යෙදුමෙන් කියවන්න

5. මහාගොවින්‍දචරියාවණ‍්ණනා අට‍්ඨකථා

5. මහාගොවින්‍දචරියාවණ‍්ණනා

5. මහාගෝවින්‍ද චරියා වර්ණනාව

37. “පුනාපරං යදා හොමි සත්තරාජ පුරොහිතො පූජිතො නරදෙවෙහි මහාගොවින්‍ද බ්‍රාහ්මණො” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක සත් රජුන්ගේ පුරෝහිත වූ රජුන් විසින් පුදන ලද මහා ගෝවින්ද නම් බ්‍රාහ්මණයෙක් වීම් ද”

පඤ‍්චමෙ සත‍්තරාජපුරොහිතොති සත‍්තභූආදීනං සත‍්තන‍්නං රාජූනං සබ‍්බකිච‍්චානුසාසකපුරොහිතො. පූජිතො නරදෙවෙහීති තෙහි එව අඤ‍්ඤෙහි ච ජම‍්බුදීපෙ සබ‍්බෙහෙව ඛත‍්තියෙහි චතුපච‍්චයපූජාය සක‍්කාරසම‍්මානෙන ච පූජිතො. මහාගොවින්‍දබ්‍රාහ‍්මණොති මහානුභාවතාය ගොවින්‍දස‍්සාභිසෙකෙන අභිසිත‍්තතාය ච “මහාගොවින්‍දො”ති සඞ‍්ඛං ගතො බ්‍රාහ‍්මණො, අභිසිත‍්තකාලතො පට‍්ඨාය හි බොධිසත‍්තස‍්ස අයං සමඤ‍්ඤා ජාතා, නාමෙන පන ජොතිපාලො නාම. තස‍්ස කිර ජාතදිවසෙ සබ‍්බාවුධානි ජොතිංසු. රාජාපි පච‍්චූසසමයෙ අත‍්තනො මඞ‍්ගලාවුධං පජ‍්ජලිතං දිස‍්වා භීතො අත‍්තනො පුරොහිතං බොධිසත‍්තස‍්ස පිතරං උපට‍්ඨානං ආගතං පුච‍්ඡිත්‍වා “මා භායි, මහාරාජ, මය‍්හං පුත‍්තො ජාතො, තස‍්සානුභාවෙන න කෙවලං රාජගෙහෙයෙව, සකලනගරෙපි ආවුධානි පජ‍්ජලිංසු, න තං නිස‍්සාය තුය‍්හං අන‍්තරායො අත්‍ථි, සකලජම‍්බුදීපෙ පන පඤ‍්ඤාය තෙන සමො න භවිස‍්සති, තස‍්සෙතං පුබ‍්බනිමිත‍්ත”න‍්ති පුරොහිතෙන සමස‍්සාසිතො තුට‍්ඨචිත‍්තො “කුමාරස‍්ස ඛීරමූලං හොතූ”ති සහස‍්සං දත්‍වා “වයප‍්පත‍්තකාලෙ මය‍්හං දස‍්සෙථා”ති ආහ. සො වුද‍්ධිප‍්පත‍්තො අපරභාගෙ අලමත්‍ථදස‍්සො සත‍්තන‍්නං රාජූනං සබ‍්බකිච‍්චානුසාසකො හුත්‍වා පබ‍්බජිත්‍වා ච සත‍්තෙ දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකෙහි අනත්‍ථෙහි පාලෙත්‍වා අත්‍ථෙහි නියොජෙසි. ඉති ජොතිතත‍්තා පාලනසමත්‍ථතාය ච “ජොතිපාලො”තිස‍්ස නාමං අකංසු. තෙන වුත‍්තං “නාමෙන ජොතිපාලො නාමා”ති (දී· නි· 2.304).

පස්වෙනි (මහාගොවින්‍ද චරිතයෙහි) “සත්තරාජ පුරොහිතො” යනු සත්තභූ ආදි රජුන් සත්දෙනෙකුගේ සියලු කාර්‍ය්‍යයන්හි අනුශාසක වූ පුරෝහිතයා, “පුජිතො නරදෙවෙහි” යනු ඒ රජවරුන් විසින් ද දඹදිව අනෙක් සියලුම ක්‍ෂත්‍රියයන් විසින් ද සිව්පසය පූජා කිරීම්, සත්කාර සම්මාන කිරීම් වශයෙන් පුදන ලද්දේ, “මහාගොවින්‍ද බ්‍රාහ්මණො” යනු මහත් ආනුභාවය ඇති නිසාත් ගොවින්‍ද නම් වූ තම පියාගේ තනතුරෙහි පිහිටුවීමෙන් අභිෂේක කළ නිසාත්, “මහා ගොවින්‍ද” යයි ව්‍යවහාරයට පත් බ්‍රාහ්මණයා, අභිෂේක කළ කාලයේ සිට බෝධිසත්ත්‍වයන් වහන්සේට මෙම ව්‍යවහාරය ඇති විය. නමින් වනාහි ජෝතිපාල නම් විය. ඔහු උපන් දිනයෙහි සියලු ආයුධ දිලිහී ගියේය. රජතුමා ද අළුයම් වේලෙහි තමාගේ මඟුල් කඩුව දිලිහී ගිය බව දැක බියට පත්වූයේ උපස්ථානය සඳහා පැමිණි තමාගේ පුරෝහිත වූ, බෝධිසත්ත්‍වයන්ගේ පියාගෙන් අසා “මහරජ, බිය නොවන්න. මට පුතෙක් උපන්නේය. ඔහුගේ ආනුභාවයෙන් රජගෙදර පමණක් නොව සියලු නගරයෙහිම ආයුධ දිලිසුනේය. එය කරණකොට ගෙන නුඹ වහන්සේට අනතුරක් නැත. සියලු දඹදිව වනාහි ප්‍රඥාවෙන් ඔහුට සමාන කෙනෙක් නොවන්නාහ. මේ එයට පූර්‍ව නිමිත්ත යයි පුරෝහිතයා විසින් අස්වසනු ලැබූයේ සතුටු සිතැතිව කුමාරයාට කිරි මිළ වේවායි (කහවණු) දහසක් දී වැඩිවිය පැමිණි කළ මට දැක්වුව මැනවැයි කීය. හෙතෙම වැඩිවියට පත් වූයේ පසු කලෙක අර්‍ථය දැකීමට සුදුසු නුවණ ඇත්තේ රජවරුන් සත්දෙනාගේ සියලු කාර්‍ය්‍යයෙහි අනුශාසකයා වී යළි පැවිදිව ද සත්ත්‍වයන් දිට්ඨධම්මික, සම්පරායික (මෙලොව, පරලොව) අනර්ථයන්ගෙන් ආරක්‍ෂාකොට අර්‍ථයෙහි යෙදවීය. මෙසේ බැබලුන නිසාත් පාලනයෙහි සමර්ථ නිසාත් මොහුට ජොතිපාල යයි නම් කළහ. “නාමෙන ජොතිපාලො නාම” යයි එහෙයින් කියන ලදී.

