි යාචාපිතොපි න ඉච‍්ඡි, අථ නං සහායා “සම‍්ම, කිං පන ත්‍වං පත්‍ථයන‍්තො කාමෙ පරිභුඤ‍්ජිතුං න ඉච‍්ඡසී”ති පුච‍්ඡිංසු. සො තෙසං අත‍්තනො නෙක‍්ඛම‍්මජ‍්ඣාසයං ආරොචෙසි. තෙන වුත‍්තං “එතෙසං පුබ‍්බජො ආසි”න‍්තිආදි.

ඉක්බිති මවුපියෝ ඔහු ගිහිබැඳුමෙන් බඳිනු කැමැත්තාහු තමහට සමාන ජාතිඇති කුලයකින් නුඹට දැරියක ගෙන එන්නෙමු’යි කීහ. හෙතෙම “මෑණියනි, පියාණනි, මට ගිහිගෙයි විසීමෙන් වැඩක් නැත. මට වනාහි සියලු ලෝකයා හා එක්ව විසීම ගිනිගෙන ඇවිලගත්තාත් මෙන් භය සහිතව ද, හිරගෙයක් මෙන් බාධා සහිතව ද, කසල ගොඩක් මෙන් පිළිකුල්ව ද වැටහේ. මාගේ සිත කාමයන්හි නොඇලේ. ඔබලාට වෙනත් පුත්තු ඇත. ඔවුන්ට ගෘහවාසය සඳහා ආරාධනා කරනු මැනව’යි කියා නැවත නැවතත් ඉල්ලා සිටින ලද්දේ නමුදු මිතුරන් ලවා යාඥා කරවන ලද්දේ නමුදු නොකැමති විය. ඉක්බිති මිතුරෝ ඔහුට “සබඳ! නුඹ කුමක් පතමින් කම්සුව නොවළඳනු කැමැත්තෙහිදැයි විචාළහ. හෙතෙම ඔවුන්ට තමාගේ ගිහිගෙයින් නික්ම යන අදහස දැන්වීය. එහෙයින් “එතෙසං පුබ්බජො ආසිං” ආදිය වදාරණ ලදී.

275. “එතෙසං පුබ්බජො ආසිං හිරිසුක්ක මුපාගතො භවං දිස්වා න භයතො නෙක්‍ඛම්මාභිරතො අහං

276. “මාතා පිතුහි පහිතා සහායා එකමානසා කාමෙහි මං නිමන්තෙ නති කුලවංසං ධරෙහිති

277. “යං තෙසං වචනං වුත්තං ගිහිධම්මෙ සුඛාවහං තම්මෙ අහොසි කඨිනං තත්තඵාල සමං විය

278. “තෙ මං තදා උක්‍ඛිපන්තං පුච්ඡිංසු පත්‍ථිතං මම කිං ත්‍වං පත්‍ථයසි සම්ම යදි කාමෙ න භුඤ්ජසි

279. තෙසාහං එවමවචං අත්‍ථකාමො හිතෙසිනං නාහං පත්‍ථෙමි ගිහිභාවං නෙක්‍ඛම්මා භිරතොඅහං

280. “තෙ මය්හං වචනං සුත්‍වා පිතු මාතුච සාවයුං මාතා පිතා එවමාහු සබ්බෙපි පබ්බජ්ජාම භො’ති (චරියා පිටක)

“මොවුන්ට පළමුව උපන් මම හිරිඔතප් දෙකින් යුක්තව, භවය භය වශයෙන් දැක නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනෙම් වීමි.

මවුපියන් විසින් එවන ලද්දා වූ එක් සිත් ඇති මාගේ යහළුවෝ “කුලවංසය පිහිටුව’යි මා කාමයෙන් නිමන්ත්‍රණය කළෝය.

ඔවුන් විසින් “ගිහිජීවිතයෙහි සැප එළඹෙන්නේය”යි යම් වචනයක් කියන ලදද, ඒ වචනය රන්කරන ලද සීවැලක් මෙන් කර්‍කෂ විය.

එකල්හි ඔවුහු (කම්සැප) බැහැරලන්නා වූ මා අතින් “යහළුව, ඔබ කම්සැප නොවළඳන්නෙහි නම් කුමක් පතන්නෙහිදැයි මා බලාපොරොත්තු වන දේ විචාළහ.

(මට) වැඩ කැමති වූ හිතේසී වූ ඔවුන්ට “මම ගිහිබව ප්‍රාර්ථනා නොකරමි මම නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනෙමි”යි කීවෙමි.

ඔවුහු මගේ වචනය අසා පියාණන්ට ද මෑණියන්ට ද (ඒ බව) සැල කළහ. මවුපිය දෙදෙනා “පින්වත්නි, අපි හැමදෙනද පැවිදි වන්නෙමු”යි මෙසේ කීවෝය.

තත්‍ථ එතෙසං පුබ‍්බජො ආසින‍්ති එතෙසං උපකඤ‍්චනකාදීනං සත‍්තන‍්නං ජෙට‍්ඨභාතිකො අහං තදා අහොසිං. හිරීසුක‍්කමුපාගතොති සුක‍්කවිපාකත‍්තා සන‍්තානස‍්ස විසොධනතො ච සුක‍්කං පාපජිගුච‍්ඡනලක‍්ඛණං හිරිං භුසං ආගතො, අතිවිය පාපං ජිගුච‍්ඡන‍්තො ආසින‍්ති අත්‍ථො. භවං දිස‍්වාන භයතො, නෙක‍්ඛම‍්මාභිරතො අහන‍්ති කාමභවාදීනං වසෙන සබ‍්බං භවං පක‍්ඛන්‍දිතුං ආගච‍්ඡන‍්තං චණ‍්ඩහත්‍ථිං විය, හිංසිතුං ආගච‍්ඡන‍්තං උක‍්ඛිත‍්තාසිකං වධකං විය, සීහං විය, යක‍්ඛං විය, රක‍්ඛසං විය, ඝොරවිසං විය, ආසිවිසං විය, ආදිත‍්තං අඞ‍්ගාරං විය, සප‍්පටිභයං භයානකභාවතො පස‍්සිත්‍වා තතො මුච‍්චනත්‍ථඤ‍්ච පබ‍්බජ‍්ජාභිරතො පබ‍්බජිත්‍වා “කථං නු ඛො ධම‍්මචරියං සම‍්මාපටිපත‍්තිං පූරෙය්‍යං, ඣානසමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙය්‍ය”න‍්ති පබ‍්බජ‍්ජාකුසලධම‍්මපඨමජ‍්ඣානාදිඅභිරතො තදා අහං ආසින‍්ති අත්‍ථො.

එහි “එතෙසං පුබ්බජො ආසිං” යනු මම එකල්හි මේ උපකඤ්චනක ආදී සත්දෙනා අතුරෙන් දෙටු සොහොයුරා වීමි. “හිරිංසුක්කමුපාගතො” යනු පුණ්‍ය විපාක ඇති බැවින් සන්තානය පිරිසිදු කරන හෙයින්ද, පාපය පිළිකුල් කිරීම ලක්‍ෂණ කොට ඇති යහපත් වූ ලජ්ජාවට බලවත්ව පැමිණියේ. අතිශයින් පාපය පිළිකුල් කරන්නෙක් වීමි යන අර්‍ථයයි. “භවං දිස්වාන භයතො නෙක්‍ඛම්මාභිරතො අහං” යනු කාමභව ආදී වශයෙන් සියලු භවය, පැනීමට එන දරුණු ඇතෙකු මෙන් ද හිංසා කිරීමට එන ඔසවාගත් කඩුව ඇති වධකයෙකු මෙන් ද සිංහයෙකු මෙන් ද, යක්‍ෂයකු මෙන් ද, රකුසෙකු මෙන් ද, දරුණු විසක් මෙන් ද, සර්‍පයෙකු මෙන් ද, ගිනි අඟුරු මෙන් ද භය සහිතව භයානක වශයෙන් දැක එයින් මිදීම සඳහා ද පැවිද්දෙහි ඇලුණේ, පැවිදිව “මම කෙසේනම් ධර්‍ම චර්‍ය්‍යාවෙන් මනාකොට ප්‍රතිපත්ති පුරන්නෙම්ද, ධ්‍යාන සමාපත්තීන් උපදවන්නෙම්දැයි පැවිද්ද, කුශලධර්‍ම, ප්‍රථම ධ්‍යානාදියෙහි එදා මම ඇලුනෙක් වීමි යන අර්‍ථයයි.

