10. සසපණ්ඩිත චරියං
10. සසපණ‍්ඩිත චරියං
10. සසපණ්ඩිත චරියාව
125. පුනාපරං යදා හොමි සසකො පවනචාරිකො තිණපණ‍්ණසාකඵලහක‍්ඛො පරහෙඨනවිවජ‍්ජිතො.
125. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් තණපත් පළා පලවැළ බුදින, මහවෙනෙහි හැසිරෙන අහිංසක වූ සා වැ උපනිම් ද,
126. මක‍්කෙටා ච සිගාලො ච උද‍්දපොතො චහං තදා වසාම එකසාමන‍්තා සායං පාතො පදිස‍්සරෙ.
126. එකල්හි වඳුරෙක සිවලෙක මස්කාවෙක මම යැ යන අපි නුදුරු පෙදෙසෙකැ වුසූම්හ. උදය සවස එක්තැන් වැ දක්නා ලැබෙම්හ.
127. අහං තෙ අනුසාසාමි කිරියෙ කල්‍යාණපාපකෙ පාපානි පරිවජ‍්ජෙථ කල්‍යාණෙභිනිවිස‍්සථ.
127. මම් ඔවුනට “පවින් දුරුවවු, කුසල් දහම්හි යෙදී පවතුව” යයි කුශලාකුශලකර්‍මයෙහි අනුශාසනා කෙරෙමි.
128. උපොසථම‍්හි දිවසෙ චන්‍දං දිස‍්වාන පූරිතං එතෙසං තත්‍ථ ආචික‍්ඛිං දිවසො අජ‍්ජුපොසථො.
128-129. පොහෝදවස්හි (පුරතුදුස්වක්රැය මඳක්) නුපුන්සඳ දැක ඔවුනට එහිදී ‘අද පොහෝ දිනය වෙයි. දක්‍ෂිණාර්‍හ කෙනකුන්ට දෙන්නට දන් පිළියෙළ කරවු. දක්‍ෂිණාර්‍හ කෙනකුන් කෙරෙහි දනක් දී පෙහෙවස් වසවු’ යයි කී යමි.
129. දානානි පටියාදෙථ දක‍්ඛිණෙය්‍යස‍්ස දාතවෙ දත්‍වා දානං දක‍්ඛිණෙය්‍යෙ උපවස‍්සථුපොසථන‍්ති.
130. තෙ මෙ සාධූති වත්‍වාන යථාසත‍්ති යථාබලං දානානි පටියාදෙත්‍වා දක‍්ඛිණෙය්‍යං ගවෙසිසුං.
130. ඔහු මට ‘මැනැවැ’යි කියා ශක්ති පරිදි බල පරිදි දන් පිළියෙළ කොට දක්‍ෂිණාර්‍හයකු සෙවූහ.
131. අහං නිස‍්සජ‍්ජ චින‍්තෙසිං දානං දක‍්ඛිණානුච‍්ඡවං යදිහං ලභෙ දක‍්ඛිණෙය්‍යං කිං මෙ දානං භවිස‍්සති.
131. මම් හිඳගෙන දක්‍ෂිණාවට හෝ දක්‍ෂිණාර්‍හයනට හෝ නිසි දෙයධර්‍මයක් සිතීමි. ‘ඉදින් මම් දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් දියයුතු කවර වස්තුවක් මට ඇද්ද’යි.
132. න මෙ අත්‍ථි තිලා මුග‍්ගා මාසා වා තණ‍්ඩුලා ඝතං අහං තිණෙන යාපෙමි නසක‍්කා තිණ දාතවෙ.
132. තල මුං මෑ සහල් ගිතෙල් හෝ මට නැත. මම් තණපතින් යැපෙමි. තණපත් (දක්‍ෂිණාර්‍හයනට දෙන්නට) නො හැක්ක.
133. යදි කොචි එති දක‍්ඛිණෙය්‍යො භික‍්ඛාය මම සන‍්තිකෙ දජ‍්ජාහං සකමත‍්තානං න සො තුච‍්ඡො ගමිස‍්සති.
133. ඉදින් පිඬු පිණිස මා වෙතට කිසිවෙක් ආ නම් මම ඔහුට සිය සිරුර දෙන්නෙමි. (එකල්හි) හෙතෙම නො සිස් වැ යන්නේ යි.
134. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සක‍්කො බ්‍රාහ‍්මණවණ‍්ණිනා ආසයං මෙ උපාගඤ‍්ජි දානං වීමංසනාය මෙ.
134. මා ගේ ඒ අදහස දැන සක්දෙව් රජ බමුණුවෙස් ගත් අත් බැවින් මාගේ දානාධ්‍යාශය විමසන පිණිස මා වසන වන ළැහැබ කරා එළඹියේ ය.
135. තමහං දිස‍්වාන සන‍්තුට‍්ඨො ඉදං වචනමබ්‍රුවිං සාධු ඛොසි අනුප‍්පත‍්තො ඝාස හෙතු මමන‍්තිකෙ.
135. බමුණුවෙස් ගත් ඔහු දැක සතුටු වූයෙම් ‘ආහාර හේතුයෙන් මා සමීපයට ආයෙහි මැනවැ’ යන මෙවදන් කීයෙමි.
136. අදින‍්නපුබ‍්බං දානවරං අජ‍්ජ දස‍්සාමි තෙ අහං තුවං සීලගුණූපෙතො අයුත‍්තන‍්තෙ පරහෙඨනං.
136. මම අද තොපට නුදුන්විරූ දනක් දෙමි. තෙපි ශීලගුණයෙන් යුක්ත වූවහු යැ(එහෙයින්) තොප විසින් මෙරමා පෙළෙනු නො නිසි වෙයි.
