4. මහාසුදස්සනචරියාවණ්ණනා අට්ඨකථා
4. මහාසුදස්සනචරියාවණ්ණනා
4. මහාසුදස්සන චරියා වර්ණනාව
28 “කුසාවතිම්හි නගරෙ යදා ආසිං මහීපතී මහා සුදස්ස නො නාම චක්කවත්ති මහබ්බලො (චරියා පිටක)
“කුසාවතී නම් නුවර යම්කලෙක මහත්බල ඇති මහා සුදර්ශන නම් සක්විති රජෙක් වූවෙම් ද?
චතුත්ථෙ කුසාවතිම්හි නගරෙති කුසාවතීනාමකෙ නගරෙ, යස්මිං ඨානෙ එතරහි කුසිනාරා නිවිට්ඨා. මහීපතීති ඛත්තියො, නාමෙන මහාසුදස්සනො නාම. චක්කවත්තීති චක්කරතනං වත්තෙති චතූහි වා සම්පත්තිචක්කෙහි වත්තති, තෙහි ච පරං පවත්තෙති, පරහිතාය ච ඉරියාපථචක්කානං වත්තො එතස්මිං අත්ථීතිපි චක්කවත්තී. අථ වා චතූහි අච්ඡරියධම්මෙහි සඞ්ගහවත්ථූහි ච සමන්නාගතෙන, පරෙහි අනභිභවනීයස්ස අනතික්කමනීයස්ස ආණාසඞ්ඛාතස්ස චක්කස්ස වත්තො එතස්මිං අත්ථීතිපි චක්කවත්තී. පරිණායකරතනපුබ්බඞ්ගමෙන හත්ථිරතනාදිපමුඛෙන මහාබලකායෙන පුඤ්ඤානුභාවනිබ්බත්තෙන කායබලෙන ච සමන්නාගතත්තා මහබ්බලො. යදා ආසින්ති සම්බන්ධො. තත්රායං අනුපුබ්බිකථා –
සතරවෙනි (මහාසුදර්ශන චරිතයෙහි) “කුසාවතිම්හි නගරෙ” යනු යම්තැනෙක දැනට කුසිනාරා නම් නගරය පිහිටියේ ද එම කුසාවතී නම් නගරයෙහි, “මහීපතී” යන නමින් මහාසුදර්ශන නම් ක්ෂත්රියයා, “චක්කවන්ති” යනු චක්‍රරත්නය පවත්වයි නැතහොත් චතුර් සම්පත් චක්‍රයන්ගෙන් පවතී ද, පරහිත සඳහා ඒවා අනුන් කෙරෙහි පවත්වයි ද ඉරියාපථ චක්රයන්ගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේනුයි චක්‍රවර්ති වේ. නැතහොත් ආශ්චර්‍ය්‍ය ධර්මයන් සතරෙන් හා සංග්‍රහවස්තු සතරෙන් යුක්ත වූවකු විසින්. අනුන් විසින් යටපත් කළ නොහැකි, ඉක්මවිය නොහැකි ආණා සඞ්ඛ්‍යාත චක්‍රයාගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේනුයි චක්කවත්ති වේ. පරිණායක රත්නය පෙරටුකොට ගත් හස්තිරත්නාදිය ප්රමුඛ මහත් බලකායෙන් ද ප්රත්යානුභාවයෙන් හටගත් කාය බලයෙන් ද යුක්ත වූ හෙයින් “මහබ්බලො”යි. “යදා ආසිං” යනු සම්බන්ධයයි. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතෙ කිර මහාපුරිසො සුදස්සනත්තභාවතො තතියෙ අත්තභාවෙ ගහපතිකුලෙ නිබ්බත්තො ධරමානකස්ස බුද්ධස්ස සාසනෙ එකං ථෙරං අරඤ්ඤවාසං වසන්තං අත්තනො කම්මෙන අරඤ්ඤං පවිට්ඨො රුක්ඛමූලෙ නිසින්නං දිස්වා “ඉධ මයා අය්යස්ස පණ්ණසාලං කාතුං වට්ටතී”ති චින්තෙත්වා අත්තනො කම්මං පහාය දබ්බසම්භාරං ඡින්දිත්වා නිවාසයොග්ගං පණ්ණසාලං කත්වා ද්වාරං යොජෙත්වා කට්ඨත්ථරණං කත්වා “කරිස්සති නු ඛො පරිභොගං, න නු ඛො කරිස්සතී”ති එකමන්තෙ නිසීදි. ථෙරො අන්තොගාමතො ආගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා කට්ඨත්ථරණෙ නිසීදි. මහාසත්තොපි නං උපසඞ්කමිත්වා “ඵාසුකා, භන්තෙ, පණ්ණසාලා”ති පුච්ඡි. ඵාසුකා, භද්දමුඛ, පබ්බජිතසාරුප්පාති. වසිස්සථ, භන්තෙ, ඉධාති? ආම, උපාසකාති. සො අධිවාසනාකාරෙනෙව “වසිස්සතී”ති ඤත්වා “නිබද්ධං මය්හං ඝරද්වාරං ආගන්තබ්බ”න්ති පටිජානාපෙත්වා නිච්චං අත්තනො ඝරෙයෙව භත්තවිස්සග්ගං කාරාපෙසි. සො පණ්ණසාලායං කටසාරකං පත්ථරිත්වා මඤ්චපීඨං පඤ්ඤපෙසි, අපස්සෙනං නික්ඛිපි, පාදකඨලිකං ඨපෙසි, පොක්ඛරණිං ඛණි, චඞ්කමං කත්වා වාලුකං ඔකිරි, පරිස්සයවිනොදනත්ථං පණ්ණසාලං කණ්ටකවතියා පරික්ඛිපි, තථා පොක්ඛරණිං චඞ්කමඤ්ච. තෙසං අන්තොවතිපරියන්තෙ තාලපන්තියො රොපෙසි. එවමාදිනා ආවාසං නිට්ඨාපෙත්වා ථෙරස්ස තිචීවරං ආදිං කත්වා සබ්බං සමණපරික්ඛාරං අදාසි. ථෙරස්ස හි තදා බොධිසත්තෙන තිචීවරපිණ්ඩපාතපත්තථාලකපරිස්සාවනධමකරණපරිභොගභාජනඡත්තුපාහනඋදකතුම්බසූචිකත්තර- යට්ඨිආරකණ්ටකපිප්ඵලිනඛච්ඡෙදනපදීපෙය්යාදි පබ්බජිතානං පරිභොගජාතං අදින්නං නාම නාහොසි. සො පඤ්ච සීලානි රක්ඛන්තො උපොසථං කරොන්තො යාවජීවං ථෙරං උපට්ඨහි. ථෙරො තත්ථෙව වසන්තො අරහත්තං පත්වා පරිනිබ්බායි.
