යෙදුමෙන් කියවන්න

6. නිමිරාජචරියාවණ‍්ණනා අට‍්ඨකථා

6. නිමිරාජචරියාවණ‍්ණනා

6. නිමිරාජ චරියා වර්ණනාව

40. “පුනාපරං යදාහොමි මිථිලායං පුරුත්ත මෙ නිමිනාම මහා රාජා පණ්ඩිතො කුසලත්‍ථිකො” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම් කලෙක මිථිලානම් උතුම් පුරයෙහි පණ්ඩිත වූ කුශලාභිවෘද්ධිය පතන නිමි නම් මහරජෙක් වීම්ද”

ඡට‍්ඨෙ මිථිලායං පුරුත‍්තමෙති මිථිලානාමකෙ විදෙහානං උත‍්තමනගරෙ. නිමි නාම මහාරාජාති නෙමිං ඝටෙන‍්තො විය උප‍්පන‍්නො “නිමී”ති ලද‍්ධනාමො, මහන‍්තෙහි දානසීලාදිගුණවිසෙසෙහි මහතා ච රාජානුභාවෙන සමන‍්නාගතත‍්තා මහන‍්තො රාජාති මහාරාජා. පණ‍්ඩිතො කුසලත්‍ථිකොති අත‍්තනො ච පරෙසඤ‍්ච පුඤ‍්ඤත්‍ථිකො.

හයවෙනි (නිමිරාජ චරිතයෙහි) “මිථිලායං පුරුත්තමෙ” යනු විදේහ රටට අයත් මිථිලා නම් උතුම් නගරයෙහි, “නිමිනාම මහා රාජා” යනු නිම්වළලු ගැටෙන්නාක් මෙන් උපන්නේනුයි ‘නිමි’ යයි ලැබූ නම් ඇති, මහත් වූ දානශීලාදී ගුණ විශේෂයන්ගෙන් ද මහත් වූ රාජානුභාවයෙන් ද යුක්ත වූ හෙයින් මහත් වූ රජ = මහාරාජා’යි “පණ්ඩිතො කුසලත්‍ථිකො” යනු තමාට අනුන්ට පින් කැමති, පිනෙන් ප්‍රයෝජන ඇත්තා වූ

අතීතෙ කිර විදෙහරට‍්ඨෙ මිථිලානගරෙ අම‍්හාකං බොධිසත‍්තො මඝදෙවො නාම රාජා අහොසි. සො චතුරාසීති වස‍්සසහස‍්සානි කුමාරකීළං කීළිත්‍වා චතුරාසීති වස‍්සහස‍්සානි උපරජ‍්ජං කාරෙත්‍වා චතුරාසීති වස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙන‍්තො “යදා මෙ සිරස‍්මිං පලිතානි පස‍්සෙය්‍යාසි, තදා මෙ ආරොචෙය්‍යාසී”ති කප‍්පකස‍්ස වත්‍වා අපරභාගෙ තෙන පලිතානි දිස‍්වා ආරොචිතෙ සුවණ‍්ණසණ‍්ඩාසෙන උද‍්ධරාපෙත්‍වා හත්‍ථෙ පතිට‍්ඨාපෙත්‍වා පලිතං ඔලොකෙත්‍වා “පාතුභූතො ඛො මය‍්හං දෙවදූතො”ති සංවෙගජාතො “ඉදානි මයා පබ‍්බජිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා සතසහස‍්සුට‍්ඨානකං ගාමවරං කප‍්පකස‍්ස දත්‍වා ජෙට‍්ඨකුමාරං පක‍්කොසාපෙත්‍වා තස‍්ස –

අතීතයෙහි වනාහි විදේහ රට මියුලු නුවර අප මහ බෝසතාණන් වහන්සේ මඛාදේව නම් රජෙක් වූහ. හෙතෙම අවුරුදු අසූහාර දහසක් කුමාර ක්‍රීඩා කොට අවුරුදු අසූහාර දහසක් යුවරජ වී අවුරුදු අසූහාර දහසක් රජකම් කරන්නේ “යම් දිනක මගේ හිසෙහි නර (ඉදීගිය) කෙස් දිටී නම් එදින මට දැනුම් දෙවයි කපුවා හට කියා මෑත කාලයෙහි ඔහු විසින් නරකෙස් දැක දැනුම් දුන් කල්හි රන් අඬුවෙන් උදුරවා අතෙහි තබවා නර කෙස් බලා “මට දේවදූතයා පහළ වී ය”යි හටගත් සංවේග ඇත්තේ දැන් මා විසින් පැවිදි වීමට වටී යයි සිතා ලක්‍ෂයක් උපදනා ගම්වරයක් කරණවෑමියා හට දී වැඩිමහල් කුමාරයා කැඳවා ඔහුට,

“උත‍්තමඞ‍්ගරුහා මය‍්හං, ඉමෙ ජාතා වයොහරා; පාතුභූතා දෙවදූතා, පබ‍්බජ‍්ජාසමයො මමා”ති. (ජා· 1.1.9) –

“මාගේ වයස පැහැර ගත්තා වූ මේ (සුදු) කෙස් හටගත්තේය. දේවදූතයෝ පහළවූහ. මට පැවිදි වීමට කාලයයි”

වත්‍වා සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා යදිපි අත‍්තනො අඤ‍්ඤානිපි චතුරාසීති වස‍්සසහස‍්සානි ආයු අත්‍ථි, එවං සන‍්තෙපි මච‍්චුනො සන‍්තිකෙ ඨිතං විය අත‍්තානං මඤ‍්ඤමානො සංවිග‍්ගහදයො පබ‍්බජ‍්ජං රොචෙති. තෙන වුත‍්තං –

කියා මනාකොට රාජ්‍යයෙහි අනුශාසනා කොට තමාට තවත් අවුරුදු අසූහාර දහසක් ආයු ඉතිරිව තිබියදීත් මාරයා සමීපයෙහි සිටියකු මෙන් තමන් ගැන සිතමින් කළකිරුණු සිත් ඇත්තේ පැවිද්ද කැමති විය. එහෙයින්

“සිරස‍්මිං පලිතං දිස‍්වා, මඝදෙවො දිසම‍්පති; සංවෙගං අලභී ධීරො, පබ‍්බජ‍්ජං සමරොචයී”ති. (ම· නි· අට‍්ඨ· 2.309);

“මඛාදේව රජතුමා හිසෙහි නරකෙසක් දැක සංවේගයට පත් විය. නුවණැති රජතුමා පැවිද්ද කැමති වීය”යි කියන ලදී.

