යෙදුමෙන් කියවන්න

24. කස‍්සප බුද‍්ධවංසො

24. කස‍්සප බුද‍්ධවංසො

24. කාශ්‍යප බුද්ධවංශය

1. කොණාගමනස‍්ස අපරෙන සම‍්බුද‍්ධො දිපදුත‍්තමො කස‍්සපො නාම නාමෙන ධම‍්මරාජා පභඞ‍්කරො.

1. කෝණාගමන බුදුන්ට මෑත භාගයෙහි චතුස්සත්‍යාවබෝධය කළ ද්වීපදෝත්තම වූ ප්‍රභාකර වූ නාමයෙන් කාශ්‍යප නම් ධර්‍මරාජයන් වහන්සේ–

2. සඤ‍්ජිඩ‍්ඪිතං, කුලමූලං බහුං ච පානභොජනං දත්‍වාන යාචකෙ දානං පූරයිත්‍වාන මානසං. උසභො’ව ආලකං භෙත්‍වා පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

2. හැරපියන ලද කුලගෙය ද බොහෝ ආහාරපාන ද යාචකයන්ට දන් දී සිත් පුරා ගොවු ද සිඳ වෘෂභයකු සෙයින් (ගෘහබන්‍ධන සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණියහ.

3. ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ කස‍්සපෙ ලොකනායකෙ. වීසතිකොටිසහස‍්සානං පඨමා’භිසමයො අහු.

3. කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි විසි කෙළදහසක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.

4. චතුමාසං යදා බුද‍්ධො ලොකෙ චරති චාරිකං දසකොටිසහස‍්සානං දුතියා’භිසමයො අහු.

4. යම් කලෙකැ බුදුහු සිව්මසක් මුළුල්ලෙහි ලොවැ චාරිකායෙහි, හැසුරුණු සේක් ද එකල්හි දස කෙළදහසක් සත්නට දෙවැනි අභිසමය වී.

5. යමකං විකුබ‍්බනං කත්‍වා ඤාණධාතුං පකිත‍්තයි පඤ‍්චකොටිසහස‍්සානං, තතියා’භි සමයො අහු.

5. යම් කලෙක යමක ප්‍රාතිහාර්‍ය්‍යය කොට සර්‍වඥතාඥානයා ගේ ස්වභාවය පැවැසූ සේක් ද එකල්හි පස් කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.

6. සුධම‍්මදෙවපුරෙ රම‍්මෙ තත්‍ථ ධම‍්මං පකාසයි තීණි කොටිසහස‍්සානි දෙවානං බොධයී ජිනො.

6. රම්‍ය වූ තාවතිංසභවනයෙහි සුධර්‍මා නම් දිව්‍යසභායෙහි වැඩහිඳ අභිධර්‍මය ප්‍රකාශ කළ සේක් ද එකල්හි බුදුහු තුන්කෙළ දහසක් දෙවියනට ධර්‍මාවබෝධය කර වූහ.

7. නරදෙවස‍්ස යක‍්ඛස‍්ස අපරෙ ධම‍්මදෙසනෙ එතෙසානං අභිසමයො ගණනාතො අසඞ‍්ඛියො.

7. නරදේව නම් යක්හට අන්‍ය වූ ධර්‍ම දේශනායෙක්හි තෙල දෙවි මිනිසුන් ගේ අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.

8. තස‍්සා’පි දෙවදෙවස‍්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන‍්තචිත‍්තානතාදිනං.

8. ඒ දේවාතිදේව වූ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේට ද විගත රාගාදිමල ඇති ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් සමාගමයෙක් වී.

9. වීසති භික‍්ඛුසහස‍්සානං තදා ආසි සමාගමො අතික‍්කන‍්තරාගවන‍්තානං හිරිසීලෙන තාදිනං.

9. එකල්හි ඉක්ම වූ රාගසහිතයන් ඇති හිරියෙන් හා සීලයෙන් හා සමාන වූ විසිදහසක් භික්‍ෂූන් ගේ සන්නිපාතය වී.

