8. ධම්මදෙවපුත්තචරියාවණ්ණනා අට්ඨකථා
8. ධම්මදෙවපුත්තචරියාවණ්ණනා
8. ධම්මදේවපුත්ත චරියා වර්ණනාව
213. “පුනාපරං යදා හොමි මහෙසක්කො මහිද්ධිකො ධම්මො නාම මහා යක්ඛො සබ්බ ලොකානුකම්පකොති” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම මහේශාක්‍ය වූ මහත් ඍද්ධියෙන් යුක්ත වූ සකල ලෝකයාට අනුකම්පා කරන්නා වූ ‘ධම්ම’ නම් මහානුභාව ඇති යක්ෂයෙක් (දිව්‍ය පුත්‍රයෙක්) වීම් ද”
අට්ඨමෙ මහාපක්ඛොති මහාපරිවාරො. මහිද්ධිකොති මහතියා දෙවිද්ධියා සමන්නාගතො. ධම්මො නාම මහායක්ඛොති නාමෙන ධම්මො නාම මහානුභාවො දෙවපුත්තො. සබ්බලොකානුකම්පකොති විභාගං අකත්වා මහාකරුණාය සබ්බලොකං අනුග්ගණ්හනකො.
අටවෙනි (ධම්ම දේවපුත්ත චරිතයෙහි) “මහෙසක්ඛො” යනු මහත් පිරිවර ඇති, “මහිද්ධිකො” යනු මහත් දේව සිද්ධියෙන් යුක්ත වූ “ධම්මො නාම මහායක්ඛො” යනු නමින් ‘ධර්ම’ නම්වූ මහත් ආනුභාව ඇති දිව්‍ය පුත්‍රයෙක් “සබ්බ ලොකානුකම්පකො” යනු බෙදීමක් නොකොට මහා කරුණාවෙන් සියලු ලෝ වැස්සන්ට අනුග්‍රහ කරන්නා වූ.
මහාසත්තො හි තදා කාමාවචරදෙවලොකෙ ධම්මො නාම දෙවපුත්තො හුත්වා නිබ්බත්ති. සො දිබ්බාලඞ්කාරපටිමණ්ඩිතො දිබ්බරථමභිරුය්හ අච්ඡරාගණපරිවුතො මනුස්සෙසු සායමාසං භුඤ්ජිත්වා අත්තනො අත්තනො ඝරද්වාරෙසු සුඛකථාය නිසින්නෙසු පුණ්ණමුපොසථදිවසෙ ගාමනිගමරාජධානීසු ආකාසෙ ඨත්වා “පාණාතිපාතාදීහි දසහි අකුසලකම්මපථෙහි විරමිත්වා තිවිධසුචරිතධම්මං පූරෙථ, මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො භවථ, සග්ගපරායනා හුත්වා මහන්තං යසං අනුභවිස්සථා”ති මනුස්සෙ දසකුසලකම්මපථෙ සමාදපෙන්තො ජම්බුදීපං පදක්ඛිණං කරොති. තෙන වුත්තං –
බෝධිසත්ත්වයන් වහන්සේ එකල්හි කාමාවචර දිව්‍යලෝකයෙහි ‘ධර්ම’ නම් දිව්‍ය පුත්‍රයා වී උපන්හ. හෙතෙම දිව්‍යාලංකාරයෙන් සැරසී දිව්‍ය රථයට නැගී අප්සරාවන් විසින් පිරිවරන ලද්දේ පසළොස්වක පොහොය දවසෙහි මිනිසුන් සවස ආහාර අනුභව කොට තමතමන්ගේ නිවෙස්වල මිහිරි තෙපුල් තෙපලමින් හුන්කල්හි ගම්නියම්ගම් රාජධානිවල අහසෙහි සිට ප්‍රාණඝාත ආදී දශ අකුශල කර්මපථයන්ගෙන් වෙන්ව ත්‍රිවිධ සුචරිත ධර්ම පුරව්. මවට සලකන්නෝ, පියාට සලකන්නෝ, මහණුන්ට සලකන්නෝ, බමුණන්ට සලකන්නෝ, කුල දෙටුවන් පුදන්නෝ වව්, ස්වර්ගපරායණ වී මහත් වූ යශස් අනුභව කරව් යයි මිනිසුන් දශකුශල කර්මපථ ධර්මයෙහි සමාදන් කරවමින් දඹදිව ප්රදක්ෂිණා කරයි. එහෙයින්,
“දසකුසලකම්මපථෙ, සමාදපෙන්තො මහාජනං; චරාමි ගාමනිගමං, සමිත්තො සපරිජ්ජනො”ති.
214. “දසකුසලකම්ම පථෙ සමාදපෙන්තො මහාජනං චරාමි ගාම නිගමං සමිත්තො සපරිජ්ජනොති (චරියා පිටක)
“මහජනයා දශකුශල කර්මපථයෙහි යොදවමින් මිත්‍රයන් සමග පිරිවර ජනයා සමග ගම්නියම්ගම්හි හැසිරෙමි’යි වදාරණ ලදි.
තත්ථ සමිත්තොති ධම්මිකෙහි ධම්මවාදීහි සහායෙහි සසහායො.
එහි “සමිත්තො” යනු ධාර්මික, ධර්මවාදී මිත්‍රයන් සමග, සහාය ඇති හෙතෙම.
