යෙදුමෙන් කියවන්න

2. භූරිදත‍්තචරියාවණ‍්ණනා අට‍්ඨකථා

2. භූරිදත‍්තචරියාවණ‍්ණනා

2. භූරිදත්ත චරියා වර්ණනාව

දෙවෙනි (භූරිදත්ත චරියාවෙහි)

158. “පුනාපරං යදාහොමි භූරිදත්තො මහිද්ධිකො” විරූපක්‍ඛෙ න මහාරඤ්ඤා දෙවලොක මගච්ඡහං” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක්හි මම මහත් ඍද්ධියෙන් යුක්ත වූ භූරිදත්ත නම් (නාග රාජයෙක්) වීම් ද විරූපාක්‍ෂ නම් මහ රජු සමග මම දෙව්ලොවට ගියෙමි.”

දුතියෙ භූරිදත‍්තොති භූරිසමදත‍්තො. දත‍්තොති හි තදා බොධිසත‍්තස‍්ස මාතාපිතූහි කතං නාමං. යස‍්මා පනෙසො නාගභවනෙ විරූපක‍්ඛමහාරාජභවනෙ තාවතිංසභවනෙ ච උප‍්පන‍්නෙ පඤ‍්හෙ සම‍්මදෙව විනිච‍්ඡිනාති, එකදිවසඤ‍්ච විරූපක‍්ඛමහාරාජෙ නාගපරිසාය සද‍්ධිං තිදසපුරං ගන‍්ත්‍වා සක‍්කං පරිවාරෙත්‍වා නිසින‍්නෙ දෙවානමන‍්තරෙ පඤ‍්හො සමුට‍්ඨාසි. තං කොචි කථෙතුං නාසක‍්ඛි. සක‍්කෙන පන අනුඤ‍්ඤාතො පල‍්ලඞ‍්කවරගතො හුත්‍වා මහාසත‍්තොව කථෙසි. අථ නං දෙවරාජා දිබ‍්බගන්‍ධපුප‍්ඵෙහි පූජෙත්‍වා “දත‍්ත, ත්‍වං පථවිසමාය විපුලාය පඤ‍්ඤාය සමන‍්නාගතො ඉතො පට‍්ඨාය භූරිදත‍්තො නාමා”ති ආහ. භූරීති හි පථවියා නාමං, තස‍්මා භූරිසමතාය භූතෙ අත්‍ථෙ රමතීති ච භූරිසඞ‍්ඛාතාය මහතියා පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා මහාසත‍්තො “භූරිදත‍්තො”ති පඤ‍්ඤායිත්‍ථ. මහතියා පන නාගිද‍්ධියා සමන‍්නාගතත‍්තා මහිද‍්ධිකො චාති.

එහි “භූරිදත්තො” යනු පෘථිවිය සමාන දත්ත, “දත්ත” යනු එකල්හි බෝධිසත්ත්‍වයන්ට දෙමව්පියන් විසින් කළ නමයි. යම්හෙයකින් මෙතුමා විරූපාක්‍ෂ මහරජුගේ භවන වූ නාග භවනයෙහි ද තව්තිසා භවනයෙහි ද උපන්නා වූ ප්‍රශ්නයන් මැනවින් විසඳන ලද්දේ ද (එබැවින් භූරිදත්ත නම් විය) එක් දිනක් විරූපක්‍ෂ නා රජු නාගපිරිස සමග තිදස (තව්තිසා) පුරයට ගොස් සක්දෙව් රජ පිරිවරා හුන් කල්හි දෙවියන් අතර ප්‍රශ්නයක් උපන්නේය. එම ප්‍රශ්නය විසඳන්නට කිසිවෙක් සමර්ථ නොවීය. සක්දෙව් රජු විසින් අනුදන්නා ලද මහාසත්ත්‍වයෝම උතුම් පර්‍ය්‍යඞ්කයෙහි වැඩ හිඳ එය විසඳූහ. ඉක්බිති සක්දෙව් රජ උන්වහන්සේ දිවගඳ මලින් පුදා “දත්තයෙනි. නුම පොළොව සමාන මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය. මෙතැන් පටන් “භූරිදත්ත” නම් වේ යයි කීය. ‘භූරි’ යනු පෘථිවියට නමකි. එහෙයින් පොළොවට සම වූ අර්‍ථයෙහි ඇලේනුයි. භුරිසඞ්ඛ්‍යාත මහත් ප්‍රඥාවෙන් යුක්ත වන හෙයින් මහාසත්ත්‍වයෝ භූරිදත්ත, භූරිදත්ත යයි ප්‍රකට වූහ. මහත් වූ නාග ඍද්ධියෙන් යුක්ත වූ බැවින් “මහිද්ධිකො” ද වේ.

අතීතෙ හි ඉමස‍්මිංයෙව කප‍්පෙ බාරාණසිරඤ‍්ඤො පුත‍්තො පිතරා රට‍්ඨතො පබ‍්බාජිතො වනෙ වසන‍්තො අඤ‍්ඤතරාය නාගමාණවිකාය සංවාසං කප‍්පෙසි. තෙසං සංවාසමන්‍වාය ද‍්වෙ දාරකා ජායිංසු – පුත‍්තො ච ධීතා ච. පුත‍්තස‍්ස “සාගරබ්‍රහ‍්මදත‍්තො”ති නාමං කරිංසු ධීතාය “සමුද‍්දජා”ති. සො අපරභාගෙ පිතු අච‍්චයෙන බාරාණසිං ගන‍්ත්‍වා රජ‍්ජං කාරෙසි. අථ ධතරට‍්ඨො නාම නාගරාජා පඤ‍්චයොජනසතිකෙ නාගභවනෙ නාගරජ‍්ජං කාරෙන‍්තො තං අභූතවාදිකෙන චිත‍්තචූළෙන නාම කච‍්ඡපෙන “බාරාණසිරාජා අත‍්තනො ධීතරං තුය‍්හං දාතුකාමො, සා ඛො පන රාජධීතා සමුද‍්දජා නාම අභිරූපා දස‍්සනීයා පාසාදිකා චා”ති කථිතං සුත්‍වා ධතරට‍්ඨො චත‍්තාරො නාගමාණවකෙ පෙසෙත්‍වා තං දාතුං අනිච‍්ඡන‍්තං නාගවිභිංසිකාය භිංසාපෙත්‍වා “දම‍්මී”ති වුත‍්තෙ මහන‍්තං පණ‍්ණාකාරං පෙසෙත්‍වා මහතියා නාගිද‍්ධියා මහන‍්තෙන පරිවාරෙන තස‍්ස ධීතරං නාගභවනං නෙත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි.

අතීතයෙහි මේ කල්පයෙහිම බරණැස් රජුගේ පුතා පියා විසින් රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන්නේ එක්තරා නාග මානවිකාවක සමග සංවාස කළේය. ඔවුන්ගේ සංවාසය කරණ කොට ගෙන පුතෙක් හා දුවක් වශයෙන් දරු දෙදෙනෙක් උපන්හ. පුතාට “සාගර බ්‍රහ්මදත්ත” යයි ද දියණියට “සමුද්‍රජා” යයි ද නම් කළහ. රාජ කුමාරයා පසුකාලයක පියාගේ ඇවෑමෙන් බරණැසට ගොස් රාජ්‍යය කරවීය. ඉක්බිති ධෘතරාෂ්ට්‍ර නම් නා රජ පන්සියයක් යොදුන් ඇති නාග භවනයෙහි නාගරාජ්‍යය කරවන්නේ මුසාවාදී චිත්තසූල නම් කැස්බෙකු විසින් “බරණැස් රජතුමා තම දියණිය නුඹවහන්සේට දෙනු කැමතිය. ඒ සමුද්‍රජා නම් රාජ දියණිය විශිෂ්ට රූ ඇත්තීය. දැකුම් කටයුත්තීය. පැහැදීම් ගෙන දෙන්නීය”යි කී කථාව අසා ධෘතරාෂ්ට්‍ර රජ නාගමානවකයන් සතර දෙනෙකු යවා (දියණිය) දීමට අකමැති රජු නාගභිංසනයෙන් භය ගන්වා “දෙමි”යි කීකල මහත් සත්කාර යවා මහත් නාග ඍද්ධියෙන් මහත් පිරිවරින් ඔහුගේ දුව නාග භවනයට පමුණුවා අගමෙහෙසිය තනතුරෙහි තැබීය.

සා අපරභාගෙ ධතරට‍්ඨං පටිච‍්ච සුදස‍්සනො, දත‍්තො, සුභොගො, අරිට‍්ඨොති චත‍්තාරො පුත‍්තෙ පටිලභි. තෙසු දත‍්තො බොධිසත‍්තො, සො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සක‍්කෙන තුට‍්ඨචිත‍්තෙන “භූරිදත‍්තො”ති ගහිතනාමත‍්තා “භූරිදත‍්තො”ත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. අථ නෙසං පිතා යොජනසතිකං යොජනසතිකං රජ‍්ජං භාජෙත්‍වා අදාසි. මහන‍්තො යසො අහොසි. සොළසසොළසනාගකඤ‍්ඤාසහස‍්සානි පරිවාරයිංසු. පිතුපි එකයොජනසතමෙව රජ‍්ජං අහොසි. තයො පුත‍්තා මාසෙ මාසෙ මාතාපිතරො පස‍්සිතුං ආගච‍්ඡන‍්ති, බොධිසත‍්තො පන අන්‍වද‍්ධමාසං ආගච‍්ඡති.

ඕතොමෝ පසුකාලයෙහි ධෘතරාෂ්ට්‍ර රජු නිසා සුදර්‍ශන, දත්ත, සුභෝග, අරිට්ඨ යයි පුතුන් සතර දෙනෙකු ලැබූහ. ඔවුන් අතරින් දත්ත නම් අප බෝධිසත්ත්‍වයෝය. හෙතෙම පෙර කියූ අයුරින්ම (ප්‍රශ්න විසඳීමෙන්) සතුටු වූ සිත් ඇති සක්දෙව් රජ විසින් ‘භූරිදත්ත’ යයි තැබූ නම් ඇති බැවින් ‘භූරිදත්ත’ නමින්ම ප්‍රකට විය. ඉක්බිති ඔවුන්ගේ පිය මහරජ යොදුන් සියය සියය බැගින් රාජ්‍යය බෙදා දුන්නේය. මහත් වූ යසස් ඇති විය. සොළොස් දහසක් සොළොස් දහසක් පමණ නාගකන්‍යාවෝ පිරිවැරූහ. පිය රජුට ද යොදුන් එක් සියයක් පමණ වූ රාජ්‍යයක් විය. පුත්තු තිදෙනෙක් මසක් පාසා මව්පියන් බැලීමට එති. බෝධිසත්ත්‍වයෝ වනාහි අඩමසකට වරක් එති.

