යෙදුමෙන් කියවන්න

9. වෙස‍්සන‍්තරචරියාවණ‍්ණනා අට‍්ඨකථා

9. වෙස‍්සන‍්තරචරියාවණ‍්ණනා

9. වෙස්සන්තර චරියා වර්ණනාව

67. “යාමෙ අහොසි ජනිකා ඵුසතී නාම ඛත්තියා සා අතීතාසු ජාතීසු සක්කස්ස මහෙසිපියා” (චරියා පිටක)

මාගේ මව වූ ඵුසතී නම් ක්‍ෂත්‍රියාවක් වී ද ඕතොමෝ අතීත ජාතීන්හි සක් දෙව් රජුගේ ද මෙහෙසිය වූවාය.

නවමෙ යා මෙ අහොසි ජනිකාති එත්‍ථ මෙති වෙස‍්සන‍්තරභූතං අත‍්තානං සන්‍ධාය සත්‍ථා වදති. තෙනෙවාහ – “ඵුස‍්සතී නාම ඛත‍්තියා”ති. තදා හිස‍්ස මාතා “ඵුස‍්සතී”ති එවංනාමිකා ඛත‍්තියානී අහොසි. සා අතීතාසු ජාතීසූති සා තතො අනන‍්තරාතීතජාතියං. එකත්‍ථෙ හි එතං බහුවචනං. සක‍්කස‍්ස මහෙසී පියා අහොසීති සම‍්බන්‍ධො. අථ වා යා මෙ අහොසි ජනිකා ඉමස‍්මිං චරිමත‍්තභාවෙ, සා අතීතාසු ජාතීසු ඵුස‍්සතී නාම, තත්‍ථ අතීතාය ජාතියා ඛත‍්තියා, යත්‍ථාහං තස‍්සා කුච‍්ඡිම‍්හි වෙස‍්සන‍්තරො හුත්‍වා නිබ‍්බත‍්තිං, තතො අනන‍්තරාතීතාය සක‍්කස‍්ස මහෙසී පියා අහොසීති. තත්‍රායං අනුපුබ‍්බිකථා –

නවවෙනි (වෙස්සන්තර චරිතයෙහි) “යා මෙ අහොසි ජනිකා” යන මෙහි “මෙ” යන්නෙන් වෙස්සන්තර නම් වූ තමන්වහන්සේ සඳහා ශාස්තෲන් වහන්සේ දේශනා කරති. එහෙයින් කියන ලදි. “ඵුසතීනාම ඛත්තියා” යනු එකල්හි බෝසතුන්ගේ මව “ඵුසතී” නම් ක්‍ෂත්‍රියාවක් වූවාය. “සා අතීතාසු ජාතිසු” යනු ඇය එයින් අනතුරු අතීත ජාතීන්හි. මෙය ඒක වචනාර්ථයෙහි වුවත් බහු වචනයකි. “සක්කස්ස මහෙසියා” ශක්‍රයාගේ “මෙහෙසිය වූවා” යයි සම්බන්‍ධ වේ. නැතහොත් මේ අන්තිම ආත්මභාවයෙහි (මහාමායා නම් වූ) යම් තැනැත්තියක් මාගේ මව වූවා ද ඇය අතීත ජාතීන් අතුරෙන් එක් අතීත ජාතියක ඵුසතී නම් ක්‍ෂත්‍රියාවක් වූවාය. එහිදී මම ඇගේ කුසෙහි වෙස්සන්තර නමින් උපන්මි. ඇය මීට අනතුරු අතීත ජාතියෙහි ශක්‍රයාගේ මෙහෙසිය ද වූවාය. එහි මේ අනු පිළිවෙළ කථාවයි.

ඉතො හි එකනවුතෙ කප‍්පෙ විපස‍්සී නාම සත්‍ථා ලොකෙ උදපාදි. තස‍්මිං බන්‍ධුමතීනගරං උපනිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ බන්‍ධුමා රාජා කෙනචි රඤ‍්ඤා පෙසිතං මහග‍්ඝං චන්‍දනසාරං අත‍්තනො ජෙට‍්ඨධීතාය අදාසි. සා තෙන සුඛුමං චන්‍දනචුණ‍්ණං කාරෙත්‍වා සමුග‍්ගං පූරෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සුවණ‍්ණවණ‍්ණං සරීරං පූජෙත්‍වා සෙසචුණ‍්ණානි ගන්‍ධකුටියං විකිරිත්‍වා “භන‍්තෙ, අනාගතෙ තුම‍්හාදිසස‍්ස බුද‍්ධස‍්ස මාතා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සා තතො චුතා තස‍්සා චන්‍දනචුණ‍්ණපූජාය ඵලෙන රත‍්තචන්‍දනපරිප‍්ඵොසිතෙන විය සරීරෙන දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තී තාවතිංසභවනෙ සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො අග‍්ගමහෙසී හුත්‍වා නිබ‍්බත‍්ති. අථස‍්සා ආයුපරියොසානෙ පුබ‍්බනිමිත‍්තෙසු උප‍්පන‍්නෙසු සක‍්කො දෙවරාජා තස‍්සා පරික‍්ඛීණායුකතං ඤත්‍වා තස‍්සා අනුකම‍්පාය “භද‍්දෙ, ඵුස‍්සති දස තෙ වරෙ දම‍්මි, තෙ ගණ‍්හස‍්සූ”ති ආහ. තෙන වුත‍්තං –

මෙයින් අනූ එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ බන්‍ධුමතී නුවර ඇසුරු කොට ඛේම නම් මිගදායෙහි වැඩ වසන කල්හි බන්‍ධුමතී රජ කිසියම් රජෙකු විසින් එවන ලද ඉතා වටිනා සඳුන් අරටුවක් තමාගේ දෙටු දියණියට දුන්නේය. එයින් සියුම් ලෙස සඳුන් කුඩු කරවා කරඬුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සඳුන් කුඩු ගඳකිළියෙහි විසුරුවා “ස්වාමීනි, අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමි”යි ප්‍රාර්ථනා කළාය. ඇය එයින් චුතව ඒ සඳුන් කුඩු පූජාවේ විපාක වශයෙන් රත් හඳුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නේ තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී උපන්නීය. ඉක්බිති ඇයගේ ආයු කෙළවර පෙරනිමිති පහළ වූ කල්හි සක්දෙව් රජු ඇයගේ ආයුෂ ක්‍ෂය වී ඇති බව දැන ඇයට අනුකම්පා පිණිස “සොඳුර එුසතිය, නුඹට වර දහයක් දෙමි. ඒවා ගනුව”යි කීවේය. එහෙයින්,

“තස‍්සා ආයුක‍්ඛයං ඤත්‍වා, දෙවින්‍දො එතදබ්‍රවි; ‘දදාමි තෙ දස වරෙ, වර භද‍්දෙ යදිච‍්ඡසී’”ති.

68. “තස්සා ආයුක්‍ඛ යං ඤත්‍වා දෙවින්‍දො එතදබ්‍රවී දදාමි තෙ දසවරෙ වර භද්දෙ යදිච්ඡාසි

69. එවං වුත්තා ච සා දෙවි සක්කං පුනිදමබ්‍රැවී කින්නුමෙ අපරාධත්‍ථි කින්නු දෙස්සා අහං තව රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං

70. එවං වුත්තො ච සො සක්කො පුන තස්සි දමබ්‍රවී න චෙව තෙ කතං පාපං න ච මෙ ත්‍වමසි අප්පි යා” (චරියා පිටක)

“ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම ඇයගේ ආයු ක්‍ෂය වීම දැන “සොඳුරු තිට වර දහයක් දෙමි. යමක් කී කැමැත්තෙහි ද ඒ ගනුවයි කීවේය.

මෙසේ (ශක්‍රයා විසින්) කියන ලද්දා වූ ඒ දේවි තොමෝ ද නැවත සක්දෙවිඳු හට “කිම මාගේ අපරාධයක් (වරදක්) ඇත්තේ ද? කුමන කරුණකින් මම නුඹ වහන්සේට අප්‍රිය වේද ගසක් හෙළන්නා වූ මාරුතයක් මෙන් සිත්කලු වූ මෙතනින් මා පහ කරන්නෙහිදැයි මේ වචනය කීවාය.

මෙසේ (ඇය විසින්) කියන ලද ඒ සක්දෙව් රජ තෙමේ ද නැවත මෙහෙසියට “තී විසින් වරදක් ද නොකරන ලද්දේමය. තී මට අප්‍රිය ද නොවෙහි”යි යනුවෙන් කියන ලදී.

තත්‍ථ වරාති වරස‍්සු වරං ගණ‍්හ. භද‍්දෙ, යදිච‍්ඡසීති, භද‍්දෙ, ඵුස‍්සති යං ඉච‍්ඡසි යං තව පියං, තං දසහි කොට‍්ඨාසෙහි “වරං වරස‍්සු පටිග‍්ගණ‍්හාහී”ති වදති.

එහි “වර “ යනු වරය ගනුව, “භද්දෙ” එුසතිය “යං ඉච්ඡසි” ඒ වරය කොටස් දහයකින් යුක්තය. යමක් ඔබට ප්‍රියවේද එය ගනුවයි කියයි.

පුනිදමබ්‍රවීති පුන ඉදං සා අත‍්තනො චවනධම‍්මතං අජානන‍්තී “කිං නු මෙ අපරාධත්‍ථී”තිආදිකං අභාසි. සා හි පමත‍්තා හුත්‍වා අත‍්තනො ආයුක‍්ඛයං අජානන‍්තී අයං “වරං ගණ‍්හා”ති වදන‍්තො “කත්‍ථචි මම උප‍්පජ‍්ජනං ඉච‍්ඡතී”ති ඤත්‍වා එවමාහ. තත්‍ථ අපරාධත්‍ථීති අපරාධො අත්‍ථි. කිං නු දෙස‍්සා අහං තවාති කිං කාරණං අහං තව දෙස‍්සා කුජ‍්ඣිතබ‍්බා අප‍්පියා ජාතා. රම‍්මා චාවෙසි මං ඨානාති රමණීයා ඉමස‍්මා ඨානා චාවෙසි. වාතොව ධරණීරුහන‍්ති යෙන බලවා මාලුතො විය රුක‍්ඛං උම‍්මූලෙන‍්තො ඉමම‍්හා දෙවලොකා චාවෙතුකාමොසි කිං නු කාරණන‍්ති තං පුච‍්ඡති.

“පුනිදමබ්‍රවී” යනු නැවත ඈ තමාගේ චුත වීම නො දන්නී “කින්නු මෙ අපරාධත්‍ථි” (කිමෙක්ද මාගේ අපරාධයක් ඇත්තේ ද?) යනාදිය කීවාය. ඇය වනාහි පමා වූවා තමාගේ ආයුෂ අවසන් බව නොදන්නී “වරයක් ගනුව”යි මෙතෙම කියන්නේ “කිසියම් තැනක මගේ ඉපදීම කැමැත්තේ යයි දැන මෙසේ කීවාය. එහි “අපරාධත්‍ථි” යනු අපරාධයක් (වරදක්) ඇත. “කින්නු දෙස්සා අහං තව” යනු කුමන කරුණක් නිසා මම නුඹට අප්‍රිය වෙම්ද කිපිය යුතුවෙම්ද අප්‍රිය බවක් හටගත්තෙම්ද? “රම්මා චාවෙසි මං ඨානා” යනු රමණීය මේ ස්ථානයෙන් පහකරන්නෙහි, “වාතොව ධරණීරුහං” යනු යම් බලවත් සුළඟකින් ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මේ දිව්‍යලෝකයෙන් පහකරනු කැමැත්තෙහි, එයට කරුණ කිමෙක්දැයි ඔහුගෙන් විමසයි.

තස‍්සිදන‍්ති තස‍්සා ඉදං. න චෙව තෙ කතං පාපන‍්ති න චෙව තයා කිඤ‍්චි පාපං කතං යෙන තෙ අපරාධො සියා. න ච මෙ ත්‍වංසි අප‍්පියාති මම ත්‍වං න චාපි අප‍්පියා, යෙන දෙස‍්සා නාම මම අප‍්පියාති අධිප‍්පායො.

“තස්සිදං” යනු ‘තස්සා ඉදං’ (ඇයට මෙය), “නචෙව තෙ කතං පාපං” යනු යමක් කරණ කොට ගෙන නුඹට වරදක් වන්නේ ද නුඹ විසින් කළ එබඳු කිසිම පාපයක් නැත්තේමය, “න ච මෙ ත්‍වංසි අප්පියා” යනු මට නුඹ අප්‍රිය ද නොවේමය. කවර වරදකින් නම් මට අප්‍රිය වන්නේ ද යන අදහසයි.

ඉදානි යෙන අධිප‍්පායෙන වරෙ දාතුකාමො, තං දස‍්සෙන‍්තො “එත‍්තකංයෙව තෙ ආයු, චවනකාලො භවිස‍්සතී”ති වත්‍වා වරෙ ගණ‍්හාපෙන‍්තො “පටිග‍්ගණ‍්හ මයා දින‍්නෙ, වරෙ දස වරුත‍්තමෙ”ති ආහ.

දැන් යම් අදහසකින් වරයන් දෙනු කැමැත්තේ ද එය දක්වන්නේ, “එත්තකං යෙව තෙ ආයුං චවනකාලො භවිස්සති” (තිගේ ආයුෂ මෙපමණය. චුතවන කාලය එළඹ සිටියේය)යි කියා වරයන් ගන්වන්නේ “පටිගණ්හ මයා දින්නෙ වරෙ දස වරුත්තමෙ” (මා විසින් දෙන ලද උතුම් වර දහය පිළිගනුව)යි කීවේය.

72. “සක්කෙන සා දින්න වරා තුට්ඨ හත්‍ථා පමොදිකා මමං අබ්හන්තරං කත්‍වා ඵුසතී දසවරෙ වරි”

ශක්‍රයා විසින් දෙන ලද වරයථ ඇති තුටු පහටු වූ ප්‍රමුදිත වූ සිත් ඇති ඒ ඵුසති දේවිය ඒ වරයන් ඇතුළෙහි මා (තමා) ඇතුළත් කොට ඒ වර දහය ගත්තාය.

තත්‍ථ වරුත‍්තමෙති වරෙසු උත‍්තමෙ අග‍්ගවරෙ.

එහි “වරුත්තමෙ” යනු වරයන් අතර උතුම් වූ, අග්‍රවරයන්

දින‍්නවරාති “වරෙ දස‍්සාමී”ති පටිඤ‍්ඤාදානවසෙන දින‍්නවරා. තුට‍්ඨහට‍්ඨාති ඉච‍්ඡිතලාභපරිතොසෙන තුට‍්ඨා චෙව තස‍්ස ච සිඛාප‍්පත‍්තිදස‍්සනෙන හාසවසෙන හට‍්ඨා ච. පමොදිතාති බලවපාමොජ‍්ජෙන පමුදිතා. මමං අබ‍්භන‍්තරං කත්‍වාති තෙසු වරෙසු මං අබ‍්භන‍්තරං කරිත්‍වා. දස වරෙ වරීති සා අත‍්තනො ඛීණායුකභාවං ඤත්‍වා සක‍්කෙන වරදානත්‍ථං කතොකාසා සකලජම‍්බුදීපතලං ඔලොකෙන‍්තී අත‍්තනො අනුච‍්ඡවිකං සිවිරඤ‍්ඤො නිවෙසනං දිස‍්වා තත්‍ථ තස‍්ස අග‍්ගමහෙසිභාවො නීලනෙත‍්තතා නීලභමුකතා ඵුස‍්සතීතිනාමං ගුණවිසෙසයුත‍්තපුත‍්තපටිලාභො අනුන‍්නතකුච‍්ඡිභාවො අලම‍්බත්‍ථනතා අපලිතභාවො සුඛුමච‍්ඡවිතා වජ‍්ඣජනානං මොචනසමත්‍ථතා චාති ඉමෙ දස වරෙ ගණ‍්හි.

“දින්නවරා” යනු වරයන් දෙන්නෙමියි ප්‍රතිඥා දීම් වශයෙන් දෙන ලද වරයන්, “තුට්ඨ හට්ඨා” යනු කැමති දේ ලැබීමෙන් සතුටු වීම් වශයෙන් “තුට්ඨ” ද එය මුදුන්පත් වීම දැකීමෙන් සිනාසීම් වශයෙන් ‘හට්ඨ’ ද, “පමොදිතා” යනු බලවත් ප්‍රීතියෙන් ප්‍රමුදිත වූ, “මමං අබ්හන්තරං කත්‍වා” යනු ඒ වරයන් අතරෙහි මා ඇතුළත් කොට, “දස වරෙ වරි” යනු ඕතොමෝ තමාගේ ආයුෂ ක්‍ෂය වූ බව දැන සක්දෙව් රජු විසින් වර දෙනු සඳහා කරන ලද අවකාශ ඇත්තේ සියලු දඹදිව් තලය බලන්නී තමාට සුදුසු සිවිරජුගේ නිවෙස්න දැක එහි ඒ රජුගේ අගමෙහෙසි බව ය, නිල්වන් ඇස් ඇති බව ය, නිල්වන් බැම ඇති බව ය, ‘ඵුසති’ යන නම ඇති බව ය, ගුණ විශේෂයෙන් යුත් පුත්‍රප්‍රති ලාභය, උස් නොවූ කුස ඇති බව ය, නොඑල්බෙන පියයුරු ඇති බව ය, නොපැසුණු හිසකේ ඇති බව ය, සියුම් සම ඇති බව ය, වදයට පැමිණි ජනයන් මුදවන්නට හැකි බව ය යන මේ වර දහය ගත්තේය.

ඉති සා දස වරෙ ගහෙත්‍වා තතො චුතා මද‍්දරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. ජායමානා ච සා චන්‍දනචුණ‍්ණපරිප‍්ඵොසිතෙන විය සරීරෙන ජාතා. තෙනස‍්සා නාමග‍්ගහණදිවසෙ “ඵුස‍්සතී” ත්‍වෙව නාමං කරිංසු. සා මහන‍්තෙන පරිවාරෙන වඩ‍්ඪිත්‍වා සොළසවස‍්සකාලෙ උත‍්තමරූපධරා අහොසි. අථ නං ජෙතුත‍්තරනගරෙ සිවිමහාරාජා පුත‍්තස‍්ස සඤ‍්ජයකුමාරස‍්සත්‍ථාය ආනෙත්‍වා සෙතච‍්ඡත‍්තං උස‍්සාපෙත්‍වා තං සොළසන‍්නං ඉත්‍ථිසහස‍්සානං ජෙට‍්ඨකං කත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. තෙන වුත‍්තං –

මෙසේ ඈ වරයන් ගෙන එයින් චුතව මදුරජුගේ අගමෙහෙසිය කුස උපන්නීය. ඇය උපදිනු ලබන්නී සඳුන් සුණු තවරණ ලද්දක් බඳු ශරීර ඇතිව උපන්නීය. එහෙයින් ඇයට නම් තබන දිනයෙහි ‘ඵුසති’ යයි නම් කළහ. ඈ මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි කල උතුම් රූප ඇත්තියක් වූවාය. ඉක්බිති ඇය ජේතුත්තර නගරයෙහි සිවුමහ රජුගේ පුතා වූ සඤ්ජය කුමාරයා සඳහා කැඳවා සේසත් නංවා ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබීය. එහෙයින්

“තතො චුතා සා ඵුස‍්සතී, ඛත‍්තියෙ උපපජ‍්ජථ; ජෙතුත‍්තරම‍්හි නගරෙ, සඤ‍්ජයෙන සමාගමී”ති.

73. “තතො චුතා සා ඵුසතී ඛන්තියෙ උප්පජ්ජථ ජෙතුත්තරම්හි නගරෙ සඤ්ජයෙන සමාගමී”

“ඒ ඵුසතී තොමෝ ඉන් චුත වූවා ක්‍ෂත්‍රිය වංසයෙහි උපන්නීය. ජේතුත්තර නම් නගරයෙහි සඤ්ජය නම් කුමාරයා සමග එක්වූවා” යයි කියන ලදී.

සා සඤ‍්ජයරඤ‍්ඤො පියා අහොසි මනාපා. අථ සක‍්කො ආවජ‍්ජෙන‍්තො “මයා ඵුස‍්සතියා දින‍්නවරෙසු නව වරා සමිද‍්ධා”ති දිස‍්වා “පුත‍්තවරො න සමිද‍්ධො, තම‍්පිස‍්සා සමිජ‍්ඣාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා බොධිසත‍්තං තදා තාවතිංසදෙවලොකෙ ඛීණායුකං දිස‍්වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “මාරිස, තයා මනුස‍්සලොකෙ සිවිසඤ‍්ජයරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හිතුං වට‍්ටතී”ති තස‍්ස චෙව අඤ‍්ඤෙසඤ‍්ච චවනධම‍්මානං සට‍්ඨිසහස‍්සානං දෙවපුත‍්තානං පටිඤ‍්ඤං ගහෙත්‍වා සකට‍්ඨානමෙව ගතො. මහාසත‍්තොපි තතො චවිත්‍වා තත්‍ථුප‍්පන‍්නො. සෙසා දෙවපුත‍්තාපි සට‍්ඨිසහස‍්සානං අමච‍්චානං ගෙහෙසු නිබ‍්බත‍්තිංසු. මහාසත‍්තෙ කුච‍්ඡිගතෙ ඵුස‍්සතිදෙවී චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ නිවෙසනද‍්වාරෙති ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං ඡසතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා දානං දාතුං දොහළිනී අහොසි. රාජා තස‍්සා දොහළං සුත්‍වා නෙමිත‍්තකෙ බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡිත්‍වා “මහාරාජ, දෙවියා කුච‍්ඡිම‍්හි දානාභිරතො උළාරො සත‍්තො උප‍්පන‍්නො, දානෙන තිත‍්තිං න පාපුණිස‍්සතී”ති සුත්‍වා තුට‍්ඨමානසො වුත‍්තප‍්පකාරං දානං පට‍්ඨපෙසි. සමණබ්‍රාහ‍්මණජිණ‍්ණාතුරකපණද‍්ධිකවනිබ‍්බකයාචකෙ සන‍්තප‍්පෙසි. බොධිසත‍්තස‍්ස පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය රඤ‍්ඤො ආයස‍්ස පමාණං නාහොසි. තස‍්ස පුඤ‍්ඤානුභාවෙන සකලජම‍්බුදීපෙ රාජානො පණ‍්ණාකාරං පහිණන‍්ති. තෙන වුත‍්තං –

ඕතොමෝ සඤ්ජය රජුට ප්‍රිය මනාප වූවාය. ඉක්බිති සක්දෙව් රජ සිහිකරන්නේ මවිසින් ඵුසති දේවියට දුන් වර අතුරෙන් වර නමයක් සමෘද්ධ වූ බව දැක “පුත්‍රවරය සමෘද්ධ නොවීය. ඇයගේ එයද සමෘද්ධ කරවන්නෙමි” සිතා ඒ වන විට තව්තිසා දෙව්ලොව ක්‍ෂය වූ ආයුෂ ඇති බෝධිසත්ත්‍වයන් දැක උන්වහන්සේ සමීපයට ගොස් නිදුකාණෙනි, නුඹවහන්සේ විසින් මිනිස්ලොව සිවිසඤ්ජය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගැනීමට වටීය”යි කියා උන්වහන්සේගෙන්ද දෙව්ලොවින් චුත වන්නාවූ අනිකුත් හැටදහසක් දිව්‍ය පුත්‍රයන්ගෙන් ද ප්‍රතිඥා ගෙන ශක්‍රභවනයටම ගියේය. බෝධිසත්ත්‍වයන් වහන්සේ ද එතනින් චුතව එහි උපන්හ. සෙසු දිව්‍ය පුත්‍රයෝද හැට දහසක් අමාත්‍යවරුන්ගේ නිවෙස්වල උපන්හ. බෝධිසත්ත්‍වයන් කුස පිළිසිඳගත් කල්හි ඵුසති දේවියට නගර දොරටු හතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහි ද වශයෙන් දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්‍ෂයක් වියදම් කොට දන් දීමට දොළදුකක් පහල විය. රජතුමා එතුමියගේ දොළ දුක අසා නිමිති දන්නා වූ බ්‍රාහ්මණයන් කැඳවා මේ ගැන විමසා “මහරජ, දේවියගේ කුසෙහි දානයෙහි ඇලුම් ඇති උදාර සත්ත්‍වයෙක් පිළිසිඳගත්තේය. (ඔහු) දානයෙන් තෘප්තියට නොපැමිණෙන්නේ යයි අසා සතුටු වූ සිත් ඇත්තේ යට කියන ලද පරිදි දානය පිහිටුවීය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මහල්ලන්, රෝගීන්, දුගී මගී යාචකයන් සතුටු කරවීය. බෝධිසත්ත්‍වයන් පිළිසිඳගත් දින පටන් රජුගේ ආදායම මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකි විය. එතුමන්ගේ පුණ්‍යානුභාවයෙන් සියලු දඹදිව රජවරු පඬුරු යවති. එහෙයින්,

“යදාහං ඵුස‍්සතියා කුච‍්ඡිං, ඔක‍්කන‍්තො පියමාතුයා; මම තෙජෙන මෙ මාතා, තදා දානරතා අහු.

74 “තදාහං ඵුසතියා කුච්ඡිං ඔක්කන්තො පියමාතුයා මම තෙජෙන මෙ මාතා තදා දානරතා අහු”

“අධනෙ ආතුරෙ ජිණ‍්ණෙ, යාචකෙ අද‍්ධිකෙ ජනෙ; සමණෙ බ්‍රාහ‍්මණෙ ඛීණෙ, දෙති දානං අකිඤ‍්චනෙ”ති;

75. “අධනෙ ආතුරෙ ජිණ්ණෙ යාචකෙ අද්ධි කෙ ජනෙ සමණ බ්‍රාහ්මණෙ ඛීණෙ දෙති දානං අකිඤ්ච නෙ” (චරියා පිටක)

“යම් කලෙක මම ප්‍රිය මාතෘ වූ ඵුසතියගේ කුසට පැමිණියෙම්ද මගේ තේජසින් මාගේ මව්තොමෝ එකල්හි දාන වස්තු පරිත්‍යාගයෙහි ඇලුනීය.

ධනය නැති අයට ද, ලෙඩුන්ට ද, වයස් ගත වූවන්ට ද, යාචකයන්ට ද මගී ජනයාට ද කිසිවක් නොපතන මහණ බමුණන්ට ද (ධනයෙන්) පිරිහුණු මිනිසුන්ට ද දන් දුන්නී යයි කියන ලදී.

තත්‍ථ මම තෙජෙනාති මම දානජ‍්ඣාසයානුභාවෙන. ඛීණෙති භොගාදීහි පරික‍්ඛීණෙ පාරිජුඤ‍්ඤප‍්පත‍්තෙ. අකිඤ‍්චනෙති අපරිග‍්ගහෙ. සබ‍්බත්‍ථ විසයෙ භුම‍්මං. අධනාදයො හි දානධම‍්මස‍්ස පවත‍්තියා විසයො.

එහි “මමතෙජෙන” යනු මගේ දානාධ්‍යාශයාගේ ආනුභාවයෙන්, “ඛීණෙ” යනු භෝගාදිය ක්‍ෂය වී පිරීහීමට පත්වුවත්, “අකිඤ්ච නෙ” යනු අයිතියක් නැත්තන් කෙරෙහි, සියලු තන්හි ආධාර අර්‍ථයෙහි සත්තමී විභක්තියි. ධනය නැත්තෝ ආදීහු දානධර්‍මයාගේ පැවැත්මට ආධාර වෙති.

දෙවී මහන‍්තෙන පරිහාරෙන ගබ‍්භං ධාරෙන‍්තී දසමාසෙ පරිපුණ‍්ණෙ නගරං දට‍්ඨුකාමා හුත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා දෙවනගරං විය නගරං අලඞ‍්කාරාපෙත්‍වා දෙවිං රථවරං ආරොපෙත්‍වා නගරං පදක‍්ඛිණං කාරෙසි. තස‍්සා වෙස‍්සවීථියා මජ‍්ඣප‍්පත‍්තකාලෙ කම‍්මජවාතා චලිංසු. අමච‍්චා රඤ‍්ඤො ආරොචෙසුං. සො වෙස‍්සවීථියංයෙවස‍්සා සූතිඝරං කාරෙත්‍වා ආරක‍්ඛං ගණ‍්හාපෙසි. සා තත්‍ථ පුත‍්තං විජායි. තෙනාහ –

දේවිය මහත් පරිහාරයෙන් (ආරක්‍ෂාවෙන් යුක්තව) ගැබ දරන්නී දසමසක් පිරුණ කල්හි නගරය දකිනු කැමති වී රජුට දැන්වූහ. රජතුමා දේව නගරයක් මෙන් නගරය අලංකාර කරවා දේවිය උතුම් රථයකට නංවා නගරය ප්‍රදක්‍ෂිණා කරවීය. ඇය වෙළඳුන්ගේ වීථිය මැදට පැමිණි කල්හි ඇයගේ කර්‍මජ වාතය කම්පා විය. ඇමතියෝ රජුට දැන්වූහ. රජතුමා වෙළඳුන්ගේ වීථියෙහිම ඇයට සූතිකාගාරයක් කරවා ආරක්‍ෂාව පිහිටුවීය. ඇය එහිදී පුතෙකු බිහි කළාය. එහෙයින්,

“දසමාසෙ ධාරයිත්‍වාන, කරොන‍්තෙ පුරං පදක‍්ඛිණං; වෙස‍්සානං වීථියා මජ‍්ඣෙ, ජනෙසි ඵුස‍්සතී මමං.

76. “දසමාසෙ ධාරයිත්‍වාන කරොන්තෙ පුරපදක්‍ඛිණං වෙස්සා නං වීථියා මජ්ඣෙ ජනෙසි ඵුසති මමං

“න මය‍්හං මත‍්තිකං නාමං, නාපි පෙත‍්තිකසම‍්භවං. ජාතෙත්‍ථ වෙස‍්සවීථියං, තස‍්මා වෙස‍්සන‍්තරො අහූ”ති.

77. න මය්හං මත්තිකං නාමං නපි පෙත්තික සම්භවං ජාතෙත්‍ථ වෙස්සවීථියා තස්මා වෙස්සන්ත රො අහු”ති (චරියා පිටක)

“දස මසක් මුළුල්ලෙහි මවු කුසින් දරා නගර ප්‍රදක්‍ෂිණා කරන කල්හි වෙළඳුන්ගේ වීථිමධ්‍යයෙහි ඵුසතී (දේවිය) මා බිහි කළාය.

මාගේ නාමය මවගෙන් ආයේ නො වෙයි. පිය පසින් ආයේ ද නො වෙයි. වෙළඳුන්ගේ වීථියෙහි උපන් හෙයින් “වෙස්සන්තර” වූයේ යයි. කියන ලදී.

