යෙදුමෙන් කියවන්න

7. චන්‍දකුමාරචරියාවණ‍්ණනා අට‍්ඨකථා

7. චන්‍දකුමාරචරියාවණ‍්ණනා

7. චන්‍දකුමාර චරියා වර්ණනාව

45. “පුනාපරං යදා හොමි එකරාජස්ස අත්‍රජො නගරෙ පුප්ඵවතියා කුමාරො චන්‍දස්වහයො” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක පුප්ඵවතී නුවර ඒකරාජ නම් රජුගේ ඖරස පුත්‍ර වූ ‘චන්‍ද’ නම් කුමාරයෙක් වීම්ද”

සත‍්තමෙ එකරාජස‍්ස අත්‍රජොති එකරාජස‍්ස නාම කාසිරඤ‍්ඤො ඔරසපුත‍්තො. නගරෙ පුප‍්ඵවතියාති පුප‍්ඵවතිනාමකෙ නගරෙ. චන්‍දසව‍්හයොති චන්‍දසද‍්දෙන අව‍්හාතබ‍්බො, චන්‍දනාමොති අත්‍ථො.

සත්වෙනි (චන්‍දරාජ චරිතයෙහි) “එකරාජස්ස අත්‍රජො” යනු ඒකරාජ නම් වූ කසී රජුගේ ඖරස පුත්‍රයා, “නගරෙ පුප්ඵවතියා,” යනු ‘පුප්ඵවති’ නම් වූ නගරයෙහි, “චන්‍දස්වහයො” යනු “චන්‍ද” ශබ්දයෙන් කැඳවිය යුතු, ‘චන්‍ද’ නම් වූ යන අර්‍ථයයි.

අතීතෙ කිර අයං බාරාණසී පුප‍්ඵවතී නාම අහොසි. තත්‍ථ වසවත‍්තිරඤ‍්ඤො පුත‍්තො එකරාජා නාම රජ‍්ජං කාරෙසි. බොධිසත‍්තො තස‍්ස ගොතමියා නාම අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං අග‍්ගහෙසි. “චන්‍දකුමාරො”තිස‍්ස නාමමකංසු. තස‍්ස පදසා ගමනකාලෙ අපරොපි පුත‍්තො උප‍්පන‍්නො, තස‍්ස “සූරියකුමාරො”ති නාමමකංසු. තස‍්ස පදසා ගමනකාලෙ එකා ධීතා උප‍්පන‍්නා, “සෙලා”තිස‍්සා නාමමකංසු. වෙමාතිකා ච නෙසං භද‍්දසෙනො සූරො චාති ද‍්වෙ භාතරො අහෙසුං. බොධිසත‍්තො අනුපුබ‍්බෙන වුද‍්ධිප‍්පත‍්තො සිප‍්පෙසු ච විජ‍්ජාට‍්ඨානෙසු ච පාරං අගමාසි. තස‍්ස රාජා අනුච‍්ඡවිකං චන්‍දං නාම රාජධීතරං ආනෙත්‍වා උපරජ‍්ජං අදාසි. බොධිසත‍්තස‍්ස එකො පුත‍්තො උප‍්පන‍්නො, තස‍්ස “වාසුලො”ති නාමමකංසු. තස‍්ස පන රඤ‍්ඤො ඛණ‍්ඩහාලො නාම පුරොහිතො, තං රාජා විනිච‍්ඡයෙ ඨපෙසි. සො ලඤ‍්ජවිත‍්තකො හුත්‍වා ලඤ‍්ජං ගහෙත්‍වා අස‍්සාමිකෙ සාමිකෙ කරොති, සාමිකෙ ච අස‍්සාමිකෙ කරොති. අථෙකදිවසං අට‍්ටපරාජිතො එකො පුරිසො විනිච‍්ඡයට‍්ඨානෙ උපක‍්කොසෙන‍්තො නික‍්ඛමිත්‍වා රාජූපට‍්ඨානං ගච‍්ඡන‍්තං බොධිසත‍්තං දිස‍්වා තස‍්ස පාදෙසු නිපතිත්‍වා “සාමි ඛණ‍්ඩහාලො විනිච‍්ඡයෙ විලොපං ඛාදති, අහං තෙන ලඤ‍්ජං ගහෙත්‍වා පරාජයං පාපිතො”ති අට‍්ටස‍්සරමකාසි. බොධිසත‍්තො “මා භායී”ති තං අස‍්සාසෙත්‍වා විනිච‍්ඡයං නෙත්‍වා සාමිකමෙව සාමිකං අකාසි. මහාජනො මහාසද‍්දෙන සාධුකාරමදාසි.

අතීතයෙහි වනාහි මේ බරණැස් නුවර පුප්ඵවතී නම් විය. එහි වසවත්ති නම් වූ රජුගේ පුතා ඒකරාජ නම් වූයේ රාජ්‍යය කරවීය. බෝධිසත්ත්‍වයන් වහන්සේ ඒ රජුගේ ගෝතමී නම් අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඔහුට “චන්‍දකුමාර” යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කාලයෙහි තවත් පුතෙක් උපන්නේය. ඔහුට ‘සුරිය කුමාර’ යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කල එක් දියණියක උපන්නීය. ඇයට “සේලා” තිස්සා යයි නම් කළහ. ඔවුන්ට වෙනත් මවකගේ දරුවන් වූ භද්දසේන, සූරය යයි සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. බෝධිසත්ත්‍වයන් වහන්සේ අනුක්‍රමයෙන් වියට පැමිණියාහු ශිල්පයන්හි ද විද්‍යාස්ථානයන්හි ද පරතෙරට ගියහ. රජතුමා ඔහුට සුදුසු වූ චන්‍දා නම් රාජ දියණියක් ගෙනවුත් යුවරජ තනතුර දුන්නේය. බෝධිසත්ත්‍වයන් වහන්සේට එක් පුතෙක් උපන්නේය. ඔහුට ‘වාසුල’ යයි නම් කළහ. ඒ රජුට වනාහි “ඛණ්ඩහාළ” නම් පුරෝහිතයෙක් විය. රජතුමා ඔහු විනිශ්චය තනතුරෙහි තැබීය. ඔහු අල්ලස ධනය කොට ඇත්තෙක් වී අල්ලස් ගෙන අහිමියන් හිමියන් කරයි. හිමියන් අහිමියන් කරයි. ඉක්බිති එක් දිනක් යුක්තියෙන් පැරදුනු එක් පුරුෂයෙක් අධිකරණ ශාලාවෙහිදී නුගුණ කියමින් නික්ම රාජ සේවයට යන බෝධිසත්ත්‍වයන් දැක එතුමන්ගේ පාළඟ වැටී “ස්වාමීනි, ඛණ්ඩහාල අධිකරණයේදී කොල්ලකයි. ඔහු විසින් අල්ලස් ගෙන මම පරාජයට පත්කරන ලදිමි”යි බැගෑපත් හඬ නැගීය. බෝධිසත්ත්‍වයන් වහන්සේ භය නොවෙවයි ඔහු අස්වසා අධිකරණ ශාලාවට පමුණුවා හිමියාම හිමි කළහ. මහජනයා මහහඬින් සාධුකාර දුනි.

