යෙදුමෙන් කියවන්න

20. සිඛීබුද‍්ධවංසවණ‍්ණනා අට‍්ඨකථා

20. සිඛීබුද‍්ධවංසවණ‍්ණනා

20. සිඛී බුද්ධවංස වර්ණනාව

විපස‍්සිස‍්ස අපරභාගෙ අන‍්තරහිතෙ ච තස‍්මිං කප‍්පෙ තතො පරං එකූනසට‍්ඨියා කප‍්පෙසු බුද‍්ධා ලොකෙ න උප‍්පජ‍්ජිංසු. අපගතබුද‍්ධාලොකො අහොසි. කිලෙසදෙවපුත‍්තමාරානං එකරජ‍්ජං අපගතකණ‍්ටකං අහොසි. ඉතො පන එකත‍්තිංසකප‍්පෙ සිනිද‍්ධසුක‍්ඛසාරදාරුපචිතො පහූතසප‍්පිසිත‍්තො නිධූමො සිඛී විය සිඛී ච වෙස‍්සභූ චාති ද‍්වෙ සම‍්මාසම‍්බුද‍්ධා ලොකෙ උප‍්පජ‍්ජිංසු. තත්‍ථ සිඛී පන භගවා පාරමියො පූරෙත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චවිත්‍වා කුසලකරණවතී අරුණවතීනගරෙ පරමගුණවතො අරුණවතො නාම රඤ‍්ඤො අග‍්ගමහෙසියා රත‍්තකනකපටිබිම‍්බරුචිරප‍්පභාය පභාවතියා නාම දෙවියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගහෙත්‍වා දස මාසෙ වීතිනාමෙත්‍වා නිසභුය්‍යානෙ මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. නෙමිත‍්තිකා පනස‍්ස නාමං කරොන‍්තා උණ‍්හීසස‍්ස සිඛා විය උග‍්ගතත‍්තා “සිඛී”ති නාමමකංසු. සො සත‍්තවස‍්සසහස‍්සානි අගාරං අජ‍්ඣාවසි. සුචන්‍දකසිරීගිරියසනාරිවසභ නාමකා තයො පාසාදා අහෙසුං. සබ‍්බකාමාදෙවිප‍්පමුඛානි චතුවීසති ඉත්‍ථිසහස‍්සානි පච‍්චුපට‍්ඨිතානි අහෙසුං.

විපස්සී භාග්‍යවතුන් වහන්සේට පසුභාගයෙහි ඒ කල්පය අතුරුදන් වීමෙන් පසු එකුන්විසි කල්පයක බුදුවරු ලොව පහළ නුවූහ. එහි වනාහි සිඛී භාග්‍යවතුන් වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව අරුණවතී නුවර පරම ගුණ යුත් අරුණවත රජුගේ අගමෙහෙසි පරම රුසිරු රන් පැහැ ඇති පභාවතී දේවිය කුස පිළිසිඳ දසමස් ගෙවා නිපක උයන්හි මවුකුසින් බිහිවූහ. නිමිති කියන්නා උන්වහන්සේට නම් තබන්නාහු සිඛාවක් මෙන් උන්හීසය උඩනැගි හෙයින් සිඛී යයි නම් කළහ. උන්වහන්සේ සත්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. සුචන්‍දකසිරි සිරියස නාරිවසභ නම් තුන්පහයක් විය. සබ්බකාමා දේවිය ප්‍රමුඛ සූවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.

