යෙදුමෙන් කියවන්න

3. අයොඝර චරියං

3. අයොඝර චරියං

3. අයොඝර චරියාව

261. පුනාපරං යදා හොමි කාසිරාජස‍්ස අත්‍රජො අයොඝරම‍්හි සංවඩ‍්ඪො නාමෙනාසි අයොඝරො.

261. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කාසි රජුට පුත‍්‍ර වූයෙම් ද, එකල්හි (මහත් වූ) අයෝමය ගෘහයෙක් හි වැඩුණෙම් නමින් ‘අයොඝර’ නම් වීමි.

262. දුක‍්ඛෙන ජීවිතො ලද‍්ධො සම‍්පීළෙ පතිපොසිතො අජ‍්ජෙව පුත‍්ත පටිපජ‍්ජ කෙවලං වසුධං ඉමං.

262-263. සම්බාධයෙහි වඩන ලදුයෙම් දුකසේ දිවි ලද්දේය. පුත‍්‍රය, අද මැ රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ සියලු පෘථිවිය පිළිගනුව. මම් පියරජු වැඳ ඇඳිලි බැඳ ගෙන මෙ වදන් කීමි:

263. සරට‍්ඨකං සනිගමං සජනං වන්‍දිත්‍වා ඛත‍්තියං අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන ඉදං වචනමබ්‍රවිං.

264. යෙ කෙචි මහියා සත‍්තා හීනමුක‍්කට‍්ඨමජ‍්ඣිමා නිරාරක‍්ඛා සකෙ ගෙහෙ වඩ‍්ඪන‍්ති සහ ඤාතිහි.

264. පෘථිවියෙහි හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ඥාතීන් සමඟ අරක් නැති වැ වැඩෙත්.

265. ඉදං ලොකෙ උත‍්තරියං සම‍්පීළෙ මම පොසනං අයොඝරම‍්හි සංවඩ‍්ඪො අප‍්පභෙ’චන්‍දසූරියෙ.

265. සම්බාධයෙහි මාගේ මේ වැඩීම මෙලොවැ අසදෘශකාරණයෙක් විය. සඳ හිරු දෙදෙනා ගේ ආලෝක රහිත වූ අයෝමය ගෘහයෙහි වැඩිණිමි.

266. පූතිකුණපසම‍්පුණ‍්ණා මුච‍්චිත්‍වා මාතු කුච‍්ඡිතො තතො ඝොරතරෙ දුක‍්ඛෙ පුන පක‍්ඛිත‍්තො අයොඝරෙ

266. පූතිකුණපයෙන් පිරුණු මවුකුසින් මිදී නැවත එ මවුකුසැ විසීමට වඩා ඉතා දරුණු දුක් ඇති අයෝමයගෘහයෙහි බහාලන ලදුයෙමි.

267. යදිහං තාදිසං පත්‍වා දුක‍්ඛං පරමදාරුණං රජ‍්ජෙසු යදි රඤ‍්ජාමි පාපානං උත‍්තමො සියා

267. ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු දුකට පැමිණ රාජ්‍යයෙහි ඇලෙම් නම් ලාමක පුරුෂයන් අතුරෙහි උතුම් වෙමි.

271. උක‍්කණ‍්ඨිතොම‍්හි කායෙන රජ‍්ජෙනම‍්හි අනත්‍ථිකො නිබ‍්බුතිං පරියෙසිස‍්සං යත්‍ථ මච‍්චු න මද‍්දියෙ

271. මේ ශරීරය හේතු කොට ගෙන උකටලී වෙමි. රාජ්‍යයෙනුදු ප්‍රයෝජන නැත්තෙම් වෙමි. යම් තැනෙකැ සිටි මා මාර තෙමේ නො මඩනේ ද එ නිවන සොයන්නෙමි.

272. එවාහං චින‍්තයිත්‍වාන විරවන‍්තං මහාජනං නාගොව බන්‍ධනං ඡෙත්‍වා පාවිසිං කානනං වනං.

272. මම් මෙසේ සිතා (මවුපියන් ප‍්‍රමුඛ) මහජනයා හඬන කල්හි බැඳුම් සිඳ ඇත් රජක්හු සෙයින් මහවනයට පිවිසියෙමි.

273. මාතා පිතා න මෙ දෙස‍්සා නපි මෙ දෙස‍්සං මහායසං සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා රජ‍්ජං පරිච‍්චජින‍්ති.

273. මවුපිය දෙදෙන මට අප්‍රිය නො වෙති. මහත් වූ යශස් මට නො ද අප්‍රිය වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හළිමි.

අයොඝර චරියං තතියං.

තුන්වැනි අයොඝර චරියාව යි.