3. අයොඝරචරියාවණ්ණනා අට්ඨකථා
3. අයොඝරචරියාවණ්ණනා
3. අයොඝර චරියා වර්ණනාව
264. “පුනාපරං යදාහොමි කාසිරාජස්ස අත්රජො අයොඝරම්හි සංවඩ්ඪො නාමෙනාසි අයොඝරො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි (මම) කාසි රජුගේ පුත්‍රයා වීම්ද (එකල්හි) අයෝඝරයක (යකඩ ගෙයක) වැඩුනෙමි. (එහෙයින්) නමින් “අයොඝර” යයි ප්‍රකට වීමි.
තතියෙ අයොඝරම්හි සංවඩ්ඪොති අමනුස්සඋපද්දවපරිවජ්ජනත්ථං චතුරස්සසාලවසෙන කතෙ මහති සබ්බඅයොමයෙ ගෙහෙ සංවඩ්ඪො. නාමෙනාසි අයොඝරොති අයොඝරෙ ජාතසංවඩ්ඪභාවෙනෙව “අයොඝරකුමාරො”ති නාමෙන පාකටො අහොසි.
තුන්වෙනි (අයොඝර චරිතයෙහි) “අයොඝරම්හි සංවඩ්ඪො” යනු අමනුෂ්‍ය උපද්‍රව දුරුකිරීම සඳහා සතරැස් වශයෙන් කළ සියල්ල යකඩින් නිර්මාණය වූ මහත් වූ ගෙයි වැඩුණු, “නාමෙනාසි අයොඝරො” යනු යකඩ ගෙයක උපන් බැවින් හා වැඩුණු බැවින් “අයොඝරකුමාර” යයි නමින් ප්‍රකට විය.
තදා හි කාසිරඤ්ඤො අග්ගමහෙසියා පුරිමත්තභාවෙ සපත්ති “තව ජාතං ජාතං පජං ඛාදෙය්ය”න්ති පත්ථනං පට්ඨපෙත්වා යක්ඛිනියොනියං නිබ්බත්තා ඔකාසං ලභිත්වා තස්සා විජාතකාලෙ ද්වෙ වාරෙ පුත්තෙ ඛාදි. තතියවාරෙ පන බොධිසත්තො තස්සා කුච්ඡියං පටිසන්ධිං ගණ්හි. රාජා “දෙවියා ජාතං ජාතං පජං එකා යක්ඛිනී ඛාදති, කිං නු ඛො කාතබ්බ”න්ති මනුස්සෙහි සම්මන්තෙත්වා “අමනුස්සා නාම අයොඝරස්ස භායන්ති, අයොඝරං කාතුං වට්ටතී”ති වුත්තෙ කම්මාරෙ ආණාපෙත්වා ථම්භෙ ආදිං කත්වා අයොමයෙහෙව සබ්බගෙහසම්භාරෙහි චතුරස්සසාලං මහන්තං අයොඝරං නිට්ඨාපෙත්වා පරිපක්කගබ්භං දෙවිං තත්ථ වාසෙසි. සා තත්ථ ධඤ්ඤපුඤ්ඤලක්ඛණං පුත්තං විජායි. “අයොඝරකුමාරො”ත්වෙවස්ස නාමං කරිංසු. තං ධාතීනං දත්වා මහන්තං ආරක්ඛං සංවිදහිත්වා රාජා දෙවිං අන්තෙපුරං ආනෙසි. යක්ඛිනීපි උදකවාරං ගන්ත්වා වෙස්සවණස්ස උදකං වහන්තී ජීවිතක්ඛයං පත්තා.