සො එකදිවසං විරූපක‍්ඛමහාරාජෙන සද‍්ධිං සක‍්කස‍්ස උපට‍්ඨානං ගතො වෙජයන‍්තපාසාදං සුධම‍්මදෙවසභං පාරිච‍්ඡත‍්තකකොවිළාරං පණ‍්ඩුකම‍්බලසිලාසනං දෙවච‍්ඡරාපරිවාරං අතිමනොහරං සක‍්කසම‍්පත‍්තිං දිස‍්වා “එත‍්තකමත‍්තම‍්පි නාගත‍්තභාවෙ ඨිතස‍්ස දුල‍්ලභං, කුතො සම‍්මාසම‍්බොධී”ති නාගත‍්තභාවං ජිගුච‍්ඡිත්‍වා “නාගභවනං ගන‍්ත්‍වා උපොසථවාසං වසිත්‍වා සීලමෙව පග‍්ගණ‍්හිස‍්සාමි, තං බොධිපරිපාචනං හොති, ඉමස‍්මිං දෙවලොකෙ උප‍්පත‍්තිකාරණං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා නාගභවනං ගන‍්ත්‍වා මාතාපිතරො ආහ – “අම‍්මතාතා, අහං උපොසථකම‍්මං කරිස‍්සාමී”ති. තෙහි “ඉධෙව උපොසථං උපවසාහි, බහිගතානං නාගානං මහන‍්තං භය”න‍්ති වුත‍්තෙ එකවාරං තථා කත්‍වා නාගකඤ‍්ඤාහි උපද‍්දුතො පුනවාරෙ මාතාපිතූනං අනාරොචෙත්‍වා අත‍්තනො භරියං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, අහං මනුස‍්සලොකං ගන‍්ත්‍වා යමුනාතීරෙ මහානිග්‍රොධරුක‍්ඛො අත්‍ථි තස‍්ස අවිදූරෙ වම‍්මිකමත්‍ථකෙ භොගෙ ආභුජිත්‍වා චතුරඞ‍්ගසමන‍්නාගතං උපොසථං අධිට‍්ඨාය නිපජ‍්ජිත්‍වා “උපොසථකම‍්මං කරිස‍්සාමී”ති නාගභවනතො නික‍්ඛමිත්‍වා තථා කරොති. තෙන වුත‍්තං “විරූපක‍්ඛෙන මහාරඤ‍්ඤා, දෙවලොකමගඤ‍්ඡහ”න‍්තිආදි.

බෝසතාණෝ එක් දිනක් විරූපාක්‍ෂ මහරජු සමග සක්දෙව් රජුට උපස්ථානයට ගියාහු වෛජයන්ත ප්‍රාසාදය, සුධර්‍මා දේව සභාව, පරසතු රුකය, කොබෝලීලය, පාණ්ඩුකම්බල ශිලාසනය, දිව්‍ය අප්සරාවන් පිරිවැරූ අති මනෝහර ශක්‍ර සම්පත් දැක -“නාගාත්මභාවයෙහි සිටියෙකු හට මේ දෙව්ලොව සම්පත් මෙපමණකුදු දුර්ලභය. සම්මා සම්බෝධිය කොයින්දැයි නාගාත්මභාවය පිළිකුල් කොට නාගභවනට ගොස් පෙහෙවස් වැස “ශීලයම දැඩිකොට සමාදන් වන්නෙමි. එය බෝධිය මෝරවන ධර්‍මයක් වන්නේය. මේ දිව්‍ය ලෝකයෙහි ඉපදීමට ද කාරණයක් වන්නේ යයි.” සිතා නාගභවනට ගොස් “මෑණියනි, පියාණනි, මම පෙහෙවස් රකිනු කැමැත්තෙමි’යි කීහ. ඔවුන් විසින් “මෙහිම පෙහෙවස් වසව, නාග භවනයෙන් පිටත ගියා වූ නාගයන්ට මහත් භය උපදනේ ය”යි කී කල්හි එක්වරක් එසේ කොට නාග කන්‍යාවන් විසින් කරන ලද උපද්‍රව ඇත්තේ දෙවනවර මව්පියන්ට නො දන්වා තම බිරිඳ අමතා “සොඳුර මම මනුෂ්‍ය ලෝකයට ගොස් යමුනා නම් ගංතෙර මහා නුග ගසක් ඇත. එයට නුදුරෙන් තුඹසක් මත දරණ ලාගෙන චතුරංග සමන්නාගත උපෝසථය අධිෂ්ඨාන කොට වැදහෙව පෙහෙවස් රකිමි”යි කියා නාග භවනයෙන් නික්ම එසේ කරති. එහෙයින් “විරූපක්‍ඛෙන මහාරඤ්ඥා දෙවලොකමගඤ්ඡහං” ආදිය කියන ලදී.

159. තත්‍ථ පස්සිං ත්‍වහං දෙවෙ එකන්තං සුඛසමප්පිතෙ තං සග්ගං ගමනත්‍ථාය සීලබ්බ තං සමාදියිං

160. “සරීර කිච්චං කත්‍වාන භූත්‍වා යාපන මත්‍ථකං චතුරො අඞ්ගෙ අධිට්ඨාය සෙමි වම්මික මුද්ධනි

161. ඡවියා චම්මෙ න මංසෙන නහාරුඅට්ඨි කෙහිවා යස එතෙන කරණීයං දින්නං යෙව හරතු සො (චරියා පිටක)

“එහි ඒකාන්ත සැපයෙන් යුක්ත වූ දෙවියන් ද මම දුටුවෙමි. ඒ දිව්‍ය ලෝකයට යෑම පිණිස ශීල සඞ්ඛ්‍යාත ව්‍රතය සමාදන් වීමි.”

ශරීර කෘත්‍ය කොට යැපෙන පමණ ආහාරයක් අනුභවකොට අඞ්ග හතරක් ඉටාගෙන තුඹස මුදුනෙහි සයනය කළෙමි. (මගේ) සිවියෙන් හා සමින් හෝ මසින් හෝ නහර හෝ ඇටවලින් හෝ යන මෙයින් යමෙකුට කටයුත්තක් වේද (ඒ ඔහුට) දෙන ලද්දේමය. හෙතෙම එය ගෙනයේවා”

තත්‍ථ විරූපක‍්ඛෙන මහාරඤ‍්ඤාති විරූපක‍්ඛෙන නාම නාගාධිපතිමහාරාජෙන. දෙවලොකන‍්ති තාවතිංසදෙවලොකං. අගඤ‍්ඡහන‍්ති අගඤ‍්ඡිං, උපසඞ‍්කමිං අහං.

එහි “විරූපක්‍ඛෙන මහා රඤ්ඤ” යනු විරූපාක්‍ෂ නම් වූ නාගාධිපති මහ රජු විසින්, “දෙවලොකං” යනු තව්තිසා දෙව්ලොවට, “අගඤ්ඡහං” යනු ගියෙමි. එළඹියෙමි මම,

තත්‍ථාති තස‍්මිං දෙවලොකෙ. පස‍්සිං ත්‍වාහන‍්ති අද‍්දක‍්ඛිං අහං තු-සද‍්දො නිපාතමත‍්තො. එකන‍්තං සුඛසමප‍්පිතෙති එකන‍්තං අච‍්චන‍්තමෙව සුඛෙන සමඞ‍්ගීභූතෙ. වුත‍්තඤ‍්හෙතං භගවතා – “සන‍්ති, භික‍්ඛවෙ, ඡ ඵස‍්සායතනිකා නාම සග‍්ගා. යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, න සුකරං අක‍්ඛානෙන පාපුණිතුං යාව සුඛා සග‍්ගා”ති (ම· නි· 3.255) ච. තංසග‍්ගගමනත්‍ථායාති තස‍්මිං සග‍්ගස‍්මිං උප‍්පත‍්තිවසෙන ගමනත්‍ථාය. සීලබ‍්බතන‍්ති සීලසඞ‍්ඛාතං වතං. අථ වා සීලබ‍්බතන‍්ති උපොසථසීලඤ‍්චෙව “මම චම‍්මං චම‍්මත්‍ථිකා හරන‍්තූ”තිආදිනා අත‍්තනො සරීරාවයවපරිච‍්චාගසමාදියනසඞ‍්ඛාතං වතඤ‍්ච.

“තත්‍ථ” යනු එම දේව ලෝකයෙහි, “පස්සත්‍වහං” යනු දුටුවෙමි මම, “තු” ශබ්දය නිපාතමාත්‍රයකි, “එකන්තං සුඛ සමප්පිතෙ” යනු ඒකාන්තයෙන් අතිශයෙන්ම සැපයෙන් යුක්ත වූ, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. “මහණෙනි, ඡඵස්සායතනික නම් වූ ස්ර්‍වගයෝ වෙති. මහණෙනි, මෙම ස්වර්‍ගයෝ සැප සහිත බැවින් ආඛ්‍යානයෙන් (කථා කීමෙන්) පමණක් එහි පැමිණීමට පහසු නොවේ” යයි. “තං සග්ගගමනත්‍ථාය” යනු ඒ ඒ ස්වර්‍ගයෙහි ඉපදීම් වශයෙන් යාම සඳහා, “සීලබ්බතං” යනු ශීල සඞ්ඛ්‍යාත ව්‍රතය, නැතහොත් “සීලබ්බතං” යනු උපෝෂථ ශීලය මෙන්ම මගේ සම, සමෙන් ප්‍රයෝජන ඇත්තෝ ගෙන යත්වා”යි ආදී වශයෙන් තමාගේ ශරීරාවයව පරිත්‍යාග සමාදාන සඞ්ඛ්‍යාත ව්‍රතය ද,

සරීරකිච‍්චන‍්ති මුඛධොවනාදිසරීරපටිජග‍්ගනං. භුත්‍වා යාපනමත‍්තකන‍්ති ඉන්‍ද්‍රියානි නිබ‍්බිසෙවනානි කාතුං සරීරට‍්ඨිතිමත‍්තකං ආහාරං ආහරිත්‍වා. චතුරො අඞ‍්ගෙති චත‍්තාරි අඞ‍්ගානි. අධිට‍්ඨායාති අධිට‍්ඨහිත්‍වා. සෙමීති සයාමි.