සො පුත‍්තං “ඉමිනාව නීහාරෙන වත‍්තෙය්‍යාසි යථා මයා පටිපන‍්නං, මා ඛො ත්‍වං අන‍්තිමපුරිසො අහොසී”ති ඔවදිත්‍වා නගරා නික‍්ඛම‍්ම භික‍්ඛුපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චතුරාසීති වස‍්සසහස‍්සානි ඣානසමාපත‍්තීහි වීතිනාමෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකපරායනො අහොසි. පුත‍්තොපිස‍්ස බහූනි වස‍්සසහස‍්සානි ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා තෙනෙව උපායෙන පබ‍්බජිත්‍වා බ්‍රහ‍්මලොකපරායනො අහොසි. තථා තස‍්ස පුත‍්තො, තථා තස‍්ස පුත‍්තොති එවං ද‍්වීහි ඌනානි චතුරාසීති ඛත‍්තියසහස‍්සානි සීසෙ පලිතං දිස‍්වාව පබ‍්බජිතානි. අථ බොධිසත‍්තො බ්‍රහ‍්මලොකෙ ඨිතොව “පවත‍්තති නු ඛො මයා මනුස‍්සලොකෙ කතං කල්‍යාණං න පවත‍්තතී”ති ආවජ‍්ජෙන‍්තො අද‍්දස “එත‍්තකං අද‍්ධානං පවත‍්තං, ඉදානි නප‍්පවත‍්තිස‍්සතී”ති. සො “න ඛො පනාහං මය‍්හං පවෙණියා උච‍්ඡිජ‍්ජිතුං දස‍්සාමී”ති අත‍්තනො වංසෙ ජාතරඤ‍්ඤො එව අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හිත්‍වා අත‍්තනො වංසස‍්ස නෙමිං ඝටෙන‍්තො විය නිබ‍්බත‍්තො. තෙන වුත‍්තං “නෙමිං ඝටෙන‍්තො විය උප‍්පන‍්නොති නිමීති ලද‍්ධනාමො”ති.

හෙතෙම - පුතාහට යම්සේ මවිසින් පිළිපන්නේ ද ඒ ආකාරයෙන් පවතින්න, නුඹ අන්තිම පුරුෂයා නොවෙව”යි අවවාද දී නගරයෙන් නික්ම මහණ පැවිද්දෙන් පැවිදි වී අවුරුදු අසූහාර දහසක් ධ්‍යාන සමාපත්තීන්ගෙන් කල්යවා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. එතුමන්ගේ පුතාද බොහෝ වර්‍ෂ දහස් ගණනක් ධර්‍මයෙන් රාජ්‍යය කොට ඒ ආකාරයෙන්ම පැවිදිව බ්‍රහ්ම ලෝකයේ උපන්නේය. ඔහුගේ පුතාද එසේමය. ඔහුගේ පුතාද එසේම යයි මෙසේ දෙනෙකු අඩු අසූහාර දහසක් (83998) රජවරු හිසෙහි නර කෙස් දැකම පැවිදි වූහ. ඉක්බිති බෝධිසත්ත්‍වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිටියාහු “මා විසින් මනුෂ්‍ය ලෝකයෙහි කළ යහපත් කටයුතු පවතීද? නොපවතීදැයි සිහි කරන්නාහු “මෙතෙක් කල් පැවතිණ දැන් නොපවත්නේ ය”යි දුටහ. එතුමා “මගේ ප්‍රවේණිය කඩ කිරීමට මම ඉඩ නොදෙමි”යි තමාගේ වංශයෙහි උපන් රජුගේම අගමෙහෙසිය කුසෙහි පිළිසිඳගෙන තමාගේ වංශයෙහි නිම්වළලු ගළපන්නාක් මෙන් උපන්හ. එහෙයින් “නෙමිං ඝටෙන්තො විය උප්පන්නොති නිමීති ලද්ධනාමො”යි කියන ලදී.

තස‍්ස හි නාමග‍්ගහණදිවසෙ පිතරා ආනීතා ලක‍්ඛණපාඨකා. ලක‍්ඛණානි ඔලොකෙත්‍වා “මහාරාජ, අයං කුමාරො තුම‍්හාකං වංසං පග‍්ගණ‍්හාති, පිතුපිතාමහෙහිපි මහානුභාවො මහාපුඤ‍්ඤො”ති බ්‍යාකරිංසු. තං සුත්‍වා රාජා යථාවුත‍්තෙනත්‍ථෙන “නිමී”තිස‍්ස නාමං අකාසි, සො දහරකාලතො පට‍්ඨාය සීලෙ උපොසථකම‍්මෙ ච යුත‍්තප‍්පයුත‍්තො අහොසි. අථස‍්ස පිතා පුරිමනයෙනෙව පලිතං දිස‍්වා කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා පුත‍්තං රජ‍්ජෙ සමනුසාසිත්‍වා නගරා නික‍්ඛම‍්ම පබ‍්බජිත්‍වා ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායනො අහොසි.

ඔහුට නම් තබන දවසෙහි පියා විසින් කැඳවන ලද ලක්‍ෂණ පාඨකයෝ ලක්‍ෂණ (පරීක්‍ෂා කොට) බලා “මහරජ මේ කුමාරයා ඔබ වහන්සේගේ වංශය දියුණු කරන්නේය. ඔබගේ මුත්තණුවෝද වෙති. මහානුභාවසම්පන්න මහා පින් ඇත්තෙකි” යනුවෙන් ප්‍රකාශ කළහ. එය අසා රජතුමා කියන ලද අර්‍ථයට අනුව ‘නිමි’ යයි ඔහුට නම් කළේය. හෙතෙම ළදරු කල පටන්ම පඤ්ච ශීලයෙහි සහ උපෝසථ ශීලයෙහි යෙදුනෙක් විය. ඉක්බිති ඔහුගේ පියා පෙර කී පරිදිම නරකෙසක් දැක මඟුල් කපුවාට ගම්වරයක් දී පුතා රාජ්‍යයෙහි පිහිටුවා නගරයෙන් නික්ම පැවිදිව ධ්‍යාන උපදවා බ්‍රහ්මලෝක පරායණ විය.

