යෙදුමෙන් කියවන්න

10. සසපණ‍්ඩිතචරියාවණ‍්ණනා අට‍්ඨකථා

10. සසපණ‍්ඩිතචරියාවණ‍්ණනා

10. සසපණ්ඩිත චරියා වර්ණනාව

125. “පුනාපරං යදාහොමි සසකො පවනචාරිකො තිණ පණ්ණ සාකඵලභක්‍ඛො පරහෙඨන විවජ්ජි තො”

126. මක්කටොච සිගාලොච උද්ද පොතො වහං තදා වසාම එක සාමන්තා සායං පාතොප දිස්සරෙ”

127. “අහං තෙ අනුසාසාමි කිරියෙ කල්‍යාණ පාපකෙ පාපානි පරිවජ්ජෙථ කල්‍යාණෙ අභිනිවිස්ස ථ” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම් කලෙක්හි මහවනයෙහි හැසිරෙන්නා වූ තණ, කොළ, අතු, ගෙඩි අනුභව කරන්නා වූ, අනුන්ට පීඩා කිරීමෙන් තොරවූ හාවෙක් වීම් ද, එකල්හි වඳුරෙක් ද සිවලෙක් ද, මස්කාවෙක් ද මම ද එක් සමීප ප්‍රදේශයෙක්හි වාසය කෙළෙමු. සවස ද උදය ද (ඔවුනොවුන්) දක්නා ලැබෙත්.

අකුශලයන් දුරුකරව්, කුශලයෙහි පිළිපදිව් යනුවෙන් මම ඔවුන්ට කුශලාකුශල කර්‍මයන් පිළිබඳව අනුශාසනා කෙළෙමි”යි

දසමෙ යදා හොමි, සසකොති අහං, සාරිපුත‍්ත, බොධිපරියෙසනං චරමානො යදා සසපණ‍්ඩිතො හොමි. බොධිසත‍්තා හි කම‍්මවසිප‍්පත‍්තාපි තාදිසානං තිරච‍්ඡානානං අනුග‍්ගණ‍්හනත්‍ථං තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තන‍්ති. පවනචාරකොති මහාවනචාරී. දබ‍්බාදිතිණානි රුක‍්ඛගච‍්ඡෙසු පණ‍්ණානි යංකිඤ‍්චි සාකං රුක‍්ඛතො පතිතඵලානි ච භක‍්ඛො එතස‍්සාති තිණපණ‍්ණසාකඵලභක‍්ඛො. පරහෙඨනවිවජ‍්ජිතොති පරපීළාවිරහිතො. සුත‍්තපොතො චාති උද‍්දපොතො ච. අහං තදාති යදාහං සසකො හොමි, තදා එතෙ මක‍්කටාදයො තයො සහායෙ ඔවදාමි.

දහවෙනි (සසපණ්ඩිත චරිතයේ) “යදා හොමි සසකො” යනු ශාරිපුත්‍රයෙනි, මම බෝධි පර්යේෂණයෙහි හැසිරෙන්නෙම් යම්කලෙක සස පණ්ඩිත වෙම්ද, බෝධිසත්ත්‍වවරු වනාහි කර්‍මවශීප්‍රාප්ත වූයේ නමුදු එබඳු තිරිසන් සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස තිරිසන් යෝනියෙහි උපදිති. “පවනචාරිකො” යනු මහවනයෙහි හැසිරෙන, දබ්බ ආදී තණ ද, රුක්පඳුරුවල කොළ ද, යම්කිසි අතු ද, ගස්වලින් වැටුණු ගෙඩි ද මොහුට ආහාර වේනුයි “තිණපණ්ණසාකඵලභක්‍ඛො” වේ. “පරහෙඨන විවජ්ජිතො” යනු පරපීඩාවෙන් තොරවූ, “සුත්ත පොතොච” යනු උද්දපොනො, මස්කාවෙක්ද, “අහං තදා” යනු යම් දිනක මම හාවෙක් වීම්ද එකල්හි මේ වඳුරා ආදී යහළුවන් තිදෙනාට අවවාද කරමි,

කිරියෙ කල්‍යාණපාපකෙති කුසලෙ චෙව අකුසලෙ ච කම‍්මෙ. පාපානීති අනුසාසනාකාරදස‍්සනං. තත්‍ථ පාපානි පරිවජ‍්ජෙථාති පාණාතිපාතො…පෙ… මිච‍්ඡාදිට‍්ඨීති ඉමානි පාපානි පරිවජ‍්ජෙථ. කල්‍යාණෙ අභිනිවිස‍්සථාති දානං සීලං…පෙ… දිට‍්ඨුජුකම‍්මන‍්ති ඉදං කල්‍යාණං, ඉමස‍්මිං කල්‍යාණෙ අත‍්තනො කායවාචාචිත‍්තානි අභිමුඛභාවෙන නිවිස‍්සථ, ඉමං කල්‍යාණපටිපත‍්තිං පටිපජ‍්ජථාති අත්‍ථො.

“කිරියෙ කල්‍යාණ පාපකෙ” යනු කුශල වූද අකුශල වූද කර්‍මයන් “පාපානි” යනු අනුශාසනා කළ ආකාරය දැක්වීමයි. එහි “පාපානි වරිවජ්ජෙථ” යනු පාණතිපාත, මිච්ඡා දිට්ඨි යන මේ පාපයන් දුරු කරව්. “කල්‍යාණෙ අභිනිවිස්සථ” යනු දාන ශීල -පෙ- දිට්ඨුජ්ජකම්ම යන මේවා යහපත්ය. මෙබඳු යහපත් ප්‍රතිපත්තීන්හි තමාගේ කාය වචී චිත්තයන් යොමු කිරීම් වශයෙන් ඇතුළත් වෙව්, මේ කල්‍යාණ ප්‍රතිපත්ති පිළිපදිව් යන අර්‍ථයයි.

එවං මහාසත‍්තො තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තොපි ඤාණසම‍්පන‍්නතාය කල්‍යාණමිත‍්තො හුත්‍වා තෙසං තිණ‍්ණං ජනානං කාලෙන කාලං උපගතානං ඔවාදවසෙන ධම‍්මං දෙසෙසි. තෙ තස‍්ස ඔවාදං සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තනො වසනට‍්ඨානං පවිසිත්‍වා වසන‍්ති. එවං කාලෙ ගච‍්ඡන‍්තෙ බොධිසත‍්තො ආකාසං ඔලොකෙත්‍වා චන්‍දපාරිපූරිං දිස‍්වා “උපොසථකම‍්මං කරොථා”ති ඔවදි. තෙනාහ –

මෙසේ මහාසත්ත්‍වයෝ තිරිසන් යෝනියෙහි උපන් සේක් වී නමුත් ප්‍රඥාසම්පන්න හෙයින් කල්‍යාණ මිත්‍රයෙක් වී කලින් කල ඒ තිදෙනා වෙත එළඹ අවවාද වශයෙන් ධර්‍මය දේශනා කළහ. ඔවුහු එතුමන්ගේ අවවාද පිළිගෙන තමා වසන තැනට පිවිස වසති. මෙසේ කල් යන විට බෝධිසත්ත්‍වයෝ අහස බලා සඳ පිරුණු බව දැක “පෙහෙවස් රකිව්” යයි අවවාද කළහ. එහෙයින්,

“උපොසථම‍්හි දිවසෙ, චන්‍දං දිස‍්වාන පූරිතං; එතෙසං තත්‍ථ ආචික‍්ඛිං, දිවසො අජ‍්ජුපොසථො.

128. “උපොසථම්හි දිවසෙ චන්‍දං දිස්වා න පූරිතං එතෙසං තත්‍ථ ආචික්‍චිං දිවසො අජ්ජුපොසථො”

“දානානි පටියාදෙථ, දක‍්ඛිණෙය්‍යස‍්ස දාතවෙ; දත්‍වා දානං දක‍්ඛිණෙය්‍යෙ, උපවස‍්සථුපොසථ”න‍්ති.

