යෙදුමෙන් කියවන්න

2. සඞ‍්ඛබ්‍රාහ‍්මණචරියාවණ‍්ණනා අට‍්ඨකථා

2. සඞ‍්ඛබ්‍රාහ‍්මණචරියාවණ‍්ණනා

2. සඞ්ඛ චරියා වර්ණනාව

11. “පුනාපරං යදාහොමි බ්‍රාහ්මණො සඞ්ඛ සව්හයො මහා සමුද්දං තරිතු කාමො උපගච්ඡාමි පට්ටනං

12. තත්‍ථද්දසාමි පටිපථෙ සයම්භූතං අපරාජිතං කන්තාරද්ධා න පටිපන්නං තත්තාය කඨින භූමියා

13. තමහං පටිපථෙ දිස්වා ඉම්මත්‍ථං විචින්තයිං” (චරියා පිටක)

“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක සඞ්ඛ නම් බ්‍රාහ්මණයෙක් වීම් ද මහා සමුද්‍රය තරණය කරනු කැමැත්තෙන් පටුන ළඟට යයි.

එහිදී රත්වූ කර්‍කශ භූමියෙහි කාන්තාර සඞ්ඛ්‍යාත දීර්‍ඝමාර්‍ගයට පැමිණියා වූ, ස්වයම්භූ වූ අපරාජිත වූ පසේ බුදු කෙනෙකු අභිමුඛ මාර්‍ගයෙහි දුටිමි. මම අභිමුඛ මාර්‍ගයෙහි උන්වහන්සේ දැක මේ කාරණය සිතුවෙමි.”

දුතියස‍්මිං පුනාපරන‍්ති පුන අපරං, න කෙවලමිදං අකිත‍්තිචරියමෙව, අථ ඛො පුන අපරං අඤ‍්ඤං සඞ‍්ඛචරියම‍්පි පවක‍්ඛිස‍්සං, සුණොහීති අධිප‍්පායො. ඉතො පරෙසුපි එසෙව නයො. සඞ‍්ඛසව‍්හයොති සඞ‍්ඛනාමො. මහාසමුද‍්දං තරිතුකාමොති සුවණ‍්ණභූමිං ගන‍්තුං නාවාය මහාසමුද‍්දං තරිතුකාමො. උපගච‍්ඡාමි පට‍්ටනන‍්ති තාමලිත‍්තිපට‍්ටනං උද‍්දිස‍්ස ගච‍්ඡාමි. සයම‍්භුඤාණෙන පච‍්චෙකබොධියා අධිගතත‍්තා සයමෙව භූතන‍්ති සයම‍්භුං. කිලෙසමාරාදීසු කෙනචිපි න පරාජිතන‍්ති අපරාජිතං, තිණ‍්ණං මාරානං මත්‍ථකං මද‍්දිත්‍වා ඨිතන‍්ති අත්‍ථො. තත‍්තාය කඨිනභූමියාති ඝම‍්මසන‍්තාපෙන සන‍්තත‍්තාය සක‍්ඛරවාලුකානිචිතත‍්තා ඛරාය කක‍්ඛළාය භූමියා .

දෙවන (සඞ්ඛ) චරියාවෙහි “පුනාපරං” යනු නැවත තවෙකක්. මේ අකිත්ති චරිතය පමණක්ම නොවේ. ඉක්බිති නැවත වෙනත් අන්‍ය සඞ්ඛ චරිතයක් ද කියන්නෙමි. “අසව” යන අර්‍ථයයි. මින් පසුව එන තැන්වල ද මෙම ක්‍රමයම වේ. “සඞ්ඛ ස්වහයො” යනු සඞ්ඛ නම් වූ, “මහා සමුද්දං තරිතු කාමො” යනු ස්වර්‍ණ භූමියට යාම සඳහා නැවෙන් මහ මුහුද තරණය කරනු කැමැත්තේ, “උපගච්ඡාමි පට්ටනං” යනු තාම්‍රලිප්ති පටුන අරමුණු කොට යමි. ගුරුවරයකු නැතිව තමාගේම ඥානයෙන් පච්චේක බෝධිය අවබෝධ කරගත් බැවින් තමාම ආර්‍ය්‍ය ජාතියෙහි උපන්නේනුයි. “සයම්භූං” ක්ලේශ මාරාදීන් අතුරෙන් කිසිවෙකු විසිනුත් පරාජය කළ නොහැකි වූ බැවින් “අපරාජිතං” ත්‍රිවිධ මාරයන්ගේ මස්තකය මැඩ ගෙනම සිටී” යන අර්‍ථයයි. “තත්තාය කඨිනභූමියා” යනු ග්‍රීස්මතාපයෙන් තැවුණු, ගල්කැට වැලි ගැවසීගත් බැවින් රළු වූ කර්‍කශ භූමියෙහි,

තන‍්ති තං පච‍්චෙකබුද‍්ධං. ඉමමත්‍ථන‍්ති ඉමං ඉදානි වක‍්ඛමානං “ඉදං ඛෙත‍්ත”න‍්තිආදිකං අත්‍ථං. විචින‍්තයින‍්ති තදා සඞ‍්ඛබ්‍රාහ‍්මණභූතො චින‍්තෙසින‍්ති සත්‍ථා වදති. තත්‍රායං අනුපුබ‍්බිකථා –

“තං” යනු ඒ පසේ බුදු රජ “ඉම්මත්‍ථං” යනු දැන් කියනු ලබන මෙය “ඉදං ඛෙත්තං” මුල් කොට ඇති අර්‍ථයයි. “විචින්තයිං” යනු එදා සඞ්ඛ බ්‍රාහ්මණ වී සිතුවෙමි”යි ශාස්තෲන් වහන්සේ දේශනා කරති. මේ එහි අනුපිළිවෙළ කථාවයි.

අතීතෙ අයං බාරාණසී මොළිනී නාම අහොසි. මොළිනීනගරෙ බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සඞ‍්ඛො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා අඩ‍්ඪො මහද‍්ධනො චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ අත‍්තනො නිවෙසනද‍්වාරෙති ඡසු ඨානෙසු ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං ඡසතසහස‍්සානි විස‍්සජ‍්ජෙන‍්තො කපණද‍්ධිකාදීනං මහාදානං පවත‍්තෙසි. සො එකදිවසං චින‍්තෙසි – “අහං ගෙහෙ ධනෙ ඛීණෙ දානං දාතුං න සක‍්ඛිස‍්සාමි, අපරික‍්ඛීණෙයෙව ධනෙ නාවාය සුවණ‍්ණභූමිං ගන‍්ත්‍වා ධනං ආහරිස‍්සාමී”ති. සො නාවං භණ‍්ඩස‍්ස පූරාපෙත්‍වා පුත‍්තදාරං ආමන‍්තෙත්‍වා “යාවාහං ආගච‍්ඡිස‍්සාමි, තාව මෙ දානං අනුපච‍්ඡින්‍දන‍්තා පවත‍්තෙය්‍යාථා”ති වත්‍වා දාසකම‍්මකරපරිවුතො උපාහනං ආරුය‍්හ ඡත‍්තෙන ධාරියමානෙන පට‍්ටනගාමාභිමුඛො පායාසි.

