8. සිවිරාජචරියාවණ්ණනා අට්ඨකථා
8. සිවිරාජචරියාවණ්ණනා
8. සිවිරාජ චරියා වර්ණනාව
51. “අරිට්ඨ ස්වහයෙ නගරෙ සිවි නාමාසිං ඛන්ති යො නිසජ්ජ පාසාද වරෙ එවං චිත්තෙසහං තදා” (චරියා පිටක)
“යම් කලෙක අරිට්ඨ නම් නගරයෙහි සිවි නම් රජෙක් වූයෙම් ද එකල්හි මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතුවෙමි”
අට්ඨමෙ අරිට්ඨසව්හයෙ නගරෙති අරිට්ඨපුරනාමකෙ නගරෙ. සිවි නාමාසි ඛත්තියොති සිවීති ගොත්තතො එවංනාමකො රාජා අහොසි.
අටවෙනි (සිවිරාජ චරිතයෙහි) “අරිට්ඨස්වහයෙ නගරෙ” යනු අරිට්ඨපුර නම් නගරයෙහි, “සිවිනාමාසිං ඛත්තියො” යනු ගෝත්‍ර වශයෙන් “සිවි” යයි නම් ඇති රජෙක් වීමි,
අතීතෙ කිර සිවිරට්ඨෙ අරිට්ඨපුරනගරෙ සිවිරාජෙ රජ්ජං කාරෙන්තෙ මහාසත්තො තස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. “සිවිකුමාරො”තිස්ස නාමමකංසු. සො වයප්පත්තො තක්කසිලං ගන්ත්වා උග්ගහිතසිප්පො ආගන්ත්වා පිතු සිප්පං දස්සෙත්වා උපරජ්ජං ලභිත්වා අපරභාගෙ පිතු අච්චයෙන රාජා හුත්වා අගතිගමනං පහාය දස රාජධම්මෙ අකොපෙත්වා රජ්ජං කාරෙන්තො නගරස්ස චතූසු ද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙති ඡ දානසාලායො කාරෙත්වා දෙවසිකං ඡසතසහස්සපරිච්චාගෙන මහාදානං පවත්තෙසි. අට්ඨමීචාතුද්දසීපන්නරසීසු සයං දානසාලං ගන්ත්වා දානග්ගං ඔලොකෙති.
අතීතයෙහි සිවිරටේ අරිට්ඨ පුර නගරයෙහි සිවිරජු රාජ්‍යය කරන කල්හි මහාසත්ත්වයන් වහන්සේ ඔහුගේ පුතා වී උපන්හ. ඔහුට “සිවිකුමාර” යයි නම් කළහ. ඔහු වැඩිවියට පත් වූයේ තක්ෂලාවට ගොස් ඉගෙනගත් ශිල්ප ඇත්තේ පැමිණ පියාට ශිල්ප දක්වා යුවරජකම ලැබ පසුකාලයක පියාගේ ඇවෑමෙන් රජ වී අගතියට යාම හැර දශරාජ ධර්මයන් වෙනස් නොකොට රාජ්‍යය කරවන්නේ නගරයෙහි දොරටු සතරෙහි ද නගරය මැද ද නිවසේ දොරටුවෙහි ද දානශාලා හයක් කරවා දිනපතා හය ලක්ෂයක් පරිත්‍යාග කිරීමෙන් මහදන් පැවැත්වීය. අටවක, තුදුස්වක, පසළොස්වක දිනයන්හි තමන්ම දානශාලාවලට ගොස් දානශාලා බලයි.
සො එකදා පුණ්ණමදිවසෙ පාතොව සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො අත්තනා දින්නදානං ආවජ්ජෙන්තො බාහිරවත්ථුං අත්තනා අදින්නං නාම අදිස්වා “න මෙ බාහිරකදානං තථා චිත්තං තොසෙති, යථා අජ්ඣත්තිකදානං, අහො වත මම දානසාලං ගතකාලෙ කොචි යාචකො බාහිරවත්ථුං අයාචිත්වා අජ්ඣත්තිකමෙව යාචෙය්ය, සචෙ හි මෙ කොචි සරීරෙ මංසං වා ලොහිතං වා සීසං වා හදයමංසං වා අක්ඛීනි වා උපඩ්ඪසරීරං වා සකලමෙව වා අත්තභාවං දාසභාවෙන යාචෙය්ය, තංතදෙවස්ස අධිප්පායං පූරෙන්තො දාතුං සක්කොමී”ති චින්තෙසි. පාළියං පන අක්ඛීනං එව වසෙන ආගතා. තෙන වුත්තං –
හෙතෙම එක් පුණු පොහෝ දිනයක උදෑසනම නගන ලද සෙස්සත් ඇති රාජාසනයෙහි හුන්නේ තමා විසින් දුන් දානයන් සිහිකරන්නේ “තමා විසින් නුදුන් බාහිර වස්තුවක් නම් නැති බව දැක ආධ්‍යාත්මික දානය මෙන් බාහිර දානය මාගේ සිත සතුටු නො කරයි. අහෝ, මා දානශාලාවට ගිය කල්හි කිසියම් යාචකයෙක් බාහිර වස්තු නොඉල්වා ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නේ නම්, ඉදින් මාගේ ශරීර මාංසයක් හෝ සියලු ආත්ම භාවයම දාස භාවයෙන් හෝ ඉල්ලන්නේ නම් මම ඒ ඒ දෙයම ඔහුගේ අදහස සම්පූර්ණ කරමින් දීමට හැක්කෙමි”යි සිතීය. පාලියෙහි වනාහි හුදෙක් ඇස් දන් දෙන්නට සිතු බව සඳහන් වේ. එහෙයින්,
“නිසජ්ජ පාසාදවරෙ, එවං චින්තෙසහං තදා”. “යංකිඤ්චි මානුසං දානං, අදින්නං මෙ න විජ්ජති; යොපි යාචෙය්ය මං චක්ඛුං, දදෙය්යං අවිකම්පිතො”ති.
“නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙ සහං තදා 52. යං කිඤ්චි මානුසංදානං අදින්නං මෙ නවිජ්ජති යොපි යාචෙය්ය මං චක්ඛුං, දදෙය්යං අවිකම්පිතො” (චරියා පිටක)
“එකල්හි මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතුවෙමි. මා විසින් නොදෙන ලද, මනුෂ්‍යයන් විසින් දිය යුතු වූ දානයක් නැත්තේය. යමෙක් මගෙන් ඇස් නමුදු ඉල්ලන්නේ නම් නිශ්චල සිත් ඇතිව දෙන්නෙමි”යි කියන ලදී.
තත්ථ මානුසං දානන්ති පකතිමනුස්සෙහි දාතබ්බදානං අන්නපානාදි. එවං පන මහාසත්තස්ස උළාරෙ දානජ්ඣාසයෙ උප්පන්නෙ සක්කස්ස පණ්ඩුකම්බලසිලාසනං උණ්හාකාරං දස්සෙසි. සො තස්ස කාරණං ආවජ්ජෙන්තො බොධිසත්තස්ස අජ්ඣාසයං දිස්වා “සිවිරාජා අජ්ජ සම්පත්තයාචකා චක්ඛූනි චෙ යාචන්ති, චක්ඛූනි උප්පාටෙත්වා නෙසං දස්සාමීති චින්තෙසී”ති සක්කො දෙවපරිසාය වත්වා “සො සක්ඛිස්සති නු ඛො තං දාතුං, උදාහු නොති වීමංසිස්සාමි තාව න”න්ති බොධිසත්තෙ සොළසහි ගන්ධොදකඝටෙහි න්හත්වා සබ්බාලඞ්කාරෙහි පටිමණ්ඩිතෙ අලඞ්කතහත්ථික්ඛන්ධවරගතෙ දානග්ගං ගච්ඡන්තෙ ජරාජිණ්ණො අන්ධබ්රාහ්මණො විය හුත්වා තස්ස චක්ඛුපථෙ එකස්මිං උන්නතප්පදෙසෙ උභො හත්ථෙ පසාරෙත්වා රාජානං ජයාපෙත්වා ඨිතො බොධිසත්තෙන තදභිමුඛං වාරණං පෙසෙත්වා “බ්‍රාහ්මණ, කිං ඉච්ඡසී”ති පුච්ඡිතො “තව දානජ්ඣාසයං නිස්සාය සමුග්ගතෙන කිත්තිඝොසෙන සකලලොකසන්නිවාසො නිරන්තරං ඵුටො, අහඤ්ච අන්ධො, තස්මා තං යාචාමී”ති උපචාරවසෙන එකං චක්ඛුං යාචි. තෙන වුත්තං –
එහි “මානුසං දානං” යනු ප්‍රකෘති මිනිසුන් විසින් දියයුතු ආහාර පානාදී දානයයි. මෙසේ බෝධිසත්ත්වයන්ට උදාර දානාධ්‍යාශය උපන් කල්හි ශක්‍රයාගේ පඬුපුල් අස්න උණුබවක් දැක්වීය. හෙතෙම එයට හේතුව සිහි කරන්නේ බෝසතුන්ගේ අදහස දැක “සිවිරජ අද පැමිණි යාචකයෝ ඇස් ඉල්ලත් ද ඔවුන්ට ඇස් උපුටා දෙන්නෙමි”යි සිතීය’යි ශක්‍රයා දේව පිරිසට කියා ඔහු එය දීමට හැකිවන්නේ ද නොවන්නේ ද? පළමුකොට ඔහු විමසන්නෙමි”යි බෝධිසත්ත්වයන් වහන්සේ සුවඳ පැන් සොළොස් කළයක් නා සියලු අලංකාරයෙන් සැරසී අලංකාර කළ උතුම් මඟුලැතු පිට නැගී දානශාලාවට යන කල්හි ජරාජීර්ණ වූ අන්ධ බ්‍රාහ්මණයෙකු මෙන් වී එතුමන්ගේ නෙත ගැටෙන ලෙස එක් උස් ස්ථානයක අත් දෙක දිගුකොට රජුට ජය පතා සිටියේ, බෝධිසත්ත්වයන් වහන්සේ විසින් ඔහු ඉදිරියට ඇතු මෙහෙයවා “බ්‍රාහ්මණය කුමක් කැමති වන්නෙහිදැ”යි අසන ලද්දේ - නුඹ වහන්සේගේ දානාධ්‍යාශය නිසා හටගත් කීර්ති ඝෝෂයෙන් සියලු ලෝකය අතුරු සිදුරු නැතිව පැතිරී ගියේය. මමද අන්ධයෙක්මි. එහෙයින් ඔබගෙන් ඉල්ලමි”යි උපචාර වශයෙන් එක් ඇසක් ඉල්ලීය. එහෙයින්,
“මම සඞ්කප්පමඤ්ඤාය, සක්කො දෙවානමිස්සරො; නිසින්නො දෙවපරිසාය, ඉදං වචනමබ්රවි.
53 “මමසඞ්ඛප්පමඤ්ඤාය සක්කො දෙවානමිස්සරො නිසින්නො දෙව පරිසාය ඉදං වචනමබ්රවි
“නිසජ්ජ පාසාදවරෙ, සිවිරාජා මහිද්ධිකො; චින්තෙන්තො විවිධං දානං, අදෙය්යං සො න පස්සති.
54. නිසජ්ජපාසාදවරෙ සිවිරාජා මහිද්ධිකො චින්තෙන්තො විවිධං දානං අදෙය්යං සො නපස්සති.
“තථං නු විතථං නෙතං, හන්ද වීමංසයාමි තං; මුහුත්තං ආගමෙය්යාථ, යාව ජානාමි තං මනං.
