3. කුරුරාජචරියාවණ්ණනා අට්ඨකථා
3. කුරුරාජචරියාවණ්ණනා
3. කුරුධම්ම චරියා වර්ණනාව
20. “පුනාපරං යදාහොමි ඉන්දපත්තෙ පුරුත්තමෙ රාජා ධනඤ්ජයො නාම කුසලෙ දසහුපාගතෙ
21. කාලිඞ්ග රට්ඨ විසයා බ්රාහ්මණා උපගඤ්ජු මං ආයාචුං මං හත්ථිනාගං ධඤ්ඤං මඞ්ගල සම්මතං
22. අවුට්ඨිකො ජනපදො දුබ්භික්ඛො ජාතකො මහා දදාහි පවරං නාගං නීලං අඤ්ජන සව්හයං” (චරියා පිටකය)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක මම ඉඳිපත් නම් උතුම් නුවර දශ කුශල කර්මපථයෙන් යුක්ත වූ ධනඤ්ජය නම් රජෙක් වීම් ද කළිඟු රටින් බ්‍රාහ්මණයෝ මා කරා පැමිණියෝ ය. ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ මංගල සම්මත වූ හස්තිරාජයා මාගෙන් ඉල්ලුවෝ ය.
ජනපදය වැසි නැත්තේ ය. දුර්ලභ භෝජන ඇත්තේය. මහත් වූ සාදුක් පවතී. උතුම් වූ නීල වර්ණ වූ අඤ්ජන නම් ඇති ඇතා දුන මැනව”
තතියෙ ඉන්දපත්ථෙ පුරුත්තමෙති ඉන්දපත්ථනාමකෙ කුරුරට්ඨස්ස පුරවරෙ උත්තමනගරෙ. රාජාති ධම්මෙන සමෙන චතූහි සඞ්ගහවත්ථූහි පරිසං රඤ්ජෙතීති රාජා. කුසලෙ දසහුපාගතොති කුසලෙහි දසහි සමන්නාගතො, දානාදීහි දසහි පුඤ්ඤකිරියවත්ථූහි, දසහි කුසලකම්මපථෙහි වා යුත්තොති අත්ථො.
තෙවන (කුරුධර්ම චරිතයෙහි) “ඉන්දපත්තෙ පුරුත්තමෙ” යනු කුරුරට ඉඳිපත් නම් පුරවරයෙහි, උතුම් නගරයෙහි, “රාජා” යනු දැහැමෙන් සෙමෙන් සතර සංග්‍රහ වස්තූන්ගෙන් පිරිස සතුටු කෙරේනුයි “රාජා” යි, “කුසලෙ දසහුපාගතො” යනු දශ කුලයන්ගෙන් යුක්ත වූයේ, දානාදී දශ පුණ්‍ය ක්‍රියා වස්තුන්ගෙන් හෝ දශ කුශලකර්ම පථයන්ගෙන් යුක්ත වූ යන අර්ථයයි.
කලිඞ්ගරට්ඨවිසයාති කලිඞ්ගරට්ඨසඞ්ඛාතවිසයා. බ්රාහ්මණා උපගඤ්ඡු මන්ති කලිඞ්ගරාජෙන උය්යොජිතා අට්ඨ බ්රාහ්මණා මං උපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ච පන ආයාචුං මං හත්ථිනාගන්ති හත්ථිභූතං මහානාගං මං ආයාචිංසු. ධඤ්ඤන්ති ධනායිතබ්බසිරිසොභග්ගප්පත්තං ලක්ඛණසම්පන්නං. මඞ්ගලසම්මතන්ති තායයෙව ලක්ඛණසම්පත්තියා මඞ්ගලං අභිවුඩ්ඪිකාරණන්ති අභිසම්මතං ජනෙහි.
“කාලිඞ්ග රට්ඨ විසයා” යනු කලිඟුරට නම් ප්‍රදේශයෙන්, “බ්රාහ්මණා උපගච්ඡුමං” යනු කලිඟු රජු විසින් පිටත් කර එවන ලද බ්‍රාහ්මණයෝ අට දෙනෙක් මා වෙත එළඹුනාහුය. එළඹ වනාහි “ආයාචුං මං හත්ථිනාගං” යනු ඇතා වූ මහා හස්තියා මගෙන් ඉල්ලුහ, “ධඤ්ඤං” යනු ධනයක් මෙන් සලකනු ලබන ශ්‍රී සෞභාග්‍යයෙන් යුත් ලක්ෂණ සහිත “මඞ්ගල සම්මතං” යනු එම ලක්ෂණ සම්පත්තියෙන් යුක්ත නිසාම මඞ්ගල්යයක්, අභිවෘද්ධියට කාරණයක් යැයි මහජනයා විසින් උසස් ලෙස සම්මතය.
