යෙදුමෙන් කියවන්න

3. චම‍්පෙය්‍යනාගචරියාවණ‍්ණනා අට‍්ඨකථා

3. චම‍්පෙය්‍යනාගචරියාවණ‍්ණනා

3. චම්පෙය්‍යානාග චරියා වර්ණනාව

167. “පුනාපරං යදාහොමි චම්පෙය්‍යකො මහිද්ධිකො තදාපි ධම්මි කො ආසිං සීලබ්බත සමප්පිතො”

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහත් සෘද්ධි ඇති චම්පෙය්‍යක නම් (නාගරාජයෙක්) වීම් ද එකල්හිද ශීලයෙන් හා ව්‍රතයෙන් යුක්ත වූ ධාර්මිකයෙක් වීමි.”

තතියෙ චම‍්පෙය්‍යකොති අඞ‍්ගමගධරට‍්ඨානං අන‍්තරෙ චම‍්පා නාම නදී, තස‍්සා හෙට‍්ඨා නාගභවනම‍්පි අවිදූරභවත‍්තා චම‍්පා නාම, තත්‍ථ ජාතො නාගරාජා චම‍්පෙය්‍යකො. තදාපි ධම‍්මිකො ආසින‍්ති තස‍්මිං චම‍්පෙය්‍යනාගරාජකාලෙපි අහං ධම‍්මචාරී අහොසිං.

තුන්වෙනි (චම්පෙය්‍යක චරිතයෙහි) “චම්පෙය්‍යකො” යනු අඞ්ග මගධ රටවල් අතර චම්පා නම් ගඟක් ඇත, එහි යට පිහිටි නාගභවන ද (ගඟට) නුදුරෙන් පිහිටි හෙයින් චම්පා නමි. එහි උපන් නාරජු “චම්පෙය්‍යකය”, “තදාපි ධම්මිකො ආසිං” යනු ඒ චම්පෙය්‍ය නාග රාජ කාලයේ ද මම ධර්‍මයෙහි හැසිරෙන්නෙක් වීමි,

බොධිසත‍්තො හි තදා චම‍්පානාගභවනෙ නිබ‍්බත‍්තිත්‍වා චම‍්පෙය්‍යො නාම නාගරාජා අහොසි, මහිද‍්ධිකො මහානුභාවො. සො තත්‍ථ නාගරජ‍්ජං කාරෙන‍්තො දෙවරාජභොගසම‍්පත‍්තිසදිසඉස‍්සරියසම‍්පත‍්තිං අනුභවන‍්තො පාරමිපූරණස‍්ස අනොකාසභාවතො “කිං මෙ ඉමාය තිරච‍්ඡානයොනියා, උපොසථවාසං වසිත්‍වා ඉතො මුච‍්චිත්‍වා සම‍්මදෙව පාරමියො පූරෙස‍්සාමී”ති තතො පට‍්ඨාය අත‍්තනො පාසාදෙයෙව උපොසථකම‍්මං කරොති. අලඞ‍්කතනාගමාණවිකා තස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්ති. සො “ඉධ මෙ සීලස‍්ස අන‍්තරායො භවිස‍්සතී”ති පාසාදතො නික‍්ඛමිත්‍වා උය්‍යානෙ නිසීදති. තත්‍රාපි තා ආගච‍්ඡන‍්ති. සො චින‍්තෙසි – “ඉධ මෙ සීලස‍්ස සංකිලෙසො භවිස‍්සති, ඉතො නාගභවනතො නික‍්ඛමිත්‍වා මනුස‍්සලොකං ගන‍්ත්‍වා උපොසථවාසං වසිස‍්සාමී”ති. සො තතො පට‍්ඨාය උපොසථදිවසෙසු නාගභවනා නික‍්ඛමිත්‍වා එකස‍්ස පච‍්චන‍්තගාමස‍්ස අවිදූරෙ මග‍්ගසමීපෙ වම‍්මිකමත්‍ථකෙ “මම චම‍්මාදීහි අත්‍ථිකා චම‍්මාදීනි ගණ‍්හන‍්තු, කීළාසප‍්පං වා කාතුකාමා කීළාසප‍්පං කරොන‍්තූ”ති සරීරං දානමුඛෙ විස‍්සජ‍්ජෙත්‍වා භොගෙ ආභුජිත්‍වා නිපන‍්නො උපොසථවාසං වසති චාතුද‍්දසියං පඤ‍්චදසියඤ‍්ච, පාටිපදෙ නාගභවනං ගච‍්ඡති. තස‍්සෙවං උපොසථං කරොන‍්තස‍්ස දීඝො අද‍්ධා වීතිවත‍්තො.

බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි එකල්හි චම්පා නාග භවනෙහි ඉපිද චම්පෙය්‍ය නම් මහත් සෘද්ධි ඇති මහානුභාවසම්පන්න නා රජෙක් විය. හෙතෙම එහි නාගරාජ්‍යය කරවන්නේ දෙව්රජ සිරිසම්පත් වැනි ඉසුරු සම්පත් අනුභව කරන්නේ පාරමී පිරීමට අවකාශ නොමැති බැවින් “මට මේ තිරිසන් යෝනියෙන් කවර ප්‍රයෝජනයක් ද? පෙහෙවස් වැස මෙයින් මිදී මැනවින් පාරමිතා පුරන්නෙමි”යි එතැන් පටන් තමන්ගේ ප්‍රාසාදයෙහිම හිද පෙහෙවස් රකියි. අලංකාර ලෙස සැරසුන නාගමානවිකාවෝ එතුමා සමීපයට පැමිණෙති. හෙතෙම මෙහි මාගේ ශීලයට අනතුරක් වන්නේ ය”යි ප්‍රාසාදයෙන් නික්ම උයනෙහි හිඳියි. එතනට ද ඒ නාග මානවිකාවෝ පැමිණෙති. එතුමා මෙහි මාගේ ශීලය කිලිටිවන්නේය. මේ නාග භවනයෙන් නික්ම මිනිස් ලොවට ගොස් පෙහෙවස් වසමි’යි මෙසේ සිතීය. හෙතෙම එතැන් පටන් උපෝසථ දිනයන්හි නාග භවනෙන් නික්ම එක් පසල් ගමකට නුදුරෙහි මාවතක් සමීපයෙහි තුඹසක් මත මාගේ සම් ආදියෙන් ප්‍රයෝජනයක් ඇත්තේ සම් ආදිය ගනිත්වා. ක්‍රීඩා සර්‍පයකු හෝ කරනු කැමැත්තෝ ක්‍රීඩා සර්‍පයකු කරත්වා”යි ශරීරය දාන මුඛයෙහි හැර පියා දරණ බැඳ වැදහොත්තේ තුදුස්වක පසළොස්වක දිනයන්හි පෙහෙවස් වසයි. පෑලවිය දිනයෙහි නාග භවනට යයි. මෙසේ පෙහෙවස් රකින එතුමන්ට බොහෝකාලයක් ඉක්ම ගියේය.

