බුද‍්ධපකිණ‍්ණකකථා අට්ඨකථා
බුද‍්ධපකිණ‍්ණකකථා
“අපරිමෙය්යිතො කප්පෙ, චතුරො ආසුං විනායකා”තිආදිකා අට්ඨාරසගාථා සඞ්ගීතිකාරකෙහි ඨපිතා නිගමනගාථාති වෙදිතබ්බා. සෙසගාථාසු සබ්බත්ථ පාකටමෙවාති.
අපරිමෙය්‍ය ඉතො කප්පෙ චතුරො ආසුං විනායකා යන ආදි අටළොස් ගාථා සංගීතිකාරකයන් විසින් තබන ලද නිගමනගාථා යයි දතයුතුය. සෙසු ගාථාවල සියලු අර්ථ ප්රකටය.
වෙමත්තකථා
වෙමත්තකථා
ඉමස්මිං පන සකලෙපි බුද්ධවංසෙ නිද්දිට්ඨානං පඤ්චවීසතියා බුද්ධානං අට්ඨ වෙමත්තානි වෙදිතබ්බානි. කතමානි අට්ඨ? ආයුවෙමත්තං, පමාණවෙමත්තං, කුලවෙමත්තං, පධානවෙමත්තං, රස්මිවෙමත්තං, යානවෙමත්තං, බොධිවෙමත්තං, පල්ලඞ්කවෙමත්තන්ති.
මේ මුළුමහත් බුද්ධවංසයෙහි දක්වන ලද පස්විසි බුදුවරුන් වහන්සේලාගේ වෙනස්කම් අටක් දතයුතුය. අට කුමක් ද? ආයු වෙනස, ප්‍රමාණ වෙනස, කුල වෙනස, ප්‍රධන් වෙනස, රශ්මි වෙනස, යානා වෙනස, බෝධිවෘක්ෂ වෙනස, පර්යංක වෙනස යනුයි.
තත්ථ ආයුවෙමත්තං නාම කෙචි දීඝායුකා හොන්ති කෙචි අප්පායුකා. තථා හි දීපඞ්කරො කොණ්ඩඤ්ඤො අනොමදස්සී පදුමො පදුමුත්තරො අත්ථදස්සී ධම්මදස්සී සිද්ධත්ථො තිස්සොති ඉමෙ නව බුද්ධා වස්සසතසහස්සායුකා අහෙසුං. මඞ්ගලො සුමනො සොභිතො නාරදො සුමෙධො සුජාතො පියදස්සී ඵුස්සොති ඉමෙ අට්ඨ බුද්ධා නවුතිවස්සසහස්සායුකා අහෙසුං. රෙවතො වෙස්සභූ චාති ඉමෙ ද්වෙ බුද්ධා සට්ඨිවස්සසහස්සායුකා අහෙසුං. විපස්සී භගවා අසීතිවස්සසහස්සායුකා අහොසි. සිඛී කකුසන්ධො කොණාගමනො කස්සපොති ඉමෙ චත්තාරො බුද්ධා යථාක්කමෙන සත්තතිචත්තාලීසතිංසවීසවස්සසහස්සායුකා අහෙසුං. අම්හාකං පන භගවතො වස්සසතං ආයුප්පමාණං අහොසි. උපචිතපුඤ්ඤසම්භාරානං දීඝායුකසංවත්තනියකම්මසමුපෙතානම්පි බුද්ධානං යුගවසෙන ආයුප්පමාණං අප්පමාණං අහොසි. අයං පඤ්චවීසතියා බුද්ධානං ආයුවෙමත්තං නාම.
එහි ආයු වෙනස නම් සමහර බුදුවරු දීර්ඝායුෂ්ක වෙති. සමහරු අල්පායුෂ්ක වෙති. ඒ එසේමැයි. දීපංකර, කොණ්ඩඤ්ඤ, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්ථ, තිස්ස යන මේ නව බුදුවරයන් වහන්සේලා වර්ෂ ලක්ෂයක් ආයු ඇත්තෝ වූහ. මංගල, සුමන, සෝභිත, නාරද, සුමේධ, සුජාත, පියදස්සී, ඵුස්ස මේ අටබුදුවරයන් වහන්සේලා අනූදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. රේවත, වෙස්සභු දෙනම හැටදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. විපස්සී භාග්‍යවතුන් වහන්සේ අසූදහසක් අවුරුදු ආයු ඇතිවූ සේක. සිඛී, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන මේ සතර බුදුවරයන් වහන්සේලා ක්‍රමයෙන් සැත්තෑදහස් සතලිස්දහස් තිස්දහස් විසිදහස් අවුරුදු ආයු වූ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු සියයක් විය. රැස්කරන ලද පුණ්යසම්භාර ඇත්තා වූද දීර්ඝායුෂ්ක පැවතීමට හේතුකර්මයන් ඇත්තා වූද බුදුවරුන් වහන්සේලාට යුග වශයෙන් ආයු ප්‍රමාණය අප්‍රමාණ විය. මේ ආයු පිළිබඳ වෙනසයි.