අවුට්ඨිකොති වස්සරහිතො. දුබ්භික්ඛොති දුල්ලභභොජනො. ඡාතකො මහාති මහතී ජිඝච්ඡාබාධා වත්තතීති අත්ථො. දදාහීති දෙහි. නීලන්ති නීලවණ්ණං. අඤ්ජනසව්හයන්ති අඤ්ජනසද්දෙන අව්හාතබ්බං, අඤ්ජනනාමකන්ති අත්ථො. ඉදං වුත්තං හොති – අම්හාකං කලිඞ්ගරට්ඨං අවුට්ඨිකං, තෙන ඉදානි මහාදුබ්භික්ඛං තත්ථ මහන්තං ඡාතකභයං උප්පන්නං, තස්ස වූපසමත්ථාය ඉමං අඤ්ජනගිරිසඞ්කාසං තුය්හං අඤ්ජනනාමකං මඞ්ගලහත්ථිං දෙහි, ඉමස්මිඤ්හි තත්ථ නීතෙ දෙවො වස්සිස්සති, තෙන තං සබ්බභයං වූපසම්මිස්සතීති. තත්රායං අනුපුබ්බිකථා –
“අවුට්ඨි කො” යනු වැස්ස නැති. දුර්භික්ෂය, දුලබ බොජුන් ඇති “ඡාතකො” යනු මහත් වූ සාගිනි ආබාධ පවතී යන අර්ථයයි. “දදාහි” යනු දෙව. “නීලං” යනු නිල්පාට “අඤ්ජනස්වහයං” යනු අඤ්ජන ශබ්දයෙන් කැඳවිය යුතු, අඤ්ජන නම් වූ යන අර්ථයයි. මෙය කියන ලද්දේ වෙයි, අපගේ කලිඟුරට වැස්ස රහිතය. එහෙයින් දැන් මහා දුර්භික්ෂයෙකි. එහි මහත් සාගිනි බියක් හටගතී. එය දුරුකිරීම පිරිස මේ අඳුන්ගිර සමාන ඔබ වහන්සේගේ අඤ්ජන නම් වූ මංගල හස්තියා දුන මැනවි. මොහු එහි ගෙනගිය කල්හි වැස්ස වසින්නේය. එහෙයින් ඒ සියලු බිය දුරුවන්නේය. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතෙ කුරුරට්ඨෙ ඉන්දපත්ථනගරෙ බොධිසත්තො කුරුරාජස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං ගහෙත්වා අනුපුබ්බෙන විඤ්ඤුතං පත්තො, තක්කසිලං ගන්ත්වා යොගවිහිතානි සිප්පායතනානි විජ්ජාට්ඨානානි ච උග්ගහෙත්වා පච්චාගතො පිතරා උපරජ්ජෙ ඨපිතො, අපරභාගෙ පිතු අච්චයෙන රජ්ජං පත්වා දස රාජධම්මෙ අකොපෙන්තො ධම්මෙන රජ්ජං කාරෙසි ධනඤ්ජයො නාම නාමෙන. සො චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙති ඡ දානසාලායො කාරෙත්වා දෙවසිකං ඡසතසහස්සං ධනං විස්සජ්ජෙන්තො සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා දානං අදාසි. තස්ස දානජ්ඣාසයතා දානාභිරති සකලජම්බුදීපං පත්ථරි.
අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර බෝධිසත්ත්වයන් වහන්සේ කුරු රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ක්‍රමයෙන් නුවණැති බවට පැමිණ තක්ෂිලාවට ගොස් යෝග සහිත සියලු ශිල්ප හා විද්‍යාවන් ඉගෙන ආපසු පැමිණියාහු පියතුමා විසින් යුව රජ තනතුරෙහි පිහිටුවන ලද්දාහු පියාගේ ඇවෑමෙන් රාජ්‍යයට පත්ව දශරාජ ධර්මයන් නොඉක්මවමින් දැහැමෙන් රාජ්‍යය කළ සේක. ධනඤ්ජය නම් වූ මේ රජතුමා නගරදොරටු සතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහිදැයි දාන ශාලා හයක් කරවා දිනපතාම සය ලක්ෂයක් ධනය වියදම් කරමින් සියලු දඹදිවට උත්සව ශ්‍රීයෙන් (නඟුල් උඩදමා) දන් දුන්නේය. එතුමාගේ දානාධ්යාශයත් දානයෙහි ඇල්මත් සියලු දඹදිව පැතිරී ගියේය.