129. “දානානි පටියාදෙථ දක්‍ඛිණෙය්‍යස්ස දාතවෙ දත්‍වා දානං දක්‍ඛිණෙය්‍යො උපවස්සථුපොසථන්ති” (චරියා පිටක)

(මඳක්) නොපිරුණා වූ සඳ දැක පසළොස්වක් පොහෝ දිනයෙහි ඔවුන්ට “අද පොහෝ දිනයය”යි දැන්වීමි.

“දක්‍ෂිණාභියකු හට දීමට දානයක් පිළියෙළ කරව්. දන් දීමට සුදුස්සෙකු හට දන් දී උපොසථ ශීලය රකිව්” යයි (අවවාද කෙළෙමි)යි. දේශනා කරන ලදී.

තත්‍ථ චන්‍දං දිස‍්වා න පූරිතන‍්ති ජුණ‍්හපක‍්ඛචාතුද‍්දසියං ඊසකං අපරිපුණ‍්ණභාවෙන චන්‍දං න පරිපූරිතං දිස‍්වා තතො විභාතාය රත‍්තියා අරුණුග‍්ගමනවෙලායමෙව උපොසථම‍්හි දිවසෙ පන‍්නරසෙ එතෙසං මක‍්කටාදීනං මය‍්හං සහායානං දිවසො අජ‍්ජුපොසථො. තස‍්මා “දානානි පටියාදෙථා”තිආදිනා තත්‍ථ උපොසථදිවසෙ පටිපත‍්තිවිධානං ආචික‍්ඛින‍්ති යොජෙතබ‍්බං. තත්‍ථ දානානීති දෙය්‍යධම‍්මෙ. පටියාදෙථාති යථාසත‍්ති යථාබලං සජ‍්ජෙථ. දාතවෙති දාතුං. උපවස‍්සථාති උපොසථකම‍්මං කරොථ, උපොසථසීලානි රක‍්ඛථ, සීලෙ පතිට‍්ඨාය දින‍්නදානං මහප‍්ඵලං හොති, තස‍්මා යාචකෙ සම‍්පත‍්තෙ තුම‍්හෙහි ඛාදිතබ‍්බාහාරතො දත්‍වා ඛාදෙය්‍යාථාති දස‍්සෙති.

එහි “චන්‍දං දිස්වා න පූරිතං” යනු පුරපස තුදුස්වක් දින මඳක් නොපිරුණ බැවින් නොපිරුණ සඳ දැක එම රාත්‍රිය පහන් වූ කල අරුණ නැගෙන වේලාවේම, “උපොසථම්හි දිවස්ස” පසළොස්වක් දිනයෙහි, “එතෙසං” වඳුරා ආදී මගේ යහළුවන්ට “දිවසො අජ්ජුපොසථො” “අද පොහොය දිනයයි” ඒනිසා දානාදිය පිළියෙළ කරව් ආදී වශයෙන් ඒ පොහෝ දිනයෙහි ප්‍රතිපත්ති දැනුම් දීම “ආචික්‍ඛිං” (කීවෙමි) යි යෙදිය යුතුයි. එහි “දානානි” යනු දිය යුතු වස්තු, “පටියාදෙථ” යනු ශක්ති පමණින් බලපමණින් සුදානම් කරව්, “දාතවේ” යනු දීමට, “උපවස්සථ” යනු උපෝසථ කර්‍මය කරව්, උපෝසථ සිල් රකිව්. ශීලයෙහි පිහිටා දුන් දානය මහත්ඵල වේ, එහෙයින් යාචකයන් පැමිණි කල්හි නුඹලා විසින් අනුභව කළ යුතු ආහාරයෙන් දී අනුභව කරව් යයි දක්වයි.

තෙ “සාධූ”ති බොධිසත‍්තස‍්ස ඔවාදං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨහිංසු. තෙසු උද‍්දපොතො පාතොව “ගොචරං පරියෙසිස‍්සාමී”ති නදීතීරං ගතො. අථෙකො බාළිසිකො සත‍්ත රොහිතමච‍්ඡෙ උද‍්ධරිත්‍වා වල‍්ලියා ආවුණිත්‍වා නදීතීරෙ වාලුකාය පටිච‍්ඡාදෙත්‍වා මච‍්ඡෙ ගණ‍්හන‍්තො නදියා අධො සොතං භස‍්සි. උද‍්දො මච‍්ඡගන්‍ධං ඝායිත්‍වා වාලුකං වියූහිත්‍වා මච‍්ඡෙ දිස‍්වා නීහරිත්‍වා “අත්‍ථි නු ඛො එතෙසං සාමිකො”ති තික‍්ඛත‍්තුං ඝොසෙත්‍වා සාමිකං අපස‍්සන‍්තො වල‍්ලියං ඩංසිත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. සිඞ‍්ගාලොපි ගොචරං පරියෙසන‍්තො එකස‍්ස ඛෙත‍්තගොපකස‍්ස කුටියං ද‍්වෙ මංසසූලානි එකං ගොධං එකඤ‍්ච දධිවාරකං දිස‍්වා “අත්‍ථි නු ඛො එතෙසං සාමිකො”ති තික‍්ඛත‍්තුං ඝොසෙත්‍වා සාමිකං අදිස‍්වා දධිවාරකස‍්ස උග‍්ගහණරජ‍්ජුකං ගීවායං පවෙසෙත්‍වා මංසසූලෙ ච ගොධඤ‍්ච මුඛෙන ඩංසිත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. මක‍්කටොපි වනසණ‍්ඩං පවිසිත්‍වා අම‍්බපිණ‍්ඩං ආහරිත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. තිණ‍්ණම‍්පි “අහො ඉධ නූන යාචකො ආගච‍්ඡෙය්‍යා”ති චිත‍්තං උප‍්පජ‍්ජි. තෙන වුත‍්තං –

ඔවුහු “යහපතැයි” බෝධිසත්ත්‍වයන්ගේ අවවාදය සිරසින් පිළිගෙන උපොසථාඞ්ග අදිටන් කර ගත්හ. ඔවුන් අතුරෙන් මස්කාවා පළමුකොට ආහාර සොයන්නෙමියි ගංඉවුරට ගියේය. ඉක්බිති එක් බිලි වැද්දෙක් රෝහිත මසුන් සත්දෙනෙකු බිලිබා වැලක අමුණා ගං ඉවුරෙහි වැලිවලින් වසා මසුන් අල්ලමින් යටිගං බලා බැස්සේය. මස්කාවා මාළු ගඳ දැනී වැලි ඉවත්කොට මසුන් දැක ඉවතට ගෙන මේ මසුන්ගේ හිමිකරුවෙක් සිටීදැයි තෙවරක් හඬගා හිමියෙකු නොදකින්නේ වැල පිටින් ඩැහැගෙන තමා වසන වන ලැහැබෙහි තබා සුදුසු වේලාවෙහිදීම කන්නෙමි”යි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැදහොත්තේය. සිවලාද ගොදුරක් සොයන්නේ එක් කුඹුරු රකින්නෙකුගේ පැලක පැළහු කරවල මසුන් දෙදෙනෙකුද එක් ගොයෙකුද එක් දී කිරි මුලක්ද දැක මෙයට හිමියෙක් ඇත්දැයි තෙවරක් හඬගා හිමියෙකු නොදැක දී කිරි මුල එල්ලා තිබූ ලනුව බෙල්ලෙහි ලාගෙන පැළහු කරවල හා ගොයා කටින් ගෙන තමා වසන වන ලැහැබෙහි තබා සුදුසු වේලාව පැමිණි විටම අනුභව කරන්නෙමි”යි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැදහොත්තේය. වඳුරා ද වන ලැහැබට පිවිස අඹ පොකුරක් ගෙනවිත් තමා වසන ලැහැබෙහි තබා සුදුසු වේලාවෙහිදීම කන්නෙමියි තමාගේ ශීලය ආවර්ජනා කරමින් වැද හොත්තේය. තිදෙනාටම අනේ, ඒකාන්තයෙන් යාචකයෙක් මෙහි එන්නේ නම් මැනවැයි සිතක් උපනි. එහෙයින්,

“තෙ මෙ සාධූති වත්‍වාන, යථාසත‍්ති යථාබලං; දානානි පටියාදෙත්‍වා, දක‍්ඛිණෙය්‍යං ගවෙසිසු”න‍්ති.

