යෙදුමෙන් කියවන්න

6. රුරුමිගරාජචරියාවණ‍්ණනා අට‍්ඨකථා

6. රුරුමිගරාජචරියාවණ‍්ණනා

6. රුරුමිගරාජ චරියා වර්ණනාව

“පුනාපරං යදාහොමි සුතන්තකනක සන්තිභො මිග රාජා රූරු නාම පරම සීලසමාහිතොති” (චරියා පිටක)

“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම මනාව රත්කරන ලද රත්රන් පැහැ ඇති විසුද්ධ ශීලයෙන් හා සංසුන් සිතින් යුක්ත වූ රූරු නම් වූ මුවරජෙක් වීම් ද’යි

ඡට‍්ඨෙ සුතත‍්තකනකසන‍්නිභොති යථා සුට‍්ඨු අපගතසබ‍්බකාළකො හොති, එවං අග‍්ගිම‍්හි පක‍්ඛිපිත්‍වා සුතත‍්තකනකසන‍්නිභො. මිගරාජා රුරු නාමාති ජාතිසිද‍්ධෙන නාමෙන රුරු නාම මිගරාජා, ජාතිතො රුරු, මිගානඤ‍්ච රාජාති අත්‍ථො. පරමසීලසමාහිතොති උත‍්තමසීලසමාහිතො, විසුද‍්ධසීලො චෙව සමාහිතචිත‍්තො ච, විසුද‍්ධසීලෙ වා සම‍්මා ආහිතචිත‍්තොති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

සයවෙනි (රූරු (මිග) රාජ චරිතයෙහි) “සුතත්ත කනක සන්තිභො” යනු යම්සේ මැනවින් ඉවත් වූ සියලු කළුලප වෙයිද මෙසේ ගින්නෙහි දමා මනාව රත් කරන ලද රත්රන් සමාන, “මිගරාජා රූරු නාම” යනු ජාතියෙන් ලැබුණු නම් වශයෙන් රූරු නම්වූ මුවරජ, ජාතියෙන් රූරුය. මුවන්ගේ ද රජයි යන අර්‍ථයි. “පරමසීලසමාහිතො” යනු උත්තම සීල සමාහිත, පිරිසිදු සිල් ඇත්තේ මෙන්ම සන්සුන් සිත් ඇත්තේ ද, නැතහොත් පිරිසිදු ශීලයෙහි මැනවින් පිහිට වූ සිත් ඇත්තේ යයි මෙසේ මෙහි අර්‍ථය දතයුතුය.

තදා බොධිසත‍්තො රුරුමිගයොනියං නිබ‍්බත‍්ති. තස‍්ස සරීරච‍්ඡවි සුට‍්ඨු තාපෙත්‍වා මජ‍්ජිතකඤ‍්චනපට‍්ටවණ‍්ණො අහොසි, හත්‍ථපාදා ලාඛාරසපරිකම‍්මකතා විය, නඞ‍්ගුට‍්ඨං චමරීනඞ‍්ගුට‍්ඨං විය, සිඞ‍්ගානි රජතදාමවණ‍්ණානි අක‍්ඛීනි සුමජ‍්ජිතමණිගුළිකා විය, මුඛං ඔදහිත්‍වා ඨපිතරත‍්තකම‍්බලගෙණ‍්ඩුකා විය. සො ජනසංසග‍්ගං පහාය විවෙකවාසං වසිතුකාමො පරිවාරං ඡඩ‍්ඩෙත්‍වා එකකොව ගඞ‍්ගානිවත‍්තනෙ රමණීයෙ සාලමිස‍්සකෙ සුපුප‍්ඵිතපවනෙ වසති. තෙන වුත‍්තං –

එකල්හි බෝධිසත්ත්‍වයෝ රූරු මුව යෝනියෙහි උපන්හ. ඔහුගේ සිරුරෙහි පැහැය, මැනවින් තවා මදින ලද රන්පටක පැහැ බඳු විය. අත් පා ලාකඩ රසයෙන් පිරිකම් කළාක් බඳුය. වල්ගය සෙමර මුවෙකුගේ වල්ගයක් බඳුය. අං රිදී දමක් වැනිය. ඇස් මනාකොට මදින ලද මැණික් ගුළි දෙකක් වැනිය. මුඛය එල්ලා තබන ලද රත් පලස් පන්දුවක් වැනිය. හෙතෙම ජන සංසර්‍ගය අත්හැර විවේක වාසයෙන් වසනු කැමතිව පිරිවර හැරපියා ගඞ්ගා නැවැත්මක සල් ගසින් මුසු වූ සිත්කළු සුපිපි මල් ඇති වනයක හුදකලාව වසයි. එහෙයින්,

“රම‍්මෙ පදෙසෙ රමණීයෙ, විවිත‍්තෙ අමනුස‍්සකෙ; තත්‍ථ වාසං උපගඤ‍්ඡිං, ගඞ‍්ගාකූලෙ මනොරමෙ”ති.

196. “රම්මෙ පදෙසෙ රමණීයෙ විවිත්තෙ අමනුස්සකෙ තත්‍ථ වාසං උගඤ්ජිං ගඞ්ගාකුලෙ මනොරමෙති

“සිත්කළු වූ, රමණීය වූ, ජනශුන්‍ය වූ මිනිසුන්ගේ හැසිරීමක් නැත්තා වූ ප්‍රදේශයෙහි සිත් අලවන්නා වූ ගං ඉවුරෙහි විසීමට පැමිණියෙමි”යි වදාරණ ලදි.

තත්‍ථ රම‍්මෙ පදෙසෙති මුත‍්තාතලසදිසවාලුකාචුණ‍්ණපණ‍්ඩරෙහි භූමිභාගෙහි සිනිද‍්ධහරිතතිණසඤ‍්චරිතෙහි වනත්‍ථලෙහි චිත‍්තත්‍ථරණෙහි විය නානාවණ‍්ණවිචිත‍්තෙහි සිලාතලෙහි මණික‍්ඛන්‍ධනිම‍්මලසලිලෙහි ජලාසයෙහි ච සමන‍්නාගතත‍්තා යෙභුය්‍යෙන ච ඉන්‍දගොපකවණ‍්ණාය රත‍්තාය සුඛසම‍්ඵස‍්සාය තිණජාතියා සඤ‍්ඡන‍්නත‍්තා රම‍්මෙ අරඤ‍්ඤප‍්පදෙසෙ. රම‍්මණීයෙති පුප‍්ඵඵලපල‍්ලවාලඞ‍්කතවිපුලසාඛාවිනද‍්ධෙහි නානාවිධදිජගණූපකූජිතෙහි විවිධතරුලතාවනවිරාජිතෙහි යෙභුය්‍යෙන අම‍්බසාලවනසණ‍්ඩමණ‍්ඩිතෙහි වනගහනෙහි උපසොභිතත‍්තා තත්‍ථ පවිට‍්ඨස‍්ස ජනස‍්ස රතිජනනට‍්ඨෙන රමණීයෙ. වුත‍්තම‍්පි චෙතං රුරුමිගරාජජාතකෙ –

එහි “රම්මෙ පදෙසෙ” යනු මුතු වැනි වාලුකා සමූහයෙන් සුදු පැහැගත් භූමි භාගයෙන් ද, සිනිදු කොළ පැහැ තණ ඇතුරු වන තලයෙන් ද, විසිතුරු ඇතිරිලි ඇතුරුවාක් බඳු නොයෙක් අයුරින් විසිතුරු වූ ගල්තලාවන්ගෙන් ද මැණික් කඳක් මෙන් නිර්‍මල වූ ජලය සහිත ජලාශයන්ගෙන් ද සමන්විත වූ හෙයින් ද බොහෝසෙයින් ඉදුගොව් පැහැයෙන් වර්‍ණවත් වූ සුඛ ස්පර්‍ශ ඇති තෘණ ජාතියෙන් ගැවසීගත් හෙයින්ද මනහර වූ වන පෙදෙසක. “රමණීයෙ” යනු මල් ගෙඩිදලුවලින් අලංකාර වූද පැතුරුණු අතුවලින් වෙළුනා වූද නානාප්‍රකාර පක්‍ෂි සමූහයා විසින් නාද කරන්නා වූද නොයෙක් ගස්වැල් වනයන්ගෙන් හොබනා වූද බොහෝසෙයින් අඹ සල් රුක් සමූහයෙන් අලංකාර වූ ද වන ගහනයෙන් යුක්ත වූ හෙයින් ද එහි පිවිසි ජනයාට ඇල්ම ජනිත කිරීම් වශයෙන් රමණීය වූ මෙය රූරු ජාතකයෙහි වදාරණ ලද්දේමය.