සො චත‍්තාරි නිමිත‍්තානි දිස‍්වා සබ‍්බකාමාදෙවියා ගුණගණාතුලෙ අතුලෙ නාම පුත‍්තෙ උප‍්පන‍්නෙ හත්‍ථියානෙන හත්‍ථික‍්ඛන්‍ධවරගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජි. තං සත‍්තතිපුරිසසතසහස‍්සානි අනුපබ‍්බජිංසු. සො තෙහි පරිවුතො අට‍්ඨමාසං පධානචරියං චරිත්‍වා විසාඛපුණ‍්ණමාය ගණසඞ‍්ගණිකං පහාය සුදස‍්සනනිගමෙ පියදස‍්සීසෙට‍්ඨිනො ධීතුයා දින‍්නං මධුපායාසං පරිභුඤ‍්ජිත්‍වා තරුණඛදිරවනෙ දිවාවිහාරං වීතිනාමෙත්‍වා අනොමදස‍්සිනා නාම තාපසෙන දින‍්නා අට‍්ඨ කුසතිණමුට‍්ඨියො ගහෙත්‍වා පුණ‍්ඩරීකබොධිං උපසඞ‍්කමි. තස‍්සා කිර පුණ‍්ඩරීකබොධියාපි පාටලියා පමාණමෙව පමාණං අහොසි. තංදිවසමෙව සො පණ‍්ණාසරතනක‍්ඛන්‍ධො හුත්‍වා අබ‍්භුග‍්ගතො, සාඛාපිස‍්ස පණ‍්ණාසරතනමත‍්තාව. සො දිබ‍්බෙහි ගන්‍ධෙහි පුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නො අහොසි. න කෙවලං පුප‍්ඵෙහෙව, ඵලෙහිපි සඤ‍්ඡන‍්නො අහොසි. තස‍්ස එකපස‍්සතො තරුණානි ඵලානි එකතො මජ‍්ඣිමානි එකතො නාතිපක‍්කානි එකතො පක‍්ඛිත‍්තදිබ‍්බොජානි විය සුරසානි වණ‍්ණගන්‍ධරසසම‍්පන‍්නානි තතො තතො ඔලම‍්බන‍්ති. යථා ච සො , එවං දසසහස‍්සිචක‍්කවාළෙසු පුප‍්ඵූපගා රුක‍්ඛා පුප‍්ඵෙහි ඵලූපගා රුක‍්ඛා ඵලෙහි පටිමණ‍්ඩිතා අහෙසුං.

උන්වහන්සේ සතර නිමිති දැක සබ්බකාමා දේවියගේ ගුණගණයෙන් ආතුල අතුල නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් උතුම් ඇත්කඳ මත නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සැත්තෑලක්‍ෂයක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන්හි හැසිර වෙසක් පුන්පොහෝදින ගණ සංගණිකායෙන් මෙන්ම සුදස්සන නියම්ගම්හි පියදස්සී සිටුහුගේ දියණිය දුන් මීකිරිබත් වළඳා තරුණකිණිහිරිවෙනෙහි දිවාවිහාර ගෙවා අනෝමදස්සී නම් තවුසන් දුන් අටතණමිට ගෙන පුණ්ඩරීක බෝධිය වෙත එළඹියහ. ඒ පුණ්ඩරීක බෝධියෙහි දී පාඨලී බෝධිය ප්‍රමාණයම විය. එදිනම එය පනස්රියන් කඳ ඇතිව නැගියේය. එහි ශාඛා ද පනස්රියන් පමණමය. එය දිවසුවඳැති මලින් ගැවසී ගත්තේය. මලින් පමණක්ම නොව පල සහිත ද විය. එහි එක් පැත්තකින් තරුණ ගෙඩිය. එක් පැත්තකින් මැදිවියේ ගෙඩිය. එක පැත්තකින් වඩා නොපැසුණු ගෙඩිය. එක පැත්තකින් පැසුණු දිවඕජා මෙන් සුරස වර්ණ ගන්‍ධ රස සම්පන්න ගෙඩි තැන තැන එල්ලෙයි. එපරිද්දෙන් දසදහසක් සක්වළ මල් හටගන්නා ගස් මලින් පල හටගන්නා ගස් පලින් යුක්ත විය.