අතීතයෙහි වනාහි මහාපුරුෂතෙම සුදර්ශන ආත්මභාවයට පෙර තුන්වන ආත්මභාවයෙහි ගෘහපති කුලයෙහි උපන්නේ තමාගේ කිසියම් කටයුත්තක් සඳහා වනයට පිවිසියේ ජීවමාන බුදුන් වහන්සේගේ ශාසනයෙහි අරණ්‍යවාසීව වසන එක් තෙරනමක් ගසක් මුල වැඩ හිඳිනු දැක, “ම විසින් මෙහි ආර්‍ය්‍යයන් වහන්සේ පන්සලක් කිරීම වටී යයි සිතා තමාගේ කටයුතු හැරපියා දැව දඬු කපා විසීමට සුදුසු පන්සලක් කොට දොරක් යොදා දැව ඇතිරියක් (ලී මැස්සක්) සාදා උන්වහන්සේ පන්සල පරිභෝග කරන්නාහු ද නැත්දැයි විමසනු පිණිස එකත් පසෙක හුන්නේය. තෙරුන් වහන්සේ ඇතුල් ගමෙන් ආපසු වැඩමකොට පන්සලට පිවිස දැව ඇතිරියෙහි වැඩ හුන්හ. මහාසත්ත්වයෝ ද උන්වහන්සේ වෙත එළඹ “ස්වාමීනි පන්සල සුව පහසුදැයි ඇසූහ. “යහපත් මුහුණක් ඇති උපාසකය, පහසුය, පැවිද්දන්ට සුදුසු යයි වදාළහ. “ස්වාමීනි ඔබ වහන්සේ මෙහි වැඩ වසන සේක් ද? “එසේය උපාසකය” හෙතෙම ඉවසා වදාළ අයුරින්ම වාසය කරන්නේ යයි දැන නිතර මාගේ නිවසට (පිඬු පිණිස) වැඩිය මැනවැයි ප්‍රතිඥා ගෙන නිතර තමාගේ නිවසෙහිම දන් වැළඳවීම කරවීය. හෙතෙම පන්සලෙහි කලාලයක් අතුරා ඇඳ පුටු පැනෙව්වේය. හේත්තුවන ලෑල්ලක් ගෙනවිත් තැබීය. පය සෝදන ලෑල්ලක් ද තැබීය. පොකුණක් කැණීය. සක්මන් මළුවක් කොට වැලි විසුරුවීය. උවදුරු දුරුකරනු පිණිස පන්සල කටුවැටකින් වටකළේය. පොකුණ සහ සක්මන් මළුවද එසේම වට කළේය. එහි ඇතුළෙහි වැට අයිනෙහි තල්ගස් පෙළක් රෝපණය කළේය. ඒ මේ ආදියෙන් ආවාසය නිමවා තෙරුන් වහන්සේට තුන් සිවුරු ආදිකොට ඇති සියලු මහණ පිරිකර දුන්නේය. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ විසින් තෙරුන් වහන්සේට තුන් සිවුරුද, පිණ්ඩපාතයද, පාත්‍ර ද, තැටි ද, පෙරහන්කඩ ද, කෙණ්ඩි ද, පරිභෝග භාණ්ඩ ද, කුඩ හා පාවහන් ද, දියකළ ද, ඉදිකටු ද, සැරයටි ද, ඉදිකටු ගුලාද කතුරු ද, නියපොතු කපන පිහි ද, පහන් දැල්වීමට අවශ්‍ය දේද යනාදී පැවිද්දන්ට අයත් පරිභෝග භාණ්ඩයන්ගෙන් නුදුන් දෙයක් නම් නොවීය. හෙතෙම පන්සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් ජීවිතාන්තය දක්වා තෙරුන්ට උවටැන් කළේය. තෙරුන් වහන්සේ එහිම වසන්නාහු රහත් ඵලයට පත්ව පිරිනිවි සේක.
බොධිසත්තොපි යාවතායුකං පුඤ්ඤං කත්වා දෙවලොකෙ නිබ්බත්තිත්වා තතො චුතො මනුස්සලොකං ආගච්ඡන්තො කුසාවතියා රාජධානියා නිබ්බත්තිත්වා මහාසුදස්සනො නාම රාජා අහොසි චක්කවත්තී. තස්සිස්සරියානුභාවො “භූතපුබ්බං, ආනන්ද, රාජා මහාසුදස්සනො නාම අහොසි ඛත්තියො මුද්ධාවසිත්තො”තිආදිනා (දී· නි· 2.242) නයෙන සුත්තෙ ආගතො එව. තස්ස කිර චතුරාසීති නගරසහස්සානි කුසාවතීරාජධානිප්පමුඛානි, චතුරාසීති පාසාදසහස්සානි ධම්මපාසාදප්පමුඛානි, චතුරාසීති කූටාගාරසහස්සානි මහාබ්යූහකූටාගාරප්පමුඛානි, තානි සබ්බානි තස්ස ථෙරස්ස කතාය එකිස්සා පණ්ණසාලාය නිස්සන්දෙන නිබ්බත්තානි, චතුරාසීති පල්ලඞ්කසහස්සානි නාගසහස්සානි අස්සසහස්සානි රථසහස්සානි තස්ස දින්නස්ස මඤ්චපීඨස්ස, චතුරාසීති මණිසහස්සානි තස්ස දින්නස්ස පදීපස්ස, චතුරාසීති පොක්ඛරණිසහස්සානි එකපොක්ඛරණියා, චතුරාසීති ඉත්ථිසහස්සානි පුත්තසහස්සානි ගහපතිසහස්සානි ච පත්තථාලකාදිපරිභොගාරහස්ස පබ්බජිතපරික්ඛාරදානස්ස, චතුරාසීති ධෙනුසහස්සානි පඤ්චගොරසදානස්ස, චතුරාසීති වත්ථකොට්ඨසහස්සානි නිවාසනපාරුපනදානස්ස, චතුරාසීති ථාලිපාකසහස්සානි භොජනදානස්ස නිස්සන්දෙන නිබ්බත්තානි. සො සත්තහි රතනෙහි චතූහි ඉද්ධීහි ච සමන්නාගතො රාජාධිරාජා හුත්වා සකලං සාගරපරියන්තං පථවිමණ්ඩලං ධම්මෙන අභිවිජිය අජ්ඣාවසන්තො අනෙකසතෙසු ඨානෙසු දානසාලායො කාරෙත්වා මහාදානං පට්ඨපෙසි. දිවසස්ස තික්ඛත්තුං නගරෙ භෙරිං චරාපෙසි “යො යං ඉච්ඡති, සො දානසාලාසු ආගන්ත්වා තං ගණ්හාතූ”ති. තෙන වුත්තං “තත්ථාහං දිවසෙ තික්ඛත්තුං, ඝොසාපෙමි තහිං තහි”න්තිආදි.
