1. අකිත්තිචරියාවණ්ණනා අට්ඨකථා
1. අකිත්තිචරියාවණ්ණනා
1. අකීර්ති චරියා වර්ණනාව
එවං භගවා ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස සදෙවමනුස්සාය ච පරිසාය අත්තනො පුබ්බචරියාය සවනෙ උස්සාහං ජනෙත්වා ඉදානි තං පුබ්බචරිතං භවන්තරපටිච්ඡන්නං හත්ථතලෙ ආමලකං විය පච්චක්ඛං කරොන්තො “යදා අහං බ්රහාරඤ්ඤෙ”තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේට හා දෙවි මිනිසුන් සහිත පිරිසට තමන් වහන්සේගේ පෙර චරිතය ඇසීමෙහි උත්සාහ උපදවා දැන් ඒ භවාන්තරයෙන් වැසුණු පෙර චරිතය අත්ලෙහි නෙල්ලි ගෙඩියක් මෙන් ප්රත්යක්ෂ කරමින් ‘යදාඅහං බ්රහාරඤ්ඤෙ’ යනාදිය වදාළහ.
(3) යදා අහං බ්රහාරඤ්ඤෙ සුඤ්ඤෙ විපින කානනෙ අජ්ඣො ගහෙත්වා විහරාමි අකිත්ති නාම තාපසො (චරියාපිටක)
“යම් කලෙක්හි මම අකිත්ති නම් තාපසයෙක්ව ජනශුන්‍ය වූ විපින කානන නම් වූ මහ වනයෙහි ඇතුල් වී විසුයෙම් ද”
තත්ථ යදාති යස්මිං කාලෙ. බ්රහාරඤ්ඤෙති මහාඅරඤ්ඤෙ, අරඤ්ඤානියං, මහන්තෙ වනෙති අත්ථො. සුඤ්ඤෙති ජනවිවිත්තෙ. විපිනකානනෙති විපිනභූතෙ කානනෙ, පදද්වයෙනාපි තස්ස අරඤ්ඤස්ස ගහනභාවමෙව දීපෙති, සබ්බමෙතං කාරදීපං සන්ධාය වුත්තං. අජ්ඣොගාහෙත්වාති අනුපවිසිත්වා. විහරාමීති දිබ්බබ්රහ්මඅරියආනෙඤ්ජවිහාරෙහි සමුප්පාදිතසුඛවිසෙසෙන ඉරියාපථවිහාරෙන සරීරදුක්ඛං විච්ඡින්දිත්වා හරාමි අත්තභාවං පවත්තෙමි. අකිත්ති නාම තාපසොති එවංනාමකො තාපසො හුත්වා යදා අහං තස්මිං අරඤ්ඤෙ විහරාමීති අත්ථො. සත්ථා තදා අත්තනො අකිත්තිතාපසභාවං ධම්මසෙනාපතිස්ස වදති. තත්රායං අනුපුබ්බිකථා –
එහි ‘යදා’ යනු යම් කාලයෙක්හි, “බ්රහාරඤ්ඤෙ” යනු මහ අරණෙහි, අරණ්යානියේ, මහවනයෙහි යන අර්ථයයි. “සුඤ්ඤෙ” යනු ජනයාගෙන් තොරවූ, ‘විපින කානනෙ’ යනු කැලෑවක් වූ වනයක, වචන දෙකෙන්ම ඒ අරණෙහි (ගස්වැල් වලින්) ගහණ බවම පැවසේ. ඒ සියල්ලම “කාරදීපය” අරමුණු කොට කියන ලදී. “අජ්ඣො ගහෙත්වා” යනු ඇතුල් වී, ‘විහරාමි’ යනු දිව්‍ය, බ්‍රහ්ම, අරිය, ආනෙඤ්ජ යන විහරණයන්ගෙන් හටගත් සැප විශේෂයෙන් හා ඉරියාපථ විහරණයෙන් ශරීර දුක් සිඳ වසමි, ආත්මභාවය පවත්වමි, “අකිත්ති නාම තාපසො” යනු මෙනම් වූ තාපසයා වී යම් කලෙක්හි මම ඒ අරණෙහි වසම් ද යන අර්ථයයි. ශාස්තෲන් වහන්සේ එකල්හි තමන් වහන්සේගේ අකිත්ති තාපස’ බව ධර්ම සේනාපති සැරියුත් හිමියන්ට දේශනා කරති. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතෙ කිර ඉමස්මිංයෙව භද්දකප්පෙ බාරාණසියං බ්රහ්මදත්තෙ නාම රාජිනි රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අසීතිකොටිවිභවස්ස බ්රාහ්මණමහාසාලස්ස කුලෙ නිබ්බත්ති, “අකිත්තී”තිස්ස නාමං කරිංසු. තස්ස පදසා ගමනකාලෙ භගිනීපි ජායි. “යසවතී”තිස්සා නාමං කරිංසු. සො සොළසවස්සකාලෙ තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගහෙත්වා පච්චාගමාසි. අථස්ස මාතාපිතරො කාලමකංසු. සො තෙසං පෙතකිච්චානි කාරෙත්වා කතිපයදිවසාතික්කමෙන රතනාවලොකනං ආයුත්තකපුරිසෙහි කාරයමානො “එත්තකං මත්තිකං, එත්තකං පෙත්තිකං, එත්තකං පිතාමහ”න්ති සුත්වා සංවිග්ගමානසො හුත්වා “ඉදං ධනමෙව පඤ්ඤායති, න ධනස්ස සංහාරකා, සබ්බෙ ඉමං ධනං පහායෙව ගතා, අහං පන නං ආදාය ගමිස්සාමී”ති රාජානං ආපුච්ඡිත්වා භෙරිං චරාපෙසි – “ධනෙන අත්ථිකා අකිත්තිපණ්ඩිතස්ස ගෙහං ආගච්ඡන්තූ”ති.
අතීතයෙහි වනාහි මේ භද්‍රකල්පයෙහිම බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරවන කල්හි බෝසතාණෝ අසූකෙළක් සම්පත් ඇති බමුණු මහසල් කුලයක උපන්හ. ඔහු ‘අකිත්ති’ යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කල්හි නැගණියක් උපන්නීය. ඇයට ‘යසවතී’ යයි නම් ඔහු සොළොස් වස් කල්හි තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප ඉගෙන ආපසු පැමිණියේය. ඉක්බිති ඔහුගේ මව්පියවරු කළුරිය කළහ. ඔහු ඔවුන්ගේ අවසන් කටයුතු කරවා දින කීපයකට පසු රන්රුවන් බැලීමෙහි නියුතු පුරුෂයන් විසින් “මෙතෙක් ධනය ඔබවහන්සේගේ මව සතුය. මෙතෙක් ධනය පියා සතුය. මෙතෙක් ධනය මුත්තණුවන් (සීයා) සතුයයි කියන ලද වචනය අසා කළකිරුණු සිත් ඇත්තේ “මෙහි ධනය පමණක් පෙනෙන්නේය. ධනය රැස් කළවුන් පෙනෙන්නට නැත. සියල්ලෝම ධනය හැර පරලොව ගියාහුය. මම වනාහි ධනය රැගෙන යන්නෙමි”යි රජුගෙන් විමසා “ධනයෙන් ප්‍රයෝජන ඇත්තෝ අකිත්ති පණ්ඩිතයාණන්ගේ නිවසට යෙත්වායි බෙර හැසිරවීය.