තත්‍ථ කරොන‍්තෙ පුරං පදක‍්ඛිණන‍්ති දෙවිං ගහෙත්‍වා සඤ‍්ජයමහාරාජෙ නගරං පදක‍්ඛිණං කුරුමානෙ. වෙස‍්සානන‍්ති වාණිජානං.

එහි “කරොන්තෙ පුරපදක්‍ඛිණං නං” යනු දේවිය රැගෙන සඤ්ජය මහරජු නගරය ප්‍රදක්‍ෂිණා කරන කල්හි, “වෙස්සානං” යනු වෙළෙන්ඳන්ගේ,

න මත‍්තිකං නාමන‍්ති න මාතුආගතං මාතාමහාදීනං නාමං. පෙත‍්තිකසම‍්භවන‍්ති පිතු ඉදන‍්ති පෙත‍්තිකං , සම‍්භවති එතස‍්මාති සම‍්භවො, තං පෙත‍්තිකං සම‍්භවො එතස‍්සාති පෙත‍්තිකසම‍්භවං, නාමං. මාතාපිතුසම‍්බන්‍ධවසෙන න කතන‍්ති දස‍්සෙති. ජාතෙත්‍ථාති ජාතො එත්‍ථ. “ජාතොම‍්හී”තිපි පාඨො. තස‍්මා වෙස‍්සන‍්තරො අහූති යස‍්මා තදා වෙස‍්සවීථියං ජාතො, තස‍්මා වෙස‍්සන‍්තරො නාම අහොසි, වෙස‍්සන‍්තරොති නාමං අකංසූති අත්‍ථො.

“න මත්තිකං නාමං” යනු මවගෙන් හෝ මවගේ පියා මුල්කොට ඇති අයගෙන් (මව් පසින්) ආ නමක් නොවේ, “පෙත්තික සමභවං” යනු “පිතු ඉදං = පෙන්තිකං” පියාට අයත් මෙය “පෙත්තික” වේ. මෙයින් හටගනී යන අර්‍ථයෙන් “සම්භව” වේ. මොහුට එය පිය පසින් හටගතී යන අර්‍ථයෙන් පෙත්තික සම්භව වේ. නාමයයි, මව්පිය සම්බන්‍ධයෙන් නොකළේයයි දක්වයි. “ජාතෙත්‍ථ” යනු මෙහි උපන්, “ජාතොම්හි” යනුද පාඨයකි. “තස්මා වෙස්සන්තරො අහු” යනු යම්හෙයකින් එදින වෙළඳ වීථියෙහි උපන්නේද, එහෙයින් වෙස්සන්තර නම් විය. “වෙස්සන්තර” යයි නම් කළහ යන අර්‍ථයයි.

මහාසත‍්තො මාතු කුච‍්ඡිතො නික‍්ඛමන‍්තො විසදො හුත්‍වා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වාව නික‍්ඛමි. නික‍්ඛන‍්තමත‍්තෙ එව මාතු හත්‍ථං පසාරෙත්‍වා “අම‍්ම, දානං දස‍්සාමි, අත්‍ථි කිඤ‍්චී”ති ආහ. අථස‍්ස මාතා “තාත, යථාජ‍්ඣාසයං දානං දෙහී”ති හත්‍ථසමීපෙ සහස‍්සත්‍ථවිකං ඨපෙසි. බොධිසත‍්තො හි උම‍්මඞ‍්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ඉමස‍්මිං ජාතකෙ පච‍්ඡිමත‍්තභාවෙති තීසු ඨානෙසු ජාතමත‍්තොව කථෙසි. රාජා මහාසත‍්තස‍්ස අතිදීඝාදිදොසවිවජ‍්ජිතා මධුරඛීරා චතුසට‍්ඨිධාතියො උපට‍්ඨාපෙසි. තෙන සද‍්ධිං ජාතානං සට‍්ඨියා දාරකසහස‍්සානම‍්පි ධාතියො දාපෙසි. සො සට‍්ඨිදාරකසහස‍්සෙහි සද‍්ධිං මහන‍්තෙන පරිවාරෙන වඩ‍්ඪති. තස‍්ස රාජා සතසහස‍්සග‍්ඝනකං කුමාරපිළන්‍ධනං කාරාපෙත්‍වා අදාසි. සො චතුපඤ‍්චවස‍්සිකකාලෙ තං ඔමුඤ‍්චිත්‍වා ධාතීනං දත්‍වා පුන තාහි දීයමානං න ගණ‍්හාති. තං සුත්‍වා රාජා “මම පුත‍්තෙන දින‍්නං සුදින‍්න”න‍්ති වත්‍වා අපරම‍්පි කාරෙසි. තම‍්පි දෙති. දාරකකාලෙයෙව ධාතීනං නවවාරෙ පිළන්‍ධනං අදාසි.

මහාසත්ත්‍වයන් වහන්සේ මව්කුසින් නික්මෙන්නාහු පිරිසිදු වූවෙක්ව ඇස් දල්වා බිහිවූහ. බිහිවූ ඇසිල්ලෙහිම මව දෙසට අත දිගුකොට “මෑණියනි, දානයක් දෙන්නෙමි. කිසිවක් ඇත්තේදැයි විචාළහ. ඉක්බිති ඔහුගේ මෑණියෝ දරුව, කැමති පරිදි දන් දෙව”යි දහසක් ඇති පසුම්බියක් තැබූහ. බෝධිසත්ත්‍වයන් වහන්සේ වනාහි උම්මග්ග ජාතකයෙහි ද මෙම ජාතකයෙහි ද අවසාන ආත්මභාවයේ ද යන අවස්ථා තුනෙහි දී උපන් ඇසිල්ලෙහිම කථා කළහ. රජතුමා මහාසත්ත්‍වයන්ට අතිදීර්‍ඝ ආදි දෝෂයන්ගෙන් තොර වූ මිහිරි කිරි ඇති සිවුසැටක් කිරිමවුවරුන් එළවීය. ඔහු සමග උපන්නා වූ දරුවන් සමග හැට දහසට ද කිරිමවුවරුන් දෙවීය. හෙතෙම හැටදහසක් දරුවන් සමග මහත් පිරිවරින් වැඩේ. රජතුමා එතුමන්ට ලක්‍ෂයක් වටිනා කුමාර පළඳනාවක් කරවා දුන්නේය. හෙතෙම සතර පස් හැවිරිදි කල එය ගලවා කිරිමවුවරුන්ට දී නැවත ඈලා විසින් දෙනු ලබන්නේ නො ගනියි. එය අසා රජතුමා මගේ පුතා විසින් යහපත් දීමනාවක් දෙන ලද්දේ යයි කියා තවෙකක් කරවීය. එය ද දෙයි. ළදරු කාලයේම කිරි මව්වරුන්ට නව වරක් පළඳනා දුනි.

අට‍්ඨවස‍්සිකකාලෙ පන සයනපීඨෙ නිසින‍්නො චින‍්තෙසි – “අහං බාහිරකදානං දෙමි, න තං මං පරිතොසෙති, අජ‍්ඣත‍්තිකදානං දාතුකාමොම‍්හි. සචෙ හි මං කොචි හදයං යාචෙය්‍ය, හදයං නීහරිත්‍වා දදෙය්‍යං. සචෙ අක‍්ඛීනි යාචෙය්‍ය, අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා දදෙය්‍යං. සචෙ සකලසරීරෙ මංසං රුධිරම‍්පි වා යාචෙය්‍ය, සකලසරීරතො මංසං ඡින්‍දිත්‍වා රුධිරම‍්පි අසිනා විජ‍්ඣිත්‍වා දදෙය්‍යං. අථාපි කොචි ‘දාසො මෙ හොහී’ති වදෙය්‍ය, අත‍්තානං තස‍්ස සාවෙත්‍වා දදෙය්‍ය”න‍්ති. තස‍්සෙවං සභාවං සරසං චින‍්තෙන‍්තස‍්ස චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලා අයං මහාපථවී උදකපරියන‍්තං කත්‍වා කම‍්පි. සිනෙරුපබ‍්බතරාජා ඔනමිත්‍වා ජෙතුත‍්තරනගරාභිමුඛො අට‍්ඨාසි. තෙන වුත‍්තං –

අට හැවිරිදි කල සයනය මත හුන්නේ මෙසේ සිතීය. “මම බාහිර වස්තු දන් දෙමි. එය මා සතුටු නො කරයි. ආධ්‍යාත්මික දානයක් දෙනු කැමැත්තෙමි. ඉදින් කිසිවෙක් මගෙන් හදවත ඉල්ලන්නේ නම් හදවත බැහැර කොට දෙන්නෙමි. ඉදින් ඇස් ඉල්ලන්නේ නම් ඇස් උපුටා දෙන්නෙමි. ඉදින් සියලු ශරීරයෙහි මස් හෝ ලේ ඉල්ලන්නේනම් සියලු ශරීරයෙහි මස් සිඳ කඩුවෙන් විද ලේ ද දෙන්නෙමි. නැවත ද කිසිවෙක් මගේ දාසයා වෙවයි මට කියන්නේ නම් තමා ඔහුට (මම දාස වෙමි’යි) අස්වාලා දෙන්නෙමියි යනුවෙනි. මෙසේ බෝධිසත්ත්‍වයන් වහන්සේ යථාභූත ස්වභාවය හා කෘත්‍යයන් සිතමින් සිටියදී යොදුන් දෙලක්‍ෂ හතළිස් දහසක් ඝන වූ මේ මහ පොළොව දිය කෙළවර කොට කම්පා විය. මහාමේරු පර්‍වත රාජයා නැමී ජේතුත්තර නගරයට අභිමුඛව සිටියේය. එහෙයින්,

“යදාහං දාරකො හොමි, ජාතියා අට‍්ඨවස‍්සිකො; තදා නිසජ‍්ජ පාසාදෙ, දානං දාතුං විචින‍්තයිං.

78. “යදාහං දාරකො හොමි ජාතියා අට්ඨ වස්සිකො තදා නිසජ්ජ පාසාදෙ දානං දාතුං විචින්තයිං

“හදයං දදෙය්‍යං චක‍්ඛුං, මංසම‍්පි රුධිරම‍්පි ච; දදෙය්‍යං කායං සාවෙත්‍වා, යදි කොචි යාචයෙ මමං.

79. හදයං දදෙය්‍යං චක්‍ඛුං මංසම්පි රුහිරම්පිච දදෙය්‍යං කායං සාවෙත්‍වා යදි කොචි යාචයෙ මමං

“සභාවං චින‍්තයන‍්තස‍්ස, අකම‍්පිතමසණ‍්ඨිතං; අකම‍්පි තත්‍ථ පථවී, සිනෙරුවනවටංසකා”ති.

80. සභාවං චින්තයන්තස්ස අකම්පිතමසණ්ඨිතං අකම්පි තත්‍ථ පඨවි සිනෙරු වන වටංසකා’ති (චරියා පිටක)

යම් කලෙක්හි මම උත්පත්තියෙන් අට හැවිරිදි වයස් ඇති ළදරුවෙක් වීම්ද, එකල්හි ප්‍රාසාදයෙහි හද දන් දෙන්නට සිතුයෙමි. ඉදින් කිසිවෙක් මගෙන් ඉල්ලන්නේනම් හෘදය වස්තුව ද දෙන්නෙමි. ඇස් ද මස් ද යලි ලේ ද (දාසභාවය) අස්වා ශරීරය ද දෙන්නෙමි. සෙලවීම් රහිත වූ හැකිළීම් රහිත වූ අද්ධ්‍යාශය සිතන කල්හි එවිට සිනේරු මත පිහිටි වනයන් මුදුන්මල්කඩ කොට ඇති පෘථිවිතොමෝ කම්පා වූවා යයි” කියන ලදී.

තත්‍ථ සාවෙත්‍වාති “අජ‍්ජ පට‍්ඨාය අහං ඉමස‍්ස දාසො”ති දාසභාවං සාවෙත්‍වා. යදි කොචි යාචයෙ මමන‍්ති කොචි මං යදි යාචෙය්‍ය. සභාවං චින‍්තයන‍්තස‍්සාති අවිපරීතං අත‍්තනො යථාභූතං සභාවං අතිත‍්තිමං යථාජ‍්ඣාසයං චින‍්තෙන‍්තස‍්ස මම, මයි චින‍්තෙන‍්තෙති අත්‍ථො. අකම‍්පිතන‍්ති කම‍්පිතරහිතං. අසණ‍්ඨිතන‍්ති සඞ‍්කොචරහිතං. යෙන හි ලොභාදිනා අබොධිසත‍්තානං චක‍්ඛාදිදානෙ චිත‍්තුත්‍රාසසඞ‍්ඛාතං කම‍්පිතං සඞ‍්කොචසඞ‍්ඛාතං සණ‍්ඨිතඤ‍්ච සියා, තෙන විනාති අත්‍ථො. අකම‍්පීති අචලි. සිනෙරුවනවටංසකාති සිනෙරුම‍්හි උට‍්ඨිතනන්‍දනවනඵාරුසකවනමිස‍්සකවනචිත‍්තලතාවනාදිකප‍්පකතරුවනං සිනෙරුවනං. අථ වා සිනෙරු ච ජම‍්බුදීපාදීසු රමණීයවනඤ‍්ච සිනෙරුවනං , තං වනං වටංසකං එතිස‍්සාති සිනෙරුවනවටංසකා.

එහි “සාවෙත්‍වා” යනු අද පටන් මම මොහුට දාස වෙමි’යි දාසභාවය අස්වා (ප්‍රකාශ කොට), “යදි කොචි යාචයෙ මමං” යනු කිසිවෙක් ඉදින් මගෙන් ඉල්ලන්නේ නම්, “සභාවං චිත්තයන්තස්ස” යනු තමාගේ වෙනස්නොවූ යථාභූත ස්වභාව ඇති (තවම) ඉටුනොවූ, අද්ධ්‍යාශය සිතන්නාට, “මම” මා සිතන කල්හි යන අර්‍ථයයි, “අකම්පිතං” යනු කම්පාවෙන් තොර, “අසණ්ඨිතං” යනු හැකිළීම් රහිත, යම් ලෝභාදියක් කරණකොට ගෙන බෝධිසත්ත්‍ව නොවූවන්ට ඇස් ආදිය දීමේදී සිතෙහි තැතිගැනීම් සඞ්ඛ්‍යාත කම්පනය ද හැකිලීම් සඞ්ඛ්‍යාත සණ්ඨිතය ද වන්නේය. එයින් තොරව යන අර්‍ථයයි. “අකම්පි” යනු කම්පා විය, “සිනෙරුවන වටසංකා” යනු සිනේරුව මත පිහිටි නන්‍දන වනය, එාරුසක වනය, මිස්සක වනය, චිත්තලතා වනය, ආදිකල්පික තරු වනය, සිනේරු වන (නම්) වේ. නැතහොත් සිනේරුවත් දඹදිව ආදියෙහි රමණීය වනයත් සිනේරු වන වේ. එම වනය මෙයට මුදුන් මල්කඩවීනුයි ‘සිනෙරු වන වටංසක’ වේ.

එවඤ‍්ච පථවිකම‍්පනෙ වත‍්තමානෙ මධුරගම‍්භීරදෙවො ගජ‍්ජන‍්තො ඛණිකවස‍්සං වස‍්සි, විජ‍්ජුලතා නිච‍්ඡරිංසු, මහාසමුද‍්දො උබ‍්භිජ‍්ජි, සක‍්කො දෙවරාජා අප‍්ඵොටෙසි, මහාබ්‍රහ‍්මා සාධුකාරමදාසි, යාව බ්‍රහ‍්මලොකා එකකොලාහලං අහොසි. මහාසත‍්තො සොළසවස‍්සකාලෙයෙව සබ‍්බසිප‍්පානං නිප‍්ඵත‍්තිං පාපුණි. තස‍්ස පිතා රජ‍්ජං දාතුකාමො මාතරා සද‍්ධිං මන‍්තෙත්‍වා මද‍්දරාජකුලතො මාතුලධීතරං මද‍්දිං නාම රාජකඤ‍්ඤං ආනෙත්‍වා සොළසන‍්නං ඉත්‍ථිසහස‍්සානං ජෙට‍්ඨකං අග‍්ගමහෙසිං කත්‍වා මහාසත‍්තං රජ‍්ජෙ අභිසිඤ‍්චි. මහාසත‍්තො රජ‍්ජෙ පතිට‍්ඨිතකාලතො පට‍්ඨාය දෙවසිකං ඡසතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා මහාදානං පවත‍්තෙන‍්තො අන්‍වද‍්ධමාසං දානං ඔලොකෙතුං උපසඞ‍්කමති. අපරභාගෙ මද‍්දිදෙවී පුත‍්තං විජායි. තං කඤ‍්චනජාලෙන සම‍්පටිච‍්ඡිංසු, තෙනස‍්ස “ජාලිකුමාරො”ත්‍වෙව නාමං කරිංසු. තස‍්ස පදසා ගමනකාලෙ සා ධීතරං විජායි. තං කණ‍්හාජිනෙන සම‍්පටිච‍්ඡිංසු, තෙනස‍්සා “කණ‍්හාජිනා”ත්‍වෙව නාමං කරිංසු. තෙන වුත‍්තං –

මෙසේ පොළොව කම්පා වන කල්හි මධුර ගම්භීර වූ වැස්ස ගර්ජනා කරමින් ක්‍ෂණික වැසි වැස්සේය. විදුලිය නිකුත් විය. මහා සමුද්‍රය කැලඹුණි. සක්දෙව් රජ අත්පොළසන් දුනි. මහා බ්‍රහ්මයා සාධුකාර දුනි. බ්‍රහ්ම ලෝකය දක්වා එකම කෝලහලයක් විය. මහාසත්ත්‍වයන් වහන්සේ සොළොස් හැවිරිදි කාලයේම සියලු ශිල්පයන්ගේ පරතෙරට පැමිණියහ. ඔහුගේ පියා රාජ්‍යය දෙනු කැමැත්තේ මව සමග සාකච්ඡා කොට මදුරජ කුලයෙන් මාමාගේ දියණිය වූ මද්‍රි නම් කුමරිය ගෙනවිත් සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය කොට මහාසත්ත්‍වයන් රාජ්‍යයෙහි අභිෂේක කළේය. මහාසත්ත්‍වයන් වහන්සේ රාජ්‍යයෙහි පිහිටි කාලයේ පටන් දිනපතා හය ලක්‍ෂයක් වියදම් කොට මහදන් පවත්වන්නාහු අඩමසක් පාසා දානය බලන්නට පැමිණෙති. පසුකාලයේ මද්‍රි දේවිය පුතකු වැදුවාය. ඔහු රන් දැලකින් පිළිගත්හ. එහෙයින් ඔහුට ජාලිකුමාර යයි නම් කළහ. ඔහු පා නගා ඇවිදින කල එතුමිය දුවක වැදුවාය. ඇය කළුපාට අඳුන් දිවි සමකින් පිළිගත්හ. එබැවින් ඇයට කෘෂ්ණජිනා යයි නම් කළහ. එහෙයින්,

“අන්‍වද‍්ධමාසෙ පන‍්නරසෙ, පුණ‍්ණමාසෙ උපොසථෙ; පච‍්චයං නාගමාරුය‍්හ, දානං දාතුං උපාගමි”න‍්ති.

81. “අන්‍වද්ධ මාසෙ පණ්ණරසෙ පුණ්ණමාසෙ උපොසථෙ පච්චයං නාගමාරුය්හ දානං දාතුං උපාගමිත්ති

“අඩ මසක් පාසා පණ්ණරස දිනයෙහි ද පුණුපොහෝ දිනයෙහි ද පච්චය නම් ඇතුපිට නැගී දන් දීමට පැමිණියෙමි”යි කියන ලදී.

තත්‍ථ අන්‍වද‍්ධමාසෙති අනුඅද‍්ධමාසෙ, අද‍්ධමාසෙ අද‍්ධමාසෙති අත්‍ථො. පුණ‍්ණමාසෙති පුණ‍්ණමාසියං, මාසපරිපූරියා චන්‍දපරිපූරියා ච සමන‍්නාගතෙ පන‍්නරසෙ දානං දාතුං උපාගමින‍්ති සම‍්බන්‍ධො. තත්‍රායං යොජනා – පච‍්චයං නාගමාරුය‍්හ අද‍්ධමාසෙ අද‍්ධමාසෙ දානං දාතුං දානසාලං උපාගමිං, එවං උපගච‍්ඡන‍්තො ච යදා එකස‍්මිං පන‍්නරසෙ පුණ‍්ණමාසිඋපොසථෙ දානං දාතුං උපාගමිං, තදා කලිඞ‍්ගරට‍්ඨවිසයා බ්‍රාහ‍්මණා උපගඤ‍්ඡු මන‍්ති තත්‍ථ පච‍්චයං නාගන‍්ති පච‍්චයනාමකං මඞ‍්ගලහත්‍ථිං. බොධිසත‍්තස‍්ස හි ජාතදිවසෙ එකා ආකාසචාරිනී කරෙණුකා අභිමඞ‍්ගලසම‍්මතං සබ‍්බසෙතහත්‍ථිපොතකං ආනෙත්‍වා මඞ‍්ගලහත්‍ථිට‍්ඨානෙ ඨපෙත්‍වා පක‍්කාමි. තස‍්ස මහාසත‍්තං පච‍්චයං කත්‍වා ලද‍්ධත‍්තා “පච‍්චයො”ත්‍වෙව නාමං කරිංසු. තං පච‍්චයනාමකං ඔපවය‍්හං හත්‍ථිනාගං ආරුය‍්හ දානං දාතුං උපාගමින‍්ති. තෙන වුත‍්තං –

එහි “අන්‍වද්ධ මාසෙ” යනු අඩමසක් පාසා යන අර්‍ථයයි. “පුණ්ණමාසෙ” යනු පුණුපොහෝදින, මාසය සම්පූර්‍ණ වීමත් සඳ සම්පූර්‍ණ වීමත් යන මෙයින් යුක්ත වූ පසළොස්වක දින, දන් දීමට පැමිණියෙමි” යනු සම්බන්‍ධයයි. මේ එහි යෝජනාවයි. පච්චය නම් ඇතු පිට නැග අඩමසක් අඩමසක් පාසා දන් දීමට දාන ශාලාවට එළඹියෙමි. මෙසේ එළඹෙන්නේ ද යම් එක් පසළොස්වක පුණ්ණමාසී පොහෝ දිනක දන් දීමට එළඹියෙම්ද එදින කළිඟු රටින් බ්‍රාහ්මණයෝ මා වෙත එළඹියහ”යි අර්‍ථය වේ. “පච්චයං නාගං” යනු පච්චය නම් වූ මඟුලැතා, බෝධිසත්ත්‍වයන් උපන් දින එක් ආකාශචාරි ඇතින්නියක් මංගල සම්මත සම්පූර්‍ණයෙන් සුදු වූ ඇත් පැටවෙකු ගෙන විත් මඟුලැතු සිටින ස්ථානයෙහි තබා පිටත්ව ගියාය. බෝධිසත්ත්‍වයන් ප්‍රත්‍යය කොට ලැබුණු බැවින් ඔහුට “පච්චය” යයි නම් කළහ. ඒ පච්චය නම් වූ නැගී යාමට සුදුසු වූ ඇතා පිට නැග “දානං දාතුං උපාගමිං” දන් දීමට එළඹියෙමි. එහෙයින්,

“කලිඞ‍්ගරට‍්ඨවිසයා, බ්‍රාහ‍්මණා උපගඤ‍්ඡු මං; අයාචුං මං හත්‍ථිනාගං, ධඤ‍්ඤං මඞ‍්ගලසම‍්මතං.

82. “කාලිඞ්ග රට්ඨ විසයා බ්‍රාහ්මණා උපගඤ්ඡුං මං ආයාචුං මං හත්‍ථිනාගං ධඤ්ඤං මඞ්ගල සම්මතං

“අවුට‍්ඨිකො ජනපදො, දුබ‍්භික‍්ඛො ඡාතකො මහා; දදාහි පවරං නාගං, සබ‍්බසෙතං ගජුත‍්තම”න‍්ති.

83. අවුට්ඨිකො ජනපදො දුබ්භික්‍ඛො ජාතකො මහා දදාහි පවරං නාගං සබ්බ සෙතං ගජුත්තමන්ති (චරියා පිටක)

“කලිඟු රටින් බ්‍රාහ්මණයෝ මා කරා එළඹුනාහුය. ශ්‍රී සෞභාග්‍යයට පැමිණියාවූ මංගල සම්මත වූ මඟුලැතු මගෙන් ඉල්ලූහ. ජනපදයෙහි වැසි නැත්තේය. දුර්ලභ භික්‍ෂා ඇත්තේය. මහත් සාගිනි ඇත්තේය. සර්‍වාඞ්ග ධවල වූ ගජෝත්තම වූ උතුම් ඇතා දුන මැනවැ”යි කියන ලදී.

තත්‍ථ “කලිඞ‍්ගරට‍්ඨවිසයා”තිආදිගාථා හෙට‍්ඨා කුරුරාජචරිතෙපි (චරියා· 1.21-22) ආගතා එව, තස‍්මා තාසං අත්‍ථො කථාමග‍්ගො ච තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉධ පන මඞ‍්ගලහත්‍ථිනො සෙතත‍්තා “සබ‍්බසෙතං ගජුත‍්තම”න‍්ති වුත‍්තං. බොධිසත‍්තො හත්‍ථික‍්ඛන්‍ධවරගතො –

එහි “කාලිඞ්ගරට්ඨ විසයා” ආදී ගාථා යට කුරුරාජ චරිතයෙහි ආවේමය. ඒ නිසා එම ගාථාවන්ගේ අර්‍ථය ද කථා මාර්‍ගය ද එහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය. මෙහි වනාහි මංගල හස්තියාගේ ධවල බව නිසා සම්පූර්‍ණයෙන් සුදු වූ උතුම් ඇතෙක් යයි කියන ලදී. බෝධිසත්ත්‍වයන් වහන්සේ ඇතු පිට නැගුණු සේක්,

“දදාමි න විකම‍්පාමි, යං මං යාචන‍්ති බ්‍රාහ‍්මණා; සන‍්තං නප‍්පටිගූහාමි, දානෙ මෙ රමතෙ මනො”ති. –

84. “දදාමි න විකම්පාමි යං මං යාචන්ති බ්‍රාහ්මණා සන්තං න පතිගුය්හාමි දානෙ මෙ රමතෙ මනො ති (චරියා පිටක)

“බ්‍රාහ්මණයෝ මගෙන් යමක් ඉල්ලත් ද එය දෙමි. කම්පිත නොවෙමි. මා වෙත ඇති වස්තු නො සඟවමි. මාගේ සිත දන්දීමෙහි ඇලෙයි”යි

අත‍්තනො දානාභිරතිං පවෙදෙන‍්තො –

තමන්ගේ දානාභිරතිය ප්‍රකාශ කරමින්:-

“න මෙ යාචකමනුප‍්පත‍්තෙ, පටික‍්ඛෙපො අනුච‍්ඡවො; මා මෙ භිජ‍්ජි සමාදානං, දස‍්සාමි විපුලං ගජ”න‍්ති. (චරියා· 1.23) –

85. “න මෙ යාචකමනුප්පත්තෙ පටික්‍ඛෙපො අනුච්ඡවො මා මෙ භිජ්ජි සමාදානං දස්සාමි විපුලං ගජන්ති. (චරියා පිටක)

“යාචකයකු පැමිණි කල ප්‍රතික්‍ෂේප කිරීම මට සුදුසු නොවේ. මාගේ සමාදානය නොබිඳේවා. මහත් වූ ඇත් රජ දෙන්නෙමි”යි

පටිජානිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ අනලඞ‍්කතට‍්ඨානං ඔලොකනත්‍ථං අනුපරියායිත්‍වා අනලඞ‍්කතට‍්ඨානං අදිස‍්වා කුසුමමිස‍්සගන්‍ධොදකභරිතං සුවණ‍්ණභිඞ‍්ගාරං ගහෙත්‍වා “භොන‍්තො ඉතො එථා”ති අලඞ‍්කතරජතදාමසදිසං හත්‍ථිසොණ‍්ඩං තෙසං හත්‍ථෙ ඨපෙත්‍වා උදකං පාතෙත්‍වා අලඞ‍්කතවාරණං අදාසි. තෙන වුත‍්තං –

ප්‍රතිඥා දී ඇතුපිටින් බැස නොසැරසූ තැන් බැලීම සඳහා පැදකුණු කොට නොසැරසූ තැනක් නොදැක මල් මිශ්‍ර සුවඳ දිය පිරුණු රන් කෙණ්ඩිය රැගෙන “පින්වත්නි මෙහි එව්” යයි අලංකාර කරන ලද රිදී දමක් වැනි ඇත් සොඬ ඔවුන්ගේ අතෙහි තබා දිය වත්කොට අලංකාර කළ ඇතා දුන්හ. එහෙයින්,

“නාගං ගහෙත්‍වා සොණ‍්ඩාය, භිඞ‍්ගාරෙ රතනාමයෙ; ජලං හත්‍ථෙ ආකිරිත්‍වා, බ්‍රාහ‍්මණානං අදං ගජ”න‍්ති. (චරියා· 1.24);

86. “නාගං ගහෙත්‍වා සොණ්ඩාය භිංකාරෙ රතනාමයෙ ජලං හත්‍ථෙ ආකිරිත්‍වා බ්‍රාහ්මණානං අදං ගජන්ති” යි කියන ලදී.

තත්‍ථ සන‍්තන‍්ති විජ‍්ජමානං දෙය්‍යධම‍්මං. නප‍්පටිගූහාමීති න පටිච‍්ඡාදෙමි. යො හි අත‍්තනො සන‍්තකං “මය‍්හමෙව හොතූ”ති චින‍්තෙති, යාචිතො වා පටික‍්ඛිපති, සො යාචකානං අභිමුඛෙ ඨිතම‍්පි අත්‍ථතො පටිච‍්ඡාදෙති නාම. මහාසත‍්තො පන අත‍්තනො සීසං ආදිං කත්‍වා අජ‍්ඣත‍්තිකදානං දාතුකාමොව, කථං බාහිරං පටික‍්ඛිපති, තස‍්මා ආහ “සන‍්තං නප‍්පටිගූහාමී”ති. තෙනෙවාහ “දානෙ මෙ රමතෙ මනො”ති. සෙසං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

එහි “සන්තං” යනු පවතින දාන වස්තුව, “න පතිගුය්හාමි” යනු නො සඟවමි, යමෙක් වනාහි තමා සතු දෙය මටම වේවායි සිතයි ද ඉල්ලන ලද්දේ නමුදු ප්‍රතික්‍ෂේප කරයි ද ඔහු යාචකයන්ගේ ඉදිරියෙහි සිටියේ නමුදු අර්‍ථ වශයෙන් “සඟවයි” නම් වේ. මහාසත්ත්‍වයන් වහන්සේ වනාහි තමන්ගේ හිස මුල්කොට ආධ්‍යාත්මික දානය දෙනු කැමැත්තාහුමය. කෙසේ නම් බාහිර දේ ප්‍රතික්‍ෂේප කරත් ද? එහෙයින් “සන්තං න පතිගුය්හාමි”යි කියන ලදි. එහෙයින්ම “දානෙ මෙ රමතෙ මනො”යි කියන ලදී. සෙස්ස යට කියන ලද අයුරින්මය.

