7. මාතඞ්ග චරියං
7. මාතඞ‍්ග චරියං
7. මාතඞ්ග චරියාව
207. පුනාපරං යදා හොමි ජටිලො උග‍්ගතාපනො මාතඞ‍්ගො නාම නාමෙන සීලවා සුපමාහිතො.
207. තවද අන් චරියාවක් කියමි: යම් කලෙක මම් ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති ශීල සම්පන්න වූ සමාහිත වූ සිත් ඇති නමින් මාතඞ්ග නම් තාපස වැ උපනිම් ද,
208. අහඤ‍්ච බ්‍රාහ‍්මණො එකො ගඞ‍්ගාකූලෙ වසාමුභො අහං වසාමි උපරි හෙට‍්ඨා වසති බ්‍රාහ‍්මණො.
208. (එකල ජාතිමත්ත නම්) බමුණු ද මමද (පැවිදි වැ) අපි දෙදෙන ගං ඉවුරෙකැ වාසය කළම්හ. මම් උඩුගඟ වසමි, එ බමුණු යටිගඟ වෙසෙයි.
209. විචරන‍්තො අනුකූලම‍්හි උද‍්ධං මෙ අස‍්සමද‍්දස තත්‍ථ මං පරිභාසෙත්‍වා අභිසපි මුද‍්ධඵාලනං.
209. හෙතෙම ගංතෙර හැසිරෙනුයේ උඩුගඟැ පිහිටි මා ගේ අසපුව දිටී. එහි දී මට පරිභව බැණ මා මුදුන් පැළේව’යි ශාප කෙළේ යැ.
210. යදිහං තස‍්ස පකුප‍්පෙය්‍යං යදි සීලං න ගොපයෙ ඔලොකෙත්‍වාන ‘හං තස‍්ස කරෙය්‍යං ඡාරිකං විය.
210. ඉදින් මම ජටිලයාහට කිපියෙම් නම්, ඉදින් මම සිල් නො රැකියෙම් නම් මම ඔහු දෙස බලා ඔහු හළු මෙන් කරන්නට සමර්‍ත්‍ථයෙමි.
211. යං සො තදා මං අභිසපි කුපිතො දුට‍්ඨමානසො තස‍්සෙව මත්‍ථකෙ නිපති යොගෙන තං පමොචයිං.
211. කුපිත වූ දූෂිත සිත් ඇති ඒ ජටිල තෙම මට යම් ශාපයක් කෙළේ ද, ඒ ශාපය ඔහු මත්තෙහි මැ වැටිණ. ඒ ශාපය උපායෙන් මුදාලීමි.
212. අනුරක‍්ඛිං මම සීලං නාරක‍්ඛිං මම ජීවිතං සීලවා හි තදා ආසිං බොධියා යෙව කාරණාති.
212. මා ගේ ශීලපාරමිතාව මැ ආරක්‍ෂා කෙළෙමි. ජීවිතය ආරක්‍ෂා නො කෙළෙමි. සර්‍වඥතාඥානය මැ සඳහා එකල්හි සිල්වත් වූයෙමි යි.
මාතඞ‍්ගචරියං සත‍්තමං.
සත් වැනි මාතඞ්ග චරියා යි.