ගන්ථාරම්භකථා අට්ඨකථා
ග්‍රන්ථාරම්භ කථා
චරියා සබ්බලොකස්ස, හිතා යස්ස මහෙසිනො; අචින්තෙය්යානුභාවං තං, වන්දෙ ලොකග්ගනායකං.
යම් මහර්ෂී බුදුරජාණන්වහන්සේ නමකගේ චර්‍ය්‍යාව සියළු ලෝකයාට හිත වූයේද සිතිය නොහැකි ආනුභාව ඇති, ලොවට ශ්‍රේෂ්ඨ නායක වූ ඒ බුදුරජාණන් වහන්සේට වඳිමි.
විජ්ජාචරණසම්පන්නා, යෙන නීයන්ති ලොකතො; වන්දෙ තමුත්තමං ධම්මං, සම්මාසම්බුද්ධපූජිතං.
යම් ධර්මයක් හේතුකොට ගෙන විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත වූවෝ ලෝකයෙන් (නිවනට) පමුණු වනු ලබත් ද සම්මා සම්බුදුන් විසින් පුදන ලද ඒ උතුම් සද්ධර්මය වඳිමි.
සීලාදිගුණසම්පන්නො, ඨිතො මග්ගඵලෙසු යො; වන්දෙ අරියසඞ්ඝං තං, පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
ශිලාදී ගුණ සමුහයෙන් යුක්ත වූ මාර්ග ඵලයන්හි පිහිටියා වූ යම් සංඝරත්නයක් වේද අනුත්තර පින් කෙත වූ ඒ ආර්‍ය්‍ය සංඝරත්නය වඳිමි.
වන්දනාජනිතං පුඤ්ඤං, ඉති යං රතනත්තයෙ; හතන්තරායො සබ්බත්ථ, හුත්වාහං තස්ස තෙජසා.
මෙසේ රත්නත්‍රය වැඳීමෙන් ජනිත වූ යම් පිනක් වේද එම පිනෙහි තේජසින් මෙම සියලු තන්හි නැසූ අනතුරු ඇත්තෙක් වී.
ඉමස්මිං භද්දකප්පස්මිං, සම්භතා යා සුදුක්කරා; උක්කංසපාරමිප්පත්තා, දානපාරමිතාදයො.
(බෝධිසත්ත්වයන් වහන්සේ විසින්) මේ භද්‍ර කල්පයෙහි රැස්කරන ලද අතිශයින් දුෂ්කර වූ යම් දානාදී පාරමිතාවෝ උත්කර්ෂයෙන් පරතෙරට පත් වූවාහු ද
තාසං සම්බොධිචරියානං, ආනුභාවවිභාවනං; සක්කෙසු නිග්රොධාරාමෙ, වසන්තෙන මහෙසිනා.
ඒ සම්බෝධි චර්ය්යාවන්ගේ ආනුභාවය විස්තර කෙරෙන, චර්ය්යාපිටක නම් වූ යම් ධර්මයක් ශාක්‍ය ජනපදයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන මහර්ෂී ලෝකනාථ බුදුරජාණන් වහන්සේ විසින් සියලු ශ්‍රාවකයන්ට කේතුවක් වූ ධර්ම සේනාපති සැරියුත් හිමියන්ට දේශනා කළ සේක්ද ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හේතුසම්පත් විස්තර කරන යම් චර්ය්යාපිටකයක් ඛුද්දක නිකායෙහි ලා සංගායනා කළාහුද,
යං ධම්මසෙනාපතිනො, සබ්බසාවකකෙතුනො; ලොකනාථෙන චරියා-පිටකං නාම දෙසිතං.
යං ඛුද්දකනිකායස්මිං, සඞ්ගායිංසු මහෙසයො; ධම්මසඞ්ගාහකා සත්ථු, හෙතුසම්පත්තිදීපනං.
තස්ස සම්බොධිසම්භාර-විභාගනයයොගතො; කිඤ්චාපි දුක්කරා කාතුං, අත්ථසංවණ්ණනා මයා.
සම්බුද්ධත්වයට පදනම් වන කරුණු විස්තර විභාග කෙරෙන හෙයින් එම චර්ය්යාපිටකයට මවිසින් අර්ථ වර්ණනාවක් කිරීම දුෂ්කර නමුදු,
සහ සංවණ්ණනං යස්මා, ධරතෙ සත්ථු සාසනං; පුබ්බාචරියසීහානං, තිට්ඨතෙව විනිච්ඡයො.
සංවර්ණනා සහිත ශාස්තෲ ශාසනය දරණ හෙයින් ද පැරණි ශ්‍රේෂ්ඨ ආචාර්ය්යවරුන්ගේ විනිශ්චයන් ඇති හෙයින්ද,
තස්මා තං අවලම්බිත්වා, ඔගාහිත්වා ච සබ්බසො; ජාතකානුපනිස්සාය, පොරාණට්ඨකථානයං.
එය ආධාරකොට ගෙන සියලු ආකාරයෙන් එහි බැස පැරණි අට්ඨකථා න්‍යාය හා ජාතක ද ඇසුරු කර ගනිමින්,
නිස්සිතං වාචනාමග්ගං, සුවිසුද්ධමනාකුලං; මහාවිහාරවාසීනං, නිපුණත්ථවිනිච්ඡයං.
මහාවිහාරවාසී තෙරවරුන්ගේ සුවිශුද්ධ නිරවුල් සියුම් අර්ථ විනිශ්චයන් සහිත වාචනාමාර්ගය ඇසුරු කොට,
නීතනෙය්යත්ථභෙදා ච, පාරමී පරිදීපයං; කරිස්සාමි තං චරියා-පිටකස්සත්ථවණ්ණනං.
නීතත්ථ (පැමිණ වූ අර්ථ ඇති) නෙය්යත්ථ (පැමිණවිය යුතු අර්ථ ඇති) භේද සහිතව පාරමිතා විස්තර කරමින් චර්ය්යා පිටකයට අර්ථ වර්ණනාවක් කරන්නෙමියි.
ඉති ආකඞ්ඛමානස්ස, සද්ධම්මස්ස චිරට්ඨිතිං; විභජන්තස්ස තස්සත්ථං, නිසාමයථ සාධවොති.
මෙසේ සද්ධර්මයේ චිර පැවැත්ම බලාපොරොත්තුවන එම (චර්ය්යා පිටකයෙහි) අර්ථ බෙදා දක්වන (මාහට) සත්පුරුෂයිනි තෙපි ඇහුම්කන් දෙව් යි
තත්ථ චරියාපිටකන්ති කෙනට්ඨෙන චරියාපිටකං? අතීතාසු ජාතීසු සත්ථු චරියානුභාවප්පකාසිනී පරියත්තීති කත්වා, පරියත්තිඅත්ථො හි අයං පිටකසද්දො, “මා පිටකසම්පදානෙනා”තිආදීසු (අ· නි· 3.66) විය. අථ වා යස්මා සා පරියත්ති තස්සෙව සත්ථු පුරිමජාතීසු චරියානං ආනුභාවප්පකාසනෙන භාජනභූතා, තස්මාපි “චරියාපිටක”න්ති වුච්චති, භාජනත්ථොපි හි පිටකසද්දො නිද්දිට්ඨො “අථ පුරිසො ආගච්ඡෙය්ය, කුදාලපිටකං ආදායා”තිආදීසු (ම· නි· 1.228; අ· නි· 3.70) විය. තං පනෙතං චරියාපිටකං විනයපිටකං, සුත්තන්තපිටකං, අභිධම්මපිටකන්ති තීසු පිටකෙසු සුත්තන්තපිටකපරියාපන්නං. දීඝනිකායො, මජ්ඣිමනිකායො, සංයුත්තනිකායො, අඞ්ගුත්තරනිකායො, ඛුද්දකනිකායොති පඤ්චසු නිකායෙසු ඛුද්දකනිකායපරියාපන්නං. සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලන්ති නවසු සාසනඞ්ගෙසු ගාථාසඞ්ගහං.
එහි “චරියා පිටක” යනු කවර අර්ථයකින් චරියා පිටකය යි කියනු ලැබේද? අතීත ජාතීන්හි ශාස්තෲන් වහන්සේගේ චරියානුභාව ප්‍රකාශිත පර්යාප්තිය චරියා පිටකයයි කියනු ලැබේ. “මා පිටක සම්පදානෙන” “පිටක සම්ප්රදායෙහි ආ පමණින් නොපිළිගත යුතුය.” ආදී තැන්වල මෙන් මේ පිටක ශබ්දය පර්යාප්ති අර්ථයෙහි යෙදේ. නැතහොත් ඒ පර්යාප්තිය යම්හෙයකින් ඒ ශාස්තෲන් වහන්සේගේම පූර්ව ජාතීන්හි චර්ය්යාවන්ගේ ආනුභාවය ප්‍රකාශ කිරීම හේතු කොට ගෙන භාජන වූවාද, ඒ නිසාද චරියා පිටකයයි කියනු ලැබේ. “අර්ථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය” (ඉක්බිති පුරුෂයා උදැල්ල සහ භාජනය ගෙන එන්නේ ය) ආදී තැන්වල මෙන් භාජන අර්ථයෙහි ද පිටක ශබ්දය නිර්දිෂ්ටය. ඒ මේ චරියා පිටකය වනාහි විනය පිටකය, සුත්රාන්ත පිටකය. අභිධර්ම පිටකය යන පිටක තුන අතුරෙන් සූත්‍රාන්ත පිටකයට ඇතුළත්ය. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන පඤ්ච නිකාය අතුරෙන් ඛුද්දක නිකායට ඇතුළත්ය. සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවංග සත්ථු සාසනයෙහි ගාථා අංගයට අයත් වේ.
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙසහස්සානි භික්ඛුතො; චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති. (ථෙරගා· 1027) –
ම විසින් යම් අසූහාර දහසක් ධර්මයෝ පවත්වාගෙන යන ලද්දාහුද එයින් පසු දෙදහසක් බුදුන් වහන්සේගෙන් ඉගෙන ගතිමි. දෙදහසක් භික්ෂූන්ගෙන් ඉගෙන ගතිමි”යි
එවං ධම්මභණ්ඩාගාරිකෙන පටිඤ්ඤාතෙසු චතුරාසීතියා ධම්මක්ඛන්ධසහස්සෙසු කතිපයධම්මක්ඛන්ධසඞ්ගහං. වග්ගතො අකිත්තිවග්ගො, හත්ථිනාගවග්ගො, යුධඤ්ජයවග්ගොති වග්ගත්තයසඞ්ගහං. චරියතො අකිත්තිවග්ගෙ දස, හත්ථිනාගවග්ගෙ දස, යුධඤ්ජයවග්ගෙ පඤ්චදසාති පඤ්චතිංසචරියාසඞ්ගහං. තීසු වග්ගෙසු අකිත්තිවග්ගො ආදි, චරියාසු අකිත්තිචරියා. තස්සාපි –
මෙසේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විසින් ප්‍රතිඥා කරන ලද අසූහාර දහසක් ධර්මස්කන්ධ අතුරෙන් ධර්මස්කන්ධ කීපයක් මෙහි ඇතුළත්ය. වග්ග වශයෙන් අකිත්ති වග්ගය, හත්ථිනාග වග්ගය, යුධඤ්ජය වග්ගයයි. වග්ග තුනකින් සමන්විතය. චර්ය්යා වශයෙන් අකිත්ති වග්ගයෙහි දහයකි. හත්ථිනාග වග්ගයෙහි දහයකි. යුධඤ්ජය වග්ගයෙහි පහළොවකැයි චර්ය්යා තිස් පහකින් යුක්තය. වග්ග තුන අතුරින් අකිත්ති වග්ගයද චර්ය්යා අතරින් අකිත්ති චරියාවද මුල් වූයේය. ඒ අකිත්ති චරියාවේ ද
“කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ; එත්ථන්තරෙ යං චරිතං, සබ්බං තං බොධිපාචන”න්ති. –
“කප්පෙච සත සහස්සෙ චතුරොච අසඞ්ඛියෙ එත්ථන්තරෙ යං චරිතං සබ්බං තං බොධි පාචනං”
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ (බෝසතුන්ගේ) යම් චර්ය්යාවක් වී නම් ඒ සියල්ල සම්බෝධිය මුහුකුරුවන්නේය.
අයං ගාථා ආදි. තස්ස ඉතො පභුති අනුක්කමෙන අත්ථසංවණ්ණනා හොති.
යනු මුල් ගාථාවයි. මෙතැන් පටන් පිළිවෙළින් ඒ චරියා පිටකයෙහි අර්ථ වර්ණනාව වෙයි.
ගන්ථාරම්භකථා නිට්ඨිතා.
නිදානකථා
නිදාන කථා
සා පනායං අත්ථසංවණ්ණනා යස්මා දූරෙනිදානං, අවිදූරෙනිදානං, සන්තිකෙනිදානන්ති ඉමානි තීණි නිදානානි දස්සෙත්වා වුච්චමානා සුණන්තෙහි සමුදාගමතො පට්ඨාය සුට්ඨු විඤ්ඤාතා නාම හොති. තස්මා තෙසං නිදානානං අයං විභාගො වෙදිතබ්බො.
ඒ මේ අර්ථ වර්ණනාව ඳුරේ නිදාන, අවිදුරේ නිදාන, සන්තිකෙ නිදාන වශයෙන් මේ නිදානයන් තුන දක්වා කියනු ලබන්නේ අසන්නන් විසින් ආරම්භයේ පටන් මැනවින් දැනගන්නා ලද්දේ නම් වෙයි. එම නිසා ඒ නිදානයන්ගේත් මෙම විස්තරය දත යුතුය.
දීපඞ්කරදසබලස්ස පාදමූලස්මිඤ්හි කතාභිනීහාරස්ස මහාබොධිසත්තස්ස යාව තුසිතභවනෙ නිබ්බත්ති, තාව පවත්තො කථාමග්ගො දූරෙනිදානං නාම. තුසිතභවනතො පට්ඨාය යාව බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤ්ඤාණප්පත්ති, තාව පවත්තො කථාමග්ගො අවිදූරෙනිදානං නාම. මහාබොධිමණ්ඩතො පන පට්ඨාය යාව පච්චුප්පන්නවත්ථු, තාව පවත්තො කථාමග්ගො සන්තිකෙනිදානං නාම. ඉමෙසු තීසු නිදානෙසු යස්මා දූරෙනිදානඅවිදූරෙනිදානානි සබ්බසාධාරණානි, තස්මා තානි ජාතකට්ඨකථායං (ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා) විත්ථාරිතනයෙනෙව විත්ථාරතො වෙදිතබ්බානි. සන්තිකෙනිදානෙ පන අත්ථි විසෙසොති තිණ්ණම්පි නිදානානං අයමාදිතො පට්ඨාය සඞ්ඛෙපකථා.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ තුසිත පුරයෙහි උපත දක්වා පවත්නා කථා මාර්ගය දුරේ නිදාන නම් වේ. තුසිත භවනෙහි පටන් බෝ මැඩ සර්වඥතා ඥානයට පැමිණීම දක්වා පවත්නා කථා මාර්ගය අවිදුරේ නිදාන නම්වේ. මහ බෝමැඩ සිට වර්තමාන කථාව දක්වා පවත්නා කථා මාර්ගය සන්තිකෙ නිදාන නම් වේ. මේ ත්‍රිවිධ නිදානයන් අතුරෙන් දුරේ නිදානය හා අවිදුරේ නිදානය සියලු දේශනාවන්ට සාධාරණ වේ. එම නිසා ඒවා ජාතකට්ඨ කථාවෙහි විස්තර කළ අයුරින්ම විස්තර වශයෙන් දත යුතුය. සන්තිකේ නිදානයෙහි වනාහි විශේෂයක් ඇති නිසා ඒ ත්‍රිවිධ නිදානයන්ගේ මේ ආරම්භයේ සිට සංක්ෂේප කථාවයි.
දීපඞ්කරස්ස භගවතො පාදමූලෙ කතාභිනීහාරො බොධිසත්තභූතො ලොකනාථො අත්තනො අභිනීහාරානුරූපං සමත්තිංසපාරමියො පූරෙත්වා, සබ්බඤ්ඤුතඤ්ඤාණසම්භාරං මත්ථකං පාපෙත්වා, තුසිතභවනෙ නිබ්බත්තො බුද්ධභාවාය උප්පත්තිකාලං ආගමයමානො, තත්ථ යාවතායුකං ඨත්වා තතො චුතො සක්යරාජකුලෙ පටිසන්ධිං ගහෙත්වා අනන්තෙන පරිහාරෙන මහන්තෙන සිරිසොභග්ගෙන වඩ්ඪමානො අනුක්කමෙන යොබ්බනං පත්වා එකූනතිංසෙ වයස්මිං කතමහාභිනික්ඛමනො, ඡබ්බස්සානි මහාපධානං පදහිත්වා, වෙසාඛපුණ්ණමායං බොධිරුක්ඛමූලෙ නිසින්නො සූරියෙ අනත්ථඞ්ගමිතෙයෙව මාරබලං විධමිත්වා පුරිමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරිත්වා, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා, පච්ඡිමයාමෙ දියඩ්ඪකිලෙසසහස්සං ඛෙපෙත්වා, අනුත්තරං සම්මාසම්බොධිමභිසම්බුජ්ඣි.
දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයෙහි කළ ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්ව වූ ලෝකනාථයන් වහන්සේ තම ප්‍රාර්ථනාවට අනුරූප සමතිස් පාරමීදම් පුරා සර්වඥතා ඥාන සම්භාරය මුදුන් පමුණුවා තුසිත භවනෙහි උපන්සේක් බුදුබව සඳහා ඉපදීමට සුදුසු කල්බලමින් එහි ආයු ඇතිතෙක් සිට එයින් චුතව ශාක්‍යරාජ කුලයෙහි ඉපිද අපමණ පෙරහරින් හා මහත් වූ සෞභාග්‍යයෙන් වැඩෙන්නාහු පිළිවෙළින් යොවුන් වියට පත්ව විසිනමවන වියේදී කළ මහබිනික්මන් ඇත්තාහු සාවුරුද්දක් මහත් වීර්‍ය්‍ය වඩා වෙසක් පුණු පොහෝ දින බෝරුක් මුල වැඩ සිටි සේක් හිරු අවරට නොගියේම මාර බලය පරාජය කොට පෙරයම පෙර විසූ කඳ පිළිවෙළ සිහි කොට මැදියම දිවැස් පිරිසිදු කොට පැසුළුයම එක් දහස් පන්සියයක් කෙලෙස් නසා අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ සේක.
