7. මාතඞ්ගචරියාවණ්ණනා අට්ඨකථා
7. මාතඞ්ගචරියාවණ්ණනා
7. මාතඞ්ග චරියා වර්ණනාව
207. “පුනාපරං යදාහොමි ජටිලො උග්ගතාපනො මාතඞ්ගො නාම නාමෙන සීලවා සුසමාහිතො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම ජටාධර වූ උග්‍ර තපස් ඇත්තා වූ, ශීල සම්පන්න වූ, මනාකොට සංසිඳුනු සිත් ඇත්තා වූ නමින් මාතඞ්ග නම් වූ තාපසයෙක් වීම් ද”
සත්තමෙ ජටිලොති ජටාවන්තො, ජටාබන්ධකෙසොති අත්ථො. උග්ගතාපනොති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං තාපනතො නිග්ගණ්හනතො තපසඞ්ඛාතං උග්ගතාපනං එතස්සාති උග්ගතාපනො, ඝොරතපො පරමධිතින්ද්රියොති අත්ථො. අථ වා නානප්පකාරෙ දිට්ඨධම්මිකාදිභෙදෙ අනත්ථෙ උග්ගිරණතො බහි ඡඩ්ඩාපනතො ඝොරභීමභයානකට්ඨෙන වා “උග්ගා”ති ලද්ධනාමෙ කිලෙසෙ වීරියාතපෙන සන්තාපනතො උග්ගෙ තාපෙතීති උග්ගතාපනො. මාතඞ්ගො නාම නාමෙනාති නාමෙන මාතඞ්ගො නාම. මාතඞ්ගකුලෙ නිබ්බත්තියා ජාතියා ආගතං හිස්ස එතං නාමං. සීලවාති සීලසම්පන්නො සුපරිසුද්ධසීලො. සුසමාහිතොති උපචාරප්පනාසමාධීහි සුට්ඨු සමාහිතො, ඣානසමාපත්තිලාභීති අත්ථො.
සත්වෙනි (මාතඞ්ග (පණ්ඩිත) චරිතයෙහි) “ජටිලො” යනු ජටා ඇති, ජටා බඳින ලද කෙස් ඇති යන අර්ථයයි. “උග්ගතාපනො” යනු මනස සවැනි කොට ඇති ඉන්ද්රියයන් තැවීමෙන් ද නිග්‍රහ කිරීමෙන්ද තප සඞ්ඛ්‍යාත උග්‍රතපස් මොහුට ඇත්තේනුයි= “උග්ගතාපනො” වේ. දැඩි තපස් හා සංසිඳුණු ඉන්ද්රිය ඇති යන අර්ථයයි. නැතහොත් නොයෙක් ආකාර වූ දිට්ඨ ධමිමික ආදී ප්‍රභේද ඇති අනර්ථයන් එසවූ හෙයින්ද ඉවත දැමූ හෙයින්ද දරුණු භයජනක, භයානක අර්ථයෙන් ‘උග්‍ර’ යයි ලැබූ නම් ඇති ක්ලේශයන් වීර්‍ය්‍යයෙන් හා තපසින් තවන හෙයින් උග්රයන් තවානුයි “උග්ගතාපනො” වේ. “මතඞ්ගො නාම නාමෙන” යනු නමින් මාතඞ්ග නමි. මාතඞ්ග කුලයෙහි උපන් හෙයින් මෙය ඔහුට ජාතියෙන් ආවා වූ නමකි. “සීලවා” යනු ශීලයෙන් යුත්, සුපිරිසිදු සිල් ඇති, “සුසමාහිතො” යනු උපචාර අර්පණා සමාධීන්ගෙන් මොනවට සමාහිත වූ, ධ්‍යාන සමාපත්තිලාභී යන අර්ථයයි.
තදා හි බොධිසත්තො චණ්ඩාලයොනියං නිබ්බත්තිත්වා රූපෙන දුද්දසිකො බහිනගරෙ චණ්ඩාලගාමෙ වසති. “මාතඞ්ගපණ්ඩිතො”ති පකාසනාමො. අථෙකදිවසං තස්මිං නගරෙ නක්ඛත්තෙ ඝොසිතෙ යෙභුය්යෙන නාගරා නක්ඛත්තං කීළන්ති. අඤ්ඤතරාපි බ්රාහ්මණමහාසාලකඤ්ඤා සොළසපන්නරසවස්සුද්දෙසිකා දෙවකඤ්ඤා විය රූපෙන දස්සනීයා පාසාදිකා “අත්තනො විභවානුරූපං නක්ඛත්තං කීළිස්සාමී”ති පහූතඛජ්ජභොජ්ජාදීනි සකටෙසු ආරොපෙත්වා සබ්බසෙතං වළවාරථමාරුය්හ මහතා පරිවාරෙන උය්යානභූමිං ගච්ඡති. දිට්ඨමඞ්ගලිකා නාමෙසා, සා කිර දුස්සණ්ඨිතං රූපං “අවමඞ්ගල”න්ති තං දට්ඨුං න ඉච්ඡති, තෙනස්සා “දිට්ඨමඞ්ගලිකා”ත්වෙව සමඤ්ඤා උදපාදි.
එකල්හි වනාහි බෝධිසත්ත්වයන් වහන්සේ සැඬොල් කුලයෙහි ඉපිද රූපයෙන් ද අයහපත් පෙනුමක් ඇතිව පිටනුවර සැඬොල් ගමෙහි වසති. මාතඞ්ගපණ්ඩිත යනු පවසන නමයි. ඉක්බිති එක් දවසක් ඒ නගරයෙහි නැකත් කෙළි සඳහා ඝෝෂා කළ කල්හි (දැනුම් දුන් කල්හි) බොහෝසෙයින් නගර වැසියෝ නැකත් කෙළි කෙළිති. සොළොස් හැවිරිදි පසළොස් හැවිරිදි පමණ වූ දේව කන්‍යාවක මෙන් රූපයෙන් දර්ශනීය වූ පැහැදීම ඇති කරන එක්තරා බ්‍රාහ්මණ මහාසාර කන්‍යාවක් ද තමාගේ සම්පත් පරිදි නැකැත් කෙළි කෙළින්නෙමි’යි බොහෝ කන බුදින දේ ගැල්වල පුරවාගෙන සම්පූර්ණයෙන් සුදු වූ වෙළඹක් යෙදූ රථයට නැගී මහත් පිරිවර සහිතව උයන් බිමට යයි. දිට්ඨමඞ්ගලිකා නම් වූ ඈ විරූප රූපය අවමඞ්ගල යයි සිතා එය දැකීමට කැමති නොවේ. එහෙයින්ම ඇයට “දිට්ඨමඞ්ගලිකා” යන නම ඇති විය.
තදා බොධිසත්තො කාලස්සෙව උට්ඨාය පටපිලොතිකං නිවාසෙත්වා ජජ්ජරිතමුඛභාගං වෙණුදණ්ඩං ගහෙත්වා භාජනහත්ථො නගරං පවිසති මනුස්සෙ දිස්වා දූරතොව තෙසං දූරීකරණත්ථං තෙන වෙණුදණ්ඩෙන සඤ්ඤං කරොන්තො. අථ දිට්ඨමඞ්ගලිකා “උස්සරථ උස්සරථා”ති උස්සාරණං කරොන්තෙහි අත්තනො පුරිසෙහි නීයමානා නගරද්වාරමජ්ඣෙ මාතඞ්ගං දිස්වා “කො එසො”ති ආහ. “අය්යෙ, මාතඞ්ගචණ්ඩාලො”ති ච වුත්තෙ “ඊදිසං දිස්වා ගතානං කුතො වුඩ්ඪී”ති යානං නිවත්තාපෙසි. මනුස්සා “යං මයං උය්යානං ගන්ත්වා බහුං ඛජ්ජභොජ්ජාදිං ලභෙය්යාම, තස්ස නො මාතඞ්ගෙන අන්තරායො කතො”ති කුපිතා “ගණ්හථ, චණ්ඩාල”න්ති ලෙඩ්ඩූහි පහරිත්වා විසඤ්ඤීභූතං පාතෙත්වා අගමංසු.
එදින බෝධිසත්ත්වයෝ උදෑසනම නැගිට පටපිළිකඩක් හැඳ දිරාගිය කෙළවර ඇති උණ දණ්ඩක් ගෙන භාජනයක් ගත් අත් ඇතිව මිනිසුන් දැක දුරදීම ඔවුන් ඈත් කිරීම සඳහා ඒ උණ දණ්ඩෙන් සංඥා කරමින් නගරයට පිවිසෙති. ඉක්බිති දිට්ඨමඞ්ගලිකා තොමෝ “උස්සරථ උස්සරථ” (දුරුවවු, දුරුවවු) යනුවෙන් මිනිසුන් ඉවත් කරන තම පුරුෂයන් විසින් රැගෙන යනු ලබන්නී නගර දොරටුව මැද මාතඞ්ග දැක “මොහු කවරෙක්දැයි ඇසූහ. “ආර්‍ය්‍යාවෙනි, මාතඞ්ග චණ්ඩාලයා’ යයි කී කල්හි “මෙවැන්නෙකු දැක ගියවුන්ට වැඩක් නම් කොයින්දැයි යානය නැවැත්වුවාය. මිනිස්සු අපි උයනට ගොස් යම් බොහෝ කන බුදින දේ ලබන්නෙමු. ඒ අපට මාතඞ්ග විසින් අනතුරු කරන ලද්දේය’යි කිපී “සැඬොලා ගනිව්” යයි ගල්කැට වලින් පහර දී සිහිනැති වූ මාතඞ්ග බිම දමා ගියහ.