රාජා “බොධිසත‍්තෙන කිර අට‍්ටො සුවිනිච‍්ඡිතො”ති සුත්‍වා තං ආමන‍්තෙත්‍වා “තාත, ඉතො පට‍්ඨාය ත්‍වමෙව අට‍්ටකරණෙ විනිච‍්ඡයං විනිච‍්ඡිනාහී”ති විනිච‍්ඡයං බොධිසත‍්තස‍්ස අදාසි. ඛණ‍්ඩහාලස‍්ස ආයො පච‍්ඡිජ‍්ජි. සො තතො පට‍්ඨාය බොධිසත‍්තෙ ආඝාතං බන්‍ධිත්‍වා ඔතාරාපෙක‍්ඛො විචරි. සො පන රාජා මුධප‍්පසන‍්නො. සො එකදිවසං සුපිනන‍්තෙන දෙවලොකං පස‍්සිත්‍වා තත්‍ථ ගන‍්තුකාමො හුත්‍වා “පුරොහිතං බ්‍රහ‍්මලොකගාමිමග‍්ගං ආචික‍්ඛා”ති ආහ. සො “අතිදානං දදන‍්තො සබ‍්බචතුක‍්කෙන යඤ‍්ඤං යජස‍්සූ”ති වත්‍වා රඤ‍්ඤා “කිං අතිදාන”න‍්ති පුට‍්ඨො “අත‍්තනො පියපුත‍්තා පියභරියා පියධීතරො මහාවිභවසෙට‍්ඨිනො මඞ‍්ගලහත්‍ථිඅස‍්සාදයොති එතෙ චත‍්තාරො චත‍්තාරො කත්‍වා ද‍්විපදචතුප‍්පදෙ යඤ‍්ඤත්‍ථාය පරිච‍්චජිත්‍වා තෙසං ගලලොහිතෙන යජනං අතිදානං නාමා”ති සඤ‍්ඤාපෙසි. ඉති සො “සග‍්ගමග‍්ගං ආචික‍්ඛිස‍්සාමී”ති නිරයමග‍්ගං ආචික‍්ඛි.

රජතුමා “බෝධිසත්ත්‍වයන් වනාහි නඩුව මැනවින් විනිශ්චය කරන ලද්දේ යයි අසා ඔහු අමතා “දරුව, මෙතැන් පටන් නුඹම අධිකරණයෙහි යුක්තිය විනිශ්චය කරව”යි විනිශ්චය තනතුර බෝධිසත්ත්‍වයන්ට දුන්නේය. ඛණ්ඩහාළගේ ආදායම සිඳීගියේය. ඔහු එතැන් පටන් බෝධිසත්ත්‍වයන් කෙරෙහි වෛර බැඳ එතුමන්ගේ සිදුරු සොයන්නෙක්ව හැසිරුනේය. ඒ රජතුමා වනාහි මෝඩ පැහැදීම ඇත්තෙකි. ඔහු එක් දිනක් සිහිනෙන් දෙව්ලොව දැක එහි යනු කැමැත්තේ වී පුරෝහිතයාට “බ්‍රහ්මලෝකයට යන මග කියව”යි කීවේය. පුරෝහිතයා “අතිදානය දෙමින් සර්‍වචතුස්ක යාගය කරනු මැනවැ”යි කියා රජු විසින් “අතිදානය යනු කුමක්දැයි” විචාරණ ලද්දේ තමාගේ ප්‍රිය පුත්‍රයා, ප්‍රිය භාර්‍ය්‍යාව, ප්‍රිය දියණිය, මහ සම්පත් ඇති සිටුවරු, මඟුලැතා හා අශ්වයා යන මේ ආදීන් හතර දෙනා හතර දෙනා බැගින් ගෙන දෙපා සිවුපා සතුන් යාගය සඳහා පරිත්‍යාග කොට ඔවුන්ගේ හිස කපා දැමීමෙන් ගලන ලෙයින් යාග කිරීම “අතිදාන” නම් වේයයි හැඟවීය. ඔහු මෙසේ ස්වර්‍ග මාර්‍ගය කියන්නෙමියි නිරය මාර්‍ගය කීවේය.