තතො තත්ථෙව සත්තසත්තාහෙ වීතිනාමෙත්වා, ආසාළ්හිපුණ්ණමායං බාරාණසිං ගන්ත්වා ඉසිපතනෙ මිගදායෙ අඤ්ඤාසිකොණ්ඩඤ්ඤප්පමුඛා අට්ඨාරස බ්රහ්මකොටියො ධම්මාමතං පායෙන්තො, ධම්මචක්කං (සං· නි· 5.1081; මහාව· 13 ආදයො; පටි· ම· 2.30) පවත්තෙත්වා, යසාදිකෙ වෙනෙය්යෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා, තෙ සබ්බෙව සට්ඨි අරහන්තෙ ලොකානුග්ගහාය විස්සජ්ජෙත්වා, උරුවෙලං ගච්ඡන්තො කප්පාසිකවනසණ්ඩෙ තිංස භද්දවග්ගියෙ සොතාපත්තිඵලාදීසු පතිට්ඨාපෙත්වා, උරුවෙලං ගන්ත්වා අඩ්ඪුඩ්ඪානි පාටිහාරියසහස්සානි දස්සෙත්වා උරුවෙලකස්සපාදයො සහස්සජටිලපරිවාරෙ තෙභාතිකජටිලෙ විනෙත්වා, තෙහි පරිවුතො රාජගහනගරූපචාරෙ ලට්ඨිවනුය්යානෙ නිසින්නො බිම්බිසාරප්පමුඛෙ ද්වාදසනහුතෙ බ්රාහ්මණගහපතිකෙ සාසනෙ ඔතාරෙත්වා, මගධරාජෙන කාරිතෙ වෙළුවනවිහාරෙ විහරති.
ඉක්බිති එහිම සති හතක් ගතකොට ඇසළ පුණු පොහෝ දින බරණැසට වැඩම කොට මිගදාය නම් වූ ඉසිපතනයෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ ප්රමුඛ දහඅට කෝටියක් ක්රමයන්ට දහම් අමා පොවමින් දම්සක් පවත්වා යසකුල පුත්‍රයා ආදිකොට ඇති හික්මවිය යුතු ජනයා රහත් ඵලයෙහි පිහිටුවා ඒ සියලු හැටනමක් රහතුන් ලෝකානුග්රහ පිණිස යවා තමන් වහන්සේ උරුවෙලා ජනපදයට වැඩම කරන්නාහු කප්පාසික නම් වන ලැහැබෙහි තිහක් පමණ භද්දවග්ගිය කුමාරයන් සෝවාන් ඵලාදියෙහි පිහිටුවා උරුවෙල් දනව්වට වැඩම කොට තුන් දහස් පන්සීයක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා දහසක් ජටිලයන් පිරිවර කොට ඇති උරුවේල කාශ්‍යපාදී තුන් බෑ ජටිලයන් හික්මවා ඔවුන් විසින් පිරිවරන ලද්දාහු රජගහනුවර සමීපයෙහි වූ ලට්ඨිවන නම් උයනෙහි වැඩ හුන්සේක් බිම්බිසාර රජු ප්‍රධාන එක් ලක්ෂ විසි දහසක් බ්‍රාහ්මණ ගෘහපතීන් සසුනට ඇතුළත් කොට බිම්සර මගධ රජු විසින් කරවන ලද වෙළුවන විහාරයෙහි වැඩ වසන සේක.
අථෙවං භගවති වෙළුවනෙ විහරන්තෙ සාරිපුත්තමොග්ගල්ලානෙසු අග්ගසාවකට්ඨානෙ ඨපිතෙසු සාවකසන්නිපාතෙ ජාතෙ, සුද්ධොදනමහාරාජා “පුත්තො කිර මෙ ඡබ්බස්සානි දුක්කරකාරිකං චරිත්වා පරමාභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො රාජගහං නිස්සාය වෙළුවනෙ විහරතී”ති සුත්වා දසපුරිසසහස්සපරිවාරෙ, අනුක්කමෙන දස අමච්චෙ පෙසෙසි “පුත්තං මෙ ඉධානෙත්වා දස්සෙථා”ති. තෙසු රාජගහං ගන්ත්වා සත්ථු ධම්මදෙසනාය අරහත්තෙ පතිට්ඨිතෙසු කාළුදායිත්ථෙරෙන රඤ්ඤො අධිප්පායෙ ආරොචිතෙ භගවා වීසතිසහස්සඛීණාසවපරිවුතො රාජගහතො නික්ඛමිත්වා සට්ඨියොජනං කපිලවත්ථුං ද්වීහි මාසෙහි සම්පාපුණි. සක්යරාජානො “අම්හාකං ඤාතිසෙට්ඨං පස්සිස්සාමා”ති සන්නිපතිත්වා නිග්රොධාරාමං භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච වසනයොග්ගං කාරෙත්වා, ගන්ධපුප්ඵාදිහත්ථා පච්චුග්ගමනං කත්වා, සත්ථාරං නිග්රොධාරාමං පවෙසෙසුං. තත්ර භගවා වීසතිසහස්සඛීණාසවපරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. සාකියා මානත්ථද්ධා සත්ථු පණිපාතං නාකංසු. භගවා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා මානං භඤ්ජිත්වා තෙ ධම්මදෙසනාය භාජනෙ කාතුං අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය ආකාසං අබ්භුග්ගන්ත්වා තෙසං සීසෙ පාදපංසුං ඔකිරමානො විය, කණ්ඩම්බරුක්ඛමූලෙ කතපාටිහාරියසදිසං යමකපාටිහාරියං අකාසි. රාජා තං අච්ඡරියං දිස්වා “අයං ලොකෙ අග්ගපුග්ගලො”ති වන්දි. රඤ්ඤා පන වන්දිතෙ තෙ ඨාතුං නාම න සක්කොන්ති, සබ්බෙපි සාකියා වන්දිංසු.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන කල්හි සැරියුත් මුගලන් තෙරවරුන් අග්‍රශ්‍රාවක තනතුරෙහි පිහිට වූ කල්හි ශ්‍රාවකයන්ගේ රැස්වීම සිදුවූ කල්හි සුද්ධෝදන මහරජ “මගේ පුතණුවන් වහන්සේ වනාහි සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කොට උතුම් වූ බුද්ධත්වයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු රජගහ නුවර ඇසුරු කොට වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති”යි අසා “මපුතණුවන් මෙහි කැඳවා දක්වව්” යයි කියා පුරුෂයන් දස දහසක් පිරිවරකොට ඇති ඇමතියන් දස දෙනෙකු පිළිවෙළින් යැවීය. ඔවුන් රජගහ නුවරට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා රහත් ඵලයෙහි පිහිටි කල්හි කාලුදායි තෙරුන් විසින් රජුගේ අදහස දැනුම් දුන් විට භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් වහන්සේ විසින් පිරිවරන ලද්දාහු, රජගහනුවරින් නික්ම සැටයොදුන් මග ගෙවා දෙමසකින් කිඹුල්වත් පුරයට පැමිණි සේක. ශාක්‍ය රජවරු “අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් දකින්නෙමු” රැස්ව නිග්‍රෝධාරාමය භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් වාසයට සුදුසු ලෙස සකස් කොට සුවඳමල් ආදිය ගත් අත් ඇතිව පෙරගමන් කොට ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවූහ. එහි භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතුන් විසින් පිරිවරන ලද්දාහු පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. ශාක්‍යයෝ මානයෙන් දැඩි වූවාහු ශාස්තෲන් වහන්සේට පිණිපා (වන්දනා) නො කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස දැක මානය බිඳ ඔවුන් ධර්ම දේශනාවට බඳුන් කරගනු පිණිස අභිඥාපාදක චතුර්ථධ්යානයට සමවැද එම ධ්‍යානයෙන් නැගිට ඔවුන්ගේ හිසෙහි පා පස් වගුරුවන්නා සේ අහසට පැන නැගී ගණ්ඩම්බ රුක් මුල්හි කළ පෙළහර සමාන යමාමහ පෙළහරක් කළ සේක. රජතුමා ඒ අසිරිය දැක “මෙතෙම ලෝකයෙහි අග්‍රපුද්ගලයා ය”යි වැන්දේය. රජු වැඳි කල්හි සියලුම ශාක්‍යයෝ වැන්දාහ.
තදා කිර භගවා යමකපාටිහාරියං කරොන්තො ලොකවිවරණපාටිහාරියම්පි අකාසි – යස්මිං වත්තමානෙ මනුස්සා මනුස්සලොකෙ යථාඨිතා යථානිසින්නාව චාතුමහාරාජිකතො පට්ඨාය යාව අකනිට්ඨභවනා සබ්බෙ දෙවෙ තත්ථ තත්ථ අත්තනො භවනෙ කීළන්තෙ දිබ්බානුභාවෙන ජොතන්තෙ මහතිං දිබ්බසම්පත්තිං අනුභවන්තෙ සන්තානි සමාපත්තිසුඛානි අනුභවන්තෙ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡන්තෙ ච බුද්ධානුභාවෙන අත්තනො මංසචක්ඛුනාව පස්සන්ති. තථා හෙට්ඨාපථවියං අට්ඨසු මහානිරයෙසු, සොළසසු ච උස්සදනිරයෙසු, ලොකන්තරනිරයෙ චාති තත්ථ තත්ථ මහාදුක්ඛං අනුභවමානෙ සත්තෙ පස්සන්ති. දසසහස්සිලොකධාතුයං දෙවා මහච්චදෙවානුභාවෙන තථාගතං උපසඞ්කමිත්වා අච්ඡරියබ්භුතචිත්තජාතා පඤ්ජලිකා නමස්සමානා පයිරුපාසන්ති, බුද්ධගුණපටිසංයුත්තා ගාථායො උදාහරන්තා ථොමෙන්ති අප්ඵොටෙන්ති හසන්ති පීතිසොමනස්සං පවෙදෙන්ති. යං සන්ධාය වුත්තං –
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ යමාමහ පෙළහර කරන්නාහු “යම් පෙළහරක් පවත්නා කල මිනිස්සු මිනිස් ලොව සිටි අයුරින්ම හුන් අයුරින්ම චාතුම්මහාරාජිකයේ සිට අකනිටා බඹලොව දක්වා ඒ ඒ තැන තම තමන්ගේ විමානයන්හි ක්‍රීඩා කරන්නා වූද දිව්‍යානුභාවයෙන් බැබලෙන්නා වූද මහත් වූ දිව්‍ය සම්පත් අනුභව කරන්නා වූද, ශාන්ත වූ සමවත් සුව විඳින්නා වූද ඔවුනොවුන් ධර්ම සාකච්ඡා කරන්නා වූද සියලු දෙවියන් බුද්ධානුභාවයෙන් තමතමන්ගේ මසැසින්ම දකිත්ද, එසේම පොළොව යට අටමහ නරකයන්හිද සොළොස් ඔසුපත් නරකයන්හි ද ලෝකන්තර නිරයෙහි ද යන ඒ ඒ තැන මහ දුක් අනුභව කරන සත්ත්වයන් දකිත්ද දස දහසක් ලෝක ධාතූන්හි දෙවියෝ මහත් වූ දේවානුභාවයෙන් තථාගතයන් වහන්සේ වෙත එළඹ ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තාහු ඇඳිලි බැඳ නමස්කාර කරන්නාහු ආශ්‍රය කරත් ද, බුදු ගුණ ඇතුලත් ගාථා ගෙනහැර දක්වන්නාහු ස්තුති කරත් ද, අත්පොළසන් දෙත් ද, සිනාසෙත් ද, ප්‍රීතිය හා සොම්නස ප්‍රකාශ කරත් ද එබඳු වූ ලෝක විවරණ නම් පෙළහර ද කළ සේක.
“භුම්මා මහාරාජිකා තාවතිංසා, යාමා ච දෙවා තුසිතා ච නිම්මිතා; පරනිම්මිතා යෙපි ච බ්රහ්මකායිකා, ආනන්දිතා විපුලමකංසු ඝොස”න්ති. (බු· වං· 1.6)
භුම්මා මහාරාජිකා තාවතිංසා - යාමා ච දෙවා තුසිතාච නිම්මිතා පරනිම්මිතා යෙපිච බ්‍රහ්ම කායිකා ආනන්දිනා විපුලමකංසු ඝොසං (බුද්ධවංස - රතන චඞ්කම ඛණ්ඩ)
“බුමාටු දෙවියෝ ද චාතුම්මහාරාජික දෙවියෝ ද තව්තිසාවෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද නිම්මානරති නම් දෙව්ලොව දෙවියෝ ද පරනිම්මිතවසවත්ති දෙවියෝ ද බ්‍රහ්මකායික දෙවියෝ ද සතුටු සිත් ඇත්තාහු මහත් වූ ඔල්වරසන් නැගූහ” මුලින් දැක්වූ විස්තරය සඳහා සංගීතිකාරක රහතන් වහන්සේලා විසින් මෙම ගාථාව වදාරන ලද්දේය.
තදා හි දසබලො “අතුලං අත්තනො බුද්ධබලං දස්සෙස්සාමී”ති මහාකරුණාය සමුස්සාහිතො ආකාසෙ දසසහස්සචක්කවාළසමාගමෙ චඞ්කමං මාපෙත්වා, ද්වාදසයොජනවිත්ථතෙ සබ්බරතනමයෙ චඞ්කමෙ ඨිතො යථාවුත්තං දෙවමනුස්සනයනවිහඞ්ගානං එකනිපාතභූතමච්ඡරියං අනඤ්ඤසාධාරණං බුද්ධානං සමාධිඤාණානුභාවදීපනං පාටිහාරියං දස්සෙත්වා, පුන තස්මිං චඞ්කමෙ චඞ්කමන්තො වෙනෙය්යානං අජ්ඣාසයානුරූපං අචින්තෙය්යානුභාවාය අනොපමාය බුද්ධලීළාය ධම්මං දෙසෙසි. තෙන වුත්තං –
එකල්හි දශබලධාරී බුදුරජාණන් වහන්සේ තමාගේ අසමාන වූ බුද්ධබලය දක්වන්නෙමි”යි මහා කරුණාවෙන් උත්සාහවත් වූවාහු දස දහසක් සක්වළින් පැමිණි, දෙවියන්ගේ සමාගමෙහි අහසෙහි සක්මනක් මවා දොළොස් යොදුන් පළල් වූ සියලු රනින් කළ සක්මනෙහි වැඩ සිටි සේක් කියන ලද ආකාරයට දේව මනුෂ්‍ය නාග පක්ෂීන්ගේ එක්රැස් වීමක් වූ අසිරිමත් වූ අන්‍යයන්ට සාධාරණ නොවූ බුදුවරුන්ගේ සමාධිඥාන ආනුභාවය ප්‍රකාශ කරන්නා වූ ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා නැවත එම සක්මනෙහි සක්මන් කරමින් විනේය (හික්මවිය යුතු) ජනයන්ගේ අදහස් පරිදි නොසිතිය හැකි ආනුභාවයෙන් උපමා රහිත වූ බුද්ධ ලීලාවෙන් ධර්මය දේශනා කළ සේක. එහෙයින්,
“න හෙතෙ ජානන්ති සදෙවමානුසා, බුද්ධො අයං කීදිසකො නරුත්තමො; ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච කීදිසං, බුද්ධබලං ලොකහිතස්ස කීදිසං.
“ඒ දෙවියන් සහිත මිනිස්සු” නරෝත්තම වූ මේ බුදුරජාණන් වහන්සේ කෙබඳු වූවාහු ද, ලොවට හිත වූ උන්වහන්සේගේ සෘද්ධිබලයත්, ප්රඥාබලයත් කෙබඳු වීද, බුද්ධ බලය කෙබඳු වීදැයි යම් හෙයකින් නොදනිත් ද”
“න හෙතෙ ජානන්ති සදෙවමානුසා, බුද්ධො අයං එදිසකො නරුත්තමො; ඉද්ධිබලං පඤ්ඤාබලඤ්ච එදිසං, බුද්ධබලං ලොකහිතස්ස එදිසං.
ඒ දෙවියන් සහිත මනුෂ්‍යයෝ “නරෝත්තම වූ මේ බුදුරජාණන් වහන්සේ මෙබඳු වූවාහුය, ලොවට හිත වූ ඒ සර්වඥයන් වහන්සේගේ සෘද්ධි බලයත් ප්‍රඥා බලයත් මෙබඳු විය. බුද්ධ බලය මෙබඳු වී යයි. යම් හෙයකින් නොදන්නාහු ද,
“හන්දාහං දස්සයිස්සාමි, බුද්ධබලමනුත්තරං; චඞ්කමං මාපයිස්සාමි, නභෙ රතනමණ්ඩිත”න්ති. (බු· වං· 1.3-5);
එහෙයින් මම අනුත්තර වූ බුද්ධආනුභාවය දක්වමි. අහසෙහි රත්නයෙන් අලංකාර වූ සක්මනක් මවන්නෙමි”යි කියන ලදි. (බුද්ධවංසපාලි රතන චඞ්කමණකණ්ඩ)
එවං තථාගතෙ අත්තනො බුද්ධානුභාවදීපනං පාටිහාරියං දස්සෙත්වා ධම්මං දෙසෙන්තෙ ආයස්මා ධම්මසෙනාපති සාරිපුත්තො රාජගහෙ ගිජ්ඣකූටපබ්බතෙ ඨිතො දිබ්බචක්ඛුනා පස්සිත්වා, තෙන බුද්ධානුභාවසන්දස්සනෙන අච්ඡරියබ්භුතචිත්තජාතො “හන්දාහං භිය්යොසොමත්තාය බුද්ධානුභාවං ලොකස්ස පාකටං කරිස්සාමී”ති සඤ්ජාතපරිවිතක්කො අත්තනො පරිවාරභූතානං පඤ්චන්නං භික්ඛුසතානං තමත්ථං ආරොචෙත්වා ඉද්ධියා ආකාසෙන තාවදෙව ආගන්ත්වා සපරිවාරො භගවන්තං උපසඞ්කමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා දසනඛසමොධානසමුජ්ජලමඤ්ජලිං සිරසි පග්ගය්හ තථාගතස්ස මහාභිනීහාරං පාරමිපරිපූරණඤ්ච පුච්ඡි. භගවා තං කායසක්ඛිං කත්වා තත්ථ සන්නිපතිතමනුස්සානඤ්චෙව දසසහස්සචක්කවාළදෙවබ්රහ්මානඤ්ච අත්තනො බුද්ධානුභාවං පරිදීපයන්තො බුද්ධවංසං දෙසෙසි. තෙන වුත්තං –
මෙසේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ ආනුභාවය ප්‍රකාශ කෙරෙන ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ධර්මය දේශනා කරන කල්හි ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි සිටි සේක් දිවැසින් දැක ඒ බුද්ධානුභාව සංදර්ශනයෙන් ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තාහු “මම බොහෝ සෙයින් බුද්ධානුභාවය ලෝකයාට ප්‍රකට කරන්නේ නම් මැනවැ”යි හටගත් සිත් ඇත්තාහු තමන්ගේ පිරිවර වූ පන්සීයක් භික්ෂූන්ට ඒ කාරණය කියා සෘද්ධියෙන් අහසින් එකෙණෙහිම පැමිණ පිරිවර සහිතව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ දස නිය එක්වීමෙන් බබලන දෝත හිසෙහි පිහිටුවා තථාගතයන් වහන්සේගේ මහාභිනීහාරය හා පාරමී සම්පූර්ණ කිරීම පිළිබඳව විචාළහ. භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේ කාය සාක්ෂි කොට එහි රැස් වූ මිනිසුන්ට මෙන්ම දස දහසක් සක්වළ දෙව් බඹුන්හට ද තමන් වහන්සේගේ බුද්ධානුභාවය ප්‍රකට කරමින් බුද්ධ වංසය දේශනා කළ සේක. එහෙයින්,
“සාරිපුත්තො මහාපඤ්ඤො, සමාධිජ්ඣානකොවිදො; පඤ්ඤාය පාරමිප්පත්තො, පුච්ඡති ලොකනායකං.