55. තථන්නු විත්ථන්නෙතං හන්ද විමංසයාමි තං මුහුත්තං ආගමෙය්යාථ යාව ජානාමි තං මනං
“පවෙධමානො පලිතසිරො, වලිගත්තො ජරාතුරො; අන්ධවණ්ණොව හුත්වාන, රාජානං උපසඞ්කමි.
56. පවෙධමානො පලිතසිරො වලිතගත්තො ජරාතුරො අන්ධවණ්ණොව හුත්වාන රාජානං උපසඞ්කමි
“සො තදා පග්ගහෙත්වාන, වාමං දක්ඛිණබාහු ච; සිරස්මිං අඤ්ජලිං කත්වා, ඉදං වචනමබ්රවි.
57. සො තදා පග්ග හෙත්‍වාන වාමං දක්ඛිණ බාහුච සිරස්මිං අඤ්ජලිං කත්වා ඉදං වචනමබ්රවී.
“‘යාචාමි තං මහාරාජ, ධම්මික රට්ඨවඩ්ඪන; තව දානරතා කිත්ති, උග්ගතා දෙවමානුසෙ.
58. යාචාමි තං මහාරාජ ධම්මික රට්ඨවඩ්ඪ න තවදානරන්තා කිත්ති උග්ගතා දෙව මානුසෙ
“‘උභොපි නෙත්තා නයනා, අන්ධා උපහතා මම; එකං මෙ නයනං දෙහි, ත්වම්පි එකෙන යාපයා’”ති.
59. උභොපි නෙත්තා නයනා අන්ධා උපහතා මම එකං මෙ නයනං දෙහි ත්වම්පි එකෙන යාපයාති (චරියා පිටක)
“මාගේ අදහස දැන දෙවියන්ට අධිපති වූ ශක්‍ර දේවෙන්ද්‍ර තෙම දෙව්පිරිස මැද හුන්නේ මේ වචන කීවේය.
මහත් සෘද්ධි ඇති සිවිරජතෙම උතුම් ප්‍රාසාදයෙහි හිඳ නානාප්‍රකාර දාන ගැන සිතමින් නොදිය හැකි දෙයක් හෙතෙම නොදක්නේය.
එබැවින් මෙය සත්‍යයක් ද අසත්‍යයක්දැයි ඔහු විමසමි. ඒ සිත දැන ගන්නා තුරු මොහොතක් නවතිවු.
වෙව්ලමින්, පැසුණු හිස කෙස් ඇත්තේ රැළිවැටුණු ශරීර ඇත්තේ ජරාවෙන් පීඩිත වූයේ අන්ධභාව ඇත්තෙක් වී රජු වෙත එළඹියේය.
හෙතෙම එකල්හි වමතද දකුණත ද යන දෑත ඔසවා ගෙන හිසෙහි ඇඳිලි බැඳ මේ වචන කීයේය.
ධාර්මික වූ රට වර්ධනය කරන්නා වූ මහරජ නුඹගෙන් ඉල්ලමි. දානයෙහි ඇලුනා වූ නුඹවහන්සේගේ කීර්තිය දෙවි මිනිසුන් අතරෙහි පැන නැංගේය.
මාගේ නේත්‍ර නම් වූ ඇස් දෙකම අන්ධය. නැසුණු චක්ෂු ප්‍රසාද ඇත්තේය. මට එක් ඇසක් දුන මැනව. නුඹ ද එක් ඇසකින් යැපෙව”යි කියන ලදී.
තත්ථ චින්තෙන්තො විවිධං දානන්ති අත්තනා දින්නං විවිධං දානං චින්තෙන්තො, ආවජ්ජෙන්තො දානං වා අත්තනා දින්නං විවිධං බාහිරං දෙය්යධම්මං චින්තෙන්තො. අදෙය්යං සො න පස්සතීති බාහිරං විය අජ්ඣත්තිකවත්ථුම්පි අදෙය්යං දාතුං අසක්කුණෙය්යං න පස්සති, “චක්ඛූනිපි උප්පාටෙත්වා දස්සාමී”ති චින්තෙසීති අධිප්පායො. තථං නු විතථං නෙතන්ති එතං අජ්ඣත්තිකවත්ථුනොපි අදෙය්යස්ස අදස්සනං දෙය්යභාවෙනෙව දස්සනං චින්තනං සච්චං නු ඛො, උදාහු, අසච්චන්ති අත්ථො. සො තදා පග්ගහෙත්වාන, වාමං දක්ඛිණබාහු චාති වාමබාහුං දක්ඛිණබාහුඤ්ච තදා පග්ගහෙත්වා, උභො බාහූ උක්ඛිපිත්වාති අත්ථො. රට්ඨවඩ්ඪනාති රට්ඨවඩ්ඪීකර. ත්වම්පි එකෙන යාපයාති එකෙන චක්ඛුනා සමවිසමං පස්සන්තො සකං අත්තභාවං ත්වං යාපෙහි, අහම්පි භවතො ලද්ධෙන එකෙන යාපෙමීති දස්සෙති.
එහි “චින්තෙන්තො විවිධං දානං” යනු තමා විසින් දෙන ලද විවිධ දාන ගැන සිතන්නේ, දානය හෝ තමා විසින් දෙන ලද විවිධ බාහිර දාන වස්තු ගැන සිතන්නේ, “අදෙය්යං සො න පස්සති” යනු බාහිර වස්තු මෙන්ම ආධ්‍යාත්මික වස්තු ද “අදෙය්යං” දිය නො හැක්කෙමි”යි නො දකියි. ඇස් පවා උපුටා දෙන්නෙමියි සිතුවෙමි යන අදහසයි. “තථන්නු විතථන්තෙතං” යනු මේ ආධ්‍යාත්මික වස්තූන්ගේ ද නොදිය හැකි දෙයක් නොදැකීම දිය හැකි බවෙන්ම දැකීම සත්‍යයක් ද නැතහොත් අසත්‍යයක් ද යන අර්ථයයි. “සො තදා පග්ගහෙත්වාන වාමං දක්ඛිණ බාහුච” යනු වම් අත හා දකුණු අත ඔසවා, අත් දෙකම ඔසවා යන අර්ථයයි. “රට්ඨ වඩ්ඪන” යනු රට දියුණු කරන, “ත්වම්පි එකෙන යාපය” යනු එක් ඇසකින් සම විසම දකිමින් සිය ආත්මභාවය නුඹ පවත්වාගෙන යව, මම ද පින්වතාගෙන් ලැබූ ඇසින් යැපෙමි”යි දක්වයි.
තං සුත්වා මහාසත්තො තුට්ඨමානසො “ඉදානෙවාහං පාසාදෙ නිසින්නො එවං චින්තෙත්වා ආගතො, අයඤ්ච මෙ චිත්තං ඤත්වා විය චක්ඛුං යාචති, අහො වත මෙ ලාභා, අජ්ජ මෙ මනොරථො මත්ථකං පාපුණිස්සති, අදින්නපුබ්බං වත දානං දස්සාමී”ති උස්සාහජාතො අහොසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒ බස් අසා බෝධිසත්ත්වයෝ සතුටු සිත් ඇත්තාහු “මම වනාහි දැන් ප්‍රාසාදයෙහි හුන්නේ මෙසේ සිතා ආවෙමි. මොහු ද මාගේ සිත ද දැනගෙන මෙන් ඇසක් ඉල්ලයි. අනේ මට ඒකාන්තයෙන් වූයේ මහත් ලාභයෙකි. අද මගේ මනදොළ මුදුන් පැමිණෙන්නේය. පෙර නුදුන් විරූ දානයක් ඒකාන්තයෙන් දෙන්නෙමි’යි උත්සාහවත් වූහ. ශාස්තෲන් වහන්සේ එම කාරණය දේශනා කරන්නාහු මෙසේ වදාළහ.
“තස්සාහං වචනං සුත්වා, හට්ඨො සංවිග්ගමානසො; කතඤ්ජලී වෙදජාතො, ඉදං වචනමබ්රවිං.
60. “තස්සාහං වචනං සුත්වා හට්ඨො සංවිග්ග මානසො කතඤ්ජලී වෙදජාතො ඉදං වචනමබ්රවිං
“‘ඉදානාහං චින්තයිත්වාන, පාසාදතො ඉධාගතො; ත්වං මම චිත්තමඤ්ඤාය, නෙත්තං යාචිතුමාගතො.
61. ඉදානාහං චිත්තයිත්වාන පාසාදතො ඉධාගතො ත්වං මම චිත්ත මඤ්ඤාය නෙත්තං යාචිතුමාගතො
“‘අහො මෙ මානසං සිද්ධං, සඞ්කප්පො පරිපූරිතො; අදින්නපුබ්බං දානවරං, අජ්ජ දස්සාමි යාචකෙ’”ති.
62. අහො මානසං සිද්ධං සඞ්කප්පො පරිපූරිතො අදින්න පුබ්බං දානවරං අජ්ජ දස්සාමි යාචකෙති (චරියා පිටක)
“මම ඔහුගේ වචනය අසා සතුටු වූයෙම් (මෙතෙක් කල් ප්‍රමාදවීම ගැන) කලකිරුණු සිත් ඇත්තෙම් කරන ලද ඇඳිලි ඇත්තෙම් හටගත් ප්‍රීතිය ඇත්තෙම් මේ වචනය කීමි.
“මම දැන් මෙසේ සිතා ප්‍රාසාදයෙන් (මෙහි) ආවෙමි. නුඹ මගේ සිත දැනගෙන ඇසක් ඉල්ලන්නට ආයෙහිය.
“අහෝ, මගේ අදහස සමෘද්ධ විය. මනෝරථය පිරුණේය. පෙර නොදෙන ලද උතුම් දානයක් අද යාචකයාහට දෙන්නෙමි”යි
තත්ථ තස්සාති තස්ස බ්රාහ්මණරූපධරස්ස සක්කස්ස. හට්ඨොති තුට්ඨො. සංවිග්ගමානසොති මම චිත්තං ජානිත්වා විය ඉමිනා බ්රාහ්මණෙන චක්ඛු යාචිතං, එත්තකං කාලං එවං අචින්තෙත්වා පමජ්ජිතො වතම්හීති සංවිග්ගචිත්තො. වෙදජාතොති ජාතපීතිපාමොජ්ජො. අබ්රවින්ති අභාසිං. මානසන්ති මනසි භවං මානසං, දානජ්ඣාසයො, “චක්ඛුං දස්සාමී”ති උප්පන්නදානජ්ඣාසයොති අත්ථො. සඞ්කප්පොති මනොරථො. පරිපූරිතොති පරිපුණ්ණො.