සො සත්තාහං මහාදානං පවත්තෙත්වා ධනෙ අඛීයමානෙ “කිං මෙ ඉමාය ධනකීළාය, අත්ථිකා ගණ්හිස්සන්තී”ති නිවෙසනද්වාරං විවරිත්වා හිරඤ්ඤසුවණ්ණාදිභරිතෙ සාරගබ්භෙ විවරාපෙත්වා “දින්නංයෙව හරන්තූ”ති ගෙහං පහාය ඤාතිපරිවට්ටස්ස පරිදෙවන්තස්ස භගිනිං ගහෙත්වා බාරාණසිතො නික්ඛමිත්වා නදිං උත්තරිත්වා ද්වෙ තීණි යොජනානි ගන්ත්වා පබ්බජිත්වා රමණීයෙ භූමිභාගෙ පණ්ණසාලං කරිත්වා වසති. යෙන පන ද්වාරෙන තදා නික්ඛමි, තං අකිත්තිද්වාරං නාම ජාතං. යෙන තිත්ථෙන නදිං ඔතිණ්ණො, තං අකිත්තිතිත්ථං නාම ජාතං. තස්ස පබ්බජිතභාවං සුත්වා බහූ මනුස්සා ගාමනිගමරාජධානිවාසිනො තස්ස ගුණෙහි ආකඩ්ඪියමානහදයා අනුපබ්බජිංසු. මහාපරිවාරො අහොසි, මහාලාභසක්කාරො නිබ්බත්ති, බුද්ධුප්පාදො විය අහොසි. අථ මහාසත්තො “අයං ලාභසක්කාරො මහා, පරිවාරොපි මහන්තො, කායවිවෙකමත්තම්පි ඉධ න ලභති, මයා එකාකිනා විහරිතුං වට්ටතී”ති චින්තෙත්වා පරමප්පිච්ඡභාවතො විවෙකනින්නතාය ච කස්සචි අජානාපෙත්වා එකකොව නික්ඛමිත්වා අනුපුබ්බෙන දමිළරට්ඨං පත්වා කාවීරපට්ටනසමීපෙ උය්යානෙ විහරන්තො ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙසි. තත්රාපිස්ස මහාලාභසක්කාරො උප්පජ්ජි. සො තං ජිගුච්ඡන්තො ඡඩ්ඩෙත්වා ආකාසෙන ගන්ත්වා කාරදීපෙ ඔතරි. තදා කාරදීපො අහිදීපො නාම. සො තත්ථ මහන්තං කාරරුක්ඛං උපනිස්සාය පණ්ණසාලං මාපෙත්වා වාසං කප්පෙසි. අප්පිච්ඡතාය පන කත්ථචි අගන්ත්වා තස්ස රුක්ඛස්ස ඵලකාලෙ ඵලානි ඛාදන්තො ඵලෙ අසති පත්තානි උදකසිත්තානි ඛාදන්තො ඣානසමාපත්තීහි වීතිනාමෙසි.
හෙතෙම සත් දිනක් මහදන් පවත්වා ධනය අවසන් නොවන කල්හි “මට මේ ධන ක්‍රීඩාවෙන් කවර ප්‍රයෝජනයක් ද? ධනයෙන් ප්‍රයෝජන ඇත්තෝ ගනිත්වා”යි නිවසෙහි දොර අරවා රන් රුවන් ආදියෙන් පිරුණු ගබඩා විවර කරවා” මා විසින් (මේ ධනය) දෙන ලද්දේය, ප්‍රයෝජන ඇත්තෝ ගෙන යෙත්වා”යි ගිහිගේ හැර ඥාතිසමූහයා හඬද්දී බරණැසින් නික්ම ගඟින් එතරව දෙතුන් යොදුනක් ගොස් පැවිදිව සිත්කලු භූමිභාගයක පන්සලක් කොටගෙන වසයි. ඔහු යම් දොරටුවකින් එදින නික්මුණේද එම දොරටුව “අකිත්ති තිත්ථ” නම් විය. හෙතෙම පැවිදි වූ බව අසා ගම් නියම් ගම් රාජධානිවාසී බොහෝ මිනිස්සු උන්වහන්සේගේ ගුණයෙන් ආකර්ෂණය කෙරෙන හදවත් ඇත්තාහු එතුමන් අනුව පැවිදි වූහ. මහත් පිරිවර ඇතිවිය. මහත් ලාභ සත්කාර උපන්නේය. බුද්ධෝත්පාද කාලයක් මෙන් විය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ “මේ ලාභසත්කාර මහත් ය. පිරිවරද මහත් ය. කාය විවේක මාත්‍රයක්වත් මෙහි නොලැබේ. ම විසින් හුදෙකලාව විසීම වටීයයි සිතා පරම අල්පේච්ඡභාවයෙන් ද විවේකයට නැමුණු සිතින් ද යුක්ත බැවින් කිසිවෙකුට නොදන්වා හුදෙකලාව නික්ම පිළිවෙළින් දෙමළ රටට පැමිණ කාවීර පටුන සමීපයෙහි උයනෙහි වසන්නාහු ධ්‍යාන අභිඥා ඉපිද වූහ. එහිදී ද උන්වහන්සේට මහත් වූ ලාභ සත්කාර උපන්නේ ය. උන්වහන්සේ එය පිළිකුල් කරමින් හැරදමා අහසින් ගොස් කාර දිවයිනට බැස්සහ. එකල්හි කාර දිවයින අහිදීප නම් විය. උන්වහන්සේ එහි මහත් වූ කර ගසක් ඇසුරු කොට පන්සලක් මවා වාසය කළහ. අල්පේච්ඡ බව නිසා කිසිතැනක නොගොස් එම ගස ඵලගත් විට ඵල අනුභව කරමින්ද, ඵල නොමැති විට කොළ දියවත්කොට පිස අනුභව කරමින් ද ධ්‍යාන සමාපත්තියෙන් කල් යවති.
තස්ස සීලතෙජෙන සක්කස්ස පණ්ඩුකම්බලසිලාසනං උණ්හාකාරං දස්සෙසි. සක්කො “කො නු ඛො මං ඉමම්හා ඨානා චාවෙතුකාමො”ති ආවජ්ජෙන්තො පණ්ඩිතං දිස්වා “කිමත්ථං නු ඛො අයං තාපසො එවං දුක්කරං තපං චරති, සක්කත්තං නු ඛො පත්ථෙති, උදාහු අඤ්ඤං, වීමංසිස්සාමි නං. අයඤ්හි සුවිසුද්ධකායවචීමනොසමාචාරො ජීවිතෙ නිරපෙක්ඛො උදකසිත්තානි කාරපත්තානි ඛාදති, සචෙ සක්කත්තං පත්ථෙති අත්තනො සිත්තානි කාරපත්තානි මය්හං දස්සති, නො චෙ, න දස්සතී”ති බ්රාහ්මණවණ්ණෙන තස්ස සන්තිකං අගමාසි . බොධිසත්තොපි කාරපත්තානි සෙදෙත්වා “සීතලීභූතානි ඛාදිස්සාමී”ති පණ්ණසාලද්වාරෙ නිසීදි. අථස්ස පුරතො සක්කො බ්රාහ්මණරූපෙන භික්ඛාය අත්ථිකො හුත්වා අට්ඨාසි. මහාසත්තො තං දිස්වා “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, චිරස්සං වත මෙ යාචකො දිට්ඨො”ති සොමනස්සප්පත්තො හුත්වා “අජ්ජ මම මනොරථං මත්ථකං පාපෙත්වා දානං දස්සාමී”ති පක්කභාජනෙනෙව ආදාය ගන්ත්වා දානපාරමිං ආවජ්ජෙත්වා අත්තනො අසෙසෙත්වාව තස්ස භික්ඛාභාජනෙ පක්ඛිපි. සක්කො තං ගහෙත්වා ථොකං ගන්ත්වා අන්තරධායි. මහාසත්තොපි තස්ස දත්වා පුන පරියෙට්ඨිං අනාපජ්ජිත්වා තෙනෙව පීතිසුඛෙන වීතිනාමෙසි.