“මහ නුවණැති, සමාධියෙහි හා ධ්‍යානයෙහි දක්ෂ වූ, ශ්‍රාවක පාරමී ඤාණයෙහි පරතෙරට පත්, සැරියුත් තෙරුන් වහන්සේ ලොවට නායක වූ බුදුරජාණන් වහන්සේගෙන් විමසති.
“කීදිසො තෙ මහාවීර, අභිනීහාරො නරුත්තම; කම්හි කාලෙ තයා ධීර, පත්ථිතා බොධිමුත්තමා.
මහාවීරයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, නුඹ වහන්සේගේ ප්‍රාර්ථනාව (අභිනීහාරය) කෙබඳු ද? ධීරයන් වහන්ස නුඹ වහන්සේ විසින් කවර කාලයක උතුම් බෝධිය ප්‍රාර්ථනා කරන ලද්දේ ද?
“දානං සීලඤ්ච නෙක්ඛම්මං, පඤ්ඤා වීරියඤ්ච කීදිසං; ඛන්ති සච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛා ච කීදිසා.
(නුඹවහන්සේගේ) දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාව, වීර්යය, කෙබඳු ද? ක්ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය මෛත්‍රිය, උපේක්ෂාව කෙබඳුද?
“දස පාරමී තයා ධීර, කීදිසී ලොකනායක; කථං උපපාරමී පුණ්ණා, පරමත්ථපාරමී කථං.
ධීර වූ ලෝකනායකයන් වහන්ස, නුඹ වහන්සේ විසින් කෙබඳු දස පාරමිතා පුරන ලද ද? කෙසේ දස උපපාරමී පුරන ලද ද? දස පරමත්ථ පාරමී කෙසේ පුරන ලද ද?
“තස්ස පුට්ඨො වියාකාසි, කරවීකමධුරගිරො; නිබ්බාපයන්තො හදයං, හාසයන්තො සදෙවක”න්ති. (බු· වං· 1.74-78);
ඒ සැරියුත් තෙරුන් විසින් අසන ලද්දේ කොවුලෙකුට බඳු මිහිරි වදන් ඇති බුදුරජාණන් වහන්සේ හදවත නිවමින් දෙවියන් සහිත ලෝකයා සතුටු කරමින් ප්‍රකාශ කළාහු යයි කියන ලදී.(බුද්ධවංස පාළි රතනචඞ්කමණ කණ්ඩ)
එවං භගවතා බුද්ධවංසෙ දෙසිතෙ ආයස්මා ධම්මසෙනාපති “අහො බුද්ධානං හෙතුසම්පදා, අහො සමුදාගමසම්පත්ති, අහො මහාභිනීහාරසමිජ්ඣනා, දුක්කරං වත භගවතා කතං එත්තකං කාලං එවං පාරමියො පූරෙන්තෙන, එවංවිධස්ස බොධිසම්භාරසම්භරණස්ස අනුච්ඡවිකමෙව චෙතං ඵලං, යදිදං සබ්බඤ්ඤුතා බලෙසු ච වසීභාවො එවංමහිද්ධිකතා එවංමහානුභාවතා”ති බුද්ධගුණාරම්මණං ඤාණං පෙසෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් බුද්ධවංසය දෙසූ කල්හි ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ බුදුවරුන්ගේ හේතු සම්පදාව පුදුමයකි. සමුදාගම (ආරම්භක) සම්පත්තිය පුදුමයකි. මහත් වූ ප්‍රාර්ථනාව (මහාභිනීහාරය) මුදුන්පත් කර ගැනීම පුදුමයකි. මෙපමණ කලක් මෙසේ පාරමිතා පුරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකාන්තයෙන් දුෂ්කර කාර්ය්යයක් කරන ලදී. යම් මේ සර්වඥතා බලයෙහි වශීභාවයක් වේද, මෙබඳු වූ මහත් සෘද්ධි ඇති බවක් වේද මෙබඳු වූ මහත් ආනුභාව ඇති බවක් වේද එම ඵලය වනාහි මෙබඳු වූ බෝධි සම්භාර ධර්මයන් රැස් කිරීමකට සුදුසු වූවකම වන්නේ යයි බුද්ධ ගුණය අරමුණු කරගත් ඥානය මෙහෙයවූහ.
සො අනඤ්ඤසාධාරණං භගවතො සීලං සමාධි පඤ්ඤා විමුත්ති විමුත්තිඤාණදස්සනං හිරිඔත්තප්පං සද්ධාවීරියං සතිසම්පජඤ්ඤං සීලවිසුද්ධි දිට්ඨිවිසුද්ධි සමථවිපස්සනා තීණි කුසලමූලානි තීණි සුචරිතානි තයො සම්මාවිතක්කා තිස්සො අනවජ්ජසඤ්ඤායො තිස්සො ධාතුයො චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා චත්තාරො අරියමග්ගා චත්තාරි අරියඵලානි චතස්සො පටිසම්භිදා චතුයොනිපරිච්ඡෙදකඤාණානි චත්තාරො අරියවංසා චත්තාරි වෙසාරජ්ජඤාණානි පඤ්ච පධානියඞ්ගානි පඤ්චඞ්ගිකො සම්මාසමාධි පඤ්චින්ද්රියානි පඤ්ච බලානි පඤ්ච නිස්සරණියා ධාතුයො පඤ්ච විමුත්තායතනඤාණානි පඤ්ච විමුත්තිපරිපාචනීයා ධම්මා ඡ සාරණීයා ධම්මා ඡ අනුස්සතිට්ඨානානි ඡ ගාරවා ඡ නිස්සරණියා ධාතුයො ඡ සතතවිහාරා ඡ අනුත්තරියානි ඡ නිබ්බෙධභාගියා සඤ්ඤා ඡ අභිඤ්ඤා ඡ අසාධාරණඤාණානි සත්ත අපරිහානියා ධම්මා සත්ත අරියධනානි සත්ත බොජ්ඣඞ්ගා සත්ත සප්පුරිසධම්මා සත්ත නිද්දසවත්ථූනි සත්ත සඤ්ඤා සත්ත දක්ඛිණෙය්යපුග්ගලදෙසනා සත්ත ඛීණාසවබලදෙසනා අට්ඨ පඤ්ඤාපටිලාභහෙතුදෙසනා අට්ඨ සම්මත්තානි අට්ඨ ලොකධම්මාතික්කමා අට්ඨ ආරම්භවත්ථූනි අට්ඨ අක්ඛණදෙසනා අට්ඨ මහාපුරිසවිතක්කා අට්ඨ අභිභායතනදෙසනා අට්ඨ විමොක්ඛා නව යොනිසොමනසිකාරමූලකා ධම්මා නව පාරිසුද්ධිපධානියඞ්ගානි නව සත්තාවාසදෙසනා නව ආඝාතප්පටිවිනයා නව පඤ්ඤා නව නානත්තදෙසනා නව අනුපුබ්බවිහාරා දස නාථකරණා ධම්මා දස කසිණායතනානි දස කුසලකම්මපථා දස සම්මත්තානි දස අරියවාසා දස අසෙක්ඛා ධම්මා දස රතනානි දස තථාගතබලානි එකාදස මෙත්තානිසංසා ද්වාදස ධම්මචක්කාකාරා තෙරස ධුතඞ්ගගුණා චුද්දස බුද්ධඤාණානි පඤ්චදස විමුත්තිපරිපාචනීයා ධම්මා සොළසවිධා ආනාපානස්සතී සොළස අපරම්පරියා ධම්මා අට්ඨාරස බුද්ධධම්මා එකූනවීසති පච්චවෙක්ඛණඤාණානි චතුචත්තාලීස ඤාණවත්ථූනි පඤ්ඤාස උදයබ්බයඤාණානි පරොපණ්ණාස කුසලධම්මා සත්තසත්තති ඤාණවත්ථූනි චතුවීසතිකොටිසතසහස්සසමාපත්තිසඤ්චාරිතමහාවජිරඤාණං අනන්තනයසමන්තපට්ඨානපවිචයපච්චවෙක්ඛණදෙසනාඤාණානි තථා අනන්තාසු ලොකධාතූසු අනන්තානං සත්තානං ආසයාදිවිභාවනඤාණානි චාති එවමාදිකෙ අචින්තෙය්යානුභාවෙ බුද්ධගුණෙ ධම්මන්වයතො අනුගච්ඡන්තො අනුස්සරන්තො නෙව අන්තං, න පමාණං පස්සි.
උන්වහන්සේ අන්‍යයන්ට සාධාරණ නොවූ භාග්‍යවතුන් වහන්සේගේ ශීලය, සමාධිය, ප්‍රඥාවය, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, හිරි ඔතප් දෙකය, ශ්‍රද්ධා වීර්‍ය්‍ය දෙකය, සමථ විදර්ශනා දෙකය, කුශල මුල් තුනය, සුචරිත තුනය, සම්‍යක් විර්‍තක තුනය, අනවද්‍ය සංඥා තුනය, ධාතු තුනය, සතිපට්ඨාන හතරය, සම්‍යක් ප්‍රධාන හතරය, සෘද්ධිපාද හතරය, ආර්ය්යමාර්ග හතරය, ආර්‍ය්‍යවංශ හතරය, සිවුපිළිසිඹියාය, යෝනි පරිච්ජේදක ඥාන හතරය, ආර්‍ය්‍යවංශ හතරය, වෛශාරද්‍ය ඥාන හතරය, ප්රධානියඞ්ග පහය, සම්‍යක් සමාධි අඞ්ග පහය, ඉන්ද්රිය පහය, බල පහය, නිස්සරණීය ධාතු පහය, විමුක්තායතන ඥාන පහය, විමුක්ති පරිපාචනීය ධර්ම පහය, සාරාණිය ධර්ම හයය, සතත විහාර හයය, අනුත්තරිය ධර්ම හයය, නිර්වේද භාගිය ප්‍රඥා හයය, අභිඥා හයය, අසාධාරණ ඥාන හයය, අපරිහානිය ධර්ම හතය, ආර්‍ය්‍ය ධන හතය, බොජ්ඣඞ්ග හතය, සත්පුරුෂ ධර්ම හතය, නිර්ජර වස්තු හතය, සංඥා හතය, දක්ෂිණාර්හ පුද්ගල දේශනා හතය, ක්ෂීණාශ්රව බල දේශනා හතය, ප්‍රඥාප්‍රතිලාභ හේතු දේශනා අටය, සම්මත්ත අටය, ලෝකධර්මාතික්රම අටය, ආරම්භ වස්තු අටය, අක්ෂණ දේශනා අටය, මහා පුරුෂ විර්‍තක අටය, අභිභායතන දේශනා අටය, විමෝක්ෂ අටය, යෝනිසෝමනසිකාර මූලික ධර්ම නමයය, පාරිසුද්ධිපධානියඞ්ග නමයය, සත්වාවාස දේශනා නමයය, ආඝාත පටිවිනය නමයය, සංඥා නමයය, නානත්වදේශනා නමයය, අනුපූර්වවිහාර නමයය නාථ කරණ ධර්ම දසයය, කසිනායතන දසයය, කුශලකර්මපථ දසයය, සම්මත්ත දසයය, ආර්ය්යාවාස දසයය, අශෛක්ෂ ධර්ම දසයය, රත්න දසයය, තථාගත බල දසයය, මෛත්‍රී ආනිසංස එකොළහය, ධර්ම චක්රාකාර දොළසය, ධුතඞ්ගුණ දහතුනය, බුද්ධඥාන දාහතරය, විමුක්ති පරිපාචනීය ධර්ම පහළොවය, ආනාපාන සති දාසය, අපරන්තපනීය ධර්ම දාසයය, බුද්ධධර්ම දහඅටය, ප්රත්යවේක්ෂා ඥාන දහනමයය ඥානවර වස්තු හතළිස් හතරය, උදයව්‍ය ඥාන පණහය, පණහකට අධික කුශල ධර්මය, ඥාන වස්තු හැත්තෑහතය, සුවිසි කෙළ ලක්ෂයක් සමාපත්ති සඤ්චාරිත මහා වජ්රඥානය, අනන්තනය සමන්තපට්ඨාන පවිචය පච්චවෙක්ඛණ දේශනා ඥානය, එසේම අප්‍රමාණ ලෝක ධාතුන්හි අප්‍රමාණ සත්ත්වයන්ගේ ආසයානුසයාදිය දැන ගන්නා ඥානය යන මේ ආදී වූ සිතින් සිතිය නොහැකි ආනුභාව සහිත බුද්ධ ගුණයන් ධර්ම පරම්පරා වශයෙන් අනුව යමින් සිහිකරන්නාහු කෙළවරක් හෝ ප්‍රමාණයක් නොදැක්කාහ.
ථෙරො හි අත්තනොපි නාම ගුණානං අන්තං වා පමාණං වා ආවජ්ජෙන්තො න පස්සති, සො භගවතො ගුණානං පමාණං කිං පස්සිස්සති? යස්ස යස්ස හි පඤ්ඤා මහතී ඤාණං විසදං, සො සො බුද්ධගුණෙ මහන්තතො සද්දහති, ඉති ථෙරො භගවතො ගුණානං පමාණං වා පරිච්ඡෙදං වා අපස්සන්තො “මාදිසස්ස නාම සාවකපාරමිඤාණෙ ඨිතස්ස බුද්ධගුණා ඤාණෙන පරිච්ඡින්දිතුං න සක්කා, පගෙව ඉතරෙසං. අහො අචින්තෙය්යා අපරිමෙය්යභෙදා මහානුභාවා සබ්බඤ්ඤුගුණා, කෙවලං පනෙතෙ එකස්ස බුද්ධඤාණස්සෙව සබ්බසො ගොචරා, නාඤ්ඤෙසං. කථෙතුං පන සම්මාසම්බුද්ධෙහිපි විත්ථාරතො න සක්කායෙවා”ති නිට්ඨමගමාසි. වුත්තඤ්හෙතං –
සාරිපුත්ත තෙරුන් වහන්සේ වනාහි සිහි කරන්නා වූ තමන්ගේ ගුණයන්ගේ ද කෙළවරක් හෝ ප්‍රමාණයක් නොදකිති. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ගේ ප්‍රමාණය කෙසේ නම් දකින්නාහුද? යම් යම් කෙනෙකුගේ ප්‍රඥාව මහත් වේද නුවණ තියුණු වේද ඒ ඒ තැනැත්තා බුද්ධ ගුණයන් මහත් වශයෙන් අදහයි. මෙසේ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ගේ ප්‍රමාණයක් හෝ පිරිසිඳීමක් හෝ නොදක්නාහු “ශ්‍රාවක පාරමී ඥානයෙහි සිටි මා වැන්නෙකුට පවා බුදු ගුණයන් නුවණින් පිරිසිඳින්නට නොහැක්කේය. සෙස්සන් පිළිබඳව කියනුම කිම. සර්වඥ ගුණයෝ ආශ්චර්‍ය්‍යයහ. සිතින් සිතිය නොහැක්කාහ. අප්‍රමාණ ප්‍රභේද සහිතය. මහත් ආනුභාව ඇත්තාහ. හුදෙක් මේ බුද්ධ ගුණයෝ වනාහි එකම බුද්ධ ඥානයට ගෝචර නොවන්නාහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසිනිදු විස්තර වශයෙන් දේශනා කිරීමට නොහැක්කාහු යයි. නිගමනයට පත් වූහ. (එහෙයින්)
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං, කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො; ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ, වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති. (දී· නි· අට්ඨ· 1.304; 3.141; උදා· අට්ඨ· 53);
“බුදුරජාණන් වහන්සේ ද කල්පයක් මුලුල්ලේ ඉදින් වෙනත් යමක් නොදෙසමින් බුදු කෙනෙකුගේ ගුණයන් දේශනා කරන්නාහු නමුදු දීර්ඝ කාලයකින් කල්පය ගෙවී අවසන් වන්නේය. තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනාව අවසන් නොවන්නේය” යන මෙය කියන ලද්දේමය.
