යෙදුමෙන් කියවන්න

5. මහිංසරාජචරියාවණ‍්ණනා අට‍්ඨකථා

5. මහිංසරාජචරියාවණ‍්ණනා

5. මහිසරාජ චරියා වර්ණනාව

184. “පුනාපරං යදාහොමි මහිසො පවන චාරිකො පවඩ්ඪිකායො බලවා මහන්තො භීමදස්ස නො”

185. “පබ්භාරෙ ගිරිදුග්ගෙ ච රුක්‍ඛ මූලෙ දකාසයෙ හොතෙත්‍ථ ඨානං මහිසානං කොචි කොචි තහිං තහිං”

186. “විචරන්තො බ්‍රහාරඤ්ඤෙ ඨානං අද්ද ස භද්ද කං තං ඨානං උපගනත්‍වාන තිට්ඨාමිච සයාමිච (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහා වනයෙහි හැසිරෙන්නා වූ, මහත් සේ වැඩුණු අඟපසඟ ඇති, මහා බල ඇති, මහා ශරීර ඇති, භයජනක දැකුම් ඇති මීමෙක් වීම්ද, එහි පර්‍වත ප්‍රපාතයෙහි ද ගිරි දුර්‍ගයෙහි ද, වෘක්‍ෂ මූලයෙහි ද, ජලස්ථාන සමීපයෙහි ද යම් යම් ප්‍රදේශයක් වන මීමුන්ගේ වාසස්ථාන වේද? ඒ ඒ තන්හි හැසිරෙන්නෙමි. ඒ මහා වනයෙහි යහපත් වූ ස්ථානයක් දුටුවෙමි. ඒ ස්ථානයට ගොස් සිටීම ද කෙළෙමි. සයනය ද කෙළෙමි.

පඤ‍්චමෙ මහිංසො පවනචාරකොති මහාවනචාරී වනමහිංසො යදා හොමීති යොජනා. පවඩ‍්ඪකායොති වයසම‍්පත‍්තියා අඞ‍්ගපච‍්චඞ‍්ගානඤ‍්ච ථූලභාවෙන අභිවඩ‍්ඪකායො. බලවාති මහාබලො ථාමසම‍්පන‍්නො. මහන‍්තොති විපුලසරීරො. හත්‍ථිකලභප‍්පමාණො කිර තදා බොධිසත‍්තස‍්ස කායො හොති. භීමදස‍්සනොති මහාසරීරතාය වනමහිංසජාතිතාය ච සීලං අජානන‍්තානං භයං ජනනතො භයානකදස‍්සනො.

පස්වෙනි (මහිසරාජ චරිතයෙහි) “මහිසො පවනචාරිකො” යනු මහ වනයෙහි හැසිරෙන වන මීමෙක් යම් දිනක වීම්දැයි පදපිළිවෙළයි. “පවඩ්ඪකායො” යනු යොවුන් වියට පත්වීමෙන් අඟපසඟින් ද තර බවෙන් ද අතිශයින් වැඩුණු කය ඇත්තේ “බලවා” යනු මහත් බල ඇත්තේ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ. “මහන්තො” යනු මහත් ශරීර ඇත්තේ, එකල්හි බෝධිසත්ත්‍වයන්ගේ ශරීරය ඇත් කඳක් පමණ වෙයි. “භීමදස්සනො” යනු මහත් ශරීර ඇති බැවින් ද වනමහිසජාති ඇති බැවින්ද ස්වභාවය නොදන්නවුන්ට භය ඉපිද වීමෙන් භයානක දර්‍ශන ඇති

පබ‍්භාරෙති ඔලම‍්බකසිලාකුච‍්ඡියං. දකාසයෙති ජලාසයසමීපෙ. හොතෙත්‍ථ ඨානන‍්ති එත්‍ථ මහාවනෙ යො කොචි පදෙසො වනමහිංසානං තිට‍්ඨනට‍්ඨානං හොති. තහිං තහින‍්ති තත්‍ථ තත්‍ථ.