130. “තෙ මෙ සාධුති වත්‍වාන යථාසත්ති යථා බලං දානානි පටියාදෙත්‍වා දක්‍ඛිණෙය්‍යං ගවෙසිසුන්ති” (චරියා පිටක)

“ඔවුහු මට මැනවැයි කියා ශක්ති පරිද්දෙන් බල පරිද්දෙන් දන් පිළියෙළ කොට දක්‍ෂිණාර්හයකු සෙවහයි දේශනා කරන ලදී.

බොධිසත‍්තො පන “වෙලායමෙව නික‍්ඛමිත්‍වා දබ‍්බාදිතිණානි ඛාදිස‍්සාමී”ති අත‍්තනො වසනගුම‍්බෙයෙව නිසින‍්නො චින‍්තෙසි – “මම සන‍්තිකං ආගතානං යාචකානං තිණානි ඛාදිතුං න සක‍්කා, තිලතණ‍්ඩුලාදයොපි මය‍්හං නත්‍ථි, සචෙ මෙ සන‍්තිකං යාචකො ආගමිස‍්සති, අහං තිණෙන යාපෙමි, අත‍්තනො සරීරමංසං දස‍්සාමී”ති. තෙනාහ භගවා –

බෝධිසත්ත්‍වයෝ වනාහි වේලාවටම නික්මගොස් දබ්බ තණ (හීතණ) අනුභව කරන්නෙමි’යි තමා වසන ලැහැබෙහිම හුන්නාහු, “මා සමීපයට පැමිණි යාචකයන්ට තණ කන්නට නොහැකිය. තල, හාල් ආදියද මා ළඟ නැත. ඉදින් මා සමීපයට යාචකයෙක් එන්නේනම් මම තණ වලින් යැපෙමි. මාගේ ශරීර මාංසය දෙන්නෙමියි සිතූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ,

“අහං නිසජ‍්ජ චින‍්තෙසිං, දානං දක‍්ඛිණනුච‍්ඡවං; යදිහං ලභෙ දක‍්ඛිණෙය්‍යං, කිං මෙ දානං භවිස‍්සති.

131. “අහං නිසජ්ජ චින්තෙ සිං දානං දක්‍ඛිණනුච්ඡවං යදිහං ලභෙ දක්‍ඛිණෙය්‍යං කිං මෙ දානං භවිස්සති”

“න මෙ අත්‍ථි තිලා මුග‍්ගා, මාසා වා තණ‍්ඩුලා ඝතං; අහං තිණෙන යාපෙමි, න සක‍්කා තිණ දාතවෙ.

132. “න මෙ අත්‍ථි තිලාමුග්ගා න මාසා තණ්ඩුලා ඝතං අහං තිණෙන යාපෙමි න සක්කා තිණ දාතවෙ”

“යදි කොචි එති දක‍්ඛිණෙය්‍යො, භික‍්ඛාය මම සන‍්තිකෙ; දජ‍්ජාහං සකමත‍්තානං, න සො තුච‍්ඡො ගමිස‍්සතී”ති.

133. “යදි එති දක්‍ඛිණෙය්‍යො භික්‍ඛාය මම සන්තිකෙ දජ්ජා හං සකමත්තානං න සො තුච්ඡො ගමිස්සතීති” (චරියා පිටක)

ඉදින් මම දක්‍ෂිණාර්හයකු ලබන්නෙම් නම් ම විසින් කුමක් දියයුතු වන්නේදැයි මම වාඩි වී දක්‍ෂිණාර්හයකු හට සුදුසු දානයක් ගැන සිතුවෙමි.

මට තල හෝ මුං හෝ උඳු හෝ සහල් හෝ ගිතෙල් හෝ නැත. මම තෘණයෙන් යැපෙමි. (එහෙත්) තණ දෙන්නට නො හැකිය. ඉදින් මගේ සමීපයට පිඬු පිණිස දක්‍ෂිණාර්හයෙක් පැමිණේද මම ස්වකීය ශරීරය දෙන්නෙමි. එවිට හෙතෙම හිස් අතින් නො යන්නේ ය’යි වදාළහ.

තත්‍ථ දානං දක‍්ඛිණනුච‍්ඡවන‍්ති දක‍්ඛිණාභාවෙන අනුච‍්ඡවිකං දානං දක‍්ඛිණෙය්‍යස‍්ස දාතබ‍්බං දෙය්‍යධම‍්මං චින‍්තෙසිං. යදිහං ලභෙති යදි අහං කිඤ‍්චි දක‍්ඛිණෙය්‍යං අජ‍්ජ ලභෙය්‍යං. කිං මෙ දානං භවිස‍්සතීති කිං මම දාතබ‍්බං භවිස‍්සති. න සක‍්කා තිණ දාතවෙති යදි දක‍්ඛිණෙය්‍යස‍්ස දාතුං තිලමුග‍්ගාදිකං මය‍්හං නත්‍ථි, යං පන මම ආහාරභූතං, තං න සක‍්කා තිණං දක‍්ඛිණෙය්‍යස‍්ස දාතුං. දජ‍්ජාහං සකමත‍්තානන‍්ති කිං වා මය‍්හං එතාය දෙය්‍යධම‍්මචින‍්තාය, නනු ඉදමෙව මය‍්හං අනවජ‍්ජං අපරාධීනතාය සුලභං පරෙසඤ‍්ච පරිභොගාරහං සරීරං සචෙ කොචි දක‍්ඛිණෙය්‍යො මම සන‍්තිකං ආගච‍්ඡති, තයිදං සකමත‍්තානං තස‍්ස දජ‍්ජාමහං. එවං සන‍්තෙ න සො තුච‍්ඡො මම සන‍්තිකං ආගතො අරිත‍්තහත්‍ථො හුත්‍වා ගමිස‍්සතීති.

එහි “දානං දක්‍ඛිණනුච්ඡවං” යනු දක්‍ෂිණාවක් වශයෙන් සුදුසු දානයක්, දක්‍ෂිණාර්හයකු හට දියයුතු දෙය්‍ය ධර්‍මයක්, “චින්තෙසිං යදිහං ලභෙ” යනු ඉදින් මම අද කිසියම් දක්‍ෂිණාර්හයකු ලබන්නේ නම්, “කිං මෙ දානං භවිස්සති” යනු මවිසින් කුමක් දියයුතු වන්නේ ද? “න සක්කා තිණ දාතවෙ” යනු ඉදින් දක්‍ෂිණාර්හයකු හට දීමට තල මං ආදියක් මට නැතත් මගේ ආහාරය වන තණ දක්‍ෂිණාර්හයකු හට දීමට නොහැකිය, “දජ්ජාහං සකමත්තානං” යනු මට මේ දෙය්‍යධර්‍ම පිළිබඳ සිතීමෙන් කවර ප්‍රයෝජනයක් ද? මාගේ නිරවද්‍ය වූ අපරාධීන හෙයින් පහසුවෙන් ලැබිය හැකි වූ අනුන්ට ද පරිභොග කිරීමට සුදුසු වූ මේ ශරීරයක් ඇත්තේ නොවේද? ඉදින් කිසියම් දක්‍ෂිණාර්හයෙක් මගේ සමීපයට පැමිණෙයි ද ඔහුට මම මේ ස්වකීය ශරීරය දෙන්නෙමි. එසේ ඇති කල්හි මා සමීපයට පැමිණි ඔහු හිස් නොවූයේය. නොසිස් අත් ඇත්තෙක්ව යන්නේ යයි,

එවං මහාපුරිසස‍්ස යථාභූතසභාවං පරිවිතක‍්කෙන‍්තස‍්ස පරිවිතක‍්කානුභාවෙන සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජෙන‍්තො ඉමං කාරණං දිස‍්වා “සසරාජං වීමංසිස‍්සාමී”ති පඨමං උද‍්දස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණවෙසෙන අට‍්ඨාසි. තෙන “කිමත්‍ථං, බ්‍රාහ‍්මණ, ඨිතොසී”ති ච වුත‍්තෙ සචෙ කඤ‍්චි ආහාරං ලභෙය්‍යං, උපොසථිකො හුත්‍වා සමණධම‍්මං කරෙය්‍යන‍්ති. සො “සාධූති තෙ ආහාරං දස‍්සාමී”ති ආහ. තෙන වුත‍්තං –

