1. මාතුපොසකචරියාවණ්ණනා අට්ඨකථා
1. මාතුපොසකචරියාවණ්ණනා
1. මාතුපෝසක චරියා වර්ණනාව
(චරියා පිටකයෙහි) දෙවන වර්ගයෙහි පළමුවන (මාතුපොසක) චරිතයෙහි,
148. “යදා අහොසිං පවනෙ කුඤ්ජරො මාතුපොසකො න තදා අත්ථි මහියා ගුණෙන මම සාදිසො”
149. “පවනෙ දිස්වා වනචරො රඤ්ඤෙ මං පටිවෙදයී තවානුච්ඡ වො මහාරාජ ගජො වසති කානනෙ”
150. “න තස්ස පරිඛායත්ථො නපි ආළ්හක කාසුය සමං ගහිතෙ සොණ්ඩා ය, සයමෙව ඉධෙහී ති” (චරියා පිටක)
“යම් කලෙක මම මහවනයෙහි මව පෝෂණය කරන්නා වූ ඇතෙක් වීම්ද, එකල්හි ශීල ගුණයෙන් මා හා සමානයෙක් පොළොවෙහි නැත්තේය.
වනයෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් මහ වනයේදී මා දැක “මහ රජුනි, නුඹවහන්සේට සුදුසු ඇතෙක් වනයෙහි වෙසේය”යි රජුහට දැන්වූයේය.
ඔහු පිණිස අඟලකින් හෝ ටැඹකින් හෝ වළකින් හෝ වැඩක් නැත. සොඬින් ඇල්ලූ වහාම තෙම්ම මෙහි එන්නේ යයි (රජුට දැන්වීය)”යි
දුතියවග්ගස්ස පඨමෙ කුඤ්ජරොති හත්ථී. මාතුපොසකොති අන්ධාය ජරාජිණ්ණාය මාතුයා පටිජග්ගනකො. මහියාති භූමියං. ගුණෙනාති සීලගුණෙන, තදා මම සදිසො නත්ථි.
මෙහි “කුඤ්ජරො” යනු ඇතෙක්, “මාතුපොසකො” යනු අන්ධ වූ ජරා ජීර්ණ වූ මව පෝෂණය කරන්නා වූ, “මහියා” යනු භූමියෙහි, “ගුණෙන” යනු ශීල ගුණයෙන්, එකල්හි මට සමාන වූවෙක් නැත.`
බොධිසත්තො හි තදා හිමවන්තප්පදෙසෙ හත්ථියොනියං නිබ්බත්ති. සො සබ්බසෙතො අභිරූපො ලක්ඛණසම්පන්නො මහාහත්ථී අනෙකහත්ථිසතසහස්සපරිවාරො අහොසි. මාතා පනස්ස අන්ධා. සො මධුරඵලාඵලානි හත්ථීනං හත්ථෙසු දත්වා මාතු පෙසෙති. හත්ථිනො තස්සා අදත්වා සයං ඛාදන්ති. සො පරිග්ගණ්හන්තො තං පවත්තිං ඤත්වා “යූථං පහාය මාතරමෙව පොසෙස්සාමී”ති රත්තිභාගෙ අඤ්ඤෙසං හත්ථීනං අජානන්තානං මාතරං ගහෙත්වා චණ්ඩොරණපබ්බතපාදං ගන්ත්වා එකං නළිනිං උපනිස්සාය ඨිතාය පබ්බතගුහාය මාතරං ඨපෙත්වා පොසෙසි.
බෝධිසත්ත්වයෝ වනාහි හිමවත් පෙදෙසෙහි ඇත් යෝනියෙහි උපන්හ. ඔහු වනාහි සම්පූර්ණයෙන් සුදු වූ, ඉතාමත් රූමත් වූ, ඇත් ලකුණෙන් සමන්විත වූ, නොයෙක් ලක්ෂ ගණන් ඇතුන් විසින් පිරිවරණ ලද මහ ඇතෙක් විය. ඔහුගේ මව අන්ධය. හෙතෙම මිහිරි ඵලාඵල ඇතුන් අත යවා මව පෝෂණය කරයි. ඇත්තු (ඒවා) ඇයට නොදී තුමූම කති. ඔහු පරීක්ෂා කර බලන්නේ එපවත් දැන “සමූහයා හැරපියා මවම පෝෂණය කරන්නෙමි’යි රාත්‍රී කාලයෙහි සෙසු ඇතුන් නොදනිද්දී මව රැගෙන ‘චණ්ඩෝරණ’ නම් පර්වත පාදයට ගොස් එක් විලක් ඇසුරු කොට පැවති පර්වත ගුහාවක මව තබා පෝෂණය කළේය.
පවනෙ දිස්වා වනචරොති එකො වනචරකො පුරිසො තස්මිං මහාවනෙ විචරන්තො මං දිස්වා. රඤ්ඤො මං පටිවෙදයීති බාරාණසිරඤ්ඤො මං ආරොචෙසි.
“පවනෙ දිස්වා වනචරො” යනු වනයේ හැසිරෙන එක් පුරුෂයෙක් ඒ මහ වනයෙහි මා දැක, “රඤ්ඤෙ මං පටිවෙදයී” යනු බරණැස් රජුට මා ගැන දැන්වීය.
