යෙදුමෙන් කියවන්න

22. කකුසන්‍ධබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

22. කකුසන්‍ධබුද‍්ධවංසවණ‍්ණනා

22. කකුසන්ධ බුද්ධවංස වර්ණනාව

වෙස‍්සභුම‍්හි සයම‍්භුම‍්හි පරිනිබ‍්බුතෙ තස‍්මිං පන කප‍්පෙ අතික‍්කන‍්තෙ එකූනත‍්තිංසකප‍්පෙසු ජිනදිවසකරා නුප‍්පජ‍්ජිංසු. ඉමස‍්මිං පන භද‍්දකප‍්පෙ චත‍්තාරො බුද‍්ධා නිබ‍්බත‍්තිංසු. කතමෙ චත‍්තාරො? කකුසන්‍ධො කොණාගමනො කස‍්සපො අම‍්හාකං බුද‍්ධොති. මෙත‍්තෙය්‍යො පන භගවා උප‍්පජ‍්ජිස‍්සති. එවමයං කප‍්පො පඤ‍්චහි බුද‍්ධුප‍්පාදෙහි පටිමණ‍්ඩිතත‍්තා භද‍්දකප‍්පොති භගවතා වණ‍්ණිතො. තත්‍ථ කකුසන්‍ධො නාම භගවා පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා ඛෙමවතීනගරෙ ඛෙමඞ‍්කරස‍්ස නාම රඤ‍්ඤො අත්‍ථධම‍්මානුසාසකස‍්ස අග‍්ගිදත‍්තස‍්ස නාම පුරොහිතස‍්ස අග‍්ගමහෙසියා විසාඛාය නාම බ්‍රාහ‍්මණියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. යදා පන ඛත‍්තියා බ්‍රාහ‍්මණෙ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තදා බොධිසත‍්තා බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තන‍්ති.

ස්වයම්භූ වෙස්සභූ බුදුන් පිරිනිවි කල්හි ඒ කල්පය ද ඉකුත් කල එකුන්තිස් කපක් ජිනසූර්යයෝ නූපන්හ. මේ භද්‍රකල්පයෙහි සිවුබුදු කෙනෙක් උපන්හ. කවර සතර නමක්ද? කකුසඳ කෝනාගම කාශ්‍යප යන තුන්නම සහ අප බුදුරජාණෝය. මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේ මතු උපදනාහ. මෙසේ මේ කල්පය පස් බුදුකෙනකුගෙන් යුක්ත බැවින් මහා භද්‍රකල්පයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. එහි කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා තුසීපුර ඉපිද ඉන් සැව ඛේමවතී නුවර ඛේමංකර නම් රජුගේ අර්ථධර්මානුශාසක අග්ගිදත්ත නම් පුරෝහිතයාගේ අගබිසෝ විසාඛා නම් බැමිණිය කුස පිළිසිඳ ගත්හ.

යදා පන බ්‍රාහ‍්මණා ඛත‍්තියෙ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තදා ඛත‍්තියකුලෙ උප‍්පජ‍්ජන‍්ති. තදා කිර බ්‍රාහ‍්මණා ඛත‍්තියෙහි සක‍්කරීයන‍්ති ගරුකරීයන‍්ති, තස‍්මා සච‍්චසන්‍ධො කකුසන්‍ධො බොධිසත‍්තො විභවසිරිසමුදයෙනාකුලෙ අනාකුලෙ බ්‍රාහ‍්මණකුලෙ දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙන‍්තො කම‍්පයන‍්තො උදපාදි. හෙට‍්ඨා වුත‍්තප‍්පකාරානි පාටිහාරියානි නිබ‍්බත‍්තිංසු. තතො දසන‍්නං මාසානං අච‍්චයෙන ඛෙමවතුය්‍යානෙ මාතුකුච‍්ඡිතො සුවණ‍්ණලතාතො අග‍්ගිජාලො විය නික‍්ඛමි. සො චත‍්තාරි වස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. තස‍්ස කිර කාමකාමවණ‍්ණකාමසුද‍්ධිනාමකා තයො පාසාදා අහෙසුං. රොචිනීබ්‍රාහ‍්මණීපමුඛානි තිංස ඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං.