මෙසේ යථාභූතභාවය සලකන්නා වූ මහාපුරුෂයාණන්ගේ පරිවිර්‍තක ආනුභාවයෙන් ශක්‍රයාගේ පඬුපුල් අස්න උණු ස්වභාවයක් දැක්වීය. හෙතෙම ආවර්ජනා කරන්නේ මේ කාරණය දැක සස රජු විමසන්නෙමියි පළමුව මස්කාවා වසන තැනට ගොස් බ්‍රාහ්මණ වේශයෙන් සිටියේය. ඔහු විසින් “බ්‍රාහ්මණය කුමක් නිසා සිටියෙහිදැයි කී කල්හි “ඉදින් කිසියම් ආහාරයක් ලබන්නෙම් නම් පෙහෙවස් සමාදන්ව මහණ දම් කරන්නෙමි”යි කී විට හෙතෙම “යහපතැයි නුඹට ආහාර දෙන්නෙමි”යි කීය. එහෙයින්,

“සත‍්ත මෙ රොහිතා මච‍්ඡා, උදකා ථලමුබ‍්භතා; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති. (ජා· 1.4.61);

“බමුණ, දියෙන් ගොඩලූ රේමසුන් සත් දෙනක් මවිසින් ලබන ලද්දාහුය. බමුණ, එය මට ඇත්තේය. එය අනුභව කොට වනයෙහි වාසය කරව’යි කියන ලදි. (ජාතක පාලි)

බ්‍රාහ‍්මණො “පගෙව තාව හොතු, පච‍්ඡා ජානිස‍්සාමී”ති තථෙව සිඞ‍්ගාලස‍්ස මක‍්කටස‍්ස ච සන‍්තිකං ගන‍්ත්‍වා තෙහිපි අත‍්තනො විජ‍්ජමානෙහි දෙය්‍යධම‍්මෙහි නිමන‍්තිතො “පගෙව තාව හොතු, පච‍්ඡා ජානිස‍්සාමී”ති ආහ. තෙන වුත‍්තං –

බ්‍රාහ්මණයා එය එසේම වේවා. පසුව දැනගන්නෙමියි කියා එසේම සිවලාගේ ද වානරයාගේ ද සමීපයට ගොස් ඔවුන් විසින් ද තමන්ට තිබෙන්නා වූ දෙය්‍ය ධර්‍මයන්ගෙන් පවරණ ලද්දේ ඒ එසේම වේවා. පසුව දැන ගන්නෙමි”යි කීවේය. එහෙයින්

“දුස‍්ස මෙ ඛෙත‍්තපාලස‍්ස, රත‍්තිභත‍්තං අපාභතං; මංසසූලා ච ද‍්වෙ ගොධා, එකඤ‍්ච දධිවාරකං; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති.

“අස්ස මෙ ඛෙත්ත පාලස්ස රත්ති භත්තං අපාභතං මංස සලාච ද්වෙ ගොධා එකංච දධිථාලකං ඉදං බ්‍රාහ්මණ මෙ අත්‍ථි එතං භුත්‍වා වනෙ වසා’ති

“අම‍්බපක‍්කං දකං සීතං, සීතච‍්ඡායා මනොරමා; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති. (ජා· 1.4.62-63);

“අම්බපක්කො දකං සීතං සීතච්ඡායං මනොරමං ඉදං බ්‍රාහ්මණෙ මෙ අත්‍ථි එතං භුත්‍වා වනෙ වසා’ති (ජාතක පාලි)

“බ්‍රාහ්මණයෙනි, මේ කුඹුරු රකින්නෙකුගේ රෑ බතින් ඉවත් කළ අඟුරුවල පැලහු මස්හුල් දෙකක්ද තලගොයෙක් ද දී කිරි කළයක් ද මට ඇත. එය වළඳා වනයෙහි වසව”

“බ්‍රාහ්මණයෙනි, ඉදුණු අඹ ගෙඩියක් ද සිසිල් ජලය ද මනරම් සිසිල් සෙවණ ද මට ඇත. එය වළඳා වනයෙහි වාසය කරව”යි කියන ලදී.

තත්‍ථ දුස‍්සාති අමුස‍්ස. රත‍්තිභත‍්තං අපාභතන‍්ති රත‍්තිභොජනතො අපනීතං. මංසසූලා ච ද‍්වෙ ගොධාති අඞ‍්ගාරපක‍්කානි ද‍්වෙ මංසසූලානි එකා ච ගොධා. දධිවාරකන‍්ති දධිවාරකො.

එහි “අස්ස” යනු අසවලාගේ, “රත්තිභත්තං අපාභතං” යනු රාත්‍රී භෝජනයෙන් ඉවත් කළ, “මංසසුලාච ද්වෙ ගොධා” යනු ගිනි අඟුරුවලින් පිසින ලද මස්හුල් දෙකක්ද එක් තලගොයෙක් ද, “දධිථාලකං” යනු දී කිරි කළයක්,

අථ බ්‍රාහ‍්මණො සසපණ‍්ඩිතස‍්ස සන‍්තිකං ගතො. තෙනාපි “කිමත්‍ථමාගතොසී”ති වුත‍්තෙ තථෙවාහ. තෙන වුත‍්තං “මම සඞ‍්කප‍්පමඤ‍්ඤායා”තිආදි.

ඉක්බිති බ්‍රාහ්මණයා සස පණ්ඩිතයන් සමීපයට ගියේය. ඔහු විසින් ද “කුමක් සඳහා ආවෙහිදැයි කී කල්හි එසේම කීවේය. එහෙයින් “මම සඞ්කප්ප මඤ්ඤාය” යනාදිය කියන ලදී.

134. “මම සඞ්කප්ප මඤ්ඤාය සක්කො බ්‍රාහ්මණ වණ්ණිනා ආසයම්මෙ උපාගඤ්ජි දානං වීමංසනාය මෙ

135. තමහං දිස්වාන සන්තුට්ඨො ඉදං වචන මබ්‍රැවිං සාධු ඛොසි අනුප්පත්තො ඝාසහෙතු මමන්තිකෙ”

136. “අදින්න පුබ්බං දානවරං අජ්ජ දස්සාමි තෙ අහං තුවං සීලගුණොපෙතො අයුත්තන්තෙ පරහෙඨනං” (චරියා පිටක)

“මගේ මේ අදහස දැන ශක්‍ර තෙම බ්‍රාහ්මණ වේශයෙන් මගේ දානාධ්‍යාශය විමසීම පිණිස මගේ වාසස්ථානයට එළඹියේය.

ඔහු දැක සතුටු වූ මම මේ වචනය කීවෙමි. “මා සමීපයට ආහාර සඳහා පැමිණියෙහිය. ඒ ඉතා යහපත්ය. මම අද පෙර නොදෙන ලද උතුම් දනක් ඔබට දෙන්නෙමි. ඔබ ශීලගුණයෙන් යුක්ත වූවෙහිය. ඔබට අනුන් පෙළීම නුසුදුසුය”යි කියන ලදි.

තත්‍ථ මම සඞ‍්කප‍්පමඤ‍්ඤායාති පුබ‍්බෙ වුත‍්තප‍්පකාරං පරිවිතක‍්කං ජානිත්‍වා. බ්‍රාහ‍්මණවණ‍්ණිනාති බ්‍රාහ‍්මණරූපවතා අත‍්තභාවෙන. ආසයන‍්ති වසනගුම‍්බං.

