යෙදුමෙන් කියවන්න

21. වෙස‍්සභූබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

21. වෙස‍්සභූබුද‍්ධවංසවණ‍්ණනා

21. වෙස්සභූ බුද්ධවංස වර්ණනාව

සිඛිස‍්ස පන සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අපරභාගෙ අන‍්තරහිතෙ තස‍්ස සාසනෙ සත‍්තතිවස‍්සසහස‍්සායුකා මනුස‍්සා අනුක‍්කමෙන පරිහායිත්‍වා දසවස‍්සායුකා අහෙසුං. පුන වඩ‍්ඪිත්‍වා අපරිමිතායුකා හුත්‍වා අනුක‍්කමෙන පරිහායිත්‍වා සට‍්ඨිවස‍්සසහස‍්සායුකා අහෙසුං. තදා විජිතමනොභූ සබ‍්බලොකාභිභූ සයම‍්භූ වෙස‍්සභූ නාම සත්‍ථා ලොකෙ උදපාදි. සො පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා අනොමනගරෙ සුප‍්පතීතස‍්ස සුප‍්පතීතස‍්ස නාම රඤ‍්ඤො අග‍්ගමහෙසියා සීලවතියා යසවතියා නාම කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං අග‍්ගහෙසි. සො දසන‍්නං මාසානං අච‍්චයෙන අනුපමුය්‍යානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. ජායමානොව ජනං තොසෙන‍්තො වසභනාදං නදි. තස‍්මා වසභනාදහෙතුත‍්තා තස‍්ස නාමග‍්ගහණදිවසෙ “වෙස‍්සභූ”ති නාමමකංසු . සො ඡබ‍්බස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. රුචි-සුරුචි-රතිවඩ‍්ඪනනාමකා තයො පාසාදා තස‍්ස අහෙසුං. සුචිත‍්තාදෙවිප‍්පමුඛානි තිංස ඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං.

සිඛී බුදුරදුන්ගෙන් පසු කල උන්වහන්සේගේ ශාසනය අතුරුදන් වූ පසු සැත්තෑදහසක් අවුරුදු ආයු ඇති මිනිස්සු කෙමෙන් පිරිහි දශවර්ෂායුෂ්ක වූහ. නැවත වැඩී අපමණ ආයු ඇත්තෝව කෙමෙන් පිරිහී අවුරුදු සැටදහසක් ආයු ඇත්තෝ වූහ. එකල දිනූ අදහස් ඇති ලොව දිනූ සර්වඥ වෙස්සභූ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව අනුපම නුවර මනා ප්‍රීතියට පත් සුප්පතීත නම් රජුගේ අගමෙහෙසි සිල්වත් යසවතී දේවිය කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් අනුපම උයන්හි මව්කුසින් බිහිවූහ. උපදිද්දීම ජනයා සතුටුකොට සෘෂභනාද කළහ. එහෙයින් වසභනාද හේතුවෙන් උන්වහන්සේට නම් තබන දින වෙස්සභූ කියා නම් කළහ. උන්වහන්සේ සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සුචි සුරුචි රතිවඩ්ඪන නම් තුන්පහයක් විය. සුචිත්තා දේවිය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සුචිත‍්තාය නාම දෙවියා සුප‍්පබුද‍්ධෙ නාම කුමාරෙ උප‍්පන‍්නෙ සුවණ‍්ණසිවිකාය උය්‍යානදස‍්සනත්‍ථාය ගන‍්ත්‍වා දෙවදත‍්තානි කාසායානි ගහෙත්‍වා පබ‍්බජි. තං සත‍්තත‍්තිංසසහස‍්සානි අනුපබ‍්බජිංසු. අථ සො තෙහි පරිවුතො ඡ මාසෙ පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය සුචිත‍්තනිගමෙ සන්‍දිස‍්සමානසරීරාය සිරිවඩ‍්ඪනාය නාම දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා සාලවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා සායන‍්හසමයෙ නරින්‍දනාගරාජෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා සාලබොධිං පදක‍්ඛිණතො උපාගමි. තස‍්සාපි සාලස‍්ස තදෙව පාටලියා පමාණමෙව පමාණං අහොසි. තථෙව පුප‍්ඵඵලසිරිවිභවො වෙදිතබ‍්බො. සො සාලමූලමුපගන‍්ත්‍වා චත‍්තාලීසහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා විගතනීවරණං සබ‍්බකාමමදාවරණං අනාවරණඤාණං පටිලභිත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා සත‍්තසත‍්තාහං තත්‍ථෙව වීතිනාමෙත්‍වා අත‍්තනො කනිට‍්ඨභාතිකස‍්ස සොණකුමාරස‍්ස උත‍්තරකුමාරස‍්ස ච උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා දෙවපථෙන ගන‍්ත්‍වා අනොමනගරසමීපෙ අරුණුය්‍යානෙ ඔතරිත්‍වා උය්‍යානපාලෙන කුමාරෙ පක‍්කොසාපෙත්‍වා තෙසං සපරිවාරානං මජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා අසීතියා කොටිසහස‍්සානං පඨමො අභිසමයො අහොසි.