සො න චිරෙනෙව සතිං පටිලභිත්වා වුට්ඨාය මනුස්සෙ පුච්ඡි – “කිං, අය්යා, ද්වාරං නාම සබ්බසාධාරණං, උදාහු බ්රාහ්මණානං එව කත”න්ති? “සබ්බෙසං සාධාරණ”න්ති. “එවං සබ්බසාධාරණද්වාරෙ එකමන්තං අපක්කමන්තං මං දිට්ඨමඞ්ගලිකාය මනුස්සා ඉමං අනයබ්යසනං පාපෙසු”න්ති රථිකාය මනුස්සානං ආරොචෙත්වා “හන්දාහං ඉමිස්සා මානං භින්දිස්සාමී”ති තස්සා නිවෙසනද්වාරං ගන්ත්වා “අහං දිට්ඨමඞ්ගලිකං අලද්ධා න වුට්ඨහිස්සාමී”ති නිපජ්ජි. දිට්ඨමඞ්ගලිකාය පිතා “ඝරද්වාරෙ මාතඞ්ගො නිපන්නො”ති සුත්වා “තස්ස කාකණිකං දෙථ, තෙලෙන සරීරං මක්ඛෙත්වා ගච්ඡතූ”ති ආහ. සො “දිට්ඨමඞ්ගලිකං අලද්ධා න උට්ඨහිස්සාමි”ච්චෙව ආහ. තතො බ්රාහ්මණෙන – “ද්වෙ කාකණිකෙ දෙථ, මාසකං පාදං කහාපණං ද්වෙ තීණි යාව කහාපණසතං කහාපණසහස්සං දෙථා”ති වුත්තෙපි න සම්පටිච්ඡති එව. එවං තෙසං මන්තෙන්තානං එව සූරියො අත්ථඞ්ගතො.
එතුමා බොහෝ වේලාවකින්ම සිහිලැබ නැගිට “කිම ස්වාමිවරුනි, දොරටුව නම් සියල්ලන්ටම සාධාරණ ද? නැතහොත් බ්‍රාහ්මණයන්ට පමණක් කරන ලද්දේදැයි මිනිසුන්ගෙන් ඇසීය. “සියල්ලන්ටම සාධාරණ” යයි ඔවුහු කීහ. මෙසේ සියල්ලන්ට සාධාරණ වූ දොරටුවෙහි එකත්පසෙක ඉවත්ව සිටි මා දිට්ඨමඞ්ගලිකාවගේ මිනිස්සු මේ මහා විපතට පත් කළහයි වීථියෙහි මිනිසුන්ට දන්වා “ඒකාන්තයෙන් මම මැයගේ මානය බිඳින්නෙමි’යි ඇයගේ නිවස දොරකඩට ගොස් “මම දිට්ඨමඞ්ගලිකාව නොලැබුයේ නම් නොනැගිටින්නෙමි’යි වැදහොත්තේය. දිට්ඨමඞ්ගලිකාවගේ පියාගේ දොරකඩ මාතඞ්ග වැද හොත්තේයයි අසා “ඔහුට තුට්ටුවක් දෙව්, ශරීරයෙහි තෙල් ගල්වාගෙන යේවා’යි කීය. එතුමා දිට්ඨමඞ්ගලිකාව නොලැබ නො නැගිටින්නෙමි’යි කීය. ඉක්බිති බ්‍රාහ්මණයා විසින් “තුට්ටු දෙකක් දෙව්, මස්සක්, පාදයක්, කහවණුවක් කහවණු දෙකක්, කහවණු තුනක්, කහවණු සියයක්, දක්වා කහවණු දහසක් දක්වා දෙව්යයි කීකල්හි ද නො පිළිගත්තේමය. මෙසේ ඔවුන් කථාකරමින් සිටියදීම හිරු අවරට ගියේය.
අථ දිට්ඨමඞ්ගලිකාය මාතා පාසාදා ඔරුය්හ සාණිපාකාරං පරික්ඛිපාපෙත්වා තස්ස සන්තිකං ගන්ත්වා “තාත, මාතඞ්ග , දිට්ඨමඞ්ගලිකාය අපරාධං ඛම, ද්වෙ සහස්සානි ගණ්හාහි යාව සතසහස්සං ගණ්හාහී”ති වුත්තෙපි න සම්පටිච්ඡි, නිපජ්ජි එව. තස්සෙවං ඡ දිවසෙ නිපජ්ජිත්වා සත්තමෙ දිවසෙ සම්පත්තෙ සමන්තා සාමන්තඝරා පටිවිසකඝරා ච මනුස්සා උට්ඨහිත්වා “තුම්හෙ මාතඞ්ගං වා උට්ඨාපෙථ, දාරිකං වා දෙථ, මා අම්හෙ නාසයිත්ථා”ති ආහංසු. තදා කිර අයං තස්මිං දෙසෙ දෙසධම්මො “යස්ස ඝරද්වාරෙ එවං නිපජ්ජිත්වා චණ්ඩාලො මරති, තෙන ඝරෙන සද්ධිං සත්තසත්තඝරවාසිනො චණ්ඩාලා හොන්තී”ති.
ඉක්බිති දිට්ඨමඞ්ගලිකාවගේ මව ප්‍රාසාදයෙන් බැස තිරයකින් වටකරවාගෙන ඔහු සමීපයට ගොස් “පුත මාතඞ්ගයෙනි, දිට්ඨමඞ්ගලිකාවගේ වැරැද්දට කමා කළ මැනව. කහවණු දෙදහසක් ගණුව. කහවනු ලක්ෂය දක්වා ගණුවයි කී කල්හිද නො පිළිගත්තේය. වැදහොත්තේමය. මෙසේ එතුමා දින හයක් වැදහෙව සත්වෙනි දවස පැමිණි කල්හි හාත්පස සමීප ගෙවල්වල ද අසල්වැසි ගෙවල්වල ද මිනිස්සු නැගී සිට “නුඹලාම මාතඞ්ගව නගාසිටුවව්, දැරිය හෝ දෙව්, අපව නොනසව් යයි කීහ. එකල්හි වනාහි එම ප්‍රදේශයෙහි “යමෙකුගේ දොරකඩ මෙසේ වැදහෙව සැඬොලෙක් මැරෙයිද එම ගෙය සමග දෙපසින් ගෙවල් හත බැගින් ගෙවල්හි මිනිස්සු චණ්ඩාලයෝ වෙති” යනුවෙන් මේ නීතිය විය.
තතො දිට්ඨමඞ්ගලිකාය මාතාපිතරො දිට්ඨමඞ්ගලිකං පටපිලොතිකං නිවාසාපෙත්වා චණ්ඩාලානුච්ඡවිකං පරික්ඛාරං දත්වා පරිදෙවමානං එව තස්ස සන්තිකං නෙත්වා “හන්ද, දානි දාරිකං උට්ඨාය ගණ්හාහී”ති අදංසු. සා පස්සෙ ඨත්වා “උට්ඨාහී”ති ආහ. සො “අහං අතිවිය කිලන්තො, හත්ථෙ ගහෙත්වා මං උට්ඨාපෙහී”ති ආහ. සා තථා අකාසි. මාතඞ්ගො “මයං අන්තොනගරෙ වසිතුං න ලභාම, එහි, බහිනගරෙ චණ්ඩාලගාමං ගමිස්සාමා”ති තං අපස්සාය අත්තනො ගෙහං අගමාසි. “තස්සා පිට්ඨිං අභිරුහිත්වා”ති ජාතකභාණකා වදන්ති.
එබැවින් දිට්ඨමඞ්ගලිකාවගේ මවුපියෝ දිට්ඨමඞ්ගලිකාව පටකඩමාල්ලක් හඳවා සැඬොලන්ට සුදුසු පිරිකර දී හඬද්දීම ඔහුගේ සමීපයට ගෙන ගොස් එසේ නම් දැන් නැගිට දැරිය ගණුවයි (කියා) දුන්හ. ඈ පසෙක සිට “නැගිටුව”යි කීවාය. හෙතෙම මම අතිශයින් ක්ලාන්තය අතින් ගෙන මා නැගිටුවව’යි කීය. ඈ එසේ කළාය. මාතඞ්ගතෙම අපි ඇතුල් නුවර විසීමට නොලබමු. එව නුවරින් පිට සැඬොල් ගමට යන්නෙමු’යි ඇගේ ශරීරයට හේත්තු වී තමාගේ ගෙට ගියේය. “ඇගේ පිටට නැග” යයි ජාතක භාණකයෝ කියති.
