4. චූළබොධිචරියාවණ්ණනා අට්ඨකථා
4. චූළබොධිචරියාවණ්ණනා
4. චූළබෝධි චරියා වර්ණනාව
173. “පුනාපරං යදා හොමි චූලබොධි සුසීලවා භවං දිස්වාන භයතො නෙක්ඛම්මං අභිනික්ඛමිං”
174. “යා මෙ දුතියිකා ආසි බ්රාහ්මණී කනක සන්නිභා සාපි වට්ටෙ අනපෙක්ඛා නෙක්ඛම්මං අභිනික්ඛමි”
175. “නිරාලයා ජින්න බන්ධු අනපෙක්ඛා කුලෙගණෙ චරන්තා ගාම නිගමං බාරාණසි මුපාගමුං”
176. “තත්ථ වසාම නිපකා අසංසට්ඨා කුලෙ ගණෙ නිරාකුලෙ අප්පසද්දෙ රාජුය්යානෙ වසාමුභො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක මම සොඳුරු සිල් ඇති චූලබෝධි නම් (පරිබ්‍රාජකයෙක්) වීම් ද එකල්හි සංසාරය භය වශයෙන් දැක නෛෂ්ක්රම්යද (නැණසින් දැක) අභිනිෂ්ක්‍රමණය කෙළෙමි. මාගේ බිරිඳ වූ ස්වර්ණයකට බඳු වර්ණ ඇති යම් බැමිණියක් වූවාද ඕතොමෝද සසරෙහි අපේක්ෂා රහිතව නෛෂ්ක්‍රම්‍යය පිණිස නික්මුණාය.
තෘෂ්ණා රහිත වූ ඤාතීන් කෙරෙහි සිඳින ලද බන්ධන ඇති කුලය කෙරෙහි ද සමූහයා කෙරෙහි ද අපේක්ෂා රහිත වූ (අප දෙදෙනා) ගම් නියම්ගම්හි හැසිරෙමින් බරණැස් නුවරට එළඹියෙමු. එහි නිරාකුල වූ නිශ්ශබ්ද වූ රජුගේ උයනෙහි අපි දෙදෙනා ප්‍රඥාවෙන් යුක්තව කුලය කෙරෙහි ද සමූහයා කෙරෙහි ද නොඇලුණු සිත් ඇතිව වාසය කළෙමු.
චතුත්ථෙ චූළබොධීති මහාබොධිපරිබ්බාජකත්තභාවං උපාදාය ඉධ “චූළබොධී”ති සමඤ්ඤා ආරොපිතා, න පන ඉමස්මිං එව ජාතකෙ (ජා· 1.10.49 ආදයො) අත්තනො ජෙට්ඨභාතිකාදිනො මහාබොධිස්ස සම්භවතොති දට්ඨබ්බං. සුසීලවාති සුට්ඨු සීලවා, සම්පන්නසීලොති අත්ථො. භවං දිස්වාන භයතොති කාමාදිභවං භායිතබ්බභාවෙන පස්සිත්වා. නෙක්ඛම්මන්ති එත්ථ ච-සද්දස්ස ලොපො දට්ඨබ්බො, තෙන “දිස්වානා”ති පදං ආකඩ්ඪීයති. ඉදං වුත්තං හොති – ජාතිජරාබ්යාධිමරණං අපායදුක්ඛං අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛන්ති ඉමෙසං අට්ඨන්නං සංවෙගවත්ථූනං පච්චවෙක්ඛණෙන සබ්බම්පි කාමාදිභෙදං භවං සංසාරභයතො උපට්ඨහමානං දිස්වා නිබ්බානං තස්ස උපායභූතා සමථවිපස්සනා තදුපායභූතා ච පබ්බජ්ජාති ඉදං තිවිධම්පි නෙක්ඛම්මං අනුස්සවාදිසිද්ධෙන ඤාණචක්ඛුනා තප්පටිපක්ඛතො දිස්වා තාපසපබ්බජ්ජූපගමනෙන අනෙකාදීනවාකුලා ගහට්ඨභාවා අභිනික්ඛමිත්වා ගතොති.
සතරවෙනි (චූලබෝධි චරිතයෙහි) “චූලබොධි” යනු මහාබෝධි පරිබ්‍රාජක ආත්මභාවය අරමුණු කොට මෙහි “චූලබෝධි” යන ව්‍යවහාරය නගන ලදී. මෙම ජාතකයෙහි තමාට වැඩිමහල් සහෝදරාදී කෙනෙක් මහාබෝධි සත්ත්වයන්ට නොවූ හෙයින් ඒ බව දත යුතුය. “සුසීලවා” යනු යහපත් සිල් ඇත්තා, ශීලයෙන් යුක්ත වූ යන අර්ථයයි, “භවං දිස්වාන භයතො” යනු කාමාදිභවය බිය විය යුතු බවෙන් දැක, “නෙක්ඛම්මං” යනු මෙහි ‘ච’ ශබ්දයෙහි ලෝපය දතයුතුය. එහෙයින් “දිස්වාන” යන පදය සම්බන්ධ කරනු ලැබේ. මෙය කියන ලද්දේ වෙයි. ජාති ජරා ව්‍යාධි, මරණ අපාදුක, අතීතයෙහි සංසාරික දුක, අනාගතයෙහි සාංසාරික දුක, වර්තමානයෙහි ආහාර සෙවීම ආදිකොටගත් දුක යන මේ සංවේග වස්තූන් අට ප්රත්යවේක්ෂා කිරීමෙන් සියලු කාමාදි ප්‍රභේද ඇති භවය සංසාර භය වශයෙන් වටහා ගනිමින් දැක නිර්වාණය ද, එයට උපාය වූ සමථ විදර්ශනා ද, එය උපාය වූ පැවිද්ද ද යන මේ ත්‍රිවිධ නෛෂ්ක්‍රම්‍යය අනුශ්‍රව ආදියෙන් සිද්ධ වූ නැණසින් එයට ප්රතිපක්ෂ වශයෙන් දැක නොයෙක් ආදීනවයන්ගෙන් ආකූල වූ ගිහිභාවයෙන් නික්ම තාපස පැවිද්ද අරමුණු කොට ගියේ ය’යි
දුතියිකාති පොරාණදුතියිකා, ගිහිකාලෙ පජාපතිභූතා. කනකසන්නිභාති කඤ්චනසන්නිභත්තචා. වට්ටෙ අනපෙක්ඛාති සංසාරෙ නිරාලයා. නෙක්ඛම්මං අභිනික්ඛමීති නෙක්ඛම්මත්ථාය ගෙහතො නික්ඛමි, පබ්බජීති අත්ථො.
“දුතියිකා” යනු පැරණි බිරිඳ, ගිහිකල බිරිඳ වූ තැනැත්තිය, “කනකසන්නිභා” යනු රන් සමාන සමක් ඇති, “වට්ටෙ අනපෙක්ඛා” යනු සංසාරයෙහි ඇලීමක් නැති, “නෙක්ඛම්මං අභිනික්ඛමි” යනු නෛෂ්ක්‍රම්‍ය පිණිස ගෙයින් නික්මුණි. ‘පැවිදිවිය’ යන අර්ථයයි.
ආලයන්ති සත්තා එතෙනාති ආලයො, තණ්හා, තදභාවෙන නිරාලයා. තතො එව ඤාතීසු තණ්හාබන්ධනස්ස ඡින්නත්තා ඡින්නබන්ධු. එවං ගිහිබන්ධනාභාවං දස්සෙත්වා ඉදානි පබ්බජිතානම්පි කෙසඤ්චි යං හොති බන්ධනං , තස්සාපි අභාවං දස්සෙතුං “අනපෙක්ඛා කුලෙ ගණෙ”ති වුත්තං. තත්ථ කුලෙති උපට්ඨාකකුලෙ. ගණෙති තාපසගණෙ, සෙසා බ්රහ්මචාරිනොති වුච්චන්ති. උපාගමුන්ති උභොපි මයං උපාගමිම්හා.