යම්කලෙක රජවරු බමුණන්ට සත්කාර ගරුකාර කරත් ද මානනය කරත් ද පූජා කරත් ද එකල බෝසත්වරු බමුණු කුලයෙහි උපදිති. යම්කලෙක බමුණෝ ක්‍ෂත්‍රියයන්ට සත්කාර ගරුකාර මානන පූජා කරත් ද එකල කැත්කුලෙහි උපදිති. එකල්හි වනාහි බමුණෝ ක්‍ෂත්‍රියයන් විසින් සත්කාර ගරුකාර මානන පූජ කරන ලද්දෝ වූහ. එහෙයින් සත්‍ය සන්‍ධ කකුසන්‍ධ බෝසත් මහසත්හු විභවග්‍රී සම්පතින් ආකූල නිරාකුල බ්‍රාහ්මණ කුලයෙහි දසසහස්‍රී ලෝකධාතුව නාද කරවමින් කම්පා කරවමින් පහළ වූහ. යට කියන ලද ආකාර ප්‍රාතිහාර්ය ඇතිවිය. ඉක්බිති දස දසමස් ඇවෑමෙන් ඛේම උයන්හි රන්වැලකින් ගිනිජාලාවක් මෙන් මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ වසර හාරදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුචි අරුචි රතිවද්ධන නම් තුන්පහයක් විය. රෝහිණී බ්‍රාහ්මණීය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා රොචිනියා බ්‍රාහ‍්මණියා අනුත‍්තරෙ උත‍්තරෙ නාම කුමාරෙ උප‍්පන‍්නෙ පයුත‍්තෙන ආජඤ‍්ඤරථෙන මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං චත‍්තාලීසසහස‍්සානි අනුපබ‍්බජිංසු. සො තෙහි පරිවුතො අට‍්ඨ මාසෙ පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය සුචිරින්‍ධනිගමෙ වජිරින්‍ධබ්‍රාහ‍්මණස‍්ස ධීතාය දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා ඛදිරවනෙ දිවාවිහාරං කත්‍වා සායන‍්හසමයෙ සුභද‍්දෙන නාම යවපාලකෙන උපනීතා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා සිරීසබොධිං පාටලියා වුත‍්තප‍්පමාණං දිබ‍්බගන්‍ධං උපවායමානං උපගන‍්ත්‍වා චතුත‍්තිංසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා සම‍්බොධිං පත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා අත‍්තනා සහ පබ‍්බජිතානං චත‍්තාලීසාය භික‍්ඛුසහස‍්සානං සච‍්චප‍්පටිවෙධසමත්‍ථතං දිස‍්වා එකාහෙනෙව මකිලනගරසමීපෙ සම‍්භූතං ඉසිපතනං නාම මිගදායං පවිසිත්‍වා තෙසං මජ‍්ඣගතො භගවා ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා චත‍්තාලීසාය කොටිසහස‍්සානං පඨමො ධම‍්මාභිසමයො අහොසි.

උන්වහන්සේ සතර නිමිති දැක රෝචනී බැමිණියට උත්තර කුමරු උපන් කල්හි මැනවින් සැදූ ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සතලිස් දහසක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන් කොට වෙසක් පුන්පොහෝ දින සුචිරින්‍ද නිගමයෙහි වජිරින්‍ධ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් මීකිරිබත් වළඳා කිහිරි වෙනෙහි දිවාවිහාර කොට සවස සුභද්ද නම් යවපාලකයන් දුන් අටතණමිට ගෙන පාටලි බෝධියෙහි කියන ලද පමණ ඇති දිවසුවඳ හමන සිරීසබෝධිය වෙත පැමිණ තෙතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සම්බෝධියට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ සතලිස් දහසක් භික්‍ෂූන්ගේ සත්‍ය ප්‍රතිවේධ සමර්ථතාව දැක එක් දවසින්ම මකිල නුවර ළඟ ඉසිපතන මිගදායට වැඩ උන්වහන්සේලා මැද දම්සක් පැවැත්වූහ.