සො තත්‍ථ චතුවීසතිහත්‍ථවිත්‍ථතං තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය නිසීදි. එවං නිසීදිත්‍වා ඡත‍්තිංස යොජනවිත්‍ථතං සමාරං මාරබලං විධමිත්‍වා සම‍්බොධිං පාපුණිත්‍වා – “අනෙකජාතිසංසාරං…පෙ… තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති උදානං උදානෙත්‍වා බොධිසමීපෙයෙව සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා බ්‍රහ‍්මායාචනං සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තනා සහ පබ‍්බජිතානං සත‍්තතියා භික‍්ඛුසතසහස‍්සානං උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා සුරපථෙන ගන‍්ත්‍වා විවිධාවරණවතියා අරුණවතියා රාජධානියා සමීපෙ මිගාජිනුය්‍යානෙ ඔතරිත්‍වා තෙහි මුනිගණෙහි පරිවුතො තෙසං මජ‍්ඣෙ ධම‍්මචක‍්කං පවත‍්තෙසි. තදා කොටිසතසහස‍්සානං පඨමො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

උන්වහන්සේ එහි සූවිසි රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨානයෙන් වැඩහුන්හ. මෙසේ වැඩහිඳ සතිස් යොදුන්හි පැතිරි මරුසහිත මරබල නසා සම්බෝධියට පත්ව අනෙකජාති සංසාරං යි උදන් අනා බෝ සමීපයෙහිම සත්සති ගෙවා බඹ අයැදුම පිළිගෙන තමන් වහන්සේ සමග පැවිදි වූ සැත්තැලක්‍ෂයක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ මිගාචිර උයන්හි බැස ඒ භික්‍ෂු සමූහයා විසින් පිරිවරන ලද්දාහු ඔවුන් මධ්‍යයෙහි දම්සක් පැවැත්වූහ. එකල කෙළලක්‍ෂයක් දෙනාට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-

“විපස‍්සිස‍්ස අපරෙන, සම‍්බුද‍්ධො ද‍්විපදුත‍්තමො; සිඛිව‍්හයො ආසි ජිනො, අසමො අප‍්පටිපුග‍්ගලො.

විපස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො සිඛිවහයො ආසිජිනො අසමො අප්පටිපුග්ගලො

“මාරසෙනං පමද‍්දිත්‍වා, පත‍්තො සම‍්බොධිමුත‍්තමං; ධම‍්මචක‍්කං පවත‍්තෙසි, අනුකම‍්පාය පාණිනං.

මාරසෙනං පභින්‍දිත්‍වා පත්‍වා සම්බොධිමුත්තමං ධම්මචක්කං පවත්තෙසි අනුකම්පාය පාණිනං

“ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ, සිඛිම‍්හි ජිනපුඞ‍්ගවෙ; කොටිසතසහස‍්සානං, පඨමාභිසමයො අහූ”ති.

ධම්මචක්කං පවත්තෙන්තෙ සිඛිම්හි ජිනපුංගවෙ කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහූති

පුනපි අරුණවතියා රාජධානියා සමීපෙයෙව අභිභූරාජපුත‍්තස‍්ස ච සම‍්භවරාජපුත‍්තස‍්ස චාති ද‍්වින‍්නං සපරිවාරානං ධම‍්මං දෙසෙත්‍වා නවුතිකොටිසහස‍්සානි ධම‍්මාමතං පායෙසි. සො දුතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

නැවත ද අරුණවතී රාජධානිය සමීපයෙහිම අභිභූ රාජපුත්‍රයාට ද සම්භව රාජපුත්‍රයාට ද යන පිරිවර සහිත දෙදෙනාට දහම් දෙසා නවකෙළ දහසකට දහම් අමා පෙවූහ. එය දෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-

“අපරම‍්පි ධම‍්මං දෙසෙන‍්තෙ, ගණසෙට‍්ඨෙ නරුත‍්තමෙ; නවුත‍්තිකොටිසහස‍්සානං, දුතියාභිසමයො අහූ”ති.

අපරම්පි ධම්මං දෙසෙන්තෙ ගණසෙට්ඨ න රුත්තමෙ නවුතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූති

යදා පන සූරියවතීනගරද‍්වාරෙ චම‍්පකරුක‍්ඛමූලෙ තිත්‍ථියමදමානභඤ‍්ජනත්‍ථං සබ‍්බජනබන්‍ධනමොක‍්ඛත්‍ථඤ‍්ච යමකපාටිහාරියං කරොන‍්තො භගවා ධම‍්මං දෙසෙසි , තදා අසීතිකොටිසහස‍්සානං තතියො අභිසමයො අහොසි. තෙන වුත‍්තං –

යම්කලෙක සුරියවතී නුවර දොර සපු රුක් මුල තීර්ථකයන්ගේ මද මාන බිඳීම පිණිස සියලු ජනයාගේ මෝක්‍ෂාර්ථය සඳහා ද යමක ප්‍රාතිහාර්යය කරමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන කල්හි අසූ කෙළදහසකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-

“යමකපාටිහාරියඤ‍්ච , දස‍්සයන‍්තෙ සදෙවකෙ; අසීතිකොටිසහස‍්සානං, තතියාභිසමයො අහූ”ති.