සො හි මග්ගමූළ්හො දිසං වවත්ථපෙතුං අසක්කොන්තො මහන්තෙන සද්දෙන පරිදෙවි. බොධිසත්තොපි තස්ස සද්දං සුත්වා “අයං පුරිසො අනාථො, න ඛො පනෙතං පතිරූපං, යං එස මයි ඨිතෙ ඉධ විනස්සෙය්යා”ති තස්ස සන්තිකං ගන්ත්වා තං භයෙන පලායන්තං දිස්වා “අම්භො පුරිස, නත්ථි තෙ මං නිස්සාය භයං, මා පලායි, කස්මා ත්වං පරිදෙවන්තො විචරසී”ති පුච්ඡිත්වා “සාමි, අහං මග්ගමූළ්හො අජ්ජ මෙ සත්තමො දිවසො”ති වුත්තෙ “භො පුරිස, මා භායි, අහං තං මනුස්සපථෙ ඨපෙස්සාමී”ති තං අත්තනො පිට්ඨියං නිසීදාපෙත්වා අරඤ්ඤතො නීහරිත්වා නිවත්ති. සොපි පාපො “නගරං ගන්ත්වා රඤ්ඤො ආරොචෙස්සාමී”ති රුක්ඛසඤ්ඤං පබ්බතසඤ්ඤඤ්ච කරොන්තොව නික්ඛමිත්වා බාරාණසිං අගමාසි. තස්මිං කාලෙ රඤ්ඤො මඞ්ගලහත්ථී මතො . සො පුරිසො රාජානං උපසඞ්කමිත්වා මහාපුරිසස්ස අත්තනො දිට්ඨභාවං ආරොචෙසි. තෙන වුත්තං “තවානුච්ඡවො, මහාරාජ, ගජො වසති කානනෙ”තිආදි.
ඔහු වනාහි මංමුළා වී, දිසා නියමකර ගැනීමට නොහැකිවන්නේ මහත් හඬින් හැඬීය. බෝධිසත්ත්වයෝ ද ඔහුගේ හඬ අසා “මේ පුරුෂයා අනාථය, මා සිටියදී මොහු මෙහි මිය යන්නේ නම් එය මට සුදුසු නොවේ”යි ඔහු සමීපයට ගොස් බියෙන් පලායන ඔහු දැක “එම්බා පුරුෂය! නුඹට මා නිසා බියෙක් නැත. පලා නොයව, කුමක් හෙයින් නුඹ හඬමින් හැසිරෙන්නෙහිදැයි අසා “ස්වාමීනි මම මංමුළා වූවෙක්මි. මංමුළා වූ මට අදට දින හතකි’ යි කී කල්හි “පින්වත් පුරුෂය! බිය නො වන්න. මම නුඹ මිනිස් පියසෙහිම පිහිටුවන්නෙමි’යි ඔහු තමාගේ පිටෙහි හිඳුවාගෙන වනයෙන් බැහැරට ගෙන ගොස් නැවතුනහ. ඒ පාපී පුරුෂයා ද නගරයට ගොස් රජුට දැනුම් දෙන්නෙමි”යි වෘක්ෂයන් හා පර්වත සලකුණු කරමින් නික්ම බරණැසට ගියේය. ඒ කාලයෙහි රජුගේ මඟුලැතා මළේය. ඒ පුරුෂයා රජු වෙත එළඹ තමන් මහාපුරුෂයා (හස්ති රාජයා) දුටු බව දැන්වීය. එහෙයින් “තවනුච්ඡවො මහාරාජ ගජො වසති කානනෙ” යනාදිය කියන ලදී.
තත්ථ තවානුච්ඡවොති තව ඔපවය්හං කාතුං අනුච්ඡවිකො යුත්තො. න තස්ස පරික්ඛායත්ථොති තස්ස ගහණෙ ගමනුපච්ඡෙදනත්ථං සමන්තතො ඛණිතබ්බපරික්ඛාය වා කරෙණුයා කණ්ණපුටෙන අත්තානං පටිච්ඡාදෙත්වා ඛිත්තපාසරජ්ජුයා බන්ධිතබ්බආළකසඞ්ඛාතආලානෙන වා යත්ථ පවිට්ඨො කත්ථචි ගන්තුං න සක්කොති, තාදිසවඤ්චනකාසුයා වා අත්ථො පයොජනං නත්ථි. සහගහිතෙති ගහණසමකාලං එව. එහිතීති ආගමිස්සති.
එහි “තවනුච්ඡවො” යනු නුඹවහන්සේ නැගී යාමට සුදුසු, යුතුවූ, “න තස්ස පරික්ඛායත්ථො” යනු ඌ අල්ලා ගැනීමේදි ගමන නැවැත්වීම සඳහා හාත්පසින් සෑරිය යුතු දිය අඟලකින් හෝ ඇතින්නියකගේ කන්තලයෙන් තමා වසාගෙන දමන ලද මදුරැහැණ බැඳිය යුතු ‘ආලක’ සඞ්ඛ්‍යාත කණුවකින් හෝ යම් තැනකට පිවිසි විට කිසිවෙකුටත් යාමට නොහැකිවේද එබඳු බොරු වළකින් හෝ අර්ථයක් ප්‍රයෝජනයක් නැත. “සහ ගහිතෙ” යනු අල්ලාගත් වහාම, “එහිති” යනු එන්නේ යයි.