උන්වහන්සේ සතර නිමිති දැක සුචිත්තා දේවියට සුප්පබුද්ධ කුමරු උපන් කල රන්සිවිගෙයින් උයන දැකීමට ගොස් දෙවියන් දුන් කසාවත් ගෙන පැවිදි වූහ. සැත්තෑදහසක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඉක්බිති ඔවුන් පිරිවරා උන්වහන්සේ සමසක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝදින සුචිත්ත නියම්ගම දෘශ්‍යමානකයින් සිරිවඩ්ඪනාව විසින් දෙන ලද මීකිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස නරින්‍ද නාරජු දුන් අටතණමිට ගෙන සල් බෝධිය වෙත දකුණු දෙසින් පැමිණියහ. ඒ සල් බෝධියෙහි ද පළොල් බෝධියෙහි ප්‍රමාණයම විය. එසේම මල් පැල සිරිසම්පත් දතයුතුය. උන්වහන්සේ සල්රුක වෙත පැමිණ සතළිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ පහවූ නීවරණ ඇති සියලු මත අවුරන්නා වූ අනාවරණ ඥානය ලැබ උදන් අනා එහිම සත්සති ගෙවා සිය බාල සොහොයුරු සොණ කුමරුගේ ද උත්තර කුමරුගේද හේතු සම්පත් දැක අහසින් වැඩ අනුපම නගර සමීපයෙහි අරුණ උයන්හි බැස උද්‍යාන පාලක ලවා කුමාරවරුන් කැඳවා ඔවුන්ගේ පිරිවර මැද දම්සක් පැවැත්වූහ. එකල්හි අසූකෙළ දහසකට ප්‍රථම ධර්මාවබෝධය විය.

පුන ජනපදචාරිකං චරන‍්තො භගවා තත්‍ථ තත්‍ථ ධම‍්මං දෙසෙන‍්තො සත‍්තතියා කොටිසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, සො දුතියො අභිසමයො අහොසි. අනොමනගරෙයෙව දිට‍්ඨිජාලං භින්‍දන‍්තො තිත්‍ථියමානද‍්ධජං පාතෙන‍්තො මානමදං විද‍්ධංසෙන‍්තො ධම‍්මද‍්ධජං සමුස‍්සයන‍්තො නවුතියොජනවිත්‍ථතාය මනුස‍්සපරිසාය පරිමාණරහිතාය දෙවපරිසාය යමකපාටිහාරියං කත්‍වා දෙවමනුස‍්සෙ පසාදෙත්‍වා සට‍්ඨිකොටියො ධම‍්මාමතෙන තප‍්පෙසි, සො තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

නැවත ජනපද චාරිකාවෙහි වඩින සේක් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තන්හි දහම් දෙසන්නාහු සැත්තෑකෙළ දහසකට ධර්මාවබෝධ කළහ. ඒ දෙවන ධර්මාවබෝධයයි. අනුපම නුවරදීම මිස දිටුදැල් බිඳින්නාහු තොටුවන්ගේ මානධජ හෙළන්නාහු මානධජ කියෙන්නාහු ධර්මධ්වජය ඔසවන්නාහු අනූ යොදනෙක පැතිරි මිනිස් පිරිස්හි අපරිමිත දෙව්පිරිස්හි යමක ප්‍රාතිහාර්යය කොට දෙවිමිනිසුන් පහදවා සැටකෝටියක් ධර්මාමෘතයෙන් සැතැප්වූහ. එය තෙවන අභිසමය විය. එයින් කියන ලදි.