“පබ්භාරෙ” යනු ප්‍රපාතයෙහි වූ ගල් ගුහාවක “දකාසයෙ” යනු ජලස්ථානය සමීපයේ “හොතෙත්‍ථඨානං” යනු මෙහි මහ වනයෙහි යම්කිසි ප්‍රදේශයක් වනමීමුන්ට සිටින තැන්වෙයිද, “තහිං තහිං” යනු ඒ ඒ තැන්වල,

විචරන‍්තොති විහාරඵාසුකං වීමංසිතුං විචරන‍්තො. ඨානං අද‍්දස භද‍්දකන‍්ති එවං විචරන‍්තො තස‍්මිං මහාරඤ‍්ඤෙ භද‍්දකං මය‍්හං ඵාසුකං රුක‍්ඛමූලට‍්ඨානං අද‍්දක‍්ඛිං. දිස‍්වා ච තං ඨානං උපගන‍්ත්‍වාන, තිට‍්ඨාමි ච සයාමි ච ගොචරං ගහෙත්‍වා දිවා තං රුක‍්ඛමූලට‍්ඨානං ගන‍්ත්‍වා ඨානසයනෙහි වීතිනාමෙමීති දස‍්සෙති.

“චිවරන්තො” යනු විසීමට පහසුතැනක් සෙවීමට හැසිරෙන්නේ, “ඨානං අද්දස භද්දකං” යනු මෙසේ හැසිරෙන්නේ ඒ මහ වනයෙහි යහපත් වූ මට පහසු වූ රුක්මුල් තැනක් දුටුවෙමි. දැක “තං ඨානං උපගනත්‍වාන තිට්ඨාමි ච සයාමිච” ගොදුරු ගෙන දහවල් ඒ රුක්මුල් තැනට ගොස් සිටීමි. නිදා ගැනීමෙන් කල් යවමි’යි දක්වයි.

තදා කිර බොධිසත‍්තො හිමවන‍්තප‍්පදෙසෙ මහිංසයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ථාමසම‍්පන‍්නො මහාසරීරො හත්‍ථිකලභප‍්පමාණො පබ‍්බතපාදපබ‍්භාරගිරිදුග‍්ගවනඝටාදීසු විචරන‍්තො එකං ඵාසුකං මහාරුක‍්ඛමූලං දිස‍්වා ගොචරං ගහෙත්‍වා දිවා තත්‍ථ වසති. අථෙකො ලොලමක‍්කටො රුක‍්ඛා ඔතරිත්‍වා මහාසත‍්තස‍්ස පිට‍්ඨිං අභිරුහිත්‍වා උච‍්චාරපස‍්සාවං කත්‍වා සිඞ‍්ගෙසු ගණ‍්හිත්‍වා ඔලම‍්බන‍්තො නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා දොලායන‍්තො කීළි. බොධිසත‍්තො ඛන‍්තිමෙත‍්තානුද‍්දයසම‍්පදාය තං තස‍්ස අනාචාරං න මනසාකාසි. මක‍්කටො පුනප‍්පුනං තථෙව කරොති. තෙන වුත‍්තං “අථෙත්‍ථ කපි මාගන‍්ත්‍වා”තිආදි.

එකල්හි වනාහි බෝධිසත්ත්‍වයෝ හිමාලය ප්‍රදේශයෙහි මහිස යෝනියෙහි ඉපිද වියපත්ව වීර්‍ය්‍යයෙන් යුක්ත වූවාහු ඇත් කඳක් පමණ වූ මහා ශරීර ඇත්තාහු. පර්‍වතපාද, පර්‍වත කුහර, ගිරිදුර්‍ග, වන ලැහැබ් ආදියෙහි හැසිරෙමින් එක් පහසු මහරුක් මුලක් දැක ගොදුරු ගෙන දහවල් එහි වසති. ඉක්බිති එක් ලොල් වඳුරෙක් ගසෙන් බැස මහා සත්ත්‍වයන්ගේ පිටට නැග මල මුත්‍රා කොට අංවලින් අල්ලා එල්ලෙමින් නගුටින් ගෙන පැද්දෙමින් ක්‍රීඩා කළේය. බෝධිසත්ත්‍වයෝ ක්‍ෂාන්ති මෛත්‍රී කරුණා සමුප්‍රදාය නිසා ඔහුගේ ඒ අනාචාරය මෙනෙහි නො කළහ. වඳුරා නැවත නැවත එසේම කරයි. එහෙයින් “අථෙත්‍ථ කපිමාගනත්‍වා” යනාදිය වදාරණ ලදී.