රාජාපි තස‍්මිං පණ‍්ඩිතසඤ‍්ඤී හුත්‍වා “තෙන වුත‍්තවිධි සග‍්ගමග‍්ගො”ති සඤ‍්ඤාය තං පටිපජ‍්ජිතුකාමො මහන‍්තං යඤ‍්ඤාවාටං කාරාපෙත්‍වා තත්‍ථ බොධිසත‍්තාදිකෙ චත‍්තාරො රාජකුමාරෙ ආදිං කත්‍වා ඛණ‍්ඩහාලෙන වුත‍්තං සබ‍්බං ද‍්විපදචතුප‍්පදං යඤ‍්ඤපසුතට‍්ඨානෙ නෙථාති ආණාපෙසි. සබ‍්බඤ‍්ච යඤ‍්ඤසම‍්භාරං උපක‍්ඛටං අහොසි. තං සුත්‍වා මහාජනො මහන‍්තං කොලාහලං අකාසි. රාජා විප‍්පටිසාරී හුත්‍වා ඛණ‍්ඩහාලෙන උපත්‍ථම‍්භිතො පුනපි තථා තං ආණාපෙසි. බොධිසත‍්තො “ඛණ‍්ඩහාලෙන විනිච‍්ඡයට‍්ඨානං අලභන‍්තෙන මයි ආඝාතං බන්‍ධිත්‍වා මමෙව මරණං ඉච‍්ඡන‍්තෙන මහාජනස‍්ස අනයබ්‍යසනං උප‍්පාදිත”න‍්ති ජානිත්‍වා නානාවිධෙහි උපායෙහි රාජානං තතො දුග‍්ගහිතග‍්ගාහතො විවෙචෙතුං වායමිත්‍වාපි නාසක‍්ඛි. මහාජනො පරිදෙවි, මහන‍්තං කාරුඤ‍්ඤමකාසි. මහාජනස‍්ස පරිදෙවන‍්තස‍්සෙව යඤ‍්ඤාවාටෙ සබ‍්බකම‍්මානි නිට‍්ඨාපෙසි. රාජපුත‍්තං නෙත්‍වා ගීවාය නාමෙත්‍වා නිසීදාපෙසුං. ඛණ‍්ඩහාලො සුවණ‍්ණපාතිං උපනාමෙත්‍වා ඛග‍්ගං ආදාය “තස‍්ස ගීවං ඡින්‍දිස‍්සාමී”ති අට‍්ඨාසි. තං දිස‍්වා චන්‍දා නාම රාජපුත‍්තස‍්ස දෙවී “අඤ‍්ඤං මෙ පටිසරණං නත්‍ථි, අත‍්තනො සච‍්චබලෙන සාමිකස‍්ස සොත්‍ථිං කරිස‍්සාමී”ති අඤ‍්ජලිං පග‍්ගය‍්හ පරිසාය අන‍්තරෙ විචරන‍්තී “ඉදං එකන‍්තෙනෙව පාපකම‍්මං, යං ඛණ‍්ඩහාලො සග‍්ගමග‍්ගොති කරොති. ඉමිනා මය‍්හං සච‍්චවචනෙන මම සාමිකස‍්ස සොත්‍ථි හොතු.

රජතුමාද ඔහු ‘නුවණැත්තෙකැ’යි යන හැඟීමෙන් ඔහු කී ආකාරය ස්වර්‍ග මාර්‍ගය යයි කල්පනා කොට එය පිළිපදිනු කැමැත්තේ මහත් යාගාවාටයක් කරවා එහි බෝධිසත්ත්‍වයන් ප්‍රධාන රාජ කුමාරවරුන් සතර දෙනා ආදි කොට ඛණ්ඩහාළ විසින් කියන ලද සියලු දෙපා සිවුපා සතුන් යාග කරන තැනට ගෙනයව් යයි අණ කළේය. සියලු රාග ද්‍රව්‍ය සමීපයට ගෙන ආවේ විය. එය අසා මහජනයා මහත් කෝලාහලයක් කළේය. රජතුමා විපිළිසරට පත්වී ඛණ්ඩහාළ විසින් පොළඹවන ලද්දේ නැවත ද එසේ කිරීමට අණ කළේය. බෝධිසත්ත්‍වයන් වහන්සේ විනිශ්චය තනතුර නොලැබූ ඛණ්ඩහාළ විසින් මා කෙරෙහි වෛර බැඳ මටම මරණය කැමති වෙමින් මහජනයාට අනේක විපත් උපදවන ලද්දේ ය”යි දැන නොයෙක් උපායයෙන් රජතුමා ඒ වැරදි අවබෝධ සහිත තැනැත්තාගේ ග්‍රහණයෙන් මුදවන්නට වෑයම් කොටද නොහැකි වූහ. මහජනයා හැඬීය. මහත් කරුණාවක් දැක්වීය. මහජනයා වැලපෙමින් සිටියදීම යාගාවාටයෙහි සියලු කටයුතු නිමාවිය. රාජ පුත්‍රයා ගෙනගොස් කර නමා හිඳවූහ. ඛණ්ඩහාළ රන් පාත්‍රය එළවා (ගෙනැවිත් දී) කඩුව ගෙන ඔවූන්ගේ ගෙල සිඳින්නෙමි’යි සිටියේය. රජ පුත් බෝසතුන්ගේ චන්‍දා දේවිය එය දැක “මට වෙනත් පිළිසරණක් නැත. තමාගේ සත්‍යක්‍රියා බලයෙන් ස්වාමියාට යහපතක් කරන්නෙමි”යි ඇඳිලි බැඳ පිරිස අතර හැසිරෙන්නී “ඛණ්ඩහාළ ස්වර්‍ග මාර්‍ගය කියා කරන දෙය ඒකාන්තයෙන්ම පාප කර්‍මයකි. මේ මාගේ සත්‍ය වචනයෙන් මගේ සැමියාට යහපතක් වේවා.

“යා දෙවතා ඉධ ලොකෙ, සබ‍්බා තා සරණං ගතා; අනාථං තායථ මමං, යථාහං පතිමා සිය”න‍්ති. – සච‍්චකිරියමකාසි.

මේ ලෝකයෙහි යම් දේවතා කෙනෙක් වෙත්නම් ඒ සියලු දේවතාවෝ අනාථ වූ අසරණ වූ මා රකිත්වා. මම සැමියාගෙන් නොපිරිහෙම්වායි සත්‍ය ක්‍රියා කළාය.