“සරීරකිච්චං” යනු මුහුණ සේදීම් ආදී ශරීරය පිළිදැගුම් කිරීම, “කත්‍වාන යාපනමත්තකං” යනු ඉන්‍ද්‍රියයන් නොවෙනස්ව පවත්වා ගැනීමට ශරීරයේ පැවැත්මට ප්‍රමාණවත් ආහාර ගෙන, “චතුරො අඞ්ගෙ” යනු සතර අඞ්ගයන්, “අධිට්ඨාය” යනු අධිෂ්ඨාන කොට, “සෙමි” යනු නිදමි,

ඡවියාතිආදි තෙසං චතුන‍්නං අඞ‍්ගානං දස‍්සනං. තත්‍ථ ච ඡවිචම‍්මානං විස‍්සජ‍්ජනං එකං අඞ‍්ගං, සෙසානි එකෙකමෙව, මංසග‍්ගහණෙනෙව චෙත්‍ථ රුධිරම‍්පි සඞ‍්ගහිතන‍්ති දට‍්ඨබ‍්බං. එතෙනාති එතෙහි . හරාතු සොති යස‍්ස එතෙහි ඡවිආදීහි කරණීයං අත්‍ථි, තස‍්ස මයා දින‍්නමෙවෙතං. සබ‍්බං සො හරතූති අත‍්තනො අත‍්තභාවෙ අනපෙක‍්ඛපවාරණං පවාරෙති.

“ඡවියා” යනු ඒ අංග සතරේ පළමුවැන්න (මුල) දැක්වීමයි, එහිද ඡවි චර්‍මයන්ගේ බෙදීම එක් අඞ්ගයකි. සෙස්ස වෙනවෙනමය. මාංස ගැනීමෙන් මෙහිදී රුධිරයද ඇතුළත් බව දත යුතුය. “එතෙන” යනු මේවායින්, “හරාතු සො” යනු යමෙකුට මේ සිවිය ආදියෙන් යම් ප්‍රයෝජනයක් ඇත්නම් එය මවිසින් දෙන ලද්දේමය. ඔහු සියල්ල ගෙන යේවා’යි තමාගේ ශරීරයෙහි අපේක්‍ෂා රහිතව පැවරීම කෙරේ.

එවං මහාසත‍්තස‍්ස ඉමිනා නියාමෙනෙව අන්‍වද‍්ධමාසං උපොසථකම‍්මං කරොන‍්තස‍්ස දීඝො අද‍්ධා වීතිවත‍්තො. එවං ගච‍්ඡන‍්තෙ කාලෙ එකදිවසං අඤ‍්ඤතරො නෙසාදබ්‍රාහ‍්මණො සොමදත‍්තෙන නාම අත‍්තනො පුත‍්තෙන සහ තං ඨානං පත්‍වා අරුණුග‍්ගමනසමයෙ නාගකඤ‍්ඤාහි පරිවාරියමානං මහාසත‍්තං දිස‍්වා තස‍්ස සන‍්තිකං අගමාසි. තාවදෙව නාගකඤ‍්ඤායො පථවියං නිමුජ‍්ජිත්‍වා නාගභවනමෙව ගතා. බ්‍රාහ‍්මණො මහාසත‍්තං පුච‍්ඡි – “කො නු ඛො ත්‍වං, මාරිස, දෙවො වා යක‍්ඛො වා නාගො වා”ති? බොධිසත‍්තො යථාභූතං අත‍්තානං ආවි කත්‍වා සචායං ඉතො ගච‍්ඡෙය්‍ය, ඉධ මෙ වාසං මහාජනස‍්ස පාකටං කරෙය්‍ය, තෙන මෙ උපොසථවාසස‍්ස අන‍්තරායොපි සියා. යංනූනාහං ඉතො ඉමං නාගභවනං නෙත්‍වා මහතියා සම‍්පත‍්තියා යොජෙය්‍යං. එවායං තත්‍ථෙව අභිරමිස‍්සති, තෙන මෙ උපොසථකම‍්මං අද‍්ධනියං සියාති. අථ නං ආහ – “බ්‍රාහ‍්මණ, මහන‍්තං තෙ යසං දස‍්සාමි, රමණීයං නාගභවනං, එහි තත්‍ථ ගච‍්ඡාමා”ති. සාමි, පුත‍්තො මෙ අත්‍ථි, තස‍්මිං ආගච‍්ඡන‍්තෙ ආගමිස‍්සාමීති. ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, පුත‍්තං ආනෙහීති. බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා පුත‍්තස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා තං ආනෙසි. මහාසත‍්තො තෙ උභොපි ආදාය අත‍්තනො ආනුභාවෙන නාගභවනං ආනෙසි. තෙසං තත්‍ථ දිබ‍්බො අත‍්තභාවො පාතුභවි. අථ තෙසං මහාසත‍්තො දිබ‍්බසම‍්පත‍්තිං දත්‍වා චත‍්තාරි චත‍්තාරි නාගකඤ‍්ඤාසතානි අදාසි. තෙ මහතිං සම‍්පත‍්තිං අනුභවිංසු.

මෙසේ අඩමසක් පාසා පෙහෙවස් රකින්නා වූ බෝධිසත්ත්‍වයන්ට දීර්‍ඝ කාලයක් ඉක්ම ගියේය. මෙසේ කල්ගතවන විට එක්තරා වැදි බමුණෙක් සෝමදත්ත නම් තම පුතා සමග එතනට පැමිණ අරුණ නැගෙන වේලෙහි නාග කන්‍යාවන් විසින් සේවය කරනු ලබන්නා වූ බෝධිසත්ත්‍වයන් දැක එතුමන්ගේ සමීපයට ගියේය. එකෙණෙහිම නාගකන්‍යාවෝ පොළොවෙහි කිමිද නාගභවනයටම ගියහ. බ්‍රාහ්මණයා “නිදුකාණෙනි, නුඹ කවරෙක් ද දෙවියෙක් ද? යක්‍ෂයෙක් ද? නාගයෙක්දැයි බෝසතුන්ගෙන් විචාළේය. බෝධිසත්ත්‍වයෝ තතු පරිදි තමා ගැන ප්‍රකාශකොට “ඉදින් මොහු මෙතනින් ඉවතට යන්නේ නම් (මෙහි) මාගේ විසීම මහජනයාට ප්‍රකට කරන්නේය, එයින් මාගේ උපොසථ වාසයට අනතුරක් වන්නේය. එසේ හෙයින් මම මොහු නාගභවනට පමුණුවා මහත් වූ සම්පත්තියෙහි යොදවන්නේ නම් යෙහෙක. එවිට මෙතෙම එහිම ඇලෙන්නේය. එහෙයින් මාගේ උපෝසථ කර්‍මය බොහෝකල් පවත්නේය”යි සලකා ඉක්බිති ඔහුට මෙසේ කීහ. “බ්‍රාහ්මණය, නුඹට මහත් වූ සම්පත් දෙන්නෙමි, නාග භවන රමණීයය. එන්න එහි යමු”යි කීහ. “ස්වාමීනී, මට පුතෙක් ඇත. ඔහු එන්නේ නම් එන්නෙමි”යි කීය. “බ්‍රාහ්මණය, යව පුතා රැගෙන එව”යි කීහ. බ්‍රාහ්මණයා ගොස් පුතාට ඒ කාරණය කියා ඔහු කැඳවාගෙන ආවේය. බෝධිසත්ත්‍වයෝ ඒ දෙදෙනාම රැගෙන තමාගේ ආනුභාවයෙන් නාගභවනට කැඳවාගෙන ආහ. ඔවුන්ට එහිදී දිව්‍යමය ආත්මභාව පහළ වූහ. ඉක්බිති ඔවුන්ට මහාසත්ත්‍වයෝ දිව්‍ය සම්පත් දී හාරසියය හාරසියය බැගින් නාග කන්‍යාවන්ද දුන්හ. ඔවුහු මහත් සම්පත් අනුභව කළහ.

බොධිසත‍්තොපි අප‍්පමත‍්තො උපොසථකම‍්මං කරොති. අන්‍වද‍්ධමාසං මාතාපිතූනං උපට‍්ඨානං ගන‍්ත්‍වා ධම‍්මකථං කථෙත්‍වා තතො ච බ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආරොග්‍යං පුච‍්ඡිත්‍වා “යෙන තෙ අත්‍ථො, තං වදෙය්‍යාසී”ති ආපුච‍්ඡිත්‍වා “අනුක‍්කණ‍්ඨමානො අභිරමා”ති වත්‍වා සොමදත‍්තෙනපි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා අත‍්තනො නිවෙසනං ගච‍්ඡති. බ්‍රාහ‍්මණො සංවච‍්ඡරං තත්‍ථ වසිත්‍වා මන්‍දපුඤ‍්ඤතාය උක‍්කණ‍්ඨිත්‍වා අනිච‍්ඡමානම‍්පි පුත‍්තං ගහෙත්‍වා බොධිසත‍්තං ආපුච‍්ඡිත්‍වා තෙන දීයමානං බහුං ධනං සබ‍්බකාමදදං මණිරතනම‍්පි අලක‍්ඛිකතාය අග‍්ගහෙත්‍වා “මනුස‍්සලොකං ගන‍්ත්‍වා පබ‍්බජිස‍්සාමී”ති ආහ. මහාසත‍්තො නාගමාණවකෙ ආණාපෙත්‍වා තං සපුත‍්තකං මනුස‍්සලොකං පාපෙසි. තෙ උභොපි දිබ‍්බාභරණානි දිබ‍්බවත්‍ථානි ච ඔමුඤ‍්චිත්‍වා න‍්හායිතුං එකං පොක‍්ඛරණිං ඔතරිංසු, තස‍්මිං ඛණෙ තානි අන‍්තරධායිත්‍වා නාගභවනමෙව අගමංසු. අථ පඨමනිවත්‍ථකාසාවපිලොතිකාව සරීරෙ පටිමුඤ‍්චි, ධනුසරසත‍්තියො ගහෙත්‍වා අරඤ‍්ඤං ගන‍්ත්‍වා මිගෙ වධිත්‍වා පුරිමනියාමෙනෙව ජීවිකං කප‍්පෙසුං.

බෝධි සත්ත්‍වයෝ අප්‍රමාදීව පෙහෙවස් රකිති. අඩමසක් පාසා මව්පිය උපස්ථානයට ගොස් ධර්‍මකථා කියා එතනින් බ්‍රාහ්මණයා සමීපයට ගොස් සුවදුක් විචාරා “යමකින් ඔබට ප්‍රයෝජනයක් ඇත්නම් එය කියව’යි විමසා “උකටලී නොවී සිත් අලවව”යි කියා සෝමදත්ත සමග ද පිළිසදර කථා කොට තම වාසස්ථානයට යති. බ්‍රාහ්මණයා වසරක් එහි වාසය කොට පින් මඳ බැවින් කලකිරී නොයනු කැමති පුතා ද ගෙන බෝධිසත්ත්‍වයන් විමසා ඔහු විසින් දෙනු ලබන බෙහෝ ධනය ද කැමති සියලු දේ දෙන්නා වූ මිණි රුවනද වාසනාව නොමැති බැවින් නොගෙන මිනිස් ලොවට ගොස් පැවිදි වන්නෙමි’යි කීයේය. බෝධිසත්ත්‍වයෝ නාග මානවකයන්ට අණකොට පුතා සහිත ඔහු මිනිස් ලොවට පැමිණවූහ. ඒ දෙදෙනාම දිව්‍ය ආභරණ ද දිව්‍ය වස්ත්‍ර ද මුදා නෑම සඳහා එක් පොකුණකට බැස්සහ. එකෙණෙහි ඒවා අතුරුදන් වී නාග භවනටම ගියේය. ඉක්බිති පළමුව හැඳි කසාවත් කඩම ශරීරයෙහි ඇඳ ගත්තේය. දුනු හී කෙවිටි ගෙන වනයට ගොස් මුවන් මරා පෙර පරිද්දෙන්ම ජීවිතය පැවැත්වූහ.