නිමිරාජා පන දානජ‍්ඣාසයතාය චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ චාති පඤ‍්ච දානසාලායො කාරෙත්‍වා මහාදානං පවත‍්තෙසි. එකෙකාය දානසාලාය සතසහස‍්සං සතසහස‍්සං කත්‍වා දෙවසිකං පඤ‍්චසතසහස‍්සානි පරිච‍්චජි, පඤ‍්ච සීලානි රක‍්ඛි, පක‍්ඛදිවසෙසු උපොසථකම‍්මං සමාදියි , මහාජනම‍්පි දානාදීසු පුඤ‍්ඤෙසු සමාදපෙසි, සග‍්ගමග‍්ගං ආචික‍්ඛි, නිරයභයෙන තජ‍්ජෙසි, පාපතො නිවාරෙසි. තස‍්ස ඔවාදෙ ඨත්‍වා මහාජනො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්ති, දෙවලොකො පරිපූරි, නිරයො තුච‍්ඡො විය අහොසි. තදා පන අත‍්තනො දානජ‍්ඣාසයස‍්ස උළාරභාවං සවිසෙසං දානපාරමියා පූරිතභාවඤ‍්ච පවෙදෙන‍්තො සත්‍ථා –

නිමි රජ වනාහි දානාධ්‍යාශයෙන් සතර දොරටුවෙහි ද නගරය මැදදැයි දානශාලා පහක් කරවා මහදන් පැවැත්වීය. එක් එක් දානශාලාවකට ලක්‍ෂය ලක්‍ෂය බැගින් දිනපතා ලක්‍ෂ පහක් පරිත්‍යාග කළේය. පන්සිල් රැක්කේය. පක්‍ෂ (පුර, අව පෝය) දිනයන්හි පෙහෙවස් සමාදන් විය. මහජනයාද දානාදී පින්කම්වල සමාදන් කරවීය. ස්වර්‍ග මාර්‍ගය ප්‍රකාශ කළේය. නිරය භයින් භයගැන්වීය. පවින් වැළැක්වීය. එතුමාගේ අවවාදයෙහි පිහිටා මහජනයා දානාදී පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේය. දෙව්ලොව පිරුණි. නරකය හිස් වූවාක් මෙන් විය. එකල්හි වනාහි තමන්ගේ දානාධ්‍යාශයෙහි උදාර බවත් විශේෂයෙන් දාන පාරමිතාව පිරූ බවත් දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ -

“තදාහං මාපයිත්‍වාන, චතුස‍්සාලං චතුම‍්මුඛං; තත්‍ථ දානං පවත‍්තෙසිං, මිගපක‍්ඛිනරාදින”න‍්ති. – ආදිමාහ;

41. “තදාහං මාපයිත්‍වාන චතුසාලං චතුම්මුඛං තත්‍ථ දානං පවත්තෙ සිං මිග පක්‍ඛි නරාදිනං”(චරියා පිටකය)

“ඒ කාලයෙහි මම සිවු දොරටුවකින් යුක්ත වූ සතරැස් දානශාලාවක් කරවා එහි මෘග, පක්‍ෂි මනුෂ්‍යාදීන්ට දන් පැවැත්වුයෙමි” යනාදිය වදාළහ.

තත්‍ථ තදාති තස‍්මිං නිමිරාජකාලෙ. මාපයිත්‍වානාති කාරාපෙත්‍වා. චතුස‍්සාලන‍්ති චතූසු දිසාසු සම‍්බන්‍ධසාලං. චතුම‍්මුඛන‍්ති චතූසු දිසාසු චතූහි ද‍්වාරෙහි යුත‍්තං. දානසාලාය හි මහන‍්තභාවතො දෙය්‍යධම‍්මස‍්ස යාචකජනස‍්ස ච බහුභාවතො න සක‍්කා එකෙනෙව ද‍්වාරෙන දානධම‍්මං පරියන‍්තං කාතුං දෙය්‍යධම‍්මඤ‍්ච පරියොසාපෙතුන‍්ති සාලාය චතූසු දිසාසු චත‍්තාරි මහාද‍්වාරානි කාරාපෙසි. තත්‍ථ ද‍්වාරතො පට‍්ඨාය යාව කොණා දෙය්‍යධම‍්මො රාසිකතො තිට‍්ඨති. අරුණුග‍්ගං ආදිං කත්‍වා යාව පකතියා සංවෙසනකාලො, තාව දානං පවත‍්තෙති. ඉතරස‍්මිම‍්පි කාලෙ අනෙකසතා පදීපා ඣායන‍්ති. යදා යදා අත්‍ථිකා ආගච‍්ඡන‍්ති, තදා තදා දීයතෙව. තඤ‍්ච දානං න කපණද‍්ධිකවනිබ‍්බකයාචකානඤ‍්ඤෙව , අථ ඛො අඩ‍්ඪානං මහාභොගානම‍්පි උපකප‍්පනවසෙන මහාසුදස‍්සනදානසදිසං උළාරතරපණීතතරානං දෙය්‍යධම‍්මානං පරිච‍්චජනතො සබ‍්බෙපි සකලජම‍්බුදීපවාසිනො මනුස‍්සා පටිග‍්ගහෙසුඤ‍්චෙව පරිභුඤ‍්ජිංසු ච. සකලජම‍්බුදීපඤ‍්හි උන‍්නඞ‍්ගලං කත්‍වා මහාපුරිසො තදා මහාදානං පවත‍්තෙසි. යථා ච මනුස‍්සානං, එවං මිගපක‍්ඛිකෙ ආදිං කත්‍වා තිරච‍්ඡානගතානම‍්පි දානසාලාය බහි එකමන‍්තෙ තෙසං උපකප‍්පනවසෙන දානං පවත‍්තෙසි. තෙන වුත‍්තං – “තත්‍ථ දානං පවත‍්තෙසිං, මිගපක‍්ඛිනරාදින”න‍්ති. න කෙවලඤ‍්ච තිරච‍්ඡානානමෙව, පෙතානම‍්පි දිවසෙ දිවසෙ පත‍්තිං දාපෙසි. යථා ච එකිස‍්සා දානසාලාය, එවං පඤ‍්චසුපි දානසාලාසු දානං පවත‍්තිත්‍ථ. පාළියං පන “තදාහං මාපයිත්‍වාන, චතුස‍්සාලං චතුම‍්මුඛ”න‍්ති එකං විය වුත‍්තං, තං නගරමජ‍්ඣෙ දානසාලං සන්‍ධාය වුත‍්තං.