තස්මිං කාලෙ කලිඞ්ගරට්ඨෙ දුබ්භික්ඛභයං ඡාතකභයං රොගභයන්ති තීණි භයානි උප්පජ්ජිංසු. සකලරට්ඨවාසිනො දන්තපුරං ගන්ත්වා රාජභවනද්වාරෙ උක්කුට්ඨිමකංසු “දෙවං වස්සාපෙහි දෙවා”ති. රාජා තං සුත්වා “කිංකාරණා එතෙ විරවන්තී”ති අමච්චෙ පුච්ඡි. අමච්චා රඤ්ඤො තමත්ථං ආරොචෙසුං. රාජා පොරාණකරාජානො දෙවෙ අවස්සන්තෙ කිං කරොන්තීති. “දෙවො වස්සතූ”ති දානං දත්වා උපොසථං අධිට්ඨාය සමාදින්නසීලා සිරිගබ්භං පවිසිත්වා දබ්බසන්ථරෙ සත්තාහං නිපජ්ජන්තීති. තං සුත්වා තථා අකාසි. දෙවො න වස්සි, එවං රාජා අහං මයා කත්තබ්බකිච්චං අකාසිං, දෙවො න වස්සති, කින්ති කරොමාති. දෙව, ඉන්දපත්ථනගරෙ ධනඤ්ජයස්ස නාම කුරුරාජස්ස මඞ්ගලහත්ථිම්හි ආනීතෙ දෙවො වස්සිස්සතීති . සො රාජා බලවාහනසම්පන්නො දුප්පසහො, කථමස්ස හත්ථිං ආනෙස්සාමාති. මහාරාජ, තෙන සද්ධිං යුද්ධකිච්චං නත්ථි, දානජ්ඣාසයො සො රාජා දානාභිරතො යාචිතො සමානො අලඞ්කතසීසම්පි ඡින්දිත්වා පසාදසම්පන්නානි අක්ඛීනිපි උප්පාටෙත්වා සකලරජ්ජම්පි නිය්යාතෙත්වා දදෙය්ය, හත්ථිම්හි වත්තබ්බමෙව නත්ථි, අවස්සං යාචිතො සමානො දස්සතීති. කෙ පන යාචිතුං සමත්ථාති? බ්රාහ්මණා, මහාරාජාති. රාජා අට්ඨ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා සක්කාරසම්මානං කත්වා පරිබ්බයං දත්වා හත්ථියාචනත්ථං පෙසෙසි. තෙ සබ්බත්ථ එකරත්තිවාසෙන තුරිතගමනං ගන්ත්වා කතිපාහං නගරද්වාරෙ දානසාලාසු භුඤ්ජන්තා සරීරං සන්තප්පෙත්වා රඤ්ඤො දානග්ගං ආගමනපථෙ කාලං ආගමයමානා පාචීනද්වාරෙ අට්ඨංසු.
එකල්හි කලිඟු රට දුර්භික්ෂ භය, සාගිනි භය, රෝග භය යන තුන් බියක් හට ගති. සියලු රටවැසියෝ දන්ත පුරයට ගොස් රාජාඞ්ගනයෙහිදී “දේවයන් වහන්ස, වැස්ස වස්සවනු මැනවැ”යි උද්ඝෝෂණය කළහ. රජතුමා එය අසා මොවුහු කුමන කරුණක් නිසා කෑගසත්දැයි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ රජතුමාට එම කාරණය සැළකළහ. රජතුමා, පැරණි රජවරු වැස්ස නොවසින කල්හි කුමක් කරත්දැයි විමසීය. “වැස්ස වසීවායි දන් දී උපෝසථය අරමුණු කොට සිල් සමාදන්ව සිරියහන් ගබඩාවට පිවිස තණ ඇතිරියෙහි සත්දිනක් සැතපෙත්” යයි (ඇමතියෝ පිළිතුරු දුන්හ.) එය අසා එසේ කළේය. නමුත් වැස්ස නොවැස්සේය. මෙසේ රජතුමා “මම මා විසින් කළ යුතු දෙය කෙළෙමි. වැස්ස නොවසියි. කුමක් කරන්නෙම්දැයි ඇසීය. “දේවයන් වහන්ස, ඉඳිපත් නුවර ධනඤ්ජය නම් කුරු රජුගේ මඟුල් ඇතා ගෙන ආ කල්හි වැස්ස වසින්නේ යයි ඇමතියෝ කීහ. ඒ රජතුමා සිව්රඟ සෙනගින් හා බලයෙන් යුක්තය. මැඬලිය නොහැක්කේය. කෙසේ ඔහුගේ ඇතා ගෙන එන්නෙමු ද?”යි කීය. මහ රජ ඔහු හා යුධ කිරීමෙක් නැත. දානාධ්යාශයෙන් යුත් ඒ රජතුමා දානයෙහි ඇලුම් ඇත්තේය. ඉල්ලන ලද්දේ නම් සරසා පිළියෙළ කළ හිස වුවද කපා දෙන්නේය. ප්‍රසාදයෙන් යුත් ඇස් පවා උපුටා දෙන්නේය. සියලු රාජ්‍යය පවා පවරා දෙන්නේය. ඇතා ගැන කිවයුත්තක්ම නැත. ඒකාන්තයෙන් ඉල්ලන ලද්දේ නම් දෙන්නේ යයි කීහ. කවරෙක් වනාහි ඉල්ලීමට සමර්ථයෝ ද? මහරජ, බ්‍රාහ්මණයෝ යයි කීහ. රජතුමා බ්‍රාහ්මණයන් අට දෙනෙකු කැඳවා සත්කාර සම්මානකොට මග වියදම් දී ඇතා ඉල්ලීම සඳහා යැවීය. ඔවුහු සියලු තැන්හි එක් රැයක් බැගින් වසමින් ඉක්මන් ගමනින් ගොස් දින කීපයක් නගරදොරටුවෙහි දාන ශාලාවන්හි අනුභව කරන්නාහු ශරීරවිඩා සංසිඳවාගෙන රජතුමා දාන ශාලාවට එන මඟ එතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නැගෙනහිර දොරටුවෙහි සිටියහ.