සක‍්කො දෙවරාජා තස‍්සා පරිදෙවනසද‍්දං සුත්‍වා තං පවත‍්තිං ඤත්‍වා ජලිතං අයොකූටං ආදාය ආගන‍්ත්‍වා රාජානං තාසෙත්‍වා සබ‍්බෙ විස‍්සජ‍්ජාපෙසි. සක‍්කොපි තදා අත‍්තනො දිබ‍්බරූපං දස‍්සෙත්‍වා සම‍්පජ‍්ජලිතං සජොතිභූතං වජිරං පරිබ‍්භමන‍්තො “අරෙ, පාපරාජ කාළකණ‍්ණි, කදා තයා පාණාතිපාතෙන සුගතිගමනං දිට‍්ඨපුබ‍්බං, චන්‍දකුමාරං සබ‍්බඤ‍්ච ඉමං ජනං බන්‍ධනතො මොචෙහි, නො චෙ මොචෙස‍්සසි, එත්‍ථෙව තෙ ඉමස‍්ස ච දුට‍්ඨබ්‍රාහ‍්මණස‍්ස සීසං ඵාලෙස‍්සාමී”ති ආකාසෙ අට‍්ඨාසි. තං අච‍්ඡරියං දිස‍්වා රාජා බ්‍රාහ‍්මණො ච සීඝං සබ‍්බෙ බන්‍ධනා මොචෙසුං.

සක්දෙව් රජ ඇයගේ වැළපීම් ශබ්දය අසා, ඒ පුවත දැන දිලිහෙන යකුළක් ගෙනවිත් රජු තැති ගන්වා සියල්ලන් මුදවාලීය. ශක්‍රයාද එදින තමාගේ දිව්‍ය රූපය දක්වා හාත්පසින් ඇවුලුනා වූ දිලිහෙන්නා වූ වජ්‍රායුධය කරකවමින් “එම්බා පවිටු රාජකාලකණ්ණිය. නුඹ කවදා ප්‍රාණඝාතයෙන් දෙව්ලොවට යාමක් දුටු විරූද? චන්‍ද කුමාරයාත් මේ සියලු ජනයාත් බන්‍ධනයෙන් මුදවව. ඉදින් නොමුදන්නෙහි නම් මෙහිම තොපගේත් මේ දුෂ්ට බ්‍රාහ්මණයාගේත් හිස පලන්නෙමි”යි අහසෙහි සිටියේය. ඒ අසිරිය දැක රජු ද බ්‍රාහ්මණයා ද වහාම සියල්ලන් බන්‍ධනයෙන් මිදෙව්වාහ.

අථ මහාජනො එකකොලාහලං කත්‍වා සහසා යඤ‍්ඤාවාටං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඛණ‍්ඩහාලස‍්ස එකෙකං ලෙඩ‍්ඩුප‍්පහාරං දෙන‍්තො තත්‍ථෙව නං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා රාජානම‍්පි මාරෙතුං ආරභි. බොධිසත‍්තො පුරෙතරමෙව පිතරං පලිස‍්සජිත්‍වා ඨිතො මාරෙතුං න අදාසි. මහාජනො “ජීවිතං තාවස‍්ස පාපරඤ‍්ඤො දෙම, ඡත‍්තං පනස‍්ස න දස‍්සාම, නගරෙ වාසං වා න දස‍්සාම, තං චණ‍්ඩාලං කත්‍වා බහිනගරෙ වාසාපෙස‍්සාමා”ති රාජවෙසං හාරෙත්‍වා කාසාවං නිවාසාපෙත්‍වා හලිද‍්දිපිලොතිකාය සීසං වෙඨෙත්‍වා චණ‍්ඩාලං කත්‍වා චණ‍්ඩාලගාමං පහිණිංසු. යෙ පන තං පසුඝාතයඤ‍්ඤං යජිංසු චෙව යජාපෙසුඤ‍්ච අනුමොදිංසු ච, සබ‍්බෙ තෙ නිරයපරායනා අහෙසුං. තෙනාහ භගවා –

ඉක්බිති මහජනයා ඒකකෝලාහලයක් කොට වහාම යාගාවාටය වසා සිට ඛණ්ඩහාළට එක එක ගල්කැට පහර දෙමින් එහිම ජීවිතක්‍ෂයට පමුණුවා රජු ද මරන්නට සුදානම් විය. බෝධිසත්ත්‍වයෝ පළමුකොටම පියා වැළදගෙන සිටියේ මරන්නට නුදුන්හ. මහජනයා “ඒ පාපී රජුහට ජීවිතය පමණක් දෙමු. ඔහුට රාජ්‍යය නොදෙන්නෙමු, නගරයෙහි වාසය කිරීමටත් නොදෙන්නෙමු. ඔහු සැඬොලෙකු කොට නුවරින් පිට වාසය කරවන්නෙමු”යි රජවෙස් හරවා කසාවතක් හඳවා කහ පැහැති කඩරෙද්දකින් හිස වෙළා සැඬොලෙකු කොට සැඬොල්ගමට යැවීය. යමෙක් වනාහි ඒ පසුඝාත යාගය කළාහු ද, කෙරෙව්වාහු ද, අනුමෝදන් වූවාහු ද ඒ සියල්ලෝ නිරය පරායණ වූහ (නිරයෙහි උපන්හ) භාග්‍යවතුන් වහන්සේ එහෙයින්,

“සබ‍්බෙ පතිට‍්ඨා නිරයං, යථා තං පාපකං කරිත්‍වාන; න හි පාපකම‍්මං කත්‍වා, ලබ‍්භා සුගතිං ඉතො ගන‍්තු”න‍්ති. (ජා· 2.22.1143);

“ඒ පවිටු යාගකොට සියල්ලෝ නරකයෙහි වැටුණාහුය. එසේම පව්කම්කොට මෙලොවින් සුගතියට යන්නට ද නොහැකිය”යි වදාළ සේක. (ඛණ්ඩහාල ජාතකය - ජාතක පාලිය)

