4. චුල්ලබොධි චරියං
4. චුල‍්ලබොධි චරියං
4. චූළබෝධි චරියාව
173. පුනාපරං යදා හොමි චුල‍්ලබොධි සුසීලවා භවං දිස‍්වාන භයතො නෙක‍්ඛම‍්මං අභිනික‍්ඛමිං
173. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් ශීලසම්පන්න වූ චුල්ලබොධි නම් පරිව්‍රාජක වීම් ද, එකල සියලු භවය භය වශයෙන් දැක නෛෂ්ක්‍රම්‍යය තත්ප්‍රතිපක්‍ෂ හෙයින් දැක පැවිදි වීමි.
174. යාමෙ දුතියිකා ආසි බ්‍රාහ‍්මණී කනකසන‍්තිභා සාපි වට‍්ටෙ අනපෙක‍්ඛා නෙක‍්ඛම‍්මං අභිනික‍්ඛමී.
174. මට රන් බඳු සිවිපැහැ ඇති යම් බමුණු බිරිඳක් වූ නම් ඕ තොමෝ ද සසරෙහි අපේක්‍ෂා රහිත වැ අභිනිෂ්ක්‍රමණ කළා යැ.
175. නිරාලයා ජින‍්න බන්‍ධු අනපෙක‍්ඛා කුලෙ ගණෙ චරන‍්තාගාමනිගමං බාරාණසි මුපාගමුං.
175. ඇපි නිරාලය වැ සිඳුනාලද තෘෂ්ණාබන්‍ධන ඇති වැ කුලයෙහි ගණයෙහි අපේක්‍ෂා නැති වැ ගම්නියම්ගම්හි හැසිරෙමින් බරණැස කරා පැමිණියම්හ.
176. තත්‍ථ වසාම නිපකා අසංසට‍්ඨා කුලෙ ගණෙ නිරාකුලෙ අප‍්පසද‍්දෙ රාජුය්‍යානෙ වසාමුභො.
176. එහි නුවණැති ඇපි දෙදෙන කුලයෙහි ගණයෙහි නො ඇලුණමෝ (ජනසඤ්චාර රහිත බැවින්) නිරාකුල වූ නිශ්ශබ්ද වූ රාජෝද්‍යානයෙහි වුසූම්හ.
177. උය්‍යාන දස‍්සනං ගන‍්ත්‍වා රාජා අද‍්දස බ්‍රාහ‍්මණිං උපගම‍්ම මමං පුච‍්ඡි තුය‍්හෙසා කස‍්ස භාරියා.
177. බරණැස්රජ උයන දැක්මට ගොස් බැමිණිය දිටී. (හේ) මා කරා පැමිණ ‘මෝ තොමෝ තොපට කවරැ යැ, කවරක්හුගේ භාර්‍ය්‍යාවකැ’යි (මා) විචාළේ යැ.
178. එවං වුත‍්තෙ අහං තස‍්ස ඉදං වචනමබ්‍රවිං න මය‍්හං භරියා එසා සහධම‍්මා එකසාසනී
178. මෙසේ කී කල්හි මම් ඔහුට මෙවදන් කීමි: මෝ තොමෝ මා ගේ භාර්‍ය්‍යා නො වෙයි. සහධාර්මික වූ සමානශික්‍ෂා ඇත්තකැ’යි කීයෙමි.
179. තස‍්සාසාරත‍්තාධිගතො ගාහාපෙත්‍වාන චෙටකෙ නිප‍්පීළයන‍්තො බලසා අන‍්තෙපුරං පවෙසයී.
179. ඇය පිළිබඳ වැ බලවත් රාගයෙන් බැඳුණේ දසුන් (රාජපුරුෂයන්) ලවා ගන්වා ගෙන බලාත්කාරයෙන් පෙළමින් ඇතොවුරට ඇතුළු කරවී.
180. ඔදපත‍්තකියා මය‍්හං සහජා එකසාසනී ආකඩ‍්ඪිත්‍වා නයන‍්තියා කොපො මෙ උප‍්පජ‍්ජථ.
180. (ප්‍රව්‍රජ්‍යා ජාති වශයෙන්) මාගේ සහජාව වූ සමාන ශික්‍ෂා ඇති (උදකපාත්‍ර සාක්‍ෂි කොට ගත් බැවින්) ඔදපත්තිකී වූ භාර්‍ය්‍යාව ඇදගෙන යන කල්හි මට කෝප උපන.
181. සහ කොපෙ සමුප‍්පන‍්නෙ සීලබ‍්බතමනුස‍්සරිං තත්‍ථෙව කොපං නිග‍්ගණ‍්හිං නාදාසිං වඩ‍්ඪිතූපරි
181. කෝපය උපන් කල්හි ඒ හා සමග ශීලව්‍රතය සිහි කෙළෙමි. එහි මැ ඒ කෝපය නිග්‍රහ කෙළෙමි. මත්තෙහි වැඩෙන්නට නුදුන්මි.
182. යදිහං බ්‍රාහ‍්මණිං කොචි කොට‍්ටෙය්‍ය තිණ‍්හසත‍්තියා නෙව සීලං පභින්‍දෙය්‍යං බොධියායෙව කාරණා
182. ඉදින් කිසිවෙක් එ බැමිණිය තියුණු සැතින් කොටා නම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට සිල් නො මැ බිඳෙන්නෙමි.
183. නමෙ සා බ්‍රාහ‍්මණී දෙස‍්සා න පි මෙ බලං න විජ‍්ජති සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා සීලානුරක‍්ඛිස‍්සන‍්ති.
183. එ බැමිණි මට අප්‍රිය නො වෙයි, මට බල නැත්තේ නො ද වෙයි, මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි, එහෙයින් ශීලය රක්‍ෂා කෙළෙමි’යි.
චුල‍්ලබොධිචරියං චතුත්‍ථං.
සතර වැනි චූළබෝධිචරියා යි