එහි “තදා” යනු ඒ නිමි රජු කල, “මාපයිත්‍වාන” යනු කරවා, “චතුසාලං” යනු සතර පැත්තට සම්බන්‍ධ වූ ශාලාවක්, “චතුම්මුඛං” යනු සතර දිශාවෙහි දොරටු හතරකින් යුත්, දාන ශාලාවෙහි මහත් බව නිසාත් දිය යුතු වස්තුන්ගේ හා යාචක ජනයාගේ අධික බව නිසාත් එකම දොරටුවකින් දානධර්‍මය අවසන් කිරීමට හෝ දිය යුතු වස්තූන් අවසන් කරවීමට හෝ නොහැකි යයි සලකා ශාලාවෙහි සතර දිශාවෙහි මහ දොරටු හතරක් කරවීය. එහි දොරටුවේ සිට කොණ දක්වා දිය යුතු වස්තු රැස්කොට තබන ලද්දේ විය. අරුණ නැගි වේලේ පටන් අඳුර වැටෙන තුරු දානය පැවැත්වේ. සෙසු කාලයෙහිද සිය ගණන් පහන් දැල්වේ. යම්කලෙක ප්‍රයෝජන ඇත්තෝ පැමිණෙත්ද ඒ ඒ කාලයෙහි දෙනු ලබන්නේමය. එම දානය දුගී මගී යාචකයන්ට පමණක් දෙන ලද්දේ නොවෙයි. ඉක්බිති ධනවතුන්ට ද මහාභෝග ඇත්තන්ට ද සුදුසු සුදුසු පරිදි මහා සුදර්‍ශන රජු දුන් දානය හා සමානව ඉතා උදාර වූද ඉතා ප්‍රණීත වූද දාන වස්තු පරිත්‍යාගය නිසා සියලු දඹදිව් වැසි සියලු මිනිස්සු දානය පිළිගත්හ. එමෙන්ම පරිභෝග ද කළහ. මහා පුරුෂතෙම සියලු දඹදිව උත්සව ශ්‍රීයෙන් (නගුල් උඩට හරවා) එකල්හි මහදන් පැවැත්වීය. මිනිසුන්ට මෙන්ම මෘග පක්‍ෂීන් ආදිකොට තිරිසන් ගත සතුන්ට ද දාන ශාලාවෙන් පිටත එකත් පසෙක ඔවුන්ට සුදුසු පරිදි දානය පැවැත්වීය. එහෙයින් “තත්‍ථ දානං පවත්තෙසිං මිගපක්‍ඛිනරාදිනං”යි කියන ලදී. හුදෙක් තිරිසන්ගත සත්ත්‍වයන්ට පමණක්ම නොවේ. දවසක් පාසා ප්‍රේතයන්ට ද පිං දීම කරවීය. යම්සේ එක් දානශාලාවක දන් දේද ඒ ආකාරයටම දාන ශාලා පහේම දානය පැවැත්වීය. පෙළෙහි වනාහි “තදාහං මාපයිත්‍වාන චතුසාලං චතුම්මුඛං” යනුවෙන් එක් දානශාලාවක් මෙන් දේශනා කරන ලදී. එය නගරය මැද දාන ශාලාව සඳහා වදාරණ ලදී.

ඉදානි තත්‍ථ දෙය්‍යධම‍්මං එකදෙසෙන දස‍්සෙන‍්තො “අච‍්ඡාදනඤ‍්ච සයනං, අන‍්නං පානඤ‍්ච භොජන”න‍්ති ආහ.

දැන් එහි දාන වස්තු එක් දේශයකින් දක්වමින්,

42. අච්ඡාදනං සයනඤ්ච අන්තපානඤ්ච භොජනං අබ්හොච්ඡින්නං කරිත්‍වාන මහා දානං පවත්තයිං” (චරියා පිටක)

“හඳනා පොරෝනා වස්ත්‍ර ද යහන් ද, ආහාර ද, පාන ද, භෝජන ද, නොකඩකොට මහදන් පැවැත්වීමි”යි දේශනා කළ සේක.

තත්‍ථ අච‍්ඡාදනන‍්ති ඛොමසුඛුමාදිනානාවිධනිවාසනපාරුපනං. සයනන‍්ති මඤ‍්චපල‍්ලඞ‍්කාදිඤ‍්චෙව ගොනකචිත‍්තකාදිඤ‍්ච අනෙකවිධං සයිතබ‍්බකං, ආසනම‍්පි චෙත්‍ථ සයනග‍්ගහණෙනෙව ගහිතන‍්ති දට‍්ඨබ‍්බං. අන‍්නං පානඤ‍්ච භොජනන‍්ති තෙසං තෙසං සත‍්තානං යථාභිරුචිතං නානග‍්ගරසං අන‍්නඤ‍්චෙව පානඤ‍්ච අවසිට‍්ඨං නානාවිධභොජනවිකතිඤ‍්ච. අබ‍්බොච‍්ඡින‍්නං කරිත්‍වානාති ආරම‍්භතො පට‍්ඨාය යාව ආයුපරියොසානා අහොරත‍්තං අවිච‍්ඡින‍්නං කත්‍වා.

එහි “අච්ඡාදනං” යනු කොමුපිළි ආදී නන්වැදෑරුම් හඳනා පොරෝනා (වස්ත්‍රය), “සයනං” යනු ඇඳන් කවිච්චි ආදිය මෙන්ම පලස් ඇතිරිලි ආදී අනේකවිධ යහන්, ආසනද මෙහි ‘සයන’ යන්නෙන්ම ගන්නා ලදී යයි දත යුතුය. “අන්නං පානඤ්ච භොජනං” යනු ඒ ඒ සත්ත්‍වයන්ට රිසිවූ නානාග්‍රරස ඇති ආහාර මෙන්ම පාන ද අවශේෂ වූ විවිධ භෝජන වර්‍ගද, “අබ්භොච්ඡින්නං කරිත්‍වාන” යනු ආරම්භයේ පටන් ආයු කෙළවර දක්වා දිවා රෑ දෙක්හි නොසිඳකොට,

ඉදානි තස‍්ස දානස‍්ස සම‍්මාසම‍්බොධිං ආරබ‍්භ දානපාරමිභාවෙන පවත‍්තිතභාවං දස‍්සෙන‍්තො යථා තදා අත‍්තනො අජ‍්ඣාසයො පවත‍්තො, තං උපමාය දස‍්සෙතුං “යථාපි සෙවකො”තිආදිමාහ.

දැන් ඒ දානය සම්මා සම්බෝධිය අරබයා දාන පාරමීභාවයෙන් පැවති බව දක්වන්නේ යම්සේ එදා තමාගේ අධ්‍යාශය පැවතුණේ ද එය උපමාවකින් දැක්වීමට

43 “යථාපි සෙවකො සාමිං ධනහෙතු මුපාගතො කායෙන වාචා මනසා ආරාධනීය මෙසති.

44. තථෙවාහං සබ්බ භවෙ පරියෙසිස්සාමි බොධිජං දානෙන සත්තෙ තප්පෙත්‍වා ඉච්ඡාමි බොධිමුත්තමං” (චරියා පිටක)

“යම්සේ සේවකයෙක් තමාගේ ස්වාමියා කරා පැමිණියේ ධනය හේතුකොටගෙන කයින්ද වචනයෙන්ද මනසින්ද සතුටු කරවිය හැකි උපායක් සොයාද, එසේම මම ද සියලු භවයෙහි සර්‍වඥතා ඥානය සෙවූයෙමි. දානයෙන් සත්ත්‍වයන් සතුටුකොට උතුම් සර්‍වඥතා ඥානය කැමති වීම’යි