බෝධිසත්ත්වයන් වහන්සේද ආයු ඇති තෙක් පින් කොට දෙව්ලොව ඉපිද එයින් චුත වී මිනිස් ලොවට එන්නාහු කුසාවතී රාජධානියෙහි ඉපිද මහාසුදර්ශන නම් සක්විති රජ වූහ. ඔහුගේ ඉසුරුමත් බව “භූත පුබ්බං ආනන්ද රාජා මහාසුදස්ස නො නාම අහොසි ඛත්තියො මුද්ධාභි සිත්තෙ” (ආනන්දය, පෙර මහා සුදර්ශන නම් හිසෙහි අභිෂේක කළ (ඔටුනු පැළද වූ) ක්ෂත්රිය රජෙක් විය) ආදී වශයෙන් (දීඝනිකාය - මහාසුදස්සන) සූත්‍රයෙහි ආවේමය. ඔහුට වනාහි කුසාවතී රාජධානිය ප්රමුඛ නගර අසූහාර දහසක්ද, ධර්මප්‍රාසාදය ප්‍රමුබ ප්‍රාසාද අසූහාර දහසක්ද, මහාබ්යුහ කූටාගාරය ප්රමුඛ කූටාගාර අසූහාර දහසක්ද විය. ඒ සියල්ලම තෙරුන් වහන්සේ උදෙසා කළ එකම පන්සලෙහි ආනිසංසය හේතුකොට ගෙන පහළ විය. උන්වහන්සේට පූජා කළ ඇඳ පුටුවල ආනිසංස වශයෙන් පර්‍ය්‍යඞ්ක අසූහාර දහසක් ද ඇතුන් අසූහාර දහසක් ද අසුන් අසූහාර දහසක් ද රථ අසූහාර දහසක්ද පහළ විය. උන්වහන්සේට පූජා කළ පහනේ ආනිසංස වශයෙන් මැණික් අසූහාර දහසක් ද පොකුණේ ආනිසංස වශයෙන් අසූහාර දහසක් පොකුණු ද, පාත්‍ර තැටි ආදි පරිභෝග කිරීමට සුදුසු පැවිදි පිරිකර දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් ස්ත්‍රීහු ද, අසූහාර දහසක් පුත්‍රයෝ ද අසූහාර දහසක් ගෘහපතීහු ද පහළ වූහ. පස්ගෝරස දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් දෙන්නු ද, හැඳීමට පෙරවීමට සුදුසු දේ දීමේ ආනිසංස වශයෙන් කෝටි අසූහාර දහසක් වස්ත්‍ර ද, භෝජන දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් බත් සැළි ද පහළ වූහ. හෙතෙම සප්තවිධ රත්නයෙන් හා සතර සෘද්ධීන්ගෙන් යුක්ත වූයේ රාජාධිරාජව සියලු සාගර කෙළවර කොට ඇති පෘථිවි මණ්ඩලය දශරාජ ධර්මයෙන් ජයගෙන වාසය කරන්නේ නොයෙක් සිය ගණන් තැන්වල දානශාලා කරවා මහදන් පැවැත්වීය. “යමෙක් යම් යම් දෙයක් කැමැත්තේ නම් හෙතෙම දානශාලාවලට පැමිණ එය ගනිත්වායි දවසට තෙවරක් නගරයෙහි බෙර හැසිරවීය. එහෙයින් “තත්ථාහං දිවසෙ තික්ඛත්තුං ඝොසාපෙමි තහිංතහිං” ආදිය කියන ලදී.
29 තත්ථාහං දිවසෙ තික්ඛත්තුං - ඝොසාපෙමි තහිං තහිං කො කිං ඉච්ඡති පත්ථෙති - කස්ස කිං දීයතු ධනං
30. කො ඡාතකො කො තසිතො - කොමාලං කො විලෙපනං නානා රත්තානි වත්ථානි - කො නග්ගො පරිදහිස්සති
31 කො පථෙ ඡත්ත මාදෙති - කොපාහණා මුදු සුභා ඉති සායඤ්ච පාතොච - ඝොසාපෙමි තහිං තහිං” (චරියා පිටක)
“එහි මම දවසට තුන්වරක් ඒ ඒ තැන බෙර හැසිර වූයෙමි. කවරෙක් කුමක් කැමැත්තේ ද? ප්‍රාර්ථනා කෙරේ ද? කවරකුහට කුමන ධනයක් (මවිසින්) දෙනු ලැබේවා ද? කවරෙක් සාදුක් ඇත්තේ ද? කවරෙක් පිපාසා ඇත්තේ ද? කවරෙක් මල්, කවරෙක් විලවුන් (කැමැත්තේ ද?) නග්න වූ කවරෙක් නානා වස්ත්‍රයන් හඳින්නේ ද?
කවරෙක් මාර්ගයෙහි කුඩයක් ගනීද? කවරෙක් සුව පහස් ඇති දර්ශනීය පාවහන් ගනීදැයි මෙසේ උදේ දවල් හවස ද ඒ ඒ තැන ඝෝෂා කරවීමි.”