එහි “මම සඞ්කප්පමඤ්ඤාය” යනු පෙර කියන ලද ආකාර වූ මගේ සිතිවිල්ල දැන, “බ්‍රාහ්මණ වණ්ණිනා” යනු බ්‍රාහ්මණ වේශයෙන් “ආසයං” යනු වසන වසන ලැහැබට,

සන‍්තුට‍්ඨොති සමං සබ‍්බභාගෙනෙව තුට‍්ඨො. ඝාසහෙතූති ආහාරහෙතු. අදින‍්නපුබ‍්බන‍්ති යෙහි කෙහිචි අබොධිසත‍්තෙහි අදින‍්නපුබ‍්බං. දානවරන‍්ති උත‍්තමදානං. “අජ‍්ජ දස‍්සාමි තෙ අහ”න‍්ති වත්‍වා තුවං සීලගුණූපෙතො, අයුත‍්තං තෙ පරහෙඨනන‍්ති තං පාණාතිපාතතො අපනෙත්‍වා ඉදානි තස‍්ස පරිභොගයොග‍්ගං අත‍්තානං කත්‍වා දාතුං “එහි අග‍්ගිං පදීපෙහී”තිආදිමාහ.

“සන්තුට්ඨො” යනු සමව සියලු ආකාරයෙන්ම තුටුවූ, “ඝාසහෙතු” යනු ආහාර හේතුවෙන්, “අදින්න පුබ්බං” යනු යම්කිසි බෝධිසත්ත්‍ව නොවූවෙකු විසින් නුදුන් විරූ, “දානවරං” යනු උතුම් දානයක්, “අජ්ජ දස්සාමි තෙ අහං” (අද මම නුඹට දෙන්නෙමි) යි කියා “තුවං සීලගුණුපෙතො අයුත්තන්තෙ පරහෙඨනං”යි ඔහු ප්‍රාණඝාතයෙන් ඉවත් කොට දැන් ඔහුට පරිභෝග කිරීමට යෝග්‍ය ශරීරයක් කොට දීම සඳහා, එහි “අග්ගිං පදීපෙහි” ආදිය වදාළහ.

137. එහි අග්ගිං පදීපෙහි නානාකට්ඨෙ සමානිය අහං පචිස්සං අත්තා නං පක්කන්ත්‍වං භක්‍ඛයිස්ස සි.

138. සාධුති සො හට්ඨ මනො නා නා කට්ඨෙ සමානයි මහන්තං අකාසි චිතකං කත්‍වානඞ්ගාර ගබ්භකං

139. අග්ගිං තත්‍ථ පදීපෙසි යථා සො ඛිප්පං මහාභවෙ ඵොටෙත්‍වා රජගතෙ ගත්තෙ එකමන්තං උපාවිසිං

140. යදා මහා කට්ඨ පුඤ්ජො ආදිත්තො ධමධමායති තදුප්පතිත්‍වා පපතිං මජ්ඣෙ ජාලසිඛන්ත රෙ

141. යථා සීතොදකං නාම පවිට්ඨං යස්ස කස්ස චි සමෙති දරථපරිළාහං අස්සා දං දෙති පීතිච

142. තථෙව ජලිතං අග්ගිං පවිට්ඨස්ස මමං තදා සබ්බං සමෙති දරථං යථා සීතොදකං විය” (චරියා පිටක)

“මෙහි එනු මැනවි, නොයෙක් දර ගෙනවූන් ගිනි දල්වව. මම තමා පිසන්නෙමි. ඔබ පැසුනා වූ (මා) අනුභව කරන්නෙහිය. හෙතෙම “මැනවැ”යි සතුටු සිත් ඇතිව නොයෙක් දර රැස් කළේය. අඟුරු ගැබක් ඇතිකොට මහත් වූ සෑයක් කළේය.

“ඒ (ගිනිකඳ) යම්සේ වහා මහත් වන්නේ ද එසේ එහි ගිනි දැල්වූයේය. රජසින් (දූවිලි) ගැවසි ශරීරය සලාපියා එකත්පස්ව හුනිමි.

යම්කලෙක ඒ මහා දර රැස හාත්පසින් ඇවිලුනේ ‘ධම’ ‘ධම’ යන ශබ්ද කෙරේද, එකල්හි ගිනිසිළු අතරෙහි වූ අඟුරු මැදට පැන්නෙමි.

යම්සේ යම් කිසිවෙකු විසින් ශීතල ජලයට පිවිසෙන ලද්දේ ඔහුගේ ශරීරපීඩා හා පරිදාහය සංසිඳුවා ද (ඔහුට) ආස්වාදය හා ප්‍රීතිය උපදවාද එපරිද්දෙන්ම එකල්හි දිලිසෙන්නා වූ ගින්නට පිවිසි මාගේ සියලු ශරීරපීඩා ශීතල ජලයට පිවිසියහුගේ මෙන් සංසිඳුනේය.

තත්‍ථ අහං පචිස‍්සමත‍්තානන‍්ති තයා කතෙ අඞ‍්ගාරගබ‍්භෙ අහමෙව පතිත්‍වා අත‍්තානං පචිස‍්සං. පක‍්කං ත්‍වං භක‍්ඛයිස‍්සසීති තථා පන පක‍්කං ත්‍වං ඛාදිස‍්සසි.

එහි “අහං පචිස්සං අත්තා නං” යනු නුඹ විසින් කරන ලද අඟුරු ගැබට මමම පැන තමාම පිසෙන්නෙමි, “පක්කං ත්‍වං භක්‍ඛයිස්ස සි” යනු එසේ පිසුණු (මා) නුඹ කන්නෙහිය,

නානාකට‍්ඨෙ සමානයීති සො බ්‍රාහ‍්මණවෙසධාරී සක‍්කො නානාදාරූනි සමානෙන‍්තො විය අහොසි. මහන‍්තං අකාසි චිතකං, කත්‍වා අඞ‍්ගාරගබ‍්භකන‍්ති වීතච‍්චිකං විගතධූමං අඞ‍්ගාරභරිතබ‍්භන‍්තරං සමන‍්තතො ජලමානං මම සරීරස‍්ස නිමුජ‍්ජනප‍්පහොනකං තඞ‍්ඛණඤ‍්ඤෙව මහන‍්තං චිතකං අකාසි, සහසා ඉද‍්ධියා අභිනිම‍්මිනීති අධිප‍්පායො. තෙනාහ “අග‍්ගිං තත්‍ථ පදීපෙසි, යථා සො ඛිප‍්පං මහාභවෙ”ති. තත්‍ථ සොති සො අග‍්ගික‍්ඛන්‍ධො සීඝං මහන‍්තො යථා භවෙය්‍ය, තථා පදීපෙසි.

“නානා කට්ඨෙ සමානයි” යනු ඒ බ්‍රාහ්මණ වේශධාරි ශක්‍රතෙම නොයෙක් දර ගෙනෙන්නෙක් මෙන් විය, “මහන්තං අකාසි චිතකං කත්‍වානඞ්ගාර ගබ්භකං” යනු පහවූ ගිනිදැල් හා පහවූ දුම ඇති අඟුරුවලින් පිරුණු ඇතුළත හාත්පසින් දිලිසෙන්නේ මගේ ශරීරය ගිල්වීමට සමත් මහත් චිතකයක් (ගිනිගොඩක්) එකෙණෙහිම කළේය. වහා සෘද්ධියෙන් නිර්මිත කළේය යන අදහසයි. “අග්ගිං තත්‍ථ පදීපෙසි යථා සො ඛිප්පං මහාභවෙ” යනු එහි ඒ ගිනිකඳ යම් සේ වේගයෙන් මහත් වන්නේද, එසේ දැල්වීය.

ඵොටෙත්‍වා රජගතෙ ගත‍්තෙති “සචෙ ලොමන‍්තරෙසු පාණකා අත්‍ථි, තෙ මා මරිංසූ”ති පංසුගතෙ මම ගත‍්තෙ තික‍්ඛත‍්තුං විධුනිත්‍වා. එකමන‍්තං උපාවිසින‍්ති න තාව කට‍්ඨානි ආදිත‍්තානීති තෙසං ආදීපනං උදික‍්ඛන‍්තො ථොකං එකමන‍්තං නිසීදිං.