187. “අථෙත්‍ථ කපිමාගනත්‍වා පාපො අනරියො ලහු ඛන්‍ධෙ නලාටෙ භමුකෙ මුත්තෙති ඔහනෙති තං”

188. “සකිම්පි දිවසං දුතියං තතියං චතුත්‍ථම්පිච දූසෙති මං සබ්බකාලං තෙන හොමි උපද්දුතො”

189. “මමං උපද්දුතං දිස්වා යක්‍ඛො මං ඉදමබ්‍රැවී නාසෙහෙතං ඡවං පාපං සිඞ්ගෙහිච ඛුරෙහිච”

190. “එවං වුත්තෙ තදා යක්‍ඛෙ අහන්තං ඉදමබ්‍රැවිං කිංන්‍වං මක්‍ඛෙසි කුණපෙන පාපෙන අනරියෙන මං”

191. “යදිහං තස්ස පකුප්පෙය්‍යං තතො හීනතරො භවෙ සීලඤ්ච මෙ පභිජ්ජෙය්‍ය විඤ්ඤුච ගරහෙය්‍යු මං”

192. “හීළිතා ජීවිතාචාපි පරිසුද්ධෙ න මතං වරං ක්‍යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනන්ති”

“ඉක්බිති ඒ ස්ථානයට ලාමක වූ පහත් වූ හැසිරිම් ඇති ලොල් ගති ඇති වඳුරෙක් අවුත් මාගේ පිටෙහි ද නළලෙහි ද බැමෙහි ද මුත්‍රා කෙරෙයි. මල පහ කෙරෙයි.

හෙතෙම එක් දිනක් ද දෙදිනක් ද තුන් දිනක් ද සිවු දිනක් ද හැමකල්හිම මා දුෂ්‍ය කෙරෙයි. ඔහු විසින් පීඩා කරන ලද්දේ වෙමි.

(ඒ ගසෙහි අධිගෘහිත) දෙවියා, පෙළන ලද මා දැක “හීනවූ ලාමක වූ මේ වඳුරා අඟින් ද කුරවලින් ද නසා දමව’යි මට මෙසේ කීවේය. එකල්හි ඒ දෙවියා මෙසේ කීකල්හි මම ඔහුට මෙසේ කීවෙමි. කිමෙක්ද අතිශයින් පිළිකුල් කටයුතු වූ අනාර්‍ය්‍ය වූ පාපයෙන් තෝ මා තවරන්නෙහිද? ඉදින් මම ඔහු කෙරෙහි කිපෙන්නෙම් නම් ඔහුටත් වඩා ලාමකයෙක් වන්නෙමි. මාගේ ශීලයද බිඳෙන්නේය. පණ්ඩිත වූවෝ මට ගර්‍හා කරන්නාහ. ගර්‍හා කරන ලද ජීවිතයට වඩා පිරිසිදු ශීලයෙන් යුක්තව මියයාමම උතුම් වේ. මම මගේ ජීවිතය හේතු කොටගෙනද අනුන් පෙළීම කුමට කරන්නෙම් ද?

තත්‍ථ කපි මාගන‍්ත්‍වාති කපි ආගන‍්ත්‍වා, ම-කාරො පදසන්‍ධිකරො. පාපොති ලාමකො. අනරියොති අනයෙ ඉරියනෙන අයෙ ච න ඉරියනෙන අනරියො, නිහීනාචාරොති අත්‍ථො. ලහූති ලොලො. ඛන්‍ධෙති ඛන්‍ධප‍්පදෙසෙ. මුත‍්තෙතීති පස‍්සාවං කරොති. ඔහදෙතීති කරීසං ඔස‍්සජ‍්ජති. තන‍්ති තං මං, තදා මහිංසභූතං මං.