“එතස‍්මිං වනසණ‍්ඩස‍්මිං, අම‍්බා සාලා ච පුප‍්ඵිතා; ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නො, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති. (ජා· 1.13.119);

“මේ වන ලැහැබෙහි පිපුණු අඹගස් ද සල්ගස් ද ඇත. රතිඳුගොව් පැහැඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී” (ජාතක පාලිය)

විවිත‍්තෙති ජනවාසවිරහෙන සුඤ‍්ඤෙ. අමනුස‍්සකෙති සඤ‍්චරණමනුස‍්සානම‍්පි තත්‍ථ අභාවෙන මනුස‍්සරහිතෙ . මනොරමෙති යථාවුත‍්තගුණසම‍්පත‍්තියා විසෙසතො පවිවෙකකාමානං මනො රමෙතීති මනොරමෙ.

“විවිත්තෙ” යනු ජනවාසයෙන් තොරබැවින් ශුන්‍ය වූ “අමනුස්සකෙ” යනු එහි හැසිරෙන මිනිසුන් ද නොමැති බැවින් මිනිසුන් රහිත. “මනොරමෙ” යනු ඉහතින් සඳහන් කළ ගුණ සම්පත් නිසාත් විශේෂයෙන් විවේකය කැමති අයගේ සිත් ඇලේනුයි “මනොරමෙ”යි.

අථ උපරිගඞ‍්ගායාති එත්‍ථ අථාති අධිකාරෙ නිපාතො, තෙන මයි තත්‍ථ තථා වසන‍්තෙ ඉදං අධිකාරන‍්තරං උප‍්පන‍්නන‍්ති දීපෙති. උපරිගඞ‍්ගායාති ගඞ‍්ගාය නදියා උපරිසොතෙ. ධනිකෙහි පරිපීළිතොති ඉණං ගහෙත්‍වා තං දාතුං අසක‍්කොන‍්තො ඉණායිකෙහි චොදියමානො.

“අථ උපරිගඞ්ගාය” යන මෙහි “අථ” යනු අධිකාරාර්ථයෙහි නිපාතයකි. එයින් මා එහි එසේ වසන කල්හි මෙම අතුරු කාර්‍ය්‍යය ඇති වී යයි පැවසේ. “උපරිගඞ්ගාය” යනු ගඞ්ගා නදියෙහි උඩ ප්‍රදේශයෙහි “ධනිකෙහි පරිපීළිතො” යනු ණය ගෙන එය ආපසු දීමට නොහැකි වන්නේ ණය හිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ,

එකො කිර බාරාණසිසෙට‍්ඨි අත‍්තනො පුත‍්තං “අයං සිප‍්පං උග‍්ගණ‍්හන‍්තො කිලමිස‍්සතී”ති කිඤ‍්චි සිප‍්පං න උග‍්ගණ‍්හාපෙසි. ගීතවාදිතනච‍්චඛාදනභොජනතො උද‍්ධං න කිඤ‍්චි අඤ‍්ඤාසි. තං වයප‍්පත‍්තං පතිරූපෙන දාරෙන සංයොජෙත්‍වා ධනං නිය්‍යාතෙත්‍වා මාතාපිතරො කාලමකංසු. සො තෙසං අච‍්චයෙන ඉත්‍ථිධුත‍්තසුරාධුත‍්තාදිපරිවුතො නානාබ්‍යසනමුඛෙහි සබ‍්බං ධනං විද‍්ධංසෙත්‍වා තත්‍ථ තත්‍ථ ඉණං ආදාය තම‍්පි දාතුං අසක‍්කොන‍්තො ධනිකෙහි චොදියමානො “කිං මය‍්හං ජීවිතෙන, තෙනෙවම‍්හි අත‍්තභාවෙන අඤ‍්ඤො විය ජාතො, මරණං මෙ සෙය්‍යො”ති චින‍්තෙත්‍වා ඉණායිකෙ ආහ – “තුම‍්හාකං ඉණපණ‍්ණානි ගහෙත්‍වා ආගච‍්ඡථ, ගඞ‍්ගාතීරෙ මෙ නිහිතං කුලසන‍්තකං ධනං අත්‍ථි, තං වො දස‍්සාමී”ති. තෙ තෙන සද‍්ධිං අගමංසු. සො “ඉධ ධනං, එත්‍ථ ධන”න‍්ති නිධිට‍්ඨානං ආචික‍්ඛන‍්තො විය “එවං මෙ ඉණමොක‍්ඛො භවිස‍්සතී”ති පලායිත්‍වා ගඞ‍්ගායං පති. සො චණ‍්ඩසොතෙන වුය‍්හන‍්තො කාරුඤ‍්ඤරවං රවි. තෙන වුත‍්තං “අථ උපරිගඞ‍්ගායා”තිආදි.

බරණැස් නුවරවාසී එක් සිටුවරයෙක් වනාහි තමාගේ පුතා මොහු ශිල්ප ඉගෙන ගන්නේ වෙහෙසට පත්වන්නේය”යි (සිතා) කිසි ශිල්පයක් නූගැන්වීය. ඔහු ගැයුම් වැයුම් නැටුම්, කෑම්, බුදීම් ආදියට වැඩි යමක් නොදත්තේය. වැඩිවියට පත් ඔහු සුදුසු බිරිඳක සමග සම්බන්‍ධ කොට ධනය පවරා දී මවුපියෝ කළුරිය කළහ. මවුපියන්ගේ ඇවෑමෙන් ඔහු ස්ත්‍රී ධූර්‍ත, සුරා ධූර්‍තාදීන් විසින් පිරිවරන ලද්දේ නොයෙක් ආකාරයේ ව්‍යසන මුඛයන්ගෙන් සියලු ධනය විනාශ කොට ඒ ඒ තැනින් ණය ගෙන ඒවා දීමට නොහැකිවන්නේ ධනහිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ “මාගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද ඒ ආත්මභාවයෙන්ම අනෙකෙකු මෙන් වීමි. මට මියයාම වඩා යහපත් යයි සිතා ණය හිමියන්ට “නුඹලාගේ ණය පත් රැගෙන එව්. ගං ඉවුරෙහි තැන්පත් කළ මාගේ කුලසන්තක ධනය ඇත. එය තොපට දෙන්නෙමි’යි කීය. ඔවුහු ඔහු සමග ගියහ. හෙතෙම “ධනය මෙහිය, ධනය මෙතැන යයි” නිදන් කළ තැන් කියන්නක් මෙන් (ගොස්) මෙසේ මාගේ ණයෙන් නිදහස් වීම වන්නේ යයි පලාගොස් ගඟට පැන්නේය. හෙතෙම සැඩ දිය පහරින් ගසා ගෙන යන්නේ බැගෑ හඬින් කෑගැසීය. එහෙයින් “අථ උපරිගඞ්ගාය” ආදිය කියන ලදි.

197 “අථ උපරිගඞ්ගාය ධනිකෙහි පරිපීළිතො පුරිසො ගඞ්ගාය පපති ජීවාමි වා මරාමි වා

198. “රත්තින්‍දිවං සො ගඞ්ගාය වුය්හමානො මහොදකෙ රවන්තො කරුණං රාවං මජ්ඣෙ ගඞ්ගය ගච්ඡති (චරියා පිටක)

“ඉක්බිති ණය හිමියන් විසින් පෙළන ලද්දා වූ පුරුෂයෙක් ගඟ ඉහළ පෙදෙසෙහි දී “ජීවත් වෙම්වා හෝ මැරෙම් වා”යි සිතා ගඟට පැන්නේය.

හෙතෙම රෑ දවල් දෙක්හි ගඟෙහි සැඩ පහරින් ගෙන යනු ලබන්නේ බැගෑ හඬින් හඬමින් ගඟ මැද යයි”

තත්‍ථ ජීවාමි වා මරාමි වාති ඉමස‍්මිං ගඞ‍්ගාසොතෙ පතිතො ජීවාමි වා මරාමි වා, ජීවිතං වා මෙ එත්‍ථ හොතු මරණං වා, උභයථාපි ඉණායිකපීළා න හොතීති අධිප‍්පායො.

