යෙදුමෙන් කියවන්න

9. වෙස‍්සන‍්තර චරියං

9. වෙස‍්සන‍්තර චරියං

9. වෙස්සන්තර චරියාව

67. යා මෙ අහොසි ජනිකා ඵුසතී නාම ඛත‍්තියා සා අතීතාසු ජාතිසු සක‍්කස‍්ස මහෙසි පියා.

67. ඵුසතී නම් වූ යම් කැත්දුවක් වෙස්සන්තර වූ මට මවු වූ ද ඕ තොමෝ අතීත ජාතියෙහි සක්දෙව් රජහට ප්‍රිය මෙහෙසි වූ ය.

68. තස‍්සා ආයුක‍්ඛයං දිස‍්වා දෙවින්‍දො එතදබ්‍රුවි දදාමි තෙ දසවරෙ වර භද‍්දෙ යදිච‍්ඡසි.

68. සක් දෙව් රජතෙම ඒ ඵුසතී දේවියගේ (දිව්‍යගතික වූ) ආයුඃක්‍ෂය (මරණය) දැක, “සොඳුර, ඵුසතී දේවිය තිට වර දසයක් දෙමි. යමක් තිට කැමැත්තේ ද එය ගනුව”

69. එවං වුත‍්තා ච සා දෙවී සක‍්කං පුනිද මබ්‍රුවි කින‍්නු මෙ අපරාධත්‍ථි කින‍්නු දෙස‍්සා අහං තව රම‍්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං.

69. යළි මෙසේ කියනු ලැබූ ඒ දේවී තොමෝ ශක්‍ර දේවේන්‍ද්‍රයාහට මේ වචනය කියූ. “කිමැ මා කළ අපරාධයෙක් ඇත් ද කිමැ ඔබ විසින් මම අප්‍රිය කරනු ලබම් ද. ගසක් උදුරා දමන මහ පවනක් මෙන් සිත්කලු වූ මෙම දෙව්ලොවින් මා ච්‍යුත කරවුදැ” යි.

70. එවං වුත‍්තො ච සො සක‍්කො පුන තස‍්සීදමබ්‍රුවි න චෙව තෙ කතං පාපං න ච මෙ ත්‍වමසි අප‍්පියා.

70. මෙසේ කියනු ලැබූ සක්දෙවිරජ ද යළි ඒ මෙහෙසියට මෙවදන් කී; තී විසින් පව් නොකරන ලද ම ය – තෝ මට අප්‍රිය නො ද වෙයි.

71. එත‍්තකං යෙව තෙ ආයු වචනකාලො භවිස‍්සති පටිග‍්ගණ‍්හ මයා දින‍්නෙ වරෙ දස වරුත‍්තමෙ.

71. තීගේ ආයුෂ මෙපමණෙක් ම ය– ච්‍යුතවන කාලය වන්නේ ය. මා දෙන ලද අතිශයින් උතුම් වූ දශවරය ගනුව.

72. සක‍්කෙන සා දින‍්නවරා තුට‍්ඨහට‍්ඨා පමොදිතා මමං අබ‍්භන‍්තරං කත්‍වා ඵුසතී දසවරෙ වරී.

72. සක්දෙව් රජු විසින් දෙන ලද වර ඇති ඒ ඵුසතී දේවී තොමෝ තුටුපහටු වූවා ප්‍රමුදිත ව මා ඇතුළත් කොට දශවරය ඉල්ලූ ය.

73. තතො චුතා සා ඵුසතී ඛත‍්තියෙ උපපජ‍්ජථ ජෙතුත‍්තරම‍්හි නගරෙ සඤ‍්ජයෙන සමාගමී.

73. ඒ ඵුසතී තොමෝ තව්තිසා දෙව් ලොවින් ච්‍යුත ව අවුත් රාජවංශයෙහි ඉපිද ජේතුත්තර රාජධානියෙහි සඤ්ජය නම් කුමාරයා සමඟ එක් වූ ය.

74. තදාහං ඵූසතියා කුච‍්ඡිං ඔක‍්කන‍්තො පියමාතුයා මම තෙජෙන මෙ මාතා සදා දානරතා අහු.

