23. කොණාගමනබුද්ධවංසවණ්ණනා අට්ඨකථා
23. කොණාගමනබුද්ධවංසවණ්ණනා
23. කොණාගමන බුද්ධවංස වර්ණනාව
කකුසන්ධස්ස පන භගවතො අපරභාගෙ තස්ස සාසනෙ ච අන්තරහිතෙ සත්තෙසු තිංසවස්සසහස්සායුකෙසු ජාතෙසු පරහිතකොණාගමනො කොණාගමනො නාම සත්ථා ලොකෙ උදපාදි. අථ වා කනකාගමනතො කොණාගමනො නාම සත්ථා ලොකෙ උදපාදි. තත්ථ ක-කාරස්ස කොආදෙසං කත්වා න-කාරස්ස ණාදෙසං කත්වා එකස්ස ක-කාරස්ස ලොපං කත්වා නිරුත්තිනයෙන කනකස්ස කනකාදිආභරණස්ස ආගමනං පවස්සනං යස්ස භගවතො උප්පන්නකාලෙ සො කොණාගමනො නාම. එත්ථ පන ආයු අනුපුබ්බෙන පරිහීනසදිසං කතං, න එවං පරිහීනං, පුන වඩ්ඪිත්වා පරිහීනන්ති වෙදිතබ්බං. කථං? ඉමස්මිංයෙව කප්පෙ කකුසන්ධො භගවා චත්තාලීසවස්සසහස්සායුකකාලෙ නිබ්බත්තො, තං පන ආයු පරිහායමානං දසවස්සකාලං පත්වා පුන අසඞ්ඛ්යෙය්යං පත්වා තතො පරිහායමානං තිංසවස්සසහස්සායුකකාලෙ ඨිතං, තදා කොණාගමනො භගවා ලොකෙ උප්පන්නොති වෙදිතබ්බො.
කකුසඳ භාග්‍යවතුන් වහන්සේගෙන් පසුකාලයෙහි උන්වහන්සේගේ සසුන අතුරුදන් වීමෙන් පසු සත්මසක් තිස්දහසක් ආයුවූ කල්හි පරහිත සඳහා නැමුණු කෝනාගමන නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. මෙහිලා ආයුෂය කෙමෙන් පිරිහුණු සේ දක්වන ලදි. එසේ පිරිහුණේ නොවෙයි. මෙසේ පිරිහී වැඩී පිරිහිණැයි දතයුතුය. කෙසේ ද? මෙම කල්පයෙහිම කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ සතළිස් දහස් වස් කාලයෙහි උපන්හ. එම ආයුෂය පිරිහෙනුයේ දසවස් කාලයට පැමිණ නැවත අසංඛ්‍යය වී නැවත අසංඛ්‍ය වී එයින් පිරිහෙනුයේ තිස්වස් දහස් කාලයෙහි පිහිටියේය. එකල්හි කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ උපන්හයි දතයුතුය.
සොපි පාරමියො පූරෙත්වා තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චවිත්වා සොභවතීනගරෙ යඤ්ඤදත්තස්ස බ්රාහ්මණස්ස භරියාය රූපාදීහි ගුණෙහි අනුත්තරාය උත්තරාය නාම බ්රාහ්මණියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා දසන්නං මාසානං අච්චයෙන සුභවතීඋය්යානෙ මාතුකුච්ඡිතො නික්ඛමි. ජායමානෙ පන තස්මිං සකලජම්බුදීපෙ දෙවො කනකවස්සං වස්සි. තෙනස්ස කනකාගමනකාරණත්තා “කනකාගමනො”ති නාමමකංසු. තං පනස්ස නාමං අනුක්කමෙන පරිණමමානං කොණාගමනො”ති ජාතං. සො පන තීණි වස්සසහස්සානි අගාරං අජ්ඣාවසි. තුසිත-සන්තුසිත-සන්තුට්ඨනාමකා පනස්ස තයො පාසාදා අහෙසුං. රුචිගත්තාබ්රාහ්මණීපමුඛානි සොළස ඉත්ථිසහස්සානි අහෙසුං.
උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව සෝභවතී නුවර පඤ්ඤදත්ත බ්‍රාහ්මණයාගේ භාර්යාව වූ රූපාදි ගුණයෙන් අනුත්තර උත්තරා නම් බැමිණිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සුභගවතී උයන්හි මවුකුසින් බිහිවූහ. උපදිද්දී මුළු දඹදිව වැස්ස රන් වරුසාවක් වැස්සේය. එයින් උන්වහන්සේට රන්වැසි ආ කරුණින් කනකාගමනයයි නම් කළහ. උන්වහන්සේ ඒ නම පරිණාම වනුයේ කෝනාගමනයයි විය. උන්වහන්සේ තුන්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. තුසිත, සන්තුසිත, සන්තුට්ඨි නම් තුන් පහයක් විය. රුචිගත්තා බ්‍රාහ්මණිය ප්රමුඛ සොළොස් දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
සො චත්තාරි නිමිත්තානි දිස්වා රුචිගත්තාය බ්රාහ්මණියා සත්ථවාහෙ නාම පුත්තෙ උප්පන්නෙ හත්ථික්ඛන්ධවරගතො හත්ථියානෙන මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පබ්බජි. තං තිංසපුරිසසහස්සානි අනුපබ්බජිංසු. සො තෙහි පරිවුතො ඡ මාසෙ පධානචරියං චරිත්වා විසාඛපුණ්ණමායං අග්ගිසොනබ්රාහ්මණස්ස ධීතාය අග්ගිසොනබ්රාහ්මණකුමාරියා දින්නං මධුපායාසං පරිභුඤ්ජිත්වා ඛදිරවනෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ ජටාතින්දුකෙන නාම යවපාලෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා උදුම්බරබොධිං පුණ්ඩරීකෙ වුත්තප්පමාණං ඵලවිභූතිසම්පන්නං දක්ඛිණතො උපගන්ත්වා වීසතිහත්ථවිත්ථතං තිණසන්ථරං සන්ථරිත්වා පල්ලඞ්කං ආභුජිත්වා මාරබලං විද්ධංසෙත්වා දසබලඤාණානි පටිලභිත්වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ්හානං ඛයමජ්ඣගා”ති උදානං උදානෙත්වා සත්තසත්තාහං වීතිනාමෙත්වා අත්තනා සහ පබ්බජිතානං තිංසභික්ඛුසහස්සානං උපනිස්සයසම්පත්තිං දිස්වා ගගනපථෙන ගන්ත්වා සුදස්සනනගරසමීපෙ ඉසිපතනෙ මිගදායෙ ඔතරිත්වා තෙසං මජ්ඣගතො ධම්මචක්කං පවත්තෙසි, තදා තිංසකොටිසහස්සානං පඨමාභිසමයො අහොසි.
උන්වහන්සේ සතර නිමිති දැක රුචිගත්තා බ්රාහ්මණියට සත්ථවාහ නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. තිස්දහසක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවරන ලද උන්වහන්සේ සමසක් ප්‍රධන් වඩා වෙසක් පුන් පොහෝදින අග්ගිසොණ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් මීකිරිබත් වළඳා කිහිරි වෙනෙහි දිවාවිහාර කොට සවස් කල තින්දුක නම් යවපල්ලා දුන් අටතණමිට ගෙන පුණ්ඩරීක බෝධියෙහි කී පමණ ඵලවිභූතියෙන් යුත් උදුම්බර බෝධිය වෙත දකුණින් පැමිණ විසිරියන් පමණ තණ ඇතිරි අතුරා පලක් බැඳ මරබල නසා දසබල ඤාණ ලබා උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ තිස්දහසක් පමණ භික්ෂූන්ගේ හේතුසම්පත් දැක අහසින් වැඩ සුදස්සන නුවර ළඟ ඉසිපතනයෙහි බැස උන්වහන්සේලා මැද සිට දම්සක් පැවැත්වූහ. එකල්හි තිස්කෙළ දහසකට ප්‍රථම ධර්මාභිසමය විය.