137. එහි අග‍්ගිං පදීපෙහි නානා කට‍්ඨෙ සමානිය අහං පචිස‍්සමත‍්තානං පක‍්කං ත්‍වං භක‍්ඛයිස‍්සසි.
137. මෙහි එව. නොයෙක් දර රැස් කොට ගිනි දල්වව. (එහි පැන) මම මාගේ සිරුර පලහන්නෙමි. පැසුණු එය තෙපි බුදින්නවු යැ.
138. සාධූති සො හට‍්ඨමනො නානා කට‍්ඨෙ සමානයි මහන‍්තං අදාසි චිතකං කත්‍වා නඞ‍්ගාර ගබ‍්භකං.
138. සක්දෙව්රජ ‘යෙහෙකැ’ යි සතුටුසිත් ඇතියේ නොයෙක් දර රැස් කළේ යැ. අඟුරු ගැබ් කොට මහත් වූ සෑයක් කෙළේ ය.
139. අග‍්ගිං තත්‍ථ පදීපෙසි යථාසො ඛිප‍්පං මහා භවෙ ඵොටෙත්‍වා රජගතෙ ගත‍්තෙ එකමන‍්තං උපාවිසිං.
139. එහි ඒ ගිනිකඳ යම්සේ වහා මහත් වන්නේ ද එපරිද්දෙන් දල්වී යැ (මම) ධූලි වැකුණු මා ගේ ගාත්‍රයන් (තෙවරක්) සලාපියා එකත්පස් වැ හුනිමි.
140. යදා මහා කට‍්ඨපුඤ‍්ජො ආදිත‍්තො’ධම ධමායති තදුප‍්පතිත්‍වා පපතිං මජ‍්ඣෙ ජාලසිඛන‍්තරෙ
140. යම් කලෙකැ ඒ මහත් වූ දරරැස හාත්පසින් ඇවිළගත්තේ ‘ධම ධම’ යන අනුකරණ කෙරේ ද එකල්හි දැල්සිළු අතුරෙහි වූ (අඟුරුරැස) මැද පැන වැටිණිමි.
141. යථා සීතොදකං නාම පවිට‍්ඨං යස‍්ස කස‍්සචි සමෙති දරථපරිළාහං අස‍්සාදං දෙති පීති ච
141. යම්සේ ගිම්කලැ සිහිල්දිය නම් යම් කිසිවක්හු විසින් පිවිසියේ (ඔහුගේ) පීඩා පරිදාහ සන්සිඳුවා ද අස්වැසිලි හා ප්‍රීතිය හා උපදවා ද–
142. තථෙව ජලිතං අග‍්ගිං පවිට‍්ඨස‍්ස මමං තදා සබ‍්බං සමෙති දරථං යථා සීතොදකං විය.
142. එසේ මැ එකල්හි දැල්වුණු ගින්නට පිවිසි මාගේ සියලු ශරීරපීඩා සිහිල්දිය සෙයින් සන්සිඳුවයි.
143. ඡවි චම‍්මං මංසංනහරුං අට‍්ඨිං හදය බන්‍ධනං කෙවලං සකලං කායං බ්‍රාහ‍්මණස‍්ස අදාසහන‍්ති
143. සිවි යැ සම් යැ මස්පිඩු යැ නහර යැ ඇට යැ හදමස් යැ යන මේ ඇති හුදු සියලු සිරුර (සක්දෙව්) බමුණුට මම දිනිමි’යි.
සසපණ‍්ඩිත චරියං දසමං.
දස වැනි සසපණ්ඩිත චරියා යි.
උද්දානය:
අකිත‍්ති බ්‍රාහ‍්මණො සඞ‍්ඛො කුරුරාජා ධනඤ‍්ජයො මහා සුදස‍්සනො රාජා මහාගොවින්‍ද බ්‍රාහ‍්මණො.
යම් කලෙකැ යමෙක් අකිත්ති බ්‍රාහ්මණ වැ සඞ්ඛ බ්‍රාහ්මණ වැ. කුරුරජ වැ ධනඤ්ජය රජ වැ මහාසුදර්‍ශන රජ වැ මහාගෝවින්‍ද බමුණු වැ
නිමි චන්‍ද කුමාරො ච සිවි වෙස‍්සන‍්තරො සසො අහමෙව තදා ආසිං යො තෙ දානවරෙ අදා.
නිමි රජ වැ චන්‍ද්‍රකුමාර වැ සිවිරජ වැ වෙස්සන්තර රජ වැ ශශපණ්ඩිත වැ. ඉපැද ඒ උතුම් දානයන් දුන්නේ නම් එකල්හි ඒ මම් මැ වීමී.
එතෙ දානපරික‍්ඛාරා එතෙ දානස‍්ස පාරමී ජීවිතං යාචකෙ දත්‍වා ඉමං පාරමි පූරයිං.
තෙල පරිත්‍යාගයෝ (මා ගේ) දානපරීෂ්කාරයෝ වෙති. තුලුහු දානපාරමිතා වෙති. (මාගේ) ජීවිතය යදියනට දී මේ දාන පාරමිතාව පිරීමි.
භික‍්ඛායුපගතං දිස‍්වා සකත‍්තානං පරිච‍්චජිං දානෙන මෙ සමො නත්‍ථි එසා මෙ දානපාරමීති.
භික්‍ෂා පිණිස පැමිණි යාචකයා දැක තම සිරුර පරිත්‍යාග කෙළෙමි. දීමෙන් මා හා සමයෙක් නැති. මේ මාගේ දානපරමාර්‍ත්‍ථ පාරමිතාව යි.
පළමු වැනි අකිත්තිවර්‍ගය යි.
දානපාරමිතා නිට‍්ඨිතා.
දානපාරමිතා නිමි.