මෙය කරණකොටගෙන සත්ත්වයෝ ඇලෙති’යි ආලය වේ. තණ්හාවයි. එය නොමැති බැවින් “නිරාලයා” වේ. එයින්ම ඤාතීන් කෙරෙහි වූ තෘෂ්ණා බන්ධනය සින්ද හෙයින් “ඡින්නබන්ධු” වේ. මෙසේ ගිහි බන්ධනයන්ගේ අභාවය දක්වා දැන් පැවිද්දන්ට ද යම්කිසි බන්ධනයක් වේනම් එය ද නොමැති බව දැක්වීමට “අනපෙක්ඛා කුලෙ ගණෙ” යයි කියන ලදී. එහි ‘කුලෙ’ යනු උපස්ථාන කුලයෙහි, “ගණෙ” යනු තාපස සමූහයෙහි, සෙසු බ්‍රහ්මචාරීහු’යි කියනු ලැබෙති. “උපාගමුං” යනු අපි දෙදෙනාම එළඹියෙමු.
තත්ථාති බාරාණසිසාමන්තෙ. නිපකාති පඤ්ඤවන්තො. නිරාකුලෙති ජනසඤ්චාරරහිතත්තා ජනෙහි අනාකුලෙ, අප්පසද්දෙති මිගපක්ඛීනං උට්ඨාපනතො තෙසං වස්සිතසද්දෙනාපි විරහිතත්තා අප්පසද්දෙ. රාජුය්යානෙ වසාමුභොති බාරාණසිරඤ්ඤො උය්යානෙ මයං උභො ජනා තදා වසාම.
“තත්ථ” යනු බරණැස සමීපයේ, “නිපකා” යනු ප්‍රඥාවන්තයෝ “නිරාකුලෙ” යනු ජනයාගේ ගැවසීමක් නැති බැවින් ජනයාගෙන් නිරාකුල වූ, “අප්පසද්දෙ” යනු මෘගපක්ෂීන්ට උවටැන් කරන හෙයින් ඔවුන් නාද කරන හඬින්ද තොරබැවින් අල්පශබ්ද වූ. “රාජුය්යානෙ වසාමුභො” යනු බරණැස් රජුගේ උයනෙහි අපි දෙදෙනා එකල්හි වසමු.
තත්රායං අනුපුබ්බිකථා – අතීතෙ ඉමස්මිං එව භද්දකප්පෙ බොධිසත්තො බ්රහ්මලොකතො චවිත්වා අඤ්ඤතරස්මිං කාසිගාමෙ එකස්ස මහාවිභවස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස නාමග්ගහණසමයෙ “බොධිකුමාරො”ති නාමං කරිංසු. වයප්පත්තකාලෙ පනස්ස තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පච්චාගතස්ස අනිච්ඡමානකස්සෙව මාතාපිතරො සමජාතිකං කුලකුමාරිකං ආනෙසුං. සාපි බ්රහ්මලොකචුතාව උත්තමරූපධරා දෙවච්ඡරාපටිභාගා. තෙසං අනිච්ඡමානානං එව අඤ්ඤමඤ්ඤං ආවාහවිවාහං කරිංසු. උභින්නම්පි පන නෙසං කිලෙසමුදාචාරො න භූතපුබ්බො, සාරාගවසෙන අඤ්ඤමඤ්ඤං ඔලොකනම්පි නාහොසි, කා පන කථා ඉතරසංසග්ගෙ. එවං පරිසුද්ධසීලා අහෙසුං.
එහි මේ අනුපිළිවෙල කථාවයි:- අතීතයේ මේ භද්‍ර කල්පයෙහිම බෝධිසත්ත්වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් චුතව එක්තරා කසීගමක එක් මහත් සම්පත් ඇති බ්රාහ්මණයෙකුට පුතා වී උපන්හ. ඔහුට නම් තබන දිනයෙහි “බෝධි කුමාර” යයි නම් කළහ. වැඩිවියට පත් කල්හි තක්ෂලාවට ගොස් ශිල්ප ඉගෙන ආපසු පැමිණි කල මවුපියෝ අකමැති වූම ඔහුට සමජාතික වූ කුලකුමාරියක ගෙනාවාහුය. ඕද බ්‍රහ්ම ලෝකයෙන් චුත වූවා දෙවඟනක් බඳු උතුම් රූ ඇත්තීය. ඔවුන් නොකැමැත්තෙන්ම ඔවුනොවුන් ආවාහ විවාහ කළහ. ඔවුන් දෙදෙනා අතරම ක්ලේශ සමුදාචාරයක් නොවූවිරූය. රාගසහිතව ඔවුනොවුන් දෙස බැලීම් පමණකුදු නොවීය. සෙසු සංසර්ගයන් ගැන කියනුම කවරේද? මෙසේ පිරිසිදු සිල් ඇත්තෝ වූහ.
අපරභාගෙ මහාසත්තො මාතාපිතූසු කාලංකතෙසු තෙසං සරීරකිච්චං කත්වා තං පක්කොසාපෙත්වා “භද්දෙ, ත්වං ඉමං අසීතිකොටිධනං ගහෙත්වා සුඛෙන ජීවාහී”ති ආහ. “ත්වං පන අය්යපුත්තා”ති? “මය්හං ධනෙන කිච්චං නත්ථි, පබ්බජිස්සාමී”ති. “කිං පන පබ්බජ්ජා ඉත්ථීනම්පි න වට්ටතී”ති? “වට්ටති, භද්දෙ”ති. “තෙන හි මය්හම්පි ධනෙන කිච්චං නත්ථි, අහම්පි පබ්බජිස්සාමී”ති. තෙ උභොපි සබ්බං විභවං පරිච්චජිත්වා මහාදානං දත්වා නික්ඛමිත්වා අරඤ්ඤං පවිසිත්වා පබ්බජිත්වා උඤ්ඡාචරියාය ඵලාඵලෙහි යාපෙන්තා පබ්බජ්ජාසුඛෙනෙව දස සංවච්ඡරානි වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය ජනපදචාරිකං චරන්තා අනුපුබ්බෙන බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිංසු. තෙන වුත්තං “රාජුය්යානෙ වසාමුභො”ති.