එහි “ජීවාමි වා මරාමිවා” යනු මේ ගඞ්ගා දිය පහරට වැටුනේ ජිවත් වෙම්වා මැරෙම්වා, මෙහි මාගේ ජීවත් වීම හෝ වේවා මරණය හෝ වේවා දෙඅකාරයෙන්ම ණය හිමියන්ගේ පීඩා නොවේ යන අදහසයි.

මජ‍්ඣෙ ගඞ‍්ගාය ගච‍්ඡතීති සො පුරිසො රත‍්තින්‍දිවං ගඞ‍්ගාය වුය‍්හමානො ජීවිතපෙමස‍්ස විජ‍්ජමානත‍්තා මරණං අප‍්පත‍්තො මරණභයතජ‍්ජිතො හුත්‍වා කරුණං රවං රවන‍්තො ගඞ‍්ගාය මජ‍්ඣෙ මහොදකෙන ගච‍්ඡති.

“මජ්ඣෙ ගඞ්ගය ගච්ඡති” යනු ඒ පුරුෂයා රෑ දවල් ගඞ්ගාවෙහි ගසාගෙන යන්නේ ජීවත්වීම ගැන සෙවීමක් පැවති හෙයින් මරණයට පත් නොවූයේ මරණ භයෙන් බියපත්ව බැගෑ හඬින් හඬමින් ගඟ මැද මහාජලස්කන්‍ධයෙන් යයි.

අථ මහාපුරිසො අඩ‍්ඪරත‍්තසමයෙ තස‍්ස තං කරුණං පරිදෙවන‍්තස‍්ස පරිදෙවිතසද‍්දං සුත්‍වා “මනුස‍්සසද‍්දො සූයති, මා මයි ඉධ ධරන‍්තෙ මරතු, ජීවිතමස‍්ස දස‍්සාමී”ති චින‍්තෙත්‍වා සයනගුම‍්බා වුට‍්ඨාය නදීතීරං ගන‍්ත්‍වා “අම‍්භො පුරිස, මා භායි, ජීවිතං තෙ දස‍්සාමී”ති වත්‍වා අස‍්සාසෙත්‍වා සොතං ඡින්‍දන‍්තො ගන‍්ත්‍වා තං පිට‍්ඨියං ආරොපෙත්‍වා තීරං පාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා පරිස‍්සමං විනොදෙත්‍වා ඵලාඵලානි දත්‍වා ද‍්වීහතීහච‍්චයෙන තං ආහ – “අම‍්භො පුරිස , අහං තං බාරාණසිගාමිමග‍්ගං පාපෙස‍්සාමි, ත්‍වං ‘අසුකට‍්ඨානෙ නාම කඤ‍්චනමිගො වසතී’ති මා කස‍්සචි ආරොචෙහී”ති. සො “සාධු, සාමී”ති සම‍්පටිච‍්ඡි. මහාසත‍්තො තං අත‍්තනො පිට‍්ඨිං ආරොපෙත්‍වා බාරාණසිමග‍්ගෙ ඔතාරෙත්‍වා නිවත‍්ති. තෙන වුත‍්තං – “තස‍්සාහං සද‍්දං සුත්‍වාන, කරුණං පරිදෙවතො”තිආදි.

ඉක්බිති මහා පුරුෂතෙම රෑ මැදියම ඔහුගේ ඒ බැගෑ හඬින් හඬන ශබ්දය අසා “මිනිස් හඬක් ඇසේ. මා මෙහි සිටියදී නොමැරේවා. මොහුට ජීවිත දානය දෙන්නෙමි’යි සිතා වසන වන ලැහැබින් නැගිට නදී තෙරට ගොස් “එම්බා පුරුෂය, බිය නොවන්න, නුඹට ජීවිතය දෙන්නෙමි’යි කියා අස්වසා දිය පහර සිඳිමින් ගොස් ඔහු පිටමත හිඳුවාගෙන ගංතෙරට පමුණුවා තමා වසන තැනට ගෙන ගොස් විඩා දුරු කරවා ඵලාඵල දී දෙතුන් දිනක් ඇවෑමෙන් ඔහුට “එම්බා පුරුෂය, මම නුඹ බරණැසට යන මාර්‍ගයට පමුණුවන්නෙමි, නුඹ අසවල් ස්ථානයෙහි රන්මුවෙක් වසන්නේ යයි කිසිවෙකුට නොකියව’යි කීය. ඔහු “ස්වාමීනි යහපතැයි කියා පිළිගත්තේය. මහාසත්ත්‍වයෝ ඔහු තම පිටෙහි හිඳුවා ගෙන බරණැස් නුවරට යන මගෙහි තබා නතර වූහ. එහෙයින් “තස්සාහං සද්දං සුත්‍වාන කරුණං පරිදෙවතො” යනාදිය වදාරණ ලදී.

199. “තස්සාහං සද්දං සුත්‍වාන කරුණං පරිදෙවතො ගඞ්ගය තීරෙ ඨත්‍වාන අපුච්ඡිං කොසි ත්‍වං නරො

200 “සො මෙ පුට්ඨො ව ව්‍යාකාසි අත්තනො කාරණං තදා ධනිකෙහි භීතො තසිතො පක්‍ඛන්තො හං මහානදිං

201. “තස්ස කත්‍වාන කාරුඤ්ඤං චජිත්‍වා මම ජීවිතං පවිසිත්‍වා නීහරිං තස්ස අන්‍ධකාරම්හි රත්තියා

202. “අස්සත්‍ථ කාලමඤ්ඤාය තස්සාහං ඉදමබ්‍රැවිං එකං තං වරං යාචාමි මා මං කස්ස චි පාවදා”ති (චරියා පිටක)

“විලාප කියන්නා වූ ඔහුගේ බැගෑ හඬ අසා මම ගං ඉවුරෙහි සිට, “තෝ කවර මනුෂ්‍යයෙක් වෙහිදැයි විචාළෙමි.

එකල්හි මා විසින් විචාරන ලද්දා වූ හෙතෙමේද “මම ධන හිමියන් කෙරෙන් බිය වූයෙමි, ත්‍රස්ත වූයෙමි, මහා ගංඟාවට පැන්නෙමි’යි තමාගේ තොරතුරු ප්‍රකාශ කළේය.

ඔහුට කරුණාකොට මගේ ජීවිතය පුදා අන්‍ධකාර වූ රාත්‍රියෙහි (ගඟට) පැන ඔහු ගෙනාවෙමි. ඔහුගේ ක්ලාන්ත පහවූ කාලය දැන “මම තා අතින් එක් වරයක් ඉල්ලමි. මා (මෙහි වසන බව) කිසිවෙකුට නොකියව’යි මම ඔහුට මේ වචනය කීමි.”

තත්‍ථ කොසි ත්‍වං නරොති ත්‍වං කො මනුස‍්සො අසි, කුතො ඉධ වුය‍්හමානො ආගතොසීති අත්‍ථො.

එහි “කොසි ත්‍වං නරො” යනු නුඹ කවර මිනිසෙක් වෙහි? දියපහරෙහි ගසාගෙන කොහි සිට මෙහි ආවෙහිද? යන අර්‍ථයයි.

අත‍්තනො කරණන‍්ති අත‍්තනො කිරියං. ධනිකෙහි භීතොති ඉණායිකෙහි උබ‍්බිග‍්ගො. තසිතොති උත්‍රස‍්තො.