අතීතයෙහි දී බරණැස් නුවර මොලීනී නම් විය. එම මොලීනී නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්ත්‍වයන් වහන්සේ සඞ්ඛ බ්‍රාහ්මණයා වී සමෘද්ධි සම්පන්න මහත් ධන ඇත්තෙක් වූවාහු නගරයේ දොරටු හතරෙහි ද නගරය මැදද තමාගේ නිවස දොරටුවෙහි ද යන ස්ථාන හයෙහි දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්‍ෂයක් වියදම් කරමින් දුගීමගී ආදීන්ට මහදන් පැවැත්වූහ. හෙතෙම “මම ගෙයි ධනය අවසන් වූ විට දන් දීමට නොහැකි වන්නෙමි. ධනය අවසන් වීමට පෙරාතුවම නැවකින් ස්වර්‍ණ භූමියට ගොස් ධනය ගෙනැවිත් දන් දෙන්නෙමි”යි සිතීය. ඔහු බඩුවලින් නැවක් පුරවා අඹු දරුවන් අමතා “මම එනතුරු මගේ දානය නොකඩකොට දෙව්” යයි කියා දැසි කම්කරුවන් පිරිවරා ගෙන පාවහන් පයලා කුඩයක් ඉහලමින් පටුනුගම බලා පිටත්ව ගියේය.

තස‍්මිං ඛණෙ ගන්‍ධමාදනෙ එකො පච‍්චෙකබුද‍්ධො සත‍්තාහං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිරොධසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො තං ධනාහරණත්‍ථං ගච‍්ඡන‍්තං දිස‍්වා “මහාපුරිසො ධනං ආහරිතුං ගච‍්ඡති, භවිස‍්සති නු ඛො අස‍්ස මහාසමුද‍්දෙ අන‍්තරායො, නො”ති ආවජ‍්ජෙත්‍වා “භවිස‍්සතී”ති ඤත්‍වා “එස මං දිස‍්වා ඡත‍්තඤ‍්ච උපාහනඤ‍්ච මය‍්හං දත්‍වා උපාහනදානනිස‍්සන්‍දෙන සමුද‍්දෙ භින‍්නාය නාවාය පතිට‍්ඨං ලභිස‍්සති, කරිස‍්සාමිස‍්ස අනුග‍්ගහ”න‍්ති ආකාසෙන ගන‍්ත්‍වා තස‍්ස අවිදූරෙ ඔතරිත්‍වා මජ‍්ඣන‍්හිකසමයෙ චණ‍්ඩවාතාතපෙන අඞ‍්ගාරසන්‍ථතසදිසං උණ‍්හවාලුකං මද‍්දන‍්තො තස‍්ස අභිමුඛං ආගඤ‍්ඡි. සො තං දිස‍්වාව හට‍්ඨතුට‍්ඨො “පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මෙ ආගතං, අජ‍්ජ මයා එත්‍ථ බීජං රොපෙතුං වට‍්ටතී”ති චින‍්තෙසි. තෙන වුත‍්තං “තමහං පටිපථෙ දිස‍්වා, ඉමමත්‍ථං විචින‍්තයි”න‍්තිආදි.

එකෙණෙහිම ගන්‍ධමාදන පර්‍වතයෙහි එක් පසේ බුදුන් වහන්සේ නමක් සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැද නිරෝධ සමාපත්තියෙන් නැගී සිට ලෝකය දෙස බලන්නාහු ධනය ගෙන ඒමට යන ඔහු දැක “මහාපුරුෂතෙම ධනය ගෙන ඒමට යයි. මොහුට මහා සමුද්‍රයෙහි අනතුරක් වන්නේ ද නොවන්නේදැයි සිහිකොට අනතුරක් වන බව දැන මෙතෙම මා දැක කුඩයක් පාවහනක් මට පූජාකොට පාවහන් දානයේ ආනිශංසයෙන් සමුද්‍රයෙහි නැව කැඩුණුවිට පිහිටක් ලබන්නේය. එහෙයින් මොහුට අනුග්‍රහයක් කරන්නෙමි”යි අහසින් වැඩම කොට ඔහුට නුදුරෙහි බැස මධ්‍යහ්න වේලෙහි චණ්ඩ වූ වාතය හා හිරුරැස් නිසා (ගිනි) අඟුරු ඇතුරුවාක් බඳු උණුවැලි මඩිමින් ඔහු ඉදිරියට වඩින සේක. හෙතෙම උන්වහන්සේ දැකම තුටු පහටුව “මා වෙත පින්කෙතක් පැමිණියේය. අද මවිසින් මෙහි බීජයක් රෝපණය කිරීම වටීය”යි සිතීය. “තමහං පටිපථෙ දිස්වා ඉමමත්‍ථං විචින්තයිං” යනාදිය එහෙයින් කියන ලදී.

13. “තමහං පටිපථෙ දිස්වා ඉම්මත්‍ථං විචින්තයිං ඉදං ඛෙත්තං අනුප්පත්තං පුඤ්ඤකාමස්ස ජන්තුනො

14. යථාපි කස්සකො පුරිසො ඛෙත්තං දිස්වා මහාගමං තත්‍ථ බීජං නරොපෙති න සො ධඤ්ඤෙ න අත්‍ථිකො

15. එව මෙවාහං පුඤ්ඤකාමො දිස්වා ඛෙත්ත වරුත්තමං යදි තත්‍ථකාරං නකරොමි නාහං පුඤ්ඤ න අත්‍ථිකො

16. යථා අමච්චො මුද්දිකාමො රඤ්ඤො අන්තෙපුරෙ ජනෙ න දෙති තෙසං ධන ධඤ්ඤං මුද්දිතො පරිහායති.

17. එවමෙවාහං පුඤ්ඤකාමො විපුලං දිස්වාන දක්‍ඛිණං යදි තස්ස දානං න දදාමි පරිහායිස්සාමි පුඤ්ඤතොති (චරිය පිටක)

“මම අභිමුඛ (ඉදිරිපස) මාර්‍ගයෙහි උන්වහන්සේ දැක මේ කාරණය සිතුවෙමි. “පින් කැමති සත්ත්‍වයා හට මේ පින් කෙත පැමිණියේය.”

යම්සේ ගොවිකම් කරන්නා වූ පුරුෂයෙක් මහත් සම්පත්දායක වූ කෙතක් දැක එහි බිජුවට නොවපුරානම් හෙතෙම ධන්‍යයෙන් ප්‍රයෝජන නැත්තෙක් වේද, එපරිද්දෙන්ම පින් කැමැත්තා වූ මම උතුම් පින් කෙතක් දැක උන්වහන්සේ කෙරෙහි සත්කාර නෙකරන්නෙම් නම් මම පිනෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවන්නෙමි.

යම්සේ රාජමුද්‍රිකා ධූරය කැමති අමාත්‍යයෙක් රජුගේ අන්තඃපුර ජනයා කෙරෙහි නිසිපරිදි නොපිළිපදී ද ඔවුන්ට ධනධන්‍ය නොදේද හෙතෙම මද්‍රිකා ධූරයෙන් පිරිහෙයි ද එපරිද්දෙන් මම පින් කැමැත්තෙම් විපුල වූ දක්‍ෂිණාර්‍හයකු ලැබ ඉදින් ඔහුට දන් නොදෙම් ද එබඳු වූ මම පිනෙන් පිරිහෙන්නෙමි”යි කියාය.

තත්‍ථ ඉදං ඛෙත‍්තන‍්තිආදි චින‍්තිතාකාරදස‍්සනං. ඛෙත‍්තන‍්ති ඛිත‍්තං බීජං මහප‍්ඵලභාවකරණෙන තායතීති ඛෙත‍්තං, පුබ‍්බණ‍්ණාපරණ‍්ණවිරුහනභූමි. ඉධ පන ඛෙත‍්තං වියාති ඛෙත‍්තං, අග‍්ගදක‍්ඛිණෙය්‍යො පච‍්චෙකබුද‍්ධො. තෙනෙවාහ “පුඤ‍්ඤකාමස‍්ස ජන‍්තුනො”ති.