අථ බොධිසත‍්තො සුමනාය නාම අත‍්තනො අග‍්ගමහෙසියා “දෙව, ත්‍වං මනුස‍්සලොකං ගන‍්ත්‍වා උපොසථං උපවසසි, සො ච සාසඞ‍්කො සප‍්පටිභයො”ති වුත‍්තො මඞ‍්ගලපොක‍්ඛරණිතීරෙ ඨත්‍වා “සචෙ මං, භද‍්දෙ, කොචි පහරිත්‍වා කිලමෙස‍්සති, ඉමිස‍්සා පොක‍්ඛරණියා උදකං ආවිලං භවිස‍්සති. සචෙ සුපණ‍්ණො ගණ‍්හිස‍්සති, උදකං පක‍්කුථිස‍්සති. සචෙ අහිතුණ‍්ඩිකො ගණ‍්හිස‍්සති, උදකං ලොහිතවණ‍්ණං භවිස‍්සතී”ති තීණි නිමිත‍්තානි තස‍්සා ආචික‍්ඛිත්‍වා චාතුද‍්දසීඋපොසථං අධිට‍්ඨාය නාගභවනා නික‍්ඛමිත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා වම‍්මිකමත්‍ථකෙ නිපජ‍්ජි සරීරසොභාය වම‍්මිකං සොභයමානො. සරීරඤ‍්හිස‍්ස රජතදාමං විය සෙතං අහොසි, මත්‍ථකො රත‍්තකම‍්බලගෙණ‍්ඩුකො විය, සරීරං නඞ‍්ගලසීසප‍්පමාණං භූරිදත‍්තකාලෙ (ජා· 2.22.784 ආදයො) පන ඌරුප‍්පමාණං, සඞ‍්ඛපාලකාලෙ (ජා· 2.17.143 ආදයො) එකදොණිකනාවප‍්පමාණං.

ඉක්බිති බෝධිසත්ත්‍වයන් වහන්සේ සුමනා නම් තම අගමෙහෙසිය විසින් “දේවයන් වහන්ස, නුඹවහන්සේ මිනිස් ලොවට ගොස් පෙහෙවස් රකින්නහුය, එය වනාහි සැක සහිතය. භය සහිතය”යි කියන ලද්දාහු මඟුල් පොකුණු තෙර සිට “සොඳුර ඉදින් කිසිවෙක් මට පහරදී වෙහෙස කරන්නේ නම් පොකුණෙහි ජලය කැලඹෙන්නේය. ඉදින් ගුරුළෙක් අල්ලාගත්තේනම් දිය කැකෑරෙන්නේය. ඉදින් අහිගුණ්ඨිකයෙක් අල්ලා ගත්තේනම් ජලය ලේපාට වන්නේය”යි නිමිති තුනක් ඇයට කියා තුදුස්වක් පේවස අදිටන් කොට නාග භවනයෙන් නික්ම එහි ගොස් ශරීර සෝභාවෙන් තුඹස හොබවමින් තුඹස මත වැදහොත්තාහුය. එතුමන්ගේ ශරීරය රිදී දමක් මෙන් සුදු පාට විය. හිස රතු කම්බිලි පන්දුවක් වැනිය. ශරීරය නගුලිසක් පමණය. භූරිදත්ත කාලයෙහි වනාහි කලවයක් පමණය, සඞ්ඛපාල කාලයෙහි එක් ඔරුවක් ඇති නැවක් පමණය.

තදා එකො බාරාණසිමාණවො තක‍්කසිලං ගන‍්ත්‍වා අලම‍්පායනමන‍්තං උග‍්ගණ‍්හිත්‍වා තෙන මග‍්ගෙන අත‍්තනො ගාමං ගච‍්ඡන‍්තො මහාසත‍්තං දිස‍්වා “කිං මෙ තුච‍්ඡහත්‍ථෙන ගාමං ගන‍්තුං, ඉමං නාගං ගහෙත්‍වා ගාමනිගමරාජධානීසු කීළාපෙන‍්තො ධනං උප‍්පාදෙත්‍වාව ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා දිබ‍්බොසධානි ගහෙත්‍වා දිබ‍්බමන‍්තං පරිවත‍්තෙත්‍වා තස‍්ස සන‍්තිකං අගමාසි. දිබ‍්බමන‍්තං සුතකාලතො පට‍්ඨාය මහාසත‍්තස‍්ස කණ‍්ණෙසු තත‍්තසලාකාපවෙසනකාලො විය අහොසි, මත්‍ථකෙ සිඛරෙන අභිමන්‍ථියමානො විය. සො “කො නු ඛො එසො”ති භොගන‍්තරතො සීසං උක‍්ඛිපිත්‍වා ඔලොකෙන‍්තො අහිතුණ‍්ඩිකං දිස‍්වා චින‍්තෙසි – “මම විසං උග‍්ගතෙජං, සචාහං කුජ‍්ඣිත්‍වා නාසාවාතං විස‍්සජ‍්ජෙස‍්සාමි, එතස‍්ස සරීරං භුසමුට‍්ඨි විය විප‍්පකිරිස‍්සති, අථ මෙ සීලං ඛණ‍්ඩං භවිස‍්සති, න නං ඔලොකෙස‍්සාමී”ති. සො අක‍්ඛීනි නිම‍්මීලෙත්‍වා සීසං භොගන‍්තරෙ ඨපෙසි. අහිතුණ‍්ඩිකබ්‍රාහ‍්මණො ඔසධං ඛාදිත්‍වා මන‍්තං පරිවත‍්තෙත්‍වා ඛෙළං මහාසත‍්තස‍්ස සරීරෙ ඔසිඤ‍්චි. ඔසධානඤ‍්ච මන‍්තස‍්ස ච ආනුභාවෙන ඛෙළෙන ඵුට‍්ඨඵුට‍්ඨට‍්ඨානෙ ඵොටානං උට‍්ඨානකාලො විය අහොසි.