තත්‍ථ බොධිසත‍්තො දිසම‍්පතිස‍්ස නාම රඤ‍්ඤො පුරොහිතස‍්ස ගොවින්‍දබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා අත‍්තනො පිතු තස‍්ස ච රඤ‍්ඤො අච‍්චයෙන තස‍්ස පුත‍්තො රෙණු, සහායා චස‍්ස සත‍්තභූ, බ්‍රහ‍්මදත‍්තො, වෙස‍්සභූ , භරතො, ද‍්වෙ ච ධතරට‍්ඨාති ඉමෙ සත‍්ත රාජානො යථා අඤ‍්ඤමඤ‍්ඤං න විවදන‍්ති. එවං රජ‍්ජෙ පතිට‍්ඨාපෙත්‍වා තෙසං අත්‍ථධම‍්මෙ අනුසාසන‍්තො ජම‍්බුදීපතලෙ සබ‍්බෙසං රාජූනං අඤ‍්ඤෙසඤ‍්ච බ්‍රාහ‍්මණානං දෙවනාගගහපතිකානං සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො උත‍්තමං ගාරවට‍්ඨානං පත‍්තො අහොසි. තස‍්ස අත්‍ථධම‍්මෙසු කුසලතාය “මහාගොවින්‍දො”ත්‍වෙව සමඤ‍්ඤා උදපාදි. යථාහ “ගොවින්‍දො වත, භො බ්‍රාහ‍්මණො, මහාගොවින්‍දො වත, භො බ්‍රාහ‍්මණො”ති (දී· නි· 2.305). තෙන වුත‍්තං –

එහිදී බෝධිසත්ත්‍වයෝ “දිසම්පති” නම් රජුගේ පුරෝහිත ගෝවින්‍ද නම් බ්‍රාහ්මණයාගේ පුතා වී තමාගේ පියාගේ ද ඒ රජුගේ ද ඇවෑමෙන් ඒ රජුගේ පුත් වූ රේණු නම් රජු ද ඔහුගේ යහළුවන් වූ සත්තභූ, බ්‍රහ්මදත්ත, වෙස්සභූ, භරත, ධතරට්ඨ රජවරු දෙදෙනාය යන මේ සත් රජවරු යම්සේ ඔවුනොවූන් විවාද නොකෙරෙත් ද, එසේ රාජ්‍යයෙහි පිහිටුවා ඔවුන්ට අර්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කරන්නා වී දඹදිව සියලු රජුන් විසින් ද සෙසු බ්‍රාහ්මණයන් විසින් ද දේවනාගයන් විසින් ද මනුෂ්‍යයන් විසින් ද ගෘහපතීන් විසින් ද සත්කාර ගරුකාර මානන පූජා කරන ලද්දාහු උතුම් ගෞරවස්ථානයට පත් වූහ. අර්‍ථධර්‍මයන්හි කුශලතාව හේතුකොට ගෙන ඔහුට “මහා ගෝවින්ද” යන නාමය ඇතිවූයේය. කියන ලද්දේමය: “ගොවින්‍දො වත භො බ්‍රාහ්මණො (මහා) ගොවින්‍දො වත භො බ්‍රාහ්මණො”යි (දීඝනිකාය - මහාගොවින්‍ද සුත්ත) එහෙයින්

“පුනාපරං යදා හොමි, සත‍්තරාජපුරොහිතො; පූජිතො නරදෙවෙහි, මහාගොවින්‍දබ්‍රාහ‍්මණො”ති.

“පුනාපරං යදා හොමි සත්තරාජ පුරොහිතො පූජිතො නර දෙවෙහි මහා ගොවින්‍ද බ්‍රාහ්මණො”යි කියන ලදී.

අථ බොධිසත‍්තස‍්ස පුඤ‍්ඤානුභාවසමුස‍්සාහිතෙහි රාජූහි තෙසං අනුයුත‍්තෙහි ඛත‍්තියෙහි බ්‍රාහ‍්මණගහපතිකෙහි නෙගමජානපදෙහි ච උපරූපරි උපනීතො සමන‍්තතො මහොඝො විය අජ‍්ඣොත්‍ථරමානො අපරිමෙය්‍යො උළාරො ලාභසක‍්කාරො උප‍්පජ‍්ජි, යථා තං අපරිමාණාසු ජාතීසු උපචිතවිපුලපුඤ‍්ඤසඤ‍්චයස‍්ස උළාරාභිජාතස‍්ස පරිසුද‍්ධසීලාචාරස‍්ස පෙසලස‍්ස පරියොදාතසබ‍්බසිප‍්පස‍්ස සබ‍්බසත‍්තෙසු පුත‍්තසදිසමහාකරුණාවිප‍්ඵාරසිනිද‍්ධමුදුහදයස‍්ස. සො චින‍්තෙසි – “එතරහි ඛො මය‍්හං මහාලාභසක‍්කාරො, යංනූනාහං ඉමිනා සබ‍්බසත‍්තෙ සන‍්තප‍්පෙත්‍වා දානපාරමිං පරිපූරෙය්‍ය”න‍්ති. සො නගරස‍්ස මජ‍්ඣෙ චතූසු ද‍්වාරෙසු අත‍්තනො නිවෙසනද‍්වාරෙති ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං අපරිමිතධනපරිච‍්චාගෙන මහාදානං පවත‍්තෙසි. යං යං උපායනං ආනීයති, යඤ‍්ච අත‍්තනො අත්‍ථාය අභිසඞ‍්ඛරීයති, සබ‍්බං තං දානසාලාසු එව පෙසෙසි. එවං දිවසෙ දිවසෙ මහාපරිච‍්චාගං කරොන‍්තස‍්ස චස‍්ස චිත‍්තස‍්ස තිත‍්ති වා සන‍්තොසො වා නාහොසි, කුතො පන සඞ‍්කොචො. දානග‍්ගඤ‍්චස‍්ස ලාභාසාය ආගච‍්ඡන‍්තෙහි දෙය්‍යධම‍්මං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙහි ච මහාසත‍්තස‍්ස ච ගුණවිසෙසෙ කිත‍්තයන‍්තෙහි මහාජනකායෙහි අන‍්තොනගරං බහිනගරඤ‍්ච සමන‍්තතො එකොඝභූතං කප‍්පවුට‍්ඨානමහාවායුසඞ‍්ඝට‍්ටපරිබ‍්භමිතං විය මහාසමුද‍්දං එකකොලාහලං එකනින‍්නාදං අහොසි. තෙන වුත‍්තං –

