10. සඞ්ඛපාලචරියාවණ්ණනා අට්ඨකථා
10. සඞ්ඛපාලචරියාවණ්ණනා
10. සඞ්ඛපාල චරියා වර්ණනාව
232. “පුනාපරං යදාහොමි සඞ්ඛපාලො මහිද්ධිකො දාඨාවුධො ඝොරවිසො ද්විජිව්හො උරගාධිභු
233. “චතුප්පථෙ මහාමග්ගෙ නා නා ජන සමාකුලෙ චතුරො අඞ්ගෙ අධිට්ඨාය තත්ථ වාසමකප්පයිං” (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මහත් ඍද්ධි ඇත්තා වූ දළ ආයුධ කොට ඇති, ඝෝර වූ විෂ ඇති, දිව් දෙකක් ඇති, නාගයන්ට අධිපති වූ සඞ්ඛපාල නම් (නා රජු) වීම් ද නොයෙක් දෙනාගෙන් ගැවසීගත් මහාමාර්ගයෙහි සතර මංසන්ධිය සමීපයෙහි එහි (තුඹස මත) චතුර්විධ අඞ්ගයන් අධිෂ්ඨාන කොට වාසය කෙළෙමි.
දසමෙ සඞ්ඛපාලොතිආදීසු අයං සඞ්ඛෙපත්ථො – දෙවභොගසම්පත්තිසදිසාය මහතියා නාගිද්ධියා සමන්නාගතත්තා මහිද්ධිකො. හෙට්ඨා ද්වෙ, උපරි ද්වෙති චතස්සො දාඨා ආවුධා එතස්සාති දාඨාවුධො. උග්ගතෙජවිසතාය ඝොරවිසො. නාගයොනිසිද්ධාහි ද්වීහි ජිව්හාහි සමන්නාගතොති ද්විජිව්හො. මහානුභාවානම්පි උරෙන ගමනතො “උරගා”ති ලද්ධනාමානං නාගානං අධිපතිභාවතො උරගාධිභූ.
දසවෙනි (සඞ්ඛපාල චරිතයෙහි) “සඞ්ඛපාලො” යනාදියෙහි මේ කෙටි අර්ථයයි. දිව්‍ය භෝග සම්පත් සමාන මහත් නාග ඍද්ධියෙන් යුක්ත බැවින් “මහිද්ධිකො” වේ. යට දෙකක් ද උඩ දෙකක් ද වශයෙන් දළ ආයුධ හතරක් මොහුට ඇත්තේහුයි. “දාඨාවුධො” වේ. ඝෝර වූ විෂ ඇති බැවින් “ඝොරවිසො” වේ. නාගයෝනියෙහි ලැබුනු දිව් දෙකකින් යුක්ත බැවින් “ද්විජිව්හො” වේ. උරයෙන් යන බැවින් “උරග” යයි ලැබූ නම් ඇති මහානුභාව ඇති නාගයන්ට අධිපති බැවින් “උරගාධිභූ” වේ.
ද්වින්නං මග්ගානං විනිවිජ්ඣිත්වා සන්ධිභාවෙන ගතට්ඨානසඞ්ඛාතෙ චතුප්පථෙ. අපරාපරං මහාජනසඤ්චරණට්ඨානභූතෙ මහාමග්ගෙ. තතො එව මහාජනසමාකිණ්ණභාවෙන නානාජනසමාකුලෙ. ඉදානි වක්ඛමානානං චතුන්නං අඞ්ගානං වසෙන චතුරො අඞ්ගෙ. අධිට්ඨාය අධිට්ඨහිත්වා, චිත්තෙ ඨපෙත්වා. යදාහං සඞ්ඛපාලො නාම යථාවුත්තරූපො නාගරාජා හොමි, තදා හෙට්ඨා වුත්තප්පකාරෙ ඨානෙ වාසං උපොසථවාසවසෙන නිවාසං අකප්පයිං කප්පෙසිං.
දෙමගක් විනිවිද සන්ධි ස්වභාවයෙන් ගිය ස්ථානය “චතුප්පථෙ” වේ. මහජනයාට එහෙ මෙහෙ හැසිරීමට ස්ථානවූයේ “මහාපථෙ” වේ. මහජනයාගෙන් ගැවසීගත් බැවින් ඒ මහාපථයම “නානාජන සමාකුලෙ” වේ. දැන් කියනු ලබන අඞ්ග හතර වශයෙන් “චතුරො අඞ්ගෙ” වේ. “අධිට්ඨාය” අධිෂ්ඨානකොට, සිතෙහි තබා, යම් දිනෙක මම සඞ්ඛපාල නම් වූ කියන ලද ආකාරයේ නාගරාජයෙක් වීම්ද, එදින යට කියන ලද ආකාරයේ ස්ථානයක “වාසං” පෙහෙවස් විසීම් වශයෙන් වාසය “අකප්පයිං” කෙළෙමි.
මහාසත්තො හි දානසීලාදිපුඤ්ඤපසුතො හුත්වා බොධිපරියෙසනවසෙන අපරාපරං දෙවමනුස්සගතීසු සංසරන්තො කදාචි දෙවභොගසදිසසම්පත්තිකෙ නාගභවනෙ නිබ්බත්තිත්වා සඞ්ඛපාලො නාම නාගරාජා අහොසි මහිද්ධිකො මහානුභාවො. සො ගච්ඡන්තෙ කාලෙ තාය සම්පත්තියා විප්පටිසාරී හුත්වා මනුස්සයොනිං පත්ථෙන්තො උපොසථවාසං වසි. අථස්ස නාගභවනෙ වසන්තස්ස උපොසථවාසො න සම්පජ්ජති, සීලං සංකිලිස්සති, තෙන සො නාගභවනා නික්ඛමිත්වා කණ්හවණ්ණාය නදියා අවිදූරෙ මහාමග්ගස්ස ච එකපදිකමග්ගස්ස ච අන්තරෙ එකං වම්මිකං පරික්ඛිපිත්වා උපොසථං අධිට්ඨාය චාතුද්දසපන්නරසෙසු සමාදින්නසීලො “මම චම්මාදීනි අත්ථිකා ගණ්හන්තූ”ති අත්තානං දානමුඛෙ විස්සජ්ජෙත්වා නිපජ්ජති, පාටිපදෙ නාගභවනං ගච්ඡති. තෙන වුත්තං “පුනාපරං යදා හොමි, සඞ්ඛපාලො”තිආදි. තස්සත්ථො වුත්තො එව.