එකල්හි බරණැස එක් මාණවකයෙක් තක්‍ෂලාවට ගොස් ආලම්බායන මන්ත්‍රය ඉගෙන ඒ මාර්‍ගයෙන් තම ගමට යන්නේ මහාසත්ත්‍වයන් දැක “හිස් අතින් ගමට යාමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? මේ නාගයා අල්ලාගෙන ගම් නියම්ගම් රාජධානිවල ක්‍රීඩා කරවන්නේ ධනය උපයාගෙනම යන්නෙමි”යි සිතා දිව්‍ය ඖෂධ ගෙන දිව්‍ය මන්ත්‍රය පිරිවහා ඔහුගේ සමීපයට ගියේය. දිව්‍යමන්ත්‍රය ඇසූකල පටන් මහාසත්ත්‍වයන්ගේ කන්වල රත් යහුල් ප්‍රවේශ කරන කලක් මෙන් විය. හිස්මුදුන යකුලකින් පහරණ කලක් මෙන් විය. හෙතෙම මේ කවරෙක් දෝහෝයි දරණ වැළ අතරින් හිස ඔසවා බලන්නේ අහිගුණ්ඨිකයා දැක මගේ විස උග්‍ර තේජස් සහිතය. ඉදින් මම කිපී නාසා වාතයක් පිටකරන්නේ නම් මොහුගේ ශරීරය බොල් වී මිටක් මෙන් විසිරෙන්නේය. එසේම මාගේ ශීලයද කඩ වන්නේය. එබැවින් ඔහු දෙස නො බලන්නෙමි’යි සිතීය. හෙතෙම ඇස් වසාගෙන හිස දරණ අතර තැබීය. අහිගුණ්ඨික බ්‍රාහ්මණයා ඖෂධ අනුභව කොට මන්ත්‍රය ජප කොට කෙළ මහාසත්ත්‍වයන්ගේ ශරීරයට දැමීය. බෙහෙත්වලද මන්ත්‍රයේ ද ආනුභාවයෙන් කෙළ ගැටුණ ගැටුණ තැන්වල ගඩු නැගි කලක් මෙන් විය.

අථ සො නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා ආකඩ‍්ඪිත්‍වා දීඝසො නිපජ‍්ජාපෙත්‍වා අජපදෙන දණ‍්ඩෙන උප‍්පීළෙත්‍වා දුබ‍්බලං කත්‍වා සීසං දළ‍්හං ගහෙත්‍වා නිප‍්පීළෙසි. මහාසත‍්තො මුඛං විවරි. අථස‍්ස මුඛෙ ඛෙළං ඔසිඤ‍්චිත්‍වා ඔසධමන‍්තබලෙන දන‍්තෙ භින්‍දි. මුඛං ලොහිතස‍්ස පූරි. මහාසත‍්තො අත‍්තනො සීලභෙදභයෙන එවරූපං දුක‍්ඛං අධිවාසෙන‍්තො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකනමත‍්තම‍්පි නාකාසි. සොපි “නාගරාජානං දුබ‍්බලං කරිස‍්සාමී”ති නඞ‍්ගුට‍්ඨතො පට‍්ඨාය අට‍්ඨීනි සංචුණ‍්ණයමානො විය සකලසරීරං මද‍්දිත්‍වා පට‍්ටකවෙඨනං නාම වෙඨෙසි, තන‍්තමජ‍්ජිතං නාම මජ‍්ජි, නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා දුස‍්සපොථනං නාම පොථෙසි. මහාසත‍්තස‍්ස සකලසරීරං ලොහිතමක‍්ඛිතං අහොසි, සො මහාවෙදනං අධිවාසෙසි.

ඉක්බිති ඔහු නගුටින් ගෙන ඇද බිම දිගට හොවා එළුකුරකට බඳු දණ්ඩෙන් පෙළා දුර්‍වල කොට හිස දැඩිව පෙළීය. මහාසත්ත්‍වයෝ මුව විවර කළහ. ඉක්බිති එතුමන්ගේ කටට කෙළ ගසා බෙහෙත් හා මන්ත්‍ර බලයෙන් දත් බින්දේය. මුව රුධිරයෙන් පිරුණි. මහාසත්ත්‍වයෝ තමාගේ ශීලය බිඳෙයි යන බියෙන් මෙබඳු වූ දුකක් ඉවසමින් ඇස් ඇර බැලීමක් පමණවත් නො කළහ. හෙතෙමේ ද නාගරාජයා දුර්‍වල කරන්නෙමි’යි නගුටේ සිට ඇට කුඩු කරන්නාක් මෙන් සියලු ශරීරය මැඩ පිළිවෙලන්නාක් මෙන් වෙළීය. දුනුදිය මඩින්නාක් මෙන් මැඩීය. නගුටින් ගෙන රෙදි අපුල්ලන්නාක් මෙන් ඇපිල්ලීය. මහාසත්ත්‍වයන්ගේ සියලු ශරීරය ලෙයින් තවරණ ලද්දේ විය. මහත් වේදනාව ඉවසූහ.

අථස‍්ස දුබ‍්බලභාවං ඤත්‍වා වල‍්ලීහි පෙළං කරිත්‍වා තත්‍ථ නං පක‍්ඛිපිත්‍වා පච‍්චන‍්තගාමං නෙත්‍වා මහාජනස‍්ස මජ‍්ඣෙ කීළාපෙසි. නීලාදීසු වණ‍්ණෙසු වට‍්ටචතුරස‍්සාදීසු සණ‍්ඨානෙසු අණුංථූලාදීසු පමාණෙසු යං යං බ්‍රාහ‍්මණො ඉච‍්ඡති, මහාසත‍්තො තං තදෙව කත්‍වා නච‍්චති, ඵණසතම‍්පි ඵණසහස‍්සම‍්පි කරොතියෙව. මහාජනො පසීදිත්‍වා බහුධනමදාසි. එකදිවසමෙව කහාපණසහස‍්සඤ‍්චෙව සහස‍්සග‍්ඝනිකෙ ච පරික‍්ඛාරෙ ලභි. බ්‍රාහ‍්මණො ආදිතොව “සහස‍්සං ලභිත්‍වා විස‍්සජ‍්ජෙස‍්සාමී”ති චින‍්තෙසි. තං පන ධනං ලභිත්‍වා “පච‍්චන‍්තගාමෙයෙව තාව මෙ එත‍්තකං ධනං ලද‍්ධං, රාජරාජමහාමත‍්තානං දස‍්සිතෙ කීව බහුං ධනං ලභිස‍්සාමී”ති සකටඤ‍්ච සුඛයානකඤ‍්ච ගහෙත්‍වා සකටෙ පරික‍්ඛාරෙ ඨපෙත්‍වා සුඛයානකෙ නිසින‍්නො “මහන‍්තෙන පරිවාරෙන මහාසත‍්තං ගාමනිගමරාජධානීසු කීළාපෙන‍්තො බාරාණසියං උග‍්ගසෙනරඤ‍්ඤො සන‍්තිකෙ කීළාපෙත්‍වා විස‍්සජ‍්ජෙස‍්සාමී”ති අගමාසි. සො මණ‍්ඩූකෙ මාරෙත්‍වා නාගරඤ‍්ඤො දෙති. නාගරාජා “පුනප‍්පුනං මං නිස‍්සාය මාරෙස‍්සතී”ති න ඛාදති. අථස‍්ස මධුලාජෙ අදාසි. තෙපි “සචාහං ගොචරං ගණ‍්හිස‍්සාමි, අන‍්තොපෙළායමෙව මරණං භවිස‍්සතී”ති න ඛාදති.