එහි “ඉදං බෙත්තං” යනාදිය සිතූ ආකාරය දැක්වීමයි. “ඛෙත්තං” යනු රෝපණය කළ බීජය මහත් ඵලබව ඇති කිරීමෙන් රකිනුයි “ඛෙත්ත” වේ. පුබ්බන්න (වී ආදීය) අපරන්න (මුං මෑ ආදිය) ධන්‍ය වපුරන භූමියයි. මෙහි වනාහි කෙතක් බඳු වූයේනුයි කෙත නම්වේ. අග්‍රදක්‍ෂිණාර්‍හ වූ පසේ බුදුරජාණන් වහන්සේයි. එහෙයින් “පුඤ්ඤකාමස්ස ජන්තුනො”යි කියන ලදි.

මහාගමන‍්ති විපුලඵලාගමං, සස‍්සසම‍්පත‍්තිදායකන‍්ති අත්‍ථො. බීජං න රොපෙතීති බීජං න වපති.

“මහාගමං” යනු මහත් වූ ඵල ලැබෙන, ධන්‍ය සම්පත්තිය දෙන යන අර්‍ථයි. “බීජං න රොපෙති” යනු බීජයක් නො වපුරයි,

ඛෙත‍්තවරුත‍්තමන‍්ති ඛෙත‍්තවරෙසුපි උත‍්තමං. සීලාදිගුණසම‍්පන‍්නා හි විසෙසතො අරියසාවකා ඛෙත‍්තවරා, තතොපි අග‍්ගභූතො පච‍්චෙකබුද‍්ධො ඛෙත‍්තවරුත‍්තමො. කාරන‍්ති සක‍්කාරං. යදි න කරොමීති සම‍්බන්‍ධො. ඉදං වුත‍්තං හොති – ඉදමීදිසං අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලභිත්‍වා තත්‍ථ පූජාසක‍්කාරං යදි න කරොමි, පුඤ‍්ඤෙන අත්‍ථිකො නාමාහං න භවෙය්‍යන‍්ති.

“ඛෙත්තවරුත්තමං” යනු අතුම් කෙත් අතුරෙන් ද උතුම් වූ, ශීලාදී ගුණයෙන් යුක්ත වූවෝ විශේෂයෙන් ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ උතුම් කෙත් වෙති. “කාරං” යනු සත්කාරයයි. “ඉදින් නොකරන්නෙම් නම්” යන සම්බන්‍ධය වේ. මෙය කියන ලද්දේ වෙයි “මෙබඳු වූ මේ උතුම් පින් කෙතක් ලැබ එහි පූජා සත්කාරාදියක් ඉදින් නොකරන්නෙම් නම් මම පිනෙන් ප්‍රයෝජන ඇත්තෙක් නම් නොවන්නෙමි” යනුයි.

යථා අමච‍්චොතිආදීනං ද‍්වින‍්නං ගාථානං අයං සඞ‍්ඛෙපත්‍ථො – යථා නාම යො කොචි රඤ‍්ඤා මුද‍්දාධිකාරෙ ඨපිතො ලඤ‍්ඡනධරො අමච‍්චපුරිසො සෙනාපති වා සො අන‍්තෙපුරෙ ජනෙ බහිද‍්ධා ච බලකායාදීසු රඤ‍්ඤො යථානුසිට‍්ඨං න පටිපජ‍්ජති න තෙසං ධනධඤ‍්ඤං දෙති, තං තං කත‍්තබ‍්බං වත‍්තං පරිහාපෙති. සො මුද‍්දිතො පරිහායති මුද‍්දාධිකාරලද‍්ධවිභවතො පරිධංසති, එවමෙව අහම‍්පි පුඤ‍්ඤකම‍්මස‍්ස රතො ලද‍්ධබ‍්බපුඤ‍්ඤඵලසඞ‍්ඛාතං පුඤ‍්ඤකාමො දක‍්ඛිණාය විපුලඵලභාවකරණෙන විපුලං දිස‍්වාන තං දක‍්ඛිණං උළාරං දක‍්ඛිණෙය්‍යං ලභිත්‍වා තස‍්ස දානං යදි න දදාමි පුඤ‍්ඤතො ආයතිං පුඤ‍්ඤඵලතො ච පරිධංසාමි. තස‍්මා ඉධ මයා පුඤ‍්ඤං කාතබ‍්බමෙවාති.

“යථා අමච්චෙ” යන මුල් ගාථා දෙකෙහි මේ කෙටි අර්‍ථයයි. යම්සේ රජෙකුගේ රාජමුද්‍රකාධුරයෙහි තබන ලද, එම ලාඤ්ඡනය දරන යම්කිසි ඇමති පුරුෂයෙක් හෝ සේනාපතියෙක් හෝ වේ නම් ඔහු ඇතුල් පුරයෙහි ජනයා කෙරෙහි ද, නගරයෙන් පිටත බලසේනා ආදිය කෙරෙහිද රජුගේ අනුශාසනා පරිදි නොපිළිපදී ද, ඔවුන්ට ධන ධන්‍ය නොදෙයි ද ඒ ඒ කළයුතු රාජකාරි අතපසු කරයි ද ඔහු ධුරයෙන් පිරිහේ. මුද්‍රිකාධුරයෙන් ලැබූ සම්පතින් බැහැර වෙයි. ඒ ආකාරයට මමද පින්කම්හි ඇලුණේ ලැබිය යුතු පුණ්‍යඵල සඞ්ඛ්‍යාත “පුඤ්ඤකාමො” පින් කැමැත්තේ දක්‍ෂිණාව මහත්ඵල බව කිරීම් වශයෙන් “විපුලං දිස්වා” මහත්ඵල ලෙස දැක ඒ “දක්‍ඛිණං” දක්‍ෂිණාව, උදාර දක්‍ෂිණාර්‍හයකු ලැබ “තස්ස දානං යදි න දදාමි පුඤ්ඤතො” එතුමන්ට ඉදින් දානය නොදෙම් ද පිනෙන්, මත්තෙහි පුණ්‍ය ඵලයෙන් පිරිහෙමි. එබැවින් මෙහිදී මා විසින් පිනක් කළ යුතුම ය”යි

එවං පන චින‍්තෙත්‍වා මහාපුරිසො දූරතොව උපාහනා ඔරොහිත්‍වා වෙගෙන උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, මය‍්හං අනුග‍්ගහත්‍ථාය ඉමං රුක‍්ඛමූලං උපගච‍්ඡථා”ති වත්‍වා තස‍්මිං රුක‍්ඛමූලං උපසඞ‍්කමන‍්තෙ තත්‍ථ වාලුකං උස‍්සාපෙත්‍වා උත‍්තරාසඞ‍්ගං පඤ‍්ඤාපෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ තත්‍ථ නිසින‍්නෙ වන්‍දිත්‍වා වාසිතපරිස‍්සාවිතෙන උදකෙන තස‍්ස පාදෙ ධොවිත්‍වා, ගන්‍ධතෙලෙන මක‍්ඛෙත්‍වා, අත‍්තනො උපාහනං පුඤ‍්ඡිත්‍වා, ගන්‍ධතෙලෙන මක‍්ඛෙත්‍වා, තස‍්ස පාදෙ පටිමුඤ‍්චිත්‍වා “භන‍්තෙ, ඉමං උපාහනං ආරුය‍්හ, ඉමං ඡත‍්තං මත්‍ථකෙ කත්‍වා ගච‍්ඡථා”ති ඡත‍්තුපාහනං අදාසි. සොපිස‍්ස අනුග‍්ගහත්‍ථාය තං ගහෙත්‍වා පසාදසංවඩ‍්ඪනත්‍ථං පස‍්සන‍්තස‍්සෙව වෙහාසං උප‍්පතිත්‍වා ගන්‍ධමාදනං අගමාසි. තෙන වුත‍්තං –