තස‍්ස පන හත්‍ථිනො චතූසු පාදෙසු අලඞ‍්කාරා චත‍්තාරි සතසහස‍්සානි අග‍්ඝන‍්ති, උභොසු පස‍්සෙසු අලඞ‍්කාරා ද‍්වෙ සතසහස‍්සානි, හෙට‍්ඨා උදරෙ කම‍්බලං සතසහස‍්සං, පිට‍්ඨියං මුත‍්තාජාලං මණිජාලං කඤ‍්චනජාලන‍්ති තීණි ජාලානි තීණි සතසහස‍්සානි, උභො කණ‍්ණාලඞ‍්කාරා ද‍්වෙ සතසහස‍්සානි, පිට‍්ඨියං අත්‍ථතකම‍්බලං සතසහස‍්සං, කුම‍්භාලඞ‍්කාරො සතසහස‍්සං, තයො වටංසකා තීණි සතසහස‍්සානි, කණ‍්ණචූළාලඞ‍්කාරො සතසහස‍්සං, ද‍්වින‍්නං දන‍්තානං අලඞ‍්කාරා ද‍්වෙ සතසහස‍්සානි, සොණ‍්ඩාය සොවත්‍ථිකාලඞ‍්කාරො සතසහස‍්සං, නඞ‍්ගුට‍්ඨාලඞ‍්කාරො සතසහස‍්සං, ආරොහණනිස‍්සෙණි සතසහස‍්සං, භුඤ‍්ජනකටාහං සතසහස‍්සං, ඨපෙත්‍වා අනග‍්ඝභණ‍්ඩං ඉදං තාව එත‍්තකං චතුවීසති සතසහස‍්සානි අග‍්ඝති. ඡත‍්තපිණ‍්ඩියං පන මණි, චූළාමණි, මුත‍්තාහාරෙ මණි, අඞ‍්කුසෙ මණි, හත්‍ථිකණ‍්ඨවෙඨනමුත‍්තාහාරෙ මණි, හත්‍ථිකුම‍්භෙ මණීති ඉමානි ඡ අනග‍්ඝානි, හත්‍ථීපි අනග‍්ඝො එවාති හත්‍ථිනා සද‍්ධිං සත‍්ත අනග‍්ඝානි, තානි සබ‍්බානි බ්‍රාහ‍්මණානං අදාසි. තථා හත්‍ථිනො පරිචාරකානි පඤ‍්ච කුලසතානි හත්‍ථිමෙණ‍්ඩහත්‍ථිගොපකෙහි සද‍්ධිං අදාසි. සහ දානෙන පනස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව භූමිකම‍්පාදයො අහෙසුං. තෙන වුත‍්තං –

ඒ ඇතාගේ පාද සතරෙහි ආභරණ හාරලක්‍ෂයක් අගනේය. දෙපස පැළඳි ආභරණ දෙලක්‍ෂයක් අගනේය. යට උදරයෙහි කම්බිලිය ලක්‍ෂයක් ද, පිටෙහි මුතු දැල මිණි දැල, රන් දැල යන දැල් තුන තුන් ලක්‍ෂයක්ද, කන් දෙකෙහි ආභරණ ලක්‍ෂ දෙකක් ද, පිටෙහි අතුරණ ලද කම්බිලිය ලක්‍ෂයක් ද, කුම්භාලංකාරය ලක්‍ෂයක් ද, මුදුන් මල්කඩ තුන තුන් ලක්‍ෂයක් ද, කර්‍ණචුලාලංකාරය (කන මුදුනේ ඇති අලංකාරය) ලක්‍ෂයක් ද, දළ දෙකෙහි අලංකාරයන් ලක්‍ෂ දෙකක් ද, සොඬෙහි සොවත්‍ථිකාලංකාරය ලක්‍ෂයක් ද, නඞ්ගුට්ඨාලංකාරය ලක්‍ෂයක්ද, නගින ඉණිමග ලක්‍ෂයක් ද, අනුභව කරන තලිය ලක්‍ෂයක් ද මෙසේ මහාර්ඝ භාණ්ඩ හැර මේ සියල්ල පමණක් විසිහතර ලක්‍ෂයක් වටී. ඡත්‍රය මත ඇති මැණික ද සිළුමිණ ද, මුතුහරද, මිණි අංකුසය ද, (මැණික් හෙණ්ඩුව) ඇතාගේ ගෙල වෙළන මුතුහරද කුඹෙහි මැණික ද යන මේ හය අනර්ඝ වස්තු වේ. ඇතා ද අනර්ඝය. මෙසේ ඇතා සමග අනර්ඝ වස්තු හතකි. ඒ සියල්ලම බ්‍රාහ්මණයන්ට දුන්හ. එසේම හස්ති මෙණ්ඩක ඇත් ගොව්වන්ද සමග ඇතාගේ පරිවාරක වූ කුල පන්සියයක් ද දුන්හ. දන් දීම සමගම යට කියන ලද අයුරින්ම භූමි කම්පාවීම් ආදිය විය. එහෙයින් කියන ලදි.

“පුනාපරං දදන‍්තස‍්ස, සබ‍්බසෙතං ගජුත‍්තමං; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා”ති.

87. “පුනාපරං දදන්තස්ස සබ්බසෙතං ගජුත්තමං තදාපි පඨවී කම්පි - සිනෙරු වන වටංසකාති

“එකල්හිද නැවත සර්‍වාඞ්ගධවල වූ හස්ති රාජයා දෙන කල්හිද සිනේරු පර්‍වතයෙහි පිහිටි වනයන් මුදුන්මල්කඩ කොට ඇති මහා පෘථිවි තොමෝ කම්පා වූවාය”යි

ජාතකෙපි (ජා· 2.22.1673) වුත‍්තං –

ජාතකපාලියෙහි ද කියන ලදි:-

“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; හත්‍ථිනාගෙ පදින‍්නම‍්හි, මෙදනී සම‍්පකම‍්පථා”ති.

“තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං හත්‍ථිනාගෙ පදින්නම්හි මෙදිනී සම්පකම්පථාති

“උතුම් ඇත්රජ දුන් කල්හි පොළොව සැලිණ. එ සඳ යම් බිහිසුණු බවක් වීද එ සඳ ලොමුගැන්ම වී”යි

88. තස්ස නාගස්ස දානෙන - සිවයො කුද්ධා සමාගතා පබ්බා ජෙසුං සකා රට්ඨා - වඞ්කං ගච්ඡතු පබ්බතං

ඒ හස්තියා දන්දීම නිසා කිපුණා වූ සිවිරට වැසියෝ රැස්වූවාහු වෙසතුරු රජුට වඞ්කගිරියට යන්නැයි කියා සිය රටින් නෙරපූහ.

තස‍්ස නාගස‍්ස දානෙනාති ඡහි අනග‍්ඝෙහි සද‍්ධිං චතුවීසතිසතසහස‍්සග‍්ඝනිකඅලඞ‍්කාරභණ‍්ඩසහිතස‍්ස තස‍්ස මඞ‍්ගලහත්‍ථිස‍්ස පරිච‍්චාගෙන. සිවයොති සිවිරාජකුමාරා චෙව සිවිරට‍්ඨවාසිනො ච. “සිවයො”ති ච දෙසනාසීසමෙතං. තත්‍ථ හි අමච‍්චා පාරිසජ‍්ජා බ්‍රාහ‍්මණගහපතිකා නෙගමජානපදා නාගරා සකලරට‍්ඨවාසිනො ච සඤ‍්ජයමහාරාජං ඵුස‍්සතිදෙවිං මද‍්දිදෙවිඤ‍්ච ඨපෙත්‍වා සබ‍්බෙ එව. කුද‍්ධාති දෙවතාවත‍්තනෙන බොධිසත‍්තස‍්ස කුද‍්ධා. සමාගතාති සන‍්නිපතිතා. තෙ කිර බ්‍රාහ‍්මණා හත්‍ථිං ලභිත්‍වා තං අභිරුහිත්‍වා මහාද‍්වාරෙන පවිසිත්‍වා නගරමජ‍්ඣෙන පායිංසු. මහාජනෙන ච “අම‍්භො බ්‍රාහ‍්මණා, අම‍්හාකං හත්‍ථී කුතො අභිරුළ‍්හො”ති වුත‍්තෙ “වෙස‍්සන‍්තරමහාරාජෙන නො හත්‍ථී දින‍්නො, කෙ තුම‍්හෙ”ති හත්‍ථවිකාරාදීහි ඝට‍්ටෙන‍්තා අගමංසු. අථ අමච‍්චෙ ආදිං කත්‍වා මහාජනා රාජද‍්වාරෙ සන‍්නිපතිත්‍වා “රඤ‍්ඤා නාම බ්‍රාහ‍්මණානං ධනං වා ධඤ‍්ඤං වා ඛෙත‍්තං වා වත්‍ථු වා දාසිදාසපරිචාරිකා වා දාතබ‍්බා සියා, කථඤ‍්හි නාමායං වෙස‍්සන‍්තරමහාරාජා රාජාරහං මඞ‍්ගලහත්‍ථිං දස‍්සති, න ඉදානි එවං රජ‍්ජං විනාසෙතුං දස‍්සාමා”ති උජ‍්ඣායිත්‍වා සඤ‍්ජයමහාරාජස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා තෙන අනුනීයමානා අනනුයන‍්තා අගමංසු. කෙවලං පන –

“තස්ස නාගස්ස දානෙන” යනු අනර්ඝ වස්තූන් හය සමග විසිහතර ලක්‍ෂයක් වටිනා අලංකාර භාණ්ඩ සහිත ඒ මඟුලැතා පරිත්‍යාග කිරීමෙන්, “සිවයො” යනු සිවිරාජ කුමාරවරුද, සිවි රට වැසියෝ ද, සිවයො යන මෙය දේශනා ශීර්ෂයක් ද වේ. එහිදී සඤ්ජය මහරජුත් ඵුසති දේවියත් මද්‍රි දේවියත් හැර ඇමති පිරිස ද බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම්ජනපද වැසියෝ ද නාගරිකයෝ ද සියලු රට වැසියෝ ද යන සියල්ලෝම “කුද්ධා” යනු දෙවියන්ගේ මෙහෙයවීමෙන් බෝධිසත්ත්‍වයන් වහන්සේට කිපුණාහ, “සමාගතා” යනු රැස් වූ, ඒ බ්‍රාහ්මණයෝ ඇතා ලැබ ඇතා පිට නැගී මහ දොරටුවෙන් පිවිසී නගරය මැදින් පිටත්ව ගියහ. මහජනයා විසින් “එම්බා බ්‍රාහ්මණයෙනි, අපගේ ඇතා පිට නැගුණේ කොහි සිට දැයි ඇසූ කල්හි. “වෙස්සන්තර මහරජු විසින් අපට ඇතා දෙන ලදී. තෙපි කවරෙක්හුදැයි හස්ත විකාරාදියෙන් ගැටෙමින් (උසුළු පාමින්) ගියහ. ඉක්බිති ඇමතියන් ආදිකොට ගත් මහජනයා රාජ ද්වාරයෙහි රැස් වී රජතුමා විසින් බ්‍රාහ්මණයන්ට ධනය හෝ ධන්‍ය හෝ කුඹුරක් හෝ වස්තුව හෝ දැසිදස් මෙහෙකරුවෙක් හෝ දියයුතුවන්නේ නොවේ ද? කෙසේ නම් මේ වෙස්සන්තර මහරජ රජුට සුදුසු මඟුලැතා දෙන්නේ ද? මින් මතු මෙසේ රාජ්‍යය විනාශ කිරීමට ඉඩ නො දෙන්නෙමු”යි ගරහා පියා සඤ්ජය මහරජුට ඒ කාරණය දැනුම් දී එතුමා විසින් අනුකූල බව දක්වන්නේ එයින් සැහීමකට පත් නොවූහ. හුදෙක් වනාහි:-

“මා නං දණ‍්ඩෙන සත්‍ථෙන, න හි සො බන්‍ධනාරහො; පබ‍්බාජෙහි ච නං රට‍්ඨා, වඞ‍්කෙ වසතු පබ‍්බතෙ”ති. (ජා· 2.22.1687) –

“මා නං දණ්ඩෙ න සත්‍ථෙන නහි සො බන්‍ධනාරහො පබ්බාජෙහි ච නං රට්ඨා වඩ්කෙ වස්තු පබ්බතෙති (ජාතක පාලි)

“ඔහු දණ්ඩෙන් ද ආයුධයෙන් ද නො නැසුව මැනවි. හෙතෙම දඟගෙයට ද නො නිසිය. වංකගිරියෙහි වෙසේවායි කියා ඔහු රටින් නෙරපුව මැනවැයි

වදිංසු. තෙන වුත‍්තං –

කීහ. එහෙයින්,

“පබ‍්බාජෙසුං සකා රට‍්ඨා, වඞ‍්කං ගච‍්ඡතු පබ‍්බත”න‍්ති.

“පබ්බාජෙසුං සකා රට්ඨා වඞ්කං ගච්ඡතු පබ්බත’න්ති” - “ස්වකීය රාජ්‍යයෙන් වඞ්ක ගිරියට යේවා”යි නෙරපූහ’යි කියන ලදී.

තත්‍ථ පබ‍්බාජෙසුන‍්ති රජ‍්ජතො බහි වාසත්‍ථාය උස‍්සුක‍්කමකංසු; –

එහි “පබ්බා ජෙසුං” යනු රාජ්‍යයෙන් පිටත විසීම සඳහා උත්සාහවත් කළහ.

රාජාපි “මහා ඛො අයං පටිපක‍්ඛො, හන්‍ද මම පුත‍්තො කතිපාහං රජ‍්ජතො බහි වසතූ”ති චින‍්තෙත්‍වා –

රජතුමා ද “මේ විරුද්ධ පිරිස මහත්ය. මගේ පුතා දින කීපයක් රාජ්‍යයෙන් පිටත විසීම යෙහෙකැයි සිතා

“එසො චෙ සිවීනං ඡන්‍දො, ඡන්‍දං නප‍්පනුදාමසෙ; ඉමං සො වසතු රත‍්තිං, කාමෙ ච පරිභුඤ‍්ජතු.

“ඉදින් මේ සිවිරට වැසියන්ගේ කැමැත්ත නම් ඒ කැමැත්ත නො දුරලම්හ. හෙතෙම මේ රාත්‍රිය වෙසේවා. කාම සම්පත් ද අනුභව කෙරේවා.

“තතො රත්‍යා විවසානෙ, සූරියුග‍්ගමනං පති; සමග‍්ගා සිවයො හුත්‍වා, රට‍්ඨා පබ‍්බාජයන‍්තු න”න‍්ති. (ජා· 2.22.1688-1689) –

ඉක්බිති රාත්‍රිය අවසන්හි හිරු උදාවන කල සිවිරට වැසියෝ සමගිව ඔහු රටින් පිට කෙරෙත්වා”යි

වත්‍වා පුත‍්තස‍්ස සන‍්තිකෙ කත‍්තාරං පෙසෙසි “ඉමං පවත‍්තිං මම පුත‍්තස‍්ස ආරොචෙහී”ති. සො තථා අකාසි.

කියා පුතා සමීපයට “මේ පුවත මගේ පුතාට දැනුම් දෙව”යි කියා කටයුතු කරන්නෙකු යැවීය. ඔහු එසේ කළේය.

මහාසත‍්තොපි තං සුත්‍වා –

මහාසත්ත්‍වයෝ එය අසා-

“කිස‍්මිං මෙ සිවයො කුද‍්ධා, නාහං පස‍්සාමි දුක‍්කටං; තං මෙ කත‍්තෙ වියාචික‍්ඛ, කස‍්මා පබ‍්බාජයන‍්ති ම”න‍්ති. (ජා· 2.22.1701) –

“සිවිරට වැසියෝ කවර කරුණෙක්හි මට කිපියාහු ද? නපුරු කොට කරන ලද්දක් මම නො දකිමි. කාරිය කරවන ඇමතිය. මට එය විස්තර කොට කියව. කවර හෙයින් මා නෙරපත් ද

කාරණං පුච‍්ඡි. තෙන “තුම‍්හාකං හත්‍ථිදානෙනා”ති වුත‍්තෙ සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා –

කාරණය විමසූහ. ඔහු විසින් නුඹ වහන්සේගේ හස්ති දානය නිසා යයි කී කල්හි සොම්නසට පත්ව:-

“හදයං චක‍්ඛුම‍්පහං දජ‍්ජං, කිං මෙ බාහිරකං ධනං; හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා, මුත‍්තා වෙළුරියා මණි.

“මම හදවත ද ඇස් ද දෙන්නෙමි. මාගේ බාහිර ධනය දීම ගැන කියනු කිම? රන් හෝ අමුරන් හෝ මුතු මැණික් හෝ වෙරළු මිණි හෝ දෙන්නෙමි.

“දක‍්ඛිණං වාපහං බාහුං, දිස‍්වා යාචකමාගතෙ; දදෙය්‍යං න විකම‍්පෙය්‍යං, දානෙ මෙ රමතෙ මනො.

පැමිණි යාචකයන් දැක දකුණත හෝ දෙන්නෙමි. කම්පා නො වන්නෙමි. මාගේ සිත දීමෙහි ඇලේ.

“කාමං මං සිවයො සබ‍්බෙ, පබ‍්බාජෙන‍්තු හනන‍්තු වා; නෙව දානා විරමිස‍්සං, කාමං ඡින්‍දන‍්තු සත‍්තධා”ති. (ජා· 2.22.1703-1705) –

ඒකාන්තයෙන් සියලු රටවැසියෝ මා රටින් නෙරපත්වා. නැතහොත් නසත්වා. ඒකාන්තයෙන් මා සත්කඩ කොට කපත්වා. එහෙත් දීමෙන් නො වළකින්නෙමි’යි

වත්‍වා “නාගරා මෙ එකදිවසං දානං දාතුං ඔකාසං දෙන‍්තු, ස‍්වෙ දානං දත්‍වා තතියදිවසෙ ගමිස‍්සාමී”ති වත්‍වා කත‍්තාරං තෙසං සන‍්තිකෙ පෙසෙත්‍වා “අහං ස‍්වෙ සත‍්තසතකං නාම මහාදානං දස‍්සාමි , සත‍්තහත්‍ථිසතානි සත‍්තඅස‍්සසතානි සත‍්තරථසතානි සත‍්තඉත්‍ථිසතානි සත‍්තදාසසතානි සත‍්තදාසිසතානි සත‍්තධෙනුසතානි පටියාදෙහි, නානප‍්පකාරඤ‍්ච අන‍්නපානාදිං සබ‍්බං දාතබ‍්බයුත‍්තකං උපට‍්ඨපෙහී”ති සබ‍්බකම‍්මිකං අමච‍්චං ආණාපෙත්‍වා එකකොව මද‍්දිදෙවියා වසනට‍්ඨානං ගන‍්ත්‍වා “භද‍්දෙ මද‍්දි, අනුගාමිකනිධිං නිදහමානා, සීලවන‍්තෙසු දදෙය්‍යාසී”ති තම‍්පි දානෙ නියොජෙත්‍වා තස‍්සා අත‍්තනො ගමනකාරණං ආචික‍්ඛිත්‍වා “අහං වනං වසනත්‍ථාය ගමිස‍්සාමි, ත්‍වං ඉධෙව අනුක‍්කණ‍්ඨිතා වසාහී”ති ආහ. සා “නාහං, මහාරාජ, තුම‍්හෙහි විනා එකදිවසම‍්පි වසිස‍්සාමී”ති ආහ.

කියා නගර වැසියෝ මට දන් දීමට එක් දවසක් අවකාශ දෙත්වා, හෙට දන් දී තුන් වන දවසෙහි යන්නෙමි”යි කියා කටයුතු කරන්නා (කාරිය කරවන ඇමති) ඔවුන් සමීපයට යවා “මම හෙට දින සත්තසතක නම් මහාදානය දෙන්නෙමි. ඇතුන් සත් සියයක් ද, අසුන් සත් සියයක් ද, රථ සත් සියයක් ද, ස්ත්‍රීන් සත් සියයක් ද, දාසයන් සත් සියයක් ද, දාසීන් සත් සියයක් ද, දෙනුන් සත් සියයක් ද පිළියෙල කරව. නොයෙක් ආකාර වූ ආහාරපානාදී දිය යුතු සියලු දේ ද ගෙනවිත් තබව”යි සර්‍වකාර්මික ඇමතියාට අණකොට එකළාවම මද්‍රි දේවිය වසන තැනට ගොස් “සොඳුර මද්‍රිය, අනුගාමික නිධාන තැන්පත් කරමු”යි සිල්වතුන් කෙරෙහි දන් දෙව”යි ඇයද දානයෙහි යොදවා ඇයට තමාගේ ගමනට හේතුව කියා “මම වාසය සඳහා වනයට යන්නෙමි. නුඹ මෙහිම උකටලී නොවී (නො කළකිරී) වාසය කරවයි කීහ. ඈ මහරජ නුඹ වහන්සේ නොමැතිව මම එක් දවසකුදු නො වසන්නෙමි”යි කීවාය.

දුතියදිවසෙ සත‍්තසතකං මහාදානං පවත‍්තෙසි. තස‍්ස සත‍්තසතකං දානං දෙන‍්තස‍්සෙව සායං අහොසි. අලඞ‍්කතරථෙන මාතාපිතූනං වසනට‍්ඨානං ගන‍්ත්‍වා “අහං ස‍්වෙ ගමිස‍්සාමී”ති තෙ ආපුච‍්ඡිත්‍වා අකාමකානං තෙසං අස‍්සුමුඛානං රොදන‍්තානංයෙව වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා තතො නික‍්ඛමිත්‍වා තං දිවසං අත‍්තනො නිවෙසනෙ වසිත්‍වා පුනදිවසෙ “ගමිස‍්සාමී”ති පාසාදතො ඔතරි. මද‍්දිදෙවී සස‍්සුසසුරෙහි නානානයෙහි යාචිත්‍වා නිවත‍්තියමානාපි තෙසං වචනං අනාදියිත්‍වා තෙ වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා සෙසිත්‍ථියො අපලොකෙත්‍වා ද‍්වෙ පුත‍්තෙ ආදාය වෙස‍්සන‍්තරස‍්ස පඨමතරං ගන‍්ත්‍වා රථෙ අට‍්ඨාසි.

දෙවන දවසෙහි සත්තසතික මහාදානය පැවැත්වූහ. එතුමා සත්තසතික දානය දෙද්දීම සවස් විය. බෝධිසත්ත්‍වයෝ අලංකාර කරන ලද රථයෙන් මව්පියන් වසන් තැනට ගොස් “මම හෙට යන්නෙමි”යි ඔවුන් විමසා නොකැමති ඔවුන් කඳුලු පිරි මුහුණින් යුතුව හඬද්දීම වැඳ පැදකුණු කොට එතැනින් නික්ම එ දවස තම වාසභවනයෙහි වැස ඊළග දිනයෙහි යන්නෙමි”යි ප්‍රාසාදයෙන් බැස්සහ. මද්‍රි දේවිය නැදිමයිලන් විසින් නොයෙක් ආකාරයෙන් ඉල්ලා සිටිමින් නවතනු ලබද්දී ද ඔවුන්ගේ වචනය ද ගණන් නොගෙන ඔවුන්ට වැඳ පැදකුණු කොට සෙසු ස්ත්‍රීන් දෙස බලා දරු දෙදෙනා රැගෙන වෙස්සන්තර රජුට පෙර ගොස් රථයෙහි සිටියාය.

මහාපුරිසො රථං අභිරුහිත්‍වා රථෙ ඨිතො මහාජනං ආපුච‍්ඡිත්‍වා “අප‍්පමත‍්තා දානාදීනි පුඤ‍්ඤානි කරොථා”ති ඔවාදමස‍්ස දත්‍වා නගරතො නික‍්ඛමි. බොධිසත‍්තස‍්ස මාතා “පුත‍්තො මෙ දානවිත‍්තකො දානං දෙතූ”ති ආභරණෙහි සද‍්ධිං සත‍්තරතනපූරානි සකටානි උභොසු පස‍්සෙසු පෙසෙසි. සොපි අත‍්තනො කායාරුළ‍්හමෙව ආභරණභණ‍්ඩං සම‍්පත‍්තයාචකානං අට‍්ඨාරස වාරෙ දත්‍වා සෙසං සබ‍්බමදාසි. නගරා නික‍්ඛමිත්‍වාව නිවත‍්තිත්‍වා ඔලොකෙතුකාමො අහොසි. අථස‍්ස පුඤ‍්ඤානුභාවෙන රථප‍්පමාණෙ ඨානෙ මහාපථවී භිජ‍්ජිත්‍වා පරිවත‍්තිත්‍වා රථං නගරාභිමුඛං අකාසි. සො මාතාපිතූනං වසනට‍්ඨානං ඔලොකෙසි. තෙන කාරුඤ‍්ඤෙන පථවිකම‍්පො අහොසි. තෙන වුත‍්තං “තෙසං නිච‍්ඡුභමානාන”න‍්තිආදි.

මහා පුරුෂතෙම රථයට නැගී රථයෙහි සිටියේ මහජනයා විමසා “අප්‍රමාදීව දානාදී පින් කරව්”යයි ඔවුන්ට අවවාද දී නගරයෙන් නික්මුණි. බෝධිසත්ත්‍වයන්ගේ මව “මාගේ පුතා දාන සිතිවිලි ඇත්තේය, දන් දේවා”යි ආභරණ සමග සත්රුවන් පිරූ ගැල් දෙපසින් යැවීය. උන්වහන්සේ ද තම ශරීරයෙහි ආභරණ භාණ්ඩම පැමිණි යාචකයන්ට දහ අට වාරයක් දී සෙසු සියල්ල ද දුන්හ. නුවරින් පිටත්ව නැවතී රජගේ දිහාව බලනු කැමති වූහ. ඉක්බිති එතුමන්ගේ පුණ්‍යානුභාවයෙන් රථය ප්‍රමාණ තැන් පොළොව පැලී කරකැවී රථය නගරයට අභිමුඛ කළේය. එතුමා මව්පියන් වසන තැන බැලීය. එතුමන්ගේ ඒ කරුණාව කරණකොට ගෙන මහපොළොව කම්පා විය. එහෙයින්,

89. “තෙසං නිච්ඡු භමානානං අකම්පිතමසණ්ඨිතං මහාදානං පවත්තෙතුං එකං වරමයාචිසං

90. යාචිතා සිවයො සබ්බෙ එකං වරමදංසු මෙ ආසාවයිත්‍වා කණ්හ භෙරිං මහාදානං දදාමහං

91. අථෙත්‍ථ වත්ත තී සද්දො තුමුළො භෙරවො මහා දානෙනමං නීහරන්නී පුන දානං දදාමහං (චරියා පිටක)

“ඒ සිවි රට වැස්සන් රටින් නෙරපන කල්හි කම්පන රහිතව හැකිලීමක් නැතිව මහා දානයක් දීමට එක් වරයක් ඉල්ලීමි.

(මා විසින්) යාඥා කරන ලද්දා වූ සියලු සිව්රට වැසියෝ එක් වරයක් දුන්නාහුය. යුගල මහා බෙරය ශබ්ද කරවා මම මහා දානය දුනිමි. “දන් දීම නිසා මොවුහු මා රටින් නෙරපති, මම නැවතත් දන්දෙමි’යි යනුවෙන් මහත් වූ භය එලවන්නා වූ ශබ්දයක් පැවැත්තේය. ආදිය කියන ලදී.

තත්‍ථ නිච‍්ඡුභමානානන‍්ති තෙසු සිවීසු නික‍්කඩ‍්ඪන‍්තෙසු, පබ‍්බාජෙන‍්තෙසූති අත්‍ථො. තෙසං වා නික‍්ඛමන‍්තානං. මහාදානං පවත‍්තෙතුන‍්ති සත‍්තසතකමහාදානං දාතුං. ආයාචිස‍්සන‍්ති යාචිං. සාවයිත්‍වාති ඝොසාපෙත්‍වා. කණ‍්ණභෙරින‍්ති යුගලමහාභෙරිං. දදාමහන‍්ති දදාමි අහං.

එහි “නිච්ඡුභමානානං” යනු ඒ සිවිරට වැසියන් විසින් ඉවතට දමන කල්හි ද නෙරපන කල්හි ද යන අර්‍ථයයි, නැතහොත් නික්මුණා වූ ඔවුන්ගේ, “මහා දානං පවත්තෙතුං” යනු සත්තසතක මහාදානය දීමට, “ආයාචිස්සං” යනු ඉල්ලුවෙමි, “සාවයිත්‍වා” යනු ශබ්ද කරවා, “කණ්හා භෙරිං” යනු යුගල මහා බෙරය, (තම්මැට්ටම - පුරප්පට්ටුව) “දදාමහං” යනු දදාමි අහං (දෙමි මම)

අථෙත්‍ථාති අථෙවං දානෙ දීයමානෙ එතස‍්මිං දානග‍්ගෙ. තුමූලොති එකකොලාහලීභූතො. භෙරවොති භයාවහො. මහාසත‍්තඤ‍්හි ඨපෙත්‍වා අඤ‍්ඤෙසං සො භයං ජනෙති, තස‍්ස භයජනනාකාරං දස‍්සෙතුං. “දානෙනිම”න‍්තිආදි වුත‍්තං. ඉමං වෙස‍්සන‍්තරමහාරාජානං දානෙන හෙතුනා සිවයො රට‍්ඨතො නීහරන‍්ති පබ‍්බාජෙන‍්ති, තථාපි පුන ච එවරූපං දානං දෙති අයන‍්ති.

“අථෙත්‍ථ” යනු ඉක්බිති මෙසේ දානය දෙන කල්හි එම දන්ගෙයි, “තුමුලො” යනු එකම කොලාහලයක් වූ, “භෙරවො” යනු භය ගෙනදෙන, මහාසත්ත්‍වයන් හැර අනෙක් අයට බිය උපදවන, ඒ ජනයාට බිය උපදින ආකාරය දැක්වීමට “දානෙන මං” යනාදිය කියන ලදී. මේ වෙස්සන්තර මහ රජු දන් දීම හේතුවෙන් සිවිරට වැසියෝ රටින් බැහැර කරති. නෙරපා හරිති. එසේ වුවත් නැවත මෙතෙම මෙබඳු දානයක් දෙයි” යනුවෙනි.