තෙන ච සමයෙන අධම්මො නාමෙකො දෙවපුත්තො කාමාවචරදෙවලොකෙ නිබ්බත්ති. “සො පාණං හනථ, අදින්නං ආදියථා”තිආදිනා නයෙන සත්තෙ අකුසලකම්මපථෙ සමාදපෙන්තො මහතියා පරිසාය පරිවුතො ජම්බුදීපං වාමං කරොති. තෙන වුත්තං –
එසමයෙහි “අධර්ම” නම් එක් දේවපුත්‍රයෙක් කාමාවචර දෙව්ලොව උපන්නේය. හෙතෙම ප්‍රාණඝාත කරව්, නුදුන් දේ ගනිව්, ආදී ක්‍රමයට සත්ත්වයන් දශ අකුශල කර්මපථයෙහි සමාදන් කරවන්නේ මහත් පිරිවර සහිතව දඹදිව ප්රදක්ෂිණා කරයි. එහෙයින්,
“පාපො කදරියො යක්ඛො, දීපෙන්තො දස පාපකෙ; සොපෙත්ථ මහියා චරති, සමිත්තො සපරිජ්ජනො”ති.
215. “පාපො කදරියො යක්ඛො දීපෙන්තො දස පාපකෙ සො පෙත්ථ මහියා චරති සමින්තො සපරිජ්ජනොති (චරියා පිටක)
“පවිටු වූ තද මසුරු වූ යක්ෂයෙක් (දිව්‍ය පුත්‍රයෙක්) දශ අකුශල ධර්මයන් (කටයුතු යයි) ප්‍රකාශ කරමින් හෙතෙමේද මිත්‍රයන් සමග පිරිවර ජනයා සමග මිනිස් ලොව හැසිරෙයි යනුවෙන් වදාරණ ලදී.
තත්ථ පාපොති පාපධම්මෙහි සමන්නාගතො. කදරියොති ථද්ධමච්ඡරී. යක්ඛොති දෙවපුත්තො. දීපෙන්තො දස පාපකෙති සබ්බලොකෙ ගොචරං නාම සත්තානං උපභොගපරිභොගාය ජාතං. තස්මා සත්තෙ වධිත්වා යංකිඤ්චි කත්වා ච අත්තා පීණෙතබ්බො, ඉන්ද්රියානි සන්තප්පෙතබ්බානීතිආදිනා නයෙන පාණාතිපාතාදිකෙ දස ලාමකධම්මෙ කත්තබ්බෙ කත්වා පකාසෙන්තො. සොපෙත්ථාති සොපි අධම්මො දෙවපුත්තො ඉමස්මිං ජම්බුදීපෙ. මහියාති භූමියා ආසන්නෙ, මනුස්සානං දස්සනසවනූපචාරෙති අත්ථො.
එහි “පාපො” යනු පාපී ධර්මයන්ගෙන් යුක්ත වූ, “කදරියො” යනු තද මසුරු “යක්ඛො” යනු දේව පුත්‍රයෙක්. “දීපෙන්තො දස පාපකෙ” යනු සියලු ලෝකයෙහි ගොදුරු (වස්තුව) නම් සත්ත්වයන්ගේ උපභෝග පරිභෝග සඳහා හටගත්තේය. එහෙයින් සතුන් මරා හෝ යම් කිසිවක් කොට හෝ තමා සතුටු කළ යුතුය. ඉන්ද්රියයන් සන්තර්පණය කළ යුතුය. ආදී වශයෙන් ප්‍රාණඝාත ආදී දශ ලාමක ධර්මයන් කළයුතු කොට ප්‍රකාශ කරන්නේ “සො චෙත්ථ” යනු ඒ “අධර්ම” දේවපුත්‍රයා ද මේ දඹදිව. “මහියා” යනු පොළොවට ආසන්නයේ මිනිසුන්ගේ දර්ශන ශ්‍රවණ සීමාවේ යන අර්ථයයි.
තත්ථ යෙ සත්තා සාධුකම්මිකා ධම්මගරුනො, තෙ ධම්මං දෙවපුත්තං තථා ආගච්ඡන්තමෙව දිස්වා ආසනා වුට්ඨාය ගන්ධමාලාදීහි පූජෙන්තා යාව චක්ඛුපථසමතික්කමනා තාව අභිත්ථවන්ති , පඤ්ජලිකා නමස්සමානා තිට්ඨන්ති, තස්ස වචනං සුත්වා අප්පමත්තා සක්කච්චං පුඤ්ඤානි කරොන්ති. යෙ පන සත්තා පාපසමාචාරා කුරූරකම්මන්තා, තෙ අධම්මස්ස වචනං සුත්වා අබ්භනුමොදන්ති , භිය්යොසොමත්තාය පාපානි සමාචරන්ති. එවං තෙ තදා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා චෙව උජුවිපච්චනීකකිරියා ච හුත්වා ලොකෙ විචරන්ති. තෙනාහ භගවා “ධම්මවාදී අධම්මො ච, උභො පච්චනිකා මය”න්ති.
එහි යම් සත්ත්ව කෙනෙක් යහපත් දේ කරන්නෝ ද ධර්මයට ගරුකරන්නෝ ද වෙත්නම් ඔවුහු එසේ එන ධර්ම දේවපුත්‍රයා දැකම හුනස්නෙන් නැගිට සුවඳමල්මාලා ආදියෙන් පූජා පවත්වමින් ඇස් හමුව ඉක්මවන තෙක් ස්තූති කෙරෙත්. ඇඳිලි බැඳ වඳිමින් සිටිත්. ඔහුගේ වචනය අසා අප්‍රමාදීව සකසා පින් කරත්. යම් සත්ත්ව කෙනෙක් වනාහි පාපසමාචර ඇත්තාහු ද කුරිරුකම් කරන්නාහු ද ඔවුහු අධර්මගේ වචනය අසා අනුමෝදන් වෙති. බොහෝ සෙයින් පාපයෙහි හැසිරෙති. මෙසේ ඔවුහු එකල්හි ඔවුනොවුන්ට ඉඳුරාම විරුද්ධ වාද මෙන්ම ඉඳුරාම විරුද්ධ ක්‍රියා ඇත්තාහු වී ලෝකයෙහි හැසිරෙත්. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ,
216. “ධම්මවාදී අධම්මො ච උභො පච්ච නිකාමයං ධුර ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො’ති”
“ධර්මවාදී වූද අධර්මවාදී වූද අපි දෙදෙන ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියා ඇත්තම්හ. රිය හිසෙහි රිය හිස ගටමින් පෙර මග අපි දෙදෙනා එක්වීමු’යි වදාළහ.