එහි “කපිමාගනත්‍වා” යනු වඳුරෙක් පැමිණ. “ම” කාරය පදසන්‍ධි කරයි. “පාපො” යනු ලාමක, “අනරියො” යනු විපතෙහි පැවතීමෙන් ද අභිවෘද්ධියෙහි නොපැවතීමෙන් ද අනරිය වේ. පහත් පැවතුම් ඇත්තේ යන අර්‍ථයයි. “ලහු” යනු ලොල් වූ “ඛන්‍ධෙ” යනු කඳ පෙදෙසෙහි. “මුත්තෙති” යනු මුත්‍රා කරයි. “ඔහනෙති” යනු මලපහ කරයි. ‘තං’ යනු ඒ මා එදා මීමා වූ මා.

සකිම‍්පි දිවසන‍්ති එකදිවසම‍්පි දූසෙති මං සබ‍්බකාලම‍්පි. තෙනාහ “දූසෙති මං සබ‍්බකාල”න‍්ති. න කෙවලඤ‍්ච දුතියතතියචතුත්‍ථදිවසමත‍්තං, අථ ඛො සබ‍්බකාලම‍්පි මං පස‍්සාවාදීහි දූසෙති. යදා යදා මුත‍්තාදීනි කාතුකාමො, තදා තදා මය‍්හමෙව උපරි කරොතීති දස‍්සෙති. උපද‍්දුතොති බාධිතො, තෙන සිඞ‍්ගෙසු ඔලම‍්බනාදිනා මුත‍්තාදිඅසුචිමක‍්ඛණෙන තස‍්ස ච අපහරණත්‍ථං අනෙකවාරං සිඞ‍්ගකොටීහි වාලග‍්ගෙන ච අනෙකවාරං කද‍්දමපංසුමිස‍්සකං උදකං සිඤ‍්චිත්‍වා ධොවනෙන ච නිප‍්පීළිතො හොමීති අත්‍ථො.

“සකිම්පි දිවසං” යනු මා එක් දවසක් ද දුෂ්‍ය කෙරෙයි. සියලු කල්හිද. එහෙයින් “දුසෙති මං සබ්බකාලං”යි කීය. හුදෙක් දෙවන, තුන්වන, හතරවන දවස් පමණක් නොවේ. ඉක්බිති සියලු කල්හිම මා මුත්‍රා කිරීම් ආදියෙන් දුෂ්‍ය කෙරෙයි. යම් යම් විටෙක මුත්‍රාදිය කරනු කැමැත්තේ ද ඒ ඒ අවස්ථාවල මගේම මත්තෙහි කරන්නේය’යි දක්වයි. “උපද්දුතො” යනු පීඩා කරන ලද්දේ ඔහු විසින් අං වල එල්ලීම් ආදියෙන් ද මුත්‍රාදී අසූචීන් ගෑමෙන් ද, ඒවා ඉවත් කිරීම සඳහා නොයෙක් වාරයක් අං කෙළවරින් හා වලිගය අගින් ද නොයෙක් වාරයක් මඩ පස් මිශ්‍ර ජලය ඉස සේදීමෙන් ද පෙළන ලද්දේ වෙමි” යන අර්‍ථයයි.

යක‍්ඛොති තස‍්මිං රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා. මං ඉදමබ්‍රවීති රුක‍්ඛක‍්ඛන්‍ධෙ ඨත්‍වා “මහිංසරාජ, කස‍්මා ඉමස‍්ස දුට‍්ඨමක‍්කටස‍්ස අවමානං සහසී”ති ඉමමත්‍ථං පකාසෙන‍්තො නාසෙහෙතං ඡවං පාපං , සිඞ‍්ගෙහි ච ඛුරෙහි චාති ඉදං වචනං මං අභාසි.