ඉදානි තං දානං දස‍්සෙතුං “හත්‍ථි”න‍්ති ගාථමාහ.

දැන් එම දානය දැක්වීමට “හත්‍ථිං” යන ගාථාව කීය.

92. හත්‍ථිං අස්ස රථෙ දත්‍වා දාසි දාසං ගවං ධනං මහාදානං දදිත්‍වාන නගරා නික්‍ඛමිං තදා

93. නික්‍ඛමිත්‍වාන නගරා නිවත්තිත්‍වා විලොකිතෙ තදාපි පඨවී කම්පි සිනෙරු වන වටංසකං

ඇත් අස් රථ ද දාසි දාස ගවයන් හා ධනය ද ආදී මෙසේ මහදන් දී එකල්හි නුවරින් නික්මුණෙමි.

නුවරින් නික්ම ආපසු හැරී බැලු කල්හි සිනේරු වනය මුදුන් මල්කඩක් වූ පොළොව කම්පාවිය.

තත්‍ථ ගවන‍්ති ධෙනුං. චතුවාහිං රථං දත්‍වාති වහන‍්තීති වාහිනො, අස‍්සා, චතුරො ආජඤ‍්ඤසින්‍ධවෙ රථඤ‍්ච බ්‍රාහ‍්මණානං දත්‍වාති අත්‍ථො. මහාසත‍්තො හි තථා නගරතො නික‍්ඛමන‍්තො සහජාතෙ සට‍්ඨිසහස‍්සෙ අමච‍්චෙ සෙසජනඤ‍්ච අස‍්සුපුණ‍්ණමුඛං අනුබද‍්ධන‍්තං නිවත‍්තෙත්‍වා රථං පාජෙන‍්තො මද‍්දිං ආහ – “සචෙ, භද‍්දෙ, පච‍්ඡතො යාචකා ආගච‍්ඡන‍්ති, උපධාරෙය්‍යාසී”ති. සා ඔලොකෙන‍්තී නිසීදි. අථස‍්ස සත‍්තසතකමහාදානං ගමනකාලෙ කතදානඤ‍්ච සම‍්පාපුණිතුං අසක‍්කොන‍්තා චත‍්තාරො බ්‍රාහ‍්මණා ආගන‍්ත්‍වා “වෙස‍්සන‍්තරො කුහි”න‍්ති පුච‍්ඡිත්‍වා “දානං දත්‍වා රථෙන ගතො”ති වුත‍්තෙ “අස‍්සෙ යාචිස‍්සාමා”ති අනුබන්‍ධිංසු. මද‍්දී තෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “යාචකා, දෙවා”ති ආරොචෙසි. මහාසත‍්තො රථං ඨපෙසි. තෙ ආගන‍්ත්‍වා අස‍්සෙ යාචිංසු. මහාසත‍්තො අස‍්සෙ අදාසි. තෙ තෙ ගහෙත්‍වා ගතා. අස‍්සෙසු පන දින‍්නෙසු රථධුරං ආකාසෙයෙව අට‍්ඨාසි. අථ චත‍්තාරො දෙවපුත‍්තා රොහිතමිගවණ‍්ණෙනාගන‍්ත්‍වා රථධුරං සම‍්පටිච‍්ඡිත්‍වා අගමංසු. මහාසත‍්තො තෙසං දෙවපුත‍්තභාවං ඤත්‍වා –

එහි “ගවං” යනු ගවදෙන, “චතුවාහිං රථං දත්‍වා” යනු උසුලත් නුයි = වාහිනො, අශ්වයෝ, ආජානේය අශ්වයන් සතර දෙනකු සහිත රථය ද බ්‍රාහ්මණයන්ට දී යන අර්‍ථයයි. මහාසත්ත්‍වයන් වහන්සේ එසේ නගරයෙන් නික්මෙන්නාහු කඳුලු පිරුණු මුහුණින් යුතුව ලුහුබඳින තමන් සමග උපන් හැට දහසක් ඇමතියන් ද සෙසු ජනයා ද නවත්වා රථය පදවන්නාහු මද්‍රි දේවියට “සොඳුරු, ඉදින් පිටුපසින් යාචකයෝ එන්නාහුදැයි සොයා බලව”යි කීහ. ඕතොමෝ ද බලමින් හුන්නාහ. ඉක්බිති සත්තසතක මහා දානයට ද එතුමන්ගේ ගමන කාලයෙහි දුන් දානයට ද පැමිණීමට නොහැකි වූ බ්‍රාහ්මණයෝ සතර දෙනෙක් පැමිණ “වෙස්සන්තර රජ කොහිදැයි” විමසා දන් දී රථයෙන් ගියහයි කී කල්හි අශ්වයන් ඉල්ලා ගන්නෙමු’යි ලුහුබැන්ඳාහුය. මද්‍රි දේවිය ඔවුන් එනු දැක “දේවයන් වහන්ස, යාචකයෝ (එන්නාහුය)යි දැක්වුවාය. මහාසත්ත්‍වයෝ රථය නතර කළහ. ඔවුහු පැමිණ අශ්වයන් ඉල්ලූහ. මහාසත්ත්‍වයෝ අශ්වයන් දුන්හ. ඔවුහු ඒ අශ්වයන් ගෙන ගියහ. අශ්වයන් දුන් කල්හි වනාහි රථ ධුරය අහසෙහිම සිටියේය. ඉක්බිති දේව පුත්‍රයෝ සතර දෙනෙක් රෝහිත මෘග වේශයෙන් පැමිණ රථ ධුරය පිළිගෙන ගමන් කළහ. මහාසත්ත්‍වයෝ ඔවුන් දිව්‍ය පුත්‍රයන් බව දැන,

“ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි, චිත‍්තරූපංව දිස‍්සති; මිගරොහිච‍්චවණ‍්ණෙන, දක‍්ඛිණස‍්සා වහන‍්ති ම”න‍්ති. (ජා· 2.22.1864) –

ඉංඝ මද්දි නිසාමෙහි චිත්තරූපංව දිස්සති මිග රොහිත වණ්ණෙන දක්‍ඛිණස්සා වහන්ති මත්ති (ජාතක පාලිය)

එම්බා මද්‍රිය, බලව, විසිතුරු රූපයක් මෙන් පෙනෙයි. (දේවපුත්‍රයෝ) තිත්මුව වේශයෙන් අවුත් පුහුණු අශ්වයන් මෙන් මා උසුලති” යනුවෙන්

මද‍්දියා ආහ.

මද්‍රි දේවියට කීහ.

තත්‍ථ චිත‍්තරූපංවාති අච‍්ඡරියරූපං විය. දක‍්ඛිණස‍්සාති සුසික‍්ඛිතඅස‍්සා විය මං වහන‍්ති.

එහි “චිත්තරූපංව” යනු අසිරිමත් රුවක් මෙන්, “දක්‍ඛිණස්සා” යනු මැනවින් පුහුණු වූ අශ්වයන් මෙන් “මං වහන්ති” මා උසුලති.

අථ නං එවං ගච‍්ඡන‍්තං අපරො බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා රථං යාචි. මහාසත‍්තො පුත‍්තදාරං ඔතාරෙත්‍වා රථං අදාසි. රථෙ පන දින‍්නෙ දෙවපුත‍්තා අන‍්තරධායිංසු. තතො පට‍්ඨාය පන සබ‍්බෙපි පත‍්තිකාව අහෙසුං. අථ මහාසත‍්තො “මද‍්දි, ත්‍වං කණ‍්හාජිනං ගණ‍්හාහි, අහං ජාලිකුමාරං ගණ‍්හාමී”ති උභොපි ද‍්වෙ දාරකෙ අඞ‍්කෙනාදාය අඤ‍්ඤමඤ‍්ඤං පියසල‍්ලාපා පටිපථං ආගච‍්ඡන‍්තෙ මනුස‍්සෙ වඞ‍්කපබ‍්බතස‍්ස මග‍්ගං පුච‍්ඡන‍්තා සයමෙව ඔනතෙසු ඵලරුක‍්ඛෙසු ඵලානි දාරකානං දදන‍්තා අත්‍ථකාමාහි දෙවතාහි මග‍්ගස‍්ස සඞ‍්ඛිපිතත‍්තා තදහෙව චෙතරට‍්ඨං සම‍්පාපුණිංසු. තෙන වුත‍්තං “චතුවාහිං රථං දත්‍වා”තිආදි.

ඉක්බිති තවත් බ්‍රාහ්මණයෙක් පැමිණ මෙසේ යන්නා වූ එතුමන්ගෙන් රථය ඉල්ලීය. මහාසත්ත්‍වයෝ අඹුදරුවන් බස්සවා රථය දුන්හ. රථය දුන් කල්හි දේව පුත්‍රයෝ අතුරුදහන් වූහ. එතැන් පටන් සියල්ලෝ පයින් යන්නෝම වූහ. ඉක්බිති මහා සත්ත්‍වයෝ මද්‍රිනි, නුඹ කෘෂ්ණජිනා ගනුව, මම ජාලිකුමාරයා ගනිමි”යි දෙදෙනාම දරුවන් දෙදෙනා ඇකයෙන් ගෙන ඔවුනොවුන් ප්‍රියකථා ඇත්තේ පෙරමගට එන මිනිසුන්ගෙන් වඞ්ක පර්‍වතයට යන මග විමසමින් තුමූ නැමුනා වූ ගෙඩි සහිත ගස්වල ගෙඩි දරුවන්ට දෙමින් හිත වැඩ කැමති දෙවියන් විසින් මාර්‍ගය හකුළුවන ලද බැවින් එදිනම චේතිය රටට පැමිණියහ. එහෙයින් “චතුවාහිං රථ දත්‍වා” යනාදිය වදාළහ.

94. “චතුවාහිං රථං දත්‍වා ඨත්‍වා චාතුම්මහාපථෙ එකාකියො අදුතියො මද්දි දෙවිං ඉදමබ්‍රැවිං

95. ත්‍වං මද්දි කණ්හං ගණ්හාහි ලහුකා එසා කණිට්ඨකා අහං ජාලිං ගහෙස්සාමි ගරුකො භාතිකො හි සො

96. පදුමං පුණ්ඩරීකංව මද්දී කණ්හාජීනග්ගහි අහං සුවණ්ණ බිම්බංව ජාලිං ඛත්තියමග්ගහිං

97. අභිජාතා සඛුමාලා ඛත්තියා චතුරො ජනා විසම සමං අක්කමන්තා වඞ්කං ගච්ඡාම පබ්බ තං

98. යෙකෙචි මනුජා එන්ති අනුමග්ගෙ පටිප්පථෙ මග්ගං තෙ පටිපුච්ඡාම කුහිං වඞ්කත පබ්බ තො

99. තෙ තත්‍ථ අම්හෙ පස්සිත්‍වා කරුණං ගිරමුදීරයුං දුක්‍ඛන්තෙ පටිවෙදෙන්ති දුරෙ වඞ්කත පබ්බතො

100. යදි පස්සන්ති පවනෙ දාරකා ඵලිතෙ දුමෙ තෙසං ඵලානං හෙතුම්හි උපරොදන්ති දාරකා

101. රොදන්තෙ දාරකෙ දිස්වා උබ්බිද්ධා විපුලා දුමා සයමෙවොනමිත්‍වාන උපගච්ඡන්ති දාරකෙ

102. ඉදං අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං සාධුකාරං පවත්තෙසි මද්දී සබ්බඞ්ගසොභනා

103 අච්ඡෙරං වත ලොකස්මිං අබ්භුතං ලොමහංසනං වෙස්සන්තරස්ස තෙජෙන සයමෙවොන්තා දුමා

104. සංඛිපිංසු පථං යක්‍ඛා අනුකම්පාය දාරකෙ නික්‍ඛන්ත දිවසෙනෙව චෙතරට්ඨමුපාගමුං (චරියා පිටක)

“අශ්වයන් හතර දෙනෙකු යෙදූ රථය දී තනිවූයෙම් දෙවැන්නෙකු නැත්තෙම් (සතර මංසන්‍ධියේ සිට) මද්‍රි දේවියට මෙසේ කීවෙමි.

“බාල වූ මේ කෘෂ්ණජිනා වනාහි සැහැල්ලුය. මද්‍රිදේවියනි. නුඹ ඇය වඩා ගනුව. (ඇගේ) සහෝදර වූ ජාලිය කුමාරයා බරය. මම ඔහු වඩා ගන්නෙමි.

මද්‍රි දේවී තොමෝ පියුමක් වැනි හෙළ පියුමක් වැනි කෘෂ්ණාජිනාව වඩාගත්තීය. රන් පිළිමයක් වැනි ජාලිය කැත් කුමරු මම වඩා ගතිමි.

උසස් කුලයෙහි උපන් සියුමැලි වූ ක්‍ෂත්‍රිය වංශිකයන් වූ (අපි) හතර දෙනා විසමවූද, සමවූද භූමි ප්‍රදේශයන්හි ගමන් කරමින් වඞ්කගිරිය බලා ගියෙමු.

යම්කිසි මනුෂ්‍ය කෙනෙක් පසුමග හෝ පෙර මග හෝ පැමිණෙත් ද ඔවුන්ගෙන් වඞ්කගිරිය කොතැනදැයි විචාළෙමු. ඔවුහු එහිදී අප දැක කාරුණික වචන කීවෝය. වඞ්කගිරිය ඉතා දුරය යන දුක්මුසු පුවත ඔවුහු සැලකළහ.

ඉදින් මහ වනයෙහි ඵල ඇති වෘක්‍ෂයන් දරුවෝ දකිත් ද ඒ ඵල හේතුකොට ගෙන දරුවෝ හඬති. හඬන්නා වූ දරුවන් දැක උස් වූ මහත් වෘක්ෂයෝ තමාම අතුවලින් නැමී දරුවන් කරා පැමිණෙත්.

සර්‍වාඞ්ග සෝභන වූ මද්‍රි දේවීතොමෝ ලොමු ඩැහැගැනීම ඇති කරන්නා වූ අද්භූත වූ මේ ආශ්චර්‍ය්‍ය දැක සාධුකාර පැවැත්වූවාය.

වෙස්සන්තර රජුගේ පුණ්‍යානුභාවයෙන් වෘක්‍ෂයෝ තුමූම නැමුණාහුය. ඒකාන්තයෙන් ලෝකයෙහි මේ ආශ්චර්‍ය්‍යයෙකි. ලොමුඩැහැ ගැනීමට සමර්ථ වූ අද්භූත කාරණයෙකි. දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දෙවියෝ මාර්‍ගය හැකුළුවාහුය. නික්මුණු දිනයෙහිම චේත නම් රටට එළඹියෙමු

තත්‍ථ ඨත්‍වා චාතුම‍්මහාපථෙති අත‍්තනො ගමනමග‍්ගෙන පස‍්සතො ආගතෙන තෙන බ්‍රාහ‍්මණෙන ආගතමග‍්ගෙන ච විනිවිජ‍්ඣිත්‍වා ගතට‍්ඨානත‍්තා චතුක‍්කසඞ‍්ඛාතෙ චතුමහාපථෙ ඨත්‍වා තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස රථං දත්‍වා. එකාකියොති අමච‍්චසෙවකාදිසහායාභාවෙන එකකො. තෙනෙවාහ “අදුතියො”ති. මද‍්දිදෙවිං ඉදමබ්‍රවීති මද‍්දිදෙවිං ඉදං අභාසි.

එහි “ඨත්‍වා චාතුම්මහාපථෙ” යනු තමන් ආ මග දෙසින් බලන්නාට ද පැමිණි ඒ බ්‍රාහ්මණයා ආ මාර්‍ගය දෙසින් බලන්නාට ද විනිවිද ගිය තැන ඇති බැවින් “චතුක්ක” සඞ්ඛ්‍යාත සතරමං සන්‍ධියෙහි සිට ඒ බ්‍රාහ්මණයාට රථය දී, “එකාකියො” යනු අමාත්‍ය සේවකාදී සහායකයෙකු නොමැති බැවින් තනි වූයේ, එහෙයින්ම “අදුතියො” (දෙවැන්නෙක් නොමැතිව) යයි කීය. “මද්දිං දෙවිං තදබ්‍රැවී” යනු මද්‍රි දේවියට මෙය කීවේය.

පදුමං පුණ‍්ඩරීකංවාති පදුමං විය, පුණ‍්ඩරීකං විය ච. කණ‍්හාජිනග‍්ගහීති කණ‍්හාජිනං අග‍්ගහෙසි. අභිජාතාති ජාතිසම‍්පන‍්නා. විසමං සමන‍්ති විසමං සමඤ‍්ච භූමිප‍්පදෙසං. එන‍්තීති ආගච‍්ඡන‍්ති. අනුමග‍්ගෙ පටිප‍්පථෙති අනුමග‍්ගෙ වා පටිපථෙ වාති වා-සද‍්දස‍්ස ලොපො දට‍්ඨබ‍්බො. කරුණන‍්ති භාවනපුංසකනිද‍්දෙසො, කරුණායිතත‍්තන‍්ති අත්‍ථො. දුක‍්ඛං තෙ පටිවෙදෙන‍්තීති ඉමෙ එවං සුඛුමාලා පදසා ගච‍්ඡන‍්ති, දූරෙව ඉතො වඞ‍්කපබ‍්බතොති තෙ තදා අම‍්හෙසු කාරුඤ‍්ඤවසෙන අත‍්තනා දුක‍්ඛං පටිලභන‍්ති, තථා අත‍්තනො උප‍්පන‍්නදුක‍්ඛං පටිවෙදෙන‍්ති වාති අත්‍ථො.

පියුමක් වැනි හෙළ පියුමක් වැනි කෘෂ්ණජිනා වඩා ගත්තීය “අභිජාතා” යනු ජාතිසමුපන්න වූ, “විසමසමං” යනු විසම වූද සම වූද භූමි ප්‍රදේශය, “එන්ති” යනු එති, “අනුමග්ගෙ පටිපථෙ” යනු පසුමග හෝ පෙරමග ‘වා’ ශබ්දයෙහි ලෝපය දත යුතුයි. “කරුණං” යනු භාවනපුංසක නිර්දේශයකි. කරුණාව දක්වන ලද බව යන අර්‍ථයයි. “දුක්‍ඛං තෙ පටිවෙදෙන්ති” යනු සියුමැලි වූ මොවුහු මෙසේ පාගමනින් යති. වංක පර්‍වතය මෙහි සිට දුරය”යි ඔවුහු එකල්හි අප කෙරෙහි කරුණා වශයෙන් තමා දුකට පත්වෙති හෝ එසේ තමා තුළ උපන් දුක ප්‍රකාශ කරති යන අර්‍ථයයි,

පවනෙති මහාවනෙ. ඵලිනෙති ඵලවන‍්තෙ. උබ‍්බිද‍්ධාති උද‍්ධං උග‍්ගතා උච‍්චා. උපගච‍්ඡන‍්ති දාරකෙති යථා ඵලානි දාරකානං හත්‍ථූපගය‍්හකානි හොන‍්ති, එවං රුක‍්ඛා සයමෙව සාඛාහි ඔනමිත්‍වා දාරකෙ උපෙන‍්ති.

“පවනෙ” යනු මහවනයෙහි, “ඵලිතෙ” යනු ඵල සහිත වනයෙහි, “උබ්බිද්ධා” යනු උඩට උස් වූ, උස, “උපගච්ඡන්ති දාරකෙ” යනු යම්සේ දරුවන්ට අතින් ගෙඩි කඩාගත හැකි වේ ද එසේ ගස් තෙමේම අතුවලින් නැමී දරුවන් වෙත එළඹෙයි.

අච‍්ඡරියන‍්ති අච‍්ඡරායොග‍්ගං, අච‍්ඡරං පහරිතුං යුත‍්තං. අභූතපුබ‍්බං භූතන‍්ති අබ‍්භුතං. ලොමානං හංසනසමත්‍ථතාය ලොමහංසනං. සාහුකාරන‍්ති සාධුකාරං, අයමෙව වා පාඨො. ඉත්‍ථිරතනභාවෙන සබ‍්බෙහි අඞ‍්ගෙහි අවයවෙහි සොභතීති සබ‍්බඞ‍්ගසොභනා.

“අච්ඡරියං” යනු අසුරට (ඇඟිලි තුඩු එකට ගැසීම) සුදුසු, අසුර ගැසීමට යුතු, පෙර නොවූ දෙයක් වූයේනුයි “අබ්භූතං”යි, ලොමුදැහැ ගැනීමට සමත් බැවින්, “ලොමහංසන”යි , “සාහුකාරං” යනු සාධුකාරයයි. නැතහොත් “සාධුකාර” යනු ද පාඨයයි ස්ත්‍රීරත්නයක් බැවින් සියලු අඞ්ගයන්ගෙන්, අවයවයන්ගෙන් හොබනේනුයි “සබ්බඞ්ගසොභනා”යි.

අච‍්ඡෙරං වතාති අච‍්ඡරියං වත. වෙස‍්සන‍්තරස‍්ස තෙජෙනාති වෙස‍්සන‍්තරස‍්ස පුඤ‍්ඤානුභාවෙන. සඞ‍්ඛිපිංසු පථං යක‍්ඛාති දෙවතා මහාසත‍්තස‍්ස පුඤ‍්ඤතෙජෙන චොදිතා තං මග‍්ගං පරික‍්ඛයං පාපෙසුං, අප‍්පකං අකංසු, තං පන දාරකෙසු කරුණාය කතං විය කත්‍වා වුත‍්තං “අනුකම‍්පාය දාරකෙ”ති. ජෙතුත‍්තරනගරතො හි සුවණ‍්ණගිරිතාලො නාම පබ‍්බතො පඤ‍්ච යොජනානි, තතො කොන‍්තිමාරා නාම නදී පඤ‍්ච යොජනානි, තතො මාරඤ‍්ජනාගිරි නාම පබ‍්බතො පඤ‍්ච යොජනානි, තතො දණ‍්ඩබ්‍රාහ‍්මණගාමො නාම පඤ‍්ච යොජනානි, තතො මාතුලනගරං දස යොජනානි, ඉති තං රට‍්ඨං ජෙතුත‍්තරනගරතො තිංස යොජනානි හොති. දෙවතා බොධිසත‍්තස‍්ස පුඤ‍්ඤතෙජෙන චොදිතා මග‍්ගං පරික‍්ඛයං පාපෙසුං. තං සබ‍්බං එකාහෙනෙව අතික‍්කමිංසු. තෙන වුත‍්තං “නික‍්ඛන‍්තදිවසෙනෙව, චෙතරට‍්ඨමුපාගමු”න‍්ති.

“අච්ඡෙරං වත” යනු ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි, “වෙස්සන්තරස්ස තෙජෙන” යනු වෙස්සන්තර (රජු) ගේ පුණ්‍යානුභාවයෙන්, “සංඛිපිංසු පථං යක්‍ඛා” දේවතාවෝ බෝධිසත්ත්‍වයන්ගේ පුණ්‍ය තේජසින් මෙහෙයවන ලද්දෝ ඒ මාර්‍ගය ගෙවීයාමට පත් කළහ. කෙටි කළහ. එය වනාහි දරුවන් කෙරෙහි කරුණාවෙන් කළාක් බඳු කොට “අනුකම්පාය දාරකෙ” යයි කියන ලදී. ජයතුරා (ජෙතුත්තර) නගරයේ සිට ස්වර්‍ණගිරිතාල නම් පර්‍වතයට යොදුන් පහකි. එතැන් සිට කොන්තිමාරානම් නදියට යොදුන් පහකි. එතැන් සිට අඤ්ජනගිරි නම් පර්‍වතයට යොදුන් පහකි. එතැන් සිට බ්‍රාහ්මණ ගමට යොදුන් පහකි. එතැන් සිට මාමාගේ නගරයට (මාතුල නගර) යොදුන් දහයකි. මෙසේ එම රටට ජෙතුන්තර නගරයේ සිට යොදුන් තිහක් වේ. දේවතාවෝ බෝධිසත්ත්‍වයන්ගේ පුණ්‍ය තේජසින් මෙහෙයවන ලද්දාහු මාර්‍ගය ගෙවාලූහ. ඒ සියලු මග එතුමන් ලා එක් දිනකින්ම ඉක්මවූහ. “නික්‍ඛන්ත දිවසෙයෙව චෙතිරට්ඨ මුපාගමුං” යයි එහෙයින් කියන ලදී.

එවං මහාසත‍්තො සායන‍්හසමයං චෙතරට‍්ඨෙ මාතුලනගරං පත්‍වා තස‍්ස නගරස‍්ස ද‍්වාරසමීපෙ සාලායං නිසීදි. අථස‍්ස මද‍්දිදෙවී පාදෙසු රජං පුඤ‍්ඡිත්‍වා පාදෙ සම‍්බාහිත්‍වා “වෙස‍්සන‍්තරස‍්ස ආගතභාවං ජානාපෙස‍්සාමී”ති සාලතො නික‍්ඛමිත්‍වා තස‍්ස චක‍්ඛුපථෙ සාලද‍්වාරෙ අට‍්ඨාසි. නගරං පවිසන‍්තියො ච නික‍්ඛමන‍්තියො ච ඉත්‍ථියො තං දිස‍්වා පරිවාරෙසුං. මහාජනො තඤ‍්ච වෙස‍්සන‍්තරඤ‍්ච පුත‍්තෙ චස‍්ස තථා ආගතෙ දිස‍්වා රාජූනං ආචික‍්ඛි. සට‍්ඨිසහස‍්සා රාජානො රොදන‍්තා පරිදෙවන‍්තා තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා මග‍්ගපරිස‍්සමං විනොදෙත්‍වා තථා ආගමනකාරණං පුච‍්ඡිංසු.

මෙසේ මහාසත්ත්‍වයන් වහන්සේ සවස් කල චේතිය රට මයිලණුවන්ගේ නුවරට පැමිණ ඒ නගරයෙහි වාසල් දොර සමීපයෙහි ශාලාවක හුන්හ. ඉක්බිති මද්‍රි දේවිය එතුමන්ගේ පා දුවිලි පිස දමා පාදයන් මිරිකා වෙස්සන්තර රජු ආ බව දන්වන්නෙමි”යි ශාලාවෙන් නික්ම එතුමන්ගේ ඇස් හමුවෙහි ශාලා දොරකඩ සිටියාය. නගරයට පිවිසෙන්නාවූ ද නික්මෙන්නා වූද ස්ත්‍රීහු මද්‍රි දේවිය දැක පිරිවැරූහ. මහජනයා එතුමිය ද වෙස්සන්තර රජු ද එතුමන්ගේ දරුවන් ද එසේ ආ බව දැක රජුට දැන්වීය. හැට දහසක් රජවරු හඬමින් වැලපෙමින් එතුමන් සමීපයට පැමිණ ගමන් විඩා සංසිඳවා එසේ පැමිණි කරුණු විමසූහ.

මහාසත‍්තො හත්‍ථිදානං ආදිං කත්‍වා සබ‍්බං කථෙසි. තං සුත්‍වා තෙ අත‍්තනො රජ‍්ජෙන නිමන‍්තයිංසු. මහාපුරිසො “මයා තුම‍්හාකං රජ‍්ජං පටිග‍්ගහිතමෙව හොතු, රාජා පන මං රට‍්ඨා පබ‍්බාජෙති, තස‍්මා වඞ‍්කපබ‍්බතමෙව ගමිස‍්සාමී”ති වත්‍වා තෙහි නානප‍්පකාරං තත්‍ථ වාසං යාචියමානොපි තං අනලඞ‍්කරිත්‍වා තෙහි ගහිතාරක‍්ඛො තං රත‍්තිං සාලායමෙව වසිත්‍වා පුනදිවසෙ පාතොව නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා තෙහි පරිවුතො නික‍්ඛමිත්‍වා පන‍්නරසයොජනමග‍්ගං ගන‍්ත්‍වා වනද‍්වාරෙ ඨත්‍වා තෙ නිවත‍්තෙත්‍වා පුරතො පන‍්නරසයොජනමග‍්ගං තෙහි ආචික‍්ඛිතනියාමෙනෙව අගමාසි. තෙන වුත‍්තං –

මහාසත්ත්‍වයන් වහන්සේ ‘හස්තිදානය’ ආදිකොට ඇති සියල්ල කීහ. එය අසා ඔවුහු තම තමාගේ රාජ්‍යයෙන් ආරාධනා කළහ. මහා පුරුෂ තෙමෙම විසින් නුඹලාගේ රාජ්‍යය පිළිගන්නා ලද්දේම වේවා. රජ වනාහි මා රටින් නෙරපයි. එහෙයින් වඞ්ක පර්‍වතයටම යන්නෙමි’යි කියා ඔවුන් විසින් නොයෙක් ආකාරයෙන් එහි වාසය කිරීමට යාඥා කරද්දීම එය නොඉවසා ඔවුන් විසින් ගන්නා ලද ආරක්‍ෂා ඇත්තේ එම රාත්‍රිය ශාලාවේම වාසය කොට ඊළඟ දවසෙහි උදෑසනම නොයෙක් රසමසවුලෙන් යුත් භෝජන වළඳා ඔවුන් විසින් පිරිවරන ලද්දේ නික්ම පසළොස් යොදුන් මග ගෙවා වන දොරටුවෙහි සිට ඔවුන් නවත්වා මත්තෙහි පසළොස් යොදුන් මග ඔවුන් විසින් කියන ලද ක්‍රමයෙන්ම ගියේය. එහෙයින්,

“සට‍්ඨිරාජසහස‍්සානි, තදා වසන‍්ති මාතුලෙ; සබ‍්බෙ පඤ‍්ජලිකා හුත්‍වා, රොදමානා උපාගමුං.

105. සට්ඨි රාජ සහස්සානි තදා වසන්ති මාතුලෙ සබ්බෙ පඤ්ජලිකා හුත්‍වා රොදමානා උපාගමුං

“තත්‍ථ වත‍්තෙත්‍වා සල‍්ලාපං, චෙතෙහි චෙතපුත‍්තෙහි; තෙ තතො නික‍්ඛමිත්‍වාන, වඞ‍්කං අගමු පබ‍්බත”න‍්ති.

106. තත්‍ථ වත්තෙත්‍වා සල්ලාපං චෙතෙහි චෙත පුත්තෙහි තෙ තතො නික්‍ඛමිත්‍වාන වඞ්කමගමුං පබ්බතං (චරියා පිටක)

“එකල්හි මාතුල නගරයෙහි සැට දහසක් රජවරු වාසය කරති. ඒ සියලුදෙන බඳනා ලද ඇඳිලි ඇතිව හඬමින් එළඹියහ.

එහිදී චේත රජුන් සමග ද චේතරාජ පුත්‍රයන් සමග ද පිළිසඳර කථා පවත්වා ද ඒ අපි ඒ නුවරින් නික්ම වඞ්කගිරියට ගියෙමුයි කියන ලදී.