පමාණවෙමත්තං නාම කෙචි දීඝා හොන්ති කෙචි රස්සා. තථා හි දීපඞ්කර-රෙවත-පියදස්සී-අත්ථදස්සී-ධම්මදස්සී-විපස්සීබුද්ධානං අසීතිහත්ථුබ්බෙධං සරීරප්පමාණං අහොසි. කොණ්ඩඤ්ඤ-මඞ්ගල-නාරද-සුමෙධානං අට්ඨාසීතිහත්ථුබ්බෙධො කායො අහොසි. සුමනස්ස නවුතිහත්ථුබ්බෙධං සරීරං අහොසි. සොභිත-අනොමදස්සී-පදුම-පදුමුත්තර-ඵුස්සබුද්ධානං අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධං සරීරං අහොසි. සුජාතො පණ්ණාසහත්ථුබ්බෙධසරීරො අහොසි. සිද්ධත්ථ-තිස්ස-වෙස්සභුනො සට්ඨිහත්ථුබ්බෙධා අහෙසුං. සිඛී සත්තතිහත්ථුබ්බෙධො අහොසි. කකුසන්ධ-කොණාගමන-කස්සපා යථාක්කමෙන චත්තාලීසතිංසවීසතිහත්ථුබ්බෙධා අහෙසුං. අම්හාකං භගවා අට්ඨාරසහත්ථුබ්බෙධො අහොසි. අයං පඤ්චවීසතියා බුද්ධානං පමාණවෙමත්තං නාම.
පමාණ වෙමත්තතාව නම්- සමහර බුදුවරුන් වහන්සේලා උස්වෙති. සමහරු මිටි වෙති. ඒ එසේය. දීපංකර, රේවත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ගේ ශරීර ප්‍රමාණය අසූරියන් විය. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ගේ ශරීරය අට අසූරියන් පමණ විය. සුමන බුදුරදුන්ගේ ශරීරය අනූරියන් උස්විය. සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ගේ ශරීරය අටපනස් රියන් උස්විය. සුජාත බුදුන්ගේ සිරුර පනස්රියන් උස්විය. සිද්ධත්ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ගේ ශරීරය හැටරියන් විය. සිඛී බුදුන්ගේ සිරුර සැත්තෑරියන් උස්විය. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන්ගේ ශරීරය පිළිවෙලින් සතලිස් තිස් විසි රියන් උස්විය. අප භාග්‍යවතුන් වහන්සේ අටළොස් රියන් උස්වූහ. ප්‍රමාණ වෙනස මෙයයි.
කුලවෙමත්තං නාම කෙචි ඛත්තියකුලෙ නිබ්බත්තිංසු කෙචි බ්රාහ්මණකුලෙ. තථා හි කකුසන්ධකොණාගමනකස්සපසම්මාසම්බුද්ධා බ්රාහ්මණකුලෙ නිබ්බත්තිංසු. දීපඞ්කරාදිගොතමබුද්ධපරියන්තා ද්වාවීසති බුද්ධා ඛත්තියකුලෙයෙව නිබ්බත්තිංසු. අයං පඤ්චවීසතියා බුද්ධානං කුලවෙමත්තං නාම.
කුල වෙමත්තතාව නම්- සමහරු කැත් කුලයෙහි උපදිති. සමහරු බමුණු කුලයෙහි උපදිති. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුවරුන් වහන්සේලා බමුණු කුලයෙහි උපන්හ. සෙසු දෙවිසි බුදුවරුන් වහන්සේලාම කැත් කුලෙහි උපන්හ. මේ කුල වෙනස නමි.
පධානවෙමත්තං නාම දීපඞ්කර-කොණ්ඩඤ්ඤ-සුමන-අනොමදස්සී-සුජාතසිද්ධත්ථ-කකුසන්ධානං දසමාසිකා පධානචරියා. මඞ්ගල-සුමෙධතිස්ස සිඛීනං අට්ඨමාසිකා. රෙවතස්ස සත්තමාසිකා. සොභිතස්ස චත්තාරො මාසා. පදුමඅත්ථදස්සී විපස්සීනං අඩ්ඪමාසිකා. නාරද-පදුමුත්තර-ධම්මදස්සී-කස්සපානං සත්තාහානි . පියදස්සී-ඵුස්ස-වෙස්සභූ කොණාගමනානං ඡමාසිකා. අම්හාකං බුද්ධස්ස ඡබ්බස්සානි පධානචරියා අහොසි. අයං පධානවෙමත්තං නාම.