“ඵොටෙත්‍වා රජගතෙ ගත්තෙ” යනු ඉදින් ලොම් අතර ප්‍රාණිහු වෙත් නම් ඔවුහු නොමැරෙත්වායි පස් සහිත මගේ ශරීරය තුන්වරක් සලා පියා, “එකමන්තං උපාවිසි” යනු තවම දර නොදැල්වුනේ යයි (සිතා) ඒවා දැල්වීම බලමින් ටික වේලාවක් එකත්පස්ව හුන්නේය.

යදා මහාකට‍්ඨපුඤ‍්ජො, ආදිත‍්තො ධමධමායතීති යදා පන සො දාරුරාසි සමන‍්තතො ආදිත‍්තො වායුවෙගසමුද‍්ධටානං ජාලසිඛානං වසෙන “ධමධමා”ති එවං කරොති. තදුප‍්පතිත්‍වා පතති, මජ‍්ඣෙ ජාලසිඛන‍්තරෙති තදා තස‍්මිං කාලෙ “මම සරීරස‍්ස ඣාපනසමත්‍ථො අයං අඞ‍්ගාරරාසී”ති චින‍්තෙත්‍වා උප‍්පතිත්‍වා උල‍්ලඞ‍්ඝිත්‍වා ජාලසිඛානං අබ‍්භන‍්තරභූතෙ තස‍්ස අඞ‍්ගාරරාසිස‍්ස මජ‍්ඣෙ පදුමපුඤ‍්ජෙ රාජහංසො විය පමුදිතචිත‍්තො සකලසරීරං දානමුඛෙ දත්‍වා පතති.

“යදා මහාකට්ඨ පුඤ්ජො ආදිත්තො ධමධමායති” යනු යම්විටෙක ඒ දර රාශිය හාත්පසින් ඇවිලිගත්තේ වායුවේගයෙන් උදුරා දැමූ ගිනිසිළු වශයෙන් ‘ධම’ ‘ධම’ යන හඬ කරයි ද “තදුප්පතිත්‍වා පපති මජ්ඣෙ ජාලසිඛන්තරෙ” යනු එදින ඒ වේලාවෙහි මේ අඟුරු රැස මගේ ශරීරය දැවීමට සමත් යයි සිතා උඩට පැන ගිනි දැල් සිළු අතරට එක් වූයේ ඒ ගිනිඅඟුරු රැසමැද පියුම් ගැබක රාජහංසයෙකු මෙන් සතුටු සිත් ඇත්තේ සියලු ශරීරය දාන මුඛයෙහි දී පැන්නේය.

පවිට‍්ඨං යස‍්ස කස‍්සචීති යථා ඝම‍්මකාලෙ සීතලං උදකං යෙන කෙනචි පවිට‍්ඨං තස‍්ස දරථපරිළාහං වූපසමෙති, අස‍්සාදං පීතිඤ‍්ච උප‍්පාදෙති. තථෙව ජලිතං අග‍්ගින‍්ති එවං තථා පජ‍්ජලිතං අඞ‍්ගාරරාසි තදා මම පවිට‍්ඨස‍්ස උසුමමත‍්තම‍්පි නාහොසි. අඤ‍්ඤදත්‍ථු දානපීතියා සබ‍්බදරථපරිළාහවූපසමො එව අහොසි. චිරස‍්සං වත මෙ ඡවිචම‍්මාදිකො සබ‍්බො සරීරාවයවො දානමුඛෙ ජුහිතබ‍්බතං උපගතො අභිපත්‍ථිතො මනොරථො මත්‍ථකං පත‍්තොති. තෙන වුත‍්තං –

“පවිට්ඨං යස්ස කස්ස චි” යනු යම්සේ ශ්‍රීෂ්ම කාලයෙහි යම්කිසිවෙකු ශීතල ජලයට පිවිසෙන ලද්දේ ඔහුගේ ශරීර පීඩා හා පරිදාහය සංසිඳුවාද ආස්වාදය හා ප්‍රීතිය උපදවයි ද, “තථෙව ජලිතං අග්ගිං” යනු එසේ දැල්වුණු අඟුරු රැස එකල්හි පිවිසියා වූ උණුසුම් මාත්‍රයක්වත් නොවීය. ඒකාන්තයෙන් දාන ප්‍රීතියෙන් සියලු ශරීර පීඩා හා පරිළාහයන් සංසිඳුනේම විය. බොහෝ කාලයකින් මාගේ ඡවි චර්‍ම ආදී සියලු ශරීර අවයව දාන මුඛයෙහි පූජා කළ යුතුයයි එළඹියා වූ, ප්‍රාර්ථනා කළා වූ මගේ මනෝරථය මුදුන්පත් වූයේය යනුවෙනි. එහෙයින්,

“ඡවිං චම‍්මං මංසං න‍්හාරුං, අට‍්ඨිං හදයබන්‍ධනං; කෙවලං සකලං කායං, බ්‍රාහ‍්මණස‍්ස අදාසහ”න‍්ති.

“ඡවිචම්මං මංසනහාරුං අට්ඨිං හදය බන්‍ධනං කෙවලං සකලං කායං බ්‍රාහ්මණස්ස අදාසහන්ති” (චරියා පිටක)

“සිවිය හා සම ද, මස් ද, නහර ද, ඇට ද, හෘදය මාංශය හා යකන මාංශය (අක්මාව) ද නිරවශේෂ වූ සියලු ශරීරය ද බ්‍රාහ්මණයා හට දුනිමි”යි වදාරණ ලදි.

තත්‍ථ හදයබන්‍ධනන‍්ති හදයමංසපෙසි. තඤ‍්හි හදයවත්‍ථුං බන්‍ධිත්‍වා විය ඨිතත‍්තා “හදයබන්‍ධන”න‍්ති වුත‍්තං. අථ වා හදයබන්‍ධනන‍්ති හදයඤ‍්ච බන්‍ධනඤ‍්ච, හදයමංසඤ‍්චෙව තං බන්‍ධිත්‍වා විය ඨිතයකනමංසඤ‍්චාති අත්‍ථො. කෙවලං සකලං කායන‍්ති අනවසෙසං සබ‍්බං සරීරං.

එහි “හදය බන්‍ධනං” යනු හෘදය මාංශ පේශියයි, එය වනාහි හෘදය වස්තුව බැඳගෙන මෙන් සිටි බැවින් “හෘදය බන්‍ධන ය’යි කියන ලදී. නැතහොත් “හදය බන්‍ධනං” යනු හෘදයද බන්‍ධනය ද, හෘදය මාංශය මෙන්ම එය බැඳගෙන මෙන් සිටි යකන මාංශය (අක්මාව) ද යන අර්‍ථයයි. “කෙවලං සකලං කායං” යනු ඉතිරියක් නැතිව සියලු ශරීරය,

එවං තස‍්මිං අග‍්ගිම‍්හි අත‍්තනො සරීරෙ ලොමකූපමත‍්තම‍්පි උණ‍්හං කාතුං අසක‍්කොන‍්තො බොධිසත‍්තොපි හිමගබ‍්භං පවිට‍්ඨො විය හුත්‍වා බ්‍රාහ‍්මණරූපධරං සක‍්කං එවමාහ – “බ්‍රාහ‍්මණ, තයා කතො අග‍්ගි අතිසීතලො, කිං නාමෙත”න‍්ති? පණ‍්ඩිත, නාහං බ්‍රාහ‍්මණො, සක‍්කොහමස‍්මි, තව වීමංසනත්‍ථං ආගතො එවමකාසින‍්ති. “සක‍්ක, ත්‍වං තාව තිට‍්ඨතු, සකලොපි චෙ ලොකො මං දානෙන වීමංසෙය්‍ය, නෙව මෙ අදාතුකාමතං කථඤ‍්චිපි උප‍්පාදෙය්‍ය පස‍්සෙථ න”න‍්ති බොධිසත‍්තො සීහනාදං නදි.