“තත්‍ථෙව මණ‍්ඩකප‍්පම‍්හි, අසමො අප‍්පටිපුග‍්ගලො; වෙස‍්සභූ නාම නාමෙන, ලොකෙ උප‍්පජ‍්ජි නායකො.

තත්‍ථෙව මණ්ඩකප්පම්හි අසමො අප්පටිපුග්ගලො වෙස්සභූනාම නාමෙන ලොකෙ උප්පජ්ජි නායකො

“ආදිත‍්තං වත රාගග‍්ගි, තණ‍්හානං විජිතං තදා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

ආදිත්තන්ති ච රාගග්ගි තණහානං විජිතං තදා නාගොව බන්‍ධනං ජෙත්‍වා පත්තො සම්බොධිමුත්තමං

“ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ, වෙස‍්සභූලොකනායකෙ; අසීතිකොටිසහස‍්සානං, පඨමාභිසමයො අහු.

ධම්මචක්කං පවත්තෙන්තෙ වෙස්සභුලොකනායකො අසීති කොටිසහස්සානං පඨමාභිසමයො අහූ

“පක‍්කන‍්තෙ චාරිකං රට‍්ඨෙ, ලොකජෙට‍්ඨෙ නරාසභෙ; සත‍්තතිකොටිසහස‍්සානං, දුතියාභිසමයො අහු.

පක්කන්තෙචාරිකං රට්ඨෙ ලොකසෙට්ඨෙ නරාසභෙ සත්තතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූ

“මහාදිට‍්ඨිං විනොදෙන‍්තො, පාටිහෙරං කරොති සො; සමාගතා නරමරූ, දසසහස‍්සී සදෙවකෙ.

මහාදිට්ඨිං විනොදෙන්තො පාටිහීරං කරොති සො සමාගතා නරමරූ දසසහස්‍රී සදෙවකෙ

“මහාඅච‍්ඡරියං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; දෙවා චෙව මනුස‍්සා ච, බුජ‍්ඣරෙ සට‍්ඨිකොටියො”ති.

මහඅච්ඡරියං දිස්වා අබ්භූතං ලොමහංසනං දෙවා චෙව මනුස්සා ච බුජ්ඣරෙ සට්ඨිකොටියො

තත්‍ථ ආදිත‍්තන‍්ති සකලමිදං ලොකත‍්තයං සම‍්පදිත‍්තං. රාගග‍්ගීති රාගෙන. තණ‍්හානං විජිතන‍්ති තණ‍්හානං විජිතං රට‍්ඨං වසවත‍්තිට‍්ඨානන‍්ති එවං ඤත්‍වාති අත්‍ථො. නාගොව බන්‍ධනං ඡෙත්‍වාති හත්‍ථී විය පූතිලතාබන්‍ධනං ඡින්‍දිත්‍වා සම‍්බොධිං පත‍්තො අධිගතො. දසසහස‍්සීති දසසහස‍්සියං. සදෙවකෙති සදෙවකෙ ලොකෙ. බුජ‍්ඣරෙති බුජ‍්ඣිංසු.

එහි ආදිත්තං යනු; මේ සියලු තුන්ලොව ඇවිලගන්නා ලදි. රාගග්ග යනු; රාගයෙන්. විජිතය රට තණ්හා වසයෙහි පවත්නා තැනකැයි මෙසේ දැන යන අර්ථයි. නාගොව බන්‍ධනං ජෙත්‍වා යනු; පූතිලතා බැම්ම සිඳ ඇතෙකු මෙන් සම්බෝධියට පැමිණියේ අවබෝධ කරන ලද්දේ. දසසහස්‍රී යනු; දසසහස්‍රියෙහි. සදෙවකෙ යනු; දෙවියන් සහිත ලොව. බුජ්ඣරෙ යනු; අවබෝධ කළහ.