ඉක්බිති බෝධිසත්ත්‍වයන් වහන්සේගේ පුණ්‍යනුභාවයෙන් උත්සාහවත් කරන ලද ඒ රජුන් විසින් ද ඔවුන්ට අනුයුක්ත ක්‍ෂත්‍රියයන් විසින් ද බ්‍රාහ්මණ ගෘහපතියන් විසින් ද ගම් නියම්ගම් ජනපද වැසියන් විසින් ද මතු මත්තෙහි එලවන ලද, හාත්පසින් මහෝඝයක් මෙන් උතුරා යන අප්‍රමාණ උදාර ලාභසත්කාර උපන. අප්‍රමාණ ජාතීන්හි රැස්කරන ලද මහත් කුශලසමූහ ඇත්තාහට උසස් කුලයෙහි උපන්නහුට, පිරිසිදු ශීලාචාර ගුණ ඇත්තාහට, ප්‍රියශීලිභාවය ඇත්තාහට, මැනවින් හදාළ සියලු ශිල්ප ඇත්තාහට, සියලු සත්ත්‍වයන් කෙරෙහි පුත්‍ර සමාන කරුණාවෙන් පතුරුවන ලද සිනිඳු මෘදු හද ඇත්තාහට, ලාභසත්කාර උපදින අයුරින්ම උපන. බෝධිසත්ත්‍වයෝ “දැන් වනාහි මට මහා ලාභ සත්කාර ඇත්තේය. දාන පාරමිතාව පුරන්නෙම් නම් යෙහෙකැ”යි සිතූහ. හෙතෙම නුවර මැදද, සතර දොරටුවෙහිද තමන්ගේ නිවස දොරටුවේද යනුවෙන් දානශාලා හයක් කරවා දිනපතා අප්‍රමාණ ධන පරිත්‍යාගයෙන් මහා දාන පැවැත්වීය. යම් යම් තුටු පඬුරක් ගෙන එනු ලැබේද යමක් තමා සඳහා පිළියෙළ කෙරේද ඒ සියල්ල දානශාලාවලටම යැවීය. මෙසේ දවස් පතා මහා පරිත්‍යාග කරන ඔහුගේ සිතට තෘප්තියක් හෝ සන්තෝෂයක් හෝ නොවීය. (සිතේ) හැකිලීමක් නම් කොයින්ද? මොවුන්ගේ දාන ශාලාවට ලාභාශාවෙන් එන්නන්ගෙන් ද දානවස්තු ගෙනයන්නන්ගෙන් ද මහාසත්ත්‍වයන් වහන්සේගේ විශේෂ ගුණ කියන මහ ජනකායෙන් ද ඇතුල් නුවර මෙන්ම පිටනුවර ද හාත්පසින් එක් මහා ගංවතුරක් මෙන් ද කල්පාරම්භයෙහි මහා වාතය ගැටීමෙන් පරිභ්‍රමණය වූ මහා සමුද්‍රය මෙන් ද ඒක කෝලාහල, ඒක නින්නාද විය. එහෙයින්

“තදාහං සත‍්තරජ‍්ජෙසු, යං මෙ ආසි උපායනං; තෙන දෙමි මහාදානං, අක‍්ඛොභං සාගරූපම”න‍්ති.

38. “තදාහං සත්ත රජ්ජෙසු යං මෙ ආසි උපායනං තෙන දෙමි මහාදානං අක්‍ඛො හං සාගරූපමං

39. න මෙ දෙස්සං ධනං ධඤ්ඤං නපි නත්‍ථි නිචයොමයි සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා දෙවි වරං ධනං” (චරියා පිටක)

“එකල්හි රාජ්‍ය සතෙහි මට එවන ලද යම් පඬුරක් වීද, එයින් (කිසිවකු විසිනුත්) චලනය නොකට හැකි සාගරය මෙන් මහදන් දුනිමි. (එසේ දෙන) මට ධනය ද ධන්‍ය ද අප්‍රිය නොවෙයි. මා කෙරෙහි වස්තු රැස් කිරීමක් නැත්තේ ද නොවෙයි. මට සර්‍වඥතා ඥානය ප්‍රිය වෙයි. එහෙයින් උතුම් වූ ධනය දුනිමි”යි කියන ලදී.

තත්‍ථ තදාහන‍්ති යදා සත‍්තරාජපුරොහිතො මහාගොවින්‍දබ්‍රාහ‍්මණො හොමි, තදා අහං. සත‍්තරජ‍්ජෙසූති රෙණුආදීනං සත‍්තන‍්නං රාජූනං රජ‍්ජෙසු. අක‍්ඛොභන‍්ති අබ‍්භන‍්තරෙහි ච බාහිරෙහි ච පච‍්චත්‍ථිකෙහි අප‍්පටිසෙධනීයතාය කෙනචි අක‍්ඛොභනීයං. “අච‍්චුබ‍්භ”න‍්තිපි පාඨො. අතිපුණ‍්ණදානජ‍්ඣාසයස‍්ස දෙය්‍යධම‍්මස‍්ස ච උළාරභාවෙන විපුලභාවෙන ච අතිවිය පරිපුණ‍්ණන‍්ති අත්‍ථො. සාගරූපමන‍්ති සාගරසදිසං, යථා සාගරෙ උදකං සකලෙනපි ලොකෙන හරන‍්තෙන ඛෙපෙතුං න සක‍්කා, එවං තස‍්ස දානග‍්ගෙ දෙය්‍යධම‍්මන‍්ති.

එහි “තදාහං” යනු යම්කලෙක සත් රජුන්ට පුරෝහිත මහා ගෝවින්‍ද බ්‍රාහ්මණයා වීම්ද, එකල්හි මම, “සත්ත රජ්ජෙසු” යනු රේණු ආදී සත් රජුන්ගේ රාජ්‍යයන්හි, “අක්‍ඛොහං” යනු අභ්‍යන්තර වූද බාහිර වූද සතුරන් විසින් වැළැක්විය නොහැකි බැවින් කිසිවකු විසින් කැලඹිය නොහැකි, “අච්ඡං” යනු ද පාඨයකි. මෙසේ පිරුණු දානාධ්‍යාශයාගේ ද දාන වස්තුවේ උදාරභාවයෙන් ද විපුලභාවයෙන් ද අතිශයින් පරිපූර්‍ණ වූ යන අර්‍ථයි. “සාගරූපමං” යනු සාගරය සමාන, යම්සේ සාගරයෙහි ජලය සියලු ලෝකයා විසින් ගෙනයනු ලබන කල්හිද ගෙවා දමන්නට නොහැක්කේ ද ඔහුගේ දාන ශාලාවෙහි දාන වස්තූන්ද එසේමය.

ඔසානගාථාය වරං ධනන‍්ති උත‍්තමං ඉච‍්ඡිතං වා ධනං. සෙසං වුත‍්තනයමෙව.

අවසාන ගාථාවෙහි “වරං ධනං” යනු උතුම් වූ හෝ කැමති වූ ධනය, සෙස්ස කියන ලද පරිදිමය.

එවං මහාසත‍්තො පඨමකප‍්පිකමහාමෙඝො විය මහාවස‍්සං අවිභාගෙන මහන‍්තං දානවස‍්සං වස‍්සාපෙන‍්තො දානබ්‍යාවටො හුත්‍වාපි සෙසං සත‍්තන‍්නං රාජූනං අත්‍ථධම‍්මෙ අප‍්පමත‍්තො අනුසාසති. සත‍්ත ච බ්‍රාහ‍්මණමහාසාලෙ විජ‍්ජාසිප‍්පං සික‍්ඛාපෙති, සත‍්ත ච න‍්හාතකසතානි මන‍්තෙ වාචෙති. තස‍්ස අපරෙන සමයෙන එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො “සක‍්ඛි මහාගොවින්‍දො බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මානං පස‍්සති, සක‍්ඛි මහාගොවින්‍දො බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මුනා සාකච‍්ඡෙති සල‍්ලපති මන‍්තෙතී”ති (දී· නි· 2.312). සො චින‍්තෙසි – “එතරහි ඛො මය‍්හං අයං අභූතො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො ‘බ්‍රහ‍්මානං පස‍්සති, සක‍්ඛි මහාගොවින්‍දො බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මුනා සාකච‍්ඡෙති සල‍්ලපති මන‍්තෙතී’ති, යංනූනාහං ඉමං භූතං එව කරෙය්‍ය”න‍්ති. සො “තෙ සත‍්ත රාජානො සත‍්ත ච බ්‍රාහ‍්මණමහාසාලෙ සත‍්ත ච න‍්හාතකසතානි අත‍්තනො පුත‍්තදාරඤ‍්ච ආපුච‍්ඡිත්‍වා බ්‍රහ‍්මානං පස‍්සෙය්‍ය”න‍්ති චිත‍්තං පණිධාය වස‍්සිකෙ චත‍්තාරො මාසෙ බ්‍රහ‍්මවිහාරභාවනමනුයුඤ‍්ජි. තස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය බ්‍රහ‍්මා සනඞ‍්කුමාරො පුරතො පාතුරහොසි. තං දිස‍්වා මහාපුරිසො පුච‍්ඡි –