එවං පන ගෙහං ගන්ත්වා ජාතිසම්භෙදවීතික්කමං අකත්වාව කතිපාහං ගෙහෙ වසිත්වා බලං ගහෙත්වා චින්තෙසි – “අහං ඉමං බ්රාහ්මණමහාසාලකඤ්ඤං මය්හං චණ්ඩාලගෙහෙ වාසාපෙසිං, හන්ද, දානි තං ලාභග්ගයසග්ගප්පත්තං කරිස්සාමී”ති. සො අරඤ්ඤං පවිසිත්වා පබ්බජිත්වා සත්තාහබ්භන්තරෙයෙව අට්ඨ සමාපත්තියො පඤ්චාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා ඉද්ධියා චණ්ඩාලගාමද්වාරෙ ඔතරිත්වා ගෙහද්වාරෙ ඨිතො දිට්ඨමඞ්ගලිකං පක්කොසාපෙත්වා “සාමි, කිස්ස මං අනාථං කත්වා පබ්බජිතොසී”ති පරිදෙවමානං “ත්වං, භද්දෙ, මා චින්තයි, තව පොරාණකයසතො ඉදානි මහන්තතරං යසං කරිස්සාමි, ත්වං පන ‘මහාබ්රහ්මා මෙ සාමිකො , න මාතඞ්ගො, සො බ්රහ්මලොකං ගතො, ඉතො සත්තමෙ දිවසෙ පුණ්ණමාය චන්දමණ්ඩලං භින්දිත්වා ආගමිස්සතී’ති පරිසාසු වදෙය්යාසී”ති වත්වා හිමවන්තමෙව ගතො.
මෙසේ ගෙට ගොස් ජාතිසම්භේද ඉක්මවීමක් නොකොටම දින කීපයක් ගෙයි වාසය කොට ශරීර ශක්තිය ඇතිකර ගෙන මෙසේ සිතීය. “මම මේ බමුණු මහසල් කුමරිය මගේ සැඬොල් ගෙයි වාසය කරවීමි. එබැවින් දැන් ඇය ලාභයෙන් හා යසසින් අගතැන් පත් කරන්නෙම් නම් යෙහෙකි’යි යනුවෙනි. හෙතෙම වනයට පිවිස පැවිදිව සත් දිනක් ඇතුළතදීම අෂ්ට සමාපත්ති හා පඤ්ච අභිඥා උපදවා සෘද්ධියෙන් සැඬොල් ගම් දොරටුවෙහි බැස ගෙයි දොරකඩ සිටියේ දිට්ඨමඞ්ගලිකාව කැඳවා “ස්වාමීනි, කුමක් හෙයින් මා අනාථකොට පැවිදි වූවෙහිදැයි හඬන ඇයට “සොඳුර නුඹ නො සිතව, නුඹගේ පැරණි යසසට වඩා දැන් මහත් යසසක් කරන්නෙමි. නුඹ වනාහි මහා බ්‍රහ්මයා මගේ සැමියාය. මාතඞ්ග නොවේ. හෙතෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙයින් සත්වෙනි දවසෙහි පසළොස්වක දින සඳමඬල පලාගෙන එන සේකැයි පිරිස් මැද කියව’යි කියා හිමවතටම ගියේය.
දිට්ඨමඞ්ගලිකාපි බාරාණසියං මහාජනමජ්ඣෙ තෙසු තෙසු ඨානෙසු තථා කථෙසි. අථ පුණ්ණමදිවසෙ බොධිසත්තො චන්දමණ්ඩලස්ස ගගනමජ්ඣෙ ඨිතකාලෙ බ්රහ්මත්තභාවං මාපෙත්වා චන්දමණ්ඩලං භින්දිත්වා ද්වාදසයොජනිකං බාරාණසිං සකලං කාසිරට්ඨඤ්ච එකොභාසං කත්වා ආකාසතො ඔතරිත්වා බාරාණසියා උපරි තික්ඛත්තුං පරිබ්භමිත්වා මහාජනෙන ගන්ධමාලාදීහි පූජියමානො චණ්ඩාලගාමාභිමුඛො අහොසි. බ්රහ්මභත්තා සන්නිපතිත්වා තං චණ්ඩාලගාමකං ගන්ත්වා දිට්ඨමඞ්ගලිකාය ගෙහං සුද්ධවත්ථගන්ධමාලාදීහි දෙවවිමානං විය අලඞ්කරිංසු. දිට්ඨමඞ්ගලිකා ච තදා උතුනී හොති. මහාසත්තො තත්ථ ගන්ත්වා දිට්ඨමඞ්ගලිකං අඞ්ගුට්ඨෙන නාභියං පරාමසිත්වා “භද්දෙ, ගබ්භො තෙ පතිට්ඨිතො, ත්වං පුත්තං විජායිස්සසි, ත්වම්පි පුත්තොපි තෙ ලාභග්ගයසග්ගප්පත්තා භවිස්සථ, තව සීසධොවනඋදකං සකලජම්බුදීපෙ රාජූනං අභිසෙකොදකං භවිස්සති, න්හානොදකං පන තෙ අමතොදකං භවිස්සති, යෙ නං සීසෙ ආසිඤ්චිස්සන්ති, තෙ සබ්බරොගෙහි මුච්චිස්සන්ති, කාළකණ්ණියා ච පරිමුච්චිස්සන්ති, තව පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා වන්දන්තා සහස්සං දස්සන්ති, කථාසවනට්ඨානෙ ඨත්වා වන්දන්තා සතං දස්සන්ති, චක්ඛුපථෙ ඨත්වා වන්දන්තා එකෙකං කහාපණං දත්වා වන්දිස්සන්ති, අප්පමත්තා හොහී”ති තං ඔවදිත්වා ගෙහා නික්ඛම්ම මහාජනස්ස පස්සන්තස්සෙව චන්දමණ්ඩලං පාවිසි.
දිට්ඨමඞ්ගලිකාව ද බරණැස මහජනයා මැද ඒ ඒ තැන් වල එසේ කීවාය. ඉක්බිති පසළොස්වක දින බෝධිසත්ත්වයෝ සඳමඬල අහස මැද සිටි කල්හි බ්‍රහ්ම ආත්මභාවයක් මවාගෙන සඳමඬල පලාගෙන දොළොස් යොදුන් බරණැස් නුවර ද සියලු කසීරට ද ඒකාලෝක කොට අහසින් බැස බරණැසට ඉහළින් තුන්වරක් කැරකී මහජනයා විසින් සුවඳ මල්මාලා ආදියෙන් පුදනු ලබන්නාහු අභිමුඛ වූ සේක. බ්‍රහ්ම භක්තිකයෝ රැස්වී ඒ සැඬොල් ගමට ගොස් දිට්ඨමඞ්ගලිකාවගේ නිවස සුදු වස්ත්‍ර ගඳමල්මාලා ආදියෙන් දෙව් විමනක් මෙන් අලංකාර කළහ. දිට්ඨමඞ්ගලිකාව ද එදින මල්වර වූවාය. මහාසත්ත්වයෝ එහි ගොස් දිට්ඨමඞ්ගලිකාවගේ නාභිය ඇඟිල්ලෙන් පිරිමැද “සොඳුර තොපගේ ගැබ පිහිටියේය. නුඹ පුතෙකු බිහිකරන්නෙහිය. ඒ නුඹ ද පුතා ද ලාභයෙන් හා යසසින් අගපත් වූවෝ වන්නෙහු. නුඹගේ හිස සෝදන ජලය සියලු දඹදිව රජවරුන්ගේ අභිෂේක ජලය වන්නේය. නාන ජලය වනාහි ඔවුන්ට අමෘත ජලය වන්නේය. එම ජලය යමෙක් හිසෙහි ඉසගන්නාහු නම් ඔවුහු සියලු රෝගයන්ගෙන් මිදෙන්නාහ. කාලකණ්ණි බවෙන් ද මිදෙන්නාහ. නුඹගේ පා මත හිස තබා වඳින්නෝ දහසක් දෙන්නාහුය. වසන තැන සිට වඳින්නෝ සියයක් දෙන්නාහ. ඇස් හමුවෙහි සිට වඳින්නෝ එක එක කහවණුව දී වඳින්නාහ. අප්‍රමාද වෙව’යි ඇයට අවවාද දී ගෙයින් නික්ම මහාජනයා බලාසිටියදීම සඳමඩලට පිවිසියහ.