සොණුත‍්තරානං පන ද‍්වින‍්නං අග‍්ගසාවකානං සමාගමෙ පබ‍්බජිතානං අසීතියා අරහන‍්තසහස‍්සානං මජ‍්ඣෙ මාඝපුණ‍්ණමායං පාතිමොක‍්ඛං උද‍්දිසි, සො පඨමො සන‍්නිපාතො අහොසි. යදා පන වෙස‍්සභුනා සබ‍්බලොකාභිභුනා සහ පබ‍්බජිතා සත‍්තත‍්තිංසසහස‍්සසඞ‍්ඛා භික‍්ඛූ ගණතො ඔහීනසමයෙ පක‍්කන‍්තා, තෙ වෙස‍්සභුස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ධම‍්මචක‍්කප‍්පවත‍්තිං සුත්‍වා සොරෙය්‍යං නාම නගරං ආගන‍්ත්‍වා භගවන‍්තං අද‍්දසංසු. තෙසං භගවා ධම‍්මං දෙසෙත්‍වා සබ‍්බෙව තෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බාජෙත්‍වා චතුරඞ‍්ගසමන‍්නාගතාය පරිසාය පාතිමොක‍්ඛං උද‍්දිසි, සො දුතියො සන‍්නිපාතො අහොසි.

සොණ උත්තර නම් දෑසව්වන්ගේ සමාගමයෙහි පැවිදි වූ අසූදහසක් රහතන් මැද නවම් පුන් පොහෝදින පාමොක් දෙසූහ. එය ප්‍රථම සන්නිපාතය විය. යම්කලෙක මුළු ලොව දිනූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සමග පැවිදි වූ සැත්තෑ දහසක් පමණ භික්‍ෂූහු ගණාවාසයෙන් බැහැර කළ කල්හි පිටත්වූවාහු ද උන්වහන්සේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ධම්මචක්ක පුවත අසා සෝරෙය්‍ය නම් නුවරට අවුත් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුද උන්වහන්සේලාට දහම් දෙසා ඒ සියලු දෙන එහිභික්‍ෂුභාවයෙන් පැවිදි කරවා සිවු පිරිසෙහි පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතය විය.

යදා පන නාරිවාහනනගරෙ උපසන‍්තො නාම රාජපුත‍්තො රජ‍්ජං කාරෙසි, තස‍්සානුකම‍්පාය භගවා තත්‍ථ අගමාසි, සොපි භගවතො ආගමනං සුත්‍වා සපරිවාරො භගවතො පච‍්චුග‍්ගමනං කත්‍වා නිමන‍්තෙත්‍වා මහාදානං දත්‍වා තස‍්ස ධම‍්මං සුත්‍වා පසන‍්නහදයො පබ‍්බජි. තං සට‍්ඨිසහස‍්සසඞ‍්ඛා පුරිසා අනුපබ‍්බජිංසු. තෙ තෙන සද‍්ධිං අරහත‍්තං පාපුණිංසු. සො තෙහි පරිවුතො වෙස‍්සභූ භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

යම්දිනක නාරිවාහන නම් නුවර උපසනක නම් රජපුත්‍රයා රජකම් කළේද ඔහුට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ආගමනය අසා පිරිවර සහිතව පෙරගමන් කොට ආරාධනා කොට මහදන් පුදා උන්වහන්සේගේ බණ අසා පහන් සිතින් පැවිදි විය. ඒ සැටදහසක් පමණ පිරිස ඔහු අනුව පැවිදි වූහ. ඔවුහු එතුමන් සමග රහත්වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-

“සන‍්නිපාතා තයො ආසුං, වෙස‍්සභුස‍්ස මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආයුං වෙස්සභුස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“අසීතිභික‍්ඛුසහස‍්සානං, පඨමො ආසි සමාගමො; සත‍්තතිභික‍්ඛුසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

අසීතිභික්‍ඛු සහස්සානං පඨමො ආසි සමාගමො සත්තතිංස සහස්සානං දුතියො ආසිසමාගමො

“සට‍්ඨිභික‍්ඛුසහස‍්සානං , තතියො ආසි සමාගමො; ජරාදිභයතීතානං, ඔරසානං මහෙසිනො”ති.