74. යම් කලෙක මම ප්‍රිය මාතෘ වූ ඵුසතී දෙවියගේ කුස තුළ පිළිසඳ ගතිම් ද, එකල මාගේ දානාධ්‍යාසබලයෙන් මාගේ මව දන් දීමෙහි හැම කල්හි ඇලුණී වුව.

75. අධනෙ ආතුරෙ ජිණ‍්ණෙ යාචකෙ අද‍්ධිකෙ ජනෙ සමණෙ බ්‍රාහ‍්මණෙ ඛීණෙ දෙති දානං අකිඤ‍්චනෙ.

75. ඕතොමෝ නිර්ධන වූ ආතුර වූ ජරායෙන් ජීර්‍ණ වූ යාචක වූ මාර්ගික වූ ජනයා විෂයෙහි ද මහණ බමුණන් විෂයෙහි ද ධනහීනයන් විෂයෙහි ද අයැති නැතියන් විෂයෙහි ද දන් දෙයි.

76. දසමාසෙ ධාරයිත්‍වාන කරොන‍්තෙ පුරපදක‍්ඛිණං වෙස‍්සානං වීථියා මජ‍්ඣෙ ජනෙසි ඵුසතී මමං.

76. (සඤ්ජයරජු දේවිය ගෙන) නුවර පැදකුණු කරන කල්හි ඵුසතී දේවී තොමෝ දසමසක් මුළුල්ලෙහි ධරා වෙළෙඳුන්ගේ වීථිමැද මා ප්‍රසව කළා.

77. න මය‍්හං මත‍්තිකං නාමං නපි පෙත‍්තිකසම‍්භවං ජාතොම‍්හි වෙස‍්සවීථියා තස‍්මා වෙස‍්සන‍්තරො අහු.

77. මාගේ නම මවගෙන් ආයේ නො වෙයි. පියාගෙන් ආයේ ද නො වෙයි. මම වෛශ්‍යවීථියෙහි උපන්මි. එහෙයින් මම වෙස්සන්තර නම් වීමි.

78. යදාහං දාරකො හොමි ජාතියා අට‍්ඨවස‍්සිකො තදා නිසජ‍්ජ පාසාදෙ දානං දාතුං විචින‍්තයිං.

78. යම් කලෙක මම උපතින් අටහැවිරිදි ළදරු වූයෙම් ද එකල්හි පහයෙහි හිඳගෙන දන් දෙන්නට සිතුවෙමි.

79. හදයං දදෙය්‍යං චක‍්ඛුං මංසම‍්පි රුධිරම‍්පි ච දදෙය්‍යං කායං සාවෙත්‍වා යදි කොචි යාචයෙ මමං.

79. ඉදින් කිසිවෙක් මාගෙන් ඉල්ලා නම් හදවත ද ඇස ද ඇඟමස ද ලේ ද දෙන්නෙමි. දස්බව අස්වා ශරීරය ද දෙන්නෙමි.

80. සාභවං චින‍්තයන‍්තස‍්ස අකම‍්පිතමසණධිතං අකම‍්පි තත්‍ථ පඨවී සිනෙරුවනවටංසකා.

80. නො සැලුණු නො හැකුළුණු යථාස්වභාව වූ දානාධ්‍යාසය සිතන කල්හි සිනේරුමහාවනයන් මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පා වූ ය.

81. අන්‍වද‍්ධමාසෙ පණ‍්ණරසෙ පුණ‍්ණමාසෙ උපොසථෙ පච‍්චයං නාගමාරුය‍්හ දානං දාතුං උපාගමිං.

81. අඩමසක් පාසා දන්හලට යන්නෙම් මස පිරීමෙන් හා සඳපිරීමෙන් ද යුක්ත වූ පණුරැසී පොහොයෙහි පච්චය නම් මඟුලැතු පිට නැඟී දන් දෙන්නට (දන්හල් කරා) එළඹියෙමි.

82. කාලිඞ‍්ගරට‍්ඨවිසයා බ්‍රාහ‍්මණා උපගඤ‍්ජු මං ආයාවුං මං හත්‍ථිනාගං ධඤ‍්ඤං මඞ‍්ගලසම‍්මතං.