එකල්හි වනාහි කසීරජුගේ අගමෙහෙසියගේ පෙර ආත්මභාවයෙහි සපත්නියක් “නුඹ වැදූ වැදූ දරුවන් කන්නෙමි’යි ප්‍රාර්ථනාවක් තබා යක්ෂණි ආත්මයක උපත ලබා අවසර ලැබ ඇය දරුවන් බිහිකළ කල්හි දෙවරක් දරුවන් කෑවාය. තුන්වන වාරයෙහි වනාහි බෝධිසත්ත්වයෝ ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්හ. රජතුමා දේවිය වැදූ වැදූ දරුවන් එක් යක්ෂණියක් කයි. කුමක් කළ යුතුදැයි මිනිසුන් සමග කථා කොට “අමුනුෂ්‍යයෝ නම් යකඩ ගෙයට බියවෙත්. අයෝඝරයක් කිරීම වටීයයි කීකල්හි කම්කරුවන්ට අණකොට ටැම් ආදිකොට යකඩින්ම කළ සියලු වස්තූන් සහිත සතරැස් මහා අයෝඝරයක් නිමවා පිරිපුන් ගැබ් ඇති දේවිය එහි වාසය කරවීය. එතුමිය එහි ධන්යපුණ්ය ලක්ෂණයෙන් යුක්ත වූ පුතෙකු වැදුවාය. ඔහුට “අයෝඝර කුමාර” යයි කියාම නම් කළහ. දරුවා කිරිමවුන්ට භාරදී මහත් වූ රැකවල් ඇති කොට රජතුමා දේවිය අන්තඃපුරයට පැමිණවීය. යක්ෂණිය දියවාරයට ගොස් වෙසමුණි රජුට ජලය ගෙන යන්නී මරණයට පත් වූවාය.
මහාසත්තො අයොඝරෙයෙව වඩ්ඪිත්වා විඤ්ඤුතං පත්තො, තත්ථෙව සබ්බසිප්පානි උග්ගණ්හි. රාජා පුත්තං සොළසවස්සුද්දෙසිකං විදිත්වා “රජ්ජමස්ස දස්සාමී”ති අමච්චෙ ආණාපෙසි – “පුත්තං මෙ ආනෙථා”ති. තෙ “සාධු, දෙවා”ති නගරං අලඞ්කාරාපෙත්වා සබ්බාලඞ්කාරවිභූසිතං මඞ්ගලවාරණං ආදාය තත්ථ ගන්ත්වා කුමාරං අලඞ්කරිත්වා හත්ථික්ඛන්ධෙ නිසීදාපෙත්වා නගරං පදක්ඛිණං කාරෙත්වා රඤ්ඤො දස්සෙසුං. මහාසත්තො රාජානං වන්දිත්වා අට්ඨාසි. රාජා තස්ස සරීරසොභං ඔලොකෙත්වා බලවසිනෙහෙන තං ආලිඞ්ගිත්වා “අජ්ජෙව මෙ පුත්තං අභිසිඤ්චථා”ති අමච්චෙ ආණාපෙසි. මහාසත්තො පිතරං වන්දිත්වා “න මය්හං රජ්ජෙන අත්ථො, අහං පබ්බජිස්සාමි, පබ්බජ්ජං මෙ අනුජානාථා”ති ආහ. තෙන වුත්තං “දුක්ඛෙන ජීවිතො ලද්ධො”තිආදි.
මහාසත්ත්වයෝ යකඩ ගෙයිම වැඩී නුවණැති බවට පැමිණියාහු එහිම සියලු ශිල්ප ඉගෙන ගත්හ. රජතුමා පුතා සොළොස් හැවිරිදි නියාව දැන “මොහුට රාජ්‍යය දෙමි”යි “මගේ පුතා ගෙන එව්” යයි ඇමතියන්ට අණකළේය. ඔවුහු “දේවයන් වහන්ස, යහපතැ”යි කියා නගරය අලංකාර කරවා සියලු අලංකාරයෙන් සැරසූ මඞ්ගල හස්තියා ගෙන එහි ගොස් කුමාරයා සරසා ඇත්කඳ පිට හිඳුවා නගරය ප්රදක්ෂිණා කරවා රජුට දැක්වූහ. මහාසත්ත්වයෝ රජුට වැඳ සිටියහ. රජතුමා ඔහුගේ ශරීර ශෝභාව බලා බලවත් සෙනෙහසින් ඔහු වැළඳගෙන “අදම මගේ පුතා අභිෂේක කරව්” යයි ඇමතියන්ට අණ කළේය. මහාසත්ත්වයෝ පියාණන්ට වැඳ “මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත, මම පැවිදි වන්නෙමි, මට පැවිද්දට අවසර දෙනු මැනව”යි කීහ. එහෙයින් “දුක්ඛෙ න ජීවිතං ලද්ධං” යනාදිය වදාරණ ලදී.