තෙන ච සමයෙන අඤ‍්ඤතරො තාපසො සුපණ‍්ණරාජතො ලද‍්ධං අලම‍්පායනමන‍්තං තස‍්ස අනුච‍්ඡවිකානි ඔසධානි මන‍්තූපචාරඤ‍්ච අත‍්තානං උපට‍්ඨහන‍්තස‍්ස අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අදාසි. සො “ලද‍්ධො මෙ ජීවිකූපායො”ති කතිපාහං වසිත්‍වා තාපසං ආපුච‍්ඡිත්‍වා පක‍්කමන‍්තො අනුපුබ‍්බෙන යමුනාතීරං පත්‍වා තං මන‍්තං සජ‍්ඣායන‍්තො මහාමග‍්ගෙන ගච‍්ඡති. තදා බොධිසත‍්තස‍්ස භවනතො තස‍්ස පරිචාරිකා නාගමාණවිකා තං සබ‍්බකාමදදං මණිරතනං ආදාය යමුනාතීරෙ වාලුකාරාසිමත්‍ථකෙ ඨපෙත්‍වා තස‍්සොභාසෙන රත‍්තියං කීළිත්‍වා අරුණුග‍්ගමනෙ තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මන‍්තසද‍්දං සුත්‍වා “සුපණ‍්ණො”ති සඤ‍්ඤාය භයතජ‍්ජිතා මණිරතනං අග‍්ගහෙත්‍වා පථවියං නිමුජ‍්ජිත්‍වා නාගභවනං අගමංසු.

ඒ කාලයෙහි එක්තරා තාපසයෙක් ගරුඩ රාජයෙකුගෙන් ලබන ලද “ආලම්බායන” නම් මන්ත්‍රය ද එයට සුදුසු ඖෂධ ද මන්ත්‍ර උපචාර ද තමන්ට උපස්ථාන කරන එක්තරා බ්‍රාහ්මණයෙකුට දුන්නේය. හෙතෙම “මා විසින් ජීවත් වීමට උපායක් ලද්දෙමි”යි දින කීපයක් වාසය කොට තාපසයා විමසා නික්ම යන්නේ පිළිවෙළින් යමුනා ගං තෙරට පැමිණ එම මන්ත්‍රය සජ්ඣායනා කරමින් මහමඟින් යයි. එකල්හි බෝධිසත්ත්‍වයන්ගේ භවනෙන් එතුමන්ගේ පරිචාරිකා වූ නාග මානවිකාවෝ සියලු කැමති දේ දෙන්නා වූ ඒ මණිරත්නය රැගෙන යමුනා ගං තෙර වැලිගොඩ මත තබා ඒ මණි රත්නයේ ආලෝකයෙන් රාත්‍රියෙහි ක්‍රීඩා කොට අරුණ නැගෙන කල්හි ඒ බ්‍රාහ්මණයාගේ මන්ත්‍ර ශබ්දය අසා ගරුඩෙක් යන හැඟීමෙන් බියෙන් තැතිගෙන මණිරත්නය නොගෙන පොළොව කිමිද නාගභවනට ගියහ.

බ්‍රාහ‍්මණො තං මණිරතනං ආදාය පායාසි. තස‍්මිං ඛණෙ සො නෙසාදබ්‍රාහ‍්මණො පුත‍්තෙන සද‍්ධිං මිගවධාය අරඤ‍්ඤං ගච‍්ඡන‍්තො තස‍්ස හත්‍ථෙ තං මණිරතනං දිස‍්වා “ඉදං භූරිදත‍්තස‍්ස සබ‍්බකාමදදං මණිරතන”න‍්ති සඤ‍්ජානිත්‍වා තං ගණ‍්හිතුකාමො තෙන සද‍්ධිං අල‍්ලාපසල‍්ලාපං කත්‍වා මන‍්තවාදිභාවං ජානිත්‍වා එවමාහ – “සචෙ මෙ ත්‍වං ඉමං මණිරතනං දස‍්සසි, එවාහං තෙ මහානුභාවං නාගං දස‍්සෙස‍්සාමි, යං ත්‍වං ගහෙත්‍වා ගාමනිගමරාජධානියො චරන‍්තො බහුධනං ලච‍්ඡසී”ති. “තෙන හි දස‍්සෙත්‍වා ගණ‍්හාහී”ති වුත‍්තෙ තං ආදාය බොධිසත‍්තං උපොසථකරණට‍්ඨානෙ වම‍්මිකමත්‍ථකෙ භොගෙ ආභුජිත්‍වා නිපන‍්නං අවිදූරෙ ඨිතො හත්‍ථං පසාරෙත්‍වා දස‍්සෙසි.

බ්‍රාහ්මණයා මණිරත්නය රැගෙන ගියේය. එකෙණෙහි ඒ වැදිබ්‍රාහ්මණයා පුතා සමග මුවන් මැරීම සඳහා වනයට යන්නේ ඔහුගේ අතෙහි ඒ මිණිරුවන දැක මෙය භූරිදත්ත රජුගේ කැමති සියලු දේ දෙන මණිරත්නය ය”යි හැඳින එය ගනු කැමතිව ඔහු සමග අල්ලාප සල්ලාප කථා කොට මන්ත්‍රවාදීයෙකු බව දැන “ඉදින් නුඹ මට මේ මණිරත්නය දෙන්නෙහිනම් මම නුඹට මහානුභාව ඇති නාගයකු දක්වන්නෙමි. නුඹ ඒ නාගයා රැගෙන ගම්නියම්ගම් රාජධානිවල හැසිරෙමින් බොහෝ ධනය ලබන්නෙහි ය”යි මෙසේ කීවේය. එසේ නම් පෙන්වා ගනුව”යි කී කල ඔහු රැගෙන බෝසතුන් පොහොය කරන තැන ඇති තුඹස මත්තෙහි දරණ වැළලා වැදහොත්තා වූ බෝධිසත්ත්‍වයන් නුදුරෙහි සිට අත දිගුකොට පෙන්වීය.

මහාසත‍්තො තං නෙසාදං දිස‍්වා “අයං උපොසථස‍්ස මෙ අන‍්තරායං කරෙය්‍යාති නාගභවනං නෙත්‍වා මහාසම‍්පත‍්තියං පතිට‍්ඨාපිතොපි න ඉච‍්ඡි. තතො අපක‍්කමිත්‍වා සයං ගන‍්තුකාමො මයා දීයමානම‍්පි මණිරතනං ගණ‍්හිතුං න ඉච‍්ඡි. ඉදානි පන අහිගුණ‍්ඩිකං ගහෙත්‍වා ආගච‍්ඡති. සචාහං ඉමස‍්ස මිත‍්තදුබ‍්භිනො කුජ‍්ඣෙය්‍යං, සීලං මෙ ඛණ‍්ඩං භවිස‍්සති. මයා ඛො පන පඨමංයෙව චතුරඞ‍්ගසමන‍්නාගතො උපොසථො අධිට‍්ඨිතො, සො යථාධිට‍්ඨිතොව හොතු. අලම‍්පායනො මං ඡින්‍දතු වා මා වා, නෙවස‍්ස කුජ‍්ඣිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අක‍්ඛීනි නිම‍්මීලෙත්‍වා අධිට‍්ඨානපාරමිං පුරෙචාරිකං කත්‍වා භොගන‍්තරෙ සීසං පක‍්ඛිපිත්‍වා නිච‍්චලොව හුත්‍වා නිපජ‍්ජි. නෙසාදබ්‍රාහ‍්මණොපි “භො අලම‍්පායන, ඉමං නාගං ගණ‍්හ, මණිං මෙ දෙහී”ති ආහ. අලම‍්පායනො නාගං දිස‍්වා තුට‍්ඨො මණිං කිස‍්මිඤ‍්චි අගණෙත්‍වා “ගණ‍්හ, බ්‍රාහ‍්මණා”ති හත්‍ථෙ ඛිපි. සො තස‍්ස හත්‍ථතො භස‍්සිත්‍වා පථවියං පතිතමත‍්තොව පථවිං පවිසිත්‍වා නාගභවනමෙව ගතො. නෙසාදබ්‍රාහ‍්මණො මණිරතනතො භූරිදත‍්තෙන සද‍්ධිං මිත‍්තභාවතො ච පරිහායිත්‍වා නිප‍්පච‍්චයොව පක‍්කන‍්තො.

මහාසත්ත්‍වයෝ ඒ වැද්දා දැක “මෙතෙම මාගේ උපොසථයට අනතුරක් කරන්නේ යයි නාග භවනට ගෙන ගොස් මහා සම්පත්තියෙහි පිහිටුවන ලද්දේ වුවත් අකමැති විය. තමා නාගභවනෙන් ඉවත්ව යනු කැමැත්තේ විසින් දෙනු ලබන කල්හිත් මණිරත්නය ගැනීමට අකමැති විය. දැන් වනාහි අහිගුණ්ඨිකයෙකු රැගෙන එයි. ඉදින් මම මේ මිත්‍රද්‍රෝහියාට කිපෙන්නෙම් නම් මාගේ ශීලය බිඳෙන්නේය, මවිසින් පළමුකොටම චතුරඞ්ග සමන්නාගත උපෝසථය අධිෂ්ඨාන කරන ලද්දේ වෙයි. එය අධිෂ්ඨාන කළ පරිද්දෙන්ම වේවා. ආලම්බායන තෙම මා සිඳීවා හෝ නොසිඳීවා, ඔහුට නොකිපෙන්නෙමි”යි සිතා ඇස් පියාගෙන අධිෂ්ඨාන පාරමිතාව පෙරදැරි කොට දරණවැළ අතරෙහි හිස තබාගෙන නිශ්චල වී වැදහොත්තේය. වැදි බ්‍රාහ්මණයා ද “පින්වත් ආලම්බායනය, මේ නාගයා ගනුව, මට මැණික දෙවයි කීය. ආලම්බායන තෙම නාගයා දැක සතුටුව මැණික කිසිලෙසකින්වත් ගණන් නොගෙන “බ්‍රාහ්මණය, ගනුව”යි කියා බමුණාගේ අතට දැමීය. එය ඔහුගේ අතින් ගිලිහී පොළොවට වැටුණ පමණකින්ම පොළොවට පිවිස නාගභවනටම ගියේය. නේසාද බ්‍රාහ්මණයා මණිරත්නයෙන් ද භූරිදත්ත නාරජු සමග වූ මිත්‍රභාවයෙන් ද පිරීහි කිසිම පිහිටක් නැත්තෙක්ව පිටව ගියේය.