බොධිසත්තොපි පාතොව න්හාතානුලිත්තො සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතො අලඞ්කතවරවාරණඛන්ධගතො මහන්තෙන රාජානුභාවෙන දානසාලං ගන්ත්වා ඔතරිත්වා සත්තට්ඨජනානං සහත්ථෙන දානං දත්වා “ඉමිනාව නීහාරෙන දෙථා”ති වත්වා හත්ථිං අභිරුහිත්වා දක්ඛිණද්වාරං අගමාසි. බ්රාහ්මණා පාචීනද්වාරෙ ආරක්ඛස්ස බලවතාය ඔකාසං අලභිත්වා දක්ඛිණද්වාරං ගන්ත්වා රාජානං ආගච්ඡන්තං උල්ලොකයමානා ද්වාරතො නාතිදූරෙ උන්නතට්ඨානෙ ඨිතා සම්පත්තං රාජානං හත්ථෙ උක්ඛිපිත්වා ජයාපෙසුං. රාජා වජිරඞ්කුසෙන වාරණං නිවත්තෙත්වා තෙසං සන්තිකං ගන්ත්වා තෙ බ්රාහ්මණෙ “කිං ඉච්ඡථා”ති පුච්ඡි. බ්රාහ්මණා “කලිඞ්ගරට්ඨං දුබ්භික්ඛභයෙන ඡාතකභයෙන රොගභයෙන ච උපද්දුතං. සො උපද්දවො ඉමස්මිං තව මඞ්ගලහත්ථිම්හි නීතෙ වූපසම්මිස්සති. තස්මා ඉමං අඤ්ජනවණ්ණං නාගං අම්හාකං දෙහී”ති ආහංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ
බෝධි සත්ත්වයන් වහන්සේ ද උදෑසනම පැන් සැනහී සුවඳ විලවුන් ඇඟ ගල්වා සියලු අලංකාරයෙන් සැරසී අලඞ්කාර කරන ලද උතුම් ඇතු පිට නැග මහත් වූ රාජානුභාවයෙන් දාන ශාලාවට ගොස් ඇතු පිටින් බැස හත් අට දෙනෙකුට සියතින් දන් දී “මේ මා දුන් අයුරින්ම දෙව”යි කියා ඇතු පිට නැග දකුණු දොරටුවට ගියහ. බමුණෝ නැගෙණහිර දොරටුවෙහි ආරක්ෂාව බලවත් නිසා අවකාශ නොලැබ දකුණු දොරටුවට ගොස් එන රජු දෙස බලමින් දොරටුවට ඉතා නුදුරෙහි වූ උස් තැනක සිටියාහු පැමිණි රජුට අත් ඔසවා ජය වැඩූහ. රජතුමා වජ්ර හෙණ්ඩුවෙන් ඇතු නවතා ඔවුන් සමීපයට ගොස් “පින්වත් බ්‍රාහ්මණයෙනි, කුමක් කැමති වව්දැයි ඇසීය. බමුණෝ “කලිඟුරට දුර්භික්ෂ භයෙන් ද සාගිනි භයෙන් ද, රෝග භයෙන්ද පීඩිතය. එම උපද්‍රවය නුඹවහන්සේගේ මේ මඟුල් ඇතා ගෙන ගිය කල්හි සන්සිඳෙන්නේය. එබැවින් මේ අඳුන්වන් ඇතා අපට දෙනු මැනවැයි කීහ. එම අර්ථය ප්‍රකාශ කරන්නා වූ අප ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“කලිඞ්ගරට්ඨවිසයා…පෙ… අඤ්ජනසව්හය”න්ති.
21. “කාලඞ්ගරට්ඨ විසයා බ්රාහ්මණා උපගඤ්ඡුමං ආයාචුං මං හත්ථි නාගං ධඤ්ඤං මඞ්ගල සම්මතං
22. අවුට්ඨි කො ජනපදො දුබ්භික්ඛො ඡාතකො මහා දදාහි පවරං නාගං නීලං අඤ්ජ නසව්හයං”
තස්සත්ථො වුත්තො එව.
එම ගාථාවන්හි අර්ථය කියන ලද්දේමය.
අථ බොධිසත්තො “න මෙතං පතිරූපං, යං මෙ යාචකානං මනොරථවිඝාතො සියා, මය්හඤ්ච සමාදානභෙදො සියා”ති හත්ථික්ඛන්ධතො ඔතරිත්වා “සචෙ අනලඞ්කතට්ඨානං අත්ථි, අලඞ්කරිත්වා දස්සාමී”ති සමන්තතො ඔලොකෙත්වා අනලඞ්කතට්ඨානං අදිස්වා සොණ්ඩාය නං ගහෙත්වා බ්රාහ්මණානං හත්ථෙසු ඨපෙත්වා රතනභිඞ්ගාරෙන පුප්ඵගන්ධවාසිතං උදකං පාතෙත්වා අදාසි. තෙන වුත්තං –
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ “ඉදින් යාචකයන්ගේ මනදොළ නැසුනේ නම් එය මට සුදුසු නොවේ. එපමණකුත් නොව සමාදන් වූ මගේ දාන පාරමිතාවේ බිඳී’මද වන්නේ ය”යි ඇතු පිටින් බැස “ඉදින් නොසරසන ලද තැනක් වේනම් එතැන සරසා දෙන්නෙමි”යි හාත්පස බලා නොසරසනලද තැනක් නොදැක ඇතාගේ සොඬ අල්ලාගෙන බමුණන්ගේ අත්වල තබා රන් කෙණ්ඩියෙන් මල් සුවඳ කවන ලද ජලය අත වත්කොට ඇතු දන් දුන් සේක. එහෙයින්
“න මෙ යාචකමනුප්පත්තෙ, පටික්ඛෙපො අනුච්ඡවො; මා මෙ භිජ්ජි සමාදානං, දස්සාමි විපුලං ගජං.
