යෙදුමෙන් කියවන්න

3. චම‍්පෙය්‍යනාග චරියං

3. චම‍්පෙය්‍යනාග චරියං

3. චම්පෙය්‍යානාග චරියාව

167. පුනාපරං යදා හොමි චම‍්පෙය්‍යකො මහිද‍්ධිකො තදාපි ධම‍්මිකො ආසිං සීලබ‍්බතසමප‍්පීතො.

167. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති චම්පෙය්‍ය නම් දිව්‍යනාගරාජ වැ උපනිම් ද එකල්හිදු ශීලව්‍රත සමාදානයෙන් යුක්ත වූ ධාර්මිකයෙම් වීමි.

168. තදාපි මං ධම‍්මචාරිං උපවුත්‍ථං උපොසථං අහිතුණ‍්ඩිකො ගහෙත්‍වාන රාජද‍්වාරම‍්හි කීළති.

168. එකල්හි දු ධාර්මික වැ පෙහෙවස් සමාදන් වැ සිටි මා අහිතුණ්ඩිකයෙක් අල්ලාගෙන රජගෙදොර ක්‍රීඩා කරවයි.

169. යං සො වණ‍්ණං චින‍්තයති නීලං පීතඤ‍්ච ලොහිතං තස‍්ස චිත‍්තානුවත‍්තෙන‍්තො හොමි චින‍්තීත සන‍්තිභො.

169. එ අහිතුණ්ඩික තෙමේ නිල්වන් හෝ රන්වන් හෝ ලේවන් හෝ යම් පැහැයක් සිතා ද, ඔහු ගේ සිතට අනුව පවත්නෙමි. සිතූ ආකාර ඇත්තෙම් වෙමි.

170. ථලං කරෙය්‍යං උදකං උදකම‍්පි ථලං කරෙ යදිහං තස‍්ස පකුප‍්පෙය්‍යං ඛණෙන ඡාරිකං කරෙ.

170. මම් පොළොව ජලය කෙරෙමි. ජලය ද පොළොව කෙරෙමි. ඉදින් ඔහුට කිපුණෙම් නම් ඇසිල්ලෙකින් ඔහු හළු කොට පියමි.

171. යදි චිත‍්තවසී හෙස‍්සං පරිහායිස‍්සාමි සීලතො සීලෙන පරිහීණස‍්ස උත‍්තමත්‍ථො න සිජ‍්ඣති.

171. ඉදින් මම් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහී යන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්‍ත්‍ථය සිද්ධ නො වේ.

172. කාමං භිජ‍්ජතු යං කායො ඉධෙව විකිරීයතු නෙව සීලං පභින්‍දෙය්‍යං විකිරන‍්තෙ භුසං වියාති.

172. මේ ශරීරය ඒකාන්තයෙන් බිඳීයේවා! මෙහි මැ විසිරයේවා! බොල්මිටක් සෙයින් මාගේ සිරුර විසිර යන කල්හි දු ශීලය නො බිඳින්නෙමි.

චම‍්පෙය්‍ය නාගචරියං තතියං.

තුන් වැනි චම්පෙය්‍යනාග චරියා යි.