සට්ඨිභික්‍ඛු සහස්සානං තතියො ආසි සමාගමො ජරාදිභයානීතානං ධරසානං මනෙසිනොති

තදා අම‍්හාකං බොධිසත‍්තො සරභවතීනගරෙ පරමපියදස‍්සනො සුදස‍්සනො නාම රාජා හුත්‍වා වෙස‍්සභුම‍්හි ලොකනායකෙ සරභනගරමුපගතෙ තස‍්ස ධම‍්මං සුත්‍වා පසන‍්නහදයො දසනඛසමොධානසමුජ‍්ජලං ජලජාමලාවිකලකමලමකුලසදිසමඤ‍්ජලිං සිරසි කත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස සචීවරං මහාදානං දත්‍වා තත්‍ථෙව භගවතො නිවාසත්‍ථාය ගන්‍ධකුටිං කත්‍වා තං පරික‍්ඛිපිත්‍වා විහාරසහස‍්සං කාරෙත්‍වා සබ‍්බඤ‍්ච විභවජාතං භගවතො සාසනෙ පරිච‍්චජිත්‍වා තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ආචාරගුණසම‍්පන‍්නො තෙරසධුතගුණෙසු නිරතො බොධිසම‍්භාරපරියෙසනාය රතො බුද‍්ධසාසනාභිරතො විහාසි. සොපි තං භගවා බ්‍යාකාසි – “අනාගතෙ ඉතො එකත‍්තිංසකප‍්පෙ අයං ගොතමො නාම බුද‍්ධො භවිස‍්සතී”ති. තෙන වුත‍්තං –

එකල බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්ශන සුදස්සන නම් රජව වෙස්සභූ ලෝකනායකයාණෝ සරභ නගරයට වැඩි කල්හි උන්වහන්සේ බණ අසා පහන් හදින් දසනඛසමොධානයෙන් බබළන ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් ඇදිලිය හිස තබා බුදුපාමොක් සඟනට මහා චීවරදානයක් දී එහිම භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස ගඳකිළියක් කොට එය වටකොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධශාසනයට පුදකොට උන්වහන්සේ වෙත මහණව ආචාර ගුණසම්පන්නව තෙළෙස් ධුතගුණයෙහි නිරතව බෝධිසම්භාර පර්යේෂණය සඳහා ඇඳුණේ බුද්ධ ශාසනාභිරතව විසූහ. ඒ භාග්‍යවතුන් වහසේ ද අනාගතයෙහි මෙයින් එක්තිස්වන කප්හි ගොතම නම් බුදුවන්නේයි උන්වහන්සේට ප්‍රකාශ කළහ. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, සුදස‍්සනො නාම ඛත‍්තියො; නිමන‍්තෙත්‍වා මහාවීරං, දානං දත්‍වා මහාරහං;

තස්ස බුද්ධසෙ අසමස්ස චක්කං වත්තිකමුත්තමං සුත්‍වා පණීතං ධම්මං පබ්බජ්ජමභිරොචයිං

අන‍්නපානෙන වත්‍ථෙන, සසඞ‍්ඝං ජිනපූජයිං. “තස‍්ස බුද‍්ධස‍්ස අසමස‍්ස, චක‍්කං වත‍්තිතමුත‍්තමං;

අහං තෙන සමයෙන සුදස්සනො නාම ඛත්තියො නිමන්තෙත්‍වා මහාවීරං දානං දත්‍වා මහාරහං

සුත්‍වාන පණිතං ධම‍්මං, පබ‍්බජ‍්ජමභිරොචයිං. “මහාදානං පවත‍්තෙත්‍වා, රත‍්තින්‍දිවමතන්‍දිතො;