උන්වහන්සේගේ සිල් තෙදින් සක්දෙව් රජුගේ පඬුපුල්සලස්න උණුබවක් දැක්වීය. සක්දෙව් රජු “කවරෙක් නම් මා මෙතැනින් ඉවත් කිරීමට කැමැත්තෝ”දැයි සිහි කරන්නේ පණ්ඩිතයාණන් දැක “මේ තාපසයාණෝ කුමක් නිසා මෙබඳු දුෂ්කර තපසක් කෙරෙත්ද? ශක්‍ර පදවිය හෝ පතත්ද නැතහොත් වෙනෙකක් පතත් ද? ඔහු විමසන්නෙමියි සිතා “මෙතෙම වනාහි සුපිරිසුදු කායවචී මනෝ සමාචාර ඇත්තෙකි, ජීවිතයෙහි අපේක්ෂා, නැත්තේ ජලය ඉස පිසූ කරකොළ පමණක් අනුභව කරයි. ඉදින් ශක්‍ර පදවිය පතන්නේ නම් තමාගේ දියෙන් තෙමා පිසූ කරකොළ මට දෙයි, එසේ නොවන්නේ නම් මට නොදෙයි” යනුවෙන් සිතා බ්‍රාහ්මණ වේශයෙන් ඔහු සමීපයට ගියේය. බෝධිසත්ත්වයන් වහන්සේද කර කොළ දියෙන් තෙමා පිස නිවීගිය විට අනුභව කරන්නෙමි”යි පන්සල් දොරකඩ හුන්හ. ඉක්බිති ශක්‍රයා එතුමා ඉදිරියේ බ්‍රාහ්මණ වේශයෙන් පිඬු බලාපොරොත්තුවෙන් සිටියේය. මහාසත්ත්වයන් වහන්සේ ඔහු දැක “මට මහත් ලාභයකි, මා විසින් ලබන ලද්දේ මනා ලැබීමකි. බොහෝ කාලයකින් මවිසින් යාචකයෙක් දකින ලද්දේ ය”යි සොම්නසට පත්ව අද මගේ මනදොළ මුදුන් පමුණුවා දන් දෙන්නෙමි”යි පිසූ බඳුන පිටින්ම ගෙන ගොස් දාන පාරමිතාව සිහිකොට තමාට ඉතිරිකර නොගෙනම සියල්ල ඔහුගේ භික්ෂා භාජනයෙහි බහාලූහ. ශක්‍රයා එය රැගෙන ටිකක් දුර ගොස් අතුරුදන් විය. මහාසත්ත්වයන් වහන්සේ ද ඔහුට දන් දී නැවත ආහාර නොසොයා එම ප්‍රීති සැපයෙන් කල් යැවූහ.
දුතියදිවසෙ පන කාරපත්තානි පචිත්වා “හිය්යො දක්ඛිණෙය්යං අලභිං, අජ්ජ නු ඛො කථ”න්ති පණ්ණසාලද්වාරෙ නිසීදි. සක්කොපි තථෙව ආගමි. මහාසත්තො පුනපි තථෙව දත්වා වීතිනාමෙසි. තතියදිවසෙ ච තථෙව දත්වා “අහො වත මෙ ලාභා, බහුං වත පුඤ්ඤං පසවාමි, සචාහං දක්ඛිණෙය්යං ලභෙය්යං, එවමෙව මාසම්පි ද්වෙමාසම්පි දානං දදෙය්ය”න්ති චින්තෙසි. තීසුපි දිවසෙසු “තෙන දානෙන න ලාභසක්කාරසිලොකං න චක්කවත්තිසම්පත්තිං න සක්කසම්පත්තිං න බ්රහ්මසම්පත්තිං න සාවකබොධිං න පච්චෙකබොධිං පත්ථෙමි, අපි ච ඉදං මෙ දානං සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පච්චයො හොතූ”ති යථාධිකාරං චිත්තං ඨපෙසි. තෙන වුත්තං –
දෙවන දවසෙහි කරකොළ පිස “ඊයේ දන් දීමට සුදුස්සෙකු ලැබුවෙමි. අද කෙසේ දැ”යි සිතමින් පන්සල් දොරකඩ හුන්හ. ශක්‍රයා ද පෙරසේම පැමිණියේය. මහාසත්ත්වයෝ නැවත ද එසේම දී කල් යැවූහ. තෙවන දිනයේ ද එසේම දී “අනේ ඒකාන්තයෙන් මට වූයේ මහත් ලාභයෙකි. ඉදින් මම දන් දීමට සුදුස්සෙකු ලබන්නෙම් නම් ඒකාන්තයෙන් ම විසින් බොහෝ පින් උපයන්නෙමි. මෙලෙසින්ම මසක් දෙමසක් නමුදු දන් දෙන්නෙමි”යි සිතූහ. දවස් තුනෙහිම ඒ දානයෙන් ලාභ සත්කාර කීර්තියක් හෝ සක්විති සම්පත් හෝ ශක්‍ර සම්පත්තිය හෝ බ්‍රහ්ම සම්පත්තිය හෝ ශ්‍රාවක බෝධිය හෝ ප්රත්යෙක බෝධිය හෝ නො පතමි. වැළිදු මාගේ මේ දානය සර්වඥතා ඥානය ලැබීමට හේතු වේවා’යි ප්‍රාර්ථනා පරිදි සිත පිහිටවූහ. එහෙයින්,
“තදා මං තපතෙජෙන, සන්තත්තො තිදිවාභිභූ; ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං, භික්ඛාය මං උපාගමි.
04) තදා මං තපතෙජෙන - සන්තත්තො තිදිවාභිභූ ධාරෙන්තො බ්‍රාහ්මණ වණ්ණං භික්ඛාය මං උපාගමි
“පවනා ආභතං පණ්ණං, අතෙලඤ්ච අලොණිකං; මම ද්වාරෙ ඨිතං දිස්වා, සකටාහෙන ආකිරිං.
05) පවනා ආභතං පණ්ණං අතෙලඤ්ච අලොණිකං මම ද්වාරෙ ඨිතං දිස්වා සකටාහෙන ආකිරිං
“තස්ස දත්වානහං පණ්ණං, නිකුජ්ජිත්වාන භාජනං; පුනෙසනං ජහිත්වාන, පාවිසිං පණ්ණසාලකං.
06) තස්ස දත්වානහං පණ්ණං නික්කුජ්ජිත්වාන භාජනං පුනෙසානං ජහිත්වාන පාවිසිං පණ්ණසාලකං
“දුතියම්පි තතියම්පි, උපගඤ්ඡි මමන්තිකං; අකම්පිතො අනොලග්ගො, එවමෙවමදාසහං.
07) දුතියම්පි තතියම්පි උපගඤ්ජි මමන්තිකං අකම්පිතො අනොලග්ගො එවමෙච මදාසහං
“න මෙ තප්පච්චයා අත්ථි, සරීරස්මිං විවණ්ණියං; පීතිසුඛෙන රතියා, වීතිනාමෙමි තං දිවං.
08) නමෙ තප්පච්ච යා අත්ථි සරීරස්මිං විවණ්ණි යං පීති සුඛෙන රතියා වීතිනාමෙමි තං දිවං
“යදි මාසම්පි ද්වෙමාසං, දක්ඛිණෙය්යං වරං ලභෙ; අකම්පිතො අනොලීනො, දදෙය්යං දානමුත්තමං.