පසුකාලයෙහි මහාසත්ත්වයෝ මවුපියන් කළුරිය කළ පසු ඔවුන්ගේ ශරීර කෘත්‍යය කොට භාර්යාව කැඳවා “සොඳුර, නුඹ මේ අසූ කෝටියක් වූ ධනය ගෙන සුවසේ ජීවත් වෙව”යි කීහ. ආර්‍ය්‍ය පුත්‍රය. නුඹ වහන්සේ කුමක් කරන්නෙහිද? “මට ධනයෙන් වැඩක් නැත. පැවිදි වන්නෙමි”යි කීහ. කිම පැවිද්ද ස්ත්රීන්ට නොවටනේද? “සොඳුර වටී” “එසේනම් මට ද ධනයෙන් වැඩක් නැත. මම ද පැවිදි වන්නෙමි’යි, ඒ දෙදෙනාම සියලු සම්පත් පරිත්‍යාග කොට මහදන් දී නික්ම වනයට පිවිස පැවිදි වී පිඬු පිණිස හැසිරීමෙන් හා ඵලාඵලවලින් යැපෙන්නාහු පැවිදි සැපයෙන්ම දස වසරක් වාසය කොට ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු පිළිවෙළින් බරණැසට ගොස් රජ උයනෙහි විසූහ. එහෙයින් “රාජුය්යානෙ වසාමුභො”යි කියන ලදී,
අථෙකදිවසං රාජා උය්යානකීළං ගතො. උය්යානස්ස එකපස්සෙ පබ්බජ්ජාසුඛෙන වීතිනාමෙන්තානං තෙසං සමීපට්ඨානං ගන්ත්වා පරමපාසාදිකං උත්තමරූපධරං පරිබ්බාජිකං ඔලොකෙන්තො කිලෙසවසෙන පටිබද්ධචිත්තො හුත්වා බොධිසත්තං “අයං තෙ පරිබ්බාජිකා කිං හොතී”ති පුච්ඡි. තෙන “න ච කිඤ්චි හොති, කෙවලං එකපබ්බජ්ජාය පබ්බජිතා, අපි ච ඛො පන ගිහිකාලෙ පාදපරිචාරිකා අහොසී”ති වුත්තෙ රාජා “අයං කිරෙතස්ස න කිඤ්චි හොති, අපි ච ඛො පනස්ස ගිහිකාලෙ පාදපරිචාරිකා අහොසි, යංනූනාහං ඉමං අන්තෙපුරං පවෙසෙය්යං, තෙනෙවස්ස ඉමිස්සා පටිපත්තිං ජානිස්සාමී”ති අන්ධබාලො තත්ථ අත්තනො පටිබද්ධචිත්තං නිවාරෙතුං අසක්කොන්තො අඤ්ඤතරං පුරිසං ආණාපෙසි “ඉමං පරිබ්බාජිකං රාජනිවෙසනං නෙහී”ති.
ඉක්බිති එක් දවසක් රජතුමා උයන් කෙළියට ගියේ උයනෙහි එක් පසෙක පැවිදි සුවයෙන් කල් යවන ඔවුන් සමීපයට ගොස් දුටුවන් අතිශයින් පහදවන්නා වූ උතුම් රූ දරන පරිබ්‍රාජිකාව දැක කෙලෙස් වශයෙන් බැඳුණු සිත් ඇතිව බෝධිසත්ත්වයන්ට “මේ පරිබ්‍රාජිකාව නුඹ වහන්සේට කවරෙක් වන්නීදැයි ඇසීය. උන්වහන්සේ විසින්ද “කිසිවෙක් නොවේ. හුදෙක් එකට පැවිදි වූ තැනැත්තීය. එසේ වුවත් ගිහිකල බිරිඳ වී යයි කී කල්හි රජතුමා “මැය වනාහි මෙතුමාගේ කිසිවෙක් නොවේ. එසේ වුවත් මෙතුමාගේ ගිහිකල බිරිඳ වූවාය. ඉදින් මම මැය අන්තඃපුරයට පමුණුවන්නෙම් නම් එයින්ම මොහුගේ ද මැයගේ ද ප්‍රතිපත්තිය දැන ගන්නෙමි”යි අන්ධබාල වූයේ ඈ කෙරෙහි තමාගේ බැඳුණු සිත වළක්වන්නට නොහැකි වූයේ එක්තරා පුරුෂයකුට “මේ පරිබ්‍රාජිකාව රජගෙට ගෙන යව”යි අණ කළේය.
සො තස්ස පටිස්සුණිත්වා “අධම්මො ලොකෙ වත්තතී”තිආදීනි වත්වා පරිදෙවමානං එව තං ආදාය පායාසි. බොධිසත්තො තස්සා පරිදෙවනසද්දං සුත්වා එකවාරං ඔලොකෙත්වා පුන න ඔලොකෙසි. “සචෙ පනාහං වාරෙස්සාමි, තෙසු චිත්තං පදොසෙත්වා මය්හං සීලස්ස අන්තරායො භවිස්සතී”ති සීලපාරමිංයෙව ආවජ්ජෙන්තො නිසීදි. තෙන වුත්තං “උය්යානදස්සනං ගන්ත්වා, රාජා අද්දස බ්‍රාහ්මණි”න්තිආදි.
ඔහු රජතුමාට (යහපතැයි) පිළිතුරු දී “අධර්මය ලෝකයේ පවතී යනාදිය කියා හඬද්දීම ඇය රැගෙන ගියේය. බෝධිසත්ත්වයෝ ඇය හඬන ශබ්දය අසා එක්වරක් බලා නැවත නොබැලූහ. “ඉදින් මම වළක්වන්නේ නම් ඔවුන් කෙරෙහි සිත නරක් වී මගේ ශීලයට අනතුරක් වන්නේ ය”යි ශීල පාරමිතාවම සිහි කරමින් වැඩ හුන්හ. එහෙයින් උය්යානදස්සනං ගනත්වා - රාජාඅද්දස බ්රාහ්මණිං ආදිය වදාරණ ලදී.
177. “උය්යාන දස්සනං ගනත්වා රාජා අද්දස බ්රාහ්මණිං උපගම්ම මමං පුච්ඡි තුය්හෙ සා කස්ස භාරියා”
178. “එවං වුත්තෙ අහං තස්ස ඉදං වචනමබ්රැවිං න මය්හං භරියා එසා සහධම්මා එක සාසනී.”
179. තස්සා සාරත්ත ගධිතො ගාහපෙත්වාන චෙටකෙ නිප්පීළයන්තො බලසා අන්තෙපුරං පවෙසයී.”
180. “ඔදපත්ත කියා මය්හං සහජාතා එක සාසනී ආකඩ්ඪිත්වා නයන්තියා කොපො මෙ උපපජ්ජථ”
181. “සහකොපෙ සමුප්පන්නෙ සීලබ්බතමනුස්සරිං තත්වෙව කොපං නිග්ගණ්හිං නාදාසිං වඩ්ඪිතූපරි
182. “යදිනං බ්රාහ්මණිං කොචි කොට්ටෙය්ය තිණ්හසත්තියා නෙව සීලම්ප භින්දෙය්යං බොධියායෙව කාරණා”
183. “න මෙ සා බ්‍රාහ්මණි දෙස්සා නපි මෙ බලං නවිජ්ජති සබ්බඤ්ඤ තම්පියං මය්හං තස්මා සීලානුරක්ඛිස්සන්ති”
“රජතෙමේ උයන දැකීමට ගොස් බැමිණිය දුටුවේය. මා කරා එළඹ “මෝ තොමෝ තාගේ කව්ද? (නැතහොත්) කාගේ භාර්ය්යාවදැයි විචාළේය.
මෙසේ විචාළ කල්හි ඔහුට “මෝ තොමෝ මාගේ භාර්‍ය්‍යාව නොවෙයි. මා හා සමාන ධර්ම ඇත්තීය. සමාන අනුශාසන ඇත්තීයයි මේ වචනය කීමි.
(රජ) ඈ පිළිබඳ සිත් ඇතිව දාසයන් ලවා (ඇය) ගෙන්වාගෙන පීඩා කෙරෙමින් බලහත්කාරයෙන් අන්තඃපුරයට ප්‍රවේශ කරවූයේය.
පැවිද්දෙන් මාගේ සහජාත වූ සමාන අනුශාසන ඇති “ඕදපත්තකී “ නම් වූ ඈ ඇදගෙන යනු ලබන කල්හි මට කෝපය උපන්නේය.