පුන කණ‍්ණකුජ‍්ජනගරද‍්වාරෙ මහාසාලරුක‍්ඛමූලෙ යමකපාටිහාරියං කත්‍වා තිංසකොටිසහස‍්සානං ධම‍්මචක‍්ඛුං උප‍්පාදෙසි, සො දුතියො අභිසමයො අහොසි. යදා පන ඛෙමවතීනගරස‍්සාවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං දෙවායතනෙ අභිමතනරදෙවො නරදෙවො නාම යක‍්ඛො දිස‍්සමානමනුස‍්සසරීරො හුත්‍වා කන‍්තාරමජ‍්ඣෙ එකස‍්ස කමලකුවලයුප‍්පලසමලඞ‍්කතසලිලසීතලස‍්ස පරමමධුරසිසිරවාරිනො සබ‍්බජනසුරභිරමස‍්ස සරස‍්ස සමීපෙ ඨත්‍වා කමලකුවලයකල‍්ලහාරාදීහි සත‍්තෙ උපලාපෙත්‍වා මනුස‍්සෙ ඛාදති . තස‍්මිං මග‍්ගෙ පච‍්ඡින‍්නෙ ජනසම‍්පාතරහිතෙ මහාඅටවිං පවිසිත්‍වා තත්‍ථ සම‍්පත‍්තෙ සත‍්තෙ ඛාදති. සො ලොකවිස‍්සුතො මහාකන‍්තාරමග‍්ගො අහොසි. උභතොකන‍්තාරද‍්වාරෙ කිර මහාජනකායො සන‍්නිපතිත්‍වා කන‍්තාරනිත්‍ථරණත්‍ථාය අට‍්ඨාසි. අථ විගතභවබන්‍ධො කකුසන්‍ධො සත්‍ථා එකදිවසං පච‍්චූසසමයෙ මහාකරුණාසමාපත‍්තිතො වුට‍්ඨාය ලොකං වොලොකෙන‍්තො ඤාණජාලස‍්ස අන‍්තොගතං තං මහෙසක‍්ඛං නරදෙවයක‍්ඛං තඤ‍්ච ජනසමූහමද‍්දස. දිස‍්වා ච පන ගගනතලෙන ගන‍්ත්‍වා තස‍්ස ජනකායස‍්ස පස‍්සන‍්තස‍්සෙව භගවා අනෙකවිහිතං පාටිහාරියං කරොන‍්තො තස‍්ස නරදෙවයක‍්ඛස‍්ස භවනෙ ඔතරිත්‍වා තස‍්ස මඞ‍්ගලපල‍්ලඞ‍්කෙ නිසීදි.

එකල සතලිස් කෙළලක්‍ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය විය. නැවත කාන්‍යකුබ්ජ නගර ද්වාරයෙහි මහ සල්රුක් මුල යමක ප්‍රාතිහාර්යය කොට තිස්කෙළ දහසකට ධර්මචක්‍ෂුස ඉපිදවූහ. එය දෙවන අභිසමය විය. යම්කලෙක ඛේමවතී නගරයට නුදුරු එක්තරා දේවායතනයක නරදේවානි මත නරදේව නම් යක්‍ෂයෙක් දෘශ්‍යමාන කයින් කාන්තාර මධ්‍යයෙහි පියුමුපිලින් සැදි පරම මිහිරි සිහිල්දිය පිරි සියලු ජනයන්ට ළංවිය නොහැකි විලක් ළඟ සිට පියුම් උපුල් මානෙල් ආදියෙන් සත්ත්‍වයන් පොළඹවා මිනිසුන් කා දමයි. එම මඟ අවසන ජන හසර රහිත මහවනයට වැද එහි පැමිණි සතුන් කාදමයි. එය ලෝකප්‍රකට කාන්තාර මාර්ගයක් විය. දෙපස කාන්තාර දොරටුවල මහජනයා රැස්ව කාන්තාරය තරණය කිරීමට බලා සිටිති. එකල බවබැලුම් පහකළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ දිනක් අලුයම මහකුළුණු සමවතින් නැගී ලොව බලන සේක් නැණවැලට හසුවූ ඒ මහේශාක්‍ය නරදේව යක්‍ෂයාත් ජනසමූහයාත් දුටහ. දැක අහසින් වැඩ ඒ ජනකාය බලා සිටියදීම භාග්‍යවතුන් වහන්සේ නොඑක් පෙළහර කරමින් නරදේව යක්‍ෂයාගේ භවනයට බැස ඔහුගේ මංගල පර්යංකයෙහි වැඩහුන් සේක.