23. න මෙ යාචකමානුප්පත්තෙ පටික්ඛෙපො අනුච්ඡවො මා මෙ භිජ්ජ සමාදානං - දස්සාමි විපුලං ගජං
“නාගං ගහෙත්වා සොණ්ඩාය, භිඞ්ගාරෙ රතනාමයෙ; ජලං හත්ථෙ ආකිරිත්වා, බ්රාහ්මණානං අදං ගජ”න්ති.
24. නාගං ගහෙත්වා සොණ්ඩාය භිඞ්කාරෙ රතනාමයෙ ජලං හත්ථෙ ආකිරිත්වා බ්රාහ්මණානං අදං ගජං (චරියා පිටක)
“යාචකයකු පැමිණි විට ප්‍රතික්ෂේප කිරීම මට සුදුසු නොවේ. මගේ සමාදානය නොබිඳේවා. මහත් වූ ඇතා දෙන්නෙමි.
ඇතාගේ සොඬ අල්ලා ගෙන රුවන්මය කෙණ්ඩියෙන් අතෙහි පැන් වත් කොට බ්‍රාහ්මණයන්ට ඇතා දුනිමි”යි කියන ලදී.
තත්ථ යාචකමනුප්පත්තෙති යාචකෙ අනුප්පත්තෙ. අනුච්ඡවොති අනුච්ඡවිකො පතිරූපො. මා මෙ භිජ්ජි සමාදානන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණත්ථාය සබ්බස්ස යාචකස්ස සබ්බං අනවජ්ජං ඉච්ඡිතං දදන්තො දානපාරමිං පූරෙස්සාමීති යං මය්හං සමාදානං, තං මා භිජ්ජි. තස්මා දස්සාමි විපුලං ගජන්ති මහන්තං ඉමං මඞ්ගලහත්ථිං දස්සාමීති. අදන්ති අදාසිං.
එහි “යාචකමනුප්පත්තෙ” යනු යාචකයකු පැමිණි කල්හි “අනුච්ඡවො” යනු යෝග්‍යය. සුදුසුය. “මා මෙ භිජ්ජිසමදානං” යනු සර්වඥතා ඥානය සඳහා සියලු යාචකයන්ට කැමති, නිවැරදි සියල්ල දෙමින් දාන පාරමිතාව පුරන්නෙමි” යනුවෙන් මගේ යම් සමාදානයක් වී ද එය නොබිඳේවා, ඒ නිසා “දස්සාමි විපුලං ගජං” යනු මහත් වූ මේ මඟුලැතා දෙන්නෙමියි. “අදං” යනු දුනිමි.
තස්මිං පන හත්ථිම්හි දින්නෙ අමච්චා බොධිසත්තං එතදවොචුං – “කස්මා, මහාරාජ, මඞ්ගලහත්ථිං දදත්ථ, නනු අඤ්ඤො හත්ථී දාතබ්බො, රඤ්ඤා නාම එවරූපො ඔපවය්හො මඞ්ගලහත්ථී ඉස්සරියං අභිවිජයඤ්ච ආකඞ්ඛන්තෙන න දාතබ්බො”ති . මහාසත්තො යං මං යාචකා යාචන්ති, තදෙව මයා දාතබ්බං, සචෙ පන මං රජ්ජං යාචෙය්යුං, රජ්ජම්පි තෙසං දදෙය්යං, මය්හං රජ්ජතොපි ජීවිතතොපි සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පියතරං, තස්මා තං හත්ථිං අදාසින්ති ආහ. තෙන වුත්තං “තස්ස නාගෙ පදින්නම්හී”තිආදි.
එම ඇතා දුන් කල්හි ඇමතියෝ බෝධි සත්ත්වයන්ට මෙසේ කීහ. “මහරජ කුමක් නිසා මඟුලැතා දුන්නෙහිද? වෙනත් ඇතෙකු දිය යුතු නොවේද? රජුගේ මෙබඳු පිට නැග යාමට සුදුසු මඟුලැතා ඓශ්වර්‍ය්‍ය හා අභිවිජය කැමති වන්නා විසින් දිය යුතුය යනුවෙනි. මහා සත්ත්වයන් වහන්සේ “යාචකයෝ යමක් මගෙන් ඉල්ලත්ද එයම මවිසින් දිය යුතුය. ඉදින් මගෙන් රාජ්‍යය ඉල්ලන්නේ නම් රාජ්‍යය ද ඔවුන්ට දෙන්නෙමි. මට රාජ්‍යයට හා ජීවිතයට වඩා සර්වඥතා ඥානයම අතිශයින් ප්‍රිය වන්නේය. එහෙයින් “තස්ස නාගෙ පදින්නම්හි” ආදිය කියන ලදී.
25. “තස්ස නාගෙ පදින්නම්හි අමච්චා එතදබ්රැවුං කින්නු තුය්හං වරං නාගං යාචකානං පදස්සසි.
