යෙදුමෙන් කියවන්න

9. අලීනසත‍්තුචරියාවණ‍්ණනා අට‍්ඨකථා

9. අලීනසත‍්තුචරියාවණ‍්ණනා

9. අලීනසත්ත චරියා වර්ණනාව

221. “පඤ්චාල රට්ඨෙ නගරවරෙ කම්පිලායං පුරුත්තමෙ රාජා ජයද්දි සො නාම සීලගුණ මුපාගතො

222. “තස්ස රඤ්ඤෙ අහං පුත්තො සුතධම්මො සුසීලවා අලීන සත්තො ගුණවා අනුරත්ත පරිජනො සදා

223. “පිතාමෙ මිගවං ගනත්‍වා පොරිසාදං උපාගමි සො මෙ පිතුමග්ගහෙසි භක්‍ඛොසි මම මා චලී

224. “තස්ස තං වචනං සුත්‍වා භීතො තසිත වෙධිතො ඌරුක්‍ඛම්භො අහු තස්ස දිස්වාන පොරිසාදකං” (චරියා පිටක)

“පඤ්චාල ජනපදයෙහි උත්තම නගරය වූ කපිලා නම් පුරවරයෙහි ශීලයෙන් හා ගුණයෙන්ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වූයේය.

බහුශ්‍රැත වූ සුසිල්වත් වූ (උදාර මහාපුරුෂ) ගුණයෙන් යුක්ත වූ හැමකල්හි භක්තිමත් පිරිවර ජනයා ඇති ‘අලීනසත්ත’ නම් වූ මම ඒ රජුගේ පුත්‍රයා වීමි.

මගේ පියා මුවදඩයමට ගොස් පෝරිසාදයා කරා එළඹියේය. හෙතෙම මට තෝ ගොදුරු වූයෙහිය. නොසෙල්වව’යි (කියා) මගේ පියා අල්ලා ගත්තේය.

ඔහුගේ ඒ කීම අසා බියට පත්වූයේ තැති ගැන්ම හා වෙවුලීම ඇති විය. පෝරිසාදයා දැක ඔහුගේ දෙකලවය ටැම්සේ තද විය.”

නවමෙ පඤ‍්චාලරට‍්ඨෙති එවංනාමකෙ ජනපදෙ. නගරවරෙ, කපිලායන‍්ති “කපිලා”ති එවංලද‍්ධනාමෙ උත‍්තමනගරෙ. “නගරවරෙ”ති වත්‍වා පුන “පුරුත‍්තමෙ”ති වචනං තස‍්මිං කාලෙ ජම‍්බුදීපෙ සබ‍්බනගරානං තස‍්ස නගරස‍්ස අග‍්ගනගරභාවදස‍්සනත්‍ථං. ජයද‍්දිසො නාමාති රඤ‍්ඤා අත‍්තනො පච‍්චත්‍ථිකෙ ජිතෙ ජාතො, අත‍්තනො වා පච‍්චාමිත‍්තභූතං යක‍්ඛිනීසඞ‍්ඛාතං ජයද‍්දිසං ජිතොති එවංලද‍්ධනාමො. සීලගුණමුපාගතොති ආචාරසීලඤ‍්චෙව උස‍්සාහසම‍්පත‍්තියාදිරාජගුණඤ‍්ච උපාගතො, තෙන සමන‍්නාගතොති අත්‍ථො.

නවවෙනි (අලීනසත්ත චරිතයෙහි) “පඤ්චාල රට්ඨෙ” යනු මෙනම් ඇති ජනපදයෙහි “නගරවරෙ කපිලායං” යනු “කපිල” යයි මෙසේ ලැබූ නම් ඇති උතුම් නගරයෙහි. “නගරවරෙ” යයි කියා නැවත “පුරුත්තමෙ” යයි කීම එකල්හි දඹදිව සියලු නගරයන් අතර එම නගරය අගනුවර බව දැක්වීම සඳහාය. “ජයද්දිසො නාම” යනු රජතුමා විසින් තමාගේ සතුරන් ජයගත් කල්හි උපන්, නැතහොත් තමාගේ යක්‍ෂණී සඞ්ඛ්‍යාත සතුරා ජයගෙන උපන් හෙයින් “ජයද්දිස” යයි මෙසේ ලැබූ නම් ඇති, “සීලගුණ මුපාගතො” යනු ආචාර ශීලය මෙන්ම උත්සාහ සම්පත්තිය ආදී රාජගුණ ද ළඟට ආයේ, එයින් යුක්ත වූයේ යන අර්‍ථයයි.

තස‍්ස රඤ‍්ඤොති ජයද‍්දිසරාජස‍්ස, අහං පුත‍්තො අහොසින‍්ති වචනසෙසො. සුතධම‍්මොති යාවතා රාජපුත‍්තෙන සොතබ‍්බධම‍්මො නාම, තස‍්ස සබ‍්බස‍්ස සුතත‍්තා සුතධම‍්මො, බහුස‍්සුතොති අත්‍ථො. අථ වා සුතධම‍්මොති විස‍්සුතධම‍්මො, ධම‍්මචරියාය සමචරියාය පකාසො පඤ‍්ඤාතො, ලොකෙ පත්‍ථටකිත‍්තිධම‍්මොති අත්‍ථො. අලීනසත‍්තොති එවංනාමො. ගුණවාති උළාරෙහි මහාපුරිසගුණෙහි සමන‍්නාගතො. අනුරක‍්ඛපරිජනො සදාති සද‍්ධාදිගුණවිසෙසයොගතො චතූහි සඞ‍්ගහවත්‍ථූහි සම‍්මදෙව සඞ‍්ගහණතො ච සබ‍්බකාලං සම‍්භත‍්තපරිවාරජනො.

“තස්ස රඤ්ඤෙ” යනු ජයද්දිස රජුට මම පුතා වීමි”යි ඉතිරි වචනයි. “සුත ධම්මො” යනු රාජ පුත්‍රයෙකු විසින් ඇසිය යුතු ධර්‍ම යම්පමණ වේද ඒ සියල්ල ඇසූ බැවින් “සුතධම්ම” වේ. බහුශ්‍රැත යන අර්‍ථයයි. නැතහොත් “සුතධම්මො” යනු ප්‍රකට ධර්‍මයයි. ධර්‍මචර්‍ය්‍යාවෙන් ප්‍රකාශ වූ, ප්‍රකට වූ ලෝකයෙහි පැතුරුණු කීර්ති ධර්‍ම ඇති යන අර්‍ථයයි. “අලීනසත්තො” යනු මෙනම් ඇති “ගුණවා” යනු උදාරමහාපුරුෂ ගුණයන්ගෙන් යුක්ත වූ, “අනුරත්ත පරිජනොසදා” යනු ශ්‍රද්ධා ආදී ගුණවිශේෂයෙන් යුක්ත නිසාත් සතර සංග්‍රහ වස්තූන්ගෙන් මැනවින් සංග්‍රහ ලැබීම නිසාත් සියලු කාලයෙහි භක්තිමත් පිරිවර ජනයා ඇති,

පිතා මෙ මිගවං ගන‍්ත්‍වා, පොරිසාදං උපාගමීති මය‍්හං පිතා ජයද‍්දිසරාජා මිගවං චරන‍්තො අරඤ‍්ඤමජ‍්ඣං ගන‍්ත්‍වා පොරිසාදං මනුස‍්සඛාදකං යක‍්ඛිනිපුත‍්තං උපගඤ‍්ඡි, තෙන සමාගමි.

“පිතාමෙ මිගවං ගනත්‍වා පොරිසාදං උපාගමි” යනු මගේ පියා වූ ජයද්දිස රජ මුවදඩයම සඳහා හැසිරෙන්නේ වනය මැදට ගොස් පොරිසාද නම් වූ මිනිසුන් කන යක්‍ෂණී පුත්‍රයා වෙත එළඹුණි. ඔහු සමඟ එක් විය.