09) යදි මාසම්පි ද්වෙමාසං දක්ඛිණෙය්යං වරං ලභෙ අකම්පිතො අනොලීනො දදෙය්යං දාන මුත්තමං
“න තස්ස දානං දදමානො, යසං ලාභඤ්ච පත්ථයිං; සබ්බඤ්ඤුතං පත්ථයානො, තානි කම්මානි ආචරි”න්ති.
10) න තස්ස දානං දදමානො යසං ලාභඤ්ච පත්ථයිං සබ්බඤ්ඤුතං පත්ථයානො තානි කම්මානි ආචරින්ති. (චරියා පිටක)
“එකල්හි මාගේ තවුස් තෙදින් තැවුණු සක්දෙව් රජතෙම බමුණු වෙස් දරමින් පිඬු පිණිස මා වෙත පැමිණියේය.
මාගේ දොරකඩ සිටියහු දැක ඝන වනයෙන් ගෙන එන ලද තෙල් නැති ලුණු නැති කරකොළ තමාට ඉතිරි නොකර දුනිමි.”
මම ඔහුට කරකොළ දී භාජනය යටිකුරු කර තබා නැවත අහර නොසොයා පන්සලට පිවිසියෙමි. දෙවන තුන්වන දිනයන්හිද මා සමීපයට පැමිණියේය. මම (මසුරුකමින්) චංචල නොවූයෙම් (ලෝභයෙන්) නො ඇලුනෙම් එපරිද්දෙන්ම දුනිමි.
ඒ හේතු කොටගෙන මගේ ශරීරයෙහි විරූපභාවයක් නොවීය. දින මුළුල්ල ප්‍රීති සැපයෙන්ද අභිරතියෙන් ද ඉක්මවීමි.
ඉදින් උතුම් දක්ෂිනාර්හයකු ලබන්නෙම් නම් මසකුදු දෙමසකුදු කම්පිත නොවූ සිත් ඇතිව නොපසුබටව උතුම් දානය දෙන්නෙමි. ඔහුට දන් දෙමින් කීර්තියක් හෝ ලාභයක් නො පැතුවෙමි. බුදුබව පතමින් ඒ දානමය කර්ම කෙළෙමි”යි කියන ලදී.
තත්ථ තදාති යදා අහං අකිත්තිනාමකො තාපසො හුත්වා තස්මිං දීපෙ කාරාරඤ්ඤෙ විහරාමි, තදා . මන්ති මම. තපතෙජෙනාති සීලපාරමිතානුභාවෙන. සීලඤ්හි දුච්චරිතසංකිලෙසස්ස තපනතො “තපො”ති වුච්චති, නෙක්ඛම්මවීරියපාරමිතානුභාවෙන වා. තාපි හි තණ්හාසංකිලෙසස්ස කොසජ්ජස්ස ච තපනතො “තපො”ති වුච්චති, උක්කංසගතා ච තා බොධිසත්තස්ස ඉමස්මිං අත්තභාවෙති. ඛන්තිසංවරස්ස චාපි පරමුක්කංසගමනතො “ඛන්තිපාරමිතානුභාවෙනා”තිපි වත්තුං වට්ටතෙව. “ඛන්තී පරමං තපො”ති (දී· නි· 2.90; ධ· ප· 184) හි වුත්තං. සන්තත්තොති යථාවුත්තගුණානුභාවජනිතෙන ධම්මතාසිද්ධෙන පණ්ඩුකම්බලසිලාසනස්ස උණ්හාකාරෙන සන්තාපිතො. තිදිවාභිභූති දෙවලොකාධිපති, සක්කොති අත්ථො. පණ්ණසාලාය සමීපෙ ගහිතම්පි කාරපණ්ණං පණ්ණසාලාය අරඤ්ඤමජ්ඣගතත්තා “පවනා ආභත”න්ති වුත්තං.
එහි ‘තදා’ යනු යම්කලෙක මම අකිත්ති නම් තාපසයා වී එම දිවයිනෙහි කාර වනයෙහි වසම්ද එකල්හි, “මං” යනු මගේ ‘තපතෙජෙන’ යනු ශීලපාරමිතානු භාවයෙන්, ශීලය වනාහි දුශ්චරිත සංක්ලේශයන් තවන බැවින් ‘තප’ යයි කියනු ලැබේ. බෝධිසත්ත්වයන් වහන්සේගේම ආත්මභාවයේදී එම පාරමිතාවෝ උසස් බවට ගියාහු වෙති. ක්ෂාන්ති සංවරයද පරම උත්කර්ෂයට යන බැවින් ක්ෂාන්ති පාරමිතානුභාවයෙන් යයි කියනු ද වටින්නේමය. “ඛන්තී පරමං තපො” (ධම්මපදය) යි කියන ලදී. “සන්තත්තො” යනු කියන ලද ගුණානුභාවයෙන් ජනිත ධර්මතාසිද්ධිය කරණ කොටගෙන (ශක්‍රයාගේ) පඬුපුල්සලස්න උණු ස්වභාවයෙන් තැවුණේ. “තිදිවාභිභු” යනු දෙව්ලොවට අධිපති. ‘ශක්‍රයා’ යන අර්ථයයි. පන්සල සමීපයෙහි දී අහුලා ගන්නා ලද කරකොළ වුව ද පන්සල වනමැද පිහිටි හෙයින් ‘පවනා ආභතං’ (ඝනවනයෙන් ගෙනෙන ලදී) යනුවෙන් කියන ලදී.
අතෙලඤ්ච අලොණිකන්ති දෙය්යධම්මස්ස අනුළාරභාවෙපි අජ්ඣාසයසම්පත්තියා දානධම්මස්ස මහාජුතිකභාවං දස්සෙතුං වුත්තං. මම ද්වාරෙති මය්හං පණ්ණසාලාය ද්වාරෙ. සකටාහෙන ආකිරින්ති ඉමිනා අත්තනො කිඤ්චිපි අසෙසෙත්වා දින්නභාවං දස්සෙති.
“අතෙලඤ්ව අලොණිකං” යනු දෙන දේ උසස් නොවන කල්හිද අජ්ඣාසය සම්පත්තිය කරණකොට ගෙන දාන ධර්මයෙහි මහත් ආලෝකවත් බව දැක්වීමට කියන ලදී. “මම ද්වාරෙ” මගේ පන්සල් දොරකඩ “සකටාහෙන ආකිරිං” යන මෙයින් තමාට කිසිවක් ඉතිරි නොකොට දුන්බව දක්වයි.
පුනෙසනං ජහිත්වානාති “එකදිවසං ද්වික්ඛත්තුං ඝාසෙසනං න සල්ලෙඛ”න්ති චින්තෙත්වා දානපීතියා තිත්තො විය හුත්වා තස්මිං දිවසෙ පුන ආහාරපරියෙට්ඨිං අකත්වා.
“පුනෙසනං ජහිත්වාන” යනු එක් දවසකට දෙවරක් ආහාර සෙවීම සල්ලේඛ ප්‍රතිපදාව නොවේයයි සිතා දාන ප්‍රීතියෙන් තෘප්තිමත් වූවෙක් මෙන් වී එදවසෙහි නැවත ආහාර සෙවීමක් නොකොට.
අකම්පිතොති සුදූරවික්ඛම්භිතත්තා මච්ඡරියෙන අචලිතො දානජ්ඣාසයතො චලනමත්තම්පි අකාරිතො. අනොලග්ගොති ලොභවසෙන ඊසකම්පි අලග්ගො. තතියම්පීති පි-සද්දෙන දුතියම්පීති ඉමං සම්පිණ්ඩෙති. එවමෙවමදාසහන්ති යථා පඨමං, එවමෙවං දුතියම්පි, තතියම්පි අදාසිං අහං.