එහි “තස්ස” යනු ඒ බ්‍රාහ්මණ වේශය දරණ ශක්රයාහට, “හට්ඨො” යනු සතුටුව, “සංවිග්ගමානසො” යනු මගේ සිත දැනගෙන මෙන් මේ බ්‍රාහ්මණයා විසින් ඇසක් ඉල්ලන ලදී. මෙතෙක් කල් මෙසේ සිතා ඒකාන්තයෙන් මම පමා වීමි’යි සංවේගයට පත් සිත් ඇත්තේ, “වෙදජාතො” යනු හටගත් ප්‍රීති ප්‍රමෝද්‍යය ඇත්තේ, “අබ්රවිං” යනු කීවෙමි. “මානසං” යනු සිතෙහි හටගත් නිසා “මානස” නම් වූ දානාධ්යාශයයි, ඇසක් දෙන්නෙමියි උපන් දානාධ්‍යාශය අර්ථයයි, “සඞ්කප්පො” යනු මනදොළයි, “පරිපූරිතො” යනු සම්පූර්ණ වූ,
අථ බොධිසත්තො චින්තෙසි – “අයං බ්රාහ්මණො මම චිත්තාචාරං ඤත්වා විය දුච්චජම්පි චක්ඛුං මං යාචති, සියා නු ඛො කායචි දෙවතාය අනුසිට්ඨො භවිස්සති, පුච්ඡිස්සාමි තාව න”න්ති චින්තෙත්වා තං බ්රාහ්මණං පුච්ඡි. තෙනාහ භගවා ජාතකදෙසනායං –
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ සිතූහ. මේ බ්‍රාහ්මණයා මාගේ චිත්තාචාරය දැනගෙන මෙන් දීමට අපහසු වූ ඇසක් මගෙන් ඉල්ලයි. මොහු වනාහි කිසියම් දේවතාවෙකු විසින් අනුශාසනා කරන ලද්දේ වන්නේ යයි පළමුකොට ඔහු විමසන්නෙමි’යි සිතා ඒ බ්‍රාහ්මණයාගෙන් ඇසීය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ජාතක දේශනාවෙහි මෙසේ වදාළහ.
“කෙනානුසිට්ඨො ඉධමාගතොසි, වනිබ්බක චක්ඛුපථානි යාචිතුං; සුදුච්චජං යාචසි උත්තමඞ්ගං, යමාහු නෙත්තං පුරිසෙන දුච්චජ”න්ති.(ජා· 1.15.53);
“යාචකයෙනි, යමක් ලෝකයෙහි පුරුෂයකු විසින් දීමට අපහසුය’යි කීවාහුද ඒ උත්තමාඞ්ගය වූ ඇස් තෙපි ඉල්ලන්නහුය. කවරකු විසින් අනුශාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීමට මා සමීපයට ආවාහුද? (ජාතක පාලිය)
තං සුත්වා බ්රාහ්මණරූපධරො සක්කො ආහ –
එය අසා බ්‍රාහ්මණ වේශධාරී ශක්‍රයා මෙසේ කීය.
“යමාහු දෙවෙසු සුජම්පතීති, මඝවාති නං ආහු මනුස්සලොකෙ; තෙනානුසිට්ඨො ඉධමාගතොස්මි, වනිබ්බකො චක්ඛුපථානි යාචිතුං.
“යමාහු දෙවෙසු සුජම්පතීති මඝවාති තං ආහු මනුස්ස ලොකෙ තෙතානුසිට්ඨො ඉධ මාගතොස්මි වණිබ්බකො චක්ඛුපථානියාචිතුං
“වනිබ්බතො මය්හං වනිං අනුත්තරං, දදාහි තෙ චක්ඛුපථානි යාචිතො; දදාහි මෙ චක්ඛුපථං අනුත්තරං, යමාහු නෙත්තං පුරිසෙන දුච්චජ”න්ති. (ජා· 1.15.54-55);
වණිබ්බතො මය්හං වනිං අනුත්තරං දදාහි මෙ චක්ඛුපථානි යාචිතො දදාහි මෙ චක්ඛුපථං අනුත්තරං යමාහු නෙත්තං පුරිසෙන දුච්චජන්ති. (ජාතක පාලි)
“රජතුමනි, දෙව්ලොව දෙවියන් කෙරෙහි යමෙක් සුජම්පතී යයි කියත් ද ඔහු මනුෂ්‍ය ලෝකයෙහි “මඝවා” යයි කියත් ද ඔහු විසින් අනුශාසනා කරන ලද්දා වූ යාචක තෙම ඇස් ඉල්ලීමට ඔබතුමා සමීපයට පැමිණියේය.
“රජතුමනි, ඉල්ලීම් අතුරෙන් මගේ ඉල්ලීම උතුම් වූවකි. ඉල්ලන ලද්දේ මට ඇස් දුන මැනව. පුරුෂයකු විසින් දෙන්නට අපහසුයයි යමක් සඳහා කියන ලද්දේ ද ඒ උතුම් ඇස් දුන මැනව”යි
මහාසත්තො ආහ –
බෝධිසත්ත්වයෝ මෙසේ කීහ.
“යෙන අත්ථෙන ආගච්ඡි, යමත්ථමභිපත්ථයං; තෙ තෙ ඉජ්ඣන්තු සඞ්කප්පා, ලභ චක්ඛූනි බ්‍රාහ්මණ.
යෙන අත්ථෙන ආගඤ්ජි යමත්ථමභිපත්ථයං තෙ තෙ ඉජ්ඣන්තු සඞ්කප්පා ලභචක්ඛුනි බ්‍රාහ්මණ
“එකං තෙ යාචමානස්ස, උභයානි දදාමහං; ස චක්ඛුමා ගච්ඡ ජනස්ස පෙක්ඛතො, යදිච්ඡසෙ ත්වං තද තෙ සමිජ්ඣතූ”ති. (ජා· 1.15.56-57);
එකං තෙ යාචමානස්ස උභයානි දදාමහං ස චක්ඛුමා ගච්ඡ ජනස්ස පෙක්ඛතො යදිච්ඡසෙ ත්වං තදතෙ සමිජ්ඣතුති. (ජාතක පාලිය)
“බ්‍රාහ්මණය, නුඹ යම් බලාපොරොත්තුවකින් ආවෙහිද යම්දෙයක් පතන්නෙහිද, නුඹගේ ඒ සියලු සංකල්ප සමෘද්ධ වේවා. බමුණ, ඇස් ලබව එක් ඇසක් ඉල්ලන්නා වූ නුඹට ඇස් දෙකම දෙමි. ඇස් ඇත්තෙක්ව ජනයා බලා සිටියදීම යව. නුඹ මගෙන් යමක් කැමති වන්නෙහිද එය නුඹට සමෘද්ධ වේවා.
තත්ථ වනිබ්බකාති තං ආලපති. චක්ඛුපථානීති දස්සනස්ස පථභාවතො චක්ඛූනමෙවෙතං නාමං. යමාහූති යං ලොකෙ “දුච්චජ”න්ති කථෙන්ති. වනිබ්බතොති යාචන්තස්ස. වනින්ති යාචනං. තෙ තෙති තෙ තව තස්ස අන්ධස්ස සඞ්කප්පා. ස චක්ඛුමාති සො ත්වං මම චක්ඛූහි චක්ඛුමා හුත්වා. තද තෙ සමිජ්ඣතූති යං ත්වං මම සන්තිකා ඉච්ඡසි, තං තෙ සමිජ්ඣතූති.
එහි “වණිබ්බකා” යනු ඔහුට ඇමතීමයි. “චක්ඛුපථානි” යනු දැකීමට මාර්ගය වන හෙයින් ඇස්වලටම මෙය නමකි. “යමාහු” යනු යමක් ලෝකයෙහි අත්හැරීම, අත්හැරීම අපහසු යයි කියත් ද, “වණිබ්බතො” යනු ඉල්ලන්නාගේ, “වනිං” යනු ඉල්ලීමයි, “තෙ තෙ” යනු ඒ නුඹගේ ඒ අන්ධයාගේ, “සඞ්කප්පා ස චක්ඛුමා” යනු ඒ නුඹ මගේ ඇස්වලින් ඇස් ඇත්තෙක් වී, “තද තෙ සමිජ්ඣතු” යනු නුඹ මගේ සමීපයෙන් යමක් කැමතිවෙහිද නුඹගේ ඒ කැමැත්ත ඉටු වේවා.
රාජා එත්තකං කථෙත්වා “අයං බ්රාහ්මණො සක්කෙන අනුසිට්ඨො ඉධාගතොස්මීති භණති, නූන ඉමස්ස ඉමිනා උපායෙන චක්ඛු සම්පජ්ජිස්සතී”ති ඤත්වා “ඉධෙව මයා චක්ඛූනි උප්පාටෙත්වා දාතුං අසාරුප්ප”න්ති චින්තෙත්වා බ්රාහ්මණං ආදාය අන්තෙපුරං ගන්ත්වා රාජාසනෙ නිසීදිත්වා සිවකං නාම වෙජ්ජං පක්කොසාපෙසි. අථ “අම්හාකං කිර රාජා අක්ඛීනි උප්පාටෙත්වා බ්රාහ්මණස්ස දාතුකාමො”ති සකලනගරෙ එකකොලාහලං අහොසි. අථ නං රඤ්ඤො ඤාතිසෙනාපතිආදයො රාජවල්ලභා අමච්චා පාරිසජ්ජා නාගරා ඔරොධා ච සබ්බෙ සන්නිපතිත්වා නානාඋපායෙහි නිවාරෙසුං. රාජාපි නෙ අනුවාරෙසි තෙනාහ –
රජතුමා මෙපමණක් කියා “මේ බ්‍රාහ්මණයා ශක්‍රයා විසින් අනුශාසනා කරන ලද්දේ මෙහි ආවේ වෙමි”යි කියයි. ඒකාන්තයෙන් මොහුට මේ උපායෙන් ඇස ලැබෙන්නේ යයි දැන මෙතැන්හිදීම මා විසින් ඇස් උපුටා දීමට සුදුසු නොවේ යයි සිතා බමුණාද රැගෙන ඇතුල්පුරයට ගොස් රාජාසනයෙහි හිඳ සීවක නම් වෙදා කැඳවීය. ඉක්බිති අපගේ රජතුමා වනාහි ඇස් උපුටා බ්රාහ්මණයෙකුට දෙනු කැමැත්තේ යයි මුළු නුවර ඒකකෝලාහලයක් විය. ඉක්බිති රජුගේ ඥාතීහු ද, සේනාපති ආදී රාජවල්ලභ ඇමති පිරිසද නාගරිකයෝද අන්තඃපුර ස්ත්‍රීහුද යන සියල්ලෝ එක් රැස් වී නොයෙක් උපායයෙන් (ඇස් දීම) වැළැක්වූහ. රජතුමාද ඔවුන් වැළකීය. එහෙයින්,
“මා නො දෙව අදා චක්ඛුං, මා නො සබ්බෙ පරාකරි; ධනං දෙහි මහාරාජ, මුත්තා වෙළුරියා බහූ.
“මා නො දෙව අදාචක්ඛුං මා නො සබ්බෙ පරක්කරි ධනං දෙහි මහාරාජ මුත්තා වෙළුරියාබහු”
“යුත්තෙ දෙව රථෙ දෙහි, ආජානීයෙ චලඞ්කතෙ; නාගෙ දෙහි මහාරාජ, හෙමකප්පනවාසසෙ.
“යුත්තෙ දෙව රථෙ දෙහි ආජානීයෙ අලඞ්කතෙ නාගෙ දෙහි මහාරාජ හෙමකප්ප නිවාසයෙ”
“යථා තං සිවයො සබ්බෙ, සයොග්ගා සරථා සදා; සමන්තා පරිකිරෙය්යුං, එවං දෙහි රථෙසභා”ති. (ජා· 1.15.58-60);
“යථාහං සිවයො සබ්බෙ සයොග්ගා සරථාසහ සමන්තා පරිකරෙය්යුං එවං දෙහි රථෙසභා’ති (ජාතක පාලි)
“දේවයන් වහන්ස, ඇස් නොදෙනු මැනවි. අප සියල්ලන් හැර නො දමනු මැනවි. මහරජ ධනය දෙනු මැනවි. බොහෝ මුතුද වෙරළුමිණිද දුන මැනවි.
දේවයන් වහන්ස, අලංකාර කරන ලද ආජානේය අශ්වයන් යොදන ලද රථ දෙනු මැනවි. මහරජ, රන් අබරණින් සැරසූ ඇතුන් දුන මැනවි.