මෙසේ සිතා මහා පුරුෂතෙම දුරදීම පාවහන් මුදා වේගයෙන් (පසේ බුදුරජාණන් වහන්සේ) වෙත එළඹ වැඳ “ස්වාමීනි” මට අනුග්‍රහ පිණිස මේ ගස මුලට වඩිනු මැනවැ”යි කියා උන්වහන්සේ ගස මුලට එළඹෙන කල්හි එහි වැලි ගොඩක් ගසා උතුරු සළුව ඇතිරිල්ලක් ලෙස පනවා පසේ බුදුන් වහන්සේ එහි වැඩ සිටි කල්හි වැඳ සුවඳ කවන ලද පෙරූ ජලයෙන් උන්වහන්සේගේ පා සෝදා සුවඳ තෙල් ගල්වා තමන්ගේ පාවහන් පිසදමා සුවඳ තෙල් ගල්වා උන්වහන්සේගේ පාදයන්හි පළඳවා “ස්වාමීනී මගේ වහන් සඟළ පැළඳ මේ කුඩය හිසට කොට (හිසලාගෙන) වඩිනු මැනවැ”යි කියා කුඩය හා වහන් සඟළ පූජා කළේය. උන්වහන්සේද ඔහුට අනුග්‍රහ පිණිස එය පිළිගෙන පැහැදීම වැඩි දියුණු කිරිම සඳහා ඔහු බලා සිටිද්දීම අහසට පැන නැගී ගන්‍ධමාදන පර්‍වතයට වැඩි සේක. එහෙයින්

“එවාහං චින‍්තයිත්‍වාන, ඔරොහිත්‍වා උපාහනා; තස‍්ස පාදානි වන්‍දිත්‍වා, අදාසිං ඡත‍්තුපාහන”න‍්ති.

18. “එවාහං චිත්තයිත්‍වාන ඔරොහිත්‍වා උපාහනා තස්ස පාදානි වන්‍දිත්‍වා අදාසිං ඡත්තුපාහනං”

“මම මෙසේ සිතා වහන් සඟළ මුදා ඒ පසේ බුදුන්වහන්සේගේ පා වැඳ කුඩය හා වහන් සඟළ දුනිමි”යි කියන ලදී.

බොධිසත‍්තො තං දිස‍්වා අතිවිය පසන‍්නචිත‍්තො පට‍්ටනං ගන‍්ත්‍වා නාවං අභිරුහි. අථස‍්ස මහාසමුද‍්දං තරන‍්තස‍්ස සත‍්තමෙ දිවසෙ නාවා විවරමදාසි. උදකං උස‍්සිඤ‍්චිතුං නාසක‍්ඛිංසු. මහාජනො මරණභයභීතො අත‍්තනො අත‍්තනො දෙවතා නමස‍්සිත්‍වා මහාවිරවං විරවි. බොධිසත‍්තො එකං උපට‍්ඨාකං ගහෙත්‍වා සකලසරීරං තෙලෙන මක‍්ඛෙත්‍වා සප‍්පිනා සද‍්ධිං සක‍්ඛරචුණ‍්ණානි යාවදත්‍ථං ඛාදිත්‍වා තම‍්පි ඛාදාපෙත්‍වා තෙන සද‍්ධිං කූපකයට‍්ඨිමත්‍ථකං ආරුය‍්හ “ඉමාය දිසාය අම‍්හාකං නගර”න‍්ති දිසං වවත්‍ථපෙත්‍වා මච‍්ඡකච‍්ඡපපරිපන්‍ථතො අත‍්තානං සච‍්චාධිට‍්ඨානෙන පමොචෙන‍්තො තෙන සද‍්ධිං උසභමත‍්තට‍්ඨානං අතික‍්කමිත්‍වා පතිත්‍වා සමුද‍්දං තරිතුං ආරභි. මහාජනො පන තත්‍ථෙව විනාසං පාපුණි. තස‍්ස තරන‍්තස‍්සෙව සත‍්ත දිවසා ගතා. සො තස‍්මිම‍්පි කාලෙ ලොණොදකෙන මුඛං වික‍්ඛාලෙත්‍වා උපොසථිකො අහොසියෙව.

බෝධිසත්ත්‍වයන් වහන්සේ එය දැක අතිශයින් ප්‍රසන්න සිත් ඇත්තේ පටුනට ගොස් නැවට නැඟුනෝය. ඉක්බිති මහ මුහුද තරණය කරන ඔහුගේ නැව සත්වන දිනයෙහි සිදුරු විය. ජලය ඉස හිස්කළ නොහැකි විය. මහජනයා මරණ බියෙන් බියපත් වූයේ තමතමන්ගේ දෙවියන් වැඳ මහ හඬින් කෑ ගැසීය. බෝධිසත්ත්‍වයන් වහන්සේ එක් අතවැසියකු ලවා සියලු ශරීරයෙහි තෙල් ගල්වා ගිතෙල් සමග හකුරු කුඩු ඇති පමණ අනුභව කොට අතවැසියාට ද අනුභව කරවා ඔහු සමග නැවේ කුඹගස මතට නැග අපගේ නගරය මේ දිශාවෙහි වන්නේ යයි දිශාව නියම කර ගෙන මස්කැසුබු ආදීන්ගෙන් වන උවදුරු තමන්ගේ සත්‍යාධිෂ්ඨානයෙන් වලකමින් අතවැසියා සමග ඉස්බක් (රියන් 140ක්) පමණ ඉක්මවා පැන මුහුද තරණය කිරීමට පටන් ගත්හ. මහජනයා එහිම විනාශයට පැමිණියේය. මුහුද තරණය කරන උන්වහන්සේට සත් දිනක් ගත විය. උන්වහන්සේ එම කාලය තුළදී ලුණු ජලයෙන් මුව සෝදා පෙහෙවස් සමාදන් වූවෙක්ම වූහ.