අන්නපානෙන වත්‍ථෙන සසංඝං ජිනමපූජයිං මහාදානං පවත්තෙත්‍වා රත්තින්‍දිවමතන්‍දිනො

පබ‍්බජ‍්ජං ගුණසම‍්පන‍්නං, පබ‍්බජිං ජිනසන‍්තිකෙ. “ආචාරගුණසම‍්පන‍්නො, වත‍්තසීලසමාහිතො;

පබ්බජ්ජං ගුණසම්පන්නං පබ්බජිං ජිනසන්තිකෙ ආචාරගුණ සම්පන්නො වත්තසීලසමාහිතො

සබ‍්බඤ‍්ඤුතං ගවෙසන‍්තො, රමාමි ජිනසාසනෙ. “සද‍්ධාපීතිං උපගන‍්ත්‍වා, බුද‍්ධං වන්‍දාමි සත්‍ථරං;

සබ්බඤ්ඤුතං ගවෙසන්තො රමාමි ජිනසාසනෙ සද්ධාපීතිමුපාගනත්‍වා පාදෙ වන්‍දාමි සත්‍ථරි

පීති උප‍්පජ‍්ජති මය‍්හං, බොධියායෙව කාරණා. “අනිවත‍්තමානසං ඤත්‍වා, සම‍්බුද‍්ධො එතදබ්‍රවි; එකත‍්තිංසෙ ඉතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

පීති උප්පජ්ජතීමය්හං බොධියා යෙව කාරණා අනිවත්ත මානසං ඤත්‍වා සම්බුද්ධො එතදබ්‍රවී එකතිංසෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති

“අහු කපිලව‍්හයා රම‍්මා…පෙ… හෙස‍්සාම සම‍්මුඛං ඉමං.

අහූ කපිලව්හයෙ රම්මෙ -පෙ-

“තස‍්සාහං වචනං සුත්‍වා, භිය්‍යො චිත‍්තං පසාදයිං; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාහං වචනං සුත්‍වා භියො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියාති

තත්‍ථ චක‍්කං වත‍්තිතන‍්ති ධම‍්මචක‍්කං පවත‍්තිතං. පණීතං ධම‍්මන‍්ති උත‍්තරිමනුස‍්සධම‍්මං. පබ‍්බජ‍්ජං ගුණසම‍්පන‍්නන‍්ති ඤත්‍වා පබ‍්බජින‍්ති අත්‍ථො. වත‍්තසීලසමාහිතොති වත‍්තෙසු ච සීලෙසු ච සමාහිතො. තෙසං තෙසං පූරණෙ සමාහිතොති අත්‍ථො. රමාමීති අභිරමිං. සද‍්ධාපීතින‍්ති සද‍්ධඤ‍්ච පීතිඤ‍්ච උපගන‍්ත්‍වා. වන්‍දාමීති අභිවන්‍දිං, අතීතත්‍ථෙ වත‍්තමානවචනං දට‍්ඨබ‍්බං. සත්‍ථරන‍්ති සත්‍ථාරං. අනිවත‍්තමානසන‍්ති අනොසක‍්කියමානමානසං.

එහි චක්කං වත්තිකං යනු; ධර්මචක්‍රය පවත්වන ලදි. පණීතං ධම්මං යනු; උත්තරිමනුෂ්‍යධර්ම. පබ්බජ්ජං ගුණසම්පන්නං යනු; දැන පැවිදිවීමි යන අර්ථයි. වත්තසීල සමාහිතො යනු; වත්හි ද සිල්හි ද පිහිටියේ. ඒ ඒ දන් පිරීමෙහි සමාහිත වූයේ යන අර්ථයි. රමාමි යනු; සිත් අලවමි. සද්ධා පීතිං යනු; ශ්‍රද්ධාවත් ප්‍රීතියත් ලබා. වන්‍දාමි යනු; නමස්කාර කළෙමි. අතීතාර්ථයෙහි වර්තමාන පදයි දතයුතු. සත්‍ථරි යනු; ශාස්තෘන් වහන්සේට අනිවත්තිමානසං යනු; නොපසුබස්නා මනස.