මහාසත්ත්වයෝ වනාහි දානශීලාදී පුණ්‍ය කර්මයන්හි නිරත වී බෝධි පර්‍ය්‍යෙෂණ වශයෙන් ඔබනොබ දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙන්නාහු කිසිකලෙක දිව්‍ය සම්පත් සමාන සැප ඇති නාග භවනයෙහි ඉපිද මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න සඞ්ඛපාල නම් නා රජ වූහ. හෙතෙම කලක් යනවිට එම සම්පත්තියෙහි විපිළිසර වී මනුෂ්‍ය ආත්මභාවය ප්‍රාර්ථනා කරමින් පෙහෙවස් විසීය. ඉක්බිති නාගභවනයෙහි වසන එතුමන්ගේ පෙහෙවස් විසීම සිද්ධ නොවේ. ශීලය කිළිටිවන්නේය. එබැවින් ඔහු නාග භවනයෙන් නික්ම “කණ්හවණ්ණ” නම් නදියට නුදුරෙහි මහාමාර්ගයට හා එක් පදික මාර්ගයට අතර පිහිටි එක් තුඹසක් දරණින් වෙලා පෙහෙවස් ඉටාගෙන තුදුස්වක් පසළොස්වක දිනයන්හි සමාදන් වූ සිල් ඇත්තේ මාගේ සම් ආදියෙන් ප්‍රයෝජන ඇත්තෝ ගනිත්වායි තම ශරිරය දාන මුඛයෙහි පරිත්‍යාග කොට වැදහොවීය. පෑළවිය දිනයෙහි නාග භවනට යති. එහෙයින් “පුනාපරං යදාහොමි සඞ්ඛපාලො”යි යනාදිය වදාරණ ලදී. එහි අර්ථය කියන ලද්දේය.
234. “ඡවියා චම්මෙන මංසෙන, නහාරු අට්ඨිකෙහි වා යස්ස එතෙන කරණීයං දින්නං යෙව හරාතු සො”
“සිවියෙන් හෝ සමෙන් හෝ මස් වලින් හෝ නහරවලින් හෝ යමෙකුට ප්‍රයෝජනයක් ඇත්නම් ඒවා දෙන ලද්දේමය. ප්‍රයෝජන ඇති තැනැත්තා ඒවා ගෙනයාවා.”
යං පනෙත්ථ ඡවියා චම්මෙනාතිආදිකං “චතුරො අඞ්ගෙ අධිට්ඨායා”ති වුත්තං චතුරඞ්ගාධිට්ඨානදස්සනං. ඡවිචම්මානි හි ඉධ එකමඞ්ගං. එවං උපොසථවාසං වසන්තස්ස මහාසත්තස්ස දීඝො අද්ධා වීතිවත්තො.
“ඡවියා චම්මෙන” (සිවියෙන් හා සමෙන්) ආදී වශයෙන් සතර අඞ්ගයන් අධිෂ්ඨාන කොට යයි මෙහි යමක් කියන ලදද එය චතුරාඞ්ග අධිෂ්ඨානය දැක්වීමයි. “ඡවිචම්ම” යනු මෙහි එක් අඞ්ගයකි. මෙසේ පෙහෙවස් වසන මහාසත්ත්වයන්ට බොහෝ කාලයක් ඉක්ම ගියේය.
අථෙකදිවසං තස්මිං තථා සීලං සමාදියිත්වා නිපන්නෙ සොළස භොජපුත්තා “මංසං ආහරිස්සාමා”ති ආවුධහත්ථා අරඤ්ඤෙ චරන්තා කිඤ්චි අලභිත්වා නික්ඛමන්තා තං වම්මිකමත්ථකෙ නිපන්නං දිස්වා “මයං අජ්ජ ගොධාපොතකම්පි න ලභිම්හා, ඉමං නාගරාජානං වධිත්වා ඛාදිස්සාමා”ති චින්තෙත්වා “මහා ඛො පනෙස ගය්හමානො පලායෙය්යාති යථානිපන්නකංයෙව නං භොගෙසු සූලෙහි විජ්ඣිත්වා දුබ්බලං කත්වා ගණ්හිස්සාමා”ති සූලානි ආදාය උපසඞ්කමිංසු. බොධිසත්තස්සාපි සරීරං මහන්තං එකදොණිකනාවප්පමාණං වට්ටෙත්වා ඨපිතසුමනපුප්ඵදාමං විය ජිඤ්ජුකඵලසදිසෙහි අක්ඛීහි ජයසුමනපුප්ඵසදිසෙන ච සීසෙන සමන්නාගතං අතිවිය සොභති. සො තෙසං සොළසන්නං ජනානං පදසද්දෙන භොගන්තරතො සීසං නීහරිත්වා රත්තක්ඛීනි උම්මීලෙත්වා තෙ සූලහත්ථෙ ආගච්ඡන්තෙ දිස්වා “අජ්ජ මය්හං මනොරථො මත්ථකං පාපුණිස්සතී”ති අත්තානං දානමුඛෙ නිය්යාතෙත්වා “ඉමෙ මම සරීරං සත්තීහි කොට්ටෙත්වා ඡිද්දාවඡිද්දං කරොන්තෙ න ඔලොකෙස්සාමී”ති අත්තනො සීලඛණ්ඩභයෙන දළ්හං අධිට්ඨානං අධිට්ඨහිත්වා සීසං භොගන්තරෙ එව පවෙසෙත්වා නිපජ්ජි.