“අත්ත නොකාරණං” යනු තමාගේ ක්‍රියාව යනු තමාගේ ක්‍රියාව. “ධනිකෙහි භීතො” යනු ණයහිමියන් කෙරෙන් බියට පත්වූයේ. “තසිතො” යනු තැතිගත්තේ

තස‍්ස කත්‍වාන කාරුඤ‍්ඤං, චජිත්‍වා මම ජීවිතන‍්ති කාරුඤ‍්ඤං කත්‍වා මහාකරුණාය සමුස‍්සාහිතො මම ජීවිතං තස‍්ස පුරිසස‍්ස පරිච‍්චජිත්‍වා. පවිසිත්‍වා නීහරිං තස‍්සාති නදිං පවිසිත්‍වා සොතං ඡින්‍දන‍්තො උජුකමෙව ගන‍්ත්‍වා මම පිට‍්ඨිං ආරොපෙත්‍වා තතො තං නීහරිං. තස‍්සාති උපයොගත්‍ථෙ සාමිවචනං. “තත්‍ථා”තිපි පාළි, තත්‍ථ නදියන‍්ති අත්‍ථො. අන්‍ධකාරම‍්හි රත‍්තියාති රත‍්තියා අන්‍ධකාරසමයෙ, කාළපක‍්ඛරත‍්තියන‍්ති අත්‍ථො.

“තස්ස කත්‍වාන කාරුඤ්ඤං චජිත්‍වා ජීවිතං” යනු කරුණා කොට මහාකරුණාවෙන් උත්සාහවත් වූයේ මගේ ජීවිතය ඒ පුරුෂයාට පරිත්‍යාග කොට “පවිසිත්‍වා නීහරිං තස්ස” යනු ගඟට පිවිස දිය පහර සිඳිමින් සෘජුවම ගොස් මගේ පිට හිඳුවාගෙන එතනින් ඔහු ගෙනාවෙමි. “තස්ස” යනු දුතියා අර්‍ථයෙහි ඡට්ඨිවිභක්ති වචනයකි. “තත්‍ථ” යයිද පාඨයකි. ඒ ගඟෙහි යන අර්‍ථයයි. “අන්‍ධකාරම්හි රත්තියා” [missing trans]

අස‍්සත්‍ථකාලමඤ‍්ඤායාති පරිස‍්සමං අපනෙත්‍වා ඵලාඵලානි දත්‍වා ද‍්වීහතීහච‍්චයෙන කිලමථස‍්ස විගතකාලං ජානිත්‍වා. එකං තං වරං යාචාමීති අහං තං එකං වරං යාචාමි, මය‍්හං එකං වරං දෙහීති අත්‍ථො. කිං තං වරන‍්ති චෙ? ආහ – මා මං කස‍්සචි පාවදාති “අසුකට‍්ඨානෙ සුවණ‍්ණමිගො වසතී”ති කස‍්සචි රඤ‍්ඤො වා රාජමහාමත‍්තස‍්ස වා මං මා පාවද.

අස්සත්ථකාලමඤ්ඤායා යනු විඩාව හැර ඵලාඵල දී දෙතුන් දිනක් ඇවෑමෙන් ක්ලාන්තය පහව කාලය දැන, “එකං තං වරං යාචාමි” යනු මම ඔහුගෙන් එක් වරයක් ඉල්ලමි. මට එක් වරයක් දෙව’යි යන අර්‍ථයයි. ඉදින් ඔහුට වරයක් යයි කුමක් කීවේද “මා මං කස්සචි පාවද” යනුවෙන් අසවල් ස්ථානයෙහි රන් මුවෙක් වසන්නේ යයි කිසියම් රජෙකුට හෝ රාජමහාමාත්‍යයෙකුට මා ගැන නො කියව.

අථ තස‍්මිං පුරිසෙ බාරාණසිං පවිට‍්ඨදිවසෙයෙව සො රාජා “අහං, දෙව, සුවණ‍්ණවණ‍්ණං මිගං මය‍්හං ධම‍්මං දෙසෙන‍්තං සුපිනෙන අද‍්දසං, අහඤ‍්හි සච‍්චසුපිනා, අද‍්ධා සො විජ‍්ජති, තස‍්මා කඤ‍්චනමිගස‍්ස ධම‍්මං සොතුකාමා ලභිස‍්සාමි චෙ ජීවිස‍්සාමි, නො චෙ මෙ ජීවිතං නත්‍ථී”ති අග‍්ගමහෙසියා වුත‍්තො තං අස‍්සාසෙත්‍වා “සචෙ මනුස‍්සලොකෙ අත්‍ථි, ලභිස‍්සසී”ති වත්‍වා බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා “සුවණ‍්ණමිගා නාම හොන‍්තී”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙව, හොන‍්තී”ති සුත්‍වා සහස‍්සත්‍ථවිකං සුවණ‍්ණචඞ‍්කොටකෙ ඨපෙත්‍වා තං හත්‍ථික‍්ඛන්‍ධං ආරොපෙත්‍වා නගරෙ භෙරිං චරාපෙසි – “යො සුවණ‍්ණමිගං ආචික‍්ඛිස‍්සති, තස‍්ස හත්‍ථිනා සද‍්ධිං ඉමං දස‍්සාමී”ති. තතො උත‍්තරිම‍්පි දාතුකාමො හුත්‍වා –

ඉක්බිති ඒ පුරුෂයා බරණැසට පිවිසි දිනයේම රජුගේ අගමෙහෙසිය විසින් “දේවයන් වහන්ස, මම රන්වන් මුවෙකු මට ධර්‍මදේශනා කරනු සිහිනෙන් දුටුවෙමි. මෙය වනාහි සත්‍ය සිහිනයකි. ඒකාන්තයෙන් හේ ඇත්තේය. එබැවින් රන් මුවෙකුගෙන් බණක් අසනු කැමැත්තෙමි. එය ලැබෙන්නේ නම් ජීවත් වෙමි. නැතිනම් මට ජීවිතයක් නැතැ’යි කී කල්හි ඒ රජතුමා ඇය අස්වසා “ඉදින් මනුෂ්‍ය ලෝකයෙහි ඇත්නම් ලබන්නෙහිය’යි කියා බ්‍රාහ්මණයන් කැඳවා “රන්මුවෝ නම් වෙත්දැයි” විමසා එසේය දේවයන් වහන්ස, වෙත්යයි අසා දහසින් බැඳි පියල්ලක් රන් කරඬුවක තබා එය ඇත්කඳ මත නංවා නගරයෙහි “යමෙක් රන් මුවෙකු ගැන කියන්නේ නම් ඔහුට ඇතා සමග මේ වස්තුව දෙන්නෙමි”යි බෙර හැසිරවීය. ඊට වඩාද දෙනු කැමැත්තේ වී

“තස‍්ස ගාමවරං දම‍්මි, නාරියො ච අලඞ‍්කතා; යො මෙතං මිගමක‍්ඛාති, මිගානං මිගමුත‍්තම”න‍්ති. (ජා· 1.13.117) –

“තස්ස ගාමවරං දම්මි නාරියොච අලඞ්කතා කො මෙතං මිගමක්‍ඛාති මිගානං මිගමුත්තමන්ති (ජාතක පාලිය)

“මුවන්ගෙන් උතුම් වූ රන් මුවකු වසන තැන යමෙක් මට කියන්නේ ද ඔහුට ගම්වරයක් හා සර්‍වාභරණයෙන් සැරසුනා වූ ස්ත්‍රීන් ද දෙමි’යි

ගාථං සුවණ‍්ණපට‍්ටෙ ලිඛාපෙත්‍වා සකලනගරෙ වාචාපෙසි. අථ සො සෙට‍්ඨිපුත‍්තො තං ගාථං සුත්‍වා රාජපුරිසානං සන‍්තිකං ගන‍්ත්‍වා “රඤ‍්ඤො එවරූපං මිගං ආචික‍්ඛිස‍්සාමි, මං රාජානං දස‍්සෙථා”ති ආහ. රාජපුරිසා තං රඤ‍්ඤො සන‍්තිකං නෙත්‍වා තමත්‍ථං ආරොචෙසුං. රාජා “සච‍්චං, භො, අද‍්දසා”ති පුච‍්ඡි. සො “සච‍්චං, දෙව, මයා සද‍්ධිං ආගච‍්ඡතු, අහං තං දස‍්සෙස‍්සාමී”ති ආහ. රාජා තමෙව පුරිසං මග‍්ගදෙසකං කත්‍වා මහන‍්තෙන පරිවාරෙන තං ඨානං ගන‍්ත්‍වා තෙන මිත‍්තදුබ‍්භිනා පුරිසෙන දස‍්සිතං පදෙසං ආවුධහත්‍ථෙ පුරිසෙ සමන‍්තතොව පරිවාරෙත්‍වා “උක‍්කුට‍්ඨිං කරොථා”ති වත්‍වා සයං කතිපයෙහි ජනෙහි සද‍්ධිං එකමන‍්තෙ අට‍්ඨාසි. සොපි පුරිසො අවිදූරෙ අට‍්ඨාසි. මහාසත‍්තො සද‍්දං සුත්‍වා “මහතො බලකායස‍්ස සද‍්දො, අද‍්ධා තම‍්හා මෙ පුරිසා භයෙන උප‍්පන‍්නෙන භවිතබ‍්බ”න‍්ති ඤත්‍වා උට‍්ඨාය සකලපරිසං ඔලොකෙත්‍වා “රඤ‍්ඤො ඨිතට‍්ඨානෙයෙව මෙ සොත්‍ථි භවිස‍්සතී”ති රාජාභිමුඛො පායාසි. රාජා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා “නාගබලො අවත්‍ථරන‍්තො ආගච‍්ඡෙය්‍යා”ති සරං සන‍්නය‍්හිත්‍වා “ඉමං මිගං සන‍්තාසෙත්‍වා සචෙ පලායති, විජ‍්ඣිත්‍වා දුබ‍්බලං කත්‍වා ගණ‍්හිස‍්සාමී”ති බොධිසත‍්තාභිමුඛො අහොසි. මහාසත‍්තො –

