යෙදුමෙන් කියවන්න

8. ධම‍්මදෙවපුත‍්ත චරියං

8. ධම‍්මදෙවපුත‍්ත චරියං

8. ධම්මදේවපුත්ත චරියාව

213. පුනාපරං යදා හොමි මහෙසක‍්ඛො මහිද‍්ධිකො ධම‍්මො නාම මහායක‍්ඛො සබ‍්බලොකානුකම‍්පකො.

213. තවද අන් චරියාවක් කියමි: යම් කලෙකැ මම් මහායශස්ක වූ මහත්ඍද්ධි ඇති සියලු ලොවට අනුකම්පා කරන ධර්‍ම නම් දිව්‍ය පුත්‍ර වැ උපනිම් ද,

214. දස කුසලකම‍්මපථෙ සමාදපෙන‍්තො මහාජනං චරාමි ගාමනිගමං සමිත‍්තො සපරිජ‍්ජනො.

214. එකල්හි මම මහාජනයා දශකුශල කර්‍මපථයෙහි සමාදන් කරවමින් මිත්‍රයන් සහිත වූයෙම් පරිවාරජනයා සහිත වූයෙම් ගම්නියම්ගම්හි හැසිරෙමි.

215. පාපො කදරියො යක‍්ඛො දීපෙන‍්තො දස පාපකෙ සොපෙත්‍ථ මහියා චරති සමිත‍්තො සපරිජ‍්ජනො.

215. පාපිෂ්ඨ වූ තද මසුරු වූ දිව්‍ය පුත්‍රයෙක් ද දශඅකුශලධර්‍මයන් ප්‍රකාශ කෙරෙමින් මිත්‍රයන් සහිත වූයේ පරිවාර ජනයා සහිත වැ පෘථිවිය ආසන්නයෙහි හැසිරෙයි.

216. ධම‍්මවාදී අධම‍්මො ච උභො පච‍්චනිකා මයං ධුරෙ ධුරං ඝට‍්ටයන‍්තා සමිම‍්හා පටිපථෙ උභො.

216. ධර්‍මවාදී වූ මම ද අධර්‍මවාදී වූ දිව්‍යපුත්‍ර ද යන අපි දෙදෙන ඔවුනොවුන්ට ඉඳුරා විරුද්ධ වූවමෝ එක් දවසක් ප්‍රතිපථයෙහි තමා රියහිසින් මෙරමා රියහිස ගටමින් හමු වූම්හ.

217. කලහො වත‍්තතී භෙස‍්මා කල්‍යාණපාපකස‍්ස ච මග‍්ගා ඔක‍්කමනත්‍ථාය මහායුද‍්ධො උපට‍්ඨිතො.

217. එවිට ඒ ධාර්මික අධාර්මික දෙදෙනා ගේ මඟීන් ඉවත්වීම නිමිති කොට භය ජනක වූ කලහයෙක් විය. මහාසඞ්ග්‍රාමයෙක් එළඹ සිටියේ යැ.

218. යදිහං තස‍්ස පකුප‍්පෙය්‍යං යදි භින්‍දෙ තපොගුණං සහ පරිජනං තස‍්ස රජභූතං කරෙය්‍යහං.

218. ඉදින් මම් ඒ අධාර්මිකදේවතාවාට කිපුණෙම් නම් (එයින් මාගේ) තපෝගුණ බිඳී යන්නේ යැ. ඉදින් මම කිපියෙම් නම් පරිවාර සහිත වූ ඔහු ධූලි කරන්නට පොහොසත්මි.

219. අපිචා’හං සීලරක‍්ඛාය නිබ‍්බාපෙත්‍වාන මානසං සහ ජනෙනොක‍්කමිත්‍වා පථං පාපස‍්ස ‘දාසහං.

219. වැළිදු මම ශීලසංරක්‍ෂණය පිණිස සිත සන්හිඳුවාගෙන මාගේ පරිවාරජනයා හා සමඟ ඉවත් වැ ඒ පාපී වූ දේවතාවාට මාර්‍ගය දිනිමි.

220. සහ පථතො ඔක‍්කන‍්තෙ කත්‍වා චිත‍්තස‍්ස නිබ‍්බුතිං විවරං අදාසි පඨවී පාපයක‍්ඛස‍්ස තාවදෙති.

220. යථෝක්ත නයින් සිත සන්හිඳුවා ගෙන මාර්‍ගයෙන් ඉවත්වනු හා සමඟ එකෙණෙහි පාපී වූ දෙවියාට පෘථිවි තොමෝ විවර දුන.

ධම‍්මදෙවපුත‍්ත චරියං අට‍්ඨමං.

අටවැනි ධම්මදේවපුත්ත චරියා යි.