ඉක්බිති එක් දිනක් ඔහු එසේ සිල් සමාදන්ව වැදහොත් කල්හි වැදි පුත්‍රයෝ සොළොස් දෙනෙක් මස් ගෙන එන්නෙමු’යි ආයුධ ගත් අත් ඇතිව වනයෙහි හැසිරෙන්නාහු කිසිවක් නොලැබ නික්මෙන්නාහු තුඹස මත වැදහොත්තා වූ ඒ නාගයා දැක “අපි අද තලගොයි පැටියකුදු නොලැබුවෙමු. මේ නාගරාජයා මරා කන්නෙමු’යි සිතා “මොහු විශාලය. අල්ලා ගන්නා විට පලායාහැකියයි වැදහොත් පරිද්දෙන්ම ඔහුගේ දරණ, හුලින් විද දුබල කොට අල්ලාගන්නෙමුයි උල් ගෙන එළඹියාහුය. බෝධිසත්ත්වයන්ගේ ශරීරය මහත්ය. එක් ඔරුවක් ඇති නැවක් පමණ වේ. වටකොට තබන ලද සමන්මල් දමක් වැනිය. ඔලිඳ ඇට වැනි ඇස් වලින් ද දෑසමන් මල් වැනි හිසින්ද යුක්ත වූවාහු අතිශයින් හොබනාහ. හෙතෙම ඒ සොළොස් දෙනාගේ පියවර හඬින් දරණ වැල අතරින් හිස බැහැර කොට රතු ඇස් හැරපියා ඔවුන් උල්ගත් අත් ඇතිව එනු දැක “අද මගේ මනදොළ මුදුන් පත් වන්නේය’යි තමා දාන මුඛයෙහි පවරා දී “මොවුන් මාගේ ශරීරය ආයුධ වලින් කොටා සිදුරු සිදුරු කරන කල්හිද නො බලන්නෙමි’යි තමාගේ ශීලය කඩවේය යන බියෙන් දැඩිව ඉටාගත් අධිෂ්ඨාන ඇතිව හිස දරණ වැල අතරෙහිම පිවිසවා වැදහොත්තේය.
අථ නං තෙ උපගන්ත්වා නඞ්ගුට්ඨෙ ගහෙත්වා ආකඩ්ඪන්තා භූමියං පාතෙත්වා තිඛිණසූලෙහි අට්ඨසු ඨානෙසු විජ්ඣිත්වා සකණ්ටකා කාළවෙත්තයට්ඨියො පහාරමුඛෙහි පවෙසෙත්වා අට්ඨසු ඨානෙසු කාජෙහි ආදාය මහාමග්ගං පටිපජ්ජිංසු. මහාසත්තො සූලෙහි විජ්ඣනතො පට්ඨාය එකට්ඨානෙපි අක්ඛීනි උම්මීලෙත්වා තෙ න ඔලොකෙසි. තස්ස අට්ඨහි කාජෙහි ආදාය නීයමානස්ස සීසං ඔලම්බිත්වා භූමිං පහරති . අථ නං “සීසමස්ස ඔලම්බතී”ති මහාමග්ගෙ නිපජ්ජාපෙත්වා සුඛුමෙන සූලෙන නාසාපුටෙ විජ්ඣිත්වා රජ්ජුකං පවෙසෙත්වා සීසං උක්ඛිපිත්වා කාජකොටියං ලග්ගෙත්වා පුනපි උක්ඛිපිත්වා මග්ගං පටිපජ්ජිංසු. තෙන වුත්තං –
ඉක්බිති ඔවුහු එතුමා වෙත එළඹ නගුටින් ගෙන අදින්නාහු බිම දමා තියුණු උලින් අට තැනෙක්හි විද කටු සහිත තල්වේවැල් රිටි විදින ලද ප්‍රහාර මුවෙහි පිවිසවා අට තැනකින් කදක් සේ ගෙන මහමගට පිළිපන්හ. මහාසත්ත්වයෝ උල්වලින් විදින තැන් පටන් එක්තැනකවත් ඇස් ඇර ඔවුන් දෙස නොබැලූහ. කද අටකින් ගෙන යනු ලබන්නා වූ එතුමන්ගේ හිස එල්ලී බිම වැදේ. ඉක්බිති මොහුගේ හිස එල්ලෙන්නේය’යි මහමග වැදහොවා සියුම් උලකින් නහය විද ලණුවක් දමා හිස ඔසවා කද කෙළවර එල්ලා නැවත ඔසවාගෙන මගට පිළිපන්හ. එහෙයින්,
“අද්දසංසු භොජපුත්තා, ඛරා ලුද්දා අකාරුණා; උපගඤ්ඡුං මමං තත්ථ, දණ්ඩමුග්ගරපාණිනො.
235. “අද්ද සංසු භොජපුත්තා ඛරා ලුද්දා අකාරුණා උපගඤ්ජුං මමං තත්ථ - දණ්ඩ මුග්ගර පාණිනො
“නාසාය විනිවිජ්ඣිත්වා, නඞ්ගුට්ඨෙ පිට්ඨිකණ්ටකෙ; කාජෙ ආරොපයිත්වාන, භොජපුත්තා හරිංසු ම”න්ති.
236. “නාසාය විනිවිජ්ඣිත්වා නඞ්ගුට්ඨෙ පිට්ඨි කණ්ටකෙ කාජෙ ආරොපයිත්වාන භොජපුත්තා හරිංසු මං
237. “සසාගරන්තං පඨවිං සකානනං සපබ්බතං ඉච්ඡ මානො චහං තත්ථ නාසාවාතෙන ඣාපයෙ
238. “සුලෙහි විජ්ඣයන්තෙ පි කොට්ටයන්තෙ පි සත්තිහි භොජපුත්තෙ න කුප්පාමි එසා මෙ සීල පාරමි (චරියා පිටක)
“කර්කශ වූ දරුණු වූ කරුණා නැත්තා වූ වැදිපුත්‍රයෝ එහි මා දුටුවාහුය. දඬු මුගුරු ගත් අත් ඇතිව මා කරා එළඹියාහුය. වැදිපුත්‍රයෝ නාසයෙහි, නගුටෙහි, පිටකටුව ප්‍රදේශයෙහි විද කදෙහි නගාගෙන මා ගෙන ගියෝය.
ඒ කාලයෙහි ඉදින් මම කැමති වන්නෙම් නම් මුහුද කෙළවර කොට ඇති වනාන්තර හා පර්වත සහිත වූ පෘථිවිය නාසිකා වාතයෙන් දවන්නෙමි. හුල්වලින් විදිනු ලබන කල්හිද සැත්වලින් කොටනු ලබන කල්හිද වැද්දන් කෙරෙහි නො කිපුනෙමි. මේ මාගේ ශීල පාරමිතාවයයි වදාරණ ලදී.