එවං පන ගච්ඡන්තෙ කාලෙ අථෙකදිවසං තෙසං රථා ආකාසෙ සම්මුඛා අහෙසුං. අථ නෙසං පරිසා “තුම්හෙ කස්ස, තුම්හෙ කස්සා”ති පුච්ඡිත්වා “මයං ධම්මස්ස, මයං අධම්මස්සා”ති වත්වා මග්ගා ඔක්කමිත්වා ද්විධා ජාතා. ධම්මස්ස පන අධම්මස්ස ච රථා අභිමුඛා හුත්වා ඊසාය ඊසං ආහච්ච අට්ඨංසු. “තව රථං ඔක්කමාපෙත්වා මය්හං මග්ගං දෙහි, තව රථං ඔක්කමාපෙත්වා මය්හං මග්ගං දෙහී”ති අඤ්ඤමඤ්ඤං මග්ගදාපනත්ථං විවාදං අකංසු. පරිසා ච නෙසං ආවුධානි අභිහරිත්වා යුද්ධසජ්ජා අහෙසුං. යං සන්ධාය වුත්තං –
මෙසේ කල් යත්යත් එක් දිනක් ඔවුන්ගේ රථයෝ අහසෙහි මුන ගැසුණහ. ඉක්බිති ඔවුන් දෙදෙනාගේ පිරිස ඔවුනොවුන් “තෙපි කාගේ පිරිසදැයි තෙපි කාගේ පිරිසදැයි විචාරා අපි ධර්ම දිව්‍ය පුත්‍රයාගේය, අපි අධර්ම දිව්‍ය පුත්‍රයාගේය’යි කියා මගින් ඉවත්ව දෙකට බෙදී ගියහ. ධර්මගේත් අධර්මගේත් රථයෝ අභිමුඛව හිසෙන් හිස හැපී සිටියාහුය. තාගේ රිය මගෙන් ඉවත්කොට පියා මට මග දෙව’යි කියා ඔවුනොවුන් මං අරණු පිණිස විවාද කළහ. ඔවුනොවුන්ගේ පිරිසද අවි ගෙන සටනට සැරසුනහ. යමෙක් සඳහා වදාරණ ලද්දේ ද
“ධුරෙ ධුරං ඝට්ටයන්තා, සමිම්හා පටිපථෙ උභො”. “කලහො වත්තතී භෙස්මා, කල්යාණපාපකස්ස ච; මග්ගා ඔක්කමනත්ථාය, මහායුද්ධො උපට්ඨිතො”ති.
“ධුරෙ ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො 217. “කලහො වත්තති භෙස්මා කල්‍යාණ පාපකස්සච මග්ගා ඔක්කමනත්ථාය මහායුද්ධො උපට්ඨිතොති” (චරියා පිටක)
රියහිසෙහි රිය හිස ගටමින් පෙරමග අපි දෙදෙනා එක්වීමු. ධර්මවාදියාගේද අධර්මවාදියාගේ ද මාර්ගයෙන් ඉවත්වීම සඳහා භයජනක වූ කලහයක් පැවැත්තේය. මහා සංග්‍රාමයක් එළඹ සිටියේය’යි
තත්ථ ධුරෙ ධුරන්ති එකස්ස රථීසාය ඉතරස්ස රථීසං ඝට්ටයන්තා. සමිම්හාති සමාගතා සම්මුඛීභූතා. පුන උභොති වචනං උභොපි මයං අඤ්ඤමඤ්ඤස්ස පච්චනීකා හුත්වා ලොකෙ විචරන්තා එකදිවසං පටිමුඛං ආගච්ඡන්තා ද්වීසු පරිසාසු උභොසු පස්සෙසු මග්ගතො ඔක්කන්තාසු සහ රථෙන මයං උභො එව සමාගතාති දස්සනත්ථං වුත්තං. භෙස්මාති භයජනකො. කල්යාණපාපකස්ස චාති කල්‍යාණස්ස ච පාපකස්ස ච. මහායුද්ධො උපට්ඨිතොති මහාසඞ්ගාමො පච්චුපට්ඨිතො ආසි.
එහි “ධුරෙ ධුරං” යනු එකෙකුගේ රියහිස අනෙකාගේ රිය හිසෙහි ගටමින්. “සමිම්හා” යනු එක්වීමු. මුණ ගැසුණෙමු. නැවත “උභො” යන වචනය අපි දෙදෙනාම ඔවුනොවුනට ප්‍රතිවිරුද්ධ වූවෝ ලෝකයෙහි හැසිරෙන්නාහු එක් දවසක් මුහුණට මුහුණලා එන්නාහු දෙපිරිස දෙපැත්තෙහි මගින් ඉවත් වූ කල්හි රථය සමග අපි දෙදෙනාම එක්වීමු’යි දැක්වීමට කියන ලදී. “භෙස්මා” යනු භයජනක “කල්යාණපාපකස්සච” යනු ධර්මවාදියාගේ ද අධර්මවාදියාගේ ද “මහායුද්ධො උපට්ඨිතො” යනු මහා සංග්‍රාමයක් එළඹියේ විය.