26. ධඤ්ඤං මඞ්ගල සම්පන්නං සඞ්ගාමං විජයුත්තමං තස්මිං නාගෙ පදින්නම්හි කින්තෙ රජ්ජං කරිස්සති
27. රජ්ජම්පි මෙ දදෙ සබ්බං සරීරං දජ්ජමත්තනො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා නාගං අදාසහං” (චරියා පිටක)
“ඔහුට ඒ ඇතා දුන් කල්හි අමාත්‍යයෝ “නුඹ වහන්සේගේ ශ්‍රී සෞභාග්‍යයට පැමිණි, මංගල ගුණයන්ගෙන් යුක්ත වූ, සංග්රාම විජයෙහි ප්‍රධාන වූ, උතුම් ඇතා කුමක් හෙයින් යාචකයන්ට දුන්නෙහි ද? එ ඇත් රජ දුන් කල්හි නුඹ වහන්සේගේ රාජ්‍යය කුමක් කරන්නේදැයි යන මේ වචන කීවාහුය. මගේ සියලු රාජ්‍යය ද මගේ ශරීරය වුව ද දෙන්නෙමි. මට සර්වඥතා ඥානය ප්‍රිය වෙයි. එහෙයින් මම ඇතා දුනිමි.”
තත්ථ තස්සාති තස්ස තෙන, තස්මිං නාගෙ හත්ථිම්හි දින්නෙ.
එහි “තස්ස” යනු ඔහුට, ඔහු විසින් ඒ “නාගෙ” ඇතා දුන් කල්හි,
මඞ්ගලසම්පන්නන්ති මඞ්ගලගුණෙහි සමන්නාගතං. සඞ්ගාමවිජයුත්තමන්ති සඞ්ගාමවිජයා උත්තමං, සඞ්ගාමවිජයෙ වා උත්තමං පධානං පවරං නාගං. කිං තෙ රජ්ජං කරිස්සතීති තස්මිං නාගෙ අපගතෙ තව රජ්ජං කිං කරිස්සති, රජ්ජකිච්චං න කරිස්සති, රජ්ජම්පි අපගතමෙවාති දස්සෙති.
“මඞ්ගලසම්පන්නං” යනු මඞ්ගල ගුණයන්ගෙන් යුක්ත වූ, “සඞ්ගම විජයුත්තමං” යනු සංග්රාම විජයග්රහණයෙන් උතුම් වූ හෝ සංග්රාම විජය ග්රහණයෙහි උතුම් වූ ප්‍රධාන වූ ශ්‍රේෂ්ඨ වූ ඇතා, “කිං තෙ රජ්ජං කරිස්සසී” යනු එම ඇතා ඉවත්ව ගිය පසු නුඹගේ රාජ්‍යය කුමක් කරන්නේ ද, රාජ්‍යයද ඉවත්ව ගියේමය යනුවෙන් දක්වයි,
රජ්ජම්පි මෙ දදෙ සබ්බන්ති තිට්ඨතු නාගො තිරච්ඡානගතො, ඉදං මෙ සබ්බං කුරුරට්ඨම්පි යාචකානං දදෙය්යං. සරීරං දජ්ජමත්තනොති රජ්ජෙපි වා කිං වත්තබ්බං, අත්තනො සරීරම්පි යාචකානං දදෙය්යං, සබ්බොපි හි මෙ අජ්ඣත්තිකබාහිරො පරිග්ගහො ලොකහිතත්ථමෙව මයා පරිච්චත්තො. යස්මා සබ්බඤ්ඤුතං පියං මය්හං සබ්බඤ්ඤුතා ච දානපාරමිං ආදිං කත්වා සබ්බපාරමියො අපූරෙන්තෙන න සක්කා ලද්ධුං, තස්මා නාගං අදාසිං අහන්ති දස්සෙති.
“රජ්ජම්පි මෙ දදෙ සබ්බං” යනු තිරිසන්ගත ඇතා තිබියේවා. මාගේ මේ සියලු කුරුරට වුවද යාචකයන්ට දෙන්නෙමි. “සරීරං දජ්ජමත්තනො” යනු රාජ්‍යය ගැන කියනුම කවරේද තමාගේ ශරීරය වුවද යාචකයන්ට දෙන්නෙමි, ආධ්‍යාත්මික වූත් බාහිර වූත් මට අයිති සියලු දෙය ලෝකයාට හිත පිණිසම ම විසින් පරිත්‍යාග කරන ලදී. යම් හෙයකින් සර්වඥතා ඥානය මට ප්‍රිය වේද දාන පාරමිතාව මුල්කොට ඇති සියලු පාරමිතා නොපුරන්නා විසින් එම සර්වඥතා ඥානය ලැබීමට නොහැකිය. ඒ නිසා මම ඇතා දුනිමියි දක්වයි.