ඉක්බිති එතුමන් දුර්‍වලකොට වැල්වලින් පෙට්ටියක් කොට එහි එතුමන් දමා පසල්ගමකට ගෙන ගොස් මහජනයා මැද ක්‍රීඩා කරවීය. නිල් ආදී වර්‍ණයන් අතුරෙන් වට සතරැස් ආදී සටහන් අතුරෙන් ද කුඩා මහත් ආදී ප්‍රමාණයන් අතුරෙන්ද බ්‍රාහ්මණයා යමක් යමක් කැමති වෙයිද මහාසත්ත්‍වයෝ ඒ ඒ දෙයම කොට නටති. පෙණ සියයක් ද පෙණ දහසක් ද කරත්මය. මහජනයා පැහැදි බොහෝ ධනය දුන්නේය. එක් දිනයකදීම කහවණු දහසක් ද දහසක් වටිනා පිරිකරද ලැබුණි. බ්‍රාහ්මණයා මුලදීම දහසක් ලැබ මුදා හරින්නෙමි’යි සිතීය. ඒ ධනය ලැබ “මා විසින් පසල්ගමකදී මෙපමණ ධනය ලැබුවෙමි. රාජරාජ මහාමාත්‍යාදීන්ට දැක්වූ කල්හි වනාහි බොහෝ ධනය ලබන්නෙමියි කරත්තයක්ද සැප යානාවක් ද ගෙන ගැලෙහි පිරිකර තබා සැප යානයෙහි හුන්නේ මහත් පිරිවරින් මහාසත්ත්‍වයන් ගම් නියම් රාජධානිවල ක්‍රීඩා කරවමින් බරණැස උග්ගසේන රජුගේ (සමීපයෙහි) ක්‍රීඩා කරවා මුදා හරින්නෙමි’යි ගියේය. හෙතෙම මැඬියන් මරා නාරජුට දෙයි. නා රජ නැවත නැවත මා නිසා මරන්නේය’යි නොකයි. ඉක්බිති නාගයාට විළඳ හා මීපැණි දුන්නේය. ඒවාද ඉදින් මම ගොදුරු ගන්නෙම් නම් පෙට්ටිය ඇතුලේම මරණය වන්නේයයි නොකයි.

බ්‍රාහ‍්මණො මාසමත‍්තෙන බාරාණසිං පත්‍වා ද‍්වාරගාමකෙ තං කීළාපෙන‍්තො බහුධනං ලභි. රාජාපි නං පක‍්කොසාපෙත්‍වා “අම‍්හාකම‍්පි කීළාපෙහී”ති ආහ. “සාධු, දෙව, ස‍්වෙ පන‍්නරසෙ තුම‍්හාකං කීළාපෙස‍්සාමී”ති ආහ. රාජා “ස‍්වෙ නාගරාජා රාජඞ‍්ගණෙ නච‍්චිස‍්සති, මහාජනො සන‍්නිපතිත්‍වා පස‍්සතූ”ති භෙරිං චරාපෙත්‍වා පුනදිවසෙ රාජඞ‍්ගණං අලඞ‍්කාරාපෙත්‍වා බ්‍රාහ‍්මණං පක‍්කොසාපෙසි. සො රතනපෙළාය මහාසත‍්තං නෙත්‍වා විචිත‍්තත්‍ථරෙ පෙළං ඨපෙත්‍වා නිසීදි. රාජාපි පාසාදා ඔරුය‍්හ මහාජනපරිවුතො රාජාසනෙ නිසීදි. බ්‍රාහ‍්මණො මහාසත‍්තං නීහරිත්‍වා නච‍්චාපෙසි. මහාසත‍්තො තෙන චින‍්තිතචින‍්තිතාකාරං දස‍්සෙසි. මහාජනො සකභාවෙන සන්‍ධාරෙතුං න සක‍්කොති. චෙලුක‍්ඛෙපසහස‍්සානි පවත‍්තන‍්ති. බොධිසත‍්තස‍්ස උපරි රතනවස‍්සං වස‍්සි. තෙන වුත‍්තං “තදාපි මං ධම‍්මචාරි”න‍්තිආදි.

බ්‍රාහ්මණයා මසකින් පමණ බරණැසට පැමිණ දොර ගම්හි ක්‍රීඩා කරවන්නේ බොහෝ ධනය ලැබුවේය. රජතුමා ද ඔහු කැඳවා අපටද ක්‍රීඩා කරවවයි කීය. දේවයන් වහන්ස, යහපති. හෙට පසළොස්වක දින නුඹවහන්සේ ඉදිරියේ ක්‍රීඩා කරවන්නෙමියි කීය. රජතුමා “හෙට නාගරාජයා රාජාඞ්ගනයෙහි නටන්නේය, මහජනයා රැස් වී බලත්වා”යි බෙර හසුරවා දෙවන දවස්හි රාජාඞ්ගනය අලංකාර කරවා බමුණා කැඳවීය. හෙතෙම රන් පෙට්ටියෙන් මහාසත්ත්‍වයන් ගෙන ගොස් විසිතුරු ඇතිරියක පෙට්ටිය තබා හුන්නේය. රජතුමා ප්‍රාසාදයෙන් බැස මහජනයා පිරිවරා රාජාසනයෙහි හුන්නේය. බ්‍රාහ්මණයා මහාසත්ත්‍වයන් බැහැරට ගෙන නැටවීය. මහාසත්ත්‍වයෝ ඔහු විසින් සිතන සිතන ලද ආකාරයන් දැක්වූහ. මහජනයා තමන් සිටි අයුරින් සිටීමට නොහැකි වෙයි. දහස්ගණන් පිළිහිස සිසාරවති. බෝසතුන් මත රුවන් වැසි වැස්සේය. එහෙයින් “තදාපි මං ධම්මචාරිං” ආදිය වදාරණ ලදී.