265. “දුක්ඛෙ න ජීවිතං ලද්ධෙං සම්පීළෙ පතිපොසිතො අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධං ඉමං”
266. “සකරට්ඨ කං සනිගමං සජනං වන්දිත්වා ඛත්තියං අඤ්ජලිං පග්ගහෙත්වාන ඉදං වචනමබ්රැවිං”
267. “යෙ කෙචි මහියා සත්තා හීනමුක්කට්ඨ මජ්ඣිමා නිරාරක්ඛා සකෙ ගෙහෙ වඩ්ඪන්ති සඤ්ඤාතිහි”
268. “ඉදං ලොකෙ උත්තරියං සම්පීළෙ මම පොසනං අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ චන්දසුරියෙ”
269. “පුතිකුණපසම්පුණ්ණා මුචචිත්වා මාතුකුච්ජිතො තතො ඝොරතරෙ දුක්ඛෙ පුන පක්ඛිත්නොයො ඝරෙ”
270. “යදිහං තාදිසං පත්වා දුක්ඛං පරමදාරුණං රජ්ජෙසු යදි රඤ්ජා මි පාපානං උත්තමො සියා
271. “උක්කණ්ඨිතොම්හි කායෙන රජ්ජෙනම්හි අනත්ථිකො නිබ්බුතිං පරියෙසිස්සං යත්ථ මච්චුන න මද්දි යෙ
272. එවාහං වින්තයිත්වාන විරවන්තං මහාජනං නාගොව බන්ධනං ඡෙත්වා පාවිසිං කානනං වනං (චරියා පිටක)
“තොපගේ ජීවිතය ආයාසයෙන් ලබන ලද්දේය. තෝ බාධා මධ්‍යයෙහි වඩනා ලද්දේය. දරුව, රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ මුළු පොළොව අද සිටම පාලනය කරව’යි (පියරජු මට කීවේය) මම ඇදිලි බැඳගෙන රජු වැඳ මේ වචනය කීමි.
මේ පොළොවෙහි හීන වූද උත්තම වූද මධ්‍යම වූද යම්කිසි සත්ත්වයෝ වෙත්ද ඔවුහු රැකවල් නැතිව නෑයන් සමග සිය ගෙයි වැඩෙත්.
“මහත් බාධා මධ්‍යයෙහි මා පෝෂණය කිරීම යන මේ කාරණය ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය වූවකි. මම සඳු හිරු (දෙදෙනාගේ) ආලෝකය නැති අයෝඝරයෙහි වැඩුනේ වෙමි.
“අතිදුර්ගන්ධ කුණපයෙන් පිරුණා වූ මවුකුසින් නික්ම නැවත ඒ තැනටත් වඩා අතිශයින් දරුණු වූ දුක් ඇති අයෝඝරයෙහි දමන ලද්දෙම් වීමි.
“ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු වූ දුකට පැමිණ නැවත රාජ්‍යයෙහි ඇලෙන්නෙම් නම් නිහීනයන් අතුරෙන් අතිශයින් නිහීනයෙක් වන්නෙමි.
“මම මෙසේ නුවණින් සිතා මහජනයා හඬද්දීම බැමි සිඳි ඇතෙකු මෙන් මහ වනයට පිවිසියෙමි.