අඤ්ඤමඤ්ඤස්ස හි පරිසාය ච යුජ්ඣිතුකාමතා ජාතා. තත්ථ හි ධම්මො අධම්මං ආහ – “සම්ම, ත්වං අධම්මො, අහං ධම්මො, මග්ගො මය්හං අනුච්ඡවිකො, තව රථං ඔක්කමාපෙත්වා මය්හං මග්ගං දෙහී”ති. ඉතරො “අහං දළ්හයානො බලවා අසන්තාසී, තස්මා මග්ගං න දෙමි, යුද්ධං පන කරිස්සාමි, යො යුද්ධෙ ජිනිස්සති, තස්ස මග්ගො හොතූ”ති ආහ. තෙනෙවාහ –
ඔවුනොවුන්ට ද පිරිසට ද යුද කරනු කැමැත්ත ඇති විය. එහිදී ධර්මවාදියා අධර්මවාදියාට “යහළුව නුඹ අධර්ම වූවෙහි මම ධර්ම වූ වෙමි. මට මග සුදුසුය. නුඹගේ රථය ඉවත් කොට මට මග දෙවයි කීය. අනෙකා “මම දැඩියානාවට නැග්ගේ වෙමි. බලවත් වෙමි. තැතිගැනීම් නැත්තෙක්මි. එබැවින් මග නොදෙමි. යුද්ධය වනාහි කරන්නෙමි. යමෙක් යුද්ධයෙන් ජයගන්නේ ද ඔහුට මග වේවායි කීය. එහෙයින් කීහ.
“යසොකරො පුඤ්ඤකරොහමස්මි, සදාත්ථුතො සමණබ්රාහ්මණානං; මග්ගාරහො දෙවමනුස්සපූජිතො, ධම්මො අහං දෙහි අධම්ම මග්ගං.
යසොකරො පුඤ්ඤකරො හමස්මි සදත්ථුතො සමණබ්රාහ්මණානං මග්ගාරහො දෙවමනුස්ස පූජිතො ධම්මො අහං දෙහි අධම්ම! මග්ගං
“අධම්මයානං දළ්හමාරුහිත්වා, අසන්තසන්තො බලවාහමස්මි; ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං, මග්ගං අහං ධම්ම අදින්නපුබ්බං.
අධම්ම යානං දළ්හ මාරුහිත්වා අසන්තසන්තො බලවා හමස්මි ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං මග්ගං අහං ධම්ම! අදින්න පුබ්බං
“ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ, පච්ඡා අධම්මො උදපාදි ලොකෙ; ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනො ච, උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ මග්ගා.
ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ පච්ඡා අධම්මො උදපාදි ලොකෙ ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනොච උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ! මග්ගා
“න යාචනාය නපි පාතිරූපා, න අරහතා තෙහං දදෙය්ය මග්ගං; යුද්ධඤ්ච නො හොතු උභින්නමජ්ජ, යුද්ධම්හි යො ජෙස්සති තස්ස මග්ගො.
න යාචනාය නපි පාටිරූපා න අරහති තෙහං දදෙය්ය මග්ගං යුද්ධඤ්ච නො හොතු උභින්න මජ්ජ යුධස්මිං යො ජෙස්සති තස්ස මග්ගො
“සබ්බා දිසා අනුවිසටොහමස්මි, මහබ්බලො අමිතයසො අතුල්යො; ගුණෙහි සබ්බෙහි උපෙතරූපො, ධම්මො අධම්ම ත්වං කථං විජෙස්සසි.
සබ්බා දිසා අනුවිසටො හමස්මි මහබ්බලො අමිතයසො අතුල්යො ගුණෙහි සබ්බෙහි උපෙත රූපො ධම්මො අධම්ම! ත්වං කථං විජෙස්ස සි.
“ලොහෙන වෙ හඤ්ඤති ජාතරූපං, න ජාතරූපෙන හනන්ති ලොහං; සචෙ අධම්මො හඤ්ඡති ධම්මමජ්ජ, අයො සුවණ්ණං විය දස්සනෙය්යං.
ලොහෙන චෙ හඤ්ඤ ති ජාතරූපං න ජාතරූපෙන හනත්ති ලොහං සචෙ අධම්මො හඤ්ඤති ධම්ම මජ්ජ අයො සුවණ්ණං විය දස්සනෙය්යං
“සචෙ තුවං යුද්ධබලො අධම්ම, න තුය්හං වුඩ්ඪා ච ගරූ ච අත්ථි; මග්ගඤ්ච තෙ දම්මි පියාප්පියෙන, වාචා දුරුත්තානිපි තෙ ඛමාමී”ති. (ජා· 1.11.26-32);
සචෙ තුවං යුද්ධ බලො අධම්ම! ත තුය්හං වුද්ධාච ගුරූච අත්ථි මග්ගඤ්ච තෙ දම්මි පියාප්පියෙන වාචා දුරුත්තා නිපි තෙ ඛමාමීති. (ජාතකපාලි)
“මම දෙවිමිනිසුන්ට යශස ගෙන දෙන්නෙක්මි. මම පින් කරන්නෙක්මි. මහණ බමුණන් විසින් නිතර පසස්නා ලද්දෙමි. මාර්ගය ලබන්නට සුදුස්සෙක්මි. දෙවිමිනිසුන්ගේ පිදුම් ලද්දෙම් වෙමි. අධර්ම දිව්යපුත්රය. මම ධර්ම වෙමි. මට මග දෙනු මැනවි.