මෙසේ මහාසත්ත්‍වයෝ ප්‍රථම කල්පික මහා මේඝයක්, මහා වැස්සක් මෙන් බෙදීමක් නොමැතිව මහත් වූ දන් වැසි වස්සවමින් දන් දීමෙහි යෙදෙමින්ම ඒ සත් රජවරුන්ට අර්‍ථයෙන් ධර්‍මයෙන් අප්‍රමාදීව අනුශාසනා කරති. බමුණු මහසල් කුලසතට ද විද්‍යශිල්ප උගත්වති. සත් සියයක් නහාතක බමුණන්ට මන්ත්‍ර හදාරවති. පසුකාලයක එතුමන් පිළිබඳව “මහා ගොවින්‍ද බ්‍රාහ්මණයා සියැසින්ම බ්‍රහ්මයා දකී. ඔහු සමග කථාකරයි. සාකච්ඡා කරයි යනුවෙන් මෙසේ යහපත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය.” (දීඝනිකාය - මහා ගොවින්‍ද සුත්ත) හෙතෙම “දැන් වනාහි මා පිළිබඳව” බ්‍රහ්මයා දකියි, ඔහු සමග කථා කරයි, සාකච්ඡා කරයි යනුවෙන් නැත්තා වූ කීර්ති ශබ්දයක් පැන නැංගේ යයි සීතිය. මම මෙය ඇත්තා වූ කීර්ති ශබ්දයක් කරන්නේ නම් යෙහෙකි”යි සිතා හෙතෙම ඒ සත්රජවරුන්ද, සත් බමුණු මහසල් කුලයන්ද, සත් සීයක් නහාතක බමුණන් ද, තමාගේ අඹුදරුවන් ද විමසා “බ්‍රහ්මයා දකින්නෙමි”යි සිත පිහිටුවා වැසි සාර මස බ්‍රහ්ම විහාර භාවනාවෙහි යෙදුනේය. එතුමන්ගේ සිතෙහි ඇති වූ අදහස තම සිතින් දැන සනන්කුමාර බ්‍රහ්මයා ඔහු ඉදිරියේ පහළ විය. එතුමන් දැක මහාපුරුෂ තෙම මෙසේ ඇසීය.

“වණ‍්ණවා යසවා සිරිමා, කො නු ත්‍වමසි මාරිස; අජානන‍්තා තං පුච‍්ඡාම, කථං ජානෙමු තං මය”න‍්ති. (දී· නි· 2.318);

“වණ්ණ වා යසවා සිරිමා කොනු ත්‍වමසි මාරිස, අජානන්තා තං පුච්ඡාම කථං ජානෙමු තං මයං”

“නිදුකාණනි, පැහැපත්, යශස් ඇති, ශෝභාවත්, ඔබ කවුරු නම් වෙත්ද, නොදන්නා වූ අපි ඔබ විචාරමු. අපි ඔබ කෙසේ දැන ගනිමු ද?

තස‍්ස බ්‍රහ‍්මා අත‍්තානං ජානාපෙන‍්තො –

බ්‍රහ්මතෙම එතුමන්ට තමා හඳුන්වා දෙමින්,

“මං වෙ කුමාරං ජානන‍්ති, බ්‍රහ‍්මලොකෙ සනන‍්තනං; සබ‍්බෙ ජානන‍්ති මං දෙවා, එවං ගොවින්‍ද ජානාහී”ති. (දී· නි· 2.318) –

“මං වෙ කුමාරං ජානන්ති බ්‍රහ්මලොකෙ සනන්තනං සබ්බෙ ජානන්ති මං දෙවා එවං ගොවින්‍ද ජානාහි”

“බඹලොව මා සනන්කුමාර යයි ඒකාන්තයෙන් දනිත්. සියලු දෙවියෝ මෙසේ මා දනිත්. ගෝවින්දයෙනි. මෙසේ දැනගනු මැනවැ”යි

වත්‍වා තෙන –

කියා එතුමන් විසින්

“ආසනං උදකං පජ‍්ජං, මධුසාකඤ‍්ච බ්‍රහ‍්මුනො; අග‍්ඝෙ භවන‍්තං පුච‍්ඡාම, අග‍්ඝං කුරුතු නො භව”න‍්ති. (දී· නි· 2.318) –

“ආසනං උදකං පජ්ජං මධුපාකඤ්ච බ්‍රාහ්මණ අග්ඝෙ භවන්තං පුච්ඡාම අග්ඝං කුරුතු නො භවං”

“ආසනද දිය ද පයට තෙල්ද මිහිරි අහරද යන මේ ආගන්තුකයන් පුදන දෙයින් පින්වතාණන් අමතමු. පින්වතාණෝ අපගේ මේ ආගන්තුක සත්කාරය පිළිගන්නා සේක්වා”යි.

උපනීතං අතිථිසක‍්කාරං අනත්‍ථිකොපි බ්‍රහ‍්මා තස‍්ස චිත‍්තසම‍්පහංසනත්‍ථං විස‍්සාසකරණත්‍ථඤ‍්ච සම‍්පටිච‍්ඡන‍්තො “පටිග‍්ගණ‍්හාම තෙ අග‍්ඝං, යං, ත්‍වං ගොවින්‍ද, භාසසී”ති.

එළවන ලද ආගන්තුක සත්කාරයෙන් ප්‍රයෝජන නැත්තේ නමුදු බ්‍රහ්මයා එතුමන්ගේ සිත විශේෂයෙන් සතුටු කරනු පිණිස හා විශ්වාසය ඇති කරනු පිණිසත් පිළිගනිමින්, “පටිගණ්හා මි තෙ අග්ඝං යං ත්‍වං ගොවින්‍ද භාසසි” (“ගෝවින්දයෙනි, ඔබ අපට යමක් පිළිගත යයි කියහි ද ඒ ඔබගේ ආගන්තුක සංග්‍රහය පිළිගනිමි”) යි

වත්‍වා ඔකාසදානත්‍ථං –

කියා අවකාශ දෙනු පිණිස

“දිට‍්ඨධම‍්මහිතත්‍ථාය, සම‍්පරායසුඛාය ච; කතාවකාසො පුච‍්ඡස‍්සු, යංකිඤ‍්චි අභිපත්‍ථිත”න‍්ති. (දී· නි· 2.318) –

“දිට්ඨ ධම්ම හිතත්‍ථාය සම්පරාය හිතාය ච කතාවකාසො පුච්ඡාස්සු යං කිඤ්චි අභිපත්‍ථිතං”

“පණ්ඩිතයාණනි, මෙලොව හිතසැප පිණිස පරලොව සුව පිණිස පවත්නා වූ යම් කිසිවක් ප්‍රාර්ථනා කරන ලද්දේ ද කළ අවකාශ ඇත්තේ ඒ කාරණය විචාරනු මැනවැ”යි

ඔකාසමකාසි.