අථ සබ‍්බාපි රාජපරිසා නාගරා චෙව ජානපදා ච සමාගන‍්ත්‍වා බොධිසත‍්තං රජ‍්ජෙ අභිසිඤ‍්චිංසු. සො ධම‍්මෙන රජ‍්ජං අනුසාසන‍්තො තං අත‍්තනො මහාජනස‍්ස ච අකාරණෙනෙව උප‍්පන‍්නං අනයබ්‍යසනං අනුස‍්සරිත්‍වා සංවෙගජාතො පුඤ‍්ඤකිරියාසු භිය්‍යොසොමත‍්තාය උස‍්සාහජාතො මහාදානං පවත‍්තෙසි, සීලානි රක‍්ඛි, උපොසථකම‍්මං සමාදියි. තෙන වුත‍්තං –

ඉක්බිති සියලු රජ පිරිස ද, නගර වැසියෝ ද ජනපද වැසියෝ ද එක්රැස්ව බෝධිසත්ත්‍වයන් රාජ්‍යයෙහි අභිෂේක කළහ. හෙතෙම ධර්‍මයෙන් රාජ්‍ය අනුශාසනා කරන්නේ තමන්ටත් මහජනයාටත් නිකරුණේ උපන්නා වූ ඒ විපත හා විනාශය සිහිකොට හටගත් සංවේග ඇත්තේ පුණ්‍යක්‍රියාවන්හි බොහෝ සෙයින් උත්සාහවත් වූයේ මහදන් පැවැත්වීය. සිල් රැක්කේය. පෙහෙවස් සමාදන් විය. එහෙයින්,

“තදාහං යජනා මුත‍්තො, නික‍්ඛන‍්තො යඤ‍්ඤවාටතො; සංවෙගං ජනයිත්‍වාන, මහාදානං පවත‍්තයි”න‍්ති. – ආදි;

46 “තදාහං යජනා මුත්තො නික්‍ඛන්තො යඤ්ඤවාටතො සංවෙගං ජනයිත්‍වාන මහාදානං පවත්තයිං” (චරියා පිටක)

‘‘එකල්හි මම යාග විධියෙන් මිදුනේම් යාග භූමියෙන් නික්මුණෙම් සංවේග උපදවා මහදන් දුනිමි”යි කියන ලදී.

තත්‍ථ යජනා මුත‍්තොති ඛණ‍්ඩහාලෙන විහිතයඤ‍්ඤවිධිතො වුත‍්තනයෙන ඝාතෙතබ‍්බතො මුත‍්තො. නික‍්ඛන‍්තො යඤ‍්ඤවාටතොති අභිසෙකකරණත්‍ථාය උස‍්සාහජාතෙන මහාජනෙන සද‍්ධිං තතො යඤ‍්ඤභූමිතො නිග‍්ගතො. සංවෙගං ජනයිත්‍වානාති එවං “බහුඅන‍්තරායො ලොකසන‍්නිවාසො”ති අතිවිය සංවෙගං උප‍්පාදෙත්‍වා. මහාදානං පවත‍්තයින‍්ති ඡ දානසාලායො කාරාපෙත්‍වා මහතා ධනපරිච‍්චාගෙන වෙස‍්සන‍්තරදානසදිසං මහාදානමදාසිං. එතෙන අභිසෙකකරණතො පට‍්ඨාය තස‍්ස මහාදානස‍්ස පවත‍්තිතභාවං දස‍්සෙති.

එහි “යජනා මුත්තො” යනු ඛණ්ඩහාල විසින් පිළියෙල කරන ලද යාග විධියෙන් ඉහත කී පරිදි ඝාතනයෙන් මිදුණේ, “නික්ඛන්තො යඤ්ඤවාටතො” යනු අභිෂේක කිරීම සඳහා උත්සාහවත් වූ මහජනයා සමග ඒ යාගභූමියෙන් පිටවූයේ, “සංවෙගං ජනයිත්‍වාන” යනු මෙසේ ලෝකය හා එක්ව විසීම බොහෝ අනතුරු සහිතයයි අතිශයින් සංවේගය උපදවා, “මහාදානං පවත්තයිං” යනු දානශාලා හයක් කරවා මහත් ධන පරිත්‍යාගයෙන් වෙස්සන්තර දානයට සමාන මහදන් දුන්නෙමි. අභිෂේක කිරීමේ පටන් ඒ මහා දානය රජතුමා විසින් පැවැත්වූ බව දක්වයි.

දක‍්ඛිණෙය්‍යෙ අදත්‍වානාති දක‍්ඛිණාරහෙ පුග‍්ගලෙ දෙය්‍යධම‍්මං අපරිච‍්චජිත්‍වා. අපි ඡප‍්පඤ‍්ච රත‍්තියොති අප‍්පෙකදා ඡපි පඤ‍්චපි රත‍්තියො අත‍්තනො පිවනඛාදනභුඤ‍්ජනානි න කරොමීති දස‍්සෙති.

“දක්‍ඛිණෙය්‍යෙ අදත්‍වාන” යනු දක්‍ෂිණාවට සුදුසු පුද්ගලයන්ට දිය යුතු දේ පරිත්‍යග නොකොට, “අපි ඡප්පඤ්ච රත්තියො” යනු සමහර විටෙක රාත්‍රී පහ හයක් වුවද තමාගේ බීම්, කෑම්, බුදීම් (අනුභවය) නොකරමි’යි දක්වයි.

තදා කිර බොධිසත‍්තො සකලජම‍්බුදීපං උන‍්නඞ‍්ගලං කත්‍වා මහාමෙඝො විය අභිවස‍්සන‍්තො මහාදානං පවත‍්තෙසි. තත්‍ථ කිඤ‍්චාපි දානසාලාසු අන‍්නපානාදිඋළාරුළාරපණීතපණීතමෙව යාචකානං යථාරුචිතං දිවසෙ දිවසෙ දීයති, තථාපි අත‍්තනො සජ‍්ජිතං ආහාරං රාජාරහභොජනම‍්පි යාචකානං අදත්‍වා න භුඤ‍්ජති, තං සන්‍ධාය වුත‍්තං “නාහං පිවාමී”තිආදි.