තත්‍ථ තත්‍ථ වත‍්තෙත්‍වා සල‍්ලාපන‍්ති තත්‍ථ තෙහි රාජූහි සමාගමෙහි සද‍්ධිං පටිසම‍්මොදමානා කථං පවත‍්තෙත්‍වා. චෙතපුත‍්තෙහීති චෙතරාජපුත‍්තෙහි. තෙ තතො නික‍්ඛමිත්‍වානාති තෙ රාජානො තතො වනද‍්වාරට‍්ඨානෙ නිවත‍්තෙත්‍වා. වඞ‍්කං අගමු පබ‍්බතන‍්ති අම‍්හෙ චත‍්තාරො ජනා වඞ‍්කපබ‍්බතං උද‍්දිස‍්ස අගමම‍්හා.

එහි “වත්තෙත්‍වා සල්ලාපං” යනු එහි ඒ රාජ සමූහයා සමග පිළිසඳර කථා පවත්වා, “චෙතපුත්තෙහි” යනු චේතරාජ පුත්‍රයන් සමග, “තෙ තතො නික්‍ඛමිත්‍වාන” යනු ඒ රජවරුන් වන දොරටුවෙහි නවත්වා එතනින් (නික්ම) “වඞ්කං අගමුං පබ්බතං” යනු අපි සතර දෙනා වඞ්කගිරිය බලා ගියෙමු,

අථ මහාසත‍්තො තෙහි ආචික‍්ඛිතමග‍්ගෙන ගච‍්ඡන‍්තො ගන්‍ධමාදනපබ‍්බතං පත්‍වා තං දිවසං තත්‍ථ වසිත්‍වා තතො උත‍්තරදිසාභිමුඛො වෙපුල‍්ලපබ‍්බතපාදෙන ගන‍්ත්‍වා කෙතුමතීනදීතීරෙ නිසීදිත්‍වා වනචරකෙන දින‍්නං මධුමංසං ඛාදිත්‍වා තස‍්ස සුවණ‍්ණසූචිං දත්‍වා න‍්හත්‍වා පිවිත්‍වා පටිප‍්පස‍්සද‍්ධදරථො නදිං උත‍්තරිත්‍වා සානුපබ‍්බතසිඛරෙ ඨිතස‍්ස නිග්‍රොධස‍්ස මූලෙ ථොකං නිසීදිත්‍වා උට‍්ඨාය ගච‍්ඡන‍්තො නාලිකපබ‍්බතං පරිහරන‍්තො මුචලින්‍දසරං ගන‍්ත්‍වා සරතීරෙන පුබ‍්බුත‍්තරකණ‍්ණං පත්‍වා එකපදිකමග‍්ගෙනෙව වනඝටං පවිසිත්‍වා තං අතික‍්කම‍්ම ගිරිවිදුග‍්ගානං නදීපභවානං පුරතො චතුරස‍්සපොක‍්ඛරණිං පාපුණි.

ඉක්බිති මහාසත්ත්‍වයන් වහන්සේ ඔවුන් කියන ලද මගින් යන්නාහු ගන්‍ධමාදන පර්‍වතයට පැමිණ එ දවස එහි වාසය කොට එතනින් උතුරු දිග බලා වෙපුල්ල පර්‍වත පා මුලින් ගොස් කේතුමතී ගංගා තීරයෙහි හිඳ වනයෙහි හැසිරෙන්නෙකු විසින් දෙන ලද මී පැණි හා මස් අනුභව කොට ඔහුට රන් ඉදිකටුව දී නා පැන් සැනහී පැන් බී ගමන් විඩා හැර ගඟෙන් එතරව සානු පර්‍වතය මුදුනෙහි සමතල භූමියේ පිහිටි නුගරුක මුල ටික වේලාවක් හිඳ එයින් නැගිට යන්නාහු නාලික පර්‍වතය පසුකරමින් මුචලින්‍ද විලට ගොස් විල් තෙරින් ඊසාණ කොණට ගොස් ඒකපදික මාර්‍ගයෙන්ම වන ලැහැබට පිවිස එය ඉක්මවා ගිරිදුර්‍ග නදී ප්‍රභවයන්ගේ ඉදිරියෙහි සතරැස් පොකුණට පැමිණියහ.

තස‍්මිං ඛණෙ සක‍්කො ආවජ‍්ජෙන‍්තො “මහාසත‍්තො හිමවන‍්තං පවිට‍්ඨො, වසනට‍්ඨානං ලද‍්ධුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා විස‍්සකම‍්මං පෙසෙසි – “ගච‍්ඡ වඞ‍්කපබ‍්බතකුච‍්ඡිම‍්හි රමණීයෙ ඨානෙ අස‍්සමපදං මාපෙහී”ති. සො තත්‍ථ ද‍්වෙ පණ‍්ණසාලායො ද‍්වෙ චඞ‍්කමෙ ද‍්වෙ ච රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි මාපෙත්‍වා තෙසු තෙසු ඨානෙසු නානාපුප‍්ඵවිචිත‍්තෙ රුක‍්ඛෙ ඵලිතෙ රුක‍්ඛෙ පුප‍්ඵගච‍්ඡෙ කදලිවනාදීනි ච දස‍්සෙත්‍වා සබ‍්බෙ පබ‍්බජිතපරික‍්ඛාරෙ පටියාදෙත්‍වා “යෙකෙචි පබ‍්බජිතුකාමා, තෙ ගණ‍්හන‍්තූ”ති අක‍්ඛරානි ලිඛිත්‍වා අමනුස‍්සෙ ච භෙරවසද‍්දෙ මිගපක‍්ඛිනො ච පටික‍්කමාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතො.

එකෙණෙහිම සක්දෙව් රජ විමසා බලන්නේ “මහාසත්ත්‍වයෝ හිමවතට පිවිසියෝය. වාසස්ථානයක් ලැබීමට වටීයයි සිතා විශ්වකර්‍මයා “යව, වඞ්ක පර්‍වත කුසෙහි මනහර තැනක අසපුවක් මැවුව මැනව”යි කියා යැවීය. හෙතෙම එහි පන්සල් දෙකක් ද සක්මන් මළු දෙකක් ද, රාත්‍රි ස්ථාන දිවාස්ථාන දෙක බැගින් ද මවා ඒ ඒ තැන්වල නොයෙක් මල්වලින් විසිතුරු වූ ගස් මල් පඳුරු ද කෙසෙල් වන ආදිය ද දක්වා සියලු පැවිදි පිරිකර පිළියෙල කොට යම්කිසිවෙක් පැවිදිවනු කැමැත්තාහු නම් ගනිත්වා”යි අකුරු ලියා අමනුෂ්‍යයන් ද බියකරු ශබ්ද ඇති මෘගපක්‍ෂීන් ද ඉවත් කොට සිය වාසභවනටම ගියේය.

මහාසත‍්තො එකපදිකමග‍්ගං දිස‍්වා “පබ‍්බජිතානං වසනට‍්ඨානං භවිස‍්සතී”ති මද‍්දිඤ‍්ච පුත‍්තෙ ච තත්‍ථෙව ඨපෙත්‍වා අස‍්සමපදං පවිසිත්‍වා අක‍්ඛරානි ඔලොකෙත්‍වා “සක‍්කෙන දින‍්නොස‍්මී”ති පණ‍්ණසාලද‍්වාරං විවරිත්‍වා පවිට‍්ඨො ඛග‍්ගඤ‍්ච ධනුඤ‍්ච අපනෙත්‍වා සාටකෙ ඔමුඤ‍්චිත්‍වා ඉසිවෙසං ගහෙත්‍වා කත‍්තරදණ‍්ඩං ආදාය නික‍්ඛමිත්‍වා පච‍්චෙකබුද‍්ධසදිසෙන උපසමෙන දාරකානං සන‍්තිකං අගමාසි. මද‍්දිදෙවීපි මහාසත‍්තං දිස‍්වා පාදෙසු පතිත්‍වා රොදිත්‍වා තෙනෙව සද‍්ධිං අස‍්සමං පවිසිත්‍වා අත‍්තනො පණ‍්ණසාලං ගන‍්ත්‍වා ඉසිවෙසං ගණ‍්හි. පච‍්ඡා පුත‍්තෙපි තාපසකුමාරකෙ කරිංසු. බොධිසත‍්තො මද‍්දිං වරං යාචි “මයං ඉතො පට‍්ඨාය පබ‍්බජිතා නාම, ඉත්‍ථී ච නාම බ්‍රහ‍්මචරියස‍්ස මලං, මා දානි අකාලෙ මම සන‍්තිකං ආගච‍්ඡා”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මහාසත‍්තම‍්පි වරං යාචි “දෙව, තුම‍්හෙ පුත‍්තෙ ගහෙත්‍වා ඉධෙව හොථ, අහං ඵලාඵලං ආහරිස‍්සාමී”ති. සා තතො පට‍්ඨාය අරඤ‍්ඤතො ඵලාඵලානි ආහරිත්‍වා තයො ජනෙ පටිජග‍්ගි. ඉති චත‍්තාරො ඛත‍්තියා වඞ‍්කපබ‍්බතකුච‍්ඡියං සත‍්තමාසමත‍්තං වසිංසු. තෙන වුත‍්තං “ආමන‍්තයිත්‍වා දෙවින්‍දො, විස‍්සකම‍්මං මහිද‍්ධික”න‍්තිආදි.

මහාසත්ත්‍වයෝ ඒක පදික මාර්‍ගය දැක “පැවිද්දන් වසන තැනක් විය යුතුය”යි මද්‍රි දේවියත් දරුවනුත් එහිම තබා අසපුවට පිවිස අකුරු බලා සක්දෙව් රජු විසින් දක්නා ලද්දේ වෙමි”යි පන්සල් දොර විවෘත කොට පිවිසියාහු කඩුවද දුන්න ද ඉවත්කොට සළු මුදා තවුස්වෙස් ගෙන සැරයටිය ගෙන නික්ම පසේ බුදු කෙනෙකු හා සමාන සංයමයෙන් දරුවන්ගේ සමීපයට ගියහ. මද්‍රි දේවිය ද මහාසත්ත්‍වයන් දැක පාමුල වැටී හඬා එතුමන් සමගම අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තීය. පසුව දරුවන් ද තාපස කුමාරයන් කළාය. බෝධිසත්ත්‍වයෝ මද්‍රි දේවියගෙන් අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය නම් බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුටකි. දැන් නොකල්හි මා සමීපයට නොපැමිණෙව”යි වරයක් ඉල්ලූහ. ඈ යහපතැයි පිළිගෙන මහාසත්ත්‍වයන්ගෙන් ද “දේවයන් වහන්ස නුඹ වහන්සේ දරුවන් රැගෙන මෙහිම හිඳිනු මැනවි. මම ඵලාඵල ගෙනෙන්නෙමි යනුවෙන් වරයක් ඉල්ලූහ. එතැන් පටන් වනයෙන් ඵලාඵල ගෙනවිත් තිදෙනා පෝෂණය කළාය. මෙසේ ක්‍ෂත්‍රියයෝ සතර දෙනා. පර්‍වත කුසෙහි සත්මාසයක් පමණ විසූහ. එහෙයින් “ආමන්තයිත්‍වා දෙවින්‍දො විස්සකම්මං මහිද්ධිකං” ආදිය කියන ලදී.

107. “ආමන්තයිත්‍වා දෙවින්‍දො විස්සකම්මං මහිද්ධිකං අස්සමං සුකතං රම්මං පණ්ණසාලං සුමාපය

108. සක්කස්ස වචනං සුත්‍වා විස්සකම්මො මහිද්ධිකො අස්සමං සුකතං රම්මං පණ්ණසාලං සුමාපයී

109. අජ්ඣො ගහෙත්‍වා පවනං අප්පසද්දං නිරාකුලං චතුරො ජනා මයං තත්‍ථ වසාම පබ්බතන්තරෙ

110. අහඤ්ච මද්දිදෙවීච ජාලී කණ්හාජිනා චුභො අඤ්ඤමඤ්ඤං සොකනුදා වසාම අස්ස මෙ තදා

111. දාරකෙ අනුරක්‍ඛන්තො අසුඤ්ඤො හොමි අස්සමෙ මද්දී ඵලං ආහරති පොසෙති සා තයොජනෙ”

“ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මහත් සෘද්ධි ඇති විශ්වකර්‍ම කැඳවා “අසපුවක් යහපත් සේ කොට සිත්කලු වූ පන්සලක් මනාකොට නිර්මිත කරවයි අණ කළේය.

මහත් සෘද්ධි ඇති විශ්වකර්‍ම තෙමේ ශක්‍රයාගේ වචනය අසා අසපුවක් ද (එහි) සිත්කලු වූ පන්සලක් ද යහපත් සේ නිර්මිත කළේය.

නිශ්ශබ්ද වූ අවුල් රහිත වූ මහ වනයට වැද, අපි සතර දෙන එහි පර්‍වතයන් අතර වාසය කෙළෙමු.”

එකල්හි මම ද මද්‍රි දේවිය ද ජාලිය කෘෂ්ණජිනා යන දෙදෙනා ද යන අපි ඔවුනොවුන්ගේ ශෝක දුරු කරමින් අසපුවෙහි විසුවෙමු.

දරුවන් ආරක්‍ෂා කෙරෙමින් (ආශ්‍රමය) ශුන්‍ය නොකෙරෙමින් ආශ්‍රමයෙහි විසූවෙමි. මද්‍රි දේවි ඵලාඵල ගෙන එයි. ඈ අප තුන් දෙනා පෝෂණය කරයි යනාදියයි.

තත්‍ථ ආමන‍්තයිත්‍වාති පක‍්කොසාපෙත්‍වා. මහිද‍්ධිකන‍්ති මහතියා දෙවිද‍්ධියා සමන‍්නාගතං. අස‍්සමං සුකතන‍්ති අස‍්සමපදං සුකතං කත්‍වා. රම‍්මං වෙස‍්සන‍්තරස‍්ස වසනානුච‍්ඡවිකං පණ‍්ණසාලං. සුමාපයාති සුට‍්ඨු මාපය. ආණාපෙසීති වචනසෙසො. සුමාපයීති සම‍්මා මාපෙසි.

එහි “ආමන්තයිත්‍වා” යනු කැඳවා, “මහිද්ධිකං” යනු මහත් වූ දේවසෘද්ධියෙන් යුත්, “අස්සමං සුකතං” යනු ආශ්‍රම පදය යහපත් සේ කොට, “රම්මං” යනු වෙස්සන්තර රජුට විසීමට සුදුසු පන්සලක්, “සුමාපය” යනු මැනවින් නිර්මිත කරව. “ආණාවෙසි” යනු ඉතිරි වචනයයි. “සුමාපයී” යනු මැනවින් නිර්මිත කළේය.,

අසුඤ‍්ඤොති යථා සො අස‍්සමො අසුඤ‍්ඤො හොති, එවං තස‍්ස අසුඤ‍්ඤභාවකරණෙන අසුඤ‍්ඤො හොමි. “අසුඤ‍්ඤෙ”ති වා පාඨො, මම වසනෙනෙව අසුඤ‍්ඤෙ අස‍්සමෙ දාරකෙ අනුරක‍්ඛන‍්තො වසාමි තත්‍ථ තිට‍්ඨාමි. බොධිසත‍්තස‍්ස මෙත‍්තානුභාවෙන සමන‍්තා තියොජනෙ සබ‍්බෙ තිරච‍්ඡානාපි මෙත‍්තං පටිලභිංසු.

“අසුඤ්ඤෙ” යනු යම්සේ ඒ ආශ්‍රමය ජනශුන්‍ය නොවේද, එසේ එය ජනශුන්‍ය නොකිරීමෙන් “අසුඤ්ඤ” වූ (අසපුවෙහි) වාසය කළෙමි. “අසුඤ්ඤෙ” කියා ද පාඨයකි. මගේ විසීමෙන්ම ජනශූන්‍ය නොවූ ආශ්‍රමයෙහි දරුවන් රකිමින් වසමි. එහි සිටිමි. බෝධිසත්ත්‍වයන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් හාත්පස යොදුන් තුනෙක්හි සියලු තිරිසන් සත්ත්‍වයෝ ද මෛත්‍රී සිත් ඉපිද වූහ.

එවං තෙසු තත්‍ථ වසන‍්තෙසු කලිඞ‍්ගරට‍්ඨවාසී ජූජකො නාම බ්‍රාහ‍්මණො අමිත‍්තතාපනාය නාම භරියාය “නාහං තෙ නිච‍්චං ධඤ‍්ඤකොට‍්ටනඋදකාහරණයාගුභත‍්තපචනාදීනි කාතුං සක‍්කොමි, පරිචාරකං මෙ දාසං වා දාසිං වා ආනෙහී”ති වුත‍්තෙ “කුතොහං තෙ භොති දුග‍්ගතො දාසං වා දාසිං වා ලභිස‍්සාමී”ති වත්‍වා තාය “එස වෙස‍්සන‍්තරො රාජා වඞ‍්කපබ‍්බතෙ වසති. තස‍්ස පුත‍්තෙ මය‍්හං පරිචාරකෙ යාචිත්‍වා ආනෙහී”ති වුත‍්තෙ කිලෙසවසෙන තස‍්සා පටිබද‍්ධචිත‍්තතාය තස‍්සා වචනං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො පාථෙය්‍යං පටියාදාපෙත්‍වා අනුක‍්කමෙන ජෙතුත‍්තරනගරං පත්‍වා “කුහිං වෙස‍්සන‍්තරමහාරාජා”ති පුච‍්ඡි.

මෙසේ ඔවුන් එහි වසන කල්හි කලිඟුරට වැසි “ජූජක” නම් බ්‍රාහ්මණයෙක් “අමිත්තතාපනා” නම් බිරිඳ විසින් “මම නුඹට නිරන්තරයෙන් ධන්‍ය කෙටීම, දිය ගෙන ඒම, කැඳබත් පීසීම් ආදිය කිරීමට නොහැක්කෙමි, මෙහෙකාර දාසයකු හෝ දාසියක හෝ මට ගෙන එව”යි කී කල්හි “සොඳුර දිළිඳු මම නුඹට දාසයකු හෝ දාසියක කොතනින් ලබන්නෙම්දැයි කියා ඇය විසින් වෙස්සන්තර රජ වඞ්කගිරියෙහි වසයි. එතුමන්ගේ දරුවන් මට මෙහෙවරට ඉල්ලා ගෙනව”යි කී කල්හි ක්ලේශ වශයෙන් ඇය කෙරෙහි බැඳුණු සිත් ඇති බැවින් ඇයගේ වචනය ඉක්මවීමට නොහැකිවන්නේ මාර්‍ගොපකරණ පිළියෙල කරවාගෙන පිළිවෙළින් ජයතුරා නුවරට පැමිණ “වෙස්සන්තර මහ රජ කොහිදැයි විචාළේය.

මහාජනො “ඉමෙසං යාචකානං අතිදානෙන අම‍්හාකං රාජා රට‍්ඨා පබ‍්බාජිතො, එවං අම‍්හාකං රාජානං නාසෙත්‍වා පුනපි ඉධෙව ආගච‍්ඡතී”ති ලෙඩ‍්ඩුදණ‍්ඩාදිහත්‍ථො උපක‍්කොසන‍්තො බ්‍රාහ‍්මණං අනුබන්‍ධි. සො දෙවතාවිග‍්ගහිතො හුත්‍වා තතො නික‍්ඛමිත්‍වා වඞ‍්කපබ‍්බතගාමිමග‍්ගං අභිරුළ‍්හො අනුක‍්කමෙන වනද‍්වාරං පත්‍වා මහාවනං අජ‍්ඣොගාහෙත්‍වා මග‍්ගමූළ‍්හො හුත්‍වා විචරන‍්තො තෙහි රාජූහි බොධිසත‍්තස‍්ස ආරක‍්ඛණත්‍ථාය ඨපිතෙන චෙතපුත‍්තෙන සමාගඤ‍්ඡි. තෙන “කහං, භො බ්‍රාහ‍්මණ, ගච‍්ඡසී”ති පුට‍්ඨො “වෙස‍්සන‍්තරමහාරාජස‍්ස සන‍්තික”න‍්ති වුත‍්තෙ “අද‍්ධා අයං බ්‍රාහ‍්මණො තස‍්ස පුත‍්තෙ වා දෙවිං වා යාචිතුං ගච‍්ඡතී”ති චින‍්තෙත්‍වා “මා ඛො, ත්‍වං බ්‍රාහ‍්මණ, තත්‍ථ ගඤ‍්ඡි, සචෙ ගච‍්ඡසි, එත්‍ථෙව තෙ සීසං ඡින්‍දිත්‍වා මය‍්හං සුනඛානං ඝාසං කරිස‍්සාමී”ති තෙන සන‍්තජ‍්ජිතො මරණභයභීතො “අහමස‍්ස පිතරා පෙසිතො දූතො, ‘තං ආනෙස‍්සාමී’ති ආගතො”ති මුසාවාදං අභාසි. තං සුත්‍වා චෙතපුත‍්තො තුට‍්ඨහට‍්ඨො බ්‍රාහ‍්මණස‍්ස සක‍්කාරසම‍්මානං කත්‍වා වඞ‍්කපබ‍්බතගාමිමග‍්ගං ආචික‍්ඛි. සො තතො පරං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අච‍්චුතෙන නාම තාපසෙන සද‍්ධිං සමාගන‍්ත්‍වා තම‍්පි මග‍්ගං පුච‍්ඡිත්‍වා තෙනාපි මග‍්ගෙ ආචික‍්ඛිතෙ තෙන ආචික‍්ඛිතසඤ‍්ඤාය මග‍්ගං ගච‍්ඡන‍්තො අනුක‍්කමෙන බොධිසත‍්තස‍්ස අස‍්සමපදට‍්ඨානසමීපං ගන‍්ත්‍වා මද‍්දිදෙවියා ඵලාඵලත්‍ථං ගතකාලෙ බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා උභො දාරකෙ යාචි. තෙන වුත‍්තං –

මහජනයා මේ යාචකයන්ට අධික ලෙස දන්දීම් නිසා අපගේ රජ නගරයෙන් නෙරපන ලද්දේය. මෙසේ අපගේ රජු නසා නැවත ද මෙහි එන්නේයයි ගල්කැට දඬුමුඟුරු ගත් අත් ඇතිව බැණ වදිමින් බ්‍රාහ්මණයා ලුහුබැන්ඳේය. හෙතෙම දේවතාධිගෘහිතව එතැනින් නික්ම වඞ්ක පර්‍වතයට යන මාර්‍ගයට නැගී පිළිවෙළින් වන දොරටුවට පැමිණ මහවනයට වැද මංමුළා වී හැසිරෙන්නේ ඒ රජවරුන් විසින් බෝධිසත්ත්‍වයන්ගේ ආරක්‍ෂාවට තබන ලද චේතපුත්‍ර සමග එක් විය. ඔහු විසින් “බ්‍රාහ්මණය, නුඹ කොහි යන්නෙහිදැයි විමසන ලද්දේ “වෙස්සන්තර මහරජු සමීපයට ය”යි කී විට මේ බ්‍රාහ්මණයා ඒකාන්තයෙන් රජතුමාගේ දරුවන් හෝ දේවිය හෝ ඉල්ලීමට යන්නේ ය”යි සිතා “බ්‍රාහ්මණය, නුඹ එහි නොයව. ඉදින් යන්නෙහි නම් මෙහිම නුඹගේ හිස සිඳ මාගේ සුනඛයන්ට ආහාර කරන්නෙමි”යි ඔහු විසින් බියට පත් කරන ලද්දේ මරණ බියෙන් බියපත් වූයේ “මම එතුමන්ගේ පියා විසින් එවන ලද දූතයෙකි. එතුමන් කැඳවාගෙන එන්නෙමි”යි ආවේ වෙමි”යි බොරුවක් කීවේය. එය අසා චේත පුත්‍රයා තුටු පහටුව බ්‍රාහ්මණයාට සත්කාර සම්මාන කොට වඞ්ක පර්‍වතයට යන මාර්‍ගය කීවේය. හෙතෙම එයින් ඔබ්බට යන්නේ අතරමග අච්චුත නම් තාපසයා හමු වී එතුමන්ගෙන්ද මාර්‍ගය විමසා එතුමන් විසින් ද මග කී කල්හී එතුමන් කී සලකුණෙන් මග යන්නේ පිළිවෙළින් බෝධිසත්ත්‍වයන් වහන්සේගේ අසපුව සමීපයට ගොස් මද්‍රි දේවිය ඵලාඵල සඳහා ගිය කල්හි බෝධිසත්ත්‍වයන් වෙත එළඹ දරු දෙදෙනා ඉල්ලීය. එහෙයින්,

“පවනෙ වසමානස‍්ස, අද‍්ධිකො මං උපාගමි; අයාචි පුත‍්තකෙ මය‍්හං, ජාලිං කණ‍්හාජිනං චුභො”ති.

112. පවනෙ වසමානස්ස අද්ධිකො මං උපාගමි ආයාචි පුත්තකෙ මය්හං ජාලිං කණ්හ ජිනඤ්චුභො

“මහ වනයෙහි මා වාසය කරද්දී මගියෙක් මා කරා එළඹියේය. එළඹ ජාලිය, කෘෂ්ණජිනා යන මගේ දරු දෙදෙනා ඉල්ලීය.’යි දේශනා කරන ලදී. (චරියා පිටකය)

එවං බ්‍රාහ‍්මණෙන දාරකෙසු යාචිතෙසු මහාසත‍්තො “චිරස‍්සං වත මෙ යාචකො අධිගතො, අජ‍්ජාහං අනවසෙසතො දානපාරමිං පූරෙස‍්සාමී”ති අධිප‍්පායෙන සොමනස‍්සජාතො පසාරිතහත්‍ථෙ සහස‍්සත්‍ථවිකං ඨපෙන‍්තො විය බ්‍රාහ‍්මණස‍්ස චිත‍්තං පරිතොසෙන‍්තො සකලඤ‍්ච තං පබ‍්බතකුච‍්ඡිං උන‍්නාදෙන‍්තො “දදාමි තව මය‍්හං පුත‍්තකෙ, අපි ච මද‍්දිදෙවී පන පාතොව ඵලාඵලත්‍ථාය වනං ගන‍්ත්‍වා සායං ආගමිස‍්සති, තාය ආගතාය තෙ පුත‍්තකෙ දස‍්සෙත්‍වා ත්‍වඤ‍්ච මූලඵලාඵලං ඛාදිත්‍වා එකරත‍්තිං වසිත්‍වා විගතපරිස‍්සමො පාතොව ගමිස‍්සසී”ති ආහ. බ්‍රාහ‍්මණො “කාමඤ‍්චෙස උළාරජ‍්ඣාසයතාය පුත‍්තකෙ දදාති, මාතා පන වච‍්ඡගිද‍්ධා ආගන‍්ත්‍වා දානස‍්ස අන‍්තරායම‍්පි කරෙය්‍ය, යංනූනාහං ඉමං නිප‍්පීළෙත්‍වා දාරකෙ ගහෙත්‍වා අජ‍්ජෙව ගච‍්ඡෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා “පුත‍්තා චෙ තෙ මය‍්හං දින‍්නා, කිං දානි මාතරං දස‍්සෙත්‍වා පෙසිතෙහි, දාරකෙ ගහෙත්‍වා අජ‍්ජෙව ගමිස‍්සාමී”ති ආහ. “සචෙ, ත්‍වං බ්‍රාහ‍්මණ, රාජපුත‍්තිං මාතරං දට‍්ඨුං න ඉච‍්ඡසි, ඉමෙ දාරකෙ ගහෙත්‍වා ජෙතුත‍්තරනගරං ගච‍්ඡ, තත්‍ථ සඤ‍්ජයමහාරාජා දාරකෙ ගහෙත්‍වා මහන‍්තං තෙ ධනං දස‍්සති, තෙන දාසදාසියො ගණ‍්හිස‍්සසි, සුඛඤ‍්ච ජීවිස‍්සසි, අඤ‍්ඤථා ඉමෙ සුඛුමාලා රාජදාරකා, කිං තෙ වෙය්‍යාවච‍්චං කරිස‍්සන‍්තී”ති ආහ.

මෙසේ බ්‍රාහ්මණයා විසින් දරුවන් ඉල්ලූ කල්හි මහාසත්ත්‍වයෝ “මා වෙත යාචකයෙක් පැමිණියේ ඒකාන්තයෙන් බොහෝ කලකිනි. අද මම නිරවශේෂ කොට දාන පාරමිතාව සම්පූර්‍ණ කරන්නෙමි” යන අදහසින් හටගත් සොම්නස් ඇත්තේ දිගුකළ අතෙහි දහසක් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් බ්‍රාහ්මණයාගේ සිත සතුටු කරමින් ඒ සියලු පර්‍වත කුස ඒකනින්නාද කරමින් “මම නුඹට දරුවන් දෙමි. එසේ වුවත් මද්‍රි දේවිය වනාහි උදැසනම ඵලාඵල සඳහා වනයට ගොස් සවස එන්නීය. ඇය පැමිණි පසු පුත්‍රයන් පෙන්වා නුඹ ද මුල් ඵලාඵල අනුභව කොට එක් රැයක් වැස පහවූ විඩා ඇත්තේ උදෑසනම යන්නෙහි යයි කීහ. බ්‍රාහ්මණයා “ඒකාන්තයෙන් මෙතුමා උදාර අදහස් ඇති බැවින් පුතුන් දෙයි. මව වනාහි දරුවන්ට ගිජු වූවා පැමිණ දානයට අන්තරායක් වුවද කළ හැකිය. එහෙයින් මම මෙතුමා පීඩාවට පත්කොට දරුවන් රැගෙන අදම යන්නෙම් නම් මැනවැ”යි සිතා නුඹවහන්සේගේ දරුවෝ මට දෙන ලද්දාහුය. ඔවුන් දැන් මවට පෙන්වීමෙන් කවර ප්‍රයෝජනයක් ද, දරුවන් රැගෙන අදම යන්නෙමි”යි කීවේය. “බ්‍රාහ්මණය, ඉදින් නුඹ රාජ දියණිය වූ මව දැකීමට නොකැමැත්තෙහි නම් මේ දරුවන් රැගෙන ජයතුරා නගරයට යව, එහි සඤ්ජය මහරජ දරුවන් ගෙන මහත් ධනය තොපට දෙන්නේය. එයින් දැසිදස්සන් ගන්නෙහිය. සුවසේ ද ජීවත් වන්නෙහි. අනෙක් අතින් මේ සියුමැලි රජදරුවෝ කෙසේ නුඹට වතාවත් කරන්නාහුදැයි (රජතුමා) කීය.