“යක්‍ඛො” යනු ඒ ගසෙහි අධිගෘහිත දෙවියාය. “මං ඉදමබ්‍රැවී” යනු රුක් කඳෙහි සිට “මහිස රාජය, කුමක් හෙයින් මේ දුෂ්ට වඳුරාගේ අවමන් ඉවසන්නෙහිදැයි මේ කාරණය පවසන්නේ “නාසෙහෙතං ඡවං පාපං සිඞ්ගෙහිච ඛුරෙහිච” (මේ හීන වූ ලාමක වූ වඳුරා අං වලින් හා කුර වලින් පහරදී නසව) යන මේ වචන මට කීවේ.

එවං වුත‍්තෙ තදා යක‍්ඛෙති තදා තස‍්මිං කාලෙ තස‍්මිං යක‍්ඛෙ එවං වුත‍්තෙ සති. අහං තං ඉදමබ්‍රවින‍්ති අහං තං යක‍්ඛං ඉදං ඉදානි වක‍්ඛමානං අබ්‍රවිං අභාසිං. කුණපෙනාති කිලෙසාසුචිපග‍්ඝරණෙන සුචිජාතිකානං සාධූනං පරමජිගුච‍්ඡනීයතාය අතිදුග‍්ගන්‍ධවායනෙන ච කුණපසදිසතාය කුණපෙන. පාපෙනාති පාණාතිපාතපාපෙන. අනරියෙනාති අනරියානං අසාධූනං මාගවිකනෙසාදාදීනං හීනපුරිසානං ධම‍්මත‍්තා අනරියෙන, කිං කෙන කාරණෙන, ත්‍වං දෙවතෙ මං මක‍්ඛෙසි, අයුත‍්තං තයා වුත‍්තං මං පාපෙ නියොජෙන‍්තියාති දස‍්සෙති.

“එවං වුත්තෙ තදා යක්‍ඛෙ” යනු එදා එම කාලයෙහි එම දෙවියා මෙසේ කී කල්හි අහං මම දෙවියාට “ඉදං” දැන් කියනු ලබන දෙය “අබ්‍රවිං” කීවෙමි. “කුණපෙන” යනු කෙළෙස් අසූචි වැගිරීම හේතු කොට ගෙන පිරිසිදු ජාති ඇති සත්පුරුෂයන්ගේ පරම පිළිකුලට භාජනය වීම නිසා අපකීර්ති දුගඳ හැමීමෙන් කුණපයට සමාන බැවින් “කුණපෙන” වේ. “පාපෙන” යනු ප්‍රාණඝාත ආදී පාපයෙන්, “අනරියෙන” යනු අනාර්ය වූ අසත් පුරුෂයන්ගේ, මුවන් මරන වැදි ආදී පහත් පුරුෂයන්ගේ ස්වභාවය වූ පහත් දෙයින් “කිං” කුමන කරුණකින් ත්‍වං දේවතාවෙනි, ඔබ මං මක්‍ඛෙ සි මා තවරන්නෙහිද? මා පාපයෙහි යොදවන්නී නුඹ විසින් නුසුදුසු දෙයක් කියන ලදී යයි, දක්වයි.