තත්ථ භොජපුත්තාති ලුද්දපුත්තා. ඛරාති කක්ඛළා, ඵරුසකායවචීකම්මන්තා. ලුද්දාති දාරුණා, ඝොරමානසා. අකාරුණාති නික්කරුණා. දණ්ඩමුග්ගරපාණිනොති චතුරස්සදණ්ඩහත්ථා. නාසාය විනිවිජ්ඣිත්වාති රජ්ජුකං පවෙසෙතුං සුඛුමෙන සූලෙන නාසාපුටෙ විජ්ඣිත්වා. නඞ්ගුට්ඨෙ පිට්ඨිකණ්ටකෙති නඞ්ගුට්ඨප්පදෙසෙ තත්ථ තත්ථ පිට්ඨිකණ්ටකසමීපෙ ච විනිවිජ්ඣිත්වාති සම්බන්ධො. කාජෙ ආරොපයිත්වානාති අට්ඨසු ඨානෙසු විනිවිජ්ඣිත්වා බද්ධෙසු අට්ඨසු වෙත්තලතාමණ්ඩලෙසු එකෙකස්මිං ඔවිජ්ඣිතං එකෙකං කාජං ද්වෙ ද්වෙ භොජපුත්තා අත්තනො අත්තනො ඛන්ධං ආරොපෙත්වා.
එහි “භොජපුත්තා” යනු වැදි පුත්‍රයෝ “ඛරා” යනු කර්කශ, රළු වචී කර්මයෙන් යුක්ත වූවෝ, “ලුද්දා” යනු දරුණු වූ, දරුණු මනසින් යුත්, “අකාරුණා” යනු කරුණා නැත්තා වූ, “දණ්ඩ මුග්ගර පාණිනො” යනු සතරැස් දඬුගත් අත් ඇති. “නාසාය විනිවිජ්ඣිත්වා” යනු ලණුවක් පිවිසවීමට සියුම් උලකින් නාසයෙහි සිදුරක් විද, “නඞ්ගුට්ඨෙ පිට්ඨිකණ්ඨකෙ” යනු නගුට ප්‍රදේශයේ ඒ ඒ තැනද පිටකටුව සමීපයේද විද යනු සම්බන්ධයයි. “කාජෙ ආරොපයිත්වාන” යනු විද බඳින ලද තැන් අටෙහි වේවැල් මඬුලුවලින් එක එක විද එක් එක් කදක් වැදි පුත්‍රයෝ දෙදෙනා බැගින් තම ශරීරයට නංවාගෙන,
සසාගරන්තං පථවින්ති සමුද්දපරියන්තං මහාපථවිං. සකානනං සපබ්බතන්ති සද්ධිං කානනෙහි පබ්බතෙහි චාති සකානනං සපබ්බතඤ්ච. නාසාවාතෙන ඣාපයෙති සචාහං ඉච්ඡමානො ඉච්ඡන්තො කුජ්ඣිත්වා නාසාවාතං විස්සජ්ජෙය්‍යං, සමුද්දපරියන්තං සකානනං සපබ්බතං ඉමං මහාපථවිං ඣාපෙය්යං, සහ නාසාවාතවිස්සජ්ජනෙන ඡාරිකං කරෙය්යං, එතාදිසො තදා මය්හං ආනුභාවො.
“සසාගරන්තං පඨවිං” යනු මුහුද කෙළවර කොට ඇති මහ පොළොව “සකානනං සපබ්බතං” යනු වනාන්තර හා පර්වත ද සහිත යන අර්ථයෙන් “සකානනං සපබ්බතඤ්ච” වේ. “නාසාවාතෙන ඣාපයෙ” යනු ඉදින් මම කැමතිවන්නෙම් නම් කිපී නාසාවාතයක් නිකුත් කරන්නෙම් නම් මුහුද කෙළවර කොට ඇති වනයන් හා පර්වතයන් සහිත මේ මහ පොළොව දවන්නෙමි. නාසා වාතය නිකුත් කිරීමත් සමගම අළු කරන්නෙමි. එකල මගේ ආනුභාවය මෙබඳුය.
එවං සන්තෙපි සූලෙහි විනිවිජ්ඣන්තෙ, කොට්ටයන්තෙපි සත්තිභි. භොජපුත්තෙ න කුප්පාමීති දුබ්බලභාවකරණත්ථං වෙත්තලතාපවෙසනත්ථඤ්ච සාරදාරූහි තච්ඡෙත්වා කතෙහි තිඛිණසූලෙහි අට්ඨසු ඨානෙසු විජ්ඣන්තෙපි දුබ්බලභාවකරණත්ථං තිඛිණාහි සත්තීහි තහිං තහිං කොට්ටයන්තෙපි භොජපුත්තානං ලුද්දානං න කුප්පාමි. එසා මෙ සීලපාරමීති එවං මහානුභාවස්ස තථා අධිට්ඨහන්තස්ස යා මෙ මය්හං සීලඛණ්ඩභයෙන තෙසං අකුජ්ඣනා, එසා එකන්තෙනෙව ජීවිතනිරපෙක්ඛභාවෙන පවත්තා මය්හං සීලපාරමී, සීලවසෙන පරමත්ථපාරමීති අත්ථො.
මෙසේ ඇති කල්හිද “සුලෙහි විජ්ඣයන්තෙපි කොට්ටයන්තෙපි සත්තිහි භොජ පුත්තෙ න කුප්පාමි” යනු දුර්වලබව ඇති කිරීම සඳහාත් වේවැල් ඇතුල් කිරීම සඳහාත් හරවත් ලී සැස කළ සියුම් උල්වලින් අට තැනෙක්හි විදිද්දී ද දුර්වල බව ඇති කිරීම සඳහා තියුණු ආයුධවලින් ඒ ඒ තැන කොටද්දීත් දරුණු වැදි පුත්‍රයන්ට නො කිපෙමි. “එසා මෙ සීල පාරමී” යනු මෙසේ මහානුභාව ඇති, එසේ අධිෂ්ඨාන කළ මාගේ ශීලය කඩවේය යන බියෙන් ඒ වැදිපුත්රයන්ට යම් නොකිපීමක් වීද ඒකාන්තයෙන්ම ජීවිත නිරපේක්ෂභාව වශයෙන් පැවති මගේ ශීල පාරමිතාවයි. ශීල වශයෙන් පරමාර්ථ පාරමිතාවය යන අර්ථයයි.