බ්‍රාහ‍්මණො “එවම‍්පි මයා න සක‍්කා කාතුං, රාජදණ‍්ඩතො භායාමි, මය‍්හමෙව ගාමං නෙස‍්සාමී”ති ආහ. ඉමං තෙසං කථාසල‍්ලාපං සුත්‍වා දාරකා “පිතා නො ඛො අම‍්හෙ බ්‍රාහ‍්මණස‍්ස දාතුකාමො”ති පක‍්කමිත්‍වා පොක‍්ඛරණිං ගන‍්ත්‍වා පදුමිනිගච‍්ඡෙ නිලීයිංසු. බ්‍රාහ‍්මණො තෙ අදිස‍්වාව “ත්‍වං ‘දාරකෙ දදාමී’ති වත්‍වා තෙ අපක‍්කමාපෙසි, එසො තෙ සාධුභාවො”ති ආහ. අථ මහාසත‍්තො සහසාව උට‍්ඨහිත්‍වා දාරකෙ ගවෙසන‍්තො පදුමිනිගච‍්ඡෙ නිලීනෙ දිස‍්වා “එථ, තාතා, මා මය‍්හං දානපාරමියා අන‍්තරායං අකත්‍ථ, මම දානජ‍්ඣාසයං මත්‍ථකං පාපෙථ, අයඤ‍්ච බ්‍රාහ‍්මණො තුම‍්හෙ ගහෙත්‍වා තුම‍්හාකං අය්‍යකස‍්ස සඤ‍්ජයමහාරාජස‍්ස සන‍්තිකං ගමිස‍්සති , තාත ජාලි, ත්‍වං භුජිස‍්සො හොතුකාමො බ්‍රාහ‍්මණස‍්ස නික‍්ඛසහස‍්සං දත්‍වා භුජිස‍්සො භවෙය්‍යාසි, කණ‍්හාජිනෙ ත්‍වං දාසසතං දාසිසතං හත්‍ථිසතං අස‍්සසතං උසභසතං නික‍්ඛසතන‍්ති සබ‍්බසතං දත්‍වා භුජිස‍්සා භවෙය්‍යාසී”ති කුමාරෙ අග‍්ඝාපෙත්‍වා සමස‍්සාසෙත්‍වා ගහෙත්‍වා අස‍්සමපදං ගන‍්ත්‍වා කමණ‍්ඩලුනා උදකං ගහෙත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස පච‍්චයං කත්‍වා බ්‍රාහ‍්මණස‍්ස හත්‍ථෙ උදකං පාතෙත්‍වා අතිවිය පීතිසොමනස‍්සජාතො හුත්‍වා පථවිං උන‍්නාදෙන‍්තො පියපුත‍්තදානං අදාසි. ඉධාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව පථවිකම‍්පාදයො අහෙසුං. තෙන වුත‍්තං –

බ්‍රාහ්මණයා “ම විසින් මෙසේ ද කළ නොහැකිය, රාජදණ්ඩනයට බිය වෙමි. මගේම ගමට ගෙන යන්නෙමි”යි කීවේය. ඔහුගේ මේ කථා සල්ලාපය අසා දරුවෝ “අපගේ පියා අපව බ්‍රාහ්මණයාට දෙනු කැමැත්තේ යයි ඉවත්ව පොකුණට ගොස් නෙලුම් පඳුරු අතරෙහි සැඟවුනහ. බ්‍රාහ්මණයා ඔවුන් නොදැකම “නුඹ වහන්සේ දරුවන් දෙමි”යි කියා ඔවුන් ඉවත් කරවූහ. ඒ නුඹ වහන්සේගේ සාධුභාවයදැයි කීය. ඉක්බිති මහාසත්ත්‍වයෝ වහාම නැගිට දරුවන් සොයන්නාහු පොකුණෙහි නෙලුම් පඳුරු අතර සැඟවී සිටිනු දැක “දරුවෙනි, එන්න මගේ දාන පාරමිතාවට අනතුරක් නොකරව්. මගේ දානාධ්‍යාශය මුදුන් පමුණුවව්, මේ බ්‍රාහ්මණයාද නුඹලා රැගෙන නුඹලාගේ මුත්තණුවන් වූ සඤ්ජය මහරජු වෙත යන්නේය. ජාලිය එහිදී නුඹ දාසකමෙන් මිදෙනු කැමති නම් බ්‍රාහ්මණයාට රන් දහසක් දී නිදහස් වූවෙක් වන්නෙහි, කෘෂ්ණජිනාවෙනි. නුඹ දාසයන් සියයක් ද දාසීන් සියයක් ද, ඇතුන් සියයක් ද, අශ්වයන් සියයක් ද, ගොනුන් සියයක් ද, රන් සියයක් ද වශයෙන් සියල්ල සියය බැගින් දී නිදහස් තැනැත්තියක් වන්නෙහි යයි කුමාරයන් ගණන් වශයෙන් වටිනාකම් නියම කොට අස්වසා ඔවුන් රැගෙන අසපුවට ගොස් කෙණ්ඩියෙන් දිය ගෙන සර්‍වඥතා ඥානය ප්‍රත්‍යකොට බ්‍රාහ්මණයාගේ අත පැන් වත්කොට අතිශයින් ප්‍රීතිසොම්නස් ඇත්තෙක් වී පොළොව කම්පා කරමින් මෙන් පුත්‍රදානය දුන්හ. මෙහිදී ද පෙර කියන ලද අයුරින්ම පොළොව කම්පා වීම් ආදිය විය. එහෙයින්,

“යාචකං උපගතං දිස‍්වා, හාසො මෙ උපපජ‍්ජථ; උභො පුත‍්තෙ ගහෙත්‍වාන, අදාසිං බ්‍රාහ‍්මණෙ තදා.

113. යාචකං උපගතං දිස්වා හාසො මෙ උප්පජ්ජථ උභො පුත්තෙ ගහෙත්‍වාන අදාසිං බ්‍රාහ්මණෙ තදා

“සකෙ පුත‍්තෙ චජන‍්තස‍්ස, ජූජකෙ බ්‍රාහ‍්මණෙ යදා; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා”ති.

114. සකෙ පුත්තෙ ච ජන්තස්ස ජුජකෙ බ්‍රාහ්මණෙ යදා තදාපි පඨවී කම්පි සිනෙරු වන වටංසකා

“එළඹියා වූ යාචකයා දැක මට සන්තෝෂයක් උපන්නේය. එකල්හි දරු දෙදෙනා ගෙන බ්‍රාහ්මණයා හට දුනිමි.

යම්කලෙක සිය දරුවන් ජූජක බ්‍රාහ්මණයාට දුන්නේ ද එකල්හි ද සිනේරු පර්‍වතය ද වනයන් ද මුදුන් මල්කඩ කොට ඇති පෘථිවි තොමෝ කම්පා වූවා යයි, දේශනා කරන ලදී. (චරියා පිටක)

අථ බ්‍රාහ‍්මණො දාරකෙ අගන‍්තුකාමෙ ලතාය හත්‍ථෙසු බන්‍ධිත්‍වා ආකඩ‍්ඪි. තෙසං බන්‍ධට‍්ඨානෙ ඡවිං ඡින්‍දිත්‍වා ලොහිතං පග‍්ඝරි. සො ලතාදණ‍්ඩෙන පහරන‍්තො ආකඩ‍්ඪි. තෙ පිතරං ඔලොකෙත්‍වා.

ඉක්බිති බ්‍රාහ්මණයා නොයනු කැමැත්තා වූ දරුවන් වැලකින් දෙඅත් එක්කොට බැඳ ඇද්දේය. ඔවුන් බැඳි තැනින් සම සිදී ලේ වැගිරිණ. හෙතෙම වැල් පොටින් තලමින් අදියි. දරුවෝ පියාණන් දෙස බලා:-

“අම‍්මා ච තාත නික‍්ඛන‍්තා, ත්‍වඤ‍්ච නො තාත දස‍්සසි; මා නො ත්‍වං තාත අදදා, යාව අම‍්මාපි එතු නො; තදායං බ්‍රාහ‍්මණො කාමං, වික‍්කිණාතු හනාතු වා”ති. (ජා· 2.22.2126) –

“පියාණෙනි, අම්මා ද නික්ම ගියාය. පියාණෙනි නුඹ ද අප බමුණාට දෙන්නෙහිය. පියාණෙනි, අම්මා එනතුරු බමුණාට අප දන් නොදුන මැනව. අම්මා ආ විට මේ බමුණා කැමති සේ අප විකුණාවා හෝ නසාවා”යි (ජාතක පාලිය)

වත්‍වා පුනපි අයං එවරූපො ඝොරදස‍්සනො කුරූරකම‍්මන‍්තො –

කියා නැවතද පියාණෙනි. නපුරු පෙනුමක් ඇති කර්‍කශ ක්‍රියා ඇති මෙතෙම

“මනුස‍්සො උදාහු යක‍්ඛො, මංසලොහිතභොජනො; ගාමා අරඤ‍්ඤමාගම‍්ම, ධනං තං තාත යාචති; නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික‍්ඛසී”ති. (ජා· 2.22.2130-2131) –

“මනුෂ්‍යයෙක් ද නැතහොත් මස් ලේ අනුභව කරන යක්‍ෂයෙක් ද ගමෙන් වනයට අවුත් පුත්‍ර ධනය ඉල්ලන්නේය. පියාණෙනි. මේ පිසාචයා විසින් ගෙන යනු ලබන කල්හි බලා සිටින්නේ ඇයිදැයි (ජාතක පාලිය)

ආදීනි වදන‍්තා පරිදෙවිංසු. තත්‍ථ ධනන‍්ති පුත‍්තධනං.

ආදිය කියමින් හැඬූහ. එහි “ධනං” යනු පුත්‍ර ධනයයි.

ජූජකො දාරකෙ තථා පරිදෙවන‍්තෙයෙව පොථෙන‍්තොව ගහෙත්‍වා පක‍්කාමි. මහාසත‍්තස‍්ස දාරකානං කරුණං පරිදෙවිතෙන තස‍්ස ච බ්‍රාහ‍්මණස‍්ස අකාරුඤ‍්ඤභාවෙන බලවසොකො උප‍්පජ‍්ජි, විප‍්පටිසාරො ච උදපාදි. සො තඞ‍්ඛණඤ‍්ඤෙව බොධිසත‍්තානං පවෙණිං අනුස‍්සරි. “සබ‍්බෙව හි බොධිසත‍්තා පඤ‍්ච මහාපරිච‍්චාගෙ පරිච‍්චජිත්‍වා බුද‍්ධා භවිස‍්සන‍්ති, අහම‍්පි තෙසං අබ‍්භන‍්තරො, පුත‍්තදානඤ‍්ච මහාපරිච‍්චාගානං අඤ‍්ඤතරං, තස‍්මා වෙස‍්සන‍්තර දානං දත්‍වා පච‍්ඡානුතාපො න තෙ අනුච‍්ඡවිකො”ති අත‍්තානං පරිභාසෙත්‍වා “දින‍්නකාලතො පට‍්ඨාය මම තෙ න කිඤ‍්චි හොන‍්තී”ති අත‍්තානං උපත්‍ථම‍්භෙත්‍වා දළ‍්හසමාදානං අධිට‍්ඨාය පණ‍්ණසාලද‍්වාරෙ පාසාණඵලකෙ කඤ‍්චනපටිමා විය නිසීදි.

ජූජකයා දරුවන් හඬද්දීම තලතලා ගෙන ගියේය. බෝසතාණන්ට දරුවන්ගේ කාරුණික හැඬීමෙන් ද ඒ බ්‍රාහ්මණයාගේ අකාරුණිකභාවය හේතුකොට ගෙන ද බලවත් ශෝකයක් උපන්නේය. විපිළිසරෙක් ද උපනී. එතුමා එකෙණෙහිම බෝධිසත්ත්‍වයන්ගේ ප්‍රවේණිය සිහි කළේය. සියලුම බෝධිසත්ත්‍වවරු පඤ්ච මහා පරිත්‍යාගයන් කොට බුදු වන්නෝය. මම ද උන්වහන්සේලාට ඇතුළත් වෙමි. පුත්‍රදානයද පඤ්චමහා පරිත්‍යාගයන්ගෙන් එකකි. එහෙයින් වෙස්සන්තර රජුනී, දන් දී පසුව තැවෙන්නෙහි ද එය නුඹට සුදුසු නොවේයයි තමාටම අවමන් කොට දන්දුන් කාලයේ සිට ඔවුහු මට කිසිවෙක් නොවෙති’යි තම සිත දැඩිකොට ගෙන දැඩි සමාදානය ඉටාගෙන පන්සල් දොරටුවෙහි ගල් පුවරුවෙහි රන් පිළිමයක් මෙන් වැඩ හුන්හ.

අථ මද‍්දිදෙවී අරඤ‍්ඤතො ඵලාඵලං ගහෙත්‍වා නිවත‍්තන‍්තී “මා මහාසත‍්තස‍්ස දානන‍්තරායො හොතූ”ති වාළමිගරූපධරාහි දෙවතාහි උපරුද‍්ධමග‍්ගා තෙසු අපගතෙසු චිරෙන අස‍්සමං පත්‍වා “අජ‍්ජ මෙ දුස‍්සුපිනං දිට‍්ඨං, දුන‍්නිමිත‍්තානි ච උප‍්පන‍්නානි, කිං නු ඛො භවිස‍්සතී”ති චින‍්තෙන‍්තී අස‍්සමං පවිසිත්‍වා පුත‍්තකෙ අපස‍්සන‍්තී බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “දෙව, න ඛො අම‍්හාකං පුත‍්තකෙ පස‍්සාමි, කුහිං තෙ ගතා”ති ආහ. සො තුණ‍්හී අහොසි. සා පුත‍්තකෙ උපධාරෙන‍්තී තහිං තහිං උපධාවිත්‍වා ගවෙසන‍්තී අදිස‍්වා පුනපි ගන‍්ත්‍වා පුච‍්ඡි. බොධිසත‍්තො “කක‍්ඛළකථාය නං පුත‍්තසොකං ජහාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා –

ඉක්බිති මද්‍රි දේවිය වනයෙන් ඵලා ඵල ගෙන ආපසු එන්නී මහාසත්ත්‍වයන්ට දානන්තරාය නොවේවා’යි සිංහව්‍යාඝ්‍රාදී රූපධාරී දේවතාවන් විසින් වටලන ලද මාර්‍ග ඇත්තී ඔවුන් ඉවත්ව ගිය පසු වහා ආශ්‍රමයට පැමිණ “අද මවිසින් නරක සිහිනයක් දකින ලදී. නරක නිමිති ද පහළ විය. කුමක් නම් වන්නේදැයි සිතන්නී ආශ්‍රමයට පිවිස දරුවන් නොදකින්නී බෝසතුන්ගේ සමීපයට ගොස් “දේවයන් වහන්ස, අපගේ දරුවන් නොදකිමි. ඔවුහු කොහි ගියෝදැයි ඇසුවාය. හෙතෙම නිශ්ශබ්ද විය. ඕතොමෝ දරුවන් සොයමින් ඒ ඒ තැන එහා මෙහා දුවමින් සොයන්නී නොදැක නැවත ද ගොස් විමසුවාය. බෝධිසත්ත්‍වයෝ කර්‍කශ කථාවෙන්ම ඇයගේ පුත්‍රශෝකය දුරු කරන්නෙමි”යි සිතා-:

“නූන මද‍්දී වරාරොහා, රාජපුත‍්තී යසස‍්සිනී; පාතො ගතාසි උඤ‍්ඡාය, කිමිදං සායමාගතා”ති. (ජා· 2.22.2225) –

“උතුම් රූප ශ්‍රීයෙන් යුත්, යශස් ඇති චේතිය රාජදුවණිය, ඔබ වනමුල් පලවැළ පිණිස උදෑසනම ගියා නෙවෙහිද? කුමන කරුණක් නිසා (වේලාව ඉක්මවා) සවස ආවෙහිදැ”යි

වත්‍වා තාය චිරායනකාරණෙ කථිතෙ පුනපි දාරකෙ සන්‍ධාය න කිඤ‍්චි ආහ. සා පුත‍්තසොකෙන තෙ උපධාරෙන‍්තී පුනපි වාතවෙගෙන වනානි විචරි. තාය එකරත‍්තියං විචරිතට‍්ඨානං පරිග‍්ගණ‍්හන‍්තං පන‍්නරසයොජනමත‍්තං අහොසි. අථ විභාතාය රත‍්තියා මහාසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඨිතා දාරකානං අදස‍්සනෙන බලවසොකාභිභූතා තස‍්ස පාදමූලෙ ඡින‍්නකදලී විය භූමියං විසඤ‍්ඤී හුත්‍වා පති. සො “මතා”ති සඤ‍්ඤාය කම‍්පමානො උප‍්පන‍්නබලවසොකොපි සතිං පච‍්චුපට‍්ඨපෙත්‍වා “ජානිස‍්සාමි තාව ජීවති, න ජීවතී”ති සත‍්තමාසෙ කායසංසග‍්ගං අනාපන‍්නපුබ‍්බොපි අඤ‍්ඤස‍්ස අභාවෙන තස‍්සා සීසං උක‍්ඛිපිත්‍වා ඌරූසු ඨපෙත්‍වා උදකෙන පරිප‍්ඵොසිත්‍වා උරඤ‍්ච මුඛඤ‍්ච හදයඤ‍්ච පරිමජ‍්ජි. මද‍්දීපි ඛො ථොකං වීතිනාමෙත්‍වා සතිං පටිලභිත්‍වා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා “දෙව, දාරකා තෙ කුහිං ගතා”ති පුච‍්ඡි. සො ආහ – “දෙවි, එකස‍්ස මෙ බ්‍රාහ‍්මණස‍්ස මං යාචිත්‍වා ආගතස‍්ස දාසත්‍ථාය දින‍්නා”ති වත්‍වා තාය “කස‍්මා, දෙව, පුත‍්තෙ බ්‍රාහ‍්මණස‍්ස දත්‍වා මම සබ‍්බරත‍්තිං පරිදෙවිත්‍වා විචරන‍්තියා නාචික‍්ඛී”ති වුත‍්තෙ “පඨමමෙව වුත‍්තෙ තව චිත‍්තදුක‍්ඛං බහු භවිස‍්සති, ඉදානි පන සරීරදුක‍්ඛෙන තනුකං භවිස‍්සතී”ති වත්‍වා –

කියා ඇය පමාවීමට කාරණය කී කල්හි නැවත දරුවන් සඳහා කිසිවක් නොකීහ. ඈ පුත්‍ර ශෝකයෙන් ඔවුන් සොයමින් නැවතද වාත වේගයෙන් වනයෙහි හැසුරුනාය. ඇය එක් රැයකදී හැසුරුණ තැන ගණන් ගත් විට පසළොස් යොදුනක් පමණ තැන් විය. ඉක්බිති රාත්‍රිය පහවූ විට මහාසත්ත්‍වයන්ගේ සමීපයට ගොස් සිටියා දරුවන් නොදැකීමෙන් බලවත් ශෝකයෙන් මැඩුනී එතුමන්ගේ පාමුල කපා හෙලූ කෙසෙල් ගසක් මෙන් සිහිනැතිව බිම වැටුනීය. බෝධිසත්ත්‍වයෝ ඇය මළාය යන හැඟීමෙන් කම්පා වෙමින් උපන් බලවත් ශෝකය ඇත්තේ නමුදු සිහිය පිහිටුවා “පළමුකොට ජීවත්වන්නීදැයි දැනගන්නෙමි”යි සත් මසක් කාය සංසර්‍ගයට නොපැමිනි විරු නමුත් වෙනෙකෙකු නොමැති හෙයින් ඇයගේ හිස ඔසවා කලවා මත තබා දිය ඉස උරය, මුඛය හා හදවත පිරි මැද්දාහ. මද්‍රි දේවිය ද මදක් කල් ගෙවා සිහි ලැබ හිරිඔතප් උපදවා “දේවයන් වහන්ස, ඔබගේ දරුවන් කොහි ගියාහුදැයි විචාළාය. බෝධිසත්ත්‍වයෝ මෙසේ කීහ. දේවියනි මගෙන් ඉල්ලගෙන පැමිණි එක් බ්‍රාහ්මණයෙකුට දාසභාවයට දුනිමි”යි කියා ඇය විසින් “දේවයන් වහන්ස. කවර හෙයකින් පුතුන් බමුණාට දී සියලු රාත්‍රිය හඬමින් හැසිරෙන මට නොකීවෝදැයි ඇසූකල්හි පළමුකොටම කීකල නුඹගේ සිතෙහි බොහෝ දුක් වන්නේය, දැන් වූ කලී ශාරීරික දුකින් දුක තුනී වන්නේ යයි කියා:-

“මං පස‍්ස මද‍්දි මා පුත‍්තෙ, මා බාළ‍්හං පරිදෙවසි; ලච‍්ඡාම පුත‍්තෙ ජීවන‍්තා, අරොගා ච භවාමසෙ”ති. (ජා· 2.22.2260) –

“මද්‍රි දේවියනි, මා දෙස බලව, දරුවන් දෙස නොබලව, දැඩි ලෙස නොහඬව. ජීවත් වන්නෙමු නම් නිරෝගද වන්නෙමු නම් දරුවන් ලබන්නෙමු”යි කීය (ජාතක පාලිය)

සො සමස‍්සාසෙත්‍වා පුන –

එතුමා ඇය අස්වසා නැවත:-

“පුත‍්තෙ පසුඤ‍්ච ධඤ‍්ඤඤ‍්ච, යඤ‍්ච අඤ‍්ඤං ඝරෙ ධනං; දජ‍්ජා සප‍්පුරිසො දානං, දිස‍්වා යාචකමාගතං; අනුමොදාහි මෙ මද‍්දි, පුත‍්තකෙ දානමුත‍්තම”න‍්ති. (ජා· 2.22.2261) –

“සත්පුරුෂ තෙම යාචකයා ආ කල්හි දැක දරුවන් ද සිවුපාවන් ද, ධන්‍යද ගෙයි වෙනත් යම් ධනයක් ඇත් ද ඒ සියල්ලද දන් දෙන්නේය. මද්‍රි දේවියනි, දරුවන් කෙරෙහි පිහිටි මගේ උතුම් දානය අනුමෝදන් වන්නැ”යි (ජාතක පාලි)

වත්‍වා අත‍්තනො පුත‍්තදානං තං අනුමොදාපෙසි.

කියා තමාගේ පුත්‍රදානය ඇයට අනුමෝදන් කරවූහ.

සාපි –

ඈ ද:-

“අනුමොදාමි තෙ දෙව, පුත‍්තකෙ දානමුත‍්තමං; දත්‍වා චිත‍්තං පසාදෙහි, භිය්‍යො දානං දදො භවා”ති. (ජා· 2.22.2262) –

“දේවයිනි, දරුවන් කෙරෙහි පිහිටි ඔබ වහන්සේගේ උතුම් දානය අනුමෝදන් වෙමි. දන් දී සිත පහදව. වඩ වඩාත් දන්දෙන්නෙක් වනු මැනවැ”යි

වත්‍වා අනුමොදි.

කියා අනුමෝදන් වූවාය.

එවං තෙසු අඤ‍්ඤමඤ‍්ඤං සම‍්මොදනීයං කථං කථෙන‍්තෙසු සක‍්කො චින‍්තෙසි – “මහාපුරිසො හිය්‍යො ජූජකස‍්ස පථවිං උන‍්නාදෙත්‍වා දාරකෙ අදාසි. ඉදානි නං කොචි හීනපුරිසො උපසඞ‍්කමිත්‍වා මද‍්දිදෙවිං යාචිත්‍වා ගහෙත්‍වා ගච‍්ඡෙය්‍ය, තතො රාජා නිප‍්පච‍්චයො භවෙය්‍ය, හන්‍දාහං බ්‍රාහ‍්මණවණ‍්ණෙන නං උපසඞ‍්කමිත්‍වා මද‍්දිං යාචිත්‍වා පාරමිකූටං ගාහාපෙත්‍වා කස‍්සචි අවිස‍්සජ‍්ජියං කත්‍වා පුන නං තස‍්සෙව දත්‍වා ආගමිස‍්සාමී”ති. සො සූරියුග‍්ගමනවෙලායං බ්‍රාහ‍්මණවණ‍්ණෙන තස‍්ස සන‍්තිකං අගමාසි. තං දිස‍්වා මහාපුරිසො “අතිථි නො ආගතො”ති පීතිසොමනස‍්සජාතො තෙන සද‍්ධිං මධුරපටිසන්‍ථාරං කත්‍වා “බ්‍රාහ‍්මණ, කෙනත්‍ථෙන ඉධාගතොසී”ති පුච‍්ඡි. අථ නං සක‍්කො මද‍්දිදෙවිං යාචි. තෙන වුත‍්තං –

මෙසේ ඔවුනොවුන් සතුටු කථා කරන කල්හි. සක්දෙව් රජ “මහාපුරුෂ තෙම ඊයේ පොළොව කම්පා කොට දරුවන් දුනි. දැන් කිසියම් පහත් පුරුෂයෙක් එතුමන් වෙත පැමිණ මද්‍රි දේවිය ඉල්ලා ගෙන යන්නේ නම් රජතුමා පිහිට නැත්තෙක් වන්නේය. එබැවින් මම බ්‍රාහ්මණ වේශයෙන් එතුමන් වෙත එළඹ මද්‍රි දේවිය ඉල්ලා ගෙන පාරමිතා කුළු ගන්වා (මුදුන් පමුණුවා) කිසිවෙකුට නොදිය හැකි කොට නැවත ඇය රජුටම දී එන්නෙමි”යි මෙසේ සිතීය. ශක්‍රයා හිරු උදාවන කල්හි බ්‍රාහ්මණ වේශයෙන් බෝසතුන් සමීපයට ගියේය. ඔහු දැක මහා පුරුෂතෙම “අපට ආගන්තුකයෙක් පැමිණියේ යයි හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ ඔහු සමග මිහිරි පිළිසඳර කථා කොට “බ්‍රාහ්මණය කුමන කරුණක් නිසා මෙහි පැමිණියෙහිදැයි විචාළේය. ඉක්බිති සක්දෙව් රජ එතුමන්ගෙන් මද්‍රි දේවිය ඉල්වීය. එහෙයින්,

“පුනදෙව සක‍්කො ඔරුය‍්හ, හුත්‍වා බ්‍රාහ‍්මණසන‍්නිභො; අයාචි මං මද‍්දිදෙවිං, සීලවන‍්තිං පතිබ‍්බත”න‍්ති.

115. “පුන දෙව සක්කො ඔරුය්හ හුත්‍වා බ්‍රාහ්මණ සන්තිභො ආයාචි මං මද්දි දෙවිං සීලවන්තිං පතිබ්බතන්ති (චරියා පිටක)

“නැවත සක්දෙව් රජතෙම (දෙව්ලොවින්) බැස බමුණු වෙස් ඇතිව සිල්වත් වූ පතිව්‍රතා ධර්‍මයෙන් යුත් මද්‍රි දේවිය මගෙන් ඉල්ලීය”යි දේශනා කරන ලදී.

තත්‍ථ පුනදෙවාති දාරකෙ දින‍්නදිවසතො පච‍්ඡා එව. තදනන‍්තරමෙවාති අත්‍ථො. ඔරුය‍්හාති දෙවලොකතො ඔතරිත්‍වා. බ්‍රාහ‍්මණසන‍්නිභොති බ්‍රාහ‍්මණසමානවණ‍්ණො.

එහි “පුනදෙව” යනු දරුවන් දුන් දිනයෙන් පසුවම, ඉන්පසු දිනම යන අර්‍ථයයි. “ඔරුය්හ” යනු දෙව්ලොවින් බැස, “බ්‍රාහ්මණ සන්තිභො” යනු බ්‍රාහ්මණයෙකුට සමාන වර්‍ණ ඇත්තේ,

අථ මහාසත‍්තො “හිය්‍යො මෙ ද‍්වෙපි දාරකෙ බ්‍රාහ‍්මණස‍්ස දින‍්නා, අහම‍්පි අරඤ‍්ඤෙ එකකොව, කථං තෙ මද‍්දිං සීලවන‍්තිං පතිබ‍්බතං දස‍්සාමී”ති අවත්‍වාව පසාරිතහත්‍ථෙ අනග‍්ඝරතනං ඨපෙන‍්තො විය අසජ‍්ජිත්‍වා අබජ‍්ඣිත්‍වා අනොලීනමානසො “අජ‍්ජ මෙ දානපාරමී මත්‍ථකං පාපුණිස‍්සතී”ති හට‍්ඨතුට‍්ඨො ගිරිං උන‍්නාදෙන‍්තො විය –

ඉක්බිති මහාසත්ත්‍වයෝ ඊයේ මවිසින් දරුවන් දෙදෙනාම බ්‍රාහ්මණයෙකුට දෙන ලදහ. මම වනාහි වනයෙහි හුදෙකලාවමය. තොපට කෙසේ නම් සිල්වත් වූ පතිව්‍රතා ධර්‍මයෙන් යුක්ත වූ මද්‍රි දේවිය දෙන්නෙම්දැයි නොකියා දිගු කරන ලද අතෙහි වටිනා රත්නයක් තබන්නාක් මෙන් නොඇලී පසුබැසීමක් නොමැතිව නොහැකුළුනු සිත් ඇතිව “අද මාගේ දාන පාරමිතාව මුදුන් පත් වන්නේය”යි තුටු පහටුව පර්‍වතය නාද කරවමින් මෙන්

“දදාමි න විකම‍්පාමි, යං මං යාචසි බ්‍රාහ‍්මණ; සන‍්තං නප‍්පටිගූහාමි, දානෙ මෙ රමතී මනො”ති. (ජා· 2.22.2278) –

“බමුණානෙනි, තෙපි යමක් මගෙන් ඉල්ලන්නෙහු නම් එය දෙමි. (දෙන්නට) නොසැලෙමි. ඇති දැය නොසඟවමි. මා සිත දානයෙහි ඇලෙයි යයි (ජාතක පාලි)

වත්‍වා සීඝමෙව කමණ‍්ඩලුනා උදකං ආහරිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස හත්‍ථෙ උදකං පාතෙත්‍වා භරියමදාසි. තෙන වුත‍්තං –

කියා වහාම කෙණ්ඩියෙන් දියගෙන බමුණාගේ අතපැන් වත් කොට බිරිඳ දන් දුන් සේක. එහෙයින්,

“මද‍්දිං හත්‍ථෙ ගහෙත්‍වාන, උදකඤ‍්ජලි පූරිය; පසන‍්නමනසඞ‍්කප‍්පො, තස‍්ස මද‍්දිං අදාසහ”න‍්ති.

116. “මද්දිං හත්‍ථෙ ගහෙත්‍වාන උදකඤ්ජලි පූරිය පසන්නමන සංකප්පො තස්ස මද්දි මදාසහන්ති (චරියා පිටක)

“මද්‍රි දේවිය අතින් ගෙන දියෙන් ඒ බ්‍රාහ්මණයාගේ දෝත පුරවා ප්‍රසන්න වූ චිත්ත සංකල්ප ඇතිව ඔහුට මම මද්‍රි දේවිය දුනිමි”යි දේශනා කරන ලදී.

