10. සඞ්ඛපාල චරියං
10. සඞ්ඛපාල චරියං
10. සඞ්ඛපාල චරියාව
232. පුනාපරං යදා හොමි සඞ්ඛපාලො මහිද්ධිකො දාඨාවුධො ඝොරවිසො ද්විජිව්හො උරගාධිභූ.
232. තවද අනෙකක් කියමි. යම් කලෙක මම් නාගර්ද්ධි ඇති, දළ මැ අවි කොට ඇති උග්‍ර වූ විෂ ඇති දෙදිව් ඇති නාගයන්ට අධිපති වූ සඞ්ඛපාල නම් නාරජ වීම් ද.
233. චතුප්පථෙ මහාමග්ගෙ නානා ජනසමාකුලෙ චතුරො අඞ්ගෙ අධිට්ඨාය තත්ථ වාසමකප්පයිං.
233. ඔබිනොබ යන මහාජනයා විසින් ගැවැසිගත් මාවතෙකැ සතර මංසන්ධියක් සමීපයෙහි වූ (තුඹසක් මතුයෙහි) සතර අඞ්ගයන් ඉටා එහි වාස කෙළෙමි.
234. ඡවියා චම්මෙන මංසෙන නහාරු අට්ඨිකෙහි වා යස්ස එතෙන කරණීයං දින්නං යෙව හරාතු සො.
234. ‘සිවියෙන් හෝ සමින් හෝ මසින් හෝ ඇටනහරින් හෝ යමක්හට මෙයින් කටයුතු වී නම් (ඔහුට) එ දෙනලද මැ යැ, හෙතෙම ගෙන යේව’යි.
235. අද්දසංසු භොජපුත්තා ඛරා ලුද්දා අකාරුණා උපගඤ්ඡුං මමං තත්ථ දණ්ඩමුග්ගරපාණිනො.
235. රළු වූ දරුණු වූ නිෂ්කාරුණික වූ වැදිපුත්තු (සොළොස් දෙනෙක්) මා දුටුවාහු යැ (ඔහු) දඬුමුගුරු ගත් අත් ඇත්තාහු මා කරා එළඹියාහු යැ.
236. නාසාය විනිවිජ්ඣිත්වා නඞ්ගුට්ඨෙ පිට්ඨිකණ්ටකෙ කාජෙ ආරොපයිත්වාන භොජපුත්තා හරිංසු මං.
236. ඒ භෝජපුත්රයෝ (මාගේ) නැහැයෙහි ද නඟූටු පෙදෙසෙහි ද පිටකටු සමීපයෙහි ද (හුලින්) විද කදෙහි නඟා මා ගෙන ගියාහු යැ.
237. සපාගරන්තං පඨවිං සකානනං සපබ්බතං ඉච්ඡමානො චහං තත්ථ නාසාවාතෙන ඣාපයෙ.
237. එකල්හි මම් රිසි වූයෙම් නම්, සයුරු කෙළවර කොට ඇති වන සහිත වූ ගල් සහිත වූ පොළොව නාසා වාතයෙන් දවන්නෙමි.
238. සූලෙහි විජ්ඣියන්තෙපි කොට්ටයන්තෙපි සත්තිහි භොජපූත්තෙ න කුප්පාමි එසා මෙ සීලපාරමීති.
238. හුලින් විදුනා කල්හි දු අඩයටියෙන් කොටනා කල්හි දූ ඒ වැදිපුත්නට නො කිපියෙමි. තෙල මාගේ ශීලපාරමිතාව යි.
සඞ්ඛපාල චරියං දසමං.
දස වැනි සඞ්ඛපාලචරියා යි.
උද්දානය:
හත්ථි නාගො භූරිදත්තො චම්පෙය්යො බොධි මාහිසො රුරාමාතඞ්ගො ධම්මො ච අත්රජො ච ජයද්දිසො.
ශීලව නම් හස්තිරාජ යැ භූරිදත්ත නාගරාජ යැ චම්පෙය්‍ය නාගරාජ යැ චූළබෝධි පරිව්‍රාජක යැ මහිසරාජ යැ රුරු මෘගරාජ යැ මාතඞ්ග පණ්ඩිත යැ ජයද්දිසපුත්ර වූ අලීනසත්ත කුමාර යැ යන–
එතෙ සබ්බෙ සීලබලා පරික්ඛාරා පදෙසිකා ජීවිතං පරිරක්ඛීත්වා සීලානි අනුරක්ඛිස්සං.
මෙ හැම චරියාවෙන් ශීලය ම බල කොට ඇත්තාහ. (පරමාර්ත්ථපාරමී සඞ්ඛ්‍යාත) ශීලයට පරිෂ්කාර වූවාහු යැ (ශීලපරමාර්ත්ථපාරමිතා අසම්පූර්ණ හෙයින්) සප්‍රදේශ වූවාහු යැ (එහි දී) ජීවිතය රක්ෂා කෙරෙමින් ශීලය හාත්පසින් රක්ෂා කෙළෙමි.
සඞ්ඛපාලස්ස මෙ සතො සබ්බකාලම්පි ජීවිතං යස්ස කස්සචි නීයන්තං තස්මා සා සීලපාරමීති.
සඞ්ඛපාලනාගරාජ වූ මා විසින් හැම කල්හි මැ යම් කිසිවක්හට ජීවිතය පරිත්‍යාග කරනලද, එහෙයින් ඕ තොමෝ (මාගේ) ශීලපරමාර්ත්ථපාරමී නම් වූ යැ.
දෙ වැනි හස්තිනාගවර්ගය යි.
සීල පාරමීනිද්දෙසො නිට්ඨිතො.
ශීලපාරමිතා නිමි.