යන ගාථාව රන් පටක ලියවා මුළු නගරයෙහි කියවීය. ඉක්බිති ඒ සිටු පුත්‍රයා ඒ ගාථාව අසා රාජ පුරුෂයන් සමීපයට ගොස් මම රජතුමාට මෙබඳු වූ මුවෙකු ගැන කියන්නෙමි. මා රජතුමාට දක්වනු මැනවැ’යි කීය. රාජ පුරුෂයෝ ඔහු රජු සමීපයට කැඳවාගෙන ගොස් ඒ කාරණය දැන්වූහ. රජතුමා “පින්වත, සත්‍යයක්ද, එබඳු මුවකු දුටුවේදැයි ඇසීය. ඔහු “දේවයන් වහන්ස, සත්‍යයකි. මා සමග එනු මැනවි. මම ඔහු දක්වන්නෙමි’යි කීය. රජතුමා එම පුරුෂයාම මාර්‍ගෝපදේශක කොට මහත් පිරිවර සහිතව එම ස්ථානයට ගොස් එම මිත්‍රද්‍රෝහි පුරුෂයා විසින් දක්වන ලද ප්‍රදේශය ආයුධ අතින් ගත් පුරුෂයන් ලවා හාත්පසින්ම වටකරවා “ඔල්වර හඬ” කරව් යයි කියා තමා කිහිපදෙනෙකු සමග එකත්පසෙක සිටියේය. ඒ පුරුෂයාද නුදුරෙහි සිටියේය. මහාසත්ත්‍වයෝ ශබ්දය අසා “මහත් වූ බලසෙනඟක හඬකි. ඒකාන්තයෙන් ඒ පුරුෂයා කෙරෙන් මට උපන් භයක් විය යුතුයයි දැන නැගිට සියලු පිරිස දෙස බලා “රජු සිටි තැනින්ම මට සෙතක් වන්නේ ය’යි රජු ඉදිරියට ගියහ. රජ එන්නා වූ ඔහු දැක “ඇතෙකුට සමාන බල ඇති මොහු වේගයෙන් මැඩගෙන මා කරා එන්නේ යයි හීය සකසාගෙන “මේ මුවා භය ගන්වා ඉදින් පලායේ නම් විද දුර්‍වල කොට අල්ලා ගන්නෙමි’යි බෝධිසත්ත්‍වයන්ට අභිමුඛ විය. මහාසත්ත්‍වයෝ,

“ආගමෙහි මහාරාජ, මා මං විජ‍්ඣි රථෙසභ; කො නු තෙ ඉදමක‍්ඛාසි, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති. (ජා· 1.13.121) –

“ආගමෙහි මහාරජ මා මෙ විජ්ඣ රථෙසභ කොනු තෙ ඉදමක්‍ඛා සි එත්‍ථෙසො තිට්ඨතෙ මිගොති” (ජාතක පාලි)

“මහරජතුමනි, නවතිනු මැනවි, නරෝත්තමයෙනි, මා නොවිදිනු මැනවි, මෙතැන ඒ මුවා සිටීයයි කවරෙක් තොපට මෙය කීයේද?යි

ගාථං අභාසි. රාජා තස‍්ස මධුරකථාය බජ‍්ඣිත්‍වා සරං පටිසංහරිත්‍වා ගාරවෙන අට‍්ඨාසි. මහාසත‍්තොපි රාජානං උපසඞ‍්කමිත්‍වා මධුරපටිසන්‍ථාරං අකාසි. මහාජනොපි සබ‍්බාවුධානි අපනෙත්‍වා ආගන‍්ත්‍වා රාජානං පරිවාරෙසි. තෙන වුත‍්තං –

යන ගාථාව කීහ. රජතුමා එතුමන්ගේ මිහිරි කථාවෙහි බැඳී හීය හකුලා ගෞරවයෙන් සිටියේය. මහාසත්ත්‍වයෝ ද රජු වෙත එළඹ මිහිරි පිළිසඳර කළහ. මහ ජනයා ද සියලු ආයුධ ඉවත දමා පැමිණ රජු පිරිවැරීය. එහෙයින්,

“නගරං ගන‍්ත්‍වාන ආචික‍්ඛි, පුච‍්ඡිතො ධනහෙතුකො; රාජානං සො ගහෙත්‍වාන, උපගඤ‍්ඡි මමන‍්තික”න‍්ති.

203 “නගරං ගනත්‍වාන ආචික්‍ඛි පුච්ජිතො ධන හෙතුකො රාජානං සො ගහෙත්‍වාන උපගඤ්ජි මමන්තිකන්ති” (චරියා පිටක)

“(හෙතෙම) නගරයට ගොස් (රජු විසින්) විචාරන ලද්දේ ධනය නිසා (මා වසන තැන) කීයේය. හෙතෙම රජු ගෙන මා සමීපයට එළඹියේ ය”යි වදාරණ ලදී.

තස‍්සත්‍ථො – යො මිත‍්තදුබ‍්භී පාපපුරිසො ජීවිතං පරිච‍්චජිත්‍වා තථා මයා පාණසංසයතො මොචිතො බාරාණසිනගරං ගන‍්ත්‍වා අත‍්තනා ලද‍්ධබ‍්බධනනිමිත‍්තං රඤ‍්ඤො මං ආචික‍්ඛි, ආචික‍්ඛිත්‍වා සො රඤ‍්ඤො ගාහාපෙතුං මග‍්ගදෙසකො හුත්‍වා රාජානං ගහෙත්‍වා මම සන‍්තිකමුපාගමීති.

එහි අර්‍ථය:- ඒ මිත්‍රද්‍රෝහි පාපී පුරුෂයා ජීවිතය පරිත්‍යාග කොට එසේ මා විසින් ප්‍රාණය පිළිබඳ සැකයෙන් මුදවන ලද්දේ බරණැස් නගරයට ගොස් තමාට ලැබෙන ධනය නිමිති කොට රජුට මා ගැන කිවේය කියා ඔහු රජුට (මා) අල්ලා ගැනීමට මාර්‍ගෝපදේශකයකු වී රජු කැඳවාගෙන මා සමීපයට එළඹියේය යනුයි.