පහිතාති මාතාපිතූහි පෙසිතා. එකමානසාති සමානජ‍්ඣාසයා පුබ‍්බෙ මයා එකච‍්ඡන්‍දා මනාපචාරිනො මාතාපිතූහි පහිතත‍්තා පන මම පටික‍්කූලං අමනාපං වදන‍්තා. කාමෙහි මං නිමන‍්තෙන‍්තීති මහාපිතූහි වා එකමානසා කාමෙහි මං නිමන‍්තෙන‍්ති. කුලවංසං ධාරෙහීති ඝරාවාසං සණ‍්ඨපෙන‍්තො අත‍්තනො කුලවංසං ධාරෙහි පතිට‍්ඨපෙහීති කාමෙහි මං නිමන‍්තෙසුන‍්ති අත්‍ථො.

“පහිතා” යනු මවුපියන් විසින් එවන ලද, “එකමානසා” යනු සමාන අදහස් ඇති, පෙර මා සමග එකම කැමැත්ත ඇතිව මනාපචාරීව සිට මවුපියන් විසින් එවන ලද්දාහු මට පිළිකුල් වූ නො මනාප වූ වචන කියන්නා වූ, “කාමෙහි මං නිමන්තෙන්ති” යනු මවුපියන් විසින් එවන ලද එක්සිත් ඇති යහළුවෝ ද කාමයන්ගෙන් මට ආරාධනා කරති. “කුලවංසං ධාරෙහි” යනු ගෘහවාසය පිහිටුවමින් තමන්ගේ කුලවංසය උසුලවයි. පිහිටුවවයි. කාමයන්ගෙන් මට ආරාධනා කළහ. යන අර්‍ථයයි.

යං තෙසං වචනං වුත‍්තන‍්ති තෙසං මම පියසහායානං යං වචනං වුත‍්තං. ගිහිධම‍්මෙ සුඛාවහන‍්ති ගිහිභාවෙ සති ගහට‍්ඨභාවෙ ඨිතස‍්ස පුරිසස‍්ස ඤායානුගතත‍්තා දිට‍්ඨධම‍්මිකස‍්ස සම‍්පරායිකස‍්ස ච සුඛස‍්ස ආවහනතො සුඛාවහං. තං මෙ අහොසි කඨිනන‍්ති තං තෙසං මය‍්හං සහායානං මාතාපිතූනඤ‍්ච වචනං එකන‍්තෙනෙව නෙක‍්ඛම‍්මාභිරතත‍්තා අමනාපභාවෙන මෙ කඨිනං ඵරුසං දිවසං සන‍්තත‍්තඵාලසදිසං උභොපි කණ‍්ණෙ ඣාපෙන‍්තං විය අහොසි.

“යං තෙසං වචනං වුත්තං” යනු මගේ ප්‍රියසහාය වූ ඔවුන් විසින් යම් වචනයක් කියන ලද්දේ ද, “ගිහිධම්මෙ සුඛාවහං” යනු ගිහිබවෙහි පිහිටි, ගිහි ජීවිතයෙහි සිටි පුරුෂයාට න්‍යායානුගත දිට්ඨධම්මික සම්පරායික සැප ගෙන දීම් වශයෙන්, සැප එළවන්නා වූ. “තං මෙ අහොසි කඨිනං” යනු ඒ මාගේ යහළුවන්ගේ ද මවුපියන්ගේ ද ඒ වචනය ඒකාන්තයෙන්ම ගිහිගෙයින් නික්මීමෙහි ඇලුන බැවින් අමනාපභාවයෙන් මට කර්‍කශ, ඵරුෂ, දවසක් පුරා හිරු රැසින් රත් වූ නගුල් තලයක් බඳු, දෙසවන දවන්නක් මෙන් විය.

තෙ මං තදා උක‍්ඛිපන‍්තන‍්ති තෙ මය‍්හං සහායා මාතාපිතූහි අත‍්තනො ච උපනිමන‍්තනවසෙන අනෙකවාරං උපනීයමානෙ කාමෙ උද‍්ධමුද‍්ධං ඛිපන‍්තං ඡඩ‍්ඩෙන‍්තං පටික‍්ඛිපන‍්තං මං පුච‍්ඡිංසු. පත්‍ථිතං මමාති ඉතො විසුද‍්ධතරං කිං නු ඛො ඉමිනා පත්‍ථිතන‍්ති මයා අභිපත්‍ථිතං මම තං පත්‍ථනං පුච‍්ඡිංසු – “කිං ත්‍වං පත්‍ථයසෙ, සම‍්ම, යදි කාමෙ න භුඤ‍්ජසී”ති.

“තෙ මං තදා උක්‍ඛිපන්තං” යනු ඒ මාගේ යහළුවෝ මවුපියන් විසින් ද තමන් විසින්ද නැවත නැවත ආරාධනා කිරීම් වශයෙන් නොයෙක් වර සමීපයට එළවනු ලබන කාමයන් උඩින් උඩින් දමා ගසන ඉවත දමන, ප්‍රතික්‍ෂේප කරන මගෙන් විමසූහ. “පත්‍ථිතං මම” යනු “මෙයට වඩා අතිශයින් උතුම් වූ කුමක් මොහු විසින් පතන්නේදැයි මා විසින් බලාපොරොත්තු වන දෙය මගේ ඒ ප්‍රාර්ථනාව විමසූහ. “යහළුව! ඉදින් කාමයන් නො වළඳන්නෙහි නම් නුඹ කුමක් පතන්නෙහිද? යනුවෙනි

අත්‍ථකාමොති අත‍්තනො අත්‍ථකාමො, පාපභීරූති අත්‍ථො. “අත‍්තකාමො”තිපි පාළි. හිතෙසිනන‍්ති මය‍්හං හිතෙසීනං පියසහායානං. කෙචි “අත්‍ථකාමහිතෙසින”න‍්ති පඨන‍්ති, තං න සුන්‍දරං.

“අත්තකාමො” යනු තමාට හිත කැමති, පාපයට භය ඇති යන අර්‍ථයයි. “අත්‍ථකාමො” යයිද පාඨයකි. “හිතෙසිතං” යනු මට හිතේසී වූ ප්‍රිය යහළුවන්ට. සමහරු “අත්‍ථකාමහිතෙසිනං” යනුවෙන් හදාරති. එය සුන්‍දර නොවේ.

පිතු මාතු ච සාවයුන‍්ති තෙ මය‍්හං සහායා අනිවත‍්තනීයං මම පබ‍්බජ‍්ජාඡන්‍දං විදිත්‍වා පබ‍්බජිතුකාමතාදීපකං මය‍්හං වචනං පිතු මාතු ච සාවෙසුං. “යග‍්ඝෙ, අම‍්මතාතා, ජානාථ, එකන‍්තෙනෙව මහාකඤ‍්චනකුමාරො පබ‍්බජිස‍්සති, න සො සක‍්කා කෙනචි උපායෙන කාමෙසු උපනෙතු”න‍්ති අවොචුං. මාතාපිතා එවමාහූති තදා මය‍්හං මාතාපිතරො මම සහායෙහි වුත‍්තං මම වචනං සුත්‍වා එවමාහංසු – “සබ‍්බෙව පබ‍්බජාම, භො”ති, යදි මහාකඤ‍්චනකුමාරස‍්ස නෙක‍්ඛම‍්මං අභිරුචිතං, යං තස‍්ස අභිරුචිතං, තදම‍්හාකම‍්පි අභිරුචිතමෙව, තස‍්මා සබ‍්බෙව පබ‍්බජාම, භොති. “භො”ති තෙසං බ්‍රාහ‍්මණානං ආලපනං. “පබ‍්බජාම ඛො”තිපි පාඨො, පබ‍්බජාම එවාති අත්‍ථො. මහාසත‍්තස‍්ස හි පබ‍්බජ‍්ජාඡන්‍දං විදිත්‍වා උපකඤ‍්චනාදයො ඡ භාතරො භගිනී ච කඤ‍්චනදෙවී පබ‍්බජිතුකාමාව අහෙසුං, තෙන තෙපි මාතාපිතූහි ඝරාවාසෙන නිමන‍්තියමානා න ඉච‍්ඡිංසුයෙව. තස‍්මා එවමාහංසු “සබ‍්බෙව පබ‍්බජාම, භො”ති.