අථ ඛො සො මනුස‍්සභක‍්ඛො යක‍්ඛො ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තං ඉන්‍දධනුපරිවුතමිව දිවසකරං මුනිදිවසකරං පවනපථෙනාගච‍්ඡන‍්තං දිස‍්වා – “දසබලො මමානුකම‍්පාය ඉධාගච‍්ඡතී”ති පසන‍්නහදයො අත‍්තනො පරිවාරයක‍්ඛෙහි සද‍්ධිං අනෙකමිගගණවන‍්තං හිමවන‍්තං ගන‍්ත්‍වා නානාවණ‍්ණගන්‍ධානි ජලජථලජානි කුසුමානි පරමමනොරමානි සුගන්‍ධගන්‍ධෙ සමාහරිත්‍වා අත‍්තනො පල‍්ලඞ‍්කෙ නිසින‍්නං විගතරන්‍ධං කකුසන්‍ධං ලොකනායකං මාලාගන්‍ධවිලෙපනාදීහි පූජයිත්‍වා ථුතිසඞ‍්ගීතානි පවත‍්තෙන‍්තො සිරසි අඤ‍්ජලිං කත්‍වා නමස‍්සමානො අට‍්ඨාසි. තතො මනුස‍්සා තං පාටිහාරියං දිස‍්වා පසන‍්නහදයා සමාගම‍්ම භගවන‍්තං පරිවාරෙත්‍වා නමස‍්සමානා අට‍්ඨංසු. අථ අප‍්පටිසන්‍ධො කකුසන්‍ධො භගවා අභිපූජිතනරදෙවයක‍්ඛං නරදෙවයක‍්ඛං කම‍්මඵලසම‍්බන්‍ධදස‍්සනෙන සමුත‍්තෙජෙත්‍වා නිරයකථාය සන‍්තාසෙත්‍වා චතුසච‍්චකථං කථෙසි, තදා අපරිමිතානං සත‍්තානං ධම‍්මාභිසමයො අහොසි, අයං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

එවිට මිනී කන යක්‍ෂයා සවනක් රස් විහිදුවමින් දෙව්දුනු පිරිවැරූ සූර්යයා මෙන් බුද්ධ දිවාකරයන් අහසින් වඩිනු දැක දසබලයන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙහි වඩින සේකැයි පහන් සිතින් සිය පිරිවර යකුන් සමග නානා මිගයණ යුත් හිමවතට ගොස් නන් වනගඳ දිය ගොඩ පරම මනරම් සුවඳ වත් මල් ගෙනවුත් සිය පලඟෙහි වැඩහුන් විගතරන්‍ධු වූ කකුසඳ ලෝකනායකයන් මාලා ගන්‍ධ විලේපනාදියෙන් පුදා තුතිසංගීත පවත්වමින් හිසෙහි ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති මනුෂ්‍යයෝ ඒ ආශ්චර්යය දැක පහන් සිතින් රැස්ව භාග්‍යවතුන් වහන්සේ පිරිවර නමස්කාර කරමින් සිටියහ. එවිට අප්‍රතිසන්‍ධි ඇති කකුසඳ බුදුහු අභිපූජිත නරදේව යක්‍ෂයාට කර්මඵල දැක්වීමෙන් තෙද ගන්වා නිරය කථාවෙන් තැතිගන්වන සිවුසස් දහම් දෙසූහ. එදින අප්‍රමාණ සත්ත්‍වයන්ට ධර්මාවබෝධ විය. මෙය තෙවන අභිසමයයි. එයින් කියන ලදි-

“වෙස‍්සභුස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; කකුසන්‍ධො නාම නාමෙන, අප‍්පමෙය්‍යො දුරාසදො.

වෙස්සභුස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමෙං කකුසන්‍ධො නාම නාමෙන අප්පමෙය්‍යො දුරාසදො

“උග‍්ඝාටෙත්‍වා සබ‍්බභවං, චරියාය පාරමිං ගතො; සීහොව පඤ‍්ජරං භෙත්‍වා, පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

උග්ඝාටෙත්‍වා සබ්බභවං චරියාය පාරමිං ගතො සීහොව පඤ්ජරං හෙත්‍වා පත්තො සම්බොධිමුත්තමං

“ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ, කකුසන්‍ධෙ ලොකනායකෙ; චත‍්තාලීසකොටිසහස‍්සානං, ධම‍්මාභිසමයො අහු.

ධම්මචක්කං පවත්තෙන්තෙ කකුසන්‍ධො ලොකනායකෙ චත්තාළීසකොටිසහස්සානං පඨමාභිසමයො අහූ

“අන‍්තලික‍්ඛම‍්හි ආකාසෙ, යමකං කත්‍වා විකුබ‍්බනං; තිංසකොටිසහස‍්සානං, බොධෙසි දෙවමානුසෙ.

අන්තළික්‍ඛම්හි ආකාසෙ යමකං කත්‍වා විකුබ්බණං තිංසකොටිසහස්සනාං බොධෙසි දෙවමානුසෙ

“නරදෙවස‍්ස යක‍්ඛස‍්ස, චතුසච‍්චප‍්පකාසනෙ; ධම‍්මාභිසමයො තස‍්ස, ගණනාතො අසඞ‍්ඛියො”ති.