මම නොදැහැමි දෙවියා වෙමි. මම ශක්තිමත් අධර්මයානයට නැගගතිමි. තැතිගැනීම් නැත්තෙක් වෙමි. බලවතෙක් වෙමි. මිතුර කිසිවෙකුටත් නුදුන් විරූ මග කවර හෙයින් අද මම ඔබට දෙම්ද?
ලොවෙහි පළමුව ධර්මය පහළවිය. පසුව අධර්මය පහළවිය (එහෙයින්) ධර්මය ජ්‍යෙෂ්ඨ වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. පැරණි ද වෙයි. අධර්ම දිව්යපුත්රය! ඔබ කනිටුය. වැඩිමහලු ධර්ම දිව්‍යපුත්‍ර වූ මාගේ මගෙන් ඉවත්වෙව.
යැදීම නිසා ඔබට මග දෙන්නෙම් නම් යෝග්‍ය නොවේ. සුදුසු වචන කීම නිසා මග දීම යෝග්‍ය නැත. අද අප දෙදෙනාගේ සටන වේවා. සටනින් යමෙක් දිනන්නේද ඔහුට මග හිමි වේ.
මම සියලු දිශාවන්හි පැතිර ගියෙමි. මහබල ඇත්තෙමි. අප්‍රමාණ යශස් ඇත්තෙමි. මා හා සමානයෙක් නැත. හැම ගුණයන්ගෙන් සම්පූර්ණ වූ (මම) ධර්ම දිව්‍ය පුත්‍රයා වෙමි. තෙපි කෙසේ දිනන්නෙහිද?
ඒකාන්තයෙන් ලෝහයෙන් රන් නැසේ. රනින් යකඩ නොනැසේ. අධර්ම තෙමේ අද ධර්මය නසයි. යකඩය දැකුම්කලු රන් නසන්නා මෙනි.
අධර්ම දිව්‍ය පුත්‍රය! ඔබ සටන බලය කොට ඇත්තෙකි. ඔබට වැඩිහිටියෝ ද ගරුකටයුත්තෝ ද නැත. ඔබට මග දෙනුයේ අප්රියයෙව ප්‍රියයකු ලෙසින් දෙමි. නපුරු ලෙස ඔබ කී වචන වලට ක්ෂමා කරමි.
ඉමා හි තෙසං වචනපටිවචනකථා.
මේ වනාහි ඒ දෙවියන්ගේ වචනප්රතිවචන කථාවෝය.
තත්ථ යසොකරොති ධම්මෙ නියොජනවසෙන දෙවමනුස්සානං යසදායකො. දුතියපදෙපි එසෙව නයො. සදාත්ථුතොති සදා ථුතො නිච්චප්පසත්ථො. ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජන්ති සොම්හි අහං අධම්මො අධම්මයානරථං අභිරුළ්හො අභීතො බලවා, කිංකාරණා අජ්ජ, භො ධම්ම, කස්සචි අදින්නපුබ්බං මග්ගං තුය්හං දම්මි. පාතුරහොසීති පඨමකප්පිකකාලෙ ඉමස්මිං ලොකෙ දසකුසලකම්මපථධම්මො පුබ්බෙ පාතුරහොසි, පච්ඡා අධම්මො. ජෙට්ඨො චාති පුරෙ නිබ්බත්තභාවෙන අහං ජෙට්ඨො ච සෙට්ඨො ච පොරාණකො ච, ත්වං පන කනිට්ඨො, තස්මා “මග්ගා උය්යාහී”ති වදති.
එහි “යසොකරො” යනු ධර්මයෙහි යෙදවීම් වශයෙන් දෙවිමිනිසුන්ට යශස් දෙන්නා වූ දෙවන පදයෙහිද මෙම ක්‍රමයමය. “සදත්ථුතො” යනු හැමකල්හි ස්තූති කරන ලද්දේ. නිරන්තරයෙන් පසස්නා ලද්දේ. “ස කිස්ස හෙතුම්හි තවජ්ජ දජ්ජං” යනු ඒ මම අධර්ම වෙමි, අධර්මයාන රථයට නැගුනේ වෙමි. බිය නැත්තේ වෙමි, බලවත් වෙමි. එම්බා, ධර්ම දේවපුත්රයෙනි. කිසිවෙකුට නොදුන්විරූ මග අද කුමන කරුණක් නිසා තොපට දෙන්නෙම් ද? “පාතුර හොසි” යනු ප්‍රථම කල්පික කාලයෙහි මේ ලෝකයේ දශකුශල කර්මපථ ධර්මය කලින් පහළ විය. අධර්මය පසුවය. “ජෙට්ඨො ච” යනු කලින් උපන් බැවින් මම ජ්‍යෙෂ්ඨ ද, ශ්‍රේෂ්ඨ ද, පෞරාණික ද වෙමි. නුඹ වනාහි කනිෂ්ටය. එබැවින් ඉවත්ව යවයි කියයි.
නපි පාතිරූපාති අහඤ්හි භොතො නෙව යාචනාය න පටිරූපවචනෙන න මග්ගාරහතාය මග්ගං දදෙය්යං. අනුවිසටොති අහං චතස්සො දිසා චතස්සො අනුදිසාති සබ්බා දිසා අත්තනො ගුණෙන පත්ථටො පඤ්ඤාතො. ලොහෙනාති අයොමුට්ඨිකෙන. හඤ්ඡතීති හනිස්සති. යුද්ධබලො අධම්මාති සචෙ තුවං යුද්ධබලො අසි අධම්ම. වුඩ්ඪා ච ගරූ චාති යදි තුය්හං ඉමෙ වුඩ්ඪා ඉමෙ ගරූ පණ්ඩිතාති එතං නත්ථි. පියාප්පියෙනාති පියෙන විය අප්පියෙන, අප්පියෙනපි දදන්තො (ජා· අට්ඨ· 4.11.32) පියෙන විය තෙ මග්ගං දදාමීති අත්ථො.