තස‍්සත්‍ථො – යථා නාම සෙවකපුරිසො අත‍්තනො සාමිකං කාලානුකාලං සෙවනවසෙන උපගතො ලද‍්ධබ‍්බධනහෙතු කායෙන වාචාය මනසා සබ‍්බථාපි කායවචීමනොකම‍්මෙහි යථා සො ආරාධිතො හොති, එවං ආරාධනීයං ආරාධනමෙව එසති ගවෙසති, තථා අහම‍්පි බොධිසත‍්තභූතො සදෙවකස‍්ස ලොකස‍්ස සාමිභූතං අනුත‍්තරං බුද‍්ධභාවං සෙවෙතුකාමො තස‍්ස ආරාධනත්‍ථං සබ‍්බභවෙ සබ‍්බස‍්මිං නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ දානපාරමිපරිපූරණවසෙන දානෙන සබ‍්බසත‍්තෙ සන‍්තප‍්පෙත්‍වා බොධිසඞ‍්ඛාතතො අරියමග‍්ගඤාණතො ජාතත‍්තා “බොධිජ”න‍්ති ලද‍්ධනාමං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පරතො සබ‍්බථා නානූපායෙහි එසිස‍්සාමි ගවෙසිස‍්සාමි, තං උත‍්තමං බොධිං සම‍්මාසම‍්බොධිං ජීවිතපරිච‍්චාගාදිං යංකිඤ‍්චි කත්‍වා ඉච‍්ඡාමි අභිපත්‍ථෙමීති.

ආදිය දේශනා කළහ. එහි අර්‍ථය:- යම්සේ සේවක පුරුෂයෙක් තමාගේ ස්වාමියා කරා කළින් කළ සේවය කිරීම් වශයෙන් පැමිණියේ ලැබිය යුතු ධනය හේතුවෙන් කයින් වචනයෙන් හා මනසින් සියලු ආකාරයේ කාය, වචී, මනෝ කර්‍මයන් කරණකොට ගෙන යම්සේ ස්වාමියා සතුටු කෙළේ වෙයිද එසේ “ආරාධනීයං” සතුටු කිරීමට සොයයි. ගවේෂණය කරයි. එසේම මම ද බෝධිසත්ත්‍ව වූයේ සදේවක ලෝකයාට ස්වාමී වූ අනුත්තර වූ බුදු බව සෙව්නා කැමැත්තේ බුදුබව සතුටු කරනු පිණිස “සබ්බ භවෙ” උපනුපන් සියලු භවයන්හි දාන පාරමිතාව සම්පූර්ණ කිරීම් වශයෙන් ධනයෙන් සියලු සත්ත්‍වයන් සතප්වා බෝධි සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් හටගත් බැවින් “බොධිජ” යයි ලැබූ නම් ඇති සර්‍වඥතා ඥානය සියලු වීර්‍ය්‍ය උපායයෙන් සොයන්නෙමි. ගවේෂණය කරන්නෙමි. ඒ උතුම් සම්මා සම්බෝධිය ජීවිත පරිත්‍යාගාදී යම්කිසිවක් කොට කැමැත්තෙමි. ප්‍රාර්ථනා කරමි.

එවමිධ දානජ‍්ඣාසයස‍්ස උළාරභාවං දස‍්සෙතුං දානපාරමිවසෙනෙව දෙසනා කතා. ජාතකදෙසනායං පනස‍්ස සීලපාරමිආදීනම‍්පි පරිපූරණං විභාවිතමෙව, තථා හිස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සීලාදිගුණෙහි අත‍්තානං අලඞ‍්කරිත්‍වා මහාජනං තත්‍ථ පතිට‍්ඨපෙන‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා නිබ‍්බත‍්තදෙවතා සුධම‍්මායං දෙවසභායං සන‍්නිපතිතා “අහො අම‍්හාකං නිමිරාජානං නිස‍්සාය මයං ඉමං සම‍්පත‍්තිං පත‍්තා, එවරූපාපි නාම අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ මහාජනස‍්ස බුද‍්ධකිච‍්චං සාධයමානා අච‍්ඡරියමනුස‍්සා ලොකෙ උප‍්පජ‍්ජන‍්තී”ති මහාපුරිසස‍්ස ගුණෙ වණ‍්ණෙන‍්තා අභිත්‍ථවිංසු. තෙන වුත‍්තං –

මෙසේ මෙහි දානාධ්‍යාශයාගේ උදාර බව දැක්වීමට දාන පාරමිතා වශයෙන්ම දේශනාව කරන ලදී. ජාතක දේශනාවෙහි වනාහි ශීල පාරමිතාදිය ද පිරූබව කියන ලද්දේමය. ඒ එසේමැයි. යට කියන ලද ආකාරයටම ශීලාදි ගුණයන්ගෙන් තමන් අලංකාර කොට මහජනයාද එම ශීලාදි ගුණයෙහි පිහිටුවන එතුමන්ගේ අවවාදයෙහි පිහිටා දෙව්ලොව උපන්නා වූ දේවතාවෝ සුධර්‍මා දේව සභාවෙහි රැස් වූවාහු. “අහෝ අපගේ නිමි රජු නිසා අපි මේ සම්පත්තියට පැමිණියෙමු. අබුද්ධෝත්පාද කාලයෙහි මහජනයාට බුද්ධ කෘත්‍යය සිද්ධ කරන මෙබඳු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝ නම් ලෝකයෙහි උපදිති”යි මහබෝසතාණන්ගේ ගුණ වර්‍ණනා කරමින් ස්තුති කළහ. එහෙයින්

“අච‍්ඡෙරං වත ලොකස‍්මිං, උප‍්පජ‍්ජන‍්ති විචක‍්ඛණා; යදා අහු නිමිරාජා, පණ‍්ඩිතො කුසලත්‍ථිකො”ති. (ජා· 2.22.421) – ආදි.

යම්සේ නුවණැති, කුශලයෙන් ප්‍රයෝජන ඇති නිමි නම් රජෙක් වීද එබඳු දක්‍ෂ පණ්ඩිතයන්ගේ ඉපදීම ඒකාන්තයෙන් ලෝකයෙහි ආශ්චර්‍ය්‍යයෙකැයි යනාදිය කියන ලදි. (ජාතක පාලි)

තං සුත්‍වා සක‍්කං දෙවානමින්‍දං ආදිං කත්‍වා සබ‍්බෙ දෙවා බොධිසත‍්තං දට‍්ඨුකාමා අහෙසුං. අථෙකදිවසං මහාපුරිසස‍්ස උපොසථිකස‍්ස උපරිපාසාදවරගතස‍්ස පච‍්ඡිමයාමෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි “දානං නු ඛො වරං, උදාහු බ්‍රහ‍්මචරිය”න‍්ති. සො තං අත‍්තනො කඞ‍්ඛං ඡින්‍දිතුං නාසක‍්ඛි. තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො තං කාරණං ආවජ‍්ජෙන‍්තො බොධිසත‍්තං තථා විතක‍්කෙන‍්තං දිස‍්වා “හන්‍දස‍්ස විතක‍්කං ඡින්‍දිස‍්සාමී”ති ආගන‍්ත්‍වා පුරතො ඨිතො තෙන “කොසි ත්‍ව”න‍්ති පුට‍්ඨො අත‍්තනො දෙවරාජභාවං ආරොචෙත්‍වා “කිං, මහාරාජ, චින‍්තෙසී”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසි. සක‍්කො බ්‍රහ‍්මචරියමෙව උත‍්තමං කත්‍වා දස‍්සෙන‍්තො –