තදා පන ඊදිසානං පුරිසවිසෙසානං රක‍්ඛණත්‍ථාය චතූහි ලොකපාලෙහි ඨපිතා මණිමෙඛලා නාම දෙවධීතා අත‍්තනො ඉස‍්සරියෙන සත‍්තාහං පමජ‍්ජිත්‍වා සත‍්තමෙ දිවසෙ තං දිස‍්වා “සචායං ඉධ මරිස‍්ස, අතිවිය ගාරය‍්හා අභවිස‍්ස”න‍්ති සංවිග‍්ගහදයා සුවණ‍්ණපාතියා දිබ‍්බභොජනස‍්ස පූරෙත්‍වා වෙගෙනාගන‍්ත්‍වා “බ්‍රාහ‍්මණ, ඉදං දිබ‍්බභොජනං භුඤ‍්ජා”ති ආහ. සො තං උල‍්ලොකෙත්‍වා “නාහං භුඤ‍්ජාමි, උපොසථිකොම‍්හී”ති පටික‍්ඛිපිත්‍වා තං පුච‍්ඡන‍්තො –

එකල්හි වනාහි මෙබඳු විශේෂ පුරුෂයන්ගේ ආරක්‍ෂාව සඳහා ලෝකපාලක සතර වරම් දෙවියන් විසින් තබන ලද මණිමේඛලා නම් දෙව්දුව තමාගේ ඉසුරෙන් සත් දිනක් පමා වී සිට සත්වන දවසෙහි උන්වහන්සේ දැක ඉදින් මොහු මෙහි මැරුණහොත් ඉතාමත් ගැරහුම් කටයුත්තියක් වන්නෙමි”යි සංවේගයට පත් සිත් ඇත්තී රන් පාත්‍රයක් දිව්‍ය භෝජනයෙන් පුරවා වේගයෙන් අවුත් “බ්‍රාහ්මණය, මේ දිව්‍ය භෝජන අනුභව කරව”යි කීවාය. හෙතෙම එය බලා මම අනුභව නොකරමි. මම පෙහෙවස් සමාදන් වූවෙක්මි”යි ප්‍රතික්‍ෂේප කොට ඇයගෙන් විමසන්නේ.

“යං ත්‍වං සුඛෙනාභිසමෙක‍්ඛසෙ මං, භුඤ‍්ජස‍්සු භත‍්තං ඉති මං වදෙසි; පුච‍්ඡාමි තං නාරි මහානුභාවෙ, දෙවී නුසි ත්‍වං උද මානුසී නූ”ති. (ජා· 1.10.42) –

“මහත් ආනුභාව ඇති ස්ත්‍රිය, මා දෙස සුවසේ බලා මේ බත් අනුභව කරවයි මට කියන්නා වූ තී විමසමි. තී දෙව්දුවක්ද, නැතහොත් මනුෂ්‍ය ස්ත්‍රියක්දැයි කීය. (ජාතක පාලිය)

ආහ. සා තස‍්ස පටිවචනං දෙන‍්තී –

ඇය ඔහුට පිළිවදන් දෙන්නී,

“දෙවී අහං සඞ‍්ඛ මහානුභාවා, ඉධාගතා සාගරවාරිමජ‍්ඣෙ; අනුකම‍්පිකා නො ච පදුට‍්ඨචිත‍්තා, තවෙව අත්‍ථාය ඉධාගතාස‍්මි.

“සඞ්ඛ බමුණ, මුහුදු දිය මැදට පැමිණි මම මහත් ආනුභාව ඇති දෙව්දුවක් වෙමි. සානුකම්පික වූ මම තොපගේ යහපත සලකා මෙහි පැමිණියෙමි. දූෂිත සිතකින් නො පැමිණියෙමි.

“ඉධන‍්නපානං සයනාසනඤ‍්ච, යානානි නානාවිවිධානි සඞ‍්ඛ; සබ‍්බස‍්ස ත්‍යාහං පටිපාදයාමි, යං කිඤ‍්චි තුය‍්හං මනසාභිපත්‍ථිත”න‍්ති. (ජා· 1.10.43-44) –

සඞ්ඛ බමුණා නුඹ විසින් කැමති වන ලද ආහාරපාන ද සයනාසන ද නොයෙක් යානා ද යන මේ සියල්ල නුඹට පිළියෙල කර දෙන්නෙමි” (ජාතක පාලිය)

ඉමා ගාථා අභාසි. තං සුත්‍වා මහාසත‍්තො “අයං දෙවධීතා සමුද‍්දපිට‍්ඨෙ මය‍්හං ‘ඉදඤ‍්චිදඤ‍්ච දම‍්මී’ති වදති, යඤ‍්චෙසා මය‍්හං දෙති, තම‍්පි මම පුඤ‍්ඤෙනෙව, තං පන පුඤ‍්ඤං අයං දෙවධීතා ජානාති නු ඛො, උදාහු න ජානාති, පුච‍්ඡිස‍්සාමි තාව න”න‍්ති චින‍්තෙත්‍වා පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

යන මේ ගාථා කීවාය. එය අසා මහාසත්ත්‍වයන් වහන්සේ “මේ දෙව්දුව මුහුදේ දී මට මේ මේ දේ දෙමි”යි කියයි, ඇය මට යමක් දෙන්නී නම් එයද මගේ කුශල බලයෙන් ලැබෙන දේමය. ඒ පින දෙව්දුව දන්නීද නොහොත් නොදන්නී ද පළමුකොට ඇය විමසන්නෙමි’යි සිතා විමසන්නාහු මේ ගාථාව කීහ.

“යං කිඤ‍්චි යිට‍්ඨඤ‍්ච හුතඤ‍්ච මය‍්හං, සබ‍්බස‍්ස නො ඉස‍්සරා ත්‍වං සුගත‍්තෙ; සුස‍්සොණි සුබ‍්භූරු විලග‍්ගමජ‍්ඣෙ, කිස‍්ස මෙ කම‍්මස‍්ස අයං විපාකො”ති. (ජා· 1.10.45);

“යං කිඤ්චියිට්ඨංව හුතං ව මය්හං සබ්බස්ස නො ඉස්සරාත්‍වං සුගත්තෙ සුස්සොණි සුබ්භුරු විලග්ග මජ්ඣෙ කිස්ස මෙ කම්මස්ස අයං විපාකො”ති (ජාතක පාලිය)

“මනස්කාන්ත වූ සිරුරැති තැනැත්තිය, ආහුනන පාහුනන වශයෙන් දෙන ලද අපගේ යම්කිසි කුශල කර්‍මයක් වේද ඔබ ඒ සියල්ලම දැන ගැනීමට සමර්‍ථ වන්නෙහිය. සොඳුරු උකුල ඇති, සොඳුරු බැම යුවලක් හා කලවා යුගලක් ඇති, සොඳුරු බඳ පෙදෙසක් ඇති දෙව්දුවෙනි. මේ මා විසින් කළ කවර කුශල කර්‍මයක විපාක වේද? යි.

තත්‍ථ යිට‍්ඨන‍්ති දානවසෙන යජිතං. හුතන‍්ති ආහුනපාහුනවසෙන දින‍්නං. සබ‍්බස‍්ස නො ඉස‍්සරා ත්‍වන‍්ති අම‍්හාකං පුඤ‍්ඤකම‍්මස‍්ස සබ‍්බස‍්ස ත්‍වං ඉස‍්සරා, “අයං ඉමස‍්ස විපාකො, අයං ඉමස‍්සා”ති බ්‍යාකරිතුං සමත්‍ථා. සුස‍්සොණීති සුන්‍දරජඝනෙ. සුබ‍්භූරූති සුන්‍දරෙහි භමුකෙහි ඌරූහි ච සමන‍්නාගතෙ. විලග‍්ගමජ‍්ඣෙති විලග‍්ගතනුමජ‍්ඣෙ. කිස‍්ස මෙති මයා කතකම‍්මෙසු කතරකම‍්මස‍්ස අයං විපාකො, යෙනාහං අප‍්පතිට‍්ඨෙ මහාසමුද‍්දෙ අජ‍්ජ පතිට‍්ඨං ලභාමීති.