“පිතු මාතුච සාවයුං” යනු ඒ මගේ යහළුවෝ මගේ පැවිදිවීමේ කැමැත්ත නැවැත්විය නොහැකි බව දැන පැවිදි වීමේ කැමැත්ත ප්‍රකාශවන මගේ වචනය පියාට සහ මවට ඇස්වූහ. “මෑණියනි, පියාණනි, එබැවින් දැනගනු මැනවි, ඒකාන්තයෙන්ම මහාකඤ්චන කුමාරයා පැවිදි වන්නේය. කිසිම උපායකින් ඔහු කාමයන්හි පැමිණ වීමට නොහැකිය’යි කීහ. “මාතා පිතා එවමාහු” යනු එකල්හි මගේ මවුපියෝ මගේ යහළුවන් විසින් කියන ලද මගේ වචනය අසා මෙසේ කීහ. “ඉදින් මහා කඤ්චන කුමාරයාට ගිහිගෙයින් නික්මීමම රුචි වේද පින්වත, එසේනම් අපි සියල්ලෝම පැවිදිවෙමු. ඔහු යමක් කැමතිවේද එය අපගේ ද කැමැත්තමය. එබැවින් “සබ්බෙ ව පබ්බජාමභො” (පින්වත සියල්ලෝම පැවිදි වෙමු)යි. “භො” යනු ඒ බ්‍රාහ්මණයන්ට ආමන්ත්‍රණය කිරීමයි. “පබ්බජාම ඛො” යයිද පාඨයකි. “පැවිදි වෙමුමය” යන අර්‍ථයයි. මහාසත්ත්‍වයන්ගේ පැවිදිවීමේ කැමැත්ත දැන උපකඤ්චන ආදී සොහොයුරෝ හය දෙනද කඤ්චන දේවී සොහොයුරියද පැවිදිවනු කැමැත්තෝම වූහ. එබැවින් ඔවුහු ද මවුපියන් විසින් ගෘහවාසයෙන් ආරාධනා කරනු ලබන කල්හි අකමැති වූවෝමය. එබැවින් “පින්වත අපි සියල්ලෝම පැවිදි වෙමු”යි මෙසේ කීහ.

එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තං මාතාපිතරො පක‍්කොසිත්‍වා අත‍්තනොපි අධිප‍්පායං තස‍්ස ආචික‍්ඛිත්‍වා “තාත, යදි පබ‍්බජිතුකාමොසි, අසීතිකොටිධනං තව සන‍්තකං යථාසුඛං විස‍්සජ‍්ජෙහී”ති ආහංසු. අථ නං මහාපුරිසො කපණද‍්ධිකාදීනං විස‍්සජ‍්ජෙත්‍වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා හිමවන‍්තං පාවිසි. තෙන සද‍්ධිං මාතාපිතරො ඡ භාතරො ච භගිනී ච එකො දාසො එකා දාසී එකො ච සහායො ඝරාවාසං පහාය අගමංසු. තෙන වුත‍්තං –

මෙසේද කියා මවුපියෝ මහාසත්ත්‍වයන් කැඳවා තමන්ගේ ද අදහස ඔහුට කියා “දරුව! ඉදින් පැවිදිවනු කැමැත්තෙහි නම් නුඹ සතු අසූ කෝටියක් ධනය කැමති පරිදි වියදම් කරව’යි කීහ. ඉක්බිති මහා පුරුෂ තෙම දුගීමගී ආදීන්ට පරිත්‍යාග කොට මහභිනික්මන් නික්ම හිමවතට පිවිසියේය. ඔහු සමග මවුපියෝ ද සහෝදරයෝ හය දෙන ද, සහෝදරිය ද, එක් දාසයෙක් ද එක් දාසියක් ද එක් යහළුවෙක්ද ගිහිගේ හැර ගියහ. එහෙයින්,

“උභො මාතා පිතා මය‍්හං, භගිනී ච සත‍්ත භාතරො; අමිතධනං ඡඩ‍්ඩයිත්‍වා, පවිසිම‍්හා මහාවන”න‍්ති.

281. “උභො මාතා පිතා මය්හං භගිනී සත්ත භාතරො අමිත ධනං ඡඩ්ඪයිත්‍වා පවිසිම්හා මහාවනන්ති” (චරියා පිටක)

“මාගේ මවුපිය දෙදෙනද, නැගණියද සහෝදරයෝ සත් දෙනද, (යන අපි) අප්‍රමාණ වස්තුව හැර පියා මහවනයට පිවිසියෙමු’යි වදාරණ ලදී.

ජාතකට‍්ඨකථායං (ජා· අට‍්ඨ· 4.14.77 භිසජාතකවණ‍්ණනා) පන “මාතාපිතූසු කාලංකතෙසු තෙසං කත‍්තබ‍්බකිච‍්චං කත්‍වා මහාසත‍්තො මහාභිනික‍්ඛමනං නික‍්ඛමී”ති වුත‍්තං.

ජාතකට්ඨ කථාවෙහි වනාහි මවුපියන් කළුරිය කළකල්හි ඔවුන්ට කළමනා කටයුතු කොට මහාසත්ත්‍වයෝ මහබිනික්මන් කළහ’යි කියන ලදී.

එවං හිමවන‍්තං පවිසිත්‍වා ච තෙ බොධිසත‍්තප‍්පමුඛා එකං පදුමසරං නිස‍්සාය රමණීයෙ භූමිභාගෙ අස‍්සමං කත්‍වා පබ‍්බජිත්‍වා වනමූලඵලාහාරා යාපයිංසු. තෙසු උපකඤ‍්චනාදයො අට‍්ඨ ජනා වාරෙන ඵලාඵලං ආහරිත්‍වා එකස‍්මිං පාසාණඵලකෙ අත‍්තනො ඉතරෙසඤ‍්ච කොට‍්ඨාසෙ කත්‍වා ඝණ‍්ටිසඤ‍්ඤං දත්‍වා අත‍්තනො කොට‍්ඨාසං ආදාය වසනට‍්ඨානං පවිසන‍්ති. සෙසාපි ඝණ‍්ටිසඤ‍්ඤාය පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා අත‍්තනො අත‍්තනො පාපුණනකොට‍්ඨාසං ආදාය වසනට‍්ඨානං ගන‍්ත්‍වා පරිභුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්ති.

මෙසේ ඒ බෝධිසත්ත්‍වයන් ප්‍රධාන ඔවුහු හිමවතට පිවිස එක් පියුම් විලක් ඇසුරු කොට සිත්කළු බිම් පෙදෙසක අසපුවක් කොට පැවිදිව වනමුල්ගෙඩි ආහාරයෙන් යැපුනාහුය. ඔවුන් අතුරෙන් උපකඤ්චන ආදී අටදෙනා වරින් වර ඵලාඵල ගෙනවිත් එක් ගල් පුවරුවක තමාට හා සෙසු අයට කොටස් කොට තබා ගෙඩිය ගසා තමාගේ කොටස රැගෙන වසන තැනට පිවිසෙත්. සෙස්සෝ ද ගෙඩියේ හඬින් පන්සලෙන් නික්ම තමතමාට පැමිණි කොටස ගෙන වසන තැනට ගොස් වළඳා මහණදම් කරති.

