23. කොණාගමන බුද්ධවංසො
23. කොණාගමන බුද්ධවංසො
23. කෝණාගමන බුද්ධවංශය
1. කකුසන්ධස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කොණාගමනො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො
1. කකුසඳ බුදුන්ට මැත භාගයෙහි සම්බුද්ධ වූ ද්වීපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ කෝණාගමන නම් වූ බුදුහු–
2. දසධම්මෙ පූරයිත්වාන කන්තාරං සමතික්කමි පවාහිය මලං සබ්බං පත්තො සම්බොධිමුත්තමං.
2. දසපෙරුම්දම් පුරා සසර කතර ඉක්ම වූහ. හැම කෙලෙස් මල සෝධා හැර උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණිය හ.
3. ධම්මචක්කං පවත්තෙන්තෙ කොණාගමනනායකෙ තිංසකොටිසහස්සානං පඨමා’භිසමයො අහු.
3. කෝණාගමන බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි තිස් කෙළ දහසක් සත්නට පළමු වන ධර්මාභිසමය වී.
4. පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ වීසතිකොටිසහස්සානං දුතියා’භිසමයො අහු.
4. ඒ පරවාදමථනය කරන බුදුන් යමාමහ පෙළහර කරන කල්හි විසි කෙළදහසක් සත්නට දෙවන ධර්මාභිසමය වී.
5. තතො විකුබ්බනං කත්වා ජිනො දෙවපුරං ගතො වසති තත්ථ සම්බුද්ධො සිලායං පණ්ඩුකම්බලෙ
5. ඉක්බිති බුදුහු විකුර්වණ ඍද්ධි පවත්වා දිව්යභවයනට වැඩිසේක් එහි පඬු ඇඹුල් සලයෙහි විසූ සේක.
6. පකරණෙ සත්ත දෙසෙන්තො වස්සං වසති සො මුනි දසකොටිසහස්සානං තතියා’භිසමයො අහු
6. ඒ බුදුහු සප්තප්‍රකරණයන් දේශනා කෙරෙමින් වස් විසූහ. (එහි දී) දස කෙළදහසක් සත්නට තුන් වැනි ධර්මාභිසමය වී.
7. තස්සා’පි දෙවදෙවස්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
7. ඒ දේවාතිදේව වූ බුදුන්ට ද විගතමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්ෂීණාස්රවයන් ගේ එක් මැ ශ්‍රාවක සන්නිපාතයෙක් වී.
8. තිංසභික්ඛුසහස්සානං තදා ආසි සමාගමො ඔඝානම’තික්කන්තානං භිජ්ජිතානඤ්ච මච්චුනං.
8. එකල්හි චතුරෝඝයන් ඉක්ම වූ පස්මරුන් බිඳහළ තිස්දහසක් භික්ෂූන් ගේ සමාගමය වී.
9. අහං තෙන සමයෙන පබ්බතො නාම ඛත්තියො මිත්තාමච්චෙහි සම්පන්නො බලවාහනමනප්පකං
9. මම් එසමයෙහි මිත්‍රාමාත්‍යයන් ගෙන් යුක්ත වූ පබ්බත නම් ක්ෂත්රිය වීමි. මට අනල්ප වූ බලවාහන විය.
10. සම්බුද්ධදස්සනං ගන්ත්වා සුත්වා ධම්මමනුත්තරං නිමන්තෙත්වා සජිනං සඞ්ඝං දානං දත්වා යදිච්ඡකං
10. බුදුන් දක්නට ගොස් අනුත්තර වූ දහම් අසා බුදුන් සහිත වූ සඞ්ඝයා පවරා කැමැති සේ දන් දී–
11. පත්තුණ්ණං චීනපට්ටඤ්ච කොසෙය්යං කම්බල’ම්පි ච සොවණ්ණපාදුකඤ්චෙ’ව අදාසිං සත්ථුසාවකෙ
11. බුදුන්ට ද ශ්‍රාවකයන්ට ද පත්තුණ්ණ දේශයෙහි වස්ත්‍ර ද චීනපට ද කෝසෙය්‍ය වස්ත්‍ර ද කම්බල ද රන්මිරිවැඩි ද දින්මි,
12. සො’පි මං මුනි ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය ඉමම්හි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති.
12. ඒ බුදුහු ද සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මේ භද්‍ර කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. අජපාලරුක්ඛමූලම්හි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
14. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.
15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො, පටියත්තවරමග්ගෙන බොධිමූලමුපෙහි’ති.
15. ඒ ජිතපඤ්චමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬුවළඳා දෙවියන් සැරසූ මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
16. තතො පදක්ඛිණං කත්වා ධොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථමූලෙ සම්බොධිං බුජ්ඣිස්සති මහායසො
16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝ මැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක් මුල්හි වැඩ හිඳ සත්‍යාවබෝධය කරන්නා හ.
17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො
17. මොවුන් ගේ ජනිකාමවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
18. අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං
18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්හත් ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍ර ශ්‍රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා අනාසවා වීතරාගා සන්තචිත්තා සමාහිතා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසතු’ යයි කියනු ලැබේ.
20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො
20. චිත්ත යැ හත්ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස් වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුද්දෙක් ආයු වෙයි.
21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙමේ බුද්බීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූවා හු–
22. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා
22. ඔල්වරසන් පවත්වති. අපොළති. සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
24. යම් සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
26. තස්සා’හං වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දස පාරමිපූරියා.