එය අසා ශක්‍රදේවේන්‍ද්‍රයාණන් ආදි කොට ඇති සියලු දෙව්වරු බෝධි සත්ත්‍වයන් දකිනු කැමති වූහ. ඉක්බිති එක් දිනක් පෙහෙවස් සමාදන්ව මතුමහල් තලයට පැමින පශ්චිම යාමයෙහි බද්ධපර්‍යඞ්කයෙන් හුන් බෝසතුන්ට “උතුම් වන්නේ දානය ද නැත්නම් බ්‍රහ්මචර්‍ය්‍යාවද” යනුවෙන් මෙසේ අදහසක් පහළ විය. එතුමා තම සිතේ පහළ වූ එම සැකය සිඳින්නට අසමත් විය. එකෙණෙහිම ශක්‍රභවන උණු ස්වභාවයක් දැක්වීය. ශක්‍ර තෙමේ ඒ කාරණය ආවර්ජනා කරන්නේ එසේ විතර්‍ක කරන බෝසතාණන් දැක “ඒකාන්තයෙන් එතුමන්ගේ සැකය සිඳින්නෙමි”යි පැමිණ ඉදිරියෙහි සිටියේ - එතුමා විසින් “නුඹ කවරෙක් වෙහිදැයි” විචාරණ ලද්දේ තමන් සක්දෙව් රජ බව දන්වා “මහරජ” කුමක් සිතන්නෙහිදැයි ඇසූ කල්හි ඒ කාරණය දැන්වීය. ශක්‍රතෙම බ්‍රහ්මචර්‍ය්‍යාවම උතුම්කොට දක්වන්නේ -

“හීනෙන බ්‍රහ‍්මචරියෙන, ඛත‍්තියෙ උපපජ‍්ජති; මජ‍්ඣිමෙන ච දෙවත‍්තං, උත‍්තමෙන විසුජ‍්ඣති.

“හීනෙන බ්‍රහ්මචරියෙන ඛත්තියෙ උපපජ්ජති මජ්ඣිමෙනච දෙවත්තෙ උත්තමෙන විසුජ්ඣති

“න හෙතෙ සුලභා කායා, යාචයොගෙන කෙනචි; යෙ කායෙ උපපජ‍්ජන‍්ති, අනගාරා තපස‍්සිනො”ති. (ජා· 2.22.429-430) –

නහෙතෙ සුලභා කායා යාචයොගෙන කෙනචි යෙ කායෙ උප්පජ්ජන්ති අනාගාරා තපස්සිනො”

“ළාමක බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් රජකුලයෙහි උපදී. මධ්‍යම බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දෙව්බවට පැමිණෙයි. උතුම් බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් පිරිසිදු වේ.

ගිහිගෙයින් නික්ම තපස් රකින යම් කෙනෙක් බ්‍රහ්ම කායෙහි උපදිත් ද දන් දෙන කිසිවෙකු විසින් ඒ බ්‍රහ්මකායයෝ නො ලබන්නාහු වෙති”

ආහ.

යනුවෙන් කීය.

තත්‍ථ පුථුතිත්‍ථායතනෙසු මෙථුනවිරතිමත‍්තං හීනං බ්‍රහ‍්මචරියං නාම, තෙන ඛත‍්තියකුලෙ උපපජ‍්ජති. ඣානස‍්ස උපචාරමත‍්තං මජ‍්ඣිමං නාම, තෙන දෙවත‍්තං උපපජ‍්ජති. අට‍්ඨසමාපත‍්තිනිබ‍්බත‍්තනං පන උත‍්තමං නාම, තෙන බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. තඤ‍්හි බාහිරකා “නිබ‍්බාන”න‍්ති කථෙන‍්ති. තෙනාහ “විසුජ‍්ඣතී”ති. සාසනෙ පන පරිසුද‍්ධසීලස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤතරං දෙවනිකායං පත්‍ථෙන‍්තස‍්ස බ්‍රහ‍්මචරියචෙතනා හීනතාය හීනං නාම, තෙන යථාපත්‍ථිතෙ දෙවලොකෙ නිබ‍්බත‍්තති. පරිසුද‍්ධසීලස‍්ස අට‍්ඨසමාපත‍්තිනිබ‍්බත‍්තනං මජ‍්ඣිමං නාම, තෙන බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තති. පරිසුද‍්ධසීලස‍්ස පන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තප‍්පත‍්ති උත‍්තමං නාම, තෙන විසුජ‍්ඣතීති. ඉති සක‍්කො “මහාරාජ, දානතො බ්‍රහ‍්මචරියවාසොව සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන මහප‍්ඵලො”ති වණ‍්ණෙසි. කායාති බ්‍රහ‍්මගණා. යාචයොගෙනාති යාචනයුත‍්තෙන. “යාජයොගෙනා”තිපි පාළි, යජනයුත‍්තෙන, දානයුත‍්තෙනාති අත්‍ථො. තපස‍්සිනොති තපනිස‍්සිතකා. ඉමායපි ගාථාය බ්‍රහ‍්මචරියවාසස‍්සෙව මහානුභාවතං දීපෙති. එවඤ‍්ච පන වත්‍වා “කිඤ‍්චාපි, මහාරාජ, දානතො බ්‍රහ‍්මචරියමෙව මහප‍්ඵලං, ද‍්වෙපි පනෙතෙ මහාපුරිසකත‍්තබ‍්බාව . ද‍්වීසුපි අප‍්පමත‍්තො හුත්‍වා දානඤ‍්ච දෙහි සීලඤ‍්ච රක‍්ඛාහී”ති වත්‍වා තං ඔවදිත්‍වා සකට‍්ඨානමෙව ගතො.