යමකපාටිහීරඤ්ච දස්සයන්තෙ සදෙවකෙ අසීතිකොටිසහස්සානං තතියාභිසමයො අහූති

අභිභුනා ච සම‍්භවෙන ච රාජපුත‍්තෙන සද‍්ධිං පබ‍්බජිතානං අරහන‍්තානං සතසහස‍්සානං මජ‍්ඣෙ නිසීදිත්‍වා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො පඨමො සන‍්නිපාතො අහොසි, අරුණවතීනගරෙ ඤාතිසමාගමෙ පබ‍්බජිතානං අසීතියා භික‍්ඛුසහස‍්සානං මජ‍්ඣෙ නිසීදිත්‍වා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො දුතියො සන‍්නිපාතො අහොසි. ධනඤ‍්ජයනගරෙ ධනපාලකනාගවිනයනසමයෙ පබ‍්බජිතානං සත‍්තතියා භික‍්ඛුසහස‍්සානං මජ‍්ඣෙ භගවා පාතිමොක‍්ඛං උද‍්දිසි, සො තතියො සන‍්නිපාතො අහොසි. තෙන වුත‍්තං –

අභිඥා සම්භව රාජපුත්‍රයන් සමග පැවිදි වූ ලක්‍ෂයක් රහතුන් මධ්‍යයෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය ප්‍රථම සන්නිපාතය විය. අරුණවතී නුවර ඤාති සමාගමයෙහි පැවිදි වූ අසූදහසක් භික්‍ෂූන් මැද පාමොක් දෙසූහ. එය දෙවන රැස්වීම විය. ධනඤ්ජය නුවර ධනපාලක ගෘහපති හික්මවන සමයෙහි පැවිදි වූ සැත්තෑදහසක් භික්‍ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන රැස්වීම විය. එයින් කියන ලදි.

“සන‍්නිපාතා තයො ආසුං, සිඛිස‍්සාපි මහෙසිනො; ඛීණාසවානං විමලානං, සන‍්තචිත‍්තාන තාදිනං.

සන්නිපාතා තයො ආසුං සිඛිස්සාපි මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන තාදිනං

“භික‍්ඛුසතසහස‍්සානං, පඨමො ආසි සමාගමො; අසීතිභික‍්ඛුසහස‍්සානං, දුතියො ආසි සමාගමො.

භික්‍ඛු සතසහස්සානං පඨමො ආසි සමාගමො අසීති භික්‍ඛුසහස්සානං දුතියො ආසි සමාගමො

“සත‍්තතිභික‍්ඛුසහස‍්සානං , තතියො ආසි සමාගමො; අනුපලිත‍්තො පදුමංව, තොයම‍්හි සම‍්පවඩ‍්ඪිත”න‍්ති.

සත්තභික්‍ඛුසහස්සානං තතියො ආසි සමාගමො අනූපලිත්තො පදුමංචව තොයම්හී සම්පවඩ්ඪතන්ති

තත්‍ථ අනුපලිත‍්තො පදුමංවාති තොයෙ ජාතං තොයෙව වඩ‍්ඪිතං පදුමං විය තොයෙන අනුපලිත‍්තං, සොපි භික‍්ඛුසන‍්නිපාතො ලොකෙ ජාතොපි ලොකධම‍්මෙහි අනුපලිත‍්තො අහොසීති අත්‍ථො.