රාජා ඉමං මග්ගදෙසකං කත්වා අරඤ්ඤං ගන්ත්වා “ඉමිනා වුත්තං හත්ථිනාගං ආනෙහී”ති හත්ථාචරියං සහ පරිවාරෙන පෙසෙසි. සො තෙන සද්ධිං ගන්ත්වා බොධිසත්තං නළිනිං පවිසිත්වා ගොචරං ගණ්හන්තං පස්සි. තෙන වුත්තං –
රජතුමා මොහු මාර්ගෝපදේශකයා කොට වනයට ගොස් මොහු විසින් කියන ලද ඇත් රජුන් ගෙන එවයි” පිරිවර සහිතව ඇත් ඇඳුරෙකු යැවීය. ඔහු ඒ පුරුෂයා සමග ගොස් විලට පිවිස ගොදුරු ගන්නා බෝධිසත්ත්වයන් දීටීය. එහෙයින්,
“තස්ස තං වචනං සුත්වා, රාජාපි තුට්ඨමානසො; පෙසෙසි හත්ථිදමකං, ඡෙකාචරියං සුසික්ඛිතං.
151. තස්ස තං වචනං සුත්වා රාජාපි තුට්ඨමානසො පෙසෙසි හත්ථි දමකං ඡෙකාචරියං සුසික්ඛිතං
“ගන්ත්වා සො හත්ථිදමකො, අද්දස පදුමස්සරෙ; භිසමුළාලං උද්ධරන්තං, යාපනත්ථාය මාතුයා”ති.
152. “ගනත්වා සො හත්ථිදමකො අද්දස පදුමස්සරෙ භිස මුලං උද්ධරන්තං යාපනත්ථාය මාතුයා”
153. “විඤ්ඤාය මෙ සීලගුණං ලක්ඛණං උපධාරයී එහි පුත්තාති වත්වාන මම සොණ්ඩාය අග්ගහීති.” (චරියා පිටක)
“ඔහුගේ ඒ වචනය අසා රජතෙමේ ද සතුටු සිත් ඇතිව මනාසේ පුරුදු වූ, ඇතුන් දමනය කරන්නා වූ, දක්ෂ හස්තාචාර්ය්යයකු යැවීය. ඒ ඇතුන් දමනය කරන්නා ගොස් මවගේ යැපීම පිණිස පියුම් විලෙහි නෙළුම් අල හා නෙළුම් දැලි උදුරන්නා වූ (මා) දුටුවේය.
මාගේ ශීලගුණය දැන මාගේ ලක්ෂණ පරීක්ෂා කොට බැලුවේය. (නැවත) “දරුව මෙහි එව”යි කියා මාගේ සොඬින් අල්ලා ගත්තේ යයි වදාරණ ලදී.
තත්ථ ඡෙකාචරියන්ති හත්ථිබන්ධනාදිවිධිම්හි කුසලං හත්ථාචරියං. සුසික්ඛිතන්ති හත්ථීනං සික්ඛාපනවිජ්ජාය නිට්ඨඞ්ගමනෙන සුට්ඨු සික්ඛිතං.
එහි “ඡෙකාචරියං” යනු ඇතුන් බැඳීම් ආදී ක්රමයෙහි දක්ෂ වූ හස්ත්‍යාචාර්‍ය්‍යයකු, “සුසික්ඛිතං” යනු ඇතුන් හික්මවන විද්‍යාවෙහි පරතෙරට පැමිණිමෙන් සුශික්ෂිත වූ,
විඤ්ඤාය මෙ සීලගුණන්ති “භද්දො අයං හත්ථාජානීයො න මන්දො, න චණ්ඩො, න වොමිස්සසීලො වා”ති මම සීලගුණං ජානිත්වා. කථං? ලක්ඛණං උපධාරයීති සුසික්ඛිතහත්ථිසිප්පත්තා මම ලක්ඛණං සමන්තතො උපධාරෙසි. තෙන සො එහි පුත්තාති වත්වාන, මම සොණ්ඩාය අග්ගහි.
“විඤ්ඤාය මෙ සීලගුණං” යනු යහපත් වූ ශ්‍රේෂ්ඨ ඇතා අඥාන නො වේ. චණ්ඩද නොවේ. මිශ්‍ර වූ සිල් ඇත්තෙක් ද නොවේ යයි මගේ ශීල ගුණය දැන, කෙසේ ද? “ලක්ඛණං උපධාරයී” යනු මැනවින් පුරුදු කළ හස්ති ශිල්ප ඇති බැවින් මාගේ ලක්ෂණ හාත්පසින් සලකා බැලීය, එහෙයින් ඔහු “එහි පුත්තාති වත්වාන මම සොණ්ඩාය අග්ගහි” (දරුව එවයි කියා මගේ සොඬින් අල්ලා ගත්තේය)
බොධිසත්තො හත්ථාචරියං දිස්වා – “ඉදං භයං මය්හං එතස්ස පුරිසස්ස සන්තිකා උප්පන්නං, අහං ඛො පන මහාබලො හත්ථිසහස්සම්පි විද්ධංසෙතුං සමත්ථො, පහොමි කුජ්ඣිත්වා සරට්ඨකං සෙනාවාහනං නාසෙතුං, සචෙ පන කුජ්ඣිස්සාමි, සීලං මෙ භිජ්ජිස්සති, තස්මා සත්තීහි කොට්ටියමානොපි න කුජ්ඣිස්සාමී”ති චිත්තං අධිට්ඨාය සීසං ඔනාමෙත්වා නිච්චලොව අට්ඨාසි. තෙනාහ භගවා “යං මෙ තදා පාකතිකං, සරීරානුගතං බල”න්තිආදි.