එහි “යිට්ඨං” යනු දාන වශයෙන් යාග කළ “හුතං” යනු පූජාවක් හා ආගන්තුක සත්කාරයක් වශයෙන් දෙන ලද. “සබ්බස්ස නො ඉස්සරාත්‍වං” යනු අපගේ පුණ්‍යකර්‍ම සියල්ලටම නුඹ අධිපතිය. මේ මෙම කර්මයේ විපාකයයි. මේ මෙම කර්‍මයේ විපාකයයි, දැන ගැනීමට සමර්‍ථ වන්නීය. “සුස්සොණී” යනු මනහර උකුල, “සුබ්භුරු” යනු සුන්දර දෙ බැමෙන් හා දෙකලවා වලින් යුත්, “විලග්ගමජ්ඣෙ” යනු ඉගටිය මැද පෙදෙස, “කිස්ස මෙ” යනු මා විසින් කළ කුශල කර්‍මයන් අතරින් “කිස්ස කම්මස්ස අයං විපාකො” යම් කර්‍මයකින් මම මේ පිහිටක් නැති මහ මුහුද මැද අද පිහිටක් ලබම්ද මේ කුමන කර්‍මයක විපාකය ද?

තං සුත්‍වා දෙවධීතා “අයං බ්‍රාහ‍්මණො ‘යං අත‍්තනා කුසලකම‍්මං කතං, තං කම‍්මං න ජානාතී’ති සඤ‍්ඤාය පුච‍්ඡති මඤ‍්ඤෙ, කථෙස‍්සාමි න”න‍්ති නාවාභිරුහනදිවසෙ පච‍්චෙකබුද‍්ධස‍්ස ඡත‍්තුපාහනදානපුඤ‍්ඤමෙව තස‍්ස කාරණන‍්ති කථෙන‍්තී –

එය අසා දෙව්දුව “මේ බ්‍රාහ්මණයා තමා විසින් යම් කුශල කර්‍මයක් කරන ලද්දේ ද ඒ කුශල කර්‍මය නොදනී. (එමනිසා) මගෙන් විමසයි. ඔහුට එය කියන්නෙමි”යි නැවට නගින දවසෙහි පසේ බුදුන් වහන්සේ නමකට දුන් කුඩ පාවහන් දාන පුණ්‍ය කර්‍මයම එයට හේතුව යයි කියන්නී.

“ඝම‍්මෙ පථෙ බ්‍රාහ‍්මණ එකභික‍්ඛුං, උග‍්ඝට‍්ටපාදං තසිතං කිලන‍්තං; පටිපාදයී සඞ‍්ඛ උපාහනානි, සා දක‍්ඛිණා කාමදුහා තවජ‍්ජා”ති. (ජා· 1.10.46) –

“ඝම්මෙ පථෙ බ්‍රාහ්මණ එක භික්‍ඛුං උග්ඝට්ට පාදං තසිතං කිලන්තං පටිපාදයී සඞ්ඛ උපාහනාහි සා දක්‍ඛිණා කාම දුහා තවජ්ජා” (ජාතක පාලිය)

“සඞ්ඛ බමුණාණෙනි, දැඩි හිරු රැසින් උණුසුම් වූ මාර්‍ගයක උණු වැලි මත තැබීමෙන් පෙළුණු පා ඇති පිපාසාවෙන් හා ක්ලාන්තයෙන් විඩාවට පත් (සිරුරැති) පසේ බුදුන් දැක පාවහන් සඟල කුඩයත් සමග පූජා කළෙහිය. ඒ දක්‍ෂිණාව නුඹට අද සියලු සම්පත් දෙන්නීය”

ගාථමාහ.

යන ගාථාව කීවාය.

තත්‍ථ එකභික‍්ඛුන‍්ති එකං පච‍්චෙකබුද‍්ධං සන්‍ධායාහ. උග‍්ඝට‍්ටපාදන‍්ති උණ‍්හවාලුකාය ඝට‍්ටපාදං, විබාධිතපාදන‍්ති අත්‍ථො. තසිතන‍්ති පිපාසිතං. පටිපාදයීති පටිපාදෙසි යොජෙසි. කාමදුහාති සබ‍්බකාමදායිකා.

එහි “එක භික්‍ඛුං” යනු පසේ බුදුන් සඳහා කීවාය. “උග්ඝට්ට පාදං” යනු උණු වැලි මත ගැටුණු පාදය, පීඩාවට පත් පාදය යන අර්‍ථයි. “පටිපාදයී” යනු සැපයීය. යෙදීය. “කාමදුහා” යනු සියලු කාමයන් දෙන,

තං සුත්‍වා මහාසත‍්තො “එවරූපෙපි නාම අප‍්පතිට‍්ඨෙ මහාසමුද‍්දෙ මයා දින‍්නං ඡත‍්තුපාහනදානං මම සබ‍්බකාමදදං ජාතං අහො සුදින‍්න”න‍්ති තුට‍්ඨචිත‍්තො –

එය අසා මහාසත්ත්‍වයන් වහන්සේ මෙබඳු වූ පිහිටක් නැති මහ මුහුදෙහිදී පවා මවිසින් දෙන ලද කුඩ පාවහන් දානය මට සියලු සම්පත් දෙන්නක් විය. අහෝ, යහපත් දානයකැයි සතුටු සිත් ඇත්තාහු.

“සා හොතු නාවා ඵලකූපපන‍්නා, අනවස‍්සුතා එරකවාතයුත‍්තා; අඤ‍්ඤස‍්ස යානස‍්ස න හෙත්‍ථ භූමි, අජ‍්ජෙව මං මොළිනිං පාපයස‍්සූ”ති. (ජා· 1.10.47) –

“සා හොතු නාවා ඵලකුප්පන්නා අනවස්සුතා එරක වාත යුත්තා අඤ්ඤස්ස යානස්ස න හෙත්‍ථභූමි අජ්ජෙව මං මොලිනිං පාපයස්සු” (ජාතක පාලිය)

(නැව හැර) වෙනත් යානාවකට බිමක් මෙහි නැත. ඒ නැව බොහෝ පුවරුවෙන් යුක්ත වූ, දිය ඇතුළු නොවන, මනාකොට ගෙන යන්නා වූ වාතයෙන් යුක්ත වූ නැවක් වේවා. අදම මා මෝලීනී නුවරට පමුණුවන්න”

ගාථමාහ.

යන ගාථාව කීහ.

තත්‍ථ ඵලකූපපන‍්නාති මහානාවතාය බහූහි ඵලකෙහි උපෙතා. උදකප‍්පවෙසනාභාවෙන අනවස‍්සුතා. සම‍්මා ගහෙත්‍වා ගමනකවාතෙන එරකවාතයුත‍්තා.