ජයද‍්දිසරාජා කිර එකදිවසං “මිගවං ගමිස‍්සාමී”ති තදනුරූපෙන මහතා පරිවාරෙන කපිලනගරතො නික‍්ඛමි. තං නික‍්ඛන‍්තමත‍්තමෙව තක‍්කසිලාවාසී නන්‍දො නාම බ්‍රාහ‍්මණො චතස‍්සො සතාරහා ගාථා නාම කථෙතුං ආදාය උපසඞ‍්කමිත්‍වා අත‍්තනො ආගමනකාරණං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “නිවත‍්තිත්‍වා සුණිස‍්සාමී”ති තස‍්ස වසනගෙහං පරිබ‍්බයඤ‍්ච දාපෙත්‍වා අරඤ‍්ඤං පවිට‍්ඨො “යස‍්ස පස‍්සෙන මිගො පලායති, තස‍්සෙව සො ගීවා”ති වත්‍වා මිගෙ පරියෙසන‍්තො විචරති. අථෙකො පසදමිගො මහාජනස‍්ස පදසද‍්දෙන ආසයතො නික‍්ඛමිත්‍වා රඤ‍්ඤො අභිමුඛො ගන‍්ත්‍වා පලායි. අමච‍්චා පරිහාසං කරිංසු. රාජා තං අනුබන්‍ධිත්‍වා තියොජනමත්‍ථකෙ තං පරික‍්ඛීණජවං ඨිතං විජ‍්ඣිත්‍වා පාතෙසි. පතිතං ඛග‍්ගෙන ද‍්විධා කත්‍වා අනත්‍ථිකොපි “මංසෙන මිගං ගහෙතුං නාසක‍්ඛී”ති වචනමොචනත්‍ථං කාජෙ කත්‍වා ආගච‍්ඡන‍්තො එකස‍්ස නිග්‍රොධස‍්ස මූලෙ දබ‍්බතිණෙසු නිසීදිත්‍වා ථොකං විස‍්සමිත්‍වා ගන‍්තුං ආරභි.

ජයද්දිස රජ වනාහි එක් දිනක් මුවදඩයම් සඳහා යන්නෙමි’යි එයට සුදුසු මහත් පිරිවර සමග කපිල නුවරින් නික්මුණි. ඔහු නික්මෙන ඇසිල්ලෙහිම තක්‍ෂලාවාසී නන්‍ද නම් බ්‍රාහ්මණයෙක් සතාරහ (සියයක් වටින) නම් වූ ගාථා හතරක් කීමට ගෙනවිත් තමා පැමිණි කාරණය රජුට දැන්වීය. රජු “ආපසු පැමිණ අසන්නෙමි’යි එතුමන්ට විසීමට ගෙයක් වියදම් වැටුප් ද දෙවා වනයට පිවිසියේ “යමෙකු සිටි තැනින් මුවා පලායයි ද ඔහුටම දඩ යයි කියා මුවන් සොයමින් හැසිරෙයි. ඉක්බිති එක් පසදමුවෙක් ජනයාගේ පා හඬින් වාසස්ථානයෙන් නික්ම රජුට අභිමුඛව ගොස් පලාගියේය. ඇමතියෝ පරිහාස කළහ. රජ මුවා ලුහුබැඳ ගොස් තුන් යොදුනකින් මත්තෙහි ගෙවීගිය ජව ඇතිව සිටි මුවා විද බිම හෙලීය. වැටුණු මුවා කඩුවෙන් දෙකඩ කොට මාංශයෙන් ප්‍රයෝජන නැත්තේ වුවද “මුවා අල්ලා ගැනීමට නොහැකි වූයේය” යන වචනයෙන් මිදෙනු පිණිස කඳ බැදගෙන එන්නේ එක් නුග ගසක් මුල කුසතණ මත හිඳ මඳක් විඩා හැර යන්නට ආරම්භ කළේය.

තෙන ච සමයෙන තස‍්සෙව රඤ‍්ඤො ජෙට‍්ඨභාතා ජාතදිවසෙ එව එකාය යක‍්ඛිනියා ඛාදිතුං ගහිතො ආරක‍්ඛමනුස‍්සෙහි අනුබද‍්ධාය තාය නිද‍්ධමනමග‍්ගෙන ගච‍්ඡන‍්තියා උරෙ ඨපිතො මාතුසඤ‍්ඤාය මුඛෙන ථනග‍්ගහණෙන පුත‍්තසිනෙහං උප‍්පාදෙත්‍වා සංවඩ‍්ඪියමානො තදාහාරොපයොගිතාය මනුස‍්සමංසං ඛාදන‍්තො අනුක‍්කමෙන වුද‍්ධිප‍්පත‍්තො අත‍්තානං අන‍්තරධාපනත්‍ථං යක‍්ඛිනියා දින‍්නඔසධමූලානුභාවෙන අන‍්තරහිතො හුත්‍වා මනුස‍්සමංසං ඛාදිත්‍වා ජීවන‍්තො තාය යක‍්ඛිනියා මතාය තං ඔසධමූලං අත‍්තනො පමාදෙන නාසෙත්‍වා දිස‍්සමානරූපොව මනුස‍්සමංසං ඛාදන‍්තො නග‍්ගො උබ‍්බිග‍්ගවිරූපදස‍්සනො රාජපුරිසෙහි පස‍්සිත්‍වා අනුබද‍්ධො පලායිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා තස‍්ස නිග්‍රොධස‍්ස මූලෙ වාසං කප‍්පෙන‍්තො රාජානං දිස‍්වා “භක‍්ඛොසි මෙ”ති හත්‍ථෙ අග‍්ගහෙසි. තෙන වුත‍්තං “සො මෙ පිතුමග‍්ගහෙසි, භක‍්ඛොසි මම මා චලී”තිආදි.

එසමයෙහි ඒ රජුගේ වැඩිමහල් සහෝදරයා උපන් දිනයෙහිම එක් යක්‍ෂණියක විසින් කෑමට අල්ලා ගන්නා ලද්දේ රැකවලට සිටි මිනිසුන් විසින් ලුහුබඳින ලද ඇය දිය බසින මගකින් යන්නී ඇයගේ ළයෙහි හුන් දරුවා “මෑණියෝය” යන හැඟීමෙන් ඇගේ පියයුර මුවින් ගත් කල දරු සෙනෙහස උපදවා වර්‍ධනය කරන්නේ ආහාර අවශ්‍යතාවය සඳහා මිනීමස් කන්නේ ක්‍රමයෙන් වැඩිවිය පැමිණ තමාට අතුරුදහන් වීම සඳහා යක්‍ෂණිය විසින් දෙන ලද ඖෂධ මුලෙහි ආනුභාවයෙන් අතුරුදහන්ව මිනී මස් කා ජීවත්වන්නේ ඒ යක්‍ෂණිය මියගිය පසු ඒ බෙහෙත්මුල තමාගේ ප්‍රමාදයෙන් නැතිකොට පෙනෙන රූපයෙන්ම මිනීමස් කන්නේ නිරුවත් තැතිගත් විරූප දර්‍ශන ඇත්තේ රාජපුරුෂයන් දැක ලුහුබඳින ලද්දේ පලාගොස් වනයට පිවිස එම නුගගස මුල වාසය කරන්නේ රජු දැක “මට ගොදුරු වූවෙහිය’යි අතින් අල්ලා ගත්තේය. එහෙයින් “සො මෙ පිතුමග්ගහෙසි භක්‍ඛොසි මම මා චලී” ආදිය කියන ලදි.

තත්‍ථ සො මෙ පිතුමග‍්ගහෙසීති සො පොරිසාදො මම පිතරං ජයද‍්දිසරාජානං අත‍්තනො නිසින‍්නරුක‍්ඛසමීපමාගතං “මම භක‍්ඛො ත්‍වං ආගතොසි, හත්‍ථපරිප‍්ඵන්‍දනාදිවසෙන මා චලි, චලන‍්තම‍්පි අහං තං ඛාදිස‍්සාමී”ති හත්‍ථෙ අග‍්ගහෙසි.