බෝධිසත්ත්වයෝ හස්තාචාර්ය්යයා දැක මට මේ බිය මේ පුරුෂයා සමීපයෙන් උපන්නේය. මම වනාහි ඇතුන් දහසක් වුවද විනාශ කිරීමට සමත් මහත් බල ඇතෙක්මි. කෝප ගෙන සේනාවාහන සහිත රට පවා නැසීමට හැක්කෙමි. ඉදින් කිපෙන්නේ නම් මාගේ ශීලය බිඳෙන්නේය. එහෙයින් ආයුධවලින් කොටන්නේ නමුදු නොකිපෙන්නෙමි”යි සිත අදිටන් කොට ගෙන හිස නමාගෙන නිශ්චලව සිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “යං මෙ තදා පාකතිකං සරීරානුගතං බලං” යනාදිය වදාළහ.
154. “යං මෙ තදා පාකතිකං සරීරානුගතං බලං අජ්ජ නාගසහස්සානං බලෙන සමසාදිසං”
155. “යදිහං තෙසං පකුප්පෙය්යං උපෙතං ගහණාය මං පටිබලො භවෙ තෙසං යාව රජ්ජම්පි මානුසං”
156. “අපිචාහං සීලරක්ඛාය සීලපාරමී පූරිය න කරොමි චිත්තෙ අඤ්ඤථත්තං පක්ඛිපන්තං මමාළ්හකෙ”
157 “යදි තෙ මං තත්ථ කොට්ටෙය්යුං ඵරසුහි තොමරෙහිව නෙව තෙසං පකුප්පෙය්යං සීලඛණ්ඩභයා මමා ති.” (චරියා පිටක)
“එකල්හි මාගේ ස්වාභාවික වූ ශරීරය අනුව පවත්නා වූ යම් බලයක් වීද (ඒ බලය) මේ කාලයේ දහස් ගණන් ඇතුන්ගේ ශක්තිය හා සමානය. මා අල්ලා ගැනීමට පැමිණියා වූ ඔවුන්ට මම ඉදින් කිපුනෙම් නම් ඔවුන්ද ඒ මිනිසුන්ගේ රාජ්‍යයද (වැනසීමට තරම්) ශක්ති ඇත්තේ වීමි.
එතකුදු වුවත් මම සිල් රැකීමෙන් සීල පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා ටැඹෙහි බඳින විටද සිතෙහි වෙනස්කමක් නොකෙළෙමි. ඉදින් ඔවුහු පොරෝවලින්ද තෝමරකටුවලින් ද මට කොටන්නාහු නමුදු මාගේ සිල් කඩවේය යන බියෙන් ඔවුන්ට නොකිපෙන්නෙමි’යි (ඉටා ගතිමි)
තත්ථ පාකතිකන්ති සභාවසිද්ධං. සරීරානුගතන්ති සරීරමෙව අනුගතං කායබලං, න උපායකුසලතාසඞ්ඛාතඤාණානුගතන්ති අධිප්පායො. අජ්ජ නාගසහස්සානන්ති අජ්ජකාලෙ අනෙකෙසං හත්ථිසහස්සානං සමුදිතානං. බලෙන සමසාදිසන්ති තෙසං සරීරබලෙන සමසමමෙව හුත්වා සදිසං, න උපමාමත්තෙන. මඞ්ගලහත්ථිකුලෙ හි තදා බොධිසත්තො උප්පන්නොති.
එහි “පාකතිකං” යනු ස්වභාවිකව වූ, “සරීරානුගතං” යනු ශරීරයම අනුව ගිය කාය බලය, උපායකුශලතා සඞ්ඛ්‍යාත ඥානානුගත බලය නොවේ යන අදහසයි. “අජ්ජනාග සහස්සානං” යනු අද කාලයේ නොයෙක් ආකාරයේ ඇතුන් දහසකගේ එකතුවක, “බලෙනසමසාදිසං” යනු ඔවුන්ගේ ශරීර බලය හා සමසම වී, සමානව, එකල්හි බෝධිසත්ත්වයෝ මඞ්ගල හස්ති කුලයේ උපමා මාත්‍රයකින් උපන්නේ නොවෙයි.
යදිහං තෙසං පකුප්පෙය්යන්ති මං ගහණාය උපගතානං තෙසං අහං යදි කුජ්ඣෙය්යං, තෙසං ජීවිතමද්දනෙ පටිබලො භවෙය්යං. න කෙවලං තෙසඤ්ඤෙව, අථ ඛො යාව රජ්ජම්පි මානුසන්ති යතො රජ්ජතො තෙසං ආගතානං මනුස්සානං සබ්බම්පි රජ්ජං පොථෙත්වා චුණ්ණවිචුණ්ණං කරෙය්යං.