තත්ථ දුක්ඛෙනාති, තාත, තව භාතිකා ද්වෙ එකාය යක්ඛිනියා ඛාදිතා, තුය්හං පන තතො අමනුස්සභයතො නිවාරණත්ථං කතෙන දුක්ඛෙන මහතා ආයාසෙන ජීවිතො ලද්ධො. සංපීළෙ පතිපොසිතොති නානාවිධාය අමනුස්සරක්ඛාය සම්බාධෙ අයොඝරෙ විජායනකාලතො පට්ඨාය යාව සොළසවස්සුප්පත්තියා සම්බාධෙ සංවඩ්ඪිතොති අත්ථො. අජ්ජෙව, පුත්ත, පටිපජ්ජ, කෙවලං වසුධං ඉමන්ති කඤ්චනමාලාලඞ්කතස්ස සෙතච්ඡත්තස්ස හෙට්ඨා රතනරාසිම්හි ඨපෙත්වා තීහි සඞ්ඛෙහි අභිසිඤ්චියමානො ඉමං කුලසන්තකං කෙවලං සකලං සමුද්දපරියන්තං තතොයෙව සහ රට්ඨෙහීති සරට්ඨකං සහ නිගමෙහි මහාගාමෙහීති සනිගමං අපරිමිතෙන පරිවාරජනෙන සද්ධිං සජනං ඉමං වසුධං මහාපථවිං අජ්ජෙව, පුත්ත, පටිපජ්ජ, රජ්ජං කාරෙහීති අත්ථො. වන්දිත්වා ඛත්තියං. අඤ්ජලිං පග්ගහෙත්වාන, ඉදං වචනමබ්රවින්ති ඛත්තියං කාසිරාජානං මම පිතරං වන්දිත්වා තස්ස අඤ්ජලිං පණාමෙත්වා ඉදං වචනං අභාසිං.
එහි “දුක්ඛෙ න” යනු “දරුව! නුඹගේ සහෝදරයෝ දෙදෙනෙක් එක් යක්ෂණියක විසින් කන ලදහ. ඒ අමනුෂ්‍ය භයෙන් වැළකීම සඳහා කළ දුකෙන් මහත් ආයාසයෙන් නුඹගේ ජීවිතය ලද්දේය. “සම්පීළෙ පතිපොසිතො” යනු අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාව සඳහා නොයෙක් ආකාර වූ සම්බාධ සහිත අයෝමය ගෘහයෙහි උපන් කල් පටන් සොළොස් හැවිරිදි වන තෙක් බාධාසහිත තැනෙක්හි වඩනා ලද්දේ යන අර්ථයයි. “අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධ ඉමං” යනු රන්මාලාවන්ගෙන් සැරසූ සේසත යට රුවන් රැසක් මත තබා සක් තුනකින් අභිෂේක කරනු ලබන්නේ මේ කුලසන්තක “කෙවලං” මුහුද කෙළවර කොට ඇති සියල්ල. රටවල් සහිත එහෙයින්ම “සක රට්ඨකං” වේ. නියම් ගම් මහ ගම් සහිත වූයේ “සනිගමං” වේ. අප්‍රමාණ පිරිවර ජනයා සමග “සජනං” මේ පෘථිවිය, මහ පොළොව අදම දරුව! පිළිපදුව. රාජ්‍යය කරව යන අර්ථයයි. “වන්දිත්වා බත්තියං අඤ්ජලිං පග්ගහෙත්වාන ඉදං වචනමබ්රැවිං” යනු ක්ෂත්රිය කසී රජු වූ මගේ පියාණන්ට වැඳ ඔහුට ඇඳිලි බැඳ මේ වචන කීමි.
යෙ කෙචි මහියා සත්තාති ඉමිස්සා මහාපථවියා යෙ කෙචි සත්තා නාම. හීනමුක්කට්ඨමජ්ඣිමාති ලාමකා චෙව උත්තමා ච, උභින්නං වෙමජ්ඣෙ භවත්තා මජ්ඣිමා ච. සකෙ ගෙහෙති සබ්බෙ තෙ සකෙ ගෙහෙ. සකඤාතිභීති සකෙහි ඤාතීහි සම්මොදමානා විස්සට්ඨා අනුක්කණ්ඨිතා යථාවිභවං වඩ්ඪන්ති.
“යෙ කෙචි මහියා සත්තා” යනු මේ මසහ පොළොවෙහි සත්ත්වයෝ නම් වූ යම් කිසිවෙක්, “හීනඋක්කට්ඨ මජ්ඣිමා” යනු හීන වූද උත්තම වූද, ඒ දෙදෙනා අතර වූවෝ මධ්‍යම ද වෙති. “සකෙ ගෙහෙ” යනු ඒ සියල්ලෝ සිය ගෙයි, “සකඤාතීහි” යනු සිය නෑයන් සමග සතුටු වෙමින් විශ්වාසවන්තව නොකලකිරී සම්පත් ඇති පරිදි වැඩෙත්.