පුන සුන්දරනගරද්වාරෙ මහාසාලරුක්ඛමූලෙ යමකපාටිහාරියං කත්වා වීසතිකොටිසහස්සානං ධම්මාමතං පායෙසි, සො දුතියො අභිසමයො අහොසි. අත්තනො මාතරං උත්තරං පමුඛං කත්වා දසසු චක්කවාළසහස්සෙසු දෙවතානං සමාගතානං අභිධම්මපිටකං දෙසෙන්තෙ භගවති දසන්නං කොටිසහස්සානං තතියො අභිසමයො අහොසි. තෙන වුත්තං –
නැවත සුන්දර නුවර දොර මහසල් රුක මුල යමක ප්රාතිහාර්යය කොට විසිකෙළ දහසකට දහම් අමා පෙවූ සේක. එය දෙවන අභිසමය විය. සිය මෑණි උත්තරාවන් ප්රමුඛකොට දසදහසක් සක්වළ රැස්වූ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ විජම්පිටකය දෙසද්දී දසකෙළ දහසකට තෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-
“කකුසන්ධස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො; කොණාගමනො නාම ජිනො, ලොකජෙට්ඨො නරාසභො.
කකුසන්ධස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො කොනාගමනො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො
“දස ධම්මෙ පූරයිත්වාන, කන්තාරං සමතික්කමි; පවාහිය මලං සබ්බං, පත්තො සම්බොධිමුත්තමං.
දසධම්මෙ පූරයිත්වා කනතාරං සමතික්කමි පවාහිය මලං සබ්බං පත්තො සම්බොධිමුත්තමං
“ධම්මචක්කං පවත්තෙන්තෙ, කොණාගමනනායකෙ; තිංසකොටිසහස්සානං, පඨමාභිසමයො අහු.
ධම්මචක්කං පවත්තෙන්තෙ කොනාගමනායකො තිංසකොටිසහස්සානං පඨමාභිසමයො අහූ
“පාටිහීරං කරොන්තෙ ච, පරවාදප්පමද්දනෙ; වීසතිකොටිසහස්සානං, දුතියාභිසමයො අහු.
පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ වීසතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූ
“තතො විකුබ්බනං කත්වා, ජිනො දෙවපුරං ගතො; වසතෙ තත්ථ සම්බුද්ධො, සිලාය පණ්ඩුකම්බලෙ.
තතො විකුබ්බණං කත්වා ජිනො දෙවපුරං ගතො වසති තත්ථ සම්බුද්ධො සිලාය පණ්ඩුකම්බලෙ
“පකරණෙ සත්ත දෙසෙන්තො, වස්සං වසති සො මුනි; දසකොටිසහස්සානං, තතියාභිසමයො අහූ”ති.
පකරෙණ සත්ත දෙසෙන්තො වස්සං වසති සො මුනි දසකොටිසහස්සානං තතියාභිසමයො අහූති
තත්ථ දස ධම්මෙ පූරයිත්වානාති දස පාරමිධම්මෙ පූරයිත්වා. කන්තාරං සමතික්කමීති ජාතිකන්තාරං සමතික්කමි. පවාහියාති පවාහෙත්වා. මලං සබ්බන්ති රාගාදිමලත්තයං. පාටිහීරං කරොන්තෙ ච, පරවාදප්පමද්දනෙති පරවාදිවාදප්පමද්දනෙ, භගවති පාටිහාරියං කරොන්තෙති අත්ථො. විකුබ්බනන්ති විකුබ්බනිද්ධිං, සුන්දරනගරද්වාරෙ යමකපාටිහාරියං කත්වා දෙවපුරං ගතො තත්ථ පණ්ඩුකම්බලසිලායං වසි. කථං වසීති? පකරණෙ සත්ත දෙසෙන්තොති තත්ථ දෙවානං සත්තප්පකරණසඞ්ඛාතං අභිධම්මපිටකං දෙසෙන්තො වසි. එවං තත්ථ අභිධම්මං දෙසෙන්තෙ භගවති දසකොටිසහස්සානං දෙවානං අභිසමයො අහොසීති අත්ථො.