චිත්ත කෝපය ඉපදීම සමගම ශීලයත් ව්රතයත් සිහි කෙළෙමි. එහිම කෝපය වැළැක්වීමි. මත්තෙහි වැඩෙන්නට නුදුන්නෙමි.
ඉදින් කිසිවෙක් ඒ බැමිණිය තියුණු මුවහත් ඇති ආයුධයකින් කඩ කඩ කොට කපන්නේ නමුදු සම්මා සම්බෝධිය ලැබීම පතාම ශීල පාරමිතාව කිසිලෙසිනුදු නො බිඳින්නෙමි.
ඒ බැමිණිතොමෝ මට අප්‍රිය නො වන්නීය. මට බලය ද නැත්තේ නොවේ. මට සර්වඥතා ඥානයම ප්‍රිය වෙයි. එහෙයින් ශීලයම රක්ෂා කෙළෙමි.
තත්ථ තුය්හෙසා කා කස්ස භරියාති තුය්හං තව එසා කා, කිං භරියා, උදාහු භගිනී වා සමානා කස්ස අඤ්ඤස්ස භරියා.
එහි “තුය්හෙ සා කා? කස්ස භරියා” යනු මෝතොමෝ ඔබගේ කවර තැනැත්තියක් ද? කිම භාර්‍ය්‍යාව ද? නැතහොත් සහෝදරිය හා සමාන තැනැත්තියක් ද? වෙනත් කාගේ හෝ භාර්‍ය්‍යාවද?
න මය්හං භරියා එසාති කාමඤ්චෙසා මය්හං ගිහිකාලෙ භරියා අහොසි, පබ්බජිතකාලතො පට්ඨාය න මය්හං භරියා එසා, නාපි අහං එතිස්සා සාමිකො, කෙවලං පන සහධම්මා එකසාසනී, අහම්පි පරිබ්බාජකො අයම්පි පරිබ්බාජිකාති සමානධම්මා පරිබ්බාජකසාසනෙන එකසාසනී, සබ්රහ්මචාරිනීති අත්ථො.
“න මය්හං භරියා එසා” යනු ඒකාන්තයෙන් මැය මගේ ගිහිකල බිරිඳ විය. පැවිදි වූ කල් පටන් මැය මගේ බිරිඳ නොවේ, මම ද මැයගේ සැමියා නොවෙමි. හුදෙක් වනාහි සහධර්මීය, ඒකශාසනීය. මම ද පරිබ්‍රාජකයෙකි. මැය ද පරිබ්රාජිකාවකි, එබැවින් සමාන ධර්ම ඇත්තීය, පරිබ්‍රාජක ශාසනයෙහි එකම අනුශාසනා ඇත්තීය. සමග බඹසර හැසිරෙන්නීය යන අර්ථයයි.
තිස්සා සාරත්තගධිතොති කාමරාගෙන සාරත්තො හුත්වා පටිබද්ධො. ගාහාපෙත්වාන චෙටකෙති චෙටකෙහි ගණ්හාපෙත්වා චෙටකෙ වා අත්තනො රාජපුරිසෙ ආණාපෙත්වා තං පරිබ්බාජිකං ගණ්හාපෙත්වා. නිප්පීළයන්තො බලසාති තං අනිච්ඡමානං එව ආකඩ්ඪනපරිකඩ්ඪනාදිනා නිප්පීළයන්තො බාධෙන්තො, තථාපි අගච්ඡන්තිං බලසා බලක්කාරෙන රාජපුරිසෙහි ගණ්හාපෙත්වා අත්තනො අන්තෙපුරං පවෙසෙසි.
“තස්සා සාරත්තාගධිතො” යනු කාමරාගයෙන් ඇලුනේ, බැඳුණු සිත් ඇත්තේ, “ගාහාපෙත්වාන චෙටකෙ” යනු දාසයන් ලවා ගෙන්නා ගෙන. දාසයන්ට හෝ තමාගේ රාජපුරුෂයන්ට අණකොට ඒ පරිබ්‍රාජිකාව ගෙන්වාගෙන, “නිප්පීළයන්තො බලසා” යනු නොකැමතිවූම ඇය ඉදිරියට ඇදීම්, පසුපසට ඇදීම් ආදියෙන් පෙළන්නේ, බාධාකරන්නේ, එසේද නොයන්නා වූ ඇය “බලසා” බලහත්කාරයෙන් රාජපුරුෂයන් ලවා අල්වාගෙන තමාගේ අන්තඃපුරයට පැමිණවීය.
ඔදපත්තකියාති උදකපත්තං ආමසිත්වා ගහිතභරියා ඔදපත්තිකා නාම, ඉදං වචනං පුරාණදුතියිකාභාවෙන උපලක්ඛණමත්තං දට්ඨබ්බං , සා පනස්ස බ්රාහ්මණවිවාහවසෙන මාතාපිතූහි සම්පටිපාදිතා, “ඔදපත්තකියා”ති ච භාවෙනභාවලක්ඛණෙ භුම්මං. සහජාති පබ්බජ්ජාජාතිවසෙන සහජාතා, තෙනෙවාහ “එකසාසනී”ති. “එකසාසනී”ති ච ඉදං භුම්මත්ථෙ පච්චත්තං, එකසාසනියාති අත්ථො. නයන්තියාති නීයන්තියා. කොපො මෙ උපපජ්ජථාති අයං තෙ ගිහිකාලෙ භරියා බ්රාහ්මණී සීලවතී, පබ්බජිතකාලෙ ච සබ්රහ්මචාරිනීභාවතො සහජාතා භගිනී, සා තුය්හං පුරතො බලක්කාරෙන ආකඩ්ඪිත්වා නීයති. “බොධිබ්රාහ්මණ, කිං තෙ පුරිසභාව”න්ති පුරිසමානෙන උස්සාහිතො චිරකාලසයිතො වම්මිකබිලතො කෙනචි පුරිසෙන ඝට්ටිතො “සුසූ”ති ඵණං කරොන්තො ආසිවිසො විය මෙ චිත්තතො කොපො සහසා වුට්ඨාසි.
“ඔදපත්තකියා” යනු පැන් තලියක අත්ලා විවාහ කර ගත් භාර්‍ය්‍යාව “ඔදපත්තිකා”යි. මේ වචනය පැරණි බිරිඳ වන බැවින් යෙදුවක් පමණක් බව දත යුතුයි. ඈ වනාහි බ්‍රාහ්මණ විවාහයක් වශයෙන් මව්පියන් විසින් මැනවින් ඔහුට පිළියෙළ කර දුන් තැනැත්තියකි. “ඔදපත්තකිනියා” යනු වීමෙන්, විම් ලක්ෂණයෙහි (භාව ලක්ෂණාර්ථයෙහි) සත්තමීයි. “සහජාතා” යනු පැවිදි ජාතියෙහි ඉපදීම් වශයෙන් සහජාත වූ, එහෙයින්ම “එකසාසනී”යි කියන ලදී. “එකසාසනි” යන මෙයද සත්තමී අර්ථයෙහි ප්‍රථමා විභක්තියි. සමාන අනුශාසක ඇත්තිය කෙරෙහි යන අර්ථයයි. “නයන්තියා” යනු ගෙන යනු ලබන කල්හි, “කොපො මෙ උප්පජ්ජථ” යනු මැය නුඹගේ ගිහි කල බිරිඳ වූ සිල්වත් බැමිණියයි, පැවිදි වූ කල්හි ද සබ්රහ්මචාරිණී භාවයෙන් සහජාත වූ සහෝදරියයි, ඇය නුඹ ඉදිරියෙන් බලහත්කාරයෙන් ඇද ගෙන යනු ලැබේ. පීඩා කරනු ලැබේ. බ්‍රාහ්මණයා, නුඹගේ පුරුෂභාවයෙන් කවර ප්‍රයෝජනයක්දැයි පුරුෂ මානයෙන් උත්සාහවත් කළේ, තුඹස් බිලෙන් කිසියම් පුරුෂයකු විසින් ගටන ලද්දේ ‘සුසූ’ යයි පෙණය කරන සර්පයකු මෙන් බොහෝ කාලයක් රකින ලද මෛත්‍රී සිතෙන් කෝපය වහා නැංගේය.