10. අහං තදා මාණවකො ජොතිපාලෙ ති විස‍්සුතො අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදාන’පාරගූ.

10. මම් එසමයෙහි ‘ජෝතිපාල’ යයි ප්‍රසිද්ධ වූ වේද හදාරන වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයන් ගේ පරතෙරට පැමිණි–

11. ලක‍්ඛණෙ ඉතිහාසෙ ච සධම‍්මෙ පාරමිං ගතො භූමන‍්තළික‍්ඛෙ කුසලො කතවිජ‍්ජො අනාවයො

11. ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහිද ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට පැමිණි භූමි පරීක්‍ෂායෙහි හා ජ්‍යොතිශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ අභ්‍යාස කළ විද්‍යා ඇති අනූනවිද්‍යා ඇති මාණවක වීමි.

12. කස‍්සපස‍්ස භගවතො ඝටීකාරො නාමු’පට‍්ඨාකො සගාරවො සප‍්පතිස‍්සො නිබ‍්බුතො තතියො ඵලෙ.

12. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ගෞරව සහිත වූ යටත් පැවැතුම් ඇති තුන්වැනි (අනාගාමි) ඵලය නිමිති කොට ක්ලේශපරිනිර්‍වාණය කළ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී.

13. ආදාය මං ඝටීකාරො උපගඤ‍්ඡි කස‍්සපං ජිනං තස‍්ස ධම‍්මං සුණිත්‍වාන පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

13. ඒ ඝටීකාර තෙම මා ගෙන කාශ්‍යප බුදුන් කරා එළඹියේ යැ, ඔබ ගේ දහම් අසා ඔබ සමීපයෙහි පැවිදි වීමි.

14. ආරද‍්ධවිරියො හුත්‍වා වත‍්තා’වත‍්තෙසු කොවිදො න ක්‍වා’පි පරිහායාමි පූරෙමි ජිනසාසනං.

14. පටන් ගන්නා ලද වෙර ඇති වැ වතාවත්හි දක්‍ෂ වූයෙමි. ශීලසමාධ්‍යාදි කිසි තැනෙක්හි නො පිරිහිණිමි බුදු සසුන පිරීමි.

15. යාවතා බුද‍්ධභණිතං නවඞ‍්ගං ජිනසාසනං සබ‍්බං පරියාපුණිත්‍වාන සොභයිං ජිනසාසනං.

15. නවාඞ්ග ශාස්තෘශාසන සඞ්ඛ්‍යාත වූ යම් පමණ බුද්ධභාෂිතයෙක් වෙයි ද එ හැම පුහුණු කොට බුදුසසුන හෙබැ වීමි.

16. මම අච‍්ඡරියං දිස‍්වා සො’පි බුද‍්ධො වියාකරි ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ අයං බුද‍්ධො භවිස‍්සති.

16. ඒ කාශ්‍යප බුදුහු ද මාගේ ආශ්චර්‍ය්‍යය දැක ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’ යි විවරණ දුන් සේක.

17. අහූ කපිලව‍්හයා රම‍්මා නික‍්ඛමිත්‍වා තථාගතො පධානං පදහිත්‍වාන කත්‍වා දුක‍්කරකාරිකං.

17. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–

18. අජපාලරුක‍්ඛමූලම‍්හි නිසීදිත්‍වා තථාගතො තත්‍ථ පායාසමග‍්ගය‍්හ නෙරඤ‍්ජර’මුපෙහිති.

18. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.

19. නෙරඤ‍්ජරාය තීරම‍්හි පායාසං පරිභුඤ‍්ජිය පටියත‍්තවරමග‍්ගෙන බොධිමණ‍්ඩමුපෙහිති.

19. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නා හ.

20. තතො පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං නරුත‍්තරො අපරාජිතඨානම‍්හි බොධිපල‍්ලඞ‍්කමුත‍්තමෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා බුජ‍්ඣිස‍්සති මහායසො.

20. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතු රුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.

21. ඉමස‍්ස ජනිකා මාතා මායා නාම භවිස‍්සති පිතා සුද‍්ධොදනො නාම අයං හෙස‍්සති ගොතමො.