82. කලිඟුරට නම් දෙසින් බමුණෝ අටදෙනෙක් මා කරා පැමිණියහ. ඔහු ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත වූ පච්චය නම් හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ.

83. අවුට‍්ඨිකො ජනපදො දුබ‍්භික‍්ඛො ඡාතකො මහා දදාහි පවරං නාගං සබ‍්බසෙතං ගජුත‍්තමං.

83. (මහරජාණෙනි) කළිඟුජනපදය වැසි නැත්තේ ය. දුර්භික්‍ෂ වූයේ ය. මහත් සාදුක් ඇත්තේ ය. එහෙයින් සර්‍වාඞ්ගයෙන් ධවල වූ ඇතුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ උතුම් ඇත්රජු දෙනු මැනව.

84. දදාමි න විකම‍්පාමි යං මං යාචන‍්ති බ්‍රාහ‍්මණා සන‍්තං නප‍්පතිගූහාමි දානෙ මෙ රමතී මනො.

84. බමුණෝ මාගෙන් යමක් ඉල්ලත් නම් එහි කම්පිත නො වෙමි. එය දෙමි. ඇති වස්තුව සඟවාගෙන නො සිටිමි, මා සිත දානයෙහි ඇලෙයි.

85. න මෙ යාචකමනුප‍්පත‍්තෙ පටික‍්ඛෙපො අනුච‍්ඡවො මා මෙ භිජ‍්ජි සමාදානං දස‍්සාමි විපුලං ගජං.

85. යාචක ජනයා මාවෙත පැමිණි කල්හි ප්‍රතික්‍ෂේප කරලීම මට තරම් නො වෙයි. මාගේ දානපාරමිතා සමාදානය නො බිඳේවා, ගුණ විපුලවූ හස්තිරාජයා දෙන්නෙමැයි.–

86. නාගං ගහෙත්‍වා සොණ‍්ඩාය භිඞ‍්කාරෙ රතනාමයෙ ජලං හත්‍ථෙ ආකිරිත්‍වා බ්‍රාහ‍්මණානං අදං ගජං.

86. (සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරසන ලද) හස්තිරාජයා සොඬින් ගෙන රුවන් කෙණ්ඩියෙහි වූ සුවඳජලය අතැ එව බමුණන්ට හස්තිරාජයා දුනිමි.

87. පුනාපරං දදන‍්තස‍්ස සබ‍්බසෙතං ගජුත‍්තමං තදාපි පඨවී කම‍්පි සිනෙරුවනවටංසකා.

87. සර්‍වධවල වූ හස්තිරාජයා දෙන්නා වූ මට නැවත වරක් සිනේරුවනාවතංස කොට ඇති මහපොළොව කම්පිත විය.

88. තස‍්ස නාගස‍්ස දානෙන සිවයො කුද‍්ධා සමාගතා පබ‍්බොජෙසුං සකා රට‍්ඨා “වඞ‍්කං ගච‍්ඡතු පබ‍්බතං.”

88. ඒ මඟුලැත්රජු පරිත්‍යාග කිරීම හේතුකොට ගෙන කෝප වූ සිවි රටවැස්සෝ රැස්වූවාහු. (වෙස්සන්තරරජ) වඞ්කපර්‍වතයට යේවයි සිය රටින් (මා) නෙරපූහ.

89. තෙසං නිච‍්ඡුභ මානානං අකම‍්පිතමසණ‍්ඨිතං මහාදානං පවත‍්තෙතුං එකං වරමයාචිසං.

89. ඒ සිවි රැටියන් විසින් මා නෙරපන කල්හි කම්පාවක් හැකිළීමක් නැති ව මහාදානය පවත්වනු පිණිස එක්වරයක් ඉල්ලීමි.

90. යාචිතා සිවයො සබ‍්බෙ එකං වරමදංසු මෙ සාවයිත්‍වා කණ‍්ණභෙරිං මහාදානං දදාමහං.