168. “තදාපි මං ධම්මචාරිං උපවුත්‍ථං උපොසථං අහිගුණ්ඨිකො ගහෙත්‍වාන රාජද්වාරම්හි කීළති.”

169. “යං සො වණ්ණං චින්තයති නීලංව පීතලොහිතං තස්ස චිත්තානුවන්තන්තො හොමි චින්තිතසන්නිභො

170. “ථලං කරෙය්‍ය උදකං උදකම්පි ථලං කරෙ යදි හන්තස්ස කුප්පෙය්‍යං ඛණෙන ඡාරිකං කරෙ”

171 “යදි චිත්තවසී හෙස්සං පරිහායිස්සාමි සීලතො සීලෙන පරිහීනස්ස උත්තමත්‍ථො නසිජ්ඣති”

172. “කාමං භිජ්ජතු’යං කායො ඉධෙව විකිරීයතු නෙව සීලංපභින්‍දෙය්‍යං විකිරන්නෙ භුසං වියාති. (චරියා පිටක)

“එකල්හි ද ධර්‍මයෙහි හැසිරෙන සුලු වූ පෙහෙවස් විසූ මා අහිගුණ්ඨිකයෙක් අල්ලාගෙන රජදොරටුවෙ ක්‍රීඩා කරවයි. හෙතෙම නිල් වූද රන්වන් වූද රක්තවර්‍ණ වූද යම් වර්‍ණයක් ඉටයිද, (ඔහුගේ) සිතට අනුව පවත්නෙම් සිතු ආකාරයෙන් වර්‍ණවත් වෙමි. පොළොව ගෙන ජලය කරන්නෙමි, ජලය ගෙන පෘථිවියද කරන්නෙමි. ඉදින් මම ඔහුට කිපෙන්නෙම් නම් ක්‍ෂණයකින් අළු කරන්නෙමි.

ඉදින් මම සිතට වසඟවීම් නම් ශීලයෙන් පිරිහෙන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්‍ථය සිදු නොවෙයි. මේ ශරීරය ඒකාන්තයෙන් බිඳේවා, මෙහිම විසිරයේවා, බොල් වී මිටක් මෙන් විසිරෙන කල්හිද ශීලය නො බිඳින්නෙමි”

තත්‍ථ තදාපීති යදාහං චම‍්පෙය්‍යකො නාගරාජා හොමි, තදාපි. ධම‍්මචාරින‍්ති දසකුසලකම‍්මපථධම‍්මං එව චරති, න අණුමත‍්තම‍්පි අධම‍්මන‍්ති ධම‍්මචාරී. උපවුට‍්ඨඋපොසථන‍්ති අට‍්ඨඞ‍්ගසමන‍්නාගතස‍්ස අරියුපොසථසීලස‍්ස රක‍්ඛණවසෙන උපවසිතඋපොසථං. රාජද‍්වාරම‍්හි කීළතීති බාරාණසියං උග‍්ගසෙනරඤ‍්ඤො ගෙහද‍්වාරෙ කීළාපෙති.

එහි “තදාපි” යනු යම්කලෙක්හි මම චම්පෙය්‍යක නාග රාජයා වීම්ද එකල්හි ද, “ධම්ම චාරිං” යනු දශකුශල කර්‍මපථ ධර්‍මයෙහි හැසිරෙන්නේමය, කුඩාම වූද අධර්‍මයෙක්හි නොහැසිරෙන්නේ “ධම්මචාරී” වේ, “උපවුත්‍ථ උපොසථං” යනු අඞ්ග අටකින් යුත් ආර්‍ය්‍ය උපෝසථ ශීලය රක්‍ෂා කිරීම් වශයෙන් වසන ලද උපෝසථ කර්‍ම ඇති, “රාජ ද්වාරම්හි කීළති” යනු බරණැස උග්ගසේන රජුගේ මාලිගා දොරටුවෙහි ක්‍රීඩා කරවයි.

යං යං සො වණ‍්ණං චින‍්තයීති සො අහිතුණ‍්ඩිකබ්‍රාහ‍්මණො “යං යං නීලාදිවණ‍්ණං හොතූ”ති චින‍්තෙසි. තෙන වුත‍්තං “නීලං ව පීතලොහිත”න‍්ති. තත්‍ථ නීලං වාති වා-සද‍්දො අනියමත්‍ථො, ගාථාසුඛත්‍ථං රස‍්සං කත්‍වා වුත‍්තො, තෙන වාසද‍්දෙන වුත‍්තාවසිට‍්ඨං ඔදාතාදිවණ‍්ණවිසෙසඤ‍්චෙව වට‍්ටාදිසණ‍්ඨානවිසෙසඤ‍්ච අණුංථූලාදිපමාණවිසෙසඤ‍්ච සඞ‍්ගණ‍්හාති. තස‍්ස චිත‍්තානුවත‍්තන‍්තොති තස‍්ස අහිතුණ‍්ඩිකස‍්ස චිත‍්තං අනුවත‍්තන‍්තො. චින‍්තිතසන‍්නිභොති තෙන චින‍්තිතචින‍්තිතාකාරෙන පෙක‍්ඛජනස‍්ස උපට‍්ඨහාමීති දස‍්සෙති.

“යං සො වණ්ණං චිත්තයති” යනු ඒ අහිගුණ්ඨික බ්‍රාහ්මණයා යම් යම් නීලාදී වර්‍ණයක් වේවායි සිතයිද, එහෙයින් කියන ලදී, “නීලංව පීතලොහිතං”යි. එහි “නීලංවා” යන්නෙහි ‘වා’ ශබ්දය අනියමාර්ථයෙහිය. ගාථාව සුඛෝච්චාරණය සඳහා භ්‍රස්ව කොට කියන ලදී. එහෙයින් ‘වා’ ශබ්දයෙන් නොකියන ලද ඕදාත ආදී වර්‍ණ විශේෂයන්ද වටකුරු ආදී සටහන් විශේෂද ලොකු කුඩා ප්‍රමාණ විශේෂ ද සංග්‍රහ කෙරේ. “තස්ස චිත්තානුවත්තන්තො” යනු ඒ අහිගුණ්ඨිකයාගේ සිතට අනුව පවතිමින්, “චින්තිත සන්නිභො” යනු ඔහු සිතු සිතු ආකාරයෙන් ප්‍රේක්‍ෂක ජනයාට පෙන්වමි’යි දක්වයි.