බ්රහ්මභත්තා සන්නිපතිත්වා දිට්ඨමඞ්ගලිකං මහන්තෙන සක්කාරෙන නගරං පවෙසෙත්වා මහන්තෙන සිරිසොභග්ගෙන තත්ථ වසාපෙසුං. දෙවවිමානසදිසඤ්චස්සා නිවෙසනං කාරෙසුං. තත්ථ නෙත්වා උළාරං ලාභසක්කාරං උපනාමෙසුං. පුත්තලාභාදි සබ්බො බොධිසත්තෙන වුත්තසදිසොව අහොසි. සොළසසහස්සා බ්රාහ්මණා දිට්ඨමඞ්ගලිකාය පුත්තෙන සහ නිබද්ධං භුඤ්ජන්ති, සහස්සමත්තා නං පරිවාරෙන්ති, අනෙකසහස්සානං දානං දීයති. අථ මහාසත්තො “අයං අට්ඨානෙ අභිප්පසන්නො, හන්දස්ස දක්ඛිණෙය්යෙ ජානාපෙස්සාමී”ති භික්ඛාය චරන්තො තස්සා ගෙහං ගන්ත්වා තෙන සද්ධිං සල්ලපිත්වා අගමාසි. අථ කුමාරො ගාථමාහ –
බ්‍රහ්ම භක්තිකයෝ රැස්ව දිට්ඨමඞ්ගලිකාව මහත් සත්කාරයෙන් නගරයට ගෙනවිත් මහත් ශ්‍රී සෞභාග්‍යයෙන් එහි වාසය කරවූහ. දෙව්විමනක් සමාන නිවාසයක් ඇයට කරවූහ. එහි ගෙන ගොස් උදාර ලාභසත්කාර එළවූහ. පුත්‍රලාභ ආදී සියල්ල බෝධිසත්ත්වයන් කී පරිද්දෙන්ම විය. සොළොස් දහසක් බ්‍රාහ්මණයෝ දිට්ඨමඞ්ගලිකාවගේ පුතා සමග නිතර අනුභව කරති. දහසක් පමණ බමුණෝ ඔහු පිරිවරති. නොයෙක් දහස් ගණන් බමුණන්ට දන් දෙනු ලැබේ. ඉක්බිති මහාසත්ත්වයෝ “මෙතෙම නොතැන්හි” පැහැදුනේය. ඔහුට දක්ෂිණාර්හයන් හඳුන්වා දෙන්නෙම් නම් යෙහෙකැ”යි භික්ෂාවේ හැසිරෙන්නාහු ඇයගේ ගෙට ගොස් ඔහු සමග කථා කොට ගියේය. ඉක්බිති කුමාරයා ගාථාවක් කීවේය.
“කුතො නු ආගච්ඡසි දුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොව; සඞ්කාරචොළං පටිමුඤ්ච කණ්ඨෙ, කො රෙ තුවං හොසි අදක්ඛිණෙය්යො”ති. (ජා· 1.15.1);
“කුතොනු ආගච්ඡසි රුම්මවාසි ඔතල්ලකො පංසුපිසාචකොව සඞ්කාරචොලං පටිමුච්ච කණ්ඨෙ කො’රෙ තුවං හොසි අදක්ඛිණෙය්යොති (ජාතක පාලි)
“අපිරිසිදු කඩමාළු හඳනා ලාමක පාංශුපිසාචයකු මෙන් කසල ගොඩින් ඇහිදගත් කඩක් ගෙල දැවටි ලාමක වූ තෝ කොහි සිට එන්නෙහිද? එම්බල දක්ෂිණාවට නොනිසි වූ තොප කවරෙක්දැ’යි
තෙන වුත්තං අනාචාරං අසහමානා දෙවතා තස්ස තෙසඤ්ච සොළසසහස්සානං බ්රාහ්මණානං මුඛං විපරිවත්තෙසුං. තං දිස්වා දිට්ඨමඞ්ගලිකා මහාසත්තං උපසඞ්කමිත්වා තමත්ථං ආරොචෙසි. බොධිසත්තො “තස්ස අනාචාරං අසහන්තෙහි යක්ඛෙහි සො විප්පකාරො කතො, අපි ච ඛො පන ඉමං උච්ඡිට්ඨපිණ්ඩකං තෙසං මුඛෙ ආසිඤ්චිත්වා තං විප්පකාරං වූපසමෙහී”ති ආහ. සාපි තථා කත්වා තං වූපසමෙසි. අථ දිට්ඨමඞ්ගලිකා පුත්තං ආහ – “තාත, ඉමස්මිං ලොකෙ දක්ඛිණෙය්යා නාම මාතඞ්ගපණ්ඩිතසදිසා භවන්ති, න ඉමෙ බ්රාහ්මණා විය ජාතිමත්තෙන, මන්තසජ්ඣායනමත්තෙන වා මානත්ථද්ධා”ති වත්වා යෙ තදා සීලාදිගුණවිසෙසයුත්තා ඣානසමාපත්තිලාභිනො චෙව පච්චෙකබුද්ධා ච, තත්ථෙවස්ස පසාදං උප්පාදෙසීති.
එහෙයින් අනාචාරය නොඉවසන්නා වූ දෙවියෝ ඔහුගේ ද ඒ සොළොස් දහසක් බ්‍රාහ්මණයන්ගේද මුහුණු පෙරලූහ. එය දැක දිට්ඨමඞ්ගලිකාව මහාසත්ත්වයන් කරා එළඹ ඒ ඒ කාරණය කීවාය. බෝධිසත්ත්වයන් වහන්සේ “ඔහුගේ අනාචාරය නොඉවසන්නා වූ දෙවියන් විසින් එම විප්‍රකාරය කරන ලදී. එසේවුවත් මේ ඉඳුල්බත් ඔවුන්ගේ මුඛයෙහි වත්කොට එම විප්‍රකාරය සංසිඳුවව’යි කීහ. ඈ ද එසේ කොට එය සංසිඳවූහ. ඉක්බිති දිට්ඨමඞ්ගලිකාව පුතාට මෙසේ කීවාය. “දරුව, මේ ලෝකයෙහි දක්ෂිණර්හයෝ නම් මාතඞ්ග පණ්ඩිත වැන්නෝ වෙති. මේ බ්‍රාහ්මණයෝ මෙන් ජාතිමාත්‍රයෙන් හෝ මන්ත්‍ර සජ්ඣායන මාත්‍රයෙන් හෝ මානයෙන් තද වූවෝ නොවෙති’යි කියා එකල්හි යම් ශීලාදිගුණ විශේෂයෙන් යුත් ධ්‍යාන සම්පත්ලාභීහු මෙන්ම පසේ බුදුවරු ද වෙත්ද? එතුමන් කෙරෙහි ඔහුගේ ප්‍රසාදය ඉපිදවීයයි කියන ලදී.
තදා වෙත්තවතීනගරෙ ජාතිමන්තො නාම එකො බ්රාහ්මණො පබ්බජිත්වාපි ජාතිං නිස්සාය මහන්තං මානමකාසි. මහාසත්තො “තස්ස මානං භින්දිස්සාමී”ති තං ඨානං ගන්ත්වා තස්සාසන්නෙ උපරිසොතෙ වාසං කප්පෙසි. තෙන වුත්තං –
එකල්හි වේත්‍රවතී නගරයෙහි ජාතිමන්ත නම් එක් බ්‍රාහ්මණයෙක් පැවිදි වී ජාතිය නිසා මහත් මානය කළේය. මහාසත්ත්වයෝ ඔහුගේ මානය බිඳින්නේමි’යි එතනට ගොස් ඊට නුදුරු තැනක උඩුගං හොයෙහි වාසය කළහ. එහෙයින්,
“අහඤ්ච බ්රාහ්මණො එකො, ගඞ්ගාකූලෙ වසාමුභො; අහං වසාමි උපරි, හෙට්ඨා වසති බ්රාහ්මණො”ති.
208. “අහඤ්ච බ්රාහ්මණො එකො ගඞ්ගාකුලෙ වසාමුභො අහං වසාමි උපරිහෙට්ඨා වසති බ්රාහ්මණො’ති
“මම ද එක් බ්‍රාහ්මණයෙක් ද යන්න අපි දෙදෙනා ගං ඉවුරෙක්හි විසුවෙමු. මම උඩු ගඟෙහි විසුවෙමි. බමුණා යටි ගඟ විසුවේය’යි වදාරණ ලදි.