90. මවිසින් යාච්ඤා කරන ලද සියලු සිවිරටවාසීහු මට එක්වරයක් දුන්හ. එවිට මම කන්බෙරය (තම්මැට්) ඝෝෂණය කරවා (සප්තශතක) මහාදානය දිනිමි.

91. අථෙත්‍ථ වත‍්තතී සද‍්දො තුමුලො භෙරවො මහා දානෙන මං නීහරන‍්ති පුන දානං දදාතයං.

91. ඉක්බිති මෙ දන්හලෙහි බිය එළවන මහත් ශබ්දයෙක් වෙයි. දන්දීම් හේතුවින් මා නෙරපත්. (එහෙත්) මම නැවතත් දන් දෙමියි.

92. හත්‍ථි අස‍්සෙ රථෙ දත්‍වා දාසිදාසං ගවං ධනං මහාදානං දදිත්‍වාන නගරා නික‍්ඛමිං තදා.

92. එකල්හි ඇතුන් අසුන් ද රථයන් ද දැසිදසුන් ද දෙනුන් ද (මුතු මැණික් ආදි) ධනය ද පරිත්‍යාග කොට මහදන් දී නුවරින් නික්ම ගියෙමි.

93. නික‍්ඛමිත්‍වාන නගරා නිවත‍්තිත්‍වා විලොකිතෙ තදාපි පඨවී කම‍්පී සිනෙරුවනවටංසකා.

93. නුවරින් නික්ම පෙරළා බලත් ම එකල්හිදු සිනේරුවනෝත්තංස කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ ය.

94. චතුවාහිං රථං දත්‍වා ඨත්‍වා චාතුම‍්මහාපථෙ. එකාකියො අදුතියො මද‍්දිදෙවිං ඉදමබ්‍රුවිං.

94. ආජානීය අසුන් සතර දෙනකුන් විසින් උසුලන රථය දන් දී හුදෙකලා ව දෙවැනි කෙනකුන් ද නැති ව සතරමං සන්‍ධියෙහි සිට මද්‍රීදේවියට මෙවදන් කීමි.

95. “ත්‍වං මද‍්දි කණ‍්හං ගණ‍්හාහි, ලහුකා එසා කනිට‍්ඨිකා අහං ජාලිං ගහෙස‍්සාමි ගරුකො භාතිකො හි සො.

95. (සොඳුර) මද්‍රීදේවිනි, තෙපි කෘෂ්ණජිනාවන් වඩා ගනුව. බාල වූ ඕ සැහැල්ලු ය, මම ජාලිය කුමරුවන් වඩාගනිමි. වැඩිමහලු සොහොයුරු හේ බර ය.

96. පදුමං පුණ‍්ඩරීකං’ව මද‍්දිකණ‍්හාජිනග‍්ගහී අහං සුවණ‍්ණබිම‍්බංව ජාලිං ඛත‍්තියමග‍්ගහිං.

96. මද්‍රීදේවී තොමෝ කෘෂ්ණජිනා කුමරිය හෙළ පියුමක් මෙන් වඩා ගත්තා ය. මම් ජාලියකුමරු රන්රුවක් මෙන් වඩා ගත්තෙමි.

97. අභිජාතා සුඛුමාලා ඛත‍්තියා චතුරො ජනා විසමං සමං අක‍්කමන‍්තා වඞ‍්කං ගච‍්ඡාම පබ‍්බතං.

97. මෙසේ ජාතිසම්පන්න වූ සියුමැලි වූ රජදරු වූ අපි සතරදෙන විෂම වූ ද සම වූ ද (උස් පහත්) භූමි ප්‍රදේශයන් ඉක්මවමින් වඞ්කගිරියට ගියම්හ.

98. යෙ කෙචි මනුජා එන‍්ති අනුමග‍්ගෙ පටිප‍්පථෙ මග‍්ගං තෙ පටි පුච‍්ඡාම කුහිං වඞ‍්කතපබ‍්බතො

98. යම් කිසි මිනිස් කෙනෙක් පසු මගැ හෝ පෙර මගැ හෝ එත් ද ඔවුන් අතින් වඞ්කගිරිය කොහි දැයි මාර්‍ගය විචාළම්හ.