ඉදානි තස‍්මිං පාපධම‍්මෙ ආදීනවං පකාසෙන‍්තො “යදිහ”න‍්තිආදිමාහ. තස‍්සත්‍ථො – භද‍්දෙ දෙවතෙ, අහං තස‍්ස යදි කුජ‍්ඣෙය්‍යං, තතොපි ලාමකතරො භවෙය්‍යං. යෙන හි අධම‍්මචරණෙන සො බාලමක‍්කටො නිහීනො නාම ජාතො, සචෙ පනාහං තතොපි බලවතරං පාපධම‍්මං චරෙය්‍යං, නනු තෙන තතො පාපතරො භවෙය්‍යං, අට‍්ඨානඤ‍්චෙතං යදිහං ඉධලොකපරලොකං තදුත‍්තරි ච ජානිත්‍වා ඨිතො එකන‍්තෙනෙව පරහිතාය පටිපන‍්නො එවරූපං පාපධම‍්මං චරෙය්‍යන‍්ති. කිඤ‍්ච භිය්‍යො – සීලඤ‍්ච මෙ පභිජ‍්ජෙය්‍යාති අහඤ‍්චෙව ඛො පන එවරූපං පාපං කරෙය්‍යං, මය‍්හං සීලපාරමී ඛණ‍්ඩිතා සියා. විඤ‍්ඤූ ච ගරහෙය්‍යු මන‍්ති පණ‍්ඩිතා ච දෙවමනුස‍්සා මං ගරහෙය්‍යුං “පස‍්සථ, භො, අයං බොධිසත‍්තො බොධිපරියෙසනං චරමානො එවරූපං පාපං අකාසී”ති.

දැන් එම පාප ධර්‍මයෙහි ආදීනව ප්‍රකාශ කරන්නේ “යදිහං” යනාදිය කීය. එහි අර්‍ථය, පින්වත් දේවතාවෙනි, ඉදින් මම ඔහුට කිපෙන්නෙම් නම් ඔහුටත් වඩා ලාමකයෙක් වන්නෙමි. යම් අධර්‍මයක හැසිරීමෙන් ඒ මෝඩ වඳුරා “නිහීනයෙක්ව උපත ලැබුවේ ද ඉදින් මම වනාහි ඊටත් වඩා අතිශයින් බලවත් වූ පාප ධර්‍මයෙක්හි හැසුරුනෙම් නම් එයින් ඔහුටත් වඩා පාපතරයෙක් වන්නෙම් නොවේද? ඉදින් මම මෙලොවත් පරලොවත් ඊට වඩා උතුම් තත්ත්‍වයත් දැන සිටියෙම් ඒකාන්තයෙන්ම පරහිත පිණිස පිළිපන්නෙම් මෙබඳු පාපධර්‍මයක හැසිරෙන්නෙමි’ යන මෙය විය නොහැකි දෙයකි. බොහෝ සේ කීමෙන් කවර ප්‍රයෝජනයක් ද? “සීලඤ්ච මෙ පභිජ්ජෙය්‍ය” යනු මම වනාහි මෙබඳු පාප කර්‍මයක් කරන්නෙම් මගේ ශීල පාරමිතාව කඩ වූවක් වන්නේය. “විඤ්ඤුච ගරහෙය්‍යු මං” යනු ඥානවන්ත දේවමනුෂයෝ “එම්බා, පින්වත්නි, බලව් මේ බෝධිසත්ත්‍වයෝ බෝධි පර්යේෂණයෙහි හැසිරෙන්නාහු මෙබඳු වූ පාපයක් කළහ’යි මට ගරහන්නාහ.

හීළිතා ජීවිතා වාපීති වා-සද‍්දො අවධාරණෙ. එවං විඤ‍්ඤූහි හීළිතා ගරහිතා ජීවිතාපි පරිසුද‍්ධෙන පරිසුද‍්ධසීලෙන හුත්‍වා මතං වා මරණමෙව වරං උත‍්තමං සෙය්‍යො. ක්‍යාහං ජීවිතහෙතුපි , කාහාමි පරහෙඨනන‍්ති එවං ජානන‍්තො ච අහං මය‍්හං ජීවිතනිමිත‍්තම‍්පි පරසත‍්තවිහිංසනං කිං කාහාමි කිං කරිස‍්සාමි, එතස‍්ස කරණෙ කාරණං නත්‍ථීති අත්‍ථො.