“අකම්පිතො” යනු ඉතාමත් ඈත කාලයේ දී යටපත් කළ බැවින් මසුරුකමෙන් නොසෙල්වුනේ දාන සිතුවිල්ලෙන් සෙලවීම් මාත්‍රයක්වත් නොකරන ලදී. “අනොලග්ගො” යනු ලෝභ වශයෙන් ස්වල්පයක්වත් නොඇලුණේ. “තතියම්පි” යන මෙහි ‘පි’ ශබ්දයෙන් ‘දුතියම්පි’ යන මෙය පිඬුකරයි. “එවමෙවමදාසහං” යනු පළමුව යම් සේද ඒ අයුරින්ම දෙවනුව ද තෙවනුව ද මම දුනිමි.
න මෙ තප්පච්චයාති ගාථාය වුත්තමෙවත්ථං පාකටං කරොති. තත්ථ තප්පච්චයාති දානපච්චයා තීසු දිවසෙසු ඡින්නාහාරතාය සරීරස්මිං යෙන වෙවණ්ණියෙන භවිතබ්බං, තම්පි මෙ සරීරස්මිං විවණ්ණියං දානපච්චයායෙව නත්ථි . කස්මා? දානවිසයෙන පීතිසුඛෙන දානවිසයාය එව ච රතියා. වීතිනාමෙමි තං දිවන්ති තං සකලං තිමත්තදිවසං වීතිනාමෙමි, න කෙවලඤ්ච තීණි එව දිවසානි, අථ ඛො මාසද්විමාසමත්තම්පි කාලං, එවමෙව දාතුං පහොමීති දස්සෙතුං “යදි මාසම්පී”තිආදි වුත්තං. අනොලීනොති අලීනචිත්තො, දානෙ අසඞ්කුචිතචිත්තොති අත්ථො.
“නමෙ තප්පච්චයා” යන්නෙන් කියන ලද අර්ථයම ප්‍රකට කරයි. එහි “තප්පච්චයා” යනු දානය හේතුවෙන්, දවස් තුනකින් ආහාර නැති බැවින් ශරීරයෙහි යම් විවර්ණ බවක් විය යුතු නම් එයද “මෙ සරීරස්මිං විවණ්ණියං” මගේ ශරීරයෙහි එබඳු විවර්ණ බවක් දානය හේතුවෙන් නැත්තේමය. කුමක් නිසාද? දානය විෂයකොටගත් “පීතිසුඛෙන” ප්‍රීති සැපයෙන්ද දාන විෂයෙහිම වූ “රතියා වීතිනාමෙමි” රතියෙන්ද කල් යවමි (ඒ නිසාය) “තං දිවං” යනු ඒ තෙදින මුළුල්ලෙහි කල්යවමි. තෙදිනක් පමණක්ම නොවේ. මාසයක් දෙමාසයක් පමණ කාලයක් වුවද මේ අයුරින්ම දන් දෙන්නට සමත් වෙමියි දැක්වීමට “යදිමාසම්පි” ආදිය කියන ලදී. “අනොලීනො” යනු පසුබට නොවූ සිත් ඇත්තේ, දානයෙහි නොහැකිලෙන ලද සිත් ඇත්තේ යන අර්ථයි.
තස්සාති බ්රාහ්මණරූපෙන ආගතස්ස සක්කස්ස. යසන්ති කිත්තිං, පරිවාරසම්පත්තිං වා. ලාභඤ්චාති දෙවමනුස්සෙසු චක්කවත්තිආදිභාවෙන ලද්ධබ්බං ලාභං වා න පත්ථයිං. අථ ඛො සබ්බඤ්ඤුතං සම්මාසම්බොධිං පත්ථයානො ආකඞ්ඛමානො තානි තීසු දිවසෙසු අනෙකවාරං උප්පන්නානි දානමයානි පුඤ්ඤකම්මානි දානස්ස වා පරිවාරභූතානි කායසුචරිතාදීනි පුඤ්ඤකම්මානි ආචරිං අකාසින්ති.
“තස්ස” යනු බ්‍රාහ්මණ රූපයෙන් පැමිණි ශක්‍රයාට, “යසං” යනු කීර්තිය, හෝ පරිවාර සම්පත්තිය, “ලාභඤ්ච” යනු දෙවිමිනිසුන් අතර චක්‍රවර්ති ආදී වශයෙන් ලැබිය යුතු ලාභයක් හෝ “න පත්ථයිං” නො පැතීමි. ඉක්බිති “සබ්බඤ්ඤුතං” සම්මා සම්බුද්ධත්වය “පත්ථයානො”, බලාපොරොත්තු වන්නේ “තානි” දින තුන මුළුල්ලෙහි නොයෙක් වර උපන් ඒ දානමය පුණ්‍යකර්මයන් හෝ දානයට පරිවාර වූ කායසුචරිතාදී පුණ්‍ය කර්මයන් “ආචරිං” රැස් කළෙමි යනුයි.
ඉති භගවා තස්මිං අත්තභාවෙ අත්තනො සුදුක්කරං පුඤ්ඤචරිතමත්තමෙව ඉධ මහාථෙරස්ස පකාසෙසි. ජාතකදෙසනායං පන චතුත්ථදිවසෙ සක්කස්ස උපසඞ්කමිත්වා බොධිසත්තස්ස අජ්ඣාසයජානනං වරෙන උපනිමන්තනා බොධිසත්තස්ස වරසම්පටිච්ඡනසීසෙන ධම්මදෙසනා දෙය්යධම්මදක්ඛිණෙය්යානං පුන සක්කස්ස අනාගමනස්ස ච ආකඞ්ඛමානතා ච පකාසිතා. වුත්තඤ්හෙතං –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ එම ආත්මභාවයෙහි තමන් වහන්සේ විසින් කරන ලද ඉතාමත් දුෂ්කර වූ කුශලචරිත මාත්‍රයක්ම මෙහිදී තෙරුන් වහන්සේට ප්‍රකාශ කොට වදාළහ. ජාතක දේශනාවෙහි වනාහි සතරවන දවසෙහි සක්දෙව් රජ පැමිණ බෝධිසත්ත්වයන්ගේ අදහස දැන ගැනීම සඳහා වරයෙන් ආරාධනා කළ බව ද බෝධිසත්ත්වයන් වර පිළිගැනීම් වශයෙන් ධර්මදේශනා කළ බව ද දානය පිළිගැනීමට සුදුස්සන්ගේ පැමිණීම, ශක්‍රයාගේ නොපැමිණීම බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කරන ලදී. එහෙයින් කියන ලදී.
“අකිත්තිං දිස්වාන සම්මන්තං, සක්කො භූතපතී බ්රවි; කිං පත්ථයං මහාබ්රහ්මෙ, එකො සම්මසි ඝම්මනි.
“භූතාධිපති සක්දෙව් රජ මනදොළ සමෘද්ධ වූ අකිත්ති තවුසා දැක මහෝත්තමයාණෙනි. ග්‍රීෂ්ම කාලයෙහි හුදෙකලාව කවර සම්පතක් පතා තපස් රක්නේහි ද? යි ඇසීය.
“දුක්ඛො පුනබ්භවො සක්ක, සරීරස්ස ච භෙදනං; සම්මොහමරණං දුක්ඛං, තස්මා සම්මාමි, වාසව.