අවසරය දුනි.

අථ නං මහාපුරිසො සම‍්පරායිකං එව අත්‍ථං –

ඉක්බිති මහා පුරුෂතෙම එතුමන්ගේ පරලොව වැඩම විචාරණ සේක්

“පුච‍්ඡාමි බ්‍රහ‍්මානං සනඞ‍්කුමාරං, කඞ‍්ඛී අකඞ‍්ඛිං පරවෙදියෙසු; කත්‍ථට‍්ඨිතො කිම‍්හි ච සික‍්ඛමානො, පප‍්පොති මච‍්චො අමතං බ්‍රහ‍්මලොක”න‍්ති. (දී· නි· 2.319) –

“පුච්ඡාමි බ්‍රහ්මානං සනංකුමාරං කඞ්ඛි අකඞ්ඛිං පරවෙදියෙසු, කත්‍ථට්ඨි තො කිම්හිච සික්‍ඛමානො පප්පොති මච්චො අමතං බ්‍රහ්මලොකං”

“මම වනාහි සැක ඇත්තෙමි. අනුන් විසින් දන්නා ලද ප්‍රශ්නයන්හි සැක නැති සනන්කුමාර බ්‍රහ්මයා විචාරමි. කවර ප්‍රතිපදාවක පිහිටියා වූ කවර ධර්‍මයෙක්හි හික්මෙන්නා වූ මනුෂ්‍යතෙම මරණය නැති බඹලොවට පැමිණේද? යි

පුච‍්ඡි.

ඇසීය,

තස‍්ස බ්‍රහ‍්මා බ්‍යාකරොන‍්තො –

බ්‍රහ්මතෙම ඔහුට පිළිතුරු දෙන්නේ,

“හිත්‍වා මමත‍්තං මනුජෙසු බ්‍රහ‍්මෙ, එකොදිභූතො කරුණෙධිමුත‍්තො; නිරාමගන්‍ධො විරතො මෙථුනස‍්මා, එත්‍ථට‍්ඨිතො එත්‍ථ ච සික‍්ඛමානො; පප‍්පොති මච‍්චො අමතං බ්‍රහ‍්මලොක”න‍්ති. (දී· නි· 2.319) –

“හිත්‍වා මමත්තං මනුජෙසු බ්‍රහ්මෙ එකොදිභූතො කරුණාධි මුත්තො නිරාම ගන්‍ධො විරතො මෙථුනස්මා එත්‍ථට්ඨි තො එත්‍ථච සික්‍ඛමානො පප්පොති මච්චො අමතං බ්‍රහ්මලොකං”

බ්‍රාහ්මණය, මිනිසුන් අතර යමෙක් මමත්වය හැර. හුදෙකලා වූයේ කරුණාව, ක්ලේශයන්ගෙන් මිදී කෙළෙස් නමැති පිළීගඳ දුරු කිරීම, මෛථුන ධර්‍මයෙන් වැළකීම යන මේ ධර්‍මයන් කෙරෙහි පිහිටියේ නම්, හික්මුනේ නම්, ඔහු අමෘත වූ බ්‍රහ්මලෝක වනයට පැමිණේ.

බ්‍රහ‍්මලොකගාමිමග‍්ගං කථෙසි.

බඹලොවට යන මග කීවේය.

තත්‍ථ මං වෙ කුමාරං ජානන‍්තීති වෙ එකංසෙන මං “කුමාරො”ති ජානන‍්ති. බ්‍රහ‍්මලොකෙති සෙට‍්ඨලොකෙ. සනන‍්තනන‍්ති චිරතනං පොරාණං. එවං, ගොවින්‍ද, ජානාහීති, ගොවින්‍ද, එවං මං ධාරෙහි.

එහි - “මං වෙ කුමාරං ජානන්ති” යනු ඒකාන්ත වශයෙන් මා කුමාරයෙක් යයි දනිත්, “බ්‍රහ්ම ලොකෙ” යනු ශ්‍රේෂ්ඨ ලෝකයෙහි, “සනන්තනං” යනු කල්ගත වූ, පැරණි, “එවං ගොවින්‍ද ජානාහි” යනු ගෝවින්දය, මෙසේ මා දරව,

ආසනන‍්ති ඉදං භොතො බ්‍රහ‍්මුනො නිසීදනත්‍ථාය ආසනං පඤ‍්ඤත‍්තං. ඉදං උදකං පරිභොජනීයං පාදානං ධොවනත්‍ථං පානීයං පිපාසහරණත්‍ථාය. ඉදං පජ‍්ජං පරිස‍්සමවිනොදනත්‍ථං පාදබ‍්භඤ‍්ජනතෙලං. ඉදං මධුසාකං අතක‍්කං අලොණිකං අධූපනං උදකෙන සෙදිතං සාකං සන්‍ධාය වදති. තදා හි බොධිසත‍්තස‍්ස තං චතුමාසං බ්‍රහ‍්මචරියං අභිසල‍්ලෙඛවුත‍්තිපරමුක‍්කට‍්ඨං අහොසි. තස‍්සිමෙ සබ‍්බෙ අග‍්ඝෙ කත්‍වා පුච‍්ඡාම, තයිදං අග‍්ඝං කුරුතු පටිග‍්ගණ‍්හාතු නො භවං ඉදං අග‍්ඝන‍්ති වුත‍්තං හොති. ඉති මහාපුරිසො බ්‍රහ‍්මුනො නෙසං අපරිභුඤ‍්ජනං ජානන‍්තොපි වත‍්තසීසෙ ඨත්‍වා අත‍්තනො ආචිණ‍්ණං අතිථිපූජනං දස‍්සෙන‍්තො එවමාහ. බ්‍රහ‍්මාපිස‍්ස අධිප‍්පායං ජානන‍්තො “පටිග‍්ගණ‍්හාම තෙ අග‍්ඝං, යං ත්‍වං, ගොවින්‍ද, භාසසී”ති ආහ.

“ආසනං” යනු පින්වත් බ්‍රහ්මයාණන්ට හිඳිනු පිණිස මේ ආසනය පනවන ලදී. මේ “උදකං” පා සේදීම සඳහා පරිභෝග කළ යුතු පිපාසය දුරු කිරීම සඳහා පානය කළ යුතු ජලය, මේ “පජ්ජං” විඩාව දුරුකිරීම සඳහා පය ගල්වන තෙල්, මේ “මධුපාකං” කිරි මෝරු රහිත, ලුණු නැති, තෙලින් නොබදින ලද, දියෙන් පසු පලා සඳහා කියයි. එකල්හි වනාහි බෝධිසත්ත්‍වයන්ගේ ඒ සාරමස් බ්‍රහ්මචර්‍ය්‍යාව කෙලෙස් කපා දමන පැවතුම් ඇති ඉතා උසස් එකක් විය. ඔහුගේ මේ සියල්ල “අග්ඝෙ කත්‍වා” ආගන්තුක සත්කාරයක් කොට “පුච්ඡාම” අසමු. මෙය නුඹවහන්සේ “අග්ඝං කුරුතු” පිළිගනු මැනවි. ‘‘නොභවං” මෙය ආගන්තුක සත්කාරයකැයි කියන ලද්දේ වෙයි. මෙසේ මහා පුරුෂතෙම බ්‍රහ්මයා ඒවා පරිභෝග නොකරන බව දැන ද වතක් සේ සලකා තමාට පුරුදු ආගන්තුක පූජාව දක්වමින් මෙසේ කීවේ. බ්‍රහ්මයා ද ඔහුගේ අදහස දන්නේ “පටිගණ්හාමි තෙ අග්ඝං යං ත්‍වං ගොවින්‍ද භාසසි” (ගෝවින්දයෙනි, නුඹ අපට යමක් පිළිගන්න යයි කියහිද, ඒ නුඹගේ ආගන්තුක සත්කාරය පිළිගනිමි) යි කීවේය.