තත්ථ තත්ථාති තස්මිං නගරෙ. “තදාහ”න්තිපි පාඨො, තස්ස තදා අහං, මහාසුදස්සනකාලෙති අත්ථො. තහිං තහින්ති තස්මිං තස්මිං ඨානෙ, තස්ස තස්ස පාකාරස්ස අන්තො ච බහි චාති අත්ථො. කො කිං ඉච්ඡතීති බ්රාහ්මණාදීසු යො කොචි සත්තො අන්නාදීසු දෙය්යධම්මෙසු යං කිඤ්චි ඉච්ඡති. පත්ථෙතීති තස්සෙව වෙවචනං. කස්ස කිං දීයතු ධනන්ති අනෙකවාරං පරියායන්තරෙහි ච දානඝොසනාය පවත්තිතභාවදස්සනත්ථං වුත්තං, එතෙන දානපාරමියා සරූපං දස්සෙති. දෙය්යධම්මපටිග්ගාහකවිකප්පරහිතා හි බොධිසත්තානං දානපාරමීති.
එහි “තත්ථ” යනු ඒ නගරයෙහි, “තදාහං” යනුවෙන් ද පාඨයකි. එහි එකල්හි මම මහා සුදර්ශන වූ කල්හි යන අර්ථයයි. “තහිංතහිං” යනු ඒ ඒ තැන, ඒ ඒ ප්රාකාරයෙහි ඇතුලත ද පිටත ද යන අර්ථයයි. “කො කිං ඉච්ඡති” යනු බ්‍රාහ්මණාදීන් අතුරෙන් යම්කිසි සත්ත්වයෙක් ආහාර ආදී දිය යුතු දේ අතුරෙන් යම්කිසිවක් කැමති වෙයිද, “පත්ථෙති” යනු එයටම පර්‍ය්‍යාය වචනයකි. “කස්ස කිං දීයතු ධනං” යනු නොයෙක්වර නොයෙක් ආකාරයෙන් දාන ඝෝෂාව පැවති බව දැක්වීමට කියන ලදී. මෙයින් දාන පාරමිතාවේ ස්වරූපය දක්වයි. දිය යුතු වස්තුන්ගේ ද ප්‍රතිග්‍රාහකයන්ගේ ද විකල්ප රහිත (තේරීමක් නැති) බව බෝධිසත්ත්වයන්ගේ දාන පාරමිතාවයි.
ඉදානි දානඝොසනාය තස්ස තස්ස දෙය්යධම්මස්ස අනුච්ඡවිකපුග්ගලපරිකිත්තනං දස්සෙතුං “කො ඡාතකො”තිආදි වුත්තං.
දැන් දාන ඝෝෂණයෙන් ඒ ඒ දිය යුතු දෙයට සුදුසු පුද්ගලයන් ප්‍රකාශ කිරීම දැක්වීමට, “කො ඡාතකො” ආදිය කියන ලදී.
තත්ථ ඡාතකොති ජිඝච්ඡිතො. තසිතොති පිපාසිතො. කො මාලං කො විලෙපනන්තිපි “ඉච්ඡතී”ති පදං ආනෙත්වා යොජෙතබ්බං. නග්ගොති වත්ථවිකලො, වත්ථෙන අත්ථිකොති අධිප්පායො. පරිදහිස්සතීති නිවාසිස්සති.
එහි “ඡාතො” යනු බඩගිනි වූ, “තසිතො” යනු පිපාසිත වූ, “කො මාලං කො විලෙපනං” යනු “ඉච්ඡති” යන පදය සමග යෙදිය යුතුය. “නග්ගො” යනු වස්ත්‍ර නොමැත්තා වස්ත්‍රයෙන් ප්‍රයෝජන ඇති තැනැත්තා යන අදහසයි. “පරිදහිස්සති” යනු හඳින්නේය.
කො පථෙ ඡත්තමාදෙතීති කො පථිකො පථෙ මග්ගෙ අත්තනො වස්සවාතාතපරක්ඛණත්ථං ඡත්තං ගණ්හාති, ඡත්තෙන අත්ථිකොති අත්ථො. කොපාහනා මුදූ සුභාති දස්සනීයතාය සුභා සුඛසම්ඵස්සතාය මුදූ උපාහනා අත්තනො පාදානං චක්ඛූනඤ්ච රක්ඛණත්ථං. කො ආදෙතීති කො තාහි අත්ථිකොති අධිප්පායො. සායඤ්ච පාතො චාති එත්ථ ච-සද්දෙන මජ්ඣන්හිකෙ චාති ආහරිත්වා වත්තබ්බං. “දිවසෙ තික්ඛත්තුං ඝොසාපෙමී”ති හි වුත්තං.
“කො පථෙ ඡත්තමාදෙති” යනු කවර මගියෙක් පථයෙහි, මාර්ගයෙහි තමන් වැස්සෙන්, වාතයෙන්, හිරු රැසින් ආරක්ෂාව සඳහා කුඩයක් ගනියිද, කුඩයකින් ප්‍රයෝජන ඇති තැනැත්තා යන අර්ථයයි. “කො පාහනා මුදු සුභා” යනු දර්ශනීය බැවින් “සුභා” වූ සැප ස්පර්ශ ඇති බැවින් ‘මුදු’ පාවහන් තමාගේ පා වලද ඇස්වලද රක්ෂණය සඳහා, “කො ආදෙති’’ යනු කවරෙක් ඒවායින් ප්‍රයෝජන ඇත්තෝ ද යන අදහසයි. “සායං ච පාතො ච” යන මෙහි “ච” ශබ්දයෙන් මධ්‍යාහ්නයෙහි යන්නද එකතුකොට කිව යුතුය. දවසට තෙවරක් ඝෝෂා කරවමියි කියන ලදී.
32. න තං දස්සු ඨානෙසු න පි ඨාන සතෙසු වා අනෙක සතට්ඨානෙසු පටියන්තං යාචකෙ ධනං
යාචකයන් උදෙසා එම දානය ස්ථාන දහයක පිළියෙල නොකරන ලදී. ස්ථාන සියයක හෝ පිළියෙල නොකරන ලදී. සිය ගණන් ස්ථානවල එම දානය පිළියෙළ කරන ලදී.