“හීළිකා ජීවිතා වාපි” යන්නෙහි ‘වා’ ශබ්දය අවධාරණාර්ථයෙහිය. මෙසේ පණ්ඩිතයන් විසින් පිළිකුල් කළ ගර්හා කළ ජීවිතයට ද වඩා “පරිසුද්ධෙන” පිරිසිදු ශීලයෙන් යුක්ත වූවෙක් වී “මතංවා” මරණයම “වරං” උතුම්ය. ශ්‍රේෂ්ඨය. “ක්‍යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනං” යනු මෙසේ දනිමින් මම මගේ ජීවිතය හේතුකොට අන්‍ය සත්ත්‍වයන්ට හිංසා කිරීම “කිං කාහාමි” කුමට කරන්නෙම් ද? පරපීඩා කිරීමෙහි හේතුවක් නැතැයි යන අර්‍ථයයි.

අයං පන අඤ‍්ඤෙපි මං විය මඤ‍්ඤමානො එවං අනාචාරං කරිස‍්සති, තතො යෙසං චණ‍්ඩමහිංසානං එවං කරිස‍්සති, තෙ එව එතං වධිස‍්සන‍්ති, සා එතස‍්ස අඤ‍්ඤෙහි මාරණා මය‍්හං දුක‍්ඛතො ච පාණාතිපාතතො ච මුත‍්ති භවිස‍්සතීති ආහ. තෙන වුත‍්තං –

මේ වඳුරු තෙම අන්‍ය මීමුන්ට ද මා මෙන් සිතා මෙසේ අනාචාර කරන්නේය. එහිදී යම් චණ්ඩ මහිෂයන්ට මෙසේ කරන්නේ නම් ඔවුහුම මොහු මරන්නාහ. මොහුට අනුන්ගෙන් වන මරණය මට දුකෙන්ද ප්‍රාණඝාතයෙන් ද මිදීම වන්නේ යයි කීහ. එහෙයින්,

“මමෙවායං මඤ‍්ඤමානො, අඤ‍්ඤෙපෙවං කරිස‍්සති; තෙව තස‍්ස වධිස‍්සන‍්ති, සා මෙ මුත‍්ති භවිස‍්සතී”ති.

193. “මමෙවායං මඤ්ඤමානො අඤ්ඤෙ පෙවං කරිස්සති තෙව තත්‍ථ වධිස්සන්ති සා මෙ මුත්ති භවිස්සති

194. “හීන මජ්ඣිම උක්කට්ඨෙ සහන්තො අවමානිතං එවං ලභති සප්පඤ්ඤෙ මනසා යථා පත්‍ථිතන්ති” (චරියා පිටක)

“මෙතෙම මා මෙනැයි හඟිමින් අන්‍යයන්ට ද මෙසේ කරන්නේය. ඔවුහුම ඒ වඳුරා එහිදීම මරන්නාහුය. ඒ (මැරීම) මාගේ මිදීම වන්නේය.

හීන මධ්‍යම උත්කෘෂ්ට ජනයන් විසින් කරන ලද අවමානය නුවණැත්තා මෙසේ ඉවසන්නේ සිතින් ප්‍රාර්ථනා කරන ලද්ද එසේම ලබා ගනියි” යනුවෙන් වදාරණ ලදි.

තත්‍ථ මමෙවායන‍්ති මං විය අයං. අඤ‍්ඤෙපීති අඤ‍්ඤෙසම‍්පි. සෙසං වුත‍්තත්‍ථමෙව.

එහි “මමෙවායං” යනු මා මෙන් “අඤ්ඤෙපි” යනු අන්‍යයන්ට ද ඉතිරිය කියන ලද අර්‍ථ ඇත්තේමය.

හීනමජ‍්ඣිමඋක‍්කට‍්ඨෙති හීනෙ ච මජ‍්ඣිමෙ ච උක‍්කට‍්ඨෙ ච නිමිත‍්තභූතෙ. සහන‍්තො අවමානිතන‍්ති විභාගං අකත්‍වා තෙහි පවත‍්තිතං අවමානං පරිභවං සහන‍්තො ඛමන‍්තො. එවං ලභති සප‍්පඤ‍්ඤොති එවං හීනාදීසු විභාගං අකත්‍වා ඛන‍්තිමෙත‍්තානුද‍්දයං උපට‍්ඨපෙත්‍වා තදපරාධං සහන‍්තො සීලාදිපාරමියො බ්‍රූහෙත්‍වා මනසා යථාපත්‍ථිතං යථිච‍්ඡිතං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං ලභති පටිවිජ‍්ඣති, තස‍්ස තං න දූරෙති.