න කෙවලඤ‍්ච තෙන චින‍්තිතාකාරදස‍්සනං එව මය‍්හං ආනුභාවො. අපි ච ථලං කරෙය්‍යමුදකං, උදකම‍්පි ථලං කරෙති ථලං මහාපථවිං ගහෙත්‍වා උදකං, උදකම‍්පි ගහෙත්‍වා පථවිං කාතුං සක‍්කුණෙය්‍යං එවං මහානුභාවො ච. යදිහං තස‍්ස කුප‍්පෙය්‍යන‍්ති තස‍්ස අහිතුණ‍්ඩිකස‍්ස අහං යදි කුජ‍්ඣෙය්‍යං. ඛණෙන ඡාරිකං කරෙති කොධුප‍්පාදක‍්ඛණෙ එව භස‍්මං කරෙය්‍යං.

හුදෙක් ඔහු සිතු ආකාර දැක්වීම පමණක්ම මගේ ආනුභාවය නොවේ, තවද ගොඩබිම ජලය කරන්නෙමි, ජලය ද ගොඩබිම කරන්නෙමි, මහ පොළොව ගෙන ජලය කිරීමට ද ජලය ගෙන පොළොව කිරීමට ද හැකිවන්නෙමි. මෙසේ මහානුභාව ඇති, “යදිහං තස්ස කුප්පෙය්‍යං” යනු ඒ අහිගුණ්ඨිකයාට මම ඉදින් කිපෙන්නෙම් නම් “ඛණෙන ඡාරිකං කරෙ” යනු ක්‍රෝධය හටගත් කෙණෙහිම අළු කරන්නෙමි.

එවං භගවා තදා අත‍්තනො උප‍්පජ‍්ජනකානත්‍ථපටිබාහනෙ සමත්‍ථතං දස‍්සෙත්‍වා ඉදානි යෙන අධිප‍්පායෙන තං පටිබාහනං න කතං, තං දස‍්සෙතුං “යදි චිත‍්තවසී හෙස‍්ස”න‍්තිආදිමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ එකල්හි තමාට උපදින අනර්ථයන් වැළැක්වීමට සමත් බව දක්වා දැන් යම් අදහසකින් ඒ වැළැක්වීම නොකළාහුද එය දැක්වීමට “යදී චිත්තවසී හෙස්සං” යනාදිය දේශනා කළහ.

තස‍්සත්‍ථො – “අයං අහිතුණ‍්ඩිකො මං අතිවිය බාධති, න මෙ ආනුභාවං ජානාති, හන්‍දස‍්ස මෙ ආනුභාවං දස‍්සෙස‍්සාමී”ති කුජ‍්ඣිත්‍වා ඔලොකනමත‍්තෙනාපි යදි චිත‍්තවසී අභවිස‍්සං, අථ සො භුසමුට‍්ඨි විය විප‍්පකිරිස‍්සති. අහං යථාසමාදින‍්නතො පරිහායිස‍්සාමි සීලතො. තථා ච සති සීලෙන පරිහීනස‍්ස ඛණ‍්ඩිතසීලස‍්ස ය‍්වායං මයා දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලතො පට‍්ඨාය අභිපත්‍ථිතො , උත‍්තමත්‍ථො බුද‍්ධභාවො සො න සිජ‍්ඣති.

එහි අර්‍ථය:- මේ අහිගුණ්ඨිකයා මට අතිශයින් බාධා කරයි. මගේ ආනුභාවය නොදනී. ඒකාන්තයෙන් මොහුට ආනුභාවය දක්වන්නෙමි’යි කිපී බැලීම් පමණකින්ම ඉදින් සිතට වසඟ වූයෙම් නම් ඉක්බිති ඔහු බොල් වී මිටක් මෙන් විසීරි යන්නේය. මම සමාදන් වූ “සීලතො පරිහායිස්සාමි” ශීලයෙන් පිරිහෙන්නෙමි. එසේ ඇති කල්හි “සීලතො පරිහීනස්ස” කැඩුණු සිල් ඇත්තාට, මවිසින් දීපඞ්කර බුදු රජුන්ගේ පාද මූලයේ පටන් පතන ලද “උත්තමත්‍ථො” බුදු බවක් වේද “සො න සිජ්ඣති” එය සිදුනොවේ.

කාමං භිජ‍්ජතුයං කායොති අයං චාතුමහාභූතිකො ඔදනකුම‍්මාසූපචයො අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මො කායො කිඤ‍්චාපි භිජ‍්ජතු විනස‍්සතු, ඉධෙව ඉමස‍්මිං එව ඨානෙ මහාවාතෙ ඛිත‍්තභුසමුට‍්ඨි විය විප‍්පකිරීයතු, නෙව සීලං පභින්‍දෙය්‍යං, විකිරන‍්තෙ භුසං වියාති සීලං පන උත‍්තමත්‍ථසිද‍්ධියා හෙතුභූතං ඉමස‍්මිං කළෙවරෙ භුසමුට‍්ඨි විය විප‍්පකිරන‍්තෙපි නෙව භින්‍දෙය්‍යං, කායජීවිතෙසු නිරපෙක‍්ඛො හුත්‍වා සීලපාරමිංයෙව පූරෙමීති චින‍්තෙත්‍වා තං තාදිසං දුක‍්ඛං තදා අධිවාසෙසින‍්ති දස‍්සෙති.

“කාමං භිජ්ජතු’යං කායො” යනු මේ සතර මහාභූතයන්ගෙන් හටගත්, බත් කොමුයෙන් වැඩුණු, අනිත්‍ය වූ ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වැනසීම් ස්වභාවකොට ඇති ශරීරය හුදෙක් බි‌ඳේවා, විනාශ වේවා, ‘ඉධෙව’ මෙතැන්හිදීම මහසුළඟකට දැමූ බොල් වී මිටක් මෙන් විසිරීයේවා, “නෙව සීලං පභින්‍දෙය්‍යං විකිරන්තෙ භුසං විය” යනු උත්තමාර්ථයට හේතුභූත වූ ශීලය වනාහි මේ ශරීරය බොල්මිටක් මෙන් විසිරි යද්දීද නොම බිඳින්නෙමි, කයෙහි හා ජීවිතයෙහි අපේක්‍ෂා නොමැත්තෙක් වී ශීල පාරමිතාවම පුරමි’යි සිතා ඒ බඳු වූ දුකක් එකල්හි ඉවසුවෙමි’යි දක්වයි.