රජතුමනි සේනා සහිත වූ රථ සහිත වූ මුළු සිවිරටවාසීහු නුඹවහන්සේගේ හාත්පස යම්සේ පිරිවරා සිටිත් ද ඇස් නොදී සෙසු වස්තූන් දුන මැනවැයි - කියන ලදී.
අථ රාජා තිස්සො ගාථා අභාසි –
ඉක්බිති රජතුමා මෙම ගාථා තුන කීය.
“යො වෙ දස්සන්ති වත්වාන, අදානෙ කුරුතෙ මනො; භූම්යං සො පතිතං පාසං, ගීවායං පටිමුඤ්චති.
“යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො භුම්මං සො පතිතං වාසං ගීවාය පටිමුච්චති
“යො වෙ දස්සන්ති වත්වාන, අදානෙ කුරුතෙ මනො; පාපා පාපතරො හොති, සම්පත්තො යමසාධනං.
යො වෙ දස්සන්ති වත්වාන අදානෙ කුරුතෙ මනො පාපා පාපතරො හොති සම්පත්තො යමසාධනං
“යඤ්හි යාචෙ තඤ්හි දදෙ, යං න යාචෙ න තං දදෙ; ස්වාහං තමෙව දස්සාමි, යං මං යාචති බ්රාහ්මණො”ති. (ජා· 1.15.61-63);
යංහි යාචෙ තංහි දදෙ යංන යාචෙ න තං දදෙ ස්වාහං තමෙව දස්සාමි යං මං යාචති බ්රාහ්මණොති (ජාතක පාලි)
“යමෙක් වනාහි දන් දෙන්නෙමැයි කියා නොදීම පිණිස සිත් උපදවාද ඔහු බිම වැටුනු මළ පුඬුවක් ගෙන බෙල්ලෙහි බහා ගනී.
යමෙක් දෙන්නෙමැයි කියා පසුව නොදෙන්නට සිතයිද හෙතෙම පවිටෙකුටත් වඩා පවිටු වූයේ යමයාගේ අණ පවත්නා තැනට පැමිණියේ වෙයි.
යමක් ඉල්ලන්නේ නම් එයම දෙන්නේය. යමක් නොඉල්ලන්නේ නම් එය නොදෙන්නේය. බමුණු තෙම යමක් මගෙන් ඉල්ලයිද ඒ මම එයම දෙන්නෙමි”
තත්ථ මා නො, දෙවාති නොති නිපාතමත්තං. දෙව, මා චක්ඛුං අදාසි. මා නො සබ්බෙ පරාකරීති අම්හෙ සබ්බෙ මා පරිච්චජි. අක්ඛීසු හි දින්නෙසු ත්වං රජ්ජං න කරිස්සසි, එවං තයා මයං පරිච්චත්තා නාම භවිස්සාමාති අධිප්පායෙන එවමාහංසු. පරිකිරෙය්යුන්ති පරිවාරෙය්යුං. එවං දෙහීති යථා තං අවිකලචක්ඛුං සිවයො චිරං පරිවාරෙය්යුං, එවං දෙහි ධනමෙවස්ස දෙහි, මා අක්ඛීනි, අක්ඛීසු හි දින්නෙසු න තං සිවයො පරිවාරෙස්සන්තීති දස්සෙති.
එහි “මා නො දෙව” යන්නෙහි ‘නො’ යනු නිපාතයක් පමණි, දේවයන් වහන්සේ, ඇස නොදෙනු මැනවි, “මා නො සබ්බෙ පරක්කරි” යනු අප සියලු දෙනා හැර නොදමනු මැනවි, ඇස් දුන් කල්හි වනාහි නුඹවහන්සේ රාජ්‍යය නො කරන්නෙහුය. එසේවූ විට අපි හැරදමන ලද්දෝ වන්නෙමුයි යන අදහසින් මෙසේ කීහ. “පරිකරෙය්යුං” යනු පිරිවරන්නෙහුය. “එවංදෙහි” යනු යම්සේ විකල නොවූ ඇස් ඇති ඒ රජු සිව්රටවැසියෝ බොහෝ කලක් පිරිවරන්නාහු ද එසේ දුනමැනව. මොහුට ධනය දුන මැනව. ඇස් නොදුන මැනව. ඇස් දුන්කල්හි වනාහි නුඹ වහන්සේ සිව්රටවැසියන් විසින් නොපිරිවරන්නෙහු යයි දක්වයි.
පටිමුඤ්චතීති පටිපවෙසෙති. පාපා පාපතරො හොතීති ලාමකා ලාමකතරො නාම හොති. සම්පත්තො යමසාධනන්ති යමස්ස ආණාපවත්තිට්ඨානං උස්සදනිරයං එස පත්තො නාම හොති. යඤ්හි යාචෙති යං වත්ථුං යාචකො යාචති, දායකොපි තදෙව දදෙය්ය, න අයාචිතං, අයඤ්ච බ්රාහ්මණො චක්ඛුං මං යාචති, න මුත්තාදිකං ධනං, තං දස්සාමීති වදති.
“පටිමුච්චති” යනු ඇතුල් කරගනී. “පායා පාපතරො හොතී” යනු නීචයෙකුටත් වඩා නීච වූයේ නම් වෙයි. “සම්පත්තො යමසාධනං” යනු යමයාගේ අණ පවතින ස්ථානය වූ උස්සද නිරයට මොහු පැමිණියේ නම් වෙයි. “යංහි යාචෙති” යනු යාචකයා යම් වස්තුවක් ඉල්ලන්නේ ද දායකයා ද එයම දෙන්නේය. නො ඉල්ලූ දෙයක් නො දෙන්නේය. මේ බ්‍රාහ්මණයාද මගෙන් ඇසක් ඉල්ලයි. මුතු ආදි ධනයක් ඔහුට නො දෙන්නෙමි”යි කියයි.
අථ නං “ආයුආදීසු කිං පත්ථෙත්වා චක්ඛූනි දෙසි දෙවා”ති පුච්ඡිංසු. මහාපුරිසො “නාහං දිට්ඨධම්මිකං සම්පරායිකං වා සම්පත්තිං පත්ථෙත්වා දෙමි, අපි ච බොධිසත්තානං ආචිණ්ණසමාචිණ්ණො පොරාණකමග්ගො එස, යදිදං දානපාරමිපූරණං නාමා”ති ආහ. තෙන වුත්තං –
ඉක්බිති ඒ අමාත්‍යවරු “දේවයන් වහන්ස, ආයු වර්ණ ආදියෙන් කවරක් පතා ඇස් දෙන්නෙහිදැයි රජුගෙන් ඇසූහ. බෝධිසත්ත්වයන් වහන්සේ “මම මෙලොව හෝ පරලොව සම්පත් ප්‍රාර්ථනා කොට නොදෙමි. එතෙකුදු වුවත් මේ දාන පාරමිතාව සම්පූර්ණ කිරීම බෝධිසත්ත්වවරයන් විසින් පුරුදු කරන ලද මැනවින් පුරුදු කරන ලද පෞරාණික මාර්ගයයයි කීහ. එහෙයින්,
“ආයුං නු වණ්ණං නු සුඛං බලං නු, කිං පත්ථයානො නු ජනින්ද දෙසි; කථඤ්හි රාජා සිවිනං අනුත්තරො, චක්ඛූනි දජ්ජා පරලොකහෙතු.
ආයුන්නු වණ්ණන්නු සුඛං බලන්නු කිං පත්ථයානො නු ජනින්දදෙසි කථං හි රාජා සිවිනං අනුත්තරො චක්ඛුනි දජ්ජා පරලොක හෙතු
“න වාහමෙතං යසසා දදාමි, න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං; සතඤ්ච ධම්මො චරිතො පුරාණො, ඉච්චෙව දානෙ රමතෙ මනො මමා”ති. (ජා· 1.15.64-65);
නවාහමෙතං යසසා දදාමි න පුත්ත මිච්ඡෙ න ධනං න රට්ඨං සතඤ්ච ධම්මො චරිතො පුරාණො ඉච්චෙව දානෙ රමතෙ මනො මමන්ති. (ජාතක පාලිය)
“මහරජතුමනි, ආයුෂ පතා ඇස් දෙන්නෙහිද? එසේ නැතහොත් වර්ණය පතාද? එසේත් නැතිනම් සැප පතා ද? එසේත් නැතිනම් බලය පතාද? කුමක් පතමින් දෙන්නෙහිද? සිවිරටවාසීන්ට උතුම් වූ රජතුමා පරලොව සැප පිණිස කෙසේ නම් ඇස් දෙන්නෙහිද?
“මම යශස හේතුකොටගෙන මේ ඇස් නොදෙමි. පුත්‍ර සම්පත්තිය නො කැමැත්තෙමි. ධනය ද නො කැමැත්තෙමි. රටෙහි අධිපතිකම ද නො කැමැත්තෙමි. එසේ ද වුවත් මෙය සත්පුරුෂයන් විසින් පුරුදු කරන ලද පැරණි ධර්මයකි. මාගේ සිත එසේ හෙයින් දානයෙහි ඇලෙයි” යනුවෙන් කියන ලදී.
තත්ථ පරලොකහෙතූති, මහාරාජ, කථං නාම තුම්හාදිසො පණ්ඩිතපුරිසො සක්කසම්පත්තිසදිසං සන්දිට්ඨිකං ඉස්සරියං පහාය පරලොකහෙතු චක්ඛූනි දදෙය්යාති.
එහි “පරලොක හෙතු” යනු “මහරජ කෙසේ නම් ඔබතුමා වැනි පණ්ඩිත පුරුෂයෙක් ශක්‍ර සම්පත් හා සමාන මෙලොව සම්පත් හැර දමා පරලොව සැප හේතුවෙන් ඇස් දෙන්නෙහිදැයි.
න වාහන්ති න වෙ අහං. යසසාති දිබ්බස්ස වා මානුසස්ස වා ඉස්සරියස්ස කාරණා, අපිච සතං බොධිසත්තානං ධම්මො බුද්ධකාරකො චරිතො ආචරිතො ආචිණ්ණො පුරාතනො ඉච්චෙව ඉමිනා කාරණෙන දානෙයෙව ඊදිසො මම මනො නිරතොති.
“නවාහං” යනු න වෙ අහං යි (නොවේ ඒකාන්තයෙන් මම) “යසසා” යනු දිව්‍යමය හෝ මානුෂික හෝ සම්පත්තියට හේතුවයි. එහෙත් මෙය බෝධිසත්ත්වයන්ගේ බුද්ධකාරක ධර්මයකි. “චරිතො” යනු හැසිරුණේ, පුරුදු කළේ පැරණි වූයේ මේ ආදී කරුණු හේතුකොට ගෙන දානයෙහිම මෙබඳු වූ මගේ සිත ඇලුණේය.
එවඤ්ච පන වත්වා රාජා අමච්චෙ සඤ්ඤාපෙත්වා සිවකං වෙජ්ජං ආණාපෙසි – “එහි, සිවක, මම උභොපි අක්ඛීනි ඉමස්ස බ්රාහ්මණස්ස දාතුං සීඝං උප්පාටෙත්වා හත්ථෙ පතිට්ඨපෙහී”ති. තෙන වුත්තං –
මෙසේද කියා රජ ඇමතියන්ට හඟවා සීවක වෛද්‍ය සීවක වෛද්‍යවරයාට “සීවකයාණනි, එනු මැනවි. මගේ ඇස් දෙකම මේ බ්‍රාහ්මණයාට දීමට වහා උපුටා අතෙහි තබවයි” අණ කළේය. එහෙයින්,
“එහි සිවක උට්ඨෙහි, මා දන්ධයි මා පවෙධයි; උභොපි නයනං දෙහි, උප්පාටෙත්වා වනිබ්බකෙ.