එවං බුද්ධානං ගුණමහන්තතං නිස්සාය උප්පන්නබලවපීතිසොමනස්සො පුන චින්තෙසි – “එවරූපානං නාම බුද්ධගුණානං හෙතුභූතා බුද්ධකාරකා ධම්මා පාරමියො අහො මහානුභාවා. කතමාසු නු ඛො ජාතීසු පාරමිතා පරිපාචිතා, කථං වා පරිපාකං ගතා, හන්දාහං ඉමමත්ථං පුච්ඡන්තො එවම්පි සමුදාගමතො පට්ඨාය බුද්ධානුභාවං ඉමස්ස සදෙවකස්ස ලොකස්ස පාකටතරං කරිස්සාමී”ති. සො එවං චින්තෙත්වා භගවන්තං ඉමං පඤ්හං අපුච්ඡි – “කතමාසු නු ඛො, භන්තෙ , ජාතීසු ඉමෙ බුද්ධකාරකා ධම්මා පරිපාචිතා, කථං වා පරිපාකං ගතා”ති? අථස්ස භගවා තස්මිං රතනචඞ්කමෙ තිසන්ධිපල්ලඞ්කං ආභුජිත්වා යුගන්ධරපබ්බතෙ බාලසූරියො විය විරොචමානො නිසින්නො “සාරිපුත්ත, මය්හං බුද්ධකාරකා ධම්මා සමාදානතො පට්ඨාය නිරන්තරං සක්කච්චකාරිතාය වීරියූපත්ථම්භෙන ච සබ්බෙසු කප්පෙසු භවතො භවං ජාතිතො ජාතිං පරිපච්චන්තායෙව අහෙසුං, ඉමස්මිං පන භද්දකප්පෙ ඉමාසු ජාතීසු තෙ පරිපක්කා ජාතා”ති දස්සෙන්තො “කප්පෙ ච සතසහස්සෙ”තිආදිනා චරියාපිටකං බුද්ධාපදානියන්ති දුතියාභිධානං ධම්මපරියායං අභාසි. අපරෙ පන “රතනචඞ්කමෙ චඞ්කමන්තො දෙවාතිදෙවො දෙවබ්රහ්මාදීහි පූජියමානො නිග්රොධාරාමෙ ඔතරිත්වා වීසතිසහස්සඛීණාසවපරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො භගවා වුත්තනයෙනෙව ආයස්මතා සාරිපුත්තෙන පුච්ඡිතො චරියාපිටකං දෙසෙසී”ති වදන්ති. එත්තාවතා දූරෙනිදානඅවිදූරෙනිදානානි සඞ්ඛෙපතො දස්සෙත්වා චරියාපිටකස්ස සන්තිකෙනිදානං විත්ථාරතො නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. දූරෙනිදානං පන අසඞ්ඛ්යෙය්යවිභාවනායං ආවි භවිස්සතීති.
මෙසේ බුදුවරුන්ගේ ගුණමහත්වය නිසා උපන් බලවත් ප්‍රීති සොම්නස් ඇත්තාහු නැවත මෙසේ සිතූහ. “මෙබඳු වූ බුදු ගුණයන්ට හේතු වූ බුද්ධකාරක ධර්මයයි කියන ලද පාරමිතාවෝ අහෝ: මහත් ආනුභාව සහිතයහ. කවර නම් ජාතිවලදී පාරමිතාවෝ මුහුකුරුවන ලද්දාහු ද? නැතහොත් කෙසේ මේරීමට ගියාහු ද? එබැවින් මම මේ කාරණය විමසමින් මෙසේද ආරම්භයේ සිට බුද්ධානුභාවය මේ දෙවියන් සහිත ලෝකයාට අතිශයින් ප්‍රකට කරන්නෙම් නම් මැනවැයි සැරියුත් තෙරුන් වහන්සේ මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්රශ්නය විමසුහ. “ස්වාමීනි කවර නම් ජාතීන්හි මේ බුද්ධකාරක ධර්මයෝ මුහුකුරුවන ලද්දාහු ද? කෙසේ මේරීමට ගියාහුද? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම රුවන් සක්මනෙහි පලක් බැඳ වැඩ හිඳ යුගන්ධර පර්වතයෙහි ළහිරු මඬලක් මෙන් බබලමින් වැඩ හුන් සේක් සාරිපුත්තය, මගේ බුද්ධකාරක ධර්මයෝ සමාදන් වීමේ පටන් නිරතුරුව සකස් කොට කළ බැවින්ද වීර්‍ය්‍යය උපස්ථම්භ (උපකාර) වූ බැවින් ද සියලු කල්පවල භවයෙන් භවය ජාතියෙන් ජාතිය සම්පූර්ණත්වයට පත් වූහ. මේ භද්‍රකල්පයෙහි මේ (කියන) ජාතිවලදී ඒවා මේරීමට ගියහ”යි දක්වන්නාහු “කප්පෙ ච සතසහස්සෙ” ආදී වශයෙන් “බුද්ධාපදාන” යයි දෙවන නමකද ඇති චරියා පිටක නම් වූ ධර්ම පර්‍ය්‍යාය දේශනා කළහ. ඇතැම් ආචාර්ය්ය කෙනෙක් වනාහි දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනෙහි සක්මන් කරන්නාහු දේවබ්‍රහ්මාදීන් විසින් පුදනු ලබමින් නිග්‍රෝධාරාමයට බැස විසි දහසක් රහතන් වහන්සේලා විසින් පිරිවරන ලද්දාහු පණවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන් සේක් යට (මුලින්) කියන ලද ක්‍රමයෙන්ම ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් විමසන ලද්දාහු චරියා පිටකය දේශනා කළ සේකැයි කියති. මෙපමණකින් දුරේ නිදාන අවිදුරේ නිදානයන් කෙටියෙන් දක්වා චරියා පිටකයෙහි සන්තිකේ නිදානය විස්තර වශයෙන් දැක්වී යයි දත යුතුය දූරේ නිදානය වනාහී “අසව්ඛෙය්ය” යන පදය විස්තර කිරීමේදී එන්නේය.
ඉදානි “කප්පෙ ච සතසහස්සෙ”තිආදිනයප්පවත්තාය චරියාපිටකපාළියා අත්ථසංවණ්ණනා හොති.
දැන් “කප්පෙච සතසහස්සෙ ච” යනාදී ක්‍රමයෙන් පවත්නා චරියා පිටකයෙහි අර්ථවර්ණනාව වෙයි.
තත්රායං කප්ප-සද්දො සඋපසග්ගො අනුපසග්ගො ච විතක්කවිධානපටිභාගපඤ්ඤත්තිකාලපරමායුසමණවොහාරසමන්තභාවාභිසද්දහන- ඡෙදනවිනියොගවිනයකිරියාලෙසන්තරකප්පතණ්හාදිට්ඨිඅසඞ්ඛ්යෙය්යකප්පමහාකප්පාදීසු දිස්සති. තථා හෙස “නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො”තිආදීසු (ම· නි· 3.137) විතක්කෙ ආගතො. “චීවරෙ විකප්පං ආපජ්ජෙය්යා”තිආදීසු (පාරා· 642) විධානෙ, අධිකවිධානං ආපජ්ජෙය්යාති අත්ථො. “සත්ථුකප්පෙන වත කිර, භො, සාවකෙන සද්ධිං මන්තයමානා න ජානිම්හා”තිආදීසු (ම· නි· 1.260) පටිභාගෙ. සත්ථුසදිසෙනාති අයඤ්හි තත්ථ අත්ථො. “ඉධායස්මා, කප්පො”තිආදීසු (සු· නි· 1098) පඤ්ඤත්තියං. “යෙන සුදං නිච්චකප්පං විහරාමී”තිආදීසු (ම· නි· 1.387) කාලෙ. “ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”තිආදීසු (දී· නි· 2.178; උදා· 51) පරමායුම්හි. ආයුකප්පො හි ඉධ කප්පොති අධිප්පෙතො. “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතු”න්තිආදීසු (චූළව· 250) සමණවොහාරෙ. “කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා”තිආදීසු (ඛු· පා· 5.1; සු· නි· මඞ්ගලසුත්ත) සමන්තභාවෙ. “සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො”තිආදීසු (ධ· ස· 12) අභිසද්දහනෙ, සද්ධායන්ති අත්ථො. “අලඞ්කතො කප්පිතකෙසමස්සූ”තිආදීසු (වි· ව· 1094; ජා· 2.22.1368) ඡෙදනෙ. “එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පතී”තිආදීසු (ඛු· පා· 7.7; පෙ· ව· 20) විනියොගෙ. “කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොතී”තිආදීසු (පාචි· 371) විනයකිරියායං. “අත්ථි කප්පො නිපජ්ජිතුං, හන්දාහං නිපජ්ජාමී”තිආදීසු ලෙසෙ. “ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො…පෙ… කප්පං නිරයම්හි පච්චතී”ති (ඉතිවු· 18; චූළව· 354; කථා· 657, 862) ච ආදීසු අන්තරකප්පෙ.
“කප්පෙ ච සත සහස්සෙ” ආදී වශයෙන් මුලින් දැක්වූ ගාථාවෙහි ඇති මේ “කප්ප” ශබ්දය උපසර්ග සහිතව ද උපසර්ග රහිතව ද විර්‍තක, විධාන, ප්‍රතිභාග, ප්රඥප්ති, කාල, පරමායු, ශ්‍රමණ, ව්‍යවහාර, සමන්තභාව, අභි සද්දහන, ඡේදන, විනයෝග, විනය ක්‍රියා, ලේශ, අන්තර කල්ප, තෘෂ්ණා, දෘෂ්ටි, අසඞ්ඛ්‍ය කල්ප, මහාකල්ප ආදී අර්ථයන්හි දක්නා ලැබේ. ඒ මෙසේය. මේ “කප්ප” ශබ්ද “නෙක්ඛම්ම සඞ්කප්පො අව්‍යාපාද සඞ්කප්පො” (සච්ච විභංග සුත්ත) ආදී තැන්වල විර්‍තක (සිතුවිල්ල) අර්ථයෙහි ආයේය. “චීවරෙ විකප්පං ආපජ්ජෙය්ය” (පාරාජිකා පාලි චීවරවග්ග) ආදී තැන්වල විධානයෙහිය. අධික විධානයට පැමිණෙන්නේය යනු එහි අර්ථයයි. “සත්ථුකප්පෙන වත කිර භො සාවකෙන සද්ධිං මන්තයමානා නජානිම්හ” (මජ්ඣිමනිකාය රථ විනීත සුත්ත) ආදී තැන්වල ප්‍රතිභාග අර්ථයෙහිය. “බුදුන් හා සමවූ” යනු එහි අර්ථයයි. “ඉධායස්මා කප්පො” (සුත්ත නිපාත - පාරායන වග්ග) යනාදී තැන්වල ප්රඥප්තියෙහිය (නමක් යන අර්ථයෙහිය) “යෙන සුදං නිච්ච කප්පං විහරාමි” (අංගුත්තර නිකාය) යනාදී තැන්වල කාලයෙහිය. “ආකඞ්ඛමානො ආනන්ද තථාගතො කප්පංවා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා” (උදානපාලි ජච්චන්ධ වග්ග) ආදී තැන්වල පරමායුෂයෙහිය. මෙහි අදහස ආයුෂ් කල්පයයි. “අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණාකප්පෙහි ඵලං පරිභුඤ්ජි තුං” (චුල්ලවග්ග පාලි) ආදී තැන්වල ශ්‍රමණ ව්යවහාරයෙහිය. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා” (සංයුත්ත නිකාය) ආදී තැන්වල සමන්තභාවයෙහිය. (හාත්පස) “සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො (ඉන්ද්රිය විභංග සුත්ත) ආදී තැන්වල අභිසද්දහනයෙහිය. “සද්ධාවෙහි” යන අර්ථයයි. “අලඞ්කතො කප්පිත කෙසමස්සු” (ජාතකපාලි) ආදී තැන්වල ඡේදනයෙහිය. (කැපීම) “එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති” (ඛුද්දකනිකාය තිරොකුඩ්ඪ සුත්ත) ආදී තැන්වල විනියෝගයෙහිය (භුක්ති විදීම) “කප්පකතෙන අකප්පකතං සංසිබ්බිතං හොති” (පාචිත්තිය පාලි, සුරාපාන වග්ග) ආදී තැන්වල විනය ක්‍රියාවෙහිය. “අත්ථි කප්පො නිපජ්ජිතුං හන්ද්රහං නිපජ්ජාමි” (අඞ්ගුත්තරනිකාය - චතුක්ක නිපාත) ආදී තැන්වල ලේශයෙහිය (ස්වල්පය) “ආපායිකො නෙරයිකො කප්පට්ඨො සංඝභෙදකො” “කප්පං නිරයම්හි පච්චති” (ඉතිවුත්කපාලි - එකක නිපාත) ආදී තැන්වල අන්තර කල්පයෙහිය.
“න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති, ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ; න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො, පාරඞ්ගතො න පච්චෙති තාදී”ති. –
“නකප්පයන්ති න පුරක්ඛරොන්ති ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො පාරඞ්ග තො න පච්චෙ ති තාදී” (සුත්ත නිපාත - සුද්ධට්ඨක සුත්ත)
ආදීසු (සු· නි· 809) තණ්හාදිට්ඨීසු. තථා හි වුත්තං නිද්දෙසෙ “කප්පාති උද්දානතො ද්වෙ කප්පා තණ්හාකප්පො දිට්ඨිකප්පො”ති (මහානි· 28). “අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ”තිආදීසු (දී· නි· 1.244; ම· නි· 1.68) අසඞ්ඛ්යෙය්යකප්පෙ. “චත්තාරිමානි, භික්ඛවෙ, කප්පස්ස අසඞ්ඛ්යෙය්යානී”තිආදීසු (අ· නි· 4.156) මහාකප්පෙ. ඉධාපි මහාකප්පෙයෙව දට්ඨබ්බො (දී· නි· අට්ඨ· 1.29; 3.275; සං· නි· අට්ඨ· 1.1.1; අ· නි· අට්ඨ· 2.3.128; ඛු· පා· අට්ඨ· 5.එවමිච්චාදිපාඨවණ්ණනා).
ආදී තැන්වල තෘෂ්ණා දෘෂ්ටීන්හිය. එහෙයින් නිද්දේස පාලියෙහි කියන ලදී. “කප්පොති උද්ඳානතො ද්වෙ කප්පා තණ්හාකප්පො දිට්ඨි කප්පො”ති (කල්පයයි පැවසීමෙන් තණ්හා කල්ප හා දිට්ඨි කල්ප දෙකම ගැනේ) “අනෙකෙපි සංවට්ට කප්පෙ අනෙකෙපි විවට්ට කප්පෙ” (අංගුත්තර - තික නිපාත) ආදී තැන්වල අසඞ්ඛ්‍ය කල්පයෙහිය. “චත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්යානි” (අංගුත්තර - චතුක්ක නිපාත) ආදී තැන්වල මහාකල්පයෙහිය. මෙහිද මහා කල්පයෙහිම යයි දත යුතුය.
තත්රායං පදසිද්ධි – කප්පීයතීති කප්පො, එත්තකානි වස්සානීති වා එත්තකානි වස්සසතානීති වා එත්තකානි වස්සසහස්සානීති වා එත්තකානි වස්සසතසහස්සානීති වා සංවච්ඡරවසෙන ගණෙතුං අසක්කුණෙය්යත්තා කෙවලං සාසපරාසිඋපමාදීහි කප්පෙතබ්බො පරිකප්පෙතබ්බපරිමාණොති අත්ථො. වුත්තඤ්හෙතං –
එහි මේ පද සිද්ධියයි. “කප්පීයතීති කප්පො” සංකල්පන කරනු ලැබේනුයි කල්ප නමි. මෙපමණ අවුරුදුය කියා හෝ මෙපමණ අවුරුදු දහස් ගණන්ය කියා හෝ මෙපමණ අවුරුදු ලක්ෂ ගණන්ය කියා හෝ අවුරුදු වශයෙන් ගණන් ගැනීමට නොහැකි බැවින් හුදෙක් අබ සමූහය ආදී උපමාවන්ගෙන් සිතිය යුතු කල්පනා කළ යුතු ප්‍රමාණය යන අර්ථයයි. එහෙයින් මෙය කියන ලදී.
“කීව දීඝො නු ඛො, භන්තෙ, කප්පොති? දීඝො ඛො, භික්ඛු, කප්පො, සො න සුකරො සඞ්ඛාතුං ‘එත්තකානි වස්සානී’ති වා ‘එත්තකානි වස්සසතානී’ති වා ‘එත්තකානි වස්සසහස්සානී’ති වා ‘එත්තකානි වස්සසතසහස්සානී’ති වා. සක්කා පන, භන්තෙ, උපමං කාතුන්ති? ‘සක්කා, භික්ඛූ’ති භගවා අවොච. සෙය්යථාපි, භික්ඛු, යොජනං ආයාමෙන යොජනං විත්ථාරෙන යොජනං උබ්බෙධෙන මහාසාසපරාසි. තතො වස්සසතස්ස වස්සසහස්සස්ස අච්චයෙන එකමෙකං සාසපං උද්ධරෙය්ය, ඛිප්පතරං ඛො සො, භික්ඛු, මහාසාසපරාසි ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, න ත්වෙව කප්පො, එවං දීඝො ඛො, භික්ඛු, කප්පො”ති (සං· නි· 2.128).
“ස්වාමීනි කල්පය කොපමණ දිග ද? මහණ, කල්පය දීර්ඝ වෙයි. මෙපමණ අවුරුදුය කියා හෝ මෙපමණ අවුරුදු සියගණන්ය කියා හෝ මෙපමණ අවුරුදු දහස් ගණන්ය කියා හෝ මෙපමණ අවුරුදු ලක්ෂ ගණන්ය කියා හෝ ගණන් කරන්නට පහසු නොවේ. ස්වාමීනි, උපමාවක් කළ හැකිද? මහණ, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. මහණ, යම්සේ දිගින් යොදුනක් ද පළලින් යොදුනක් ද උසින් යොදුනක් ද වූ අබ ඇට මහාරාශියක් වේද අවුරුදු සීයක් අවුරුදු දහසක් ඇවෑමෙන් එයින් එක එක අබ ඇටයක් උඩට (ඉවතට) ගන්නේ නම් මහණ, ඉතා ඉක්මණින් ඒ අබ රාශිය මේ උපක්‍රමයෙන් ගෙවීමට අවසානයට යන්නේ ය. කල්පය නො ගෙවෙන්නේමය. මහණ කල්පය මෙසේ දීර්ඝ වන්නේය” (සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තය)
ස්වායං මහාකප්පො සංවට්ටාදිවසෙන චතුඅසඞ්ඛ්යෙය්යකප්පසඞ්ගහො. වුත්තම්පි චෙතං –
ඒ මේ මහා කල්පය සංවට්ටාදි වශයෙන් අසඞ්ඛ්‍ය කල්ප හතරකින් යුක්ත වේ. එහෙයින් මෙය කියන ලදී.