21. මොවුන් ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගොතම නම් වන්නේ යි.

22. අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා කොලිතො උපතිස‍්සො ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවකා ආනන්‍දො නාමුපට‍්ඨාකො උපට‍්ඨිස‍්සති තං ජිනං.

22. අනාස්‍රව වූ වීතරාග වූ සන්හුන් සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.

23. ඛෙමාඋප‍්පලවණ‍්ණා ච අග‍්ගා හෙස‍්සන‍්ති සාවිකා අනාසවා වීතරාගා සන‍්තචිත‍්තා සමාහිතා බොධි තස‍්ස භගවතො අස‍්සත්‍ථොති පවුච‍්චති.

23. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.

24. චිත‍්තො ච හත්‍ථාළවකො අග‍්ගා හෙස‍්සන‍්තු’පට‍්ඨකා උත‍්තරා නන්‍දමාතා ච අග‍්ගා හෙස‍්සන‍්තුපට‍්ඨිකා ආයු වස‍්සසතං තස‍්ස ගොතමස‍්ස යසස‍්සිනො.

24. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුදු ආයු වන්නේ යි.

25. ඉදං සුත්‍වාන වචනං අසමස‍්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද‍්ධබීජඞ‍්කුරො අයං.

25. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුට වූවාහු,

26. උක‍්කුට‍්ඨිසද‍්දං වත‍්තෙන‍්ති අප‍්ඵොඨෙන‍්ති හසන‍්ති ච කතඤ‍්ජලී නමස‍්සන‍්ති දසසහස‍්සී සදෙවකා.

26. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.

27. යදි’මස‍්ස ලොකනාථස‍්ස විරජ‍්ඣිස‍්සාම සාසනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

27. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.

28. යථා මනුස‍්සා නදිං තරන‍්තා පටිතිත්‍ථං විරජ‍්ඣිය හෙට‍්ඨා තිත්‍ථෙ ගහෙත්‍වාන උත‍්තරන‍්ති මහානදිං.

28. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–

29. එව’මෙව මයං සබ‍්බෙ යදි මුඤ‍්චාමි’මං ජිනං අනාගතම‍්හි අද‍්ධානෙ හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

29. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මෙ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.

30. තස‍්සා’පි වචනං සුත්‍වා භිය්‍යො චිත‍්තං පසාදයිං උත‍්තරිං වතමධිට‍්ඨාසිං දසපාරමිපූරියා.

30. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීම් දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.

31. එවං අහං සංසරිත්‍වා පරිවජ‍්ජෙන‍්තො අනාචාරං දුක‍්කරඤ‍්ච කතං මය‍්හං බොධියා’යෙව කාරණා.

31. මෙසේ මම් නො කටයුතු දුරුකෙරෙමින් සසර සැරිසරා (ඇවිද්දෙමි.) මා විසින් සම්‍යක් සම්බෝධිය මැ හේතු කොට ගෙන දුෂ්කරක්‍රියා ද කරනලද.

32. නගරං බාරාණසී නාම කිකීනාමා’සි ඛත‍්තියො වසති තත්‍ථ නගරෙ සම‍්බුද‍්ධස‍්ස මහාකුලං.

32. එ බුදුන්ගේ නුවර බරණැස් නමැ. එහි කිකී නම් ක්‍ෂත්‍රියරජෙක් විය. එනුවර කාශ්‍යප සම්‍යක්සම්බුද්ධයන්ගේ මහා ඥාතිකුලය වාසය කෙළේ යි.

33. බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මදත‍්තො ච ආසි බුද‍්ධස‍්ස සො පිතා ධනවතී නාම ජනිකා කස‍්සපස‍්ස මහෙසිනො.

33. මහර්ෂි වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රසිද්ධ වූ බ්‍රහ්මදත්ත නම් බමුණු තෙමේ පියා විය. ධනවතී නම් බැමිණිය මාතෘ වූවා යැ.