“හීනමජ්ඣි ම උක්කට්ඨෙ” යනු හීනයන්ටද මධ්‍යමයන්ටද උත්කෘෂ්ටයන්ට ද (නොඉවසීමට කාරණයක් වූ) “සහන්තො අවමානිතං” යනු විභාගයක් නොකොට ඔවුන් විසින් කරන ලද අවමානය, පරිභවය, “සහන්තො” ඉවසන්නේ. “එවං ලභති සප්පඤ්ඤෙ” යනු මෙසේ හීනාදීන් කෙරෙහි විභාගයක් නොකොට ක්‍ෂාන්ති මෛත්‍රී කරුණා පෙරදැරි කොට එම අපරාධයන් ඉවසන්නේ ශීලාදී පාරමීන් වඩා “මනසා යථා පත්‍ථිතං” කැමති වූ පරිදි සර්‍වඥතා ඥානය ලබයි. අවබෝධ කර ගනියි. එතුමාට එය දුර නොවෙයි.

එවං මහාසත‍්තො අත‍්තනො අජ‍්ඣාසයං පකාසෙන‍්තො දෙවතාය ධම‍්මං දෙසෙසි. සො කතිපාහච‍්චයෙන අඤ‍්ඤත්‍ථ ගතො. අඤ‍්ඤො චණ‍්ඩමහිංසො නිවාසඵාසුතාය තං ඨානං ගන‍්ත්‍වා අට‍්ඨාසි. දුට‍්ඨමක‍්කටො “සො එව අය”න‍්ති සඤ‍්ඤාය තස‍්ස පිට‍්ඨිං අභිරුහිත්‍වා තථෙව අනාචාරං අකාසි. අථ නං සො විධුනන‍්තො භූමියං පාතෙත්‍වා සිඞ‍්ගෙන හදයෙ විජ‍්ඣිත්‍වා පාදෙහි මද‍්දිත්‍වා සඤ‍්චුණ‍්ණෙසි.

මෙසේ මහාසත්ත්‍වයෝ තමාගේ අදහස ප්‍රකාශ කරමින් දේවතාවාට ධර්‍මය දේශනා කළහ. එතුමා දින කීපයක් ඇවෑමෙන් වෙනත් තැනකට ගියේය. වෙනත් චණ්ඩ මීමෙක් නිවාස පහසුව සඳහා එතනට ගොස් සිටියේය. දුෂ්ට වඳුරුතෙම “මේ ඔහුමය”යි හැඟීමෙන් උගේ පිටට නැග කී අයුරින්ම අනාචාර කළේය. ඉක්බිති ඒ මීමා (ඇඟ) සොලවමින් වඳුරා බිම දමා අඟන් ඇන ළය පලා පයින් මැඩ සුණු විසුණු කළේය.

තදා සීලවා මහිංසරාජා ලොකනාථො.

එකල්හි සිල්වත් මහිෂරාජයා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තථා හත්‍ථිනාග- (චරියා· 2.1 ආදයො) භූරිදත‍්ත- (චරියා· 2.11 ආදයො) චම‍්පෙය්‍යනාගරාජ- (චරියා· 2.20 ආදයො) චරියාසු විය ඉධ මහාසත‍්තස‍්ස ගුණානුභාවා වෙදිතබ‍්බා.

මේ චරිතයෙහි ද උන්වහන්සේගේ සෙසු පාරමිතා යට කියන ලද අයුරින්ම සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම හත්‍ථිනාග, භූරිදත්ත, චම්පෙය්‍ය නාගරාජ චරිතයන්හි මෙන් මෙහි මහාසත්ත්‍වයන්ගේ ගුණනුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

මහිංසරාජචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වෙනි මහිසරාජ චරිතයයි.