නරදෙවස්ස යක්‍ඛස්ස චතුසච්චප්පකාසනෙ ධම්මාභිසමයො තස්ස ගණනාතො අසංඛියොති

තත්‍ථ උග‍්ඝාටෙත්‍වාති සමූහනිත්‍වා. සබ‍්බභවන‍්ති සබ‍්බං නවවිධං භවං, භවුප‍්පත‍්තිනිමිත‍්තං කම‍්මන‍්ති අත්‍ථො. චරියාය පාරමිං ගතොති සබ‍්බපාරමීනං පූරණවසෙන පාරං ගතො. සීහොව පඤ‍්ජරං භෙත්‍වාති සීහො විය පඤ‍්ජරං මුනිකුඤ‍්ජරො භවපඤ‍්ජරං විනාසෙත්‍වාති අත්‍ථො. කකුසන්‍ධස‍්ස විද‍්ධස‍්තභවබන්‍ධනස‍්ස එකොව සාවකසන‍්නිපාතො අහොසි. කණ‍්ණකුජ‍්ජනගරෙ ඉසිපතනෙ මිගදායෙ අත‍්තනා සහ පබ‍්බජිතෙහි චත‍්තාලීසාය අරහන‍්තසහස‍්සෙහි පරිවුතො මාඝපුණ‍්ණමායං භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි. තෙන වුත‍්තං –

එහි උග්ඝාටෙත්‍වා යනු; සහමුලින් නසා. සබ්බභවං යනු; සියලු නවවිධ භව, භවෝත්පත්ති නිමිත්ත කර්මය යන අර්ථයි. චරියාය පාරමිං ගතො යනු; සියලු පාරමිතා පිරීම් වශයෙන් පරතෙරට ගියේ. සීහොව පඤ්ජරං හෙත්‍වා යනු; සිංහයා කුඩුව මෙන් මුනි ඇත් රජ සංසාර කුඩුව බිඳ යන අර්ථයි. නසන ලද බව බැඳුම් ඇති කකුසඳ භාග්‍යවතුන් වහන්සේට එකම ශ්‍රාවක සන්නිපාතයක් විය. කාන්‍යකුබ්ජ නගරයෙහි ඉසිපතන මිගදායෙහි තමන් වහන්සේ සමග පැවිදි වූ සතළිස් දහසක් රහතුන් පිරිවරන ලදුව නවම් පසළොස්වක් දින භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එයින් කියන ලදි.

“කකුසන්‍ධස‍්ස භගවතො, එකො ආසි සමාගමො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

කකුසන්‍ධස්ස භගවතො එකො ආසි සමාගමො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“චත‍්තාලීසසහස‍්සානං, තදා ආසි සමාගමො; දන‍්තභූමිමනුප‍්පත‍්තානං, ආසවාරිගණක‍්ඛයා”ති.

චත්තාළිසසහස්සානං තදා ආසි සමාගමො දන්තභූමිමනුප්පත්තානං ආසවාරිගණක්‍ඛයාති

තදා අම‍්හාකං බොධිසත‍්තො ඛෙමො නාම රාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස පත‍්තචීවරං මහාදානං දත්‍වා අඤ‍්ජනාදීනි සබ‍්බභෙසජ‍්ජානි ච අදාසි. අඤ‍්ඤඤ‍්ච සමණපරික‍්ඛාරං දත්‍වා තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නහදයො හුත්‍වා භගවතො සන‍්තිකෙ පබ‍්බජි. සො පන සත්‍ථා – “අනාගතෙ ඉමස‍්මිංයෙව කප‍්පෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල බෝසත්හු ඛේම නම් රජව බුදුපාමොක් සඟනට පාසිවුරු සමග මහදන් දී අඳුන් ආදි සියලු බෙහෙත් පිදීය. වෙනත් පිරිකර ද පුදා උන්වහන්සේගේ බණ අසා පහන් සිතැතිව බුදුන් වෙත පැවිදි විය. ඒ ශාස්තෘන් වහන්සේ අනාගතයෙහි මෙකපම බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, ඛෙමො නාමාසි ඛත‍්තියො; තථාගතෙ ජිනපුත‍්තෙ, දානං දත්‍වා අනප‍්පකං.

අහං තෙන සමයෙන ඛෙමො නාම ඛත්තියො තථාගතො ජිනපුත්තෙ ච දානං දත්‍වා අනප්පකං

“පත‍්තඤ‍්ච චීවරං දත්‍වා, අඤ‍්ජනං මධුලට‍්ඨිකං; ඉමෙතං පත්‍ථිතං සබ‍්බං, පටියාදෙමි වරං වරං.