එහි අනූපලිත්තා යනු; ජලයෙහි හටගත්, ජලයෙහි වැඩුණු පියුමක් මෙන් ඒ භික්‍ෂු සන්නිපාතය ද ලොව හටගත් නමුත් ලෝකධර්මයන් සමග නොඇලුණාහ යන අර්ථයි.

තදා කිර අම‍්හාකං බොධිසත‍්තො කත්‍ථචි අසංසට‍්ඨො පරිභුත‍්තනගරෙ අරින්‍දමො නාම රාජා හුත්‍වා සිඛිම‍්හි සත්‍ථරි පරිභුත‍්තනගරමනුප‍්පත‍්තෙ සපරිවාරො රාජා භගවතො පච‍්චුග‍්ගන‍්ත්‍වා පසාදවඩ‍්ඪිතහදයනයනසොතො දසබලස‍්ස අමලචරණකමලයුගළෙසු සපරිවාරො සිරසා අභිවන්‍දිත්‍වා දසබලං නිමන‍්තෙත්‍වා සත‍්තාහං ඉස‍්සරියකුලවිභවසද‍්ධානුරූපං මහාදානං දත්‍වා දුස‍්සභණ‍්ඩාගාරද‍්වාරානි විවරාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහග‍්ඝානි වත්‍ථානි අදාසි. අත‍්තනො ච බලරූපලක‍්ඛණජවසම‍්පන‍්නහෙමජාලමාලාසමලඞ‍්කතං නවකනකරුචිරදණ‍්ඩකොසචාමරයුගවිරාජිතං විපුලමුදුකණ‍්ණං චන්‍දරාජිවිරාජිතවදනසොභං එරාවණවාරණමිව අරිවාරණං වරවාරණං දත්‍වා වාරණප‍්පමාණමෙව කත්‍වා කප‍්පියභණ‍්ඩඤ‍්ච අදාසි. සොපි නං සත්‍ථා – “ඉතො එකත‍්තිංසකප‍්පෙ බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකාසි. තෙන වුත‍්තං –

එකල්හි බෝසතාණෝ කිසිතැනක නොඇලුණාහු පරිභුත්ත නුවර අරින්‍දම නම් රජව සිඛී ශාස්තෘන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩිකල්හි සපිරිවරින් රාජභවනයෙන් පෙරගමන් කොට පාදපද්ම යුගලයෙහි පිරිස් සහිතව සිරසින් නැමද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ඓශ්වර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහදන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟනට මහඟු සළු පිදූහ. තමන්ගේ බල රූප ලක්‍ෂණ ජව සම්පන්න රන්දැල් මාලාදියෙන් සරහන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳරේඛා මෙන් බබළන මුවශෝභා යුත් එරවණ ඇතු මෙන් සතුරන් වළකන වරඇතු ද පුදා ඇත් ප්‍රමාණයෙන් කැපබඩු ද පූජා කළහ. ඒ ශාස්තෘන් වහන්සේ ද මෙයින් එක්තිස්වන කප්හි බුදුවන්නේ යයි උන්වහන්සේට විවරණ දුන්හ. එයින් කියන ලදි-

“අහං තෙන සමයෙන, අරින්‍දමො නාම ඛත‍්තියො; සම‍්බුද‍්ධප‍්පමුඛං සඞ‍්ඝං, අන‍්නපානෙන තප‍්පයිං.

අහං තෙන සමයෙන අරින්‍දමො නාම ඛත්තියො සම්බුද්ධපමුඛං සංඝං අන්නපානෙන කප්පයිං

“බහුං දුස‍්සවරං දත්‍වා, දුස‍්සකොටිං අනප‍්පකං; අලඞ‍්කතං හත්‍ථියානං, සම‍්බුද‍්ධස‍්ස අදාසහං.

බහූ දුස්සවරං දත්‍වා දුස්සකොටිං අනප්පකං අලංකතං හත්‍ථියානං සම්බුද්ධස්ස අදාසහං

“හත්‍ථියානං නිම‍්මිනිත්‍වා, කප‍්පියං උපනාමයිං; පූරයිං මානසං මය‍්හං, නිච‍්චං දළ‍්හමුපට‍්ඨිතං.