අථ මහාසත‍්තස‍්ස පන අහිතුණ‍්ඩිකහත්‍ථගතස‍්ස මාසො පරිපූරි, එත‍්තකං කාලං නිරාහාරොව අහොසි. සුමනා “අතිචිරායති මෙ සාමිකො, කො නු ඛො පවත‍්තී”ති පොක‍්ඛරණිං ඔලොකෙන‍්තී ලොහිතවණ‍්ණං උදකං දිස‍්වා “අහිතුණ‍්ඩිකෙන ගහිතො භවිස‍්සතී”ති ඤත්‍වා නාගභවනා නික‍්ඛමිත්‍වා වම‍්මිකසන‍්තිකං ගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස ගහිතට‍්ඨානං කිලමිතට‍්ඨානඤ‍්ච දිස‍්වා රොදිත්‍වා කන්‍දිත්‍වා පච‍්චන‍්තගාමං ගන‍්ත්‍වා පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා රාජද‍්වාරෙ ආකාසෙ රොදමානා අට‍්ඨාසි. මහාසත‍්තො නච‍්චන‍්තොව ආකාසං උල‍්ලොකෙන‍්තො තං දිස‍්වා ලජ‍්ජිතො පෙළං පවිසිත්‍වා නිපජ‍්ජි.

අහිගුණ්ඨිකයාගේ අතට පත් මහාබෝසතාණන්ට මාසයක් පිරුණේය. මෙපමණ කාලයක් නිරාහාරම විය. සුමනා දේවිය. “මගේ සැමියා අතිශයින් සුනංගු වේ. හේතුව කවරෙක්දැයි පොකුණ බලන්නී ලේපාට ජලය දැක “අහිගුණ්ඨිකයෙකු විසින් ගන්නා ලද්දේ වන්නේය”යි දැන නාගභවනයෙන් නික්ම තුඹස සමීපයට ගොස් මහාසත්ත්‍වයන් අල්ලාගත් තැන ක්ලාන්ත වූ තැන ද දැක හඬා වැලපී පසල් ගමට ගොස් විමසා එපවත් අසා බරණැසට ගොස් රජදොරටුවෙහි අහසේ හඬමින් සිටියාය. මහාසත්ත්‍වයෝ නටමින්ම අහස බලන්නාහු ඇය දැක ලජ්ජාවට පත් වූයේ පෙට්ටියට පිවිස වැදහොත්තාහ.

රාජා තස‍්ස පෙළං පවිට‍්ඨකාලෙ “කිං නු ඛො කාරණ”න‍්ති ඉතො චිතො ච ඔලොකෙන‍්තො තං ආකාසෙ ඨිතං දිස‍්වා “කා නු ත්‍ව”න‍්ති පුච‍්ඡිත්‍වා තස‍්සා නාගකඤ‍්ඤාභාවං සුත්‍වා “නිස‍්සංසයං ඛො නාගරාජා ඉමං දිස‍්වා ලජ‍්ජිතො පෙළං පවිට‍්ඨො, අයඤ‍්ච යථාදස‍්සිතො ඉද‍්ධානුභාවො නාගරාජස‍්සෙව , න අහිතුණ‍්ඩිකස‍්සා”ති නිට‍්ඨං ගන‍්ත්‍වා “එවං මහානුභාවො අයං නාගරාජා, කථං නාම ඉමස‍්ස හත්‍ථං ගතො”ති පුච‍්ඡිත්‍වා “අයං ධම‍්මචාරී සීලවා නාගරාජා, චාතුද‍්දසීපන‍්නරසීසු උපොසථං උපවසන‍්තො අත‍්තනො සරීරං දානමුඛෙ නිය්‍යාතෙත්‍වා මහාමග‍්ගසමීපෙ වම‍්මිකමත්‍ථකෙ නිපජ‍්ජති, තත්‍ථායමෙතෙන ගහිතො, ඉමස‍්ස දෙවච‍්ඡරාපටිභාගා අනෙකසහස‍්සා ඉත්‍ථියො, දෙවලොකසම‍්පත‍්තිසදිසා නාගභවනසම‍්පත‍්ති, අයං මහිද‍්ධිකො මහානුභාවො සකලපථවිං පරිවත‍්තෙතුං සමත්‍ථො, කෙවලං ‘සීලං මෙ භිජ‍්ජිස‍්සතී’ති එවරූපං විප‍්පකාරං දුක‍්ඛඤ‍්ච අනුභොතී”ති ච සුත්‍වා සංවෙගප‍්පත‍්තො තාවදෙව තස‍්ස අහිතුණ‍්ඩිකස‍්ස බ්‍රාහ‍්මණස‍්ස බහුං ධනං මහන‍්තඤ‍්ච යසං ඉස‍්සරියඤ‍්ච දත්‍වා – “හන්‍ද, භො, ඉමං නාගරාජානං විස‍්සජ‍්ජෙහී”ති විස‍්සජ‍්ජාපෙසි.

රජතුමා ඔහු පෙට්ටියට පිවිසි කල්හි “කුමන කරුණක් නිසාදැයි ඔබනොබ බලන්නේ අහසෙහි සිටි ඇය දැක “නුඹ කවර තැනැත්තියක්දැයි අසා ඇයගේ නාගකන්‍යා බව අසා “ඒකාන්තයෙන් නා රජ මැය දැක ලජ්ජාවට පත් වූයේ පෙට්ටියට පිවිසියේය. යට දැක්වූ මේ සෘද්ධ්‍යානුභාවය නාරජුගේමය, අහිගුණ්ඨීකයාගේ නොවේ යැයි නිගමනය කොට “මෙසේ මහානුභාව ඇති මේ නාගරාජයා කෙසේ මොහුගේ අතට ගියේදැයි අසා මේ ධර්‍මචාරී සිල්වත් නාගරාජයා තුදුස්වක් පසළොස්වක් දා පෙහෙවස් රකින්නේ තමාගේ ශරීරය දාන මුඛයෙහි පවරා දී මහමඟ සමීපයෙහි තුඹසක් මත වැදහොත්තේ යයි ද, එහිදී මොහු මේ අහිගුණ්ඨිකයා විසින් අල්ලා ගන්නා ලද්දේ යයි ද මොහුට දෙවඟනන් සමාන දහස් ගණන් ස්ත්‍රීහුද, දිව්‍යලෝක සම්පත් සමාන නාගභවනෙහි සම්පත් ද, මෙබඳු මහත් ඍද්ධිමත් බවක් හා මහානුභාවයක් ද මුළු පොළොව පෙරළීමට සමත් බවක් ද ඇත්තේ නමුත් හුදෙක් මාගේ ශීලය බිඳෙන්නේ යයි මෙබඳු විප්‍රකාරයක් දුකක් අනුභව කරන්නේ යයි අසා සංවේගයට පත් වූයේ එකෙණෙහිම ඒ අහිගුණ්ඨික බ්‍රාහ්මණයාට බොහෝ ධනය ද මහත් යස ඉසුරුද දී “පින්වත මේ නාගරාජයා හැර පියව”යි කියා නාගරාජයා මුදවාපීය.