එම ගාථාවෙහි “ඵලකුප්පන්තා” යනු මහ නැවක් වන නිසා බොහෝ ඵලකයන්ගෙන් යුක්ත වූ, ජලය ප්‍රවේශ නොවන හෙයින් “අනවස්සුතා”, මැනවින් නැව රැගෙන යන වාතය ඇති බැවින් “එරකවාතයුත්තා”

දෙවධීතා තස‍්ස වචනං සුත්‍වා තුට‍්ඨහට‍්ඨා දීඝතො අට‍්ඨඋසභං විත්‍ථාරතො චතුඋසභං ගම‍්භීරතො වීසතියට‍්ඨිකං සත‍්තරතනමයං නාවං මාපෙත්‍වා කූපඵියාරිත‍්තයුත‍්තානි ඉන්‍දනීලරජතසුවණ‍්ණමයාදීනි නිම‍්මිනිත්‍වා සත‍්තන‍්නං රතනානං පූරෙත්‍වා බ්‍රාහ‍්මණං ආලිඞ‍්ගෙත්‍වා නාවං ආරොපෙසි, උපට‍්ඨාකං පනස‍්ස න ඔලොකෙසි. බ්‍රාහ‍්මණො අත‍්තනා කතකල්‍යාණතො තස‍්ස පත‍්තිං අදාසි, සො අනුමොදි. අථ දෙවධීතා තම‍්පි ආලිඞ‍්ගෙත්‍වා නාවාය පතිට‍්ඨාපෙත්‍වා තං නාවං මොළිනීනගරං නෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ඝරෙ ධනං පතිට‍්ඨාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමාසි. තෙනාහ භගවා –

දෙව්දුව එතුමාගේ වචනය අසා තුටුපහටුව දිගින් අට ඉස්බක් ද පළලින් සතර ඉස්බක් ද ගැඹුරින් යෂ්ටි විස්සක් ද (රියන් 07ක්) වූ සියල්ල රුවනින් කළ නැවක් මවා ඉඳුනිල්මය කුඹ ගසක් ද රිදීමය රුහැනක් ද ස්වර්‍ණමය රුවලක් ද නිමවා නැව සත්රුවනින් පුරවා බ්‍රාහ්මණයා වැළදගෙන නැවට නැංවූවාය. එතුමාගේ අතවැසියා ගැන නොබැලුවාය. බ්‍රාහ්මණ තෙම තමන් කළ කුශල කර්‍මයෙන් ඔහුට පින් දුනි. ඔහු අනුමෝදන් විය. ඉක්බිති දෙව්දුව ඔහු ද වැළඳගෙන නැවට නංවා එම නැව මෝලීනී නගරයට ගෙන ගොස් බ්‍රාහ්මණයාගේ නිවසෙහි ධනය තැන්පත් කොට තමන්ගේ වාසස්ථානයටම ගියාය. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ.

“සා තත්‍ථ විත‍්තා සුමනා පතීතා, නාවං සුචිත‍්තං අභිනිම‍්මිනිත්‍වා; ආදාය සඞ‍්ඛං පුරිසෙන සද‍්ධිං, උපානයී නගරං සාධුරම‍්ම”න‍්ති. (ජා· 1.10.48);

“එහිදී ඔහුගේ ප්‍රකාශයන් අසා ප්‍රීතියෙන් යුතු වූ ප්‍රමුදිත වූ ඒ දෙව්දුව විසිතුරු නැවක් මවා අතවැසි පුරුෂයා සමග සඞ්ක බමුණා රැගෙන සිත් අලවන මෝලිනී නගරයට ගෙන ගියාය” (ජාතක පාලිය)

මහාපුරිසස‍්ස හි චිත‍්තසම‍්පත‍්තියා පච‍්චෙකබුද‍්ධස‍්ස ච නිරොධතො වුට‍්ඨිතභාවෙන සත‍්තසු චෙතනාසු ආදිචෙතනා දිට‍්ඨධම‍්මවෙදනීයා අතිඋළාරඵලා ච ජාතා. ඉදම‍්පි තස‍්ස දානස‍්ස අප‍්පමත‍්තඵලන‍්ති දට‍්ඨබ‍්බං. අපරිමාණඵලඤ‍්හි තං දානං බොධිසම‍්භාරභූතං. තෙන වුත‍්තං –

මහා පුරුෂයන් වහන්සේගේ චිත්ත සම්පත්තිය නිසාත් පසේ බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බැවින් ද චේතනා හත අතුරෙන් පළමු චේතනාව දිට්ඨධම්ම වේදනීය හෙයින්ද එම දානය ඉතාමත් උදාර ඵල ඇත්තේ විය. මෙයද එම දානයෙහි ස්වල්ප මාත්‍ර වූ ඵලයක් යයි දත යුතුය. බෝධි සම්භාර වූ ඒ දානය වනාහි අප්‍රමාණ ඵල ඇත්තේය. එහෙයින්

“තෙනෙවාහං සතගුණතො, සුඛුමාලො සුඛෙධිතො; අපි ච දානං පරිපූරෙන‍්තො, එවං තස‍්ස අදාසහ”න‍්ති.

19. “තෙනාහං සත ගුණතො සුඛුමාලො සුඛෙධිතො අපි ච දානං පරිපුරෙන්තො එවං තස්ස අදාසහං”(චරියා පිටක)

ඊට වඩා මම සිය ගුණයකින් සියුමැලි වීමි. සැපසේ වැඩුනෙක් වීමි. එසේ ඇති කල්හිද මගේ දානය සම්පූර්‍ණ කරමින් උන්වහන්සේට මෙසේ පූජා කෙළෙමි”යි කියන ලදී.

තත්‍ථ තෙනාති තතො පච‍්චෙකබුද‍්ධතො, සතගුණතොති සතගුණෙන අහං තදා සඞ‍්ඛභූතො සුඛුමාලො, තස‍්මා සුඛෙධිතො සුඛසංවඩ‍්ඪො, අපි ච එවං සන‍්තෙපි දානං පරිපූරෙන‍්තො, එවං මය‍්හං දානපාරමී පරිපූරෙතූති තස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස අත‍්තනො සරීරදුක‍්ඛං අනපෙක‍්ඛිත්‍වා ඡත‍්තුපාහනං අදාසින‍්ති අත‍්තනො දානජ‍්ඣාසයස‍්ස උළාරභාවං සත්‍ථා පවෙදෙසි.

එහි ‘තෙන’ යනු ඒ පසේ බුදු රජුන්ට වඩා, “සත ගුණතො” යනු සිය ගුණයකින් “අහං” එදා සඞ්ඛ වූ මම “සුඛුමාලො” සියුමැලි වූයේ එම නිසා “සුඛෙධිනො” සුවසේ වැඩුණේ, සුවසේ සංවර්‍ධනය වූයේ වෙමි. “අපිච” යනු මෙසේ ඇති කල්හිද, “දානං පරිපුරෙන්තො එවං” මෙසේ මගේ දාන පාරමිතාව සම්පූර්‍ණ වේවායි. “තස්ස” පසේ බුදු රජුන්ට තමන්ගේ ශරීර දුක ගැන නොබලා කුඩය හා වහන්සඟල “අදාසිං” දුන්නෙමියි තමන්ගේ දානධ්‍යාශයාගේ උදාරබව ශාස්තෲන් වහන්සේ දේශනා කළහ.

බොධිසත‍්තොපි යාවජීවං අමිතධනගෙහං අජ‍්ඣාවසන‍්තො භිය්‍යොසොමත‍්තාය දානානි දත්‍වා සීලානි රක‍්ඛිත්‍වා ආයුපරියොසානෙ සපරිසො දෙවනගරං පූරෙසි.

බෝධි සත්ත්‍වයන් වහන්සේ ද දිවි ඇති තෙක් අප්‍රමාණ ධනයෙන් යුක්තව ගිහිගෙයි වසන්නාහු බොහෝසෙයින් දන් දී සිල් රැක ආයු කෙළවර පිරිස් සහිතව දේවනගරය පිරවූහ. (දෙව්ලොව ගියහ.)

තදා දෙවධීතා උප‍්පලවණ‍්ණා අහොසි, පුරිසො ආනන්‍දත්‍ථෙරො, ලොකනාථො සඞ‍්ඛබ්‍රාහ‍්මණො.

එකල්හි දෙව්දුව උප්පලවණ්ණා තෙරණියෝය. අතවැසි පුරුෂයා ආනන්ද ස්ථවිරයෝය. සඞ්ඛ බ්‍රාහ්මණ තෙම ලෝකනාථයන් වහන්සේය.