මේ ගින්නෙහි තමාගේ ශරීරයේ රෝමකූපයක් පමණකුදු උණු කිරීමට නොහැකි වන්නේ බෝධි සත්ත්‍වයෝද හිමගැබට පිවිසියා මෙන් වී බ්‍රාහ්මණ වේශධාරි ශක්‍රයාහට මෙසේ කීහ. “බ්‍රාහ්මණය, නුඹ විසින් කළ ගින්න ඉතා ශීතලය. මේ කෙබඳු ගින්නක්ද?” පණ්ඩිතයෙනි! මම බ්‍රාහ්මණයෙක් නොවෙමි. මම ශක්‍රයා වෙමි. නුඹවහන්සේ විමසන්නට ආවේ මෙසේ කෙළෙමි”යි කීය. ශක්‍රය! තෙපි සිටුව නුඹ පමණක් නොව සියලු ලෝකයම දානයෙන් මා විමසන්නේ ද මාගේ නොදෙනු කැමති බවක් කිසිසේත් ඉපිදවිය හැකිනම් එය විමසා බලව’යි බෝධිසත්ත්‍වයෝ සිංහනාද කළහ.

අථ නං සක‍්කො “සසපණ‍්ඩිත, තව ගුණා සකලකප‍්පම‍්පි පාකටා හොන‍්තූ”ති පබ‍්බතං පීළෙත්‍වා පබ‍්බතරසං ආදාය චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං ආලිඛිත්‍වා බොධිසත‍්තං තස‍්මිං වනසණ‍්ඩෙ තත්‍ථෙව වනගුම‍්බෙ තරුණදබ‍්බතිණපීඨෙ නිපජ‍්ජාපෙත්‍වා අත‍්තනො දෙවලොකමෙව ගතො. තෙපි චත‍්තාරො පණ‍්ඩිතා සමග‍්ගා සම‍්මොදමානා නිච‍්චසීලං උපොසථසීලඤ‍්ච පූරෙත්‍වා යථාරහං පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතා.

ඉක්බිති සක්දෙව් රජ “සස පණ්ඩිතයෙනි, නුඹ වහන්සේගේ ගුණයෝ සියලු කල්පයෙහි ප්‍රකට වෙත්වා”යි කියා පර්‍වතය මිරිකා පර්‍වත රසය ගෙන සඳමඬලෙහි “සස රූපය” ඇඳ බෝධිසත්ත්‍වයන් ඒ වනරොදෙහි, ඒ වන ලැහැබෙහිම අලුත් හීතණ මත වඩා හිඳුවා තමාගේ දෙව්ලොවටම ගියේය. ඒ පණ්ඩිතයෝ සතර දෙනා සමගියෙන් සතුටුවෙමින් නිත්‍ය පඤ්චශීලය ද උපෝසථ ශීලය ද පුරා සුදුසු පින් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

තදා උද‍්දො ආයස‍්මා ආනන්‍දො අහොසි, සිඞ‍්ගාලො මහාමොග‍්ගල‍්ලානො, මක‍්කටො සාරිපුත‍්තො, සසපණ‍්ඩිතො පන ලොකනාථො.

එදා මස්කාවා නම් ආනන්‍ද තෙරුන්ය. සිවලා නම් මුගලන් තෙරුන් ය. වඳුරා නම් සැරියුත් තෙරුන් ය. “සසපණ්ඩිත” නම් ලෝකනාථ වූ මමම වෙම් යයි වදාළ සේක.

තස‍්ස ඉධාපි සීලාදිපාරමියො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යථාරහං නිද‍්ධාරෙතබ‍්බා. තථා සතිපි තිරච‍්ඡානුපපත‍්තියං කුසලාදිධම‍්මෙ කුසලාදිතො යථාභූතාවබොධො, තෙසු අණුමත‍්තම‍්පි වජ‍්ජං භයතො දිස‍්වා සුට‍්ඨු අකුසලතො ඔරමණං, සම‍්මදෙව ච කුසලධම‍්මෙසු අත‍්තනො පතිට‍්ඨාපනං, පරෙසඤ‍්ච “ඉමෙ නාම පාපධම‍්මා තෙ එවං ගහිතා එවං පරාමට‍්ඨා එවංගතිකා භවන‍්ති එවංඅභිසම‍්පරායා”ති ආදීනවං දස‍්සෙත්‍වා තතො විරමණෙ නියොජනං, ඉදං දානං නාම, ඉදං සීලං නාම, ඉදං උපොසථකම‍්මං නාම, එත්‍ථ පතිට‍්ඨිතානං දෙවමනුස‍්සසම‍්පත‍්තියො හත්‍ථගතා එවාතිආදිනා පුඤ‍්ඤකම‍්මෙසු ආනිසංසං දස‍්සෙත්‍වා පතිට‍්ඨාපනං, අත‍්තනො සරීරජීවිතනිරපෙක‍්ඛං, පරෙසං සත‍්තානං අනුග‍්ගණ‍්හනං, උළාරො ච දානජ‍්ඣාසයොති එවමාදයො ඉධ බොධිසත‍්තස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බා. තෙනෙතං වුච‍්චති – “එවං අච‍්ඡරියා හෙතෙ…පෙ… ධම‍්මස‍්ස අනුධම‍්මතො”ති.

මෙහිද උන්වහන්සේගේ ශීලාදී පාරමිතාවෝ යට සඳහන් ක්‍රමයෙන්ම සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එසේම තිරිසන් උපතක් ඇත්තේ නමුදු කුශලාදි ධර්‍මයන්හි කුශල වශයෙන් තතුපරිදි දැන ගැනීමටද, ඔවුන් කෙරෙහි කුඩා වූද වරද භය වශයෙන් දැක අකුශලයෙන් මනාව වෙන්වීමද, කුශල ධර්‍මයන්හි තමා මැනවින් පිහිටු වීමද, අනුන්ට ද “මේවා පාප ධර්‍මයෝය. ඒවා මෙසේ ගන්නා ලද්දාහු, මෙසේ ස්පර්‍ශ කරන ලද්දාහු මෙබඳු ගතිකයෝ වෙති. පරලොව මෙබඳු යැයි ආදීනව දක්වා ඒවායින් වෙන්වීමෙහි යෙදවීම ද දානය නම් මෙයයි. ශීලය නම් මෙයයි. උපෝසථ කර්‍මය නම් මෙයයි. මෙහි සිටියවුන්ට දෙව් මිනිස් සම්පත් අතට පත්වූවාමය ආදී වශයෙන් පුණ්‍ය කර්‍මයන්හි ආනිසංස දක්වා එහි පිහිටුවීමද, තමන්ගේ ශරීර ජීවිත නිරපේක්‍ෂකව අන්‍ය සත්ත්‍වයන්ට අනුග්‍රහ කිරීමද, උදාර දානාධ්‍යාශය ද යන මේ ආදියද මෙහි බෝධිසත්ත්‍වයන්ගේ ගුණානුභාවයෝ යයි පැහැදිලි කළ යුත්තාහ. “එවං අච්ඡරියා හෙතෙ -පෙ- ධම්මස්ස අනුධම්මතො” (අකිත්ති පණ්ඩිත චරිය) යි එහෙයින් කියනු ලැබේ.

සසපණ‍්ඩිතචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවෙනි සස පණ්ඩිත චරිතයයි.

ඉදානි “අකිත‍්තිබ්‍රාහ‍්මණො”තිආදිනා යථාවුත‍්තෙ දසපි චරියාවිසෙසෙ උදානෙත්‍වා නිගමෙති.

දැන් “අකිත්ති බ්‍රාහ්මණො” ආදී වශයෙන් යථොක්ත දශචර්‍ය්‍යා විශේෂයෙන් ගෙන හැර දක්වා නිගමනය කරයි.