තථා පන බොධිසත්තෙ තෙහි නීයමානෙ මිථිලනගරවාසී ආළාරො නාම කුටුම්බිකො පඤ්චසකටසතානි ආදාය සුඛයානකෙ නිසීදිත්වා ගච්ඡන්තො තෙ භොජපුත්තෙ මහාසත්තං හරන්තෙ දිස්වා කාරුඤ්ඤං උප්පාදෙත්වා තෙ ලුද්දෙ පුච්ඡි – “කිස්සායං නාගො නීයති, නෙත්වා චිමං කිං කරිස්සථා”ති? තෙ “ඉමස්ස නාගස්ස මංසං සාදුඤ්ච මුදුඤ්ච ථූලඤ්ච පචිත්වා ඛාදිස්සාමා”ති ආහංසු. අථ සො තෙසං සොළසවාහගොණෙ පසතං පසතං සුවණ්ණමාසකෙ සබ්බෙසං නිවාසනපාරුපනානි භරියානම්පි තෙසං වත්ථාභරණානි දත්වා “සම්මා, අයං මහානුභාවො නාගරාජා, අත්තනො සීලගුණෙන තුම්හාකං න දුබ්භි, ඉමං කිලමන්තෙහි බහුං තුම්හෙහි අපුඤ්ඤං පසුතං, විස්සජ්ජෙථා”ති ආහ. තෙ “අයං අම්හාකං මනාපො භක්ඛො, බහූ ච නො උරගා භුත්තපුබ්බා, තථාපි තව වචනං අම්හෙහි පූජෙතබ්බං, තස්මා ඉමං නාගං විස්සජ්ජෙස්සාමා”ති විස්සජ්ජෙත්වා මහාසත්තං භූමියං නිපජ්ජාපෙත්වා අත්තනො කක්ඛළතාය තා කණ්ටකාචිතා ආවුතා කාළවෙත්තලතා කොටියං ගහෙත්වා ආකඩ්ඪිතුං ආරභිංසු.
බෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන් විසින් එසේ ගෙනයනු ලබන කල්හි මිථිලානුවර වැසි ආළාර නම් කෙළෙඹියෙක් ගැල් පන්සීයයක් ගෙන සුවපහසු යානාවක හිඳ යන්නේ ඒ වැදි පුත්‍රයන් මහාසත්ත්වයන් ගෙනයනු දැක කරුණාව උපදවා “මේ නාගයා කුමක් සඳහා ගෙනයවුද? ගෙනගොස් මොහුට කුමක් කරන්නෙහුදැයි ඒ වැද්දන්ගෙන් විචාලේය. ඔවුහු මේ නාගයාගේ මස් රසය, මොළොක්ය, ස්ථුලය, පිස කන්නෙමු’යි කීහ. ඉක්බිති ඔහු ඔවුන්ට ගැල් අදිනා ගොනුන් දහසක්ද එකිනෙකාට රන්මස්ස බැගින් ද සියල්ලන්ටම හැඳීමට පෙරවීමට වස්ත්‍රද ඔවුන්ගේ භාර්ය්යාවන්ට වස්ත්‍රාභරණද දී “යහළුවෙනි! මේ මහානුභාව ඇති නාගරාජයෙකි. තමාගේ ශීලගුණය නිසා තොප කෙරෙහි නො කිපියේය. මොහු වෙහෙසට පත් කරන්නා වූ නුඹලා විසින් බොහෝ පව් රැස් කරන ලද්දේය. ඔහු හැරපියව්” යයි කීහ. ඔවුහු “මෙතෙම අපට මනාප ආහාරයකි. අප බොහෝ උරගයෝ අනුභව කරන ලද විරූහ. එසේ වුවත් ඔබගේ වචනය අප විසින් පිදිය යුතුය. එහෙයින් මේ නාගයා මුදාහරින්නේමු’යි මුදාහැර මහාසත්ත්වයන් බිම හොවා තමන්ගේ දරුණු බව නිසා ඒ අමුණන ලද කටුසහිත වේවැල් කෙළවර ගෙන ඇදීමට පටන් ගත්හ.
අථ සො නාගරාජානං කිලමන්තං දිස්වා අකිලමෙන්තොව අසිනා ලතා ඡින්දිත්වා දාරකානං කණ්ණවෙධතො පටිහරණනියාමෙන අදුක්ඛාපෙන්තො සණිකං නීහරි. තස්මිං කාලෙ තෙ භොජපුත්තා යං බන්ධනං තස්ස නත්ථුතො පවෙසෙත්වා පටිමුක්කං, තං බන්ධනං සණිකං මොචයිංසු. මහාසත්තො මුහුත්තං පාචීනාභිමුඛො ගන්ත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි ආළාරං ඔලොකෙසි. ලුද්දා ථොකං ගන්ත්වා “උරගො දුබ්බලො, මතකාලෙ ගහෙත්වාව නං ගමිස්සාමා”ති නිලීයිංසු. ආළාරො මහාසත්තස්ස අඤ්ජලිං පග්ගය්හ “ගච්ඡෙව ඛො ත්වං, මහානාග, මා තං ලුද්දා පුන ගහෙසු”න්ති වදන්තො ථොකං තං නාගං අනුගන්ත්වා නිවත්ති.