තස‍්ස පන භගවතො අනොමං නාම නගරං අහොසි. සුප‍්පතීතො නාමස‍්ස පිතා ඛත‍්තියො, යසවතී නාම මාතා, සොණො ච උත‍්තරො ච ද‍්වෙ අග‍්ගසාවකා, උපසන‍්තො නාමුපට‍්ඨාකො, රාමා ච සමාලා ච ද‍්වෙ අග‍්ගසාවිකා, සාලරුක‍්ඛො බොධි, සරීරං සට‍්ඨිහත්‍ථුබ‍්බෙධං අහොසි. සට‍්ඨිවස‍්සසහස‍්සානි ආයු, සුචිත‍්තා නාමස‍්ස භරියා, සුප‍්පබුද‍්ධො නාමස‍්ස පුත‍්තො, සුවණ‍්ණසිවිකාය නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය අනුපම නම් විය. සුප්පතීක නම් කැත්රජ පියාණෝය. යසවතී නම් මෑණියෝය. සොණ උත්තර දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක උපසනක නමි. දාමා සමාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. බෝධිය සාල වෘක්‍ෂයයි. ශරීරය සැටරියන් උසය. ආයු අවුරුදු සැටදහසකි. උන්වහන්සේගේ භාර්යාව සුමිත්තා නමි. පුත්‍රයා සුප්පබුද්ධ නමි. රන්සිවිගෙයින් නික්මුණහ. එයින් කියන ලදි-

“අනොමං නාම නගරං, සුප‍්පතීතො නාම ඛත‍්තියො; මාතා යසවතී නාම, වෙස‍්සභුස‍්ස මහෙසිනො.

අනුපමං නාම නගරං සුප්පතීතො නාම ඛත්තියො මාතා යසවතී නාම වෙස්සභුස්ස මහෙසිනො

“සොණො ච උත‍්තරො චෙව, අහෙසුං අග‍්ගසාවකා; උපසන‍්තො නාමුපට‍්ඨාකො, වෙස‍්සභුස‍්ස මහෙසිනො.

සොණොච උත්තරො චෙව අහෙසුං අග්ගසාවකා උපසෙන්තො නාමුපඞාකො වෙස්ස භූස්ස මහෙසිනො

“රාමා චෙව සමාලා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, මහාසාලොති වුච‍්චති.

දාමා චෙව සමාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සාලො ඉති පවුච්චති

“සොත්‍ථිකො චෙව රම‍්මො ච, අහෙසුං අග‍්ගුපට‍්ඨකා; ගොතමී සිරිමා චෙව, අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

සොත්‍ථිකො චෙව රම්මො ච අහෙසුං අග්ගුපට්ඨකා කාලිගොතමී සිරිමා අහෙසුං අග්ගුපට්ඨිකා

“සට‍්ඨිරතනමුබ‍්බෙධො, හෙමයූපසමූපමො; කායා නිච‍්ඡරතී රස‍්මි, රත‍්තිංව පබ‍්බතෙ සිඛී.

සට්ඨිරතනමුබ්බෙධො හෙමයූපසමූපමො කායා නිච්ඡරතී රංසි රත්තීරව පබ්බතෙ සඛී.

“සට‍්ඨිවස‍්සසහස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි, ජනතං බහුං.

සට්ඨිවස්ස සහස්සානි ආය තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං

“ධම‍්මං විත්‍ථාරිකං කත්‍වා, විභජිත්‍වා මහාජනං; ධම‍්මනාවං ඨපෙත්‍වාන, නිබ‍්බුතො සො සසාවකො.