අථ මහාසත්තො එකදිවසං දන්තකට්ඨං ඛාදිත්වා “ඉදං ජාතිමන්තස්ස ජටාසු ලග්ගතූ”ති අධිට්ඨාය නදියං පාතෙසි. තං තස්ස උදකං ආචමෙන්තස්ස ජටාසු ලග්ගි, සො තං දිස්වා “නස්ස වසලා”ති වත්වා “කුතොයං කාළකණ්ණී ආගතො, උපධාරෙස්සාමි න”න්ති උද්ධංසොතං ගච්ඡන්තො මහාසත්තං දිස්වා “කිංජාතිකොසී”ති පුච්ඡි. “චණ්ඩාලොස්මී”ති. “තයා නදියං දන්තකට්ඨං පාතිත”න්ති? “ආම, මයා”ති. “නස්ස, වසල, චණ්ඩාල, කාළකණ්ණි, මා ඉධ වසි, හෙට්ඨාසොතෙ වසා”ති වත්වා හෙට්ඨාසොතෙ වසන්තෙනපි පාතිතෙ දන්තකට්ඨෙ පටිසොතං ආගන්ත්වා ජටාසු ලග්ගන්තෙ “නස්ස, වසල, සචෙ ඉධ වසිස්සසි, සත්තමෙ දිවසෙ සත්තධා තෙ මුද්ධා ඵලිස්සතී”ති ආහ. තෙන වුත්තං –
ඉක්බිති මහා සත්ත්වයෝ දිනක් දැහැටි වළඳා මෙය ජාතිමත්ත තවුසාගේ ජටාවෙහි රුඳේවායි අදිටන් කොට ගඟෙහි දැමූහ. එය දිය නාන්නා වූ ඔහුගේ ජටාවන්හි රැඳුනේය. හෙතෙම එය දැක “නැසෙව වසලය”යි කියා මේ කාලකණ්ණියා කොහි සිට ආවේද? ඔහු පරීක්ෂා කරන්නෙමි’යි උඩුගං බලායන්නේ මහාසත්ත්වයන් දැක “ඔබ කවර ජාතියකට අයත් වෙහිදැයි විචාළේය. “මම චණ්ඩාලයෙක් වෙමි’යි කීහ. නුඹ ගඟට දැහැට්ටක් දැම්මෙහිද? යි. “එසේය මවිසින් දමන ලදී.” “වසල චණ්ඩාල කාලකණ්ණිය නැසෙව. මෙහි නො වසව. යටි ගඟෙහි වඩව”යි කියා යටි ගඟ වසන්නහු විසින්ද දමන ලද දැහැටි උඩු ගඟට පැමිණ ජටාවන්හි රැදුණු කල “වසලය නැසෙව, ඉදින් මෙහි වසන්නෙහි නම් සත්වෙනි දවසෙහි තගේ හිස සත්කඩකට පැලෙන්නේ යයි කීය. එහෙයින්,
“විචරන්තො අනුකූලම්හි, උද්ධං මෙ අස්සමද්දස; තත්ථ මං පරිභාසෙත්වා, අභිසපි මුද්ධඵාලන”න්ති.
209. “විචරන්තො අනුකුලම්හි උද්ධං මෙ අස්සමද්දස තත්ථ මං පරිභාසෙත්වා අභිසපි මුද්ධ ඵාලනං
210. “යදිහං තස්ස පකුප්පෙය්යං යදි සීලං න ගොපයෙ ඔලොකෙත්වානහං තස්ස කරෙය්යං ඡාරිකං වියාති. (චරියා පිටක)
“ගංතෙර ඔස්සේ හැසිරෙන්නේ උඩු ගඟෙහි මගේ අසපුව දුටුවේය. එහිදී මට බැණවැදී මගේ හිස පැළේවායි සාප කළේය.
ඉදින් මම ඔහුට කිපියෙම් නම් ඉදින් මාගේ ශීලය රක්ෂා නොකළෙම් නම් මම ඔහු දෙස බලා අළුමිටක් මෙන් විනාශ කළහැකි වූයෙමි’යි වදාරණ ලදී.
තත්ථ විචරන්තො අනුකූලම්හීති උච්ඡිට්ඨදන්තකට්ඨෙ අත්තනො ජටාසු ලග්ගෙ තස්ස ආගමනගවෙසනවසෙන ගඞ්ගාය තීරෙ අනුවිචරන්තො. උද්ධං මෙ අස්සමද්දසාති අත්තනො වසනට්ඨානතො උපරිසොතෙ මම අස්සමං පණ්ණසාලං අද්දක්ඛි. තත්ථ මං පරිභාසෙත්වාති මම අස්සමං ආගන්ත්වා ජාතිං සුත්වා තතොව පටික්කමිත්වා සවනූපචාරෙ ඨත්වා “නස්ස, වසල චණ්ඩාල, කාළකණ්ණි මා ඉධ වසී”තිආදීනි වත්වා භයෙන සන්තජ්ජෙත්වා. අභිසපි මුද්ධඵාලනන්ති “සචෙ ජීවිතුකාමොසි, එත්තොව සීඝං පලායස්සූ”ති වත්වා “සචෙ න පක්කමිස්සති, ඉතො තෙ සත්තමෙ දිවසෙ සත්තධා මුද්ධා ඵලතූ”ති මෙ අභිසපං අදාසි.
එහි “විචරන්තෙ අනුකූලම්හි” යනු ඉඳුල් කළ දැහැටි දඬු තම ජටාවන්හි රැඳුණු කල්හි එය ආ ගමන්මඟ සෙවීම් වශයෙන් ගං ඉවුරෙහි හැසිරෙන්නේ. “උදයං මෙ අස්සමද්දස” යනු තමා වසන තැනට උඩු ගඟෙහි මගේ අසපුව වූ පන්සල දිටීය. “තත්ථ මං පරිභාසිත්වා” යනු මගේ අසපුවට පැමිණ ජාතිය විමසා එතනින් ඉවත්ව ඇසෙන සීමාවේ සිට “වසල චණ්ඩාල කාලකණ්ණිය, නැසෙව, මෙහි නොවසව’යි ආදිය කියා භයින් තැති ගන්වා “අභිසපිමුද්ධඵාලනං” යනු “ඉදිනි ජීවත්වනු කැමැත්තෙහි නම් තනියම වහා පලා යවයි කියා “ඉදින් ඉවත්ව නොයන්නේ නම් මෙයින් සත්වෙනි දවසෙහි තාගේ හිස සත්කඩකට පැළේවායි මට සාපයක් දුන්නේය.
කිං පන තස්ස අභිසපෙන මුද්ධා ඵලතීති? න ඵලති, කුහකො පන සො, එවමයං මරණභයතජ්ජිතො සුදූරං පක්කමිස්සතීති සඤ්ඤාය සන්තාසනත්ථං තථා ආහ.
කිම, ඔහුගේ සාපයෙන් මුදුන පැළේ ද? නොපැළේ. හෙතෙම කුහකයෙකි. මෙසේ කිරීමෙන් මොහු මරණ භයින් බිය පත්ව ඈතට පිටත්ව යන්නේය’ යන හැඟීමෙන් බියපත් කිරීම සඳහා එසේ කීවේය.
යදිහං තස්ස පකුප්පෙය්යන්ති තස්ස මානත්ථද්ධස්ස කූටජටිලස්ස අහං යදි කුජ්ඣෙය්යං. යදි සීලං න ගොපයෙති සීලං යදි න රක්ඛෙය්‍යං, ඉදං සීලං නාම ජීවිතනිරපෙක්ඛං සම්මදෙව රක්ඛිතබ්බන්ති යදි න චින්තෙය්යන්ති අත්ථො. ඔලොකෙත්වානහං තස්ස, කරෙය්යං ඡාරිකං වියාති සචාහං තදා තස්ස අප්පතීතො අභවිස්සං . මම චිත්තාචාරං ඤත්වා මයි අභිප්පසන්නා දෙවතා ඛණෙනෙව තං භස්මමුට්ඨිං විය විද්ධංසෙය්යුන්ති අධිප්පායො. සත්ථා පන තදා අත්තනො අප්පතීතභාවෙ සති දෙවතාහි සාධෙතබ්බං තස්ස අනත්ථං අත්තනා කත්තබ්බං විය කත්වා දෙසෙසි “කරෙය්යං ඡාරිකං වියා”ති.
“යදිහං තස්ස පකුප්පෙය්යං” යනු ඒ මානයෙන් තද වූ කපටි ජටිලයාට මම ඉදින් කිපෙන්නේ නම්, “යදි සීලං න ගොපයෙ” යනු ඉදින් ශීලය නො රකින්නේ නම්, මේ ශීලය නම් ජීවිත නිරපේක්ෂව මැනවින් රැකිය යුතුයයි ඉදින් නොසිතන්නේ නම් යන අර්ථයයි. “ඔලොකෙත්වානහං තස්ස කරෙය්යං චාරිකං විය” යනු ඉදින් මම එදින ඔහුට නොසතුටු වූයේ වන්නේ නම් මා කෙරෙහි පැහැදුනු දෙවියෝ මගේ සිත්හසර දැන ක්ෂණයකින්ම ඔහු අළු මිටක් මෙන් වනසන්නෝය යන අදහසයි. ශාස්තෲන් වහන්සේ වනාහි එදා තමාගේ නොසතුටු බව ඇති කල්හි දෙවියන් විසින් සිද්ධ කටයුතු ඔහුගේ අනර්ථය තමා විසින් කළ යුත්තක් මෙන් කොට “කරෙය්යං ජාරිකං විය” යනුවෙන් දේශනා කළහ.