ඉක්බිති ඔහු නාරජු වෙහෙසට පත්වනු දැක නොවෙහෙසාම කඩුවෙන් වැල් කපා දරුවන්ගේ කර්ණාභරණ ඉවත් කරන ආකාරයෙන් දුක් ඇති නොකොට සෙමින් ඉවත් කළේය. එකල්හි ඒ වැදි පුත්‍රයෝ යම් බන්ධනයක් ඒ නාගයාගේ නාසයෙන් ඇතුල් කොට ඇදගත්තාහු ද එම බන්ධනය සෙමින් මිදූහ. මහාසත්ත්වයෝ මෙහොතක් පෙරදිගට අභිමුඛව ගොස් කඳුලු පිරුණු ඇසින් ආළාර දෙස බැලූහ. වැද්දෝ ටිකක් දුරගොස් “උරගයා දුර්වලය, මිය ගිය කල්හි ඌ රැගෙනම යන්නෙමු’යි සැඟවුනහ. ආළාර තෙම මහාසත්ත්වයන්ට ඇඳිලිබැද “මහානාගය, ඔබ යනු මැනවි. වැද්දෝ ඔබ නැවත අල්ලා නොගන්නාහ’යි කියමින් ටිකදුරක් නාගයා සමග ගොස් නැවතුනේය.
බොධිසත්තො නාගභවනං ගන්ත්වා තත්ථ පපඤ්චං අකත්වා මහන්තෙන පරිවාරෙන නික්ඛමිත්වා ආළාරං උපසඞ්කමිත්වා නාගභවනස්ස වණ්ණං කථෙත්වා තං තත්ථ නෙත්වා තීහි කඤ්ඤාසතෙහි සද්ධිං මහන්තමස්ස යසං දත්වා දිබ්බෙහි කාමෙහි සන්තප්පෙසි. ආළාරො නාගභවනෙ එකවස්සං වසිත්වා දිබ්බෙ කාමෙ පරිභුඤ්ජිත්වා “ඉච්ඡාමහං, සම්ම, පබ්බජිතු”න්ති නාගරාජස්ස කථෙත්වා පබ්බජිතපරික්ඛාරෙ ගහෙත්වා තතො නික්ඛමිත්වා හිමවන්තප්පදෙසං ගන්ත්වා පබ්බජිත්වා තත්ථ චිරං වසිත්වා අපරභාගෙ චාරිකං චරන්තො බාරාණසිං පත්වා බාරාණසිරඤ්ඤා සමාගතො තෙන ආචාරසම්පත්තිං නිස්සාය පසන්නෙන “ත්වං උළාරභොගා මඤ්ඤෙ කුලා පබ්බජිතො, කෙන නු ඛො කාරණෙන පබ්බජිතොසී”ති පුට්ඨො අත්තනො පබ්බජ්ජාකාරණං කථෙන්තො ලුද්දානං හත්ථතො බොධිසත්තස්ස විස්සජ්ජාපනං ආදිං කත්වා සබ්බං පවත්තිං රඤ්ඤො ආචික්ඛිත්වා –
බෝධිසත්ත්වයෝ නාග භවනට ගොස් එහි පමා නොවී මහත් පිරිවර සහිතව නික්ම ආළාර වෙත එළඹ නාගභවනෙහි වර්ණනාව කියා ඔහු එහි ගෙනගොස් කන්‍යාවන් තුන්සියක් සමග ඔහුට මහත් සම්පත් දී දිව්‍ය කාමයෙන් සැතපවූහ. ආළාර තෙම නාගභවනයෙහි එක් වසරක් වාසය කොට දිව්‍ය කාමයන් වළඳා “මම පැවිදි වීමට කැමැත්තෙමි’යි නා රජුට කියා පැවිදි පිරිකර ගෙන එතැනින් නික්ම හිමාලය ප්‍රදේශයට ගොස් පැවිදිව එහි බොහෝකලක් වාසය කොට මෑත භාගයෙහි චාරිකාවේ හැසිරෙන්නේ බරණැසට පැමිණ බරණැස් රජු සමග එක්වූයේ එතුමාගේ ඇවතුම් පැවතුම් කෙරෙහි පැහැදුනු රජු විසින් “ඔබතුමා මහත් සම්පත් ඇති කුලයකින් අවුත් පැවිදි වූයෙහි යයි සිතමි. කවරනම් කරුණක් නිසා පැවිදි වූයෙහිදැයි විචාරන ලද්දේ තමාගේ පැවිද්දට හේතුව කියන්නේ වැද්දන්ගේ අතින් බෝධිසත්ත්වයන් මුදවා ගැනීම ආදිකොට සියලු පුවත් රජුට කියා -
“දිට්ඨා මයා මානුසකාපි කාමා, අසස්සතා විපරිණාමධම්මා; ආදීනවං කාමගුණෙසු දිස්වා, සද්ධායහං පබ්බජිතොම්හි, රාජ.
“දිට්ඨා මයා මානුසකාපි කාමා අසස්සතා විපරිණාම ධම්මා ආදීනවං කාමගුණෙසු දිස්වා සද්ධායහං පබ්බජිතොම්හි රාජ
“දුමප්ඵලානීව පතන්ති මාණවා, දහරා ච වුද්ධා ච සරීරභෙදා; එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ, අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො”ති. (ජා· 2.17.191-192) –
දුමප්ඵලානීව පතන්නි මාණවා දහරා ච වුද්ධා ච සරීර භෙදා එතම්හි දිස්වා පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤ මෙව සෙය්යොති (ජාතක පාලිය)
“මහරජ, මා විසින් මිනිසුන් අයත් වූද දෙවියන් අයත් වූද කාම සම්පත්තීහු දක්නා ලදහ. ඒ කාමයෝ අශාස්වතයහ. පෙරළෙන ස්වභාව ඇත්තෝය. කාම සම්පත්හි ආදීනව දැක මම සැදැහැයෙන් පැවිදි වූයෙමි.
මහරජ, ගස්වල පැසුණු නොපැසුණු ගෙඩි මෙන් ළදරු වූද තරුණ වූද මහලු වූද යන සියල්ලෝම ශරීර භේදයෙන් වැටෙන්නාහ. මෙයද දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ මහණකම වනාහි ශ්‍රේෂ්ඨ වේ
ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි.
යන මේ ගාථාවන්ගෙන් ධර්මය දේශනා කළේය.
තං සුත්වා රාජා –
එය අසා රජතුමා.