“චත්තාරිමානි, භික්ඛවෙ, කප්පස්ස අසඞ්ඛ්යෙය්යානි. කතමානි චත්තාරි? සංවට්ටො, සංවට්ටට්ඨායී, විවට්ටො, විවට්ටට්ඨායී”ති (අ· නි· 4.156).
“මහණෙනි කල්පය හා සම්බන්ධ අසඞ්ඛ්‍ය කල්ප සතරෙකි. කවර සතරක් ද යත්. සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායී වශයෙනි.
තත්ථ තයො සංවට්ටා – තෙජොසංවට්ටො, ආපොසංවට්ටො, වායොසංවට්ටොති. තිස්සො සංවට්ටසීමා – ආභස්සරා, සුභකිණ්හා, වෙහප්ඵලාති. යදා හි කප්පො තෙජෙන සංවට්ටති, ආභස්සරතො හෙට්ඨා අග්ගිනා ඩය්හති. යදා ආපෙන සංවට්ටති, සුභකිණ්හතො හෙට්ඨා උදකෙන විලීයති. යදා වායුනා සංවට්ටති, වෙහප්ඵලතො හෙට්ඨා වාතෙන විද්ධංසති. විත්ථාරතො පන කොටිසතසහස්සචක්කවාළං විනස්සති, යං බුද්ධානං ආණාක්ඛෙත්තන්ති වුච්චති. තෙසු තීසු සංවට්ටෙසු යථාක්කමං කප්පවිනාසකමහාමෙඝතො යාව ජාලාය වා උදකස්ස වා වාතස්ස වා උපච්ඡෙදො ඉදං එකං අසඞ්ඛ්යෙය්යං සංවට්ටො නාම. කප්පවිනාසකජාලාදිපච්ඡෙදතො යාව කොටිසතසහස්සචක්කවාළපරිපූරකො සම්පත්තිමහාමෙඝො උට්ඨහති, ඉදං දුතියං අසඞ්ඛ්යෙය්යං සංවට්ටට්ඨායී නාම.
එහි තෙජෝ සංවට්ට, ආපෝ සංවට්ට වායෝ සංවට්ට යයි සංවට්ට තුනකි. ආභස්සරය, සුභ කිණ්ණය, වෙහප්ඵලයයි සංවට්ට සීමා තුනකි. යම්කලෙක කල්පය ගින්නෙන් විනාශවේද එකල්හි වනාහි ආභස්සර බඹලොවින් යට ගින්නෙන් දැවේ. යම් කලෙක ජලයෙන් විනාශ වේද සුභකිණ්ණ බඹලොවින් යට ජලයෙන් දිය වේ. යම් කලෙක වාතයෙන් විනාශ වේද වෙහප්ඵල බඹලොවින් යට වාතයෙන් විනාශ වේ. විස්තර වශයෙන් බුදුවරුන්ගේ ආඥා ක්ෂේත්රයයි කියනු ලබන කෝටි ලක්ෂයක් සක්වළ විනාශ වන්නේය. ඒ සංවට්ට කල්ප තුන අතුරෙන් පිළිවෙළින් කල්ප විනාශක මහා මේඝයේ සිට ගිනි ජාලාවගේ හෝ ජලයෙහි හෝ වාතයේ හෝ සිඳී යාම දක්වා මේ එක් අසඞ්ඛයක් “සංවට්ට” නම් වේ. කල්ප විනාශක ගිනි නිවී ගිය තැන් පටන් කෙළ ලක්ෂයක් සක්වළ හාත්පසින් පුරවන සම්පත්ති මහාමේඝය නැගී සිටීම දක්වා වූ මේ දෙවෙනි අසඞ්ඛ්‍යය සංවට්ටට්ඨායි නම් වේ.
සම්පත්තිමහාමෙඝතො යාව චන්දිමසූරියපාතුභාවො, ඉදං තතියං අසඞ්ඛ්යෙය්යං විවට්ටො නාම. චන්දිමසූරියපාතුභාවතො යාව පුන කප්පවිනාසකමහාමෙඝො, ඉදං චතුත්ථං අසඞ්ඛ්යෙය්යං විවට්ටට්ඨායී නාම. ඉමෙසු චතුසට්ඨිඅන්තරකප්පසඞ්ගහං විවට්ටට්ඨායී. තෙන සමානකාලපරිච්ඡෙදා විවට්ටාදයො වෙදිතබ්බා. “වීසතිඅන්තරකප්පසඞ්ගහ”න්ති එකෙ. ඉති ඉමානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි එකො මහාකප්පො හොති. තෙන වුත්තං “ස්වායං මහාකප්පො සංවට්ටාදිවසෙන චතුඅසඞ්ඛ්යෙය්යකප්පසඞ්ගහො”ති.
සම්පත්ති මහා මේඝයේ සිට සඳ හිරු පහළ වීම දක්වා මේ තෙවෙනි අසඞ්ඛ්‍යය “විවට්ටට්ඨායී” නම් වේ. මේවා අතුරෙන් අන්තර කල්ප හැට හතරක එකතුව විවට්ටට්ඨායි නම් වේ. විවට්ටාදීහුද එයට සමාන කාලපරිච්ඡේද ඇත්තාහයි දත යුතුය. ඇතැම් ආචාර්ය්ය කෙනෙක් “අන්තරකල්ප විස්සක එකතුවය”යි කියති. මෙසේ මේ අසඞ්ඛ්‍ය හතරක් එක් මහාකල්පයක් වේ. එහෙයින් “ඒ මේ මහා කල්පය සංවට්ටාදී වශයෙන් අසඞ්ඛ්‍ය කල්ප හතරකින් යුක්තය”යි කියන ලදී.
කප්පෙති ච අච්චන්තසංයොගවසෙන උපයොගබහුවචනං. සතසහස්සෙති කප්පසද්දසම්බන්ධෙන චායං පුල්ලිඞ්ගනිද්දෙසො, ඉධාපි අච්චන්තසංයොගවසෙනෙව බහුවචනං. සමානාධිකරණඤ්හෙතං පදද්වයං. චතුරො ච අසඞ්ඛියෙති එත්ථාපි එසෙව නයො. කස්ස පන අසඞ්ඛියෙති අඤ්ඤස්ස අවුත්තත්තා කප්පස්ස ච වුත්තත්තා පකරණතො කප්පානන්ති අයමත්ථො විඤ්ඤායතෙව. න හි වුත්තං වජ්ජෙත්වා අවුත්තස්ස කස්සචි ගහණං යුත්තන්ති. ච-සද්දො සම්පිණ්ඩනත්ථො, මහාකප්පානං චතුරො අසඞ්ඛ්යෙය්යෙ සතසහස්සෙ ච මහාකප්පෙති අයඤ්හෙත්ථ අත්ථො. අසඞ්ඛියෙති එත්ථ සඞ්ඛාතුං න සක්කාති අසඞ්ඛියා, ගණනං අතික්කන්තාති අත්ථො. “අසඞ්ඛ්යෙය්යන්ති එකො ගණනවිසෙසො”ති එකෙ. තෙ හි එකතො පට්ඨාය මහාබලක්ඛපරියොසානානි එකූනසට්ඨිට්ඨානානි වජ්ජෙත්වා දසමහාබලක්ඛානි අසඞ්ඛ්යෙය්යං නාම, සට්ඨිමට්ඨානන්තරන්ති වදන්ති. තං න යුජ්ජති, සඞ්ඛ්යාඨානන්තරං නාම ගණනවිසෙසො, තස්ස අසඞ්ඛ්යෙය්යභාවාභාවතො එකං ඨානන්තරං අසඞ්ඛ්යෙය්යඤ්චාති විරුද්ධමෙතං. නනු ච අසඞ්ඛ්යභාවෙන අසඞ්ඛ්යෙය්යත්තෙපි තස්ස චතුබ්බිධභාවො න යුජ්ජතීති? නො න යුජ්ජති. චතූසු ඨානෙසු අසඞ්ඛ්යෙය්යභාවස්ස ඉච්ඡිතත්තා. තත්රායමාදිතො පට්ඨාය විභාවනා –
“කප්පෙ” යනු අත්‍යන්ත සංයෝග වශයෙන්ම දුතියා විභක්ති බහු වචන වේ. “සතසහස්සෙ” යනු කප්ප ශබ්දයට සම්බන්ධ හෙයින් පුල්ලිඞ්ගයෙන් දැක්වීය. මෙහිද අත්‍යන්ත සංයෝග වශයෙන්ම බහු වචන විය. මේ පද දෙක තුල්‍යාධිකරණ මැයි. “චතුරොච අසඞ්ඛියෙ” යන මෙහිද මෙම ක්‍රමයමැයි කුමක් අසඞ්ඛ්යයක්දැයි අනිකක් නොකියන ලද බැවින් හා කල්ප ශබ්දය කියන ලද බැවින් ද ප්රකරණ වශයෙන් “කල්පයන්ගේ” යන මේ අර්ථය හැඟේමය. කියන ලද දේ අත්හැර නොකියන ලද කිසිවක් ගැනීම නුසුදුසු බැවිනි. “ච” ශබ්දය සම්පිණ්ඩනාර්ථයෙහිය. මහාකල්පවල සාරාසඞ්ඛ්යයක් ද මහාකල්ප ලක්ෂයක් ද මුළුල්ලෙහි යනු මෙහි අර්ථයයි. ‘අසඞ්ඛියෙ’ යන මෙහි ගණන් කිරීමට නොහැකි බැවින් = අසඞ්ඛිය වේ. ගණන් කිරීම ඉක්මවා ගිය යන අර්ථයයි. සමහර ආචාර්ය්ය කෙනෙක් “අසඞ්ඛෙය්යං” යනු එක් ගණන් විශේෂයකැයි කියති. ඔවුහු එකේ සිට මහාබලක්ෂය අවසන් කොට ඇති පණස් නවයක් තැන් අත්හැර දසමහාබලක්ෂයන් අසඞ්ඛය නමැයි ද හැටවෙනි ඨානන්තරයයි ද කියති. එය නො යෙදේ. සඞ්ඛ්යාඨානන්තරය නම් ගණන් විශේෂයකි. එහි අසඞ්ඛ්‍ය බවක් නොලැබෙන හෙයිනි. එක් ස්ථානාන්තරයක් ද අසඞ්ඛ්‍යයක් ද යනු මේ විරුද්ධය. අසඞ්ඛ්යභාවයෙන් අසඞ්ඛෙය්යාර්ථය වී නම් එහි චතුර්විධභාවය නො යෙදෙන්නේ නොවේ ද? නො යෙදෙන්නේ නොවේ. සතර ස්ථානයෙක්හි අසඞ්ඛ්‍ය බව කැමති වන හෙයිනි. එහි මුල සිට පැහැදිලි කිරීම මෙසේය.
අතීතෙ කිර එකස්මිං කප්පෙ තණ්හඞ්කරො මෙධඞ්කරො සරණඞ්කරො දීපඞ්කරොති චත්තාරො සම්මාසම්බුද්ධා අනුක්කමෙන ලොකෙ උප්පජ්ජිංසු. තෙසු දීපඞ්කරස්ස භගවතො කාලෙ අමරවතී නාම නගරං අහොසි. තත්ථ සුමෙධො නාම බ්රාහ්මණො පටිවසති උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා කුලපරිවට්ටා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. සො අඤ්ඤං කම්මං අකත්වා බ්රාහ්මණසිප්පමෙව උග්ගණ්හි. තස්ස දහරකාලෙයෙව මාතාපිතරො කාලමකංසු. අථස්ස රාසිවඩ්ඪකො අමච්චො ආයපොත්ථකං ආහරිත්වා සුවණ්ණරජතමණිමුත්තාදිභරිතෙ සාරගබ්භෙ විවරිත්වා “එත්තකං තෙ, කුමාර, මාතුසන්තකං, එත්තකං තෙ පිතුසන්තකං, එත්තකං තෙ අය්යකපය්යකාන”න්ති යාව සත්තමා කුලපරිවට්ටා ධනං ආචික්ඛිත්වා “එතං ධනං පටිපජ්ජාහී”ති ආහ. සුමෙධපණ්ඩිතො චින්තෙසි – “ඉමං එවං බහුං ධනං සංහරිත්වා මය්හං මාතාපිතාදයො පරලොකං ගච්ඡන්තා එකකහාපණම්පි ගහෙත්වා න ගතා, මයා පන ගහෙත්වා ගමනකාරණං කාතුං වට්ටතී”ති. සො රඤ්ඤො ආරොචෙත්වා නගරෙ භෙරිං චරාපෙත්වා මහාජනස්ස දානං දත්වා හිමවන්තප්පදෙසං ගන්ත්වා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා සත්තාහෙනෙව අට්ඨ සමාපත්තියො පඤ්ච ච අභිඤ්ඤායො නිබ්බත්තෙත්වා සමාපත්තිවිහාරෙහි විහරති.
අතීතයෙහි එක් කල්පයක තණ්හඞ්කර, මේධඞ්කර, සරණඞ්කර, දීපඞ්කර යයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතර නමක් පිළිවෙළින් ලෝකයෙහි උපන්හ. උන්වහන්සේලා අතුරෙන් දීපඞ්කර බුදුරජුන්ගේ කාලයෙහි අමරවතී නම් නගරයක් විය. එහි මව්පිය දෙපසින් මනාව උපන් සත්වෙනි කුල පරම්පරාව දක්වා පිරිසිදු මව්කුස ඇත්තා වූ, ජාතිවාදයෙන් හෙලා නොදකින ලද නොගරහන ලද, විශිෂ්ට රූපයෙන් යුත් දර්ශනීය වූ දුටුවන් පහදවන්නා වූ උසස් වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූ සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වසයි. ඔහු වෙනත් වැඩක් නොකොට බ්‍රාහ්මණ ශිල්පයම උගත්තේය. ඔහු ළදරු කලම මව්පියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ අයකැමි ඇමතියා ආදායම් පොත ගෙනවිත් රන්රිදී මුතු මැණික් ආදියෙන් පිරුණු ගබඩාවන්හි දොර හැර කුමාරයෙනි, ඔබගේ මව් සතු ධනය මෙපමණය, ඔබගේ පියා සතු ධනය මෙපමණය, ඔබගේ මුතුන් මී මුතුන් සතු ධනය මෙපමණයයි සත්වෙනි කුල පරම්පරාව දක්වා ධනය වෙන් වෙන්ව කියාදී “මේ ධනය පරිභෝග කරව්”යි කීවේය. සුමේධ පණ්ඩිතතෙම මෙසේ සිතීය. “මාගේ මව්පියාදීහු මෙසේ මේ බොහෝ ධනය උපයා තබා පරලොව යන්නාහු එකම කහවණුවක් පමණකුදු රැගෙන නො ගියහ. ම විසින් වනාහි ගෙන යාම වටී ය”යි රජුට දන්වා නුවර බෙර හසුරුවා මහජනයාට දන් දී හිමාලය පෙදෙසට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වී සතියක් ඇතුළතම පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා සමවත් විහරණයෙන් වාසය කරයි.
තස්මිඤ්ච කාලෙ දීපඞ්කරදසබලො පරමාභිසම්බොධිං පත්වා පවත්තිතවරධම්මචක්කො චතූහි ඛීණාසවසතසහස්සෙහි පරිවුතො අනුපුබ්බෙන චාරිකං චරමානො රම්මවතීනගරං නාම පත්වා තස්ස අවිදූරෙ සුදස්සනමහාවිහාරෙ පටිවසති. රම්මවතීනගරවාසිනො “සත්ථා කිර අම්හාකං නගරං පත්වා සුදස්සනමහාවිහාරෙ පටිවසතී”ති සුත්වා ගන්ධමාලාදිහත්ථා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා එකමන්තං නිසින්නා ධම්මදෙසනං සුත්වා ස්වාතනාය නිමන්තෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. තෙ පුනදිවසෙ මහාදානං සජ්ජෙත්වා නගරං අලඞ්කරිත්වා දසබලස්ස ආගමනමග්ගං හට්ඨතුට්ඨා සොධෙන්ති.
එකල්හි දීපඞ්කර දශබලධාරීන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු හාර ලක්ෂයක් රහතන් වහන්සේලා විසින් පිරිවරන ලද්දාහු පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් රම්ම නම් නගරයට පැමිණ නගරාසන්නයෙහි වූ සුදර්ශන මහා විහාරයෙහි වැඩ වසති. රම්ම නගරවාසීහු වනාහි “ශාස්තෲන් වහන්සේ අපගේ නගරයට වැඩ සුදර්ශන මහා විහාරයෙහි වැඩ වෙසෙති”යි අසා සුවඳ වර්ග හා මල් මාලා ආදිය ගත් අත් ඇතිව ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ සුවඳ ආදියෙන් පුදා එකත්පසෙක හුන්නාහු ධර්ම දේශනාව අසා හෙට දින සඳහා දානයට ආරාධනා කොට හුනස්නෙන් නැගී පිටත්ව ගියහ. ඔවුහු ඊළඟ දිනයෙහි මහා දානයක් සකස් කොට නගරය අලංකාර කොට දශබලධාරින් වහන්සේ වඩින මග තුටු පහටුව පිරිසිදු කරති.