එහි “සො මෙ පිතුමග්ගහෙසි” යනු ඒ පෝරිසාදයා තමා හුන් ගස සමීපයට පැමිණි මගේ පියා වූ ජයද්දිස රජුට “මගේ ගොදුර වූ නුඹ ආවෙහිය, අත් වෙවුලීම් ආදී වශයෙන් නොසෙල්වව, සෙලවෙන්නේ නමුදු නුඹ මම කන්නෙමි’යි අතින් අල්ලා ගත්තේය.

තස‍්සාති තස‍්ස යක‍්ඛිනිපුත‍්තස‍්ස. තසිතවෙධිතොති චිත‍්තුත්‍රාසෙන තසිතො සරීරපරිකම‍්පෙන වෙධිතො. ඌරුක‍්ඛම‍්භොති උභින‍්නං ඌරූනං ථද‍්ධභාවො, යෙන සො තතො පලායිතුං නාසක‍්ඛි.

“තස්ස” යනු ඒ යක්‍ෂණී පුත්‍රයාගේ, “තසිතවෙධිතො” යනු සිතෙහි තැති ගැනීම් වශයෙන් තසිතද ශරීරය වෙවුලීම් වශයෙන් වෙධිතද වූ, “ඌරුක්‍ඛම්හො” යනු යමකින් ඔහුට එතැනින් පලායාමට නොහැකිවීද ඒ කලවා දෙකේ තද බව,

මිගවං ගහෙත්‍වා මුඤ‍්චස‍්සූති එත්‍ථ මිගවන‍්ති මිගවවසෙන ලද‍්ධත‍්තා තං මිගමංසං “මිගව”න‍්ති ආහ, ඉමං මිගමංසං ගහෙත්‍වා මං මුඤ‍්චස‍්සූති අත්‍ථො. සො හි රාජා නං යක‍්ඛිනිපුත‍්තං දිස‍්වා භීතො ඌරුක‍්ඛම‍්භං පත්‍වා ඛාණුකො විය අට‍්ඨාසි. සො වෙගෙන ගන‍්ත්‍වා තං හත්‍ථෙ ගහෙත්‍වා “භක‍්ඛොසි මෙ ආගතොසී”ති ආහ. අථ නං රාජා සතිං පච‍්චුපට‍්ඨපෙත්‍වා “සචෙ ආහාරත්‍ථිකො, ඉමං තෙ මංසං දදාමි, තං ගහෙත්‍වා ඛාද, මං මුඤ‍්චාහී”ති ආහ . තං සුත්‍වා පොරිසාදො “කිමිදං මය‍්හමෙව සන‍්තකං දත්‍වා මයා වොහාරං කරොසි, නනු ඉමං මංසඤ‍්ච ත්‍වඤ‍්ච මම හත්‍ථගතකාලතො පට‍්ඨාය මය‍්හමෙව සන‍්තකං, තස‍්මා තං පඨමං ඛාදිත්‍වා පච‍්ඡා මංසං ඛාදිස‍්සාමී”ති ආහ.

“මිගමං ගහෙත්‍වා මුඤ්චස්සු” යන මෙහි ‘මිගවං’ යනු මුවාගෙන් ලැබුණු බැවින් ඒ මුවමස් ‘මිගවං’ යයි කීය. මේ මුවමස් ගෙන මා මුදාහරුව යන අර්‍ථයයි. ඒ රජතුමා වනාහි ඒ යක්‍ෂණී පුත්‍රයා දැක බියට පත්ව කලවා තද වී කණුවක් මෙන් සිටියේය. ඔහු වේගයෙන් ගොස් ඔහුගේ අතින් ගෙන මාගේ ගොදුර වෙහි. නුඹ ආවෙහි’යි කීය. ඉක්බිති රජ සිහි එළවා ඔහුට ඉදින් ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තෙහි නම් නුඹට මේ මස් දෙමි. එය අනුභව කරන, මා මුදවව’යි කීය. එය අසා පෝරිසාදයා “මේ කිමෙක්ද මටම අයිති දෙය දී මා සමග වෙළඳාම් කරන්නෙහිද? මේ මස් ද නුඹ ද මගේ අතට ආ කාලයේ පටන් මටම අයිති නොවේද? එහෙයින් පළමුව නුඹ අනුභව කොට පසුව මස් කන්නෙමි”යි කීය.

අථ රාජා “මංසනික‍්කයෙනායං න මං මුඤ‍්චති, මයා ච මිගවං ආගච‍්ඡන‍්තෙන තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ‘ආගන‍්ත්‍වා තෙ ධනං දස‍්සාමී’ති පටිඤ‍්ඤා කතා. සචායං යක‍්ඛො අනුජානිස‍්සති, සච‍්චං අනුරක‍්ඛන‍්තො ගෙහං ගන‍්ත්‍වා තං පටිඤ‍්ඤං මොචෙත්‍වා පුන ඉමස‍්ස යක‍්ඛස‍්ස භත‍්තත්‍ථං ආගච‍්ඡෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා තස‍්ස තමත්‍ථං ආරොචෙසි. තං සුත්‍වා පොරිසාදො “සචෙ ත්‍වං සච‍්චං අනුරක‍්ඛන‍්තො ගන‍්තුකාමොසි, ගන‍්ත්‍වා තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස දාතබ‍්බං ධනං දත්‍වා සච‍්චං අනුරක‍්ඛන‍්තො සීඝං පුන ආගච‍්ඡෙය්‍යාසී”ති වත්‍වා රාජානං විස‍්සජ‍්ජෙසි. සො තෙන විස‍්සට‍්ඨො “ත්‍වං මා චින‍්තයි, අහං පාතොව ආගමිස‍්සාමී”ති වත්‍වා මග‍්ගනිමිත‍්තානි සල‍්ලක‍්ඛෙන‍්තො අත‍්තනො බලකායං උපගන‍්ත්‍වා තෙන පරිවුතො නගරං පවිසිත්‍වා නන්‍දබ්‍රාහ‍්මණං පක‍්කොසාපෙත්‍වා මහාරහෙ ආසනෙ නිසීදාපෙත්‍වා තා ගාථා සුත්‍වා චත‍්තාරි සහස‍්සානි දත්‍වා යානං ආරොපෙත්‍වා “ඉමං තක‍්කසිලමෙව නෙථා”ති මනුස‍්සෙ දත්‍වා බ්‍රාහ‍්මණං උය්‍යොජෙත්‍වා දුතියදිවසෙ පොරිසාදස‍්ස සන‍්තිකං ගන‍්තුකාමො පුත‍්තං රජ‍්ජෙ පතිට‍්ඨපෙතුං අනුසාසනිඤ‍්ච දෙන‍්තො තමත්‍ථං ආරොචෙසි. තෙන වුත‍්තං –