අලම‍්පායනොපි මහානුභාවෙහි ඔසධෙහි අත‍්තනො සරීරං මක‍්ඛෙත්‍වා ථොකං ඛාදිත්‍වා ඛෙළං අත‍්තනො කායස‍්මිං පරිභාවෙත්‍වා දිබ‍්බමන‍්තං ජප‍්පන‍්තො බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා ආකඩ‍්ඪිත්‍වා සීසෙ දළ‍්හං ගණ‍්හන‍්තො මුඛමස‍්ස විවරිත්‍වා ඔසධං ඛාදිත්‍වා මුඛෙ සහඛෙළං ඔසිඤ‍්චි. සුචිජාතිකො මහාසත‍්තො සීලභෙදභයෙන අකුජ‍්ඣිත්‍වා අක‍්ඛීනි න උම‍්මීලෙසි. අථ නං ඔසධමන‍්තබලෙන නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා හෙට‍්ඨා සීසං කත්‍වා සඤ‍්චාලෙත්‍වා ගහිතගොචරං ඡඩ‍්ඩාපෙත්‍වා භූමියං දීඝසො නිපජ‍්ජාපෙත්‍වා මසූරකං මද‍්දන‍්තො විය හත්‍ථෙහි පරිමද‍්දි. අට‍්ඨීනි චුණ‍්ණියමානානි විය අහෙසුං.

ආලම්බායනද මහත් ආනුභාව ඇති ඖෂධවලින් තම ශරීරය ගල්වා ටිකක් හපා කෙළ ගිල ශරීරය ඇතුළතද බෙහෙත් ගල්වාගෙන දිව්‍ය මන්ත්‍රය ජපකරමින් බෝධිසත්ත්‍වයන් වෙත එළඹ නගුටින් ගෙන ඇද හිස තරකොට අල්ලාගෙන උගේ කට ඇර ඖෂධ සපා මුඛයෙහි කෙළ වත්කළේය. පවිත්‍රශීලි වූ බෝසත් තෙම ශීලය බිඳේ යන බියෙන් නොකිපී ඇස් දල්වා නොබැලීය. ඉක්බිති හෙතෙම ඖෂධ හා මන්ත්‍ර බලයෙන් බෝසතුන් නගුටෙන් අල්ලා ගෙන හිස යටිකුරු කොට සොලවා ගත් ගොදුරු වමාරවා බිම දිගට වැදහොවා හාල් බිස්සක් මිරිකන්නාක් මෙන් දෑතින් පිරිමැද්දේය. ඇට සුණු විසුණුව යන්නාක් මෙන්විය.

පුන නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා දුස‍්සං පොථෙන‍්තො විය පොථෙසි. මහාසත‍්තො එවරූපං දුක‍්ඛං අනුභොන‍්තොපි නෙව කුජ‍්ඣිත්‍ථ. අඤ‍්ඤදත්‍ථු අත‍්තනො සීලමෙව ආවජ‍්ජෙසි. ඉති සො මහාසත‍්තං දුබ‍්බලං කත්‍වා වල‍්ලීහි පෙළං සජ‍්ජෙත්‍වා මහාසත‍්තං තත්‍ථ පක‍්ඛිපි. සරීරං පනස‍්ස මහන‍්තං තත්‍ථ න පවිසති. අථ නං පණ‍්හියා කොට‍්ටෙන‍්තො පවෙසෙත්‍වා පෙළං ආදාය එකං ගාමං ගන‍්ත්‍වා ගාමමජ‍්ඣෙ ඔතාරෙත්‍වා “නාගස‍්ස නච‍්චං දට‍්ඨුකාමා ආගච‍්ඡන‍්තූ”ති සද‍්දමකාසි. සකලගාමවාසිනො සන‍්නිපතිංසු. තස‍්මිං ඛණෙ අලම‍්පායනො “නික‍්ඛම මහානාගා”ති ආහ. මහාසත‍්තො චින‍්තෙසි – “අජ‍්ජ මයා පරිසං තොසෙන‍්තෙන කීළිතුං වට‍්ටති, එවං අලම‍්පායනො බහුධනං ලභිත්‍වා තුට‍්ඨො මං විස‍්සජ‍්ජෙස‍්සති, යං යං එස මං කාරෙති, තං තං කරිස‍්සාමී”ති.

නැවත නගුට ගෙන රෙදි අපුල්ලන්නාක් මෙන් පෙලීය. මහාසත්ත්‍වයෝ මෙබඳු දුකක් අනුභව කරන්නාහු නමුදු නො කිපියෝමය. ඒකාන්තයෙන් තමාගේ ශීලයම සිහි කළහ. මෙසේ ඔහු මහාසත්ත්‍වයන් දුර්‍වල කොට වැල්වලින් පෙට්ටියක් සකස් කොට මහාසත්ත්‍වයන් එහි දැමීය. මහාසත්ත්‍වයන්ගේ ශරීරය වනාහි මහත් බැවින් එහි නොපිවිසෙයි. ඉක්බිති ඔහු විලුඹින් ඇන ඇතුල් කොට පෙට්ටිය ගෙන එක් ගමකට ගොස් ගම මැද තබා “නාගයාගේ නැටුම් බලනු කැමැත්තෝ එත්වා’යි හඬ ගෑවේය. සියලු ගම්වැසියෝ රැස්වූහ. එකෙණෙහි ආලම්බායන “මහානාගය, නික්මෙව”යි කීය. මහාසත්ත්‍වයෝ “අද මා පිරිස සතුටු කොට ක්‍රීඩා කිරීමට වටී. ආලම්බායන එවිට බොහෝ ධනය ලැබ සතුටුව මා මුදා හරින්නේය. මොහු මා ලවා යමක් යමක් කරවයි ද ඒ ඒ දෙය කරන්නෙමි”යි යනුවෙන් සිතූහ.

අථ නං සො පෙළතො නික‍්ඛමන‍්තං “මහා හොහී”ති ආහ, සො මහා අහොසි. “ඛුද‍්දකො වට‍්ටො විඵණො එකඵණො ද‍්විඵණො යාව සහස‍්සඵණො උච‍්චො නීචො දිස‍්සමානකායො අදිස‍්සමානකායො දිස‍්සමානඋපඩ‍්ඪකායො නීලො පීතො ලොහිතො ඔදාතො මඤ‍්ජිට‍්ඨො හොහි, ධූමං විස‍්සජ‍්ජෙහි, ජාලසිඛං උදකඤ‍්ච විස‍්සජ‍්ජෙහී”ති වුත‍්තෙ තෙන වුත‍්තං තං තං ආකාරං නිම‍්මිනිත්‍වා නච‍්චං දස‍්සෙසි. තං දිස‍්වා මනුස‍්සා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා බහුං හිරඤ‍්ඤසුවණ‍්ණවත්‍ථාලඞ‍්කාරාදිං අදංසු. ඉති තස‍්මිං ගාමෙ සතසහස‍්සමත‍්තං ලභි. සො කිඤ‍්චාපි මහාසත‍්තං ගණ‍්හන‍්තො “සහස‍්සං ලභිත්‍වා තං විස‍්සජ‍්ජෙස‍්සාමී”ති ආහ. තං පන ධනං ලභිත්‍වා “ගාමකෙපි තාව මයා එත‍්තකං ධනං ලද‍්ධං, නගරෙ කිර බහුධනං ලභිස‍්සාමී”ති ධනලොභෙන න මුඤ‍්චි.

ඉක්බිති හෙතෙම පෙට්ටියෙන් නික්මෙන ඔහුට “මහත් වෙව”යි කීය. නා රජ විශාල විය. කුඩා වෙව, වට වෙව, පෙණ නැත්තෙක් වෙව, පෙණ එකක් ඇත්තෙක් වෙව, පෙණ දෙකක් ඇත්තෙක් වෙව, පෙණ දහසක් දක්වා මවා ගනුව, උස්වෙව, මිටි වෙව, පෙනෙන ශරීර ඇත්තෙක් වෙව, නොපෙනෙන අර්‍ධ ශරීර ඇත්තෙක් වෙව, නිල් පාට වෙව, කහපාට වෙව, රතුපාට වෙව, සුදු පාට වෙව, මදටිය පැහැවෙව, දුම් විහිදුවව, ගිනිදැල් විහිදුවව, ජලය විහිදුවවයි කී කල්හී ඔහු විසින් කියන ලද ඒ ඒ ආකාරය නිර්මාණය කොට නැටුම් දැක්වීය. එය දැක මිනිස්සු ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තෝ වී බොහෝ අමුරන් රන් වස්ත්‍රාලංකාර ආදිය දුන්හ. මෙසේ ඒ ගමෙන් ලක්‍ෂයක් ලැබුණි. හෙතෙම මහාසත්ත්‍වයන් අල්ලා ගනිමින් දහසක් ලැබ බෝධිසත්ත්‍වයන් මුදාහරින්නෙමි’යි කීයේ නමුදු ඒ ධනය ලැබ “කුඩා ගමක දී මා මෙපමණ ධනය ලැබුවෙමි. නගරයේදී වනාහි, බොහෝ ධනය ලබන්නෙමි”යි ධනය ලෝභයෙන් මුදා නොහැරියේය.

සො තස‍්මිං ගාමෙ කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා රතනමයං පෙළං කාරෙත්‍වා තත්‍ථ මහාසත‍්තං පක‍්ඛිපිත්‍වා සුඛයානකං ආරුය‍්හ මහන‍්තෙන පරිවාරෙන ගාමනිගමරාජධානීසු තං කීළාපෙත්‍වා බාරාණසිං පාපුණි, නාගරාජස‍්ස මධුලාජං දෙති, අබද‍්ධසත‍්තුඤ‍්ච දෙති. සො ගොචරං න ගණ‍්හි අවිස‍්සජ‍්ජනභයෙන. ගොචරං අගණ‍්හන‍්තම‍්පි ච නං චත‍්තාරො නගරද‍්වාරෙ ආදිං කත්‍වා තත්‍ථ තත්‍ථ මාසමත‍්තං කීළාපෙසි. තෙන වුත‍්තං “සංසිතො අකතඤ‍්ඤුනා”තිආදි.