“යදිහං තෙසං පකුප්පෙය්යං” යනු මා අල්ලා ගැනීම සඳහා පැමිණි ඔවුන්ට ඉදින් මම කිපෙන්නෙම් නම් ඔවුන්ගේ ජීවිත මැඩීමෙහි සමත් වූවෙක් වන්නෙමි. හුදෙක් ඔවුන්ගේ ජීවිත පමණක්ම නොවේ. තවද “යාව රජ්ජම්පි මානුසං”යි යම් රාජ්‍යයකින් ඒ මිනිස්සු පැමිණියාහු ද ඒ සියලු රාජ්‍යයද සුණු විසුණු කරන්නෙමි.
අපි චාහං සීලරක්ඛායාති එවං සමත්ථොපි ච අහං අත්තනි පතිට්ඨිතාය සීලරක්ඛාය සීලගුත්තියා ගුත්තො බන්ධො විය. න කරොමි චිත්තෙ අඤ්ඤථත්තන්ති තස්ස සීලස්ස අඤ්ඤථත්තභූතං තෙසං සත්තානං පොථනාදිවිධිං මය්හං චිත්තෙ න කරොමි, තත්ථ චිත්තම්පි න උප්පාදෙමි. පක්ඛිපන්තං මමාළකෙති ආලානත්ථම්භෙ පක්ඛිපන්තං, “දිස්වාපී”ති වචනසෙසො. කස්මාති චෙ, සීලපාරමිපූරියා ඊදිසෙසු ඨානෙසු සීලං අඛණ්ඩෙන්තස්ස මෙ නචිරස්සෙව සීලපාරමී පරිපූරෙස්සතීති සීලපාරමිපරිපූරණත්ථං තස්ස අඤ්ඤථත්තං චිත්තෙ න කරොමීති යොජනා.
“අපිචාහං සීල රක්ඛාය” යනු එසේ සමත් වූයේ නමුදු මම තමා කෙරෙහි පිහිටි ශීලය රැකීම සඳහා බැඳුනෙක් මෙන් “නකරොමි චිත්තෙ අඤ්ඤථත්තං” යනු එම ශීලයේ වෙනස් වීමකට හේතු වූ ඒ සත්ත්වයන්ට පහර දීම් ආදියක් මගේ සිතෙහි නොකරමි. ඒ පිළිබඳ සිතකුදු නො උපදවමි. “පක්ඛිපන්තං මමාළකෙ” යනු බැඳ තබන කණුවෙහි බඳින විට ද, “දීඝවාපි” යනු ඉතිරි වචනයයි. කුමක් හෙයින් ද යත්? ශීල පාරමිතාව පිරීම සඳහා මෙබඳු තැන්වලදී ශීලය කඩනොකරන්නා වූ මාගේ ශීල පාරමිතාව නොබෝ කලකින්ම සම්පූර්ණ වන්නේ යයි ශීල පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහාය. එයට විරුද්ධ දෙයක් සිතෙහි නො කරමි”යි යෝජනා කිරීමයි.
“යදි තෙ ම”න්ති ගාථායපි සීලරක්ඛාය දළ්හං කත්වා සීලස්ස අධිට්ඨිතභාවමෙව දස්සෙති. තත්ථ කොට්ටෙය්යුන්ති භින්දෙය්යුං. සීලඛණ්ඩභයා මමාති මම සීලස්ස ඛණ්ඩනභයෙන.
“යදි තෙ මමං” යන ගාථාවෙන් ද ශීලය රැකීම සඳහා දැඩි කොට ශීලය අධිෂ්ඨාන බවම දක්වයි. “තත්ථකොට්ටෙය්යුං” යනු සිඳින්නහු නම්, “සීලඛණ්ඩභයාමම” යනු මාගේ ශීලය කැඩේය යන බියෙන්,
එවං පන චින්තෙත්වා බොධිසත්තෙ නිච්චලෙ ඨිතෙ හත්ථාචරියො පදුමසරං ඔතරිත්වා තස්ස ලක්ඛණසම්පත්තිං දිස්වා “එහි පුත්තා”ති රජතදාමසදිසාය සොණ්ඩාය ගහෙත්වා සත්තමෙ දිවසෙ බාරාණසිං පාපුණි. සො අන්තරාමග්ගෙ වත්තමානොව රඤ්ඤො සාසනං පෙසෙසි. රාජා නගරං අලඞ්කාරාපෙසි. හත්ථාචරියො බොධිසත්තං කතගන්ධපරිභණ්ඩං අලඞ්කතපටියත්තං හත්ථිසාලං නෙත්වා විචිත්රසාණියා පරික්ඛිපාපෙත්වා රඤ්ඤො ආරොචෙසි. රාජා නානග්ගරසභොජනං ආදාය ගන්ත්වා බොධිසත්තස්ස දාපෙසි. සො “මාතරං විනා ගොචරං න ගණ්හිස්සාමී”ති පිණ්ඩං න ගණ්හි. යාචිතොපි අග්ගහෙත්වා –