ඉක්බිති රජතුමා මස් විකිණීමෙන් මොහු මා නොමුදයි, මුව දඩයමට එන්නා වූ මා විසින් ඒ බ්‍රහ්මණයාට “ආපසු පැමිණ නුඹට ධනය දෙන්නෙමි”යි ප්‍රතිඥාවක් කරන ලදී. ඉදින් මේ යක්‍ෂයා අවසර දෙන්නේ නම් සත්‍යය ආරක්‍ෂා කරන්නේ නිවසට ගොස් ඒ ප්‍රතිඥාව මුදා නැවත මේ යක්‍ෂයාට ආහාර පිණිස එන්නෙමි’යි සිතා ඔහුට ඒ බව දැන්වීය. එය අසා පෝරිසාදයා ඉදින් නුඹ සත්‍යය රකිමින් යනු කැමැත්තෙහි නම් ගොස් ඒ බ්‍රාහ්මණයාට දියයුතු ධනය දී සත්‍යය රකිමින් වහා නැවත එන්නෙහි’යි කියා රජු මුදා හැරියේය. රජතුමා ඔහු විසින් මුදාහරින ලද්දේ නුඹ නො සිතව, මම උදෑසනම එන්නෙමි’යි කියා මග නිමිති සලකමින් තමාගේ සේනාව වෙත එළඹ ඔවුන් විසින් පිරිවරන ලද්දේ නගරයට පිවිස ඒ නන්‍ද බ්‍රාහ්මණයා කැඳවා මාහැඟි අසුනක වඩා හිඳුවා ගාථාවන් අසා හාරදහසක් දී යානයක නංවා “මොහු තක්‍ෂිලාවටම ඇරලව”යි මිනිසුන්ට බාර දී බ්‍රාහ්මණයා පිටත් කර යවා දෙවන දවස්හි පෝරිසාදයා සමීපයට යනු කැමැත්තේ පුතා රාජ්‍යයෙහි පිහිටුවීමට අනුශාසනාද දෙමින් ඒ බව දැන්වීය. එහෙයින්,

“මිගවං ගහෙත්‍වා මුඤ‍්චස‍්සු, කත්‍වා ආගමනං පුන; බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වා, පිතා ආමන‍්තයී මමං.

225. “මිගවං ගහෙත්‍වා මුඤ්චස්සු කත්‍වා ආගමනං පුන බ්‍රාහ්මණස්ස ධනං දත්‍වා පිතා ආමන්තයී මමං

“රජ‍්ජං පුත‍්ත පටිපජ‍්ජ, මා පමජ‍්ජි පුරං ඉදං; කතං මෙ පොරිසාදෙන, මම ආගමනං පුනා”ති.

226. “රජ්ජං පුත්ත පටිපජ්ජ මා පමජ්ජි පුරං ඉදං කතං මෙ පොරිසාදෙන මම ආගමනං පුනාති

“දඩමස් ගෙන මා මුදාහරුවයි (රජු කීයේය) ආපසු ඒමට කතිකා කොට බමුණාට ධනය දී පියා මා ඇමතීය.

පුත්‍රය, මේ රාජ්‍යය පිළිපදුව, මේ නගරයත් (ආරක්‍ෂා කරව) රාජ ධර්‍මයෙහි ප්‍රමාද නොවෙව, මගේ නැවත පැමිණීම කැමති පෝරිසාදයාටම විසින් ප්‍රතිඥාවක් දෙන ලද්දේය’යි වදාරණ ලදී.

තත්‍ථ ආගමනං පුනාති පුන ආගමනං පටිඤ‍්ඤාතස‍්ස පොරිසාදස‍්ස සඞ‍්ගරං කත්‍වා. බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වාති තක‍්කසිලතො ආගතස‍්ස නන්‍දනාමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස තා ගාථා සුත්‍වා චතුසහස‍්සපරිමාණං ධනං දත්‍වා. පිතා ආමන‍්තයී මමන‍්ති මම පිතා ජයද‍්දිසරාජා මං ආමන‍්තෙසි.

එහි “ආගමනං පුන” යනු නැවත පැමිණීම බලාපොරොත්තු වූ පෝරිසාදයාට පොරොන්දු දී, “බ්‍රාහ්මණස්ස ධනං දත්‍වා” යනු තක්‍ෂලා නුවර සිට පැමිණි නන්‍ද නම් බ්‍රාහ්මණයාට ඒ ගාථා අසා හාරදහසක් ප්‍රමාණ වූ ධනය දී, “පිතා ආමන්තියී මමං” යනු මගේ පියා වූ ජයද්දිස රජ මා ඇමතීය.

කථං ආමන‍්තෙසීති චෙ? ආහ “රජ‍්ජ”න‍්තිආදි. තස‍්සත්‍ථො – පුත‍්ත, ත්‍වං ඉමං කුලසන‍්තකං රජ‍්ජං පටිපජ‍්ජ, යථාහං ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙමි, එවං ත්‍වම‍්පි ඡත‍්තං උස‍්සාපෙත්‍වා රජ‍්ජං කාරෙහි. ත්‍වං ඉදං පුරං රක‍්ඛන‍්තො රජ‍්ජඤ‍්ච කාරෙන‍්තො මා පමාදමාපජ‍්ජි, අසුකස‍්මිං ඨානෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ පොරිසාදෙන යක‍්ඛෙන කතමෙතං මයා සඞ‍්ගරං මම පුන තස‍්ස සන‍්තිකං ආගමනං උද‍්දිස‍්ස, කෙවලං තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ධනදානත්‍ථං ඉධාගතො සච‍්චං අනුරක‍්ඛන‍්තො, තස‍්මා තත්‍ථාහං ගමිස‍්සාමීති.

“කෙසේ ඇමතුවේදයත්? “රජ්ජං” යනාදිය කීය. එහි අර්‍ථය. “පුත්‍රය, නුඹ මේ කුල සත්තක රාජ්‍යය පිළිපදුව. මම යම්සේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරවම් ද එසේ නුඹ ද සේසත නගා රාජ්‍යය කරව, නුඹ මේ නගරය රකිමින් රාජ්‍යයද කරවමින් ප්‍රමාද නොවෙව. අසවල් ස්ථානයෙහි නුගගස මුල පෝරිසාද යක්‍ෂයා විසින් මා අල්ලා ගන්නා ලදුව නැවත ඔහුගේ සමීපයට පැමිණීම උදෙසා මා විසින් කළ මේ පොරොන්දුවක් ඇත. හුදෙක් සත්‍යය රකිමින් ඒ බ්‍රාහ්මණයාට ධනය දීම සඳහා මෙහි පැමිණියෙමි. එබැවින් මම නැවත එහි යන්නෙමි’යි යනුයි.

තං සුත්‍වා මහාසත‍්තො “මා ඛො ත්‍වං, මහාරාජ, තත්‍ථ අගමාසි, අහං තත්‍ථ ගමිස‍්සාමි. සචෙ පන ත්‍වං, තාත, ගමිස‍්සසියෙව, අහම‍්පි තයා සද‍්ධිං ගමිස‍්සාමියෙවා”ති. “එවං සන‍්තෙ මයං උභොපි න භවිස‍්සාම, තස‍්මා අහමෙව තත්‍ථ ගමිස‍්සාමී”ති නානප‍්පකාරෙන වාරෙන‍්තං රාජානං සඤ‍්ඤාපෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා පිතු අත්‍ථාය අත‍්තානං පරිච‍්චජිත්‍වා සොත්‍ථිභාවාය පිතරි සාසිතවාදං පයුඤ‍්ජමානෙ මාතුභගිනිභරියාසු ච සච‍්චකිරියං කරොන‍්තීසු ආවුධං ගහෙත්‍වා නගරතො නික‍්ඛමිත්‍වා අස‍්සුපුණ‍්ණමුඛං මහාජනං අනුබන්‍ධන‍්තං ආපුච‍්ඡිත්‍වා පිතරා අක‍්ඛාතනයෙන යක‍්ඛවාසමග‍්ගං පටිපජ‍්ජි. යක‍්ඛිනිපුත‍්තොපි “ඛත‍්තියා නාම බහුමායා, කො ජානාති කිං භවිස‍්සතී”ති රුක‍්ඛං අභිරුහිත්‍වා රඤ‍්ඤො ආගමනං ඔලොකෙන‍්තො නිසින‍්නො කුමාරං ආගච‍්ඡන‍්තං දිස‍්වා “පිතරං නිවත‍්තෙත්‍වා පුත‍්තො ආගතො භවිස‍්සති, නත්‍ථි මෙ භය”න‍්ති ඔතරිත්‍වා තස‍්ස පිට‍්ඨිං දස‍්සෙත්‍වාව නිසීදි. මහාසත‍්තො ආගන‍්ත්‍වා තස‍්ස පුරතො අට‍්ඨාසි. තෙන වුත‍්තං –