පත්තඤ්ච චීවරං දත්‍වා අඤ්ජනං මධුලට්ඨිකං ඉමෙතං පත්‍ථිතං සබ්බං පටියාදෙමිවරං වරං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, කකුසන්‍ධො විනායකො; ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපිමං මුනි ව්‍යාකාසි කකුසන්‍ධො ලොකනායකො ඉම්මහි භද්දකප්පම්හි අයං බුද්ධො භවිස්සති

“අහු කපිලව‍්හයා රම‍්මා…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

අහූ කපිලව්හයෙ රම්මෙ -පෙ-

“නගරං ඛෙමවතී නාම, ඛෙමො නාමාසහං තදා; සබ‍්බඤ‍්ඤුතං ගවෙසන‍්තො, පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ”ති.

නගරං ඛේමවතී නාම ඛෙමො නාමාසභං තදා සබ්බඤ්ඤුතං ගවෙසන්තො පබ්බජිං තස්ස සන්තිකෙති

තත්‍ථ අඤ‍්ජනං පාකටමෙව. මධුලට‍්ඨිකන‍්ති යට‍්ඨිමධුකං. ඉමෙතන‍්ති ඉමං එතං. පත්‍ථිතන‍්ති ඉච‍්ඡිතං. පටියාදෙමීති දජ‍්ජාමි, අදාසින‍්ති අත්‍ථො. වරං වරන‍්ති සෙට‍්ඨං සෙට‍්ඨන‍්ති අත්‍ථො. “යදෙතං පත්‍ථිත”න‍්තිපි පාඨො, තස‍්ස යං ඉච‍්ඡති, එතං සබ‍්බං අදාසින‍්ති අත්‍ථො. අයං සුන්‍දරතරො.

එහි අඤ්ජනං යනු; ප්‍රකටමයි. මධුලට්ඨිකං යනු; වැල්මී. ඉමෙතං යනු; ඉමෙ එතං යනුයි. පත්‍ථිතං යනු කැමති දෙය පටියාදෙමි යනු; දෙමි. දුනිමි යන අර්ථයි. වරං වරං යනු ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ යන අර්ථයි. යදා තං පත්‍ථිතං කියා ද පාඨයි. උන්වහන්සේට යමක් කැමතිද ඒ සියල්ල දිනිමි යන අර්ථයි. මෙය වඩා සුන්දරය.

තස‍්ස පන අදන්‍ධස‍්ස කකුසන්‍ධස‍්ස භගවතො ඛෙමං නාම නගරං අහොසි. අග‍්ගිදත‍්තො නාම බ්‍රාහ‍්මණො පිතා, විසාඛා නාම බ්‍රාහ‍්මණී මාතා, විධුරො ච සඤ‍්ජීවො ච ද‍්වෙ අග‍්ගසාවකා, බුද‍්ධිජො නාමුපට‍්ඨාකො, සාමා ච චම‍්පා ච ද‍්වෙ අග‍්ගසාවිකා, මහාසිරීසරුක‍්ඛො බොධි, සරීරං චත‍්තාලීසහත්‍ථුබ‍්බෙධං අහොසි, සමන‍්තා දසයොජනානි සරීරප‍්පභා නිච‍්ඡරති , චත‍්තාලීසවස‍්සසහස‍්සානි ආයු, භරියා පනස‍්ස රොචිනී නාම බ්‍රාහ‍්මණී, උත‍්තරො නාම පුත‍්තො, ආජඤ‍්ඤරථෙන නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ මහාප්‍රාඥ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ඛේම නම් විය. අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියාණෝය. විසාඛා නම් බ්‍රාහ්මණිය මෑණියෝය. විධුර සඤ්ජීව දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක බුද්ධිජ නමි. සාමා චම්පා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. බෝධිය මහාසරීස වෘක්‍ෂයයි. ශරීරය සතළිස් රියන් උසය. හාත්පස දස යොදනෙක ශරීරාලෝකය පැතිරෙයි. ආයුස අවුරුදු සතළිස් දහසකි. උන්වහන්සේගේ භාර්යාව රෝචනී නම් බ්‍රාහ්මණියයි. උත්තර නම් පුත්‍රයාය. ආජඤ්ඤ රථයෙන් අබිනික්මන් කළහ. එයින් කියන ලදි-

“බ්‍රාහ‍්මණො අග‍්ගිදත‍්තො ච, ආසි බුද‍්ධස‍්ස සො පිතා; විසාඛා නාම ජනිකා, කකුසන්‍ධස‍්ස සත්‍ථුනො.