එහි දසධම්මෙ පූරයිත්වා යනු; දසපාරමී ධර්ම පුරා. කනතාරං සමතික්කමී යනු; ජාති කාන්තාරය ඉක්මවීය. පවාහිය යනු; පා කොට. මලං සබ්බං යනු; රාගාදි මලතුන. පාටිහීරං කරොන්තෙ ච පරවාදප්පමද්දනෙ යනු; භාග්‍යවතුන් වහන්සේ පෙළහර කරද්දී යන අර්ථයි. විකුබ්බණං යනු; විකුර්වණ ඍද්ධිය. සුන්දර නුවර දොර යමාමහ පෙළහර කොට දෙව්පුරයට වැඩ එහි පඩුඇඹුල් සලසුනෙහි විසූහ. කෙසේ විසූහුද පකරෙණ සත්ත දෙසෙන්තො යනු; එහි දෙවියන්ට සප්ත ප්රකරණ සංඛ්‍යාත අභිධර්ම පිටකය දේශනා කරමින් විසූහ. මෙසේ එහි භාග්‍යවතුන් වහන්සේ අභිධර්මය දේශනා කරද්දී දසකෙළ දහසකට ධර්මාවබෝධය විය යන අර්ථයි.
පරිසුද්ධපාරමිපූරණාගමනස්ස කොණාගමනස්සපි එකො සාවකසන්නිපාතො අහොසි. සුරින්දවතීනගරෙ සුරින්දවතුය්යානෙ විහරන්තො භිය්යසස්ස රාජපුත්තස්ස ච උත්තරස්ස ච රාජපුත්තස්ස ද්වින්නම්පි තිංසසහස්සපරිවාරානං ධම්මං දෙසෙත්වා සබ්බෙව තෙ එහිභික්ඛුපබ්බජ්ජාය පබ්බාජෙත්වා තෙසං මජ්ඣගතො මාඝපුණ්ණමායං පාතිමොක්ඛං උද්දිසි. තෙන වුත්තං –
පිවිතුරු පැරුම් පුරා පැමිණි කෝනාගමන භාග්‍යවතුන් වහන්සේට ද එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. සුරින්දවතී නුවර සුරින්දවතී උයන්හි වසන සේක් තිස්දහසක් පිරිවර ඇති භීයස රාජකුමාරයාට සහ උත්තර රාජ පුත්‍රයාට ද යන දෙදෙනාට දහම් දෙසා ඒ සියලු දෙන එහිභික්ෂු පැවිද්දෙන් පැවිදි කරවා උන්වහන්සේලා මැද නවම් පුන් පොහෝ දින පාමොක් දෙසූහ. එයින් කියන ලදි-
“තස්සාපි දෙවදෙවස්ස, එකො ආසි සමාගමො; ඛීණාසවානං විමලානං, සන්තචිත්තාන තාදිනං.
තස්සාපි දෙවදෙවස්ස එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං
“තිංසභික්ඛුසහස්සානං, තදා ආසි සමාගමො; ඔඝානමතික්කන්තානං, භිජ්ජිතානඤ්ච මච්චුයා”ති.
තිංසභික්ඛු සහස්සානං තදා ආසි සමාගමො ඔඝා නමතික්කන්තානං භිජ්ජිතානඤ්ච මච්චුයාති
තත්ථ ඔඝානන්ති කාමොඝාදීනං, චතුන්නමොඝානමෙතං අධිවචනං. යස්ස පන තෙ සංවිජ්ජන්ති, තං වට්ටස්මිං ඔහනන්ති ඔසීදාපෙන්තීති ඔඝා, තෙසං ඔඝානං, උපයොගත්ථෙ සාමිවචනං දට්ඨබ්බං. චතුබ්බිධෙ ඔඝෙ අතික්කන්තානන්ති අත්ථො. භිජ්ජිතානන්ති එත්ථාපි එසෙව නයො. මච්චුයාති මච්චුනො.