එය අසා මහාසත්ත්‍වයෝ “මහරජ නුඹවහසේ එහි නොයනු මැනවි. මම එහි යන්නෙමි. දරුව, ඉදින් නුඹ එහි යන්නෙහිම නම් මම ද නුඹ සමගම යන්නෙමි’යි (කීය) එසේ ඇති කල්හි අපි දෙදෙනාම නැති වන්නෙමු. එබැවින් මමම එහි යන්නෙමි’යි නොයෙක් ආකාරයෙන් වළක්වන රජුට අවබෝධ කරවා මවුපියන් වැඳ පියා සඳහා ආත්මපරිත්‍යාග කොට යහපත සඳහා පියරජු ආශිර්වාද කරද්දී මව, සොහොයුරිය, බිරිඳ සත්‍යක්‍රියා කරද්දී ආයුධ ගෙන නගරයෙන් නික්ම කඳුලු පිරුණු මුහුණු ඇතිව ලුහුබැඳ එන මහජනයා විචාරා පියතුමා කියන ලද ක්‍රමයෙන් යක්‍ෂයා වසන මගට පිළිපන්හ. යක්‍ෂණී පුත්‍රයාද “ක්‍ෂත්‍රියයෝ නම් බොහෝ මායා ඇත්තෝය. කුමක් වන්නේදැයි කවුරු දනිත්දැයි ගසට නැග රජුගේ පැමිණීම බලමින් හුන්නේ කුමාරයා එනු දැක “පියා නවතා පුතා ආවේ වන්නේය. මට බියක් නැතැ’යි ගසින් බැස ඔහුට පිටුපා හුන්නේය. මහාසත්ත්‍වයෝ පැමිණ ඔහු ඉදිරියෙහි සිටියහ. එහෙයින්,

“මාතාපිතූ ච වන්‍දිත්‍වා, නිම‍්මිනිත්‍වාන අත‍්තනා; නික‍්ඛිපිත්‍වා ධනුං ඛග‍්ගං, පොරිසාදං උපාගමි”න‍්ති.

227. “මාතා පිතුච වන්‍දිත්‍වා නිම්මි නිත්‍වාන අත්තනා නික්‍ඛිපිත්‍වා ධනුං ඛග්ගං පොරිසාදං උපාගමිං

228. සසත්‍ථහත්‍ථුපගතං කදාචි සො තසිස්සති තෙන භිජ්ජිස්සති සීලං පරිතාසං කතෙ මයි

229. “සීලඛණ්ඩභයා මය්හං තස්ස දෙස්සං න බ්‍යාහරිං මෙත්ත චිත්තො හිතවාදී ඉදං වචනමබ්‍රැවින්ති. (චරියාපිටක)

“මට ද පියා ද වැඳ ආත්මය පරිත්‍යාග කොට දුන්න හා කඩුව ඉවත ලා පෝරිසාදයා වෙත එළඹියෙමි.

හෙතෙම ආයුධ සහිත අත් ඇතිව එළඹියා වූ (මා දැක) ඇතැම් විට ත්‍රස්ත වන්නේ ය. මා ඔහු තැති ගැන්වුවහොත් ඒ හේතුකොට ගෙන මගේ ශීලය බිඳෙන්නේය.

මගේ ශීලභේදභයින් ඔහුට අප්‍රිය වූ දෙයක් රැගෙන නොගියෙමි. වැඩ කැමති වූ මෛත්‍රී සිතින් යුක්ත වූ මම ඔහුට මේ වචනය කීවෙමි’යි වදාරණ ලදි.

සසත්‍ථහත්‍ථූපගතන‍්ති සසත්‍ථහත්‍ථං උපගතං ආවුධපාණිං මං අත‍්තනො සන‍්තිකං උපගතං දිස‍්වා. කදාචි සො තසිස‍්සතීති සො යක‍්ඛො අපි තසෙය්‍ය. තෙන භිජ‍්ජිස‍්සති සීලන‍්ති තෙන තස‍්ස තාසුප‍්පාදනෙන මය‍්හං සීලං විනස‍්සති සංකිලිස‍්සති. පරිතාසං කතෙ මයීති මයි තස‍්ස පරිතාසං කතෙ සති.

“සසත්‍ථහත්‍ථුපගතං” යනු ආයුධ ගත් අත් ඇති මා තමාගේ සමීපයට පැමිණි බව දැක. “කදාචි සො තසිස්සති” යනු එම යක්‍ෂයා බියට පත්වන්නේ නම්. “තෙන භිජ්ජිස්සති සීලං” යනු ඔහුට එසේ බිය ඉපිදවීමෙන් මගේ ශීලය විනාශ වන්නේය. කිලිටි වන්නේය. “පරිතාසං කතෙ මයි” යනු මා ඔහු තැති ගැන්වූ කල්හි.

සීලඛණ‍්ඩභයා මය‍්හං, තස‍්ස දෙස‍්සං න බ්‍යාහරින‍්ති යථා ච සීලභෙදභයෙන නිහිතසත්‍ථො තස‍්ස සන‍්තිකං අගමාසි, එවං මය‍්හං සීලඛණ‍්ඩභයා එව තස‍්ස පොරිසාදස‍්ස දෙස‍්සං අනිට‍්ඨම‍්පි න බ්‍යාහරිං, කෙවලං පන මෙත‍්තචිත‍්තෙන හිතවාදී ඉදං ඉදානි වක‍්ඛමානං වචනං අභාසිං.

“සීලඛණ්ඩභයා මය්හං තස්ස දෙස්සං න බ්‍යාහරිං” යනු යම්සේ ශීලභේද භයින් බහා තැබූ ආයුධ ඇත්තේ ඔහු සමීපයට ගියෙම්ද එසේ මගේ ශීලය කඩවේය යන භයින්ම ඒ පෝරිසාදයාට අප්‍රිය වූවක් අයහපත් වූවක් නොකීමි. හුදෙක් වනාහි මෛත්‍රී සිතින් හිතදේ කියන්නේ මේ දැන් කියනු ලබන වචනය කීවෙමි.

මහාසත‍්තො ච ගන‍්ත්‍වා පුරතො ඨිතො. යක‍්ඛිනිපුත‍්තො තං වීමංසිතුකාමො “කොසි ත්‍වං, කුතො ආගතො, කිං මං න ජානාසි ‘ලුද‍්දො මනුස‍්සමංසඛාදකො’ති, කස‍්මා ච ඉධාගතොසී”ති පුච‍්ඡි. කුමාරො “අහං ජයද‍්දිසරඤ‍්ඤො පුත‍්තො, ත්‍වං පොරිසාදකොති ජානාමි, පිතු ජීවිතං රක‍්ඛිතුං ඉධාගතො, තස‍්මා තං මුඤ‍්ච, මං ඛාදා”ති ආහ. පුන යක‍්ඛිනිපුත‍්තො මුඛාකාරෙනෙව “තං තස‍්ස පුත‍්තොති අහං ජානාමි, දුක‍්කරං පන තයා කතං එවං ආගච‍්ඡන‍්තෙනා”ති ආහ. කුමාරො “න ඉදං දුක‍්කරං, යං පිතු අත්‍ථෙ ජීවිතපරිච‍්චජනං, මාතාපිතුහෙතු හි එවරූපං පුඤ‍්ඤං කත්‍වා එකන‍්තෙනෙව සග‍්ගෙ පමොදති, අහඤ‍්ච ‘අමරණධම‍්මො නාම කොචි සත‍්තො නත්‍ථී’ති ජානාමි, අත‍්තනා ච කිඤ‍්චි කතං පාපං නාම න සරාමි, තස‍්මා මරණතොපි මෙ භයං නත්‍ථි, ඉදං සරීරං මයා තෙ නිස‍්සට‍්ඨං, අග‍්ගිං ජාලෙත්‍වා ඛාදා”ති ආහ. තෙන වුත‍්තං –