එකල්හි වනාහි බෝධිසත්ත්‍වයන් වහන්සේ සියලු දඹදිව උත්සව ශ්‍රීයෙන් වසන්නා වූ මහා මේඝයක් මෙන් මහදන් පැවැත්වූහ. එහිදී දානශාලාවන්හි උදාර අතිප්‍රණීත ආහාර පානාදිය යාචකයන්ට කැමති පරිදි දවසක් දවසක් පාසා දෙනු ලැබේද, එසේම තමාට සකස් කළ ආහාර රාජාරහ භෝජන වුවද යාචකයන්ට නොදී අනුභව නොකරයි. “නාහං පිවාමි” ආදිය ඒ සඳහා කියන ලදී.

47. “නාහං පිවාමි ඛාදාමි නපි භුඤ්ජාමි භොජනං දක්‍ඛිණෙය්‍යෙ අලත්‍වාන අපි ඡප්පඤ්ච රත්තියො” (චරියා පිටක)

“මම දක්‍ෂිණාවට සුදුසු අයට දන් නොදී රාත්‍රී පහක් හයක් වුවත් කිසිත් පානය නො කෙළෙමි, නො කෑයෙමි, භෝජන අනුභව නොකළෙමි.”

ඉදානි තථා යාචකානං දානෙ කාරණං දස‍්සෙන‍්තො උපමං තාව ආහරති “යථාපි වාණිජො නාමා”තිආදිනා.

දැන් එසේ යාචකයන්ට දන් දීමට හේතුව දක්වන්නේ පළමුකොට “යථාපි වාණිජො” නාම ආදියෙන් උපමාවක් ගෙන හැර දක්වයි.

48. “යථාපි වාණිජො නාම කත්‍වාන භණ්ඩ සඤ්චයං යත්‍ථ ලාභො මහා හොති තත්‍ථ නං හරති භණ්ඩකං

49. තථෙව සක භුත්තාපි පරෙ දින්නං මහප්ථලං තස්මා පරස්ස දාතබ්බං සත භාගො භවිස්සති (චරියා පිටක)

“යම්සේ වෙළෙන්ඳෙක් තෙම භාණ්ඩ රැස්කොට යම් තැනෙක්හි ලාභය බොහෝ වේද, එහි ඒ භාණ්ඩය ගෙනයාද.

“එපරිද්දෙන්ම තමන් අනුභව කළ දේට වඩා අන්‍යයෙකුට දෙන ලද්ද මහත්ඵල වෙයි. එහෙයින් අන්‍යයෙකුට දිය යුතුයි. එය (මත්තෙහි) විපාකාචාර සිය ගණනක් වන්නේය.”

තස‍්සත්‍ථො – යථා නාම වාණිජො භණ‍්ඩට‍්ඨානං ගන‍්ත්‍වා අප‍්පෙන පාභතෙන බහුං භණ‍්ඩං වික‍්කිණිත්‍වා විපුලං භණ‍්ඩසන‍්නිචයං කත්‍වා දෙසකාලං ජානන‍්තො යත්‍ථස‍්ස ලාභො උදයො මහා හොති, තත්‍ථ දෙසෙ කාලෙ වා තං භණ‍්ඩං හරති උපනෙති වික‍්කිණාති.

එහි අර්‍ථය, යම්සේ වෙළෙන්ඳෙක් වෙළඳපොළට ගොස් අඩු මුදලකින් බොහෝ බඩු මිලදී ගෙන, බොහෝ බඩු රැස්කොට දේශය හා කාලය දැන යම් තැනක ඔහුගේ ලාභය වැඩිවේද මහත්වේද ඒ දේශයට හෝ කාලයට ඒ බඩු ගෙන යයි. පමුණුවයි. විකුණයි.

සකභුත‍්තාපීති සකභුත‍්තතොපි අත‍්තනා පරිභුත‍්තතොපි. “සකපරිභුත‍්තාපී”තිපි පාඨො. පරෙති පරස‍්මිං පටිග‍්ගාහකපුග‍්ගලෙ. සතභාගොති අනෙකසතභාගො ආයතිං භවිස‍්සති. ඉදං වුත‍්තං හොති – යථා වාණිජෙන කීතභණ‍්ඩං තත්‍ථෙව අවික‍්කිණිත්‍වා තථාරූපෙ දෙසෙ කාලෙ ච වික‍්කිණියමානං බහුං උදයං විපුලං ඵලං හොති, තථෙව අත‍්තනො සන‍්තකං අත‍්තනා අනුපභුඤ‍්ජිත්‍වා පරස‍්මිං පටිග‍්ගාහකපුග‍්ගලෙ දින‍්නං මහප‍්ඵලං අනෙකසතභාගො භවිස‍්සති, තස‍්මා අත‍්තනා අභුඤ‍්ජිත්‍වාපි පරස‍්ස දාතබ‍්බමෙවාති. වුත‍්තඤ‍්හෙතං භගවතා – “තිරච‍්ඡානගතෙ දානං දත්‍වා සතගුණා දක‍්ඛිණා පාටිකඞ‍්ඛිතබ‍්බා. පුථුජ‍්ජනදුස‍්සීලෙ දානං දත්‍වා සහස‍්සගුණා”ති (ම· නි· 3.379) විත්‍ථාරො. අපරම‍්පි වුත‍්තං “එවං චෙ, භික‍්ඛවෙ, සත‍්තා ජානෙය්‍යුං දානසංවිභාගස‍්ස විපාකං, යථාහං ජානාමි, න අදත්‍වා භුඤ‍්ජෙය්‍යුං, න ච නෙසං මච‍්ඡෙරමලං චිත‍්තං පරියාදාය තිට‍්ඨෙය්‍ය. යොපි නෙසං අස‍්ස චරිමො ආලොපො චරිමං කබළං, තතොපි න අසංවිභජිත්‍වා භුඤ‍්ජෙය්‍යු”න‍්තිආදි (ඉතිවු· 26).