පධාන වෙමත්තතාව නම් දීපංකර, කොණ්ඩඤ්ඤ, සුමන, අනෝමදස්සී, සුජාත, සිද්ධත්ථ, කකුසන්ධ බුදුවරුන් වහන්සේලාගේ වීර්ය වැඩීම දසමසකි. මංගල, සුමේධ, තිස්ස, සිඛී බුදුවරුන් වහන්සේලාගේ ප්‍රධාන චර්යාව අටමසකි. රේවත බුදුන්ගේ සත්මසකි. සෝභිත බුදුන්ගේ සිවුමසකි. පදුම, අත්ථදස්සී, විපස්සී බුදුවරුන්ගේ අඩමසකි. නාරද, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරුන්ගේ සතියකි. පියදස්සී, ඵුස්ස, වෙස්සභූ, කෝනාගමන බුදුවරුන්ගේ සමසකි. අප බුදුන්ගේ ප්‍රධන් චර්යාව සවසක් විය. මෙය ප්‍රධන් චර්යාවේ වෙනසයි.
රස්මිවෙමත්තං නාම මඞ්ගලස්ස කිර සම්මාසම්බුද්ධස්ස සරීරස්මි දසසහස්සිලොකධාතුං ඵරිත්වා අට්ඨාසි. පදුමුත්තරබුද්ධස්ස ද්වාදසයොජනිකා අහොසි. විපස්සිස්ස භගවතො සත්තයොජනිකා අහොසි. සිඛිස්ස තියොජනප්පමාණා. කකුසන්ධස්ස දසයොජනිකා. අම්හාකං භගවතො සමන්තතො බ්යාමප්පමාණා. සෙසානං අනියතා අහොසි. අයං රස්මිවෙමත්තං නාම අජ්ඣාසයපටිබද්ධං, යො යත්තකං ඉච්ඡති, තස්ස සරීරප්පභා තත්තකං ඵරති, පටිවිද්ධගුණෙ පන කස්සචි වෙමත්තං නාම නත්ථි. අයං රස්මිවෙමත්තං නාම.
රස්මි වෙමත්තතාව නම්- මංගල සම්මා සම්බුදුන්ගේ ශරීර රශ්මිය දසදහසක් සක්වළ පැතිර සිටියේය. පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණ විය. විපස්සී බුදුන්ගේ සත් යොදුනකි. සිඛී බුදුන්ගේ තුන් යොදුන් පමණය. කකුසඳ බුදුන්ගේ දස යොදුන් පමණය. අප බුදුන්ගේ හාත්පස බඹයක් පමණය. සෙසු බුදුවරුන්ගේ නියමයක් නොමැත. මේ රශ්මි වෙනස නමි. අදහස අනුව බැඳුණෝය. යමෙක් යම් පමණ කැමතිද උන්වහන්සේගේ ශරීරයෙන් එපමණ පැතිරෙයි. පිළිමිදි ගුණයෙහි කිසිදු වෙනසක් නැත්තේය. මේ රශ්මි වෙනස නමි.
යානවෙමත්තං නාම කෙචි හත්ථියානෙන කෙචි අස්සයානෙන කෙචි රථපද-පාසාද-සිවිකාදීසු අඤ්ඤතරෙන නික්ඛමන්ති. තථා හි දීපඞ්කර-සුමන-සුමෙධ-ඵුස්ස-සිඛී-කොණාගමනා හත්ථියානෙන නික්ඛමිංසු. කොණ්ඩඤ්ඤ-රෙවත-පදුම-පියදස්සී-විපස්සී-කකුසන්ධා රථයානෙන. මඞ්ගල-සුජාත-අත්ථදස්සී-තිස්ස-ගොතමා අස්සයානෙන. අනොමදස්සීසිද්ධත්ථවෙස්සභුනො සිවිකායානෙන. නාරදො පදසා නික්ඛමි. සොභිත-පදුමුත්තර-ධම්මදස්සී-කස්සපා පාසාදෙන නික්ඛමිංසු. අයං යානවෙමත්තං නාම.
යාන වෙමත්තතාව නම්- කිසිවෙක් ඇත් යානයෙන් නික්මෙති. කිසිවෙක් අස් රථ පද පාසාද සිවිකාදි කිසිවකින් නික්මෙති. ඒ එසේමැයි. දීපංකර, සුමන, සුමේධ, එුස්ස, සිඛී, කෝනාගමන බුදුවරු ඇත්යානයෙන් නික්මුණහ. කොණ්ඩඤ්ඤ, පදුම, රේවත, පියදස්සී, කකුසන්ධ බුදුවරු රථයානයෙනි. මංගල, සුජාත, අත්ථදස්සී, තිස්ස, ගෝතම බුදුවරු අස් යානයෙනි. අනෝමදස්සී, සිද්ධත්ථ, වෙස්සභූ සිවිකාවෙනි. නාරද බුදුහු පාගමනිනි. සෝභිත, පදුමුත්තර, ධම්මදස්සී, කස්සප බුදුවරු ප්‍රාසාදයෙන්ම නික්මුණහ. මේ යානා වෙනස නමි.