ඔහු ඒ ගමෙහි කුටුම්බ සංස්ථාපනය (පෙළවහක්) කොට රුවන්මුවා පෙට්ටියක් කරවා එහි මහාසත්ත්‍වයන් දමා සුවපහසු යානාවකට නැග මහත් පිරිවර සමග ගම්නියම්ගම් රාජධානිවල නා රජු ක්‍රීඩා කරවා බරණැසට පැමිණියේය. නාගරාජයාට මී පැණි හා විළඳ දෙයි. නොබැදි අග්ගලාද දෙයි. මුදා නොහරී යන භයෙන් නාගයා ගොදුරු නොගත්තේය. ගොදුරු නොගන්නේ නමුදු නාගයා නුවර වාසල් දොරටු හතර ආදීකොට ඒ ඒ තැන්වල මාසයක් පමණ ක්‍රීඩා කරවීය. එහෙයින් “සංසිතො අකතඤ්ඤ නා” යනාදිය වදාරණ ලදී.

162. සංසිතො අකතඤ්ඤනා ආලම්බනො මමග්ගහී පෙළාය පක්‍ඛි පිත්‍වාන කීළෙති මං තහිං තහිං”

163. පෙළාය පක්‍ඛි පන්තෙපි සම්මද්දන්තෙපි පාණිනා ආලම්බනෙ න කුප්පාමි සීලකණ්ඩභයා මම

164. සකජීවිතපරිච්චාගො තිණතො ලහුකො මම සීලවීතික්කමො මය්හං පඨවි උප්පතනා විය”

165. “නිරන්තරං ජාතිසතං චජෙය්‍යං මම ජීවිතං නෙව සීලං පභින්‍දෙය්‍යං චතුදීපාන හෙතුපීති.” (චරියා පිටක)

“කළගුණ නොදන්නා වූ අයකු විසින් (මාගේ වාසස්ථානය) සඳහන් කරන ලද්දේ, ආලම්බන නම් තැනැත්තා මා අල්ලා ගත්තේය. පෙට්ටියක දමා තන්හි තන්හි මා ක්‍රීඩා කරවූයේය. පෙට්ටියෙහි බහාලන කල්හිද අතින් මඬනා කල්හිද මාගේ ශීලය බිඳේය යන භයින් ආලම්බනයා කෙරෙහි නොකිපුණෙමි. ස්වකීය ජීවිත පරිත්‍යාගය තණසුලකටත් වඩා සැහැල්ලු කොට මට වැටහෙයි. ශීලය කඩ කිරීම වනාහි පොළොව පෙරලීමක් මෙන් බැරෑරුම්ව මට (වැටහෙයි) සිය ගණන් ජාතිවල නිරන්තරයෙන්ම මාගේ ජීවිතය පරිත්‍යාග කරන්නෙමි. සතර මහා ද්වීප ප්‍රතිලාභය සඳහා වුව ද ශීලය නොම බිඳින්නෙමි”යි - ආදියයි.

තත්‍ථ සංසිතොති එසො නාගො අමුකස‍්ස නිග්‍රොධරුක‍්ඛස‍්ස සමීපෙ වම‍්මිකමත්‍ථකෙ සයිතොති එවං ඨානං දස‍්සෙත්‍වා කථිතො. අකතඤ‍්ඤුනාති අත‍්තනා කතං උපකාරං අජානන‍්තෙන මිත‍්තදුබ‍්භිනා නෙසාදබ්‍රාහ‍්මණෙනාති අධිප‍්පායො. අලම‍්පායනොති අලම‍්පායනවිජ‍්ජාපරිජප‍්පනෙන “අලම‍්පායනො”ති එවං ලද‍්ධනාමො අහිතුණ‍්ඩිකබ්‍රාහ‍්මණො. මමග‍්ගහීති මං අග‍්ගහෙසි. කීළෙති මං තහිං තහින‍්ති තත්‍ථ තත්‍ථ ගාමනිගමරාජධානීසු අත‍්තනො ජීවිකත්‍ථං මං කීළාපෙති.

එහි “සංසිතො” යනු අර නාගයා අසවල් නුග රුක සමීපයෙහි තුඹස මත නිදන්නේ ය’යි මෙසේ තැන දක්වා කියන ලද්දේ, “අකතඤ්ඤුනා” යනු තමා කළ උපකාරය නොදන්නා වූ මිත්‍රද්‍රෝහී නේසාද බ්‍රාහ්මණයා විසින් යන අදහසයි, “ආලම්බනො” යනු අලම්බන විද්‍යාව ජප කරන හෙයින් “ආලම්බන” යයි ලැබූ නම් ඇති අහිගුණ්ඨික බ්‍රාහ්මණයා, “මමග්ගහි” යනු මා අල්ලා ගත්තේය. “කීළෙති මං තහිං තහිං” යනු ඒ ඒ ගම්නියම්ගම් ජනපද රාජධානීන්හි තම ජීවිකාව සඳහා මා ක්‍රීඩා කරවයි.

තිණතොපි ලහුකො මමාති අත‍්තනො ජීවිතපරිච‍්චාගො තිණසලාකපරිච‍්චාගතොපි ලහුකො හුත්‍වා මම උපට‍්ඨාතීති අත්‍ථො. පථවීඋප‍්පතනං වියාති සීලවීතික‍්කමො පන චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලාය මහාපථවියා පරිවත‍්තනං විය තතොපි තං භාරියතරං හුත්‍වා මය‍්හං උපට‍්ඨාතීති දස‍්සෙති.

“තිණතොපි ලහුකො මම” යනු තමන්ගේ ජීවිත පරිත්‍යාගය තණසුලක් දීමටත් වඩා සැහැල්ලු කොට මට වැටහෙයි යන අර්‍ථයයි, “පඨවී උප්පතනා විය” යනු ශීලය ඉක්මවීම වනාහි යොදුන් දෙලක්‍ෂ හතළිස් දහසක් ඝන වූ මහ පොළොව පෙරළීමක් මෙන් එයටත් වඩා එය බැරූරුම් කොට මට වැටහේ ය’යි දක්වයි.

නිරන‍්තරං ජාතිසතන‍්ති මම ජාතීනං අනෙකසතම‍්පි අනෙකසතාසුපි ජාතීසු නිරන‍්තරමෙව සීලස‍්ස අවීතික‍්කමනහෙතු. මම ජීවිතං චජෙය්‍යං චජිතුං සක‍්කොමි. නෙව සීලං පභින්‍දෙය්‍යන‍්ති සීලං පන සමාදින‍්නං එකම‍්පි නෙව භින්‍දෙය්‍යං න විනාසෙය්‍යං. චතුද‍්දීපාන හෙතූති චක‍්කවත‍්තිරජ‍්ජසිරියාපි කාරණාති දස‍්සෙති.

“නිරන්තරං ජාති සතං” යනු මගේ ඉපදීම් අතුරෙන් නොයෙක් සිය ගණන් ජාතිවලදී ද නිරන්තරයෙන්ම ශීලයාගේ නොඉක්වීම සඳහා, “මම ජිවිතං චජෙය්‍යං” පරිත්‍යාග කිරීමට හැක්කෙමි. “නෙව සීලං පභින්‍දෙය්‍ය” යනු සමාදන් වූ ශීලය වනාහි එකකුදු නොබිඳින්නෙමි, විනාශ නොකරන්නෙමි, “චතුන්නං දීපානං හෙතු” යනු චක්‍රවර්ති රාජ්‍ය සම්පත් සඳහා වුවදැයි දක්වයි.

ඉදානි යදත්‍ථං අත‍්තනො ජීවිතම‍්පි පරිච‍්චජිත්‍වා තදා සීලමෙව රක‍්ඛිතං, තාය ච සීලරක‍්ඛාය තථා අනත්‍ථකාරකෙසු නෙසාදඅලම‍්පායනබ්‍රාහ‍්මණෙසු චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං න කතං, තං දස‍්සෙතුං “අපි චා”ති ඔසානගාථමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

දැන් යමක් සඳහා, තම ජීවිතය පවා පරිත්‍යාග කොට එකල සිල් රකින ලද්දේ ද එම ශීලය රකිනු පිණිසම එසේ අනර්ථය සිදුකරන නේසාද, ආලම්බායන බ්‍රාහ්මණයන් කෙරෙහි සිතේ වෙනස් ආකාරයක් නොකරන ලදී. එය දැක්වීමට “අපිචාහං” යනාදි අවසාන ගාථාව දේශනා කළහ.

166. “අපි චාහං සීල රක්‍ඛාය සීලපාරමි පූරිය න කරොමි චිත්තෙ අඤ්ඤථත්තං පක්‍ඛිපන්තෙපි පෙළකෙති”

“තවද මම සිල් රැකීම පිණිස ශීල පාරමිතාව සම්පූර්‍ණ කිරීම සඳහා පෙට්ටියෙහි බහාලන්නා වූ (අහිගුණ්ඨිකයා) කෙරෙහිද සිතෙහි වෙනස්කමක් නො කෙළෙමි”

එම ගාථාව යට (මාතුපෝසක චරිතයෙහි) කියන ලද අර්‍ථ ඇත්තේය.

එවං පන මහාසත‍්තෙ අහිතුණ‍්ඩිකහත්‍ථගතෙ තස‍්ස මාතා දුස‍්සුපිනං දිස‍්වා පුත‍්තඤ‍්ච තත්‍ථ අපස‍්සන‍්තී සොකාභිභූතා අහොසි. අථස‍්සා ජෙට‍්ඨපුත‍්තො සුදස‍්සනො තං පවත‍්තිං සුත්‍වා සුභොගං “හිමවන‍්තං ගන‍්ත්‍වා පඤ‍්චසු මහානදීසු සත‍්තසු මහාසරෙසු භූරිදත‍්තං උපධාරෙත්‍වා එහී”ති පහිණි. කාණාරිට‍්ඨං “දෙවලොකං ගන‍්ත්‍වා සචෙ දෙවතාහි ධම‍්මං සොතුකාමාහි භූරිදත‍්තො තත්‍ථ නීතො, තතො නං ආනෙහී”ති පහිණි. සයං පන “මනුස‍්සලොකෙ ගවෙසිස‍්සාමී”ති තාපසවෙසෙන නාගභවනතො නික‍්ඛමි. අච‍්චිමුඛී නාමස‍්ස වෙමාතිකා භගිනී බොධිසත‍්තෙ අධිමත‍්තසිනෙහා තං අනුබන්‍ධි. තං මණ‍්ඩූකච‍්ඡාපිං කත්‍වා ජටන‍්තරෙ පක‍්ඛිපිත්‍වා මහාසත‍්තස‍්ස උපොසථකරණට‍්ඨානං ආදිං කත්‍වා සබ‍්බත්‍ථ ගවෙසන‍්තො අනුක‍්කමෙන බාරාණසිං පත්‍වා රාජද‍්වාරං අගමාසි. තදා අලම‍්පායනො රාජඞ‍්ගණෙ මහාජනස‍්ස මජ‍්ඣෙ රඤ‍්ඤො භූරිදත‍්තස‍්ස කීළං දස‍්සෙතුං පෙළං විවරිත්‍වා “එහි මහානාගා”ති සඤ‍්ඤමදාසි.