එහි - පෘථු තීර්ථායතනයන්හි (බොහෝ දෘෂ්ටි ඇති තැන්වල) මෛථුනයෙන් වෙන්වීම් මාත්‍රයක්ම ‘හීන බ්‍රහ්මචරිය’ නම් වේ. එයින් ක්‍ෂත්‍රිය කුලයෙහි උපදී. ධ්‍යානයාගේ උපචාර මාත්‍රය ‘මධ්‍යම’ නම් වේ. එය කරණකොට ගෙන දිව්‍ය ලෝකයෙහි උපදී. අෂ්ට සමාපත්ති ඉපිදවීම. ‘උත්තම’ නම් වේ. එය කරණ කොටගෙන බ්‍රහ්ම ලෝකයෙහි උපදී. බුද්ධ ශාසනයෙන් පිට බාහිරකයෝ එය වනාහි “නිර්‍වාණය”යි කියති. “විසුජ්ඣති” යයි එහෙයින් කියන ලදී. බුද්ධ ශාසනයෙහි වනාහි එක්තරා දේවනිකායක් ප්‍රාර්ථනා කරන පිරිසිදු සිල් ඇති භික්‍ෂුවගේ බ්‍රහ්ම චර්‍ය්‍යාව චේතනාවගේ හීනභාවයෙන් ‘හීන’ නම්වේ. එය කරණ කොට ගෙන ප්‍රාර්ථනා පරිදි දෙව්ලොව උපදී. සම්පූර්‍ණ සිල් ඇත්තහුගේ අෂ්ට සමාපත්ති ඉපිදවීම. “මධ්‍යම” නම් වේ. එය කරණ කොට ගෙන බ්‍රහ්ම ලෝකයෙහි උපදී. පිරිසිදු සිල් ඇත්තහුගේ වනාහි විදර්‍ශනා වඩා රහත් ඵලයට පත් වීම ‘උත්තම’ නම් වේ. එයින් විසුද්ධියට පැමිණේ යනුවෙන් මෙසේ සක්දෙව් රජ “දානයට වඩා බ්‍රහ්මචරිය වාසයම සිය ගුණයකින් දහස් ගුණයකින් ලක්‍ෂ ගුණයකින් මහත්ඵල” යයි වර්‍ණනා කළේය. “කායා” යනු බ්‍රහ්ම සමූහයායි. “යාචයොගෙන” යනු ඉල්ලීමට සුදුසු වූ තැනැත්තා විසින්, “යාජයොගෙන” යනුද පාඨයකි. යාග කිරීමෙහි නියුතු තැනැත්තා විසින්, දීමෙහි නියුතු තැනැත්තා (දායකයා) විසින් යන අර්‍ථයයි. “තපස්සිනො” යනු තපස ඇසුරු කළෝ, මේ ගාථාවෙන් ද බ්‍රහ්මචරියා වාසයෙහි මහානුභාව බව ප්‍රකාශ වේ. මෙසේද කියා “මහරජ දානයට වඩා බ්‍රහ්මචර්‍ය්‍යාව මහත්ඵල නමුත්” මහා පුරුෂයාණනි. මේ දෙකම කළ යුතුය. දෙකෙහිම අප්‍රමාද වී දන් ද දුන මැනව. සිල් ද රැක්ක මැනවයි කියා ඔහුට අවවාද දී සිය වාසස්ථානයටම ගියේය.

අථ නං දෙවගණො “මහාරාජ, කුහිං ගතත්‍ථා”ති ආහ. සක‍්කො “මිථිලායං නිමිරඤ‍්ඤො කඞ‍්ඛ ඡින්‍දිතු”න‍්ති තමත්‍ථං පකාසෙත්‍වා බොධිසත‍්තස‍්ස ගුණෙ විත්‍ථාරතො වණ‍්ණෙසි. තං සුත්‍වා දෙවා “මහාරාජ, මය‍්හං නිමිරාජානං දට‍්ඨුකාමම‍්හා, සාධු නං පක‍්කොසාපෙහී”ති වදිංසු. සක‍්කො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මාතලිං ආමන‍්තෙසි – “ගච‍්ඡ නිමිරාජානං වෙජයන‍්තං ආරොපෙත්‍වා ආනෙහී”ති . සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා රථෙන ගන‍්ත්‍වා තත්‍ථ මහාසත‍්තං ආරොපෙත්‍වා තෙන යාචිතො යථාකම‍්මං පාපකම‍්මීනං පුඤ‍්ඤකම‍්මීනඤ‍්ච ඨානානි ආචික‍්ඛන‍්තො අනුක‍්කමෙන දෙවලොකං නෙසි . දෙවාපි ඛො “නිමිරාජා ආගතො”ති සුත්‍වා දිබ‍්බගන්‍ධවාසපුප‍්ඵහත්‍ථා යාව චිත‍්තකූටද‍්වාරකොට‍්ඨකා පච‍්චුග‍්ගන‍්ත්‍වා මහාසත‍්තං දිබ‍්බගන්‍ධාදීහි පූජෙන‍්තා සුධම‍්මං දෙවසභං ආනයිංසු. රාජා රථා ඔතරිත්‍වා දෙවසභං පවිසිත්‍වා සක‍්කෙන සද‍්ධිං එකාසනෙ නිසීදිත්‍වා තෙන දිබ‍්බෙහි කාමෙහි නිමන‍්තියමානො “අලං, මහාරාජ, මය‍්හං ඉමෙහි යාචිතකූපමෙහි කාමෙහී”ති පටික‍්ඛිපිත්‍වා අනෙකපරියායෙන ධම‍්මං දෙසෙත්‍වා මනුස‍්සගණනාය සත‍්තාහමෙව ඨත්‍වා “ගච‍්ඡාමහං මනුස‍්සලොකං, තත්‍ථ දානාදීනි පුඤ‍්ඤානි කරිස‍්සාමී”ති ආහ. සක‍්කො “නිමිරාජානං මිථිලං නෙහී”ති මාතලිං ආණාපෙසි. සො තං වෙජයන‍්තරථං ආරොපෙත්‍වා පාචීනදිසාභාගෙන මිථිලං පාපුණි. මහාජනො දිබ‍්බරථං දිස‍්වා රඤ‍්ඤො පච‍්චුග‍්ගමනං අකාසි. මාතලි සීහපඤ‍්ජරෙ මහාසත‍්තං ඔතාරෙත්‍වා ආපුච‍්ඡිත්‍වා සකට‍්ඨානමෙව ගතො. මහාජනොපි රාජානං පරිවාරෙත්‍වා “කීදිසො, දෙව, දෙවලොකො”ති පුච‍්ඡි. රාජා දෙවලොකසම‍්පත‍්තිං වණ‍්ණෙත්‍වා “තුම‍්හෙපි දානාදීනි පුඤ‍්ඤානි කරොථ, එවං තස‍්මිං දෙවලොකෙ උප‍්පජ‍්ජිස‍්සථා”ති ධම‍්මං දෙසෙසි. සො අපරභාගෙ පුබ‍්බෙ වුත‍්තනයෙන පලිතං දිස‍්වා පුත‍්තස‍්ස රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා කාමෙ පහාය පබ‍්බජිත්‍වා චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