63 එහි සීවක උට්ඨෙහි මා දන්තයි මා පවෙධයි උභොපි නයනං දෙහි උප්පාටෙත්වා වණිබ්බකෙ
“තතො සො චොදිතො මය්හං, සිවකො වචනංකරො; උද්ධරිත්වාන පාදාසි, තාලමිඤ්ජංව යාචකෙ”ති.
64. තතො සො චොදිතො මය්හං සීවකො වචනං කරො උද්ධරිත්වාන පාදාසී තාලමිඤ්ජංව යාචකෙ” (චරියා පිටක)
“සීවක, එව, නැගී සිටුව, පමා නොවෙව, නොවෙවුලුව මැනව, ඇස් දෙකම උපුටා යාචකයාට දෙව”
ඉන්පසු මා විසින් මෙහෙයවන ලද, වචනය අනුගමනය කරන ඒ සීවක තෙම ඇස් තල් මිදුලු මෙන් උපුටා යාචකයාට දුන්නේ ය”යි කියන ලදී.
තත්ථ උට්ඨෙහීති උට්ඨානවීරියං කරොහි. ඉමස්මිං මම චක්ඛුදානෙ සහායකිච්චං කරොහීති දස්සෙති. මා දන්තයීති මා චිරායි. අයඤ්හි අතිදුල්ලභො චිරකාලං පත්ථිතො මයා උත්තමො දානක්ඛණො පටිලද්ධො, සො මා විරජ්ඣීති අධිප්පායො. මා පවෙධයීති “අම්හාකං රඤ්ඤො චක්ඛූනි උප්පාටෙමී”ති චිත්තුත්රාසවසෙන මා වෙධයි සරීරකම්පං මා ආපජ්ජි. උභොපි නයනන්ති උභොපි නයනෙ. වනිබ්බකෙති යාචකස්ස මය්හන්ති මයා. උද්ධරිත්වාන පාදාසීති සො වෙජ්ජො රඤ්ඤො අක්ඛිකූපතො උභොපි අක්ඛීනි උප්පාටෙත්වා රඤ්ඤො හත්ථෙ අදාසි.
එහි “උට්ඨෙහි” යනු උට්ඨාන වීර්‍ය්‍ය කරව, මේ මාගේ ඇස් දීමේදී සහායක කාර්ය්යය කරව’යි දක්වයි. “මා දන්තයී” යනු පමානොවෙව, මේ වනාහි ඉතාමත් දුර්ලභය, බොහෝකලක සිට පතන ලද්දකි. ම විසින් උතුම් දාන අවස්ථාවක් ලදිමි. එහෙයින් (එම අවස්ථාව) නැති කර නොගනුව යන අදහසයි. “මා පවෙධයී” යනු අපගේ රජුගේ ඇස් උපුටන්නෙමියි සිතෙහි තැති ගැනීම් වශයෙන් නොවෙවුලව. ශරීරය කම්පා වීමකට නොපැමිණෙව. “උභොපි නයනං” යනු ඇස් දෙක, “වණිබ්බකෙ” යනු යාචකයාට, “මය්හං” යනු මා විසින් “උද්ධරිත්වාන පාදාසි” යනු ඒ වෙදා රජුගේ ඇස් වලෙන් ඇස් දෙකම උපුටා රජුගේ අතට දුන්නේය.
දෙන්තො ච න සත්ථකෙන උද්ධරිත්වා අදාසි. සො හි චින්තෙසි – “අයුත්තං මාදිසස්ස සුසික්ඛිතවෙජ්ජස්ස රඤ්ඤො අක්ඛීසු සත්ථපාතන”න්ති භෙසජ්ජානි ඝංසෙත්වා භෙසජ්ජචුණ්ණෙන නීලුප්පලං පරිභාවෙත්වා දක්ඛිණක්ඛිං උපසිඞ්ඝාපෙසි, අක්ඛි පරිවත්ති, දුක්ඛා වෙදනා උප්පජ්ජි. සො පරිභාවෙත්වා පුනපි උපසිඞ්ඝාපෙසි, අක්ඛි අක්ඛිකූපතො මුච්චි, බලවතරා වෙදනා උදපාදි, තතියවාරෙ ඛරතරං පරිභාවෙත්වා උපනාමෙසි, අක්ඛි ඔසධබලෙන පරිබ්භමිත්වා අක්ඛිකූපතො නික්ඛමිත්වා න්හාරුසුත්තකෙන ඔලම්බමානං අට්ඨාසි, අධිමත්තා වෙදනා උදපාදි, ලොහිතං පග්ඝරි, නිවත්ථසාටකාපි ලොහිතෙන තෙමිංසු. ඔරොධා ච අමච්චා ච රඤ්ඤො පාදමූලෙ පතිත්වා “දෙව, අක්ඛීනි මා දෙහි, දෙව, අක්ඛීනි මා දෙහී”ති මහාපරිදෙවං පරිදෙවිංසු.
දෙන්නේ ද ආයුධයෙන් උපුටා නුදුන්නේය. (කෙසේ උපුටා ගත්තේ ද යත්) වෛද්‍යවරයා මෙසේ සිතීය. “වෙදකමෙහි පළපුරුදු ඇති මා වැනි වෛද්‍යවරයෙකුට රජුගේ ඇස්වල ආයුධයක් දැමීම නුසුදුසු යයි සිතා බෙහෙත් අඹරා චූර්ණයෙන් නිලුපුලකට බෙහෙත් කවා දකුණු ඇසට පොවාලූයේය. ඇස පෙරළුනි. දුක් වේදනා උපනි. හෙතෙම බෙහෙත් කවා නැවත පොවාලීය. ඇස ඇස් වලෙන් මිදුනි. ඉතා බලවත් වේදනා උපනි. තුන්වන වර ඉතා දැඩිකොට බෙහෙත් කවා ඇසට පොවාලූයේය. ඇස බෙහෙත් බලයෙන් කැරකැවී ඇස්වලෙන් නික්ම නහර වැලෙන් එල්ලෙමින් සිටියේය. අධිකතර වූ වේදනා හටගති. ලේ වැගුරුනේය. හැඳි සළු පවා ලෙයින් තෙමුණි. අන්තඃපුර ස්ත්‍රීහු ද ඇමතියෝද රජුගේ පා මුල වැටී දේවයන් වහන්ස, ඇස් නොපෙනු මැනවි. නොදෙනු මැනවැයි මහ හඬින් හැඬූහ.
රාජා වෙදනං අධිවාසෙත්වා “තාත, මා පපඤ්චං කරී”ති ආහ. සො “සාධු, දෙවා”ති වාමහත්ථෙන අක්ඛිං ධාරෙත්වා දක්ඛිණහත්ථෙන සත්ථකං ආදාය අක්ඛිසුත්තකං ඡින්දිත්වා අක්ඛිං ගහෙත්වා මහාසත්තස්ස හත්ථෙ ඨපෙසි. සො වාමක්ඛිනා දක්ඛිණක්ඛිං ඔලොකෙත්වා පරිච්චාගපීතියා අභිභුය්යමානං දුක්ඛවෙදනං වෙදෙන්තො “එහි, බ්රාහ්මණා”ති බ්රාහ්මණං පක්කොසාපෙත්වා “මම ඉතො චක්ඛුතො සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සමන්තචක්ඛුමෙව පියතරං, තස්ස මෙ ඉදං අක්ඛිදානං පච්චයො හොතූ”ති බ්රාහ්මණස්ස අක්ඛිං අදාසි. සො තං උක්ඛිපිත්වා අත්තනො අක්ඛිම්හි ඨපෙසි, තං තස්සානුභාවෙන විකසිතනීලුප්පලං විය හුත්වා උපට්ඨාසි. මහාසත්තො වාමක්ඛිනා තස්ස තං අක්ඛිං දිස්වා “අහො සුදින්නං මයා අක්ඛී”ති අන්තොසමුග්ගතාය පීතියා නිරන්තරං ඵුටසරීරො හුත්වා අපරම්පි අදාසි. සක්කොපි තං තථෙව කත්වා රාජනිවෙසනා නික්ඛමිත්වා මහාජනස්ස ඔලොකෙන්තස්සෙව නගරා නික්ඛමිත්වා දෙවලොකමෙව ගතො.
රජතුමා වේදනාව ඉවසා “දරුව ප්‍රමාද නො කරව”යි කීය. හෙතෙම “දේවයන් වහන්ස යහපතැයි” වම් අතින් ඇස අල්ලාගෙන දකුණතින් පිහිය ගෙන ඇස්හුය (නහර) කතා ඇස ගෙන මහාසත්ත්වයන්ගේ අතෙහි තැබීය. හෙතෙම වම් ඇසින් දකුණු ඇස බලා පරිත්‍යාග ප්‍රීතියෙන් වලකනු ලබන දුක් වේදනා ඇත්තේ “බ්‍රාහ්මණය එව”යි බමුණා කැඳවා “මට මේ ඇස මේ ඇසට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් සමතැසම (බුද්ධත්වයම) ප්‍රියතරය. මේ අක්ෂි දානය මට ඒ සඳහා හේතු වේවා”යි බ්‍රාහ්මණයාට ඇස දුන්නේය. හෙතෙම එය ඔසවා තමාගේ ඇසෙහි තැබීය එය ඔහුගේ ආනුභාවයෙන් පිපුණු නිලුපුලක් මෙන් පිහිටියේය. බෝධිසත්ත්වයෝ වම් ඇසින් ඔහුගේ එම ඇස දැක “අහෝ මා විසින් ඇස මැනවින් දුන්නේ යැයි ඇතුළත හටගත් ප්‍රීතියෙන් නිරතුරුව පිනාගිය සිරුර ඇත්තෝ වී අනෙක් ඇස ද දුන්හ. ශක්‍රයා ද ඒ ඇස එසේම ප්‍රකෘතිමත් කොට රාජභවනයෙන් නික්ම මහජනයා බලා සිටියදීම නුවරින් නික්ම දෙව්ලොවටම ගියේය.