අපරභාගෙ භිසානි ආහරිත්‍වා තථෙව ඛාදන‍්ති. තත්‍ථ තෙ ඝොරතපා පරමධිතින්‍ද්‍රියා කසිණපරිකම‍්මං කරොන‍්තා විහරිංසු. අථ නෙසං සීලතෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පි. සක‍්කො තං කාරණං ඤත්‍වා “ඉමෙ ඉසයො වීමංසිස‍්සාමී”ති අත‍්තනො ආනුභාවෙන මහාසත‍්තස‍්ස කොට‍්ඨාසෙ තයො දිවසෙ අන‍්තරධාපෙසි. මහාසත‍්තො පඨමදිවසෙ කොට‍්ඨාසං අදිස‍්වා “මම කොට‍්ඨාසො පමුට‍්ඨො භවිස‍්සතී”ති චින‍්තෙසි. දුතියදිවසෙ “මම දොසෙන භවිතබ‍්බං, පණාමනවසෙන මම කොට‍්ඨාසං න ඨපිතං මඤ‍්ඤෙ”ති චින‍්තෙසි. තතියදිවසෙ “තං කාරණං සුත්‍වා ඛමාපෙස‍්සාමී”ති සායන‍්හසමයෙ ඝණ‍්ටිසඤ‍්ඤං දත්‍වා තාය සඤ‍්ඤාය සබ‍්බෙසු සන‍්නිපතිතෙසු තමත්‍ථං ආරොචෙත්‍වා තීසුපි දිවසෙසු තෙහි ජෙට‍්ඨකොට‍්ඨාසස‍්ස ඨපිතභාවං සුත්‍වා “තුම‍්හෙහි මය‍්හං කොට‍්ඨාසො ඨපිතො, මයා පන න ලද‍්ධො, කිං නු ඛො කාරණ”න‍්ති ආහ. තං සුත්‍වා සබ‍්බෙව සංවෙගප‍්පත‍්තා අහෙසුං.

පසුකාලයෙහි නෙළුම් අල ගෙනවිත් එසේම අනුභව කරති. එහි එසේ බැරෑරුම් තපස් ඇත්තාහු පිරිවැරූ ඉඳුරන් ඇත්තාහු කිසුණු පිරියම් වඩමින් විසූහ. ඉක්බිති ඔවුන්ගේ ශීල තේජසින් ශක්‍රයාගේ භවන කම්පා විය. ශක්‍රයා ඒ කාරණය දැන “මේ සෘෂිවරුන් පරීක්‍ෂා කරන්නෙමි”යි තමාගේ ආනුභාවයෙන් මහාසත්ත්‍වයන්ගේ ආහාර කොටස් තුන් දවසක් අතුරුදන් කළේය. මහාසත්ත්‍වයෝ පළමු දවසෙහි කොටස නොදැක “මගේ කොටස මතක නැතිවූයේ වන්නේය’යි සිතූහ. දෙවන දවසෙහි “මාගේ වරදක් නිසා වියයුතුය. නෙරපීම් වශයෙන් මාගේ කොටස නො තබන ලදැයි හඟිමි’යි සිතූහ. තුන්වන දවසෙහි ඒ කාරණය අසා කමාකරවා ගන්නෙමි’යි සවස් වේලෙහි ගෙඩිය ශබ්ද කොට ඒ සංඥාවෙන් සියලු දෙනා රැස්වූ කල්හි ඒ කාරණය දන්වා දවස් තුනෙහිම ඔවුන් විසින් වැඩිමහළු කොටස තැබූ බව අසා “තොප විසින් මගේ කොටස තබන ලදී. මා විසින් වනාහි නො ලද්දේය. කාරණය කුමක්දැයි’ ඇසූහ. එය අසා සියල්ලෝම සංවේගයට පැමිණියාහුය.

තස‍්මිං අස‍්සමෙ රුක‍්ඛදෙවතාපි අත‍්තනො භවනතො ඔතරිත්‍වා තෙසං සන‍්තිකෙ නිසීදි. මනුස‍්සානං හත්‍ථතො පලායිත්‍වා අරඤ‍්ඤං පවිට‍්ඨො එකො වාරණො අහිතුණ‍්ඩිකහත්‍ථතො පලායිත්‍වා මුත‍්තො සප‍්පකීළාපනකො එකො වානරො ච තෙහි ඉසීහි කතපරිචයා තදා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. සක‍්කොපි “ඉසිගණං පරිග‍්ගණ‍්හිස‍්සාමී”ති අදිස‍්සමානකායො තත්‍ථෙව අට‍්ඨාසි. තස‍්මිඤ‍්ච ඛණෙ බොධිසත‍්තස‍්ස කනිට‍්ඨො උපකඤ‍්චනතාපසො උට‍්ඨාය බොධිසත‍්තං වන්‍දිත්‍වා සෙසානං අපචිතිං දස‍්සෙත්‍වා “අහං සඤ‍්ඤං පට‍්ඨපෙත්‍වා අත‍්තානඤ‍්ඤෙව සොධෙතුං ලභාමී”ති පුච‍්ඡිත්‍වා “ආම, ලභසී”ති වුත‍්තෙ ඉසිගණමජ‍්ඣෙ ඨත්‍වා සපථං කරොන‍්තො –

එම අසපුවෙහි වසන වෘක්‍ෂ දේවතාවාද තමාගේ විමානයෙන් බැස ඔවුන් සමීපයෙහි හුන්නේය. මිනිසුන්ගේ අතින් පලා ගොස් වනයට පිවිසි එක් ඇත්තෙක් ද, අහිගුණ්ඨිකයකුගේ අතින් පලා ගොස් ගැලවුනා වූ සර්‍පයන් නටවන එක් වඳුරෙක් ද ඒ ඍෂිවරුන් විසින් කරන ලද පුරුදු ඇත්තාහු එකල්හි ඔවුන්ගේ සමීපයට ගොස් එකත්පසෙක සිටියාහුය. ශක්‍රයාද ඍෂි සමූහයා පරීක්‍ෂා කරන්නෙමි’යි අදෘශ්‍යමාන ශරීර ඇතිව එහිම සිටියේය. එකෙණෙහිම බෝධිසත්ත්‍වයන්ගේ මයිලණු වූ උපකඤ්චන තාපසයා නැගිට බෝධිසත්ත්‍වයන් වැඳ සෙස්සන්ට ගෞරව දක්වා “මම සලකුණක් පිහිටුවා තමන්ම පිරිසිදු වීමට ලබන්නෙම්දැයි විමසා එසේය ලබන්නෙහිය’යි කී කල්හි ඍෂි සමූහයා මැද සිටගෙන දිවුරමින්,

“අස‍්සං ගවං රජතං ජාතරූපං, භරියඤ‍්ච සො ඉධ ලභතං මනාපං; පුත‍්තෙහි දාරෙහි සමඞ‍්ගි හොතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසී”ති. (ජා· 1.14.78) –

අස්සං ගවං රජතං ජාතරූපං භරියඤ්ච සො ඉධ ලභතං මනාපං පුත්තෙ හි දාරෙහි සමඞ්ගි හොතු භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසීති (ජාතක පාලි)

“බමුණාණෙනි! යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කළේද හෙතෙම අශ්වයකු, ගවයකු සහ රන්රිදී ද මනවඩන බිරිඳකද ලබාවා. පුත්‍රයන් සමඟත් බිරියන් සමඟත් එක්වේවා’යි

ඉමං ගාථං අභාසි. ඉමඤ‍්හි සො “යත‍්තකානි පියවත්‍ථූනි හොන‍්ති, තෙහි විප‍්පයොගෙ තත‍්තකානි දුක‍්ඛානි උප‍්පජ‍්ජන‍්තී”ති වත්‍ථුකාමෙ ගරහන‍්තො ආහ.

යන මේ ගාථාව කීවේය. ගාථාව වනාහි හෙතෙම යම්පමණ ප්‍රියවස්තූහු වෙත්ද ඒවායින් වෙන්වීමේදී එපමණ දුක් උපදින්නේය’යි වස්තුකාමයන්ට ගරහමින් කීයේය.

