1. යුධඤ්ජය චරියං
1. යුධඤ‍්ජය චරියං
1. යුධඤ්ජය චරියාව
239. යදා අහං අමිතයසො රාජපුත‍්තො යුධඤ‍්ජයො උස‍්සාවබින්‍දුං සුරියාතපෙ පතිතං දිස‍්වාන සංවිජිං.
239. යම් කලෙක මම අපරිමිත වු (භෝගපරිවාර) යසස් ඇති යුධඤ්ජය නම් රාජපුත්‍ර වූයෙම් ද හිරුරැස් වැටෙන කල්හි නැසීගිය පිනිබිඳු දැක (අනිත්‍යතාමනසිකාර විසින්) සංවේගයට පැමිණියෙමි.
240. තඤ‍්ඤෙවාධිපතිං කත්‍වා සංවෙගමනුබ්‍රූහයිං මාතාපිතු ච වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජමනුයාචහං.
240. එ පිනිබිඳුවලැ අනිත්‍යතාව මැ පෙරදැරි කොට සංවේගය නැවත නැවත වැඩීමි. මම් මවු ද පියා ද වැඳ පැවිද්දට (අවසර) ඉල්වීමි.
241. යාචන‍්තිමං පඤ‍්ජලිකා සනෙගමා සරට‍්ඨකා අජ‍්ජෙව පුත‍්ත පටිපජ‍්ජ ඉද‍්ධං ඵීතං මහාමහිං.
241. නියම්ගම්වැසියන් සහිත වූ රටවැසියන් සහිත වූ රාජපුරුෂයෝ බදැඳිලි වූවාහු (‘නහමක් පැවිදි වෙව’යි) මා අයදිති. (මවුපිය දෙදෙන වැළිත්) පුත, සමෘද්ධ වූ ධනධාන්‍යයෙන් පිරුණු මහපොළොව අද මැ පිළිගනුව.
242. සරාජකෙ සහොරොධෙ සනෙගමෙ සරට‍්ඨකෙ කරුණං පරිදෙවන‍්තෙ අනෙපෙක‍්ඛො හි පබ‍්බජිං.
242. රජු සහිත වු ඇතොවුරු සහිත වූ නියම්ගම් වැසියන් සහිත වු රටවැසියන් සහිත වු මහජනයා බැගෑපත් වැ පරිදේවනා කරන කල්හි අපේක්‍ෂා රහිත වැ පැවිදි වීමි.
243. කෙවලං පඨවිං රජ‍්ජං ඤාති පරිජන යසං චජමානො න චින‍්තෙසිං බොධියායෙව කාරණා.
243. සියලු පෘථිවියෙහි රාජ්‍යය ද ඥාතිපරිවාර ජනයා ද ඓශ්වර්‍ය්‍යය ද හරනෙම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට නො සිතුයෙමි.
244. මාතා පිතා න මෙ දෙස‍්සා නපි දෙස‍්සං මහායසං සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා රජ‍්ජං පරිච‍්චජින‍්ති.
244. මව්පිය දෙදෙන මට ද්වේෂ්‍ය නො වෙති. මහත් ඓශ්වර්‍ය්‍ය ද ද්වේෂ්‍ය නො වෙයි. සර්‍වඥතාඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හැරපීමි.
යුධඤ‍්ජය චරියං පඨමං.
පළමුවැනි යුධඤ්ජය චරියා යි.