ඉදං ලොකෙ උත්තරියන්ති ඉදං පන ඉමස්මිං ලොකෙ අසදිසං, මය්හං එව ආවෙණිකං. කිං පන තං සංපීළෙ මම පොසනන්ති සම්බාධෙ මම සංවඩ්ඪනං. තථා හි අයොඝරම්හි සංවඩ්ඪො, අප්පභෙ චන්දසූරියෙති චන්දසූරියානං පභාරහිතෙ අයොඝරෙ සංවඩ්ඪොම්හීති සංවඩ්ඪො අම්හි.
“ඉදං ලොකෙ උත්තරියං” යනු මෙය වනාහි මේ ලෝකයෙහි අසමානය, මටම ආවේණික වූවකි. එය වනාහි කිමෙක්ද “සම්පීළෙ මම පොසනං”යි සම්බාධ සහිතව මාගේ සංවර්ධනයයි. එසේම “අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ චන්දසුරියෙ” යනු සඳහිරු රැස් නොමැති අයෝමය ගෘහයෙහි. “සංවඩ්ඪොම්හි”යි වැඩුණේ වෙමි.
පූතිකුණපසම්පුණ්ණාති පූතිගන්ධනානප්පකාරකුණපසම්පුණ්ණා ගූථනිරයසදිසා. මාතු කුච්ඡිතො ජීවිතසංසයෙ වත්තමානෙ කථං මුච්චිත්වා නික්ඛමිත්වා. තතො ඝොරතරෙති තතොපි ගබ්භවාසතො දාරුණතරෙ, අවිස්සට්ඨවාසෙන දුක්ඛෙ. පක්ඛිත්තයොඝරෙති පක්ඛිත්තො අයොඝරෙ, බන්ධනාගාරෙ ඨපිතො විය අහොසින්ති දස්සෙති.
“පුතිකුණපසම්පුණ්ණා” යනු කුණු ගඳ ඇති නොයෙක් ආකාරව අපවිත්‍ර දෙයින් පිරුණු අශුචි නරකය හා සමාන මවුකුසින් ජීවිතය පිළිබඳ සැක පවත්නා කල්හි කෙසේ හෝ මිදී නික්ම. “තතො ඝොරතරෙ” යනු එම ගැබ තුළ විසීමටත් වඩා අතිශයින් දරුණු වූ විශ්වාසයක් නොමැති තැනක විසීමෙන් දුක් සහිත වූ. “පක්ඛිත්තයොසරෙ” යනු අයෝමය ගෘහයෙහි දමන ලද්දේ, බන්ධනාගාරයෙහි තැබූවෙක් මෙන් වීමි’යි දක්වයි.
යදිහන්ති එත්ථ යදීති නිපාතමත්තං. තාදිසන්ති යාදිසං පුබ්බෙ වුත්තං, තාදිසං පරමදාරුණං දුක්ඛං පත්වා අහං රජ්ජෙසු යදි රජ්ජාමි යදි රමිස්සාමි, එවං සන්තෙ පාපානං ලාමකානං නිහීනපුරිසානං උත්තමො නිහීනතමො සියං .
“යදිහං” යන මෙහි “යදි” යනු නිපාත මාත්‍රයකි. “තාදිසං” යනු පෙර කියන ලද දෙය යම්බඳු වේද එබඳු වූ අතිශයින් දරුණු දුකකට පත්ව මම රාජ්‍යයෙහි, “යදි රජ්ජාමි” ඉදින් ඇලෙන්නෙම් නම් එසේ ඇති කල්හි “පාපානං” ලාමක නිහීන පුරුෂයන් අතර “උත්තමො” අතිශයින් නිහීනයෙක් වන්නේය.