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාගඤ්ච සුත්වාන තවඤ්චළාර, කාහාමි පුඤ්ඤානි අනප්පකානී”ති. (ජා· 2.17.193) –
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤ බහුස්සුතා යෙ බහුඨාන චින්තිනො නාගඤ්ච සුත්වාන තුවඤ්ච’ළාර කාහාමි පුඤ්ඤනි අනප්පකානී’ති (ජාතක පාලි)
“ආළාර නම් තාපසය. යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙත්ද? නුවණැති ඔවුහු ඒකාන්තයෙන්ම සේවනය කළ යුත්තාහ. නාගයාගේ ද තොපගේ ද වචන අසා බොහෝ පින් කරමි’යි
ආහ.
කීය.
අථස්ස තාපසො –
ඉක්බිති තාපසතෙම රජුට:-
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාගඤ්ච සුත්වාන මමඤ්ච රාජ, කරොහි පුඤ්ඤානි අනප්පකානී”ති. (ජා· 2.17.194) –
“යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙත් ද නුවණැති ඔවුහු ඒකාන්තයෙන්ම සේවනය කළ යුත්තෝ වෙති. මහරජ! නාගයා ගැනද මා ගැනද අසා බොහෝ පින් කරව’යි (ජාතක පාලි)
එවං ධම්මං දෙසෙත්වා තත්ථෙව චත්තාරො වස්සානමාසෙ වසිත්වා පුන හිමවන්තං ගන්ත්වා යාවජීවං චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකූපගො අහොසි. බොධිසත්තොපි යාවජීවං උපොසථවාසං වසිත්වා සග්ගපුරං පූරෙසි. සොපි රාජා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ ධර්මදේශනා කොට එහිම වස් සාරමස වාසය කොට නැවත හිමවතට ගොස් දිවි ඇතිතෙක් සතර බ්‍රහ්මවිහාරයන් වඩා බඹලොව උපන්නේය. බෝධිසත්ත්වයෝද දිවි ඇති තෙක් පෙහෙවස් වසා දෙව්ලොව උපන්හ. ඒ රජතුමා ද දානාදි පින්කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.
තදා ආළාරො සාරිපුත්තත්ථෙරො අහොසි, බාරාණසිරාජා ආනන්දත්ථෙරො, සඞ්ඛපාලනාගරාජා ලොකනාථො.
එකල ආළාර තාපසයා සාරිපුත්ත ස්ථවිරයෝය. බරණැස් රජ ආනන්ද ස්ථවිරය. සඞ්ඛපාල නාගරාජයා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස සරීරපරිච්චාගො දානපාරමී, තථාරූපෙනපි විසතෙජෙන සමන්නාගතස්ස තථාරූපායපි පීළාය සති සීලස්ස අභින්නතා සීලපාරමී, දෙවභොගසම්පත්තිසදිසං භොගං පහාය නාගභවනතො නික්ඛමිත්වා සමණධම්මකරණං නෙක්ඛම්මපාරමී, “දානාදිඅත්ථං ඉදඤ්චිදඤ්ච කාතුං වට්ටතී”ති සංවිදහනං පඤ්ඤාපාරමී, කාමවිතක්කවිනොදනං අධිවාසනවීරියඤ්ච වීරියපාරමී, අධිවාසනඛන්ති ඛන්තිපාරමී, සච්චසමාදානං සච්චපාරමී, අචලසමාදානාධිට්ඨානං අධිට්ඨානපාරමී, භොජපුත්තෙ උපාදාය සබ්බසත්තෙසු මෙත්තානුද්දයභාවො මෙත්තාපාරමී, වෙදනාය සත්තසඞ්ඛාරකතවිප්පකාරෙසු ච මජ්ඣත්තභාවො උපෙක්ඛාපාරමීති එවං දස පාරමියො ලබ්භන්ති. සීලපාරමී පන අතිසයවතීති කත්වා සා එව දෙසනං ආරුළ්හා. තථා ඉධ බොධිසත්තස්ස ගුණානුභාවා “යොජනසතිකෙ නාගභවනට්ඨානෙ”තිආදිනා භූරිදත්තචරියායං (චරියා· 2.11 ආදයො) වුත්තනයෙනෙව යථාරහං විභාවෙතබ්බාති.
එතුමන්ගේ ශරීර පරිත්‍යාගය දාන පාරමිතාවයි. එබඳු වූ විෂ තේජසින් යුත් බෝධිසත්ත්වයන්ට එබඳු වූ පීඩා ඇති කල්හිද ශීලභේද නොකිරීම ශීල පාරමිතාවයි. දිව්‍ය භෝග සම්පත් සමාන සැප අත්හැර නාග භවනයෙන් නික්ම මහණ දම් කිරීම නෙක්ඛමම පාරමිතාවයි. දානාදී පින්කම් සදහා මේ දේ කිරීම වටීයයි විධාන කිරීම ප්‍රඥා පාරමිතාවයි. අධිවාසන ක්ෂාන්තිය ක්ෂාන්ති පාරමිතාවයි. සත්‍ය සමාදානය සත්‍ය පාරමිතාවයි. අචල සමාදාන අධිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතාවයි. වැදි පුත්‍රයන් පටන් සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා ඇති බව මෙත්තා පාරමිතාවයි. වේදනාවෙහි ද සත්ත්වයන් කළ විප්රකාරයෙහි ද මැදහත් බව උපෙක්ඛා පාරමිතාවයි. මෙසේ මේ චරියාවෙහි දශ පාරමිතාවෝම ලැබෙත්. ශීල පාරමිතාවම බලවත්නුයි එයම දේශනාවට නගන ලදී. එසේම මෙහිදී බෝධිසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ “යොජන සතිකෙ නාග භවනට්ඨානෙ” යනාදී වශයෙන් භූරිදත්ත චරිතයෙහි කියන ලද ක්‍රමයෙන් සුදුසු පරිදි විස්තර කළයුත්තාහ.
සඞ්ඛපාලචරියාවණ්ණනා නිට්ඨිතා.