ධම්මං විත්‍ථාරිකං කත්‍වා විභජිත්‍වා මහාජනං ධම්මනාවං ඨපෙත්‍වාන නිබ්බුතො සො සසාවකො

“දස‍්සනෙය්‍යං සබ‍්බජනං, විහාරං ඉරියාපථං; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

දස්සනෙය්‍යං සබ්බජනං විහාරඤ්චිරියාපථං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛාරාති

තත්‍ථ හෙමයූපසමූපමොති සුවණ‍්ණත්‍ථම‍්භසදිසොති අත්‍ථො. නිච‍්ඡරතීති ඉතො චිතො ච සන්‍ධාවති. රස‍්මීති පභාරස‍්මි. රත‍්තිංව පබ‍්බතෙ සිඛීති රත‍්තියං පබ‍්බතමත්‍ථකෙ අග‍්ගි විය. රංසිවිජ‍්ජොතා තස‍්ස කායෙති අත්‍ථො. විභජිත්‍වාති විභාගං කත්‍වා, උග‍්ඝටිතාදිවසෙන සොතාපන‍්නාදිවසෙන චාති අත්‍ථො. ධම‍්මනාවන‍්ති අට‍්ඨඞ‍්ගමග‍්ගසඞ‍්ඛාතං ධම‍්මනාවං, චතුරොඝනිත්‍ථරණත්‍ථාය ඨපෙත්‍වාති අත්‍ථො. දස‍්සනෙය්‍යන‍්ති දස‍්සනීයො. සබ‍්බජනන‍්ති සබ‍්බො ජනො, සසාවකසඞ‍්ඝො සම‍්මාසම‍්බුද‍්ධොති අත්‍ථො. විහාරන‍්ති විහාරො, සබ‍්බත්‍ථ පච‍්චත‍්තෙ උපයොගවචනං දට‍්ඨබ‍්බං.

හෙම යූපසමූපමො යනු; රන්ටැඹක් වන් යන අර්ථයි. නිච්ඡරති යනු; ඔබිනොබ දුවයි. රංසි යනු; ස්වභාව රශ්මිය. රත්තිංව පබ්බතෙ සිඛී යනුඳු රාත්‍රි පර්වත මුදුනෙහි ගින්නක් මෙන් උන්වහන්සේගේ කයෙහි රශ්මි බැබළිණ යන අර්ථයි. විභජිත්‍වා යනු; විභාග කොට. උදඝටිතඥ සෝවාන් ආදි වශයෙන් යන අර්ථයි. ධම්මනාම යනු; අටඟිමග සංඛ්‍යාත ධර්ම නෞකාව චතුරොඝතරණය පිණිස තබා යන අර්ථයි. දස්සනෙය්‍යං යනු; දස්සනෙය්‍යො යනුයි. සබ්බජනං යනු; සබ්බ ජනො යනුයි. ශ්‍රාවක සංඝයා සහිත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යන අර්ථයි. විහාරං යනු; විහාරො යනුයි. හැමතන්හි ප්‍රථමාර්ථයෙහි කර්ම පදයි දතයුතුය.

වෙස‍්සභූ කිර භගවා උසභවතීනගරෙ ඛෙමෙ මිගදායෙ පරිනිබ‍්බායි. ධාතුයො පනස‍්ස විප‍්පකිරිංසු.

වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ උසභවතී නුවර ඛේම මිගදායෙහි පිරිනිවි සේක. උන්වහන්සේගේ ධාතු විසිරියේය.

“උසභවතිපුරෙ පුරුත‍්තමෙ, ජිනවසභො භගවා හි වෙස‍්සභූ; උපවනවිහරෙ මනොරමෙ, නිරුපධිසෙසමුපාගතො කිරා”ති.

ජිනවසභ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ පුරයන්ට උතුම් උස්සවතී පුරයෙහි මනරම් උපවන විහාරයෙහි නිරුපධිසේසයට පැමිණි සේක.

සෙසං සබ‍්බත්‍ථ ගාථාසු පාකටමෙවාති.

සෙසු ගාථාවන්හි සියලු අර්ථ පැහැදිලිය.

වෙස‍්සභූබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

වෙස්සභු බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො එකවීසතිමො බුද‍්ධවංසො.

එක්විසිවන බුද්ධවංසය සමාප්තයි.