“නපි පාතිරුප්පා” යනු මම වනාහි භවත්හට යාඥාවෙන් මාර්ගය නො දෙන්නෙමි. ප්රතිරූප වචනයෙන් ද නොදෙමි. මාර්ගයට සුදුසු බැවින්ද මග නොදෙමි. “අනු විසටො” යනු මම සතර දිශාවෙහි ද සතර අනුදිශාවෙහි ද සියලු දිශාවන්හි ද තම ගුණයෙන් ප්රතිරූප වචනයෙන් ද නොදෙමි. මාර්ගයට සුදුසු බැවින් ද මග නොදෙමි. “අනු විසටො” යනු මම සතර දිශාවෙහි ද සතර අනු දිශාවෙහි ද සියලු දිශාවන්හි ද තම ගුණයෙන් පැතුරුණේ ප්‍රකට වූයේ වෙමි. “ලොහෙන” යනු අයෝමය මිටියෙන් “හඤ්ඤති” යනු නසන්නේය. “යුද්ධබලො අධම්මා” යනු අධර්ම දේවපුත්‍රය, ඉදින් නුඹට මොවුහු වැඩිහිටියෝය. මොවුහු ගුරුවරුය. පණ්ඩිතයෝය යන මෙය නැත. “පියාප්පියෙන” යනු ප්‍රියයෙකු මෙන් අප්‍රියයා විසින්, අප්‍රිය වුවත් ප්‍රියයෙකුට මෙන් නුඹට මග දෙමි” යන අර්ථයයි.
මහාසත්තො හි තදා චින්තෙසි – “සචාහං ඉමං පාපපුග්ගලං සබ්බලොකස්ස අහිතාය පටිපන්නං එවං මයා විලොමග්ගාහං ගහෙත්වා ඨිතං අච්ඡරං පහරිත්වා ‘අනාචාර මා ඉධ තිට්ඨ, සීඝං පටික්කම විනස්සා’ති වදෙය්යං, සො තඞ්ඛණඤ්ඤෙව මම ධම්මතෙජෙන භුසමුට්ඨි විය විකිරෙය්ය, න ඛො පන මෙතං පතිරූපං, ස්වාහං සබ්බලොකං අනුකම්පන්තො ‘ලොකත්ථචරියං මත්ථකං පාපෙස්සාමී’ති පටිපජ්ජාමි, අයං ඛො පන පාපො ආයතිං මහාදුක්ඛභාගී, ස්වායං මයා විසෙසතො අනුකම්පිතබ්බො, තස්මාස්ස මග්ගං දස්සාමි, එවං මෙ සීලං සුවිසුද්ධං අඛණ්ඩිතං භවිස්සතී”ති. එවං පන චින්තෙත්වා බොධිසත්තෙ “සචෙ තුවං යුද්ධබලො”ති ගාථං වත්වා ථොකං මග්ගතො ඔක්කන්තමත්තෙ එව අධම්මො රථෙ ඨාතුං අසක්කොන්තො අවංසිරො පථවියං පතිත්වා පථවියා විවරෙ දින්නෙ ගන්ත්වා අවීචිම්හි එව නිබ්බත්ති. තෙන වුත්තං “යදිහං තස්ස කුප්පෙය්ය”න්තිආදි.
එකල්හි මහසත්ත්වයෝ වනාහි “ඉදින් මම, සියලු ලෝකයාට අහිත පිණිස පිළිපන්නා වූද මෙසේ මා සමග විරුද්ධග්රාහ ගෙන සිටියා වූද මෙම පවිටු පුද්ගලයා හට අසුරක් ගසා “අනාචාරය, මෙහි නොසිටුව, වහා ඉවත් වෙව, විනාශ වෙව”යි කියන්නේ නම් හෙතෙම එකෙණෙහිම මගේ ධර්ම තේජසින් බොල් මිටක් මෙන් විසිර යන්නේය. මට එය සුදුසු නොවේ. ඒ මම සියලු ලෝකයාට අනුකම්පා කරන්නේ ලෝකාර්ථ චර්‍ය්‍යාව මුදුන් පත් කරගන්නෙමි’යි පිළිපදිමි. මොහු වනාහි පාපියෙකි. මතු මහා දුකට කොටස්කරුවෙක් වන්නේය. මා විසින් එබඳු මොහුට විශේෂයෙන් අනුකම්පා කළ යුතුය. එහෙයින් ඔහුට මාර්ගය ඉඩ දෙන්නෙමි. මෙසේ මාගේ ශීලය ඉතා පිරිසිදු වූත් කඩනොවූත් එකක් වන්නේය. යනුවෙන් මෙසේ සිතූහ. මෙසේ සිතා බෝධිසත්ත්වයන් වහන්සේ “සචෙතුවං යුද්ධබලො” යන ගාථාව කියා ටිකක් මගින් ඉවත් වූ ඇසිල්ලෙහිම අධර්ම තෙමේ රථයෙහි සිටිය නොහැකිවන්නේ හිස යටිකුරුව පොළොවට වැටී පොළොව විවර වූ කල්හි ගොස් අවීචියෙහිම උපන්නේය. එහෙයින් යදිහං තස්ස පකුප්පෙය්යං යදි භින්දෙ තපො ගුණං යනාදිය වදාරණ ලදී.