න තං දසසු ඨානෙසූති තං දානං න දසසු ඨානෙසු පටියත්තන්ති යොජනා. නපි ඨානසතෙසු වා පටියත්තං, අපි ච ඛො අනෙකසතෙසු ඨානෙසු පටියත්තං. යාචකෙ ධනන්ති යාචකෙ උද්දිස්ස ධනං පටියත්තං උපක්ඛටං. ද්වාදසයොජනායාමෙ හි නගරෙ සත්තයොජනවිත්ථතෙ සත්තසු පාකාරන්තරෙසු සත්ත තාලපන්තිපරික්ඛෙපා, තාසු තාලපන්තීසු චතුරාසීති පොක්ඛරණිසහස්සානි පාටියෙක්කං පොක්ඛරණිතීරෙ මහාදානං පට්ඨපිතං. වුත්තඤ්හෙතං භගවතා –
“න තං දස්සු ඨානෙසු” යනු ඒ දානය ස්ථාන දහයෙක්හි පිළියෙල නොකරන ලදී යයි යෝජනා කරයි. “නපි ඨාන සතෙසු වා පටියත්තං” වැලිදු සිය ගණන් ස්ථානයන්හි පිළියෙල කරන ලදී. “යාචකෙ ධනං” යනු යාචකයන් උදෙසා ධනය පිළියෙළ කරන ලදී. සමීපයට ගෙන එන ලදී. දොළොස් යොදුනක් දික් වූද හත් යොදුනක් පළල් වූද නගරයෙහි සත් පවුරු අතර තල්ගස් පන්ති හතකින් වට වී ඇත. ඒ තල්ගස් පන්ති අතර අසූහාර දහසක් පොකුණු වේ. එක් එක් පොකුණු ඉවුරෙහි වෙන වෙනම මහාදාන පිහිටුවන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී.
“පට්ඨපෙසි ඛො, ආනන්ද, රාජා මහාසුදස්සනො තාසං පොක්ඛරණීනං තීරෙ එවරූපං දානං අන්නං අන්නත්ථිකස්ස, පානං පානත්ථිකස්ස, වත්ථං වත්ථත්ථිකස්ස, යානං යානත්ථිකස්ස, සයනං සයනත්ථිකස්ස, ඉත්ථිං ඉත්ථිත්ථිකස්ස, හිරඤ්ඤං හිරඤ්ඤත්ථිකස්ස, සුවණ්ණං සුවණ්ණත්ථිකස්සා”ති (දී· නි· 2.254).
“ආනන්දය, මහා සුදර්ශන රජතුමා එම පොකුණු තෙර ආහාර අවශ්‍ය වූවහුට ආහාර ද, බීම අවශ්‍ය වූවහුට බීම ද, වස්ත්‍ර අවශ්‍ය වූවහුට වස්ත්‍ර ද, යානා අවශ්‍ය වූවහුට යානාද, සයන අවශ්‍ය වූවහුට සයනද, ස්ත්‍රියක අවශ්‍ය වූවහුට ස්ත්‍රියද අමුරන් අවශ්‍ය වූවහුට අමුරන් ද රන් අවශ්‍ය වූවහුට රන් ද මේ බඳු වූ දානයක් පිහිටුවීය (දීඝ නිකාය - මහා සුදස්සන සුත්ත)
තත්ථායං දානස්ස පවත්තිතාකාරො – මහාපුරිසො හි ඉත්ථීනඤ්ච පුරිසානඤ්ච අනුච්ඡවිකෙ අලඞ්කාරෙ කාරෙත්වා ඉත්ථිමත්තමෙව තත්ථ පරිචාරවසෙන සෙසඤ්ච සබ්බං පරිච්චාගවසෙන ඨපෙත්වා “රාජා මහාසුදස්සනො දානං දෙති, තං යථාසුඛං පරිභුඤ්ජථා”ති භෙරිං චරාපෙසි. මහාජනා පොක්ඛරණිතීරං ගන්ත්වා න්හත්වා වත්ථාදීනි නිවාසෙත්වා මහාසම්පත්තිං අනුභවිත්වා යෙසං තාදිසානි අත්ථි, තෙ පහාය ගච්ඡන්ති . යෙසං නත්ථි, තෙ ගහෙත්වා ගච්ඡන්ති. යෙ හත්ථියානාදීසුපි නිසීදිත්වා යථාසුඛං විචරිත්වා වරසයනෙසුපි සයිත්‍වා සම්පත්තිං අනුභවිත්වා ඉත්ථීහිපි සද්ධිං සම්පත්තිං අනුභවිත්වා සත්තවිධරතනපසාධනානි පසාධෙත්වා සම්පත්තිං අනුභවිත්වා යං යං අත්ථිකා, තං තං ගහෙත්වා ගච්ඡන්ති, අනත්ථිකා ඔහාය ගච්ඡන්ති. තම්පි දානං උට්ඨාය සමුට්ඨාය දෙවසිකං දීයතෙව. තදා ජම්බුදීපවාසීනං අඤ්ඤං කම්මං නත්ථි, දානං පරිභුඤ්ජන්තා සම්පත්තිං අනුභවන්තා විචරන්ති. න තස්ස දානස්ස කාලපරිච්ඡෙදො අහොසි. රත්තිඤ්චාපි දිවාපි යදා යදා අත්ථිකා ආගච්ඡන්ති, තදා තදා දීයතෙව. එවං මහාපුරිසො යාවජීවං සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා මහාදානං පවත්තෙසි. තෙන වුත්තං “දිවා වා යදි වා රත්තිං, යදි එති වනිබ්බකො”තිආදි.