මහාසත්ත්‍වයෝ ද ගොස් ඉදිරියෙහි සිටියහ. යක්‍ෂණී පුත්‍රයා ඔහු විමසනු කැමතිව “නුඹ කවරෙක්ද? කොහි සිට ආවේහිද? කිම මා රුදුරු මිනීමස් කන්නෙකැයි නොදන්නෙහිද? කුමක් හෙයින් මෙහි ආවෙහිදැයි විචාළේය. කුමාරයා “මම ජයද්දිස රජුගේ පුතාය. නුඹ පෝරිසාද බවද දනිමි. පියාගේ දිවි ගලවා ගැනීමට මෙහි පැමිණියෙමි. එබැවින් ඔහු මුදව, මා අනුභව කරව’යි කීවේය. නැවත යකිණි පුත් “මුහුණුවරින්ම ගිය තැනැත්තාගේ පුතා බව මම දනිමි. මෙසේ පැමිණීමෙන් නුඹ විසින් කළේ දුෂ්කර දෙයකි’යි කීවේය. කුමාරයා “පියාණන් සඳහා ජීවිත පරිත්‍යාගය දුෂ්කර නොවේ. මව්පියන් හේතුකොට ගෙන මෙබඳු පින් කොට ඒකාන්තයෙන්ම ස්වර්‍ගයෙහි සැප විඳින්නේය. මම ද නොමැරෙන ස්වභාව ඇති කිසිම සත්ත්‍වයෙකු නැති බව දනිමි. මා විසින් කළ කිසිම පාපයක් ද සිහි නොකරමි. එහෙයින් මරණයෙන්ද මට භයක් නැත. මේ ශරීරය මා විසින් නුඹට දෙන ලද්දේය. ගිනි දල්වා අනුභව කරව’යි කීය. එහෙයින්,

“උජ‍්ජාලෙහි මහාඅග‍්ගිං, පපතිස‍්සාමි රුක‍්ඛතො; ත්‍වං පක‍්කකාලමඤ‍්ඤාය, භක‍්ඛය මං පිතාමහා”ති.

230. “උජ්ජාලෙහි මහා අග්ගිං පපතිස්සා මි රුක්‍ඛතො ත්‍වං පක්ක කාල මඤ්ඤා ය භක්‍ඛ ය මං පිතාමහාති. (චරියා පිටක)

“ලොකු පියාණෙනි. මහා ගිනිමැලයක් දල්වව. වෘක්‍ෂයෙන් (ගිනිමැලයට) පනින්නෙමි. ගින්නෙන් මනා ලෙස පැසුණු කල මා අනුභව කළ මැනව’යි වදාළහ.

තං සුත්‍වා යක‍්ඛිනිපුත‍්තො “න සක‍්කා ඉමස‍්ස මංසං ඛාදිතුං, උපායෙන ඉමං පලාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “තෙන හි අරඤ‍්ඤං පවිසිත්‍වා සාරදාරූනි ආහරිත්‍වා නිද‍්ධූමෙ අඞ‍්ගාරෙ කරොහි, තත්‍ථ තෙ මංසං පචිත්‍වා ඛාදිස‍්සාමී”ති ආහ. මහාසත‍්තො තථා කත්‍වා තස‍්ස ආරොචෙසි. සො තං ඔලොකෙන‍්තො “අයං පුරිසසීහො මරණතොපි භයං නත්‍ථි, එවං නිබ‍්භයො නාම න මයා දිට‍්ඨපුබ‍්බො”ති ලොමහංසජාතො කුමාරං ඔලොකෙසි. කුමාරො කිස‍්ස මං ඔලොකෙසි, න යථාවුත‍්තං කරොසීති. යක‍්ඛිනිපුත‍්තො මහාසත‍්තං “සත‍්තධා තස‍්ස මුද‍්ධා ඵලෙය්‍ය, යො තං ඛාදෙය්‍යා”ති ආහ. “සචෙ මං න ඛාදිතුකාමොසි, අථ කස‍්මා අග‍්ගිං කාරෙසී”ති? “තව පරිග‍්ගණ‍්හනත්‍ථ”න‍්ති. “ත්‍වං ඉදානි මං කථං පරිග‍්ගණ‍්හිස‍්සසි, ස‍්වාහං තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තොපි සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො අත‍්තානං පරිග‍්ගණ‍්හිතුං න අදාසි”න‍්ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො –

එය අසා යක්‍ෂණී පුත්‍රයා “මොහුගේ මස් කෑමට නොහැක. උපායකින් මොහු පලවා යවන්නෙමි”යි සිතා “එසේනම් වනයට පිවිස හර ඇති දර ගෙනවිත් දුම් නැති අඟුරු කරව. එහි නුඹගේ මස් පිස කන්නෙමි”යි කීය. මහාසත්ත්‍වයෝ එසේ කොට ඔහුට දැන්වූහ. ඔහු එය බලමින් “මේ පුරුෂ සිංහයෙකි. මරණයෙන්ද භයක් නැත. මෙබඳු නිර්භය තැනැත්තෙක් මා විසින් නොදුටු විරූයයි ලොමු ඩැහැගත් ශරීර ඇත්තේ කුමාරයා දෙස බැලීය. කුමාරයා “කුමක් සඳහා මා දෙස බලන්නෙහිද? කියන ලද පරිදි නොකරන්නෙහිදැයි ඇසීය. යක්‍ෂණී පුත්‍රයා මහාසත්ත්‍වයන්ට “යමෙක් ඔබගේ මස් කන්නේ නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේය”යි කීය. “ඉදින් මා නොකනු කැමැත්තෙහිනම් ගිනි දැල්වූයේ කුමක් හෙයින් ද? නුඹ පරීක්‍ෂා කිරීම සඳහාය” නුඹ දැන් මා කෙසේ පරීක්‍ෂා කරන්නෙහිද? මම තිරිසන් යෝනියෙහි උපන් කල්හිද සක්දෙව් රජුට පවා තමන් පරීක්‍ෂා කිරීමට නො දුන්නෙමි’යි කියා ඒ කාරණය දක්වමින්,

“ඉදඤ‍්හි සො බ්‍රාහ‍්මණං මඤ‍්ඤමානො, සසො අවාසෙසි සකෙ සරීරෙ; තෙනෙව සො චන්‍දිමා දෙවපුත‍්තො, සසත්‍ථුතො කාමදුහජ‍්ජ යක‍්ඛා”ති.(ජා· 1.16.93) –

“ඉදං හි සො බ්‍රාහ්මණ මඤ්ඤමානො සසො අවාසෙසි සකෙ සරීරෙ තෙනෙව සො චන්‍දිමා දෙවපුත්තො සසත්‍ථුතො කාමදුහජ්ජ යක්‍ඛොති” (ජාතක පාලිය)

“සස පණ්ඩිතයෝ බ්‍රාහ්මණයෙකැයි සිතා තම ශරීරය ආහාර පිණිස දුන්හ. එහෙයින්ම චන්‍ද්‍ර දිව්‍ය පුත්‍රතෙම සසලාඤ්ඡන සහිත වූයේ ප්‍රසිද්ධව ප්‍රේම වර්‍ධනය කරන්නේය.

ගාථමාහ.

යන ගාථාව කීහ.

තත්‍ථ සසො අවාසෙසි සකෙ සරීරෙති අත‍්තනො සරීරහෙතු ඉමං සරීරං ඛාදිත්‍වා ඉධ වසාති එවං සකෙ සරීරෙ අත‍්තනො සරීරං දෙන‍්තො තං බ්‍රාහ‍්මණරූපං සක‍්කං තත්‍ථ වාසෙසි. සසත්‍ථුතොති “සසී”ති එවං සසසද‍්දෙන ථුතො. කාමදුහොති කාමවඩ‍්ඪනො. යක‍්ඛාති දෙව.

