යෙදුමෙන් කියවන්න

25. ගොතම බුද‍්ධවංසො

25. ගොතම බුද‍්ධවංසො

25. ගෞතම බුද්ධවංශය

1. අහමෙ’තරහි සම‍්බුද‍්ධො ගොතමො සක්‍යවඩ‍්ඪනො පධානං පදහිත්‍වාන පත‍්තො සම‍්බොධිමු’ත‍්තමං.

1. මෙ දවස ශාක්‍යකුල වඩනා ගෞතම නම් සම්බුදු වූ මම් ප්‍රධන්වීර්‍ය්‍ය කොට උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.

2. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො ධම‍්මචක‍්කං පවත‍්තයිං අට‍්ඨාරසන‍්නං කොටීනං පඨමා’භි සමයො අහු.

2. මහබඹහු විසින් අයදනාලදුයෙම් දම්සක් පැවැත් වීමි. අටළොස් කෙළක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.

3. තතො පරඤ‍්ච දෙසෙන‍්තෙ නරමරූනං සමාගමෙ ගණනාය න වත‍්තබ‍්බො දුතියා’භි සමයො අහු.

3. ඉන් මෑතභාගයෙහිදු දිව්‍යමනුෂ්‍යසමාගමයෙහි (මඞ්ගලසූත්‍රය) දේශනා කරන කල්හි ගණනින් නො කියයුතු දෙව්මිනිස් කෙනෙකුන්ට දෙවැනි ධර්‍මාවබෝධය වී.

4. ඉධෙවා’හං එතරහි ඔවදිං මම අත්‍රජං ගණනාය න වත‍්තබ‍්බො තතියා’භි සමයො අහු.

4. මෙ දවස මම් මෙහි මැ මාගේ පුත්‍ර (රාහුල) හට අවවාද කෙළෙම් ද, එකල්හි ගණනින් නො කියයුතු සත්ත්‍ව කෙනකුන්ට තුන්වැනි ධර්‍මාභිසමය වී.

5. එකො’ව සන‍්නිපාතො මෙ සාවකානං මහෙසිනං අඩ‍්ඪතෙළසසතානං භික‍්ඛුනාසි සමාගමො.

5. මට එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී, මහර්ෂි වූ අඩතෙළෙස්සියක් ශ්‍රාවකභික්‍ෂූන්ගේ සමාගමය වී.

6. විරොචමානො විමලො භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣගො දදාමී පත්‍ථිතං සබ‍්බං මණී’ව සබ‍්බකාමදො.

6. බුද්ධශ්‍රීන් දීප්ත වූ විගතරාගාදිමල ඇති මම් භික්‍ෂුසඞ්ඝයාමධ්‍යයට පැමිණියෙම් සියලු කැමැති සැපත් එළවා සිතුමිණිරුවනක් සෙයින් පැතූ හැම ලොවිලොවුතුරා සුවවෙසෙස් දෙමි.

7. ඵලමා’කඞ‍්ඛමානානං භවච‍්ඡන්‍දජහෙසිනං චතුසච‍්චං පකාසෙමි අනුකම‍්පාය පාණිනං.

7. ස්‍රොතාපන්නා දි චතුර්විධ ඵලය කැමැති වන්නා වූ භවතෘෂ්ණා හරනා කැමැති සත්නට අනුකම්පායෙන් සිව්සස් ප්‍රකාශ කෙරෙමි.

8. දසවීසසහස‍්සානං ධම‍්මාභිසමයො අහු එකද‍්වින‍්නං අභිසමයො ගණනාතො අසඞ‍්ඛියො.

8. තිස්දහසක් සත්නට ධර්‍මාභිසමය විය. එක් දෙදෙනකුන් ආදීන්ගේ වශයෙන් අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.

9. විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං ඉද‍්ධං ඵීතං සුඵුල‍්ලිතං ඉධ මය‍්හං සක්‍යමුනිනො සාසනං සුවිසොධිතං

9. මෙකල්හි ශාක්‍යමුනි වූ මාවිසින් මොනොවට පවිත්‍ර කළ සස්න (දෙවිමිනිසුන් කෙරෙහි) පැතුරුණේ බොහෝදෙනා කෙරෙහි ප්‍රසිද්ධ වූයේ සමෘද්ධ වූයේ පරිපූණ වූයේ හටගත් මහඵල කුසුම් ඇත්තේ වී.

10. අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා භික‍්ඛූ’නෙක සතා සබ‍්බෙ පරිවාරෙන‍්ති මං සදා

10. සියල්ලෝ අනාස්‍රව වූ පහවූ රාග ඇති ශාන්ත සිත් ඇති සමාධියට පැමිණි නොයෙක් සියගණන් භික්‍ෂූහු හැම කල්හි මා පිරිවරා සිටිති.

11. ඉදානි යෙ එතරහි ජහන‍්ති-මානුසං භවං අප‍්පත‍්තමානසා සෙඛා තෙ භික‍්ඛු විඤ‍්ඤූගරහිතා

11. දැන් මෙකල්හි රහත්ඵලයට නො පැමිණි සිත් ඇති ශෛක්‍ෂ වූ යම් කෙනෙක් මනුෂ්‍ය භවය හරනාහු ද, ඒ භික්‍ෂූහු නුවණැතියන් විසින් ගරහන ලද්දාහ.

12. අරියඤ‍්ජසං ථොමයන‍්තා සදා ධම‍්මරතා ජනා බුජ‍්ඣිස‍්සන‍්ති සතිමන‍්තො සංසාරසරිතා නරා.

12. හැම කල්හි දහම්හි ඇලුණු ජනයෝ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය පසස්නාහු සිවුසස් ප්‍රතිවේධ කෙරෙති. ස්මෘතිමත් වූ ඒ මනුෂ්‍යයෝ සසරසයුර තරණය කෙරෙත්.

13. නගරං කපිලවත්‍ථු මෙ රාජා සුද‍්ධොදනො පිතා මය‍්හං ජනෙත‍්තිකා මාතා මායා දෙවී’ති වුච‍්චති.

13. මාගේ නගරය කපිලවාස්තු නමැ, පිය තෙමේ සුදොවුන්රජ යැ. මාගේ ජනිකා වූ මවු තොමෝ මායා දේවී නමැ’යි කියනු ලැබේ.

14. එකූනතිංස වස‍්සානි අගාරමජ‍්ඣහං වසිං රම‍්මො සුරම‍්මො සුභකො තයො පාසාද මුත‍්තමා.

14. මම් එකුන්තිස්වසක් ගිහිගෙයි වාසය කෙළෙමි. රම්ම යැ සුරම්ම යැ සුභ යැ යන උතුම් වූ තුන්පහයෙක් වී.

15. චත‍්තාරීස සහස‍්සානි නාරියො සමලඞ‍්කතා භද‍්දකච‍්චානා නාම නාරී රාහුලො නාම අත්‍රජො.

15. මොනවට සැරැහුණු සතලිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. භද්දකච්චනා නම් ස්ත්‍රිය අගමෙහෙසුන් වී. පුත්‍ර තෙමේ රාහුල නම් වී.

16. නිමිත‍්තෙ චතුරො දිස‍්වා අස‍්සයානෙන නික‍්ඛමිං ඡබ‍්බස‍්සං පධානචාරං අචරිං දුක‍්කරං අහං.

16. සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි. මම් සවසක් දුෂ්කර වූ ප්‍රධන්වීර්‍ය්‍ය කෙළෙමි.

17. බාරාණසියං ඉසිපතනෙ ජිනචක‍්කං පවත‍්තිතං අහං ගොතම සම‍්බුද‍්ධො සරණො සබ‍්බපාණිනං.