මෙසේ සිතා බෝධිසත්ත්වයන් නිශ්චලව සිටි කල්හි හස්තාචාර්ය්යයා පියුම් විලට බැස ඇතාගේ ලක්ෂණ සම්පත්තිය දැක “දරුව එව”යි රිදී දුමක් බඳු සොඬින් ගෙන නික්ම සත්වෙනි දවසෙහි බරණැසට පැමිණියේය. ඔහු අතරමඟ සිටියදීම රජුට හස්නක් යැවීය. රජතුමා නගරය අලංකාර කරවීය. හස්තාචාර්ය්යයා කළ සුවඳ පිරිබඩ ඇති අලංකාර ලෙස සරසන ලද ඇත්හලට බෝධිසත්ත්වයන් පමුණුවා විසිතුරු තිරයකින් වට කරවා රජුට දැක්වීය. රජතුමා නොයෙක් රසයෙන් අග්‍ර වූ භෝජන ගෙන ගොස් බෝසතුන්ට දෙවීය. හෙතෙම මවගෙන් තොරව ගොදුරු නො ගන්නෙමි”යි ආහාර නො ගත්තේය. යාඥා කරන ලද්දේ නමුත් නොගෙන,
“සා නූනසා කපණිකා, අන්ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පතී”ති. –
“සා නූන සා කපණිකා අන්ධා අපරිනායිකා ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණං පතීති (ජාතක පාලි)
“දුකට පත් වූ අන්ධ වූ මග පෙන්වන්නකු නැති ඕතොමෝ චණ්ඩෝරණ පව්වෙහි ඇති දැව කඳන්වල හැපි ඒ ඒ තැන් පයින් පොළන්නී යයි සිතමි”
ආහ. තං සුත්වා රාජා –
යනුවෙන්. එය අසා රජතුමා
“කා නු තෙ සා මහානාග, අන්ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පතී”ති. – පුච්ඡිත්වා –
“කා නු තෙ සා මහානාග අන්ධා අපරිනායිකා ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණං පතීති (ජාතක පාලි)
“මහානාගය, අන්ධ වූ, මග පෙන්වන්නෙකු නැති, චණ්ඩෝරණ පව්වෙහි ඇති දැව කඳන්වල පයින් ගැටෙන ඕ තොපට කවරෙක්වේදැ?යි ඇසීය.
“මාතා මෙ සා මහාරාජ, අන්ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට්ටෙති, ගිරිං චණ්ඩොරණං පතී”ති. –
“මාතා මෙ සා මහාරාජ අන්ධ අපරිනායිකා ඛාණුං පාදෙන ඝට්ටෙති ගිරිං චණ්ඩොරණං පති’ති” (ජාතක පාලි)
“මහරජ, අන්ධ වූ, මග පෙන්වන්නෙකු නැති, චණ්ඩොරණ පව්වෙහි ඇති දැවකඳන්වල පයින් ගැටෙන ඈ මගේ මෑණියෝ ය”යි
වුත්තෙ අජ්ජ සත්තමො දිවසො “මාතා මෙ ගොචරං න ලභිත්ථා”ති වදතො ඉමස්ස ගොචරං අගණ්හන්තස්ස. තස්මා –
කී කල්හි (රජතුමා, මේ ඇතා) මගේ මව ආහාර නො ලැබීය. අදට සත් දිනකි’යි කියයි. ආහාර නොගන්නා වූ මේ ඇතාට ද එසේය. එහෙයින්,
“මුඤ්චථෙතං මහානාගං, යොයං භරති මාතරං; සමෙතු මාතරා නාගො, සහ සබ්බෙහි ඤාතිභී”ති. – වත්වා මුඤ්චාපෙසි –
“මුඤ්චථෙතං මහානාගං යො යං භරති මාතරං සමෙතු මාතරා නාගො සහසබ්බෙ හි ඤාතිහීති” (ජාතක පාලිය)
“යම් ඇතෙක් මව පෝෂණය කෙරේද ඒ ඇතා මුදවූ මව සමග ද සියලු නෑයන් සමග ද ඇතා එක් වේවා”යි. කියා මුදවීය.
“මුත්තො ච බන්ධනා නාගො, මුත්තදාමාය කුඤ්ජරො; මුහුත්තං අස්සාසයිත්වා, අගමා යෙන පබ්බතො”ති.
“මුත්තො ච බන්ධනා නාගො කාසිරාජෙන පෙසිතො මුහුත්තං අස්සසිත්වාන අගමායෙන පබ්බතොති (ජාතක පාලි)
“කසී රජු විසින් බැමෙන් හා දම්වැලෙන් මුදවාහළ ඇතා මොහොතක් විඩා හැර පර්වතය යම් තැනක ද එතනට ගියේය’යි.