එවම්පි තස්මිං නාගෙ ආනීතෙ කලිඞ්ගරට්ඨෙ දෙවො න වස්සතෙව. කලිඞ්ගරාජා “ඉදානිපි න වස්සති, කිං නු ඛො කාරණ”න්ති පුච්ඡිත්වා “කුරුරාජා ගරුධම්මෙ රක්ඛති, තෙනස්ස රට්ඨෙ අන්වද්ධමාසං අනුදසාහං දෙවො වස්සති, රඤ්ඤො ගුණානුභාවො එස, න ඉමස්ස තිරච්ඡානගතස්සා”ති ජානිත්වා “මයම්පි ගරුධම්මෙ රක්ඛිස්සාම, ගච්ඡථ ධනඤ්චයකොරබ්යස්ස සන්තිකෙ තෙ සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා ආනෙථා”ති අමච්චෙ පෙසෙසි. ගරුධම්මා වුච්චන්ති පඤ්ච සීලානි, තානි බොධිසත්තො සුපරිසුද්ධානි කත්වා රක්ඛති, යථා ච බොධිසත්තො. එවමස්ස මාතා අග්ගමහෙසී, කනිට්ඨභාතා උපරාජා, පුරොහිතො බ්රාහ්මණො, රජ්ජුග්ගාහකො අමච්චො, සාරථි සෙට්ඨි, දොණමාපකො දොවාරිකො, නගරසොභිනී වණ්ණදාසීති. තෙන වුත්තං –
මෙසේ ඒ ඇතා ආ කල්හිද කලිඟු රටෙහි වැස්ස නොවැස්සේමය. කලිඟු රජ “දැනුදු නොවසියි. කුමන කාරණයක් නිසාදැයි විමසා” කුරුරජ කුරුධර්ම රකියි. එහෙයින් ඔහුගේ රටෙහි අඩ මසක් පාසා දස දිනක් මුළුල්ලෙහි වැස්ස වසී. ඒ රජුගේ ගුණානුභාවය නිසාය. මේ තිරිසන් ගත ඇතාගේ ගුණානුභාවයක් නිසා නොවේ යයි දැන අපි ද කුරුධර්ම රකින්නෙමු, යව්, ධනඤ්ජය කෝරව්‍ය රජුගේ සමීපයෙහි ඒ කුරු ධර්මය රන් පතක ලියවා ගෙනෙව්” යයි ඇමතියන් යැවීය. පඤ්ච ශීලය කුරු ධර්මයයි කියනු ලැබේ. ඒවා බෝධි සත්ත්වයන් වහන්සේ සුපිරිසිදු කොට රකිති. බෝධි සත්ත්වයන් වහන්සේ යම් සේද උන්වහන්සේගේ මව ද, අග මෙහෙසිය ද, බාල සොහොයුරා ද, යුවරජු ද, පුරෝහිත බමුණා ද, ඉඩම් මනින ඇමතියා ද, රියදුරු ද, සිටුවරයා ද, දොණමාපක ද දොරටුපාලයා ද, නගරශෝභිනී වෛශ්‍යා ස්ත්‍රිය ද එසේමය. එහෙයින්
“රාජා මාතා මහෙසී ච, උපරාජා පුරොහිතො; රජ්ජුග්ගාහො සාරථී සෙට්ඨි, දොණො දොවාරිකො තථා; ගණිකා තෙ එකාදස, ගරුධම්මෙ පතිට්ඨිතා”ති.
“රජු ද, මව ද, අගමෙහෙසිය ද, යුවරජු ද, පුරෝහිත බමුණා ද, ඉඩම් මණින්නා ද, රියදුරු ද, සිටුවරයා ද, දොණමාපක ඇමතියා ද, දොරටුපාලයා ද, ගණිකාව ද යන මේ එකොළොස් දෙනා කුරු ධර්මයෙහි පිහිටියෝ වෙති”යි කියන ලදී.
තෙ අමච්චා බොධිසත්තං උපසඞ්කමිත්වා වන්දිත්වා තමත්ථං ආරොචෙසුං. මහාසත්තො “මය්හං ගරුධම්මෙ කුක්කුච්චං අත්ථි, මාතා පන මෙ සුරක්ඛිතං රක්ඛති, තස්සා සන්තිකෙ ගණ්හථා”ති වත්වා තෙහි “මහාරාජ, කුක්කුච්චං නාම සික්ඛාකාමස්ස සල්ලෙඛවුත්තිනො හොති, දෙථ නො”ති යාචිතො “පාණො න හන්තබ්බො, අදින්නං න ආදාතබ්බං, කාමෙසුමිච්ඡාචාරො න චරිතබ්බො, මුසා න භණිතබ්බං, මජ්ජං න පාතබ්බ”න්ති සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා “එවං සන්තෙපි මාතු සන්තිකෙ ගණ්හථා”ති ආහ.
ඒ ඇමතියෝ බෝධිසත්ත්වයන් වහන්සේ වෙත එළඹ වැඳ එම කාරණය දැනුම් දුන්හ. මහාසත්ත්වයන් වහන්සේ “මට කුරු ධර්මයෙහි සැකයක් ඇත. මාගේ මෑණියෝ වනාහි සුරක්ෂිත කොට රකිති. ඇයගේ සමීපයෙන් ගනිව් යයි කියා “මහරජ කුකුස වනාහි ශීක්ෂාකාමී කෙලෙස් කපාදමන හෙවත් සල්ලේඛ පැවැතුම් ඇත්තාට වේ. එහෙයින් අපට ලියා දුන මැනවැ”යි ඉල්ලා සිටින ලද්දේ “ප්‍රාණයන් නොනැසිය යුතුය. බුදුන් දෙය නොගත යුතුය. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. මුසා නොකිව යුතුය. මද්‍ය පානය නොකළ යුතුයයි රන් පතක ලියවා මෙසේ මා ලියා දුන්නත් මව සමීපයෙන්ද ලියවා ගනිව් යයි කීහ.