සහකොපෙ සමුප්පන්නෙති කොපුප්පත්තියා සහ, තස්ස උප්පත්තිසමනන්තරමෙවාති අත්ථො. සීලබ්බතමනුස්සරින්ති අත්තනො සීලපාරමිං ආවජ්ජෙසිං. තත්ථෙව කොපං නිග්ගණ්හින්ති තස්මිං එව ආසනෙ යථානිසින්නොව තං කොපං නිවාරෙසිං. නාදාසිං වඩ්ඪිතූපරීති තතො එකවාරුප්පත්තිතො උපරි උද්ධං වඩ්ඪිතුං න අදාසිං. ඉදං වුත්තං හොති – කොපෙ උප්පන්නමත්තෙ එව “නනු ත්වං, බොධිපරිබ්බාජක, සබ්බපාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිතුකාමො, තස්ස තෙ කිමිදං සීලමත්තෙපි උපක්ඛලනං, තයිදං ගුන්නං ඛුරමත්තොදකෙ ඔසීදන්තස්ස මහාසමුද්දස්ස පරතීරං ගණ්හිතුකාමතා විය හොතී”ති අත්තානං පරිභාසිත්වා පටිසඞ්ඛානබලෙන තස්මිං එව ඛණෙ කොපං නිග්ගහෙත්වා පුන උප්පජ්ජනවසෙනස්ස වඩ්ඪිතුං න අදාසින්ති. තෙනෙවාහ “යදි නං බ්‍රාහ්මණි”න්තිආදි.
“සහකොපෙ සමුප්පන්නෙ” යනු කෝපය හටගැනීමත් සමගම, එය උපන් ඇසිල්ලෙහිම යන අර්ථයයි. “සීලබ්බතමනුස්සරිං” යනු තමාගේ ශීල පාරමිතාව සිහිකෙළෙමි. “තත්ථෙව කොපං නිග්ගණ්හිං” යනු එම ආසනයේ හුන් අයුරින්ම එම කෝපය වැළැක්වීමි. “නාදාසිං චඩ්ඪිතුපරි” යනු ඒ එකවරක් ඉපදීමෙන් මතු උඩට වැඩීමට නුදුන්නෙමි. මෙය කියන ලද්දේ වෙයි - කෝපය උපන් ඇසිල්ලෙහිම “බෝධිපරිබ්රාජකය, නුඹ සියලු පාරමිතා පුරා සර්වඥතා ඥානය අවබෝධ කරගැනීමට කැමැත්තේ නොවෙහිද? ඒ නුඹගේ ශීලමාත්රයේ පිහිටි ලක්ෂණය කුමක්ද? නුඹගේ මේ කෝප ගැනීම නම්වූ ඒ මේ කාරණය ගවයන්ගේ කුර තෙමෙන පමණට සාගර ජලයට බසින තැනැත්තාගේ සයුරින් එතෙර වීමට ඇති කැමැත්ත මෙනැයි” තමාට දොස් නගා නුවණින් සලකා බැලීමේ බලයෙන් එකෙණෙහිම කෝපය යටපත් කොට නැවත ඉපදීම් වශයෙන් එයට වැඩීමට නුදුන්නෙමි’යි. එහෙයින් “යදි නං බ්රාහ්මණිං” යනාදිය කියන ලදී.
තස්සත්ථො – තං පරිබ්බාජිකං බ්රාහ්මණිං සො රාජා වා අඤ්ඤො වා කොචි තිණ්හායපි නිසිතාය සත්තියා කොට්ටෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං යදි ඡින්දෙය්ය, එවං සන්තෙපි සීලං අත්තනො සීලපාරමිං නෙව භින්දෙය්යං. කස්මා? බොධියා එව කාරණා, සබ්බත්ථ අඛණ්ඩිතසීලෙනෙව සක්කා සම්මාසම්බොධිං පාපුණිතුං, න ඉතරෙනාති.
එහි අර්ථය. ඒ පිරිවැජි බැමිණියට එම රජ හෝ ඇමතියෙක් හෝ කිසිවෙක් තියුණු මුවහත් ඇති ආයුධයකින් කොටන්නේ ද, ඉදින් කඩ කඩ කොට කපන්නේ ද එසේ ඇති කල්හි ද ශීලය, තමාගේ ශීලපාරමිතාව නොම බිඳින්නෙමි. කුමක් නිසාද? බෝධියම හේතුකොටගෙනය. සියලු තන්හි නො කැඩුණු ශීලයෙන්ම සම්මා සම්බෝධියට පැමිණීමට හැක්කේය. අනෙකකින් නොවේ” යනුයි
න මෙ සා බ්රාහ්මණී දෙස්සාති සා බ්රාහ්මණී ජාතියා ගොත්තෙන කුලප්පදෙසෙන ආචාරසම්පත්තියා චිරපරිචයෙන පබ්බජ්ජාදිගුණසම්පත්තියා චාති සබ්බප්පකාරෙන න මෙ දෙස්සා න අප්පියා, එතිස්සා මම අප්පියභාවො කොචි නත්ථි. නපි මෙ බලං න විජ්ජතීති මය්හම්පි බලං න න විජ්ජති, අත්ථි එව. අහං නාගබලො ථාමසම්පන්නො, ඉච්ඡමානො සහසා වුට්ඨහිත්වා තං ආකඩ්ඪන්තෙ පුරිසෙ නිප්පොථෙත්වා තං ගහෙත්වා යථිච්ඡිතට්ඨානං ගන්තුං සමත්ථොති දස්සෙති. සබ්බඤ්ඤුතං පියං මය්හන්ති තතො පරිබ්බාජිකතො සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව මය්හං පියං. තස්මා සීලානුරක්ඛිස්සන්ති තෙන කාරණෙන සීලමෙව අනුරක්ඛිස්සං.
“න මෙසා බ්රාහ්මණී දෙස්සා” යනු ඒ බැමිණිය ජාතියෙන් ද ගෝත්‍රයෙන් ද කුලප්රදේශයෙන් ද, ආචාර සම්පත්තියෙන් ද, දිගුකල් ඇසුරෙන් ද, පැවිද්ද ආදී ගුණ සම්පත්තියෙන් ද යන සියලු ආකාරයෙන් මට අරුචි නොවේ. අප්‍රිය නොවේමය. ඇයට මගේ කිසියම් අප්‍රිය භාවයක් නැත. “නපි මෙ බලං නවිජ්ජති” යනු මට බලය නැත්තේ නොවේ. ඇත්තේමය. මම ඇතෙකුට සමාන බල ඇත්තෙමි. ශක්තිමත් වෙමි. කැමැත්තේ නම් වහා නැගිට ඇය අදින්නා වූ පුරුෂයන් ගසා දමා ඇය රැගෙන කැමති තැනකට යාමට සමර්ථ වෙමියි දක්වයි. “සබ්බඤ්ඤුතං පියං මය්හං” යනු ඒ පරිබ්‍රාජිකාවට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් ලක්ෂ ගුණයෙන් සර්වඥතා ඥානයම මට ප්‍රියය. “තස්මා සීලානුරක්ඛිස්සං” යනු ඒ හේතුව නිසා ශීලයම රකින්නෙමි.