තත්‍ථ තස‍්ස තෙ ආසනෙ මයං නිසින‍්නා නාම හොම, පාදොදකෙන පාදා ධොතා නාම හොන‍්තු, පානීයං පීතා නාම හොම, පාදබ‍්භඤ‍්ජනෙන පාදා මක‍්ඛිතා නාම හොන‍්තු, උදකසාකම‍්පි පරිභුත‍්තං නාම හොතූති අත්‍ථො.

එහි - නුඹගේ ඒ ආසනයෙහි අපි හුන්නාහු නම් වෙමු, පා සෝදන දියෙන් පා සේදුවේ නම් වේවා, ජලය බීවෝ නම් වෙමු. පා ගල්වන තෙලින් පා ගැල්වුවෝ නම් වෙත්වා, දිය සහිත පත්‍ර අනුභව කළේ නම් වේවායි යන අර්‍ථයි.

කඞ‍්ඛී අකඞ‍්ඛිං පරවෙදියෙසූති අහං සවිචිකිච‍්ඡො පරෙන සයං අභිසඞ‍්ඛතත‍්තා පරස‍්ස පාකටෙසු පරවෙදියෙසු පඤ‍්හෙසු නිබ‍්බිචිකිච‍්ඡං.

“කඞ්ඛි අකඞ්ඛිං පරවෙදියෙසු” යනු මම සැකසහිත වූයෙම් අන්‍යයා විසින් තෙමේම සකස් කරගත් බැවින් අන්‍යයාට ප්‍රකට වූ අන්‍යයා විසින් දැනගත් ප්‍රශ්නයන්හි සැක නොමැති,

හිත්‍වා මමත‍්තන‍්ති “ඉදං මම, ඉදං මමා”ති පවත‍්තනකං උපකරණතණ‍්හං චජිත්‍වා. මනුජෙසූති සත‍්තෙසු. බ්‍රහ‍්මෙති බොධිසත‍්තං ආලපති. එකොදිභූතොති එකො උදෙති පවත‍්තතීති එකොදිභූතො එකීභූතො, එකෙන කායවිවෙකං දස‍්සෙති. අථ වා එකො උදෙතීති එකොදි, සමාධි. තං භූතො පත‍්තොති එකොදිභූතො, උපචාරප‍්පනාසමාධීහි සමාහිතොති අත්‍ථො. එතං එකොදිභාවං කරුණාබ්‍රහ‍්මවිහාරවසෙන දස‍්සෙන‍්තො “කරුණෙධිමුත‍්තො”ති ආහ. කරුණජ‍්ඣානෙ අධිමුත‍්තො, තං ඣානං නිබ‍්බත‍්තෙත්‍වාති අත්‍ථො. නිරාමගන්‍ධොති කිලෙසසඞ‍්ඛාතවිස‍්සගන්‍ධරහිතො. එත්‍ථට‍්ඨිතොති එතෙසු ධම‍්මෙසු ඨිතො, එතෙ ධම‍්මෙ සම‍්පාදෙත්‍වා. එත්‍ථ ච සික‍්ඛමානොති එතෙසු ධම‍්මෙසු සික‍්ඛමානො , එතං බ්‍රහ‍්මවිහාරභාවනං භාවෙන‍්තොති අත්‍ථො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන පාළියං (දී· නි· 2.293 ආදයො) ආගතොයෙවාති.

“හිත්‍වා මමත්තං” යනු මෙය මගේය. මෙය මගේ යයි පවත්නා වූ උපකරණ පිළිබඳ තණ්හාව අත්හැර, “මනුජෙසු” යනු සත්ත්‍වයන් කෙරෙහි, “බ්‍රහ්මෙ” යනු බෝධිසත්ත්‍වයන් අමතයි, “එකොදිභූතො” යනු හුදෙකලාව හටගනී. පවතීනුයි “එකොදිභූතො” එකක් වූ, මෙයින් කාය විවේකය දක්වයි. නැතහොත් තනිව හටගනීහුයි - එකොදි, සමාධියයි, එය වූයේ පැමිණියේනුයි = එකොදිභූතො, උපචාර අර්පණා සමාධීන්ගෙන් තැන්පත් වූ සිතැති යන අර්‍ථයි. මේ එකොදිභාවය කරුණා බ්‍රහ්මවිහාර වශයෙන් දක්වන්නේ “කරුණාධිමුත්තො” යයි කීය. කරුණාවෙහි, කරුණා ධ්‍යානයෙහි අධික ලෙස ලෙස යෙදුනේ එම ධ්‍යානය උපදවා අර්‍ථයි. “නිරාමගන්‍ධො” යනු ක්ලේශ සඞ්ඛ්‍යාත පිළීගන්‍ධය රහිත වූ, “එත්‍ථෙට්ඨිතො” යනු මෙම ධර්‍මයන්හි සිටියේ මෙම ධර්‍මයන් උපදවා, “එත්‍ථච සික්‍ඛමානො” යනු මේවා පුහුණු කරන්නේ, මේ බ්‍රහ්මවිහාර භාවනාව වඩන්නේ යන අර්‍ථයි. මේ මෙහි කෙටි අර්‍ථයයි. විස්තරය වනාහි පාලියෙහි ආවේමය.