උක්කණ්ඨිතොම්හි කායෙනාති අපරිමුත්තගබ්භවාසාදිනා පූතිකායෙන උක්කණ්ඨිතො නිබ්බින්නො අම්හි. රජ්ජෙනම්හි අනත්ථිකොති රජ්ජෙනපි අනත්ථිකො අම්හි. යක්ඛිනියා හත්ථතො මුත්තොපි හි නාහං අජරාමරො, කිං මෙ රජ්ජෙන, රජ්ජඤ්හි නාම සබ්බෙසං අනත්ථානං සන්නිපාතට්ඨානං, තත්ථ ඨිතකාලතො පට්ඨාය දුන්නික්ඛමං හොති, තස්මා තං අනුපගන්ත්වා නිබ්බුතිං පරියෙසිස්සං, යත්ථ මං මච්චු න මද්දියෙති යත්ථ ඨිතං මං මහාසෙනො මච්චුරාජා න මද්දියෙ න ඔත්ථරෙය්ය න අභිභවෙය්ය, තං නිබ්බුතිං අමතමහානිබ්බානං පරියෙසිස්සාමීති.
“උක්කණ්ඨිතොම්හි කායෙන” යනු නිදහස් නොවූ ගර්භවාස ආදිය ඇති අපවිත්‍ර ශරීරය කරණකොට උකටලී වූයේ කලකිරුනේ වෙමි. “රජ්ජෙනම්හි අනත්ථිකො” යනු රාජ්‍යයෙන් ද ප්‍රයෝජනයක් නැත්තෙක් වෙමි. යක්ෂණියගේ අතින් මිදුණේ නමුදු මම ජරාමරණ දෙකින් නො මිදුනෙමි. මට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්ද? රාජ්‍යය වනාහි සියලු අනර්ථයන් එක්රැස් වූ ස්ථානයයි. එහි පිහිටි කල් පටන් එයින් නික්මයාම දුෂ්කර වෙයි. එබැවින් එම රාජ්‍යයට නොඑළඹ “නිබ්බුතිං පරියෙසිස්සං යත්ථ මං මච්චු න මද්දියෙ” යනු යම් තැනක සිටි මා මහා සේනා ඇති මාරයා “න මද්දියෙ” නොමඩින්නේ ද යටත් නොකරන්නේ ද, ඒ නිවීම වූ අමෘත මහා නිර්වාණය සොයන්නෙමියි.
එවාහං චින්තයිත්වානාති එවං ඉමිනා වුත්තප්පකාරෙන නානප්පකාරං සංසාරෙ ආදීනවං පච්චවෙක්ඛණෙන නිබ්බානෙ ආනිසංසදස්සනෙන ච යොනිසො චින්තෙත්වා. විරවන්තෙ මහාජනෙති මයා විප්පයොගදුක්ඛාසහනෙන විරවන්තෙ පරිදෙවන්තෙ මාතාපිතුප්පමුඛෙ මහන්තෙ ජනෙ. නාගොව බන්ධනං ඡෙත්වාති යථා නාම මහාබලො හත්ථිනාගො දුබ්බලතරං රජ්ජුබන්ධනං සුඛෙනෙව ඡින්දති, එවමෙව ඤාතිසඞ්ගාදිභෙදස්ස තස්මිං ජනෙ තණ්හාබන්ධනස්ස ඡින්දනෙන බන්ධනං ඡෙත්වා කානනසඞ්ඛාතං මහාවනං පබ්බජ්ජූපගමනවසෙන පාවිසිං.
“එවාහං චින්තයිත්වාන” යනු මේ කියන ලද ආකාරයෙන් නොයෙක් ආකාර වූ සසර ආදීනව සිහිපත් කිරීමෙන් ද නිවනෙහි අනුසස් දැකීමෙන්ද නුවණින් සිතා “විරවන්තෙ මහාජනෙ” මාගෙන් වියෝවීමේ දුක ඉවසිය නොහැකිව වැළපෙන මවුපියන් ප්‍රධාන මහජනයා ඇති කල්හි “නාගොව බන්ධනං ඡෙත්වා” යනු යම්සේ මහත් බල ඇති ඇත් රජෙක් අතිශයින් දුර්වල රැහැන් බැඳුමක් පහසුවෙන් සිඳිද, ඒ අයුරින් නෑ සමූහයා ආදී ප්රභේදගත ඒ ජනයා කෙරෙහි වූ තණ්හා බන්ධනය සිඳීමෙන් බැඳුම් සිඳ කානන සඞ්ඛ්‍යාත මහා වනයට පැවිද්දට එළඹීම් වශයෙන් පිවිසියෙමි.
273. “මාතා පිතා න මෙ දෙස්සා න පි මෙ දෙස්සං මහා යසං සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජිං”
ඔසානගාථා වුත්තත්ථා එව.