රඤ්ඤො නචිරස්සෙව අක්ඛීනි ආවාටභාවං අප්පත්තානි කම්බලගෙණ්ඩුකං විය උග්ගතෙන මංසපිණ්ඩෙන පූරෙත්වා චිත්තකම්මරූපස්ස විය රුහිංසු, වෙදනා පච්ඡිජ්ජි. අථ මහාසත්තො කතිපාහං පාසාදෙ වසිත්වා “කිං අන්ධස්ස රජ්ජෙනාති අමච්චානං රජ්ජං නිය්යාතෙත්වා උය්යානං ගන්ත්වා පබ්බජිත්වා සමණධම්මං කරිස්සාමී”ති චින්තෙත්වා අමච්චානං තමත්ථං ආරොචෙත්වා “මුඛධොවනාදිදායකො එකො පුරිසො මය්හං සන්තිකෙ හොතු, සරීරකිච්චට්ඨානෙසුපි මෙ රජ්ජුකං බන්ධථා”ති වත්වා සිවිකාය ගන්ත්වා පොක්ඛරණිතීරෙ රාජපල්ලඞ්කෙ නිසීදි. අමච්චාපි වන්දිත්වා පටික්කමිංසු. බොධිසත්තොපි අත්තනො දානං ආවජ්ජෙසි. තස්මිං ඛණෙ සක්කස්ස ආසනං උණ්හාකාරං දස්සෙසි. සක්කො තං දිස්වා “මහාරාජස්ස වරං දත්වා චක්ඛුං පටිපාකතිකං කරිස්සාමී”ති බොධිසත්තස්ස සමීපං ගන්ත්වා පදසද්දමකාසි. මහාසත්තෙන ච “කො එසො”ති වුත්තෙ –
රජුගේ ඇස් වළ නොගැහී නොබෝකලකින්ම පලස් පන්දුවක් මෙන් උඩට නැංගා වූ මස් පිඬෙන් පිරී සිතියම් රූපයක් මෙන් නැංගේය. වේදනාව සංසිඳී ගියේය. ඉක්බිති මහාසත්ත්වයෝ දින කීපයක් ප්‍රාසාදයෙහි වැස අන්ධ වූ මට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්දැයි ඇමතියන්ට රාජ්‍යය පවරා දී උයනට ගොස් පැවිදිව මහණ දම් කරන්නෙමියි සිතා ඇමතියන්ට ඒ කරුණ දන්වා මුව දොව්නා දිය ආදිය දෙන එක් පුරුෂයෙක් මා සමීපයෙහි වේවා. මාගේ ශරීර කෘත්‍යය කරන ස්ථානයන්හිද රැහැණක් බදිව් යයි කියා රන්සිවිගෙයකින් ගොස් පොකුණු තෙර රාජාසනයෙහි හුන්හ. ඇමතියෝද වැඳා පිටත්ව ගියහ. බෝධිසත්ත්වයන් වහන්සේ ද තමන්ගේ දානය සිහිපත් කළහ. එකෙණෙහිම ශක්‍රයාගේ ආසනය උණු ස්වභාවයක් දැක්වීය. ශක්‍රයා එය දැක මහරජුහට වරයක් දී ඇස් නැවත ප්‍රකෘතිමත් කරන්නෙමි’යි බෝසතුන්ගේ සමීපයට ගොස් පියවර හඬ කළේය. මහාසත්ත්වයන් විසින් “මේ කවරෙක්දැයි අසන ලද්දේ-:
“සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ; වරං වරස්සු රාජීසි, යං කිඤ්චි මනසිච්ඡසී”ති. (ජා· 1.15.71) –
මම දේවේන්ද්‍ර වූ ශක්‍ර වෙමි. නුඹ වහන්සේගේ සමීපයට පැමිණියෙමි. රාජසෘෂිවරය, ඔබගේ සිතෙහි කැමති යමක් වන්නේ නම් එම වරය ගනු මැනවැ”යි
වත්වා තෙන –
කියා බෝධිසත්ත්වයන් වහන්සේ විසින්-:
“පහූතං මෙ ධනං සක්ක, බලං කොසො චනප්පකො; අන්ධස්ස මෙ සතො දානි, මරණඤ්ඤෙව රුච්චතී”ති. (ජා· 1.15.72) –
“ශක්‍රය, මගේ ධනය බොහෝය. බලය හා කෝෂ්ටාගාරය ද අනල්පය. දැන් අන්ධ වූ මට මරණයම රුචි වේ” යයි
වුත්තෙ අථ නං සක්කො ආහ – “සිවිරාජ, කිං පන ත්වං මරිතුකාමො හුත්වා මරණං රොචෙසි, උදාහු අන්ධභාවෙනා”ති. අන්ධභාවෙන, දෙවාති. “මහාරාජ, දානං නාම න කෙවලං සම්පරායත්ථමෙව දිය්යති, දිට්ඨධම්මත්ථායපි පච්චයො හොති, තස්මා තව දානපුඤ්ඤමෙව නිස්සාය සච්චකිරියං කරොහි, තස්ස බලෙනෙව තෙ චක්ඛු උප්පජ්ජිස්සතී”ති වුත්තෙ “තෙන හි මයා මහාදානං සුදින්න”න්ති වත්වා සච්චකිරියං කරොන්තො –
කී කල්හි ඉක්බිති එතුමන්ට ශක්‍රයා මෙසේ කීවේය. “සිවිරජතුමනි, කිමෙක්ද නුඹ වහන්සේ මියයනු කැමතිව මරණය කැමති වන්නහුද? නැතහොත් අන්ධභාවය නිසාද? දෙවියනි, අන්ධභාවය නිසාය” “මහරජ දානය නම් හුදෙක් පරලොව විපාක සඳහා නො දෙනු ලැබේ. (එය) මෙලොව විපාක පිණිසත් ප්‍රත්‍යය වෙයි. ඒ නිසා නුඹ වහන්සේගේ දාන පුණ්‍ය ක්‍රියාව නිසාම සත්‍ය ක්‍රියා කරනු මැනවි. එහි බලයෙන්ම නුඹ වහන්සේගේ ඇස් උපදින්නේ යයි කියන ලද්දේ එසේ නම් මා විසින් මහා දානයක් මැනවින් දෙන ලදී යයි කියා සත්‍ය ක්‍රියා කරමින්
“යෙ මං යාචිතුමායන්ති, නානාගොත්තා වනිබ්බකා; යොපි මං යාචතෙ තත්ථ, සොපි මෙ මනසො පියො; එතෙන සච්චවජ්ජෙන, චක්ඛු මෙ උපපජ්ජථා”ති. (ජා· 1.15.74) –
“යෙපි මෙ යාචිතුමායන්ති නානා ගොත්තා වණිබ්බකා යොපි මං යාචතෙ තත්ථ සොපි මෙ මනසො පියො එතෙන සච්ච වජ්ජෙන චක්ඛු උප්පජ්ජථාති” (ජාතක පාලි)
“නා නා ගෝත්‍ර ඇති යම් යාචක කෙනෙක් මගෙන් ඉල්ලන්නට පැමිණෙත්ද ඔවුන් අතුරෙන් යමෙක් මගෙන් ඉල්ලත්ද හෙතෙම මගේ සිතට ප්‍රිය වේ. ඒ සත්‍ය වචනය කරණකොට ගෙන මට ඇසක් පහළ වේවා”යි
ආහ.
කීහ.
තත්ථ යෙ මන්ති යෙ මං යාචිතුමාගච්ඡන්ති, තෙසුපි ආගතෙසු යො ඉමං නාම දෙහීති වාචං නිච්ඡාරෙන්තො මං යාචතෙ, සොපි මෙ මනසො පියො. එතෙනාති සචෙ මය්හං සබ්බෙපි යාචකා පියා, සච්චමෙවෙතං මයා වුත්තං, එතෙන මෙ සච්චවචනෙන එකං චක්ඛු උපපජ්ජථ උප්පජ්ජතූති.
එහි “යෙපි මෙ” යනු යමෙක් මගෙන් ඉල්ලන්නට පැමිණෙත්ද ඔවුන් අතුරෙන්, “යො” මෙනම් දෙය දෙනු මැනවැයි වචන පිටකරන්නා, “මංයාචති සොපි මෙ මනසො පියො එතෙන” යනු ඉදින් මට සියලුම යාචකයෝ ප්රියවෙතියි ම විසින් කියන ලද මෙය සත්‍යයක්මය. මේ මාගේ සත්‍ය වචනයෙන් එක් ඇසක් “උප්පජ්ජථ” පහළ වේවායි.
අථස්ස වචනසමනන්තරමෙව පඨමං චක්ඛු උදපාදි. තතො දුතියස්ස උප්පජ්ජනත්ථාය –
ඉක්බිති උන්වහන්සේ සත්‍යක්‍රියාව හා සමගම පළමු ඇස පහළ විය. ඉන්පසු දෙවෙනි ඇස පහළවනු පිණිස-:
“යං මං සො යාචිතුං ආගා, දෙහි චක්ඛුන්ති බ්රාහ්මණො; තස්ස චක්ඛූනි පාදාසිං, බ්රාහ්මණස්ස වනිබ්බතො.
“යං මං සො යාචිතුමාගා දෙහි චක්ඛුන්ති බ්රාහ්මණො තස්ස චක්ඛුනි පාදාසිං බ්රාහ්මණස්ස වණිබ්බතො”
“භිය්යො මං ආවිසී පීති, සොමනස්සඤ්චනප්පකං; එතෙන සච්චවජ්ජෙන, දුතියං මෙ උපපජ්ජථා”ති. (ජා· 1.15.75-76) –
භීයො මං ආවිසී පීති සොමනස්සංච’ නප්පකං එතෙන සච්ච වජ්ජෙන දුතියං මෙ උපපජ්ජථා’ති’ (ජාතක පාලි)
යම් ඒ බ්‍රාහ්මණයෙක් ඇසක් දෙවයි ඉල්ලීමට මා කරා පැමිණියේ ද ඉල්ලන්නා වූ ඒ බමුණාට ඇස් දුනිමි.
මට බොහෝ ප්‍රීතිය ඇති විය. නො අඩු සොම්නසක් ද විය. ඒ සත්‍ය වචනයෙන් දෙවෙනි ඇස උපදීවා’යි.
ආහ.
කීහ.
තත්ථ යං මන්ති යො මං. සොති සො චක්ඛුයාචකො බ්රාහ්මණො. ආගාති ආගතො. වනිබ්බතොති යාචන්තස්ස. මං ආවිසීති බ්රාහ්මණස්ස චක්ඛූනි දත්වා අන්ධකාලෙපි තථාරූපං වෙදනං අගණෙත්වා “අහො සුදින්නං මෙ දාන”න්ති පච්චවෙක්ඛන්තං මං භිය්යො අතිරෙකතරා පීති ආවිසි. සොමනස්සඤ්චනප්පකන්ති අපරිමාණං සොමනස්සං උප්පජ්ජි. එතෙනාති සචෙ තදා මම අනප්පකං පීතිසොමනස්සං උප්පන්නං, සච්චමෙවෙතං මයා වුත්තං, එතෙන මෙ සච්චවචනෙන දුතියම්පි චක්ඛු උපපජ්ජතූති.
එහි “යංමං” යනු යමෙක් මගෙන්, ‘සො’ යනු ඒ ඇස ඉල්ලන බ්‍රාහ්මණයා, “ආගා” යනු ආවේ, “වණිබ්බතො” යනු ඉල්ලන්නාට, “මං ආවිසි” යනු බ්‍රාහ්මණයාට ඇස් දී අන්ධ කාලයේද එබඳු වූ වේදනාවක් ගණන් නොගෙන “අහෝ මා විසින් දානය මැනවින් දෙන ලදී” යයි ප්රත්යවේක්ෂා කරන මට බොහෝසෙයින් අතිරේක තර වූ ප්‍රීතියක් ඇතිවිය., “සොමනස්සංච නප්පකං” යනු අප්‍රමාණ වූ සොම්නසක් උපන්නේය. “එතෙන” යනු ඉදින් එදින මට අනල්ප වූ ප්‍රීති සොම්නසක් උපනි. ම විසින් කියන ලද මෙය සත්‍යයක්මය. මාගේ මේ සත්‍ය වචනයෙන් දෙවෙනි ඇසද උපදීවායි.