17. මවිසින් බරණැසැ ඉසිපතන්හි දී දම්සක් පවත්වන ලද්දේ යැ. ගෞතම බුද්ධ නම් වූ මම හැම සත්නට සරණ වෙමි.

18. කොලිතො උපතිස‍්සො ච ද‍්වෙ භික‍්ඛු අග‍්ගසාවකා ආනන්‍දො නාමු’පට‍්ඨාකො සන‍්තිකාවචරො මම.

18. කෝලිත යැ උපතිස්ස යැ යන භික්‍ෂූහු දෙදෙන අගසව් වෙති. මාගේ සන්තිකා වචර වූ උපස්ථායක තෙමේ ආනන්‍ද නම් වෙයි.

19. ඛෙමා උප‍්පලවණ‍්ණා ච භික‍්ඛුනී අග‍්ග සාවිකා චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගුපට‍්ඨාකු’පාසකා.

19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන භික්‍ෂුණීහු අගසැවි වෙති. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වෙති.

20. උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගුපට‍්ඨීකු’පාසිකා අහං අස‍්සත්‍ථමූලම‍්හි පත‍්තො සම‍්බොධි මුත‍්තමං.

20. උත්තරා යැ නන්‍දමාතා යැ යන අගඋවටු උවැසියෝ වෙත්. මම් ඇසැතුබෝමුල්හි හිඳ උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.

21. බ්‍යාමප‍්පභා සදා මය‍්හං සොළසහත්‍ථමුග‍්ගතා අප‍්පං වස‍්සසතං ආයු ඉදානෙ’තරහි විජ‍්ජති තාවතා තිට‍්ඨමානො’හං තාරෙමි ජනතං බහුං.

21. හැම කල්හි මාගේ ව්‍යාමප්‍රභාව සොළොස්රියන් උස්වැ නැඟිණ. දැන් මෙකල්හි අල්ප වූ වර්‍ෂ සියයෙක් ආයු පවත්නේ යි. එතෙක් කල් සිටිනා වූ මම් බොහෝ ජනතාව තරවමි.

22. ඨපයිත්‍වාන ධම‍්මුක‍්කං පච‍්ඡිමං ජනබොධනං අහ’ම‍්පින චිරස‍්සෙව සද‍්ධිං සාවකසඞ‍්ඝතො ඉධෙ’ව පරිනිබ‍්බිස‍්සං අග‍්ගී’වාහාරසඞ‍්ඛයා.

22. පශ්චිමජනතාව ප්‍රබෝධ කරන දහම් නමැති දඬුවැටපහන තබා මම් ද ශ්‍රාවක සඞ්ඝයා සමග නොබෝ කලකින් මැ ඉන්‍ධන ක්‍ෂයෙන් ගින්නක් සෙයින් මෙහි මැ පිරිනිවෙන්නෙමි.

23. තානි ච අතුලතෙජානි ඉමානි ච දසබලානි ඉද‍්ධියො අයං ච ගුණධරවරදෙහො ද‍්වත‍්තිංස ලක‍්ඛණවිචිත‍්තො.

23. ඒ අතුල්‍ය වූ තේජස්හු ද මේ දශවිධ කායබලයෝ ද ඍද්ධීහු ද දෙතිස් මහපුරිස් ලකුණින් ගැවැසිගත් මේ උතුම් වූ ගුණධර දේහය ද යන–

24. දස දිසා පභාසෙත්‍වා සතරංසී’ව ජප‍්පභා සබ‍්බා සමන‍්තරහෙස‍්සන‍්ති නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා’ති.

24. හිරුහු දසදිගුන් සෙයින් සවනක්රසින් (ලොව) හෙළි කොට උක්තප්‍රකාර වූ සියල්ලෝ අතුරුදහන් වන්නාහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු? යි.

ගොතම බුද‍්ධවංසො පඤ‍්චවීසතිමො.

පස්විසිවැනි ගෞතම බුද්ධවංශය යි.