අථ සො රාජා උය්යානෙ පපඤ්චං අකත්වාව සීඝතරං ගන්ත්වා තං පරිබ්බාජිකං පක්කොසාපෙත්වා මහන්තෙන යසෙන නිමන්තෙසි. සා යසස්ස අගුණං පබ්බජ්ජාය ගුණං අත්තනො බොධිසත්තස්ස ච මහන්තං භොගක්ඛන්ධං පහාය සංවෙගෙන පබ්බජිතභාවඤ්ච කථෙසි. රාජා කෙනචි පරියායෙන තස්සා මනං අලභන්තො චින්තෙසි – “අයං පරිබ්බාජිකා සීලවතී කල්යාණධම්මා, සොපි පරිබ්බාජකො ඉමාය ආකඩ්ඪිත්වා නීයමානාය න කිඤ්චි විප්පකාරං දස්සෙසි, සබ්බත්ථ නිරපෙක්ඛචිත්තො, න ඛො පන මෙතං පතිරූපං, යං එවරූපෙසු ගුණවන්තෙසු විප්පකාරො, යංනූනාහං ඉමං පරිබ්බාජිකං ගහෙත්වා උය්යානං ගන්ත්වා ඉමං, තඤ්ච පරිබ්බාජකං ඛමාපෙය්ය”න්ති? එවං පන චින්තෙත්වා “පරිබ්බාජිකං උය්යානං ආනෙථා”ති පුරිසෙ ආණාපෙත්වා සයං පඨමතරං ගන්ත්වා බොධිසත්තං උපසඞ්කමිත්වා පුච්ඡි – “භො පබ්බජිත, කිං මයා තාය පරිබ්බාජිකාය නීයමානාය කොපො තෙ උප්පජ්ජිත්ථා”ති. මහාසත්තො ආහ –
ඉක්බිති ඒ රජතුමා උයනෙහි පමා නොවී වහාම ගොස් ඒ පරිබ්‍රාජිකාව කැඳවා මහත් යසසින් පැවරීය. ඇය කාම සම්පත්තීන්හි අගුණත් පැවිද්දෙහි ගුණත් තමාගේත් බෝධිසත්ත්වයන් වහන්සේගේත් මහත් භෝග ස්කන්ධය අත්හැර සංවේගයෙන් පැවිදි වූ බවත් කීවාය. රජතුමා කිසිම ක්‍රමයකින් ඇගේ සිත ගත නොහැකිව මේ පරිබ්‍රාජිකාව සිල්වත්ය. යහපත් ස්වභාව ඇත්තීය. ඒ පරිබ්‍රාජකයා ද මැය ඇදගෙන යනු ලබන කල්හි කිසිම වෙනසක් නො දැක්වීය. සියලු තන්හි නිරපේක්ෂ සිත් ඇත්තේය. මෙබඳු ගුණවතුන් කෙරෙහි විප්‍රකාරය මට සුදුසු නොවේ. මම මේ පරිබ්‍රාජිකාව රැගෙන උයනට ගොස් මැයද ඒ පරිබ්‍රාජකයා ද කමා කරගන්නෙම් නම් මැනවැ’යි යනුවෙන් සිතීය. මෙසේ සිතා “පරිබ්‍රාජිකාව උයනට ගෙන එවු යයි පුරුෂයන්ට අණ කොට තමා පළමුව ගොස් බෝසතුන් වෙත එළඹ “පින්වත් ප්‍රව්‍රජිතයන් වහන්ස, ම විසින් ඒ පරිබ්‍රාජිකාව ගෙන යනු ලබන කල්හි නුඹ වහන්සේ කෝපය ඉපදුනේදැයි ඇසීය. බෝධිසත්ත්වයෝ,
“උප්පජ්ජි මෙ න මුච්චිත්ථ, න මෙ මුච්චිත්ථ ජීවතො; රජංව විපුලා වුට්ඨි, ඛිප්පමෙව නිවාරයි”න්ති. (ජා· 1.10.52);
“උප්පජ්ජි මෙ න මුඤ්චිත්ථ න මෙ මුඤ්චිත්ථ ජිවතො රජංව විපුලා වුට්ඨි ඛිප්පමෙව නිවාරයින්ති.” (ජාතක පාලිය)
“මට කෝපය උපනි. නමුත් මුදා නො හලෙමි. ජීවත්ව සිටින තුරු සිතෙහි කෝපය ඉපදීමට ඉඩ නො දෙන්නෙමි. මහවැස්ස ධූලි වළකන්නා සේ කෝපය වැළකීමි’යි කීහ.
තං සුත්වා රාජා “කිං නු ඛො එස කොපමෙව සන්ධාය වදති, උදාහු අඤ්ඤං කිඤ්චි සිප්පාදික”න්ති චින්තෙත්වා පුන පුච්ඡි –
එය අසා රජතුමා “කිමෙක් ද මොහු කෝපය සඳහාම කියන්නේ ද නැතහොත් වෙනත් ශිල්පයක් සඳහාදැයි සිතා නැවත විචාළේය.
“කිං තෙ උප්පජ්ජි නො මුච්චි, කිං තෙ නො මුච්චි ජීවතො; රජංව විපුලා වුට්ඨි, කතමං තං නිවාරයී”ති. (ජා· 1.10.53);
“කින්තෙ උප්පජ්ජි නො මුඤ්චි කින්තෙ නොමුඤ්චි ජීවතො රජංව විපුලා වුට්ඨි කතමං තං නිවාරයීති.” (ජාතක පාලි)
“තොපට කුමක් ඉපදුණේද? මුදා නොහළේ කුමක් ද? ජීවත් වන තොප කෙරෙන් නොමිදුනේ කුමක් ද? වැස්ස ධූලි වලකන්නා සේ තොප වැළකූයේ කුමක්දැයි.”
තත්ථ උප්පජ්ජීති එකවාරං උප්පජ්ජි, න පුන උප්පජ්ජි. න මුච්චිත්ථාති කායවචීවිකාරුප්පාදනවසෙන පන න මුච්චිත්ථ, න නං බහි පවත්තිතුං විස්සජ්ජෙසින්ති අත්ථො. රජංව විපුලා වුට්ඨීති යථා නාම ගිම්හානං පච්ඡිමෙ මාසෙ උප්පන්නං රජං විපුලා අකාලවුට්ඨිධාරා ඨානසො නිවාරෙති, එවං තං වූපසමෙන්තො නිවාරයිං, නිවාරෙසින්ති අත්ථො.
එහි “උප්පජ්ජි” යනු එක්වරක් උපනි, “න මුඤ්චිත්ථ” යනු කායවචී විකාර ඉපදීම් වශයෙන් මුදා නො හලෙමි, පිටතට දැනෙන පරිදි මුදා නොහලෙමි’ යන අර්ථයයි. “රජංව විපුලා වුට්ඨි” යනු යම්සේ ශ්රීෂ්ම ඍතුවෙහි අවසාන මාසයෙහි උපන් ධූලි මහත් වූ නොකල් වැසි ධාරාවකින් වළක්වයිද එසේ එම කෝපය සංසිඳුවමින් වැළැක්වීමි යන අර්ථයයි.
අථස්ස මහාපුරිසො නානප්පකාරෙන කොධෙ ආදීනවං පකාසෙන්තො –
ඉක්බිති ඒ රජතුමාට මහාපුරුෂතෙම නොයෙක් ආකාරයෙන් කෝපයෙහි ආදීනව ප්‍රකාශ කරන්නේ.