තංඛණඤ්ඤෙව දුතියම්පි චක්ඛු උදපාදි. තානි පනස්ස චක්ඛූනි නෙව පාකතිකානි, න දිබ්බානි. සක්කබ්රාහ්මණස්ස හි දින්නං චක්ඛුං පුන පාකතිකං කාතුං න සක්කා, උපහතචක්ඛුනො ච දිබ්බචක්ඛු නාම නුප්පජ්ජති, වුත්තනයෙන පනස්ස ආදිමජ්ඣපරියොසානෙසු අවිපරීතං අත්තනො දානපීතිං උපාදාය පීතිඵරණවසෙන නිබ්බත්තානි “සච්චපාරමිතාචක්ඛූනී”ති වුත්තානි. තෙන වුත්තං –
එකෙණෙහිම දෙවෙනි ඇසද පහළ විය. එතුමන්ගේ ඒ ඇස් ප්‍රකෘති ඇස් ද නොවේ. දිව්‍ය ඇස් ද නොවේ. ශක්‍ර බ්‍රාහ්මණයාහට දුන් ඇස නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකිය. නැසුනු ඇස් ඇත්තාට දිවැස් නම් පහළ නොවේ යයි කියන ලද ක්‍රමයෙන් ආදී මධ්‍ය අවසානයන්හි අවිපරීත වූ තමාගේ දාන ප්‍රීතිය උදාහරණ (ගෙන හැර පෑම්) වශයෙන් පහළ වූ සත්‍ය පාරමිතාමය ඇස් යයි කියන ලදී. එහෙයින්,
“දදමානස්ස දෙන්තස්ස, දින්නදානස්ස මෙ සතො; චිත්තස්ස අඤ්ඤථා නත්ථි, බොධියායෙව කාරණා”ති.
65. “දදමානස්ස දෙන්තස්ස දින්න දානස්ස මෙ සතො චිත්තස්ස අඤ්ඤථා නත්ථි බොධියායෙව කාරණාති” (චරියා පිටක)
“සර්වඥතා ඥානය ලැබීමම නිමිති කොට ඇස් උපුට වන්නා වූද දෙන්නා වූද දුන්නා වූද මාගේ සිතේ වෙනසක් නොවී” යයි කියන ලදී.
තත්ථ දදමානස්සාති චක්ඛූනි දාතුං වෙජ්ජෙන උප්පාටෙන්තස්ස. දෙන්තස්සාති උප්පාටිතානි තානි සක්කබ්රාහ්මණස්ස හත්ථෙ ඨපෙන්තස්ස. දින්නදානස්සාති චක්ඛුදානං දින්නවතො. චිත්තස්ස අඤ්ඤථාති දානජ්ඣාසයස්ස අඤ්ඤථාභාවො. බොධියායෙව කාරණාති තඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණස්සෙව හෙතූති අත්ථො.
එහි “දදමානස්ස” යනු ඇස් දීමට වෙදා ලවා (ඇස්) උපුටවන්නාගේ “දෙන්තස්ස” යනු උපුටන ලද ඒ ඇස් ශක්‍ර බ්‍රාහ්මණයාගේ අතෙහි තබන්නාගේ “දින්නාදානස්ස” යනු ඇස දුන් තැනැත්තාගේ “විත්තස්ස අඤ්ඤථා” යනු දානාධ්යාශයාගේ වෙනස් බවක්, “බොධියායෙව කාරණා” යනු සර්වඥතා ඥානය පිණිස වීමම එයට හේතුවයි යන අර්ථයි.
සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස සුදුල්ලභතාය එවං සුදුක්කරං මයා කතන්ති න චක්ඛූනං න අත්තභාවස්සපි අප්පියතායාති දස්සෙන්තො “න මෙ දෙස්සා”ති ඔසානගාථමාහ.
සර්වඥතා ඥානයාගේ සුදුර්ලභ බැවින් මෙසේ ඉතාමත් දුෂ්කර දෙයක් මවිසින් කරන ලදී යයි ඇස්වලට හෝ ආත්මභාවයට හෝ අප්‍රිය නිසා නොවේයයි දක්වන්නේ “න මෙ දෙස්සා” යන අවසාන ගාථාව දේශනා කළහ.
66. “නමෙ දෙස්සා උභො චක්ඛු අත්තා න මෙ න දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා චක්ඛුං අදාසහන්ති” (චරියා පිටක)
“මට දෑස අප්‍රිය නොවීය. මට ආත්මය ද අප්‍රිය නොවීය. මට සර්වඥතා ඥානය ප්‍රිය විය. එහෙයින් මම ඇස් දුනිමි”
තත්ථ අත්තා න මෙ න දෙස්සියොති පඨමො න-කාරො නිපාතමත්තො. අත්තා න මෙ කුජ්ඣිතබ්බො, න අප්පියොති අත්ථො. “අත්තානං මෙ න දෙස්සිය”න්තිපි පාඨො. තස්සත්ථො – මෙ අත්තානං අහං න දෙස්සියං න කුජ්ඣෙය්යං න කුජ්ඣිතුං අරහාමි න සො මයා කුජ්ඣිතබ්බොති. “අත්තාපි මෙ න දෙස්සියො”තිපි පඨන්ති. අදාසහන්ති අදාසිං අහං. “අදාසිහ”න්තිපි පාඨො.
එහි “අත්තා න මෙ න දෙස්සියො” යනු පළමු නකාරය නිපාත මාත්‍රයක් පමණි. තමා මට නොකිපිය යුතුය. අප්‍රිය නොවේ යන අර්ථයයි. “අත්තානං නමෙ දෙස්සියං” යයි ද පාඨයකි. එහි අර්ථය:- මගේ ආත්මයට මම අප්‍රිය නොවෙමි. කිපීමට සුදුසු නොවෙමි. මා විසින් ඔහුට නොකිපිය යුතුය යනුයි. “අත්තාපි මෙ න දෙස්සියො” යයි ද කියති. “අදාසහං”යනු අදාසිං අහං (දුනිමි මම) “අදා අහං” යයි ද පාඨයකි.
තදා පන බොධිසත්තස්ස සච්චකිරියාය චක්ඛූසු උප්පන්නෙසු සක්කානුභාවෙන සබ්බා රාජපරිසා සන්නිපතිතාව අහොසි. අථස්ස සක්කො මහාජනමජ්ඣෙ ආකාසෙ ඨත්වා –
එකල්හි බෝධිසත්ත්වයන්ගේ සත්‍ය ක්‍රියාවෙන් ඇස් උපන් කල්හි ශක්‍රයාගේ ආනුභාවයෙන් සියලු රජ පිරිසද රැස් වූයේ විය. ඉක්බිති ශක්‍රයා මහජනයා මැද අහසෙහි සිට-:
“ධම්මෙන භාසිතා ගාථා, සිවීනං රට්ඨවඩ්ඪන; එතානි තව නෙත්තානි, දිබ්බානි පටිදිස්සරෙ.
“ධම්මෙ න භාසිතා ගාථා සීවීනං රට්ඨවඩ්ඪන එතානි තව නෙත්තානි දිබ්බානි පටි දිස්සරෙ
“තිරොකුට්ටං තිරොසෙලං, සමතිග්ගය්හ පබ්බතං; සමන්තා යොජනසතං, දස්සනං අනුභොන්තු තෙ”ති. (ජා· 1.15.77-78) –
තිරො කුඩ්ඩං තිරොසෙලං සමතිග්ගය්හ පබ්බතං සමන්තා යොජන සතං දස්සනං අනුභොන්තුතෙති (ජාතක පාලි)
“සිවීන්ගේ රටට වැඩ සිදු කරන උතුමාණෙනි, නුඹ වහන්සේ විසින් දැහැමි ස්වභාවයෙන්ම ගාථා කියන ලදී. නුඹ වහන්සේගේ දිව්‍යානුභාවයෙන් යුත් මේ ඇස් දක්නට ලැබෙත්. මහරජ, නුඹ වහන්සේගේ මේ ඇස් බිත්තියෙන් පිටද ශෛලයෙන් පිටද, පර්වතය ඉක්මවාද මෙසේ හාත්පස යොදුන් සියයක් තුළ රුප දර්ශනය සිද්ධ කෙරේවා”යි
ඉමාහි ගාථාහි ථුතිං කත්වා දෙවලොකමෙව ගතො. බොධිසත්තොපි මහාජනපරිවුතො මහන්තෙන සක්කාරෙන නගරං පවිසිත්වා රාජගෙහද්වාරෙ සුසජ්ජිතෙ මහාමණ්ඩපෙ සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො චක්ඛුපටිලාභෙන තුට්ඨහට්ඨපමුදිතානං දට්ඨුං ආගතානං නාගරානං ජානපදානං රාජපරිසාය ච ධම්මං දෙසෙන්තො –
මේ ගාථාවලින් ස්තුති කොට දෙව්ලොවටම ගියේය. බෝධිසත්ත්වයෝ ද මහජනයා විසින් පිරිවර ලද්දාහු මහත් සත්කාර සහිතව නගරයට පිවිස රජගෙය දොරටුවෙහි මනාකොට සරසන ලද මහා මණ්ඩපයෙහි ඔසවන ලද සේසත් ඇති රාජාසනයෙහි වැඩහුන් සේක් ඇස් ලැබීමෙන් තුටු පහටු වූ දැකීමට පැමිණි නගර වැසියන්ට ද දනව් වැස්සන්ට ද රජ පිරිසට ද ධර්මය දේශනා කරන සේක.-:
“කො නීධ විත්තං න දදෙය්ය යාචිතො, අපි විසිට්ඨං සුපියම්පි අත්තනො; තදිඞ්ඝ සබ්බෙ සිවයො සමාගතා, දිබ්බානි නෙත්තානි මමජ්ජ පස්සථ.
“කොනීධ විත්තං න දදෙය්ය යාචිතො අපි විසිට්ඨං සුපියම්පි අත්තනො තදිඞ්ග සබ්බෙ සිවයො සමාගතා දිබ්බානි නෙත්තා නි මමජ්ජ පස්සථ
“තිරොකුට්ටං තිරොසෙලං, සමතිග්ගය්හ පබ්බතං; සමන්තා යොජනසතං, දස්සනං අනුභොන්ති මෙ.
තිරොකුඩ්ඩං තිරොසෙලං සමතිග්ගය්හ පබ්බතං සමන්තා යොජන සතං දස්සනං අනුභොත්ති මෙ
“න චාගමත්තා පරමත්ථි කිඤ්චි, මච්චානං ඉධ ජීවිතෙ; දත්වාන මානුසං චක්ඛුං, ලද්ධං මෙ චක්ඛු අමානුසං.
න චාගමත්තා පරමත්ථි කිඤ්චි මච්චා නං ඉධ ජීවිතෙ දත්වාන මානුසං චක්ඛුං ලද්ධං මෙ චක්ඛු අමානුසං
“එතම්පි දිස්වා සිවයො, දෙථ දානානි භුඤ්ජථ; දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතා සග්ගමුපෙථ ඨාන”න්ති. (ජා· 1.15.79-82) –
එතම්පි දිස්වා සිවයො දෙථ දානාහි භුඤ්ජථ දත්වාච භුත්වාච යථානුභාවං අනින්දිතා සග්ගමුපෙථ ඨානන්ති. (ජාතක පාලි)
“මෙලොව (යාචකයන් විසින්) ඉල්ලන ලද්දේ, උතුම් වූද තමනට ඉතා ප්‍රිය වූද කුමන වස්තුවක් වුවත් කවර තැනැත්තෙක් නම් නොදෙන්නේ ද? (එසේ දීමෙන් පහළ වූ) මගේ දිව්‍යමය වූ ඇස් අද මෙහි රැස් වූ සියලු සිවිරට වැසියනි බලත්වා.
මාගේ මේ දිව්‍ය ඇස් බිත්තියෙන් පිටත ද ගලින් පිටත ද පර්වතය ඉක්මවා ද හාත්පස යොදුන් සීයක් රූප දැකීම සිද්ධ කෙරේ.