තත්ථ කපණිකාති වරාකා. ඛාණුං පාදෙන ඝට්ටෙතීති අන්ධතාය පුත්තවියොගදුක්ඛෙන ච පරිදෙවමානා තත්ථ තත්ථ රුක්ඛකළිඞ්ගරෙ පාදෙන ඝට්ටෙති. චණ්ඩොරණං පතීති චණ්ඩොරණපබ්බතාභිමුඛී, තස්මිං පබ්බතපාදෙ පරිබ්භමමානාති අත්ථො. අගමා යෙන පබ්බතොති සො හත්ථිනාගො බන්ධනා මුත්තො ථොකං විස්සමිත්වා රඤ්ඤො දසරාජධම්මගාථාහි ධම්මං දෙසෙත්වා “අප්පමත්තො හොහි, මහාරාජා”ති ඔවාදං දත්වා මහාජනෙන ගන්ධමාලාදීහි පූජියමානො නගරා නික්ඛමිත්වා තදහෙව මාතරා සමාගන්ත්වා සබ්බං පවත්තිං ආචික්ඛි. සා තුට්ඨමානසා –
එහි “කපණිකා” යනු (පුත්‍ර වියෝගයෙන්) දුකට පත් වූ (තැනැත්තිය), “ඛාණු පාදෙන ඝට්ටෙති” යනු අන්ධ බැවින් ද පාත්‍ර වියෝග දුකෙන් ද හඬමින් ඒ ඒ තැන්වල (වැටුණු) දැවකඳන්වල පයින් ගැටෙයි “චණ්ඩොරණංපති” යනු චණ්ඩොරණ පර්වතයට අභිමුඛව, එම පර්වත පාදයන්හි වටේ කරකැවෙමින් යන අර්ථයයි. “අගමායෙන පබ්බතො” යනු ඒ ඇත්රජ බන්ධනයෙන් මිදුනේ ටික වේලාවක් විඩා හැර රජුට දශරාජ ධර්ම ගාථාවන්ගෙන් ධර්මය දේශනා කොට මහරජ, අප්රමාදී වෙව”යි අවවාද දී මහජනයා විසින් සුවඳ මල් ආදියෙන් පුදනු ලබන්නේ නගරයෙන් නික්ම එදිනම මව සමග එක්වී සියලු පුවත් කීවේය. ඇය සතුටු සිත් ඇත්තී-:
“චිරං ජීවතු සො රාජා, කාසීනං රට්ඨවඩ්ඪනො; යො මෙ පුත්තං පමොචෙසි, සදා වුද්ධාපචායික”න්ති. (ජා· 1.11.12) –
“කසී රට දියුණු කරන්නා වූ යම් රජකෙනෙක්, හැමදා වැඩිහිටියන් පුදන මගේ පුතා නිදහස් කළේද ඒ රජතුමා බොහෝ කලක් ජීවත් වේවා”යි.
රඤ්ඤො අනුමොදනං අකාසි. රාජා බොධිසත්තස්ස ගුණෙ පසීදිත්වා නළිනියා අවිදූරෙ ගාමං මාපෙත්වා බොධිසත්තස්ස මාතු චස්ස නිබද්ධං වත්තං පට්ඨපෙසි . අපරභාගෙ බොධිසත්තො මාතරි මතාය තස්සා සරීරපරිහාරං කත්වා කුරණ්ඩකඅස්සමපදං නාම ගතො. තස්මිං පන ඨානෙ හිමවන්තතො ඔතරිත්වා පඤ්චසතා ඉසයො වසිංසු. තං වත්තං තෙසං දත්වා රාජා බොධිසත්තස්ස සමානරූපං සිලාපටිමං කාරෙත්වා මහාසක්කාරං පවත්තෙසි. ජම්බුදීපවාසිනො අනුසංවච්ඡරං සන්නිපතිත්වා හත්ථිමහං නාම කරිංසු.
රජතුමාට ආශීර්වාද කළාය. රජතුමා බෝසතුන්ගේ ගුණයෙහි පැහැදී විලට නුදුරෙන් ගමන් කරවා බෝසතුන්ට හා මෑණියන්ට නිරන්තරයෙන් දන්වැට පිහිටුවීය. පසුකාලයක බෝධිසත්ත්වයෝ මෑණියන් මළ කල්හි ඇයගේ ශරීරයට අවසන් කටයුතු සිදුකොට කුරණ්ඩක නම් අසපුවට ගියහ. එම ස්ථානයෙහි පන්සීයක් සෘෂිවරු හිමවතින් පැමිණ විසූහ. රජතුමා ඒ දන්වැට උන්වහන්සේලාට දී බෝසතුන්ට සමාන රූ ඇති ගල් පිළිමයක් කරවා මහත් සත්කාර පැවැත්වීය. දඹදිව වැසියෝ අවුරුදු පතා රැස් වී “හස්තිමහ” නම් පූජාවක් කළහ.
තදා රාජා ආනන්දො අහොසි, හත්ථිනී මහාමායා, වනචරකො දෙවදත්තො, මාතුපොසකහත්ථිනාගො ලොකනාථො.