මහාසත‍්තො සුවණ‍්ණකිඞ‍්කිණිකං චාලෙන‍්තො විය මධුරස‍්සරෙන රාජානං පුන පුච‍්ඡි – “කො නු තෙ ඉදමක‍්ඛාසි, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති. තස‍්මිං ඛණෙ සො පාපපුරිසො ථොකං පටික‍්කමිත්‍වා සොතපථෙ අට‍්ඨාසි . රාජා “ඉමිනා මෙ ත්‍වං දස‍්සිතො”ති තං පුරිසං නිද‍්දිසි. තතො බොධිසත‍්තො –

මහාසත්ත්‍වයෝ රන් කිංකිණි දැලක් සොලවන්නාක් වැනි මිහිරි හඬින් රජුගෙන් නැවත “මෙතැන ඒ මුවා සිටීයයි යන මෙය කවරෙක් තොපට කීවේහිදැ’යි ඇසූහ. එකෙණෙහි ඒ පවිටු පුරුෂයා මඳක් ඉවත්ව ඇසෙන පමණ දුරින් සිටියේය. රජ “මොහු විසින් තොප දක්වන ලද්දේය’යි ඒ පුරුෂයා දෙසට අත දිගු කළේය. ඉක්බිති බෝධිසත්ත්‍වයෝ:-

“සච‍්චං කිරෙව මාහංසු, නරා එකච‍්චියා ඉධ; කට‍්ඨං නිප‍්ලවිතං සෙය්‍යො, න ත්‍වෙවෙකච‍්චියො නරො”ති. (ජා· 1.13.123) –

“සච්චං කිරෙව මාහංසු නරා එකච්චි යා ඉධ කට්ඨංවිප්ලාවිතංසෙය්‍යො නත්‍වෙවෙකච්චියොනරොති” (ජාතක පාලි)

“දියෙහි ගසාගෙන යන මිනිසා ගොඩ ගැනීම යහපත් නොවන්නේමය. දියෙහි යන ලී දණ්ඩ ගොඩ ගැනීම යහපත් වන්නේ යයි මෙලොව සමහර මිනිස්සු සත්‍යයක්ම කීහයි”

ගාථමාහ. තං සුත්‍වා රාජා සංවෙගජාතො –

යන ගාථාව කීහ. එය අසා සංවේගයට පත් රජතුමා:-

“කිං නු රුරු ගරහසි මිගානං, කිං පක‍්ඛීනං කිං පන මානුසානං; භයඤ‍්හි මං වින්‍දතිනප‍්පරූපං, සුත්‍වාන තං මානුසිං භාසමාන”න‍්ති. (ජා· 1.13.124) –

“කින්නු රූරු ගරහසි මිගානං කින්නු පක්‍ඛී නං කිං පන මනුස්සානං භයං හි මං වින්‍දති නප්පරූපං සුත්‍වාන තං මානුසිං භාසමානන්ති” (ජාතක පාලි)

“රුරු මෘගරාජය, නුඹ කුමක් නිසා මුවන්ට ගරහන්නෙහිද? පක්‍ෂීන්ට හෝ මනුෂ්‍යයන්ට කුමක් හෙයින් ගරහන්නෙහි ද? මනුෂ්‍ය වචනයෙන් කියන්නා වූ ඔබගේ වචනය අසා මට මහත් භය උපදී”යි

ගාථමාහ. තතො මහාපුරිසො “මහාරාජ, න මිගං න පක‍්ඛිං ගරහාමි, මනුස‍්සං පන ගරහාමී”ති දස‍්සෙන‍්තො –

යන ගාථාව කීය. ඉක්බිති මහාපුරුෂයෝ “මහරජ, මම මුවන්ට නොගරහමි, පක්‍ෂීන්ට නොගරහමි. මිනිසාටම ගරහමි’යි දක්වන්නාහු මෙසේ කීහ.

“යමුද‍්ධරිං වාහනෙ වුය‍්හමානං, මහොදකෙ සලිලෙ සීඝසොතෙ; තතොනිදානං භයමාගතං මම, දුක‍්ඛො හවෙ රාජ අසබ‍්භි සඞ‍්ගමො”ති. (ජා· 1.13.125) – ආහ.

“සමුද්ධරිං වහනෙ වූය්හමානං මහොදකෙ සලිලෙ සීඝසොතෙ තතො නිදානං භය මාගතං මම දුක්‍ඛො හවෙ රාජ අසබ්භි සඞ්ගමොති. (ජාතක පාලිය)

“වේගයෙන් ගලන මහ දිය කඳෙහි පාවී යන යමෙකු ගොඩට නගාලීම්ද ඒ හේතුවෙන් මට භය පැමිණියේය. රජතුමනි, අසත් පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන්ම දුකකි.

තත්‍ථ නිප‍්ලවිතන‍්ති උද‍්ධරිතං, එකච‍්චියොති එකච‍්චො මිත‍්තදුබ‍්භී පාපපුරිසො උදකෙ පතන‍්තොපි උත‍්තාරිතො නත්‍වෙව සෙය්‍යො. කට‍්ඨඤ‍්හි නානප‍්පකාරෙන උපකාරාය සංවත‍්තති, මිත‍්තදුබ‍්භී පන විනාසාය, තස‍්මා තතො කට‍්ඨමෙව වරතරන‍්ති. මිගානන‍්ති රුරුමිගරාජ, මිගානං කිං අඤ‍්ඤතරං ගරහසි, උදාහු පක‍්ඛීනං මනුස‍්සානන‍්ති පුච‍්ඡති. භයඤ‍්හි මං වින්‍දතිනප‍්පරූපන‍්ති මහන‍්තං භයං මං පටිලභති, අත‍්තනො සන‍්තකං විය කරොතීති අත්‍ථො.

එහි “විපලාවිතං” යනු දියෙන් ගොඩට ගත්. “එකච්චියො” යනු සමහරෙක්. මිත්‍රද්‍රෝහී පවිටු පුරුෂයෙක් ජලයෙහි මැරෙද්දී ද ගොඩ ගන්නා ලද්දේ උතුම් නොවන්නේමය. දර කැබැල්ල වනාහි නොයෙක් ආකාරයෙන් උපකාර පිණිස පවතී. මිත්‍රද්‍රෝහීයා වනාහී විනාශය පිණිස පවතී. එබැවින් එයින් දර කැබැල්ලම වඩා උතුම් යයි. “මිගානං” යනු රූරු මෘගරාජය, මුවන් අතරෙන් කෙනෙකුට එසේත් නැතිනම් මිනිසුන් අතුරෙන් කෙනෙකුට කුමක් හෙයින් ගරහන්නෙහිදැයි විචාළේය. “භයං හි මං වින්‍දති නප්පරූපං” යනු මහත් වූ භයක් හටගනී. තමා සතු කරන්නාක් වැනිය යන අර්‍ථයයි.

වාහනෙති පතිතපතිතෙ වහිතුං සමත්‍ථෙ ගඞ‍්ගාවහෙ. මහොදකෙ සලිලෙති මහොදකීභූතෙ සලිලෙ. උභයෙනාපි ගඞ‍්ගාවහස‍්ස බහූදකතං දස‍්සෙති. තතො නිදානන‍්ති, මහාරාජ, යො මය‍්හං තයා දස‍්සිතො පුරිසො, එසො මයා ගඞ‍්ගාය වුය‍්හමානො අඩ‍්ඪරත‍්තසමයෙ කරුණං පරිදෙවන‍්තො තතො උත‍්තාරිතො, තතොනිදානං ඉදං මය‍්හං භයමාගතං, අසප‍්පුරිසෙහි සමාගමො නාම දුක‍්ඛොති.

“වහනෙ” යනු වැටුණු වැටුණු දෙයක් උසුලන්නට සමත් ගඟ දියෙහි. “මහොදකෙ සලිලෙ” යනු මහත් ජලස්කන්‍ධයක් වූ ජලයෙහි. දෙකෙන්ම ගඞ්ගා ප්‍රවාහයේ ජලය බහුල බව දක්වයි. “තතො නිදානං” යනු “මහරජ, නුඹ විසින් මට දක්වන ලද යම් පුරුෂයෙක් වේද මෙතෙම ගඞ්ගා දියෙහි ගසාගෙන යන්නේ මැදියම් රාත්‍රියෙහි බැගෑ ලෙස හඬන්නේ මවිසින් ඒ දියෙන් ගොඩගත්තෙකි. ඒ හේතුවෙන් මේ බිය මා වෙත පැමිණියේය. අසත්පුරුෂයන් සමග එක්වීම වනාහි දුකෙකියි කීහ.

තං සුත්‍වා රාජා තස‍්ස කුජ‍්ඣිත්‍වා “එවං බහූපකාරස‍්ස නාම ගුණං න ජානාති, දුක‍්ඛං උප‍්පාදෙති, විජ‍්ඣිත්‍වා නං ජීවිතක‍්ඛයං පාපෙස‍්සාමී”ති සරං සන‍්නය‍්හි. තෙන වුත‍්තං –

එය අසා රජ ඔහුට කිපී “මොහු තමාට කළ බොහෝ උපකාර ඇත්තාගේ ගුණය නම් නොදනී. ඔහුට දුක් උපදවයි. විද ඔහු මරණයට පමුණුවන්නෙමි’යි දුනුදියෙහි හීය රැඳවීය. එහෙයින් වදාරණ ලදී.