එහි ඔඝානං යනු; කාමාදි සතර ඕඝයන්ට මෙය නාමයකි. යමෙකුට ඒවා ඇත්තේ ද ඔහු යමක ගිල්වත් ද බහාලත් ද ඒවා ඕඝ නමි. ඒ ඔඝයන්ගේ කර්මාර්ථයෙහි සම්බන්ධ වචනයි දතයුතුය. සතර වැදෑරුම් ඔඝයන් ඉක්මවූවන්ගේ යන අර්ථයි. භිජ්ජිතානං යනු; මෙහිද මෙය ක්‍රමයමැයි. මච්චුයා යනු; මරහුගේ.
තදා අම්හාකං බොධිසත්තො මිථිලනගරෙ පබ්බතො නාම රාජා අහොසි, තදා “සරණගතසබ්බපාණාගමනං කොණාගමනං මිථිලනගරමනුප්පත්ත”න්ති සුත්වා සපරිවාරො රාජා පච්චුග්ගන්ත්වා වන්දිත්වා දසබලං නිමන්තෙත්වා මහාදානං දත්වා තත්ථ භගවන්තං වස්සාවාසත්ථාය යාචිත්වා තෙමාසං සසාවකසඞ්ඝං සත්ථාරං උපට්ඨහිත්වා පත්තුණ්ණචීනපට්ටකම්බලකොසෙය්යදුකූලකප්පාසිකාදීනි මහග්ඝානි චෙව සුඛුමවත්ථානි ච සුවණ්ණපාදුකා චෙව අඤ්ඤඤ්ච බහුපරික්ඛාරමදාසි. සොපි නං භගවා බ්යාකාසි – “ඉමස්මිංයෙව භද්දකප්පෙ අයං බුද්ධො භවිස්සතී”ති . අථ සො මහාපුරිසො තස්ස භගවතො බ්‍යාකරණං සුත්වා මහාරජ්ජං පරිච්චජිත්වා තස්සෙව භගවතො සන්තිකෙ පබ්බජි. තෙන වුත්තං –
එකල අප බෝසත්හු මිථිලා නුවර පබ්බත නම් රජ වූහ. සරණාගත සියලු ප්‍රාණීන්ගේ ආගමන ඇති කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ මිථිල නුවරට වැඩි බව අසා පිරිවර සහිත රජ පෙරගමන් කොට දසබලයන් වහන්සේ ආරාධනා කොට දන් පුදා එහි භාග්‍යවතුන් වහන්සේට වස්විසීම පිණිස අයැද තෙමස බික්සඟන සහිත ශාස්තෘන් වහන්සේ උවටැන් කොට පත්තුණ්ණ චීන පට කම්බල කොසෙය්ය දුහුල් කපු ආදි මාහැඟි සිනිඳු වස්ත්‍ර රන්මිරිවැඩි ද අනෙකුත් බොහෝ පිරිකර පිදූහ. ඒ භාග්‍යවතුන් වහන්සේද එතුමාට මේ භද්‍රකල්පයෙහිම මොහු බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විවරණ අසා ඒ මහපුරිස්හු මහාරාජ්‍යය පරිත්‍යාග කොට උන්වහන්සේ වෙතම පැවිදි වූහ. එයින් කියන ලදි-
“අහං තෙන සමයෙන, පබ්බතො නාම ඛත්තියො; මිත්තාමච්චෙහි සම්පන්නො, අනන්තබලවාහනො.
අහං තෙන සමයෙන පබ්බතො නාම ඛත්තියො මිත්තාමච්චෙහි සම්පන්නො බලවාහනමනප්පකං
“සම්බුද්ධදස්සනං ගන්ත්වා, සුත්වා ධම්මමනුත්තරං; නිමන්තෙත්වා සජිනසඞ්ඝං, දානං දත්වා යදිච්ඡකං.