99. තෙ තත්‍ථ අම‍්හෙ පස‍්සිත්‍වා කරුණං ගිරමුදීරයුං දුක‍්ඛන‍්තෙ පටිවෙදෙන‍්ති දූරෙ වඞ‍්කතපබ‍්බතො.

99. ඒ මිනිස්සු එහි දී අප දැක දුක්පත් වැ බස් පැවසූහ. වඞ්කගිරීය (මෙහි සිට) ඉතා දුර ය යි ඔහු දුක පළ කළහ.

100. යදි සස‍්සන‍්ති පවනෙ දාරකා ඵලිතෙ දුමෙ තෙසං ඵලානං හෙතුම‍්හි උපරොදන‍්ති දාරකා.

100. ඉදින් ඒ දරුවෝ දෙදෙන මහවෙනෙහි වූ ඵලභරිත මහරුක් දකිත් ද ඔහු ඵල හේතුයෙන් හඬත්.

101. රොදන‍්තෙ දාරකෙ දිස‍්වා උබ‍්බිග‍්ගා විපුලා දුමා සයමෙවොනමිත්‍වාන උපගච‍්ඡන‍්ති දාරකෙ.

101. එසේ හඬන දරුවන් දැක සංවේගයට පත් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමී දරුවන්ට සමීප වෙත්.

102. ඉදං අච‍්ඡරියං දිස‍්වා අබ‍්භුතං ලොමහංසනං සාධුකාරං පවත‍්තෙසි මද‍්දී සබ‍්බඞ‍්ගසොභනා.

102. සියලු අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගෙන් හොබනා වූ මද්‍රීදේවී තොමෝ අද්භූත වූ රෝමොද්ගමනය වන්නා වූ මේ ආශ්චර්‍ය්‍යය දැක සාධුකාර පැවැත්වූ ය.

103. අච‍්ඡෙරං වත ලොකස‍්මිං අබ‍්භුතං ලොමහංසනං වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන සයමෙවොනතා දුමා.

103. වෙසතුරු රජහුගේ පින්තෙදින් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමීගියහ. මෙය ලෝකයෙහි ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයැ, අද්භූතයැ ද වේ. ලොමුදහගන්වයි.

104. සඞ‍්ඛිපිංසු පථං යක‍්ඛා අනුකම‍්පාය දාරකෙ නික‍්ඛන‍්තදිවසෙ යෙව චෙතරට‍්ඨමුපාගමුං.

104. දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දෙවියෝ මාර්‍ගය හකුළුවාලූහ. නික්මුණු දවස්හි ම සැහැරටට පැමිණියහ.

105. සට‍්ඨිරාජසහස‍්සානි තදවසන‍්ති මාතුලෙ සබ‍්බෙ පඤ‍්ජලිකා හුත්‍වා රොදමානා උපාගමුං.

105. එකල මයිල් රජහු වෙත සැටදහසක් රජදරුවෝ වෙසෙත්. ඒ සියලු රජදරුවෝ දොහොත් මුඳුනෙහි තබා හඬමින් වෙස්සන්තර රජු කරා එළඹුණාහ.

106. තත්‍ථ වත‍්තෙත්‍වා සල‍්ලාපං චෙතෙහි චෙතපුත‍්තෙහි තෙ තතො නික‍්ඛමිත්‍වාන වඞ‍්කං අගමුං පබ‍්බත.

106. එ රාජසමාගමයෙහි දී චේතරජුන් හා චේතකුමරුන් සමඟ පිළිසඳර කොට ඔහු එයින් නික්ම වඞ්කගිරියට ගියාහ.

107. ආමන‍්තයිත්‍වා දෙවින්‍දො විස‍්සකම‍්මං මහිද‍්ධිකං අස‍්සමං සුකතං රම‍්මං පණ‍්ණසාලං සුමාපය.

107. එවිට සක්දෙව්රජ මහර්ද්ධි ඇති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අමතා මනාසේ සකස් කළ අසපුවක් ද සිත්කලු වූ පන්සලක් ද මවාලව යි අණ කෙළේ යි.