බොධිවෙමත්තං නාම දීපඞ්කරස්ස භගවතො කපීතනරුක්ඛො බොධි; කොණ්ඩඤ්ඤස්ස භගවතො සාලකල්යාණිරුක්ඛො , මඞ්ගල-සුමන-රෙවත-සොභිතානං නාගරුක්ඛො, අනොමදස්සිස්ස අජ්ජුනරුක්ඛො, පදුමනාරදානං මහාසොණරුක්ඛො, පදුමුත්තරස්ස සලලරුක්ඛො, සුමෙධස්ස නීපො, සුජාතස්ස වෙළු, පියදස්සිනො කකුධො, අත්ථදස්සිස්ස චම්පකරුක්ඛො, ධම්මදස්සිස්ස රත්තකුරවකරුක්ඛො, සිද්ධත්ථස්ස කණිකාරරුක්ඛො, තිස්සස්ස අසනරුක්ඛො, ඵුස්සස්ස ආමලකරුක්ඛො, විපස්සිස්ස පාටලිරුක්ඛො, සිඛිස්ස පුණ්ඩරීකරුක්ඛො, වෙස්සභුස්ස සාලරුක්ඛො, කකුසන්ධස්ස සිරීසරුක්ඛො, කොණාගමනස්ස උදුම්බරරුක්ඛො, කස්සපස්ස නිග්රොධො, ගොතමස්ස අස්සත්ථොති අයං බොධිවෙමත්තං නාම.
බෝරුක් වෙනස නම්- දීපංකර බුදුන්ගේ ගිවුළු රුක බෝධියයි. කොණ්ඩඤ්ඤ බුදුන්ගේ සල්කලණ ගසයි. මංගල, සුමන, රේවත, සෝභිත බුදුවරුන්ගේ නාරුක බෝධියයි. අනෝමදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක්ගසයි. පදුම, නාරද බුදුවරුන්ගේ බෝධිය මහාසොණ වෘක්ෂයයි. පියුමතුරා බුදුන්ගේ හොරගස බෝධියයි. සුමේධ බුදුන්ගේ බෝධිය කොළොම්ගසය. සුජාත බුදුන්ගේ බෝධිය හුණගසයි. පියදස්සී බුදුන්ගේ බෝධිය කුඹුක් ගසයි. අත්ථදස්සී බුදුන්ගේ බෝධිය සපුගසයි. ධම්මදස්සී බුදුන්ගේ බෝධිය කුරවක වෘක්ෂයයි. සිද්ධාර්ථ බුදුන්ගේ බෝධිය කිණිහිරි රුකයි. තිස්ස බුදුන්ගේ පියාගසය. ඵුස්ස බුදුන්ගේ නෙල්ලිගසය. විපස්සී බුදුන්ගේ පළොල් රුකය. සිඛී බුදුන්ගේ සුදුඅඹ ගසය. වෙස්සභූ බුදුන්ගේ සල්රුකය. කකුසඳ බුදුන්ගේ සරස රුකය. කෝනාගමන බුදුන්ගේ දිඹුල් රුකය. කස්සප බුදුන්ගේ නුගරුකය. ගෝතම බුදුන්ගේ ඇසතු රුකය. මේ බෝරුක් වෙනසයි.
පල්ලඞ්කවෙමත්තං නාම දීපඞ්කර-රෙවත-පියදස්සී-අත්ථදස්සී-ධම්මදස්සී-විපස්සීනං තෙපණ්ණාසහත්ථපල්ලඞ්කා අහෙසුං; කොණ්ඩඤ්ඤ-මඞ්ගල-නාරද-සුමෙධානං සත්තපණ්ණාසහත්ථා; සුමනස්ස සට්ඨිහත්ථො පල්ලඞ්කො අහොසි; සොභිත-අනොමදස්සී-පදුම-පදුමුත්තර-ඵුස්සානං අට්ඨත්තිංසහත්ථා, සුජාතස්ස ද්වත්තිංසහත්ථො, සිද්ධත්ථ-තිස්ස-වෙස්සභූනං චත්තාලීසහත්ථා, සිඛිස්ස ද්වත්තිංසහත්ථො , කකුසන්ධස්ස ඡබ්බීසතිහත්ථො, කොණාගමනස්ස වීසතිහත්ථො, කස්සපස්ස පන්නරසහත්ථො, ගොතමස්ස චුද්දසහත්ථො පල්ලඞ්කො අහොසි. අයං පල්ලඞ්කවෙමත්තං නාම. ඉමානි අට්ඨ වෙමත්තානි නාම.