34. දුවෙ වස‍්සසහස‍්සානි අගාරමජ‍්ඣ සො වසී හංසො යසො සිරිනන්‍දො තයො පාසාදමුත‍්තමා.

34. ඒ බුදුහු දෙවාදහසක් ගිහිගෙයි විසූහ. හංස යැ යස යැ සිරිනන්‍ද යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.

35. තිසොළසසහස‍්සානි නාරියො සමලඞ‍්කතා සුනන්‍දා නාම සා නාරි විජිතසෙනො නාම අත්‍රජො.

35. මොනොවට සැරහුණු අටසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුනන්‍දා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය බිරිඳ වූ යැ, පුත්‍ර තෙමේ විජිතසේන නම්වී.

36. නිමිත‍්තෙ චතුරො දිස‍්වා පාසාදෙනා’භිනික‍්ඛමි සත‍්තා’හං පධානචාරං අචරී පුරිසුත‍්තමො.

36. ඒ පුරුෂෝත්තමයෝ සතර පෙරනිමිති දැක ප්‍රාසාදයෙන් මහබිනික්මන් කළහ. සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.

37. බ්‍රහ‍්මුනා යාචිතො සන‍්තො කස‍්සපො ලොක නායකො වත‍්ති චක‍්කං මහාවීරො මිගදායෙ නරුත‍්තමො.

37. මහාවීර වූ නරෝත්තම වූ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදායෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.

38. තිස‍්සො ච භාරද‍්වාජො ච අහෙසුං අග‍්ගසාවකා සබ‍්බමිත‍්තො උපට‍්ඨාකො කස‍්සපස‍්ස මහෙසිනො.

38. මහර්ෂි වූ කාශ්‍යපබුදුන්ට තිස්ස යැ භාරද්වාජ යැයි අගසවු දෙදෙනෙක් වූහ. සබ්බමිත්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.

39. අනුලා ච උරුවෙලා ච අහෙසුං අග‍්ගසාවිකා බොධි තස‍්ස භගවතො නිග්‍රොධො’ති පවුච‍්චති.

39. අනුලා යැ උරුවේලා යැ යන අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන්ගේ බෝධිය ‘නුගරුකැ’යි කියනුලැබේ.

40. සුමඞ‍්ගලො ඝටීකාරො ච අහෙසුං අග‍්ගු’පට‍්ඨකා විජිතසෙනා ච භද‍්දා ච අහෙසුං අග‍්ගු’පට‍්ඨිකා.

40. සුමඞ්ගල යැ ඝටීකාර යැ යන අග්‍රෝපස්ථායක දෙදෙනෙක් වූහ. විජිතසේනා යැ භද්දා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වූහු,

41. උච‍්චත‍්තනෙන සො බුද‍්ධො වීසතිරතනමුග‍්ගතො විජ‍්ජුලට‍්ඨිව ආකාසෙ චන්‍දො’ව ගහපූරිතො.

41. ඒ බුදුහු උසින් විසිරියන් උස්වූහ. අහස්හි විදුලියක් සෙයින් ද ග්‍රහතාරකාවන් පිරිවැරූ සඳු මෙන් ද බැබැළුණාහ.

42. වීසතිවස‍්සසහස‍්සානි ආයු තස‍්ස මහෙසිනො තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

42. ඒ මහර්ෂීන්ට විසිවාදහසක් ආයු විය. ඒ බුදුහු එතෙක් කල් වැඩසිටිමින් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.

43. ධම‍්මතළාකං මාපෙත්‍වා සීලං දත්‍වා විලෙපනං ධම‍්මදුස‍්සං නිවාසෙත්‍වා ධම‍්මමාලං විභජ‍්ජිය

43. දහම් නමැති විල් මවා සිල් මැ විලෙවුන් දී (හිරිඔතප්) දහම් මැ සළු හඳවා (සත්තිස්බෝධිපාක්‍ෂික) දහම් මැ මල්දම් රචනා කොට–

44. ධම‍්මවිමලමාදාසං ඨපයිත්‍වා මහාජනෙ කෙචි නිබ‍්බානං පත්‍ථෙන‍්තා පස‍්සන‍්තු මෙ අලඞ‍්කරං.