එහි “සසො අවාසෙසි සකෙ සරීරෙ” යනු තම ශරීරය හේතුකොට “මේ ශරීරය අනුභව කොට මෙහි වසව”යි මෙසේ “සකෙ සරීරෙ”, තමාගේ ශරීරය දෙන්නේ ඒ බ්‍රාහ්මණ ස්වරූප ශක්‍රයා එහි වාසය කරවූහ. “සසත්‍ථුතො” යනු “සසී” යයි මෙසේ ‘සස’ ශබ්දයෙන් ස්තූති කළ. “කාමදුහො” යනු කාමය වර්‍ධනය කරන “යක්‍ඛො” යනු දෙවියා.

එවං මහාසත‍්තො චන්‍දෙ සසලක‍්ඛණං කප‍්පට‍්ඨියං පාටිහාරියං සක‍්ඛිං කත්‍වා අත‍්තනො සක‍්කෙනපි පරිග‍්ගණ‍්හිතුං අසක‍්කුණෙය්‍යතං අභාසි. තං සුත්‍වා පොරිසාදො අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො –

මෙසේ මහාසත්ත්‍ව තෙම චන්‍ද්‍රයාගේ සස ලාඤ්ඡන සංඛ්‍යාත කල්ප ස්ථායී ප්‍රාතිහාර්‍ය්‍යය සාක්‍ෂිකොට තමා ශක්‍රයා විසින් ද පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බැව් කීහ. එය අසා පෝරිසාදතෙම ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තේ.

“චන්‍දො යථා රාහුමුඛා පමුත‍්තො, විරොචතෙ පන‍්නරසෙව භාණුමා; එවං තුවං පොරිසාදා පමුත‍්තො, විරොච කපිලෙ මහානුභාව; ආමොදයං පිතරං මාතරඤ‍්ච, සබ‍්බො ච තෙ නන්‍දතු ඤාතිපක‍්ඛො”ති. (ජා· 1.16.94) –

රාහු මුඛයෙන් මිදුණු පසළොස්වක්හි චන්‍ද්‍ර තෙම යම්සේ බබළා ද, යම්සේ සූර්‍ය්‍යයා බබළා ද එපරිද්දෙන් මහත් ආනුභාව ඇති කම්පිල්ලදේශීය කුමාරය, පෝරිසාදයාගෙන් මිදුණා වූ නුඹ පියාද මව ද සතුටු කරමින් බබළව, නුඹගේ සියලු නෑ පිරිවරද සතුටු වේවායි (ජාතක පාලි)

ගාථං වත්‍වා “ගච‍්ඡ මහාවීරා”ති කුමාරං විස‍්සජ‍්ජෙසි. සොපි තං නිබ‍්බිසෙවනං කත්‍වා පඤ‍්ච සීලානි දත්‍වා “යක‍්ඛො නු ඛො එස, නො”ති වීමංසන‍්තො “යක‍්ඛානං අක‍්ඛීනි රත‍්තානි හොන‍්ති අනිමිසානි ච, ඡායා ච න පඤ‍්ඤායති, අසම‍්භීතො හොති, න ඉමස‍්ස තථා. තස‍්මා නායං යක‍්ඛො මනුස‍්සො එසො, මය‍්හං කිර පිතු තයො භාතරො යක‍්ඛිනියා ගහිතා, තෙසු තාය ද‍්වෙ ඛාදිතා භවිස‍්සන‍්ති, එකො පුත‍්තසිනෙහෙන පටිජග‍්ගිතො භවිස‍්සති. ඉමිනා තෙන භවිතබ‍්බ”න‍්ති නයග‍්ගාහෙන අනුමානෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන විය අවිපරීතතො නිට‍්ඨං ගන‍්ත්‍වා “මය‍්හං පිතු ආචික‍්ඛිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “න ත්‍වං යක‍්ඛො, පිතු මෙ ජෙට‍්ඨභාතිකොසි, එහි මයා සද‍්ධිං ගන‍්ත්‍වා කුලසන‍්තකං රජ‍්ජං පටිපජ‍්ජාහී”ති ආහ. තෙන වුත‍්තං “ත්‍වං පිතාමහා”ති, ත්‍වං මම මහාපිතාති අත්‍ථො. ඉතරෙන “නාහං මනුස‍්සො”ති වුත‍්තෙ තෙන සද‍්ධාතබ‍්බස‍්ස දිබ‍්බචක‍්ඛුකතාපසස‍්ස සන‍්තිකං නෙසි. තාපසෙන “කිං කරොන‍්තා පිතා පුත‍්තා අරඤ‍්ඤෙ විචරථා”ති පිතුභාවෙ කථිතෙ පොරිසාදො සද‍්දහිත්‍වා “ගච‍්ඡ, තාත, ත්‍වං, න මෙ රජ‍්ජෙන අත්‍ථො, පබ‍්බජිස‍්සාමහ”න‍්ති තාපසස‍්ස සන‍්තිකෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. තෙන වුත‍්තං –

ගාථාව කියා “මහාවීරය යවයි” කුමාරයා හැරියේය. හෙතෙමේද ඔහු පාප අදහස් නැමති විසෙන් පහ කොට පන්සිල් දී “මොහු යක්‍ෂයෙක්ද නොවේදැයි විමසන්නේ යක්‍ෂයන්ගේ ඇස් රතුවන්නේය ඇසිපිය නොගසන්නේද වේ. සෙවනැල්ලද නොපැණෙන්නේය, භය නැත්තේය, මොහු එසේ නොවේ. එහෙයින් මොහු යක්‍ෂයෙක් නොවේ. මිනිසෙකි. මන්ගේ පියාගේ වනාහි සහෝදරයෝ තිදෙනෙක් යක්‍ෂණියක විසින් ගන්නා ලදහ. ඇය විසින් ඔවුන්ගෙන් දෙදෙනෙක් කන ලද්දෝ වන්නාහ. එකෙක දරු සෙනෙහසින් පෝෂණය කරන ලද්දේ වන්නේය. මේ ඔහු විය යුතුයැයි නයග්‍රාහී අනුමානයෙන් සර්‍වඥතා ඥානයෙන් මෙන් වෙනස් නොවන තීරණයකට පත්ව මගේ පියාණන්ට කියා රාජ්‍යයෙහි පිහිටුවන්නෙමි’යි සිතා “නුඹ යක්‍ෂයෙක් නොවේ. මගේ පියාණන්ගේ දෙටු බෑයා වෙහි. එව, මා සමග ගොස් කුලය සතු රාජ්‍යය පිළිගනුව’යි කීහ. “ත්‍වං පිතාමහ” යයි එහෙයින් කියන ලදී. “නුඹ මගේ මහපියාණෝය” යන අර්‍ථයයි. යක්‍ෂයා විසින් “මම මනුෂ්‍යයෙක් නොවෙමි”යි කී කල්හි ඔහු ඇදහිය යුතු වචන ඇති දිවැස් ඇති තාපසයකු සමීපයට පැමිණ වීය. තාපසයා විසින් “පියපුතු දෙදෙනා කුමක් කරමින් වනයෙහි ඇවිදින්නාහුදැයි පිතෘභාවය කී කල්හි පෝරිසාදයා එබස් අදහා “දරුව, නුඹ යව, මට රාජ්‍යයෙන් කම්නැත. මම පැවිදි වන්නෙමි’යි තාපසයා සමීපයෙහි සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි විය. එහෙයින්,

“ඉති සීලවතං හෙතු, නාරක‍්ඛිං මම ජීවිතං; පබ‍්බාජෙසිං චහං තස‍්ස, සදා පාණාතිපාතික”න‍්ති.