පර්යංක වෙනස නම් දීපංකර, රේවත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, විපස්සී බුදුවරුන්ට තෙපනස් රියන් පර්යංක විය. කොණ්ඩඤ්ඤ, මංගල, නාරද, සුමේධ බුදුවරුන්ට සත්පනස් රියන් විය. සුමන බුදුන්ට සැටරියන් පර්යංකය විය. සෝභිත, අනෝමදස්සී, පදුම, පදුමුත්තර, ඵුස්ස බුදුවරුන්ට අටතිස්රියන් විය. සුජාත බුදුන්ට දෙතිස්රියන් විය. සිද්ධත්ථ, තිස්ස, වෙස්සභූ බුදුවරුන්ට සතළිස් රියන් විය. සිඛී බුදුන්ට දෙතිස්රියන් විය. කකුසඳ බුදුන්ට සව්සිරියන් විය. කෝනාගමන බුදුන්ට විසි රියන්ය. කසුප් බුදුන්ට පසළොස් රියන්ය. ගෞතම බුදුන්ට තුදුස්රියන් වූයේය. මේ පර්යංක වෙනස නමි.
අවිජහිතට්ඨානකථා
අවිජහිතට්ඨානකථා
සබ්බබුද්ධානං පන චත්තාරි අවිජහිතට්ඨානානි නාම හොන්ති. සබ්බබුද්ධානඤ්හි බොධිපල්ලඞ්කො අවිජහිතො එකස්මිංයෙව ඨානෙ හොති. ධම්මචක්කප්පවත්තනං ඉසිපතනෙ මිගදායෙ අවිජහිතමෙව හොති. දෙවොරොහණකාලෙ සඞ්කස්සනගරද්වාරෙ පඨමක්කපාදට්ඨානං අවිජහිතමෙව හොති. ජෙතවනෙ ගන්ධකුටියා චත්තාරි මඤ්චපාදට්ඨානානි අවිජහිතානෙව හොන්ති. විහාරො පන ඛුද්දකොපි මහන්තොපි හොති. විහාරො න විජහතියෙව, නගරං පන විජහති.
සියලු බුදුවරුන් වහන්සේලාටම අත් නොහරින තැන් සතරෙක් වෙයි. සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය අතනොහැරම එකම ස්ථානයක වෙයි. ධම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි නොවෙනස්වම වෙයි. දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර පළමු පාතබන තැන නොවෙනස්ව වෙයි. දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තැන නොවෙනස්වම වෙයි. විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වෙයි. නගරය වෙනස් නොවන්නේමය.
සහජාතපරිච්ඡෙද-නක්ඛත්තපරිච්ඡෙදකථා
සහජාතපරිච්ඡෙද-නක්ඛත්තපරිච්ඡෙදකථා
අපරං පන අම්හාකංයෙව භගවතො සහජාතපරිච්ඡෙදඤ්ච නක්ඛත්තපරිච්ඡෙදඤ්ච දීපෙසුං. අම්හාකං සබ්බඤ්ඤුබොධිසත්තෙන කිර සද්ධිං රාහුලමාතා ආනන්දත්ථෙරො ඡන්නො කණ්ඩකො අස්සරාජා නිධිකුම්භො මහාබොධි කාළුදායීති ඉමානි සත්ත සහජාතානි. අයං සහජාතපරිච්ඡෙදො. මහාපුරිසො පන උත්තරාසාළ්හනක්ඛත්තෙනෙව මාතුකුච්ඡිං ඔක්කමි, මහාභිනික්ඛමනං නික්ඛමි, ධම්මචක්කං පවත්තෙසි, යමකපාටිහාරියං අකාසි. විසාඛනක්ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච. මාඝනක්ඛත්තෙන තස්ස සාවකසන්නිපාතො ච ආයුසඞ්ඛාරවොසජ්ජනඤ්ච අහොසි. අස්සයුජනක්ඛත්තෙන දෙවොරොහණං. අයං නක්ඛත්තපරිච්ඡෙදොති.
අප භාග්‍යවතුන් වහන්සේ පමණක් සහජාත පරිච්ඡේදයක් නක්ෂත්ර පරිච්ඡේදයක් දැක්වූහ. අපගේ සර්වඥ බෝසතුන් සමග වනාහි රාහුලමාතාව, ඡන්න, කන්ථක, නිධන්සැළි, මහාබෝධිය, කාළුදායී යන මේ සත එක්ව උපන්නේය. මෙය සහජාත පරිච්ඡේද නමි. මහපුරිස්සු වනාහි උතුරුසළ නකතින් මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමාමහ පෙළහර කළහ. විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ. මාඝ නැකතින් උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද විය. අස්විද නැකතින් දෙවාරෝහණය විය. මෙය නක්ෂත්ර පරිච්ඡේදයයි.