26. මම් ඔබ ගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදැවීමි දස පැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
27. සබ්බඤ්ඤුතං ගවෙසන්තො දානං දත්වා නරුත්තමෙ ඔහායාහං මහාරජ්ජං පබ්බජිං තස්ස සන්තිකෙ
27. මම් සර්වඥතාඥානය සොයන්නෙම් නරෝත්තම වූ බුදුන් කෙරෙහි දනක් දී මහරජය හැරපියා ඒ කෝණාගමන බුදුන් වෙත පැවිදි වීමි.
28. නගරං සොභවතී නාම සොභො නාමා’සි ඛත්තියො වසති තත්ථ නගරෙ සම්බුද්ධස්ස මහාකුලං
28. ඒ කෝණාගමන බුදුන් ගේ නගරය සෝභවතී නම් විය එහි සොභ නම් රජ කෙනෙක් වූහ. සම්බුදුන් ගේ මහත් වූ ඥාතිකුලය එනුවර විසී.
29. බ්රාහ්මණො යඤ්ඤදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා උත්තරා නාම ජනිකා කොණාගමනස්ස සත්ථුනො
29. ප්‍රසිද්ධ වූ යඤ්ඤදත්ත නම් බමුණු බුදුන් ගේ පියා විය. කෝණාගමන ශාස්තෲන් වහන්සේ මවු තොමෝ උත්තරා නම් වූ යැ.
30. තීණි වස්සසහස්සානි අගාරමජ්ඣ සො වසී තුසිතසන්තුසිත සන්තුට්ඨා තයො පාසාදමුත්තමා
30. ඒ බුදුහු තුන් දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට තුෂිත යැ සන්තුෂිත යැ සන්තුෂ්ට යැයි උතුම් තුන් පහයෙක් වී.
31. අනූනසොළසසහස්සානි නාරියො සමලඞ්කතා රුචිගත්තා නාම නාරි සත්ථවාහො නාම අත්රජො
31. මොනොවට සැරැසුණු නො අඩු සොළොස් දහසක් පරිවාර ස්ත්‍රීහු වූහ. රුචිගත්තා නම් බිරිඳක් වූ යැ. සත්ථවාහ නම් පුත්‍රයෙක් වී.
32. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
32. පුරුෂෝත්තම වූ ඒ මහසත් සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
33. බ්රහ්මුනා යාචිතො සන්තො කොණාගමනො නාම නායකො වත්ති චක්කං මහාවීරො මිගදායෙ නරුත්තමො
33. මහාවීර වූ නරෝත්තම කෝණාගමන බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු මූව ළැව්හි දම්සක් පැවැත් වූහ.
34. භීය්යසො උත්තරො නාම අහෙසුං අග්ගසාවකා සොත්ථිජො නාමුපට්ඨාකො කොණාගමනස්ස සත්ථුනො
34. කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේට භිය්‍යස යැ උත්තර යැ යන නම් ඇති අගසවු දෙදෙනෙක් වූහ. සොත්ථිජ නම්, උපස්ථායක තෙර කෙනෙක් වූහ.
35. සමුද්දා ච උත්තරාචෙති අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො උදුම්බරො’ති පවුච්චති.
35. සමුද්දා යැ උත්තරා යැ යි අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය ‘දිඹුල්’ යයි කියනු ලැබේ.
36. උග්ගො ච සොමදෙවො ච අහෙසුං අග්ගුපට්ඨකා සීවලා චෙව සාමා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
36. උග්‍ර යැ සෝමදේව යැ යි අග්‍රෝපස්ථායක යෝ දෙදෙනෙක් වූහ. සීවලා යැ සාමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
37. උච්චත්තනෙන සො බුද්ධො තිංසහත්ථසමුග්ගතො උක්කාමුඛෙ යථා කම්බු එවං රංසීහි මණ්ඩිතො.
37. ඒ කෝණාගමන බුදුහු උසින් තිස්රියන් උස්වූවාහු කඹුරු උදුනෙහි රන්නිකක් යම් සේ ද එසෙයින් රසින් සමලඞ්කෘත වූහ.
38. තිංසවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
38. එකල්හි (සත්නට) තිස් දහසක් හවුරුදු ආයු විය. ඒ බුදුහු එතෙක් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර කතරින් තැරැ වූහ.
39. ධම්මචෙතිං සමුස්සිත්වා ධම්මදුස්සවිභූසිතං ධම්මපුප්ඵගුලං කත්වා නිබ්බුතො සො සසාවකො.
39. සිව්සස් දහම් නැමැති පතාකායෙන් සැරැසුණු සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නැමැති සෑය පිහිටුවා දහම් නමැති මල් ගුල කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිය හ.
40. මහාවිලාසො තස්ස ජනො සිරිධම්මප්පකාසනො සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා
40. ඒ කෝණාගමන බුදුරදුන් ගේ මහත් වූ ඍද්ධිවිලාසයට පැමිණි ශ්රාවකජන තෙමේ ද ලොවුතුරු දහම් පැවැසූ ඒ බුදුහු ද යන සියල්ල අතුරු දහන් වී හැම සංස්කාර ධර්මයෝ තුව්ජ වූවාහු නො ද?
41. කොණාගමනො සම්බුද්ධො පබ්බතාරාම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
41. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ පර්වතාරාමයෙහි පිරිනිවි සේක. ඒ බුදුන් ගේ ධාතු ඒ ඒ පෙදෙස්හි විසිරුණේ වී යයි.
කොණාගමන බුද්ධවංසො තෙවීසති මො.
තෙවිසිවන කෝණාගමන බුද්ධවංශ යි.