ශක්‍රය, පුනර්භවය දුකෙකි. ශරීරයෙහි බිඳීම (මරණය) ද දුකෙකි. මුළාවූ මරණය ද දුකෙකි. ශක්‍රය, එහෙයින් තපස් රකිමියි කීය.
“එතස්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස්සප තෙ දම්මි, යං කිඤ්චි මනසිච්ඡසි.
ඔබ විසින් මනාකොට කියන ලද සුදුසු වූ මේ සුභාෂිතය හේතුකොට ගෙන කාශ්‍යපය, තොපට වරයක් දෙමි. කැමති යම් වරයක් වේ නම් එය ගැනීම මැනවි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; යෙන පුත්තෙ ච දාරෙ ච, ධනධඤ්ඤං පියානි ච; ලද්ධා නරා න තප්පන්ති, සො ලොභො න මයී වසෙ.
සියලු භූතයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් යමක් කරණ කොට ගෙන පුතුන්, අඹුවන්, ධන, ධන්‍ය යන යමක් ලැබ මිනිස්සු තෘප්තියට නො පැමිණෙත්ද, එම ලෝභය මාගේ සිතෙහි නුපදීවා”යි යන වරය දුන මැනවි.
එතස්මිං තෙ සුලපිතෙ…පෙ… මනසිච්ඡසි.
නැවත ද වරයක් ඉල්ලන ලෙස පෙරසේම ශක්‍රයා පවසයි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; ඛෙත්තං වත්ථුං හිරඤ්ඤඤ්ච, ගවාස්සං දාසපොරිසං; යෙන ජාතෙන ජීයන්ති, සො දොසො න මයී වසෙ.
සියලු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් යම් කෝපයක් හිතේ හටගත් කල්හි කෙත්වතු රන්, ගවයන්, අශ්වයන්, දාසයන්, කම්කරු පුරුෂයන් යන මේවායේ පිරිහීමක් වන්නේ ද එම කෝපය මගේ සිතෙහි නූපදීවා යන වරය දුන මැනවි.
“එතස්මිං තෙ සුලපිතෙ…පෙ… මනසිච්ඡසි.
නැවතද වරයක් ඉල්ලන ලෙස පෙරසේම ශක්‍රයා පවසයි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; බාලං න පස්සෙ න සුණෙ, න ච බාලෙන සංවසෙ; බාලෙනල්ලාපසල්ලාපං, න කරෙ න ච රොචයෙ.
සියලු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් බාලයකු නො දකීවා, බාලයකු ගැන නො ඇසේවා, බාලයකු සමග එක්ව විසීමක් නොවේවා. බාලයකු සමග අල්ලාප සල්ලාපයක් නො කෙරේවා, එය කැමති නොවේවා යන වරය දුන මැනවි.
“කිං නු තෙ අකරං බාලො, වද කස්සප කාරණං; කෙන කස්සප බාලස්ස, දස්සනං නාභිකඞ්ඛසි.
කාශ්‍යපය, බාලයා නුඹට කුමක් කළේද, කාරණය කියන්න, කාශ්‍යපය, කුමන හේතුවක් නිසා බාලයාගේ දැකීම කැමති නොවෙහිද?
“අනයං නයති දුම්මෙධො, අධුරායං නියුඤ්ජති; දුන්නයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො පකුප්පති; විනයං සො න ජානාති, සාධු තස්ස අදස්සනං.
නුවණ නැති පුද්ගලයා සතුන් මැරීමාදිය සුදුසු යයි සිතයි. ශ්‍රද්ධා ශීලාදියෙහි නොව අකටයුතු දෙයෙහි යෙදෙයි. පස්පව් ආදිය උසස් සේ ගනී. ළෙන්ගතුව සකාරණව කී දෙයින්ද තදින් කිපේ. ආචාර විනය නොදනී. එබැවින් එබඳු බාලයා නොදැක්ම යහපති.
“එතස්මිං තෙ සුලපිතෙ…පෙ… මනසිච්ඡසි.
නැවතද වරයක් ඉල්ලන ලෙස ශක්‍රයා පවසයි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; ධීරං පස්සෙ සුණෙ ධීරං, ධීරෙන සහ සංවසෙ; ධීරෙනල්ලාපසල්ලාපං, තං කරෙ තඤ්ච රොචයෙ.
සියලු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් නුවණැති සත්පුරුෂයා හැම වේලේම දකිම්වා, නැණවතා ගැන අසම්වා, නැණවතා හා එක්ව වෙසෙම්වා, නැණවතා හා ප්‍රිය බස් බෙණෙම්වා, එය කැමති වෙම්වා යන වරය දුන මැනවි.
“කිං නු තෙ අකරං ධීරො, වද කස්සප කාරණං; කෙන කස්සප ධීරස්ස, දස්සනං අභිකඞ්ඛසි.
කාශ්‍යපය, නැණවතා නුඹට කුමක් කෙළේ ද? කාරණය කියන්න කාශ්‍යපය කුමන කරුණක් නිසා නැණවතා දැකීමට කැමති වන්නේහිද?
“නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්ජති; සුනයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො න කුප්පති; විනයං සො පජානාති, සාධු තෙන සමාගමො.
නැණවතා සතුන් නොමැරීමාදිය සුදුසු යයි සිතයි. කටයුතු දෙයෙහි යෙදෙයි. පන්සිල් ආදිය උසස් සේ ගනී. ළෙන්ගතුව සකාරණව කී දෙයින් නොකිපෙයි. ආචාර විනය දනි. එහෙයින් ඔහුගේ එක්වීම යහපති.
“එතස්මිං තෙ සුලපිතෙ…පෙ… මනසිච්ඡසි.
නැවතද වරයක් ඉල්ලන ලෙස ශක්‍රයා පවසයි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; තතො රත්යා විවසානෙ, සූරියුග්ගමනං පති; දිබ්බා භක්ඛා පාතුභවෙය්යුං, සීලවන්තො ච යාචකා.
එසේ නම් රාත්‍රිය ගෙවී හිරු උදාවන වේලෙහිම දිව බොජුන් පහළ වේවා ඒවා පිළිගන්නට සිල්වත් ප්‍රතිග්‍රාහකයෝ පැමිණෙත්වා.
“දදතො මෙ න ඛීයෙථ, දත්වා නානුතපෙය්යහං; දදං චිත්තං පසාදෙය්යං, එතං සක්ක වරං වරෙ.
දන් දෙන්නා වූ මාගේ වස්තුව ක්ෂය නොවේවා. දන් දී පසුව නොතැවෙම්වා. දෙමින් සිත පහදවම්වා. සක්දෙවිඳුනි මේ වරය ඉල්ලමි.
“එතස්මිං තෙ සුලපිතෙ…පෙ… මනසිච්ඡසි.
නැවතද වරයක් ඉල්ලන ලෙස ශක්‍රයා පවසයි.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; න මං පුන උපෙය්යාසි, එතං සක්ක වරං වරෙ.
සක්දෙව් රජුනි, නැවත මා වෙත නොඑනු මැනවි යන මෙම වරය ඉල්ලමි.
“බහූහි වතචරියාහි, නරා ච අථ නාරියො; දස්සනං අභිකඞ්ඛන්ති, කිං නු මෙ දස්සනෙ භයං.
(අකිත්ති පණ්ඩිතයාණනි,) බොහෝ ස්ත්‍රී පුරුෂයෝ බොහෝ ව්‍රත චර්ය්යාවන් පුරා මා දකිනු කැමති වෙත්. එබඳු මා දැකීමෙහි තොපට ඇති භය කවරේද?