හත්‍ථියානං නිම්මිණිත්‍වා කප්පියං උපනාමයිං පූරයිං මානසං මය්හං නිච්චං දළ්හමුපට්ඨිතං

“සොපි මං බුද‍්ධො බ්‍යාකාසි, සිඛී ලොකග‍්ගනායකො; එකත‍්තිංසෙ ඉතො කප‍්පෙ, අයං බුද‍්ධො භවිස‍්සති.

සොපි මං බුද්ධො ව්‍යාකාසි සිඛී ලොකග්ගනායකො එකංතිංසෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති

“අහු කපිලව‍්හයා රම‍්මා…පෙ… හෙස‍්සාම සම‍්මුඛා ඉමං.

අහූ කපිලවහයෙ -පෙ-

“තස‍්සාහං වචනං සුත්‍වා, භිය්‍යො චිත‍්තං පසාදයිං; උත‍්තරිං වතමධිට‍්ඨාසිං, දසපාරමිපූරියා”ති.

තස්සාහං වචනං සුත්‍වා භීයො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියාති

තත්‍ථ නිම‍්මිනිත්‍වාති තස‍්ස හත්‍ථිනො පමාණෙන තුලයිත්‍වා. කප‍්පියන‍්ති කප‍්පියභණ‍්ඩං, භික‍්ඛූනං යං භණ‍්ඩං කප‍්පති ගහෙතුං, තං කප‍්පියභණ‍්ඩං නාම. පූරයිං මානසං මය‍්හන‍්ති මම චිත‍්තං දානපීතියා පූරයිං, මය‍්හං හාසුප‍්පාදනසමත්‍ථං අකාසින‍්ති අත්‍ථො. නිච‍්චං දළ‍්හමුපට‍්ඨිතන‍්ති නිච‍්චකාලං දානං දස‍්සාමී”ති දානවසෙන දළ‍්හං උපට‍්ඨිතං චිත‍්තන‍්ති අත්‍ථො.

එහි නිම්මිණිත්‍වා යනු; ඒ ඇතාගේ ප්‍රමාණයෙන් තුලනය කොට. කප්පියං යනු; භික්‍ෂූන්ට යම් බඩුවක් ගැනීමට කැපද එය කැපබඩු නමි. පූරයිං මානසං මය්හං යනු; මාගේ සිත දාන ප්‍රීතියෙන් පිරුවෙමි. මට ප්‍රීතිය ඉපදවීමට සමර්ථ ද කළෙමි යන අර්ථයි. නිච්චං දළ්හමුපට්ඨිතං යනු; නිති දන් දෙමියි දාන වශයෙන් සිත දැඩිව එළඹ සිටියේය යන අර්ථයි.

තස‍්ස පන භගවතො නගරං අරුණවතී නාම අහොසි. අරුණවා නාම රාජා පිතා, පභාවතී නාම මාතා, අභිභූ ච සම‍්භවො ච ද‍්වෙ අග‍්ගසාවකා, ඛෙමඞ‍්කරො නාමුපට‍්ඨාකො, සඛිලා ච මදුමා ච ද‍්වෙ අග‍්ගසාවිකා, පුණ‍්ඩරීකරුක‍්ඛො බොධි, සරීරඤ‍්චස‍්ස සත‍්තතිහත්‍ථුබ‍්බෙධං අහොසි . සරීරප‍්පභා නිච‍්චකාලං යොජනත‍්තයං ඵරිත්‍වා අට‍්ඨාසි. සත‍්තතිවස‍්සසහස‍්සානි ආයු, සබ‍්බකාමා නාමස‍්ස අග‍්ගමහෙසී, අතුලො නාමස‍්ස පුත‍්තො, හත්‍ථියානෙන නික‍්ඛමි. තෙන වුත‍්තං –

ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය අරුණවතී නම් විය. අරුණවා නම් රජ පියාණෝය. පභාවතී නම් දේවිය මෑණියෝය. අභිභූ සම්භව දෙනම අග්‍රශ්‍රාවකයෝය. උපස්ථායක ඛේමංකර නමි. මඛිලා පදුමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝය. පුණ්ඩරීක රුක බෝධියයි. උන්වහන්සේගේ ශරීරය සැත්තෑරියන් උසය. ශරීර ප්‍රභාව නිතර තුන්යොදුනක් පැතිර සිටියේය. ආයුෂ වසර සැත්තෑ දහසකි. අගමෙහෙසිය සබ්බකාමා නමි. අතුල නම් උන්වහන්සේගේ පුත්‍රයාය. එයින් කියන ලදි-

“නගරං අරුණවතී නාම, අරුණො නාම ඛත‍්තියො; පභාවතී නාම ජනිකා, සිඛිස‍්සාපි මහෙසිනො.