මේ එහි දානය පැවති ආකාරයයි. මහබෝසතාණෝ වනාහි ස්ත්රීන්ට ද පුරුෂයන්ට ද සුදුසු අලංකාරයක් කරවා එහි සේවය සඳහා ස්ත්‍රියක පමණක් ද සෙසු සියල්ල පරිත්‍යාග වශයෙන් ද තබා “මහා සුදර්ශන රජු දන් දෙයි. එය කැමති පරිදි පරිභෝග කරව්” යයි බෙර හැසිරවීය. මහජනයා පොකුණු තෙරට ගොස් නා වස්ත්‍රාදිය හැඳ මහා සම්පත් අනුභවකොට යමෙකුට එබඳු සම්පත් ඇත්නම් ඔවුහු ඒවා හැර යති. යමෙකුට නැත්ද ඔවුහු ගෙන යති. යමෙක් ඇත් යානාදියෙහි හැඳ කැමති පරිදි හැසිර උතුම් සයනයන්හි සැතපී සම්පත් අනුභවකොට ස්ත්‍රීන් සමග ද සම්පත් අනුභව කොට සත් රුවන් ආභරණ පැළද සම්පත් අනුභව කොට ප්‍රයෝජන ඇති දෙය ගෙනයති. ප්‍රයෝජන නැති දෙය හැරදමා යති. එම දානය ද වීර්‍ය්‍යකොට දිනපතාම දෙනු ලැබේමය. එකල්හි දඹදිව වැසියන්ට වෙනත් වැඩක් නැත. දානය අනුභව කරමින් සම්පත් අනුභව කරමින් හැසිරෙති. එම දානයෙහි කාලසීමාවක් නොවීය. රාත්‍රියේ ද දවල් ද යම් යම් විටක අවශ්‍ය අය එත් ද එකල්හි දෙනු ලැබේමය. මෙසේ මහා පුරුෂයාණෝ ජීවිතාන්තය දක්වා මුළු දඹදිව උත්සව ශ්‍රීයෙන් (නඟුල උඩට හරවා) මහාදාන පැවැත්වූහ. එහෙයින් “දිවා යදිවා රත්තිං යදි එති වණිබ්බකො” යනාදිය කියන ලදී.
33. “දිවා වා යදිවා රත්තිං යදි එති වණිබ්බකො ලද්ධා යදිච්ඡිකං භොගං පූරහත්ථොව ගච්ඡති
34. එවරූපං මහා දානං අදාසිං යාව ජීවිකං නපාහං දෙස්සං ධනං දම්මි නපිනත්ථි නිචයො මයි.
35. යථාපි ආතුරො නාම රොගතො පරිමුත්තියා ධනෙන වෙජ්ජං තප්පෙත්වා රොගතො පරිමුච්චති
36. තථෙවාහං ජානමානො පරිපූරෙතුමස්සෙතො ඌනමනං පූරයිතුං දෙමිදානං වණිබ්බකෙ නිරාලයො අපච්චා සො සම්බො ධිමනුපත්තියා” (චරියා පිටක)
“යාචකයෙක් ඉදින් දහවල්හි හෝ ඉදින් රාත්‍රියෙහි හෝ පැමිණේ ද කැමති පරිදි භෝගය ලැබ පිරුණු අත් ඇතිවම යයි.
දිවිහිමියෙන් මෙබඳු වූ මහ දන් දුන්නෙමි. මට අප්‍රිය වූ වස්තුවක් නුදුන්නෙමි. මා සමීපයෙහි ධනය රැස්කිරීමෙක් නැත්තේ ද නොවෙයි.
යම්සේ රෝගයෙන් මඩනා ලද පුරුෂයෙක් වූකලී රෝගයෙන් මිදෙනු පිණිස ධනයෙන් වෙදෙකු සතුටු කොට රෝගයෙන් මිදේද,
එසේම මමද දන්නෙම් නිරවශේෂයෙන් (දාන පාරමිතාව) සම්පූර්ණ කරනු පිණිස, අසම්පූර්ණ සිත පිරවීම පිණිස ආලය රහිතව කිසිත් ප්‍රාර්ථනාවක් නොමැතිව සම්බෝධියට පැමිණීම පිණිස යාචකයන්ට දන් දෙමි.”
තත්ථ දිවා වා යදි වා රත්තිං, යදි එතීති එතෙනස්ස යථාකාලං දානං දස්සෙති. යාචකානඤ්හි ලාභාසාය උපසඞ්කමනකාලො එව බොධිසත්තානං දානස්ස කාලො නාම. වනිබ්බකොති යාචකො. ලද්ධා යදිච්ඡකං භොගන්ති එතෙන යථාභිරුචිතං දානං. යො යො හි යාචකො යං යං දෙය්යධම්මං ඉච්ඡති, තස්ස තස්ස තංතදෙව බොධිසත්තො දෙති. න තස්ස මහග්ඝදුල්ලභාදිභාවං අත්තනො උපරොධං චින්තෙසි. පූරහත්ථොව ගච්ඡතීති එතෙන යාවදිච්ඡකං දානං දස්සෙති, යත්තකඤ්හි යාචකා ඉච්ඡන්ති, තත්තකං අපරිහාපෙත්වාව මහාසත්තො දෙති උළාරජ්ඣාසයතාය ච මහිද්ධිකතාය ච.
එහි “දිවා වා යදි වා රත්තිං යදි එති” යන මෙයින් මෙතුමාගේ සුදුසු කාලයෙහි දීම දැක්වේ. ලාභ බලාපොරොත්තුවෙන් යාචකයන් පැමිණෙන කාලයම බෝධි සත්ත්වයන්ගේ දානයට කාලය වේ. “වණිබ්බකො” යනු යාචකයාය. “ලද්ධා යදිච්ඡිකං භොගං” යන මෙයින් අභිරුචියට අනුව දීම, යම් යම් යාචකයෙක් යම් යම් ලැබිය යුතු දෙයක් කැමති වෙයිද ඒ ඒ තැනැත්තාට ඒ ඒ දෙයම බෝධිසත්ත්වයෝ දෙති. එහි ඉතා වටිනා බව දුර්ලභ බව ආදිය තමාට ආවරණයක් (බාධාවක්) ලෙස නොසිතූහ. “පුරහත්ථොව ගච්ඡති” යන මෙයින් කැමතිතාක් දීම දක්වයි. යාචකයෝ යම් පමණ කැමති වෙත්ද මහාසත්ත්වයෝ උදාර අධ්‍යාශය ඇති බැවින් ද මහත් සෘද්ධිමත් බව නිසාද එපමණම දෙති.