සධම්මතාකථා
සධම්මතාකථා
ඉදානි පන සබ්බෙසං බුද්ධානං සාධාරණධම්මතං පකාසයිස්සාම. සබ්බබුද්ධානං සමත්තිංසවිධා ධම්මතා. සෙය්යථිදං – පච්ඡිමභවිකබොධිසත්තස්ස සම්පජානස්ස මාතුකුච්ඡිඔක්කමනං, මාතුකුච්ඡියං පල්ලඞ්කෙන නිසීදිත්වා බහිමුඛොලොකනං, ඨිතාය බොධිසත්තමාතුයා විජායනං, අරඤ්ඤෙයෙව මාතුකුච්ඡිතො නික්ඛමනං, කඤ්චනපට්ටෙසු පතිට්ඨිතපාදානං උත්තරාභිමුඛානං සත්තපදවීතිහාරානං ගන්ත්වා චතුද්දිසං ඔලොකෙත්වා සීහනාදනදනං, චත්තාරි නිමිත්තානි දිස්වා ජාතමත්තපුත්තානං මහාසත්තානං මහාභිනික්ඛමනං, අරහද්ධජමාදාය පබ්බජිත්වා සබ්බහෙට්ඨිමෙන පරිච්ඡෙදෙන සත්තාහං පධානචරියා, සම්බොධිං පාපුණනදිවසෙ පායාසභොජනං, තිණසන්ථරෙ නිසීදිත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණාධිගමො, ආනාපානස්සතිකම්මට්ඨානපරිකම්මං, මාරබලවිද්ධංසනං, බොධිපල්ලඞ්කෙයෙව තිස්සො විජ්ජා ආදිං කත්වා අසාධාරණඤාණාදිගුණපටිලාභො, සත්තසත්තාහං බොධිසමීපෙයෙව වීතිනාමනං, මහාබ්රහ්මුනො ධම්මදෙසනත්ථාය ආයාචනං, ඉසිපතනෙ මිගදායෙ ධම්මචක්කප්පවත්තනං, මාඝපුණ්ණමාය චතුරඞ්ගිකසන්නිපාතෙ පාතිමොක්ඛුද්දෙසො, ජෙතවනට්ඨානෙ නිබද්ධවාසො, සාවත්ථිනගරද්වාරෙ යමකපාටිහාරියකරණං, තාවතිංසභවනෙ අභිධම්මදෙසනා, සඞ්කස්සනගරද්වාරෙ දෙවලොකතො ඔතරණං සතතං ඵලසමාපත්තිසමාපජ්ජනං, ද්වීසු වාරෙසු වෙනෙය්යජනාවලොකනං, උප්පන්නෙ වත්ථුම්හි සික්ඛාපදපඤ්ඤාපනං උප්පන්නාය අට්ඨුප්පත්තියා ජාතකකථනං, ඤාතිසමාගමෙ බුද්ධවංසකථනං, ආගන්තුකෙහි භික්ඛූහි පටිසන්ථාරකරණං, නිමන්තිතානං වුට්ඨවස්සානං අනාපුච්ඡා අගමනං, දිවසෙ දිවසෙ පුරෙභත්තපච්ඡාභත්තපඨමමජ්ඣිමපච්ඡිමයාමකිච්චකරණං, පරිනිබ්බානදිවසෙ මංසරසභොජනං, චතුවීසතිකොටිසතසහස්සසමාපත්තියො සමාපජ්ජිත්වා පරිනිබ්බානන්ති ඉමා සමත්තිංස සබ්බබුද්ධානං ධම්මතාති.