144. “අකිත්ති බ්‍රාහ්මණො, සඞ්ඛො, කුරුරාජා, ධනඤ්ජයො මහා සුදස්සනො, රාජා මහාගොවින්‍ද, බ්‍රාහ්මණො

145. නිමි, චන්‍දකුමාරොච, සිවි, වෙස්සන්ත රො, සසො, අහමෙව තදා ආසිං යෙ තෙ දානවරෙ අදා

146. එතෙ දාන පරික්‍ඛාරා එතෙ දානස්ස පාරමී ජීවිතං යාචකෙ දත්‍වා ඉමං පාරමි පුරයිං (චරියා පිටක)

“යමෙක් තෙම යම්කලෙක ඒ උතුම් දානයන් දුන්නේ ද එකල්හි මමම ඒ අකිත්ති බ්‍රාහ්මණ ද සඞ්ඛ ද, ධනඤ්ජය නම් වූ කුරුරජ ද, මහා සුදර්‍ශන රජද, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ද, නිමි ද, චන්‍ද කුමාරයාද, සිවි ද වෙස්සන්තර ද, සස ද, වීමි

(යම් මේ පරිත්‍යාගයෝ වෙත් නම්) ඒවා දාන පරිෂ්කාරයෝ වෙති. ඒවා දාන පාරමිතා නම් වෙති. යාචකයන්ට ජීවිතය දී මේ දාන පාරමිතාව පිරුවෙමි”

තත්‍ථ අහමෙව තදා ආසිං, යො තෙ දානවරෙ අදාති යො තානි උත‍්තමදානානි අදාසි, සො අකිත‍්තිබ්‍රාහණාදිකො අහමෙව තදා තස‍්මිං කාලෙ අහොසිං, න අඤ‍්ඤොති. ඉති තෙසු අත‍්තභාවෙසු සතිපි සීලාදිපාරමීනං යථාරහං පූරිතභාවෙ අත‍්තනො පන තදා දානජ‍්ඣාසයස‍්ස අතිවිය උළාරභාවං සන්‍ධාය දානපාරමිවසෙනෙව දෙසනං ආරොපෙසි. එතෙ දානපරික‍්ඛාරා, එතෙ දානස‍්ස පාරමීති යෙ ඉමෙ අකිත‍්තිජාතකාදීසු (ජා· 1.13.83 ආදයො) අනෙකාකාරවොකාරා මයා පවත‍්තිතා දෙය්‍යධම‍්මපරිච‍්චාගා මම සරීරාවයවපුත‍්තදාරපරිච‍්චාගා පරමකොටිකා, කිඤ‍්චාපි තෙ කරුණූපායකොසල‍්ලපරිග‍්ගහිතත‍්තා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමෙව උද‍්දිස‍්ස පවත‍්තිතත‍්තා දානස‍්ස පරමුක‍්කංසගමනෙන දානපාරමී එව, තථාපි මම දානස‍්ස පරමත්‍ථපාරමිභූතස‍්ස පරික‍්ඛරණතොසන‍්තානස‍්ස පරිභාවනාවසෙන අභිසඞ‍්ඛරණතො එතෙ දානපරික‍්ඛාරා නාම. යස‍්ස පනෙතෙ පරික‍්ඛාරා, තං දස‍්සෙතුං “ජීවිතං යාචකෙ දත්‍වා, ඉමං පාරමි පූරයි”න‍්ති වුත‍්තං. එත්‍ථ හි ඨපෙත්‍වා සසපණ‍්ඩිතචරියං සෙසාසු නවසු චරියාසු යථාරහං දානපාරමිදානඋපපාරමියො වෙදිතබ‍්බා, සසපණ‍්ඩිතචරියෙ (චරියා· 1.125 ආදයො) පන දානපරමත්‍ථපාරමී. තෙන වුත‍්තං –

එහි “අහමෙව තදා ආසිං යො තෙ දානවරෙ අදා” යනු යමෙක් ඒ උත්තම දානයක් දුන්නේ ද එදා ඒ කාලයෙහි අකිත්ති බ්‍රාහ්මණයා ආදී වශයෙන් මමම වීමි, වෙනෙකෙක් නොවෙතියි. මෙසේ ඒ ආත්මභාවයන්හි ශීලාදී පාරමිතාවන් සුදුසු පරිදි පිරූ නමුත් එකල තමාගේ දානාධ්‍යාශයාගේ අතිශය උදාරබව නිසා දානපාරමිතා වශයෙන්ම (ඒ චරිතයන්) දේශනාවට ආරෝපණය කළහ. “එතෙ දාන පරික්‍ඛාරා එතෙ දානස්ස පාරමී” යනු මේ අකිත්ති ජාතකාදියෙහි නොයෙක් ආකාර රූපාදී ස්කන්‍ධයෙන් මා විසින් පවත්වන ලද ඉහලම කෙළවරට ගිය දෙය්‍ය ධර්‍ම පරිත්‍යාග, මාගේ ශරීරාවයව අඹුදරු පරිත්‍යාග යන පරිත්‍යාග කෙනෙක් වෙත් ද ඔව්හු කිසිසේත් කරුණාවෙන් උපාය කෞශල්‍යයෙන් ගත් බැවින් සර්‍වඥතා ඥානයම උදෙසා පවත්වන ලද්දාහු ද ඒවා දානයෙහි ඉහලම තත්ත්‍වයට ගියහෙයින් දාන පාරමිතාම වේ. එසේම පරමත්‍ථ පාරමී වූ මගේ දානයට පිරිවර වූ හෙයින්ද සන්තානයෙහි පරිභාවිත වශයෙන් අභිසංස්කරණය කරන හෙයින් ද මේවා දාන පරිෂ්කාර නම් වේ. යමෙකුට වනාහී මේවා පරිෂ්කාර වේද එය දැක්වීමට “ජීවිතං යාචකෙ දත්‍වා ඉමං පාරමි පුරයිං” යයි කියන ලදී. මෙහි වනාහි සස පණ්ඩිත චරිතය හැර සෙසු චර්‍ය්‍යා නමයේ දී සුදුසු පරිදි දාන පාරමී දත යුතුය. යස පණ්ඩිත චර්‍ය්‍යාවෙහි දාන පරමත්‍ථ පාරමිතාව දත යුතුය. එහෙයින්,

“භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං; දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමී”ති. (චරියා· 1.තස‍්සුද‍්දාන);

147. “භික්‍ඛාය උපගතං දිස්වා සකත්තානං පරිච්චජිං දානෙන මෙ සමො නත්‍ථි එසා මෙ දාන පාරමීති” (චරියා පිටක)

“භික්‍ෂාව පිණිස එළඹියහු දැක ස්වකීය ජීවිතය පරිත්‍යාග කෙළෙමි. දානයෙන් මා හා සමාන වූවෙක් නැත්තේය. මේ මාගේ දාන පාරමිතාව ය”යි වදාරණ ලදී.

කිඤ‍්චාපි හි මහාපුරිසස‍්ස යථාවුත‍්තෙ අකිත‍්තිබ්‍රාහ‍්මණාදිකාලෙ අඤ‍්ඤස‍්මිඤ‍්ච මහාජනකමහාසුතසොමාදිකාලෙ දානපාරමියා පූරිතත‍්තභාවානං පරිමාණං නාම නත්‍ථි, තථාපි එකන‍්තෙනෙව සසපණ‍්ඩිතකාලෙ දානපාරමියා පරමත්‍ථපාරමිභාවො විභාවෙතබ‍්බොති.

මහා පුරුෂයාණන් විසින් ඉහත කී අකිත්ති බ්‍රාහ්මණ ආදී කාලයෙහි පමණක් නොව මහාජනක, මහා සුතසෝම ආදී කාලයෙහිද දාන පාරමිතාව පිරූ ආත්මභාවයන්ගේ ප්‍රමාණයක් නම් නැත. එසේ වුවත් ඒකාන්තයෙන්ම සස පණ්ඩිත කාලයෙහි දාන පාරමිතාවෙහි පරමත්‍ථපාරමී භාවය පැහැදිලි කළ යුතුය.

පරමත්‍ථදීපනියා චරියාපිටකසංවණ‍්ණනාය

පරමත්‍ථි දීපනී චර්‍ය්‍යාපිටක සංවර්‍ණනාවේ චර්‍ය්‍යා

දසවිධචරියාසඞ‍්ගහස‍්ස විසෙසතො දානපාරමිවිභාවනස‍්ස

දහයකින් යුක්ත වූ විශේෂයෙන් දාන පාරමිතාව ප්‍රකට කරන

පඨමවග‍්ගස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු වර්‍ගයෙහි අර්‍ථ වර්‍ණනාව නිමියේය.

හත්‍ථිනාගවග‍්ගො

හස්තිනාග වර්‍ගය