44. ‘නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දක්වනලද අලඞ්කාරය දකිත්ව’යි මහජනයාට දහම්මුවා කැටපත පිහිටුවා–

45. සීලකඤ‍්චුකං දත්‍වාන ඣානකවචවම‍්මිතං ධම‍්මචම‍්මං පාරුපිත්‍වා දත්‍වා සන‍්තාහ’මුත‍්තමං.

45. සිල් නැමැති කස්ස (සැට්ටය) පෙරෙවා ධ්‍යාන නමැති කවචය බැඳ ස්මෘතිසම්‍යග් ඥාන සඞ්ඛ්‍යාත චර්‍මය පෙරෙවැ උතුම් වූ (චතුරඞ්ග සමන්‍වාගත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සන්නාහය කොට–

46. සතිඵලකං දත්‍වාන තිඛිණං ඤාණකුන‍්තිමං ධම‍්මඛග‍්ගවරං දත්‍වා සීලං සංසග‍්ගමද‍්දනං

46. සිහි නමැති ඵලකායුධය ද තියුණු වූ විදර්‍ශනාඥාන නමැති කුන්තායුධය ද දී ක්ලෙසසසර්‍ග මර්දනය කරන ලෝකෝත්තරශීලය වූ මාර්‍ගප්‍රඥා සඞ්ඛ්‍යාත උත්තමඛඞ්ගය දී–

47. තෙවිජ‍්ජ භූසනං දත්‍වා ආවෙලං චතුරො ඵලෙ ඡළභිඤ‍්ඤාභරණං දත්‍වා ධම‍්මපුප‍්ඵිපිලන්‍ධනං.

47. ත්‍රිවිද්‍යාමය අලඞ්කරණ දී සතර ඵලයන් වටංසක කොට ෂඩ්අභිඥා නමැති ආභරණ දී නවලොවුතුරු දහම් නමැති මල් පළඳනා කොට.

48. සද‍්ධම‍්මපණ‍්ඩරච‍්ඡත‍්තං දත්‍වා පාපනිවාරණං මාපයිත්‍වා’භයං පුප‍්ඵං නිබ‍්බුතො සො සාවකො.

48. පව් වළහන සදහම් නමැති සේසත් දී අභයපුරයට යන සුලු අෂ්ටාඞ්ගමාර්‍ග පුෂ්ප මවා ඒ කාශ්‍යප බුදුහු ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.

49. එසො හි සම‍්මා සම‍්බුද‍්ධො අප‍්පමෙය්‍යො දුරාසදො එසොහි ධම‍්මරතනො ස‍්වාක‍්ඛාතො එහිපස‍්සිකො.

49. පමණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සම්‍යක්සම්බුදුහු තුලුහු මැ යැ ස්වාඛ්‍යාත වූ ‘එව බලව’යි කීමට නිසි වූ දහම්රුවන් එ මැ වෙයි.

50. එසො හි සඞ‍්ඝරතනො සුප‍්පටිපන‍්නො අනුත‍්තරො සබ‍්බං සමන‍්තරහිතං නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා.

50. අනුත්තර වූ සුපිළිපන් වූ සඟුරුවන එ මැ වෙයි. එ හැම අතුරුදහන්වී. හැම සංස්කාරයෝ තුච්ඡ නො ද?

51. සො කස‍්සපො ජිනවරො සත්‍ථා සෙත්‍යාරාමම‍්හි නිබ‍්බුතො තත්‍ථෙ’ව තස‍්ස ජිනථූපො යොජනුබ‍්බෙධමුග‍්ගතො’ති.

51. ජිනෝත්තම වූ ඒ කාශ්‍යප බුදුහු සේතව්‍යාරාමයෙහි පිරිනිවියහ, එහි මැ එබුදුන්ගේ ජිනථූපය යොදුනක් උස් කොට බඳවන ලද යයි.

කස‍්සප බුද‍්ධවංසො චතුවීසතිමො.

සූවිසි වන කාශ්‍යප බුද්ධවංශ යි.