බ්‍රාහ්මණො අග්ගිදත්තො ච ආසි බුද්ධස්ස සො පිතා විසාඛා නාම ජනිතා කකුසන්‍ධස්ස මහෙසිනො

“වසතෙ තත්‍ථ ඛෙමෙ පුරෙ, සම‍්බුද‍්ධස‍්ස මහාකුලං; නරානං පවරං සෙට‍්ඨං, ජාතිමන‍්තං මහායසං.

වසතිතත්‍ථ ඛෙමපුරෙ සම්බුද්ධස්ස මහාකුලං නරානං පවරං සෙට්ඨං ජාතිමන්තං මහායසං

“විධුරො ච සඤ‍්ජීවො ච, අහෙසුං අග‍්ගසාවකා; බුද‍්ධිජො නාමුපට‍්ඨාකො, කකුසන්‍ධස‍්ස සත්‍ථුනො.

විධුරො සඤ්ජීව නාමොච අහෙසුං අග්ගසාවකා බුද්ධිජො නාමුපට්ඨාකො කකුසන්‍ධස්ස සත්‍ථුනො

“සාමා ච චම‍්පානාමා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, සිරීසොති පවුච‍්චති.

සාමා ච චම්පානාමා ච අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො සිරීසොති පවුච්චති

“චත‍්තාලීසරතනානි, අච‍්චුග‍්ගතො මහාමුනි; කනකප‍්පභා නිච‍්ඡරති, සමන‍්තා දසයොජනං.

චත්තළීසරතනං අච්චුග්ගතො මහාමුනි කනකප්පභා නිච්ඡරති සමන්තා දසයොජනං

“චත‍්තාලීසවස‍්සසහස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

චත්තාළීසවස්සහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං

“ධම‍්මාපණං පසාරෙත්‍වා, නරනාරීනං සදෙවකෙ; නදිත්‍වා සීහනාදංව, නිබ‍්බුතො සො සසාවකො.

ධම්මාපණං පසාරිත්‍වා නරනාරීනං සදෙවකෙ නදිත්‍වා සීහනාදඤ්ච නිබ්බුතො සො සසාවකො

“අට‍්ඨඞ‍්ගවචනසම‍්පන‍්නො, අච‍්ඡිද‍්දානි නිරන‍්තරං; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

අට්ඨංගවචනසම්පන්නො අච්ඡිද්දානි නිරන්තරං සබ්බං සමන්තරහිතං නනුරිත්තා සබ්බසංඛාරාති

තත්‍ථ වසතෙ තත්‍ථ ඛෙමෙ පුරෙති අයං ගාථා කකුසන්‍ධස‍්ස ජාතනගරසන්‍දස‍්සනත්‍ථං වුත‍්තාති වෙදිතබ‍්බා. මහාකුලන‍්ති උදිතොදිතං භගවතො පිතුකුලං. නරානං පවරං සෙට‍්ඨන‍්ති ජාතිවසෙන සබ‍්බමනුස‍්සානං පවරං සෙට‍්ඨන‍්ති අත්‍ථො. ජාතිමන‍්තන‍්ති අභිජාතිවන‍්තං, උත‍්තමාභිජාතං. මහායසන‍්ති මහාපරිවාරං, කිං තං බුද‍්ධස‍්ස මහාකුලං? තත්‍ථ මහාකුලං ඛෙමෙ පුරෙ වසතෙතිපදෙන සම‍්බන්‍ධො දට‍්ඨබ‍්බො.

එහි වසති තත්‍ථ ඛෙමපුරෙ යනු; මේ ගාථාව කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ උපන්නුවර දැක්වීම පිණිස දක්වන ලදැයි දතයුතුය. මහාකුලං යනු; අතිශයින් නැගීසිටි බුදුරදුන්ගේ පියකුලයයි. නරානං පවරං සෙට්ඨං යනු; ජාති වශයෙන් සියලු මිනිසුන්ට උතුම් ශ්‍රේෂ්ඨ යන අර්ථයි. ජාතිමන්තං යනු; ශ්‍රේෂ්ඨ ජාතිමත්, උත්තමාභිජාත. මහායසං යනු; මහපිරිවර ඇති. බුදුරදුන්ගේ ඒ මහාකුලය කුමක්ද? ඒ ඛේම පුරයෙහි වසයි යන පදය හා සම්බන්‍ධය දතයුතුය.