අවසාන ගාථාව කියන ලද අර්ථ ඇත්තේමය.
තත්ථ ච මහාසත්තො අත්තනො පබ්බජ්ජාධිප්පායං ජානිත්වා “තාත, කිංකාරණා පබ්බජසී”ති රඤ්ඤා වුත්තො “දෙව, අහං මාතුකුච්ඡිම්හි දස මාසෙ ගූථනිරයෙ විය වසිත්වා මාතු කුච්ඡිතො නික්ඛන්තො යක්ඛිනියා භයෙන සොළසවස්සානි බන්ධනාගාරෙ වසන්තො බහි ඔලොකෙතුම්පි න ලභිං, උස්සදනිරයෙ පක්ඛිත්තො විය අහොසිං, යක්ඛිනිතො මුත්තොපි අජරාමරො න හොමි, මච්චු නාමෙස න සක්කා කෙනචි ජිනිතුං, භවෙ උක්කණ්ඨිතොම්හි, යාව මෙ බ්යාධිජරාමරණානි නාගච්ඡන්ති, තාවදෙව පබ්බජිත්වා ධම්මං චරිස්සාමි, අලං මෙ රජ්ජෙන, අනුජානාහි මං, දෙව, පබ්බජිතු”න්ති වත්වා –
එහිදී මහාසත්ත්වයෝ තමාගේ පැවිදිවීමේ අදහස දැනගෙන “දරුව කුමන කරුණක් නිසා පැවිදි වන්නෙහිදැ”යි රජු විසින් ඇසූ කල්හි “දේවයන් වහන්ස, මම මවුකුසෙහි දසමාසයක් අශූචිනරකයෙහි මෙන් වැස මවුකුසින් නික්ම යක්ෂණියට බියෙන් සොළොස් වසරක් බන්ධනාගාරයෙහි වසන්නේ පිටත බැලීමට පවා නොලැබීමි. ඔසුපත් නිරයෙහි දමන ලද්දෙකු මෙන් වීමි. යක්ෂණියගෙන් මිදුනේ නමුදු ජරාමරණ දෙකෙන් නො මිදුනෙමි. මාරයා නැමති මොහු කිසිවෙකු විසිනුදු ජය ගැනීමට නොහැකිය. සසර කළකිරුණෙමි. යම්තාක් මා කරා ජරා ව්‍යාධි මරණයෝ නොපැමිණෙත්ද දේවයන් වහන්ස, ඒතාක් පැවිදිව ධර්මයෙහි හැසිරෙන්නෙමි. මට රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත. දේවයන් වහන්ස, මට පැවිදි වීමට අවසර දුන මැනව’යි කියා
“යමෙකරත්තිං පඨමං, ගබ්භෙ වසති මාණවො; අබ්භුට්ඨිතොව සො යාති, ස ගච්ඡං න නිවත්තතී”ති. (ජා· 1.15.363) –
“යමෙක රත්තිං පඨමං ගබ්භෙ වසති මාණවා අබ්භුට්ඨිතොව සයති සගච්ඡං න නිවත්තතීති.” (ජාතක පාලිය)
“සත්ත්ව තෙම යම් එක් රැයක් ප්‍රථමයෙන් මවුකුස වාසය කෙරේද, හෙතෙම වළාකුලක් මෙන් ඉදිරියට යයි. යමින් හේ ආපස්සට ගමන් නො කරයි.
ආදිනා චතුවීසතියා ගාථාහි පිතු ධම්මං දෙසෙත්වා “මහාරාජ, තුම්හාකං රජ්ජං තුම්හාකමෙව හොතු, න මය්හං ඉමිනා අත්ථො, තුම්හෙහි සද්ධිං කථෙන්තෙයෙව බ්යාධිජරාමරණානි ආගච්ඡෙය්යුං, තිට්ඨථ තුම්හෙ”ති වත්වා අයදාමං ඡින්දිත්වා මත්තහත්ථී විය, කඤ්චනපඤ්ජරං භින්දිත්වා සීහපොතකො විය, කාමෙ පහාය මාතාපිතරො වන්දිත්වා නික්ඛමි. අථස්ස පිතා “අයං නාම කුමාරො පබ්බජිතුකාමො, කිමඞ්ගං පනාහං, මමාපි රජ්ජෙන අත්ථො නත්ථී”ති රජ්ජං පහාය තෙන සද්ධිං එව නික්ඛමි. තස්මිං නික්ඛමන්තෙ දෙවීපි අමච්චාපි බ්රාහ්මණගහපතිකාදයොපීති සකලනගරවාසිනො භොගෙ ඡඩ්ඩෙත්වා නික්ඛමිංසු. සමාගමො මහා අහොසි, පරිසා ද්වාදසයොජනිකා ජාතා, තෙ ආදාය මහාසත්තො හිමවන්තං පාවිසි.
