2. සොමනස්ස චරියං
2. සොමනස්ස චරියං
2. සෝමනස්ස චරියාව
245. පුනාපරං යදා හොමි ඉන්දපත්තෙ පුරුත්තමෙ කාමිතො දයිතො පුත්තො සොමනස්සොති විස්සුතො.
245. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම ඉන්ද්‍රප්‍රස්ථ නම් උතුම් පුරයෙහි (මවුපියන් විසින්) පතන ලද ප්‍රිය කරනලද ‘සෝමනස්ස’යයි ප්‍රසිද්ධ වූ රාජපුත්‍ර වූයෙම් ද, (එකල් හි මම)
246. සීලවා ගුණ සම්පන්නො කල්යාණපටිභාණවා වුද්ධාපචායී හිරිමා සඞ්ගහෙසු ච කොවිදො.
246. සිල්වත් වූයෙම්, (ශ්ර්රද්ධාදි) ගුණයෙන් යුක්ත වූයෙම් සුන්දර වූ ප්‍රඥා ඇතියෙම් ජාතිවෘද්ධ ශිලවෘද්ධයන් පුදනසුලු වූයෙම් (පාපජිගුච්ජන ලක්ෂණ) ලජ්ජා ඇතියෙම් සතර සඞ්ග්රහවස්තුයෙහි දක්ෂ වූයෙම් වෙමි.
247. තස්ස රඤ්ඤො පතිකරො අහොසි කුහකතාපසො ආරාමං මාලාවච්ඡඤ්ච රොපයිත්වාන ජීවති
247. එ කූරුරජුට වල්ලභ වූ කුහක තාපසයෙක් විය. (හෙතෙම) පුෂ්පාරාම ඵලාරාම ද මල්ගොමු ද රෝපණය කොට ජීවත් වෙයි.
248. තමහං දිස්වාන කුහකං ථුසරාසිංව අතණ්ඩුලං දුමං අන්තො ව සුසිරං කදලිංව අසාරකං.
248. මම් සහල් නැති බොල්රැසක් වැනි වූ ඇතුළත සිදුරු ඇති රුකක් වැනි වූ හර නැති කෙසෙල් ගසක් වැනි වූ ඒ කූහකයා දැක–
249. නත්ථි’මස්ස සතං ධම්මො සාමඤ්ඤාපගතො අයං හිරි සුක්කධම්මජහිතො ජීවිතවුත්තිකාරණා.
249. මොහුට ධ්‍යානාදි වූ සත්පුරුෂයන්ගේ ධර්මයෙක් නැත. මේ තෙම ශීලාදි ශ්‍රමණභාවයෙන් පහවූයෙක. හරනලද හිරි සඞ්ඛ්‍යාත කුශල ධර්ම ඇතියෙක (හුදෙක්) දිවිවැටුම් හේතුයෙන් (තාපසලිඞ්ගයෙන්) හැසිරෙයි.
250. කුපිතො අහොසි පච්චන්තො අටවීහි පරන්තිහි තං නිසෙධෙතුං ගච්ඡන්තො අනුසාසි පිතා මමං.
250. දේශසීමාන්තරවාසී වූ වනවැසියන් විසින් ප්රත්යන්තය කෝප කරන ලද්දේ විය. ඒ (ප්රත්යන්තකෝපය) සන්හිඳුවනු පිණිස යන පිය රජ තෙමේ මට (මෙසේ) අනුශාසනා කළේ යැ.
251. මා පමජ්ජි තුවං තාත ජටිලං උග්ගතාපනං යදිච්ඡකං පවත්තෙහි සබ්බකාමදදො හි සො.
251. “පුත, තෙපි උග්‍ර වූ තපස් ඇති ජටිලයාහට නහමක් ප්‍රමාද වෙව. ඔහුගේ සිතට අනුකූල වැ පවතුව. හෙතෙම (අපට) සියලු කැමැතිදෑ දෙනුසුලු වූයේ මැ යැ.”
252. තමහං ගන්ත්වානු’ පට්ඨානං ඉදං වචනමබ්රවිං කච්චිතෙ ගහපති කුසලං කිං වා තෙ ආහරීයතු.
252. මම් එ තවුසා වෙත උවැටනට ගොස් ‘ගෘහපතිය, කිම තොපට ආරෝග්‍ය ද? කුමක් හෝ තොපට ගෙනායුතූ දැ යි මෙ වදන් කීමි.