තස‍්ස සුවිසුද‍්ධනිච‍්චසීලඋපොසථසීලාදිවසෙන සීලපාරමී දානසීලාදීනං පටිපක‍්ඛතො නික‍්ඛන‍්තත‍්තා කුසලධම‍්මවසෙන නෙක‍්ඛම‍්මපාරමී, දානාදිනිප‍්ඵාදනත්‍ථං අබ‍්භුස‍්සහනවසෙන තථා මහාසමුද‍්දතරණවායාමවසෙන ච වීරියපාරමී, තදත්‍ථං අධිවාසනඛන‍්තිවසෙන ඛන‍්තිපාරමී, පටිඤ‍්ඤානුරූපප‍්පටිපත‍්තියා සච‍්චපාරමී, සබ‍්බත්‍ථ අචලසමාදානාධිට‍්ඨානවසෙන අධිට‍්ඨානපාරමී, සබ‍්බසත‍්තෙසු හිතජ‍්ඣාසයවසෙන මෙත‍්තාපාරමී, සත‍්තසඞ‍්ඛාරකතවිප‍්පකාරෙසු මජ‍්ඣත‍්තභාවප‍්පත‍්තියා උපෙක‍්ඛාපාරමී, සබ‍්බපාරමීනං උපකාරානුපකාරෙ ධම‍්මෙ ජානිත්‍වා අනුපකාරෙ ධම‍්මෙ පහාය උපකාරධම‍්මෙසු පවත‍්තාපනපුරෙචරා සහජාතා ච උපායකොසල‍්ලභූතා පඤ‍්ඤා පඤ‍්ඤාපාරමීති ඉමාපි පාරමියො ලබ‍්භන‍්ති.

එම සඞ්ඛ චර්‍ය්‍යාවෙහි සුපිරිසිදු නිත්‍ය ශීල, උපෝසථ ශීලාදි වශයෙන් ශීල පාරමිතාව ද, දාන ශීලාදීන්ට ප්‍රතිපක්‍ෂ කෙළෙස්වලින් නික්මුණු බැවින් කුශලධර්‍ම වශයෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ද, දානාදිය නිපදවනු පිණිස උත්සාහ කිරිම් වශයෙන් හා මහා සමුද්‍රය තරණය කිරීමට කළ ව්‍යායාමය වශයෙන් වීර්‍ය්‍ය පාරමිතාව ද, තදර්ථය (ඒ අර්‍ථය) ඉවසීම් වශයෙන් ක්‍ෂාන්ති පාරමිතාව ද ප්‍රතිඥාවට අනුරූප ප්‍රතිපත්ති වශයෙන් සත්‍ය පාරමිතාව ද සියලු ස්ථානයන්හි නොසෙල්වෙන ලෙස සිත පිහිටුවා ගැනීමෙන් අධිෂ්ඨාන පාරමිතාව ද, සියලු සත්ත්‍වයන් කෙරෙහි යහපත් අදහස් ඇතිකර ගැනීම් වශයෙන් මෛත්‍රී පාරමිතාව ද, සත්ත්‍ව සංස්කාරයන් කළ විප්‍රකාරයන්හි මැදහත් බවට පැමිණීමෙන් උපේක්‍ෂා පාරමිතාව ද, සියලු පාරමිතාවන්ට උපකාර අනුපකාර ධර්‍මයන් දැන අනුපකාර ධර්‍මයන් අත්හැර උපකාර ධර්‍මයන් කෙරෙහි පැවතියා වූ පුරේචාරී වූද (මුලින් හැසිරෙන) සහජාත වූද (එක්ව උපන්) උපාය කෞශල්‍ය වූ ප්‍රඥා පාරමිතාව ද යන මේ පාරමිතාවෝ ද ලැබෙති.

දානජ‍්ඣාසයස‍්ස පන අතිඋළාරභාවෙන දානපාරමීවසෙන දෙසනා පවත‍්තා. යස‍්මා චෙත්‍ථ දස පාරමියො ලබ‍්භන‍්ති, තස‍්මා හෙට‍්ඨා වුත‍්තා මහාකරුණාදයො බොධිසත‍්තගුණා ඉධාපි යථාරහං නිද‍්ධාරෙතබ‍්බා. තථා අත‍්තනො භොගසුඛං අනපෙක‍්ඛිත්‍වා මහාකරුණාය “දානපාරමිං පූරෙස‍්සාමී”ති දානසම‍්භාරසංහරණත්‍ථං සමුද‍්දතරණං, තත්‍ථ ච සමුද‍්දපතිතස‍්සපි උපොසථාධිට‍්ඨානං, සීලඛණ‍්ඩභයෙන දෙවධීතායපි උපගතාය ආහාරානාහරණන‍්ති එවමාදයො මහාසත‍්තස‍්ස ගුණා වෙදිතබ‍්බා. ඉදානි වක‍්ඛමානෙසු සෙසචරිතෙසු ඉමිනාව නයෙන ගුණනිද‍්ධාරණං වෙදිතබ‍්බං . තත්‍ථ තත්‍ථ විසෙසමත‍්තමෙව වක‍්ඛාම. තෙනෙතං වුච‍්චති –

දානාධ්‍යාශයාගේ අතිඋදාරභාවය නිසා දානපාරමිතා වශයෙන් දේශනාව පවත්වන ලදී. යම්හෙයකින් මෙහි දශ පාරමිතාවෝම ලැබෙත්ද එහෙයින් යට (අකිත්ති චරිතයෙහි) කියන ලද මහා කරුණා ආදී බෝධි සත්ත්‍ව ගුණයෝ ද මෙහිද සුදුසු පරිදි නිර්ධාරණය (වෙන් කර දැක්වීම) කළ යුත්තාහ. එසේම තමාගේ භෝග සැපය අපේක්‍ෂා නොකොට මහා කරුණාවෙන් දාන පාරමිතාව පුරන්නෙමියි දානයට අවශ්‍ය දේ රැස්කර ගැනීම සඳහා සමුද්‍රය තරණය කිරීමත්, එහිද සමුද්‍රයෙහි වැටුනහුගේ උපෝසථ අධිෂ්ඨානයත්, ශිල භේදය භයින් සමීපයට පැමිණි දෙව්දුවගේ ආහාරය නොගැනීමත් යන මේ ආදිය මහාසත්ත්‍වයන් වහන්සේගේ ගුණයෝ යයි දත යුත්තාහ. දැන් මතු කියන සෙසු චරිතයන්හි මේ ආකාරයටම ගුණ වෙන්කර දැක්වීම දත යුතුය. ඒ ඒ තන්හි විශේෂයක් ඇතොත් එය පමණක්ම කියන්නෙමු. එහෙයින් මෙය කියනු ලැබේ.

“එවං අච‍්ඡරියා හෙතෙ, අබ‍්භුතා ච මහෙසිනො…පෙ…; පගෙවානුකිරියා තෙසං, ධම‍්මස‍්ස අනුධම‍්මතො”ති.

එවං අච්ඡරියා ලොකෙ අබ්භූතාච මහෙසිනො - ධම්මස්ස අනුධම්මතො”යි (අකිත්ති පණ්ඩිත චරියා වර්‍ණනාවේ අවසාන ගාථා පන්තිය)

සඞ‍්ඛබ්‍රාහ‍්මණචරියාවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවෙනි සඞ්ඛ බ්‍රාහ්මණ චරියා වර්‍ණනාව නිමියේය.