“යාවතා කරණං සබ‍්බං, රඤ‍්ඤො ආරොචිතං මයා; රාජා සුත්‍වාන වචනං, උසුං තස‍්ස පකප‍්පයි; ඉධෙව ඝාතයිස‍්සාමි, මිත‍්තදුබ‍්භිං අනරිය”න‍්ති.

20 “යාවතා කරණං සබ්බං රඤ්ඤෙ ආරොචිතං මයා, රාජා සුත්‍වාන වචනං උසුං තස්ස පකප්පයි, ඉධෙව ඝාතයිස්සාමි මිත්තදුභිං අනරියන්ති. (චරියා පිටක)

“(මා විසින් ඔහුට) යම්තාක් දේ කරන ලදද ඒ සියල්ල මා විසින් රජුට දන්වන ලදී. රජතෙමේ මාගේ වචන අසා “මිත්‍රද්‍රෝහී වූ නිහීන වූ (මොහු) මෙහිදීම නසන්නෙමි’යි ඔහුට (විදිනු පිණිස) ඊය යෙදුයේය.

තත්‍ථ යාවතා කරණන‍්ති යං තස‍්ස මයා කතං උපකාරකරණං, තං සබ‍්බං. පකප‍්පයීති සන‍්නය‍්හි. මිත‍්තදුබ‍්භින‍්ති අත‍්තනො මිත‍්තෙසු උපකාරීසු දුබ‍්භනසීලං.

එහි “යාවතා කරණං” යනු මවිසින් ඔහුට යම් උපකාර කිරීමක් කරන ලදද, ඒ සියල්ල. “පකප්පයී” යනු සන්නද්ධ විය. “මිත්තදුභිං” යනු තමාට උපකාර කළ මිත්‍රයන් කෙරෙහි ද්‍රෝහීවන සුලු.

තතො මහාසත‍්තො “එස බාලො මං නිස‍්සාය මා නස‍්සී”ති චින‍්තෙත්‍වා “මහාරාජ, වධො නාමෙස බාලස‍්ස වා පණ‍්ඩිතස‍්ස වා න සාධූහි පසංසිතො, අඤ‍්ඤදත්‍ථු ගරහිතො එව, තස‍්මා මා ඉමං ඝාතෙහි, අයං යථාරුචි ගච‍්ඡතු, යඤ‍්චෙව තස‍්ස ‘දස‍්සාමී’ති තයා පටිඤ‍්ඤාතං, තම‍්පි අහාපෙත්‍වාව දෙහී”ති ආහ. “අහඤ‍්ච තෙ යං ඉච‍්ඡිතං, තං කරිස‍්සාමි, අත‍්තානං තුය‍්හං දම‍්මී”ති ආහ. තෙන වුත‍්තං –

ඉක්බිති මහාසත්ත්‍වයෝ “මේ බාලයා මා නිසා නොනසීවා’යි සිතා “මහරජ, වධකිරීම නම් වූ මෙය බාලයාට හෝ පණ්ඩිතයාට හෝ සුදුසුයයි සත්පුරුෂයන් විසින් ප්‍රශංසා නොකරන ලද්දේය. ඒකාන්තයෙන් ගරහන ලද්දේමය. එබැවින් මොහු ඝාතනය නො කරනු මැනවි. ඔහු කැමති පරිදියේවා, නුඹ වහන්සේ විසින් යමක් ඔහුට දෙන්නෙමි’යි ප්‍රතිඥා කරන ලද්දේ ද එයද නොනසා දුන මැනවි’යි කීහ. මම ද, ඔබතුමා විසින් යමක් කැමති වන ලද්දේ ද එය කරන්නෙමි, ආත්මභාවයද ඔබතුමාට දෙමියි කීහ. එහෙයින්,

“තමහං අනුරක‍්ඛන‍්තො, නිම‍්මිනිං මම අත‍්තනා; තිට‍්ඨතෙසො මහාරාජ, කාමකාරො භවාමි තෙ”ති.

205. “තමහං අනුරක්‍ඛන්තො නිම්මිනිං මම අත්තනො තිට්ඨ තෙ සො මහාරාජ කාමඞ්කාරො භවාමිතෙති (චරියා පිටක)

“මම ඔහු ආරක්‍ෂා කෙරෙමින් “මහරජාණනි, මෙතෙම සිටීවා. මම නුඹවහන්සේට කැමති දේ සකසා කරන්නෙක් වෙමි”යි කියා මාගේ ආත්මභාවය පවරා දුනිමි”යි වදාරණ ලදී.

තත්‍ථ නිම‍්මිනින‍්ති තං මිත‍්තදුබ‍්භිං පාපපුග‍්ගලං අනුරක‍්ඛන‍්තො මම අත‍්තනො අත‍්තභාවෙන තං පරිවත‍්තෙසිං , අත‍්තානං රඤ‍්ඤො නිය්‍යාතෙත්‍වා රාජහත්‍ථතො පත‍්තං තස‍්ස මරණං නිවාරෙසින‍්ති අත්‍ථො. තිට‍්ඨතෙසොතිආදි විනිමයාකාරදස‍්සනං .

එහි “නිම්මිනිං” යනු ඒ මිත්‍රද්‍රෝහී පවිටු පුද්ගලයා ආරක්‍ෂා කෙරෙමින් “මම” තමාගේ ආත්මභාවය ඔහුට පවරා දුනිමි. තමා රජුට පවරා දී රජු අතින් ඔහුට පැමිණි මරණය වැළැක්වීමි” යන අර්‍ථයයි. “තිට්ඨතෙසො” ආදිය ගනුදෙනුවේ ස්වභාවය දැක්වීමයි.

ඉදානි යදත්‍ථං සො අත‍්තවිනිමයො කතො, තං දස‍්සෙතුං ඔසානගාථමාහ.

දැන් යම් අර්‍ථයක් සඳහා හෙතෙම ආත්ම ගනුදෙනුව කළේ ද එය දැක්වීමට අවසාන ගාථාව දේශනා කළහ.

206 “අනුරක්‍ඛිං මම සීලං නාරක්‍ඛිං මම ජීවිතං සීලවාහි තදා ආසිං බොධියායෙව කාරණාති” (චරියා පිටක)

“මාගේ ශීලය රක්‍ෂා කෙළෙමි. මාගේ ජීවිතය රක්‍ෂා නො කෙළෙමි. එකල්හි බුද්ධත්‍වයම කාරණාකොට ගෙන සිල්වත් වීමි.

තස‍්සත්‍ථො – තදා මං නිස‍්සාය තං මිත‍්තදුබ‍්භිං පුරිසං තස‍්මිං රඤ‍්ඤෙ ජීවිතා වොරොපෙතුකාමෙ අහං අත‍්තානං රඤ‍්ඤො පරිච‍්චජන‍්තො මම සීලමෙව අනුරක‍්ඛිං, ජීවිතං පන නාරක‍්ඛිං. යං පනාහමෙව අත‍්තනො ජීවිතනිරපෙක‍්ඛං සීලවා ආසිං, තං සම‍්මාසම‍්බොධියා එව කාරණාති.

එහි අර්‍ථය. එකල්හි මා නිසා ඒ රජු එම මිත්‍රද්‍රෝහී පුරුෂයා ජීවිතයෙන් තොර කරනු කැමති වූ කල්හි මම මගේ ආත්මය රජුට පරිත්‍යාග කරමින් මගේ ශීලයම රැක්කෙමි. ජීවිතය වනාහි නොරැක්කෙමි. මම මෙසේ ජීවිතයෙහි ආලය හැර සිල්වතෙක් වීම්ද එය සම්මා සම්බෝධිය හේතු කොට ගෙනමය යනුයි.