108. සක‍්කස‍්ස වචනං සුත්‍වා විස‍්සකම‍්මො මහිද‍්ධිකො අස‍්සමං සුකතං රම‍්මං පණ‍්ණසාලං සුමාපයී”,

108. මහර්ද්ධි ඇති විශ්වකර්‍ම තෙම සක්දෙව් රජහුගේ වචනය අසා මනාකොට සකස් කළ අසපුවක් ද සිත්කලු පන්සලක් ද මැවී.

109. අජ‍්ඣොගහෙත්‍වා පවනං අප‍්පසද‍්දං නිරාකුලං. චතුරො ජනා මයං තත්‍ථ වසාම පබ‍්බතන‍්තරෙ.

109. නිශ්ශබ්ද වූ නිරාකුල වූ මහවනයට පිවිස අපි සතරදෙනමෝ එහි ගල් අතර වාස කළම්හ.

110. අහඤ‍්ච මද‍්දිදෙවී ච ජාලී කණ‍්හාජිනා චුභො අඤ‍්ඤමඤ‍්ඤං සොකනුදා වසාම අස‍්සමෙ තදා.

110. එකල ජාලිය කෘෂ්ණජිනා යන දෙදරුවන් ද මද්‍රීදේවිය ද මම් ද ඔවුනොවුන් නිසා ශෝකය දුරු කෙරෙමින් ඒ ආශ්‍රමයෙහි වාස කළම්හ.

111. දාරකෙ අනුරක‍්ඛන‍්තො අසුඤ‍්ඤො හොමි අස‍්සමෙ මද‍්දී ඵලං ආහරති පොසෙති සා තයො ජනෙ.

111. මම අසපුයෙහි දෙදරුවන් රක්මින් එය නො සිස් කෙරෙමින් වෙසෙමි. මද්‍රීදේවී ඵලාඵල ගෙන එයි. ඕ තොමෝ අප තිදෙන පෝෂණය කෙරෙයි.

112. පවනෙ වසමානස‍්ස අද‍්ධිකො මං උපාගමි ආයාචි පුත‍්තකෙ මය‍්හං ජාලිං කණ‍්හාජිනඤ‍්චුභො.

112. (මෙසේ) මහාවනයෙහි වාස කරන කල මගියෙක් මා වෙත එළඹියේ ය. හේ ජාලිය කෘෂ්ණජිනා යන මාගේ දරුවන් දෙදෙන ඉල්ලා සිටියේ ය.

113. යාචකං උපගතං දිස‍්වා හාසො මෙ උපපජ‍්ජථ උභො පුත‍්තෙ ගහෙත්‍වාන අදාසිං බ්‍රාහ‍්මණෙ තදා.

113. පැමිණි යාචකයා දැක මට සොම්නස් උපන. එකල්හි දෙදරුවන් ගෙන බමුණට දුනිමි.

114. සකෙ පුත‍්තෙ චජන‍්තස‍්ස ජුජකෙ බ්‍රාහ‍්මණෙ යදා තදාපි පඨවී කම‍්පි සිනෙරුවනවටංසකා.

114. යම් කලෙක ජූජක බමුණුට තම පුතුන් දිනිම් ද එකල්හි මා දෙනුවහට මහාමේරුපර්‍වතවනයන් මුදුන් මල් කොට ඇති මහා ධරණී තොමෝ කම්පිත වූ ය.

115. පුනදෙව සක‍්කො ඔරුය‍්හ හුත්‍වා බ්‍රාහ‍්මණසන‍්නිභො ආයාචිමං මද‍්දිදෙවිං සීලවන‍්තිං පතිබ‍්බතං.

115. නැවත ද ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දෙව්ලොවින් බැස බමුණකු වැනි වෙස් ඇති ව සිල්වත් වූ පතිවත් දහමින් යුත් මද්‍රීදේවිය මාගෙන් ඉල්ලීය.

116. මද‍්දිං හත්‍ථෙ ගහෙත්‍වාන උදකඤ‍්ජලි පූරිය පසන‍්තමනසඞ‍්කප‍්පො තස‍්ස මද‍්දිමදාසහං.