තස්මිඤ්ච කාලෙ සුමෙධතාපසො ආකාසෙන ගච්ඡන්තො තෙ හට්ඨතුට්ඨෙ මනුස්සෙ දිස්වා “අම්භො, කස්ස තුම්හෙ ඉමං මග්ගං සොධෙථා”ති පුච්ඡි? තෙහි “සම්මාසම්බුද්ධස්ස ආගමනමග්ගං සොධෙමා”ති වුත්තෙ අතීතෙසු බුද්ධෙසු කතාධිකාරත්තා “බුද්ධො”ති වචනං සුත්වා උප්පන්නපීතිසොමනස්සො තාවදෙව ආකාසතො ඔරුය්හ “මය්හම්පි ඔකාසං දෙථ, අහම්පි සොධෙස්සාමී”ති තෙහි දස්සිතං ඔකාසං “කිඤ්චාපි අහං ඉමං ඉද්ධියා සත්තරතනවිචිත්තං කත්වා අලඞ්කරිතුං පහොමි, අජ්ජ පන මයා කායවෙය්යාවච්චං කාතුං වට්ටති, කායාරහං පුඤ්ඤං ගණ්හිස්සාමී”ති චින්තෙත්වා තිණකචවරාදයො නීහරිත්වා පංසුං ආහරිත්වා සමං කරොන්තො සොධෙති. අනිට්ඨිතෙයෙව පන තස්ස පදෙසස්ස සොධනෙ දීපඞ්කරො භගවා මහානුභාවානං ඡළභිඤ්ඤානං ඛීණාසවානං චතූහි සතසහස්සෙහි පරිවුතො තං මග්ගං පටිපජ්ජි. සුමෙධපණ්ඩිතො “සම්මාසම්බුද්ධො බුද්ධසාවකා ච මා චික්ඛල්ලං අක්කමන්තූ”ති අත්තනො වාකචීරඤ්ච චම්මඛණ්ඩඤ්ච ජටාකලාපඤ්ච පසාරෙත්වා සයඤ්ච යෙන භගවා තෙන සීසං කත්වා අවකුජ්ජො නිපජ්ජි. එවඤ්ච චින්තෙසි – “සචාහං ඉච්ඡිස්සාමි, ඉමස්ස භගවතො සාවකො හුත්වා අජ්ජෙව කිලෙසෙ ඝාතෙස්සාමි. කිං මය්හං එකකෙනෙව සංසාරමහොඝතො නිත්ථරණෙන? යංනූනාහම්පි එවරූපො සම්මාසම්බුද්ධො හුත්වා සදෙවකං ලොකං සංසාරමහණ්ණවතො තාරෙය්ය”න්ති. ඉති සො අට්ඨඞ්ගසමන්නාගතමහාභිනීහාරවසෙන චිත්තං පණිධෙසි. අථ භගවා ආගන්ත්වා තස්ස උස්සීසකෙ ඨත්වා චිත්තාචාරං සමිජ්ඣනභාවඤ්චස්ස ඤත්වා “අයං ඉතො කප්පසතසහස්සාධිකානං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ ගොතමො නාම සම්මාසම්බුද්ධො භවිස්සතී”ති සබ්බං ඉමං භගවතො පවත්තිං බ්යාකරිත්වා පක්කාමි.
එකල්හිම සුමේධ තාපසතුමා අහසින් යන්නේ ඒ තුටුපහටු මිනිසුන් දැක “එම්බා පින්වතුනි, නුඹලා කවරෙකුට මේ මග තුටුපහටුව පිරිසිදු කරව්දැයි විචාළේය. ඔවුන් විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩින මග පිරිසිදු කරමු”යි කී කල්හි අතීත බුදුවරුන් කෙරෙහි කරන ලද ජීවිත පරිත්‍යාග (අධිකාර) ඇති බැවින් “බුද්ධ” යන වචනය අසා උපන් ප්‍රීතිසොම්නස් ඇත්තේ එකෙණෙහිම අහසින් බැස “මටත් එක් අවකාශයක් (ඉඩක්) දුන මැනව. මම ද පිරිසිදු කරන්නෙමියි. ඔවුන් විසින් දක්වන ලද අවකාශය “හුදෙක් මම මෙය සෘද්ධියෙන් සත්රුවනින් විසිතුරු කොට අලංකාර කිරීමට සමත් නමුදු අද වනාහි මවිසින් කයින් වතාවත් කරන්නට වටී යයි කායප්‍රසාද කුශලය ලබා ගන්නෙමි”යි සිතා තණ කසල ආදිය ඉවත් කොට පස් ගෙනවිත් (පොළොව) සම කරමින් පිරිසිදු කරයි. (සුමේධ තාපසතුමන්) ඒ ප්‍රදේශය පිරිසිදු කොට නොමිකල්හිම දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේ මහත් ආනුභාව ඇත්තා වූ අභිඥාලාභී වූ හාරලක්ෂයක් රහතන් වහන්සේ විසින් පිරිවරන ලද්දාහු එම මගට පිළිපන් සේක. සුමේධ පණ්ඩිත තෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, බුද්ධ ශ්‍රාවකයෝත් මඩ නො පාගත්වා’යි තමන්ගේ වැහැරි සිවුරද සම් කඩද ජටා මඩුල්ලද අතුරා, තෙමේද භාග්‍යවතුන් වහන්සේ වඩිනා පෙදෙසට හිසලා මුනින් වැද හොත්තේය. මෙසේද සිතීය. “ඉදින් මම කැමති වන්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වී අදම කෙළෙස් නසන්නෙමි. හුදෙකලාව සංසාර මහෝඝයෙන් එතෙර වීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මම ද මෙබඳු සම්මා සම්බුදු කෙනෙක් වී දෙවියන් සහිත ලෝකයා සංසාර මහා සාගරයෙන් එතෙර කරවන්නෙම් නම් මැනවැ”යි මෙසේ හෙතෙම අඞ්ග අටකින් සමන්විත මහාභිනීහාර (ප්‍රාර්ථනා) වශයෙන් සිත පිහිටු වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට ඔහුගේ හිස අසල සිට ඔහුගේ සිතේ අදහස සමෘද්ධවන බව ද දැන “මෙතෙම මෙයින් සාරාසඞ්ඛය කල්ප ලක්ෂයකට මත්තෙහි ගෞතම නම් සම්මා සම්බුද්ධ වන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මේ සියලු පුවත් ප්‍රකාශ කොට (විවරණ දී) වැඩි සේක.
තතො අපරෙපි කොණ්ඩඤ්ඤභගවන්තං ආදිං කත්වා අනුක්කමෙන උප්පන්නා යාව කස්සපදසබලපරියොසානා සම්මාසම්බුද්ධා මහාසත්තං “බුද්ධො භවිස්සතී”ති බ්යාකරිංසු. ඉති අම්හාකං බොධිසත්තස්ස පාරමියො පූරෙන්තස්සෙව චතුවීසති සම්මාසම්බුද්ධා උප්පන්නා. යස්මිං පන කප්පෙ දීපඞ්කරදසබලො උදපාදි, තස්මිං අඤ්ඤෙපි තයො බුද්ධා අහෙසුං. තෙසං සන්තිකෙ බොධිසත්තස්ස බ්‍යාකරණං නාහොසි, තස්මා තෙ ඉධ න ගහිතා. පොරාණට්ඨකථායං පන තම්හා කප්පා පට්ඨාය සබ්බබුද්ධෙ දස්සෙතුං ඉදං වුත්තං –
ඉන්පසුවද කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ආදීකොට කාශ්‍යප දශබලධාරීන් වහන්සේ කෙළවරකොට පිළිවෙළින් උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා “මහා සත්ත්වයන් බුදු වන්නේ ය”යි විවරණ දුන්හ. මෙසේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ පාරමිතා පුරද්දීම “සුවිසි බුදු කෙනෙක් ලොව පහළ වූහ. දීපඞ්කර දශබලධාරීන් වහන්සේ පහළ වූ කල්පයෙහි අනෙක් බුදුවරයෝ තුන් නමක් ද වූහ. උන්වහන්සේලාගේ සමීපයෙහි බෝධිසත්ත්වයන් වහන්සේගේ විවරණ ගැනීමක් නොවීය. එම නිසා උන්වහන්සේලා මෙහි නොගන්නා ලද්දාහ. පොරාණට්ඨකථාවෙහි වනාහි ඒ කප පටන් සියලු බුදුවරයන් දක්වනු පිණිස මෙය කියන ලදී.
“තණ්හඞ්කරො මෙධඞ්කරො, අථොපි සරණඞ්කරො; දීපඞ්කරො ච සම්බුද්ධො, කොණ්ඩඤ්ඤො ද්විපදුත්තමො.
“තණ්හඞ්කරය, මේධඞ්කරය, නැවත සරණඞ්කරය, දීපඞ්කර සම්බුදු රජුය, දිපදුත්තම කොණ්ඩඤ්ඤය
“මඞ්ගලො ච සුමනො ච, රෙවතො සොභිතො මුනි; අනොමදස්සී පදුමො, නාරදො පදුමුත්තරො.
මඞ්ගලය, සුමනය, රේවතය, සෝභිත මුනිය, අනෝමදස්සිය, පදුමය, නාරදය, පදුමුත්තරය,
“සුමෙධො ච සුජාතො ච, පියදස්සී මහායසො; අත්ථදස්සී ධම්මදස්සී, සිද්ධත්ථො ලොකනායකො.
සුමේධය, සුජාතය, මහා යසස් ඇති පියදස්සිය, අත්ථදස්සිය, ධම්මදස්සිය, ලෝකනායක සිද්ධත්ථය,
“තිස්සො ඵුස්සො ච සම්බුද්ධො, විපස්සී සිඛි වෙස්සභූ; කකුසන්ධො කොණාගමනො, කස්සපො චාපි නායකො.
තිස්සය, ඵුස්ස සම්බුදුරජුය, විපස්සිය, සිඛීය, වෙස්සභූය, කකුසඳය, කොනාගමය, නායක වූ කස්සපය යන
“එතෙ අහෙසුං සම්බුද්ධා, වීතරාගා සමාහිතා; සතරංසීව උප්පන්නා, මහාතමවිනොදනා; ජලිත්වා අග්ගික්ඛන්ධාව, නිබ්බුතා තෙ සසාවකා”ති. (ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා; අප· අට්ඨ· 1.දූරෙනිදානකථා);
මුන්වහන්සේලා පහවූ රාග ඇති සන්සිඳුනු සිත් ඇති සම්බුදුවරු වූහ. මහා මෝහාන්ධකාරය දුරුකරන සූර්ය්යයන් මෙන් පහළ වූ උන්වහන්සේලා ගිනි කඳන් මෙන් බැබලී ශ්‍රාවකයන් සහිතව නිවීමට පත්වූහ.
තත්ථ දීපඞ්කරදසබලස්ස ච කොණ්ඩඤ්ඤදසබලස්ස ච අන්තරෙ මහාකප්පානං එකං අසඞ්ඛ්යෙය්යං බුද්ධසුඤ්ඤො ලොකො අහොසි, තථා භගවතො කොණ්ඩඤ්ඤස්ස ච භගවතො මඞ්ගලස්ස ච අන්තරෙ, තථා භගවතො සොභිතස්ස ච භගවතො අනොමදස්සිස්ස ච අන්තරෙ, තථා භගවතො නාරදස්ස ච භගවතො පදුමුත්තරස්ස ච අන්තරෙ. වුත්තඤ්හෙතං බුද්ධවංසෙ (බු· වං· 28.3, 4, 6, 9) –
එහි දීපඞ්කර බුදුරජුන් හා කොණ්ඩඤ්ඤ බුදුරජුන් අතර මහා කල්පයන් සම්බන්ධ එක් අසඞ්ඛ්‍යයක්, ලෝකය බුදුවරුන්ගෙන් තොර විය. කොණ්ඩඤ්ඤ බුදුරජුන් හා මංගල බුදුරජුන් අතර එක් අසඞ්ඛ්‍යයක් ද එසේමය. සෝභිත බුදුරජුන් හා අනෝමදස්සි බුදු රජුන් අතර එක් අසඞ්ඛ්‍යයක් ද නාරද බුදුරජුන් හා පදුමුත්තර බුදුරජුන් අතර එක් අසඞ්ඛ්‍යයක් ද එසේම බුදුවරුන්ගෙන් තොර විය. එයම බුද්ධවංසයෙහි ද කියන ලදී.
“දීපඞ්කරස්ස භගවතො, කොණ්ඩඤ්ඤස්ස ච සත්ථුනො; එතෙසං අන්තරා කප්පා, ගණනාතො අසඞ්ඛියා.
“දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේටද කොණ්ඩඤ්ඤ ශාස්තෲන් වහන්සේටද යන මේ බුදුවරයන්ට අන්තරා කල්ප ගණනින් අසඞ්ඛ්‍ය විය.
“කොණ්ඩඤ්ඤස්ස අපරෙන, මඞ්ගලො නාම නායකො; තෙසම්පි අන්තරා කප්පා, ගණනාතො අසඞ්ඛියා.
කොණ්ඩඤ්ඤ බුදුරජුන්ට පසුව මඞ්ගල නම් ලෝක නායකයන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේලාටද අන්තරා කල්ප ගණනින් අසඞ්ඛ්‍ය විය.
“සොභිතස්ස අපරෙන, අනොමදස්සී මහායසො; තෙසම්පි අන්තරා කප්පා, ගණනාතො අසඞ්ඛියා.
සෝභිත බුදුරජුන්ට පසුව මහා යසස් ඇති අනෝමදස්සි බුදුරජුන් පහළ වූ අතර ඒ බුදුරජාණන් වහන්සේලාටද අන්තරාකල්ප ගණනින් අසඞ්ඛ්‍ය විය.
“නාරදස්ස භගවතො, පදුමුත්තරස්ස සත්ථුනො; තෙසම්පි අන්තරා කප්පා, ගණනාතො අසඞ්ඛියා”ති.
නාරද භාග්‍යවතුන් වහන්සේට හා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ද අන්තරා කල්ප ගණනින් අසඞ්ඛ්‍ය විය. (බුද්ධවංස පාලි බුද්ධ පකිණ්ණක කණ්ඩ)
එවං ගණනාතීතතාය අසඞ්ඛ්යෙය්යත්තෙපි චතූසු ඨානෙසු මහාකප්පානං ගණනාතික්කමෙන “චතුරො ච අසඞ්ඛියෙ”ති වුත්තං, න සඞ්ඛ්යාවිසෙසෙනාති වෙදිතබ්බං. යස්මා පන පදුමුත්තරදසබලස්ස ච සුමෙධදසබලස්ස ච අන්තරෙ තිංසකප්පසහස්සානි, සුජාතදසබලස්ස ච පියදස්සීදසබලස්ස ච අන්තරෙ නවසහස්සාධිකානං කප්පානං සට්ඨිසහස්සානි ද්වාසීතුත්තරානි අට්ඨ ච සතානි, ධම්මදස්සීදසබලස්ස ච සිද්ධත්ථදසබලස්ස ච අන්තරෙ වීසති කප්පා, සිද්ධත්ථදසබලස්ස ච තිස්සදසබලස්ස ච අන්තරෙ එකො කප්පො , භගවතො විපස්සිස්ස ච භගවතො සිඛිස්ස ච අන්තරෙ සට්ඨි කප්පා, භගවතො ච වෙස්සභුස්ස භගවතො ච කකුසන්ධස්ස අන්තරෙ තිංස කප්පා, ඉති පදුමුත්තරදසබලස්ස උප්පන්නකප්පතො පට්ඨාය හෙට්ඨා තෙසං තෙසං බුද්ධානං උප්පන්නකප්පෙහි ඉමිනා ච භද්දකප්පෙන සද්ධිං සතසහස්සමහාකප්පා. තෙ සන්ධාය වුත්තං “කප්පෙ ච සතසහස්සෙ”ති. ඉමස්මිං පනත්ථෙ විත්ථාරියමානෙ සබ්බං බුද්ධවංසපාළිං ආහරිත්වා සංවණ්ණෙතබ්බං හොතීති අතිවිත්ථාරභීරුකස්ස මහාජනස්ස චිත්තං අනුරක්ඛන්තා න විත්ථාරයිම්හ. අත්ථිකෙහි බුද්ධවංසතො (බු· වං· 1.1 ආදයො) ගහෙතබ්බො. යොපි චෙත්ථ වත්තබ්බො කථාමග්ගො, සොපි අට්ඨසාලිනියා (ධ· ස· අට්ඨ· සුමෙධකථා) ධම්මසඞ්ගහවණ්ණනාය ජාතකට්ඨකථාය (ජා· අට්ඨ· 1.දූරෙනිදානකථා) ච වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මෙසේ ගණන් ඉක්මවීමෙන් අසඞ්ඛ්යත්වයක් ඇත්තේ නමුදු සතර ස්ථානයෙක්හි මහා කල්පයන්ගේ ගණනාතික්රමයෙන් “චතුරො අසඞ්ඛියෙ” යයි කියන ලදී. සඞ්ඛ්‍යා විශේෂ වශයෙන් නොවේයයි දත යුතුය. යම්හෙයකින් පදුමුත්තර බුදුරජුන්ට හා සුමේධ බුදුරජුන්ට අතර කල්ප තිස් දහසක් ද සුජාත බුදුරජුන්ට හා පියදස්සී බුදුරජුන්ට අතර කල්ප හැටනම දහස් අටසිය අසූ දෙකක් ද ධම්මදස්සි බුදුරජුන්ට හා සිද්ධත්ථ බුදුරජුන්ට අතර කල්ප විස්සක් ද සිද්ධත්ථ බුදු රජුන්ට හා තිස්ස බුදුරජුන්ට අතර එක් කල්පයක් ද විපස්සී බුදුරජුන්ට හා සීඛී බුදුරජුන්ට අතර කල්ප හැටක් ද වෙස්සභූ බුදුරජුන් හා කකුසඳ බුදුරජුන් අතර කල්ප තිහක්දැයි මෙසේ පදුමුත්තර බුදුරජුන් උපන් කල්පයේ පටන් යට ඒ ඒ බුදුවරුන් උපන් කල්පයන් හා මේ භද්රකල්පයත් සමග මහා කල්ප ලක්ෂයක් වේ. ඒ සඳහා “කප්පෙච සතසහස්සෙ” යයි කියන ලදී. මෙහි අර්ථය විස්තර කරනු ලබන කල්හි සියලු බුද්ධවංසපාලිය ගෙන හැර දක්වා වර්ණනා කළ යුතු නමුත් අධික විස්තරයට බිය වන මහජනයාගේ සිත රකිමින් විස්තර නො කෙළෙමු. ප්‍රයෝජන ඇත්තන් විසින් බුද්ධවංසයෙන් (එම විස්තර) ගත යුතුය. මෙහි කිව යුතු යම් කථා මාර්ගයක් වේද එයද අත්ථසාලීනී නම් ධම්මසඞ්ගනී වර්ණනාවෙහි හා ජාතකට්ඨ කථාවෙහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය.