නගරං අරුණවතී නාම අරුණවා නාම ඛත්තියො පභාවතී නාම ජනිකා සිඛිස්ස ච මහෙසිනො

“අභිභූ සම‍්භවො චෙව, අහෙසුං අග‍්ගසාවකා; ඛෙමඞ‍්කරො නාමුපට‍්ඨාකො, සිඛිස‍්සාපි මහෙසිනො.

අභිභූ සම්භවො නාම අහෙසුං අග්ගසාවකා ඛෙමංකරො නාමුපට්ඨාකො සිඛිස්ස ච මහෙසිනො

“සඛිලා ච පදුමා ච, අහෙසුං අග‍්ගසාවිකා; බොධි තස‍්ස භගවතො, පුණ‍්ඩරීකොති වුච‍්චති.

මඛිලා ච පදුමා චෙති අහෙසුං අග්ගසාවිකා බොධිතස්ස භගවතො පුණ්ඩරීකොති වුච්චති

“සිරිවඩ‍්ඪො ච නන්‍දො ච, අහෙසුං අග‍්ගුපට‍්ඨකා; චිත‍්තා චෙව සුගුත‍්තා ච, අහෙසුං අග‍්ගුපට‍්ඨිකා.

සිරිවඩ්ඪො ච නන්‍දොච අහෙසුං අග්ගුපට්ඨකා චිත්තා චෙව සුගුත්තා ච අහෙසුං අග්ගුපට්ඨිකා

“උච‍්චත‍්තනෙන සො බුද‍්ධො, සත‍්තතිහත්‍ථමුග‍්ගතො; කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො, ද‍්වත‍්තිංසවරලක‍්ඛණො.

උච්චත්තනෙන සො බුද්ධො සත්තති හත්‍ථමුග්ගතො කඤ්චනග්ඝිය සංකාසො ද්වත්තිංස වරලක්‍ඛණො

“තස‍්සාපි බ්‍යාමප‍්පභා කායා, දිවාරත‍්තිං නිරන‍්තරං; දිසොදිසං නිච‍්ඡරන‍්ති, තීණි යොජනසො පභා.

තස්ස ව්‍යාමප්පභා කායා රත්තින්‍දිවමතන්‍දිතා දිසො දිසං නිච්ඡරත්ති තීනියොජනසො පභා

“සත‍්තතිවස‍්සසහස‍්සානි, ආයු තස‍්ස මහෙසිනො; තාවතා තිට‍්ඨමානො සො, තාරෙසි ජනතං බහුං.

සත්තතිවස්සසහස්සානි ආයු තස්ස මහෙසිනො තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනකං බහුං

“ධම‍්මමෙඝං පවස‍්සෙත්‍වා, තෙමයිත්‍වා සදෙවකෙ; ඛෙමන‍්තං පාපයිත්‍වාන, නිබ‍්බුතො සො සසාවකො.

ධම්මමෙඝං පවස්සෙත්‍වා තෙමයිත්‍වා සදෙවකං ඛෙමන්තං පාපයිත්‍වාන නිබ්බුතො සො සසාවකො

“අනුබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං, ද‍්වත‍්තිංසවරලක‍්ඛණං; සබ‍්බං තමන‍්තරහිතං, නනු රිත‍්තා සබ‍්බසඞ‍්ඛාරා”ති.