“ඉතිසීල වතං හෙතු නා’ රක්‍ඛිං මම ජීවිතං පබ්බාජෙසිං චහං තස්ස සදා පාණාතිපාතිකන්ති” (චරියා පිටක)

“මෙසේ මාගේ ශීලසමාදානය නිසා මගේ ජීවිතය රක්‍ෂා නොකෙළෙමි. හැමකල්හි ප්‍රාණඝාත කරන්නා වූ ඔහු මම පැවිදි කෙළෙමි’යි වදාරණ ලදි.

තත්‍ථ සීලවතං හෙතූති සීලවන‍්තානං මම පිතූනං හෙතු. අථ වා සීලවතං හෙතූති සීලවතහෙතු, මය‍්හං සීලවතසමාදානනිමිත‍්තං තස‍්ස අභිජ‍්ජනත්‍ථං. තස‍්සාති තං පොරිසාදං.

එහි “සීලවතං හෙතු” යනු මගේ සිල්වත් පියවරුන් හේතුකොට ගෙන, නැතහොත් “සීලවතං හෙතු” යනු ශීල - ව්‍රත හේතුවෙන්, මගේ ශීලව්‍රත සමාදානය නිමිතිකොට එය නොබිඳෙනු පිණිස, “තස්ස” යනු ඒ පෝරිසාදයා.

අථ මහාසත‍්තො අත‍්තනො මහාපිතරං පබ‍්බජිතං වන්‍දිත්‍වා නගරස‍්ස සමීපං ගන‍්ත්‍වා “කුමාරො කිර ආගතො”ති සුත්‍වා හට‍්ඨතුට‍්ඨෙන රඤ‍්ඤා නාගරෙහි නෙගමජානපදෙහි ච පච‍්චුග‍්ගතො රාජානං වන්‍දිත්‍වා සබ‍්බං පවත‍්තිං ආරොචෙසි. තං සුත්‍වා රාජා තඞ‍්ඛණඤ‍්ඤෙව භෙරිං චරාපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “එහි, භාතික, රජ‍්ජං පටිපජ‍්ජාහී”ති ආහ. “අලං, මහාරාජා”ති. “තෙන හි මය‍්හං උය්‍යානෙ වසා”ති. “න ආගච‍්ඡාමී”ති. රාජා තස‍්ස අස‍්සමස‍්ස අවිදූරෙ ගාමං නිවෙසෙත්‍වා භික‍්ඛං පට‍්ඨපෙසි. සො චූළකම‍්මාසදම‍්මනිගමො නාම ජාතො.

ඉක්බිති මහාසත්ත්‍වයෝ පැවිදි වූ තමාගේ මහපියාණන් වැඳ නගරය සමීපයට ගොස් “කුමාරයා වනාහි ආවේය’යි අසා තුටු පහටු වූ රජු විසින් ද නුවර වැස්සන් හා නියම්ගම් ජනපද වැසියන් විසින් ද පෙරගමන් කරන ලද්දාහු රජුට වැඳ සියලු පවත් දැන්වූහ. එය අසා රජතුමා එකෙණෙහිම බෙර හසුරුවා මහත් පිරිවර සහිතව ඔහු සමීපයට ගොස් “සහෝදරය, එනු මැනවි. රාජ්‍යය පිළිගනු මැනව’යි කීය. “මහරජ මට රාජ්‍යයෙන් කම් නැත”යි එසේනම් මාගේ උයනෙහි වසනු මැනව. නො එමියි කීය. රජතුමා එතුමන්ගේ අසපුවට නුදුරෙහි ගමක් කොට භික්‍ෂාව පිහිටුවීය. එය “චුලකම්මාසදම්මනිගම” නම් විය.

තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, තාපසො සාරිපුත‍්තො, පොරිසාදො අඞ‍්ගුලිමාලො, කනිට‍්ඨා උප‍්පලවණ‍්ණා, අග‍්ගමහෙසී රාහුලමාතා, අලීනසත‍්තුකුමාරො ලොකනාථො.

එකල මව්පියෝ මහාරාජකුලයෝ වූහ. තාපසයා සාරිපුත්ත තෙරුන්ය. පෝරිසාදතෙම අඞ්ගුලිමාල තෙරුන්ය. නැගණිය උප්පලවණ්ණාය. අගමෙහෙසිය රාහුල මාතාවෝය. අලීනසත්තු කුමාරයා නම්, ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තථා පිතරා නිවාරියමානො අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා පිතු ජීවිතරක‍්ඛණත්‍ථං “පොරිසාදස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති නිච‍්ඡයො, තස‍්ස ච සන‍්තාසපරිහරණත්‍ථං නිහිතසත්‍ථස‍්ස ගමනං, “අත‍්තනො සීලඛණ‍්ඩනං මා හොතූ”ති තෙන පියවාචාය සමුදාචාරො, තෙන ච නානානයෙහි පරිග‍්ගණ‍්හියමානස‍්ස මරණසන‍්තාසාභාවො, පිතු අත්‍ථෙ මය‍්හං සරීරං සඵලං කරිස‍්සාමීති හට‍්ඨතුට‍්ඨභාවො, සක‍්කෙනාපි පරිග‍්ගණ‍්හිතුං අසක‍්කුණෙය්‍යස‍්ස සසජාතියම‍්පි පරිච‍්චාගත්‍ථං අත‍්තනො ජීවිතනිරපෙක‍්ඛභාවස‍්ස ජානනං, තෙන සමාගමෙපි ඔස‍්සට‍්ඨෙපි චිත‍්තස‍්ස විකාරාභාවො, තස‍්ස ච මනුස‍්සභාවමහාපිතුභාවානං අවිපරීතතො ජානනං, ඤාතමත‍්තෙ ච තං කුලසන‍්තකෙ රජ‍්ජෙ පතිට‍්ඨාපෙතුකාමතා, ධම‍්මදෙසනාය සංවෙජෙත්‍වා සීලෙසු පතිට‍්ඨාපනන‍්ති. එවමාදයො ඉධ බොධිසත‍්තස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

මෙහිද යට සඳහන් ක්‍රමයටම උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝද සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම පියාණන් විසින් වළක්වනු ලබද්දී තම ජීවිතය පරිත්‍යාග කොට පියාගේ ජීවිතය රැකගැනීම සඳහා පෝරිසාදයාගේ සමීපයට යන්නෙමි’යි තීරණය කිරීම, පෝරිසාදයාට තැතිගැනීම වැළැක්වීම සඳහා බහා තැබූ ආයුධ ඇතිව යාම, තමාගේ ශීලය කඩ නොවේවායි ඔහු සමග ප්‍රිය වචනයෙන් කථා කිරීම, ඔහු විසින් විවිධ ක්‍රමයන්ගෙන් පරීක්‍ෂා කරනු ලබද්දී මරණ භය නොවීම, පියාණන් සඳහා මගේ ශරීරය සඵල කරන්නෙමි’යි තුටුපහටු බව ශක්‍රයා විසින්ද පරීක්‍ෂා කිරීමට අපොහොසත් වූ සස ජාතියෙහි පවා පරිත්‍යාග කළ තම ජීවිතයාගේ නිරපේක්‍ෂභාවය පිළිබඳ දැනුම, ඔහු හා එක්වීමෙහිද වෙන්වීමෙහිද සිතෙහි විකාරයක් නොමැතිවීම, ඔහුගේ මනුෂ්‍ය බව මහපිය බව නොවෙනස්ව දැනගැනීම, දැන ගත් පමණින්ම ඔහු කුලසන්තක රාජ්‍යයෙහි පිහිටුවනු කැමති බව, ධර්‍මදේශනාවෙන් සංවේග උපදවා ශීලයන්හි පිහිටුවීම යන මේ ආදීහු මෙහි බෝධිසත්ත්‍වයන්ගේ ගුණානුභාවයෝ යයි පැහැදිලි කළ යුත්තාහ.

අලීනසත‍්තුචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවෙනි අලීන සත්තු චරිතයයි.