“සකභුත්තාපි” යනු තමා අනුභව කළ දෙයට වඩා “සකපරිභුත්තාපි” යයි ද පාඨයකි. “පරෙ” යනු අන්‍ය වූ ප්‍රතිග්‍රාහක පුද්ගලයෙකු කෙරෙහි, “සතභාගො” යනු නොයෙක් සිය ගණනක් මත්තෙහි වන්නේය, මෙය කියන ලද්දේ වෙයි, යම්සේ වෙළෙන්ඳා විසින් මිළදීගත් භාණ්ඩය එහිම නොවිකුණා එබඳු වූ දේශයක කාලයක විකුණන්නේ බොහෝ අභිවෘද්ධියක් මහත් ඵලයක් වෙයිද, එසේම තමා සතු වූ දෙය තමා අනුභව නොකොට අන්‍ය වූ ප්‍රතිග්‍රාහක පුද්ගලයෙකුහට දෙනලද්ද මහත්ඵලය. විපාකය සිය ගණනින් වන්නේය. එහෙයින් තමා අනුභව නොකොට ද අන්‍යයාට දිය යුතුමයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. “තිරච්ඡානගතානං දානං දත්‍වා සතගුණා දක්‍ඛිණා පාටිකඞ්ඛිතබ්බා. දුස්සීලස්ස මනුස්සභුතස්ස දානං දත්‍වා සහස්සගුණා” (දක්‍ඛිණා විභංග සුත්ත) (තිරිසන්ගත සත්ත්‍වයන්ට දන් දී සිය ගුණයක් දක්‍ෂිණා (පින්) බලාපොරොත්තු විය යුතුය. දුශ්ශීල වූ මනුෂ්‍යයෙකුහට දන් දී දහස් ගුණයක් බලා පොරොත්තු විය යුතුය” යනු විස්තරයයි. අනිකකුදු දේශනා කරන ලදී:- “සචෙ භික්‍ඛවෙ සත්තා ජානෙය්‍යුං දාන සංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්‍වා භුඤ්ජෙය්‍යුං, නච තෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය, යොපි නෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබලං තතොපි න අසංවිභජිත්‍වා භුඤ්ජෙය්‍යුන්ති ආදී” (ඉතිවුත්තක පාලි)

(“මහණෙනි, සත්ත්‍වයෝ දීමය බෙදීමය යන කරුණු දෙක ගැන යම්සේ මා තරම් දනිත් නම්, ඔව්හු නොදී නො වළඳත්. ඔවුන්ගේ සිත මසුරු මලය වැළඳගෙන නො සිටින්නේය. මොවුන්ගේ යම් අන්තිම බත් පිඬක් වේද අන්තිම ආහාරයක් වේද එයිනුදු බෙදානොදී නොවළඳිත් ආදියයි”)

50. “එතමත්‍ථවසං ඤත්‍වා දෙමි දානං භවාභවෙ න පටික්කමාමි දානතො සම්බොධි මනුපත්තියා” (චරියා පිටක)

“මේ කාරණය දැන කුදුමහත් භවයන්හි දන් දිනිමි. සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස දාන පාරමිතාවෙන් නොනැවැත්තෙමි”

එතමත්‍ථවසං ඤත්‍වාති එතං දානස‍්ස මහප‍්ඵලභාවසඞ‍්ඛාතඤ‍්චෙව සම‍්මාසම‍්බොධියා පච‍්චයභාවසඞ‍්ඛාතඤ‍්ච අත්‍ථවසං කාරණං ජානිත්‍වා. න පටික‍්කමාමි දානතොති දානපාරමිතො ඊසකම‍්පි න නිවත‍්තාමි අභික‍්කමාමි එව. කිමත්‍ථං? සම‍්බොධිමනුපත‍්තියාති සම‍්බොධිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අනුප‍්පත‍්තියා අනුප‍්පත‍්තියත්‍ථං, අධිගන‍්තුන‍්ති අත්‍ථො.

“එතමත්‍ථවසං ඤත්‍වා” යනු දානයෙහි මේ මහප්ඵලභාව සඞ්ඛ්‍යාත වූද සම්මා සම්බෝධියට ප්‍රත්‍යයභාවසඞ්ඛ්‍යාත වූද කාරණය දැන, “න පටික්කමාමි දානතො” යනු දාන පාරමිතාවෙන් මඳකුදු නොනවතිමි ඉදිරියට යමි. කුමක් සඳහා ද? “සම්බොධිමනුපත්තියා” යනු සම්බෝධියට සර්‍වඥතා ඥානයට පැමිණීමට, අවබෝධ කර ගන්නට යන අර්‍ථයයි.

තදා බොධිසත‍්තො මහාජනෙන පිතරි චණ‍්ඩාලගාමං පවෙසිතෙ දාතබ‍්බයුත‍්තකං පරිබ‍්බයං දාපෙසි නිවාසනානි පාරුපනානි ච. සොපි නගරං පවිසිතුං අලභන‍්තො බොධිසත‍්තෙ උය්‍යානකීළාදිඅත්‍ථං බහිගතෙ උපසඞ‍්කමති, පුත‍්තසඤ‍්ඤාය පන න වන්‍දති, න අඤ‍්ජලිකම‍්මං කරොති, “චිරං ජීව, සාමී”ති වදති. බොධිසත‍්තොපි දිට‍්ඨදිවසෙ අතිරෙකසම‍්මානං කරොති. සො එවං ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා ආයුපරියොසානෙ සපරිසො දෙවලොකං පූරෙසි.