අනුව්‍යඤ්ජනසම්පන්නං ද්වත්තිංසවර ලක්‍ඛණං සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසංඛොරාති

තත්‍ථ පුණ‍්ඩරීකොති සෙතම‍්බරුක‍්ඛො. තීණි යොජනසො පභාති තීණි යොජනානි පභා නිච‍්ඡරන‍්තීති අත්‍ථො. ධම‍්මමෙඝන‍්ති ධම‍්මවස‍්සං, ධම‍්මවස‍්සනකො බුද‍්ධමෙඝො. තෙමයිත්‍වාති ධම‍්මකථාසලිලෙන තෙමෙත්‍වා, සිඤ‍්චිත්‍වාති අත්‍ථො. සදෙවකෙති සදෙවකෙ සත‍්තෙ. ඛෙමන‍්තන‍්ති ඛෙමන‍්තං නිබ‍්බානං . අනුබ්‍යඤ‍්ජනසම‍්පන‍්නන‍්ති තම‍්බනඛතුඞ‍්ගනාසවට‍්ටඞ‍්ගුලිතාදීහි අසීතියා අනුබ්‍යඤ‍්ජනෙහි සම‍්පන‍්නං, ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං භගවතො සරීරන‍්ති අත්‍ථො. සිඛී කිර සම‍්මාසම‍්බුද‍්ධො සීලවතීනගරෙ අස‍්සාරාමෙ පරිනිබ‍්බායි.

පුණ්ඩරීක රුක්‍ඛො යනු; ඇටඹ රුකයි. තීනි යොජනසො පභා යනු; තුන්යොදුනක් ආලෝකය විහිදෙයි යන අර්ථයි. ධම්මමෙඝං යනු; ධර්ම වර්ෂාවයි. දහම්වස්වන බුද්ධමෙඝය. තෙමයිත්‍වා යනු; දහම්කතා ජලයෙන් තෙමා, ඉස යන අර්ථයි. සදෙවකො යනු; දෙවියන් සහිත සත්ත්‍වයන්. ඛෙමනතං යනු; ක්‍ෂෙමය ඒ නිවන. අනව්‍යඤ්ජනසම්පන්නං යනු, තුඹවන් නිය උස් නිය සිනිඳු නිය වට ඇඟිලි බව ආදි අසූවක් අනු ලකුණින් යුත් මහා පුරුෂ ලක්‍ෂණ සැදි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය යන අර්ථයි. සිඛී සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සීලවතී නුවර අස්සාරාමයෙහි පිරිනිවි සේක.

“සිඛීව ලොකෙ තපසා ජලිත්‍වා, සිඛීව මෙඝාගමනෙ නදිත්‍වා; සිඛී මහෙසින්‍ධනවිප‍්පහීනො, සිඛීව සන‍්තිං සුගතො ගතො සො”.

ගිනිසිළුවක් මෙන් තපසින් ලොව දිලී මේඝාගමනයෙහි මොනරකු මෙන් නද කොට සිඛී මහර්ෂීහු ඉන්ධන හීනවීමෙන් ගිනිසිළුවක් මෙන් ඒ සුගතයන් වහන්සේ ශාන්තිගත වූ සේක.

සිඛිස‍්ස කිර භගවතො ධාතුයො එකග‍්ඝනාව හුත්‍වා අට‍්ඨංසු න විප‍්පකිරිංසු. සකලජම‍්බුදීපවාසිනො පන මනුස‍්සා තියොජනුබ‍්බෙධං සත‍්තරතනමයං හිමගිරිසදිසසොභං ථූපමකංසු. සෙසමෙත්‍ථ ගාථාසු පාකටමෙවාති.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු එකසනව පිහිටියේය. නොවිසුරුණේය. මුළු දඹදිව්වැසි මිනිස්සු තුන් යොදුන් උස සත්රුවන් මුවා හිමගිරවන් සුන්දර ස්තූපයක් කළහ. මෙහි සෙසු ගාථාර්ථ ප්‍රකටය.

සිඛීබුද‍්ධවංසවණ‍්ණනා නිට‍්ඨිතා.

සිඛී බුද්ධවංස වර්ණනාව නිමියේය.

නිට‍්ඨිතො වීසතිමො බුද‍්ධවංසො.

විසිවන බුද්ධවංසය සමාප්තයි.