116. මද්‍රීදේවිය අත්හි ගෙන දියෙන් (බමුණුගේ) ඇඳිලි පුරවා ප්‍රසන්න වූ චිත්ත සංකල්පනා ඇති ව ඔහුට මද්‍රීදේවිය මම දුනිමි.

117. මද‍්දියා දීයමානාය ගගනෙ දෙවා පමොදිතා තදාපි පඨවී කම‍්පි සිනෙරුවනවටංසකා.

117. මද්‍රීදේවිය දෙනු ලබන කල්හි ගුවන් තෙලෙහි සිටි දෙවියෝ ද සතුටු වූහ. එකල්හි දු මහාමේරුපර්‍වතවනගහන මුදුන්මල් කොට ඇති මහා මේදිනී තොමෝ කම්පිත වූය.

118. ජාලිං කණ‍්හාජිනං ධීතං මද‍්දිදෙවිං පතිබ‍්බතං චජමානො න චින‍්තෙසිං බොධියායෙව කාරණා.

118. ජාලිය පුත්‍රයා ද කෘෂ්ණජිනා පුත්‍රිකාව ද මද්‍රීදේවිය ද පරිත්‍යාග කරන්නා වූ මම සර්‍වඥතාප්‍රතිලාභය ම කාරණ කොට තැවුල් වශයෙන් නො සිතුයෙමි,

119. න මෙ දෙස‍්සා උභො පුත‍්තා මද‍්දි දෙවි න දෙස‍්සියා සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං තස‍්මා පියෙ අදාසහං.

119. පුත්‍රයෝ දෙදෙන මට අප්‍රිය නො වෙත්. මද්‍රීදේවිය ද අප්‍රිය නො වේ. සර්‍වඥතා ඥානය මට ප්‍රියවෙයි. එහෙයින් ප්‍රිය වූ අඹුදරුවන් දුන්මි.

120. පුනාපරං බ්‍රහාරඤ‍්ඤෙ මාතාපිතුසමාගමෙ කරුණං පරිදෙවන‍්තෙ’ සල‍්ලපන‍්තෙ සුඛං දුඛං

120. නැවත ද මහාවනයෙහි දී මවුපියන්ගේ සමාගමයෙහි දුක්පත් වැ හඬන කල්හි, සුඛදුඃඛ සල්ලාප කරන කල්හි.

121. හිරොත‍්තප‍්පෙන ගරුනා උභින‍්නං උපසඞ‍්කමිං තදාපි පඨවී කම‍්පි සිනෙරුවනවටංසකා.

121. බලවත් හිරිඔතප් දෙකින් යුක්ත ව මවුපියන් කරා එළැඹියෙමි. එකල්හි ද මහාමේරුපර්‍වතවනගහන ශෙඛර කොට ඇති වසුධාඞ්ගනා තොමෝ කම්පා වූ ය.

122. පුනාපරං බ්‍රහාරඤ‍්ඤෙ නික‍්ඛමිත්‍වා සඤාතිභි පවිසාමි පුරං රම‍්මං ජෙතුත‍්තර පුරුත‍්තමං.

122. යළි ස්වකීය වූ ඥාතීන් හා සමඟ මහාවනයෙන් නික්ම නගර ශ්‍රේෂ්ඨ වූ උතුම් ජයතුරා නුවරට පිවිසියෙමි.

123. රතනානි සත‍්ත වස‍්සිංසු මහාමෙඝො පවස‍්සථ තදාපි පඨවී කම‍්පි සිනෙරුවනවටංසකා.

123. එකල්හි ද සත්රුවන් වැසි වට. මහමේ වට, මහාමේරු පර්‍වත වන ගහන මෞලි කොට ඇති වසුධාඩ්ගනා තොමෝ කම්පා වූ ය.

124. අචෙතනා’යං පඨවී අවිඤ‍්ඤාය සුඛං දුඛං සාපි දානබලා මය‍්හං සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථාති.

124. චේතනා රහිත සුවදුක් නොදත් මේ මහාපෘථිවී තොමෝ මාගේ දානබලයෙන් සත්වරක් කම්පා වූ ය.

වෙස‍්සන‍්තරචරියං නවමං.

නවවන වෙස්සන්තර චරියා යි.