යෙදුමෙන් කියවන්න

4. භිස චරියං

4. භිස චරියං

4. භිස චරියාව

274. පුනා පරං යදා හොමි කාසීනං පුරවරුත‍්තමෙ භගිනී භාතරො සත‍්ත නිබ‍්බත‍්තා සොත්‍ථියෙ කුලෙ.

274. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරට (බරණැස් නම්) අගනුවර (මහාකඤ්චන නම් කුමාර) වීම් ද එකල්හි නැඟණි යැ සත් සොහොයුරු යැ යන ඇපි (මන්ත‍්‍ර හදාරන) සොත්‍ථිය නම් කුලයෙහි උපන්නමෝ වූම්හ.

275. එතෙසං පුබ‍්බජො ආසිං ගිරි සුක‍්කමුපාගතො භවං දිස‍්වාන භයතො නෙක‍්ඛම‍්මාභිරතො අහං.

275. මොවුනතුරින් මම් දෙටු වූයෙම් ශුක්ල සඞ්ඛ්‍යාත වූ පව් ගරහන හිරියට පැමිණියෙම් භවය භය හෙයින් දැක නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුනෙමි.

276. මාතා පිතූහි පහිතා සහායා එකමානසා කාමෙහි මං නිමන‍්තෙන‍්ති කුලවංසං ධාරෙහීති.

276. මව්පියන් විසින් මෙහෙයන ලද (පෙර මා හා) එක් අදහස් ඇති යහළුවෝ ‘කුලවංශය ධරව’යි කාමයෙන් මා නිමන්ත‍්‍රණය කළහ.

277. යං තෙසං වචනං වුත‍්තං ගිහී ධම‍්මෙ සුඛාවහං තම‍්මෙ අහොසි කඨිනං තත‍්තඵාලසමං විය.

277. ඔවුන් විසින් ගිහි බැව්හි සුව එළවන යම් වදනෙක් කියන ලද ද ඒ මට රත් කළ සීවැලක් බඳු වී.

278. තෙ මං තදා උක‍්ඛීපන‍්තං පුච‍්ඡිංසු පත්‍ථිතං මම කිං ත්‍වං පත්‍ථයසී? සම‍්ම! යදිකාමෙ න භුඤ‍්ජසී.

278. එකල්හි ඔහු ‘යහළුව, ඉදින් කාමයන් පරිභෝග නො කරවු නම් තෙපි කුමක් ප‍්‍රාර්‍ත්‍ථනා කරවු දැ’යි මාගේ ප‍්‍රාර්‍ත්‍ථනාව (කාමයන්) ප්‍රතික්‍ෂේප කරන මා විචාළහ.

279. තෙසාහං එවමවචං අත්‍ථකාමො හිතෙසිනං නාහං පත්‍ථෙමි ගිහීභාවං නෙක‍්ඛම‍්මාභිරතො අහං.

279. මට හිත කැමැති ඔවුනට තමහට වැඩ කැමැති මම් මෙසේ කීමි. ‘මම් ගිහි බව නො පතමි. මම් නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුණෙමි’යි.

280. තෙ මය‍්හං වචනං සුත්‍වා පිතු මාතු ච සාවයුං මාතා පිතා එවමාහු සබ‍්බෙපි පබ‍්බජාම භො

280. ඔහු ම බස් අසා මවුපියනට ද ඇස්වූහ. මවුපිය දෙදෙන මෙසේ කීහ. භවත්නි, ‘ඇපි සියල්ලමෝ පැවිදි වම්හ’යි.

281. උභො මාතා පිතා මය‍්හං භගිනී ච සත‍්ත භාතරො අමිතං ධනං ඡඩ‍්ඪයිත්‍වා පාවිසිම‍්හා මහාවනන‍්ති

281. මාගේ මා පිය දෙදෙන යැ නැඟණියෝ යැ සත් සොහොවුරෝ යැ යන ඇපි අප‍්‍රමාණ වූ ධනය හැරපියා මහ වනයට පිවිසියම්හ යි.

භිස චරියං චතුත්‍ථං.

සතරවැනි භිසචරියාවයි.