එත්ථන්තරෙති එත්ථ අන්තරසද්දො –
“එත්ථන්තරෙ” යන මෙහි “අන්තර” ශබ්දය
“නදීතීරෙසු සණ්ඨානෙ, සභාසු රථියාසු ච; ජනා සඞ්ගම්ම මන්තෙන්ති, මඤ්ච තඤ්ච කිමන්තර”න්ති. (සං· නි· 1.228) –
“නදීතීරෙසු සණ්ඨානෙ සභාසු රථියාසුච ජනාසඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං (සංයුත්ත නිකාය- වන සංයුත්ත)
ආදීසු කාරණෙ ආගතො. “අද්දසා ඛො මං, භන්තෙ, අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී”තිආදීසු (ම· නි· 2.149) ඛණෙ, විජ්ජුනිච්ඡරණක්ඛණෙති අත්ථො. “යස්සන්තරතො න සන්ති කොපා”තිආදීසු (උදා· 20) චිත්තෙ. “අන්තරා ච ගයං අන්තරා ච බොධි”න්තිආදීසු (ම· නි· 1.285; මහාව· 11) විවරෙ. “න උපජ්ඣායස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා”තිආදීසු (මහාව· 66) වෙමජ්ඣෙ. ඉධාපි වෙමජ්ඣෙයෙව දට්ඨබ්බො (දී· නි· අට්ඨ· 1.1; අ· නි· අට්ඨ· 2.4.36), තස්මා එතස්මිං අන්තරෙ වෙමජ්ඣෙති අත්ථො. ඉදං වුත්තං හොති – යස්මිං මහාකප්පෙ අම්හාකං භගවා සුමෙධපණ්ඩිතො හුත්වා දීපඞ්කරස්ස භගවතො පාදමූලෙ –
ආදී තැන්වල කාරණයෙහි ආයේය. “අද්ද සා ඛො මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති” ආදී තැන්වල ක්ෂණයෙහිය. “විදුලිය නිකුත් වූ ක්ෂණයෙහි” යන අර්ථයයි. “යස්සන්තරතො න සන්ති කොපා” (උදානපාලි - මුචලින්දවග්ග) ආදී තැන්වල චිත්තයෙහිය. “අන්තරාච බොධිං අන්තරාච ගයං” (මහාවග්ග මහක්ඛන්ධකය) ආදී තැන්වල විවරයෙහිය. “න උපජ්ඣායස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බා” (චුල්ලවග්ග - වත්තක්ඛන්ධක) ආදී තැන්වල මධ්‍යයෙහිය. මෙහිද “මධ්‍යයෙහිම” බව දත යුතුය. එහෙයින් “මේ අතරය, මධ්‍යයෙහිය යන අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. යම් මහා කල්පයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුමේධ පණ්ඩිත වී දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයෙහි,
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා”ති. (බු· වං· 2.59) –
“මනුස්සත්තං ලිඞ්ග සම්පත්ති - හෙතු = සත්ථාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්ති - අධිකාරොච - ඡන්දතා’ති”
(මිනිස් බව, ලිඞ්ග සම්පත්තිය හෙවත් පිරිමි බව, රහත් වීමට තරම් පෙර පින් ඇති බව, ශාස්තෲ දර්ශනය, පැවිදි බව, පංච අභිඥා අෂ්ට සමාපත්ති ගුණ ඇති බව, ජීවිතය බුදුවරුන්ට පරිත්‍යාග කිරීම බුද්ධකාරක ධර්ම පිරීම සඳහා ඇති බලවත් කැමැත්තයි.
එවං වුත්තෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතං මහාභිනීහාරං අකාසි, සමත්තිංස පාරමියො පවිචිනි සමාදියි, සබ්බෙපි බුද්ධකාරකෙ ධම්මෙ සම්පාදෙතුං ආරභි, යම්හි චෙතස්මිං භද්දකප්පෙ සබ්බසො පූරිතපාරමී හුත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣි. ඉමෙසං ද්වින්නං මහාකප්පානං අන්තරෙ යථාවුත්තපරිච්ඡෙදෙ කාලවිසෙසෙති. කථං පනෙතං විඤ්ඤායතීති? “කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ”ති ඉදඤ්හි මහාකප්පානං පරිච්ඡෙදතො අපරිච්ඡෙදතො ච සඞ්ඛ්යාදස්සනං. සා ඛො පනායං සඞ්ඛ්‍යා සඞ්ඛ්යෙය්යස්ස ආදිපරියොසානග්ගහණං විනා න සම්භවතීති යත්ථ බොධිසම්භාරානමාරම්භො යත්ථ ච තෙ පරියොසිතා තදුභයම්පි අවධිභාවෙන “එත්ථන්තරෙ”ති එත්ථ අත්ථතො දස්සිතන්ති විඤ්ඤායති. අවධි ච පනායං අභිවිධිවසෙන වෙදිතබ්බො, න මරියාදාවසෙන, ආරම්භොසානකප්පානං එකදෙසෙන අන්තොගධත්තා. නනු ච නිප්පදෙසෙන තෙසං අපරියාදානතො අභිවිධි ච ඉධ න සම්භවතීති? න ඉදමෙවං තදෙකදෙසෙපි තබ්බොහාරතො. යො හි තදෙකදෙසභූතො කප්පො, සො නිප්පදෙසතො පරියාදින්නොති.
මෙසේ කියන ලද අඞ්ග අටකින් යුත් මහාභිනීහාරයක් හෙවත් ප්‍රාර්ථනාවක් කළාහු ද සමතිස් පාරමී රැස් කළාහු ද, සමාදන් වූවාහු ද, සියලු බුද්ධකාරක ධර්මයන් සම්පාදනය කිරීමට පටන් ගත්තාහු ද, යම් මේ භද්‍රකල්පයක සියලු ආකාරයෙන් පුරන ලද පාරමී ඇතිවූ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද මේ මහා කල්ප දෙක අතර යට කියන ලද කොටසට අයත් කාලය විශේෂ කොට දක්වයි. එය කෙසේ දැනගනු ලැබේ ද? “කප්පෙච සතසහස්සෙ චතුරොච අසඞ්ඛියෙ” යන මෙහි වනාහි මහා කල්පයන්ගේ පරිච්ඡේද වශයෙන් ද අපරිච්ඡේද වශයෙන් ද සඞ්ඛ්‍යා දැක්වීමයි. ඒ මේ සඞ්ඛ්‍යාව අසඞ්ඛෙය්යයෙහි මුල අග ගැනීමෙන් තොරව නො ලැබෙයි යම් තැනක සිට බෝධිසම්භාරයන්ගේ පටන් ගැනීම වේද, යම් තැනක ඒවා අවසන් කරන ලද්දේ වේද ඒ දෙකම අවධිභාවයෙන් “එත්ථන්තරෙ” යයි මෙහි අර්ථ වශයෙන් දක්වන ලද්දේ යයි හැඟේ. මෙහි අවධිය වනාහි අභිවිධ (සීමාව ගෙන) වශයෙන් දත යුතුය. මර්‍ය්‍යාදා (සීමාව හැර) වශයෙන් නොගත යුතුය. මුල අග කල්පයන්ගේ ඒක දේශයකින් ඇතුළත් හෙයිනි. ඔවුන් නිෂ්ප්‍රදේශ වශයෙන් නො ගන්නා හෙයින් අභිවිධියත් මෙහි ලැබෙනවා නොවේද? මෙය මෙසේ නොවේ. තදේකදේශයෙහිද එම ව්‍යවහාරය කරන හෙයිනි. යම් තදේකදේශ වූ කල්පයක් වේද එය නිෂ්ප්‍රදේශ වශයෙන් ගන්නා ලදී.
යං චරිතං, සබ්බං තං බොධිපාචනන්ති එත්ථ චරිතන්ති චරියා, සමත්තිංසපාරමිසඞ්ගහා දානසීලාදිපටිපත්ති, ඤාතත්ථචරියාලොකත්ථචරියාබුද්ධත්ථචරියානං තදන්තොගධත්තා. තථා යා චිමා අට්ඨ චරියා, සෙය්යථිදං – පණිධිසම්පන්නානං චතූසු ඉරියාපථෙසු ඉරියාපථචරියා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං අජ්ඣත්තිකායතනෙසු ආයතනචරියා, අප්පමාදවිහාරීනං චතූසු සතිපට්ඨානෙසු සතිචරියා, අධිචිත්තමනුයුත්තානං චතූසු ඣානෙසු සමාධිචරියා, බුද්ධිසම්පන්නානං චතූසු අරියසච්චෙසු ඤාණචරියා, සම්මා පටිපන්නානං චතූසු අරියමග්ගෙසු මග්ගචරියා, අධිගතඵලානං චතූසු සාමඤ්ඤඵලෙසු පත්තිචරියා, තිණ්ණං බුද්ධානං සබ්බසත්තෙසු ලොකත්ථචරියාති. තත්ථ පදෙසතො ද්වින්නං බොධිසත්තානං පච්චෙකබුද්ධබුද්ධසාවකානඤ්ච ලොකත්ථචරියා, මහාබොධිසත්තානං පන සම්මාසම්බුද්ධානඤ්ච නිප්පදෙසතො. වුත්තඤ්හෙතං නිද්දෙසෙ (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121; පටි· ම· 1.197) “චරියාති අට්ඨ චරියායො ඉරියාපථචරියා ආයතනචරියා”ති විත්ථාරො. “අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො වීරියෙන චරති, උපට්ඨහන්තො සතියා චරති, අවික්ඛිපන්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණෙන චරති, එවම්පි පටිපන්නස්ස කුසලා ධම්මා ආයතන්තීති ආයතනචරියාය චරති, එවම්පි පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරතී”ති යා ඉමා අපරාපි අට්ඨ චරියා වුත්තා, තාසං සබ්බාසං පාරමිතාස්වෙව සමොරොධො වෙදිතබ්බො. තෙන වුත්තං “චරිතන්ති චරියා, සමත්තිංසපාරමිසඞ්ගහා දානසීලාදිපටිපත්තී”ති. හෙතුචරියාය එව පන ඉධාධිප්පෙතත්තා මග්ගචරියාපත්තිචරියානං ඉධ අනවරොධො වෙදිතබ්බො. තෙන වුත්තං “සබ්බං තං බොධිපාචන”න්ති.
“යං චරිතං සබ්බං තං බොධිපාචනං” යන මෙහි “චරිතං” යනු හැසිරීමයි. සමතිස් පාරමී ඇතුළත් දාන ශීලාදි ප්රතිපත්තියයි. ඤාතත්ථචරියා, ලොකත්ථචරියා බුද්ධත්ථ චරියා යන මේවා එයට ඇතුළත් බැවිනි. එසේ යම් මේ චර්‍ය්‍යාවෝ අටක් වෙත්ද? ඒ කවරේද යත් ප්‍රණිධි (ප්‍රාර්ථනා) සම්පන්නයන්ගේ සතර ඉරියව්වෙහි ඉරියාපථචරියාවය, ඉන්ද්රියන්හි වසන ලද දොර ඇත්තවුන්ගේ ආධ්‍යාත්මික ආයතනයන්හි ආයතන චරියාවය, අප්‍රමාද විහරණ ඇත්තවුන්ගේ සතර සතිපට්ඨානයන්හි සති චරියාවය. සතර තැනෙක්හි අධිචිත්තයෙහි යෙදුනවුන්ගේ සමාධි චරියාවය, චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි බුද්ධිසම්පන්නයන්ගේ ඤාණචරියාවය, සතර ආර්‍ය්‍ය මාර්ගයෙහි මැනවින් පිළිපන්නවුන්ගේ මග්ග චරියාවය, සතර සාමඤ්ඤ ඵලයන්හි පැමිණි ඵල ඇත්තවුන්ගේ පකති චරියාවය, ත්‍රිවිධ බුදුවරයන්ගේ සියලු සත්ත්වයන් කෙරෙහි ලොකත්ථ චරියාවය යන මේවායි. එහි ප්රත්යෙක බුද්ධ, බුද්ධශ්රාවක යන බෝධිසත්ත්වයන් දෙදෙනාගේ ලොකත්ථචරියාව ප්‍රදේශ වශයෙන් ද, සම්මාසම්බුද්ධ මහාබෝධිසත්ත්වයන්ගේ ලෝකත්ථචරියාව නිෂ්ප්‍රදේශ වශයෙන් ද වෙයි. මෙය නිද්දේශයෙහි කියන ලදී. “චරියා” යනු චර්ය්යා අටකි. ඉරියාපථ චරියා - ආයතන චරියා ආදී වශයෙනි. විස්තර වශයෙන් ස්ථිර වශයෙන් පිහිටන්නේ සද්ධා වශයෙන් පවතියි. දැඩිලෙස උත්සාහ කරන්නේ වීර්‍ය්‍ය වශයෙන් පවතියි. (අරමුණෙහි) සිහි එළවා තබන්නේ සති වශයෙන් පවතියි. චංචල නොවන්නේ සමාධි වශයෙන් පවතියි. විශේෂයෙන් දැනගන්නේ ප්‍රඥා වශයෙන් පවතියි. අරමුණු දැනීම කරන්නේ විඥාන වශයෙන් පවතියි. මෙසේ පිළිපන්නවුන්ගේ කුසල ධර්මයෝ අතිශයින් පවතිත්නුයි ආයතන චර්ය්යා වශයෙන් පවතියි. මෙසේ පිළිපන්නේ විශේෂයට පැමිණේනුයි විශේෂ චර්ය්යා වශයෙන් පවතියි යනුවෙනි. (චුල්ලනිද්දෙසපාලි ඛග්ගවිසාන සුත්ත) යම් මේ අනිකුදු චර්‍ය්‍යාවෝ අටක් කියන ලද්දාහු ද ඒ සියල්ලන්ගේ පාරමිතාවන්හි බාධා බව දත යුතුය. එහෙයින් ‘චරිතං’ යනු හැසිරීම යයි කියන ලදී. සමතිස් පාරමිතා සංග්‍රහය දානශීලාදි ප්රතිපත්තියයි. හෙතු චරියාවම මෙහි අදහස් කළ බැවින් මාර්‍ගචර්‍ය්‍යා ප්රකෘතිචර්ය්යාවන් සඳහා මෙහි අවිරුද්ධ බව දත යුතුය. “සබ්බං තං බොධිපාචනං” යනුවෙන් එහෙයින් කියන ලදී.
තත්ථ සබ්බ-සද්දො සබ්බසබ්බං ආයතනසබ්බං සක්කායසබ්බං පදෙසසබ්බන්ති චතූසු අත්ථෙසු දිස්සති. තථා හි “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථමාගච්ඡන්තී”තිආදීසු (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) සබ්බසබ්බස්මිං. “සබ්බං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි තං සුණාථ, කිඤ්ච, භික්ඛවෙ, සබ්බං චක්ඛුඤ්චෙව රූපා ච…පෙ… මනො චෙව ධම්මා චා”ති (සං· නි· 4.23) එත්ථ ආයතනසබ්බස්මිං. “සබ්බං සබ්බතො සඤ්ජානාතී”තිආදීසු (ම· නි· 1.6) සක්කායසබ්බස්මිං. “සබ්බෙසම්පි වො, සාරිපුත්ත, සුභාසිතං පරියායෙනා”තිආදීසු (ම· නි· 1.345) පදෙසසබ්බස්මිං. ඉධාපි පදෙසසබ්බස්මිං එව වෙදිතබ්බො, බොධිසම්භාරභූතස්ස චරිතස්ස අධිප්පෙතත්තා.
එහි “සබ්බ” ශබ්දය සබ්බ සබ්බ, ආයතන සබ්බ, සක්කාය සබ්බ, පදෙස සබ්බ යයි අර්ථ හතරෙක්හි දක්නා ලැබේ. ඒ එසේමැයි “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථමාගච්ඡන්ති” (මහානිද්දෙස - පසුර සුත්ත) ආදී තැන්වල සබ්බ සබ්බයෙහිය. “සබ්බං වො භික්ඛවෙ දෙසිස්සාමි චක්ඛුං චෙව රුපෙච -පෙ- මනො චෙව ධම්මෙ ච” (සංයුත්ත නිකාය -සලායතන වග්ග) යන මෙහි ආයතන සබ්බයෙහිය “සබ්බ සබ්බතො සඤ්ජානාති” (මජ්ඣිම නිකාය මූලපරියාය සුත්ත) ආදී තැන්වල සක්කාය සබ්බයෙහිය. “සබ්බෙසම්පි වො සාරිපුත්ත සුභාසිතං පරියායෙන” (මජ්ඣිම නිකාය - මහාගොසිඞ්ග සුත්ත) ආදී තැන්වල පදෙස සබ්බයෙහිය. මෙහිද පදෙස සබ්බයෙහිම යයි දත යුතුය. බොධිසම්භාර වූ චරිතය අදහස් කළ බැවිනි.
බොධීති රුක්ඛොපි අරියමග්ගොපි නිබ්බානම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි. “බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො”ති (මහාව· 1; උදා· 1) ච “අන්තරා ච ගයං අන්තරා ච බොධි”න්ති (ම· නි· 1.285; මහාව· 11) ච ආගතට්ඨානෙ බුජ්ඣති එත්ථාති රුක්ඛො බොධි. “බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණ”න්ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) ආගතට්ඨානෙ චත්තාරි අරියසච්චානි බුජ්ඣති එතෙනාති අරියමග්ගො බොධි. “පත්වාන බොධිං අමතං අසඞ්ඛත”න්ති ආගතට්ඨානෙ බුජ්ඣති එතස්මිං නිමිත්තභූතෙති නිබ්බානං බොධි. “පප්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) ආගතට්ඨානෙ සබ්බෙ ධම්මෙ සබ්බාකාරෙන බුජ්ඣති එතෙනාති සබ්බඤ්ඤුතඤ්ඤාණං බොධි. ඉධාපි සබ්බඤ්ඤුතඤ්ඤාණං අධිප්පෙතං. අරහත්තමග්ගසබ්බඤ්ඤුතඤ්ඤාණානි වා ඉධ බොධීති වෙදිතබ්බානි (පාරා· අට්ඨ· 1.11), මහාබොධියා අධිප්පෙතත්තා භගවතො. ආසවක්ඛයඤාණපදට්ඨානඤ්හි සබ්බඤ්ඤුතඤ්ඤාණං සබ්බඤ්ඤුතඤ්ඤාණපදට්ඨානඤ්ච ආසවක්ඛයඤාණං “මහාබොධී”ති වුච්චති. එත්ථායං සඞ්ඛෙපත්ථො – යථාවුත්තකාලපරිච්ඡෙදෙ යං මම දානාසීලාදිපටිපත්තිසඞ්ඛාතං චරිතං, තං සබ්බං අනවසෙසං මහාබොධියා පාචනං සාධකං නිබ්බත්තකන්ති. එතෙන බොධිසම්භාරානං නිරන්තරභාවනං දස්සෙති. අථ වා සබ්බන්ති එත්ථන්තරෙ යථාවුත්තකාලපරිච්ඡෙදෙ යං චරිතං, තං සබ්බං සකලමෙව අනවසෙසං බොධිසම්භාරභූතමෙව. එතෙන සබ්බසම්භාරභාවනං දස්සෙති.