“යම්හි ජාතෙ න පස්සති, අජාතෙ සාධු පස්සති; සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
“යම්හි ජාතෙ න පස්සති අජාතෙ සාධු පස්සති සො මෙ උප්පජ්ජි නො මුඤ්චි කොධො දුම්මෙ ධ ගොචරො”
“යෙන ජාතෙන නන්දන්ති, අමිත්තා දුක්ඛමෙසිනො; සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
“යෙන ජාතෙන නන්දින්ති අමිත්තා දුක්ඛ මෙසිනො සො මෙ උප්පජ්ජි නො මුඤ්චි කොධො දුම්මෙ ධ ගොචරො”
“යස්මිඤ්ච ජායමානම්හි, සදත්ථං නාවබුජ්ඣති; සො මෙ උප්පජ්ජි නො මුච්චි, කොධො දුම්මෙධගොචරො.
“යස්මිං ච ජායමානස්මිං සදත්ථං නාවබුජ්ඣති සො මෙ උප්පජ්ජි නො මුඤ්චි කොධො දුම්මෙ ධ ගොචරො”
“යෙනාභිභූතො කුසලං ජහාති, පරක්කරෙ විපුලඤ්චාපි අත්ථං; ස භීමසෙනො බලවා පමද්දී, කොධො මහාරාජා න මෙ අමුච්චථ.
යෙනාභිභූතො කුසලං ජහාති පරක්කරෙ විපුලංචාපි අත්ථං ස භීමසෙනො බලවා පමද්දී කොධො මහාරාජ න මෙ අමුඤ්චථ
“කට්ඨස්මිං මන්ථමානස්මිං, පාවකො නාම ජායති; තමෙව කට්ඨං ඩහති, යස්මා සො ජායතෙ ගිනි.
කට්ඨස්මිං මන්ථමානස්මිං පාවකො නාම ජායති තමෙව කට්ඨං දහති යස්මා සො ජායතෙ ගිනි
“එවං මන්දස්ස පොසස්ස, බාලස්ස අවිජානතො; සාරම්භා ජායතෙ කොධො, සපි තෙනෙව ඩය්හති.
එවං මන්දස්ස පොසස්ස බාලස්ස අවිජානතො සාරම්භා ජායතෙ කොධො සචිත්තෙ නෙව ඩය්හති
“අග්ගීව තිණකට්ඨස්මිං, කොධො යස්ස පවඩ්ඪති; නිහීයති තස්ස යසො, කාළපක්ඛෙව චන්දිමා.
අග්ගී ව තිණ කට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති නිහීයති තස්ස යසො කාලපක්ඛෙ ව චන්දිමා
“අනින්ධො ධූමකෙතූව, කොධො යස්සූපසම්මති; ආපූරති තස්ස යසො, සුක්කපක්ඛෙව චන්දිමා”ති. (ජා· 1.10.54-61) –
අනින්ධො ධූම කෙතුව කොධො යස්සුපසම්මති ආපූරති තස්ස යසො සුක්ක පක්ඛෙ ව චන්දිමාති (ජාතක පාලිය)
“යමක් හටගත් කල ආත්මාර්ථය නොදකී ද නොහටගත් කල (ආත්මාර්ථය) මනාසේ දකීද ඒ ක්‍රෝධය මා සිත උපනි. නො මිදුණේය. ක්‍රෝධය මෝඩයන්ට ගෝචරය.
යමක් හටගත් කල දුක කැමති සතුරෝ සතුටු වෙත්ද එයමට උපනි. නො මිදුණේය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
මහරජ, යමකින් මැඩුනා වූ සත්ත්වතෙම කුශලය දුරු කෙරේද, මහත් වූ දියුණුව බැහැර කෙරේ ද, කෙලෙස් සේනාවෙන් බලවත් වූ, සත්ත්වයන් මසින ඒ කෝපය මාගෙන් නොමිදුණේය.
වියලි ලීය ගටන කල ගින්න හටගනී. ඒ ගින්න යම් ලීයක් නිසා උපදී නම් එයම දවයි. එපරිදි මන්දබුද්ධික කිසිත් නොදත් බාල පුරුෂයාට එකට එක කිරීමෙන් ක්‍රෝධය හටගනී. හෙතෙම එම කෝපයෙන් දවනු ලබයි.
තණකොළ හා දර නිසා හටගන්නා ගින්න මෙන් යමෙකුගේ කෝපය වැඩේද? අවපක්ෂයෙහි චන්ද්‍රයා මෙන් ඔහුගේ යශස පිරිහේ.
යමකුහට හටගත් කෝපය දර නැති ගින්න සේ නිවී සන්සිඳේ ද පුරපසෙහි සඳ සේ ඔහුගේ යශස වැඩේ”
ඉමාහි ගාථාහි ධම්මං දෙසෙසි.
යනුවෙන් මේ ගාථාවන්ගෙන් ධර්මය දේශනා කළේය.
තත්ථ න පස්සතීති අත්තත්ථම්පි න පස්සති, පගෙව පරත්ථං. සාධු පස්සතීති අත්තත්ථං පරත්ථං උභයත්ථඤ්ච සම්මදෙව පස්සති. දුම්මෙධගොචරොති නිප්පඤ්ඤානං විසයභූතො, නිප්පඤ්ඤො වා ගොචරො ආහාරො ඉන්ධනං එතස්සාති දුම්මෙධගොචරො. දුක්ඛමෙසිනොති දුක්ඛං ඉච්ඡන්තා. සදත්ථන්ති අත්තනො අත්ථං වුඩ්ඪිං. පරක්කරෙති අපනෙය්ය විනාසෙය්ය. සභීමසෙනොති සො භීමාය භයජනනියා මහතියා කිලෙසසෙනාය සමන්නාගතො. පමද්දීති බලවභාවෙන සත්තෙ පමද්දනසීලො. න මෙ අමුච්චථාති මම සන්තිකා මොක්ඛං න ලභි, අබ්භන්තරෙ එව දමිතො, නිබ්බිසෙවනො කතොති අත්ථො. ඛීරං විය වා මුහුත්තං දධිභාවෙන චිත්තෙන පතිට්ඨහිත්ථාතිපි අත්ථො.
එහි “නපස්සති” යනු ආත්මාර්ථය ද නොදකී. පරාර්ථය ගැන කියනු කිම. “සාධු පස්සති” යනු ආත්මාර්ථයද පරාර්ථයද උභයාර්ථයද මැනවින් දකී. “දුම්මෙධ ගොචරො” යනු ප්‍රඥා රහිතයන්ට විෂය වූ නැතහොත් මොහුට ප්‍රඥා නැති බව ගෝචර වූයේ ආහාර වූයේ ඉන්ධන වූයේ නුයි “දුම්මෙධගොචරො” වේ. “දුක්ඛමෙසිනො” යනු දුක කැමැත්තෝ “සදත්ථං” යනු තමන්ගේ අර්ථයයි. වැඩීමයි. “පරක්ක රෙ” යනු ඉවත් කරන්නේය, විනාශ කරන්නේය. “ස භීමසෙනො” යනු හෙතෙම භයානක වූ බිය ඇතිකරන්නා වූ මහත් වූ ක්ලේශ සේනාවෙන් යුක්ත වූ “පමද්දි” යනු බලවත් බැවින් සත්ත්වයන් මඩින ස්වභාව ඇති. “නමෙ අමුඤ්ච ථ” යනු මා සමීපයෙන් මිදීමක් නො ලැබුණි. ඇතුළතදීම දමනය කළේ ශාන්ත කළේ යන අර්ථයයි. නැතහොත් මොහොතකට අධිභාවයට පත්වූ කිරක් මෙන් කෝප සිතින් මොහොතක් පිහිටා සිට යයිද අර්ථයකි.