එකල්හි බෝධිසත්ත්‍වයන් වහන්සේ මහජනයා විසින් පියා සැඬොල් ගමකට යැවූ කල්හි දියයුතු වැටුප් දෙවූහ. ඇඳුම් පෙරවුම් දෙවූහ. පියාද නගරයට පිවිසීමට (අවසර) නොලබන්නේ බෝධිසත්ත්‍වයන් උයන්කෙළි ආදිය පිණිස පිටත ගිය කල්හි බෝධිසත්ත්‍වයන් වෙත එළඹෙයි. “පුතා” යන හැඟීමෙන් නොවඳියි. ඇඳිලි බැඳීමක්ද නොකරයි. “ස්වාමීනි බොහෝ කලක් ජීවත් වූව මැනවැයි කියයි. බෝධිසත්ත්‍වයන් වහන්සේ ද දුටු දවස්හි අතිරේක සම්මාන කරති. හෙතෙම මෙසේ දැහැමෙන් රජකම් කොට ආයු කෙළවර පිරිස සහිතව දෙව්ලොව උපන්හ.

තදා ඛණ‍්ඩහාලො දෙවදත‍්තො අහොසි, ගොතමී දෙවී මහාමායා, චන්‍දා රාජධීතා රාහුලමාතා, වාසුලො රාහුලො, සෙලා උප‍්පලවණ‍්ණා, සූරො මහාකස‍්සපො, භද‍්දසෙනො මහාමොග‍්ගල‍්ලානො, සූරියකුමාරො සාරිපුත‍්තො, චන්‍දරාජා ලොකනාථො.

එකල්හි ඛණ්ඩහාළ දෙව්දත් තෙර විය. ගෝතමී දේවිය මහාමායාවය, චන්‍දා රාජ දියණිය රාහුල මාතාවය. වාසුල නම් රාහුලය. සේලා උප්පලවණ්ණාය. සුර මහාකාශ්‍යප තෙරණුවෝය. භද්දසේන නම් මහාමොග්ගල්ලාන තෙරණුවෝය. සුරිය කුමාරයා නම් සාරිපුත්ත තෙරණුවෝය. චන්‍ද රජ නම් ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.

තස‍්ස ඉධාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව යථාරහං සෙසපාරමියො නිද‍්ධාරෙතබ‍්බා. තදා ඛණ‍්ඩහාලස‍්ස කක‍්ඛළඵරුසභාවං ජානන‍්තොපි අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා ධම‍්මෙන සමෙන අට‍්ටස‍්ස විනිච‍්ඡයො, අත‍්තානං මාරෙතුකාමස‍්සෙව ඛණ‍්ඩහාලස‍්ස තථා යඤ‍්ඤවිධානං ජානිත්‍වාපි තස‍්ස උපරි චිත‍්තප‍්පකොපාභාවො, අත‍්තනො පරිසං ගහෙත්‍වා පිතු සත‍්තු භවිතුං සමත්‍ථොපි “මාදිසස‍්ස නාම ගරූහි විරොධො න යුත‍්තො”ති අත‍්තානං පුරිසපසුං කත්‍වා ඝාතාපෙතුකාමස‍්ස පිතු ආණායං අවට‍්ඨානං, කොසියා අසිං ගහෙත්‍වා සීසං ඡින්‍දිතුං උපක‍්කමන‍්තෙ පුරොහිතෙ අත‍්තනො පිතරි පුත‍්තෙ සබ‍්බසත‍්තෙසු ච මෙත‍්තාඵරණෙන සමචිත‍්තතා, මහාජනෙ පිතරං මාරෙතුං උපක‍්කමන‍්තෙ සයං පලිස‍්සජිත්‍වා තස‍්ස ජීවිතදානඤ‍්ච, දිවසෙ දිවසෙ වෙස‍්සන‍්තරදානසදිසං මහාදානං දදතොපි දානෙන අතිත‍්තභාවො, මහාජනෙන චණ‍්ඩාලෙසු වාසාපිතස‍්ස පිතු දාතබ‍්බයුත‍්තකං දත්‍වා පොසනං, මහාජනං පුඤ‍්ඤකිරියාසු පතිට‍්ඨාපනන‍්ති එවමාදයො ගුණානුභාවා නිද‍්ධාරෙතබ‍්බාති.

මෙහිද යටකී ක්‍රමයෙන්ම බෝධිසත්ත්‍වයන්ගේ සෙසු පාරමිතාවෝ ද සුදුසු පරිදි නිර්ධාරණය කළ යුත්තාහ. එදා ඛණ්ඩහාළගේ කර්‍කශ පරුෂභාවය දන්නේ නමුදු මධ්‍යස්ථව දැහැමෙන් සෙමෙන් යුක්තිය විසඳීමද තමා මරණු කැමතිවූම ඛණ්ඩහාළගේ කියන ලද ආකාර යාග විධානය දැන ගෙනද ඔහු කෙරෙහි චිත්ත කෝපයකුදු නැති බවද, තමාගේ පිරිස ගෙන පියාට සතුරු වන්නට හැකි නමුදු මා වැන්නෙකුට මවුපියන් කෙරෙහි විරුද්ධ වීම නුසුදුසු යයි තමන් පුරුෂ සිවුපාවකු කොට නසනු කැමති පියාගේ අණෙහි පිහිටීමද, කොපුවෙන් කඩුව ගෙන හිස සිඳීමට උපක්‍රම කරන පුරෝහිතයා කෙරෙහිද, තමාගේ පියා කෙරෙහිද පුතා කෙරෙහි ද සියලු සත්ත්‍වයන් කෙරෙහිද මෛත්‍රී පැතිරවීමෙන් සමසිත් ඇති බවද, මහජනයා පියා මැරීමට උපක්‍රම කරන විට තමා පරිත්‍යාග කොට ඔහුට ජීවිත දානය දීමද, දවසක් දවසක් පාසා වෙස්සන්තර දානයට සමාන මහදන් දෙන්නේ නමුදු දානයෙහි සෑහීමක් නැති බවද, මහජනයා විසින් චණ්ඩාලයන් කෙරෙහි වාසය කරවන ලද පියාට දිය යුතු දේ දී පෝෂණය කිරීමද, මහජනයා පුණ්‍ය ක්‍රියාවන්හි පිහිටුවීම ද යන මේ ආදී ගුණානුභාවයෝ නිර්ධාරණය කළ යුත්තාහ.

චන්‍දකුමාරචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වෙනි චන්‍දරාජ චරිතයයි.