මෙසේ මහාබෝධිසත්ත්‍වයන් අහිගුණ්ඨිකයාගේ අතට ගිය කල්හි ඔහුගේ මෑණියෝ නපුරු සිහිනයක් දැක පුතාද එහි නොදැක ශෝකයෙන් මැඬුනාහු ඉක්බිති ඇයගේ දෙටුපුත් සුදර්‍ශන එපවත් අසා “හිමවතට ගොස් පංච මහා ගංගාවන්හි ද සප්ත මහා විල්වල ද භූරිදත්තයන් සොයා එවයි” කියා සුභෝග යැවීය. “දෙව්ලොවට ගොස් ඉදින් දෙවියන් විසින් ධර්‍මය අසනු කැමතිව භූරිදත්ත එහි ගෙන යන ලද්දේ නම් ඔහු එයින් කැඳවාගෙන එවයි” කාණාරිට්ඨ එහි යැවීය. තමා වනාහී මනුෂ්‍ය ලෝකයෙහි සොයන්නෙමි”යි තාපස වේශයෙන් නාග භවනයෙන් නික්මුණි. වෙනත් මවකගේ දරු වූ අච්චිමුඛී නම් ඔහුගේ සහෝදරිය බෝසතුන් කෙරෙහි බලවත් ස්නේහ ඇත්තී සුදර්‍ශන ලුහුබැඳ ගියාය. සුදර්‍ශන ඇය මැඬි පැටියෙකු කොට ජටා මඬුල්ල තුළ බහා බෝධිසත්ත්‍වයන් පෙහෙවස් රැකි තැන මුල්කොට සියලු තැන සොයන්නේ පිළිවෙලින් බරණැසට පැමිණ රජවාසල දොරකඩට ගියේය. එකල්හි ආලම්බායන රජමිදුලෙහි මහජනයා මැද රජතුමාට භූරිදත්තගේ ක්‍රීඩා දැක්වීමට පෙට්ටිය විවෘත කොට “මහානාගය, එව”යි සංඥා කළේය.

මහාසත‍්තො සීසං නීහරිත්‍වා ඔලොකෙන‍්තො ජෙට‍්ඨභාතිකං දිස‍්වා පෙළතො නික‍්ඛම‍්ම තදභිමුඛො පායාසි. මහාජනො භීතො පටික‍්කමි. සො ගන‍්ත්‍වා තං අභිවාදෙත්‍වා නිවත‍්තිත්‍වා පෙළමෙව පාවිසි. අලම‍්පායනො “ඉමිනා අයං තාපසො දට‍්ඨො”ති සඤ‍්ඤාය “මා භායි, මා භායී”ති ආහ. සුදස‍්සනො “අයං නාගො මය‍්හං කිං කරිස‍්සති, මයා සදිසො අහිතුණ‍්ඩිකො නාම නත්‍ථී”ති තෙන වාදප‍්පටිවාදං සමුට‍්ඨාපෙත්‍වා “ත්‍වං ඉමං නාගං ගහෙත්‍වා ගජ‍්ජසි, අහං තං ඉමාය මණ‍්ඩූකච‍්ඡාපියා ඉච‍්ඡන‍්තො නාසයිස‍්සාමී”ති භගිනිං පක‍්කොසිත්‍වා හත්‍ථං පසාරෙසි. සා තස‍්ස සද‍්දං සුත්‍වා ජටන‍්තරෙ නිපන‍්නා තික‍්ඛත‍්තුං මණ‍්ඩූකවස‍්සිතං වස‍්සිත්‍වා නික‍්ඛමිත්‍වා අංසකූටෙ නිසීදිත්‍වා උප‍්පතිත්‍වා තස‍්ස හත්‍ථතලෙ තීණි විසබින්‍දූනි පාතෙත්‍වා පුන තස‍්ස ජටන‍්තරමෙව පාවිසි.

බෝසත්තෙම හිස බැහැර කොට බලන්නේ දෙටු සොහොයුරා දැක පෙට්ටියෙන් නික්ම ඔහු දෙසට ගියේය. මහජනයා බියට පත්ව ඉවත් විය. හෙතෙම ගොස් ඔහුට වැඳ නැවතී පෙට්ටියටම පිවිසියේය. ආලම්බායන තෙම “නාගයා විසින් මේ තාපසයා දෂ්ට කරන ලද්දේ ය”යි හැඟීමෙන් “බිය නොවෙව”යි කීය. සුදර්‍ශන මේ නාගයා මට කුමක් කරන්නේ ද? මා සමාන අහිගුණ්ඨිකයෙක් නම් නැතැ”යි ඔහු සමග වාද ප්‍රතිවාද උපදවා නුඹ මේ නාගයා ගෙන ගර්ජනා කරන්නෙහිය. මම කැමතිවන්නේ නම් මේ මැඬි පැටවා ලවා නුඹ නසා පියවන්නෙමි”යි නැගණියන් කැඳවා අත දිගු කළේය. ඇය ඔහුගේ හඬ අසා ජටාමඬුලු අස්සේ වැද හොත්තීම තුන්වරක් මැඬි හඬින් හඬා නික්ම උරහිසෙහි හිඳ පැන නැගී ඔහුගේ අත්ලෙහි විස බින්දු තුනක් හෙලා නැවත ඔහුගේ ජටාව තුළටම පිවිසියාය.

සුදස‍්සනො විසබින්‍දුං දස‍්සෙත්‍වා “ඉදං බින්‍දුං සචෙ පථවියං පාතෙස‍්සති, ඔසධිතිණවනප‍්පතයො සබ‍්බෙ නස‍්සිස‍්සන‍්ති. සචෙ ආකාසෙ ඛිපිස‍්සති, සත‍්තවස‍්සානි දෙවො න වස‍්සිස‍්සති. සචෙ උදකෙ පාතෙස‍්සති, යාවතා තත්‍ථ උදකජාතා පාණා සබ‍්බෙ මරෙය්‍යු”න‍්ති වත්‍වා රාජානං සද‍්දහාපෙතුං තයො ආවාටෙ ඛණාපෙත්‍වා එකං නානාභෙසජ‍්ජානං පූරෙසි, දුතියං ගොමයස‍්ස, තතියං දිබ‍්බොසධානඤ‍්චෙව පූරෙත්‍වා මජ‍්ඣෙ ආවාටෙ විසබින්‍දුං පක‍්ඛිපි. තඞ‍්ඛණඤ‍්ඤෙව ධූමායිත්‍වා ජාලා උට‍්ඨහි. සා ගන‍්ත්‍වා ගොමයාවාටං ගණ‍්හි. තතොපි ජාලා උට‍්ඨාය දිබ‍්බොසධපුණ‍්ණං ගහෙත්‍වා දිබ‍්බොසධානි ඣාපෙත්‍වා නිබ‍්බායි. අලම‍්පායනං තත්‍ථ ආවාටස‍්ස අවිදූරෙ ඨිතං උසුමා ඵරිත්‍වා සරීරච‍්ඡවිං උප‍්පාටෙත්‍වා ගතා. සෙතකුට‍්ඨී අහොසි. සො භයතජ‍්ජිතො “නාගරාජානං විස‍්සජ‍්ජෙමී”ති තික‍්ඛත‍්තුං වාචං නිච‍්ඡාරෙසි. තං සුත්‍වා බොධිසත‍්තො රතනපෙළාය නික‍්ඛමිත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං අත‍්තභාවං මාපෙත්‍වා දෙවලීළාය ඨිතො. සුදස‍්සනො ච අච‍්චිමුඛී ච තථෙව අට‍්ඨංසු.

සුදර්‍ශන විස බින්දු දක්වා “මේ බින්දු ඉදින් පොළොවෙහි වැටෙන්නේනම් ඖෂධ, තණ, වෘක්‍ෂ ආදී සියල්ලම නැසෙන්නේය. ඉදින් අහසට දමන්නේනම් සත් අවුරුද්දක් වැසි නොවසින්නේය. ඉදින් ජලයෙහි වැටෙන්නේ නම් ඒ ජලයෙහි හටගත් ප්‍රාණීහු යම් පමණ වෙත්ද ඒ සියල්ලෝම මැරෙන්නාහු යයි කියා රජතුමාට විශ්වාස කරවන්නට වළවල් තුනක් සාරවා එකක් නොයෙක් බෙහෙත්වලින් පිරවීය. දෙවන වළ ගොමවලින්ද තුන්වෙනි වළ දිව්‍ය ඖෂධවලින් ද පුරවා මැද වළට (බෙහෙත් පිරවූ වළට) විස බින්දු දැමීය. එකෙණෙහිම දුම් නැගී ගිනිදැල් නැංගේය. ඒ ගිනිදැල් ගොස් ගොම පිරුණු වළ වැදගත්තේය. එයිනුත් ගිනිදැල් නැග දිව්‍ය ඖෂධ පිරුණු වළට වැද දිව්‍ය ඖෂධ දවා නිවී ගියේය. උණුසුම පැතිරී එම වළ නුදුරෙහි සිටි ආලම්බායනගේ ශරීරයේ සිවිය ඉදිරී ගියේ සුදු කබර ඇත්තෙක් විය. ඔහු බියෙන් තැති ගත්තේ “නා රජු මුදාහරින්නෙමි”යි තුන් වරක් හඬ ගැසීය.

තතො සුදස‍්සනො අත‍්තනො භාගිනෙය්‍යභාවං රඤ‍්ඤො ආරොචෙසි. තං සුත්‍වා රාජා තෙ ආලිඞ‍්ගිත්‍වා සීසෙ චුම‍්බිත්‍වා අන‍්තෙපුරං නෙත්‍වා මහන‍්තං සක‍්කාරසම‍්මානං කත්‍වා භූරිදත‍්තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො “තාත, එවං මහානුභාවං තං අලම‍්පායනො කථං ගණ‍්හී”ති පුච‍්ඡි. සො සබ‍්බං විත්‍ථාරෙන කථෙත්‍වා “මහාරාජ, රඤ‍්ඤා නාම ඉමිනා නියාමෙන රජ‍්ජං කාරෙතුං වට‍්ටතී”ති මාතුලස‍්ස ධම‍්මං දෙසෙසි. අථ සුදස‍්සනො “මාතුල, මම මාතා භූරිදත‍්තං අපස‍්සන‍්තී කිලමති, න සක‍්කා අම‍්හෙහි ඉධ පපඤ‍්චං කාතු”න‍්ති මාතුලං ආපුච‍්ඡිත්‍වා භූරිදත‍්තඅච‍්චිමුඛීහි සද‍්ධිං නාගභවනමෙව ගතො.