විතණ්ඩවාදී පනාහ – “බොධිසත්තොව තං ජටිලං ඉච්ඡමානො ඉද්ධියා ඡාරිකං කරෙය්ය, එවඤ්හි සති ඉමිස්සා පාළියා අත්ථො උජුකමෙව නීතො හොතී”ති. සො එවමස්ස වචනීයො – “ත්වං ඉද්ධියා පරූපඝාතං වදසි, ඉද්ධි නාමෙසා අධිට්ඨානා ඉද්ධි, විකුබ්බනා ඉද්ධි, මනොමයා ඉද්ධි, ඤාණවිප්ඵාරා ඉද්ධි, සමාධිවිප්ඵාරා ඉද්ධි, අරියා ඉද්ධි, කම්මවිපාකජා ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයා ඉද්ධි, තත්ථ තත්ථ සම්මාපයොගප්පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධීති දසවිධා. තත්ථ “කතරං ඉද්ධිං වදෙසී”ති? “භාවනාමය”න්ති. “කිං පන භාවනාමයාය පරූපඝාතකම්මං හොතී”ති? ආම, එකච්චෙ ආචරියා “එකවාරං හොතී”ති වදන්ති, යථා හි පරං පහරිතුකාමෙන උදකභරිතෙ ඝටෙ ඛිත්තෙ පරොපි පහරීයති, ඝටොපි භිජ්ජති, එවමෙව භාවනාමයාය ඉද්ධියා එකවාරං පරූපඝාතකම්මං හොති, තතො පට්ඨාය පන සා නස්සති.
විතණ්ඩවාදී තෙම මෙසේ කීය:- බෝධිසත්ත්වයෝම කැමැති වන්නේ නම් එම ජටිලයා තම සෘද්ධියෙන් අළු කරන්නේය. එසේ ගත් කල්හි මෙම පෙළෙහි අර්ථය ඍජුවම ගෙනහැර දන්වන ලද්දේ වෙයි යනුවෙනි. හෙතෙම මෙසේ කිවයුත්තෙක් වන්නේය:- නුඹ ඍද්ධියෙන් පරූපඝාතය (කරණ බව) කියන්නෙහිද? මේ ඍද්ධිය වනාහි අධිට්ඨාන ඉද්ධි, විකුබ්බණ ඉද්ධි, මනොමය ඉද්ධි, ඤාණ විප්ඵාර ඉද්ධි, සමාධි විප්ඵාර ඉද්ධි, අරිය ඉද්ධි, කම්මවිපාකජ ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමය ඉද්ධි, ඒ ඒ තැන යහපත් ප්‍රයෝග හේතුවෙන් සමෘද්ධ වීමේ අර්ථයෙන් ඉද්ධි නම් වූ ඉද්ධිය යයි දශවිධ වේ. එහි කවර නම් ඍද්ධියක් කියන්නෙහිද? භාවනාමය ඍද්ධියයි කියන්නේය. කිම භාවනාමය සෘද්ධියෙන් පරූපඝාත කර්මය වෙයිද? එසේය. සමහර ආචාර්ය්යවරු එක්වරක් පරූපඝාත කර්මය වේ යයි කියති. යම්සේ අනුන්ට පහරදෙනු කැමැත්තා විසින් ජලය පිරුණු කළයක් දමා ගැසූ විට අනෙකා ද පහර ලබයි. කළයද බිඳේ. මෙසේ භාවනාමය සෘද්ධියෙන් එක්වරක් පරූපඝාතක කර්මය වෙයි. එතැන් පටන් වනාහි එම ඍද්ධිය නැසේ.
අථ සො “භාවනාමයාය ඉද්ධියා නෙව එකවාරං න ද්වෙවාරං පරූපඝාතකම්මං හොතී”ති වත්වා පුච්ඡිතබ්බො “කිං භාවනාමයා ඉද්ධි කුසලා අකුසලා අබ්යාකතා, සුඛාය වෙදනාය සම්පයුත්තා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා, සවිතක්කසවිචාරා අවිතක්කවිචාරමත්තා අවිතක්කඅවිචාරා, කාමාවචරා රූපාවචරා අරූපාවචරා”ති? ජානන්තො “භාවනාමයා ඉද්ධි කුසලා අබ්යාකතා වා අදුක්ඛමසුඛවෙදනියා අවිතක්කඅවිචාරා රූපාවචරා චා”ති වක්ඛති. සො වත්තබ්බො “පාණාතිපාතචෙතනා කුසලාදීසු කතරං කොට්ඨාසං භජතී”ති? ජානන්තො වක්ඛති “පාණාතිපාතචෙතනා අකුසලාව දුක්ඛවෙදනාව සවිතක්කසවිචාරාව කාමාවචරාවා”ති. එවං සන්තෙ “තව පඤ්හො නෙව කුසලත්තිකෙන සමෙති, න වෙදනාත්තිකෙන න විතක්කත්තිකෙන න භූමන්තරෙනා”ති පාළියා විරොධං දස්සෙත්වා සඤ්ඤාපෙතබ්බො.
ඉක්බිති හෙතෙම භාවනාමය ඍද්ධියෙන් එක්වරකුදු දෙවරකුදු පරූපඝාත කර්මය නොවේදැයි කියා විමසිය යුතුය. “කිම භාවනාමය සෘද්ධිය කුශලද? අකුශලද? අව්යාකතද? සැප වේදනාවෙන් යුක්තද? දුක් වේදනාවෙන් යුක්තද? අදුක්ඛමසුඛ වේදනාවෙන් යුක්තද? සවිතක්ක සවිචාරද? අවිතක්කවිචාරමාත්රද? අවිතක්ක අවිචාරද? කාමාවචරද? රූපාවචරද? අරූපාවචරදැයි විමසිය යුතුය. ඔහු දන්නේ නම්:- භාවනාමය ඍද්ධිය කුශල හෝ අව්යාකතය, අදුක්ඛමසුඛ වෙදනා යුක්තය, අවිතක්ක අවිචාරය, රූපාවචරයයි කියයි. ඔහුට මෙසේ කිවයුතුය. පාණාතිපාත චේතනාව කුසලාදිය අතුරෙන් කවර කොටසක් ඇසුරු කරයිද? දන්නා වූ හෙතෙම “පාණාතිපාත චේතනාව අකුශලමය, දුක්ඛවේදනාමය, සවිතක්ක සවිචාරමය, කාමාවචර යයි කියයි. එසේ ඇති කල්හි නුඹගේ ප්රශ්නය කුසලත්තිකය හා සමනොවෙයි. වේදනාත්තිකය හා සම නොවෙයි. විතක්කත්තිකය හා සමනොවෙයි. භූම්මන්තරය හාද සම නොවේයයි පෙළට විරුද්ධ බව දක්වා හැඟවිය යුතුයි.
යදි පන සො “පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො අඤ්ඤිස්සා කුච්ඡිගතං ගබ්භං පාපකෙන මනසානුපෙක්ඛිතා හොති ‘අහො වත යං තං කුච්ඡිගතං ගබ්භං න සොත්ථිනා අභිනික්ඛමෙය්යා’ති. එවම්පි, භික්ඛවෙ, කුලුම්පස්ස උපඝාතො හොතී”ති සඞ්ගීතිං අනාරුළ්හං කුලුම්පසුත්තං උදාහරෙය්ය. තස්සාපි “ත්වං අත්ථං න ජානාසි. ඉද්ධිමා චෙතොවසිප්පත්තොති හි එත්ථ න භාවනාමයා ඉද්ධි අධිප්පෙතා, ආථබ්බනිකා ඉද්ධි අධිප්පෙතා. සා හි එත්ථ ලබ්භමානා ලබ්භතීති භාවනාමයාය ඉද්ධියා පරූපඝාතො න සම්භවතියෙවා”ති සඤ්ඤාපෙතබ්බො. නො චෙ සඤ්ඤත්තිං උපෙති, කම්මං කත්වා උය්‍යොජෙතබ්බො. තස්මා යථාවුත්තනයෙනෙවෙත්ථ ගාථාය අත්ථො වෙදිතබ්බො.
ඉදින් ඔහු “පුනච පරං භික්ඛවෙ! ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පත්තො අඤ්ඤිස්සා කුච්ජිගතං ගබ්හං පාපකෙනමනසානුපෙක්ඛිතා හොති “අහොවත යන්තං කුච්ජිගතං ගබ්හං න සොත්ථිනා අභිනික්ඛමෙය්යාති එවම්පි කුසලස්ස උපඝාතො හොතී’ති” (මහණෙනි, නැවත මෙහි කිසියම් සෘද්ධිමත් චෙතොවශීප්‍රාප්ත ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කිසියම් ස්ත්‍රියකගේ කුසෙහි වූ ගැබ “අහෝ ඒකාන්තයෙන් යම් ඒ කුසගත ගැබක් වේද එය යහපත් ලෙස නොනික්මෙන්නේ නම් යයි පවිටු මනසින් විමසා බලන ලද්දේ වේද මහණෙනි, මෙසේද කුශලයාගේ උපඝාතය වෙයි) යි සංගීතයට නොනගන ලද කුලුම්ප සූත්‍රය ගෙන හැර දක්වන්නේය. “නුඹ එහිද අර්ථය නො දන්නෙහිය. ඉද්ධිමා චෙතො වසිප්පත්තො” යන මෙහි “භාවනාමය ඍද්ධිය” අදහස් නොකරන ලදී. ආථඛ්ඛණිකා “සෘද්ධිය” අදහස් කරන ලදී. ඒ ඍද්ධියම ලබන්නේ මෙහි ලබයි. භාවනාමය සෘද්ධියෙන් පරූපඝාතය සිද්ධ නොවන්නේම යයි හැඟවිය යුතුය. ඉදින් අවබෝධයට නොඑළඹේනම් ක්‍රියාවන් කොට උනන්දු කළ යුතුය. පිටත්කර යැවිය යුතුයි. එබැවින් කියන ලද අයුරින්ම මෙහි ගාථාවෙහි අර්ථය දත යුතුය.
