යෙදුමෙන් කියවන්න

බුද‍්ධපකිණ‍්ණක කණ‍්ඩො

බුද‍්ධපකිණ‍්ණක කණ‍්ඩො

බුද්ධ ප්‍රකීර්‍ණක කාණ්ඩය

1. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ චතුරො ආසුං විනායකා තණ‍්හඞ‍්කරො මෙධඞ‍්කරො අථො’පි සරණඞ‍්කරො දීපඞ‍්කරො ච සම‍්බුද‍්ධො එකකප‍්පම‍්හි තෙ ජිනා.

1. මෙයින් පෙර අප්‍රමේය කල්පයෙහි තණ්හඞ්කර යැ මේධඞ්කර යැ යළි සරණඞ්කර යැ දීපඞ්කර යැ යන ඒ පස්මරුන් දිනූ සතර බුදුවරයෝ වූහ.

2. දීපඞ‍්කරස‍්ස අපරෙන කොණ‍්ඩඤ‍්ඤො නාම නායකො එකො’ව එක කප‍්පම‍්හි තාරෙසි ජනතං බහුං.

2. දීපඞ්කරබුදුන්ට මෑත භාගයෙහි කෞණ්ඩින්‍ය නම් වූ එක් මැ ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවූ සේක.

3. දීපඞ‍්කරස‍්ස භගවතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස ච සත්‍ථුනො එතෙසං අන‍්තරා කප‍්පා ගණනාතො අසඞ‍්ඛියා.

3. දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේට ද කෞණ්ඩින්‍ය ශාස්තෲන් වහන්සේට ද යන මේ බුදුවරයන්ට අතුරු කල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.

4. කොණ‍්ඩඤ‍්ඤස‍්ස අපරෙන මඞ‍්ගලො නාම නායකො තෙසම‍්පි අන‍්තරා කප‍්පා ගණනාතො අසඞ‍්ඛියා.

4. කොණ්ඩඤ්ඤ බුදුන්ට මෑතභාගයෙහි මඞ්ගල නම් ලෝකනායකයන්වහන්සේ ලොවැ පහළ වූහ. ඒ බුදුවරයන්ට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.

5. මඞ‍්ගලො ච සුමනො ච රෙවතො සොභිතො මුනි තෙපි බුද‍්ධා එක කප‍්පෙ චක‍්ඛුමන‍්තො පභඞ‍්කරා.

5. මඞ්ගල යැ සුමන යැ රේවත යැ සෝභිත යැ යන චක්‍ෂුර්මත් වූ ප්‍රභාකර වූ ඒ බුදුවරයෝ ද එක් කපෙකැ පහළ වූහ.

6. සොභිතස‍්ස අපරෙන අනොමදස‍්සී මහායසො තෙසම‍්පි අන‍්තරා කප‍්පා ගණනාතො අසඞ‍්ඛියා.

6. සෝභිත නම් බුදුන්ට මෑත භාගයෙහි මහායශස්ක වූ අනෝමදස්සී නම් බුදුහු ලො වැ පහළ වූහ. ඒ බුදුවරයනට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.

7. අනොමදස‍්සී පදුමො නාරදො චා’පි නායකො තෙ’ පි බුද‍්ධා එකකප‍්පෙ තමන‍්තකාරකා මුනී.

7. අනවමදර්ශී යැ පදුම යැ නාරද යැ යන ලෝකනායක වූ කෙලෙස් අඳුරු දුරු කළ ඒ තුන් බුද්ධමුනිහු ද එක් කපෙකැ පහළ වූහ.

8. නාරදස‍්ස අපරෙන පදුමුත‍්තරො නාම නායකො එකකප‍්පම‍්හි උප‍්පන‍්නො තාරෙසි ජනතං බහුං.

8. නාරද බුදුන්ට මෑත භාගයෙහි පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ උපන්සේක් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.

9. නාරදස‍්ස භගවතො පදුමුත‍්තරස‍්ස සත්‍ථුනො තෙසම‍්පි අන‍්තරා කප‍්පා ගණනාතො අසඞ‍්ඛියා.

9. නාරද භාග්‍යවතුන් වහන්සේට ද පදුමුත්තර ශාස්තෲන් වහන්සේට ද යන ඒ බුදුවරයන්ට අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.

10. කප‍්පසතසහස‍්සම‍්හි එකො ආසි මහාමුනි පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො.

10. මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ආගන්තුකසත්කාරයන් පිළි ගන්නා වූ මහාමුනි වූ පදුමුත්තර නම් එක් සර්‍වඥ කෙනෙක් පහළ වූහ.