ඉක්බිති දිව්‍ය සමූහයා “මහරජ කොහි ගියෙහිදැයි ඔහුගෙන් ඇසූහ. ශක්‍රතෙම මිථිලා නුවර නිමි රජුගේ සැකය සිඳින්නට ගියේ යයි එම කාරණය පවසා බෝධි සත්ත්‍වයන්ගේ ගුණයන් විස්තර වශයෙන් වර්‍ණනා කළේය. එය අසා දෙවියෝ “මහරජ අපි නිමිරජු දැකීමට කැමැත්තෙමු. ඔහු කැඳවන්නෙහි නම් යහපතියි කීහ. ශක්‍රතෙම ‘යහපතැ’යි පිළිගෙන මාතලී ඇමතීය. “යව, නිමිරජු වෛජයන්ත රථයට නංවාගෙන එව”යි කීය. හෙතෙම “යහපතැ”යි පිළිගෙන රථයෙන් ගොස් මහා සත්ත්‍වයන් එහි නංවාගෙන ඔහු විසින් ඉල්ලා සිටින ලද්දේ පිළිවෙළින් පව්කළවුන් උපදනා වූද පින් කළවුන් උපදනා වූද තැන් කියමින් පිළිවෙළින් දෙව්ලොවට පැමිණවීය. දෙවියෝ ද “නිමි රජු පැමිණියේ ය”යි අසා දිව්‍යමය සුවඳ හමන මල්ගත් අත් ඇතිව විත්‍රකූට දොරටුව දක්වා පෙර ගමන් ගොස් මහා සත්ත්‍වයන් දිව්‍යමය සුවඳ ආදියෙන් පුදමින් සුධර්මා දේවසභාවට කැඳවාගෙන ආහ. රජ රථයෙන් බැස දේව සභාවට පිවිස ශක්‍රයා සමග එකම ආසනයේ හිඳ ඔහු විසින් දිව්‍යකාමයෙන් ආරාධනා කරනු ලබන්නේ “මහරජ, මේ ණයට ඉල්ලාගත් දෙයක් හා සමාන කාමයන්ගෙන් මට වැඩක් නැතැ”යි ප්‍රතික්‍ෂේප කොට නොයෙක් ආකාරයෙන් ධර්‍ම දේශනා කොට මිනිස් ගණනින් දින හතක් පමණක් සිට “මම මනුෂ්‍ය ලෝකයට යන්නෙමි. එහි දානාදී පින්කම් කරන්නෙමි”යි කීවේය. ශක්‍ර තෙම “නිමි රජ මිථිලා නුවර ගෙන යවයි මාතලීට අණ කළේය. ඔහු රජතුමා වෛජයන්ත රථයට නංවා නැගෙනහිර දිශාවෙන් මිථිලා නුවරට පැමිණියේය. මහජනයා දිව්‍ය රථය දැක රජුට පෙරගමන් කළේය. මාතලී සීමැදුරු කවුළුව සමීපයෙහි මහා සත්ත්‍වයන් බස්වා (රජතුමා) විමසා සිය ස්ථානයටම ගියේය. මහාජනයාද රජතුමා පිරිවරා “දේවයන් වහන්ස. දෙව්ලොව කෙබඳුදැ”යි විමසීය. රජතුමා දෙව්ලොව සම්පත් වර්‍ණනා කොට නුඹලා ද දානාදී පින් කරව්, එසේ කිරීමෙන් ඒ දෙව්ලොව උපදින්නෙහු”යි ධර්‍මය දේශනා කළේය. හෙතෙම මෑතකාලයෙහි පෙර කියන ලද ආකාරයෙන් නරකෙසක් දැක පුතාට රාජ්‍යය පවරා දී කාමයන් හැර පැවිදි වී සතර බඹ විහරණ වඩා බඹලොව උපන්නේය.

තදා සක‍්කො අනුරුද‍්ධො අහොසි. මාතලි ආනන්‍දො. චතුරාසීති රාජසහස‍්සානි බුද‍්ධපරිසා. නිමිරාජා ලොකනාථො.

එකල ශක්‍රයා අනුරුද්ධ ස්ථවිර විය. මාතලී ආනන්‍ද ස්ථවිරය. අසූහාර දහසක් රජ පිරිස බුදු පිරිසය. නිමි රජ ලෝකනාථයන් වහන්සේය.

තස‍්ස ඉධාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව බොධිසම‍්භාරා නිද‍්ධාරෙතබ‍්බා. තථා බ්‍රහ‍්මලොකසම‍්පත‍්තිං පහාය පුබ‍්බෙ අත‍්තනා පවත‍්තිතං කල්‍යාණවත‍්තං අනුප‍්පබන්‍ධෙස‍්සාමීති මහාකරුණාය මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තනං, උළාරො දානජ‍්ඣාසයො, තදනුරූපා දානාදීසු පටිපත‍්ති, මහාජනස‍්ස ච තත්‍ථ පතිට‍්ඨාපනං, යාව දෙවමනුස‍්සානං පත්‍ථටයසතා, සක‍්කස‍්ස දෙවරාජස‍්ස උපසඞ‍්කමනෙ අතිවිම‍්හයතා, තෙන දිබ‍්බසම‍්පත‍්තියා නිමන‍්තියමානොපි තං අනලඞ‍්කරිත්‍වා පුඤ‍්ඤසම‍්භාරපරිබ්‍රූහනත්‍ථං පුන මනුස‍්සවාසූපගමනං, ලාභසම‍්පත‍්තීසු සබ‍්බත්‍ථ අලග‍්ගභාවොති එවමාදයො ගුණානුභාවා නිද‍්ධාරෙතබ‍්බාති.

එතුමන්ගේ මෙම චරිතයෙහි ද යට කියන ලද අයුරින්ම බෝධිසම්භාර ධර්‍ම නිර්ධාරණය (උදුරා දැක්වීම) කළ යුතුය. එසේම බ්‍රහ්මලෝක සම්පත් අත්හැර පෙර තමන් විසින් පැවැත්වූ කල්‍යාණ ව්‍රතය ලුහුබඳින්නෙමියි මහා කරුණාවෙන් මිනිස් ලොව ඉපදීම, උදාර දානාධ්‍යාශය, එයට ගැලපෙන දානාදී ප්‍රතිපත්ති, මහජනයාද එහි පිහිටු වීම, දෙව් මිනිසුන් අතර පතළා වූ යසස් ඇති බව, සක් දෙව්රජ කරා එළඹීමෙහි ඉතා විස්මයභාවය, ඔහු විසින් ආරාධනා කරනු ලබන්නේ නමුදු එය අත්හැර පින් රැස් කරනු පිණිස නැවත මිනිස් වාසයට පැමිණීම, ලාභ සම්පත්තින්හි සියලු තන්හි නො ඇලීම මේ ආදී ගුණානුභාවයෝ නිර්ධාරණය කළ යුත්තාහ.

නිමිරාජචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවැනි නිමි රාජ චරිතයයි.