අථ මහාපුරිසො තස‍්ස බ්‍රහ‍්මුනො වචනං සුත්‍වා ආමගන්‍ධෙ ජිගුච‍්ඡන‍්තො “ඉදානෙවාහං පබ‍්බජිස‍්සාමී”ති ආහ. බ්‍රහ‍්මාපි “සාධු, මහාපුරිස, පබ‍්බජස‍්සු. එවං සති මය‍්හම‍්පි තව සන‍්තිකෙ ආගමනං ස‍්වාගමනමෙව භවිස‍්සති, ත්‍වං, තාත, සකලජම‍්බුදීපෙ අග‍්ගපුරිසො පඨමවයෙ ඨිතො, එවං මහන‍්තං නාම සම‍්පත‍්තිං ඉස‍්සරියඤ‍්ච පහාය පබ‍්බජනං නාම ගන්‍ධහත්‍ථිනො අයොබන්‍ධනං ඡින්‍දිත්‍වා වනගමනං විය අතිඋළාරං, බුද‍්ධතන‍්ති නාමෙසා”ති මහාබොධිසත‍්තස‍්ස දළ‍්හීකම‍්මං කත්‍වා බ්‍රහ‍්මලොකමෙව ගතො. මහාසත‍්තොපි “මම ඉතො නික‍්ඛමිත්‍වා පබ‍්බජනං නාම න යුත‍්තං, අහං රාජකුලානං අත්‍ථං අනුසාසාමි, තස‍්මා තෙසං ආරොචෙත්‍වා සචෙ තෙපි පබ‍්බජන‍්ති සුන්‍දරමෙව, නො චෙ පුරොහිතට‍්ඨානං නිය්‍යාතෙත්‍වා පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා රෙණුස‍්ස තාව රඤ‍්ඤො ආරොචෙත්‍වා තෙන භිය්‍යොසොමත‍්තාය කාමෙහි නිමන‍්තියමානො අත‍්තනො සංවෙගහෙතුං එකන‍්තෙන පබ‍්බජිතුකාමතඤ‍්චස‍්ස නිවෙදෙත්‍වා තෙන “යදි එවං අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති වුත‍්තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා එතෙනෙව නයෙන සත‍්තභූආදයො ඡ ඛත‍්තියෙ, සත‍්ත ච බ්‍රාහ‍්මණමහාසාලෙ, සත‍්ත ච න‍්හාතකසතානි, අත‍්තනො භරියායො ච ආපුච‍්ඡිත්‍වා සත‍්තාහමත‍්තමෙව තෙසං චිත‍්තානුරක‍්ඛණත්‍ථං ඨත්‍වා මහාභිනික‍්ඛමනසදිසං නික‍්ඛමිත්‍වා පබ‍්බජි.

ඉක්බිති මහා පුරුෂයා ඒ බ්‍රහ්මයාණන්ගේ වචනය අසා ආමගන්‍ධයන් (පිළීගද) පිළිකුල් කරන්නේ “දැන්ම මම පැවිදි වන්නෙමි”යි කීය. බ්‍රහ්මයා ද “මහා පුරුෂයාණනි, යහපති පැවිදි වුව මැනවි. එසේ පැවිදි වූ කල්හි ඔබ සමීපයට මාගේ පැමිණීම ද යහපත් පැමිණීමක්ම වන්නේය. දරුව, නුඹ සියලු දඹදිව අග්‍ර පුරුෂයාය. ප්‍රථම වයසෙහි සිටියේය. මෙසේ මහත් සම්පත්ද මහත් ඉසුරුද හැරපියා පැවිදීවීම නම් ගන්‍ධ හස්තියෙක් යකඩ බැදුම් සිඳ වනයට යාම වැනි අතිශයින් උදාර වන්නකි. මේ වනාහි බුදුවරුන්ගේ ප්‍රවේණී යයි” කියා බෝධිසත්ත්‍වයන්ගේ සිත දැඩිකොට බ්‍රහ්මලෝකයටම ගියේය. බෝධිසත්ත්‍වයෝද “මෙයින් නික්ම පැවිදිවීම නම් මට නුසුදුසුය. මම රාජකුලයන්ට අර්‍ථයෙන් අනුශාසනා කරමි. එබැවින් ඔවුන්ට දන්වා ඉදින් ඔවුහු ද පැවිදි වෙත්නම් යහපත්මය. ඉදින් පැවිදි නොවන්නාහු නම් පුරෝහිත තනතුර පවරා දී පැවිදි වන්නෙමි”යි සිතා පළමුකොට රේණු රජුට දන්වා ඔහු විසින් බොහෝසෙයින් කාම වස්තූන්ගෙන් නිමන්ත්‍රණය කරනු ලබන්නේ තමන්ගේ සංවේගයට හේතුවත්, පැවිදි වීමට කැමැත්තත් ඔහුට දන්වා එතුමා විසින් “එසේ නම් මමත් පැවිදි වන්නෙමි”යි කී කල්හි “යහපතැයි” පිළිගෙන මේ ආකාරයට සත්තභූ ආදී ක්‍ෂත්‍රියයන් සය දෙනාද, බමුණු මහසල් කුල හත ද නහාතක බ්‍රාහ්මණයන් සත්සීයද තමාගේ භාර්‍ය්‍යාවරුන්ද විමසා, සත් දිනක් පමණක් ඔවුන්ගේ චිත්තානුරක්‍ෂණය පිණිස වාසය කොට මහබිනික්මන් හා සමානව නික්ම, පැවිදි වූහ. ඒ සත් රජවරු ආදි කොට ඇති සියල්ලෝම එතුමා අනුව පැවිදි වූහ. ඒ මහත් පිරිසක් විය.

තස‍්ස තෙ සත‍්තරාජානො ආදිං කත්‍වා සබ‍්බෙව අනුපබ‍්බජිංසු. සා අහොසි මහතී පරිසා. අනෙකයොජනවිත්‍ථාරාය පරිසාය පරිවුතො මහාපුරිසො ධම‍්මං දෙසෙන‍්තො ගාමනිගමජනපදරාජධානීසු චාරිකං චරති, මහාජනං පුඤ‍්ඤෙ පතිට‍්ඨාපෙති. ගතගතට‍්ඨානෙ බුද‍්ධකොලාහලං විය හොති. මනුස‍්සා “ගොවින්‍දපණ‍්ඩිතො කිර ආගච‍්ඡතී”ති සුත්‍වා පුරෙතරමෙව මණ‍්ඩපං කාරෙත්‍වා තං අලඞ‍්කාරාපෙත්‍වා පච‍්චුග‍්ගන‍්ත්‍වා මණ‍්ඩපං පවෙසෙත්‍වා නානග‍්ගරසභොජනෙන පතිමානෙන‍්ති. මහාලාභසක‍්කාරො මහොඝො විය අජ‍්ඣොත්‍ථරන‍්තො උප‍්පජ‍්ජි. මහාපුරිසො මහාජනං පුඤ‍්ඤෙ පතිට‍්ඨාපෙසි සීලසම‍්පදාය ඉන්‍ද්‍රියසංවරෙ භොජනෙ මත‍්තඤ‍්ඤුතාය ජාගරියානුයොගෙ කසිණපරිකම‍්මෙ ඣානෙසු අභිඤ‍්ඤාසු අට‍්ඨසමාපත‍්තීසු බ්‍රහ‍්මවිහාරෙසූති. බුද‍්ධුප‍්පාදකාලො විය අහොසි.

යොදුන් ගණනක් පැතිරුණු පිරිස විසින් පිරිවරන ලද මහා පුරුෂයන් වහන්සේ ධර්‍මය දේශනා කරමින් ගම් නියම්ගම් ජනපද රාජධානීන්හි චාරිකාවේ හැසිරෙති. මහජනයා කුශලයෙහි පිහිටුවති. ගිය ගිය තැන බුද්ධ කෝලාහලය බඳු විය. මිනිස්සු “ගොවින්ද පණ්ඩිතයෝ වනාහි එති”යි අසා කලින්ම මණ්ඩපයක් කරවා එය අලංකාර කරවා පෙර ගමන් ගොස් මණ්ඩපයට වැඩමවා නොයෙක් අග්‍රභෝජනයෙන් පුදති. මහත්ලාභ සත්කාර මහා සැඩපහරක් ගලා යන්නාක් මේන් උපන, මහා පුරුෂයාණෝ මහජනයා පිනෙහි පිහිටවූහ. ශීල සම්පදාවෙහිද, ඉන්‍ද්‍රිය සංවරයෙහි ද, භෝජනයෙහි පමණ දැනීමෙහිද, ජාගරියානු යෝගයෙහිද, (නිදිවැරීමෙහි) කසිණ භාවනා වැඩීමෙහි ද ධ්‍යානයන්හිද, අභිඥාවන්හිද, අෂ්ට සමාපත්තීන්හි හා සතර බ්‍රහ්ම විහරණයෙහිද, පිහිට වූහ. බුද්ධෝත්පාද කාලයක් මෙන් විය.