218. “යදිහං තස්ස පකුප්පෙය්යං යදි භින්දෙ තපොගුණං සහ පරිජනං තස්ස රජභූතං කරෙය්යහං
219. “අපිචාහං සීලරක්ඛාය නිබ්බාපෙත්වාන මානසං සහ ජනෙනොක්ක මිත්වා පථං පාපස්සදාසහං
220. “සහ පථතො ඔක්කන්තෙ කත්වා චිත්තස්ස නිබ්බුතිං විවරං අදාසි පඨවි පාප යක්ඛස්ස තාවදෙති (චරියා පිටක)
“ඉදින් මම ඔහුට කිපෙන්නෙම් නම් ඉදින් මාගේ තපෝගුණය බිඳින්නෙම් නම් පිරිවර ජනයා සහිත ඔහු දූලි බවට පමුණුවන්නෙමි. එහෙත් ශීලරක්ෂණය පිණිස සිත සංසිඳුවා මාගේ පිරිවර ජනයා සමග මම (මාර්ගයෙන්) ඉවත්ව ඒ පවිටාට මාර්ගය දුනිමි. සිත නිවීමට පමුණුවා මාර්ගයෙන් ඉවත් වීමත් සමගම එකෙණෙහි පෘථිවිතොමෝ පවිටු යක්ෂයාහට විවරයක් දුන්නීය.
තත්ථ යදිහං තස්ස කුප්පෙය්යන්ති තස්ස අධම්මස්ස යදි අහං කුජ්ඣෙය්යං. යදි භින්දෙ තපොගුණන්ති තෙනෙවස්ස කුජ්ඣනෙන මය්හං තපොගුණං සීලසංවරං යදි විනාසෙය්යං. සහපරිජනං තස්සාති සපරිජනං තං අධම්මං. රජභූතන්ති රජමිව භූතං, රජභාවං පත්තං අහං කරෙය්යං.
එහි “යදිහං තස්ස පකුප්පෙය්යං” යනු ඒ අධර්මයාහට ඉදින් මම කිපෙන්නේ නම්, “යදි භින්දෙ තපො ගුණං” යනු ඔහුට ඒ කිපීමෙන්ම මගේ තපෝ ගුණය ශීලසංවරය ඉදින් විනාශ කර ගන්නෙම් නම් “සහ පරිජනං තස්ස” යනු පිරිවර සහිත ඒ අධර්මයා “රජභුතං” යනු ධූලි මෙන් වූ, ධූලි බවට පත්වූවෙකු මම කරන්නෙමි.
අපිචාහන්ති එත්ථ අහන්ති නිපාතමත්තං. සීලරක්ඛායාති සීලරක්ඛණත්ථං. නිබ්බාපෙත්වානාති පටිකච්චෙව ඛන්තිමෙත්තානුද්දයස්ස උපට්ඨාපිතත්තා තස්මිං අධම්මෙ උප්පජ්ජනකකොධස්ස අනුප්පාදනෙනෙව දොසපරිළාහවූපසමනෙන මානසං වූපසමෙත්වා. සහ ජනෙනොක්කමිත්වාති මය්හං පරිජනෙන සද්ධිං මග්ගා ඔක්කමිත්වා තස්ස පාපස්ස අධම්මස්ස අහං මග්ගං අදාසිං.
“අපිචාහං” යන මෙහි “අහං” යනු නිපාතයක් පමණි. “සීලරක්ඛාය” යනු ශීලය රැකීම පිණිස. “නිබ්බාපෙත්වාන” යනු කලින්ම ක්ෂාන්ති මෛත්‍රී කරුණාවන් එළඹ සිටි බැවින් එම අධර්මයා කෙරෙහි උපදින ක්‍රෝධය නුපදවීමෙන්ම ද්වෙශදාහය සංසිඳවීමෙන් මනස සංසිඳවා “සහ ජනෙනොක්කමිත්වා” යනු මගේ පිරිවර ජනයා සමග මාර්ගයෙන් ඉවත්ව ඒ පාපී අධර්මහට මම මාර්ගය දුනිමි.
සහ පථතො ඔක්කන්තෙති වුත්තනයෙන චිත්තස්ස වූපසමං කත්වා “මග්ගං තෙ දම්මී”ති ච වත්වා ථොකං මග්ගතො සහ ඔක්කමනෙන. පාපයක්ඛස්සාති අධම්මදෙවපුත්තස්ස. තාවදෙති තඞ්ඛණං එව මහාපථවී විවරමදාසි. ජාතකට්ඨකථායං පන “මග්ගඤ්ච තෙ දම්මී”ති ගාථාය කථිතක්ඛණෙයෙවාති වුත්තං.
“සහ පථතො ඔක්කන්තෙ” යනු කියන ලද අයුරින් සිත සංසිඳුවා මාර්ගය නුඹට දෙමියි කියා මාර්ගයෙන් ටිකක් ඉවත්වීමත් සමගම “පාපයක්ඛස්ස” යනු අධර්මදේවපුත්රයාට. “තාවදෙ” යනු එකෙණෙහිම මහා පෘථිවිය විවරයක් දුන්නීය. ජාතකට්ඨ කථාවෙහි වනාහි “මග්ගඤ්ච තෙ දම්මි” යන ගාථාව කී ඇසිල්ලෙහිම යයි කියන ලදී.