“බොධි” යන්නෙන් ගස ද, ආර්ය්යමාර්ගය ද, නිර්වාණය ද, සර්වඥතාඥානය ද කියනු ලැබේ. “බොධිරුක්ඛමුලෙ පඨමාභිසම්බුද්ධො” යනුවෙන් ආ තැන ද (මහාවග්ග - මහාක්ඛන්‍ධක) “අන්තරාච බොධිං අන්තරාච ගයං” (එම) යනුවෙන් ආ තැන ද “මෙහිදී (ගස මුලදී) (සර්වඥතා ඥානය) අවබෝධ කරයි යන අර්ථයෙන් ගස, බෝධියයි කියනු ලැබේ. “බොධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං”යි ආ තන්හි චතුරාර්‍ය්‍ය සත්‍යය මෙය (මාර්ග ඥානය) කරණ කොටගෙන අවබෝධ කෙරේනු”යි ආර්‍ය්‍ය මාර්ගය බෝධි නම් වේ. “පත්වාන බොධිං අමතං අසඞ්ඛතං”යි ආ තැන නිමිත්ත වූ මෙහි අවබෝධ කෙරේනුයි නිර්වාණය බෝධි නම් වේ. “පප්පොති බොධිං වරභුරිමෙධසො”යි ආ තන්හි සියලු ධර්මයන් මෙය (සර්වඥතා ඥණය) කරණකොට ගෙන සර්වාකාරයෙන් අවබෝධ කෙරේනුයි සර්වඥතාඥානය අදහස් කරන ලදී. අර්හත් මාර්ග හා සර්වඥතා ඥානය ද මෙහි බෝධියයි දත යුතුය. මහාබෝධිය අදහස් කළ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ආසවක්ඛය ඤාණයට ආසන්න කාරණය වූ සර්වඥතා ඥානය හා සර්වඥතා ඥානයට ආසන්න කාරණය වූ ආසවක්ඛය ඤාණය ද මහා බෝධියයි කියනු ලැබේ. මේ මෙහි කෙටි අදහසයි. කියන ලද කාලපරිච්ඡේදයෙහි මාගේ දාන ශීලාදී ප්රතිපත්තියයි කියන ලද යම් චරිතයක් වීද? ඒ සියල්ල ඉතිරියක් නොමැතිව මහා බෝධිය මුහුකුරුවන්නේය. සිද්ධ කරන්නේය. උපදවන්නේය. මෙයින් බෝධි සම්භාරයන්ගේ නිරතුරු වැඩීම දක්වන්නේය. නැතහොත් ‘සබ්බං’ යනු මෙදෑතුරෙහි, ඉහත කියන ලද කාල පරිච්ඡේදය තුළ යම් චරිතයක් වීද ඒ සියල්ලම ඉතිරියක් නොමැතිව බෝධි සම්භාරයට උපකාර වූයේමය. මෙයින් සර්වසම්භාර භාවනාව දක්වයි.
තස්සො හි බොධිසම්භාරෙසු භාවනා සබ්බසම්භාරභාවනා නිරන්තරභාවනා චිරකාලභාවනා සක්කච්චභාවනා චාති. තාසු “කප්පෙ ච සතසහස්සෙ, චතුරො ච අසඞ්ඛියෙ”ති ඉමිනා චිරකාලභාවනා වුත්තා. යො චෙත්ථ අච්චන්තසංයොගො, තෙන පඨමෙ අත්ථවිකප්පෙ සබ්බග්ගහණෙන ච නිරන්තරභාවනා, දුතියෙ අත්ථවිකප්පෙ සබ්බං චරිත”න්ති ඉමිනා සබ්බසම්භාරභාවනා, බොධිපාචන”න්ති ඉමිනා සක්කච්චභාවනා වුත්තා හොති, යථා තං චරිතං සම්මාසම්බොධිං පාචෙති එවංභූතභාවදීපනතො. තථා හි තං “බොධිපාචන”න්ති වත්තබ්බතං අරහති, න අඤ්ඤථාති. කථං පනෙත්ථ බොධිචරියාය නිරන්තරභාවො වෙදිතබ්බො? යදි චිත්තනිරන්තරතාය තං න යුජ්ජති, න හි මහාබොධිසත්තානං මහාභිනීහාරතො උද්ධං බොධිසම්භාරසම්භරණචිත්තතො අඤ්ඤං චිත්තං නප්පවත්තතීති සක්කා වත්තුං. අථ කිරියමයචිත්තප්පවත්තිං සන්ධාය වුච්චෙය්ය, එවම්පි න යුජ්ජති, න හි සබ්බානි තෙසං කිරියමයචිත්තානි බොධිසම්භාරසම්භරණවසෙනෙව පවත්තන්ති. එතෙනෙව පයොගනිරන්තරතාපි පටික්ඛිත්තාති දට්ඨබ්බා. ජාතිනිරන්තරතාය පන නිරන්තරභාවනා වෙදිතබ්බා. යස්සඤ්හි ජාතියං මහාබොධිසත්තෙන මහාපණිධානං නිබ්බත්තිතං, තතො පට්ඨාය යාව චරිමත්තභාවා න සා නාම ජාති උපලබ්භති, යා සබ්බෙන සබ්බං බොධිසම්භාරසම්භතා න සියා අන්තමසො දානපාරමිමත්තං උපාදාය. අයඤ්හි නියතිපත්ථිතානං බොධිසත්තානං ධම්මතා. යාව ච තෙ කම්මාදීසු වසීභාවං න පාපුණන්ති, තාව සප්පදෙසම්පි සම්භාරෙසු පයොගමාපජ්ජන්ති. යදා පන සබ්බසො කම්මාදීසු වසීභාවප්පත්තා හොන්ති, අථ තතො පට්ඨාය නිප්පදෙසතො එව බොධිසම්භාරෙසු සමීහනං සාතච්චකිරියා ච සම්පජ්ජති. සක්කච්චකාරිතා පන සබ්බකාලං හොති, එවං යෙන යෙන බොධිසත්තානං තත්ථ තත්ථ යථාධිප්පායං සමිජ්ඣනං සම්පජ්ජතීති. එවමෙතාය ගාථාය බොධිසම්භාරෙසු සබ්බසම්භාරභාවනා චිරකාලභාවනා නිරන්තරභාවනා සක්කච්චභාවනා චාති චතස්සොපි භාවනා පකාසිතාති වෙදිතබ්බා.
බෝධි සම්භාරයන්හි භාවනාවෝ හතරකි. සබ්බසම්භාර භාවනා, නිරන්තර භාවනා, චිරකාල භාවනා, සක්කච්ච භාවනා වශයෙනි. ඒවා අතුරෙන් “කප්පෙච සතසහස්සෙ චතුරොච අසඞ්ඛියෙ” යන මෙයින් චිරකාලභාවනාව කියන ලදි. මෙහි යම් අත්‍යන්ත සංයෝගයක් වේද එයින් ප්‍රථම අර්ථවිකල්පයෙහි “සබ්බ” ශබ්දය ගැනීමෙන් ද නිරන්තර භාවනාව දක්වයි. දෙවන අර්ථ විකල්පයෙහි “සබ්බ චරිතං” යන්නෙන් සබ්බසම්භාර භාවනාව කියන ලදී. “බොධි පාචනං” යන මෙයින් සක්කච්ච භාවනාව කියන ලද්දේ වෙයි. යම්සේ ඒ චරිතය සම්මා සම්බෝධිය මෝරවයි ද එසේ වූ බව දක්වන හෙයිනි. එසේ හෙයින් ඒ බෝධිය මෝරවන්නේ යයි කීම සුදුසුය. වෙනත් අයුරකින් නොවේ යයි දත යුතුය. කෙසේ නම් මෙහි බොධිචරියාවෙහි නිරන්තරභාවය දත යුතුද? ඉදින් චිත්ත නිරන්තරයෙන් ඒ නිරන්තරභාවය නොයෙදේද නොයෙදේමය. මහා බෝධිසත්ත්වයන්ගේ මහාභිනීහාරයෙන් මතු බෝධි සම්භාරයන් රැස්කිරීමේ සිතින් වෙනත් සිතක් නොපවත්නේ යයි කියන්නට හැකිය. එසේ නම් ක්‍රියාමය චිත්ත ප්‍රවෘත්තිය සඳහා කියන්නේද, එසේත් නො යෙදෙයි. ඒ බෝධිසත්ත්වයන්ගේ ක්‍රියාමය සිත් බෝධි සම්භාරයන් රැස් කිරිම් වශයෙන්ම නොපවතියි. මේ කාරණයෙන්ම ප්‍රයෝග නිරන්තරතාව ද ප්‍රතික්ෂේප කරන ලද්දේයයි දත යුතුය. ජාති නිරන්තරත්වයෙන් නිරන්තරභාවනාව දත යුතුය. යම් ජාතියෙහි මහබෝසතාණන් විසින් මහා ප්‍රධානය උපදවන ලද්දේ ද එතැන් පටන් පූර්ව ආත්මභාවය දක්වා ඒ ජාතිය නම් නොලැබෙන්නී වෙයි. යටත් පිරිසෙන් දානපාරමී මාත්‍රය සඳහා සියල්ලෙන් සියල්ල යම් බෝධි සම්භාර රැස් කිරීමක් නො වන්නේ ද මෙය වනාහි නියත ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්වයන්ගේ ධර්මතාවෙකි. යම්තාක් ඒ බෝධිසත්ත්වයෝ කර්මාදියෙහි වසීභාවයට නො පැමිණෙත් ද ඒ දක්වා ප්‍රදේශ සහිත වූ සම්භාරයන්හි ප්රයෝගයට පැමිණෙත්. යම්කලෙක වනාහි සියලු ආකාරයෙන් කර්මාදීන්හි වසීභාවයට පැමිණියාහු වෙත්ද එතැන් පටන් නිෂ්ප්‍රදේශ වශයෙන් සම්භාරයන්හි ප්රයෝගයට පැමිණෙත්. මෙසේ බෝධි සම්භාරයන්හි උත්සාහය ද, නොනැවතී පැවැත්ම ද සිද්ධ වෙයි. සකස් කොට කරන ලද වනාහි හැමකල්හිම වේ. මෙසේ යම් පරිද්දෙකින් බෝධිසත්ත්වයන්ගේ ඒ ඒ තන්හි බලාපොරොත්තු සමෘද්ධි වීම සිදුවෙයි. මෙසේ මේ ගාථාවෙන් බෝධි සම්භාරයන්හි සබ්බසම්භාර භාවනා, චිරකාල භාවනා, නිරන්තර භාවනා, සක්කච්ච භාවනා යන සතර භාවනාවෝ ප්‍රකාශ කරන ලද්දාහුයයි දත යුතුය.
තත්ර යස්මා බොධිසත්තචරිතං බොධිසම්භාරා බොධිචරියා අග්ගයානං පාරමියොති අත්ථතො එකං, බ්යඤ්ජනමෙව නානං, යස්මා ච පරතො විභාගෙන වක්ඛමානානං දානපාරමිආදීනං චරිතන්ති ඉදං අවිසෙසවචනං, තස්මා සබ්බබොධිසම්භාරෙසු කොසල්ලජනනත්ථං පාරමියො ඉධ සංවණ්ණෙතබ්බා. තා පරතො පකිණ්ණකකථායං සබ්බාකාරෙන සංවණ්ණයිස්සාම.
එහි යම් හෙයකින් බෝධිසත්ත්ව චරිත, බෝධිසම්භාර, බෝධි චරියා, අග්ගයාන, පාරමිතා යන මේවා අර්ථ වශයෙන් එකක්ම වේද ව්යඤ්ජනයම වෙනස් වේද යම් හෙයකින් පසුව විස්තර වශයෙන් කියනු ලබන දාන පාරමී ආදීන්ගේ “චරිතය” යන මේ අවිශේෂ වචනයක් වේද එහෙයින් සියලු බෝධි සම්භාරයන්හි කුශලතාව උපදවනු පිණිස “පාරමිතා” මෙහි වර්ණනා කළ යුතුය. ඒවා පසුව පකීර්ණක කථාවෙහි සියලු ආකාරයෙන් වර්ණනා කරන්නෙමි.
ඉති භගවා අත්තනො බොධිසත්තභූමියං චරිතං ආරම්භතො පට්ඨාය යාව පරියොසානා මහාබොධියා පරිපාචනමෙවාති අවිසෙසතො දස්සෙත්වා ඉදානි තස්ස පරමුක්කංසගමනෙන අතිසයතො බොධිපරිපාචනභාවං දස්සෙතුං ඉමස්මිං භද්දකප්පෙ කතිපයා පුබ්බචරියා විභාගතො විභාවෙන්තො “අතීතකප්පෙ”තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ බෝධිසත්ත්ව භූමියෙහි චරිතය ආරම්භයේ සිට අවසානය මහා බෝධියෙහි පරිපාචනය (මේරීම) යයි දක්වා දැන් ඒ ඉතා උතුම් ගමන කරණකොට ගෙන අතිශයින් බෝධිය මුහුකුරවන බව දැක්වීමට මේ භද්‍රකල්පයෙහි පූර්ව චරිත කීපයක් විස්තර වශයෙන් දක්වන්නේ “අතීත කප්පෙ” ආදි ගාථාව වදාළහ.
(2) “අතීත කප්පෙ චරිතං ඨපයිත්වා භවාභවෙ ඉම්මහි කප්පෙ චරිතං පවක්ඛිස්සං සුණොහිමෙ” (චරියා පිටක)
“ඉකුත් කප්හි කුඩා වූද මහත් වූද භවයෙහි පුරුදු කරන ලද්ද හැර මේ කල්පයෙහි චරිතය කියන්නෙමි. මගේ කීම ශ්‍රවණය කරව”
තත්ථ අතීතකප්පෙති ඉතො පුරිමෙ පුරිමතරෙ වා සබ්බස්මිං අතික්කන්තෙ යථාවුත්තපරිච්ඡෙදෙ මහාකප්පෙ, කප්පානං සතසහස්සාධිකෙසු චතූසු අසඞ්ඛ්යෙය්යෙසූති අත්ථො. චරිතන්ති චිණ්ණං දානාදිපටිපත්තිං. ඨපයිත්වාති මුඤ්චිත්වා අග්ගහෙත්වා, අවත්වාති අත්ථො. භවාභවෙති භවෙ ච අභවෙ ච, “ඉතිභවාභවකථ”න්ති (දී· නි· 1.17) එත්ථ හි වුද්ධිහානියො භවාභවාති වුත්තා. “ඉතිභවාභවතඤ්ච වීතිවත්තො”ති (උදා· 20) එත්ථ සම්පත්තිවිපත්තිවුද්ධිහානිසස්සතුච්ඡෙදපුඤ්ඤපාපානිභවාභවාති අධිප්පෙතානි. “ඉතිභවාභවහෙතු වා, භික්ඛවෙ, භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”ති (අ· නි· 4.9; ඉතිවු· 105) එත්ථ පන පණීතපණීතතරානි සප්පිනවනීතාදිභෙසජ්ජානි භවාභවාති අධිප්පෙතානි. සම්පත්තිභවෙසු පණීතතරා පණීතතමා භවාභවාතිපි වදන්ති එව, තස්මා ඉධාපි සො එව අත්ථො වෙදිතබ්බො, ඛුද්දකෙ චෙව මහන්තෙ ච භවස්මින්ති වුත්තං හොති. ඉමම්හි කප්පෙති ඉමස්මිං භද්දකප්පෙ. පවක්ඛිස්සන්ති කථයිස්සං. සුණොහීති ධම්මසෙනාපතිං සවනෙ නියොජෙති. මෙති මම සන්තිකෙ, මම භාසතොති අත්ථො.
එහි “අතීතෙ කප්පෙ” යනු මීට පෙර හෝ ඉතාමත් පෙර හෝ සියලු ඉක්මගිය යට සඳහන් කළ ආකාරයේ මහා කල්පයෙහි, සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයෙක්හි යන අර්ථයයි. “චරිතං” යනු පුරුදු කරන ලද දානාදී ප්‍රතිපත්තියි. “ඨපයිත්වා” මුදාහැර, නොගෙන, නොකියා යන අර්ථයයි. “භවාභවෙ” යනු කුඩා භවයෙහිද මහා භවයෙහිද, “ඉති භවාභව කථං” (දීඝනිකාය උදුම්බරික සීහනාද සුත්ත) යන මෙහි අභිවෘද්ධියෙහි හා හානියෙහි “භවාභව” යයි කියන ලදී. “ඉති භවාභවතඤ්ච වීතිවත්තො” (සුත්ත නිපාත - උරග වග්ග) යන මෙහි සම්පත්ති -විපත්ති, වෘද්ධි - හානි, සස්සත - උච්ඡේද, පුඤ්ඤ - පාප යන මේවා ‘භවාභව’ යන්නෙන් අදහස් කරන ලදී. “ඉති භවාභවහෙතු වා භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති” (අංගුත්තර චතුක්ක නිපාත) මෙහි වනාහි ප්‍රණීතවූද ප්‍රණීත තර වූද ගිතෙල් වෙඬරු ආදී බෙහෙත් “භවාභව” යන්නෙන් අදහස් කරන ලදී. සම්පත් සහිත භවයන්හි ප්‍රණීතතර හා ප්රණීතතම භවයන් ‘භවාභව’ යනුවෙන් කියත්මය. එහෙයින් මෙහිද එම අර්ථයම දත යුතුය. කුඩා වූද මහත්වූද භවයන්හි යයි කියන ලද්දේ වෙයි. “ඉමස්මිං කප්පෙ” යනු මේ භද්‍ර කල්පයෙහි, ‘පවක්ඛිස්සං’යනු කියන්නෙමි, ‘සුණෙහි’ යනුවෙන් ධර්මසේනාපති සැරියුත් හිමියන් ඇසීමෙහි යොදවයි. ‘මෙ’ යනු මගේ සමීපයෙහි, මගේ කීම යන අර්ථයයි.
නිදානකථා නිට්ඨිතා.
අකිත්තිවග්ගො
අකිත්ති වර්ගය