දැන් සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මතාව සමතිස් වැදෑරුම් වෙයි. ඒ මෙසේයි. පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම, මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම, බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම, අරුණයෙහිම මවුකුසින් බිහිවීම, රන්පටෙහි පිහිට වූ පාදයෙන් උතුරුදිග බලා සත්පියවරින් ගොස් සිවුදිග බලා සිංහනාද කිරීම, සතර නිමිති දැක පුතුන් උපන් පසු මහාසත්ත්වයන්ගේ මහබිනික්මන කිරීම, අරහත්ධජය පිළිගෙන පැවිදිව, යටත් පිරිසෙයින් සතියක් ප්‍රධන් වැඩීම, බුදුබවට පත්වන දින කිරිපිඬු භෝජනය, තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කිරීම, ආනාපාන කර්මස්ථාන පරිකර්මය, මාරබල නැසීම, බෝපලඟෙහිම ත්‍රිවිද්‍යාව ආදිකොට අසාධාරණඥානාදි ගුණ ප්‍රතිලාභය, සත්සතිය බෝධිසමීපයෙහිම ගතකිරීම, ධර්ම දේශනාව පිණිස බ්‍රහ්මයාගේ ආයාචනය, ඉසිපතන මිගදායෙහි දම්සක් පැවැත්වීම, නවම් පුර පසළොස්වක සිවුවනක් පිරිස් රැස්වීමෙහි පාමොක් දෙසීම, ජේතවන ස්ථානයෙහි නිත්‍යවාසය, සැවැත්නුවර දොර යමාමහ පෙළහර දැක්වීම, තව්තිසා භවනයෙහි විජම්බණ දෙසීම, සකස්පුර දොර දෙව්ලොවින් බැසීම, නිරන්තර පලසමවතට සමවැදීම, දැහැන් දෙක්හි විනෙයජනයන් දෙස බැලීම, හේතුවක් උපන් කල ශික්ෂාපද පැනවීම, හේතුවක් ඇතිව ජාතක දේශනාව, ඤාතිසමාගමයෙහි බුද්ධවංසය දේශනා කිරීම, ආගන්තුක භික්ෂූන් සමග පිළිසඳර කිරීම, ආරාධිතයන්ට නොදන්වා වස් නිමවා නොවැඩීම, දවසක් පාසා පෙරබත පසු බත පෙරයම මැදියම අලුයම කටයුතු කිරීම, පිරිනිවන් දිනයෙහි මස්රස වැළඳීම, සූවිසි කෙළදහසක් සමවත් සමවැද පිරිනිවීම යන මේ සමතිස් සියලු බුදුවරුන් වහන්සේලාගේ ධර්මතායි.
අනන්තරායිකධම්මකථා
අනන්තරායිකධම්මකථා
සබ්බබුද්ධානං චත්තාරො අනන්තරායිකා ධම්මා. කතමෙ චත්තාරො? බුද්ධානං උද්දිස්ස අභිහටානං චතුන්නං පච්චයානං න සක්කා කෙනචි අන්තරායො කාතුං. බුද්ධානං ආයුනො න සක්කා කෙනචි අන්තරායො කාතුං. වුත්තඤ්හෙතං – “අට්ඨානමෙතං අනවකාසො, යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්යා”ති (චූළව· 342). බුද්ධානං ද්වත්තිංසමහාපුරිසලක්ඛණානං අසීතියා අනුබ්යඤ්ජනානඤ්ච න සක්කා කෙනචි අන්තරායො කාතුං. බුද්ධරංසීනං න සක්කා කෙනචි අන්තරායො කාතුන්ති. ඉමෙ චත්තාරො අනන්තරායිකා ධම්මා නාමාති.
සියලු බුදුවරුන් වහන්සේලා උදෙසා එළවන ලද සිවුපසයට අන්තරාය කිරීම කිසිවෙකු විසිනුත් නොකළ හැකිය. කිසිවෙකු විසිනුත් ආයුෂයට අනතුරු කළ නොහැකිය. එහෙයින් අනුන්ගේ උපා ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ දිවි තොර කරන්නේය යන යමක් ඇත්ද මෙය නොවන්නකි. අවකාශ නැත්තේයයි කියන ලදි. බුදුවරුන්ගේ දෙතිස් මහපුරිස් ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජනවලට කිසිවකු විසිනුත් අන්තරාය කළ නොහැක්කේය. බුදුරැස්වලට අනතුරු කිරීම කිසිවකු විසිනුත් කළ නොහැක්කේය. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්ම නම් වෙයි.
නිගමනකථා
නිගමනකථා
එත්තාවතා ගතා සිද්ධිං, බුද්ධවංසස්ස වණ්ණනා; සුවණ්ණපදවිඤ්ඤාතවිචිත්තනයසොභිතා.
මැනවින් වර්ණනා කරන ලද පදවින්යාසයෙන් විචිත්රනයින් හොබනා බුද්ධවංස වර්ණනය මෙපමණකින් සම්පූර්ණ විය.
පොරාණට්ඨකථාමග්ගං, පාළිඅත්ථප්පකාසකං; ආදායෙව කතා බුද්ධ-වංසස්සට්ඨකථා මයා.
මා විසින් පාළි අර්ථ ප්‍රකාශක පුරාණ අටුවා මඟ ගනිමින්ම බුද්ධවංස අටුවාව කරන ලදී.
පපඤ්චත්ථං විවජ්ජෙත්වා, මධුරත්ථස්ස සබ්බසො; සම්පකාසනතො තස්මා, මධුරත්ථප්පකාසිනී.
ප්‍රපංච අර්ථය බැහැර කොට සර්වප්රකාරයෙන් මධුරාර්ථයම ප්‍රකාශ වන හෙයින් මධුරත්ථප්පකාසිනී නම් වෙයි.
කාවීරජලසම්පාත-පරිපූතමහීතලෙ; කාවීරපට්ටනෙ රම්මෙ, නානානාරිනරාකුලෙ.