සම්බුද්ධදස්සනං ගනත්වා සුත්වා ධම්මමනුත්තරං නිමනෙතත්වා සජිනං සංඝං දානං දත්වා යදිච්ඡතං
“පත්තුණ්ණං චීනපට්ටඤ්ච, කොසෙය්යං කම්බලම්පි ච; සුවණ්ණපාදුකඤ්චෙව, අදාසිං සත්ථුසාවකෙ.
පත්තුණ්ණං චීනපට්ටඤ්ච කොසෙය්යං කම්බලම්පිච සොවණ්ණපාදුකඤ්චෙව අදාසිං සත්ථුසාවකෙ
“සොපි මං බුද්ධො බ්යාකාසි, සඞ්ඝමජ්ඣෙ නිසීදිය; ඉමම්හි භද්දකෙ කප්පෙ, අයං බුද්ධො භවිස්සති.
සොපි මං මුනි ව්යාකාසි සංඝමජ්ඣෙ නිසීදිය ඉම්මහි භද්දකෙ කප්පෙ අයං බුද්ධො භවිස්සති
“අහු කපිලව්හයා රම්මා…පෙ… හෙස්සාම සම්මුඛා ඉමං.
අහු කපිලවහයෙ රම්මෙ -පෙ-
“තස්සාපි වචනං සුත්වා, භිය්යො චිත්තං පසාදයිං; උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
තස්සාහං වචනං සුත්වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා
“සබ්බඤ්ඤුතං ගවෙසන්තො, දානං දත්වා නරුත්තමෙ; ඔහායාහං මහාරජ්ජං, පබ්බජිං ජිනසන්තිකෙ”ති.
සබ්බඤ්ඤුතං ගවෙසන්තො දානං දත්වා නරුත්තමෙ ඔහායාහං මහාරජ්ජං පබ්බජිං ජිනසන්තිතෙති
තත්ථ අනන්තබලවාහනොති බහුකං අනන්තං මය්හං බලං අස්සහත්ථිආදිකං වාහනඤ්චාති අත්ථො. සම්බුද්ධදස්සනන්ති සම්බුද්ධදස්සනත්ථාය. යදිච්ඡකන්ති යාවදිච්ඡකං බුද්ධප්පමුඛං සඞ්ඝං චතුබ්බිධෙන ආහාරෙන “අලමල”න්ති පවාරාපෙත්වා, හත්ථෙන පිදහාපෙත්වාති අත්ථො. සත්ථුසාවකෙති සත්ථුනො චෙව සාවකානඤ්ච අදාසිං. නරුත්තමෙති නරුත්තමස්ස. ඔහායාති පහාය පරිච්චජිත්වා.
එහි බලවාහනමනප්පකං යනු; බොහෝ අනන්ත වූ මාගේ බලය අශ්ව හස්ත ආදි වාහන ද යන අර්ථයි. සම්බුද්ධදස්සනං යනු; සම්බුද්ධ දර්ශනය පිණිස. යදිච්ඡක යනු; කැමති තාක්, බුදුපාමොක් සංඝයා සතර වැදෑරුම් අහරින් ඇති ඇති කියා පවරවා අතින් වස්වා යන අර්ථයි. සත්ථුසාවකෙ යනු; ශාස්තෘන් වහන්සේට මෙන්ම ශ්‍රාවකයන්ට ද දුනිමි. නරුත්තමෙ යනු; නරෝත්තමයන් හට. ඔහාය යනු; හැරදමා.