අථ රාජා බොධිසත‍්තෙන අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා තස‍්ස පුරිසස‍්ස මරණෙ නිවාරෙන‍්තෙ තුට‍්ඨමානසො “ගච‍්ඡ, භො, මිගරාජස‍්ස අනුග‍්ගහෙන මම හත්‍ථතො මරණා මුත‍්තො”ති වත්‍වා යථාපටිඤ‍්ඤාය තඤ‍්චස‍්ස ධනං දාපෙසි. මහාසත‍්තස‍්ස යථාරුචියාව අනුජානිත්‍වා තං නගරං නෙත්‍වා නගරඤ‍්ච බොධිසත‍්තඤ‍්ච අලඞ‍්කාරාපෙත්‍වා දෙවියා ධම‍්මං දෙසාපෙසි. මහාසත‍්තො දෙවිං ආදිං කත්‍වා රඤ‍්ඤො ච රාජපරිසාය ච මධුරාය මනුස‍්සභාසාය ධම‍්මං දෙසෙත්‍වා රාජානං දසහි රාජධම‍්මෙහි ඔවදිත්‍වා මහාජනං අනුසාසිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා මිගගණපරිවුතො වාසං කප‍්පෙසි. රාජාපි මහාසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා සබ‍්බසත‍්තානං අභයං දත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සුගතිපරායනො අහොසි.

ඉක්බිති රජතුමා බෝධිසත්ත්‍වයන් වහන්සේ තම ජීවිතය පරිත්‍යාග කොට ඒ පුරුෂයා මරණින් නිදහස් කරන කල්හි සතුටු සිත් ඇත්තේ “භවත, තෝ යව, මුවරජුගේ අනුග්‍රහයෙන් මගේ අතින් මරණයෙන් මිදුණේ යයි කියා ප්‍රතිඥා පරිදි ඔහුට ධනය ද දෙවීය. මහාසත්ත්‍වයන්ගේ කැමැත්ත පරිදි වර අනුදැන මුවරජු නගරයට රැගෙන ගොස් නගරයත් බෝධිසත්ත්‍වයනුත් අලඞ්කාර කරවා දේවියට ධර්‍මය දේශනා කරවීය. මහාසත්ත්‍වයෝ දේවිය ආදිකොට ඇති රජුටත් රජ පිරිසටත් මිහිරි මිනිස් බසින් දහම් දෙසා රජුට දශ රාජ ධර්‍මයෙන් අවවාද කොට මහජනයාට අනුශාසනා කොට වනයට පිවිස මුව සමූහයා විසින් පිරිවරන ලද්දාහු වාසය කළහ. රජතුමා ද මහාසත්ත්‍වයන්ගේ අවවාදයෙහි පිහිටා සියලු සත්ත්‍වයන්ට අභය දී දානාදී පින් කොට සුගතිපරායණ විය.

තදා සෙට‍්ඨිපුත‍්තො දෙවදත‍්තො අහොසි, රාජා ආනන්‍දො, රුරුමිගරාජා ලොකනාථො.

එකල්හි සිටු පුත්‍රයා දෙව්දත් තෙර විය. රජතුමා ආනන්‍ද තෙරුන්ය. රූරු මුවරජ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තථා ඉධාපි පවිවෙකාරාමතාය ජනසංසග‍්ගං අනිච‍්ඡතො යූථං පහාය එකකවිහාරො, අඩ‍්ඪරත‍්තසමයෙ නදියා වුය‍්හමානස‍්ස කරුණං පරිදෙවන‍්තස‍්ස පුරිසස‍්ස අට‍්ටස‍්සරං සුත්‍වා සයිතට‍්ඨානතො වුට‍්ඨාය නදීතීරං ගන‍්ත්‍වා මහාගඞ‍්ගාය මහති උදකොඝෙ වත‍්තමානෙ අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා ඔතරිත්‍වා සොතං පච‍්ඡින්‍දිත්‍වා තං පුරිසං අත‍්තනො පිට‍්ඨියං ආරොපෙත්‍වා තීරං පාපෙත්‍වා සමස‍්සාසෙත්‍වා ඵලාඵලාදීනි දත්‍වා පරිස‍්සමවිනොදනං, පුන තං අත‍්තනො පිට‍්ඨිං ආරොපෙත්‍වා අරඤ‍්ඤතො නීහරිත්‍වා මහාමග‍්ගෙ ඔතාරණං, සරං සන‍්නය‍්හිත්‍වා විජ‍්ඣිස‍්සාමීති අභිමුඛෙ ඨිතස‍්ස රඤ‍්ඤො නිබ‍්භයෙන හුත්‍වා පටිමුඛමෙව ගන‍්ත්‍වා පඨමතරං මනුස‍්සභාසාය ආලපිත්‍වා මධුරපටිසන්‍ථාරකරණං, මිත‍්තදුබ‍්භී පාපපුරිසං හන‍්තුකාමං රාජානං ධම‍්මකථං කත්‍වා පුනපි අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා මරණතො පමොචනං, තස‍්ස ච රඤ‍්ඤො යථාපටිඤ‍්ඤං ධනදාපනං, රඤ‍්ඤා අත‍්තනො වරෙ දීයමානෙ තෙන සබ‍්බසත‍්තානං අභයදාපනං, රාජානඤ‍්ච දෙවිඤ‍්ච පමුඛං කත්‍වා මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා දානාදීසු පුඤ‍්ඤෙසු තෙසං පතිට‍්ඨාපනං, ලද‍්ධාභයානං මිගානං ඔවාදං දත්‍වා මනුස‍්සානං සස‍්සඛාදනතො නිවාරණං, පණ‍්ණසඤ‍්ඤාය ච තස‍්ස යාවජ‍්ජකාලා ථාවරකරණන‍්ති එවමාදයො මහාසත‍්තස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

මෙහිද යට සඳහන් අයුරින්ම සුදුසු පරිදි උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝ නිර්ධාරණය කළ යුත්තාහ. එසේ මෙම චරිතයෙහි ද විවේකය කැමති හෙයින් ජනයා හා එක්වීමට අකමැතිවන්නාහු සමූහය හැර හුදෙකලාව විසීමද, අර්‍ධරාත්‍රී සමයෙහි ගඟෙහි ගසාගෙන යන්නා වූ බැගෑ හඬින් හඬන්නා වූ ඒ පුරුෂයාගේ හඬ අසා සැතපුන තැනින් නැගිට ගංතෙරට ගොස් මහා ගංඟාවෙහි මහත් ජලප්‍රවාහයක් ඇති කල්හි තම ජීවිතය පරිත්‍යාගකොට ගඟට බැස සැඬපහර සිඳපියා ගොස් ඒ පුරුෂයා තමාගේ පිටමත හිඳුවාගෙන ගං තෙරට පමුණුවා අස්වසා ඵලාඵල ආදිය දී විඩා සංසිඳවීමද, නැවත ඔහු තම පිට මත හිඳුවාගෙන වනයෙන් බැහැරට ගෙනගොස් මහමග බැස්ස වීමද, හීය සන්නද්ධ කොට විදින්නෙමි’යි ඉදිරියෙහි සිටි රජුට බිය නොවී රජු ඉදිරියට ගොස් පළමුවම මනුෂ්‍ය භාෂාවෙන් අමතා මිහිරි පිළිසඳර පැවැත්වීමද, මිත්‍රද්‍රෝහී පවිටු පුරුෂයා නසනු කැමති රජුට ධර්‍මකථා පවත්වා නැවත ද තම ජීවිතය පරිත්‍යාග කොට මරණයෙන් මිදවීම ද, ඒ පුරුෂයාට රජුගේ ප්‍රතිඥාවට අනුව ධනය දෙවීම ද, රජු විසින් තමාට වරයන් දෙනු ලබන කල්හි ඔහු ලවා සියලු සත්ත්‍වයන්ට අභය දෙවීම ද, රජු සහ දේවිය ද ප්‍රමුඛ කොට මහජනයාට ධර්‍මය දේශනා කොට දානාදී පුණ්‍ය කර්‍මයන්හි ඔවුන් පිහිටුවීමද, ලැබූ අභය ඇති මුවන්ට අවවාද දී මිනිසුන්ගේ ධාන්‍ය කෑමෙන් වැලැක්වීමද, ඒ කරන ලද පත්‍ර සංඥාව අද දක්වාත් ස්ථිර කිරීම ද යන මේ ආදී වූ මහාසත්ත්‍වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහයි.

රුරුමිගරාජචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

සවෙනි රූරු මිගරාජ චරිතයයි.