තත්‍ථ උදකඤ‍්ජලීති උදකං අඤ‍්ජලිං, “උදක”න‍්ති ච කරණත්‍ථෙ පච‍්චත‍්තවචනං, උදකෙන තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අඤ‍්ජලිං පසාරිතහත්‍ථතලං පූරෙත්‍වාති අත්‍ථො. පසන‍්නමනසඞ‍්කප‍්පොති “අද‍්ධා ඉමිනා පරිච‍්චාගෙන දානපාරමිං මත්‍ථකං පාපෙත්‍වා සම‍්මාසම‍්බොධිං අධිගමිස‍්සාමී”ති උපන‍්නසද‍්ධාපසාදෙන පසන‍්නචිත‍්තසඞ‍්කප‍්පො. තඞ‍්ඛණඤ‍්ඤෙව හෙට‍්ඨා වුත‍්තප‍්පකාරානි සබ‍්බපාටිහාරියානි පාතුරහෙසුං. “ඉදානිස‍්ස න දූරෙ සම‍්මාසම‍්බොධී”ති දෙවගණා බ්‍රහ‍්මගණා අතිවිය පීතිසොමනස‍්සජාතා අහෙසුං. තෙන වුත‍්තං –

එහි “උදකඤ්ජලී” යනු ජලයෙන් සෝත, “උදකං” යනු කරණාර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයකි, ජලයෙන් ඒ බ්‍රාහ්මණයාගේ දෝත, දිගුකළ අත්තල පුරවා යන අර්‍ථයයි. “පසන්නමන සඞ්කප්පො” යනු ඒකාන්තයෙන් මේ පරිත්‍යාගයෙන් දාන පාරමිතාව මුදුන් පමුණුවා සම්මා සම්බෝධිය අවබෝධ කර ගන්නෙමි’යි උපන් ශ්‍රද්ධා ප්‍රසාදයෙන් ප්‍රසන්න වූ චිත්ත සංකල්ප ඇත්තේ, එකෙණෙහිම යට කියන ලද ආකාරයට සියලු ප්‍රාතිහාර්‍ය්‍යයෝ පහළ වූහ. දැන් “මුන්වහන්සේගේ සම්මා සම්බෝධිය නොදුරෙහි යයි දේව සමූහයා ද බ්‍රහ්ම සමූහයාද අතිශයින් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වූහ. එහෙයින්,

“මද‍්දියා දීයමානාය, ගගනෙ දෙවා පමොදිතා; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා”ති.

117, “මද්දියා, දීයමානාය ගගනෙ දෙවා පමොදිතා තදාපි පඨවි කම්පි සිනෙරු වනවටංසකාති (චරියා පිටක)

මද්‍රි දේවිය දෙනු ලබන කල්හි ආකාශයෙහි දෙවියෝ ප්‍රමුදිත වූහ. එකල්හි මහමෙරද වනයන් ද මුදුන්මල්කඩ කොට ඇති පෘථිවිතොමෝ කම්පා වූවා යයි” දේශනා කරන ලදී.

තතො පන දීයමානාය මද‍්දියා දෙවියා රුණ‍්ණං වා දුම‍්මුඛං වා භාකුටිමත‍්තං වා නාහොසි, එවං චස‍්සා අහොසි “යං දෙවො ඉච‍්ඡති, තං කරොතූ”ති.

ඉක්බිති දෙනු ලබන්නා වූ මද්‍රි දේවියගේ හැඬීමක් හෝ නොසතුටක් හෝ ඇහිබැම නැටවීමක් හෝ නොවීය. ඇයට “දේවයන් වහන්සේ යමක් කැමති වෙත්ද එය කරත්වා”යි අදහස ඇතිවිය.

“කොමාරී යස‍්සාහං භරියා, සාමිකො මම ඉස‍්සරො; යස‍්සිච‍්ඡෙ තස‍්ස මං දජ‍්ජා, වික‍්කිණෙය්‍ය හනෙය්‍ය වා”ති. (ජා· 2.22.2282) –

“කුමාරී වූ මම යමෙකු හට භාර්‍ය්‍යා වීම් ද ස්වාමී වූ හෙතෙම මට අධිපති වෙයි. යමෙකුහට දෙනු කැමතිනම් ඔහුට මා දෙනු මැනවි (කැමති නම්) විකුණනු මැනවි. (කැමති නම්) මරනු මැනවි’යි.

ආහ.

කීවාය.

මහාපුරිසොපි “අම‍්භො, බ්‍රාහ‍්මණ, මද‍්දිතො මෙ සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමෙව පියතරං, ඉදං මෙ දානං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිවෙධස‍්ස පච‍්චයො හොතූ”ති වත්‍වා අදාසි. තෙන වුත‍්තං –

මහාපුරුෂතෙම “එම්බා බ්‍රාහ්මණය, මද්‍රිදේවියට වඩා මට සිය ගුණයකින් දහස් ගුණයකින් සර්‍වඥතා ඥානයම ප්‍රියතරය. මාගේ මේ දානය සර්‍වඥතා ඥානය අවබෝධය සඳහා හේතු වේවා”යි කියා දන් දුන්නේය. එහෙයින්,

“ජාලිං කණ‍්හාජිනං ධීතං, මද‍්දිදෙවිං පතිබ‍්බතං; චජමානො න චින‍්තෙසිං, බොධියායෙව කාරණා.

118. “ජාලිං කණ්හාජිනං ධීතං මද්දි දෙවිං පතිබ්බ තං චජමානො න චින්තෙසිං බොධියායෙව කාරණා

න මෙ දෙස‍්සා උභො පුත‍්තා, මද‍්දිදෙවී න දෙස‍්සියා; සබ‍්බඤ‍්ඤුතං පියං මය‍්හං, තස‍්මා පියෙ අදාසහ”න‍්ති.

119. න මෙ දෙස්සා උභො පුත්තා මද්දි දෙවී න දෙස්සියා සබ්බඤ්ඤ තං පියං මය්හං තස්මා පියෙ අදාසහන්ති (චරියා පිටක)

“ජාලි ද කෘෂ්ණජිනා නම් දියණිය ද පතිව්‍රත ධර්‍මයෙන් යුත් මද්‍රි දේවිය ද බුද්ධත්‍වයම හේතුකොට පරිත්‍යාග කරන්නේ ඒ ගැන නො සිතුවෙමි. දරුවන් දෙදෙනා මට අප්‍රියයෝ නොවූහ. මද්‍රි දේවිය ද අප්‍රිය නොවූවාය. සර්‍වඥතා ඥානය වූ කලී මට ප්‍රිය විය. එහෙයින් ප්‍රිය වූවන් දුනිමි’යි. දේශනා කරන ලදී.

තත්‍ථ චජමානො න චින‍්තෙසින‍්ති පරිච‍්චජන‍්තො සන‍්තාපවසෙන න චින‍්තෙසිං, විස‍්සට‍්ඨො හුත්‍වා පරිච‍්චජින‍්ති අත්‍ථො.

එහි “චජමානො න චින්තෙසිං” යනු පරිත්‍යාග කරන්නේ තැවීම් වශයෙන් නො සිතුවෙමි, හැරදැමූවෙක් වී පරිත්‍යාග කෙළෙමි” යන අර්‍ථයයි.

එත්‍ථාහ – කස‍්මා පනායං මහාපුරිසො අත‍්තනො පුත‍්තදාරෙ ජාතිසම‍්පන‍්නෙ ඛත‍්තියෙ පරස‍්ස දාසභාවෙන පරිච‍්චජි, න හි යෙසං කෙසඤ‍්චිපි භුජිස‍්සානං අභුජිස‍්සභාවකරණං සාධුධම‍්මොති? වුච‍්චතෙ – අනුධම‍්මභාවතො. අයඤ‍්හි බුද‍්ධකාරකෙ ධම‍්මෙ අනුගතධම‍්මතා, යදිදං සබ‍්බස‍්ස අත‍්තනියස‍්ස මමන‍්ති පරිග‍්ගහිතවත්‍ථුනො අනවසෙසපරිච‍්චාගො, න හි දෙය්‍යධම‍්මපටිග‍්ගාහකවිකප‍්පරහිතං දානපාරමිං පරිපූරෙතුං උස‍්සුක‍්කමාපන‍්නානං බොධිසත‍්තානං මමන‍්ති පරිග‍්ගහිතවත්‍ථුං යාචන‍්තස‍්ස යාචකස‍්ස න පරිච‍්චජිතුං යුත‍්තං, පොරාණොපි චායමනුධම‍්මො. සබ‍්බෙසඤ‍්හි බොධිසත‍්තානං අයං ආචිණ‍්ණසමාචිණ‍්ණධම‍්මො කුලවංසො කුලප‍්පවෙණී, යදිදං සබ‍්බස‍්ස පරිච‍්චාගො. තත්‍ථ ච විසෙසතො පියතරවත්‍ථුපරිච‍්චාගො, න හි කෙචි බොධිසත‍්තා වංසානුගතං රජ‍්ජිස‍්සරියාදිධනපරිච‍්චාගං, අත‍්තනො සීසනයනාදිඅඞ‍්ගපරිච‍්චාගං, පියජීවිතපරිච‍්චාගං, කුලවංසපතිට‍්ඨාපකපියපුත‍්තපරිච‍්චාගං, මනාපචාරිනීපියභරියාපරිච‍්චාගන‍්ති ඉමෙ පඤ‍්ච මහාපරිච‍්චාගෙ අපරිච‍්චජිත්‍වා බුද‍්ධා නාම භූතපුබ‍්බා අත්‍ථි. තථා හි මඞ‍්ගලෙ භගවති බොධිසත‍්තභූතෙ බොධිපරියෙසනං චරමානෙ ච චරිමත‍්තභාවතො තතියෙ අත‍්තභාවෙ සපුත‍්තදාරෙ එකස‍්මිං පබ‍්බතෙ වසන‍්තෙ ඛරදාඨිකො නාම යක‍්ඛො මහාපුරිසස‍්ස දානජ‍්ඣාසයතං සුත්‍වා බ්‍රාහ‍්මණවණ‍්ණෙන උපසඞ‍්කමිත්‍වා මහාසත‍්තං ද‍්වෙ දාරකෙ යාචි.

මෙහි මෙසේ කීය. මේ මහාපුරුෂතෙම වනාහි කුමක් හෙයින් තමාගේ ජාති සම්පන්න ක්‍ෂත්‍රියයන් වූ අඹුදරුවන් අනුන්ට දාසභාවයෙන් පරිත්‍යාග කළේ ද යම්කිසි දාස දාසීන් දාසභාවයෙන් නිදහස් කිරීම වඩා යහපත් ධර්‍මයක් නොවේද? එයට හේතු කියනු ලැබේ. ඒ අනුධර්‍මතාවක් හෙයිනි. මේ තමාට අයත් වූ “මගේ” යයි අයිති කොට ගත් සියලු වස්තූන්ගේ නිරවශේෂ පරිත්‍යාගය වූ කලී බුද්ධකාරක ධර්‍මයන්ට අනුගත වූ ධර්‍මතාවකි. දෙය්‍ය ධර්‍ම ප්‍රතිග්‍රාහක විකල්ප රහිතව දානපාරමිතාව සම්පූර්‍ණ කිරීමට උත්සාහවත් වූ බෝධිසත්ත්‍වවරුන්ට “මගේ” යයි අයිති කොට ගත් වස්තු ඉල්ලන්නා වූ යාචකයාට පරිත්‍යාග නොකිරීම සුදුසු නොවේ. මෙය පෞරාණික අනුධර්‍මයක් ද වේ. මේ සියල්ල පරිත්‍යාග කිරීම වනාහි සියලු බෝධිසත්ත්‍වයන් විසින් පුරුදු කළ මැනවින් පුරුදු කළ ධර්‍මයකි, කුල වංශාගත ධර්‍මයකි, කුලප්‍රවේණියකි, එහිදී ද ප්‍රියතර වස්තු පරිත්‍යාගය විශේෂ වේ. කිසිම බෝධිසත්ත්‍වරයෙක් වංශානුගත රජ ඉසුරු ආදී ධන පරිත්‍යාගයත් තමාගේ ඇස් හිස් ආදී ශරීරාඞ්ග පරිත්‍යාගයත්, ප්‍රිය ජීවිත පරිත්‍යාගයත් කුලවංශය පිහිටුවන්නා වූ පිය පුත්‍ර පරිත්‍යාගයත් මනාපචාරී වූ ප්‍රිය භාර්‍ය්‍යා පරිත්‍යාගයත් යන මේ පඤ්ච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග නොකොට බුදු වූ බුදුවරයෝ නොවූවෝමය. ඒ එසේමයි. මංගල බුදුරජාණන් වහන්සේ බෝසත් දවස බෝධි පරියේෂණයෙහි හැසිරෙන කල්හි අවසාන ආත්මභාවයට පෙර තුන්වන ආත්මභාවයෙහි අඹුදරුවන් සමග එක් පර්‍වතයක වසන සේක් ඛරදාඨික නම් යක්‍ෂයෙක් බෝසතාණන්ගේ දානාධ්‍යාශය දැන බ්‍රාහ්මණ වේශයෙන් සමීපයට පැමිණ මහාසත්ත්‍වයන්ගෙන් දරුවන් දෙදෙනා ඉල්වීය.

මහාසත‍්තො “දදාමි බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තකෙ”ති හට‍්ඨපහට‍්ඨො උදකපරියන‍්තං පථවිං කම‍්පෙන‍්තො ද‍්වෙපි දාරකෙ අදාසි. යක‍්ඛො චඞ‍්කමනකොටියං ආලම‍්බනඵලකං නිස‍්සාය ඨිතො මහාසත‍්තස‍්ස පස‍්සන‍්තස‍්සෙව මුළාලකලාපං විය ද‍්වෙ දාරකෙ ඛාදි. අග‍්ගිජාලං විය ලොහිතධාරං උග‍්ගිරමානං යක‍්ඛස‍්ස මුඛං ඔලොකෙන‍්තස‍්ස මහාපුරිසස‍්ස “වඤ‍්චෙසි වත මං යක‍්ඛො”ති උප‍්පජ‍්ජනකචිත‍්තුප‍්පාදස‍්ස ඔකාසං අදෙන‍්තස‍්ස උපායකොසල‍්ලස‍්ස සුභාවිතත‍්තා අතීතධම‍්මානං අප‍්පටිසන්‍ධිසභාවතො අනිච‍්චාදිවසෙන සඞ‍්ඛාරානං සුපරිමද‍්දිතභාවතො ච එවං ඉත‍්තරට‍්ඨිතිකෙන පභඞ‍්ගුනා අසාරෙන සඞ‍්ඛාරකලාපෙන “පූරිතා වත මෙ දානපාරමී, මහන‍්තං වත මෙ අත්‍ථං සාධෙත්‍වා ඉදං අධිගත”න‍්ති සොමනස‍්සමෙව උප‍්පජ‍්ජි. සො ඉදං අනඤ‍්ඤසාධාරණං තස‍්මිං ඛණෙ අත‍්තනො චිත‍්තාචාරං ඤත්‍වා “ඉමස‍්ස නිස‍්සන්‍දෙන අනාගතෙ ඉමිනාව නීහාරෙන සරීරතො රස‍්මියො නික‍්ඛමන‍්තූ”ති පත්‍ථනමකාසි. තස‍්ස තං පත්‍ථනං නිස‍්සාය බුද‍්ධභූතස‍්ස සරීරප‍්පභා නිච‍්චමෙව දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි (ධ· ස· අට‍්ඨ· නිදානකථා). එවං අඤ‍්ඤෙපි බොධිසත‍්තා අත‍්තනො පියතරං පුත‍්තදාරං පරිච‍්චජිත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිංසු.

මහාසත්ත්‍වයෝ “බ්‍රාහ්මණයාට දරුවන් දෙමි”යි තුටු පහටුව ජලය කෙළවරකොට ඇති පොළොව කම්පා කෙරෙමින් දරුවන් දෙදෙනා දුන්හ. යක්‍ෂයා සක්මන කෙළවර එල්ලෙන පුවරුව ඇසුරුකොට සිටියේ මහාසත්ත්‍වයන් බලා සිටියදීම නෙළුම් අල මිටියක් මෙන් එම දරුවන් කෑවේය. ගිනි දැල් මෙන් ලේ ධාරා වගුරුවන්නා වූ යක්‍ෂයාගේ මුඛය බලන්නා වූ මහාපුරුෂයාට “යක්‍ෂයා ඒකාන්තයෙන් මා වඤ්චා කළේය”යි උපදීන සිතට ඉඩ නොදෙන්නේ උපාය කෞශල්‍යය මැනවින් වැඩි බැවින්ද අතීත ධර්‍මයන් නැවත පිළිසිඳ නොගන්නා බැවින්ද අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් මැනවින් පිරිමැද්ද බැවින්ද මෙසේ මොහොතක් පවතින, බිඳෙන සුලු, අසාර වූ සංස්කාර කලාපයකින් මාගේ දාන පාරමිතාව ඒකාන්තයෙන් සම්පූර්‍ණ කරන ලදී, ඒකාන්තයෙන් මා විසින් මහත් වූ අර්‍ථයක් සිදුකොට මෙය ලබන ලද්දේ යයි සොම්නසක්ම උපන්නේය. උන්වහන්සේ එකෙණෙහිම අනන්‍ය සාධාරණ වූ තමාගේ චිත්තාචාරය දැන මෙහි විපාකයෙන් අනාගතයෙහි මේ ආකාරයට ශරීරයෙන් රශ්මීහු නික්මෙත්වායි ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේගේ ඒ ප්‍රාර්ථනාව නිසා බුදු වූ උන්වහන්සේගේ ශරීරාලෝකය නිරන්තරයෙන්ම දස දහසක් ලෝකධාතුව පැතිර සිටියේය.

අපි ච යථා නාම කොචි පුරිසො කස‍්සචි සන‍්තිකෙ ගාමං වා ජනපදං වා කෙණියා ගහෙත්‍වා කම‍්මං කරොන‍්තො අත‍්තනො අන‍්තෙවාසිකානං වා පමාදෙන පූතිභූතං ධනං ධාරෙය්‍ය, තමෙනං සො ගාහාපෙත්‍වා බන්‍ධනාගාරං පවෙසෙය්‍ය. තස‍්ස එවමස‍්ස “අහං ඛො ඉමස‍්ස රඤ‍්ඤො කම‍්මං කරොන‍්තො එත‍්තකං නාම ධනං ධාරෙමි, තෙනාහං රඤ‍්ඤා බන්‍ධනාගාරෙ පවෙසිතො, සචාහං ඉධෙව හොමි, අත‍්තානඤ‍්ච ජීයෙය්‍ය, පුත‍්තදාරකම‍්මකරපොරිසා ච මෙ ජීවිකාපගතා මහන‍්තං අනයබ්‍යසනං ආපජ‍්ජෙය්‍යුං. යංනූනාහං රඤ‍්ඤො ආරොචෙත්‍වා අත‍්තනො පුත‍්තං වා කනිට‍්ඨභාතරං වා ඉධ ඨපෙත්‍වා නික‍්ඛමෙය්‍යං . එවාහං ඉතො බන්‍ධනතො මුත‍්තො නචිරස‍්සෙව යථාමිත‍්තං යථාසන්‍දිට‍්ඨං ධනං සංහරිත්‍වා රඤ‍්ඤො දත්‍වා තම‍්පි බන්‍ධනතො මොචෙමි, අප‍්පමත‍්තොව හුත්‍වා උට‍්ඨානබලෙන අත‍්තනො සම‍්පත‍්තිං පටිපාකතිකං කරිස‍්සාමී”ති. සො තථා කරෙය්‍ය. එවං සම‍්පදමිදං දට‍්ඨබ‍්බං.

මෙසේ අන්‍ය බෝධිසත්ත්‍වයෝ ද තමාගේ ප්‍රියතම අඹුදරුවන් පරිත්‍යාග කොට සර්‍වඥතා ඥානය අවබෝධ කළාහුය. තවත් කරුණකි. යම්සේ කිසියම් පුරුෂයෙක් කිසිවෙකු සමීපයෙහි ගමක් හෝ ජනපදයක් හෝ පොරොන්දුවට ගෙන කර්‍මාන්ත කරන්නේ තමාගේ හෝ අතවැසියන්ගේ හෝ ප්‍රමාදයෙන් කුණු වූ ධනය (ණය ගැති වීම) දරන්නේ ද ඔහු අල්ලාගෙන බන්‍ධනාගාර ගත කරන්නේය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් වන්නේය. “මම වනාහි මේ රජුගේ කර්‍මාන්ත කරන්නෙම් මෙපමණ ණය දරමි. එහෙයින් මම රජු විසින් බන්‍ධනාගාර ගත කරන ලදී. ඉදින් මම මෙහිම වෙමිනම් තමාද නැසෙන්නේය. මාගේ අඹුදරු කම්කරු පුරුෂයෝද පහවූ ජීවිත ඇත්තාහු මහත් වූ විනාශයකට පත්වන්නාහුය. ඉදින් මම රජුට දන්වා තම පුතා හෝ බාල සහෝදරයා හෝ මෙහි තබා නික්මෙන්නෙම් නම් යෙහෙක. මෙසේ මේ බන්‍ධනයෙන් මිදුණු මම නොබෝකලකින්ම මිත්‍රයකු මෙන් දැඩි මිත්‍රයකු මෙන් ධනය රැස් කොට රජුට දී නුඹ ද බන්‍ධනයෙන් මුදවමි. අප්‍රමාදී වී උට්ඨාන වීර්‍ය්‍යයෙන් තමාගේ සියලු සම්පත් ප්‍රකෘතිමත් කරන්නෙමි යනුවෙනි. ඔහු එසේ කරන්නේය. මේ කාරණය ද මෙබඳු ආකාර ඇත්තේයයි දත යුතුය.

තත්‍රිදං ඔපම‍්මසංසන්‍දනං – රාජා විය කම‍්මං, බන්‍ධනාගාරො විය සංසාරො, රඤ‍්ඤා බන්‍ධනාගාරෙ ඨපිතපුරිසො විය කම‍්මවසෙන සංසාරචාරකෙ ඨිතො මහාපුරිසො, තස‍්ස බන්‍ධනාගාරෙ ඨිතපුරිසස‍්ස තත්‍ථ පුත‍්තස‍්ස වා භාතුනො වා පරාධීනභාවකරණෙන තෙසං අත‍්තනො ච දුක‍්ඛප‍්පමොචනං විය මහාපුරිසස‍්ස අත‍්තනො පුත‍්තාදිකෙ පරෙසං දත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිලාභෙන සබ‍්බසත‍්තානං වට‍්ටදුක‍්ඛප‍්පමොචනං, තස‍්ස විගතදුක‍්ඛස‍්ස තෙහි සද‍්ධිං යථාධිප‍්පෙතසම‍්පත‍්තියං පතිට‍්ඨානං විය මහාපුරිසස‍්ස අරහත‍්තමග‍්ගෙන අපගතවට‍්ටදුක‍්ඛස‍්ස බුද‍්ධභාවෙන දසබලාදිසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසම‍්පත‍්තිසමන‍්නාගමො අත‍්තනො වචනකාරකානං විජ‍්ජත‍්තයාදිසම‍්පත‍්තිසමන‍්නාගමො චාති එවං අනවජ‍්ජසභාවො එව මහාපුරිසානං පුත‍්තදාරපරිච‍්චාගො. එතෙනෙව නයෙන නෙසං අඞ‍්ගජීවිතපරිච‍්චාගෙ යා චොදනා, සාපි විසොධිතාති වෙදිතබ‍්බාති.

එහි උපමා සංසන්‍දනයයි. කර්‍මය රජු වැනිය, සංසාරය බන්‍ධනාගාරය වැනිය, කර්‍ම වශයෙන් සංසාරයෙහි දොරකඩ සිටි මහා පුරුෂයා රජු විසින් බන්‍ධනාගාරයෙහි තබන ලද පුරුෂයා වැනිය මහා පුරුෂතෙම තමාගේ පුත්‍රාදීන් අනුන්ට දී සර්‍වඥතා ඥානය ලැබීමෙන් සියලු සත්ත්‍වයන් සංසාර දුකින් මුදවාලීම, ඒ බන්‍ධනාගාරයෙහි සිටි පුරුෂයා තමාගේ පුතා හෝ සහෝදරයා හෝ අනුන්ට අයත් කිරීමෙන් ඔවුන්ගේ ද තමන්ගේ ද දුකින් මිදීම වැනිය, මහාපුරුෂතෙම අර්හත් මාර්‍ගයෙන් පහවූ සංසාර දුක් ඇත්තේ බුදු බැවින් දශබල ආදී සර්‍වඥතා ඥාන සම්පත්තියෙන් යුක්ත වීම ද තමාගේ වචනය අනුගමනය කරන්නන්ගේ ත්‍රිවිද්‍යා ආදී සම්පත්තීන්ගෙන් යුක්ත වීම ද, පහවූ දුක් ඇති ඒ පුරුෂයා ඔවුන් සමග අදහස් කළ සම්පත්තියෙහි පිහිටීම වැනිය. මෙසේ මහා පුරුෂයන්ගේ අඹුදරුවන් පරිත්‍යාග කිරීම මෙලෙස නිවැරදි ස්වභාව ඇත්තේය. මේ ක්‍රමයටම එතුමන්ගේ ශරීරාඞ්ග, ජීවිත පරිත්‍යාගයන්හි ද යම් චෝදනාවක් වේ නම් එයද විශෝධනය කරන ලදැයි දත යුතුය.

එවං පන මහාසත‍්තෙන මද‍්දිදෙවියා දින‍්නාය සක‍්කො අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො හුත්‍වා –

මෙසේ මහාසත්ත්‍වයන් විසින් මද්‍රි දේවිය දුන් කල්හි සක්දෙව්රජ ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තේ වී

“සබ‍්බෙ ජිතා තෙ පච‍්චූහා, යෙ දිබ‍්බා යෙ ච මානුසා; නින‍්නාදිතා තෙ පථවී, සද‍්දො තෙ තිදිවං ගතො. (ජා· 2.22.2283-2284);

“සබ්බෙ ජිතා තෙ පච්චුහායෙ දිබ්බා යෙච මානුසා නින්නාදිතා තෙ පඨවී සද්දො තෙ තිදිවං ගතො”

“දුද‍්දදං දදමානානං, දුක‍්කරං කම‍්ම කුබ‍්බතං; අසන‍්තො නානුකුබ‍්බන‍්ති, සතං ධම‍්මො දුරන‍්නයො.

“දුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බ තං අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො”

“තස‍්මා සතඤ‍්ච අසතං, නානා හොති ඉතො ගති; අසන‍්තො නිරයං යන‍්ති, සන‍්තො සග‍්ගපරායනා”ති. (ජා· 2.22.2286-2287) –

තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතොගති අසන්තො නිරයංයන්ති සන්තො සග්ග පරායණාති” (ජාතක පාලි)

“දිව්‍ය වූත් මානුෂික වූත් යම් සතුරු කෙනෙක් වී නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ.”

“අසත් පුරුෂයෝ වනාහි දීමට අපහසු දෙය දෙන්නන්, කිරීමට අපහසු දේ කරන්නන් අනුකරණය නො කෙරෙති. සත්පුරුෂයන්ගේ ධර්‍මය අනුව යාම අපහසුය.

එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත් පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව පරලොව ගමන විවිධ වෙයි. අසත් පුරුෂයෝ නිරයට යති. සත්පුරුෂයෝ සර්‍වග පරායණ වෙති”

ආදිනා නයෙන මහාපුරිසස‍්ස දානානුමොදනවසෙන ථුතිං අකාසි.

ආදී ක්‍රමයෙන් දානානුමෝදනා වශයෙන් මහාපුරුෂයාට ස්තූති කළේය.

තත්‍ථ පච‍්චූහාති පච‍්චත්‍ථිකා. දිබ‍්බාති දිබ‍්බයසපටිබාහකා. මානුසාති මනුස‍්සයසපටිබාහකා. කෙ පන තෙති? මච‍්ඡරියධම‍්මා, තෙ සබ‍්බෙ පුත‍්තදාරං දෙන‍්තෙන මහාසත‍්තෙන ජිතාති දස‍්සෙති. දුද‍්දදන‍්ති පුත‍්තදාරාදිදුද‍්දදං දදමානානං තමෙව දුක‍්කරං කුබ‍්බතං තුම‍්හාදිසානං කම‍්මං අඤ‍්ඤෙ සාවකපච‍්චෙකබොධිසත‍්තා නානුකුබ‍්බන‍්ති, පගෙව අසන‍්තො මච‍්ඡරිනො. තස‍්මා සතං ධම‍්මො දුරන‍්නයො සාධූනං මහාබොධිසත‍්තානං පටිපත‍්තිධම‍්මො අඤ‍්ඤෙහි දුරනුගමො.

එහි “පච්චුහා” යනු සතුරෝ, “දිබ්බා” යනු දිව්‍ය යස වලක්වන්නෝ, “මානුසා” යනු මනුෂ්‍ය යස වලක්වන්නෝ, ඔවුහු වනාහි කවරහු ද? මාත්සර්‍ය්‍ය (මසුරු) ධර්‍මයෝය. ඒ සියල්ල අඹුදරුවන් දන් දෙන මහාසත්ත්‍වයන් විසින් ජයග්‍රහණය කරන ලද්දේ යයි දක්වයි. “දුද්දදං” යනු දීමට අපහසු අඹුදරු ආදීන්, “දදමානානං” දෙන්නා වූ, එය “දුක්කරං” කිරීමට අපහසු දේ කරන, නුඹවහන්සේ වැනි අයගේ ක්‍රියාවන් සෙසු බෝධිසත්ත්‍ව නොවන්නෝ නො කරති. අසත්පුරුෂයන් මසුරු පුද්ගලයන් ගැන කියනු කිම. එහෙයින් “සතං ධම්මො දුරන්තයො” යහපත් වූ බෝධිසත්ත්‍වයන්ගේ ප්‍රතිපත්ති ධර්‍මය අන්‍යයන් විසින් අනුගමනය කිරීම අපහසුය.

එවං සක‍්කො මහාපුරිසස‍්ස අනුමොදනවසෙන ථුතිං කත්‍වා මද‍්දිදෙවිං නිය්‍යාතෙන‍්තො –

මෙසේ සක්දෙව් රජ මහාපුරුෂයන්ට අනුමෝදනා වශයෙන් ස්තූති කොට මද්‍රි දේවිය පවරාදෙමින්,

“දදාමි භොතො භරියං, මද‍්දිං සබ‍්බඞ‍්ගසොභනං; ත්‍වඤ‍්චෙව මද‍්දියා ඡන‍්නො, මද‍්දී ච පතිනො තවා”ති. (ජා· 2.22.2289) –

“පින්වත, සියලු ශරීරාඞ්ගයන්ගෙන් ශෝභන වූ මද්‍රි බිරිඳ ඔබහට පවරාදෙමි. නුඹම මද්‍රි දේවියට සුදුසුය. මද්‍රි දේවිය ද සැමියා වූ ඔබට සුදුසුය”යි.