තස්ස පන කොණාගමනස්ස භගවතො සොභවතී නාම නගරං අහොසි, යඤ්ඤදත්තො නාම බ්රාහ්මණො පිතා, උත්තරා නාම බ්රාහ්මණී මාතා, භිය්යසො ච උත්තරො චාති ද්වෙ අග්ගසාවකා, සොත්ථිජො නාමුපට්ඨාකො, සමුද්දා ච උත්තරා ච ද්වෙ අග්ගසාවිකා, උදුම්බරරුක්ඛො බොධි, සරීරං තිංසහත්ථුබ්බෙධං අහොසි, තිංසවස්සසහස්සානි ආයු, භරියා පනස්ස රුචිගත්තා නාම බ්රාහ්මණී, සත්ථවාහො නාම පුත්තො, හත්ථියානෙන නික්ඛමි. තෙන වුත්තං –
ඒ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේගේ නගරය සෝභවතී නම් විය. යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණ පියාණෝය. උත්තරා නම් බැමිණිය මැණියෝය. භීයස උත්තර දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක සොත්ථිය නමි. සමුද්දා උත්තර දෙනම අග්රශ්රාවිකාවෝය. උදුම්බර වෘක්ෂය බෝධියයි. ශරිරය තිස්රියන් උසය. ආයුෂ අවුරුදු තිස්දහසකි. උන්වහන්සේගේ භාර්යාව රුචිගත්තා නම් බැමිණියයි. පුත්‍රයා සත්ථවාහ නමි. ඇත් යානයෙන් නික්මුණාහ. එයින් කියන ලදි-
“නගරං සොභවතී නාම, සොභො නාමාසි ඛත්තියො; වසතෙ තත්ථ නගරෙ, සම්බුද්ධස්ස මහාකුලං.
නගරං සොභවතී නාම සොභො නාමාසි ඛත්තියො වසතී තස්ස නගරෙ සම්බුද්ධස්ස මහාකුලං
“බ්රාහ්මණො යඤ්ඤදත්තො ච, ආසි බුද්ධස්ස සො පිතා; උත්තරා නාම ජනිකා, කොණාගමනස්ස සත්ථුනො.
බ්රාහ්මණො යඤ්ඤදත්තො ච ආසි බුද්ධස්සසො පිතා උත්තරා නාම ජනිකා කොනාගමනස්ස සත්ථුනො
“භිය්යසො උත්තරො නාම, අහෙසුං අග්ගසාවකා; සොත්ථිජො නාමුපට්ඨාකො, කොණාගමනස්ස සත්ථුනො.
භීයසො උත්තරො නාම අහෙසුං අග්ගසාවකා සොත්ථිජො නාමුපට්ඨාකො කොනාගමනස්ස සත්ථුනො
“සමුද්දා උත්තරා චෙව, අහෙසුං අග්ගසාවිකා; බොධි තස්ස භගවතො, උදුම්බරොති පවුච්චති.
සමුද්දා ච උත්තරා චොති අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො උදුම්බරොති පවුච්චති
“උච්චත්තනෙන සො බුද්ධො, තිංසහත්ථසමුග්ගතො; උක්කාමුඛෙ යථා කම්බු, එවං රංසීහි මණ්ඩිතො.
උච්චත්තනෙන සො බුද්ධො තිංසහත්ථ සමුග්ගතො උක්කාමුඛෙ යථා කම්බු එවං රංසීහි මණ්ඩිතො
“තිංසවස්සසහස්සානි, ආයු බුද්ධස්ස තාවදෙ; තාවතා තිට්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.
තිංසවස්ස සහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං
“ධම්මචෙතිං සමුස්සෙත්වා, ධම්මදුස්සවිභූසිතං; ධම්මපුප්ඵගුළං කත්වා, නිබ්බුතො සො සසාවකො.
ධම්මචෙතිං සමුස්සෙත්වා ධම්මදුස්සවිභූසිතං ධම්මපුප්ඵගුලං කත්වා නිබ්බුතො සො සසාවකො
“මහාවිලාසො තස්ස ජනො, සිරිධම්මප්පකාසනො; සබ්බං තමන්තරහිතං, නනු රිත්තා සබ්බසඞ්ඛාරා”ති.
