5. මහාගොවින්ද චරියං
5. මහාගොවින්ද චරියං.
5. මහාගෝවින්ද චරියාව
37 පුනාපරං යදා හොමි සත්ත රාජපුරොහිතො පූජිතො නරදෙවෙහි මහාගොවින්දබ්රාහ්මණො.
37. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම සත් රජුන්ට පුරෝහිත වූ සියලු රජුන් විසින් පුදනු ලැබූ මහාගෝවින්ද නම් බ්‍රාහ්මණ වූයෙම් ද,
38. තදාහං සත්තරජ්ජෙසු යං මෙ ආසි උපායනං තෙන දෙමි මහාදානං අක්ඛොභං සාගරූපමං.
38. එකල සත්රජයෙහි (රජුන්) මට එළවන ලද යම් පඬුරෙක් වී ද, එයින් මම (කිසිවකු විසින්) ඇළලිය නො හැකි සාගරය වැනි වූ මහා දානයක් දිනිමි.
39. න මෙ දෙස්සං ධනං ධඤ්ඤං නපි නත්ථි නිවයො මයි සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා දෙමි වරං ධනන්ති.
39. මට ධන ධාන්‍යය ද අප්‍රිය නො වෙයි. මා ගේ වස්තු රැස් කිරීමෙක් නැත්තේ ද නො වෙයි. සර්වඥතාඥානය (එ ධනධාන්යයට) වඩා මට ප්‍රිය වෙයි. එහෙයින් උතුම් වූ ධනය දෙමි.
මහාගොවින්ද චරියං පඤ්චමං.
පස්වන මහාගෝවින්ද චරියා යි.
6. නිමිරාජ චරියං
6. නිමිරාජ චරියාව
40. පුනාපරං යදා හොමි මිථිලායං පුරුත්තමෙ නිමි නාම මහාරාජා පණ්ඩිතො කුසලත්ථිකො.
40. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම මිථිලා නම් උතුම් නගරයෙහි පණ්ඩිත වූ පින් කැමති වූ නිමි නම් මහරජ වූයෙම් ද,
41. තදාහං මාපයිත්වාන චතුස්සාලං චතුම්මුඛං තත්ථ දානං පවත්තෙසිං මිගපක්ඛිනරාදිනං.
41. එකල මම සතර දිශාවට දොර ඇති චතුශ්ශාලාවක් කරවා මෘග පක්ෂි මනුෂ්‍යාදීන්ට ද එහි මහදන් පැවැත් වීමි.
42. අච්ඡාදනඤ්ච සයනඤ්ච අන්නං පානඤ්ච භොජනං අබ්බොච්ඡින්නං කරිත්වාන මහාදානං පවත්තයිං.
42. හඳනා පොරෝනා වතුදු යහනුදු ආහාරපානදු සෙසු නොයෙක් බොදුනුදු නිරතුරු කොට තබා මහදන් පැවැත්වීමි.
43. යථාපි සෙවකො සාමිං ධනහෙතුමුපාගතො කායෙන වාචා මනසා ආරාධනියමෙසති.
43. යම්සේ සේවක පුරුෂයෙක් ධනහේතුයෙන් ස්වාමියාගේ සමීපයට පැමිණියේ කයින් වචනයෙන් සිතින් සතුටු කළ යුතු උපාය සොයා ද,
44. තථෙවාහං සබ්බභවෙ පරියෙසිස්සාමි බොධිජං දානෙන සත්තෙ තප්පෙත්වා ඉච්ඡාමි බොධිමුත්තමන්ති.
44. එපරිද්දෙන් මම ද උපනුපන් සියලු භවයෙහි ධනයෙන් සියලු සත්ත්වයන් සතප්පා සර්වඥතාඥානය (සියලු උත්සාහයෙන්) සොයන්නෙමි. ඒ උතුම් සම්‍යක් සම්බෝධිය විශේෂයෙන් ප්‍රාර්‍ත්‍ථනා කෙළෙමි යි.
නිමිරාජචරියං ඡට්ඨමං.
සවන නිමිරාජ චරියා යි.
7. චන්දකුමාර චරියං
7. චන්දකුමාර චරියාව
45. පුනාපරං යදා හොමි එකරාජස්ස අත්රජො නගරෙ පුප්ඵවතියා කුමාරො චන්දසව්හයො.
45. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක (මම) පුෂ්පවතී නුවර ඒකරාජ නම් කසී රජහුගේ ඖරස පුත්‍ර වූ චන්ද්‍ර නම් කුමාර වූයෙම් ද,
46. තදාහං යජනා මුත්තො නික්ඛන්තො යඤ්ඤවාටතො සංවෙගං ජනයිත්වාන මහාදානං පවත්තයිං.
46. එකල මම (ඛණ්ඩහාලයා කළ) යාග විධානයෙන් මිදුණෙම් යාගාවාටයෙන් නික්ම ගියෙම් අතිශයින් සංවේග උපදවා (වෙස්සන්තර රජුගේ දානය වැනි වූ) මහ දන් පැවැත්වීමි.
47. නාහං පිවාමි ඛාදාමි නපි භුඤ්ජාමි භොජනං දක්ඛිණෙය්යෙ අදත්වාන අපි ඡප්පඤ්ච රත්තියො.
47. මම දක්ෂිණාර්හයන්හට ස පස්රැයක් පමණකුදු පවා නො දී නො පීමි. නො කෑයෙමි. නො බිදීමි.
48. යථාපි වාණිජො නාම කත්වාන භණ්ඩසඤ්චයං යත්ථ ලාභො මහා හොති තත්ථ තං හරති භණ්ඩකං.
48. යම් සේ වෙළඳෙක් (මඳ මිලයෙන් විකිණිගෙන) බඩු රැස් කොට යම් තැනෙක ලාභ මහත් වේ ද එතැන්හි ඒ බඩු ගෙන යේ ද,
49. තථෙව සකභුත්තාපි පරෙ දින්නං මහප්ඵලං තස්මා පරස්ස දාතබ්බං සතභාගො භවිස්සති.
49. එසේම ස්වකීය පරිභෝගයට වඩා අනෙක් ප්‍රතිග්‍රාහක කෙනකුන්ට දෙන ලද්ද මහත් ඵලවිපාක ඇත්තේ ය. එහෙයින් (තමන් අනුභව නො කොට) අනුන්ට දියයුතු ය. මත්තෙහි විපාකවාර සිය කොටසින් වන්නේ ය.
50. එතමත්ථවසං ඤත්වා දෙමි දානං භවාභවෙ න පටික්කමාමි දානතො සම්බොධිමනුපත්තියාති.
50. මේ කාරණය දැනගෙන කුදු මහත් භවයෙහි දන් දිනිමි. බුද්ධත්වයට පැමිණීම පිණිස දාන පාරමිතායෙන් මඳකුදු නො නැවැත්තෙමි යි.
චන්දකුමාරචරියං සත්තමං.
සත්වන චන්ද්‍රකුමාර චරියා යි.