“තං තාදිසං දෙවවණ්ණං, සබ්බකාමසමිද්ධිනං; දිස්වා තපො පමජ්ජෙය්යං, එතං තෙ දස්සනෙ භය”න්ති. (ජා· 1.13.83-103);
එබඳු වූ දිව්‍ය වර්ණ සහිත සියලු කාමයෙන් සමෘද්ධ වූ තොප දැක මම තවුස් දම් රැක්මෙහි පමා වන්නෙමි. තොපගේ දැක්මෙහි භය නම් එයයි. (ජාතකපාලිය - අකිත්ති ජාතක)
අථ සක්කො “සාධු, භන්තෙ, න තෙ ඉතො පට්ඨාය සන්තිකං ආගමිස්සාමී”ති තං අභිවාදෙත්වා පක්කාමි. මහාසත්තො යාවජීවං තත්ථෙව වසන්තො ආයුපරියොසානෙ බ්රහ්මලොකෙ නිබ්බත්ති.
ඉක්බිති ශක්‍රයා “යහපති ස්වාමීනි, මෙතැන් පටන් නුඹවහන්සේ සමීපයට නො පැමිණෙන්නෙමි”යි උන්වහන්සේ වැඳ පිටත්ව ගියේය. බෝසතාණන් වහන්සේ ජීවිතාන්තය දක්වා එහිම වසන්නාහු ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.
අනුරුද්ධත්ථෙරො තදා සක්කො අහොසි, ලොකනාථො අකිත්තිපණ්ඩිතො.
අනුරුද්ධ තෙරුන් වහන්සේ එකල ශක්‍රයා වූහ. ලෝකනාථයන් වහන්සේ අකිත්ති පණ්ඩිතයාණෝය.
තස්ස මහාභිනික්ඛමනසදිසං නික්ඛන්තත්තා නෙක්ඛම්මපාරමී. සුවිසුද්ධසීලාචාරතාය සීලපාරමී. කාමවිතක්කාදීනං සුට්ඨු වික්ඛම්භිතත්තා වීරියපාරමී. ඛන්තිසංවරස්ස පරමුක්කංසගමනතො ඛන්තිපාරමී. පටිඤ්ඤානුරූපං පටිපත්තියා සච්චපාරමී. සබ්බත්ථ අචලසමාදානාධිට්ඨානෙන අධිට්ඨානපාරමී. සබ්බසත්තෙසු හිතජ්ඣාසයෙන මෙත්තාපාරමී. සත්තසඞ්ඛාරකතවිප්පකාරෙසු මජ්ඣත්තභාවප්පත්තියා උපෙක්ඛාපාරමී. තාසං උපකාරානුපකාරෙ ධම්මෙ ජානිත්වා අනුපකාරෙ ධම්මෙ පහාය උපකාරධම්මෙසු පවත්තාපනපුරෙචරා සහජාතා ච උපායකොසල්ලභූතා අතිසල්ලෙඛවුත්තිසාධනී ච පඤ්ඤා පඤ්ඤාපාරමීති ඉමාපි දස පාරමියො ලබ්භන්ති.
මහබෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය හා සමානව නික්ම ගිය බැවින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ද, සුපිරිසිදු ශීලාචාර ඇති බැවින් ශීල පාරමිතාව ද, කාම විතර්කාදීන් මනා කොට යටපත් කළ බැවින් වීර්‍ය්‍ය පාරමිතාව ද ක්ෂාන්ති සංවරය ඉතාමත් ඉහළ තත්ත්වයට ගිය බැවින් ක්ෂාන්ති පාරමිතාව ද ප්‍රතිඥාවට අනුරූප ප්‍රතිපත්ති ඇති බැවින් සත්‍ය පාරමිතාව ද සියලු තැන්හි නොසෙල්වී මැනවින් ගත් අධිෂ්ඨාන ඇති බැවින් අධිෂ්ඨාන පාරමිතාව ද, සියලු සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාව ඇති බැවින් මෛත්‍රී පාරමිතාව ද, සත්ත්ව සංස්කාරයන් විසින් කළ විප්රකාරයන්හි මැදහත් බවට පත් වීමෙන් උපේක්ෂා පාරමිතාව ද, ඔවුන්ට උපකාර අනුපකාර ධර්මයන් දැන අනුපකාර ධර්මයන් හැර උපකාර ධර්මයන් කෙරෙහි පැවති පුරෙචර වූද සහජාත වූද උපාය කෞශල්‍ය වූ අතිශය සල්ලේඛ වෘත්ති සාධක වූ ප්‍රඥාව ඇති බැවින් ප්‍රඥා පාරමිතාව ද යන මේ දශ පාරමිතාවෝම ලැබෙත්.
දානජ්ඣාසයස්ස පන අතිඋළාරභාවෙන දානමුඛෙන දෙසනා පවත්තා. තස්මා සබ්බත්ථ සමකා මහාකරුණා, ද්වෙපි පුඤ්ඤඤාණසම්භාරා, කායසුචරිතාදීනි තීණි බොධිසත්තසුචරිතානි, සච්චාධිට්ඨානාදීනි චත්තාරි අධිට්ඨානානි, උස්සාහාදයො චතස්සො බුද්ධභූමියො, සද්ධාදයො පඤ්ච මහාබොධිපරිපාචනීයා ධම්මා, අලොභජ්ඣාසයාදයො ඡ බොධිසත්තානං අජ්ඣාසයා, තිණ්ණො තාරෙස්සාමීතිආදයො සත්ත පටිඤ්ඤා ධම්මා, අප්පිච්ඡස්සායං ධම්මො, නායං ධම්මො මහිච්ඡස්සාතිආදයො (දී· නි· 3.358; අ· නි· 8.30) අට්ඨ මහාපුරිසවිතක්කා (දී· නි· 3.358), නව යොනිසොමනසිකාරමූලකා ධම්මා, දානජ්ඣාසයාදයො දස මහාපුරිසජ්ඣාසයා, දානසීලාදයො දස පුඤ්ඤකිරියවත්ථූනීති එවමාදයො යෙ අනෙකසතඅනෙකසහස්සප්පභෙදා බොධිසම්භාරභූතා මහාබොධිසත්තගුණා. තෙ සබ්බෙපි යථාරහං ඉධ නිද්ධාරෙත්වා වත්තබ්බා.
දානාධ්යාශයාගේ අධික උදාරභාවය නිසා දාන මුඛයෙන් දේශනාව පවත්වන ලදී. එම නිසා සියලු තන්හි සම වූ මහා කරුණාවත් පුණ්යඥාන සම්භාර දෙකත්, කාය සුචරිතාදි බෝධිසත්ත්ව සුචරිත තුනත්, සත්‍ය අධිෂ්ඨාන ආදී අධිෂ්ඨාන හතරත් උත්සාහ ආදී වූ බුද්ධ භූමි හතරත් ශ්‍රද්ධා ආදී වූ මහා බෝධි පරිපාචනීය ධර්ම පහත්, අලොභධ්යාශය ආදී වූ බෝධිසත්ත්වයන්ගේ අධ්‍යාශ හයත්, “තිණ්ණො තාරෙස්සාමි” ආදී ප්‍රතිඥා ධර්ම හතත් “අප්පිච්ඡස්සායං ධම්මො නායං ධම්මො මහිච්ඡාස්ස” ආදී මහා පුරුෂ විර්‍තක අටත් යොනිසෝ මනසිකාර මූලික ධර්ම නමයත් දානාධ්යාශයාදී මහා පුරුෂ අධ්‍යාශ දහයත් දාන ශීල ආදී වූ පුණ්‍ය ක්‍රියා වස්තු දහයත් යන මේ ආදී වූ සිය ගණන් දහස් ගණන් ප්‍රභේදයන්ගෙන් යුත් බෝධි සම්භාර වූ යම් මහාබෝධිසත්ත්ව ගුණයෝ වෙත්නම් ඒ සියල්ලම සුදුසු පරිදි මෙහි වෙන්කොට කිව යුතුය.