තං සුත්‍වා ඉසිගණො “මාරිස, මා කථය, අතිභාරියො තෙ සපථො”ති කණ‍්ණෙ පිදහි. බොධිසත‍්තොපි “අතිභාරියො තෙ සපථො, න, ත්‍වං තාත, ගණ‍්හසි, තව පත‍්තාසනෙ නිසීදා”ති ආහ. සෙසාපි සපථං කරොන‍්තා යථාක‍්කමං –

එය අසා තාපස සමූහයා “නිදුකාණනි! නො කියව. තොපගේ දිවුරුම ඉතාමත් බැරෑරුම්ය’යි කියා කන් වසා ගත්හ. බෝධිසත්ත්‍වයෝ ද නුඹගේ ඒ දිවුරුම ඉතාමත් බැරෑරුම්ය. දරුව! තොප නො ගත්තෙහිය, තොපට පැමිණි ආසනයෙහි හිඳුව’යි කීහ. සෙසු තාපසවරුද දිවුරන්නාහු පිළිවෙලින්,

“මාලඤ‍්ච සො කාසිකචන්‍දනඤ‍්ච, ධාරෙතු පුත‍්තස‍්ස බහූ භවන‍්තු; කාමෙසු තිබ‍්බං කුරුතං අපෙක‍්ඛං, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

මාලඤ්ච සො කාසික චන්‍දනඤ්ච ධාරෙතු පුත්තස්ස බහු භවන්තු කාමෙසු තිබ්බං කුරුතං අපෙක්‍ඛං භිසානි තෙ බ්‍රාහ්මණයො අහාසි.

“පහූතධඤ‍්ඤො කසිමා යසස‍්සී, පුත‍්තෙ ගිහී ධනිමා සබ‍්බකාමෙ; වයං අපස‍්සං ඝරමාවසාතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

පහුත ධඤ්ඤො කසිමා යසස්සී පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ වයං අපස්සං ඝරමාවසාතු භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි

“සො ඛත‍්තියො හොතු පසය‍්හකාරී, රාජාභිරාජා බලවා යසස‍්සී; සචාතුරන‍්තං මහිමාවසාතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

සො ඛත්තියො හොතු පසය්හකාරී රාජාධිරාජා බලවා යසස්සී සචාතුරන්තං මහිමා වසාතු භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි

“සො බ්‍රාහ‍්මණො හොතු අවීතරාගො, මුහුත‍්තනක‍්ඛත‍්තපථෙසු යුත‍්තො; පූජෙතු නං රට‍්ඨපතී යසස‍්සී, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

සො බ්‍රාහ්මණො හොතු අවීතරාගො මුහුත්ත නක්‍ඛත්ත පඨෙසු යුත්තො පුජෙතු නං රට්ඨපතී යසස්සී භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි

“අජ‍්ඣායකං සබ‍්බසමන‍්තවෙදං, තපස‍්සිනං මඤ‍්ඤතු සබ‍්බලොකො; පූජෙන‍්තු නං ජානපදා සමෙච‍්ච, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

අජ්ඣායකං සබ්බසමත්ත වෙදං තපස්සි නං මඤ්ඤතු සබ්බ ලොකො පුජෙන්තු නං ජානපදා සමෙච්ච භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි.

“චතුස‍්සදං ගාමවරං සමිද‍්ධං, දින‍්නඤ‍්හි සො භුඤ‍්ජතු වාසවෙන; අවීතරාගො මරණං උපෙතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

චතුස්සදං ගාමවරං සමිද්ධං දින්නං හි සො භුඤ්ජතු වාසවෙන අවීතරාගො මරණං උපෙතු භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි.

“සො ගාමණී හොතු සහායමජ‍්ඣෙ, නච‍්චෙහි ගීතෙහි පමොදමානො; සො රාජතො බ්‍යසනමාලත්‍ථ කිඤ‍්චි, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

සො ගාමණී හොතු සහාය මජ්ඣෙ නච්වේ හි ගීතෙහි පමොදමානො මා රාජතො ව්‍යසනමලත්‍ථ කිඤ්චි භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි.

“තං එකරාජා පථවිං විජෙත්‍වා, ඉත්‍ථීසහස‍්සස‍්ස ඨපෙතු අග‍්ගෙ; සීමන‍්තිනීනං පවරා භවාතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යා අහාසි.

තං එකරාජා පඨවිං විජිත්‍වා ඉත්‍ථි සහස්සස්ස ඨපෙතු අග්ගෙ සීමන්තීනීනං පවරා භවාතු භිසානි තෙ බ්‍රාහ්මණ! යා අහාසි

“ඉසීනඤ‍්හි සා සබ‍්බසමාගතානං, භුඤ‍්ජෙය්‍ය සාදුං අවිකම‍්පමානා; චරාතු ලාභෙන විකත්‍ථමානා, භිසානි තෙ බ්‍රාහණ යා අහාසි.

ඉසීනං හි සා සබ්බ සමාගතානං භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්ප මානා චරාතු ලාභෙන විකත්‍ථමානා භිසානි තෙ බ්‍රාහ්මණ! යා අහාසි

“ආවාසිකො හොතු මහාවිහාරෙ, නවකම‍්මිකො හොතු ගජඞ‍්ගලායං; ආලොකසන්‍ධිං දිවසං කරොතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

ආවාසිකො හොතු මහා විහාරෙ නව කම්මිකො හොතු කජඞ්ගලායං ආලොක සන්‍ධිං දිවසා කරොතු භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි

“සො බජ‍්ඣතං පාසසතෙහි ඡම‍්හි, රම‍්මා වනා නීයතු රාජධානිං; තුත‍්තෙහි සො හඤ‍්ඤතු පාචනෙහි, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

සො බජ්ඣතං පාසසතෙහි ඡම්හි රම්මාවනා නීය්‍යතු රාජධානීං තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසි

“අලක‍්කමාලී තිපුකණ‍්ණපිට‍්ඨො, ලට‍්ඨීහතො සප‍්පමුඛං උපෙතු; සකච‍්ඡබන්‍ධො විසිඛං චරාතු, භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසී”ති. (ජා· 1.14.79-90) –

අලක්කමාලී තිපුකණ්ණ පිට්ඨො ලට්ඨහතො සප්පමුඛං උපෙතු සකච්ඡබන්‍ධො විසිඛං චරාතු භිසානි තෙ බ්‍රාහ්මණ! යො අහාසීති. (ජාතක පාලිය)

“බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම මල්දම්ද කසී සඳුන්ද දරාවා. ඔහුට දරුවෝ ද බොහෝ වෙත්වා. හෙතෙම කාමයන්හි බොහෝ වූ අපේක්‍ෂාව කෙරේවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම බොහෝ ධන්‍ය ඇති, සාර්ථක සී සෑම් ඇති පිරිවර ඇත්තෙක් ද වේවා. පුතුන් ලබාවා. ගිහිගෙයි වෙසේවා. සත් වැදෑරූම් ධන ඇත්තෙක් වේවා. රූපාදී හැම කම් සැපයක්ම ලබාවා. වයස නොදැක ගිහියෙක්ව වාසය කෙරේවා.

බමුණාණෙනි යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කළේද හෙතෙම රජුන්ටත් රජ වූ බලවත් වූ පිරිවර ඇති බලහත්කාරකම් කරන ක්‍ෂත්‍රියයෙක් වේවා. මුහුදු හිම් කොට ඇති සතරමහාද්වීපයට අධිපතිව වෙසේවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කළේද හෙතෙම පහනොවූ රාග ඇත්තෙක් වේවා. මුහුර්තීන්හි හා නක්‍ෂත්‍රයෙහි නියුක්ත වූ බමුණෙක් වේවා. පිරිවර ඇති රජතෙම ඔහු පුදාවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කළේද හේ මන්ත්‍ර හදාරන වේදය සම්පූර්‍ණයෙන් හදාළ තවුසෙකැයි ලෝවැසියා සිතාවා. දනව්වැසියෝ එක්ව ඔහු පුදත්වා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම කරුණු සතරකින් උත්සන්න වූ, ශක්‍රයා දුන්නා වැනි සමෘද්ධ වූ ගම්වරය අනුභව කෙරේවා. පහනොකළ ආශා ඇත්තෙක්ව මරණයට පැමිණේවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම මිතුරන් මැද නැටුම් ගැයුම්වලින් ප්‍රීතිවන ගම්දෙටුවෙක් වේවා. රජුගෙන් විපත් කිසිත් නොලබාවා.

බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙළුම් අල සොරකම් කළාද ප්‍රධාන රජෙක් පොළොව දිනා ස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරෙහි තබාවා. ඕ ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියක් වේවා.

බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙළුම් අල සොරකම් කොට කෑවා නම් ඕතොමෝ රැස්වූ සෘෂිවරුන් මැද හිඳ පැකිලීම් රහිතව රසය බුදීවා. ලාභය සඳහා ඉඳුරන් පිනවන වෙස්ගෙන ලාභ ඉපයීමට හැකිවේවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම කජංගල නගරයේ මහ වෙහෙරෙක නවකම් කරන ආවාසිකයෙක් වේවා. දවසකින් එක් කවුළුවක් කෙරේවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේද හෙතෙම සය තැනෙක සියගණන් බැමිවලින් බැඳේවා. රම්‍ය වූ වනයෙන් රාජධානියට ගෙනයේවා. හෙතෙම කටුසැමිටියෙන් හා කෙවිටින් පෙළණු ලබාවා.

බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කළේද හෙතෙම වරාමල් මාලාවක් ගෙල පැළැඳ ඊයම් කන් පළඳනා පැළැඳ යටියෙන් පහර දෙමින් සර්‍පයන් ඉදිරියට පමුණුවාවා. බඳින ලද ඉඟටිය ඇතිව මාර්‍ගයේ හසුරුවාවා

ඉමා ගාථායො අවොචුං.

යනුවෙන් මේ ගාථාවන් කීහ.

තත්‍ථ තිබ‍්බන‍්ති වත්‍ථුකාමකිලෙසකාමෙසු බහලං අපෙක‍්ඛං කරොතු. කසිමාති සම‍්පන‍්නකසිකම‍්මො. පුත‍්තෙ ගිහී ධනිමා සබ‍්බකාමෙති පුත‍්තෙ ලභතු, ගිහී හොතු, සත‍්තවිධෙන ධනෙන ධනිමා හොතු, රූපාදිභෙදෙ සබ‍්බකාමෙ ලභතු. වයං අපස‍්සන‍්ති මහල‍්ලකකාලෙපි අපබ‍්බජිත්‍වා අත‍්තනො වයං අපස‍්සන‍්තො පඤ‍්චකාමගුණසමිද‍්ධං ඝරමෙව ආවසතු. රාජාභිරාජාති රාජූනං අන‍්තරෙ අතිරාජා. අවීතරාගොති පුරොහිතට‍්ඨානතණ‍්හාය සතණ‍්හො. තපස‍්සිනන‍්ති තපසීලං, සීලසම‍්පන‍්නොති නං මඤ‍්ඤතු. චතුස‍්සදන‍්ති ආකිණ‍්ණමනුස‍්සතාය මනුස‍්සෙහි පහූතධඤ‍්ඤතාය ධඤ‍්ඤෙන සුලභදාරුතාය දාරූහි සම‍්පන‍්නොදකතාය උදකෙනාති චතූහි උස‍්සන‍්නං. වාසවෙනාති වාසවෙන දින‍්නං විය අචලං, වාසවතො ලද‍්ධවරානුභාවෙනෙව රාජානං ආරාධෙත්‍වා තෙන දින‍්නන‍්තිපි අත්‍ථො. අවීතරාගොති අවිගතරාගො කද‍්දමෙ සූකරො විය කාමපඞ‍්කෙ නිමුග‍්ගොව හොතු.

එහි “තිබ්බං” යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩිව අපේක්‍ෂා කෙරේවා. “කසිමා” යනු සමෘද්ධ වූ කෘෂිකර්‍ම ඇත්තේ. “පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ” යනු දරුවන් ලබාවා, ගිහියකු වේවා, සත්විධ ධනයෙන් ධනවතෙක් වේවා, රූපාදි ප්‍රභේදගත සියලු කාමයන් ලබාවා, “වයං අපස්සං” යනු මහළු කලද පැවිදි නොවී තමාගේ වයස නොදකින්නේ පඤ්චකාම ගුණයෙන් සමෘද්ධ වූ ගෙයිම වසාවා. “රාජාධිරාජා” යනු රජවරුන් අතර අධිරාජ වූ “අවීතරාගො” යනු පුරෝහිත තනතුරෙහි ආශාව නිසා තණ්හා සහිත වූ “තපස්සී නං” යනු තපසින් හා ශීලයෙන් යුක්ත වූවෙකැයි ඔහු ගැන හඟීවා. “චතුස්ස දං” යනු මිනිසුන්ගෙන් ගැවසීගත් බැවින් මිනිසුන්ගෙන්ද, බොහෝ ධන්‍ය ඇති බැවින් ධන්‍යයෙන්ද, දර සුලබ බැවින් දර වලින්ද, ජලය ඇති බැවින් ජලයෙන්ද යන මේ සතරින් උත්සන්න වූ “වාසවෙන” යනු ශක්‍රයා විසින් දෙන ලද්දක් මෙන් නොසෙල්වෙන, ශක්‍රයා විසින් දෙන ලද වරයක ආනුභාවයෙන් එක් රජෙකු සතුටු කොට. ඔහු විසින් දෙන ලද යනුද අර්‍ථයකි. “අවීතරාගො” යනු මඩවලෙහි ඌරා මෙන් කාම නැමති මඩෙහි ගිලුනෙක්ම වේවා.

ගාමණීති ගාමජෙට‍්ඨකො. තන‍්ති තං ඉත්‍ථිං. එකරාජාති අග‍්ගරාජා. ඉත්‍ථීසහස‍්සස‍්සාති වචනමට‍්ඨතාය වුත‍්තං. සොළසන‍්නං ඉත්‍ථිසහස‍්සානං අග‍්ගට‍්ඨානෙ ඨපෙතූති අත්‍ථො. සීමන‍්තිනීනන‍්ති සීමන‍්තධරානං, ඉත්‍ථීනන‍්ති අත්‍ථො. සබ‍්බසමාගතානන‍්ති සබ‍්බෙසං සන‍්නිපතිතානං මජ‍්ඣෙ නිසීදිත්‍වා. අවිකම‍්පමානාති අනොසක‍්කමානා සාදුරසං භුඤ‍්ජතූති අත්‍ථො. චරාතු ලාභෙන විකත්‍ථමානාති ලාභහෙතු සිඞ‍්ගාරවෙසං ගහෙත්‍වා ලාභං උප‍්පාදෙතුං චරතු. ආවාසිකොති ආවාසජග‍්ගනකො. ගජඞ‍්ගලායන‍්ති එවංනාමකෙ නගරෙ. තත්‍ථ කිර දබ‍්බසම‍්භාරා සුලභා. ආලොකසන්‍ධිං දිවසන‍්ති එකදිවසෙන එකමෙව වාතපානං කරොතු. සො කිර දෙවපුත‍්තො කස‍්සපබුද‍්ධකාලෙ ගජඞ‍්ගලනගරං නිස‍්සාය යොජනිකෙ මහාවිහාරෙ ආවාසිකො සඞ‍්ඝත්‍ථෙරො හුත්‍වා ජිණ‍්ණෙ විහාරෙ නවකම‍්මානි කරොන‍්තොව මහාදුක‍්ඛං අනුභවි, තං සන්‍ධායාහ.

“ගාමණී” යනු ගම් දෙටුවා. “තං” යනු ඒ ස්ත්‍රීය. “එකරාජා” යනු අගරජ “ඉත්‍ථිසහස්සස්ස” යයි වචනයක් අට්ඨකථාවෙහි කියන ලදී. සොළොස් දහසක් ස්ත්‍රීන්ට අගතනතුරෙහි තබාවා යන අර්‍ථයයි. “සීමන්තිනීනං” යනු සීමන්තය (හිසකේ දෙකට බෙදා පීරීමෙන් ඇතිවන ඉර) දරන්නන්ට, ස්ත්‍රීන්ට යන අර්‍ථයයි. “සබ්බ සමාගතානං” යනු රැස්වූ සියලු දෙනා මැද හිඳ, “අවිකම්පමානා” යනු පසු නොබැස රස බොජුන් අනුභව කෙරේවා යන අර්‍ථයයි. “චරාතු ලාභෙන විකත්‍ථමානා” යනු ලාභ හේතුවෙන් ශෘඞ්ගාර වේශයක් ගෙන ලාභ ඉපිදවීමට හැසිරේවා. “ආවාසිකො” යනු ආවාස රැකීම කරන්නෙක් “කජඞ්ගලායං” යනු එනම් වූ නගරයෙහි, එහි වනාහි ලී දඬු ද්‍රව්‍ය සුලබය. “ආලොක සන්‍ධිං දිවසා” යනු එක දවසකට එකම කවුලුවක් කෙරේවා. ඒ දේවපුත්‍රයා වනාහි කාශ්‍යප බුද්ධ කාලයෙහි කජඞ්ගල නගරය ඇසුරු කොට යොදුනක් පමණ වූ මහා විහාරයක නේවාසික සංඝස්ථවිරයන් වී දිරාගිය විහාරයෙහි නවකම් කරන්නෙක්ව මහත් දුකක් අනුභව කළේය. ඒ සඳහා කියන ලදී.