වත්‍වා තං මද‍්දිං පටිදත්‍වා දිබ‍්බත‍්තභාවෙන ජලන‍්තො තරුණසූරියො විය ආකාසෙ ඨත්‍වා අත‍්තානං ආචික‍්ඛන‍්තො –

කියා ඒ මද්‍රි දේවිය ආපසු දී දිව්‍ය ආත්මභාවයෙන් දිළිසෙමින් ළහිරු මඬල මෙන් අහසෙහි සිට “තමා කවරෙක්දැයි ප්‍රකාශ කරන්නේ:-

“සක‍්කොහමස‍්මි දෙවින්‍දො, ආගතොස‍්මි තවන‍්තිකෙ; වරං වරස‍්සු රාජිසි, වරෙ අට‍්ඨ දදාමි තෙ”ති. (ජා· 2.22.2292) –

“මම දෙවියන්ට අධිපති සක්දෙව්රජ වෙමි. තොප සමීපයට ආවේ වෙමි. රාජ සෘෂිවරය. කැමති වරයක් ඉල්ලුව මැනව. තොපට වර අටක් දෙමි”යි

වත්‍වා වරෙහි නිමන‍්තෙසි. මහාසත‍්තොපි “පිතා මං පුනදෙව රජ‍්ජෙ පතිට‍්ඨාපෙතු, වජ‍්ඣප‍්පත‍්තං වධතො මොචෙය්‍යං, සබ‍්බසත‍්තානං අවස‍්සයො භවෙය්‍යං, පරදාරං න ගච‍්ඡෙය්‍යං, ඉත්‍ථීනං වසං න ගච‍්ඡෙය්‍යං, පුත‍්තො මෙ දීඝායුකො සියා, අන‍්නපානාදිදෙය්‍යධම‍්මො බහුකො සියා, තඤ‍්ච අපරික‍්ඛයං පසන‍්නචිත‍්තො දදෙය්‍යං, එවං මහාදානානි පවත‍්තෙත්‍වා දෙවලොකං ගන‍්ත්‍වා තතො ඉධාගතො සබ‍්බඤ‍්ඤුතං පාපුණෙය්‍ය”න‍්ති ඉමෙ අට‍්ඨ වරෙ යාචි. සක‍්කො “නචිරස‍්සෙව පිතා සඤ‍්ජයමහාරාජා ඉධෙව ආගන‍්ත්‍වා තං ගහෙත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙස‍්සති, ඉතරො ච සබ‍්බො තෙ මනොරථො මත්‍ථකං පාපුණිස‍්සති, මා චින‍්තයි, අප‍්පමත‍්තො හොහී”ති ඔවදිත්‍වා සකට‍්ඨානමෙව ගතො. බොධිසත‍්තො ච මද‍්දිදෙවී ච සම‍්මොදමානා සක‍්කදත‍්තියෙ අස‍්සමෙ වසිංසු.

කියා වරයෙන් ආරාධනා කළේය. මහාසත්ත්‍වයන් වහන්සේ ද 1. දෙවියනි, පියතුමා මා නැවත රාජ්‍යයෙහි පිහිටුවාවා, 2. වධයට පැමිණියවුන් වධයෙන් මුදවන්නෙමි 3. සියලු සත්ත්‍වයන්ට උපකාර පුද්ගලයෙක් වන්නෙමි. 4. පර ස්ත්‍රීන් කරා නොයන්නෙමි. ස්ත්‍රීන්ගේ වසඟයට නොයන්නෙමි. 5. මගේ පුතා දීර්‍ඝායුෂ ඇත්තෙක් වේවා 6. ආහාර පාන ආදී දියයුතු වස්තු බොහෝ වේවා 7. එයද ක්‍ෂය වීමක් නැතිව ප්‍රසන්න සිතින් දෙන්නෙමි. 8. මෙසේ මහ දන් පවත්වා දෙව්ලොව ගොස් එතනින් මෙහි ආයේ සර්‍වඥතා ඥානයට පැමිණෙන්නෙමි යන මේ වර අට ඉල්ලූහ. සක්දෙව් රජ “නොබෝ කලකින්ම සඤ්ජය පියමහරජ මෙහි පැමිණ නුඹ වහන්සේ රැගෙන ගොස් රාජ්‍යයෙහි පිහිටුවන්නේය. ඔබතුමන්ගේ සෙසු සියලු මනදොළද මුදුන් පත් වන්නේය. ඒ ගැන නොසිතුව මැනවි. අප්‍රමාද වනු මැනවි’යි අවවාද දී දෙව්ලොවටම ගියේය. බෝධිසත්ත්‍වයන් වහන්සේ ද මද්‍රි දේවියද සතුටු වෙමින් ශක්‍රයා විසින් දෙන ලද ආශ්‍රමයෙහි විසූහ.

ජූජකෙපි කුමාරෙ ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ දෙවතා ආරක‍්ඛමකංසු. දිවසෙ දිවසෙ එකා දෙවධීතා රත‍්තිභාගෙ ආගන‍්ත්‍වා මද‍්දිවණ‍්ණෙන කුමාරෙ පටිජග‍්ගි. සො දෙවතාවිග‍්ගහිතො හුත්‍වා “කලිඞ‍්ගරට‍්ඨං ගමිස‍්සාමී”ති අඩ‍්ඪමාසෙන ජෙතුත‍්තරනගරමෙව සම‍්පාපුණි. රාජා විනිච‍්ඡයෙ නිසින‍්නො බ්‍රාහ‍්මණෙන සද‍්ධිං දාරකෙ රාජඞ‍්ගණෙන ගච‍්ඡන‍්තෙ දිස‍්වා සඤ‍්ජානිත්‍වා බ්‍රාහ‍්මණෙන සද‍්ධිං තෙ පක‍්කොසාපෙත්‍වා තං පවත‍්තිං සුත්‍වා බොධිසත‍්තෙන කථිතනියාමෙනෙව ධනං දත්‍වා කුමාරෙ කිණිත්‍වා න‍්හාපෙත්‍වා භොජෙත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතෙ කත්‍වා රාජා දාරකං ඵුස‍්සතිදෙවී දාරිකං උච‍්ඡඞ‍්ගෙ කත්‍වා බොධිසත‍්තස‍්ස රාජපුත‍්තියා ච පවත‍්තිං සුණිංසු.

කුමරයන් ගෙන යන ජූජක බමුණා ද දේවතාවෝ ආරක්‍ෂා කළහ. දවසක් දවසක් පාසා එක් දෙව්දුවක් රාත්‍රීකාලයෙහි පැමිණ මද්‍රි දේවියගේ ස්වරූපයෙන් කුමාරයන් පෝෂණය කළාය. ඒ ජූජක බමුණා දෙවියන් විසින් අධිගෘහිත වූයේ කළිඟු රටට යන්නෙමි’යි අඩ මසකින් ජයතුරා නුවරට පැමිණියේය. රජතුමා විනිශ්චය ස්ථානයේ හුන්නේ බමුණා සමග රාජාඞ්ගනයෙන් යන දරුවන් දැක හැඳිනගෙන බමුණා සමඟ ඔවුන් කැඳවා ඒ ප්‍රවෘත්තිය අසා බෝධිසත්ත්‍වයන් කී අයුරින්ම ධනය දී කුමාරයන් මිළදී ගෙන නාවා අනුභව කරවා සියලු අලංකාරයෙන් අලංකාර කරවා රජතුමා දරුවාද ඵුසති දේවිය දැරිය ද ඇකයෙහි තබාගෙන බෝධිසත්ත්‍වයන්ගේ ද රාජ දියණියගේ ද තොරතුරු ඇසූහ.

තං සුත්‍වා රාජා “භූනහච‍්චං වත මයා කත”න‍්ති සංවිග‍්ගමානසො තාවදෙව ද‍්වාදසඅක‍්ඛොභනීපරිමාණං සෙනං සන‍්නය‍්හිත්‍වා වඞ‍්කපබ‍්බතාභිමුඛො පායාසි සද‍්ධිං ඵුස‍්සතිදෙවියා චෙව දාරකෙහි ච. අනුක‍්කමෙන ගන‍්ත්‍වා පුත‍්තෙන ච සුණිසාය ච සමාගඤ‍්ඡි. වෙස‍්සන‍්තරො පියපුත‍්තෙ දිස‍්වා සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො විසඤ‍්ඤී හුත්‍වා තත්‍ථෙව පති, තථා මද‍්දී මාතාපිතරො සහජාතා සට‍්ඨිසහස‍්සා ච අමච‍්චා. තං කාරුඤ‍්ඤං පස‍්සන‍්තෙසු එකොපි සකභාවෙන සන්‍ධාරෙතුං නාසක‍්ඛි, සකලං අස‍්සමපදං යුගන්‍ධරවාතපමද‍්දිතං විය සාලවනං අහොසි. සක‍්කො දෙවරාජා තෙසං විසඤ‍්ඤිභාවවිනොදනත්‍ථං පොක‍්ඛරවස‍්සං වස‍්සාපෙසි, තෙමෙතුකාමා තෙමෙන‍්ති, පොක‍්ඛරෙ පතිතවස‍්සං විය විනිවත‍්තිත්‍වා උදකං ගච‍්ඡති. සබ‍්බෙ සඤ‍්ඤං පටිලභිංසු. තදාපි පථවිකම‍්පාදයො හෙට‍්ඨා වුත‍්තප‍්පකාරා අච‍්ඡරියා පාතුරහෙසුං. තෙන වුත‍්තං –

එය අසා රජතුමා “ම විසින් ඒකාන්තයෙන් බරපතල ගුණ නැසීමක් කරන ලද්දේය”යි සංවේගයට පත් සිත් ඇත්තේ එකෙණෙහිම දොළොස් අක්‍ෂෞහිණියක් පමණ සේනාව ගෙන ඵුසති දේවිය හා දරුවන් ද සමග වඞ්ක පර්‍වතය බලා පිටත් විය. පිළිවෙළින් ගොස් පුතා සහ ලේලිය සමග එක්විය. වෙස්සන්තර රජ ප්‍රිය පුත්‍රයන් දැක ශෝකය දරාගැනීමට නොහැකි වන්නේ සිහි නැතිවී එහිම වැටුණේය. මද්‍රි දේවිය ද මව්පියෝ ද එකදා උපන් හැටදහසක් ඇමතියෝද එසේම සිහි නැතිව වැටුණාහුය. ඒ කාරුණිකභාවය දකින්නන් අතර කිසිකෙනෙක් ස්වාභාවික ලෙස දරාගත නොහැකි වූහ. සියලු ආශ්‍රම පදය කල්පාන්ත වාතයෙන් මුලින් උපුටාගිය සල් වනයක් මෙන් විය. සක්දෙව්රජ ඔවුන්ගේ විසංඥභාවය දුරුකිරීම සඳහා පොකුරු වැසි වැස්සවීය. තෙමෙනු කැමැත්තෝ තෙමෙති. නෙලුම් කොළයේ ජලය මෙන් ජලය පෙරලී යයි. සියල්ලෝ සිහි ලැබූහ. එකල්හි පොළොව කම්පාවීම් ආදී යට කියන ලද ආකාරයේ ආශ්චර්‍ය්‍යයෝ පහළවූහ. එහෙයින් දේශනා කරන ලදී.

“පුනාපරං බ්‍රහාරඤ‍්ඤෙ, මාතාපිතුසමාගමෙ; කරුණං පරිදෙවන‍්තෙ, සල‍්ලපන‍්තෙ සුඛං දුඛං.

120. “පුනාපරං බ්‍රහාරඤ්ඤෙ මාතා පිතුසමාගමෙ කරුණං පරිදෙවන්තෙ සල්ලපන්තෙ සුඛ දුක්‍ඛං

“හිරොත‍්තප‍්පෙන ගරුනා, උභින‍්නං උපසඞ‍්කමි; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා”ති.

121. හිරොත්තප්පෙ න ගරුනා උභින්නං උපසංකමි තදාපි පඨවී කම්පි සිනෙරු වන වටංසකාති” (චරියා පිටක)

“නැවතද මහ වනයෙහි මවුපියන් ආදිකොට පැමිණි සමූහයන් දුකින් හඬන කල්හි සැපදුක් විචාරා පිළිසඳර කරන කල්හි”

“ගෞරවයෙන් උපන් හිරිඔතප් දෙකෙන් යුක්තව මව් පිය දෙදෙනා සමීපයට පැමිණියෙමි. එකල්හි ද සිනේරු වනයන් මුදුන් මල්කඩ කොට ඇති පෘථිවිතොමෝ කම්පා වූවාය.”

තත්‍ථ කරුණං පරිදෙවන‍්තෙති මාතාපිතරො ආදිං කත්‍වා සබ‍්බස‍්මිං ආගතජනෙ කරුණං පරිදෙවමානෙ. සල‍්ලපන‍්තෙ සුඛං දුඛන‍්ති සුඛදුක‍්ඛං පුච‍්ඡිත්‍වා පටිසන්‍ථාරවසෙන ආලාපසල‍්ලාපං කරොන‍්තෙ. හිරොත‍්තප‍්පෙන ගරුනා උභින‍්නන‍්ති ඉමෙ සිවීනං වචනං ගහෙත්‍වා අදූසකං ධම‍්මෙ ඨිතං මං පබ‍්බාජයිංසූති චිත‍්තප‍්පකොපං අකත්‍වා උභොසු එතෙසු මාතාපිතූසු ධම‍්මගාරවසමුස‍්සිතෙන හිරොත‍්තප‍්පෙනෙව යථාරූපෙ උපසඞ‍්කමි. තෙන මෙ ධම‍්මතෙජෙන තදාපි පථවී කම‍්පි.

එහි “කරුණං පරිදෙවන්තෙ” යනු මව්පියන් ආදි කොට පැමිණි සියලු ජනයා දුකින් හඬන කල්හි, “සල්ලපන්තෙ සුඛ දුක්‍ඛං” යනු සැප දුක් අසා පිළිසඳර වශයෙන් අල්ලාප සල්ලාප කරන කල්හි, “හිරොත්තප්පෙන ගරුනා උභින්නං” යනු මොවුහු සිවිරට වැසියන්ගේ වචනය ගෙන ධර්‍මයෙහි පිහිටි අදූෂිත මා රටින් නෙරපූහ”යි සිතෙහි කෝපයක් නොකොට ඒ මව්පියන් දෙදෙනා කෙරෙහි ධර්‍ම ගෞරවයෙන් ඔසවන ලද හිරි ඔතප් දෙකෙන් යුක්තවම “උපසඞ්කමි” එළඹියෙමි. මගේ ඒ ධර්‍ම තේජසින් “තදාවි පඨවි කම්පි” එදිනද පොළොව කම්පා විය.

අථ සඤ‍්ජයමහාරාජා බොධිසත‍්තං ඛමාපෙත්‍වා රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව කෙසමස‍්සුකම‍්මාදීනි කාරාපෙත්‍වා න‍්හාපෙත්‍වා සබ‍්බාභරණවිභූසිතං දෙවරාජානමිව විරොචමානං සහ මද‍්දිදෙවියා රජ‍්ජෙ අභිසිඤ‍්චිත්‍වා තාවදෙව ච තතො පට‍්ඨාය ද‍්වාදසඅක‍්ඛොභනීපරිමාණාය චතුරඞ‍්ගිනියා සෙනාය ච පුත‍්තං පරිවාරයිත්‍වා වඞ‍්කපබ‍්බතතො යාව ජෙතුත‍්තරනගරා සට‍්ඨියොජනමග‍්ගං අලඞ‍්කාරාපෙත්‍වා ද‍්වීහි මාසෙහි සුඛෙනෙව නගරං පවෙසෙසි. මහාජනො උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. චෙලුක‍්ඛෙපාදයො පවත‍්තිංසු. නගරෙ ච නන්‍දිභෙරිං චරාපෙසුං. අන‍්තමසො බිළාරෙ උපාදාය සබ‍්බෙසං බන්‍ධනෙ ඨිතානං බන්‍ධනමොක‍්ඛො අහොසි. සො නගරං පවිට‍්ඨදිවසෙයෙව පච‍්චූසකාලෙ චින‍්තෙසි – “ස‍්වෙ විභාතාය රත‍්තියා මමාගතභාවං සුත්‍වා යාචකා ආගමිස‍්සන‍්ති, තෙසාහං කිං දස‍්සාමී”ති. තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා තාවදෙව රාජනිවෙසනස‍්ස පුරිමවත්‍ථුං පච‍්ඡිමවත්‍ථුඤ‍්ච කටිප‍්පමාණං පූරෙන‍්තො ඝනමෙඝො විය සත‍්තරතනවස‍්සං වස‍්සාපෙසි. සකලනගරෙ ජණ‍්ණුප‍්පමාණං වස‍්සාපෙසීති. තෙන වුත‍්තං –

ඉක්බිති සඤ්ජය මහරජ බෝධිසත්ත්‍වයන් ක්‍ෂමා කරවා ගෙන රාජ්‍යය පවරා එකෙණෙහිම කෙස් රැවුල් කැපීමාදි කටයුතු කරවා නාවා සියලු ආභරණයන්ගෙන් විභූෂිත වූ දිව්‍ය රාජයකු මෙන් බබලමින් සිටිය දී මද්‍රි දේවිය සමග රාජ්‍යයෙහි අභිෂේක කොට එකෙණෙහිම එතැන් සිට දොළොස් අක්‍ෂෞහිණියක් පමණ වූ චතුරඞ්ගනී සේනාවෙන් පුතණුවන් පිරිවරා වඞ්ක පර්‍වතයේ සිට ජයතුරා නගරය දක්වා සැට යොදුන් මග අලංකාර කරවා දෙමසකින් සුවසේ නුවරට පැමිණවීය. මහජනයා මහත් ප්‍රීති සොම්නස් විචාලේය. පිළිසි සෑරීම් ආදිය කළහ. නගරයෙහි සතුටු බෙර වාදනය කරවූහ. යටත් පිරිසෙයින් බළලුන්ගේ පටන් බන්‍ධනවල සිටි සියල්ලෝම බන්‍ධනවලින් මිදුනාහ. එතුමා නගරයට පිවිසි දිනයේ උදෑසන “හෙට රෑ පහන් වූ විට මා පැමිණි බව අසා යාචකයෝ එන්නාහ. ඔවුන්ට මම කුමක් දෙන්නෙම් ද”?යි මෙසේ සිතීය. එකෙණෙහිම සක්දෙව් රජුගේ ආසනය උණු බවක් දැක්වීය. හෙතෙම ආවර්ජනා කරන්නේ එම කාරණය දැන රාජ භවනයෙහි පිටුපස හා ඉදිරිපස ඉඩම තුනටිය පමණට පුරවමින් මහ වැස්සක් මෙන් සත්රුවන් වැස්සක් වැස්සවීය. සියලු නුවරද දණක් පමණ වැස්සවීය. එහෙයින්,

“පුනාපරං බ්‍රහාරඤ‍්ඤා, නික‍්ඛමිත්‍වා සඤාතිභි; පවිසාමි පුරං රම‍්මං, ජෙතුත‍්තරං පුරුත‍්තමං.

122. “පුනාපරං බ්‍රහාරඤ්ඤ නික්‍ඛමිත්‍වා සඤාතිභි පවිසාමි පුරං රම්මං ජෙතුත්තර පුරුත්තමං

“රතනානි සත‍්ත වස‍්සිංසු, මහාමෙඝො පවස‍්සථ; තදාපි පථවී කම‍්පි, සිනෙරුවනවටංසකා.

123. “රතනානි සත්ත වස්සිංසු - මහා මෙඝො පවස්ස ථ තදාපි පඨවී කම්පි සිනෙරුවන වටංසකා

“අචෙතනායං පථවී, අවිඤ‍්ඤාය සුඛං දුඛං; සාපි දානබලා මය‍්හං, සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථා”ති.

124. “අචෙතනායං පඨවී අවිඤ්ඤාය සුඛං දුඛං සාපි දානබලා මය්හං සත්තක්‍ඛත්තුං පකම්පථා”ති (චරියා පිටක)

“ඉක්බිති ස්වකීය නෑයන් සමග මහ වනයෙන් නික්ම සිත්කලු වූ ජේතුත්තර පුරවරයට පැමිණියෙමි.

සත්රුවන් වැසි වැස්සේය. මහා මේඝයක් වැස්සේය. එදිනද සිනේරුවන මුදුන් මල්කඩ කොට ඇති මහ පොළොව කම්පාවිය.

අචේතනික වූ මේ පෘථිවිතොමෝද සැපදුක නොදැන මාගේ දාන බලය හේතු කොට ගෙන සත්වරක් කම්පා වූහ.”යි දේශනා කරන ලදී.

එවං සත‍්තරතනවස‍්සෙ වුට‍්ඨෙ පුනදිවසෙ මහාසත‍්තො “යෙසං කුලානං පුරිමපච‍්ඡිමවත්‍ථූසු වුට‍්ඨධනං, තෙසඤ‍්ඤෙව හොතූ”ති දාපෙත්‍වා අවසෙසං ආහරාපෙත්‍වා අත‍්තනො ගෙහවත්‍ථුස‍්මිං ධනෙන සද‍්ධිං කොට‍්ඨාගාරෙසු ඔකිරාපෙත්‍වා මහාදානං පවත‍්තෙසි. අචෙතනායං පථවීති චෙතනාරහිතා අයං මහාභූතා පථවී, දෙවතා පන චෙතනාසහිතා. අවිඤ‍්ඤාය සුඛං දුඛන‍්ති අචෙතනත‍්තා එව සුඛං දුක‍්ඛං අජානිත්‍වා. සතිපි සුඛදුක‍්ඛපච‍්චයසංයොගෙ තං නානුභවන‍්තී. සාපි දානබලා මය‍්හන‍්ති එවංභූතාපි සා මහාපථවී මම දානපුඤ‍්ඤානුභාවහෙතු. සත‍්තක‍්ඛත‍්තුං පකම‍්පථාති අට‍්ඨවස‍්සිකකාලෙ හදයමංසාදීනිපි යාචකානං දදෙය්‍යන‍්ති දානජ‍්ඣාසයුප‍්පාදෙ මඞ‍්ගලහත්‍ථිදානෙ පබ‍්බාජනකාලෙ පවත‍්තිතමහාදානෙ පුත‍්තදානෙ භරියාදානෙ වඞ‍්කපබ‍්බතෙ ඤාතිසමාගමෙ නගරං පවිට‍්ඨදිවසෙ රතනවස‍්සකාලෙති ඉමෙසු ඨානෙසු සත‍්තවාරං අකම‍්පිත්‍ථ. එවං එකස‍්මිංයෙව අත‍්තභාවෙ සත‍්තක‍්ඛත‍්තුං මහාපථවිකම‍්පනාදිඅච‍්ඡරියපාතුභාවහෙතුභූතානි යාවතායුකං මහාදානානි පවත‍්තෙත්‍වා මහාසත‍්තො ආයුපරියොසානෙ තුසිතපුරෙ උප‍්පජ‍්ජි. තෙනාහ භගවා –

මෙසේ සත්රුවන් වැසි වැස්ස කල්හි දෙවන දවස්හි මහාසත්ත්‍වයෝ ඒ ඒ කුලවල නිවෙස්වල ඉදිරියෙන් හා පසුපසින් ඇති ඉඩම්වලට වැසි ධනය ඔවුන්ටම වේවා”යි දෙවා සෙසු ධනය ගෙන්වාගෙන තමාගේ ගෙබිමට වැටුණු ධනය සමග ගබඩාවන්හි තැන්පත්කොට මහාදාන පැවැත්වූහ. “අචෙතනාය පඨවී” යනු චේතනා රහිත වූ මේ මහාභූත පෘථිවියයි, දේවතාවෝ වනාහි චේතනා සහිතයහ, “අවිඤ්ඤය සුඛං දුඛං” යනු අචේතන බැවින්ම සැපදුක් නොදැන, චේතනා ඇති කල්හිද සුඛදුක්‍ඛ ප්‍රත්‍ය සංයෝගයේදී එයනොවිඳිත්, “සාපි දානබලා මය්හං” යනු මෙසේ වූද ඒ මහපොළොව මගේ දානපුණ්‍යනුභාව හේතුවෙන්, “සන්තක්‍ඛත්තුං පකම්පථ” යනු 1. අට හැවිරිදි කල්හි හෘදයමංසාදිය වුවද යාචකයන්ට දෙන්නෙමියි දානාධ්‍යාශය උපන් කල්හි, 2. මංගල හස්තියා දෙන කල්හි, 3. රටින් නෙරපන කල දුන් මහාදානයේ දී 4. දරුවන් දීමේ දී 5. භාර්‍ය්‍යාව දීමේදී 6. වඞ්ක පර්‍වතයෙහි ඥාති සමාගමයෙහි, 7. නගරයට පිවිසි දින රුවන් වැසි වට කල්හිද යන ස්ථානයන්හි සත්වරක් කම්පාවිය. එකම ආත්මභාවයකදී සත්වරක් මහපොළොව කම්පාවීම් ආදී ආශ්චර්‍ය්‍යයන් පහළ වීමට හේතුභූත වූ මහාදාන, ආයු ඇති තෙක් පවත්වා මහාසත්ත්‍වයෝ ආයු කෙළවර තුසිත පුරයෙහි උපන්හ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ,

“තතො වෙස‍්සන‍්තරො රාජා, දානං දත්‍වාන ඛත‍්තියො; කායස‍්ස භෙදා සප‍්පඤ‍්ඤො, සග‍්ගං සො උපපජ‍්ජථා”ති. (ජා· 2.22.2440);

ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති වෙස්සන්තර රජ දන් දී මරණින් මතු ස්වර්‍ගයට පැමිණියේ ය”යි වදාළහ (ජාතක පාලිය)

තදා ජූජකො දෙවදත‍්තො අහොසි, අමිත‍්තතාපනා චිඤ‍්චමාණවිකා , චෙතපුත‍්තො ඡන‍්නො, අච‍්චුතතාපසො සාරිපුත‍්තො, සක‍්කො අනුරුද‍්ධො, මද‍්දී රාහුලමාතා, ජාලිකුමාරො රාහුලො, කණ‍්හාජිනා උප‍්පලවණ‍්ණා, මාතාපිතරො මහාරාජකුලානි, සෙසපරිසා බුද‍්ධපරිසා, වෙස‍්සන‍්තරො රාජා ලොකනාථො.

එකල්හි ජූජක තෙම දේවදත්ත වූයේය. අමිත්තතාපා නම් චිඤ්චි මානවිකාවය, චේත පුත්‍රයා ඡන්නය, අච්චුත තාපසයා සැරියුත් ස්ථවිරය, ශක්‍රයා අනුරුද්ධ ස්ථවිරය, මද්‍රි දේවිය රාහුල මාතාවය, ජාලිය කුමාරයා රාහුලය, කෘෂ්ණජිනා උප්පලවණ්ණාය, මවුපියෝ මහාරාජ කුලයෝය, සෙසු පිරිස බුදු පිරිසය. වෙස්සන්තර රජ ලෝකනාථයන් වහන්සේය.

ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තථා මහාසත‍්තෙ කුච‍්ඡිගතෙ මාතු දෙවසිකං ඡසතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා දානං දාතුකාමතාදොහළො, තථා දීයමානෙපි ධනස‍්ස පරික‍්ඛයාභාවො, ජාතක‍්ඛණෙ එව හත්‍ථං පසාරෙත්‍වා “දානං දස‍්සාමි, අත්‍ථි කිඤ‍්චී”ති වාචානිච‍්ඡාරණං, චතුපඤ‍්චවස‍්සිකකාලෙ අත‍්තනො අලඞ‍්කාරස‍්ස ධාතීනං හත්‍ථගතස‍්ස පුන අග‍්ගහෙතුකාමතා, අට‍්ඨවස‍්සිකකාලෙ හදයමංසාදිකස‍්ස අත‍්තනො සරීරාවයවස‍්ස දාතුකාමතාති එවමාදිකා සත‍්තක‍්ඛත‍්තුං මහාපථවිකම‍්පනාදිඅනෙකච‍්ඡරියපාතුභාවහෙතුභූතා ඉධ මහාපුරිසස‍්ස ගුණානුභාවා විභාවෙතබ‍්බා. තෙනෙතං වුච‍්චති –

මෙහිද යට කියන ලද ක්‍රමයෙන්ම සුදුසු පරිදි සෙසු පාරමිතා නිර්ධාරණය (මතුකොට දැක්වීම) කළ යුතුය. එසේම මහාසත්ත්‍වයන් වහන්සේ කුස පිළිසිඳගත් විට මවට දිනපතා හය ලක්‍ෂයක් වියදම් කොට මහදන් දීමට කැමැත්ත ඇතිවීමේ දොළ ද, එසේම දන් දීමේදී ධනය ක්‍ෂය නොවීම ද, උපන් ඇසිල්ලෙහිම අත දිගුකොට දන් දෙන්නෙමි. කිසිවක් ඇත්දැයි වචන පිට කිරීම ද, සතර පස් හැවිරිදි කල්හි කිරි මවුන්ගේ අතට ගියා වූ තමාගේ ආභරණ නැවත නොගනු කැමති බව ද, අටහැවිරිදි කල හෘදය මාංස ආදි කොට ඇති තමාගේ ශරීරාවයව දීමට කැමති වීම ද යන මේ ආදී වූ සත් වරක මහපොළොව කම්පාවීම් ආදී නොයෙක් ආශ්චර්‍ය්‍යයන් පහළ වීමට හේතු භූත වූ කරුණු මෙහි මහා පුරුෂයාණන්ගේ ගුණානුභාවයෝ යයි දත යුත්තාහ. එහෙයින්,

“එවං අච‍්ඡරියා හෙතෙ, අබ‍්භුතා ච මහෙසිනො…පෙ…; තෙසු චිත‍්තප‍්පසාදොපි, දුක‍්ඛතො පරිමොචයෙ; පගෙවානුකිරියා තෙසං, ධම‍්මස‍්ස අනුධම‍්මතො”ති.

“එවං අච්ඡරියා චෙව අබ්භුතාච මහෙසිනො -පෙ- තෙසු චිත්තප්ප සාදොපි දුක්‍ඛ තො පරිමොචයෙ පගෙවානුකිරියා තෙසං ධම්මස්ස අනුධම්ම තො”යි කියනු ලැබේ.

වෙස‍්සන‍්තරචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවෙනි වෙස්සන්තර චරිතයයි.