අපි චෙත්ථ මහන්තං භොගක්ඛන්ධං මහන්තඤ්ච ඤාතිපරිවට්ටං පහාය මහාභිනික්ඛමනසදිසං ගෙහතො නික්ඛමනං, නික්ඛමිත්වා පබ්බජිතස්ස බහුජනසම්මතස්ස සතො පරමප්පිච්ඡභාවෙන කුලෙසු ගණෙසු ච අලග්ගතා, අච්චන්තමෙව ලාභසක්කාරසිලොකජිගුච්ඡා, පවිවෙකාභිරති, කායජීවිතනිරපෙක්ඛො පරිච්චාගො, අනාහාරස්සෙව සතො දිවසත්තයම්පි දානපීතියා පරිතුට්ඨස්ස නිබ්බිකාරසරීරයාපනං, මාසද්විමාසමත්තම්පි කාලං යාචකෙ සති ආහාරං තථෙව දත්වා “දානගතෙනෙව පීතිසුඛෙන සරීරං යාපෙස්සාමී”ති පරිච්චාගෙ අනොලීනවුත්තිසාධකො උළාරො දානජ්ඣාසයො, දානං දත්වා පුන ආහාරපරියෙට්ඨියා අකරණහෙතුභූතා පරමසල්ලෙඛවුත්තීති එවමාදයො මහාසත්තස්ස ගුණානුභාවා වෙදිතබ්බා. තෙනෙතං වුච්චති –
යලිදු මෙහි මහත් වූ භෝග ස්කන්ධයක් ද මහත් වූ ඤාති සමූහය ද හැර මහාභිනිෂ්ක්‍රමණය හා සමානව ගිහි ගෙයින් නික්ම පැවිදි වූ බහුජන සම්මත වූ බෝධිසත්ත්වයන් වහන්සේ සිහියෙන් යුක්ත වූයේ උතුම් අල්පේච්ඡ බව නිසා කුලයන්හි සහ ගණයන්හි නොඇලුණ බව, අත්‍යන්තයෙන්ම ලාභ සත්කාර කීර්ති පිළිකුල් කිරීම, විවේකයෙහි දැඩි ලෙස ඇලීම, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත වූ පරිත්‍යාගය, නිරාහාරව සිටියදීම තෙදිනක්ම දාන ප්‍රීතියෙන් සතුටු වෙනසකට පත් නොවන සේ ශරීරය පවත්වා ගැනීම, මසක, අඩමසක, දෙමසක කාලයක් වුවද යාචකයන් ඇති කල්හි ආහාරය එසේම දී දානය හා සම්බන්ධ ප්‍රීති සැපයෙන් ශරීරය පවත්වන්නෙමියි පරිත්‍යාගයෙහි නොපසුබට පැවැත්ම සිද්ධ කරන්නා වූ උදාර දානාධ්‍යාශය, දන් දී නැවත ආහාර සෙවීම නොකිරීමට හේතු වූ උතුම් සල්ලේඛ වෘත්තිය යන මේ ආදී මහාබෝධි සත්ත්වයන්ගේ ගුණානුභාවයෝ ද දත යුත්තාහුය. එහෙයින් මෙය කියනු ලැබේ.
“එවං අච්ඡරියා හෙතෙ, අබ්භුතා ච මහෙසිනො; මහාකාරුණිකා ධීරා, සබ්බලොකෙකබන්ධවා.
“සියලු ලෝකයාගේ අසහාය ඥාති වූ පණ්ඩිත වූ මහා කාරුණික වූ මහර්ෂී වූ පිරිසිදු සැහැල්ලු පැවතුම් ඇති හැමකල්හි සද්ධර්මය ගොදුරු කොට ඇති මහා සත්ත්ව වූ බෝධිසත්ත්වයෝ මෙසේ ආශ්චර්‍ය්‍ය අද්භූත ගුණ ඇත්තෝය. නොසිතිය හැකි ආනුභාව ඇත්තෝය.
“අචින්තෙය්යානුභාවා ච, සදා සද්ධම්මගොචරා; බොධිසත්තා මහාසත්තා, සුචිසල්ලෙඛවුත්තිනො.
“මහාවාතසමුද්ධත-වීචිමාලො මහොදධි; අපි ලඞ්ඝෙය්ය වෙලන්තං, බොධිසත්තා න ධම්මතං.
මහාවාතයෙන් හටගත් රළ සමූහයෙන් යුත් මහාසාගරය ඉදින් වෙරළ ඉක්මවා ගියත් බෝධිසත්ත්වවරු ධර්මතාව නො ඉක්මවති.
“ලොකෙ සඤ්ජාතවද්ධාපි, න තෙ භාවිතභාවිනො; ලිම්පන්ති ලොකධම්මෙහි, තොයෙන පදුමං යථා.
ලෝකයෙහි ඉපිද වැඩුණු නමුත් ඒ බෝධිසත්ත්වවරු වඩනා ලද සිත් ඇත්තාහු පියුම් පත ජලයෙන් නොගෑවී පවත්නා සේ ලෝක ධර්මයෙහි නො ඇලෙති.
“යෙසං වෙ අත්තනි ස්නෙහො, නිහීයති යථා යථා; සත්තෙසු කරුණාස්නෙහො, වඩ්ඪතෙව තථා තථා.
ඉදින් යමෙකුගේ තමා කෙරෙහි වූ සෙනෙහස යම් යම් ආකාරයකින් පිරිහේද සියලු සත්ත්වයන් කෙරෙහි බෝසතුන්ගේ කරුණා සෙනෙහස එයට අනුරූපව වැඩෙන්නේය.
“යථා චිත්තං වසෙ හොති, න ච චිත්තවසානුගා; තථා කම්මං වසෙ හොති, න ච කම්මවසානුගා.
යම්සේ සිත තමා වසඟයෙන් පවතී ද තමා සිතේ වසඟයට නොයයිද එලෙස කර්මය තමා වසඟයෙහි පවතී. තමා කර්මයේ වසඟයට නොයයි.
“දොසෙහි නාභිභූයන්ති, සමුග්ඝාතෙන්ති වා න තෙ; චරන්තා බොධිපරියෙට්ඨිං, පුරිසාජානියා බුධා.
පණ්ඩිත වූ උත්තම පුරුෂ වූ සම්‍යක් සම්බෝධිය සෙවීමෙහි හැසිරෙන ඒ බෝධිසත්ත්වවරු රාගද්වේෂාදියෙන් නොමැඩෙති, විනාශයට පත්නොවෙති.
“තෙසු චිත්තප්පසාදොපි, දුක්ඛතො පරිමොචයෙ; පගෙවානුකිරියා තෙසං, ධම්මස්ස අනුධම්මතො”ති.
ඒ බෝධිසත්ත්වයන් කෙරෙහි පැහැදීම් මාත්‍රයකුදු දුකින් මුදවන්නේය. ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිහිටා උන්වහන්සේලාට අනුව ක්‍රියා කිරීමෙහි අනුසස් කියනුම කවරේද?
පරමත්ථදීපනියා චරියාපිටකසංවණ්ණනාය
පරමත්ථදීපනී චරියාපිටක සංවර්ණනාවෙහි
අකිත්තිචරියාවණ්ණනා නිට්ඨිතා.
අකිත්ති පණ්ඩිත චරියා වර්ණනාව නිමියේ ය.