පාසසතෙහීති බහූහි පාසෙහි. ඡම‍්හීති චතූසු පාදෙසු ගීවාය කටිභාගෙ චාති ඡසු ඨානෙසු. තුත‍්තෙහීති ද‍්විකණ‍්ටකාහි දීඝලට‍්ඨීහි. පාචනෙහීති රස‍්සපාචනෙහි, අඞ‍්කුසකෙහි වා. අලක‍්කමාලීති අහිතුණ‍්ඩිකෙන කණ‍්ඨෙ පරික‍්ඛිපිත්‍වා ඨපිතාය අලක‍්කමාලාය සමන‍්නාගතො. තිපුකණ‍්ණපිට‍්ඨොති තිපුපිළන්‍ධනෙන පිළන්‍ධිතපිට‍්ඨිකණ‍්ණො කණ‍්ණපිට‍්ඨො. ලට‍්ඨිහතොති සප‍්පකීළාපනං සික‍්ඛාපයමානො ලට‍්ඨියා හතො හුත්‍වා. සබ‍්බං තෙ කාමභොගං ඝරාවාසං අත‍්තනා අත‍්තනා අනුභූතදුක‍්ඛඤ‍්ච ජිගුච‍්ඡන‍්තා තථා තථා සපථං කරොන‍්තා එවමාහංසු.

“පාසසතෙහි” යනු බොහෝ මලපුඬුවලින් “ඡම්හි” යනු පා සතරෙහිත් ගෙලෙහිත් ඉඟ ප්‍රදේශයෙහිත් යන සය තැන්හි “තුත්තෙහි” යනු කටු දෙකක් සහිත දිග සැරයටිවලින් “පාචනෙහි” යනු කෙටි කෙවිටිවලින්, නැතහොත් හෙණ්ඩුවලින් “අලක්කමාලී” යනු අහිගුණ්ඨිකයා විසින් ගෙලෙහි වටකොට තබන ලද වරාමල් මාලාවෙන් යුක්ත වූ. “තිපුකණ්ණ පිට්ඨො” යනු ඊයම් පළඳනාවෙන් පළඳින ලද පිටිකන් ඇත්තේ, කන්පිට ඇත්තේ. “ලට්ඨිහතො” යනු සර්‍ප ක්‍රීඩාව සඳහා හික්මවනු ලබන්නේ සැරයටියෙන් පහර ලැබූවෙක්ව ඔවුහු කාමභෝගී ගෘහවාසය ද තම තමා අත්විඳි දුක්ද යන සියල්ල පිළිකුල් කරමින් එසේ එසේ දිවුරන්නාහු මෙසේ කීහ.

අථ බොධිසත‍්තො “සබ‍්බෙහි ඉමෙහි සපථො කතො, මයාපි කාතුං වට‍්ටතී”ති සපථං කරොන‍්තො –

ඉක්බිති බෝධිසත්ත්‍වයෝ “මේ සියලු දෙනා විසින් දිවුරන ලදී. ම විසින් ද සපථය කිරීම වටීය’යි දිවුරන්නාහු.

“යො වෙ අනට‍්ඨංව නට‍්ඨන‍්ති චාහ, කාමෙව සො ලභතං භුඤ‍්ජතඤ‍්ච; අගාරමජ‍්ඣෙ මරණං උපෙතු, යො වා භොන‍්තො සඞ‍්කති කඤ‍්චි දෙවා”ති. (ජා· 1.14.91) –

‘යොවෙ අනට්ඨං නට්ඨන්ති චාහ කාමෙ ච සො ලභතං භුඤ්ජතඤ්ච අගාර මජ්ඣෙ මරණං උපෙතු යො වා භොන්තො සුසඞ්කති කඤ්චි දෙවා’ති (ජාතක පාලිය)

“යමෙක් නැති නොවූ දෙය නැති වී යයි කීවේද, යමෙක් තොපගෙන් යමෙකු කෙරෙහි සැක කළේද හේ පංචකාමය ලබාවා. එය අනුභව කෙරේවා. ගිහිගෙයි දී මරණයට පැමිණේවායි.

ඉමං ගාථමාහ.

මේ ගාථාව කීහ.

තත්‍ථ භොන‍්තොති භවන‍්තො. සඞ‍්කතීති ආසඞ‍්කති. කඤ‍්චීති අඤ‍්ඤතරං.

එහි “භොන්තො” යනු පින්වත්හු. “සුසඞ්කති” යනු සැක කරයි. “කඤ්චි” යනු කිසිවෙකු.

අථ සක‍්කො “සබ‍්බෙපිමෙ කාමෙසු නිරපෙක‍්ඛා”ති ජානිත්‍වා සංවිග‍්ගමානසො න ඉමෙසු කෙනචිපි භිසානි නීතානි, නාපි තයා අනට‍්ඨං නට‍්ඨන‍්ති වුත‍්තං, අපිච අහං තුම‍්හෙ වීමංසිතුකාමො අන‍්තරධාපෙසින‍්ති දස‍්සෙන‍්තො –

ඉක්බිති ශක්‍රතෙම මේ සියල්ලෝම කාමයන්හි නිරපේක්‍ෂ වූවෝයයි දැන සංවේගයට පත් සිත් ඇත්තේ “මොවුන් අතරින් කිසිවෙකුත් නෙළුම් අල නොගෙන යන ලදී. තොප විසින් නොනැසූ දෙයක් නැසුනේ යයි කියන ලද්දේත් නොවෙයි. එසේ වුවත් මම තොප විමසනු කැමැත්තේ අතුරුදහන් කෙළෙමි’යි දක්වමින්,

“වීමංසමානො ඉසිනො භිසානි, තීරෙ ගහෙත්‍වාන ථලෙ නිධෙසිං; සුද‍්ධා අපාපා ඉසයො වසන‍්ති, එතානි තෙ බ්‍රහ‍්මචාරී භිසානී”ති. (ජා· 1.14.95) –

වීමංසමානො ඉසිනො භිසානි තීරෙ ගහෙත්‍වාන ථලෙ නිධෙසිං සුද්ධා අපාපා ඉසයො වසන්ති එතානි තෙ බ්‍රහ්මචාරී භිසානීති (ජාතක පාලිය)

“බඹසැරියාණෙනි, ඉසිවරයන් විමසන්නා වූ මම ඉවුරෙහි වූ නෙළුම් අල ගොඩ සැඟවීමි. ඉසිවරු පවිත්‍රව පව් රහිතව වෙසෙත්. මේ තොපගේ නෙළුම් අල වේ” යැයි

ඔසානගාථමාහ.

අවසාන ගාථාව කීය.

තං සුත්‍වා බොධිසත‍්තො –

එය අසා බෝධිසත්ත්‍වයෝ

“න තෙ නටා නො පන කීළනෙය්‍යා, න බන්‍ධවා නො පන තෙ සහායා; කිස‍්මිං වුපත්‍ථම‍්භ සහස‍්සනෙත‍්ත, ඉසීහි ත්‍වං කීළසි දෙවරාජා”ති. (ජා· 1.14.96) –

න තෙ නටා නො පන කීළනෙය්‍යා න බන්‍ධවා නො පන තෙ සහාසා කිස්මිං පරත්‍ථම්භ සහස්සනෙත්ත ඉසීහි ත්‍වං කීළසි දෙවරාජාති. (ජාතක පාලිය)

දහසක් ඇස් ඇත්තාණනි, අපි තොපගේ නළුවෝ නොවෙමු. ක්‍රීඩකයෝ නොවෙමු. නෑයෝද නොවෙමු. කවටකම් කළයුත්තෝ නොවෙමු. දෙව් රජුනි. තෙපි තවුසන් සමග කුමක් නිසා ක්‍රීඩා කරවුද?යි

සක‍්කං තජ‍්ජෙසි.