දූතා රාජානං වන්දිත්වා තස්සා සන්තිකං ගන්ත්වා “දෙවි, තුම්හෙ කිර ගරුධම්මං රක්ඛථ, තං නො දෙථා”ති වදිංසු. බොධිසත්තස්ස මාතාපි තථෙව අත්තනො කුක්කුච්චස්ස අත්ථිභාවං වත්වාව තෙහි යාචිතා අදාසි. තථා මහෙසිආදයොපි. තෙ සබ්බෙසම්පි සන්තිකෙ සුවණ්ණපට්ටෙ ගරුධම්මෙ ලිඛාපෙත්වා දන්තපුරං ගන්ත්වා කලිඞ්ගරඤ්ඤො දත්වා තං පවත්තිං ආරොචෙසුං. සොපි රාජා තස්මිං ධම්මෙ වත්තමානො පඤ්ච සීලානි පූරෙසි. තතො සකලකලිඞ්ගරට්ඨෙ දෙවො වස්සි. තීණි භයානි වූපසන්තානි. රට්ඨං ඛෙමං සුභික්ඛං අහොසි. බොධිසත්තො යාවජීවං දානාදීනි පුඤ්ඤානි කත්වා සපරිසො සග්ගපුරං පූරෙසි.
දූතයෝ රජුට වැඳ මව සමීපයට ගොස් “දේවීන් වහන්ස, නුඹ වහන්සේ වනාහි කුරු ධර්මය ආරක්ෂා කරන සේක. එය අපට දෙනු මැනවි” යයි කීහ. බෝධිසත්ත්වයන්ගේ මව් බිසවද එසේම තමාට කුකුසක් ඇති බව කියා ඔවුන් විසින් ඉල්ලා සිටින ලද්දී දුන්නීය. රාජ මෙහෙසිය ආදීහු ද එසේම කුකුස් ඇත්තෝ වූහ. ඒ සියල්ලන්ගේ සමීපයෙන්ම කුරු ධර්මය රන් පත්හි ලියවා ගෙන දන්ත පුරයට ගොස් කලිඟු රජුට දී එම ප්‍රවෘත්තිය දැනුම් දුන්හ. ඒ රජතුමාද එම ධර්මයෙහි පවතිමින් පන්සිල් සම්පූර්ණ කළේය. ඉක්බිති සියලු කලිඟු රටෙහි වැස්ස වැස්සේය. තුන් බිය සංසිඳුනි. බිය රහිත සුලභ ආහාර ඇති රටක් විය. බෝධිසත්ත්වයන් වහන්සේ ජීවිතාන්තය දක්වා පින් කොට පිරිස සහිතව දෙව්ලොව ගියහ.
තදා ගණිකාදයො උප්පලවණ්ණාදයො අහෙසුං. වුත්තඤ්හෙතං –
එකල්හි ගණිකා ආදීහු උප්පලවණ්ණා ආදීහු වූහ.
“ගණිකා උප්පලවණ්ණා, පුණ්ණො දොවාරිකො තදා; රජ්ජුග්ගාහො ච කච්චානො, දොණමාපකො ච කොලිතො.
“එකල්හි ගණිකාව උප්පලවණ්ණා තෙරණියයි. දොරටුපාලයා පුණ්ණ තෙරුන්ය. රජ්ජුගාහක ඇමතියා කච්ඡාන තෙරුන්ය. දොණමාපක ඇමතියා මොග්ගල්ලාන තෙරුන්ය.
“සාරිපුත්තො තදා සෙට්ඨි, අනුරුද්ධො ච සාරථි; බ්රාහ්මණො කස්සපො ථෙරො, උපරාජානන්දපණ්ඩිතො.
[missing trans] රියදුරා අනුරුද්ධ තෙරුන්ය. බ්‍රාහ්මණයා කස්සප තෙරුන්ය. යුවරජු පණ්ඩිත නන්ද තෙරුන්ය.
“මහෙසී රාහුලමාතා, මායාදෙවී ජනෙත්තිකා; කුරුරාජා බොධිසත්තො, එවං ධාරෙථ ජාතක”න්ති. (ධ· ප· අට්ඨ· 2.361 හංසඝාතකභික්ඛුවත්ථු);
අග මෙහෙසිය රාහුල මාතාවය. මව මායා දේවියයි. කුරු රජ ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේය. මෙසේ ජාතකය දරව්” යනුවෙන් එහෙයින් කියන ලදී.
ඉධාපි නෙක්ඛම්මපාරමිආදයො සෙසධම්මා ච වුත්තනයෙනෙව නිද්ධාරෙතබ්බාති.
මෙහිද නෙක්ඛම්ම පාරමිතා ආදි සෙසු ධර්මයෝ ද ඉහත කී අයුරින්ම නිර්ධාරණය කළ යුත්තෝ වෙති.
කුරුරාජචරියාවණ්ණනා නිට්ඨිතා.
තෙවෙනි කුරු රාජ චරිත වර්ණනාව නිමියේය.