253. තෙන සො කුපිතො ආසි කුහකො මානනිස්සිතො ඝාතාපෙමි තුවං අජ්ජ රට්ඨා පබ්බාජයාමි වා.
253. මානනිශ්ශ්රිත වූ ඒ කුහක තෙම ඒ ගෘහපතිවාදයෙන් කිපියේ විය. ‘තා අද (රජු ආ කල්හි මැ) නස්වමි, රටින් හෝ නෙරවමි’ යි කී.
254. නිසෙධයිත්වා පච්චන්තං රාජා කුහකමබ්රවි කච්චි තෙ භන්තෙ ඛමනීයං සම්මානො තෙ පවත්තිතො තස්ස ආචික්ඛති පාපො කුමාරො යථා නාසියො.
254. රජ තෙම පසල්දනවු සන්හිඳුවා (පැමිණ) කුහකයාහට ‘වහන්ස, කිම තොපට සහනය කොට හැකි ද? තොපට (කුමරහු විසින්) සම්මාන පවත්වන ලද දැ?’ය ි කී. පවිටු තවුස් තෙම කුමර යම්සේ නැසියයුතු ද එසෙයින් රජහට කී යැ.
255. තස්ස තං වචනං සුත්වා ආණාපෙසි මහීපති සීසං තත්ථෙව ඡින්දිත්වා කත්වාන චතුඛණ්ඩිකං රථියා රථියං දස්සෙථ සා ගතී ජටිලහීළිතො.
255. පෘථිවීශ්වර තෙම ඔහුගේ එ තෙපුල් අසා ‘එහි (දුටුතැන) මැ (කුමරහුගේ) හිස් සිඳ සතරකඩක් කොට ඒ ජටිලයනට නින්දා කළ හෙයින් විපාක යයි වීථියෙන් වීථියෙහි දක්වාලව’යි ඇණවී.
256. තත්ථ කාරණිකා ගන්ත්වා චණ්ඩා ලුද්දා අකාරුණා මාතු අඞ්කෙ නිසින්නස්ස ආකඩ්ඪිත්වා නයන්ති මං.
256. එ රජුගේ ආඥායෙහි ලා චණ්ඩ වූ රෞද්‍ර වූ අකාරුණික වූ වධකයෝ ගොස් මවගේ ඇකයෙහි හුන් මට අනදර කොට ඇද මා (වධක ස්ථානයට) ගෙන යති.
257. තෙසාහං එවමවචං බන්ධතං ගාළ්හබන්ධනං “රඤ්ඤො දස්සෙථ මං ඛිප්පං රාජකිරියානි අත්ථිමෙ”.
257. දැඩි බැඳුමින් බඳනා ඔවුනට මම් මෙසේ කීමි. ‘වහා මා රජහට දක්වව, මට රාජකාර්ය්යයෝ ඇතැ’ යි.
258. තෙ මං රඤ්ඤො දස්සයිංසු පාපස්ස පාපසෙවිනො දිස්වාන තං සඤ්ඤපෙසිං මමඤ්ච වසමානයිං.
258. ඔහු පවිටු වූ, පවිටු තවුසා සෙවුනා වූ රජුට මා දක්වාලූහ. ඔහු දැක (ඔහුගේ කූටතාපස භාවය) හඟවාලීමි. එ රජු මාගේ වසඟයට ද පැමිණවීමි.
259. සො මං තත්ථ ඛමාපෙසි මහාරජ්ජමදාසි මෙ සොහං තමං දාළයිත්වා පබ්බජිං අනගාරියං.
259. එහි දී එ රජ මා ක්ෂමා කරවිය. මට මහත් වූ රාජ්‍යය දින. ඒ මම් මොහඳුර බිඳහැර අනගාරිය වූ තවුස් පැවිද්දෙන් පැවිදි වීමි.
260. නමෙ දෙස්සං මහාරජ්ජං කාමභොගො න දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති.
260. මට මහාරාජ්‍යය අප්‍රිය නො වෙයි. පඤ්චකාම පරිභොගය අප්‍රිය නො වෙයි. මට සර්වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය පරිත්‍යාග කෙළෙමි යි.
සොමනස්ස චරියං දුතියං.
දෙ වැනි සෝමනස්ස චරියා යි.