මහාවිලාසො තස්ස ජනො සිරිධම්මප්පකාසනො සබ්බං සමන්තරහිතං නනුරිත්තා සබ්බසංඛාරාති
තත්ථ උක්කාමුඛෙති කම්මාරුද්ධනෙ. යථා කම්බූති සුවණ්ණනික්ඛං විය. එවං රංසීහි මණ්ඩිතොති එවං රස්මීහි පටිමණ්ඩිතො සමලඞ්කතො. ධම්මචෙතිං සමුස්සෙත්වාති සත්තත්තිංසබොධිපක්ඛියධම්මමයං චෙතියං පතිට්ඨාපෙත්වා. ධම්මදුස්සවිභූසිතන්ති චතුසච්චධම්මපටාකවිභූසිතං. ධම්මපුප්ඵගුළං කත්වාති ධම්මමයපුප්ඵමාලාගුළං කත්වා. මහාජනස්ස විපස්සනාචෙතියඞ්ගණෙ ඨිතස්ස නමස්සනත්ථාය ධම්මචෙතියං පතිට්ඨාපෙත්වා සසාවකසඞ්ඝො සත්ථා පරිනිබ්බායීති අත්ථො. මහාවිලාසොති මහාඉද්ධිවිලාසප්පත්තො. තස්සාති තස්ස භගවතො. ජනොති සාවකජනො. සිරිධම්මප්පකාසනොති ලොකුත්තරධම්මප්පකාසනො සො භගවා ච සබ්බං තමන්තරහිතන්ති අත්ථො.
එහි උත්තාමුඛෙ යනු; කඹුරු උදුනොහි. යථාකම්බු යනු; රන්නිකක් මෙන්. එවං රංසීහි මණ්ඩිකො යනු; මෙසේ රසින් ප්‍රතිමණ්ඩිත වූයේ, සමලංකෘත වූයේ. ධම්මචෙතිං සමුස්සෙත්වා යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්මමය චෛත්‍යය පිහිටුවා. ධම්මදුස්ස විභූසිතං යනු; චතුස්සත්‍ය ධම්මී පාතාකායෙන් විභූසිත. ධම්මපුප්ඵගුළං කත්වා යනු; ධර්මමය මල්මාලා ගුළිය කොට. මහජනයාට විදර්ශනා සෑ මිදුලෙහිම සිට නමස්කාර කිරීම පිණිස ධර්ම චෛත්‍යය පිහිටුවා ශ්‍රාවක සංඝයා සහිත වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවි සේක් යනුයි. මහාවිලාසො යනු; මහත් සෘද්ධි විලාසයට පත්වූයේ. තස්ස යනු; ඒ භාග්‍යවතුන් වහන්සේගේ. ජනො යනු; ශ්‍රාවක ජනයා. සිරිධම්මප්පකාසනො යනු; ලොවුතුරා දහම් පවසන ඒ භාග්‍යවතුන් වහන්සේ ද සියල්ල අතුරුදහන් විය යන අර්ථයි.
“සුඛෙන කොණාගමනො ගතාසවො, විකාමපාණාගමනො මහෙසී; වනෙ විවෙකෙ සිරිනාමධෙය්යෙ, විසුද්ධවංසාගමනො වසිත්ථ”.
මහර්ෂි වූ කාමාපෙක්ෂා රහිත ජනයින් පැමිණෙන්නා වූ විසුද්ධ බුද්ධවංසයෙන් පැමිණි ආසව රහිත වූ කෝනාගමන භාග්‍යවතුන් වහන්සේ සිරි නම් විවේක වනයෙන් සුවෙන් විසූ සේක.
සෙසගාථාසු සබ්බත්ථ පාකටමෙවාති.
සෙසු ගාථාවන්හි සියලු අර්ථ පැහැදිලිය.
කොණාගමනබුද්ධවංසවණ්ණනා නිට්ඨිතා.
කොනාගමන බුද්ධවංස වර්ණනාව නිමියේය.
නිට්ඨිතො තෙවීසතිමො බුද්ධවංසො.
තෙවිසිවන බුද්ධවංසය සමාප්තයි.