සමන‍්තා දසයොජනන‍්ති සමන‍්තතො දස යොජනානි ඵරිත්‍වා නිච‍්චකාලං සරීරතො නික‍්ඛමිත්‍වා සුවණ‍්ණවණ‍්ණා පභා නිච‍්ඡරතීති අත්‍ථො. ධම‍්මාපණන‍්ති ධම‍්මසඞ‍්ඛාතං ආපණං. පසාරෙත්‍වාති භණ‍්ඩවික‍්කිණනත්‍ථං නානාභණ‍්ඩසමිද‍්ධමාපණං විය ධම‍්මාපණං පසාරෙත්‍වාති අත්‍ථො. නරනාරීනන‍්ති වෙනෙය්‍යනරනාරීනං ඣානසමාපත‍්තිමග‍්ගඵලරතනවිසෙසාධිගමත්‍ථාය. සීහනාදං වාති සීහනාදං විය, අභයනාදං නදිත්‍වා. අට‍්ඨඞ‍්ගවචනසම‍්පන‍්නොති අට‍්ඨඞ‍්ගසමන‍්නාගතසරො සත්‍ථා. අච‍්ඡිද‍්දානීති ඡිද‍්දාදිභාවරහිතානි සීලානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි. අථ වා අච‍්ඡිද‍්දානි අවිවරානි සාවකයුගළාදීනි. නිරන‍්තරන‍්ති සතතං සබ‍්බකාලං. සබ‍්බං තමන‍්තරහිතන‍්ති සත්‍ථා ච සාවකයුගළාදීනි ච තං සබ‍්බං මුනිභාවමුපගන‍්ත්‍වා අදස‍්සනභාවමුපගතන‍්ති අත්‍ථො.

සමන්තා දසයොජනං යනු; හාත්පසින් දසයොදුනක්. නිති සිරුරෙන් නික්ම රන්වන් ආලෝකය විහිදෙයි යන අර්ථයි. ධම්මාපණං යනු; ධර්ම සංඛ්‍යාත මහාපණය. පසාරෙත්‍වා යනු; බඩු විකිණීම සඳහා නානා බඩුවලින් පිරි කඩපිළක් මෙන් ධම්මාපණය පුළුල්කොට යන අර්ථයි. නරනාරීනං යනු; හික්මවිය යුතු ස්ත්‍රී පුරුෂයන්ට ධ්‍යාන සමාපත්ති මාර්ගඵල රුවන් විශේෂ අධිගමය පිණිස. සීහනාදං ච යනු; සිංහනාදය මෙන් අභය නාද කොට. අට්ඨංගවචනසම්පන්නො යනු; අෂ්ටාංග සමන්නාගත ස්වර ඇති ශාස්තෘන් වහන්සේ. අච්ඡිද්දාති යනු; සිදුරු ආදිය රහිත සීල සිදුරු රහිත පුල්ලි සහිත කැළැල් රහිත නම් වෙයි. නැතහොත් සිදුරු රහිත විවර රහිත ශ්‍රාවක යුගලාදිය. නිරන්තරං යනු; අනවරතයෙන්, හැමකල්හි. සබ්බං සමන්තරහිතං යනු; ශාස්තෘන් වහන්සේ ද ශ්‍රාවක යුගලය ද ඒ සියල්ල මුනිභාවගතව නොදක්නා බවට පැමිණියේය යන අර්ථයි.

“අපෙතබන්‍ධො කකුසන්‍ධබුද‍්ධො, අදන්‍ධපඤ‍්ඤො ගතසබ‍්බරන්‍ධො; තිලොකසන්‍ධො කිර සච‍්චසන්‍ධො, ඛෙමෙ පනෙ වාසමකප‍්පයිත්‍ථ”.

පහකළ බන්‍ධන ඇති අදග්ධ ප්‍රඥා ඇති සියලු සිදුරු දුරුකළ තුන්ලොව ගැළපූ සත්‍යය ගැළපූ කකුසඳ බුදුහු ඛේම මිගදායයෙහි විසූහ.

සෙසගාථාසු සබ‍්බත්‍ථ පාකටමෙවාති.

සෙසු ගාථාවන්හි සියලු අර්ථ පැහැදිලිය.

කකුසන්‍ධබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

කකුසන්‍ධ බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො බාවීසතිමො බුද‍්ධවංසො.

දෙවිසිවන බුද්ධවංසය සමාප්තයි.