11. තිංසකප‍්පසහස‍්සම‍්හි දුවෙ ආසුං විනායකා සුමෙධො ච සුජාතො ච ඔරතො පදුමුත‍්තරා.

11. මෙයින් පෙර තිස්දහස් වන කල්පයෙහි පියුමතුරා බුදුන්ට මෑත භාගයෙහි සුමේධ යැ. සුජාත යැ යන බුදුවරයෝ දෙදෙනෙක් පහළ වූහ.

12. අට‍්ඨාරසෙ කප‍්පසතෙ තයො ආසුං විනායකා පියදස‍්සී අත්‍ථදස‍්සී ධම‍්මදස‍්සී ච නායකා ඔරතො ච සුජාතස‍්ස සම‍්බුද‍්ධා ද‍්විපදුත‍්තමා.

12. සුජාත බුදුන්ට මෑතභාගයෙහි අටළොස් වන කප්සියෙහි පියදස්සී යැ අත්‍ථදස්සී යැ ධම්මදස්සී බුදුහු යැ යන සම්බුද්ධ වූ ද්විපදෝත්තම වූ තුන් විනායකයන් වහන්සේ ලොවැ පහළවූහ.

13. චතුනවුතෙ ඉතො කප‍්පෙ එකො ආසි මහාමුනි සිද‍්ධත්‍ථො සො ලොකවිදූ සල‍්ලකත‍්තො අනුත‍්තරො.

13. මෙයින් සිවුඅනූ වන කප්හි (කෙලෙස් ගඬ පැළීමෙහි) ශල්‍යකර්තෘ වූ අනුත්තර වූ ලෝකවිදූ වූ ඒ එක් මැ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු ලොවැ පහළවූහ.

14. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ දුවෙ ආසුං විනායකා තිස‍්සො ඵුස‍්සො ච සම‍්බුද‍්ධො අස‍්මා අප‍්පටි පුග‍්ගලා.

14. මෙයින් දෙයානූවන කප්හි විනේදනන් විනයනය කරන තිස්ස යැ ඵුස්ස යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ සම්බුදුවරු දෙදෙනෙක් වූහ.

15. එකනවුතෙ ඉතො කප‍්පෙ විපස‍්සී නාම නායකො සො’පි බුද‍්ධො කාරුණිකො සත‍්තෙ මොචෙසි බන්‍ධනා.

15. මෙයින් එකානූවන කප්හි විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළවූහ. කාරුණික වූ ඒ බුදුහු ද සත්ත්‍වයන් සංසාර බන්‍ධනයෙන් මුදාලූ සේක.

16. එකතිංසෙ ඉතො කප‍්පෙ දුවෙ ආසුං විනායකා සිඛී ච වෙස‍්සභූ චෙ’ව අස‍්මා අප‍්පටිපුග‍්ගලා.

16. මෙයින් එක්තිස් වන කප්හි විනායක වූ සිඛී යැ වෙස්සභූ යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ බුදුවරු දෙදෙනෙක් ලොවැ පහළ වූහ.

17. ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ තයො ආසුං විනායකා කකුසන්‍ධො කොණාගමනො කස‍්සපො චා’පි නායකො අහ’මෙතරහි සම‍්බුද‍්ධො මෙත‍්තෙය්‍යො චා’පි හෙස‍්සති.

17. මේ මහාභද්‍රකල්පයෙහි කකුසන්‍ධ යැ කෝණාගමන යැ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ යැ යි තුන් බුදු කෙනෙක් වූහ. මම් මෙකල්හි සම්බුද්ධයෙමි. අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදු කෙනෙක් ද ලොවැ පහළ වන්නාහ.

18. එතෙ’පි පඤ‍්ච සම‍්බුද‍්ධා ධීරා ලොකානුකම‍්පකා එතෙසං ධම‍්මරාජූනං අඤ‍්ඤෙසං නෙක කොටිනං ආචික‍්ඛිත්‍වාන තං මග‍්ගං නිබ‍්බුතා තෙ සසාවකා’ති.

18. තෙල පස්බුදුවරු ද ධීරයහ, ලොවට අනුකම්පා ඇතියහ, උන් වහන්සේ මේ ධර්‍මරාජයන්ගේ ද අන්‍ය වූ නොයෙක් කෙළගණන් බුදුවරයන්ගේ ද ඒ නිර්‍ය්‍යාණමාර්‍ගය ප්‍රකාශ කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ යි.

බුද‍්ධපකිණ‍්ණකකණ‍්ඩො නිට‍්ඨිතො.

බුද්ධප්‍රකීර්‍ණක කාණ්ඩය නිමියේ යි.