ජීවලෝකයෙහි මිනිසුන්ට ත්‍යාගයට වඩා උතුම් වූ අන් කිසිවක් නම් නැත. මිනිස් ඇසක් දී මා විසින් දිව්‍ය ඇසක් ලබන ලදී. මේ කාරණය ද දැක සිවිරට වැසියනි, දන් දෙවු. අනුභවය ද කරවු. ශක්ති පමණින් දීමත් කොට අනුභවයත් කොට නින්දා නොලබන ලද්දාහු ස්වර්ග ලෝකයට පැමිණෙවු”
ඉමා ගාථා අභාසි. තත්ථ ධම්මෙන භාසිතාති, මහාරාජ, ඉමා තෙ ගාථා ධම්මෙන සභාවෙනෙව භාසිතා. දිබ්බානීති දිබ්බානුභාවයුත්තානි. පටිදිස්සරෙති පටිදිස්සන්ති. තිරොකුට්ටන්ති පරකුට්ටං. තිරොසෙලන්ති පරසෙලං. සමතිග්ගය්හාති අතික්කමිත්වා. සමන්තා දසදිසා යොජනසතං රූපදස්සනං අනුභොන්තු සාධෙන්තු.
යන මේ ගාථා දේශනා කළහ. එහි “ධම්මෙ න භාසිතා” යනු “මහරජ, නුඹ වහන්සේ විසින් මේ ගාථා ධර්මයෙන්ම සත්‍යයෙන්ම කියන ලදී, “දිබ්බානි” යනු දිව්‍යානුභාවයෙන් යුක්ත වූ, “පටිදිස්සරෙ” යනු පෙනෙන්නාහ, ‘තිරොකුඩ්ඩං’ යනු බිත්තියෙන් පිට, “තිරො සෙලං” යනු ගලෙන් පිට, “සමතිග්ගය්හ” යනු ඉක්මවා, “සමන්තා” දස දිශාවෝ “යොජනසතං රූප දස්සනං අනුභොන්තු” යොදුන් සීයක් රූප දැකීම සිද්ධ කෙරෙත්වා
කො නීධාති කො නු ඉධ. අපි විසිට්ඨන්ති උත්තමම්පි සමානං. න චාගමත්තාති චාගප්පමාණතො අඤ්ඤං වරං නාම නත්ථි. ඉධ ජීවිතෙති ඉමස්මිං ජීවලොකෙ. “ඉධ ජීවත”න්තිපි පඨන්ති. ඉමස්මිං ලොකෙ ජීවමානානන්ති අත්ථො. අමානුසන්ති දිබ්බචක්ඛු මයා ලද්ධං, ඉමිනා කාරණෙන වෙදිතබ්බමෙතං “චාගතො උත්තමං නාම නත්ථී”ති. එතම්පි දිස්වාති එතං මයා ලද්ධං දිබ්බචක්ඛුං දිස්වාපි.
“කොනීධ” යනු කොනු ඉධ යි. (මෙහි කවරෙක් නම්) “අපි විසිට්ඨං” යනු උතුම් වූයේ නමුදු, “චාගමත්තා” යනු පරිත්‍යාග ප්‍රමාණයට වඩා “පරං” අනෙකක් නම් නැත. “ඉධ ජීවිතෙ” යනු මේ ජීවලෝකයෙහි, “ඉධ ජීවිතං” යනුවෙන් ද කියති. මේ ලෝකයෙහි ජීවමාන වූ යන අර්ථයයි. “අමානුසං” යනු ම විසින් ලබන ලද දිව්‍යමය ඇස, මේ පරිත්‍යාගයට වඩා උතුම් දෙයක් නම් නැතැයි මේ කාරණයෙන් දතයුතුය. “එතම්පි දිස්වා” යනු ම විසින් ලබන ලද මේ දිව්‍ය ඇස දැකද,
ඉති ඉමාහි චතූහි ගාථාහි න කෙවලං තස්මිංයෙව ඛණෙ, අථ ඛො අන්වද්ධමාසම්පි උපොසථෙ මහාජනං සන්නිපාතෙත්වා ධම්මං දෙසෙසි. තං සුත්වා මහාජනො දානාදීනි පුඤ්ඤානි කත්වා දෙවලොකපරායනො අහොසි.
මෙසේ මේ ගාථා හතරෙන් එම ඇසිල්ලෙහි පමණක් නොව නැවත අඩමසක් පාසා පොහෝ දිනයෙහි මහජනයා රැස් කරවා ධර්මය දේශනා කළ සේක. එය අසා මහ ජනයා දානාදී පින් කොට දිව්‍යලෝක පරායණ විය.
තදා වෙජ්ජො ආනන්දත්ථෙරො අහොසි, සක්කො අනුරුද්ධත්ථෙරො, සෙසපරිසා බුද්ධපරිසා, සිවිරාජා ලොකනාථො.
එකල්හි වෛද්‍යවරයා ආනන්ද ස්ථවිර වූයේය. ශක්‍රයා අනුරුද්ධ ස්ථවිරය. සෙසු පිරිස බුදු පිරිසය. සිවිරජ ලෝකනාථයන් වහන්සේය.
තස්ස ඉධාපි වුත්තනයෙනෙව යථාරහං පාරමියො නිද්ධාරෙතබ්බා. තථා දිවසෙ දිවසෙ යථා අදින්නපුබ්බං බාහිරදෙය්යධම්මවත්ථු න හොති, එවං අපරිමිතං මහාදානං පවත්තෙන්තස්ස තෙන අපරිතුට්ඨස්ස කථං නු ඛො අහං අජ්ඣත්තිකවත්ථුකං දානං දදෙය්යං, කදා නු ඛො මං කොචි ආගන්ත්වා අජ්ඣත්තිකං දෙය්යධම්මං යාචෙය්ය, සචෙ හි කොචි යාචකො මෙ හදයමංසස්ස නාමං ගණ්හෙය්ය, කණයෙන නං නීහරිත්වා පසන්නඋදකතො සනාළං පදුමං උද්ධරන්තො විය ලොහිතබින්දුං පග්ඝරන්තං හදයං නීහරිත්වා දස්සාමි. සචෙ සරීරමංසස්ස නාමං ගණ්හෙය්ය, අවලෙඛනෙන තාලගුළපටලං උප්පාටෙන්තො විය සරීරමංසං උප්පාටෙත්වා දස්සාමි.
මෙහිද කියන ලද ක්‍රමයෙන්ම සුදුසු පරිදි බෝසතුන්ගේ පාරමිතාවෝ නිර්ධාරණය (වෙන් කර දැක්වීම) කළ යුත්තාහ. එසේම දවසක් දවසක් පාසා යම්සේ නොදුන් විරූ බාහිර දිය යුතු වස්තුවක් නොවේද එසේ අප්‍රමාණ මහදන් පවත්වන්නාවූ එයින් සතුටු නොවන්නාවූ බෝසතුන්ට කෙසේ නම් මම ආධ්‍යාත්මික වස්තුවක් දෙන්නෙම්ද කවර කලෙක වනාහි කිසියම් යාචකයෙක් මා වෙත පැමිණ ආධ්‍යාත්මික දිය යුතු දෙයක් ඉල්ලන්නේ ද, ඉදින් කිසියම් යාචකයෙක් මා සමීපයට පැමිණ මගේ හෘදය මංසය ඉල්ලන්නේ නම් මම කටුවකින් (උලකින්) එය බැහැරට ගෙන පැහැදිලි ජලයෙන් නාලය සමග පියුමක් උදුරන්නාක් මෙන් ලේ බින්දු වැගිරෙන හෘදය බැහැර කොට මම දෙන්නෙමි. ඉදින් ශරීර මාංස ඉල්ලන්නේ නම් සූරන උපකරණයකින් තල්මද උපුටන්නාක් මෙන් ශරීරමාංස උපුටා දෙන්නෙමි.
සචෙ ලොහිතස්ස නාමං ගණ්හෙය්ය, අසිනා විජ්ඣිත්වා යන්තමුඛෙ වා පතිත්වා උපනීතං භාජනං පූරෙත්වා ලොහිතං දස්සාමි. සචෙ පන කොචි “ගෙහෙ මෙ කම්මං නප්පවත්තති, තත්ථ මෙ දාසකම්මං කරොහී”ති වදෙය්ය, රාජවෙසං අපනෙත්වා තස්ස අත්තානං සාවෙත්වා දාසකම්මං කරිස්සාමි. සචෙ වා පන කොචි අක්ඛීනං නාමං ගණ්හෙය්ය, තාලමිඤ්ජං නීහරන්තො විය අක්ඛීනි උප්පාටෙත්වා තස්ස දස්සාමීති එවං අනඤ්ඤසාධාරණවසීභාවප්පත්තානං මහාබොධිසත්තානංයෙව ආවෙණිකා උළාරතරා පරිවිතක්කුප්පත්ති, චක්ඛුයාචකං ලභිත්වා අමච්චපාරිසජ්ජාදීහි නිවාරියමානස්සාපි තෙසං වචනං අනාදියිත්වා අත්තනො පරිවිතක්කානුරූපං පටිපත්තියා ච පරමා පීතිපටිසංවෙදනා, තස්සා පීතිමනතාය අවිතථභාවං නිස්සාය සක්කස්ස පුරතො සච්චකිරියාකරණං, තෙන ච අත්තනො චක්ඛූනං පටිපාකතිකභාවො, තෙසඤ්ච දිබ්බානුභාවතාති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා වෙදිතබ්බාති.
ඉදින් ලේ ඉල්ලන්නේ නම් කඩුවකින් විද හෝ යන්ත්‍ර මුඛයෙහි වැටී හෝ ගෙනෙන ලද භාජනය පුරවා ලේ දෙන්නෙමි. ඉදින් කිසිවෙක් වනාහි පැමිණ “මගේ ගෙයි වැඩ නොකෙරේ, එහි මාගේ දාසකර්මය කරව’යි කියන්නේ ද රජවෙස් හැරපියා ඔහුට අවනතව දාසකර්ම කරන්නෙමි. ඉදින් වනාහි කිසිවෙක් ඇස් ඉල්ලන්නේ නම් තල් ලොදක් බැහැර කරන්නාක් මෙන් ඇස් උපුටා ඔහුට දෙන්නෙමි”යි මෙසේ අන්‍යයන්ට සාධාරණ නොවූ, වශීභාවප්රාප්ත මහාබෝධිසත්ත්වයන්ට පමණක් ආවේණික වූ අතිශයින් උදාර වූ සිතිවිලි පහළ වීමත්, ඇස් ඉල්ලන්නෙක් ලැබ ඇමති පිරිස් ආදීන් විසින් වලකනු ලබන්නේ ද ඔවුන්ගේ වචනය නොගෙන තමාගේ සිතිවිල්ලට සුදුසු වූ ප්‍රතිපත්තියෙන් ඒ පරම ප්‍රීතිය අනුභව කිරීම ද ඒ පරම ප්‍රීති සිත කරණ කොටගෙන වෙනස් නොවන ස්වභාවය නිසා ශක්‍රයා ඉදිරියෙහි සත්‍යක්‍රියා කිරීමද, ඒ කරණ කොට ගෙන තමන්ගේ ඇස් නැවත ප්‍රකෘතිමත් වූ බවද, ඒ ඇස්වල දිව්‍යානුභාවය ද යන මේ ආදී බෝධිසත්ත්වයන්ගේ ගුණානුභාවයෝ දත යුත්තාහ.
සිවිරාජචරියාවණ්ණනා නිට්ඨිතා.
අටවෙනි සිවිරාජ චරිතයයි.