එය අසා බෝධිසත්ත්‍වයෝ ඒ පෙට්ටියෙන් නික්ම සියලු අලංකාරයෙන් සැරසුනා වූ ආත්මභාවයක් මවා ගෙන දේව විලාසයෙන් සිටියහ. සුදර්‍ශන සහ අච්චිමුඛීත් එසේම සිටියහ. ඉක්බිති සුදර්‍ශනයෝ තමන් රජුගේ බෑණා බව රජුට දැන්වීය. එය අසා රජතුමා ඔවුන් වැළඳගෙන හිස සිඹ ඇතුල් පුරයට පමුණුවා මහත් වූ සත්කාර සම්මාන කොට භූරිදත්ත සමග පිළිසඳර කථා කරන්නේ “දරුව, මෙබඳු මහානුභාවසම්පන්න නුඹව ආලම්බායන කෙසේ අල්ලා ගත්තේදැයි ඇසීය. හෙතෙම සියල්ල විස්තර වශයෙන් කියා “මහරජ, රජතුමා විසින් වනාහි මේ ආකාරයෙන් රාජ්‍යය කිරීම වටීයයි මයිලණුවන්හට (මාමාට) ධර්‍මය දේශනා කළේය. ඉක්බිති සුදර්‍ශන “මයිලණුවනි, මගේ මව භූරිදත්ත නොදකින්නී ක්ලාන්ත වෙයි. එබැවින් අපට මෙහි ප්‍රමාද වීමට නොහැකිය’යි මයිලණුවන් විමසා භූරිදත්ත හා අච්චිමුඛී සමග නාග භවනයටම ගියේය.

අථ තත්‍ථ මහාපුරිසො ගිලානසෙය්‍යාය නිපන‍්නො ගිලානපුච‍්ඡනත්‍ථං ආගතාය මහතියා නාගපරිසාය වෙදෙ ච යඤ‍්ඤෙ ච බ්‍රාහ‍්මණෙ ච සම‍්භාවෙත්‍වා කාණාරිට‍්ඨෙ කථෙන‍්තෙ තං වාදං භින්‍දිත්‍වා නානානයෙහි ධම‍්මං දෙසෙත්‍වා සීලසම‍්පදාය දිට‍්ඨිසම‍්පදාය ච පතිට‍්ඨාපෙත්‍වා යාවජීවං සීලානි රක‍්ඛිත්‍වා උපොසථකම‍්මං කත්‍වා ආයුපරියොසානෙ සග‍්ගපුරං පූරෙසි.

ඉක්බිති මහා පුරුෂයෝ එහි ගිලන් ස්වභාවයෙන් හුන් සේක් ගිලන් බව විමසීමට ආ මහත් නාග පිරිසට කාණාරිට්ඨයන් විසින් වේදය ද යාගය ද බ්‍රාහ්මණයන් ද උතුම් කොට කියන කල්හි ඒ මිථ්‍යාවාදය බිඳ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කොට ශීලසම්පදාවෙහි සහ දෘෂ්ටි සම්පදාවෙහි පිහිටුවා දිවි ඇති තෙක් සිල් රැක පෙහෙවස් වැස ආයු කෙළවර ස්ර්‍වග ලෝකයෙහි උපන්හ.

තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං. නෙසාදබ්‍රාහ‍්මණො දෙවදත‍්තො, සොමදත‍්තො ආනන්‍දො, අච‍්චිමුඛී උප‍්පලවණ‍්ණා, සුදස‍්සනො සාරිපුත‍්තො, සුභොගො මහාමොග‍්ගල‍්ලානො, කාණාරිට‍්ඨො සුනක‍්ඛත‍්තො, භූරිදත‍්තො ලොකනාථො.

එකල්හි මව්පියෝ මහාරාජ කුලයෝ වූහ. නේසාද බ්‍රාහ්මණයා දේවදත්ත තෙරුන්ය. සෝමදත්ත ආනන්ද තෙරුන්ය. අච්චිමුඛි උප්පලවණ්ණා තෙරණියයි. සුදර්‍ශන සාරිපුත්ත තෙරුන්ය. සුභෝග මහ මුගලන් තෙරුන්ය. කාණාරිෂ්ඨ සුනක්ඛක්තය. භූරිදත්ත නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි සෙසපාරමියො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව නිද‍්ධාරෙතබ‍්බා. ඉධාපි යොජනසතිකෙ අත‍්තනො නාගභවනට‍්ඨානෙ සොළසහි නාගකඤ‍්ඤාසහස‍්සෙහි චිත‍්තරූපං විය පරිචාරියමානො දෙවලොකසම‍්පත‍්තිසදිසෙ නාගලොකිස‍්සරියෙ ඨිතොපි ඉස‍්සරියමදං අකත්‍වා අන්‍වද‍්ධමාසං මාතාපිතුඋපට‍්ඨානං, කුලෙ ජෙට‍්ඨාපචායනං, සකලාය නාගපරිසාය චාතුමහාරාජිකපරිසාය තාවතිංසපරිසාය ච සමුට‍්ඨිතපඤ‍්හානං තංතංපරිසමජ‍්ඣෙ කුමුදනාලකලාපං විය සුනිසිතසත්‍ථෙන අත‍්තනො පඤ‍්ඤාසත්‍ථෙන තාවදෙව පච‍්ඡින්‍දිත්‍වා තෙසං චිත‍්තානුකූලධම‍්මදෙසනා, වුත‍්තප‍්පකාරං භොගසම‍්පත‍්තිං පහාය අත‍්තනො සරීරජීවිතනිරපෙක‍්ඛං චතුරඞ‍්ගසමන‍්නාගතං උපොසථාධිට‍්ඨානං, තත්‍ථ ච පටිඤ‍්ඤාය විසංවාදනභයෙන අහිතුණ‍්ඩිකහත්‍ථගමනං, තස‍්මිඤ‍්ච මුඛෙ විසමිස‍්සඛෙළපාතනං නඞ‍්ගුට‍්ඨෙ ගහෙත්‍වා ආවිඤ‍්ඡනං කඩ‍්ඪනං භූමියං ඝංසනං මද‍්දනං පොථනන‍්ති එවමාදිං නානප‍්පකාරවිප‍්පකාරං කරොන‍්තෙපි එවරූපං මහාදුක‍්ඛං අනුභවතොපි කුජ‍්ඣිත්‍වා ඔලොකනමත‍්තෙන තං ඡාරිකං කාතුං සමත්‍ථස‍්සාපි සීලපාරමිං ආවජ‍්ජිත්‍වා සීලඛණ‍්ඩනභයෙන ඊසකම‍්පි චිත‍්තස‍්ස විකාරාභාවො, ධනං ලභාපෙමීති වා තස‍්ස චිත‍්තානුවත‍්තනං, සුභොගෙන පුනානීතස‍්ස අකතඤ‍්ඤුනො මිත‍්තදුබ‍්භිස‍්ස නෙසාදබ්‍රාහ‍්මණස‍්ස සීලං අනධිට‍්ඨහිත්‍වාපි අකුජ‍්ඣනං, කාණාරිට‍්ඨෙන කථිතං මිච‍්ඡාවාදං භින්‍දිත්‍වා අනෙකපරියායෙන ධම‍්මං භාසිත්‍වා නාගපරිසාය සීලෙසු සම‍්මාදිට‍්ඨියඤ‍්ච පතිට‍්ඨාපනන‍්ති එවමාදයො බොධිසත‍්තස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බා. තෙනෙතං වුච‍්චති – “එවං අච‍්ඡරියා හෙතෙ…පෙ… ධම‍්මස‍්ස අනුධම‍්මතො”ති.

මෙහිද උන්වන්සේගේ සෙසු පාරමිතාවෝ යට සඳහන් පරිදිම නිර්ධාරණය කළ යුත්තාහ. මෙහිද යොදුන් සියයක් පමණ වූ තමාගේ නාග භවනයෙහි නාග කන්‍යාවන් සොළොස් දහසක් විසින් චිත්‍රරූප මෙන් සේවය කරනු ලබන්නේ දිව්‍ය ලෝක සම්පත් සමාන නාගලෝක සම්පත්තීන්හි සිටියේ නමුදු ඵෙශ්වර්‍ය්‍ය මදයක් නොකොට අඩමසක් පාසා මව්පිය උපස්ථානය ද කුලදෙටුවන් පිදීම ද, සියලු නාග පිරිසගේත් චාතුම්මහාරාජික පිරිසගේත් තව්තිසා පිරිසගේත් හටගත් ප්‍රශ්නයන්ට ඒ ඒ පිරිස් මැද මුවහත් ආයුධයකින් හෙළ උපුල් කලඹක් කපන්නාක් මෙන් තමන්ගේ ප්‍රඥා නැමති ආයුධයෙන් එවේලෙහිම විසඳා ඔවුන්ගේ චිත්තානුරූප ධර්‍ම දේශනය ද, කියන ලද ආකාරයේ භෝග සම්පත් හැරදමා තමාගේ ශරීර ජීවිත නිරපේක්‍ෂව අඞ්ග හතරකින් යුක්ත වූ උපෝසථය අදිටන් කිරීම ද, එහිදී ප්‍රතිඥා විරෝධී වේය යන බියෙන් අහිගුණ්ඨිකයාගේ අතට පත් වීම ද, ඔහු විසින් මුවෙහි විස මිශ්‍ර කෙළ දැමීම, නගුටින් ගෙන තමා ළඟට ඇදීම, බිම ගැසීම, මැඬීම, පෙළීම යන මේ ආදී වූ නානා ප්‍රකාර විප්‍රකාර කරද්දී ද මෙබඳු වූ මහත් දුකක් අනුභව කරද්දී ද කිපී බැලීම් පමණකින් ඔහු අළු කරන්නට සමර්ථ වීත් ශීල පාරමිතාව සිහිකොට ශීලය කඩවේදෝ යන බියෙන් මදකුදු සිතෙහි වෙනසක් ඇති කර නොගැනීම, ධනය ලබමි”යි කියා හෝ ඔහුගේ සිතට අනුව පැවතීම, සුභෝග විසින් නැවත රැගෙන එන ලද අකෘතඥ වූ මිත්‍රද්‍රෝහී නේසාද බ්‍රාහ්මණයාට ශීලය අධිෂ්ඨාන නොකොට ද නොකිපීම, කණාරිෂ්ඨ විසින් කියන ලද මිථ්‍යාවාදය බිඳ දමා නොයෙක් ආකාරයෙන් ධර්‍මය දේශනාකොට නාග පිරිස ශීලයන්හි ද සම්‍යක් දෘෂ්ටියෙහි ද පිහිටු වීම යන මේ ආදී බෝධිසත්ත්‍වයන්ගේ ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ. එහෙයින්, “එවං අච්ඡරියා එතෙ -පෙ- ධම්මස්ස අනුධම්ම තො”යි කියන ලදී.

භූරිදත‍්තචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවෙනි භූරිදත්ත චරිතයයි.