බොධිසත‍්තො යාවතායුකං පාරමියො පූරෙන‍්තො සමාපත‍්තිසුඛෙන වීතිනාමෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. තස‍්ස තං බ්‍රහ‍්මචරියං ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතං චිරං දීඝමද‍්ධානං පවත‍්තිත්‍ථ. තස‍්ස යෙ සාසනං සබ‍්බෙන සබ‍්බං ආජානිංසු, තෙ කායස‍්ස භෙදා පරං මරණා සුගතිං බ්‍රහ‍්මලොකං උපපජ‍්ජිංසු. යෙ න ආජානිංසු, තෙ අප‍්පෙකච‍්චෙ පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජිංසු. අප‍්පෙකච‍්චෙ නිම‍්මානරතීනං…පෙ… තුසිතානං යාමානං තාවතිංසානං චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජිංසු. යෙ සබ‍්බනිහීනා, තෙ ගන්‍ධබ‍්බකායං පරිපූරෙසුං. ඉති මහාජනො යෙභුය්‍යෙන බ්‍රහ‍්මලොකූපගො සග‍්ගූපගො ච අහොසි. තස‍්මා දෙවබ්‍රහ‍්මලොකා පරිපූරිංසු. චත‍්තාරො අපායා සුඤ‍්ඤා විය අහෙසුං.

බෝධි සත්ත්‍වයන් වහන්සේ දිවි ඇති තෙක් පාරමිතා පුරමින් සමවත් සුවයෙන් කල්යවා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. එතුමන්ගේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව සමෘද්ධ වූයේ, වැඩීමට පත් වූයේ, පැතුරුණේ, බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ, මහත් වූයේ, දෙවි මිනිසුන් අතර මනාකොට ප්‍රකාශ වූයේ ඉතා දීර්‍ඝ කාලයක් පැවතුනේය. යමෙක් උන්වහන්සේගේ ශාසනය සියල්ලෙන් සියල්ල දැනගත්තාහු ද ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. යමෙක් සියල්ලෙන් සියල්ල දැන නොගත්තාහු ද ඔවුන් අතුරෙන් ඇතමෙක් පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට ගියාහුය. ඇතමෙක් නිම්මාණරතී දෙවියන්ගේ සහභාවයට ද, තුසිත දෙවියන්ගේ සහභාවයට ද, යාම දෙවියන්ගේ සහභාවයට ද, තාවතිංස දෙවියන්ගේ සහභාසයට ද, චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ගේ සහභාවයට ද, ගියාහුය. යමෙක් සියල්ලන්ට හීන වූවාහුද ඔවුහු ගන්‍ධබ්බ කාය පිරවූහ. මෙසේ මහජනයෝ බොහෝසෙයින් බ්‍රහ්ම ලෝකයෙහි හා ස්වර්‍ගයෙහි උපන්හ. එම නිසා දේව බ්‍රහ්ම ලෝක පිරුණි. සතර අපාය ශුන්‍ය වූවාක් මෙන් විය.

ඉධාපි අකිත‍්තිජාතකෙ (ජා· 1.13.83 ආදයො) විය බොධිසම‍්භාරනිද‍්ධාරණා වෙදිතබ‍්බා – තදා සත‍්ත රාජානො මහාථෙරා අහෙසුං, සෙසපරිසා බුද‍්ධපරිසා, මහාගොවින්‍දො ලොකනාථො. තථා රෙණුආදීනං සත‍්තන‍්නං රාජූනං අඤ‍්ඤමඤ‍්ඤාවිරොධෙන යථා සකරජ‍්ජෙ පතිට‍්ඨාපනං, තථා මහති සත‍්තවිධෙ රජ‍්ජෙ තෙසං අත්‍ථධම‍්මානුසාසනෙ අප‍්පමාදො, “බ්‍රහ‍්මුනාපි සාකච‍්ඡං සමාපජ‍්ජතී”ති පවත‍්තසම‍්භාවනං යථාභූතං කාතුං චත‍්තාරො මාසෙ පරමුක‍්කංසගතො බ්‍රහ‍්මචරියවාසො. තෙන බ්‍රහ‍්මුනො අත‍්තනි සමාපජ‍්ජනං, බ්‍රහ‍්මුනො ඔවාදෙ ඨත්‍වා සත‍්තහි රාජූහි සකලෙන ච ලොකෙන උපනීතං ලාභසක‍්කාරං ඛෙළපිණ‍්ඩං විය ඡඩ‍්ඩෙත්‍වා අපරිමාණාය ඛත‍්තියබ්‍රාහ‍්මණාදිපරිසාය අනුපබ‍්බජ‍්ජානිමිත‍්තාය පබ‍්බජ‍්ජාය අනුට‍්ඨානං, බුද‍්ධානං සාසනස‍්ස විය අත‍්තනො සාසනස‍්ස චිරකාලානුප‍්පබන්‍ධොති එවමාදයො ගුණානුභාවා විභාවෙතබ‍්බාති.

මෙහිද අකික්ති ජාතකයේ මෙන් බෝධිසම්භාර ධර්‍මයන් නිර්ධාරණය දත යුතුය. එකල්හි සත්රජවරු මහතෙරවරු වූහ. සෙසු පිරිස බුදු පිරිසය. මහාගෝවින්ද පණ්ඩිතයෝ ලෝකනාථ බුදුරජාණන් වහන්සේය. එසේම රේණු ආදී සත්රජවරුන් ඔවුනොවුන් විරුද්ධ නොකොට යම්සේ ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවීමද, එසේම මහත් වූ රාජ්‍යයන් හතෙහි ඔවුන්ට අර්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කිරීමෙහි අප්‍රමාදයද, බ්‍රහ්මයන් සමගද සාකච්ඡාවට පැමිණේ යයි පැවති බුහුමන සත්‍ය වූවක් කිරීමට සාරමාසයක් අති උත්කෘෂ්ටභාවයට පැමිණ වූ බ්‍රහ්මචාරීය වාසයද, එය කරණකොට ගෙන තමා වෙත බ්‍රහ්මයාගේ පැමිණීම ද, බ්‍රහ්මයාගේ අවවාදයෙහි පිහිටා සත් රජුන් විසින් ද සකල ලෝකයා විසින් ද පමුණුවන ලද ලාභසත්කාර කෙලපිඬක් මෙන් හැරපියා අප්‍රමාණ වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදී පිරිස වූ අනුව පැවිදි වීමට නිමිති වූ පැවිද්දට පැමිණීමද, බුදුවරයින්ගේ ශාසනය මෙන් තමාගේ ශාසනයෙහි බොහෝ කල් පැවතීම ද යනාදී ගුණානුභාවයෝ පැහැදිලි කළ යුත්තාහ.

මහාගොවින්‍දචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වෙනි මහා ගෝවින්ද චරිතයයි.