තථා පන තෙන අභිසපිතො මහාසත්තො “සචාහං එතස්ස කුජ්ඣිස්සාමි, සීලං මෙ අරක්ඛිතං භවිස්සති, උපායෙනෙවස්ස මානං භින්දිස්සාමි, සා චස්ස රක්ඛා භවිස්සතී”ති සත්තමෙ දිවසෙ සූරියුග්ගමනං වාරෙසි. මනුස්සා සූරියස්ස අනුග්ගමනෙන උබ්බාළ්හා ජාතිමන්තතාපසං උපසඞ්කමිත්වා “භන්තෙ, තුම්හෙ සූරියස්ස උග්ගන්තුං න දෙථා”ති පුච්ඡිංසු. සො “න මෙතං කම්මං, ගඞ්ගාතීරෙ පන එකො චණ්ඩාලතාපසො වසති, තස්සෙතං කම්මං සියා”ති ආහ . මනුස්සා මහාසත්තං උපසඞ්කමිත්වා “භන්තෙ, තුම්හෙ සූරියස්ස උග්ගන්තුං න දෙථා”ති පුච්ඡිංසු. “ආමාවුසො”ති. “කිංකාරණා”ති? “තුම්හාකං කුලූපකතාපසො මං නිරපරාධං අභිසපි, තස්මිං ආගන්ත්වා ඛමාපනත්ථං මම පාදෙසු පතිතෙ සූරියං විස්සජ්ජෙස්සාමී”ති. තෙ ගන්ත්වා තං ආකඩ්ඪන්තා ආනෙත්වා මහාසත්තස්ස පාදමූලෙ නිපජ්ජාපෙත්වා ඛමාපෙත්වා “සූරියං විස්සජ්ජෙථ, භන්තෙ”ති ආහංසු. “න සක්කා විස්සජ්ජෙතුං, සචාහං විස්සජ්ජෙස්සාමි, ඉමස්ස සත්තධා මුද්ධා ඵලිස්සතී”ති. “අථ, භන්තෙ, කිං කරොමා”ති. මහාසත්තො “මත්තිකාපිණ්ඩං ආහරථා”ති ආහරාපෙත්වා “ඉමං තාපසස්ස සීසෙ ඨපෙත්වා තාපසං ඔතාරෙත්වා උදකෙ ඨපෙථ, යදා සූරියො දිස්සති, තදා තාපසො උදකෙ නිමුජ්ජතූ”ති වත්වා සූරියං විස්සජ්ජෙසි. සූරියරස්මීහි ඵුට්ඨමත්තෙව මත්තිකාපිණ්ඩො සත්තධා භිජ්ජි. තාපසො උදකෙ නිමුජ්ජි. තෙන වුත්තං –
එසේ ඔහු විසින් සාප කළ මහාසත්ත්වයෝ ඉදින් මම මොහුට කිපෙන්නෙම් නම් මාගේ ශීලය නොරැක්කේ වන්නේය. එබැවින් උපායෙන්ම මොවුන්ගේ මානය බිඳින්නෙමි. එයම මොහුට රැකවලක් වන්නේය’යි සත්වෙනි දවසෙහි හිරු නැගීම වැළැක්වූහ. මිනිස්සු හිරු නොනැගීමෙන් පීඩාවට පත්ව ජාතිමන්ත තාපසයා වෙත එළඹ “ස්වාමීනි, නුඹවහන්සේ හිරු උදා වීමට නොදෙන්නෙහුදැයි විමසූහ. හෙතෙම මෙය මාගේ ක්‍රියාවක් නොවේ. ගංතෙර වනාහි එක් සැඬොල් තවුසෙක් වසයි. මෙය ඔහුගේ ක්‍රියාවක් වන්නේ යයි කීය. මිනිස්සු මහාසත්ත්වයන් වෙත එළඹ “ස්වාමීනි! නුඹ වහන්සේ හිරු උදාවීමට නො දෙන්නෙහුදැයි විමසූහ. “ඇවැත්නි එසේය.” “කුමන කරුණක් නිසාද? තොපගේ කුලුපග තාපසයා නිවැරදි මට සාප කළේය. ඔහු පැමිණ කමාකර ගැනීම පිණිස මා පා පිට වැටුණු කල්හි හිරු මුදාහරින්නෙමි’යි කීහ. ඔවුහු ගොස් ඒ තවුසා ඇද ගෙනවිත් මහාසත්ත්වයන්ගේ පා මුල වැදහොවා කමා කරවා “ස්වාමීනි හිරු මුදාහරිනු මැනවැ”යි කීහ. “මුදාහැරීමට නොහැකිය. ඉදින් මම මුදාහරින්නෙම් නම් මොහුගේ හිස හත්කඩකට පැළෙන්නේ යයි කීහ. එසේනම් “ස්වාමීනි. කුමක් කරමුද” මහාසත්ත්වයෝ මැටි පිඬක් ගෙනෙව් යයි ගෙන්වාගෙන මෙය තාපසයාගේ හිසෙහි තබා තාපසයා ජලයෙහි බහා තබව්. යම් විටෙක හිරු පෙනේද එවිට තාපසයා ජලයෙහි ගිලේවා’යි කියා හිරු මුදාහළේය. හිරු රැස් පහළ වූ විගසම මැටි පිඩ සත්කඩකට පැළී ගියේය. තවුසා දියෙහි ගිලුනේය. එහෙයින්,
“යං සො තදා මං අභිසපි, කුපිතො දුට්ඨමානසො; තස්සෙව මත්ථකෙ නිපති, යොගෙන තං පමොචයි”න්ති.
211 “යං සො තදා මං අභිසපි කුපිතො දුට්ඨමානසො තස්සෙ ව මත්ථකෙ නිපති යොගෙන තං පමොචයින්ති
“කිපියා වූ දුෂ්ට සිත් ඇති හෙතෙම එකල්හි මට යම් සාපයක් කළේද, (ඒ සාපය) ඔහුගේම හිසට වැටුණේය. උපායෙන් මම ඔහු (ඒ සාපයෙන්) මිදුවෙමි” වදාරණ ලදී.
තත්ථ යං සො තදා මං අභිසපීති සො ජාතිමන්තජටිලො යං මුද්ධඵාලනං සන්ධාය තදා මං අභිසපි, මය්හං සපං අදාසි. තස්සෙව මත්ථකෙ නිපතීති තං මය්හං උපරි තෙන ඉච්ඡිතං තස්සෙව පන උපරි නිපති නිපතනභාවෙන අට්ඨාසි. එවඤ්හෙතං හොති යථා තං අප්පදුට්ඨස්ස පදුස්සතො. වුත්තඤ්හෙතං භගවතා –
එහි “යං සො තදා මං අභිසපි” යනු ඒ ජාතිමත්ත ජටිලයා යම් හිස පැළීම සඳහා එදින මට සාප කළේද මට සාපයක් දුන්නේද, “තස්සෙව මත්ථකෙ නිපති” යනු ඔහු විසින් මා මත කැමති වූ ඒ සාපය ඔහුගේ මතම වැටෙයි, වැටෙන තත්ත්වයෙන් සිටියේය. අදූෂිත තැනැත්තා වෙත ද්වේෂ කරන තැනැත්තාට, සිදුවිය යුතු පරිද්දෙන්ම එය සිදුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින්,
“යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති…පෙ… පටිවාතංව ඛිත්තො”ති (ධ· ප· 125; සු· නි· 667; ජා· 1.5.94).
“යමෙක් දොසක් නැත්තා වූ පිරිසිදු වූ නිකෙලෙස් වූ මිනිසෙකුට වරද කරන්නේද ඒ පව උඩු සුළඟට දැමූ සියුම් වූ දූවිල්ලක් ආපසු එන්නාක් මෙන් ඒ අනුවණයා කරාම පැමිණෙන්නේ ය’යි මෙය වදාරණ ලදී.
යොගෙන තං පමොචයින්ති තං තස්ස භාසිතං මත්ථකඵාලනං උපායෙන තතො පමොචෙසිං, තං වා ජටිලං තතො පමොචෙසිං, යෙන උපායෙන තං න හොති, තථා අකාසින්ති අත්ථො.
“යොගෙන තං පමොචයිං” යනු ඔහු විසින් කියන ලද ඒ මුදුන පැළීමක් වේද උපායකින් එයින් මිදුවෙමි. නැතහොත් ඒ ජටිලයා එයින් මිදවීමි. යම් උපායකින් එය එසේ නොවෙයිද එසේ කෙළෙමි යන අර්ථයයි.