මහාසත‍්තො නාගවණ‍්ණං අන‍්තරධාපෙත්‍වා මාණවකවණ‍්ණෙන දෙවකුමාරො විය අට‍්ඨාසි. සුමනාපි ආකාසතො ඔතරිත්‍වා තස‍්ස සන‍්තිකෙ අට‍්ඨාසි. නාගරාජා රඤ‍්ඤො අඤ‍්ජලිං කත්‍වා “එහි, මහාරාජ, මය‍්හං නිවෙසනං පස‍්සිතුං ආගච‍්ඡාහී”ති යාචි. තෙනාහ භගවා –

මහාසත්ත්‍වයෝ නාගවේශය අතුරුදහන් කොට මානවක වේශයෙන් දේවකුමාරයෙක් මෙන් සිටියේය. සුමනා දේවියද අහසින් බැස ඔහු සමීපයෙහි සිටියාය. නාගරාජයා රජුට ඇඳිලිබැඳ “මහරජ, එනු මැනවි. මගේ නිවෙස්න බැලීමට එනු මැනවැ”යි ඉල්ලා සිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“මුත‍්තො චම‍්පෙය්‍යකො නාගො, රාජානං එතදබ්‍රවි; ‘නමො තෙ කාසිරාජත්‍ථු, නමො තෙ කාසිවඩ‍්ඪන; අඤ‍්ජලිං තෙ පග‍්ගණ‍්හාමි, පස‍්සෙය්‍යං මෙ නිවෙසන”න‍්ති.

“බැඳුමෙන් මිදුණු චම්පෙය්‍යක නාගතෙම රජුට මෙසේ කීවේය. කසී රජතුමනි, නුඹ වහන්සේට නමස්කාර වේවා. කසීරට දියුණු කරන රජතුමනි, නුඹ වහන්සේට නමස්කාර වේවා. මාගේ නාග භවනය දැකුම්කළුය. එය සපිරිවරින් අවුත් බලන මෙන් ආරාධනා කොට නුඹ වහන්සේට ඇඳිලි බඳිමි”යි නා රජ කීයේය. (ජාතක පාලි)

අථ රාජා තස‍්ස නාගභවනගමනං අනුජානි. මහාසත‍්තො තං සපරිසං ගහෙත්‍වා නාගභවනං නෙත්‍වා අත‍්තනො ඉස‍්සරියසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා කතිපාහං තත්‍ථ වසාපෙත්‍වා භෙරිං චරාපෙසි – “සබ‍්බා රාජපරිසා යාවදිච‍්ඡකං හිරඤ‍්ඤසුවණ‍්ණාදිකං ධනං ගණ‍්හතූ”ති. රඤ‍්ඤො ච අනෙකෙහි සකටසතෙහි ධනං පෙසෙසි. “මහාරාජ, රඤ‍්ඤා නාම දානං දාතබ‍්බං, සීලං රක‍්ඛිතබ‍්බං, ධම‍්මිකා රක‍්ඛාවරණගුත‍්ති සබ‍්බත්‍ථ සංවිදහිතබ‍්බා”ති දසහි රාජධම‍්මකථාහි ඔවදිත්‍වා විස‍්සජ‍්ජෙසි. රාජා මහන‍්තෙන යසෙන නාගභවනා නික‍්ඛමිත්‍වා බාරාණසිමෙව ගතො. තතො පට‍්ඨාය කිර ජම‍්බුදීපතලෙ හිරඤ‍්ඤසුවණ‍්ණං ජාතං. මහාසත‍්තො සීලානි රක‍්ඛිත්‍වා අන්‍වද‍්ධමාසං උපොසථකම‍්මං කත්‍වා සපරිසො සග‍්ගපුරං පූරෙසි.

ඉක්බිති රජ ඔහුගේ නාගභවනට යාමට කැමැත්ත දුන්නේය. මහාසත්ත්‍වයෝ සහපිරිවරින් රජතුමා ගෙන නාගභවනට ගොස් තමාගේ ඉසුරු සම්පත් දක්වා කීප දිනක් එහි වස්වා “සියලු රජ පිරිස් කැමති පමණ අමුරන්, රන් ආදී ධනය ගනිත්වායි බෙර හැසිරවීය. රජුටද නොයෙක් සිය ගණන් ගැල්වලින් ධනය යැවීය. “මහරජ රජු විසින් දන් දිය යුතුය. සිල් රැකිය යුතුය. ධාර්මික රක්‍ෂාවරණ ගෝපනය සියලු තන්හි සංවිධානය කළ යුතුය’යි දශරාජ ධර්‍මයෙන් අවවාද දී පිටත් කළහ. රජ මහත් යසසින් නාග භවනෙන් නික්ම බරණැසටම ගියේය. එතැන් පටන් වනාහි දඹදිව් තලය හිරණ්‍ය ස්වර්‍ණයන්ගෙන් සම්පූර්‍ණ වූයේය. මහාසත්ත්‍වයෝ සිල් රැක අඩමසක් පාසා පෙහෙවස් රැක පිරිස සහිතව ස්වර්‍ගපුරය පිරවූහ.

තදා අහිතුණ‍්ඩිකො දෙවදත‍්තො අහොසි, සුමනා රාහුලමාතා, උග‍්ගසෙනො සාරිපුත‍්තත්‍ථෙරො, චම‍්පෙය්‍යකො නාගරාජා ලොකනාථො.

එදා අහිගුණ්ඨිකයා දෙව්දත් තෙරය. සුමනා රාහුල මාතාවය, උග්ගසේන රජු සැරියුත් තෙරුන්ය. චම්පෙය්‍යක නා රජ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. ඉධ බොධිසත‍්තස‍්ස අච‍්ඡරියානුභාවා හෙට‍්ඨා වුත‍්තනයා එවාති.

මෙහිද උන්වහන්සේගේ සෙසු පාරමිතාවෝ සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. මෙහි බෝධිසත්ත්‍වයන්ගේ ආශ්චර්‍ය්‍යය ආනුභාවයෝ යට කියූ අයුරින්ම වන්නාහ.

චම‍්පෙය්‍යනාගචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

තුන්වෙනි චම්පෙය්‍ය නාග චරිතයයි.