මන්ථමානස්මින්ති අරණිසහිතෙ මථියමානෙ. “මථමානස්මි”න්තිපි පාඨො. යස්මාති යතො කට්ඨා . ගිනීති අග්ගි. බාලස්ස අවිජානතොති බාලස්ස අජානන්තස්ස. සාරම්භා ජායතෙති කරණුත්තරියකරණලක්ඛණා සාරම්භා අරණිමන්ථනතො විය පාවකො කොධො ජායතෙ. සපි තෙනෙවාති සොපි බාලො තෙනෙව කොධෙන කට්ඨං විය අග්ගිනා ඩය්හති. අනින්ධො ධූමකෙතූවාති අනින්ධනො අග්ගි විය. තස්සාති තස්ස අධිවාසනඛන්තියා සමන්නාගතස්ස පුග්ගලස්ස සුක්කපක්ඛෙ චන්දො විය ලද්ධො, යසො අපරාපරං ආපූරතීති.
“මන්ථමානස්මිං” යනු ගිනි ඉපිදවීමට ගමන ලීය ගටන කල්හි, “මථමානස්මිං” යයිද පාඨයකි. “යස්මා” යනු යම් ලීයකින් ‘ගිනි’ යනු ගින්නයි. “බාලස්ස අවිජානතො” යනු නොදන්නා වූ බාලයාට “සාරම්භාජායතෙ” යනු එකට එක කිරීම ලක්‍ෂණකොට ඇති සාරම්භයෙන් (එකට එක කිරීමෙන්) ගිනි උපදවන දඬු ගැටීමෙන් ගිනි හටගන්නා සේ ක්‍රෝධය හටගනී. “සචින්තෙනෙව” යනු ඒ බාලයාද ඒ ක්‍රෝධයෙන්ම ගින්නෙන් ලීය දැවෙන්නා සේ දැවේ. “අනින්ධො ධූමකෙතුවා” යනු ඉන්ධන නොමැති ගින්නක් මෙන් “තස්ස” යනු ඒ ඉවසීම් සඞ්ඛ්‍යාත ක්ෂාන්තියෙන් යුත් පුද්ගලයාට ලැබුණු යශස පුර පක්ෂයෙහි සඳ මෙන් නොසිඳි පිරෙයයි.
රාජා මහාසත්තස්ස ධම්මකථං සුත්වා මහාපුරිසං පරිබ්බාජිකම්පි රාජගෙහතො ආගතං ඛමාපෙත්වා “තුම්හෙ පබ්බජ්ජාසුඛං අනුභවන්තා ඉධෙව උය්යානෙ වසථ, අහං වො ධම්මිකං රක්ඛාවරණගුත්තිං කරිස්සාමී”ති වත්වා වන්දිත්වා පක්කාමි. තෙ උභොපි තත්ථෙව වසිංසු. අපරභාගෙ පරිබ්බාජිකා කාලමකාසි. බොධිසත්තො හිමවන්තං පවිසිත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකපරායනො අහොසි.
රජතුමා මහාසත්ත්වයන්ගේ ධර්මකථාව අසා මහා පුරුෂයාත් රජගෙදර සිට ආ පරිබ්රාජිකාවත් කමා කරවා “නුඹවහන්සේලා පැවිදි සුවය අනුභව කරමින් මේ උයනෙහිම වසනු මැනව. මම නුඹවහන්සේලාට ධාර්මික රක්ෂාවරණ ගෝපනය කරන්නෙමි’යි කියා වැඳ පිටත්ව ගියේය. ඒ දෙදෙනා ද එහිම විසූහ. පසුකාලයක පරිබ්‍රාජිකාව කළුරිය කළාය. බෝධිසත්ත්වයෝ හිමවතට පිවිස ධ්යානඅභිඥා උපදවා ආයුකෙළවර බ්රහ්මලෝකපරායණ වූහ.
තදා පරිබ්බාජිකා රාහුලමාතා අහොසි, රාජා ආනන්දත්ථෙරො, බොධිපරිබ්බාජකො ලොකනාථො.
එදා පරිබ්‍රාජිකාව රාහුල මාතාව වූවාය. රජ ආනන්ද තෙරුන්ය. බෝධිපරිබ්රාජකතෙම ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
තස්ස ඉධාපි යථාරහං සෙසපාරමියො නිද්ධාරෙතබ්බා. තථා මහන්තං භොගක්ඛන්ධං මහන්තඤ්ච ඤාතිපරිවට්ටං පහාය මහාභිනික්ඛමනසදිසං ගෙහතො නික්ඛමනං, තථා නික්ඛමිත්වා පබ්බජිතස්ස බහුජනසම්මතස්ස සතො පරමප්පිච්ඡතාය කුලෙසු ච ගණෙසු ච අලග්ගතා, අච්චන්තමෙව ලාභසක්කාරජිගුච්ඡාය පවිවෙකාභිරති, අතිසයවතී ච අභිසල්ලෙඛවුත්ති, තථාරූපාය සීලවතියා කල්යාණධම්මාය පරිබ්බාජිකාය අනනුඤ්ඤාතා අත්තනො පුරතො බලක්කාරෙන පරාමසියමානාය සීලපාරමිං ආවජ්ජෙත්වා විකාරානාපත්ති, කතාපරාධෙ ච තස්මිං රාජිනි උපගතෙ හිතචිත්තතං මෙත්තචිත්තතං උපට්ඨපෙත්වා දිට්ඨධම්මිකසම්පරායිකෙහි සමනුසාසනන්ති එවමාදයො ඉධ මහාපුරිසස්ස ගුණානුභාවා විභාවෙතබ්බා. තෙනෙතං වුච්චති “එවං අච්ඡරියා හෙතෙ…පෙ… ධම්මස්ස අනුධම්මතො”ති.
මෙම චරිතයෙහි ද උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝ සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේ මහත් වූ භෝගස්කන්ධයක් ද මහත් වූ ඥාති පිරිසක් ද අත්හැර මහාභිනිෂ්ක්‍රමණය හා සමානව ගෙයින් නික්මීම ද, එසේ නික්ම පැවිදිව බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක් වූ තැනැත්තාගේ අල්පේච්ඡතාවය නිසා කුලයන්හිද පිරිස් කෙරෙහි ද නොඇලීමත්, අත්‍යන්තයෙන්ම ලාභ සත්කාර පිළිකුල් කරමින් පරම විවේකයෙහි අභිරතියත්, ඉතා බලවත් වූ කෙලෙස් කපා දැමීමේ පැවැත්මත් එබඳු සිල්වත් වූ යහපත් ස්වභාව ඇති, ඤාති නොවන පරිබ්‍රාජිකාව තමා ඉදිරියෙහි බලහත්කාරයෙන් පරාමර්ශනය කරන කල්හි ශීල පාරමිතාව සිහිකොට විකාරයට නොපැමිණීමත්, කළ අපරාධ ඇති එම රජතුමා තමන් සමීපයට පැමිණි කල්හි හිත සිත මෙත්සිත එලවා තබා මෙලෝ පරලෝ යහපතින් අනුශාසනා කිරීමත් යන මේ ආදි මහාපුරුෂයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ. එහෙයින් “එවං අච්ඡරියා එතෙ -පෙ- ධම්මස්ස අනුධම්මතො”යි කියන ලදී. (අකිත්ති චරිත)
චූළබොධිචරියාවණ්ණනා නිට්ඨිතා.
සතරවෙනි චූල බෝධි චරිතයයි.