එවං තස්මිං භූමියං පතිතෙ චතුනහුතාධිකද්වියොජනසතසහස්සබහලා සකලං වරාවරං ධාරෙන්තීපි මහාපථවී “නාහමිමං පාපපුරිසං ධාරෙමී”ති කථෙන්තී විය තෙන ඨිතට්ඨානෙ ද්විධා භිජ්ජි. මහාසත්තො පන තස්මිං නිපතිත්වා අවීචිම්හි නිබ්බත්තෙ රථධුරෙ යථාඨිතොව සපරිජනො මහතා දෙවානුභාවෙන ගමනමග්ගෙනෙව ගන්ත්වා අත්තනො භවනං පාවිසි. තෙනාහ භගවා –
මෙසේ ඔහු බිම වැටුණු කල්හි දෙලක්ෂ හතළිස් දහසක් ඝනවූ සියලු චරාචරයන් (සත්ත්වයන් හා ගස්ගල් ආදිය) දරන්නාවූද මහ පොළොව “මම මේ පාපීපුරුෂයා නොදරමියි කියන්නාක් මෙන් ඔහු සිටි ස්ථානය දෙකට බිඳී ගියේය. මහාසත්ත්වයෝ වනාහි ඔහු වැටී අවීචියෙහි උපන් කල්හි රිය හිසෙහි සිටි පරිද්දෙන්ම පිරිවර සහිතව මහත් දේවානුභාවයෙන් යන මගින්ම ගොස් තමන්ගේ භවනට පිවිසියහ. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ:-
“ඛන්තීබලො යුද්ධබලං විජෙත්වා, හන්ත්වා අධම්මං නිහනිත්ව භූම්යා; පායාසි විත්තො අභිරුය්හ සන්දනං, මග්ගෙනෙව අතිබලො සච්චනික්කමො”ති. (ජා· 1.11.34);
“ඛන්ති බලො යුද්ධ බලං විජෙත්වා හනත්වා අධම්මං නිහනෙත්ව භුම්යා පායාසිචිත්තො අභිරුය්හ සන්දනං මග්ගෙනෙව අතිබලො සච්ච නික්කමොති” (ජාතක පාලි)
“යුද්ධය ජයගෙන අධර්ම දිව්‍ය පුත්‍රයා නසා බිම හෙළා සත්‍යය පරාක්‍රම කොට ඇති, ක්ෂාන්තිය බලය කොට ඇති දෙව්පුත් තෙම සතුටු සිතැතිව දිව්‍ය රථයට නැගී මගින්ම ගියේය.”
තදා අධම්මො දෙවදත්තො අහොසි, තස්ස පරිසා දෙවදත්තපරිසා, ධම්මො ලොකනාථො, තස්ස පරිසා බුද්ධපරිසා.
එකල්හි අධර්මයා දෙව්දත් තෙර විය. ඔහුගේ පිරිස දෙව්දත් පිරිසය. ධර්මතෙම ලෝකනාථ බුදුරජාණන් වහන්සේය. එතුමන්ගේ පිරිස බුදු පිරිසය.
ඉධාපි හෙට්ඨා වුත්තනයෙනෙව සෙසපාරමියො යථාරහං නිද්ධාරෙතබ්බා. තථා ඉධාපි දිබ්බෙහි ආයුවණ්ණයසසුඛආධිපතෙය්යෙහි දිබ්බෙහෙව උළාරෙහි කාමගුණෙහි සමප්පිතස්ස සමඞ්ගීභූතස්ස අනෙකසහස්සසඞ්ඛාහි අච්ඡරාහි සබ්බකාලං පරිචාරියමානස්ස මහති පමාදට්ඨානෙ ඨිතස්ස සතො ඊසකම්පි පමාදං අනාපජ්ජිත්වා “ලොකත්ථචරියං මත්ථකං පාපෙස්සාමී”ති මාසෙ මාසෙ පුණ්ණමියං ධම්මං දීපෙන්තො සපරිජනො මනුස්සපථෙ විචරිත්වා මහාකරුණාය සබ්බසත්තෙ අධම්මතො විවෙචෙත්වා ධම්මෙ නියොජනං, අධම්මෙන සමාගතොපි තෙන කතං අනාචාරං අගණෙත්වා තත්ථ චිත්තං අකොපෙත්වා ඛන්තිමෙත්තානුද්දයමෙව පච්චුපට්ඨපෙත්වා අඛණ්ඩං සුවිසුද්ධඤ්ච කත්වා අත්තනො සීලස්ස රක්ඛණන්ති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා විභාවෙතබ්බාති.
මෙහිද යට කී අයුරින්ම සෙසු පාරමිතාවෝ සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම මෙහිද දිව්‍යමය වූ ආයු, වර්ණ, යස, සුඛ, ආධිපත්‍යයෙන් ද දිව්‍යමය උදාර කාම ගුණයන්ගෙන් ද යුක්ත වූයේ නොයෙක් දහස් ගණන් දෙවඟනන් විසින් සියලු කල්හි පිරිවරන ලද්දේ මහත් වූ ප්රමාදස්ථානයක සිටියේ නමුදු සිහි ඇත්තේ මඳකුත් ප්‍රමාදයට නොපැමිණ ලෝකාර්ථ චර්‍ය්‍යාව මස්තකප්රාප්ත කරන්නෙමි’යි මසක් පාසා පසළොස්වක් දින ධර්මය දේශනා කරමින් පිරිස සමග මිනිස් පියසෙහි හැසිර මහා කරුණාවෙන් සියලු සත්ත්වයන් අධර්මයෙන් දුරු කරවා ධර්මයෙහි යෙදවීම, අධර්ම සමග එක්වූයේ නමුදු ඔහු විසින් කරන ලද අනාචාරය ගණන් නොගෙන ඔහු කෙරෙහි සිත කෝප නොකොට ක්ෂාන්ති මෛත්‍රී කරුණාවම එළවා කඩ නොකොට සුපිරිසිදු කොට තම ශීලය රැකීම යන මේ ආදී බෝධිසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
ධම්මදෙවපුත්තචරියාවණ්ණනා නිට්ඨිතා.
අටවෙනි ධම්මදෙවපුත්ත චරිතයයි.