“යාවජීවික”න්ති එතෙන දානස්ස කාලපරියන්තාභාවං දස්සෙති. සමාදානතො පට්ඨාය හි මහාසත්තා යාවපාරිපූරි වෙමජ්ඣෙ න කාලපරිච්ඡෙදං කරොන්ති, බොධිසම්භාරසම්භරණෙ සඞ්කොචාභාවෙන අන්තරන්තරා අවොසානාපත්තිතො මරණෙනපි අනුපච්ඡෙදො එව, තතො පරම්පි තථෙව පටිපජ්ජනතො, “යාවජීවික”න්ති පන මහාසුදස්සනචරිතස්ස වසෙන වුත්තං. නපාහං දෙස්සං ධනං දම්මීති ඉදං ධනං නාම මය්හං න දෙස්සං අමනාපන්ති එවරූපං මහාදානං දෙන්තො ගෙහතො ච ධනං නීහරාපෙමි. නපි නත්ථි නිචයො මයීති මම සමීපෙ ධනනිචයො ධනසඞ්ගහො නාපි නත්ථි, සල්ලෙඛවුත්තිසමණො විය අසඞ්ගහොපි න හොමීති අත්ථො. ඉදං යෙන අජ්ඣාසයෙන තස්සිදං මහාදානං පවත්තිතං, තං දස්සෙතුං වුත්තං.
“යාවජීවිකං” යන මෙයින් දානයෙහි කාල සීමාවක් නොමැති බව දක්වයි. සමාදන් වූ දින පටන් (අදහස) සම්පූර්ණ වීම දක්වා බෝධිසත්ත්වයෝ අතරමැද කාලය සීමා කිරීමක් නොකරති. බෝධිසම්භාර ධර්මයන් රැස්කිරීමේදී හකුලා ගැනීමක් නොමැති බැවින් අතරතුරෙහි (ප්රාර්ථනාවෙහි) අවසානයට නොපැමිණ මරණයෙන් පවා නොසිඳෙන්නේමය. එයින් පසුව ද එසේම පිළිපදින හෙයින් “යාවජීවිකං” යනු මහා සුදර්ශන චරිතය අරමුණු කොට කියන ලදී. “නපාහං දෙස්සං ධනං දම්ම” යනු මෙබඳු වූ මහා දන් දෙමින් ගෙයින් ද ධනය බැහැර කරවමි. එසේ වුවත් මේ ධනය නම් මට අප්‍රිය වූවක් අමනාප වූවක් නොවේ යනුයි. “නපි නත්ථි නිචයොමයි” යනු මගේ සමීපයෙහි ධනය රැස් කිරීමක් ධනය සංග්‍රහ කිරීමක් නැත්තේ ද නොවේ. සල්ලේඛ පැවැතුම් ඇති ශ්‍රමණයෙකු මෙන් රැස්කිරීමක් නොකරන්නෙක්ද නොවෙමි” යන අර්ථයයි. මෙය යම් අදහසකින් ඒ මේ මහාදානය පැවැත්වීද, එය දැක්වීමට කියන ලදි.
ඉදානි තං උපමාය විභාවෙතුං “යථාපි ආතුරො නාමා”තිආදිමාහ. තත්ථිදං උපමාසංසන්දනෙන සද්ධිං අත්ථදස්සනං – යථා නාම ආතුරො රොගාභිභූතො පුරිසො රොගතො අත්තානං පරිමොචෙතුකාමො ධනෙන හිරඤ්ඤසුවණ්ණාදිනා වෙජ්ජං තිකිච්ඡකං තප්පෙත්වා ආරාධෙත්වා යථාවිධි පටිපජ්ජන්තො තතො රොගතො විමුච්චති.
දැන් එය උපමාවකින් පැහැදිලි කිරීමට “යථාපි ආතුරො නාම” යනාදිය කීවේය. එහි මේ උපමා සංසන්දනය සමග අර්ථ දැක්වීමයි:- යම්සේ “ආතුරො” රෝගයෙන් යටත් කළ පුරුෂයෙක් තමා රෝගයෙන් මිදෙනු කැමතිව “ධනෙන’ අමුරන් සහ රන් ආදියෙන් “වෙජ්ජං” වෛද්‍යවරයෙකු “තප්පෙත්වා” සතුටු කොට නියමය පරිදි පිළිපදින්නේ ඒ රෝගයෙන් මිදෙයිද,
තථෙව එවමෙව අහම්පි අට්ටභූතං සකලලොකං කිලෙසරොගතො සකලසංසාරදුක්ඛරොගතො ච පරිමොචෙතුකාමො තස්ස තතො පරිමොචනස්ස අයං සබ්බසාපතෙය්යපරිච්චාගො දානපාරමිඋපායොති ජානමානො බුජ්ඣමානො අසෙසතො දෙය්යධම්මස්ස පටිග්ගාහකානඤ්ච වසෙන අනවසෙසතො මහාදානස්ස වසෙන සත්තානං අජ්ඣාසයං පරිපූරෙතුං අත්තනො ච න මය්හං දානපාරමී පරිපුණ්ණා, තස්මා ඌනමනන්ති පවත්තං ඌනං මනං පූරයිතුං පවත්තයිතුං වනිබ්බකෙ යාචකෙ අදාසිං තං දානං එවරූපං මහාදානං දදාමි, තඤ්ච ඛො තස්මිං දානධම්මෙ තස්ස ච ඵලෙ නිරාලයො අනපෙක්ඛො අපච්චාසො කිඤ්චිපි අපච්චාසීසමානො කෙවලං සම්බොධිමනුපත්තියා සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව අධිගන්තුං දෙමීති.
“තථෙව” ඒ ආකාරයට මමද අන්ධබවට පත් වූ සියලු ලෝකයා ක්ලේශ රෝගයෙන් ද සියලු සංසාර දුක්ඛ රෝගයෙන් ද මුදවනු කැමැත්තේ ඒ සඳහා එයින් මිදීමට මේ සියලු ධනය පරිත්‍යාග කිරීම දාන පාරමී උපායයයි. “ජානමානො” අවබෝධ කර ගත්තේ “අස්සෙතො” දෙය්ය ධර්මයාගේ සහ ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් ඉතිරි නොකොට මහා දානයක් වශයෙන් සත්ත්වයන්ගේ ද තමාගේ ද මනදොළ “පරිපූරෙතුං” සම්පූර්ණ කරන්නට මගේ දාන පාරමිතාව පරිපූර්ණ නොවීය. එහෙයින්, ‘උදානමනං’ යනු පවත්නා අඩු සිත ‘පූරයිතුං’ පුරවන්නට ‘වණිබ්බකෙ’ යාචකයන්ට “අදාසිං තං දානං” මෙබඳු වූ මහදන් දෙමි, එයද වනාහි “තස්මිං” දාන ධර්මයෙහි ද ද එහි ඵලයෙහි ද “නිරාලයො” අපේක්ෂා නොමැතිව “අපච්චාසො” කිසි බලාපොරොත්තුවක් නොමැත්තේ හුදෙක් “සම්බොධිමනුපත්තියා” සර්වඥතා ඥානයම අවබෝධ කර ගැනීමට දෙමි යනුයි.