එකල්හි රජතුමා ආනන්ද ස්ථවිරයෝ වූහ. ඇතින්නිය මහාමායා දේවියයි. වනචාරී පුරුෂයා දෙව්දත්ය. මව පෝෂණය කළ ඇතා ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
ඉධාපි දානපාරමිආදයො යථාරහං නිද්ධාරෙතබ්බා. සීලපාරමී පන අතිසයවතීති සා එව දෙසනං ආස්න්ළහා. තථා තිරච්ඡානයොනියං උප්පන්නොපි බ්රහ්මපුබ්බදෙවපුබ්බාචරියආහුනෙය්යාදිභාවෙන සබ්බඤ්ඤුබුද්ධෙනපි පසත්ථභාවානුරූපං මාතුයා ගරුචිත්තං උපට්ඨපෙත්වා “මාතා නාමෙසා පුත්තස්ස බහූපකාරා, තස්මා මාතුපට්ඨානං නාම පණ්ඩිතෙන පඤ්ඤත්ත”න්ති මනසි කත්වා අනෙකෙසං හත්ථිසහස්සානං ඉස්සරාධිපති මහානුභාවො යූථපති හුත්වා තෙහි අනුවත්තියමානො එකකවිහාරෙ අන්තරායං අගණෙත්වා යූථං පහාය එකකො හුත්වා උපකාරිඛෙත්තං පූජෙස්සාමීති මාතුපොසනං, මග්ගමූළ්හපුරිසං දිස්වා අනුකම්පාය තං ගහෙත්වා මනුස්සගොචරසම්පාපනං, තෙන ච කතාපරාධසහනං , හත්ථාචරියප්පමුඛානං අත්තානං බන්ධිතුං ආගතපුරිසානං සමත්ථොපි සමානො සන්තාසනමත්තෙනපි තෙසං පීළනා භවිස්සති, මය්හඤ්ච සීලස්ස ඛණ්ඩාදිභාවොති තථා අකත්වා සුදන්තෙන ඔපවය්හො විය සුඛෙනෙව ගහණූපගමනං, මාතරං විනා න කඤ්චි අජ්ඣොහරිස්සාමීති සත්තාහම්පි අනාහාරතා, ඉමිනාපාහං බන්ධාපිතොති චිත්තං අනුප්පාදෙත්වා රාජානං මෙත්තාය ඵරණං, තස්ස ච නානානයෙහි ධම්මදෙසනාති එවමාදයො ඉධ මහාපුරිසස්ස ගුණානුභාවා විභාවෙතබ්බා. තෙන වුත්තං – “එවං අච්ඡරියා එතෙ, අබ්භුතා ච මහෙසිනො…පෙ… ධම්මස්ස අනුධම්මතො”ති.
මෙහිද දාන පාරමී ආදීහු සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. ශීල පාරමිතාව විශේෂ වන බැවින් එයම දේශනාවට ආරෝපණය කරන ලදී. එසේම තිරිසන් යෝනියක උපන්නේ නමුදු බ්‍රහ්මදේව, පූර්වදේව, පූර්වචාර්ය්ය, ආහුණෙය්යාදී භාවයෙන් සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් ද ප්රශස්තභාවයටම ගැලපෙන අයුරින් මෑණියන් කෙරෙහි ගරුසිත උපදවා “මේ මෑණියෝ වනාහි පුතණුවන්ට බොහෝ උපකාර ඇත්තෝය. එබැවින් මවට උපස්ථාන කිරීම නම් පණ්ඩිතයන් විසින් පනවන ලද්දේ ය”යි සිහිකොට නොයෙක් දහස් ගණන් ඇතුන්ට අධිපති වූ මහානුභාවසම්පන්නව ඇති සමූහයාට නායකයෙක් වී ඔවුන් විසින් අනුව පවතිනු ලබන්නාහු හුදකලාව විසීම අනතුරට කරුණු යයි නොගෙන සමූහය හැරදමා හුදකලා වී උපකාර ක්ෂේත්රය පුදන්නෙමි”යි මව පෝෂණය කිරීම ද, මංමුළාවූ පුරුෂයා දැක අනුකම්පාවෙන් ඔහු ගෙන මනුෂ්‍ය පථයට පැමිණවීමද, ඔහු විසින් ද කළ අපරාධය ඉවසීම ද, හස්තාචාර්ය්යයා ප්රමුඛ තමා බැඳීමට ආ පුරුෂයන් හැකියාව ඇත්තේ නමුදු තැතිගැන්වීම් පමණකින් වුවද ඔවුන්ට පීඩාවක් වන්නේ යයි ද මාගේ ද ශීලයෙහි කඩවීම්බව වන්නේ යයි ද සිතා එසේ නොකොට මැනවින් දැමුණු පිට නැගිය හැක්කෙක් මෙන් පහසුවෙන්ම අල්ලා ගැනීම සඳහා සමීපයට පැමිණීමෙන් ද, මවගෙන් තොරව කිසිවක් අනුභව නොකරන්නෙමි”යි සත් දිනක්ම නිරාහාර වීමද, මොහු විසින් මම බඳවන ලද්දෙම් යයි ක්‍රෝධ සිත් නූපදවා රජු කෙරෙහි මෛත්‍රිය පැතිර වීම ද ඒ රජුට නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කිරීම ද යන මේ ආදිය මෙහි බෝධිසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ යයි දත යුත්තාහ. එහෙයින්, “එවං අච්ඡරියා එතෙ අබ්භුතාච මහෙසිනො -පෙ- ධම්මස්ස අනුධම්ම තො (අකිත්ති පණ්ඩිත චරියා) යි කියන ලදී.
මාතුපොසකචරියාවණ්ණනා නිට්ඨිතා.
පළමුවෙනි මාතුපෝසක චරිතය