දසවෙනි සඞ්ඛපාල චරිතයයි
නිගමන ගාථා
239. “හත්ථි නාගො භූරිදත්තො චම්පෙය්යො බොධිමාහිසො රුරු මාතඞ්ගො ධම්මො ච අත්රජො ච ජයද්දිසො”
240. “එතෙ සබ්බෙ සීලබලා පරික්ඛාරා පදෙසිකා ජීවිතං පරිරක්ඛිත්වා සීලානි අනුරක්ඛිස්සං”
241. සඞ්ඛපාලස්ස මෙ සතො සබ්බ කාලම්පි ජීවිතං යස්ස කස්සචි නීයන්තං තස්මා සා සීලපාරමීති”
එතෙති යෙ හත්ථිනාගචරියාදයො ඉමස්මිං වග්ගෙ නිද්දිට්ඨා අනන්තරගාථාය ච “හත්ථිනාගො භූරිදත්තො”තිආදිනා උද්දානවසෙන සඞ්ගහෙත්වා දස්සිතා නව චරියා, තෙ සබ්බෙ විසෙසතො සීලපාරමිපූරණවසෙන පවත්තියා සීලං බලං එතෙසන්ති සීලබලා. සීලස්ස පරමත්ථපාරමිභූතස්ස පරික්ඛරණතො සන්තානස්ස ච පරිභාවනාවසෙන අභිසඞ්ඛරණතො පරික්ඛාරා. උක්කංසගතාය සීලපරමත්ථපාරමියා අසම්පුණ්ණත්තා පදෙසො එතෙසං අත්ථි, න නිප්පදෙසොති පදෙසිකා සප්පදෙසා. කස්මාති චෙ? ආහ “ජීවිතං පරිරක්ඛිත්වා, සීලානි අනුරක්ඛිස”න්ති, යස්මා එතෙසු හත්ථිනාගචරියාදීසු (චරියා· 2.1 ආදයො) අහං අත්තනො ජීවිතං එකදෙසෙන පරිරක්ඛිත්වාව සීලානි අනුරක්ඛිං, ජීවිතං න සබ්බථා පරිච්චජිං, එකන්තෙනෙව පන සඞ්ඛපාලස්ස මෙ සතො සබ්බකාලම්පි ජීවිතං යස්ස කස්සචි නිය්යත්තං, සඞ්ඛපාලනාගරාජස්ස පන මෙ මහානුභාවස්ස උග්ගවිසතෙජස්ස සතො සමානස්ස සබ්බකාලම්පි තෙහි ලුද්දෙහි සමාගමෙ තතො පුබ්බෙපි පච්ඡාපි සතො එවං පුග්ගලවිභාගං අකත්වා යස්ස කස්සචි සීලානුරක්ඛණත්ථමෙව ජීවිතං එකංසෙනෙව නිය්යත්තං නීයාතිතං දානමුඛෙ නිස්සට්ඨං, තස්මා සා සීලපාරමීති යස්මා චෙතදෙවං, තස්මා තෙන කාරණෙන සා පරමත්ථපාරමිභාවං පත්තා මය්හං සීලපාරමීති දස්සෙතීති.
යම් ඒ හස්තිනාගාදි (දශ) චර්ය්යා මෙම වර්ගයෙහි නිර්දිෂ්ට ද එයින් චර්ය්යා නමයක් නිගමන ගාථාවෙහි “හත්ථිනාගා භූරිදත්තො” ආදී උදාන වශයෙන් සංග්‍රහ කොට දක්වන ලද ද ඒ සියල්ලම විශේෂයෙන් ශීලපාරමී සම්පූර්ණ කිරීම් වශයෙන් පැවති හෙයින් මොහු සියලු දෙන ශීලයම බලය කොට ඇත්තේනුයි “සීල බලා” වේ. පරමාර්ථ පාරමීභූත ශීලයම උපකරණ හෝ පරිවාර කරන හෙයින්ද සන්තානයෙහි පරිභාවනා වශයෙන් සකස් කිරීම් කරන හෙයින්ද “පරික්ඛාරා” වේ. උත්කෘෂ්ටභාවයට ගියාවූ ශීලපරමාර්ථ පාරමිතාවෙහි අසම්පූර්ණ භාවයෙන් මේවාට ප්‍රදේශයක් ඇත. නිප්රදේශ නොවේනුයි “පදෙසිකා” වේ. ප්රදේශසහිතය, කුමක්හෙයින්ද යත්? “ජීවිතං පරිරක්ඛිත්වා සීලානි අනුරක්ඛිස්සං”යි කීය. යම්හෙයකින් මේ හස්තිනාග ආදී චර්ය්යාවන්හි මම තම ජීවිතය ඒකදේශ වශයෙන් රැකම ශීලය රුක්කෙම් ද එම නිසාය. ජීවිත වශයෙන් සියලු ආකාරයෙන් පරිත්‍යාග කෙළෙම් ද ඒකාන්ත වශයෙන්ම වනාහි “සඞ්ඛපාලස්ස මෙ සතො” මා සඞ්ඛපාලව සිටි කල්හි සියලු කාලයෙහිම ජීවිතය යම් කිසිවකු හට පවරා දෙන ලද්දේය. මහානුභාව සම්පන්න සඞ්ඛපාල නා රජු වූ මට උග්‍ර විෂ තේජස තිබියදීම එම වැද්දන් සමග සමාගමේ දී සියලු කාලයද එයින් පෙර ද පසු ද හැකියාව ඇත්තේ යම් කිසිවෙකුට මෙසේ පුද්ගල විභාගයක් නොකොට ශීලානුරක්ෂණය සඳහාම ජීවිතය ඒකාන්තයෙන්ම “නීයත්තං” පවරා දෙන ලදී. දානමුඛයෙහි අත්හරින ලදී. “තස්මා සා සීලපාරමී” යනු මෙසේ ඒ ජීවිත පරිත්‍යාගය යම් හෙයකින් කරන ලද්දේ ද එහෙයින් ඒ කාරණයෙන් පරමාර්ථ පාරමීභාවයට පත් එය මාගේ ශීල පාරමිතාව යයි දක්වයි.
පරමත්ථදීපනියා චරියාපිටකසංවණ්ණනාය
මෙසේ පරමත්ථදීපනි චරියා පිටක සංවණ්ණනාවේ
දසවිධචරියාසඞ්ගහස්ස විසෙසතො සීලපාරමිවිභාවනස්ස
චරියා දහයකින් සංග්‍රහ වූ විශේෂයෙන් ශීලපාරමිතාව විස්තර කරන්නාවූ
දුතියවග්ගස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
දෙවෙනි වර්ගයෙහි අර්ථවර්ණනාව නිමියේය.