එවං මහාසත්තො මහාදානං පවත්තෙන්තො අත්තනො පුඤ්ඤානුභාවනිබ්බත්තං ධම්මපාසාදං අභිරුය්හ මහාබ්යූහකූටාගාරද්වාරෙ එව කාමවිතක්කාදයො නිවත්තෙත්වා තත්ථ සොවණ්ණමයෙ රාජපල්ලඞ්කෙ නිසින්නො ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙත්වා තතො නික්ඛමිත්වා සොවණ්ණමයං කූටාගාරං පවිසිත්වා තත්ථ රජතමයෙ පල්ලඞ්කෙ නිසින්නො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා චතුරාසීති වස්සසහස්සානි ඣානසමාපත්තීහි වීතිනාමෙත්වා මරණසමයෙ දස්සනාය උපගතානං සුභද්දාදෙවීපමුඛානං චතුරාසීතියා ඉත්ථාගාරසහස්සානං අමච්චපාරිසජ්ජාදීනඤ්ච –
මෙසේ මහාසත්ත්වයන් වහන්සේ මහදන් පවත්වමින් තමාගේ පුණ්‍යානුභාවයෙන් පහළ වූ ධර්මප්රසාදයට නැගී මහාබ්යුහකූටාගාර දොරටුවේදීම කාමවිතර්කාදිය නවතා එහි ස්වර්ණමය රාජපර්ය්යඞ්කයෙහි හුන්සේක් ධ්‍යාන අභිඥා උපදවා එතැනින් නික්ම ස්වර්ණමය කූටාගාරයට ඇතුල් වී එහි රිදීමය පර්‍ය්‍යඞ්කයෙහි වැඩහුන් සේක් සතර බ්‍රහ්ම විහරණයන් වඩා අසූහාර දහසක් අවුරුදු ධ්‍යාන සමාපත්තියෙන් කල්යවා කාලක්‍රියා කරන සමයෙහි දැකීම සඳහා පැමිණි සුභද්‍රා දේවිය ප්‍රධාන අසූහාර දහසක් අන්තඃපුරවාසීන්ටද ඇමති පිරිසට ද
“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො; උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො”ති. (දී· නි· 2.221, 272; සං· නි· 1.186; 2.143) –
“අනිච්චා වත සඞ්ඛාරා උප්පාද වයධම්මිනො උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො” (දීඝනිකාය - මහාසුදස්ස සුත්ත)
“ඉපදීම හා විනාශය ස්වභාව කොට ඇති සංස්කාර එකාන්තයෙන් අනිත්‍යය. යම් සංස්කාර කෙනෙක් ඉපිද නිරුද්ධ වෙත් ද ඔවුන්ගේ සංසිඳීම සැපයකි”
ඉමාය ගාථාය ඔවදිත්වා ආයුපරියොසානෙ බ්රහ්මලොකපරායනො අහොසි.
යන මේ ගාථාවෙන් අවවාද දී ආයු කෙළවර බ්‍රහ්මලෝක පරායණ වූහ (බඹලොව උපන්හ.)
තදා සුභද්දාදෙවී රාහුලමාතා අහොසි, පරිණායකරතනං රාහුලො, සෙසපරිසා බුද්ධපරිසා, මහාසුදස්සනො පන ලොකනාථො.
එකල්හි සුභද්‍රා දේවිය රාහුලමාතාව වූවාය. පරිණායක රත්නය රාහුලය. සෙසු පිරිස බුදු පිරිසය. මහා සුදර්ශන රජු වනාහි ලෝකනාථ බුදුරජාණන් වහන්සේය.
ඉධාපි දස පාරමියො සරූපතො ලබ්භන්ති එව, දානජ්ඣාසයස්ස පන උළාරතාය දානපාරමී එව පාළියං ආගතා. සෙසධම්මා හෙට්ඨා වුත්තනයා එව. තථා උළාරෙ සත්තරතනසමුජ්ජලෙ චතුදීපිස්සරියෙපි ඨිතස්ස තාදිසං භොගසුඛං අනලඞ්කරිත්වා කාමවිතක්කාදයො දූරතො වික්ඛම්භෙත්වා තථාරූපෙ මහාදානෙ පවත්තෙන්තස්සෙව චතුරාසීති වස්සසහස්සානි සමාපත්තීහි වීතිනාමෙත්වා අනිච්චතාදිපටිසංයුත්තං ධම්මකථං කත්වාපි විපස්සනාය අනුස්සුක්කනං සබ්බත්ථ අනිස්සඞ්ගතාති එවමාදයො ගුණානුභාවා නිද්ධාරෙතබ්බාති.
මේ ජාතකයෙහි ද දශ පාරමිතාවෝ ස්වරූප වශයෙන් ලැබෙත්මය. එහෙත් දානාධ්යාශයාගේ උදාර බව නිසා දාන පාරමිතාවම පාලියෙහි ආයේය. අවශේෂ පාරමී ධර්ම ඉහත කියන ලද ක්‍රමයෙන්ම ආයේය. එසේ මහත් සත් රුවනින් දිලිසුනු සතර මහා දිවයිනට අධිපතිව සිටද එබඳු භෝග සැප අත්හැරපියා කාම විතර්කාදිය දුරදීම යටපත් කොට එදා මෙබඳු මහදන් පවත්වමින් අවුරුදු අසූහාර දහසක් සමාපත්තියෙන් කල්යවා අනිත්‍යාදී ප්‍රතිසංයුක්ත ධර්ම කථා කොට විදර්ශනාවෙහි නිරුත්සාහයද සියලු තන්හි නො ඇලීමට යාමද යන මේ ආදී ගුණානුභාවයෝ නිර්ධාරණය කළ යුත්තාහ.
මහාසුදස්සනචරියාවණ්ණනා නිට්ඨිතා.
සිවුවෙනි මහා සුදර්ශන චරිතයයි.