ආදී ගාථා විසිහතරකින් පියාණන්ට ධර්මදේශනා කොට “මහරජ! නුඹ වහන්සේගේ රාජ්‍යය නුඹවහන්සේටම වේවා. මට එයින් ප්‍රයෝජනයක් නැත. නුඹවහන්සේ සමග කථා කරද්දීම ව්යාධිජරා - මරණයෝ එන්නාහුය, එබැවින් නුඹවහන්සේ සිටිනු මැනව’යි කියා යදමක් සිඳගෙන යන මතැතකු මෙන්ද රන්මැදිරියක් සිදගෙන යන සිංහ පෝතකයකු මෙන්ද කාමයන් හැර මවුපියන් වැඳ නික්මුණහ. ඉක්බිති එතුමන්ගේ පියරජතුමාද “මේ කුමාරයා වනාහි පැවිදිවනු කැමැත්තේය. මා ගැන කියනුම කවරේද? මටද රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැතැ’යි රාජ්‍යය අත්හැර ඔහු සමගම නික්මුණේය. ඔහු පිටව යන කල්හි දේවියද ඇමතියෝද බ්‍රාහ්මණ ගෘහපති ආදීහු ද සියලු රටවැසියෝද සම්පත් අත්හැර නික්මුණහ. මහත් එකතුවක් විය. පිරිස දොළොස් යොදුනක් පමණ විය. ඔවුන් රැගෙන මහාසත්ත්වයෝ හිමවතට පිවිසුනහ.
සක්කො දෙවරාජා තස්ස නික්ඛන්තභාවං ඤත්වා විස්සකම්මං පෙසෙත්වා ද්වාදසයොජනායාමං සත්තයොජනවිත්ථාරං අස්සමපදං කාරෙසි, සබ්බෙ ච පබ්බජිතපරික්ඛාරෙ පටියාදාපෙසි. ඉධ මහාසත්තස්ස පබ්බජ්ජා ච ඔවාදදානඤ්ච බ්රහ්මලොකපරායනතා ච පරිසාය සම්මා පටිපත්ති ච සබ්බා මහාගොවින්දචරියායං (චරියා· 1.37 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බා.
සක්දෙව්රජ එතුමන් නික්මුණු බව දැන විශ්වකර්ම යවා දොළොස් යොදුනක් දික් වූද සත් යොදුනක් පළල් වූද අසපුවක් කරවීය. සියලු පැවිදි පිරිකරද පිළියෙළ කරවීය. මෙහි මහාසත්ත්වයන්ගේ පැවිද්ද ද, අවවාද දීමද, බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමද, පිරිසෙහි මනා ප්රතිපත්තියද යන සියල්ල මහාගෝවින්ද චරිතයෙහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය.
තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, පරිසා බුද්ධපරිසා, අයොඝරපණ්ඩිතො ලොකනාථො.
එකල්හි මවුපියෝ මහාරජකුලයෝ වූහ. පිරිස බුදුපිරිසමය. අයොඝර පණ්ඩිතයෝ ලෝකනාථ බුදුරජාණන් වහන්සේමය.
තස්ස සෙසපාරමිනිද්ධාරණා ආනුභාවවිභාවනා ච හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බාති.
උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝ නිර්ධාරණයත් ආනුභාව විභාවනයත් යට කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ.
අයොඝරචරියාවණ්ණනා නිට්ඨිතා.
තෙවෙනි අයෝඝර පණ්ඩිත චරිතයයි.