යඤ්හි තෙන පාරමිතාපරිභාවනසමිද්ධාහි නානාසමාපත්තිවිහාරපරිපූරිතාහි සීලදිට්ඨිසම්පදාහි සුසඞ්ඛතසන්තානෙ මහාකරුණාධිවාසෙ මහාසත්තෙ අරියූපවාදකම්මං අභිසපසඞ්ඛාතං ඵරුසවචනං පයුත්තං, තං මහාසත්තස්ස ඛෙත්තවිසෙසභාවතො තස්ස ච අජ්ඣාසයඵරුසතාය දිට්ඨධම්මවෙදනීයං හුත්වා සචෙ සො මහාසත්තං න ඛමාපෙසි, සත්තමෙ දිවසෙ විපච්චනසභාවං ජාතං, ඛමාපිතෙ පන මහාසත්තෙ පයොගසම්පත්තිපටිබාහිතත්තා අවිපාකධම්මතං ආපජ්ජි අහොසිකම්මභාවතො. අයඤ්හි අරියූපවාදපාපස්ස දිට්ඨධම්මවෙදනීයස්ස ච ධම්මතා. තත්ථ යං සත්තමෙ දිවසෙ බොධිසත්තෙන සූරියුග්ගමනනිවාරණං කතං, අයමෙත්ථ යොගොති අධිප්පෙතො උපායො. තෙන හි උබ්බාළ්හා මනුස්සා බොධිසත්තස්ස සන්තිකෙ තාපසං ආනෙත්වා ඛමාපෙසුං. සොපි ච මහාසත්තස්ස ගුණෙ ජානිත්වා තස්මිං චිත්තං පසාදෙසීති වෙදිතබ්බං. යං පනස්ස මත්ථකෙ මත්තිකාපිණ්ඩස්ස ඨපනං, තස්ස ච සත්තධා ඵාලනං කතං, තං මනුස්සානං චිත්තානුරක්ඛණත්ථං, අඤ්ඤථා හි ඉමෙ පබ්බජිතාපි සමානා චිත්තස්ස වසෙ වත්තන්ති, න පන චිත්තං අත්තනො වසෙ වත්තාපෙන්තීති මහාසත්තම්පි තෙන සදිසං කත්වා ගණ්හෙය්යුං. තදස්ස නෙසං දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
පාරමිතා පරිභාවනයෙන් සමෘද්ධ වූ නොයෙක් සමාපත්ති විහරණයෙන් පරිපූර්ණ වූ ශීලදෘෂ්ටි සම්පදාවෙන් මැනවින් සකස් වූ සිත් සතන් ඇති මහා කරුණාධිවාස වූ මහාසත්ත්වයන් කෙරෙහි පරුෂ වචනයන් හා එක්ව ගිය සාප කිරීම යයි කියූ යම් ආර්‍ය්‍ය උපවාද කර්මයක් ඇත්ද එය බෝධිසත්ත්වයන්ගේ ක්ෂේත්රයට අවිශේෂ බැවින් ද ඔවුන්ගේ අදහස පරුෂ බැවින් ද දිට්ඨධම්මවේදනීය කර්මයක්ව “ඉදින් ඔහු මහාසත්ත්වයන් කමා නොකෙළේ නම් සත්වෙනි දවසෙහි විපාක දෙන බවට පැමිණියේය. මහාසත්ත්වයන් කමාකර ගත්කල්හි ප්‍රයෝග සම්පත්තියෙන් වළක්වාගත් බැවින් විපාක නොදෙන ස්වභාවයට පත්විය. “අහොසි කර්ම බැවිනි. මෙය වනාහි ආර්‍ය්‍ය උපවාද පාපයේත් දිට්ඨධම්මවේදනීය කර්මයේත් ස්වභාවයයි. එහි සත්වෙනි දවසෙහි බෝධිසත්ත්වයන් වහන්සේ හිරු උදාවීම වැළැක්වීම වූ යමක් කරන ලද්දේ ද එය මෙහි අදහස් කළ උපාය යෝගයයි. එයින් කරදරයට පත් මිනිස්සු බෝධිසත්ත්වයන් සමීපයට තාපසයා ගෙනවිත් කමා කරවූහ. ඒ තාපසයා ද බෝධිසත්ත්වයන්ගේ ගුණයන් දැන එතුමන් කෙරෙහි සිත පැහැදවීයයි දතයුතුය. මොහුගේ හිසමත මැටිපිඬ තැබීමත් එය සත් කඩකට පැළීමත් වශයෙන් යමක් කරන ලද්දේ ද එය මිනිසුන්ගේ සිත් රක්නා පිණිසය. අනෙක් අතට මොවුහු පැවිද්දෝ වීත් සිත් වසඟයෙහි පවත්වා නොගනිති’යි මහාසත්ත්වයන් ද ඔහුට සමාන කොට ගන්නාහුය. එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය’යි සිතාය.
ඉදානි යදත්ථං තදා තස්මිං තාපසෙ චිත්තං අදූසෙත්වා සුපරිසුද්ධං සීලමෙව රක්ඛිතං, තං දස්සෙතුං “අනුරක්ඛිං මම සීල”න්ති ඔසානගාථමාහ.
දැන් යමක් සඳහා එදින ඒ තාපසයා කෙරෙහි සිත දූෂණය නොකොට සුපිරිසිදු ශීලයම රක්ෂා කළ සේක්ද එය දැක්වීමට “අනුරක්ඛිං මම සීලං” යන අවසාන ගාථාව වදාළහ.
212 “අනුරක්ඛිං මම සීලං නාරක්ඛිං මම ජීවිතං සීලවාහි තදා ආසිං බොධියායෙව කාරණාති” (චරියා පිටක)
“මාගේ ශීලය රක්ෂා කෙළෙමි. මාගේ ජීවිතය රක්ෂා නොකෙළෙමි. එකල්හි සර්වඥතා ඥානය පිණිසම සිල්වත් වීමි”
තං හෙට්ඨා වුත්තත්ථමෙව.
එම ගාථාව යට (රුරු මිග රාජ චරිතයෙහි) කියන ලද අර්ථ ඇත්තේය.
තදා මණ්ඩබ්යො උදෙනො, මාතඞ්ගො ලොකනාථො.
එදා මණ්ඩඛව්ය තාපසයා නම් උදේන රජුය. මාතඞ්ග පණ්ඩිතයෝ වනාහි ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
ඉධාපි සෙසපාරමියො නිද්ධාරෙතබ්බා. තථා නිහීනජාතිකස්ස සතො යථාධිප්පායං දිට්ඨමඞ්ගලිකාය මානනිග්ගහො, පබ්බජිත්වා “දිට්ඨමඞ්ගලිකාය අවස්සයො භවිස්සාමී”ති උප්පන්නචිත්තො අරඤ්ඤං ගන්ත්වා පබ්බජිත්වා සත්තදිවසබ්භන්තරෙයෙව යථාධිප්පායං ඣානාභිඤ්ඤානිබ්බත්තනං, තතො ආගන්ත්වා දිට්ඨමඞ්ගලිකාය ලාභග්ගයසග්ගප්පත්තියා උපායසම්පාදනං, මණ්ඩබ්යකුමාරස්ස මානනිග්ගහො, ජාතිමන්තතාපසස්ස මානනිග්ගහො, තස්ස ච අජානන්තස්සෙව භාවිනො ජීවිතන්තරායස්ස අපනයනං, මහාපරාධස්සාපි තස්ස අකුජ්ඣිත්වා අත්තනො සීලානුරක්ඛණං, අච්ඡරියබ්භුතපාටිහාරියකරණන්ති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා විභාවෙතබ්බා.
මෙහිද සෙසු පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. එසේම හීන ජාතිකයෙක් වීත් අදහස් කළ පරිදි දිට්ඨමඞ්ගලිකාගේ මාන නිග්‍රහයද, පැවිදි වී දිට්ඨමඞ්ගලිකාවට පිහිට වන්නෙමි’යි උපන් සිත් ඇත්තේ වනයට ගොස් පැවිදිව සත් දිනක් ඇතුළතදීම අදහස් කළ පරිදි ධ්‍යාන අභිඥා ඉපිදවීමත්, එතනින් පැමිණ දිට්ඨමඞ්ගලිකාවට ලාභයෙන් හා යසසින් අගපත් වීමට උපාය යෙදීමත්, මණ්ඩව්‍ය කුමාරයාගේ මාන නිග්‍රහයත්, ජාතිමත්ත තාපසයාගේ මාන නිග්‍රහයත් ජීවිතාන්තරය නොදන්නාවූම ඔහුගේ දිවි ගැලවීමත්, මහත් අපරාධයක් කළ නමුත් ඔහුට නොකිපී තමාගේ ශීලය රැකීමත්, ආශ්චර්‍ය්‍යය අත්භූත ප්‍රාතිහාර්‍ය්‍ය කරණයත් යන මේ ආදී මහාසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.
මාතඞ්ගචරියාවණ්ණනා නිට්ඨිතා.
සත්වෙනි මාතඞ්ග පණ්ඩිත චරිතයයි.