ශක්‍රයා හට තර්ජනය කළහ.

අථ නං සක‍්කො –

ඉක්බිති ශක්‍රතෙම:-

“ආචරියො මෙසි පිතා ච මය‍්හං, එසා පතිට‍්ඨා ඛලිතස‍්ස බ්‍රහ‍්මෙ; එකාපරාධං ඛම භූරිපඤ‍්ඤ, න පණ‍්ඩිතා කොධබලා භවන‍්තී”ති. (ජා· 1.14.97) –

ආචරියො මෙසි පිතාව මය්හං එසා පතිට්ඨා ඛලිතස්ස බ්‍රහ්මෙ එකාපරාධං ඛම භූරිපඤ්ඤ න පණ්ඩිතා කොධබලා භවන්තී’ති (ජාතක පාලිය)

“මහා ප්‍රාඥය, තෙපි මාගේ ගුරුතුමා වවු. මාගේ පියාද වවු. මා කළ වරදට ඔබවහන්සේගේ පා සෙවණ පිහිට වේවා. මා කළ වරදට කමා කරන්නේ මැනවි. නුවණැත්තෝ ක්‍රෝධය බලය කොට ඇත්තෝ නොවෙති’යි.

ඛමාපෙසි.

ක්‍ෂමා කරවීය.

මහාසත‍්තො සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො ඛමිත්‍වා සයං ඉසිගණං ඛමාපෙන‍්තො –

මහාසත්ත්‍වයෝ සක්දෙව් රජුට ක්‍ෂමාකොට තමා ඍෂි සමූහයා ක්‍ෂමා කරවන්නාහු:-

“සුවාසිතං ඉසිනං එකරත‍්තං, යං වාසවං භූතපතිද‍්දසාම; සබ‍්බෙව භොන‍්තො සුමනා භවන‍්තු, යං බ්‍රාහ‍්මණො පච‍්චුපාදී භිසානී”ති. (ජා· 1.14.98) –

“සුවාසිතං ඉසිනං එකරත්තං යං වාසවං භූතපතිද්දසාම සබ්බෙ ව භොන්තො සුමනා භවන්තු යං බ්‍රාහ්මණො පච්චපාදී භිසානීති (ජාතක පාලිය)

“තවුසන්ගේ මේ වනයෙහි එක් රැයක් විසීම ද මනා විසීමකි. භූතාධිපති ශක්‍රයා දුටුම ද එහෙයිනි. ඔබගේ ඇදුරු බමුණා නෙළුම් අල පසුව ලදුයෙන් පින්වත් ඔබ හැම සතුටු සිත් ඇත්තෝ වෙත්වායි.

ආහ.

කීහ.

තත්‍ථ න තෙ නටාති, දෙවරාජ, මයං තව නටා වා කීළිතබ‍්බයුත‍්තකා වා න හොම. නාපි තව ඤාතකා, සහායා හස‍්සං කාතබ‍්බා. අථ ත්‍වං කිස‍්මිං වුපත්‍ථම‍්භාති කිං උපත්‍ථම‍්භකං කත්‍වා, කිං නිස‍්සාය ඉසීහි සද‍්ධිං කීළසීති අත්‍ථො. එසා පතිට‍්ඨාති එසා තව පාදච‍්ඡායා අජ‍්ජ මම ඛලිතස‍්ස අපරාධස‍්ස පතිට‍්ඨා හොතු. සුවාසිතන‍්ති ආයස‍්මන‍්තානං ඉසීනං එකරත‍්තිම‍්පි ඉමස‍්මිං අරඤ‍්ඤෙ වසිතං සුවසිතමෙව. කිංකාරණා? යං වාසවං භූතපතිං අද‍්දසාම. සචෙ හි මයං නගරෙ අවසිම‍්හා, න ඉමං අද‍්දසාම. භොන‍්තොති භවන‍්තො. සබ‍්බෙපි සුමනා භවන‍්තු තුස‍්සන‍්තු, සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො ඛමන‍්තු, කිංකාරණා? යං බ්‍රාහ‍්මණො පච‍්චුපාදී භිසානි යස‍්මා තුම‍්හාකං ආචරියො භිසානි අලභීති. සක‍්කො ඉසිගණං වන්‍දිත්‍වා දෙවලොකං ගතො. ඉසිගණොපි ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

එහි “න තෙ නටා” යනු දේවරාජය! අපි නුඹගේ නළුවෝ හෝ ක්‍රීඩා කළ යුත්තෝ හෝ නොවෙමු. නුඹගේ නෑයෝ ද නොවෙමු. “සහාසා” යනු කවටකම් කළ යුත්තේ ඉක්බිති නුඹ “කිස්මිං පරත්‍ථම්හ” යනු කුමක් ආධාරකොට ගෙන, කුමක් නිසා සෘෂීවරුන් සමග ක්‍රීඩා කරන්නෙහිද යන අර්‍ථයයි. “එසා පතිට්ඨා” යනු ඔබගේ ඒ පා සෙවණ අද මම කළ අපරාධයට පිහිට වේවා. “සුවාසිතං” යනු ආයුෂ්මත් ඍෂිවරුන්ගේ මේ වනයෙහි විසූ එක් රැය පවා යහපත් විසීමක්මය. කුමන කරුණක් නිසාද? භූතාධිපති ශක්‍රයා දුටිමුද, ඒ නිසාය. ඉදින් අපි නගරයෙහි විසූවෙමු නම් මොහු නොදකිමු. “භොන්තො” යනු පින්වත්හු, සියල්ලෝම “සුමනා භවන්තු” සතුටු සිත් ඇත්තෝ වෙත්වා, සතුටු වෙත්වා. සක් දෙව්රජුට ක්‍ෂමා කරත්වා. කුමන කරුණක් නිසාද? “යං බ්‍රාහ්මණො පච්චපාදී භිසානි” යම්හෙයකින් තොපගේ ඇඳුරුතුමා නෙළුම් අල ලැබුවේද ඒ නිසාය. ශක්‍ර තෙම සෘෂි සමූහයාට වැඳ දෙව්ලොවට ගියේය. ඍෂි සමූහයාද ධ්‍යාන අභිඥා උපදවා බඹලොව ගියහ.

තදා උපකඤ‍්චනාදයො ඡ භාතරො සාරිපුත‍්තමොග‍්ගල‍්ලානමහාකස‍්සපඅනුරුද‍්ධපුණ‍්ණආනන්‍දත්‍ථෙරා, භගිනී උප‍්පලවණ‍්ණා, දාසී ඛුජ‍්ජුත‍්තරා, දාසො චිත‍්තො ගහපති, රුක‍්ඛදෙවතා සාතාගිරො, වාරණො පාලිලෙය්‍යනාගො, වානරො මධුවාසිට‍්ඨො, සක‍්කො කාළුදායී, මහාකඤ‍්චනතාපසො ලොකනාථො.

එකල්හි උපකඤ්චන ආදී සහෝදරයෝ හය දෙන සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, අනුරුද්ධ, පුණ්ණ, ආනන්‍ද යන තෙරවරුය. සොහොයුරිය උප්පලවණ්ණාය. දාසිය ඛුජ්ජුත්තරාය. දාසයා චිත්ත ගෘහපතිය වෘක්‍ෂ දේවතාවා සාතාගිරය. ඇතා පාරිලෙය්‍ය ඇතාය. වඳුරා මධුවාසිට්ඨය, ශක්‍රයා කාලුදායී තෙරය. මහා කඤ්චන තාපසයා නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව දස පාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තථා අච‍්චන‍්තමෙව කාමෙසු අනපෙක‍්ඛතාදයො ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

මෙහිද යට කියන ලද ක්‍රමයටම උන්වහන්සේගේ දශ පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. එසේ කාමයන්හි අතිශයින් නිරපේක්‍ෂතාව ආදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

භිසචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවුවෙනි මහා කඤ්චන චරිතයයි.