කාවේරි නදී දිය වැටීමෙන් පිවිතුරු මිහිතෙළෙහි නානා නරනාරි සමූහයෙන් ගැවසීගත් රමණීය වූ කාවෙරි පටුනෙහි මුදුවදන් ඇති සත්පුරුෂ කණ්හදාස නමැත්තා විසින් කරවන ලද විවිධාකාර සුන්දර පවුරු දොරකොටු යුත් උල්පතින් වෑහෙන ජල ඇති දර්ශනීය වූ මනරම් වූ දුර්ජන සම්බන්ධයෙන් තොර විවේකසුව යුත් ශාන්ත විහාරයෙහි පරම සිසිලැති නැගෙනහිර දෙස පිහිටි ප්‍රාසාදයෙහි වසන මා විසින් මේ බුද්ධවංස වර්ණනාව කරන ලදි.
කාරිතෙ කණ්හදාසෙන, සණ්හවාචෙන සාධුනා; විහාරෙ විවිධාකාර-චාරුපාකාරගොපුරෙ.
ඡායාසලිලසම්පන්නෙ, දස්සනීයෙ මනොරමෙ; හතදුජ්ජනසම්බාධෙ, පවිවෙකසුඛෙ සිවෙ.
තත්ථ පාචීනපාසාද-තලෙ පරමසීතලෙ; වසතා බුද්ධවංසස්ස, මයා සංවණ්ණනා කතා.
යථා බුද්ධවංසස්ස සංවණ්ණනායං, ගතා සාධු සිද්ධිං විනා අන්තරායං; තථා ධම්මයුත්තා ජනානං විතක්කා, විනාවන්තරායෙන සිද්ධිං වජන්තු.
යම් සේ මේ වර්ණනාව අන්තරාය රහිතව මැනවින් නිමාවට පත්වූයේ ද එමෙන් ධර්‍මයුක්ත ජනයාගේ විතර්ක අන්තරාය රහිතව මැනවින් සමෘද්ධියට පැමිණේවා.
ඉමං බුද්ධවංසස්ස සංවණ්ණනං මෙ, කරොන්තෙන යං පත්ථිතං පුඤ්ඤජාතං; සදා තස්ස දෙවානුභාවෙන ලොකො, ධුවං සන්තමච්චන්තමත්ථං පයාතං.
මෙම බුද්ධවංශ සංවර්ණනය කරන මා විසින් යම් පුණ්‍යයක් ප්‍රාර්ථනා කරන ලදද, ඒ පින් බෙලෙන් ලෝකය ඒකාන්ත ශාන්ත නිවනට පැමිණේවා.
විනස්සන්තු රොගා මනුස්සෙසු සබ්බෙ, පවස්සන්තු දෙවාපි වස්සන්තකාලෙ; සුඛං හොතු නිච්චං වරං නාරකාපි, පිසාචාපයාතා පිපාසා භවන්තු.
සුරා අච්ඡරානං ගණාදීහි සද්ධිං, චිරං දෙවලොකෙ සුඛං චානුභොන්තු; චිරං ඨාතු ධම්මො මුනින්දස්ස ලොකෙ, සුඛං ලොකපාලා මහිං පාලයන්තු.
ගරූහි ගීතනාමෙන, බුද්ධදත්තොති විස්සුතො; ථෙරො කත්වා අට්ඨකථං, මධුරත්ථවිලාසිනිං.
ගුරුන් විසින් තබන ලද බුද්ධදත්ත යන නමින් ප්‍රකට තෙරණුවෝ මධුරත්ථවිලාසිනී අට්ඨකථාව කොට පරපුරෙන් පරපුරට හිතලබා දෙන මේ පොත තබා අහො අනිත්‍යතා වශයෙන් අපවත් වූහ.
පොත්ථකං ඨපයිත්වෙමං, පරම්පරෙ හිතාවහං; අචිරට්ඨිතභාවෙන, අහො මච්චුවසං ගතො.
ඉති භාණවාරවසෙන ඡබ්බීසතිභාණවාරා, ගන්ථවසෙන පඤ්චසතාධිකඡසහස්සගන්ථා, අක්ඛරවසෙන තිසහස්සාධිකානි ද්වෙසතසහස්සක්ඛරානි.
මෙසේ බණවර වශයෙන් සවිසි බණවරකි. ග්රන්ථ විසින් ග්රන්ථ සදහස් පන්සියයකි. අකුරු විසින් අකුරු දෙලක්ෂතුන් දහසකි.
අන්තරායං විනා එසා, යථා නිට්ඨං උපාගතා; තථා සිජ්ඣන්තු සඞ්කප්පා, සත්තානං ධම්මනිස්සිතාති.
[missing trans]
ඉති මධුරත්ථවිලාසිනී නාම බුද්ධවංස-අට්ඨකථා නිට්ඨිතා.
මෙතෙකින් මධුරත්ථවිලාසිනී නම් බුද්ධවංස අටුවා කථාව නිමියේය.